ඉස්ලාමයට එරෙහි ව එල්ල වන චෝදනා විස්සට පිළිතුරු

ඉස්ලාම් පිළිබඳ කවුරුත් නගන ප්‍රහ්නවලට පිළිතුරු මෙහි සපයන ලදී. කාන්තාවන්, ඉස්ලාමය සහ අසිපත, ආහාර සඳහා සතුන් මැරිම, මත් පැන්, ඌරු මස් පිළිබඳ විස්තර, මුස්ලිම්වරු කඃබාවට නැමදුම, ඉස්ලාමයට විශේෂ තැන කුමක් නිසාද, ඉස්ලාම් සහ මුස්ලිම් ජනතාව සහ කාෆිර්වරුන් යන මාතෘකාව සම්බන්ධ සැබෑ තොරතුරු.


ඉස්ලාමයට එරෙහි ව එල්ල වන චෝදනා වලට පිළිතුරු
> -السنهاليةසිංහල -Sinhala <
        
වෛද්‍ය zසාකිර් නායක්
සංස්කරණය කළේ

 

 





ජාසිම් ඉබ්නු දඉයාන්
පරිවර්තක

මුහම්මද් අසද්

විචාරය කිරීම
أجوبة على الأسئلة الشائعة لغير المسلمين حول الإسلام
        

اسم المؤلف
الدكتور/ذاكر عبد الكريم نايك



ترجمة: جاسم بن دعيان
مراجعة:محمد آساد

 
ඉස්ලාමයට එරෙහි ව එල්ල වන චෝදනා වලට පිළිතුරු
හැඳින්වීම
සියලු ප්‍රශංසා අල්ලාහ්ට හිමිවේවා! අපි ඔහු ප්‍රශංසා කරමු. ඔහුගේම පිහිට පතමු. ඔහුගෙන්ම ක්‍ෂමාව අයැදිමු. අපගේ සිත් තුළ ඇති විය හැකි උවදුරු වලින් ද අපගේ අයහපත් ක්‍රියාවලින් ද මිදීමට අල්ලාහ්ගෙන් ආරක්‍ෂාව පතමු.
    අල්ලාහ් යමෙකු තම මාර්ගය වෙත යොමු කරන්නේද ඔහු නොමග යැවීමට කිසිවෙකුට නොහැකිය. අල්ලාහ් යමෙකුට නොමග යෑමට ඉඩ හරින්නේ නම් ඔහු යහමග යැවීමටද කිසිවෙකුට නොහැකිය.
“නැමදූමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැත. ඔහු ඒකීයෙකි. ඔහුට සමාන කිසිවෙක් නැත.” යනුවෙන් ද  “මුහම්මද් (සල්) තුමාණෝ අල්ලාහ්ගේ වහලා සහ දූතයා ” යනුවෙන් ද සාක්‍ෂි දරමු.
“අහෝ මිනිසුනි! එක ම ආත්මයකින් නුඹලා ව මවා එයින් එහි කළත්‍රය ද මවා ඔවුන් දෙදෙනාගෙන් අධික පිරිමින් ද කාන්තාවන් ද මැවූ නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. තවද කවර(නාමය)ක් වෙනුවෙන් නුඹලා එකිනෙකා අයිතීන් ඉල්ලා සිටින්නේ ද ඔහුට ද (එවැනි) ලේඥාතීත්වය (බිඳ දැමීම)ට ද බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය.” අල් කුර්ආන් සූරා අන්නිසා 4:1.
“අහෝ මිනිසුනි! නුඹට උපමාවක් ගෙන හැර පෙන්වන ලදී. එ බැවින් නුඹලා එයට සවන් දෙනු.සැබැවින්ම අල්ලාහ් හැර නුඹලා අයදින්නන් ඔවුන් (සියල්ලෝම) එක්රැස් වූවද මැස්සෙකු පවා ඔවුනට මැවිය නොහැක්කේමය. තවද මැස්සා ඔවුන්ගෙන් යමක් පැහැර ගත්තේ නම් ඔවුහු එය උගෙන් නැවත ලබා නොගන්නෝය. (මෙලෙස) අයැදින්නා ද අයැදිනු ලබන්නා ද බලහීන වෙති.” අල් කුර්ආන් 22: 73.
මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුම්බායි ප්‍රදේශයේ වෙසෙන වෛද්‍ය zසාකිර් නායක් මහතා ඉමහත් කීර්තියට පත් ඉස්ලාම් දහම් දේශකවරයෙකි.
1965 ඔක්තෝබර් මස උපත ලද මෙතුමා Islamic Research Foundation (IRF) නමැති සංවිධානය පිහිටුවා එමගින් ඉස්ලාමීය ප්‍රචාරක කටයුතු, අත් පත්‍රිකා හා ග්‍රන්ථ පළකිරීම මගින් ජනතාවට ඉස්ලාම් දහම හඳුන්වා දෙමින් සිටියි.
මුස්ලිම් නොවන මිතුරන් ඉස්ලාමය පිළිබඳ ව නගන ප්‍රශ්න වලට අල්ලාහ්ගේ පිහිටෙන් අල්කුර්ආන් සහ අල් හදීස් පදනම් කර ගනිමින් විද්‍යාත්මක ව හා තර්කානුකූල ව සිනහමුසු මුහුණින් යුතු ව එතුමා ලබා දෙන පිළිතුරු මගින් අද ලෝකය පුරාවට ඉස්ලාම් දහම පිළිබඳ ව හිරියාකාරව අවබෝද කර ගැනීමට මග පෑදී ඇත.
ඇමරිකාව, කැනඩාව, දකුණු අප්‍රිකාව, මලයාසියාව, සිංගප්පූරුව මෙන්ම මැද පෙරදිග (ගල්ෆ්) රටවල් වලද ඉන්දියාවේ නොයෙකුත් ප්‍රදේශ වලද ඉංග්‍රීසි හා උර්දු භාෂා මගින් මෙතුමා පැවැත් වු දේශනා ලක්‍ෂ සංඛ්‍යාත ජනකායකට පරිශුද්ධ වු ඉස්ලාම් දහම පිළිබඳ දැන ගැනීමට රැකුලක් විය. (මේ සඳහා සියලු ප්‍රශංසා අල්ලාහ්ටයි අල්හම්දු ලිල්ලාහ්) තවද ඉස්ලාම් පිළිබඳ වැරදි ආකල්ප දරන්නන්ව ආරාධනා කර ඔවුන් සමග සුහදශීලී ව සංවාද පවත්වා අල්ලාහ්ගේ අපරිමිත ආශීර්වාදයෙන් ඔවුන්ගේ එම ආකල්ප වෙනස් කිරීමට එතුමා ක්‍රියා කරයි.
මෙලෙස මුස්ලිම් නොවන මිතුරන් විසින් නිතර නගනු ලැබු ප්‍රශ්න වලට මෙතුමා ලබා දුන් පිළිතුරු ගොනු කොට Frequently asked Questions යන මාතෘකාව යටතේ වැදගත් ප්‍රශ්න හා පිළිතුරු IRF හි වෙබ් අඩවියේ ඉංග්‍රීසියෙන් පළ කර ඇත.
සිංහල භාෂා කතා කරන සහෝදර සහෝදරියන් ද මෙමගින් පල ලබා ගත හැක. ශ්‍රී ලංකාවේ වෙසෙන සිංහල ජනතාවට ඉස්ලාම් දහම පිළිබඳ ඇති වන සැක සංකා ඔවුන්ට පැහැදිලි කර දී ඉස්ලාමය පිළිබඳ ව පැහැදීමක් ඇති කර ගත යුතුය යන යහපත් මෙන් පිරිසිදු චේතනාවෙන් එය සිංහල භාෂාවට පරිවර්තනය කොට ග්‍රන්ථයක ස්වරූපයෙන් කාණ්ඩ වශයෙන් පළ කිරිමට අදහස් කළෙමු. අල්ලාහ්ගේ පිහිටෙන් පළමු කාණ්ඩය නිකුත් කිරිම පිළිබඳ ව ඉමහත් සතුටක් ලබමි.
ප්‍රථමයෙන් අල්ලාහ්ටත් අනතුරු ව සිංහල භාෂාවට පරිවර්තනය කර දුන් සහෝදරයාටත් කෘතඥතාව පිරිනමන්නෙමි.
අල්ලාහ් මෙහි අරමුණු ඉටු වීම උදෙසා ආශීර්වාද කළ යුතු යැයි ද මේ සඳහා වූ කුසල් සියලු දෙනාටම හිමි කර දිය යුතු යැයි ද ප්‍රාර්ථනා කරන්නෙමු.

පෙරවදන
ඉස්ලාමය පිළිබඳ ව අන්‍ය ආගමිකයන්හට දේශනා කිරීමේදී එහි දක්නට තිබෙන ධනාත්මක ප්‍රතිපත්තීන් ගැන ප්‍රශංසනාත්මක ව කියා පෑමෙන් පමණක් අන්‍යාගමිකයන් ගෙන් වැඩි දෙනෙක් සත්‍යය වු ඉස්ලාමය ගැන පැහැදීමට පත් නොවෙති. මන්දයත් ඉස්ලාමය පිළිබඳ ඔවුන්ගේ සිත් තුළ තිබෙන්නා වු ඇතැම් ප්‍රශ්න වලට මේ වනතුරුත් පැහැදිලි සහ නිවැරදි පිළිතුරු අප විසින් ලබා දී නැත. ඉස්ලාමයේ ධනාත්මක ස්වභාවය පිළිබඳ ව අපගේ විග්‍රහයන් පිළිගැනීමට අන්‍යාගමිකයින් ඉදිරිපත් විය හැකි නමුත් “ඔබ කාන්තාවන් එක් කෙනෙකුට වඩා කිහිප දෙනෙකු විවාහ කර ගන්නා මුස්ලිම්වරුන් නොවේද? ඔබ කාන්තාවන් ‘ෆර්දාව‘ හෙවත් මොට්ටක්කිලිය තුළ සිරකර කාන්තා වහල්භාවයට අනුබල දෙන්නන් නොවේද? ඔබ මූලදහමවාදී ප්‍රතිපත්තීන් ඇත්තවුන් නොවේදැ” යි අපෙන් විමසන්නට පුළුවන.
මම අන්‍යාගමික සහෝදරයින් හමු වන අවස්ථාවලදී ඉස්ලාමීය නීති රීති අතුරින් ඔවුන් වැරදි යැයි සිතන්නේ කුමන නීති දැයි විමසමි. ඉතා සුළු වශයෙන් හෝ ඉස්ලාමය පිළිබඳ ව දැන ගෙන සිටින තොරතුරු මගින් එය හරි හෝ වේවා වැරදි හෝ වේවා ඉහත තොරතුරු කිනම් මාර්ගයකින් නැතහොත් කුමන ආකාරයකින් ලබා සිටියද ඉස්ලාම් දහමේ කුමන කාරණා ඔවුන් වැරදි ලෙස සලකන්නේ දැයි විමසමි. එසේ මා විසින් විමසීමේදී ඔවුහු විවෘත ව කථා කිරිමට පෙලඹෙති. ඉස්ලාමයේ වැරදි ලෙස ඔවුන් නගන ඕනෑම විවේචන වලට සවන් දෙන්නටත් ඒවාට පිළිතුරු දීමටත් මම සූදානම් බවද ඔවුන්ට පොරොන්දු වෙමි.
ඉස්ලාම් දහම පිළිබඳ ව අන්‍ය ආගමිකයින්හට තිබෙන්නා වු සැක සංකා සියල්ලම ප්‍රශ්න විස්සකට සීමා කළ හැකි බව පසුගිය වසර කිහිපයක් මුළුල්ලේ දහම් ප්‍රචාරක මෙහෙවර ඉටු කිරීමේදී අත්දැකීමෙන් මා හට හැඟී ගිය සත්‍යයකි. ඉස්ලාම් දහමේ ඔබ දකින වැරදි මොනවාදැයි විමසුවහොත් ඔවුන් ප්‍රශ්න පහක් හෝ හයක් පමණ ඔබ හමුවේ තබනු ඇත. ඔවුන් අසන එම ප්‍රශ්න පහ හෝ හය ම පොදුවේ කවුරුත් අසන මෙම ප්‍රශ්න විස්ස තුළ ඇතුළත් වේ.
තර්කානුකූල පිළිතුරු මගින් ඔවුන්ගෙන් බහුතරයක ට සත්‍යය අවබෝධ කර ගැනීමට මග පෑදේ.
මෙසේ ඔවුන් නගන ප්‍රශ්න වලට ඒවාට අදාළ හේතු සාධක සහිතව, අවංකව හා තර්කානුකූලව පිළිතුරු සැපයීම යහපත් ක්‍රියාදාමයකි. මුස්ලිවරු මා විසින් ලබා දී ඇති පිළිතුරු මතකයෙහි තබා ගන්නේ නම් නැතහොත් වනපොත් කර ගන්නේ නම් අන්‍යාගමිකයන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමේදී (ඉන්ෂා අල්ලාහ් - අල්ලාහ්ගේ කැමැත්ත පරිදි) ඔවුන්ගේ සැක දුරු කිරීමේ ක්‍රියාව සාර්ථක විය හැකි වේවි. ඇතැම් විට අප විසින් ඔවුන්හට ලබා දෙන පිළිතුරෙහි ඔවුන් ඉස්ලාම් දහම පිළිබඳ ව පරිපූර්ණ වූ සත්‍යය දැන ගෙන තෘප්තියට පත්නොවන්නට පුළුවනි. එහෙත් ඉස්ලාම් පිළිබඳ ව ඔවුන් දරන වැරදි ආකල්ප ඔවුන්ගේ සිත් වලින් (අල්ලාහ්ගේ කැමැත්ත පරිදි) ඉවත් කරනු ලැබෙන බව ස්ථීරයි. ඇතැම් විට අන්‍යාගමිකයින් අතුරින් කිහිප දෙනෙක් පමණක් ඔබගේ තර්ක වලට විතර්ක ඉදිරිපත් කිරීමට ඉදිරිපත් වේවි. එවැන්නන්ට ඉස්ලාමය පැහැදිලි කිරිම සඳහා අපහට අමතර වැඩි විස්තර සැපයීමට අව්‍යශ වේ. එම පරමාර්ථය ඉටු වීමට සර්ව බලධාරි අල්ලාහ්ගේ ආශීර්වාදය හිමිවේවා.


මාධ්‍යය විසින් ප්‍රචාර කරන වැරදි මත
    ඉස්ලාමයට එරෙහි පොදු දුර්මතන් පතුරුවන්නට මාධ්‍ය ප්‍රමුඛ ස්ථානයක් ගනී. බටහිර බලය විසින් පාලනය කරන ලද සමාජ ජාලා මෙන්ම වෙනත් මාධ්‍ය ජාලාව වන අන්තර් ජාලය, රූපවාහිනි නාළිකා, ගුවන් විදුලිය, ප්‍රවෘත්ති පත්‍ර, සඟරා සහ පොත් පත් මෙම කාර්යය සඳහා යොදා ගනු ලැබේ. මෑත කාලයේ දී අන්තර් ජාලය මේ සඳහා බලවත් උපකරණයක් බවට පත් ව තිබේ. ඉස්ලාමයට එරෙහි බොහෝ චෝදනා මෙහි දක්නට ඇත. මේ සියලු මාර්ගයෙන් ඉස්ලාම් යනු ග්‍රප්ත, ප්‍රචන්ඩත්වයට තුඩු දෙන, නුදියුණු ආගමක් බව හංවඩු ගසයි. මුස්ලිම්වරුන් ද නවීන මාධ්‍යය ජාල උපකරණය භාවිත කර ඉස්ලාමයේ සත්‍යය ඉදිරිපත්  කරන නමුත් එම උත්සාහය ප්‍රමාණවත් නැත.
දුර්මතයන් කාලානුරූපීව වෙනස් වේ
    ඉස්ලාමය ගැන නැගෙන ප්‍රශ්න කාලයෙන් කාලයට වෙනස් වේ. අද අසන ප්‍රශ්න විස්ස පසුගිය දශකයේ ප්‍රශ්න මෙන් නොවේ. එලෙසම  අනාගතයේ අසන ප්‍රශ්න වෙනස් විය හැක. ඉස්ලාම් සම්බන්ධ ව මාධ්‍ය මවා පෙන්වන ආකාරයට ඉදිරිපත් කරන ප්‍රශ්න ද වෙනස් වනු ඇත. වසරෙන් වසර  ඉස්ලාම් පිළිබඳ ප්‍රශ්න යම් යම් ත්‍රස්ත කල්ලි ගැන සීමාවි තිබෙන බව අපට දැක හැකි වේ. 2015 වර්ෂයේ අයි.එස්.අයි.එස්. ත්‍රස්ත කල්ලිය මාධ්‍ය ජාලයේ සහ ඇමරිකානු ජනපතිවරණයේ ප්‍රමුඛ ස්ථානය ගනි.


මුළු ලොවේම පවතින සියලු වැරදි මත  එක හා සමාන බවක් දක්වියි.
    ලොවේ විවිධ රටවල ජනතාව සමඟ සාකච්ඡා කරන විට ඔවුන් සියලු දෙනාම ඉස්ලාම් පිළිබඳ ව නගන ප්‍රශ්න පොදුවේ එක හා සමාන බව දුටුවෙමි. ඇතැම් රටවල ඔවුන්ගේ සමාජයට හෝ සංස්කෘතියට අදාඝ  අමතර ප්‍රශ්න කිහිපයක් ඉදිරිපත් කරති. නිදසුනක් වශයෙන් ඇමරිකාවේ “පොලි ගනු දෙනු ඉස්ලාම් තහනම් කරන්නේ මන්දැ?“ යි පොදුවේ ඔවුන් නගන ප්‍රශ්නයකි.
    මෙහි සඳහන් ප්‍රශ්න විස්ස අතර මුස්ලිම් නොවන ඉන්දියානුවන්ගේ ඇතැම් ප්‍රශ්න ද ඇතුළත් කළෙමි. මෙයට හේතුව ලෝකයේ සෑම රටකම ඉන්දියානුවන් පැතිර සිටින අතර, ඔවුන් ලෝක ජනගහනයෙන් 20% පමණ වෙති. මේ නිසා ඔවුන් නගන ප්‍රශ්න ලොවේ සැවෝටම අදළවේ.
ඉස්ලාමය අධ්‍යයනය කළ මුස්ලිම් නොවන්නන් අතර පවතින වැරදි මත
ඉස්ලාමය අධ්‍යයනය කළ මුස්ලිම් නොවන අය බොහෝ දෙනෙක් සිටිති. ඔවුන්ගෙන් බහුතරයක් ඉස්ලාමයට එරෙහිව විවේචනය කරන ලේඛකයන්ගේ පොත් පමණක් කියවා ඇත. මෙවැනි මුස්ලිම් නොවන්නන් තමන් ගොඩ නගා ගත් වැරදි මතට එකඟ ව තවත් ප්‍රශ්න විස්සක් ඉදිරිපත් කරති. එනම් කුර්ආනය පරස්පර බවද විද්‍යානුකූල නොවන බවද ඔවුන් චෝදනා නගති. ඔවුන්ට අදාළ පිළිතුරු අතිරේක වශයෙන් සූදානම් කර ඇත. මේ පිළිබඳ ව මම වෙනම දේශනයක් ද පැවැත් වුයෙමි.
 
1. පිරිමින් සහ බහු භාර්යා විවාහය
ඉස්ලාම් දහමේ බහු භාර්යා විවාහය සිදු කර ගැනීම සඳහා පිරිමින්ට පමණක් අනුමැතිය ලබා දි ඇත්තේ මන්ද?
බහු විවාහය කොටස් දෙකකට වෙන් කළ හැකිය. ප්‍රථම කොටස එක් පිරිමියෙකු එක් ස්ත්‍රියකට වඩා විවාහ වීම හෙවත් බහු භාර්යා සේවනයයි. මෙය ඉංග්‍රීසියෙන් Polygamy යැයි කියනු ලැබේ. දෙවන කොටස එක් ස්ත්‍රීයක් එක් පිරිමියෙකුට වඩා වැඩියෙන් විවාහ වීම හෙවත් බහු පුරුෂ සේවනයයි. මෙය ඉංග්‍රීසියෙන් Polyandry යැයි කියනු ලැබේ.
පළමුවන කොටස එනම් පිරිමීන් සඳහා එක් කෙනෙකුට වඩා වැඩි (සිව් දෙනෙකු දක්වා) කාන්තාවන් විවාහ කර ගැනීම ඉස්ලාම් දහමේ ඇතැම් කොන්දේසි මත අනුමත කරනු ලැබ ඇත. දෙවන කොටස හෙවත් කාන්තාවක් පිරිමින් කිහිප දෙනෙකු විවාහ කර ගැනීම ඉස්ලාම් සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත.
“එක් කෙනෙක් සමඟ විවාහ කරනු” යැයි අණ කරන එකම ආගමික ග්‍රන්ථය අල් කුර්ආන් පමණි.
කිසිඳු ආගමික ග්‍රන්ථයකුදු පිරිමින් විවාහ කළ හැකි භාර්යාවන් සංඛ්‍යාවන් පිළිබඳ ව සීමාවක් පනවා නැත. එමෙන් ම බහු භාර්යාවන් විවාහය සිදු නොකළ යුතු යැයි අවධාරණය නොකරයි. ලෝකයේ දැනට දක්නට ඇති හින්දු භක්තිකයන්ගේ ආගමික ග්‍රන්ථ වන “රාමායනා” හෝ “මහා භාරතය”  හෝ “භගවත් ගීතය” හෝ නැතහොත් ක්‍රිස්තියානි වරුන්ගේ  ආගමික ග්‍රන්ථය වැනි බයිබලය හෝ යුදෙව් ආගමේ නීති ග්‍රන්ථතය වන තල්මූද් Talmudic වැනි ග්‍රන්ථ වල හෝ පිරිමින් බහු භාර්ය විවාහය සිදු කර  ගැනීමේ තහනමක් පිළිබඳ ව නියෝග කිසිවක් දක්නට නොමැත. එමෙන්ම ඉහත සදහන් ආගමික ග්‍රන්ථ අනුව පිරිමින් කොපමණ කාන්තාවන් සමඟ වුවද විවාහ විය හැකිය. එහෙත් පසු කාල වලදී පැමිණි හින්දු, ක්‍රිස්තියානි හා යුදෙව් පූජකවරුන් විසින් පිරිමින් එක් ස්ත්‍රීයක් පමණක් විවාහ කර ගත හැකි යැයි නියෝග කර බහුභාර්යා විවාහය තහනම් කළහ.
හින්දු ආගම් වල සඳහන් වන “දසරද රජු” බහු භාර්යාවන් හා විවාහවී සිටි බව හින්දු ඉතිහාස ග්‍රන්ථ සදහන් කරයි. එමෙන්ම  “ක්‍රිෂ්ණා” නම් රජු භාර්යාවන් කිහිප දෙනෙක් සමඟ සිටි බව ද වාර්තා වේ.
බයිබලයේ පිරිමින් එක් ස්ත්‍රීයක් පමණක් විවාහ කරගත යුතු යැයි තහනම් කිරීමක් නොමැති නිසා ආරම්භ කාලයේදි ක්‍රිස්තියානි පිරිමින් ඔවුන් තම මනාපය පරිදි ස්ත්‍රීන් කොපමණ සංඛ්‍යාවක් වුවද විවාහ කර ගත්හ. එහෙත් ගත වු සියවස් කිහිපයකට පෙරදී ක්‍රිස්තියානි පිරිමින් එක් ස්ත්‍රීයක් පමණක් විවාහ කර ගත යුතු යැයි ක්‍රිස්තියානි දෙව් මැදුරු මගින් තහනම් කරනු ලැබීය.
යුදෙව් ආගමේ පිරිමින්ට ද තමා කැමති අයුරින් ස්ත්‍රීන් කිහිප දෙනෙකු විවාහ කර ගැනීම අනුමත කර තිබුණි. ඒබ්‍රහාම්හට භාර්යාවන් තිදෙනෙකු සිටි බවත් සොලමන් රජුට සිය ගණන් භාර්යාවන් සිටි බවත් යුදෙව් ආගමික නීති ග්‍රන්ථය වන තල්මූද් Talmud ප්‍රකාශ කරයි. ක්‍රි.ව.960 දී ඉපදී 1030 දී මරණයට පත් වු රබ්බි ගෙර්ෂොන් බෙන් යහූදා  (Rabbi Gershon Ben Yehudah) නමැති යුදෙව් පූජකයා බහුභාර්යා විවාහයට විරුද්ධ ව නීතියක් පනවා ප්‍රකාශයට පත් කිරිමේ අවස්ථාව දක්වා යුදෙව් පිරිමින් අතර කාන්තාවන් කිහිප දෙනෙකු විවාහ කර ගැනීමේ සම්ප්‍රදාය පැවතුණි. 1950 වර්ෂය අවසානයේදී ඊශ්‍රායලයේ පිහිටා ඇති යුදෙව් මූලස්ථානය විසින් කාන්තාවන් කිහිප දෙනෙකු විවාහ කර ගැනීම පිරිමින්ට තහනම් කිරිමේ නීතිය පනවන තුරු ඉස්ලාමීය රටවල් වල විසු යුදෙව් පිරිමින් අතර ස්ත්‍රීන් කිහිප දෙනෙකු විවාහ කර ගැනීමේ සම්ප්‍රදාය පැවතුණි. කෙසේ වෙතත් යුදෙව් ආගමේ මෝර්මොන් (Mormon) නම් නිකාය බිරියන් 20 දෙනෙක් දක්වා - විවාහ කිරීමට අනුමත ලැබ සිටිති.
01. බහු භාර්යා විවාහය සිදු කර ගන්නා හින්දු ආගමිකයින්
ඉස්ලාමීය කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳ ව සොයා බැලීම සඳහා ඉන්දියාවේ ස්ථාපිත කරනු ලැබු කමිටුවේ (Committtee of the Status of women in Islam) 1975 වන වසරේදී නිකුත් කරන ලද වාර්තාවේ 66 සහ 67 වන පිටු වල සඳහන් කර ඇති සංඛ්‍යා ලේඛන වලට අනුව 1951 හා 1961 වර්ෂය අතර වු වසර 10 තුළ දී හින්දුවරුන් අතුරින් පිරිමිහු 5.06% ක් කාන්තාවන් එකකට වැඩියෙන් විවාහ කර ගෙන සිටියහ. එහෙත් ඉස්ලාමීය  පිරිමින් අතුරින් 4.31% පමණක් බහු භාර්යා විවාහය සිදු කර ගෙන සිටියහ. ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ඉස්ලාමීය පිරිමින්ට පමණක් බහු භාර්යා විවාහය සිදු කිරීමට අනුමත කර තිබේ. එහෙත් හින්දුවරුන් බහු භාර්යා විවාහය සිදු කිරීම ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නීති විරෝධි ක්‍රියාවකි.
    මෙසේ හින්දුවරුන් බහු භාර්යා විවාහය සිදු කර ගැනීම නීති විරෝධි ක්‍රියාවක් වුවද මුස්ලිම්වරුන් හා සැසඳීමේදී බහු භාර්යා විවාහය සිදු කිරීමේ ක්‍රියාවෙහි පෙරමුණු ගෙන සිටින්නේ හින්දුවරුන්මය. පෙර කාල වලදි හින්දුවරුන්ටද බහු භාර්යා විවාහය සිදු කර ගැනීමට කිසිදු තහනමක් නොතිබුණි. හින්දු ආගමික පිරිමින් බහු භාර්යා විවාහය සිදු කර ගැනීම තහනම් කරනු ලැබුවේ 1954 වසරේදී සම්පාදනය කරන ලද හින්දු විවාහ නීතියේදීය. අදටත් එක් හින්දු පිරිමියෙක් බහු භාර්යා විවාහය සිදු කර ගැනීම නොකළ යුකු යැයි වළක්වන්නේ ඉන්දියානු ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව මිස හින්දු දහමය නොවේ.
    මීළඟට ඉස්ලාමය එක් පිරිමියෙකු ස්ත්‍රීන් කිහිප දෙනෙකු විවාහ කර ගැනීම අනුමත කර ඇත්තේ ඇයි දැයි සවිස්තරාත්මක ව වමසා බලමු.
02. බහු භාර්යා සඳහා අල් කුර්ආනය සීමාවක් පනවයි
බහුභාර්යා සේවනය ලොවට ප්‍රථම වශයෙන් හඳුනා දුන්නේ ඉස්ලාමය නොවේ. ඉස්ලාමයට පෙර වු ශත වසර  දහස් ගණනකින් මෙම සිරිත ලොවේ සෑම තැනම පැතිර තිබුනු බව කවුරුත් මතකයේ තබා ගත යුතුය. මා කලින් සඳහන් කළ පරිදි ලෝකයේ ඇති ආගමික ග්‍රන්ථ අතුරින් එක් ස්ත්‍රියක් පමණක් විවාහ කර ගන්නැයි අවධාරණය කරන්නේ අල් කුර්ආනය පමණයි. එනම් විවාහ වන ලෙස පිරිමින්ට අණ කරන්නේ ඉස්ලාම් දහම පමණයි.
“අනාථයින්ගේ විෂයෙහි යුක්ති සහගත ව කටයුතු කළ නොහැකියැයි ඔබ බිය වුවහොත් ඔබ ප්‍රිය කරන ස්ත්‍රීන් දෙදෙනකු හෝ තිදෙනෙකු හෝ සිව් දෙනෙකු හෝ විවාහ කර ගන්න. (ඔවුනතර) යුක්ති සහගත ව කටයුතු කළ නොහැකි යැයි ඔබ බිය වුවහොත් එක්කෙනෙකු (පමණි) නැතහොත් ඔබ සතු වහල් ස්ත්‍රීන් (ප්‍රමාණවත් කර ගන්න) ඔබ සීමාව නොඉක්මවීමට ආසන්න මග මෙයයි.” යනුවෙන් අල් කුර්ආන් සූරා අන් නිසා 4:3. පවසයි.
අල් කුර්ආනය පහළ වීමට පෙර වූ කාලවකවානු වලදී එකල සමාජයේ බහු භාර්යා විවාහයට තහනම් කිසිවක් නොතිබුණි. පිරිමිහු ස්ත්‍රීන් කොපමණක් වුවද විවාහ කර ගන්නා සිරිතක් එකල විය. පිරිමින් අතරින් බහුතරයක් ස්ත්‍රීන් කිහිප දෙනෙකු විවාහ කර ගන්නා අය වුහ. එහෙත් අල් කුර්ආනය පහළ කරනු ලැබීමෙන් පසු ව ඉස්ලාම් දහමේ එක් පිරිමියෙකු ස්ත්‍රීන් සිව් දෙනෙකු දක්වා විවාහ කර ගත හැකි යැයි සීමාවක් පැනවිය. එක් පිරිමියෙක් උපරිම වශයෙන් ස්ත්‍රීන් සිව් දෙනෙකු විවාහ කර ගත හැකිය. එයද එම කාන්තාවන් අතර එක හා සමාන ව සාධාරණත්වය ඉටු කළ යුතුය යන කොන්දේසිය මත බහු භාර්යා විවාහයට සීමා පනවනු ලැබීය.
“භාර්යාවන් අතර යුක්ති සහගත ව කටයුතු කිරිමට ඔබ ආශා කළත් ඔබට නොහැකිය. එබැවින් මුළුමනින් ම (එක් පැත්තකට) ඇල වී අනෙක් තැනැත්තිය ගුවනෙහි එල්ලා දමනු ලබු කෙනෙක් මෙන් අත් හැර නොදමන්න. ඔබ සමඟිය ආරක්‍ෂා කොට (දෙවියන්ට) බිය වුවහොත් අල්ලාහ් ක්‍ෂමා කරන්නෙකු හා අපරිමිත දයාවන්විතයෙකු වේ.” අල් කුර්ආන් සූරා අන් නිසා 4:129.
ඉහත සඳහන් අල් කුර්ආන් වැකිය මඟින් ඉස්ලාමයේ බහු භාර්යා විවාහය යනු එක් අනුමැතියක් මිස අනිවාර්යය වුවක් නොවන බව කවුරුත් දැන ගත යුතුය.
ඉස්ලාමීය දෘෂ්ටි කෝණයෙන් බලන කළ බහු භාර්යා විවාහය සිදු කළ මුස්ලිම්වරයෙකු එම  ක්‍රියාව හේතුවෙන් එක් ස්ත්‍රීයක් පමණක් විවාහ කළ තවත් මුස්ලිම්වරයෙකුට වඩා උසස් නොවන්නේය.
03. කාන්තාවන්ගේ ආයු කාලය හා පිරිමින්ගේ ආයු කාලය
ස්වභාවයෙන්ම පුරුෂයන් හා ස්ත්‍රීන් ඉපදෙනුයේ එක සමාන ප්‍රතිශතයෙනි. රෝග ප්‍රතිශක්තිකරණ හැකියාව ප්‍රරුෂයන්ට වඩා ස්ත්‍රීන්ට උසස් මට්ටමක පිහිටා ඇත. විෂ බිජ වලට එරෙහි ව ඔරොත්තු දීමේදි පිරිමි ළමුන්ට වඩා ගැහැනු ළමුන් ශක්තිවන්ත ව සිටිති. මේ හේතුව නිසා ළදරු අවධියේදි ගැහැනු ළමුන් මරණයට පත් වීමට වඩා පිරිමි ළමුන් අධික ලෙස මරණයට පත්වෙති.
යුද හා සංග්‍රාමවල දී කාන්තාවන්ට වඩා පිරිමින් වැඩි වශයෙන් ඝාතනයට ලක් වෙති. අනතුරු වලින් ද රෝග වැලඳීමෙන් ද මරණයට පත්වන්නන්ගෙන් ස්ත්‍රීන්ට වඩා පිරිමින්ගේ ප්‍රතිශතය අධිකය. පිරිමින්ගේ ආයු කාලය ස්ත්‍රීන්ගේ ආයු කාලයට වඩා අඩුවෙන් තිබෙන නිසා කුමන කාල පරිච්ඡේදයක වුවද බිරිය අහිමි වු ස්වාමි පුරුෂයින්ට වඩා ස්වාමි පුරුෂයින් අහිමි වු වැන්දඹුවන් මෙලොවෙහි අධික ලෙස දක්නට ලැබේ.
04. ගබ්සා කිරීම හා ළදරු ඝාතනයන්
    ජනගහනයෙන් ස්ත්‍රීන්ගේ සංඛ්‍යවට වඩා පිරිමින්ගේ සංඛ්‍යාව වැඩියෙන් සිටින රටවල් අතරින් ඉන්දියාවද එකකි. ගර්භාෂය තුළ සිටින්නේ ස්ත්‍රී කලලක් යැයි දැන ගත් වහාම ගබ්සා කිරිම ද උපන් දරුවා ගැහැනු දරුවකු යැයි දැන ගත් විගස ඝාතනය කරනු ලැබීමද මෙයට හේතු වී තිබේ. ඉන්දියාවේ පමණක් වසරකට ලක්‍ෂ දහයකට අධික කලලයන් ගැහැනු දරුවන් යැයි හඳුනා ගැනීමෙන් පසුව ගබ්සා කරනු ලැබෙති. මෙම සාපරාධී ක්‍රියාව නවතනු ලැබුවහොත් ඉන්දියාවේදී ද පිරිමින්ගේ සංඛ්‍යාවට වඩා සත්‍රීන්ගේ සංඛ්‍යාව අධික වන බව ස්ථීරය.


05. ලෝක ජනගහනයෙන් පිරිමින්ගේ සංඛ්‍යාවට වඩා ස්ත්‍රීන්ගේ සංඛ්‍යාව අධිකය
    ඇමරිකාවේ ජනගහනයෙන් ස්ත්‍රීන්ගේ සංඛ්‍යාව පිරිමින්ගේ සංඛ්‍යවට වඩා ලක්‍ෂ 78 කින් අධිකය. ඇමරිකානු අගනුවර නිව්යෝක් නගරයේ පමණක් ස්ත්‍රීන්ගේ සංඛ්‍යාව පිරිමින්ගේ සංඛ්‍යාවට වඩා ලක්‍ෂ10කින් අධිකය. ඇමරිකානු නිව්යෝර්ක් අගනුවර මුළු ජනගහනයෙන් තුනෙන්  එකක් සමලිංගික සේවනයේ යෙදෙන පිරිමින් වෙති. ඇමරිකානු මුළු ජනගහනයෙන් ඉහත සඳහන් පිරිසගේ සංඛ්‍යාව කෝටි දෙකහමාරකි. එවැන්නන් විවාහ කර නොගන්නා බව අප කවුරුත් දන්නා කරුණකි. ඒ ආකාරයටම බ්‍රිතාන්‍යයේ කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමින්ගේ සංඛ්‍යාවට වඩා ලක්‍ෂ 40 කින් අධිකය. ජර්මනියේ කාන්තාවන්ගේ සංඛ්‍යාව පිරිමින්ගේ සංඛ්‍යාවට වඩා ලක්‍ෂ 50ක් අධිකය. රුසියාවේ පිරිමින්ගේ සංඛ්‍යාවට වඩා කාන්තාවන්ගේ සංඛ්‍යව ලක්‍ෂ 90ක් අධිකය. ලෝකයේ සමස්ත ජනගහනයෙන් කාන්තාවන් කෝටි කොපමණ සංඛ්‍යාවක් පිරිමින්ට වඩා අධික දැයි දන්නේ අල්ලාහ් පමණි.
06. එක් පිරිමියෙකු එක් ස්ත්‍රියකට පමණක් සීමාවක් පැනවීම ප්‍රායෝගික නොවේ.
    එක් පිරිමියෙක් එක් ස්ත්‍රියක් පමණක් විවාහ කර ගත යුතු තත්ත්වයක් පවතින්නේ නම් ඇමරිකාවේ පමණක් කෝටි 3ක කාන්තාවන් සංඛ්‍යාවක් විවාහ කර ගැනීම සඳහා පිරිමින් නොමැති ව රැඳී සිටින තත්ත්වයක් උදා වේ. මෙයට අමතර ව ආමරිකාවේ පිරිමිහු කෝටි දෙකහමාරක් සමලිංගිකයෝ වෙති යි යන්න අවධානයට ගත යුතුය. එලෙසම බ්‍රිතාන්‍යයේ කාන්තාවන් ලක්‍ෂ 40ක් විවාහ කර ගැනීම සඳහා පිරිමින් සොයා ගැනීමට නොහැකි ව සිටීම සහ රුසියාවේ කාන්තාවන් ලක්‍ෂ 90ක් විවාහ කර ගැනීම සඳහා පිරිමින් සොයා ගැනීමට නොහැකි ව සිටීම යන තත්ත්වය උදාවේ.
    නිදසුනක් ලෙස විවාහ නොවු මාගේ සහෝදරිය නැතහොත් ඔබේ සහෝදරිය විවාහ කර දීම සඳහා පිරිමින් සොයා ගැනීමට නොහැකි තත්ත්වයක පවතින ඇමරිකාවේ අපි වෙසෙන බව උපකල්පනය කරමු. ඇයට ඇත්තේ විකල්ප අවස්ථාවන් දෙකක් පමණි. එකක් නම් දැනටමත් විවාහ වි සිටින කෙනෙකු තම ස්වාමි පුරුෂයා වශයෙන් පිළිගැනීමය. නැතහොත් ඇය ඇමරිකාවේ පොදු වෙළඳ භාණ්ඩයක් බවට පත් වීමය.  මේ දෙක  හැර අන් කිසිදු විකල්පයක් නොමැති තත්ත්වයකදි ඇය ඇමරිකාවේ පොදු දේපළක් බවට පත් විමට වඩා දැනටමත් විවාහ වී සිටින කෙනෙකු සිය ස්වාමි පුරුෂයා වශයෙන් පිළිගැනීම නමැති පළමු ව සඳහන් කළ අවස්ථාව පමණක් පතිවත්, බුද්ධිමත්, සදාචාර සම්පන්න කාන්තාවක් තෝරා ගනියි.
    බටහිර සංස්කෘතියෙහි එක් පිරිමියෙක් කාන්තාවන් කිහිප දෙනෙකු සමඟ සම්බන්ධකම් පවත්වමින් සිටීම බහුල ව දැකිය හැකි දෙයකි. මෙවැනි තත්ත්වයන් වලදි කාන්තා වන්ට අනාරක්‍ෂිත තත්ත්වයක් හා සමාජයට බිය වී ජීවත් විය යුතු තත්ත්වයක් උදා වෙයි. එවැනි තත්ත්වයක් තුළ එම සමාජයේ එක් ස්ත්‍රියක් එක් පිරිමියෙකුට දෙවන බිරිය ලෙස සිටීම මුළු හදවතින්ට සමාජය විසින් පිළිගන්නා අතර එම කාන්තාවට ගෞරවාන්විත මෙන්ම ආරක්‍ෂිත ජීවිතයක් එමගින් උදා වේ. දැනටමත් විවාහ වූ කෙනෙකු ස්වාමී පුරුෂයා වශයෙන් පිළිගැනීම නැතහොත් පොදු දේපළක් බවට පත් වීම හෝ අනියම් බිරියක් ලෙස කල්ගෙවිම යන මෙම විකල්ප තුන මිස අන් කිසිදු විකල්පයක් නොමැති තත්ත්වයක සිටින ස්ත්‍රීයකට පළමුවෙන් සඳහන් කළ විකල්පය පිළිගන්නා ලෙස ඉස්ලාම් දහමය අනුශාසනා කරන අතර ඉතිරි විගල්ප සම්පූර්ණයෙන් ප්‍රතික්‍ෂේප කරන ලෙස ද අනුශාසනා කරයි.
    ඉස්ලාමයේ පිරිමින් උපරීම වශයෙන් ස්ත්‍රින් සිව් දෙනෙකු දක්වා විවාහ කර ගැනීම සඳහා තවත් හේතු රාශියක් තිබුණද විශේෂයෙන් ස්ත්‍රීන්ගේ පතිවත ආරක්‍ෂා කිරීම උදෙසා පිරිමින් බහු භාර්යා විවාහය සිදු කර ගැනීමට ඇතැම් වැදගත් කොන්දේසීන් මත අනුමත කර ඇත.

2. කාන්තාවන් හා බහු පුරුෂ විවාහය
    පිරිමින්ට බහු භාර්යා විවාහ සිදු කර ගැනීමට අනුමැතිය දෙන ඉස්ලාමය ස්ත්‍රීන්හට බහු පුරුෂ විවාහය සිදු කර ගැනීමට තහනම් පනවන්නේ මන්ද?
පිරිමින්ට බහු භාර්යා විවාහය කර ගැනිමට අනුමැතිය දී ඇති ඉස්ලාම් දහම ස්ත්‍රීන්හට බහු පුරුෂ විවාහය තහනම් කර ඇත්තේ මන්දැ? යි මුස්ලිම්වරුන් ඇතුළු ව අන්‍ය ආගමිකයින් බොහෝ දෙනෙකු තර්කානුකූල ව ප්‍රශ්නයක් මගෙන් අසති.
ඉස්ලාම් දහම සාධාරණත්වය හා සමානාත්මතාවය ස්ථාපිත කරන දහමක් බව මා ඔබට අවධාරණයෙන් පවසන්නට කැමැත්තෙමි. පිරිමියා සහ ස්ත්‍රීය එක සමාන ව මැවූ අල්ලාහ් පිරිමියාට සහ ස්තීයට වෙනස් වු වගකිම් හා හැකියාව සඳහා ගති ලක්‍ෂණයන් පිරිනැමීය. ශාරීරික වශයෙනුත් මානසික වශයෙනුත් පිරිමින් හා ස්ත්‍රීන් වෙනස් වු අය වෙති. සමාජයේ පිරිමින්ට හා ස්ත්‍රීන්ට ඔවුනොවුන්ට අයත් වෙනස් වූ ක්‍රියාකලාපය හා වගකිම් හිමි වී ඇත. ඉස්ලාමීය දෘෂ්ටි කෝණයෙන් බැලීමේදි පිරිමින් හා ස්ත්‍රීන් මනුෂ්‍යත්වය පදනමින් සමසම (equal)  වන නමුත් ඔවුහු (identical) සර්වසම  අය නොවෙති.
අල් කුර්ආනයේ හතර වන පරිච්ඡේදය වන අන් නිසා හි 22 සිට 24 වන වැකිය දක්වා පිරිමින් කිනම් අය විවාහ කර ගත හැකි ද කිනම් අය විවාහ කර ගත නොහැකි ද යන්න පිළිබඳ ව ලැයිසතුවක් සපයයි.
“ඔබේ වහල් කාන්තාවන් හැර ස්වාමි පුරුෂයන් සිටින කාන්තාවන් ද (විවාහ කිරිමට තහනම් කර ඇත. මෙය) අල්ලාහ් විසින් ඔබ කෙරෙහි පනවා ඇති නීතියකි.“ සූරා අන්නිසා 4:24.
විවාහ කිරීමට නුසුදුසු අය පිළිබඳ ව ප්‍රකාශ කරන ලැයිස්තුවේ ස්වාමි පුරුෂයන් සිටින කාන්තාවන් ඔබ විවාහ කර ගැනීම තහනම් කරනු ලැබ ඇතැයි පවසා විවාහ වී, ස්වාමි පුරුෂයන් සමග ජිවිත් වන කාන්තාවන් වෙනත් පිරිමින් විසින් විවාහ කර ගැනීම තහනම් කර ඇත.
බහු පුරුෂ විවාහය ඉස්ලාමය තහනම් කරන්නේ මන් දැයි දක්නට ලැබෙන හේතුන් මගින් ඒ ගැන තරදුරටත් පැහැදිලි ව අපට දැන ගත හැකිය.
01. බහු භාර්යා විවාහයේදී එක් එක් බිරියට උපදින දරුවන් කවරෙකුට දාව උපන්නේ දැයි හඳුනා ගැනීම පහසු කාර්යයකි. මෙම දරුවාගේ පියා මොහු යැයි මෙම දරුවාගේ මව මැය යැයි හඳුනා ගැනීමට ඉතා පහසුය. එලෙසම එක් ස්ත්‍රීයක් ස්වාමි පුරුෂයින් කිහිප දෙනෙකු විවාහ කර ගෙන එම විවාහය මගින් උපදින දරුවාගේ මව මැය යැයි හඳුනා ගැනීම පහසු කාර්යයක් වන්නට පුළුවන. එහෙත් දරුවාගේ පියා වන්නේ මොහු යැයි හඳුනා ගැනීම ඉතා අසීරු කාර්යයකි. දරුවාගේ මව හා පියා වන්නේ මොවුන් යැයි හඳුනා ගැනීමේ විෂයට ඉස්ලාමය අති මහත් ප්‍රමුඛත්වයක් ලබා දෙන්නේය. තමාගේ දෙමාපියන් වන්නේ මොවුන් යැයි නොදන්නා දරුවන් විශේෂයෙන්ම තමාගේ පියා වන්නේ මොහු යැයි නොදන්නා දරුවන් මානසික රෝගීන් බවට පත් වන බව මානසික රෝග පිළිබඳ වෛද්‍යවරු පවසති. එවැනි දරුවන්ගේ ළමා අවදිය ප්‍රීතිමත් කාලයක් ලෙස නොපවති. ගණිකාවන්ට උපදින දරුවන්ගේ ළමා අවදිය නිරෝගිමත් එකක් නොවන්නේද ඉහත සඳහන් කළ හේතුන් නිසාමය. එක් ස්ත්‍රීයක් බහු පුරුෂ විවාහය සිදු කර ගෙන එමගින් ඉපදුනු දරුවන් පාසැලට ඇතුළත් කිරීමෙදි පියාගේ නම වශයෙන් එකම දරුවෙකුට පියවරුන් දෙදෙනෙකු හෝ එයට වැඩියෙන් නම් පවසන්නට සිදු වන අභාග්‍ය සම්පන්න තත්ත්වයක් උදා විය හැක.
    එහෙත් මෑත කැලයේ දී විද්‍යාත්මක දියුණුව හේතුවෙන් ජාන පරික්‍ෂණය මගින් එක් දරුවෙකුගේ මව අසවල් තැනැත්තිය ලෙස හා එක් දරුවෙකුගේ පියා අසවල් තැනැත්තා ලෙසත් හඳුනා ගන්නට හැකියාව තිබෙන බවත් අපි දන්නා කරුණකි. එනිසා මෙහි දී ගෙන හැර දැක්වු මෙම තර්කය අතීතයට ගැළපෙනවා මිස වර්තමානයට නොගැළපෙන බව පවසයි.
02. පිරිමියෙකු හා ස්ත්‍රීයෙකු ගැන සලකා බැලීමේදි එක් පිරිමියෙකුට බහු භාර්යා විවාහ සිදු කර  ගැනීම සඳහා සුදුසු දේහ නිර්මිතය ස්වභාවෙන්ම හිමි වි ඇති බව දැක ගත හැකිය.
03. එක් පිරිමියෙකු ස්ත්‍රීන් කිහිප දෙනෙකු විවාහ කර ගත් අවස්ථාවකදී ද ස්වාමි පුරුෂයා වශයෙන් තම වගකීම ඉටු කිරිමට ශාරීරික වශයෙන් පිරිමියාට එම කාර්යය පහසුය. පිරිමින් කිහිප දෙනෙකු විවාහ කර ගන්නා කාන්තාවක් බිරිය වශයෙන් තම වගකීම එක් එක් ස්වාමි පුරුෂයින් වෙනුවෙන් ඉටු කිරීම අපහසු කාර්යයකි. ස්ත්‍රීයක් මාසික සෘතුව ඇති වන කාල වලදී මානසික වශයෙනුත් කායික වශයෙනුත් වෙනස්කම් රාශියකට මුහුණුපාන බව ප්‍රතික්‍ෂේප කළ නොහැකි සත්‍යයකි.
04. ස්වාමි පුරුෂයින් කිහිප දෙනෙකු විවාහ කර ගත් කාන්තාවක් එකම කාල පර්ච්ඡේදයක දී පිරිමින් කිහිප දෙනෙකු සමඟ සංසර්ගයේ යෙදීම නිසා ලිංගාශ්‍රිත සමාජ රෝග වලින් පීඩාවට පත් වීම සඳහා වු අවස්ථාවන් ඉතා බහුලය. මෙකී සමාජ රෝග කිසිදු වරදක්වත් නොකළ අනෙකුත් ස්වාමි පුරුෂයන්හටද දරුවන්ටද පැතිරීමේ අවස්ථාවන් ඉතා අධිකය. මෙකී ගැටලු ව කාන්තාවන් කිහිප දෙනෙකු විවාහ කරගන්නා පිරිමියෙකුට ඇති නොවේ.
    ඉහත සඳහන් කළ හේතුන් මිනිසා විසින් පහසුවෙන් හඳුනා ගැනීමට හැකි ඒවාය. ස්ත්‍රීයක් බහු පුරුෂ විවාහ සිදු නොකළ යුතු යැයි තහනම් කළ මැවුම්කරුවා වන අල්ලාහ් නිමිසුන් වශයෙන් අප නොදත් අනෙකුත් තිබෙන්නා වු හේතු කාරක සියල්ල දන්නේය. ඉස්ලාමයේ ස්ත්‍රින් බහු පුරුෂ විවාහය සිදු කර ගැනීම තහනම් කරනු ලැබ තිබෙන්නේ එබැවිනි.
3. කාන්තාවන් සහ ෆර්දාව
    මුස්ලිම් කාන්තාවන් ෆර්දා ඇඳිය යුතු යැයි බල කර ඔවුන් නින්දාවට පත් කරන්නේ මන්ද?
ඉස්ලාමීය නීතිය යටතේ ස්ත්‍රීන් ඇඳුම් පිළිබඳ ව විවේචනය නොකළ මාධ්‍යයක් ලෝකයේ නොමැත යැයි පැවසිය  හැකි තරමට ඉස්ලාමයේ කාන්තාවන්ගේ තත්ත්වය පිළිබඳ ව අපවාද නැගීම අරමුණ කොට ගෙන ලෝකයේ පවතින මාධ්‍යයන් ක්‍රියා කරති.
    ඉස්ලාමය අවධාරණය කරන ඉස්ලාමීය ඇඳුම්   පිළිබඳ වු හේතු සාධක ගැන දැන ගැනීමට පෙර අල් කුර්ආනය පහළ  වීමට පෙර ලෝකයේ විසු එක් එක් සමාජ වල කාන්තාවන්ගේ තත්ත්වය  පැවතියේ කෙසේ දැයි පළමු ව විමසා බලමු.
    පෙර කාල වලදී කාන්තාවන් නින්දාවට ලක් කොට කිසිදු හැඟීම් නොමැති භාණ්ඩයක් වශයෙන් පමණක් උපයෝගි කර ගනු ලැබුහ.
    පුරාණ කාල වලදී කාන්තාවන් ඉතාමත් පහත් ලෙස, මිනිසාට හිමි මූලික ගෞරවය පවා  අහිමි වූවන් සේ සලකනු ලැබුණු බව පහත දැක්වෙන ඓතිහාසික සත්‍යතාවන් අපහට ප්‍රමාණවත් ලෙස විස්තර ලබා දෙයි.
01. බැබිලෝනියානු ශිෂ්ටාචාරය
    බැබිලෝනියානු නීතිය අනුව කාන්තාවන් පහත් ලෙස සලකනු ලැබ ඔවුන්ට හිමි විය යුතු මූලික අයිතිවාසි කම් පවා අහිමි කරනු ලැබ සිටියහ. යම් පුද්ගලයෙකු එක් ස්ත්‍රීයක් ඝාතනය කළහොත් ඔහුට මරණ දඬුවම් පැනවීම වෙනුවට ඔහුගේ බිරියට මරණ දඬුවම දීමේ සිරිතක් එම ශිෂ්ටාචාරයේ පැවතුණි.
02. ග්‍රීක ශිෂ්ටාචාරය
ග්‍රීක ශිෂ්ටාචාරය පැරණි යුගයට අයත් කීර්තිමත් ශිෂ්ටාචාරයක් වශයෙන් සලකනු ලැබීය. මෙකී කීර්තිමත් ශිෂ්ටාචාර යුගයේ දී ස්ත්‍රීන් තම මූලික අයිතිවාසිකම් අහිමි කරනු ලැබුවන් වශයෙන් පහත් කොට සලකනු ලැබුහ. “පැන්ඩෝරා” යනුවෙන් හඳුන්වනු ලැබු මිත්‍යා කතාවෙහි  මිනිස් වර්ගයාට ඇති වන ආපදාවන් සියල්ලටම මුලික හේතුව ස්ත්‍රීන් යැයි ග්‍රීක ඉතිහාසයන් කියාපායි. ග්‍රීකවරු මිනිස් වර්ගයා අතරින් ස්ත්‍රීන් පහත් වර්ගයක් ලෙසත් පිරිමින් හට ඔවුන් වහලුන් වන බවත් විශ්වාස කළහ. ග්‍රීක ශිෂ්ටාචාරයේ පසු කාලයේ දී ස්ත්‍රීන් උසස්  අය වශයෙන් සලකනු ලැබුව ද පිරිමින්හට හිමි මමත්වය නිසාම ලිංගික බලහත්කාරකම් වලට ද කාන්තාවන් ලක් කරනු ලැබීය. ග්‍රීක සමාජයේ සියලුම තරාතිරම් වල ගණිකා වෘත්තිය බහුල ව දක්නට තිබුණි.
03. රෝමානු ශිෂ්ටාචාරය
රෝමානු ශිෂ්ටාචාරයේ කීර්තිය ඉහළම තලයේ පැවති සමයේදී පවා පිරිමියෙක් තම බිරිය ඝාතනය කිරීම තම අයිතිවාසිකමක් ලෙස සලකනු ලැබීය. දුරාචාරයත්, ස්ත්‍රීන් නිර්වස්ත්‍ර කර බලා විනෝද වීමත් රෝමානුවන්ගේ සාමාන්‍ය සිරිතක් විය.
04. ඊජිප්තු ශිෂ්ටාචාරය
ඊජිප්තු ජාතිකයින් ස්ත්‍රීන් පාපයක් වශයෙනුත් යක්ෂයාගේ සංකේත වශයෙනුත් සැලකු හ.
05. ඉස්ලාම් දහම උදා වීමට පෙර තිබු අරාබි ශිෂ්ටාචාරය
ඉස්ලාමය උදා වීමට පෙර අරාබිවරු ස්ත්‍රීන් පහත් අන්දමින් සැලකූහ. ගැහැනු ළමුන් උපන්නේ නම් ඔවුන් බොහෝ අවස්ථාවන්හි පණ පිටින් වළලා දැමුහ.
කාන්තාවන් උසස් කොට, සමාන අයිතීන් දුන් ඉස්ලාම් දහම ඔවුන් තම තත්ත්වය රැක ගත යුතු යැයි පවසයි.
වසර 1400ට පෙර ඉස්ලාමය විසින් කාන්තාවන්හට නිසි අයිතිවාසිකම් හා නිසි තැන ප්‍රදානය කරන ලදි. සමාජයේ කාන්තාවන් තමන්ට හිමි ගෞරවයෙන් යුතු ව ජිවත් විය යුතු යැයි ඉස්ලාමය අවධාරණය කර ඇත.
06. පිරිමින්ට නියමිත හිජාබය
    සිරිතක් වශයෙන් ඉස්ලාමයේ කාන්තාවන්ට පමණක් හිජාබ් ක්‍රමය පවතින බව සාමාන්‍ය ජනතාව තර්ක කරති. එහෙත් ශුද්ධ වූ අල් කුර්ආනයේ අල්ලාහ් කාන්තාවන් සඳහා වු හිජාබය පිළිබඳ ව දැනුම් දීමට පෙර පිරිමින් සඳහා වූ හිජාබය පිළිබඳ ව පළමුවෙන් පැහැදිලි ව ප්‍රකාශ කරයි. අන් ආගමිකයින් මේ බව කිසිවක් නොදනිති.
“(මුහම්මද්!) තම බැල්ම පහත හෙළන ලෙසත් තම පතිවත ආරක්‍ෂා කරන ලෙසත් විශ්වාස කළ පුරුෂයන්හට පවසන්න. මෙය ඔවුනට පිවිතුරු ය. අල්ලාහ් ඔවුන් කරන දේ ගැන හොඳින් දන්නේය.” අල් කුර්ආන් සූරා අන් නූර් 24:30.
    පිරිමියෙක් එක් කාන්තාවක් දෙස නෙත් යොමු කළ විගස ඔහුගේ සිතේ විළිබිය නැති සිතුවිලි ඇති වන්නේ නම් එම මිනිසා තම බැල්ම පහතට හෙළිය යුතු යැයි  අල් කුර්ආන් නියෝග කරයි.

07. කාන්තාවන් සඳහා වන හිජාබ්
“තම බැල්ම පහත හෙළන මෙන් ද තමන්ගේ ලිංගික අවයව  ආරක්‍ෂා කරන මෙන් ද (විශ්වාස කළ කාන්තාවන්ට  පවසන්න.) තමන්ගේ අලංකාරයන් එයින් මතු පිටින් පෙනෙන දෑ හැර (සෙසු දෑ) හෙළි නොකරනමෙන් ද, තම ළය පෙදෙස මත හිස වසන සළුව දමන මෙන් ද, තම ස්වාමි පුරුෂයන්ගේ පියවරුන්ට හෝ තම පුත්‍රයින්ට හෝ තම ස්වාමි පුරුෂයන්ගේ පුත්‍රයින්ට හෝ තම සහෝදරයන්ට හෝ, තම සහෝදරයන්ගේ පුත්‍රයින්ට හෝ, තම සහෝදරියන්ගේ පුත්‍රයින්ට හෝ, තමන්ගේ කාන්තාවන්ට හෝ, තමන් සතු වහලුන් අතරින් (වැඩි මහලු විය හේතු කොට ගෙන ස්ත්‍රීන් කෙරෙහි) කාමාශාවෙන් තොර වූ දුබලයින්ට හෝ කාන්තාවන්ගේ රහස් අවයව ගැන නොදන්නා කුඩා  ළමුන් හැර අන් අය කෙරෙහි තම අලංකාරය හෙළිදරව් නොකරත්වා! ඔවුන් සැඟ වී තිබෙන අලංකාරය දැන ගනු ලැබි යුතු පිණිස තම පාද  බර වන සේ අඩි තබා නොඇවිදිත්වා! විශ්වාස කළ අයවලුනි, සියල්ලෝම අල්ලාහ් වෙත හැරෙන්න. මෙමගින් ජය ලබන්නෙහුය.” අල් කුර්ආනය සූරා අන් නූර් 24:31.
    හිජාබ් ඇඳීම සඳහා වූ සීමාවන් හයක් ඉස්ලාමය අවධාරණය කරයි.
හිජාබ් සඳහා වූ ප්‍රමිතිය
1. ප්‍රමාණය: ඔබ අඳින ඇඳුම් ශරීරය මුළුමතින්ම වැසිය හැකි සේ තිබිය යුතුය යන්න ඉස්ලාමීය ඇඳුම් ඇඳීම සඳහා වූ පළමු වන මිනුම් දණ්ඩ වේ. මෙම ප්‍රමාණය පිරිමින්ට හා ස්ත්‍රීන්ට වෙනස් වේ. පිරිමින් තම රහස් පෙදෙස ආවරණ වන ලෙසින් ඇඳුම් ඇඳීම ප්‍රමාණවත්ය. ස්ත්‍රීන් සාමාන්‍යයෙන් බාහිර ව පෙනෙන ශාරීරික අවයව වන මුහුණ, මැණික් කටුව දක්වා අත් යනාදිය හැර ඔවුන්ගේ සම්පූර්ණ ශරීරයම ආවරණය වන ලෙසින් ඇඳුම් ඇඳිය යුතුය. තවද ඔවුන් ප්‍රිය කළහොත් ඉහත් සඳහන් කළ අවයවන් ද වසා ගැනීමට ඉස්ලාමය අනුමත කර ඇත.
සැලකිය යුතුය: මෙය හුදෙක්ම අනුමැතියක් මිස මෙයින් මුස්ලිම් කාන්තාව මුහුණ, අත් සියල්ලම වසා ගෙන සිටිය යුතු බව කිසිවිටෙකත් ඉස්ලාමය අවධාරණය නොකරයි. තවද වළලු කර දක්වා පාද වැසීමට ද අවශ්‍යය නොවේ. මක්කමේ වන්දනාවේ යෙදෙන කාන්තාවන් මෙවන් කොටස් අවරණය නොකරති.
ඉස්ලාමීය ඇඳුම් වලින් ඉතිරි මිනුම් දඬු පහම පිරිමි හා ස්ත්‍රී යන දෙපාර්ශවයට පොදු ඒවාය.
•    අඳිනු ලබන ඇඳුම් ශරීරයේ හැඩය හා ප්‍රමාණය හා විශාලත්වය විදහා නොපෙන්වන ප්‍රමාණයට ලිහිල්ව තිබිය යුතුය.
•    අඳිනු ලබන ඇඳුම් ඉතා හොඳින් බැලු විට ශාරීරික අංග සියල්ලක්ම විනිවිද පෙනෙන ආකාරයේ සිනිඳු රෙදි නොවිය යුතුය.
•    අඳිනු ලබන ඇඳුම් ප්‍රතිවිරුද්ධ පාර්ශවය ආකර්ෂණය කර ගන්නා තරමට ආකර්ෂණය ලෙස නොවිය යුතුය.
•    ස්ත්‍රීන් මෙන් පිරිමින් ද පිරිමින් මෙන් ස්ත්‍රීන් ද ඇඳුම් ඇඳීමත් ඉස්ලාම් තහනම් කර ඇත.
•    අඳිනු ලබන ඇඳුම් දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් අඳින අඳුම් වලට සමාන ව නොතිබිය යුතුය. එනම් ඒක දේවත්වය ප්‍රතික්ෂේප කරන පූජකයින් අඳින රතු මැටි පැහැයෙන් යුක්ත වු ඇඳුම් ඉස්ලාම් තහනම් කර ඇත.
කෙනෙකුගේ චර්යාව සහ හැසිරීම් ද හිජාබ් හි කොටසකි
ඉතහ සඳහන් කොන්දේසි හයට අමතර ව මිනිසාගේ යහ පැවැත්ම, ඔහුගේ සිරිත් විරිත්, ඔහුගේ ආකල්පය සහ අරමුණ මෙන්ම පුද්ගලික හැඟීම් යනාදිය ද ඉස්ලාමීය ඇඳුම් ක්‍රමය තුළ අන්තර්ගත වේ. කෙනෙක් ඇඳුම් වලදී පමණක් ඉස්ලාමීය නීති රීති අනුගමනය කරන්නේ නම් එය ඉස්ලාමීය ඇඳුමෙහි එක් කොටසක් පමණක් අනුගමනය කිරිමක් වැනිය. ඇඳුම් වල දි ද ඉස්ලාමීය නීති රීති අනුගමනය කළ යුතු අතර තම ඇස් වලිනුත් තම හදවතිනුත් තම සිතුවිලි වලිනුත් ඉස්ලාමීය හිජාබය පිළිබිඹු විය යුතුය. එලෙසම යමෙකුගේ ඇවිදීමේ හා කතා කිරීමේ විලාසයේදීත් ඇසුරු කිරිම වලදීත් ඉස්ලාමීය හිජාබය පිළිබිඹු විය යුතුය.
කාන්තාවන් හිජාබ් ඇඳීමට නිර්දේශ කිරීම සඳහා වු හේතුන් පිළිබඳ ව අල් කුර්ආනය මෙසේ පැහැදිලි කරයි.
“නබිවරයාණනි! ඔබේ භාර්යාවන්ටද ඔබේ දූවරුන්ටද (සෙසු) විශ්වාස කළ ස්ත්‍රීන්ටද හිස වසන සළු එල්ලා දමන ලෙස පවසන්න. ඔවුහු (සදාචාරත්මක ස්ත්‍රීන් යැයි) දැන ගනු ලබනු පිණිසද පීඩාවට පත් නොවීම පිණිසද මෙය උචිතය. අල්ලාහ් ක්‍ෂමා කරන්නකු හා අපරිමිත දයාවන්තයකු වේ.” අල් කුර්ආන සූරා අහ්zසාබ් 33:59.
කාන්තාවන් ගෞරවනීය අය වශයෙන් හඳුන්වනු ලැබීමටත්, හිංසා පීඩාවන්ගෙන් ඔවුන් ආරක්‍ෂා කිරීම සඳහාත් හිජාබ් ආඳීම කාන්තාවන් සඳහා නිර්දේශ කරනු ලබන බව ඉහත සඳහන් වැකිය මගින් දැන ගත හැකිය.
නිවුන් සහෝදරයන් එක් නිදසුනක්
නිවුන් ලෙස උපන් සොයුරියන් දෙදෙනාම පෙනුමෙන් සමාන වූවන්ය. දෙදෙනාම කඩ වීදියක ඇවිද යන බව උපකල්පනය කරමු. එයින් එක් කෙනෙකු සම්පූර්ණයෙන්ම ඉස්ලාමීය ක්‍රමයට අනුව ඇඳුම් ඇඳගෙන ගියාය. එනම් තම මුහුණ හා තම මැණික් කටුව දක්වා පමණක් බාහිර ව පෙනෙන ආකාරයට තම සම්පූර්ණ ශරිරයම ඉස්ලාමීය ක්‍රමයට අනුව ආවරණය කර ඇඳුම් ඇඳගෙන ගියාය. අනික් තැනැත්තිය බටහිර සම්ප්‍රදායට අනුව අඩ නිරුවතින් යන්නී යැයි සිතමු. කඩවීදියේ ස්ත්‍රීන්ට විහිළු තහළු කිරීම සඳහාම සිටින කාමාතුර දුෂ්ටයින් කාට නම් විහිළු කරත් ද? ඉස්ලාමීය ක්‍රමයට ආඳුම් ඇඳගෙන ගමන් කරන්නීයටද? නැතහොත් අඩ නිරුවතිත් යන්නීයටද? නියත වශයෙන් අඩ නිරුවතින් යන තැනැත්තිය විහිළු කිරිමටත් උපහාස කිරීමටත් ලක්වන්නීය. මෙවැනි කාන්තාවන් කාම නෙතට ගැටී සුනු විසුනු වී යති. ඉහත ආකාරයෙන් ඇඳුම් පුරුෂ පක්ෂයේ උසුළු විසුළු මෙන්ම හිරිහැර කිරිම වලට ලක්වීම සඳහා වක්‍ර ව නිකුත් කරන ආරාධනාවකි. මේ නිසාම ඉස්ලාමීය ඇඳුම් නිසා විශේෂයෙන්ම කාන්තාවන් හිරිහැර වලට ලක්වීම වළක්වාලන්නේ යැයි අල් කුර්ආනය අනාවරණය කරයි.
මෑතකදී කළ පර්යේණයක ඇමරිකාවේ නිව් යෝර්ක් නුවර, දිනක් කාන්තාවක් අඩ නිර්වත බටහිර ඇඳුමෙන් සැරසී ඉඟ සොලවමින් පාරේ ඇවිද යන විට ඇය දෙස බලන්නට, විහිළු කරන්නට සහ අසභ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට තරුණයෝ බොහෝ දෙනෙක් ඉදිරිපත් වුහ. එම කාන්තාව පසු දින හිජාබයෙන් සැරසී ඒ මාර්ගයේම විනීතව ආවිද ගිය විට කිසිවෙක් ඇය දෙස නෙත් යොමු කිරීමට පවා උනන්දු වුයේ නැත. මෙම සිද්ධිය වීඩියෝ ගත කර පෙන්වන ලදී. මේ සැබෑ සිදුවීම ගැන ඔබේ අදහස කුමක් ද?
ලිංගික අතවර කරන්නන්ට මරණීය දඬුවම
    ඉස්ලාමීය නීතිය අනුව පිරිමියෙකු විසින් ස්ත්‍රීයක් ලිංගික අතවරයට ලක් කළ බවට සනාථ කරනු ලැබුවහොත් ඔහුට මරණිය දඬුවම ලබා දිය යුතුය. “මරණීය දඬුවම” යන වචනය ඇසු පමණින් බොහෝ දෙනෙක් විස්මයට පත් වෙති. ඇතැම්හු ඉස්ලාමය කරුණාව හෝ මෛත්‍රිය නොමැති වනචාරි ආගමක් යැයි විවේචනය කරන්නට පටන් ගනිති. මෙලෙස පවසන මුස්ලිම් නොවන සිය ගණන් සහෝදරයින්ගෙන් මා සුළු ප්‍රශ්නයක් ඇසුවෙමි. තමන්ගේ බිරිය සමඟ නැතහොත් තමන්ගේ සහෝදරිය සමඟ නැතහොත් තම මව සමඟ පිරිමියෙක් මෙසේ හැසිරුණා යැයි (එසේ සිදු නොවේවායි අල්ලාහ් ගෙන් පතමි) සිතන්න. අධිකරණයේදි අතවර කළ පුද්ගලයාට නඩු තීන්දුව දෙන විනිසුරුවරයා වශයෙන් ඔබ පත් ව සිටින බවටත් සිතා ගන්න. ලිංගික අතවර (දූෂණය) කළ පුද්ගලයාට කුමන දඬුවමක් ඔබ ලබා දෙන්නෙහිද? මම ඇසු ප්‍රශ්නයට ඉස්ලාම් නොවන සහෝදරයින් සියලු දෙනාම දුන් එකම අවංක පිළිතුරු ඔහුට මරණීය දඬුවම ලබා දෙන බවයි.
     එයින් තවත් සමහරු අතවරය කළ පුද්ගලයාට මරණයට පත් වනතුරු දරුණු ලෙස වද හිංසා කර ඝාතනය කළ යුතු බව පැවසුහ. මම ඔවුන්ගෙන් විමසා සිටියේ යමෙකු ඔබේ ඥාතියෙකු සමග මෙලෙස හැසිරුණහොත් මෙසේ මරණීය දඬුවම නියම කිරීමට අදහස් කරන ඔබ වෙනත් කිසි යම් තැනැතකුගේ බිරිය හෝ සහෝදරිය නැතහොත් මව ලිංගික බලහත්කාරයට ලක් වී එසේ බලහත්කාරකම් කළ තැනැත්තාට දඬුවම ලබා දුනහොත් එය වනචාරිකම යැයි පවසන්නේ ඇයි? මෙවැනි දෙබිඩි පිළිවෙතක් එකම කරුණකට අනුගමනය කරන්නේ මන්දැ යි විමසු විට ඔවුහු නිහඬ වෙති.
ශ්‍රී ලංකාවේ මෑතක දී මහත් ආඳෝලනයට තුඩු දුන් කුඩා දැරියට සිදු වු අතවර හා ඝාතන  සහ එක ගමේ මහලු කාන්තාවන් කිහිප දෙනෙකුට සිදු වූ දූෂණ සහ ඝාතන සම්බන්ධව ලාංකිකයන් සියලු දෙනාම දැක් වු අදහස චූදිතයාට මරණ දඬුවම දිය යුතුය යන්නයි. මේ ගැන ඔබ වෙනත් වු අදහසක් දක්වන්නේ ද?
බටහිර සමාජය කාන්තා වහල්භාවය අහෝසි කළ බව ව්‍යාජ ප්‍රකාශ ඉදිරිපත් කරයි.
    බටහිර රටවල් පවසන කාන්තා විමුක්තිය යනු කාන්තාවන්ගේ ශරීරය උපයෝගි කර ගැනීම සඳහාත් කාන්තාවන්ගේ ආත්ම ගරුත්වය හෑල්ලුවට ලක් කිරිම සඳහාත් කාන්තාවන්ගේ ගෞරවය විනාශ කිරිම සඳහාත් බටහිර ජාතිකයින් පැලඳ සිටින වෙස් වළා ගැනීමක් මිස අන් කිසිවක් නොවේ.
    සමාජයේ කාන්තාවන්ගේ තත්ත්වය උසස් කළ බව බටහිර ලෝකය පවසමින් සිටිති. ඇත්තෙන්ම කාන්තා වන්ගේ උසස් තත්ත්වය යනු කාන්තාවන් වෙළඳ භාණ්ඩයක් ලෙස උපයෝගී කර ගැනීම හෝ ඔවුන් සමාජයේ ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස වෙනස් කිරීම හෝ නොවේ. කාන්තා විමුක්තිය යනුවෙන් ඔවුහු අදහස් කරන්නේ මෙයයි. කලාව, සංස්කෘතිය. රිදී තිර වල ව්‍යාපාරිකයින් තම භාණ්ඩ අලෙවි කර ගැනීම සදහා කාන්තාවන් උපකරණයක් ලෙස උපයෝගි කර ගැනීම කාන්තා විමුක්තිය යනුවෙන් ඔවුහු පවසති.
ලෝකයේ අධික ලෙස ස්ත්‍රී දූෂණ සිදුවන්නේ ඇමරිකාවේය.
    ලෝකයේ ඇති රටවල් අතුරින් සම්පූර්ණයෙන්ම සංස්කෘතිකමය වශයෙන් දියුණු වු රටක් වශයෙන් සලකනු ලබන්නේ ඇමරිකාවය. ලෝකයේම අධික ලෙස ස්ත්‍රී දූෂණ හා අපරාධ සිදුවන්නේ ද ඇමරිකාවේමය. 1990 වන වසරේ  ඇමරිකාවේ දිනකට සාමාන්‍යයෙන් ස්ත්‍රී දූෂණ හා අපරාධ 1756ක් සිදු වූ බව එම රටේ ඔත්තු සේවා අංශය  වන එෆ්.බි.අයි. වාර්තාව සදහන් කරයි. ඊට අමතර ව සාමාන්‍යයෙන්  දිනකට ස්ත්‍රී දූෂණ අපරාධ 1900 සිදු වු බව තවත් වාර්තාවක සදහන් වේ. අපරාධ සිදු වු වර්ෂය එහි සඳහන් වී නොමැත. එය 1992  නැතහොත් 1993 වසර විය හැකිය. පසු ව උදා වු වර්ෂ වලදී ඇමරිකානුවන් තවත් අධික ලෙස ස්ත්‍රී දූෂණ අපරාධ වල නිරත වී සිටින්නට පුළුවන. මෙවැනි අපරාධ සිදුවන්නේ විවාහවීමට සුදුසු කාන්තාවන් සඳහා ඇමරිකාවේ හිඟයක් පවතින නිසාද?
    ඇමරිකවේ ඉස්ලාමීය හිජාබ් ක්‍රමය ක්‍රියාවට නංවා ඇති බව මොහොතකට උපකල්පනය කර බලන්න. පිරිමියෙක්  වෙනත් ස්ත්‍රීයක දෙස බලන කල්හි ඔහුගේ සිතුවිල්ලෙහි කුළෑටි කමක් නොමැති, නැතහොත් විළිබිය නැති හැඟීමක් ඇති වන්නේ නම් ඔහු තම බැල්ම පහත හෙළා ගනීවි. ඇමරිකාවේ සෑම ස්ත්‍රියක්ම මුහුණ සහ මැණික් කටුව දක්වා තම අත් යන අවයව කොටස් පමණක් පෙනෙන සේ  අනෙකුත් ශරිර අවයවයන් සියල්ල ආවරණය කරනු ලැබ තිබේවි. ඉස්ලාමිය ඇඳුම් ක්‍රමය අනුගමනය කර සිටීවි. මෙසේ කිරීමෙන් පසු වන කිසියම් මිනිසෙක් බලහත්කාරකම් කිරීමේ අපරාධයේ නිරත වන්නේ නම් ඔහුට මරණිය දඬුවම නියම කර තිබේවි. ඉහත සදහන් පරිදි ඉස්ලාමීය ඇඳුම් ක්‍රමය ඇමරිකාවේ ක්‍රියාත්මක කරනු ලැබුවහොත් ඇමරිකාවේ ලිංගික බලහත්කාරකම් වැඩිවේද? නැතහොත් පෙර තිබුණු ආකාරයටම ඒ අයුරින්ම තිබේද? එසේත් නැතහොත් අඩුවේද?
ඉස්ලාමීය නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ නම් ස්ත්‍රී දූෂණ අපරාධ නියත වශයෙන් ම අඩු වේ.
    ඉස්ලාමීය නීති රීති ක්‍රියාත්මක කරනු ලැබුවහොත් පිරිසිදු සමාජයක් බිහි වීම කිසිවෙකුටත් වැළැක්විය නොහැකිය. ඇමරිකාව හෝ යුරෝපය හෝ නැතහොත් ලෝකයේ කුමන රටක් වුවද ඉස්ලාමීය නිති රීති ක්‍රියාත්මක කරනු ලබන්නේ නම් එහි සිටින ජනතාව සැනසිල්ලේ ජිවත් වේවි. ඉස්ලාමීය ඇඳුම් ක්‍රමය ස්ත්‍රීන් නින්දාවට පත් නොකරයි. ඒ වෙනුවට ස්ත්‍රීන්ගේ පතිවත හා ගෞරවය ආරක්‍ෂා කොට ඔවුන් සමාජයේ කීර්තියට පත් වූවන් ලෙස වෙනස් කරයි. ඉස්ලාමිය ඇඳුම් ක්‍රමය තුළින් ඉස්ලාමීය කාන්තාවන්ට පමණක් ඕනෑම කාන්තාවට සමාජයේ ඉහළ පිළිගැනීමක් ලැබෙනු නොඅනුමානය.

 

 


4. ඉස්ලාම් දහම අසිපතින් පතුරු වනු ලැබුවේද?
ප්‍රශ්න:
    ඉස්ලාම් දහම අසිපතින් පතුරු වන ලද දහමක් වශයෙන් තිබියදී එය සාමය උදා කරන දහමක් යැයි පවසන්නේ කෙසේද?
පිළිතුරු:    
ඉස්ලාමය අසිපතින් පතුරු වනු නොලැබුවේ නම් ලොව පුරාම ඉස්ලාමය වැලඳ ගත් අය මෙපමණ කෝටි සංඛ්‍යාවක් සිටීමට නොහැකි බව මුස්ලිම් නොවන අන්‍ය ආගමිකයින් ගෙන් ඇතැමුන් ඉස්ලාමයට එරෙහි ව ගෙන හැර දක්වන පොදු චෝදනාවයි. ඉස්ලාමය අසිපතින් පතුරු වනු ලැබු දහමක් නොවේ. එහෙත් ඉස්ලාමය ස්වභාවිකවම ඥානාන්විත වු දහමකි. හේතු සාධක සහ ගැටලු වලට විසඳුම් ලබා දිය හැකි දහම ඉස්ලාමය වන නිසාම ලෝකයේ ඉස්ලාමය ශීඝ්‍රයෙන් මුල් බැස ගත්තේ යැයි මා තවදුරටත් ගෙන හැර දැක්වීමට පහත සඳහන් විස්තර මගින් ඔබට අවබෝධ කර ගත හැකි වේ.
1.    ඉස්ලාම් යන්නෙහි තේරුම ශාන්තියයි.
ඉස්ලාම් නමැති වචනය “සලාම්” නමැති මුල් වචනයෙන් බිහි වුවකි. “සලාම්” යනු ශාන්තිය වේ. සලාම් යන්නෙහි අර්ථය ශාන්තිය යන්නයි. සලාම් නමැති අරාබි වචනයට කෙනෙකුගේ චේතනා සියල්ලක්ම අල්ලාහ් වෙනුවෙන් ම කැප කිරීම යනුවෙන් තවත් අර්ථයක්ද ඇත. මේ අනුව ඉස්ලාම් දහම යනු ශාන්ති දහමකි.
2.    ඇතැම් අවස්ථා වලදී සාමය ස්ථාපිත කිරීම සදහා බලය උපයෝගි කිරීම අවශ්‍ය වෙයි.
ලෝකයේ සිටින සෑම මිනිසෙකුම සාමය හා සුහදත්වය ක්‍රියාත්මක කිරීම සඳහා සහයෝගය නොදක්වන බව අපි දනිමු. ලොවේ ජීවත් වන අය අතරින් ඇතැමුන් තම ආත්මාර්ථකාමි අරමුණ උදෙසා සාමයට බාධක ඇති කිරීමට පෙලඹෙති. මෙවැනි අවස්ථාවන් වලදී ලෝකයේ ශාන්තිය හා සාමය ස්ථාපිත කිරීම අනිවාර්යතාවක් ඇති වේ. ඒ නිසාම සාමය ඇති කිරිම සඳහා ද අපරාධකරුවන් සහ සමාජ විරෝධීන් පාලනය කිරිම සඳහා ද වැරදි කරුවන් හට දඬුවම් පමුණුවීම සඳහා ද ආරක්‍ෂක අංශය නැමැති සංවිධානය ලෝකය පුරාම තිබේ. ඉස්ලාමය සාමය අගය කරන අතරම කුමන හෝ තැනක අසාධාරණයක්  සිදුවන්නේ නම් එම අසාධාරණයන්ට එරෙහි ව සටන් කළ යුතු අවස්ථා වලදී බලය උපයෝගි කිරිම අවශ්‍ය වන්නේ යැයි ඉස්ලාම් පවසයි. සාමය හා සාධාරණත්වය ස්ථාපිත කිරීම සඳහා පමණක් බලය යොදා ගත හැකි යැයි ඉස්ලාම් දහම අනුමැතිය දී ඇත.
3.    ඉතිහාසඥ ඩි ලේසි ඕ‘ලියරි (De Lacy O’Leary)ගේ මතය.
ඉස්ලාමය අසිපතෙන් පතුරු වන ලද දහමක් නොවන බව තහවුරු කිරීම සඳහා සුප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වන De Lacy O’Leary විසින් ලියන ලද ඉස්ලාමය (Islam at the Cross Road) “හතර මං හන්දියේ ඉස්ලාමය” නමැති ග්‍රන්ථයේ 8 වන පිටුවේ ඔහු විසින් සඳහන් කර ඇති අදහස නිවැරදි එකක් යැයි සිතමු.
“කෙසේ වෙතත් ඉස්ලාම් දහම අසිපත් රැගත්, භක්තියෙන් උමතු වූ මුස්ලිම්වරුන් විසින් තමන් පරාජයට පත් කළ ජාතීන් අතර බලෙන් පතුරු වන ලද දහමකි යන අදහස නැවත නැවතත් ලෝකය හමුවේ පැතිරෙමින් තිබීම ඇතැම් ඉතිහාසඥයින් විසින් හිතාමතාම නිර්මාණයක කරන ලද, ගොතන ලද මිත්‍යා ප්‍රබන්ධයක් මිස අන් කිසිවක් නොවන බව පැහැදිලි ඉතිහාසය අපහට කියාපායි.”
4.    ස්පාඤ්ඤයේ ඉස්ලාමීය පාලනය වසර 800ක් මුළුල්ලේ පැවතුණි.
මුස්ලිම්වරුන් ස්පාඤ්ඤ දේශය වසර 800ක් මුළුල්ලේ පාලනය කළහ. එහෙත් ස්පාඤ්ඤ ජාතික මුස්ලිම්වරුන් කිසිවෙකුත් එරට සිටින අන්‍යාගමිකයින්ට ඉස්ලාම් දහම වැලඳ ගන්නා ලෙස කිසිවිටෙක බලපෑම් කළේ නැත. එහෙත් පසුව පැමිණි ක්‍රිස්තියානිවරුන් කුරුස යුද්ධය යන නාමයෙන් ස්පාඤ්ඤයේ ජීවත් වූ මුස්ලිම් සහ යුදෙව් වරුන් සියලු දෙනාම විනාශ කළහ. දැනට ස්පාඤ්ඤයේ අල්ලාහ්ට යාච්ඥා කිරීම සඳහා ප්‍රසිද්ධියේ අදාන් නැමැති ඇරයුම් කිරීම සඳහා එක් මුස්ලිම්වරයෙක් පවා ඉතිරි වී නොමැත යන්න ඓතිහාසික සත්‍යයකි.
5.    එක් කෝටි හතළිස් ලක්‍ෂයක් අරාබි ජාතික ජනයා පරම්පරාගත ක්‍රිස්තියානුවන් වෙති. ඔවුන් (Coptic Christians) කොප්ටික් ක්‍රිස්තියානුවන් ලෙස හඳුන්වනු ලබති.
ගත වු 1400 වසරක් මුළුල්ලේ අරාබි අර්ධද්වීපය මුස්ලිම් වරුන් විසින් පාලනය කරනු ලබන අතර වසර කිහිපයක් බ්‍රිතාන්‍ය ජාතිකයින් විසින් හා වසර කිහිපයක් ප්‍රංශ ජාතිකයින් විසින්ද අරාබි අර්ධ ද්වීපය පාලනය කරනු ලැබීය. එසේ වුවද දැනට පවා එහි එක් කෝටි හතළිස් ලක්‍ෂයක් ජනයා පරම්පරාගත ක්‍රිස්තියානුවන්ය. (Coptic Christians) මුස්ලිම්වරුන් අසිපතෙන්  පාලන බලයේ රැඳී සිටියේ නම් අදට අරාබි අර්ධ ද්වීපයේ එකදු ක්‍රිස්තියානි වරයෙකු පවා සිටිය නොහැකි අතර සියලු දෙනාම දැනටමත් මුස්ලිම්වරුන් බවට පත්ව සිටිය යුතුය.
6.    ඉන්දියානු ජනගහනයෙන් සීයයට අසුවකට වඩා ප්‍රතිශතය මුස්ලිම් නොවන අය වෙති.
ඉන්දියාවේ මුස්ලිම්වරුන් වසර දහසකටත් අධික කාලයක් පාලනය කළහ. එකල ඔවුන් සිතුවේ නම් සියලු මුස්ලිම් නොවන අය තම පාලන බලය හා හමුදා බලය යොදා ගෙන  මුස්ලිම්වරුන් බවට පත් කරන්නට තිබුණි. එහෙත් දැනට ඉන්දියාවේ ජනගහනයෙන් සීයයට අසුවක ප්‍රතිශතයක් මුස්ලිම් නොවන අය වෙති. ඉන්දියාවේ තවමත් ජිවත් වන මෙවැනි විශාල මුස්ලිම් නොවන ජන සංඛ්‍යාව ඉස්ලාමය අසිපතින් පතුරු වන ලද දහමක් නොවේය යන්නට හොඳම සාක්‍ෂීන් වෙයි.
7.    ඉන්දුනීසියාව හා මලයාසියාව
දැනට ලෝකයේ ඇති රටවල් අතරින් අධික මුස්ලිම් ජනතවාක් වෙසෙන රටවල් වන්නේ ඉන්දුනීසියාව සහ මලයාසියාවයි. මෙහි දී  අප නගන ඉතාමත් සරල ප්‍රශ්නය වන්නේ “කුමන ඉස්ලාමීය සේනාවන්ද ඉන්දුනීසියාවට හා මලයාසියාවට ගොස් ඔවුන් ව මුස්ලිම්වරුන් බවට පත් කළේ?”
8.    අප්‍රිකාවේ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශ?
එලෙසම අප්‍රිකාවේ නැගෙනහිර වෙරළබඩ පෙදෙසේ ඉස්ලාමය ශීඝ්‍රයෙන් පැතිරී තිබේ. කුමන ඉස්ලාමීය සේනාවද අප්‍රිකාවේ නැගෙනහිර වෙරළ ප්‍රදේශ වලට ගොස් එහි ජනතාව මුස්ලිම්වරුන් බවට පත් කළේ?
9. තෝමස් කාර්ලයිල්
ලෝක ප්‍රකට විද්‍යාඥයෙකු වන තෝමස් කාර්ලයිල් ඔහුගේ “වීරයන් සහ වීරයන්ට පිදීම“ නම් කෘතියේ ඉස්ලාමය ලොවේ වේගයෙන් ව්‍යාප්ත වීම පිළිබඳ ව නගන චෝදනා ගැන මෙලෙස ලියා ඇත. “සැබැවින්ම එය අසිපතකි. එහෙත් එම අසිපත ඔබ ලබා ගන්නේ කුමන ස්ථානයකින් ද? සෑම නවීන මතයක්ම ආරම්භයේ සුළුතරයකට පමණක් අයත්ය. එය ඇතැම් විට එක් පුද්ගලයෙකුගේ කල්පනාවට පමණක් සීමා විය. එය ඔහු තුළ කාලයක් රැඳී සිටියි. ලොවේ ජනතාව අතර එක් පුද්ගලයෙක් පමණක් එය විශ්වාස කරයි. එනම් අන් සියලු පුද්ගලයන්ට එරෙහි ව එක් පුද්ගයෙක් පමණි. එම අවස්ථාවේ ඔහු අසිපත අතට රැගෙන තම අදහස් ව්‍යාප්ත කිරීමට උත්සාහ දැරීමෙන් ඔහුට කිසිදු වාසියක් අත් නොවේ. අවසානයේ එම අදහස තමාට හැකි අයුරින් තමා විසින් ම ව්‍යාප්ත කරන්නට පොහොසත් වෙයි.”
10. ඉස්ලාම් දහමේ බල කිරීම් කිසිවක් නොමැත.
ඉස්ලාම පතුරු වනු ලැබුවේ කුමන අසිපතෙන් ද? එසේ අසිපතක් තිබුණේ නම් ඉස්ලාමය පතුරුවන්නට එම අසිපත මුස්ලිම්වරුන් විසින් භාවිත කළ නොහැකිය. මන්දයත් පහත සඳහන් අල්කුර්ආන් වැකිය එය පැහැදිලි ව ගැන හැර දක්වයි.
“මෙම දහමේ කිසිදු බල කිරීමක් නැත. දුර්මාර්ගයෙන් යහමග පැහැදිලි වේ.” (අල් කුර්ආන් සූරා බකරා 2:256)
11. බුද්ධිමතුන්ගේ අසිපත
ඉස්ලාමය බුද්ධිමතුන්ගේ අසිපත වේ. ඉස්ලාමය හදවත් හා සිතුවිලි ජය ගෙන පැතුරුණේ ඥානාන්විත ප්‍රතිපත්තීන් මගින් සහ ආකර්ෂණීය දේශනා මගින් බව පහත දැක්වෙන අල් කුර්ආන් වැකියෙන් අවබෝධ කර ගත හැකිය.
“ප්‍රඥාවෙන් හා අලංකාර අනුශාසනාවෙන් යුතු ව ඔබේ දෙවියන්ගේ මාර්ගය දෙසට ඇරයුම් කරන්න. ඔවුන් සමඟින් අලංකාර ලෙසින් විවාද කරන්න. ඔබේ දෙවියන් තම මාර්ගයෙන් ඉවත් වුවන් ගැන දන්නෙකි. යහමඟ ලත් අය ගැන ද ඔහු දන්නේය.” අල් කුර්ආන් සූරා අන් නහ්ල්. 16:125
12. ගත වු  පනස් වසරක කාලයේ දී ලෝකයේ ආගම් වල සිදු වූ වර්ධනය.
ගත වූ පනස් වසරක කාලයේදී ( 1934 සිට 1984 දක්වා) ලෝකයේ ඇති ප්‍රධාන ආගම් වල වර්ධනය පිළිබඳ වු සංඛ්‍යා  ලේඛනය 1986 වසරේ දී “රීඩර්ස් ඩයිජස්ට්” සඟරාවේ වාර්ෂික සංග්‍රහය වන ලිතේ පලකොට තිබුණි. මෙම සංඛ්‍යා ලේඛනය අඩංගු ලිපිය “ද ප්ලෙයින් ටෘත්” –The Plain Truth හෙවත් සරල සත්‍යය නමැති ඉංග්‍රීසි සඟරාවේ ද පලකොට තිබුණි. ලෝකයේ ඇති ආගම් අතරින් වැඩියෙන්ම වර්ධනය වී ප්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇත්තේ ඉස්ලාම් දහමයි. එහි වර්ධනය ගත වූ 1934 සිට 1984 දක්වා වු 50 වසරේ දී 235% කි. ක්‍රිස්තියානි දහම 47% කින් වර්ධනය වී තිබුණි. මෙවැනි වර්ධනයට බටහිර ලොව පිළිගත හැකි හේතුන් කිසිවක් සපයන්නට නොහැකි වන විට බලපෑම් කිරීමෙන් හා අසිපතෙන් ඉස්ලාම් දහම විශාලව ව්‍යාප්ත වූ බව අභූත චෝදනා නඟන්නට යෙදුණහ. එක් කලක බොහෝ දෙනෙක් මෙවැනි චෝදනා සත්‍ය බව පිළි ගත් නමුත් නවීන දැනුම සහ මාධ්‍ය වර්ධනය උපරිම තත්ත්වයේ පවතින මෙම යුගයේ මෙවැනි පදනම් විරහිත චෝදනා කිසිවක් පිළිගන්නට ඔවුන්ගේම ජනතාව සූදානම් නැත. යුද්ධය නිසා දහමක් පැතිරුණේ යැයි ඔවුන් නගන චෝදනාව සත්‍ය බව පිළි ගන්නට නම් ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක් ඉස්ලාමය වැලඳ ගැනීම සඳහා හේතු සාධක වු කුමන සංග්‍රාමයක් මෙම සිය වසරේ සිදුවුයේ ද?  

 

 

 

එපමණක් නොව බලපෑම් නිසා හෝ ආයුධ වලට බියට පත් ව ඉස්ලාම් දහමට පිවිසු ජනතාව තවමත් ඉස්ලාම් දහමේ රැඳී සිටීමට කුමන හේතුවක් දැක්විය හැකිද?
13. ඇමරිකාවේ සහ යුරෝපයේ ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින දහම ඉස්ලාමය වේ.
දැනට ඇමරිකාවේ ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින දහම ඉස්ලාමයයි. එසේම යුරෝපයේද ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතින දහම ඉස්ලාමයයි. බටහිර ජාතිකයින්ට බල කරමින් මෙතරම් ශීඝ්‍ර ලෙස ඉස්ලාමය වැලඳ ගැනීමට ක්‍රියා කළ වර්තමාන අසිපත කුමක් ද?
එනම් ඉස්ලාමය එහි ප්‍රතිපත්ති මගින් වර්ධනය වනවාක් මිස කිසිදු අයුරක බල කිරීමක් මගින් එය සිදුනොවන බව වටහා ගත යුතුය.
“අල්ලාහ්ගේ උපකාරය සහ ජයග්‍රහණය පැමිණෙන විට, (මුහම්මද් තුමණි!) අල්ලාහ්ගේ දහමට ජනතාව කණ්ඩායම් වශයෙන් පිවිසීම ඔබ දකින විට, ඔබේ දෙවියන්ගේ ප්‍රශංසාව මගින් සුවිශුද්ධ කරනු. ඔහුගෙන් ක්‍ෂමාව අයැදිනු, ඔහු ක්‍ෂමා ව පිළිගන්නෙකු වේ.” අල් කුර්ආන් සූරා අන් නස්ර් 110:1 සිට 3 දක්වා.
5. මුස්ලිම්වරුන් මූල ධර්මවාදීහු හා ත්‍රස්තවාදිහුද?
ප්‍රශ්නය: මුස්ලිම්වරුන්ගෙන් බොහෝ දෙනෙක් මූලධර්ම වාදීහු හා ත්‍රස්තවාදීහු වන්නේ ඇයි?
පිළතුරු: ලෞකික කරුණු පිළිබඳ ව තර්ක කිරීමේදී සහ දහම පිළිබඳ ව තර්ක කිරීමේදී සෘජු ව හෝ වක්‍ර ව මුස්ලිම්වරුන් මූලධර්මවාදීන් යනුවෙන් සහ දැඩි මතධාරීන් යනුවෙන් හඳුන්වනු ලබති. ඉස්ලාමයේ සතුරන් ලෝකයේ ඇති සියලුම මාධ්‍යයන් හරහා මුස්ලිම්වරුන් මූලධර්මවාදීන් වශයෙන් සහ දැඩි  මතධාරීන් වශයෙන් වැරදි ලෙස හඳුන්වා දීමේ කාර්යයෙහි දැඩි ව එල්බගෙන සිටිති. මෙම වැරදි ප්‍රවෘත්තිය මෙන්ම අසත්‍ය ප්‍රචාරය නිසා මුස්ලිම්වරුන් පහර කෑමට ලක්වීමට සහ වැරදි ලෙස විවේචනය කරනු ලැබීමට බොහෝ අවස්ථාවන්හි හේතු සාධක බවට පත් ව ඇත. නිදසුනක් වශයෙන් ඇමරිකාවේ ඔක්ලහෝමා නගරයේ සිදු වු බෝම්බ පිපිරීමේ පසුබිමෙහි මැද පෙරදිග රටවල් වල ක්‍රියාකාරිත්වයන් තිබෙන බව ඇමරිකාවේ සියලුම මාධ්‍යයන් විසින් තරඟයට මෙන් මුස්ලිම්වරුන්ට විරුද්ධ ව ප්‍රචාරය කරන ලදී. එහෙත් එම බෝම්බ පිපිරීමටට මුල් වු චූදිතයා ඔවුන්ගේ ඇමරිකානු හමුදාවට අයත් මුස්ලිම් නොවන සුදු ජාතික කෙනෙකු බව පසු ව සොයා ගනු ලැබීය. එවිට එය ගෙවත්තේ ත්‍රස්තවාදය (Home Grown Terrorism) යනුවෙන් ඇමරිකානුවන් අකැමැත්තෙන් හෝ පිළිගත්හ.
මුස්ලිම්වරුන්ට එරෙහි ව නගනු ලබන මූලධර්මවාදය පිළිබඳ ව හා දැඩි අන්තවාදය පිළිබඳ ව කරුණු විමසා බලමු.
•    මූලධර්මාවාදය පිළිබඳ ව වු පැහැදිලි කිරීම
තමා නියැළි සිටින මතය දැඩි අධිෂ්ඨානයකින් යුක්ත ව එම ප්‍රතිපත්තිය තම ජිවිතයේ ඉතාමත් නිවැරදි ලෙස ක්‍රියාවට නංවන තැනැත්තා මූලධර්මවාදියා යනුවෙන් හඳුන් වනු ලැබේ. නිදසුනක් වශයෙන් වෛද්‍යවරයෙක් හොඳ වෛද්‍යවරයෙකු යැයි ප්‍රචලිත වීමට නම් ඔහු නියැළී සිටින වෛද්‍ය ප්‍රතිපත්තීන් වල මූලධර්මයන් දැන ගෙන එම වෛද්‍ය ප්‍රතිපත්තිය අනුගමනය කර එය ක්‍රියාවට නැංවුවහොත් ඔහු ඉතා හොඳ වෛද්‍යයරයෙකු යැයි හඳුන් වනු ලබයි. මෙය වෙනත් වචනයෙන් කියතොත් වෛද්‍ය ක්‍ෂේත්‍රයේ ඔහු එක් මූලධර්මවාදියෙකි. ගණිත අංශයෙහි  නියැළෙන කෙනෙකු හොඳ ගණිත විශේෂඥයෙකු යැයි ප්‍රචලිත වීමට නම් ඔහු නියැළී සිටින ගණිත මූලධර්ම අනුගමනය කර එය ක්‍රියාවට නංවන්නේ නම් ඔහු ඉතා හොඳ ගණිත වූලධර්මවාදියෙකි. අධ්‍යාපනික අංශයේ  කෙනෙකු හොඳ අධ්‍යාපනඥයෙකු යැයි ප්‍රසිද්ධ වීමට නම් ඔහු නියැළී සිටින අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුගමනය කොට එය ක්‍රියාවට නංවන්නේ නම් ඔහු හොඳ අධ්‍යාපඥයෙකු යැයි හඳුන්වනු ලබයි. මෙය වෙනත් වචනයෙන් කියන්නේ නම් අධ්‍යාපන අංශයෙන් ඔහු එක් මූලධර්මවාදියෙකි.
•    සියලු මූලධර්මවාදීන් එක හා සමාන අය නොවෙති.
සියලුම මූලධර්මවාදීන්ටම එකම වර්ණය ආලේප නොකළ යුතුය. සියලුම මූලධර්මවාදීන් යහපත් අය වශයෙන් හෝ නැතහොත් අයහපත් අය වශයෙන් හෝ වර්ගීකරණය කළ නොහැකිය. ඔවුන් නියැළී සිටින අංශය නැතහොත් ඔවුන් විසින් කරනු ලබන ක්‍රියා යනාදිය මගින් ඔවුන් යහපත් මූලධර්මවාදීන්ද නැතහොත් අයහපත් මූල ධර්මවාදීන් දැයි වර්ගීකරණය කළ යුතුය. කොල්ලකෑම මූලධර්මයක් කර ගත් කෙනෙක් සමාජයට හානි සිදු කරන නිසා ඔහු අයහපත් මූලධර්මවාදියෙක් යැයි සැලකේ. ඒ අතරම වෛද්‍ය ශාස්ත්‍ර මූලධර්මයට එකඟ ව කටයුතු කරන වෛද්‍යවරයෙක් සමාජයට ප්‍රයෝජනවත් වු කෙනෙක් වන බැවින් ඔහු හොඳ මූලධර්මවාදි වෛද්‍යවරයෙකු වශයෙන් සමාජයේ ගෞරවයට ලක් වෙයි.
•    මම මුස්ලිම් මුලධර්වාදියෙක් යැයි කියා ගැනීම පිළිබඳ ව ඉහළ මානසික තෘප්තියක් ලබමි.
අල්ලාහ්ගේ ඉමහත් ආශීර්වාදයෙන් මම ඉස්ලාමීය මූලධර්මවාදියෙක් වෙමි. ඉස්ලාමයේ මූලික නීති රීති දැන ගෙන එසේ දැන ගත් නීති රීති අනුගමනය  කර එම නීති රීති මාගේ ජිවිතයේදී ක්‍රියාවට නංවමි. සැබෑ මුස්ලිම්වරයෙකු තමා මූලධර්මවාදියෙකු වශයෙන් සිටීම පිළිබඳ ව කිසි විටෙකත් ලැජ්ජාවට පත් නොවෙයි. මම ඉස්ලාමීය මූල ධර්මවාදියෙකි යැයි ප්‍රකාශ කිරීමෙන් ඉහළ මානසික තෘප්තියක් ලබමි. මන්දයත් ඉස්ලාමයේ මූලික ප්‍රතිපත්තීන් සියල්ලක්ම ලෝකය පුරාම වෙසෙන මිනිස් වර්ගයාට ප්‍රයෝජනවත් වූ ඒවාය. ඉස්ලාමයේ මූලික ප්‍රතිපත්ති කිසිවක් මිනිස් වර්ගයාට හානිදායක හෝ මිනිස් වර්ගයාට එරෙහි ඒවා හෝ නොවේ. එහෙත් බොහෝ දෙනෙක් ඉස්ලාමය පිළිබඳ ව වැරදි ආකල්පයක් ඇති කර ගෙන සිටිති. ඉස්ලාමය පිළිබඳ ව ඔවුන් වැරදි ආකල්ප දැරීමට හේතුව නම් ඔවුන් එය වැරදි ලෙස අවබෝධ කර ගෙන සිටීමයි. යමෙකු ඉස්ලාමය කියාපාන කරුණු විවෘත මනසකින් හා ඉතා කල්පනාකාරී ව විශ්ලේෂණය කරන්නේ නම් ඉස්ලාමය තනි පුද්ගලයෙකුට හා මුළු මහත් මිනිස් සමාජයටම මුළුමනින්ම ප්‍රයෝජනයවත් වුවකි යන සත්‍යතාව වටහා ගැනීමට දිගු කලක් ගත නොවනු ඇත.
•    මූලධර්මවාදයට ඉංග්‍රීසි ශබ්දකෝෂ දෙන අර්ථකථනය
මූලධර්මවාදයට වෙබ්ස්ටර් ශබ්ද කෝෂය ගෙන දෙන අර්ථය නම් රෙපරමාදුවාද ප්‍රතිපත්තිය (American Protestantism) පදනම් කොට ගෙන විසිවන සිය වසරේ ආරම්භයේදි ඇමරිකාවේ බිහි වූ සංවිධානයක් යන්නයි. නවීන සමාජ ක්‍රමයට එරෙහි ව හා බයිබලයේ ප්‍රතිපත්තීන් වන විශ්වාසය හා විනය පිළිබඳ පමණක් නොව ඓතිහාසික සටහන් පොතක් බවද එහි සත්‍යතාවන් බයිබලයේ සඳහන් වි ඇති පරිදිම ස්ථාපිත කරන ලෙස ඉල්ලා සිටිමින් බිහි වු සංවිධානයකි. බයිබලය දෙවියන් විසින් ලිඛිත ව අනාවරණය කරනු ලැබු නියෝගයන් බවද බයිබලයේ කිසිදු වැරදි මතයක් හෝ වදනක් නොමැත යන ප්‍රතිපත්තියට ප්‍රමුඛත්වය දී ක්‍රියාත්මක වෙමින් පවතින සංවිධානයකි. එබැවින්  ආරම්භක කාල වලදී මූලධර්මවාදය යනු ඉහත සඳහන් ප්‍රතිපත්ති පදනම් කොට ගෙන ක්‍රියාත්මක වෙමින් පැවති ක්‍රිස්තියානු සංවිධානය යනුවෙන් අර්ථ දක්වන ලදී.
මූලධර්මවාදයට ඔක්ස්ෆර්ඩ් ශබ්ද කෝෂය ගෙන දෙන අර්ථකථනය වනුයේ ආගම් වල පෞරාණික නැතහොත් මූලික ප්‍රතිපත්තීන් වෙනස් නොකර ක්‍රියාත්මක කිරීම විශේෂයෙන් ඉස්ලාමීය ආගමික ප්‍රතිපත්තීන් යන්නය.
අද යම් කෙනෙකු මූලධර්මවාදය යන වචනය භාවිත කළ විගසම ඔහුගේ සිතෙහි මුස්ලිම්වරයා ත්‍රස්වාදියෙකු ලෙස මැවි පෙනේ.
•    සෑම මුස්ලිම්වරයෙකුම ත්‍රස්තවාදියෙකු විය යුතුමය.
සෑම මුස්ලිම්වරයෙකුම බිය ඇති කිරීමට මුල් වූ තැනැත්තා  ත්‍රස්තවාදියෙකි. ආරක්‍ෂක අංශයට අයත් අය දුටු වහාම මංකොල්ලකරුවෝ බියට පත් වෙති. එ නිසා මංකොල්ල කරුවන්ට ආරක්‍ෂක අංශ වල අය ත්‍රස්තවාදිහු වෙති. එසේම සොරකම, මංකොල්ලකෑම මෙන්ම ස්ත්‍රී දූෂණ වැනි සමාජයට එරෙහි ව අපරාධයන් කරන සෑම අපරාධකරුවෙකුම මුස්ලිම්වරයෙකු දකින විට බියට පත් විය යුතුය. සාමාන්‍ය ජනතාව බිය ගන් වන පුද්ගලයෙක් ත්‍රස්තවාදියෙකු ලෙස හඳුන්වනු ලබයි. එහෙත් සැබෑ මුස්ලිම්වරයෙක් පොදු ජනතාවට නොව සියලු සමාජ විරෝධි අපරාධකරුවන්ට පමණක් ත්‍රස්තවාදියෙකු ලෙස පෙනී සිටිය යුතුය. ඇත්ත වශයෙන්ම මුස්ලිම්වරයෙක් සමාජයේ අසරණ ජනතාවට සාමය උපදවන කෙනෙක් විය යුතුය.
සමාජයේ සිටින සියලුම මිනිසුන් අතර අපරාධ සිදු කරන්නාට ත්‍රස්තවාදියා යන වචනය භාවිත කරනු ලැබීම සත්‍යයකි. එහෙත් සැබෑ මුස්ලිම්වරයෙක් සමාජයේ ඇතැම් අයට පමණක් එනම් සමාජ විරෝධි අපරාධකරුවන්ට පමණක් ත්‍රස්තවාදියෙකු ලෙස පෙනිය යුතු නුත් සමාජයේ අහිංසක ජනතාවට නොවේ. එපමණක් නොව මුස්ලිම් වරයෙකු අහිංසක පොදු ජනතාව අතර සාමය ස්ථාපිත කරන කෙනෙකු විය යුතුය.
•    මිනිසුන් විසින් කරනු ලබන එකම ආකාරයේ ක්‍රියාවලට ත්‍රස්තවාදින් යනුවෙන් සහ සටන්කාමීන් යනුවෙන් දෙයාකාරයක මුද්‍රාවන්.
ඉංග්‍රීසි ජාතිකයින් විසින් පාලනය කරනු ලබමින් තිබු ඉන්දියාව නිදහස ලැබීමට පෙර මාතෘ භූමියේ නිදහස උදෙසා සටන් වැදුනු ඉන්දියානුවන්ට ත්‍රස්තවාදීන් යැයි බ්‍රිතාන්‍ය රජය හංවඩු ගැසීය. එහෙත් ඉන්දියානුවන් විසින් තම සටන්කාමීන්ට නිදහස් සටනේ වීරයන් යනුවෙන් හඳුන්වනු ලැබුහ. මෙසේ එකම ආකාරයේ මිනිස්සු ඔවුන් විසින් කරනු ලැබු එකම ආකාරයෙන් වු ක්‍රියාවකට දෙයාකාරයට මුද්‍රා තැබුහ. ඔවුන් ත්‍රස්තවාදීන් වශයෙන් එක් පාර්ශවයකිනුත් ඔවුන් නිදහස් විරුවන් වශයෙන් අනෙක් පාර්ශවයෙනුත් හඳුන්වනු ලැබුහ. ඉන්දියාව පාලනය කිරීමේ අයිතිය බ්‍රිතාන්‍යයට තිබේ යන මතය දැරූ අය ඔවුන් ත්‍රස්තවාදීන් යැයි හැඳින්වුහ. ඉන්දියාව පාලනය කිරීමේ අයිතිය බ්‍රිතාන්‍යයන්ට නැත්තේය යන මතය දැරූ අය ඔවුන් නිදහස් විරුවන් වශයෙන් හැඳින් වුහ.
එබැවින් කෙනෙකු පිළිබඳ ව නිගමනයට පැමිණීමට පෙර ඔහුගේ අදහස දැන ගැනීම අත්‍යවශ්‍ය වේ. දෙපාර්ශවය පිළිබඳ ව නිසියාකාර ව විමසා බලා, විමසීමේ ප්‍රතිඵල විග්‍රහ කරනු ලැබ ඒ සඳහා වු හේතු සාධක මෙන්ම එම ක්‍රියාවන් වල අරමුණු සියල්ල දැන ගැනීමෙන් පසු ව එකී මිනිසුන් පිළිබඳ ව එක් ස්ථීර නිගමනයකට පැමිණිය යුතුය.
•    ඉස්ලාම් යනු සාමය වේ
ඉස්ලාම් නමැති වචනය උපුටා ගනු ලැබුවේ සලාම් හෙවත් සාමය යන පදයෙන් වේ. එනිසා ඉස්ලාම් යනු සාමයේ දහමක් වන අතර මුළු ලොව පුරා සාමය  පැතිරීම එහි මූලික ප්‍රතිපත්තිය වේ.
එබැවින් ඉස්ලාමයේ මූලික ප්‍රතිපත්තිය වන සාමය අනුගමනය කිරීමේදී සෑම මුස්ලිම්වරයෙකුම මූලධර්ම වාදියෙකු වේ. සමාජයේ සාමය හා සාධාරණත්වය ස්ථාපිත කිරීම උදෙසා සෑම මුස්ලිම්වරයෙකුම සමාජයේ සිදු වන අසාධාරණයන්ට එරෙහි වු ත්‍රස්තවාදියෙකු විය යුතුය.
6. ආහාරය පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදි ද?
ප්‍රශ්නය: සත්ව ඝාතනය අකාරුණික ක්‍රියාවකි. එහෙත් මුස්ලිම්වරු සත්වයින් අකාරුණික ලෙස ඝාතනය කොට එම මාංශ ආහාර පිණිස ගනිති. ඒ කෙසේද?
පිළිතුරු:
නිර්මාංශ ආහාර ගැනීම අද ලෝකය පුරාම ව්‍යාප්ත වෙමින් පවතින සංවිධානයකි. මෙම සංවිධාන වලින් බොහෝමයක් සත්වයින්ටද අයිතිවාසිකම් ඇත්තේය යන ප්‍රතිපත්තිය දරන්නන්ය. බොහෝ දෙනෙක් මස් හා අනෙකුත් මාංශමය ආහාර අනුභව කිරිම යනු සත්වයින්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීමක් වන්නේ ය යන මතය දරන්නෝ වෙති.
    ලෝකයේ මවනු ලැබ ඇති සියලුම ජීවින් කෙරෙහි කරුණා ව දැක්විය යුතු යැයි ඉස්ලාම් දහම නියෝග කරයි. එමෙන්ම අල්ලාහ් මෙම පොළොව මවා එහි මිනිසාගේ ප්‍රයෝජනය උදෙසා වු සිව්පාවුන් ද වෘක්ෂලතාවන් ද මවා තිබෙන බව පෙන්වා දෙයි. අල්ලාහ් විසින් මවන ලද දෑ සියල්ල අප වෙත භාර දෙන ලද වස්තුන් ලෙස හා දායාදයන් ලෙස නීත්‍යනුකූල ව හා සාධාරණ ව උපයෝගි කර ගැනීමේ කාර්යය මිනිසා සතු ව ම ඇත.
මෙම තර්කය පිළිබඳව අනෙකුත් විස්තර විමසා බලමු.
1. මුස්ලිම්වරයෙක් එළවළු පමණක් ආහාරයට ගන්නා කෙනෙක් විය හැක.
නිර්මාංශ ආහාර අඛණ්ඩ ව ආහාරයට ගන්නා මුස්ලිම් වරයෙකු යහපත් මුස්ලිම්වරයෙකු විය හැකිය. ඔහු අනිවාර්ය යෙන්ම මාංශමය ආහාර ගත යුතු යැයි බල කිරීමක් ඉස්ලාමයේ නොමැති.
2.  මුස්ලිම්වරුන්ට මාංශමය ආහාර ගැනීමටද අල් කුර්ආන් අනුමැතිය දී ඇත.
    කෙසේ වෙතත් මාංශමය ආහාර ගැනීමට මුස්ලිම්වරුන්ට කුර්ආනය පහත සඳහන් අයුරින් අනුමැතිය දෙයි.
“විශ්වාස කළ අයවලුනි! ගිවිසුම් ඉටු කරන්න. නුඹලාට කියවා පෙන්වනු ලැබූ දෑ හැර සෙසු ගොවිපළ සතුන් නුඹලාට (ආහාරය සඳහා) අනුමත කරන ලදී. (එළු. බැටළු, ගව, ඔටු ආදි සතුන්)” අල් කුර්ආන් සූරා මායිදා 5:1
තවද “ගොවිපළ සතුන් මැව්වේ ඔබ වෙනුවෙන්මය. එහි සීතල වළක්වා ගත හැකි දෑ ද ප්‍රයෝජනයන් ද ඇත. තවද නුඹලා එයින් අනුභව කරන්නෙහුය.” අල් කුර්ආන් සූරා අන් නහ්ල් 16:5
තවද, “සැබැවින්ම නුඹලාට ගොවිපළ සතුන් තුළ ආදර්ශයක් ඇත. උන්ගේ උදරයන්හි ඇති දැයින් අපි නුඹලාට (කිරි) පානය සපයන්නෙමු. තවද ඒවායෙහි නුඹලාට බොහෝ ප්‍රයෝජන ඇත. එයින් නුඹලා අනුභව කරන්නෙහුය.” සූරා අල් මුඃමිනූන් 23:21
යනුවෙන් සත්වයින්ගේ ප්‍රයෝජන පිළිබඳ ව මිනිසුන්ට ගෙන හැර දක්වයි.
3.  මාංශමය ආහාර පෝෂදායක හා සම්පූර්ණ ප්‍රෝටීන් සහිතය.
ශරීරයට අවශ්‍ය සම්පූර්ණ ප්‍රෝටීන් ලබා ගැනීම සඳහා මාංශය කදිම ආහාරයකි. අප ශරීරයේ නිෂ්පාදනය නොකරන එහෙත් ශරීරයට අවශ්‍ය වන අමයිනෝ අම්ල වර්ග අටක් අඩංගු ආහාරය මාංශමය ආහාර මගින් අපට සපයනු ලැබේ. මෙයට අමතර ව මාංශ වල යකඩ, විටමින් බී1 සහ නියැසින් වැනි ජීව පදාර්ථයන් ද අඩංගු වී තිබේ.
4.  මිනිසා මාංශ ආහාර අනුභව කිරීම සඳහා රදනක දත් මෙන්ම ශාකමය ආහාර අනුභව කිරීම සඳහා චාර්වක දත් හා පුරස්චාර්වක දත් හිමිය.
    ඔබ ශාක භක්‍ෂක සතුන් වන එළුවන්, ගවයින් වැනි සතුන් පිළිබඳ ව සැලකිලිමත් ව බැලුවහොත් උන් ශාකමය ආහාර ගැනීම සඳහා පහසු වන ආකාරයෙන් චාර්වක හා පුරස්චාර්වක දත් පමණක් හිමි කරගෙන සිටින බව දැනගත හැකිය. එසේම මාංශ භක්ෂක සතුන් වන සිංහ, කොටි, දිවියා වැනි සතුන් ගැන පරීක්‍ෂා කර බැලුවහොත් උන් මාංශමය ආහාර අනුභව කිරීම සඳහා සුදුසු රදනක දත් පමණක් හිමි කර ගෙන සිටින බව දැන ගත හැකිය. දත් වල පිහිටීම ගැන විපරම්  කර බැලුවහොත් මාංශමය ආහාරය සඳහා උචිත ආකාරයට මුවහත් දත් පමණක් පිහිටා තිබීම දැක ගත හැකිය. එසේම මිනිසුන්ගේ දත් වල පිහිටීම විමසා බැලුවහොත් රදනක දත් සමඟම ශාකමය ආහාර වර්ග ගැනීම සඳහා උචිත ආකාරයට චාර්වක හා පුරස් චාර්වක දත් දැක ගත හැකිය. මිනිසා ශාකමය ආහාර පමණක් ආහාර අනුභව කිරීම සඳහා මවනු ලැබුවේ නම් මාංශමය ආහාරයට උචිත ආකාරයට රදනක දත් ඇත්තවුන් ලෙස  මිනිසා මවනු ලැබුවේ ඇයි? මාංශමය ආහාර මෙන්ම ශාකමය ආහාර ගත යුතු යැයි යන අදහසින් දෙවියන් මිනිසුන් හට රදනක දත් මෙන්ම චාර්වක හා පුරස්චාර්වක දත් මිශ්‍රය මවා ඇති බව සිතීම සාධාරණයකි.
5.  මිනිසාගේ ආහාර ජීර්ණ ක්‍රියාදාම මාංශමය ආහාර මෙන්ම ශාකමය ආහාර වර්ගද ජීර්ණය කිරීම සඳහා උචිත ආකාරයට පිහිටා ඇත.
    ශාක භක්ෂක සතුන්ගේ ආහාර ජීර්ණය වීමේ පිළිවෙත ශාකමය ආහාර පමණක් ජීර්ණය කිරීම සඳහා උචිත ආකාරයට පිහිටා ඇත. එසේම මාංශ භක්ෂක සතුන්ගේ ආහාර ජීර්ණ පද්ධතිය මාංශමය ආහාර පමණක් ජීර්ණය කිරිම සඳහා උචිත ආකාරයට පිහිටා ඇත. එහෙත් මිනිසාගේ ආහාර ජීර්ණ පද්ධතිය පමණක් මාංශමය ආහාර වර්ග මෙන්ම ශාකමය ආහාර වර්ග ද ජිර්ණය කිරීම සඳහා උචිත ආකාරයට පිහිටා තිබේ. මිනිසුන් ශාකමය ආහාර වර්ග පමණක් ආහාරයට ගත යුතු යැයි දෙවියන් අදහස් කළේ නම් මනුෂ්‍යයින්ගේ ආහාර ජීර්ණ පද්ධතිය මාංශමය ආහාර වර්ග මෙන්ම ශාකමය ආහාර වර්ග ද ජිර්ණය වීමට උචිත අයුරින් දෙවියන් වහන්සේ මැවීමට හේතුව කුමක් ද?
6.  හින්දු ආගමේ මාංශමය ආහාර අනුභව කිරීමට අනුමැතිය ලබා දී ඇත.
•    හින්දු භක්තිකයින්ගෙන් වැඩි පිරිසක් මාංශමය ආහාර අනුභව කරන්නෝ නොවෙති. මාංශමය ආහාර අනුභව කිරීම ඔවුන්ගේ ආගමික ප්‍රතිපත්තීන් වලට සම්පූර්ණයෙන්ම පටහැණි වු එකක්  ලෙස ඔවුන් විශ්වාස කරති. එහෙත් සත්‍ය කරුණ නම් හින්දුවරුන් මාංශමය ආහාර අනුභව කිරීමට ඔවුන්ගේ ආගම් අනුමැතිය ලබා දී ඇත යන්නය. හින්දු ජූජකවරුන් හා ඉසිවරුන් මාංශමය ආහාර අනුභව කළ බව හින්දුවරුන්ගේ ආගම් කියාපායි.
•    හින්දුවරුන්ගේ නීති ග්‍රන්ථ වන “මනු ශාස්ත්‍ර” යේ පස් වන පරිච්ඡේදයේ තිස් වන වැකිය පහත දැක්වෙන ආකාරයට සඳහන් කරයි.
“අනුභව කළ හැකි මාංශය ආහාර ලෙස අනුභව කරන්නා මාංශමය ආහාර අනුභව කරන්නේ නම් ඔහු ගන්නා මාංශමය ආහාර ඔහුට කිසිදු හානියක් ගෙන නොදෙයි.  සෑම දිනකම මාංශමය ආහාර අනුභව කළද, ඔහු කිසිදු වරදක් නොකරයි. මන්දයත් ඇතැම් මැවීම් ආහාර ගැනීම සඳහාද තවත් මැවීම් අනුභව කරනු ලැබීම සඳහාද නිර්මාණය කරනු ලැබුවේ දෙවියන්මය.”
    මනු ශාස්ත්‍රයේ පස් වන පරිච්ඡේදය තිස් එක් වන වැකිය පහත ආකාරයට සදහන් කරයි.
    “මාංශමය ආහාර අනුභව කිරීම නිවැරදි කැප කිරීමකි. මෙය පාරම්පරික ව දැනගන්නට ලැබෙන්නා වූ දේව ආඥාවකි.”
    තවද මනු ශාස්ත්‍ර පස් වන පරිච්ඡේදයේ තිස් නව වැකිය හා හතළිස් වන වැකිය පහත සඳහන් ආකාරයට පවසයි.
    “බිලි දීම සඳහා දෙවියන් ඇතැම් සත්වයින් මවා ඇත. එම නිසා බිලි දීම සඳහා සත්වයින් කැපීම යනු සත්වයින් ඝාතනය කිරීමක් නොවේ.”
    මේ අයුරින් හින්දු ආගමික ග්‍රන්ථ මෙන්ම ආගමික දර්ශනයන්හි හින්දුවරුන්ට මාංශමය ආහාර ගැනීමටද ආහාර පිණිස සත්වයින් ඝාතන කිරිමටද අනුමැතිය ලබා දී ඇත.
7.  හින්දුවාදය ද අනෙකුත් ආගමික සිරිත් විරිත් නිසා බලපෑමට ලක් වි ඇත.
    හින්දු ආගමික ග්‍රන්ථ හින්දුවරුන්ට මාංශමය ආහාර අනුභව කිරීමට අනුමැතිය දී තිබුණද හින්දුවරුන්ගෙන් බහුතරයක් මාංශමය ආහාර  අනභව නොකර නිර්මාංශ ආහාර පමණක් අනුභව කරන්නන් වශයෙන් සිටිති. මෙයට හේතුව මාංශමය ආහාර අනුභව නොකරන්නාවු “ජෛන ආගමික” ප්‍රතිපත්තීන් වල බලපෑම හින්දු දහමට එල්ල වී තිබීමය.
8.  ශාකවලට ද ප්‍රණයක් තිබේ!
    ඇතැම් ආගම් වලට අයත් උදවිය මාංශමය ආහාර අනුභව නොකිරීමට හේතුව නම් ඔවුන්ගේ ආගම් සතුන් ඝාතනය කිරීමට එරෙහි ව දේශනා කිරිමය. එක් ප්‍රාණියකු  හෝ නොමරා මිනිසෙකුට ජීවත් විය හැකි වන්නේ නම් ඉහත ප්‍රතිපත්තිය අනුගමනය කරන මිනිසුන්ගෙන් ඉදිරියෙන්ම සිටින්නේ මුස්ලිම්වරුන් අපි වෙමු. පෙර කාල වලදී ශාක වලට ප්‍රාණය නොමැත යැයි මිනිසුන් විශ්වාස කරමින් සිටියහ. එහෙත් වත්මන් අධ්‍යාපනික යුගයේ තුරුලතා වලටද  ප්‍රාණය තිබෙන බව ලොව පුරාම දන්නා කරුණකි. එ නිසා නිර්මාංශ ආහාර අනුභව කරන්නන් පවා ප්‍රාණ ඝාතනයෙන් වැළකී සිටීමට අපොහොසත් වෙති යන වග තේරුම් ගත යුතුය.
9.  ශාක වලටද  වේදනාව දැනේ.
    තුරුලතාවන්ට වේදනාවන් සවේතනය කර ගත නොහැකිය. එම නිසා තුරුලතාවන් මරා දැමීම ප්‍රාණය ඇති සතුන් ඝාතනය කිරීමට වඩා අඩු පාප කර්මයක් වන්නේ යැයි ඇතැම් නිර්මාංශ ආහාර අනුභව  කරන්නන් තර්ක කරති.  නූතන විද්‍යාව තුරුලතාවන්ටද වේදනාවක් දැනෙන්නේය යන යථාර්ථය අපහට කියාපායි. 20 Hertz ට වඩා අඩු ශබ්දයක් ද 20,000 Hertz ට වැඩි ශබ්දයද  මිනිසා විසින් ශ්‍රමණය කළ නොහැකි බැවින් තුරුලතාවන් වේදනාවෙන් විලාප නැඟීම අපට දැන ගත නොහැකිය. සුනඛයන්ට 40,000 Hertz දක්වා ශ්‍රවණය කළ හැක. එබැවින් සුනඛයන් සඳහා 20,000 Hertzට වැඩි 40,000 Hertzට අඩුවෙන් හඬ නිකුත් කරන නිශ්ශබ්ද නළා (Silent Dog Whistle) දැන් සොයා ගෙන ඇත. මෙම උපකරණ මගින් සුනඛයන් තම හිමිකරුගේ නළා හඬ හඳුනා ගෙන ඔහු වෙතට පැමිණෙයි.
ඇමරිකාවේ  ගොවියෙකු විසින්  පර්යේෂණයක් කර තුරුලතාවන් විලාප නැගීම මිනිසුන්ට ශ්‍රවණය කළ හැකි උපකරණයක් සොයා ගෙන ඇත. මෙම උපකරණය මගින් තුරුලතාවන් ජලය සොයා නගන විලාපය මිනිසුන්ට ශ්‍රවණය කළ හැකිය. පසු ව පැමිණි වෙනත් පර්යේෂකයින් තුරුලතාවන්ටද සතුට, වේදනාව වැනි හැඟීම් හෙළි කිරීමේ හැකියාවන් සතු ව ඇති බව සොයා ගෙන ඇත. මෙසේ තුරුලතාවන්ටද වේදනාවන් දැනෙන සුළුය. සතුට, වේදනාව වැනි හැඟීම් හෙළිකිරීමේ හැකියාව සතු යැයි විද්‍යාත්මක සත්‍යතාවන් අපහට කියාපායි.
10.  ඉන්ද්‍රියන් දෙකක් අඩුවෙන් යුත් ජීවින් ඝාතනය කිරීම යනු සුළු පාප කර්මයක් නොවේ.
    එක් අවස්ථාවකදී නිර්මාංශ ආහාර ගන්නා පුද්ගලයෙක් මා සමඟ තර්ක කිරීමේදී පැවසුවේ සතුන් ඉන්ද්‍රයන් පහක් සතු ව ඇති ජීවීන්ය. එහෙත් තුරුලතාවන් ඉන්ද්‍රියන් දෙකක් හෝ තුනක් පමණක් ඇති ඒවාය. ඒ නිසා ඉන්ද්‍රියන් පහක් සතු ව ඇති සතුන් ඝාතනය කිරිමට වඩා ඉන්ද්‍රියන් දෙකක් හෝ තුනක් හිමි තුරුලතාවන් ඝාතනය කිරීම නිසා අකුසල් අඩුවෙන් හිමි වෙනවා නොවේ දැයි ප්‍රශ්නයක් ඔහු මතු කළේය. නිදසුනක් වශයෙන් ඔබේ සහෝදරයා උපතින්ම බිහිරි ගොළුවෙකු යැයි සිතන්න. ඔහු අනෙකුත් මිනිසුන් හා සැසඳීමේදි ඔහු හැකියාවන් දෙකක් අඩුවෙන් ඇත්තෙක් වෙයි. හැදී වැඩී ඇති ඔබේ බිහිරි ගොළු සහෝදරයා කෙනෙකු ඝාතනය කළා යැයි සිතන්න. ඒ නිසා ඝාතකයාට දඬුවම් අඩුවෙන් දුනහොත් ප්‍රමාණවත් වේ යැයි ඔබ විනිසුරුවරයා සමග තර්ක කරයි ද? ඔබ එසේ නොකරයි. එපමණක් නොව ඔබ මොනවා කියයි ද? කන් නොඇසෙන, කතා කළ නොහැකි අසරණයකු මරා දැමු කෙනෙකුට අධිකරණය උපරිම දඬුවම් දිය යුතු යැයි තර්ක කරාවි යැයි පැවසු විට ඔහු නිරුත්තර විය.
    ශුද්ධ වු අල් කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 168 වන වැකිය පහත ආකාරයට සඳහන් කරයි.
يَا أَيُّهَا النَّاسُ كُلُوا مِمَّا فِي الْأَرْضِ حَلَالًا طَيِّبًا وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُّبِينٌ ﴿١٦٨﴾
“මිනිසුනි, පොළොවෙහි තිබෙන දේවලින් අනුමත කරන ලද පවිත්‍ර දෑ අනුභව කරන්න. ෂෙයිතාන්ගේ පා සටහන් අනුගමනය නොකරන්න. ඔහු ඔබට ප්‍රකට සතුරෙකි.”
11. ගොවිපොළ සතුන්ගේ සංඛ්‍යාව අධික වීම.
ලොවේ සෑම කෙනෙක්ම නිර්මාංශ ආහාර අනුභව කරන්නෙකු වුයේ නම්, ලොවේ ගොවිපොළ සතුන්ගේ සංඛ්‍යාව සීමාව ඉක්මවා අධික ලෙස වර්ධනය වන බව නිසැකය. ඔවුන්ගේ අභිජනනය ශීඝ්‍රයෙන් සිදු වන හෙයින් ඔවුන්ගේ අධි සංඛ්‍යාව පාලනය කළ නොහැකි වේ. සියලු දේ පිළිබඳ සර්වඥ වන අල්ලාහ් ඔහුගේ මැවීම් අතර සම තුලනය කරනු පිණිස ගොවිපොළ සතුන්ගේ මස් ආහාර අනුභව කිරීමට මෙලෙස අනුමැතිය දී ඇත.
7. සත්ව ඝාතනය අකාරුණික බව පෙනේ.
ප්‍රශ්නය: මුස්ලිම්වරුන් සත්වයින්ට කරුණා විරහිත ව වධ හිංසා කර වේදනාවන් ගෙන දෙන ලෙසින් ඝාතනය කරති. මෙය හොඳ ක්‍රියාවක්ද?
පිළිතුරු:    මුස්ලිම්වරුන් සත්වයින් ඝාතනය කරන ආකාරය පිළිබඳ ව බහුතරයකගෙන් විවේචන එල්ලවෙමින් පවති. මෙම ප්‍රශ්නයට පිළිතුරු දීමට පෙර ඉහත මාතෘකාව පිළිබඳ ව ෂීක්වරයෙකු හා මුස්ලිම්වරයෙකු අතර පැවති සංවාදය ඔබට පවසන්නම්.
    ෂීක්වරයෙක් මුස්ලිම්වරයෙකුගෙන් මෙසේ විමසීය. “අපි එළුවන් ගවයින් වැනි සතුන් ඝාතනය කිරීමේදී ඔවුන්ගේ පසුපස හිසට පහරක් ගසා මරා දමන්නෙමු. එසේ නොකර ඔබ ඔවුන්ගේ ගෙල සිඳ වධ හිංසා කරන්නේ ඇයි?”
මෙය ඇසු මුස්ලිම්වරයා සත්වයින්ගේ හිස පසුපසට පහර දී ඝාතනය කිරිමට ඔබ මෙන් අපි බියගුල්ලෝ නොවෙමු. අපි ධෛර්යවන්තයෝ වෙමු. ඉදිරිපසින් ඔවුන්ගේ ගෙල කපා ඝාතනය කරන්නේ එබැවින් යැයි පැවසීය.
    ඉහත සිද්ධිය හාස්‍යජනක එකක් වුවද මනුෂ්‍යත්වය තිබෙන්නේ මුස්ලිම්වරුන් සත්වයින් ඝාතනය කරන ක්‍රමයේය. එමෙන් ම ඥානාන්විතව බැලු කළ මෙය ඉතා හොඳම ක්‍රමයක් වන බව පහත දැක්වෙන විස්තර අපට දැනුම් දෙයි.
    ඉස්ලාමීය ක්‍රමයට අනුව ඝාතනය කිරීම සඳහා පහත දැක්වෙන කොන්දේසි පිළිපැදිය යුතු ව ඇත.
•    මුවහත් ඇති ආයුධයක් අවශ්‍ය වේ: සත්වයින්ගේ ගෙල කැපීම සඳහා භාවිත කරන පිහිය හොඳින් මුවහත් වූ එකක් විය යුතුය. ගෙල කැපීමේදී වේදනාවන් නොදැනෙන ආකාරයට නැතහොත් ඉතා සුළුවෙන් වේදනාව දැනෙන අයුරින් ඉතා වේගයෙන් ගෙල කැපිය යුතුය.
මේ පිළිබඳ ව නබි (සල්ලල්ලාහු අලෛහි වසල්ලම්) තුමාණන්ගේ අනුශාසනාව දෙස බලන්න.
“ඔබ සත්වයින්ගේ ගෙල කපන්නේ නම් නිසියාකාර ව ගෙල කපන්න. ඔබගේ පිහිය ඔබ මුවහත් කර ගන්න. (ඉක්මනින්ම) ගෙල කැපීම මගින් එම සතුන්ට සැනසීම දෙන්න.” ලෙස නබි (සල්) තුමාණන් පැවසුහ. වාර්තා කළේ ෂිදාද් ඉබ්නු අව්ස් (රළි) මූලාශ්‍ර  මුස්ලිම්, අබදාවුද්, ඉබ්නු මාජා.
•    ඉස්ලාමීය නීතියට අනුව සත්වයින්ගේ ගෙල කැපීමේ දී ගෙලෙහි ඇති ශ්වාසනාලය, උගුර හා රුධිරවාහිනිය එකම විටකදී කපා සත්වයින් අප්‍රාණික කළ යුතුය. එසේ කිරීමේදී සත්වයින්ගේ සුෂුම්නාව (spinal cord) කපා වෙන් කළ නොයුතුය.
•    රුධිරය ගලා යා යුතුය: හිස වෙන් කිරීමට පෙර ගෙල කපනු ලැබු සතුන්ගේ දේහයේ ඇති රුධිරය සම්පූර්ණයෙන්ම ගලා යෑමට සැලැස්විය යුතුය. රුධිරය සම්පූර්ණයෙන් ම ගලා යෑමට සැලැස්වීමේ පරමාර්ථය නම් ගෙල කපනු ලැබු සත්වයින්ගේ රුධිරය රුධිර නාල වල රැඳී විෂබිජ ඇති නොවීම සඳහා ය. සත්වයින්ගේ ගෙල කැපීමේදී කොඳු නාරටිය වෙන් නොවිය යුතුය. කොඳු නාරටිය වෙන් කිරීම මගින් හෘදයට සපයන රුධිර නාලයන් හානියට පත් වී හෘදය ක්‍රියා විරහිත වීමේ තත්ත්වයක් උදාවීමට පුළුවන. මෙමගින් රුධිරය හෘදය අභ්‍යන්තරයේ රුධිර නාල වල රැඳෙන්නට පුළුවන.
•    විෂබීජ සහ රෝග කාරක හට ගැනීමට හේතු වන්නේ ශරීරයේ ඇති රුධිරයයි. ඉස්ලාමිය ක්‍රමයට අනුව සතුන්ගේ ගෙල කැපීමේදි (කුර්බාන් කිරීමේදී) සතුන්ගේ ශරීරයේ ඇති රුධිරය සම්පූර්ණයෙන්ම ගලා යෑමට සලස්වන බැවින් රෝග කාරක ඇති නොවේ.
අප මැවු  අල්ලාහ් රුධිරය ආහාරයට ගැනීම තහනම් කර තිබෙන්නේ මේ නිසාය.
“ඉබේ මළ සතුන්, රුධිරය, ශූකර මාංශ, අල්ලාහ් නොවන දෑ සඳහා බිලි දෙනු ලැබූ දෑ, ගෙල මිරිකනු ලැබ මිය ගිය දෑ, පහර දෙනු ලැබ මිය ගිය දෑ, (උස් තැනකින් සිට) වැටී මිය ගිය දෑ, (තමන් අතර ගැටුම් සිදු වී) ඇණ මිය ගිය දෑ, වන සතුන් කා දැමූ දෑ - නුඹලා (ඉන්පසුව) එය විධිමත් ලෙස කැපුවේ නම් හැර.” (වෙනත් සතුන් ඔබට තහනම් කර ඇත.) සූරා මාඉදා 5:3.
•    ඉස්ලාමීය ක්‍රමයට කුර්බාන් කරනු ලබන සතුන්ගේ මාංශ වල රුධිරය බැහැර කරනු ලැබීම නිසා (වෙනත් ක්‍රම වලට අනුව ඝාතනය කරනු ලබන සතුන්ගේ මාංශ වලට) වඩා දිර්ඝ වේලාවක් නරක් නොවී පවති.
•    ඉස්ලාමීය ක්‍රමයට සතුන් කුර්බාන් කරනු ලබන විට දී සතුන්ගේ ගෙලෙහි නහර ඉතා වේගයෙන් ක්‍ෂණිකව කපනු ලැබ වේදනාව මොළය වෙත යොමු කරන ස්නායු පද්ධතිය විසන්ධි කරනු ලබන නිසා කුර්බාන් කරනු ලබන සතුන්ට වේදනාව නොදැනේ. රුධිරය ශරීරයෙන් බැහැර වන නිසා ශරීරයේ ඇති මාංශ කොටස් රුධිරය නොමැතිව හැකිළී යාම සහ ලිහිල් වීම නිසා ඇති වන වෙනස හේතුවෙන් කුර්බාන් කරනු ලැබු සතුන් දඟලන දසුනක් අපට පෙනෙනවාත් මිස වේදනාව නිසා නොවන බව වටහා ගත යුතුය.
8. මුස්ලිම්වරයෙකු කලහකාරි කෙනෙක් බවට පත් කරන මාංශමය ආහාර
ප්‍රශ්නය: මිනිසා කුමක් ආහාරයට ගන්නේද එහි බලපෑම ඔහුගේ ක්‍රියා වල පෙනේවි යන්න විද්‍යාත්මක අදහසයි. එසේ තිබෙන කළ ඉස්ලාමය මාංශමය ආහාර අනුභව කිරීමට අනුමත කරන්නේ කෙසේද? මන්දයත් මාංශමය ආහාර අනුභව කිරීම මගින් එය මිනිසා කලහකාරියෙකු බවට පත් කරයි නොවේද?.
පිළිතුරු:
1.  ඉස්ලාම් දහම ශාක භක්‍ෂක සතුන් වන එළුවන් ගවයින් ඔටුවන් වැනි සතුන් පමණක් ආහාර වශයෙන් ගැනීමට අනුමත කර ඇත.
    මිනිසා කුමක් අනුභව කරන්නේද එහි බලපෑම ඔහුගේ ක්‍රියාකාරකම් වල පෙනේවි යැයි මම පිළිගනිමි. ඉස්ලාම් දහම මාංශ භක්‍ෂක සතුන් වන සිංහයන්, කොටියන්, ව්‍යාඝ්‍රයන් වැනි සත්වයින් මිනිසුන් ආහාර වශයෙන් ගැනීම තහනම් කර තිබෙන්නේ එබැවින්ය. මන්දයත් ඉහත සත්ව වර්ග කුරීරු ගති ලක්‍ෂණ වලින් හෙබි ඒවාය. මෙම සත්ව වර්ගයාගේ මාංශ අනුභව කරන්නන් කුරීරු ගති ලක්‍ෂණ ඇත්ත වුන්  බවට පත් විය හැකිය. ඉස්ලාම් දහම ශාක භක්‍ෂක සතුන් වන එළුවන්, ගවයන්, ඔටුවන් වැනි සත්වයින්ගේ මාංශ පමණක් මිනිසුන් ආහාර වශයෙන් ගැනීමට අනුමැතිය දී තිබෙන්නේ එබැවිනි. මෙකී සතුන් ශාන්තවුත්, කීකරුවුත් සත්වයින්ය. මුස්ලිම්වරුන් වන අපි ශාන්ත වූ සතුන් වන එළුවන්, ගවයන්, ඔටුවන් වැනි සතුන් ආහාර පිණිස ගනිමු. අපි සාමය ප්‍රිය කරන්නන් වන්නේ එබැවිනි.
2. ශුද්ධ වු අල් කුර්ආනය හා නබි (සල්) තුමාණන්ගේ හදීස් හෙවත් නබි වදන් මගින් අපවිත්‍ර ආහාර අනුභව කිරීම තහනම් කර ඇත.
    “(නබිවරයාණන් වන) මොහු ඔවුනට යහපත අණ කරයි. අයහපතෙන් වළක්වයි. පවිත්‍ර දෑ ඔවුනට අනුමත කරයි. අපිරිසිදු දෑ ඔවුනට තහනම් කරයි.” අල් කුර්ආන් සූරා අල් ආරෆ් 7:157.
وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانتَهُوا ۚوَاتَّقُوا اللَّـهَ ۖ إِنَّ اللَّـهَ شَدِيدُ الْعِقَابِ ﴿٧﴾
    “මෙම දූතයා ඔබට කුමක් දෙන්නේද එය ලබා ගන්න. කුමකින් ඔබ වැළැක්වුයේ ද එයින් වැළකෙන්න. අල්ලාහ්ට බියවන්න.” අල් කුර්ආන් සූරා මුජාදිලා 59:7.
    ඇතැම් සතුන්ගේ මාංශ ආහාර අනුභව කිරීමට අනුමැතිය දී ඇති අල්ලාහ් ඇතැම් සතුන්ගේ මාංශ මිනිසුන් ආහාර වශයෙන් අනුභව කිරීම වළක්වා ඇත යන්න මුස්ලිම් වරයෙකු දැන ගැනීම  සඳහා නබි (සල්) තුමාණන්ගේ එක් හදීසයක් පමණක් ප්‍රමාණවත් වෙතැයි සිතමි.
    “අනුභව කිරීමට තහනම් කරන ලද සතුන්ගේ කිනම් වර්ගයක  තියුණු දත් තිබෙන්නේද එවැනි සතුන් ආහාරය පිණිස නොගත යුතුය.” යනුවෙන්  නබි (සල්) තුමාණන් පවසා ඇත. වාර්තා කරන්නේ අබු සලෆා (රළි) මුලාශ්‍රය බුහාරි 5530.
“අල්ලාහ්ගේ දූතයාණන් සතුන්ගෙන් තියුණු දත් ඇති සෑම වර්ගයක්ම සහ පක්‍ෂීන්ගෙන් තියුණු නිය ඇති සෑම වර්ගයක්ම (අනුභව නොකළ යුතු යැයි ) වැළැක් වුහ.” ඉබ්නු අබ්බාස් (රළි) වාර්තා කරයි. මූලාශ්‍රය සහීහ් මුස්ලිම් 4752.
•    තියුණු දත් මගින් පතුරු ගසා සතුන් අනුභව කර ජීවත් වන සිංහයින්, කොටි, වලසුන්, හිවලුන්, නරින් වැනි සතුන්ගේ මාංශ අනුභව කිරීම මිනිසුන්ට තහනම් කරනු ලැබ ඇත.
•    එසේම තියුණු නියපොතු මගින් පතුරු ගසා සතුන් අනුභව කර ජීවත් වන උකුස්සන්, රාජාලියන් වැනි පක්ෂීන්ගේ මාංශ ද තහනම් කරනු ලැබ ඇත.
•    විවිධ වර්ගයට අයත් මීයන් ද ආහාර සඳහා ගැනීම තහනම් වේ. උරග වර්ගයට අයත් සර්පයා, කිඹුලා වැනි සතුන්ගේ මාංශ ද මුස්ලිම්වරුන්ට තහනම් වේ.
•    කෙසේ වෙතත් මාංශමය ආහාර අනුභව කිරීම නිසා කෙනෙක් කලහකාරි වන බව විද්‍යාත්මක ව සනාථ කර නැත.
9. මුස්ලිම්වරුන් කඃබාවට වඳින්නේ ඇයි?
ප්‍රශ්න:
ඉස්ලාමය පිළිම වන්දනාව තහනම් කර තිබෙන අතර තුරදී මුස්ලිම්වරුන් කඃබාවට වැඳුම් පිදුම් කිරීම සහ කඃබාවට හිස නමා නමස්කාර කිරීම කෙසේ පිළි ගනු ලබන්නේද?
පිළිතුර:
    “කඃබාව” යනු මුස්ලිම්වරුන් සලාතය හෙවත් නැමදුම ඉටු කිරීමේ දී පෙරටු  කර ගන්නා දිශාවක් පමණි. මුස්ලිම්වරුන් කඃබාවේ දිශාවට හැරී සලාත් ඉටු කළ යුතුය. මුස්ලිම්වරු අල්ලාහ් හැර අන් කිසිවෙකුට හෝ කිසිවකට හෝ හිස නොනැමිය යුතුය. අල්ලාහ් හැර අන් කිසිවෙකුට හෝ කිසිවකට හෝ නොවැඳිය යුතුය.
    අල් කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 144 වන වැකියේ පහත ආකාරයට සඳහන් කරයි.
قَدْ نَرَىٰ تَقَلُّبَ وَجْهِكَ فِي السَّمَاءِ ۖ فَلَنُوَلِّيَنَّكَ قِبْلَةً تَرْضَاهَا ۚ فَوَلِّ وَجْهَكَ شَطْرَ الْمَسْجِدِ الْحَرَامِ ۚ وَحَيْثُ مَا كُنتُمْ فَوَلُّوا وُجُوهَكُمْ شَطْرَهُ ۗ
    “(මුහම්මද් තුමණි!) ඔබේ මුහුණ නිතර අහස දෙසට හැරීම අපි දකිමු. එබැවින් ඔබ ප්‍රිය කරන කිබ්ලාව දෙසට ඔබ  හරවන්නෙමු. එබැවින් ඔබේ මුහුණ මස්ජිදුල් හරාම් දෙසට හරවන්න. ඔබ කොතැනක සිටියත් ඔබේ මුහුණ එම දිශාවට ම හරවන්න”. අල් කුර්ආන් සූරා බකරා 2:144.
    සලාතය ඉටු කිරීමෙදී කඃබාව පෙරටු කරමින් සලාතය ඉටු කරන්නේ ඇයි දැයි  හේතු කාරණා සහිත ව අවබෝධ කර ගනිමු.
1. ඉස්ලාම් දහම එකමුතුකම පිළිබඳ ව අවධාරණය කරයි.
    නිදසුනක් වශයෙන් මුස්ලිම්වරුන් අල්ලාහ්ට යාච්ඥා කිරිම සඳහා සිට ගැනීමේදී පිරිසක් උතුරු දිශාව දෙසට හැරී යාච්ඥා කිරිමට ප්‍රිය කළ හැකිය. තවත් පිරිසක් දකුණු දිශාව දෙසට හැරී යාච්ඥා කිරීමට ප්‍රිය කළ හැකිය. එහෙත් එකම දෙවියන් වන අල්ලාහ් වෙනුවෙන් යාච්ඤා කිරිමේදී පවා මුස්ලිම්වරුන් එකමුතුකම අනුගමනය කළ යුතුය යන පරමාර්ථයෙන් අල්ලාහ්ට යාච්ඤා කිරිමේ දී මුස්ලිම්වරුන් සියලු දෙනාම කඃබාව පෙරටු කළ යුතු යැයි අණ කරනු ලැබ සිටිති. කඃබාවට බටහිර දිශාවේ වාසය කරන මුස්ලිම්වරුන් ඔවුන් සිටින ස්ථානයට නැගෙනහිර දිශාවේ කඃබාව තිබෙන බැවින් නැගෙනහිර දිශාවට යොමු වී ද, කඃබාවට බටහිර දිශාවේ වාසය කරන මුස්ලිම්වරුන් ඔවුන් සිටින ස්ථානයට නැගෙනහිර දිශාවට කඃබාව තිබෙන හෙයින් නැගෙනහිර  දිශාවට යොමු වී ද සලාතය ඉටු කරති. එමෙන්ම අනෙකුත් දිශාවන් හි වාසය කරන ජනතා තමන්ට කඃබාව සමීපතම දිශාවට මුහුණ යොමු කර සලාහ් ඉටු කරති.
2.  ලෝක සිතියමේ මධ්‍ය ස්ථානයේ කඃබාව පිහිටා ඇත.
ලෝක සිතියම ප්‍රථම වරට සැලසුම් කළේ මුස්ලිම් වරුන්ය. ලෝක සිතියම සැලසුම් කළ මුස්ලිම්වරුන් ලෝක ගෝලයේ දකුණු දිශාව ලෝක සිතියමේ උඩ පැත්තෙන් තිබෙන ආකාරයටත් උතුරු දිශාව ලෝක සිතියමේ යටි පැත්තට තිබෙන  ආකාරයටත් සැලසුම් යෙදුහ. එසේ සැලසුම් සැකසීමේදී කඃබාව පිහිටියේ ලෝක සිතියමේ මධ්‍යම ස්ථානයේය. අනතුරු ව බටහිර ලෝකයේ සිතියම් විශේෂඥයින් ලෝක ගෝලයේ උතුරු දිශාව සිතියමේ උඩු පැත්තට තිබෙන ආකාරයටත් දකුණු දිශාව සිතියමේ යටි පැත්තට තිබෙන ආකාරයටත් සැලසුම් යෙදුහ. බටහිර ජාතිකයන් ලෝක සිතියම් වෙනස් කර සැලසුම් සැකසුවද එහි දී පවා කඃබාව පිහිටියේ ලෝක සිතියමේ මධ්‍යම ස්ථානයේ ය.
3. කඃබාව වටා “තවාෆ්” කරන්නේ දෙවියන්ගේ ඒකීයත්වය විදහා පෑමටයි.
    මුස්ලිම්වරුන් මක්කාවට යන අවස්ථාවේදී මස්ජිදුල් හරාමයේ ඇති කඃබාව වටා තවාෆ් කරති. කඃබාව වටා යෑම “තවාෆ්” ලෙස හැඳින්වේ. එසේ කඃබාව වටා තවාෆ් කරන්නේ ඒකදේවත්ව  ප්‍රතිපත්තිය ගෙන හැර පෑම සදහා සහ එකම දෙවියාට පමණක් වැඳිය යුතු බව ගෙන හැර පෑම සඳහාය. කඃබාව වටේ එක් වටයක් ගමන් කිරිම හෙවත් ප්‍රදක්ෂිණා කිරීම යනුවෙන් අදහස් කරන්නේ වැඳීමට සුදුස්සා වූ එකම දෙවියන් අල්ලාහ් පමණක් වන බව හැඟවීම සඳහාය.
4.  උමර් (රළි) තුමාණන්ගේ පණිවුඩය
    කඃබාවේ තිබෙන “හජරුල් අස්වද්” නමැති කළු පැහැති ගල පිළිබඳ ව අල්ලාහ්ගේ වක්තෘන් වන නබි (සල්) තුමාණන්ගේ ආදරණීය මිත්‍රයා උමර් (රළි) තුමාණන් මෙසේ පැවසුහ.
“නුඹ යහපතක් හෝ අයහපතක් හෝ සිදු කළ නොහැකි ගලක් බව මම දනිමි. අල්ලාහ්ගේ දූතයාණන් (සල්) තුමාණන් නුඹ ස්පර්ශ කර සිප ගැනීම මා නුදුටුවේ නම් මම ද නුඹ ස්පර්ශ කර සිප ගන්නේ නැත.” ආබිස් රබීආ (රළි) වාර්තා කළේය. මූලාශ්‍රය බුහාරි 1597.
5. මුස්ලිම්වරු කඃබාව මත නැගී සිට සලාතය සඳහා ඇරයුම් කළහ.
නබි (සල්) තුමාණන්ගේ කාලයේ නබි තුමාණන්ගේ මිත්‍රවරුන් කංබාව මත නැග සිට සලාතය සඳහා ඇරයුම් කර ඇත්තාහ. කඃබාව වඳින බවට මුස්ලිම්වරුන් වෙත චෝදනා නගන්නන්ගෙන් “තමා වඳින පිළිමය මත නැගි සිටින්නේ කුමන පිළිම වන්දනාකරුවෙක් දැ?”යි මම ප්‍රශ්නයක් නගමි.
10. මක්කාව හා අන්‍ය ආගමිකයින්
ප්‍රශ්න:
අන්‍ය ආගමිකයින් මක්කාවට හා මදීනාවට යෑමට අනුමත කරනු නොලබන්නෝය. ඒ ඇයි?
පිළිතුර:
මක්කාව සහ මදීනා නුවර තුළට අන් ආගමිකයන්ට පිවිසීමට අනුමත නැති බව සැබෑය. මෙම තහනමට හේතුව කුමක් විය හැකි දැයි පහත සදහන් පරිදි කරුණු දක්වමු.
1. සියලු පුරවැසියන්ට ම  තම දේශයේ හමුදා කඳවුර තුළට පිවිසීමට අනුමත නැත.
මම ඉන්දියානු පුරවැසියෙක් වෙමි. එනමුත් හමුදා කේන්ද්‍රස්ථාන වැනි ආරක්‍ෂිත ප්‍රදේශය තුළට යෑමට මට අවසරයක් නොමැත. හමුදාවේ සේවය කරන්නන් සහ හමුදාව හා සම්බන්ධකම් ඇති අයට පමණක් හමුදා කේන්ද්‍ර ස්ථාන වැනි ආරක්‍ෂිත ප්‍රදේශ තුළට යෑමට අවසර ඇත. ඒ ආකාරයට සෑම රටකම එම රටේ සාමාන්‍ය පුරවැසියන් යෑමට නොහැකි ලෙසින් ආරක්‍ෂිත ප්‍රදේශ සමහරක් තිබේ. එලෙසම ඉස්ලාමය ලෝවැසි සියලුම ජනයාට පොදු දහමක් වන අතර ඉස්ලාමයේ ආරක්‍ෂිත ප්‍රදේශ වන්නේ ශ්‍රද්ධ වූ නගර දෙකක් වන මක්කාව හා මදීනාවයි. ආරක්‍ෂිත ප්‍රදේශ වන මෙම ශ්‍රද්ධ වු නගර වන මක්කාවට හා මදීනාවට යෑමට අවසරය ඇත්තේ ඉස්ලාමය විශ්වාස කරන හා ඉස්ලාමය ආරක්‍ෂා කරන්නන් වන මුස්ලිම්වරුන්ට පමණකි.
ආරක්‍ෂිත ප්‍රදේශ තුළට යෑමට තහනම් කර තිබීම ගැන රටේ සාමාන්‍ය පුරවැසියෙකු විරුද්ධ වීම පිළිගත හැකි කරුණක් නොවේ. මුස්ලිම් නොවන අය ඉස්ලාමයේ ආරක්‍ෂිත ප්‍රදේශ වන මෙම ශුද්ධ වූ නගර දෙක වන මක්කාවට හා මදීනාවට යෑම සඳහා අනුමත නොකර තිබීම පිළිබඳ ව විරෝදතාව දැක්වීමද සුදුසු කාර්යයක් නොවේ.
2. මක්කාවට මදීනාවට යෑම සඳහා අනුමැතිය දෙන විසා බලපත්‍රය.
කෙනෙකු විදේශ රටකට ගමන් කිරීමට අවශ්‍ය නම් එම රටට යෑම සඳහා වීසා එනම් ප්‍රවේශ වීම සඳහා ප්‍රවේශ බලපත්‍රයක් ලබා ගත යුතුය. සෑම රටක්ම තම රටට පැමිණීම සඳහා වීසා  ප්‍රවේශ පත්‍රය නිකුත් කිරීම සඳහා විවිධ නීති රීති හා අවශ්‍යතාවන් සම්පාදනය කර තිබේ. මෙසේ සම්පාදනය කරනු ලැබ ඇති නීති රීති වලට හා කොන්දේසි වලට එකඟ නොවන අයට එම රට වලට පැමිණීමට එම රටවල් අනුමැතිය ලබා නොදෙයි.
මෙසේ තම රටවල් තුළට පැමිණීම සඳහා අනුමැතිය ලබා දීමේදි දැඩි නීති රීති කොන්දේසි හා අවශ්‍යතාවන් සැලසුම් කර ඇති රටවල් අතුරින් ඇමරිකාවද එකකි. විශේෂයෙන් තුන්වන ලෝකයේ රටවල් වල සිටින ජනතාවට අනුමැතිය ලබා දීම සඳහා දැඩි නීත රීති පනවා ඇත. තුන්වන ලෝකයේ රටවල් වලට අයත් ජනයා ඇමරිකාවට යෑමට වීසා බලපත්‍රය ලබා ගත යුතු වන්නේ නම් අසීමිත අවශ්‍යතාවන් හා කොන්දේසි සම්පූර්ණ කර තිබිය යුතුය.
අවසන් වරට මම සිංප්පූරුවට ගිය අවස්ථාවේදී මත්ද්‍රව්‍ය හෙරොයින් ප්‍රවාහනය කරන්නන්හට මරණීය දඬුවම පනවන බව සිංගප්පූරුව දහමන අයදුම් පතේ සඳහන් වී තිබුණි. මට සිංගප්පූරුවට යෑමට අවශ්‍ය නම් සිංගප්පූරුවේ නීති රීති වලට යටත් වීම කළ යුතුමය. මරණීය දණ්ඩනය දරදඬු ක්‍රියාවක් යැයි පවසා මට තර්ක කිරිමට නොහැකිය.  මම සිංගප්පූරුවේ නීති රීති වලට යටහත් වන්නේ නම් පමණක් මාහ ට  සිංගප්පූරුවට යෑමට අනුමැතිය හිමිවෙයි.
ඉස්ලාමයේ ශුද්ධ වූ නගර වන මක්කාවට හා මදීනාවට යෑමට අදහස් කරන ඕනෑම මිනිසෙකුට තිබිය යුතු එකම මූලික සුදුසුකම කුමක්ද යත් “ලාඉලාහ ඉල්ලල්ලාහ් මුහම්මදුර් රසූලුල්ලාහ්.” යන වදන තම දෙතොලෙන් උච්චාරණය කර හදවතින් පිළිගැනීම ය.
නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර අන් කිසිවෙකු නොමැත. මුහම්මද් නබි තුමාණන් ඔහුගේ දූතයාය යන්නයි.
11. ඌරු මස් තහනම් කර ඇත
ප්‍රශ්නය:
ඉස්ලාම් දහම ඌරු මස් නොහොත් සූකර මාංශ ආහාරයට ගැනීම තහනම් කර තිබෙන්නේ ඇයි?
පිළිතුරු:
ඉස්ලාමය ඌරු මස් ආහාරයට ගැනීම තහනම් කර තිබීම සියල්ලන්ම දන්නා සත්‍යයකි. මෙම තහනම කුමක් නිසාද? යන්න පිළිබඳ ව පහත දැක්වෙන විස්තර මගින් පැහැදිලි ලෙස දැන ගත හැකි වේ.
ඌරු මස් ආහාරයට ගැනීම තහනම් කර තිබීම පිළිබඳ ව අල් කුර්ආනයේ අවම වශයෙන් පරිච්ඡේද හතරක සඳහන් වී තිබීමේ හේතුවෙන් මුස්ලිම්වරුන් ඌරු මස් ආහාරයට නොගනිති.
إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنزِيرِ وَمَا أُهِلَّ بِهِ لِغَيْرِ اللَّـهِ ۖ 2:173
“ඉබේ මළ සතුන්, රුධිරය, ඌරු මස්, අල්ලාහ් නොවන අය වෙනුවෙන් කපන ලද දේ ආදිය ඔහු ඔබට තහනම් කර ඇත.” අල් කුර්ආන් සූරා බකරා 2:173.
“ඉබේ මළ සතුන්, රුධිරය, ඌරු මස්, අල්ලාහ් නොවන අය වෙනුවෙන් කපන ලද දෑ ආදිය තහනම් කර ඇත. ගෙල මිරිකනු ලැබු සතුන්, පහර දෙනු ලැබු සතුන්, (උස් තැනකින් සිට) පෙරළී වැටුණු සතුන් ආදියෙහි පණ පිටින් සිටින සතුන්ගෙන් ඔබ නිසියාකාර ව කැපු සතුන් හැර (වෙනත් සතුන් ඔබට තහනම් කර ඇත.” අල් කුර්ආන් සූරා මායිදා 5:3.
قُل لَّا أَجِدُ فِي مَا أُوحِيَ إِلَيَّ مُحَرَّمًا عَلَىٰ طَاعِمٍ يَطْعَمُهُ إِلَّا أَن يَكُونَ مَيْتَةً أَوْ دَمًا مَّسْفُوحًا أَوْ لَحْمَ خِنزِيرٍ فَإِنَّهُ رِجْسٌ أَوْ فِسْقًا أُهِلَّ لِغَيْرِ اللَّـهِ بِهِ ۚ
“ඉබේ මළ සතුන්, ගලන ලද රුධිරය, අපවිත්‍ර ඌරු මස් හා අල්ලාහ් නොව අයට කපන ලද පාපකාරි දේ (ආහාරය) මිස අන් කිසිවක් තහනම් කරන ලද බව මට දැනුම් දෙන ලද පුවතෙහි මම නුදුටුමි.” අල් කුර්ආන් සූරා අල් අනාම් 6:145.
إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنزِيرِ وَمَا أُهِلَّ لِغَيْرِ اللَّـهِ بِهِ ۖ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلَا عَادٍ فَإِنَّ اللَّـهَ غَفُورٌ رَّحِيمٌ ﴿١١٥﴾
“ඔබේ මළ සතුන්, රුධිරය, ඌරු මස්, අල්ලාහ් නොවන අය වෙනුවෙන් කපන ලද දේ ආදිය ඔබට තහනම් කර ඇත.” අල් කුර්ආන් සූරා අන් නහල් 16:115.
ඌරු මස් ආහාරයට ගැනීම නබි (සල්) තුමාණන් විසින් ද තහනම් කරනු ලැබ ඇත්තාහ.
“මක්කා ජයග්‍රහණය කරනු ලැබු වර්ෂයේ මත්පැන්, ස්වභාවිකවම මැරුණු සතුන්, ඌරු මස් මෙන්ම පිළිම අලෙවි කිරීම නබි (සල්) තුමාණන් තහනම් කළහ.” ජාබිර් (රළි) වාර්තා කරයි. මූලාශ්‍රය බුහාරි 2236.
2. බයිබලයද ඌරු මස් තහනම් කරයි
ක්‍රිස්තියානුවන්ගේ ආගමික ග්‍රන්ථය වන බයිබලය සඳහන් කරන තහනම් පිළිබඳ ව ක්‍රිස්තියානුවන්ට ගෙන හැර දැක්වුවහොත් ඔවුන් ද එය දැන ගනීවි. මන්දයත් ඌරුමස් ආහාරයට ගැනීම තහනම්  යැයි බයිබලයේ ද සඳහන් වී ඇත.
“ඌරා කුරය බෙදී වෙන්ව තිබෙන නමුත්, වමාරා නොකන නිසා ඌ නුඹලාට අපවිත්‍රය. උන්ගේ මාංස නොකල්ලා, උන්ගේ මළකුණු ස්පර්ශ නොකරන්නා, උන් නුඹලාට අපවිත්‍රය.” බයිබලයේ ලෙවීගේ කථා (Leviticus) හි 11 වන පරිච්ඡේදයේ 7වන වාක්‍යයේ සිට 8 වන වාක්‍යය දක්වා.
 මේ ආකාරයෙන් ම බයිබලයේ වීතියේ කථාවේ (Deutronomy) හි 14 වන පරිච්ඡේයේ 8 වන  වාක්‍යයද ඌරු මස් ආහාරයට ගැනීම  තහනම් කර තිබීම පිළිබඳ ව අනාවරණය කරයි.
තවද බයිබලයේ යෙසායා - Book of Isaiyah හි 65 වන පරිච්ඡේයේ 2 වන වාක්‍යය සිට 5 වන වාක්‍යය දක්වා “හොඳ නැති මාර්ගයේ යන්නාවු ......... තහනම් ඌරු මස් ආහාරයට ගන්නා බව සඳහන් වී ඇත.”
3. ඌරු මස් අනුභව කිරීමෙන් විවිධ රෝග හට ගනී.
කුමන කරුණක් වුවද මුස්ලිම් නොවන අය මෙන්ම දෙවියෙකු නොමැති යැයි ප්‍රතික්‍ෂේප කරන්නන්ද අවබෝධ කර ගත යුත්තේ ඌරු මස් අනුභව කිරීම මගින් හැත්තෑ විද රෝග ඇති වන බවයි. ඌරු මස් ආහාරයට ගැනීම මගින් මිනිසාගේ උදරයේ වට පණුවන් - Round Worm ඉඳි කටු පණුවන් Pin worm කොකු පණුවන් Hook worm වැනි බඩවැල් පණුවන් ඇති වේ. ඌරු මස් කෑම නිසා මිනිසාගේ උදරයෙහි ඉතාමත් බිහිසුණු පටිපණුවන් (Tape worm) ඇති වේ. මෙම පටිපණුවන් මිනිසාගේ බඩවැලේ යටි ප්‍රදේශයේ රැඳෙති. උන් දමන බිත්තර රුධිර නාළ මගින් ශරීරයේ සියලුම ප්‍රදේශ වලට පැතිරෙයි. මෙම බිත්තර මිනිසාගේ  මොළයට  ගියහොත් මිනිසාට තම මතක ශක්තිය නැති වේ. මෙම බිත්තර මිනිසාගේ හදවත වෙත ගියහොත්  මිනිසාට හෘදයාබාධ ඇති වේ. මෙම බිත්තර මිනිසාගේ ඇස් කරා ගියහොත් ඔහු අන්ධ බවට පත් වෙයි. මෙම බිත්තර මිනිසාගේ අක්මාව ඇතුළු වුවහොත් අක්මාව හානියට පත් වේ. පටිපණුවන්ගේ බිත්තර මගින් මිනිස් අවයව සියල්ලටම හානි සිදු කිරීමේ ශක්තිය ඇත.
ඌරු මස් වල ත්‍රිකූරා තිකුරාසිස් නමැති තවත් අනතුරු දායක බඩවැල්හි හට ගන්නා වු රෝග විශේෂයක් ඇත. ඌරු මස් හොඳින් තම්බා ගතහොත් මෙවැනි බිත්තර විනාශ වෙයි යන වැරදි මතයක් පොදුවේ ජනතාව අතර පවති. මේ පිළිබඳ ව පර්යේෂණයක් ඇමරිකාවේ සිදු කළ අවස්ථාවේදී විසි හතර  දෙනෙකු ත්‍රිකූරා තිකුරාසිස්  නමැති  බඩවැලේ හට ගන්නා රෝගයෙන් පීඩාවට පත් වී සිටියහ. ඔවුන්ගෙන් විසිදෙනෙකු  ඌරු මස් හොඳින් තම්බා ආහාරයට ගත් අය බව හඳුනා ගනු ලැබුහ. සාමාන්‍ය උෂ්ණත්වයෙන් උයනු ලබන ඌරු මස් වල තිබෙන පණුවන්ගේ බිත්තර විනාශ නොවන බව මෙකී පර්යේෂණය තහවුරු කළේය.
4. ශරීරය වඩන විටමින් ඌරු මස් වල තිබේ ද?.
ඌරු මස් වල කාය වර්ධනය සඳහා අවශ්‍ය විටමින් වලට වඩා මේදය අධික ව තිබේ. ඌරුමස් ආහාරයට ගැනීමෙන් මෙම මේදය මිනිස් රුධිර නාළිකාවන් හි තැන්පත් වීමෙන් රුධිර පීඩන රෝගය සහ හෘදයාබාධ හට ගැනේ. ඇමරිකා  රට වැසියන්ගෙන් සීයයට 50ක ප්‍රතිශතයකට වඩා ජනතාව රුධිර පීඩනයට ලක් වීම විමතියට පත් විය යුතු කරුණක් නොවේ.
5. ඌරා ඉතාමත් අපවිත්‍ර සතෙකි.
පොළොවෙහි වෙසෙන සත්වයින් අතරින් ඉතාමත් අපවිත්‍ර සතා ඌරාය.ඌරා ගොඩේ සහ මඩේ සහ අසූචි වළේ ජීවත් වන සත්ව වර්ගයෙකි. දෙවියන්ගේ මැවුම් අතරින් ඉතාමත් කාර්යක්‍ෂම පවිත්‍ර කරන්නෙකු වන්නේ ඌරාය. දෙවියන් වහන්සේ ඌරා ව මැවු අරමුණ මේ සඳහා විය හැක. නවීන වැසිකිළි පහසුකම් නොමැති ග්‍රාමීය පෙදෙස් වල මිනිසුන් කැළෑ පෙදෙස් වල ද එළිමහනේද මළ මූත්‍රා කරති. මෙම අසූචි ශුද්ධ කරන්නේ ඌරාය.
ඕස්ට්‍රේලියාව වැනි රටවල් වල ඌරන් ඉතාමත් පිරිසිදු පරිසරයක ඇති කරනු ලබන බව ඇතැමුන් තර්ක කිරීමට ඉදිරිපත් විය හැක. කුමන ආකාරයේ පිරිසිදු පරිසරයක වුවද ඌරන් ගාල් කර වසා දමා තිබෙන්නේ එකටමයි. කොපමණ පිරිසිදු ව ඌරන් තබා ගෙන  සිටියද, ඌරා ස්වභාවයෙන්ම අපිරිසිදුම සත්ව වර්ගයයි. තම අසුචි හා අන් අසූචිද කන එකම සතා ඌරාය.
6. ඌරා කිසිදු ලැජ්ජා බිය නොමැති සතෙකි.
මෙලොව ජීවත් වන සතුන් අතරින් කිසිදු ලැජ්ජා බිය නොමැති සත්වයා ඌරාය. අන් ඌරන්ට තම සහායිකාව සමඟ සංසර්ගයේ යෙදෙන්නට ආරාධනා කරන එකම සත්වයා ඌරය. බටහිර රටවල ජනතාව අතර බොහෝ දෙනෙක් ඌරු මස් ආහාරයට ගනිති. ඇමරිකවේ රාත්‍රි සාදය අවසන් වු පසු තමන් අතර භාර්යාවන් මාරු කර ගන්නා සිරිත ඇතැම් පිරිස් අනුගමනය කරති. මෙයට සම්බන්ධ වන සියලු දෙනාම දැනුවත් ව හා සිය කැමැත්තෙන් සහභාගි වන  සිරිතකි. ඌරාගේ මාංශය අනුභව කරන්නෙක් ඌරෙක් මෙන් නොව වෙන කවරෙකු මෙන් හැසිරෙයි ද?
දකුණු ආසියානුවන් වන අපි ඇමරිකානුවන් ඉතාමත් දියුණු වූ අය වශයෙන් හා ඉතාමත් සංවර වූ අය වශයෙන් හිස මත තබා සමරන්නෙමු. ඔවුන් කුමක් කළත් එය අපි ද එලෙසින්ම අනගමනුය කරන්නෙමු. මෑතක දී මුම්බායි පෙදෙසේ නිකුත් කරනු ලබන “අයිලන්ඩ්“ නමැති මාසික සඟරාවේ පල කරන ලද ලිපිය භාර්යාවන් මාරු කර ගන්නා සිරිත මුම්බායි පෙදෙසේ සාමාන්‍ය දෙයක් යැයි මවිතයට පත් කරවන පුවතක් ඵල කරන ලදී. මිනිසුන් ඌරු මස් ආහාරයට නොගත යුතු යැයි  ඉස්ලාම් තහනම් කර ඇත්තේ ඉහත සදහන් හේතුන් නිසාය. ඉස්ලාමයේ කිසිදු බල කිරීමක් නැත. එනිසා ඔබේම බිරිය, ඔබේ ආහාරය, ඔබේම මුදල, ඔබේම කැමැත්ත. ඔබ කැමති දැයක් කරගන්න.
12. මත්පැන් පානය කිරීම තහනම්ය.
ප්‍රශ්නය:
මත් පැන් පානය කිරීම ඉස්ලාම් තහනම් කරන්නේ ඇයි?
පිළිතුර:
මිනිසාට මතක ඇති කාලයක පටන් සමාජයේ වසංගතයක් වශයෙන් පැවති එන්නේ මත්පැන් වර්ගයයි. ලෝකය පුරාවටම සිටින මිනිස් සමාජයේ විනාශය සහ මහා ඛේදවාචකයට මුල් වී ඇත්තේ මෙම මත්පැන් පානයයි. මිනිස් සමාජය මුහුණපාන සියලුම ගැටලු වලට මුදුන් මුල වන්නේ මත්පැන් පානයයි. ලෝකයේ  ව්‍යාප්ත වී ඇති මහා අපරාධ වලට, වර්ධනය වෙමින් පවතින මානසික අලසකමට සහ බිඳී ගිය පවුල් ජීවිතය නිසා මහ පාරට ඇද වැටෙන ජනතාවට ප්‍රධාන හේතු පාදක වී ඇත්තේ මෙම මත්පැන් වල ඇති අයහපත් බලයයි
1. අල් කුර්ආනයේ මත් පැන් සඳහා තහනම.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْأَنصَابُ وَالْأَزْلَامُ رِجْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿٩٠﴾
“අහෝ විශ්වාස කළවුනි! සුරාව සූදුව පිළිම වන්දනාව හා පේන බැලීම ෂෙයිතාන්ගේ ක්‍රියාවෙන් පිළිකුල් සහගත දෑ ය. එබැවින් නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස නුඹලා එයින් වැළකී සිටිනු.” සූරා 5:90
2. බයිබලය මත්පැන් තහනම් කරයි
“මුද්‍රිකපානය සරදම් කරන්නෙක්ය, මද්‍යපානය කෝලාහල කාරයෙක්ය. එයින් වැනෙන කවුරු නමුත් ඤාණවන්ත නොවෙයි.” හිතෝපදේශ 20:1 Proverb 20:1
“මද්‍යපානයෙන් මත්නොවනු.” යැයි Ephesians 5:28 පවසයි.
3. මිනිසාගේ කල්පනා ශක්තිය අක්‍රීයා කරයි
මිනිසාගේ ඉස්මොළයේ හොඳ හා නරක තෝරා ගෙන නරක දේ නිෂේධනය කරන මධ්‍යස්ථානයක් ඇත. මෙම මධ්‍යස්ථානයේ ආධාරයෙන් වැරදි යැයි හැඟෙන දේ නොකිරීමට ඔහුට බාධා කරයි. නිදසුනක් වශයෙන් බීමත් ව සිටින කෙනෙක් අසභ්‍ය වචන වලින් බැණ වැදීම ද ඒ බව ඔහු අවබෝධයෙන් නොසිටින බව ද  ඇතැම් අවස්ථාවන් හි තම දෙමාපියන්ට පවා ඔහු බැණ වදින බව අපි දකිමු. ඇතැම් අය තම ඇඳුමේ පවා මූත්‍රා පහ කර ගනියි. බීමත් ව සිටින කෙනෙකුට පැහැදිලි ව කතා කිරීමට පවා නොහැක. එ පමණක් නොව ඔවුන් වැරදියාකාර ව හැසිරීම ද දැක ගත් හැක.
4. දුරාචාරය, ස්ත්‍රී දූෂණය, ව්‍යාභිචාරය, සහ ඒඩ්ස් රෝග මතට හුරු වු අය අතර බහුල ව දක්නට තිබේ.
1996 වන වසරේ ඇමරිකාවේ දිනකට සාමාන්‍යයෙන් ලිංගික බලහත්කාරකම් වැනි අපරාධ 2713 සිදු වන බව ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ජාතික අපරාධ විමර්ශන ඒකකයේ විමර්ශන වාර්තාව නිකුත් කර ඇති සංඛ්‍යා ලේඛන හෙළි කරයි. මෙකී සංඛ්‍යා ලේඛනයට අනුව ලිංගික අපචාර අපරාධ වල නිරත  වුවන්ගෙන් බහුතරයක් එම අපරාධය සිදු කරන අවස්ථාවේ බීමත් ව සිටි බව හෙළි කර ඇත.  සමාජයට උවදුරු ගෙන දෙන වැඩි දෙනෙක් මත්පැනට ඇබ්බැහි වූවන් වන බවද පෙර කී වාර්තාවේ සදහන් කර ඇත.
මෙකී සංඛ්‍යා ලේඛන වාර්තාවට අනුව ඇමරිකානුවන් 8% ක් අයුතු සංවාසයේ යෙදෙන්නෝ වෙති. අයුතු සංවාසයේ යෙදීමේ වරදෙහි නිරත වන්නන් සියලු දෙනාම මතට ඇබ්බැහි වූවන්ය. අයුතු සංවාසයේ යෙදෙන අවස්ථාවේ එහි එක් පාර්ශවයක් හෝ දෙපාර්ශවයම බීමතින් සිටි බව පෙර කී වාර්තාව විසින් හෙළි කරන ලදි.
ලෝකයේ ඒඩ්ස් වැනි මාරාන්තික රෝග පැතිරීමට මුල් වන ප්‍රධානතම හේතුන් අතරින් එකක් වශයෙන් මත් පැනට වහල් වීම කිව හැක.
5. මත්පැනට ඇබ්බැහි වූ සෑම කෙනෙක්ම ආරම්භයේ ප්‍රිය සම්භාෂණය සඳහා බීමට පටන් ගත් අය වෙති.
මත්පැන් පානය කිරීමට පක්ෂ ව හඬ නඟන බොහෝ දෙනෙක් තමන් සමාජයේ ප්‍රිය සම්භාෂණය පවත්වනු පිණිස මත්පැන් පානය කරන බව පවසති. තමන් පෙග් එකක් හෝ දෙකක් පමණක් පානය කරන බවද, තමන් ස්වපාලනය යටතේ සිටින බවද, කිසිවිටෙක සීමා ව ඉක්මවා නොයන බවද තර්ක කරති. මත්පැන් පානයට ඇබ්බැහි වු  සෑම කෙනෙකුම ආරම්භයේදී සමාජයේ ප්‍රිය සම්භාෂණය උදෙසා මත්පැන් පාලනය කරන්නකු වශයෙන් පටන් ගෙන ඇති බව විමර්ශන වාර්තා සඳහන් කරයි. කිසිදු සුරාපානය කරන්නෙකු මුලදී තමන් බේබද්දෙකු විය යුතුය යන අදහසින් බීමට පටන් ගත්තේ නැත. තමා වසර ගණනාවක් මත්පැන් පානය කළද, කෙබඳු අවස්ථාවකදීවත් මත්වීමෙන්  තමා හානියට පත් වුයේ නැති බවද, තමා නිතර ස්ව පාලනයෙන් සිටින  බවද බීමත් පුද්ගලයන් කිසිවෙකුට කිව නොහැක.
6. මත්පානයෙන් උමතු වූ කෙනෙක් එක් වතාවක් නින්දිත යම් ක්‍රියාවක් කළහොත් එම සිද්ධිය ඔහුගේ ජීවිත කාලය පුරාවටම කැළැලක් වශයෙන් පවති.
නිදසුනක් වශයෙන් සමාජයේ ගෞරවාන්විත ව මත් පැන් පානය කරන කෙනෙක් තම ස්වපාලනය එක් දිනක් හෝ අහිමි කර ගත්තේ යැයි සිතමු. බීමත් ව සිටින එම දවසේදී ඔහු කවරෙකුට හෝ ලිංගික අතවරයක් කළහොත් නැතහොත් කෙනෙකු සමඟ අයුතු ලෙස ඇසුරක යෙදුණහොත් ඔහු සිදු කළ එම අපරාධය වෙනුවෙන් ඔහුට ජීවිත කාලය පුරාවටම පසුතැවිලි වීමට සිදු වේ. නිවැරදි කළ නොහැකි මෙවැනි සිද්ධියෙන් හානියට පත් වූ තැනැත්තා සහ හානිය සිදු කළ තැනැත්තා යන දෙදෙනාම ජීවිත කාලය පුරාම දුක් විඳීමට සිදුවීමේ අවාසනාවන්ත තත්ත්වයක් උදා විය හැකිය.
7. මත්පැන් තහනම් කරන නබි (සල්) තුමාණන්ගේ හදීස් වදන් කිහිපයක්.
“අපරාධ සියල්ලට මවක් (මෙන් මූලික) වන්නේ මත්වීමයි. අපරාධ අතරින් ඉතාමත් නින්දිත අපරාධය වන්නේ මත්වීමයි.“ යනුවෙන්  නබි (සල්) තුමාණන් වදාළ බව සුනන් ඉබ්නු මාජා හදීස් ග්‍රන්ථයේ සඳහන් වී ඇත.
“අධික ලෙස භාවිත කළ විට මත් කරවන ඕනෑම දෙයක් සුළු වශයෙන් හෝ භාවිතයට ගැනීමද තහනම් කරනු ලැබ ඇත.“ යනුවෙන් නබි (සල්) තුමානන් පැවසු පුවත සුනන් ඉබ්නු මාජා යන හදිස් ග්‍රන්ථයේ තුන්වන වෙළුමේ “මත් ද්‍රව්‍ය“ ය යන මාතෘකාව යටතේ තිස්වන ඡේදයේ 3392 වන පුවත ලෙස සඳහන් වී ඇත.
එබැවින් වැඩියෙන් හෝ අඩුවෙන් හෝ මත් පැන් භාවිත කිරීම ඉස්ලාම් දහමේ තහනම් කර ඇත.
මත්පැන් පැනය කරන්නන් පමණක් අල්ලාහ් විසින් ශාප කරනු ලැබුවන් නොවෙති. මත්පැන් පානයේදී සෘජුව හෝ වක්‍රෝක්තියෙන් සම්බන්ධ වන සියලු දෙනාම අල්ලාහ් විසින් ශාප කරනු ලැබුවන් වෙති.
1. මත්පැන් නිෂ්පාදනය කරන්නා
2. කවුරු වෙනුවෙන් මත්පැන් නිෂ්පාදනය කරනු ලැබුවේ ද, ඔහු
3. මත්පැන් පානය කරන්නා
4. මත්පැන් විකුණනු ලබන ස්ථාන වෙත එය රැගෙන යන්නන්
5. කවුරුන් වෙනුවෙන් මත්පැන් රැගෙන යනු ලබන්නේද ඔහු.
6. මත්පැන් බෙදන්නා
7. මත්පැන් විකුණන තැනැත්තා
8.මත්පැන් විකිණීමෙන් ලැබෙන මුදල් පරිහරණය කරන්නා
9. මත්පැන් මිලදී ගන්නා
10. තවත් කෙනෙක් සඳහා මත්පැන් මිළ දී ගන්නා යන කාණ්ඩ දහයකට අල්ලාහ්ගේ ශාපය උදා වේ.
යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් (රළි) වාර්තා කළහ. මූලාශ්‍රය සුනන් ඉබ්නු මාජා ග්‍රන්ථයේ තුන්වන වෙළුමේ මත් ද්‍රව්‍ය යන මාතාකාව යටතේ තිස්වන පරිච්ඡේදයේ 3380 වන නබි වදන වශයෙන් වාර්තා කරනු ලැබ ඇත.
8. මත්පැන් භාවිත කිරීමෙන් හටගන්නා රෝගයන්.
මත්පැන් භාවිත නොකළ යුතු යැයි විද්‍යාත්මකව අප්‍රමාණ හේතුන් තිබේ. නියමිත එක් හේතුවක් නිසා ලෝකයේ අධික ලෙස මරණ සිදුවනවා නම් එම රෝගය මත්පැන් පානය කිරීම නිසා ඇති වන මරණයයි. මත්පැන්  පානය කිරීම නිසා ලෝකයේ වසරක් පාසා ලක්‍ෂ සංඛයාත මිනිසුන් මරණයට පත් වෙති. මත්පැන් පානය කිරීම නිසා සිදු වන රෝග පිළිබඳ ව විස්තරාත්මකව පැවසීමට අවශ්‍ය නැත. මන්දයත් මත්පැන් පානය කිරීම නිසා ඇති වන සියලුම රෝග පිළිබඳ ව අප සියලු දෙනාම පොදුවේ දන්නා කරණකි. මේ සමඟ මා පහත ගොනු කර ඇති රෝග සියල්ලම මත්පැන් පානය කිරිම නිසා ආති වන රෝගයන්ය.
1. මත්පැන් පානය කිරීම නිසා අක්මාව දියවීමේ රෝගය ඇති වන බව සියලු දෙනාම දන්නා කරුණකි.
2. මිනිස් සිරුරේ ආමාංශයේ, හිස, බෙල්ල සහ අක්මාව වැනි අවයවන්හි පිළිකා ඇති වීමට මුල් වන්නේ මත්පැන් පානය කිරීමයි.
3.  ආමාශයේ ආසාදනය වැනි රෝග බඩවැල් හා සම්බන්ධ රෝග.
4. රුධිර පීඩනය, පපුවේ වේදනා සහ හෘදයාබාධ වැනි රෝග.
5.  වාත රෝග, අත් පා අක්‍රිය වීම, වලිප්පුව වැනි රෝග.
6.  ස්නායු පද්ධති හානියට පත්වීම, ස්නායු දුර්වල වීම වැනි  ස්නායු පද්ධතිය හා සම්බන්ධ රෝග.
7. මතක ශක්තිය නැතිවීම, මොළයේ ආබාධ වැනි මොළයට සම්බන්ධ රෝග.
8. බැරිබැරියා රෝගය, සම පිපිරීම, සමේ කැසීම වැනි සමේ රෝග.
9.  අත් පා වෙව්ලීම, ශරීරය වෙව්ලීම වැනි රෝග.
10. අධි තයිරෝඩතාව, ශරීරයේ නොයෙකුත් තැන් වල රුධිර නාළ හා ස්නායු අක්‍රියවීම.
11. සෙංගමාලය වැනි මාරාන්තික රෝග ඇති වීමට හේතු වන්නේ මත්පැන් පානයයි.
12. මත්පැන් පානයෙන් පිරිමින්හට ඇති වන රෝග වලට වඩා ස්ත්‍රීන්හට ඇති වන රෝග හා හානිය අධිකය. ගැබ්ගෙන සිටින කාන්තාවන් මත්පැන් පානය කිරීම නිසා හොඳින් වැඩුනු ගැබ පවා හානියට පත්වේ. මත්පැන් පානය කිරීම නිසා ගැබ් හානියට පත් වූ කාන්තාවන් බහුතරයක් වෛද්‍ය ලෝකය විසින්  හඳුනා ගෙන ඇත.
මෙසේ මත්පැන් පානය කිරීම නිසා ඇති වන රෝග ලැයිස්තු ගත කරගෙන යාහැකිය. මත්පැන් සම්බන්ධ කුරිරුකම් පිළිබඳ ව ඉස්ලාමීය පර්යේෂණ මධ්‍යස්ථානය මුම්බායේ සිට පලකොට ඇති එක් පත්‍රිකාවක් වදන් අතර.....
•    එම රෝගය බෝතලයක පුරවා අලෙවි කරනු ලබයි.
•    එම රෝගය සඳහා පුවත්පත්. ගුවන් විදුලි හා රූපවාහිනි නාලිකාවන් හා වෙළඳ දැන්වීම් තිබේ.
•    එම රෝගය ව්‍යාප්ත කිරිම සඳහා බල පත්‍ර නිකුත් කෙරේ.
•    එම රෝගය මගින් රජයට ආදායම් ලැබේ.
•    එම රෝගය මහා මාර්ගයේ මාරක අනතුරු සිදු කරයි.
•    එම රෝගය පවුල් ජීවිතය විනාශ කර මහා අපරාධ වර්ධනය කරයි.
•    මේ රෝගය පැතිරීම සදහා වෛරසයක් අවශ්‍ය නැත.
•    මත්පැන් පානය කිරීම එක් රෝගයක් යැයි ප්‍රකාශ කිරිමට වඩා එය ෂෛතාන්ගේ හොල්මන් කිරීමක් යනුවෙන් පැවසීම උචිතය.
9. මත්පැන් පානය කිරීම රෝගයක් නොව ෂෛතාන්ගේ ක්‍රියාකාරකම් වේ.
අල්ලාහ් විසින් පහළ කරන ලද අල් කුර්ආනයේ ෂෛතාන් පිළිබඳ ව අල්ලාහ් අපහට අනතුරු හඟවා තිබෙනවා. ඉස්ලාම් දහම මිනිසුන්ට යෝග්‍ය  ස්වභාවික දහමකි. ෂෛතාන්ගේ ක්‍රියාවන් සියල්ලක්ම මිනිසා තමන් ගමන් කරන යහ මාර්ගයෙන් වළක්වා අයහපත් මාර්ගයෙහි කැඳවා යාම ඉලක්ක කරයි. මතට ඇබ්බැහි වු මිනිසුන් හා සමාජය ස්වාභාවික තත්ත්වයෙන් ඈත් වී වෙනස් වූ ආකාරයට ක්‍රියා කිරීමේ පරිසරය අපි දකිමු. මත්ද්‍රව්‍ය නිසා මිනිසා තමා සිටිය යුතු සාමාන්‍ය තත්ත්වයෙන් අසාමාන්‍ය තත්ත්වයකට පත්වීම අපි දකිමු. මෙසේ මිනිසුන් තිරිසනුන්ට වඩා අන්ත පිරිහුණු තත්ත්වයට පත් කර, සියලු දෙනාගේම සැනසිල්ල  විනාශ කරන මත්පැන් පානය ඉස්ලාම් දහම තහනම් කරන්නේ එහෙයිනි.

13. සාක්ෂිකරුවන් අතර සමානතාව
ප්‍රශ්නය: එක් පිරිමියෙකුගේ සාක්ෂියට කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂිය සමාන වන්නේ කෙසේද?
පිළිතුර:
1. එක් පිරිමියෙකුගේ සාක්ෂියට කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂිය සමාන බව සෑම අවස්ථාවෙහිම සලකනු ලබන්නේ නැත.
සාක්ෂිකරුවන් පිරිමින්ද නැතහොත් කාන්තාවන් ද යැයි වෙන් කර සඳහන් නොකරන කුර්ආන් වැකි තුනක් ඇත.
•    කාන්තා සාක්ෂිකාරියන් දෙදෙනෙක් එක් පිරිමියෙකුට සමාන බව සෑම අවස්ථාවකම සලකනු ලබන්නේ නැත. පාරම්පරික දේපළ උරුමක්කාරකම් පිළිබඳ ව සඳහන් කරන විට සූරා මාඉදා 5: 106 වාක්‍ය මෙසේ පවසයි.
“අහෝ විශ්වාස කළවුනි! නුඹලාගෙන් කිසිවකුට මරණය පැමිණි විට ඔහු අන්තිම කැමැත්ත පවසන අවස්ථාවේ නුඹලාගෙන් යුක්තිගරුක දෙදෙනෙකු නුඹලා අතර සාක්ෂි වශයෙන් සිටිය යුතුය.  නැතහොත්, නුඹලා මිහිතලයේ ගමනක නියැළි මරණයේ අභාග්‍යය නුඹලාට අත් වූයේ නම් (මුස්ලිම්වරුන් වන නුඹලා අතුරින් සාක්ෂිකරුවන් නොමැති විටක) නුඹලා නොවන වෙනත් දෙදෙනෙකු සාක්ෂි වශයෙන් සිටිය යුතුය. නුඹලා (මොවුන් ගැන) සැක සිතන්නෙහු නම් සලාතයෙන් පසු ව ඔවුන් දෙදෙනා රඳවා ගනු. අපි මෙ(සේ සාක්ෂි පැවසීම) මගින් කිසිදු මිලක් ලබා නොගනිමු. ඔහු සමීප ඥාතියකු වුව ද අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි පැවසීමෙහි කිසිවක් වසන් නොකරන්නෙමු. සැබැවින්ම අපි එවිට පාපතරයින්ගෙන් වන්නෙමු යැයි අල්ලාහ් මත ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතුය.”
•    දික්කසාද නඩු සම්බන්ධ ව සාධාරණ ව කටයුතු කරන දෙදෙනෙක්.
 “නුඹලා අතරින් යුක්තිගරුක දෙදෙනෙකු සාක්ෂි වශයෙන් පත් කර ගනිවු. නුඹලා අල්ලාහ් ඉදිරියේ (එම) සාක්ෂිය ස්ථාපිත කරවු.” සුරා අත් තලාක් 65:2.
•    පතිවත් කාන්තාවන්ට එරෙහි ව චෝදනාවක් නගන විට සාක්ෂිකරුවන් සිව් දෙනෙක් අවශ්‍ය වේ.
•    පතිවත් කාන්තාවන්ට පරපුරුෂ  චෝදනාවක් එල්ල කර පසු ව සාක්ෂි හතරක් නොගෙනාවේ නම් එවිට ඔවුනට කසපහර අසුවක් දෙනු. ඔවුන්ගේ සාක්ෂි කිසිවිටෙකත් නුඹලා පිළිනොගනිවි. ඔවුන්මය පාපතරයින් වන්නේ.” සූරා අන් නූර් 24:4.
2. එක් පිරිමියෙකුට කාන්තා සාක්ෂිකාරියන් දෙදෙනෙක් සමාන වන්නේ මුදල් ගනු දෙනු සම්බන්ධව කටයුතු කිරීමේ දී පමණි.
කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂිය එක් පිරිමියෙකුගේ සාක්ෂියට සමාන බව ඇතැම් අවස්ථාවන්හි සලකනු ලබන බව සැබෑවකි. සාක්ෂිකරුවන් පිළිබඳ ව ඔවුන් පිරිමින් ද නැතහොත් කාන්තාවන් ද යනු සඳහන් නොකරන අල් කුර්ආන් වැකි පහක් තිබේ. කෙසේ වෙතත් කාන්තා සාක්ෂිකාරියන් දෙදෙනෙක් එක් පිරිමි සාක්ෂියට සමාන බව පවසන එකම එක වාක්‍යයක් අල් කුර්ආනයේ දක්නට තිබේ. මෙය සූරා බකරා 2:282 වන වාක්‍ය බව සලකන්න. තවද මූල්‍ය ගනු දෙනු සම්බන්ධ ව පැහැදිලි කරන සහ කුර්ආනයේ තිබෙන දීර්ඝතම වාක්‍යය මෙය වේ.
“අහෝ විශ්වාස කළවුනි! නියමිත කාලයක් දක්වා වූ ණයක් සම්බන්ධයෙන් නුඹලා ණය ගනු දෙනු කර ගන්නෙහු නම් එය ලේඛන ගත කරනු. .....තවද නුඹලාගේ පුරුෂ පාර්ශවයෙන් සාක්ෂි කරුවන් දෙදෙනකු සාක්ෂි වශයෙන් තබනු. පුරුෂ පාර්ශවයෙන් දෙදෙනෙකු නොවූයේ නම් එක් පුරුෂයෙකු හා සාක්ෂිකරුවන්ගෙන් නුඹලා පිළිගන්නා අය අතුරින් ස්ත්‍රීන් දෙදෙනෙකු විය යුතුය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට වැරදුණු විටක ඔවුන් දෙදෙනාගෙන් අනෙක් තැනැත්තිය එය මතක් කර දිය හැකිය.”
අල් කුර්ආනයේ මෙම වාක්‍යය මූල්‍ය ගනු දෙනු ගැන පමණක් සඳහන් කරයි. මෙවැනි අවස්ථාවන්හි දෙපාර්ශවය අතර  ගිවිසුමක් ලිඛිත ව සකස් කළ යුතු බවද, එහි සාක්ෂි කරුවන් දෙදෙනෙක් සිටිය යුතු බවද, එම සාක්ෂිකරුවන් දෙදෙනාම පිරිමින් පමණක් තෝරා ගැනීම උචිත බවද මෙහි සඳහන් වේ. කිසියම් හේතුවක් නිසා පිරිමින් දෙදෙනෙක් සොයා ගත නොහැකි වන විට එක් පිරිමියෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් සෑහෙන බවද මෙම වාක්‍ය තව දුරටත් පවසයි.
උදාහරණයක් වශයෙන්, යම් රෝගයක් සඳහා කෙනෙක් ශල්‍ය කර්මයට භාජන වීමට අවශ්‍ය වන බව සිතමු. ශල්‍ය කර්මය අත්‍යවශ්‍ය බව සනාථ කර ගනු පිණිස ඔහු සුදුසුකම් ලත් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් අදහස් විමසයි. විශේෂඥ ශල්‍ය වෛදවරුන් දෙදෙනෙක් සොයා ගත නොහැකි වුයේ නම්, විකල්පයක් වශයෙන් ඔහු අවම වශයෙන් එක් විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් සහ සාමාන්‍ය සහතික ලත් වෛද්‍යවරුන් දෙදෙනෙකුගෙන් අදහස් විමසයි.
මේ ආකාරයෙන් මූල්‍ය ගනු දෙනුවක දී පිරිමින් දෙදෙනෙක් සාක්ෂි දැරීම සුදුසු යැයි ඉස්ලාම් අපේක්ෂා කරයි. තම පවුලේ අයගේ නඩත්තුව සඳහා ආදායම් උපයන කටයුතු පිරිමින්ගේ වගකීම විය යුතු බව ඉස්ලාම් අපේක්ෂා කරයි. මූල්‍යමය වගකීම පිරිමින් උසුලන හේතුවෙන්  මුදල් ගනු දෙනු පිළිබඳ ව කාන්තාවන්ට වඩා පිරිමින්ට මනා දැනුම තිබිය යුතුය. දෙවැනි විකල්පයක් වශයෙන් එක් පිරිමියෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් සාක්ෂිකරුවන් ලෙස පත් කළ හැකි වේ. මේ මගින් එක් කාන්තාවකට යම් දැයක් අමතක වුයේ නම්, අනෙක් තැනැත්තිය මතක් කර දිය හැක. මෙම වාක්‍යයෙහි භාවිත කරන වචන “තාzසිල්” වන අතර එහි අර්ථය ව්‍යාකූල වීම හෝ වැරදි කිරීම යන්නයි. මෙම වචනය බොහෝ දෙනෙක් අමතක වීම යනුවෙන් පරිවර්තනය කර ඇත. ඉහත කරුණු වලට එකඟ ව  කාන්තා සාක්ෂිකාරියන් දෙදෙනෙක් එක් පිරිමියෙකුට සමාන  බව සඳහන් කරන්නේ මුදල්මය ගනු දෙනුවක් සම්බන්ධ ව පමණක් බව සලකන්න.
3. මිනිස් ඝාතන සම්බන්ධ නඩුවක දී කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂිය එක් පිරිමියෙකුට සමාන වේ.
කෙසේ වෙතත්, කාන්තාවගේ චෛතසික ස්වභාවය නිසා ඝාතන නඩුවක සාක්ෂි දීමේ දී ගැටලු මතු විය හැකි බව ආගමික විද්වතුන් අදහස් දක්වති. මෙවැනි සිද්ධියක පිරිමින් සමඟ සසඳා බලන විට කාන්තාවන් වඩා භීතියට පත් වීමේ ස්වභාවය සහිත අය වෙති. ඇයගේ චිත්තවේගය නිසා ඇය ව්‍යාකූල තත්ත්වයට පත් විය හැක. මේ හේතුවෙන් මිනිස් ඝාතන නඩුවක දී කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂිය එක් පිරිමියෙකුගේ සාක්ෂිය හා සමාන බව ආගමික නීතිවේදීන් නිගමනය කරති. අන් සියලු නඩු වල එක් කාන්තාවගේ සාක්ෂිය එක් පිරිමියෙකුගේ සාක්ෂියට සමාන වේ.
4. එක් කාන්තාවකගේ සාක්ෂිය එක් පිරිමියෙකුගේ සාක්ෂියට සමාන බව අල් කුර්ආන් පැහැදිලි ව ප්‍රකාශ කරයි.
සෑම නඩුවකම කාන්තාවන් දෙදෙනෙකුගේ සාක්ෂිය එක් පිරිමියෙකුගේ සාක්ෂිය හා සමාන බව ඇතැම් ආගමික විද්වතුන් පිරිසක් මත දරති. අල් කුර්ආනයේ සූරා නූර් 24: 6 වන වාක්‍යය ප්‍රකාශ කරන ආකාරයට එක් පිරිමියෙකුගේ සාක්ෂිය එක් කාන්තාවකගේ සාක්ෂියට සමාන බව පෙන්වයි
“තමන් හැර  වෙනත් සාක්ෂීන් කිසිවක් තමන්ට නොමැති තත්ත්වයේ තම භාර්යාවන්ට පරපුරුෂ චෝදනාවක් එල්ල කරන්නවුන් නම්, ඔවුන් අතරින් වූ කෙනෙකුගේ සාක්ෂිය වනුයේ තමන් සත්‍ය ප්‍රකාශ කරන්නන් අතුරින් කෙනෙකු බවට අල්ලාහ් මත දිවුරා සිව් වරක් සාක්ෂි දැරීමය.”
එමෙන්ම, “සැබැවින්ම ඔහු බොරුකාරයින් අතුරින් යැයි අල්ලාහ් මත දිවුරා ඇය (චෝදනා ලැබු බිරිය) සිව්වරක් සාක්ෂි දැරීම (ඇය කෙරෙහි නියම වූ) දඬුවම ඇයගෙන් වළක්වාලන්නේය.” සූරා නූර් 24:8 වන වාක්‍යය.
5. හදීස් වදනක් පිළි ගනු ලැබීම සඳහා ආයිෂා (රළි) තුමියගේ ඒකීය සාක්ෂිය ප්‍රමාණවත් වේ.
මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ බිරිය වන ආයිෂා (රළි) තුමිය හදීස් වදන් 2220ක් පමණ වාර්තා කළාය. මේ හදීස් වදන් සියල්ල සත්‍යවත් බව පිළි ගනු ලැබුවේ එතුමියගේ ඒකීය සාක්ෂිය පදනම් කරගෙනය. එක් කාන්තාවකගේ සාක්ෂිය පිළි ගත හැකි බව සනාථ කිරීමට මෙය ප්‍රමාණවත් වේ.
මාසයේ නව සඳ දුටු බව එක් කාන්තාවක් සාක්ෂි දැරුවේ නම්, එය ද ප්‍රමාණවත් බව ආගමික නීතිවේදීන් බොහෝ දෙනෙකු එකඟ වෙති. ඉස්ලාමයේ ප්‍රධාන කුලුනක් වන රමදාන් මාසයේ මුස්ලිම් සමාජයට අයත් පිරිමින් සහ කාන්තාවන් සියලු දෙනාම උපවාසය ආරම්භ කිරීම සදහා එක් කාන්තාවකගේ සාක්ෂි දැරීම ප්‍රමාණවත් බව ඉස්ලාම් සලකන අලංකාරවත් ආදර්ශය දෙස නෙත් යොමු කරන්න. රමදාන් මාසයේ ආරම්භය සනාථ කිරීම පිණිස එක් සාක්ෂියක් ද රමදාන් මාසය අවසාන කිරීම පිණිස සාක්ෂීන් දෙදෙනෙක් ද අවශ්‍ය බව ඇතැම් ආගමික නීති වේදීන් පවසති. මෙලස සාක්ෂි දරන්නන් පිරිමියෙකු හෝ කාන්තාවක් යන වෙනස මෙහි අදාළ නැත.
6. ඇතැම් නඩුවල කාන්තාවන්ගේ සාක්ෂිය වඩා උචිත වේ.
ඇතැම් සිද්ධීන්හි කාන්තාවන්ගේ සාක්ෂිය පමණක් පිළි ගත හැකි වන අතර, එම අවස්ථාවේ පිරිමින්ගේ සාක්ෂිය පිළි ගත නොහැකි වනු ඇත. නිදසුනක් වශයෙන් කාන්තා මෘතු දේහය භූමිදානය කිරීමට පෙර ස්නානය කරන විට, ඒ බවට කාන්තාවක් සාක්ෂි දැරිය යුතුය.
මූල්‍යමය ගනු දෙනුවකදී පිරිමි හා කාන්තා සාක්ෂි අතර අසමානකම් තිබෙන බව පෙනෙන්නේ ඉස්ලාම්හි ස්ත්‍රී පුරුෂතාවේ අසමානකම තිබෙන නිසා නොවේ. සමාජයේ පිරිමින් හා කාන්තාවන්ගේ වෙනස් වූ භූමිකාව හා වෙනස් වූ ස්වභාවය පිළිබඳ ව ඉස්ලාම් විශේෂ සැලකිලි දක්වන එකම හේතුවෙන් ය.
14. ඉස්ලාම් හි දේපළ උරුමය
ප්‍රශ්නය: ඉස්ලාමීය නීතිය යටතේ පිරිමින්ට දෙනු ලබන වස්තුවෙන් භාගයක් පමණක් කාන්තාවන්ට ලැබෙන්නේ කුමන හේතුවෙන් ද?
පිළිතුර:
සැබෑ උරුමක්කරුවන් අතර දේපළ උරුමය නිවැරදි ව බෙදා දීම සම්බන්ධ ව දීර්ඝ හා පුළුල් විස්තර අල් කුර්ආන් හි දක්නට ඇත.
•    අල් කුර්ආන් සූරා අංක 2 වාක්‍ය 180
•    අල් කුර්ආන් සූරා අංක 2 වාක්‍ය 240
•    අල් කුර්ආන් සූරා නිසා 4 වාක්‍ය 7 සිට 9 දක්වා
•    අල් කුර්ආන් සූරා නිසා 4 වාක්‍ය 19
•    අල් කුර්ආන් සූරා නිසා 4 වාක්‍ය 33
•    අල් කුර්ආන් සූරා 5 වාක්‍ය 106 සිට 108 දක්වා
2. ඥාතීන් අතර නියමිත ප්‍රමාණ උරුමය බෙදා දීම.
සමීපතම ඥාතීන් අතර කොටස් බෙදා දීම සම්බන්ධ ව විස්තර කරන වාක්‍ය 3ක් දක්නට තිබේ. ඒවා නම් සූරා නිසා වාක්‍ය අංක 11, 12 සහ 176. ඒවා දෙස අවධානය යොමු කරමු.
“අල්ලාහ් නුඹලාගේ දරුවන් විෂයෙහි පිරිමියාට කාන්තාවන් දෙදෙනෙකුගේ කොටස මෙන් විය යුතු යැයි උපදෙස් දෙන්නේය. නමුත් දෙදෙනෙකුට වඩා කාන්තාවන් (පමණක්) වූයේ නම් එවිට තමන් හැර දමා ගිය දැයින් තුනෙන් දෙකක් ඔවුනට විය යුතු ය. එක් තැනැත්තියක් පමණක් වූවා නම් එවිට ඇයට අඩකි. තවද තම දෙමාපියන් විෂයෙහි ඔහුට දරුවෙකු වී ඔහු හැර දමා ගිය දැයින් ඔවුන් දෙදෙනාගෙන් එක් එක්  අයෙකුට හයෙන් එක් කොටසක් විය යුතුය. නමුත් ඔහුට දරුවෙකු නොවී එයට තම දෙමාපියන් උරුමකම් කියන්නේ නම් එවිට තම මවට තුනෙන් එකකි. නමුත් ඔහුට සහෝරයෙකු සිටී නම් ඔහු කවර දෙයක් සම්බන්ධ ව අන්තිම කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ද ඉන් පසු ව හා ණය පියවීමෙන් පසු ව තම මවට හයෙන් එක් කොටසක් සතු වේ. නුඹලාගේ දෙමාපියන් හා නුඹලාගේ දරුවන් වන ඔවුන් අතුරින් නුඹලාට ප්‍රයෝජනය ගෙන දීමට වඩාත් සමීපතයින් කවුරුන් දැ යි නුඹලා නොදන්නෙහුය. (මෙය) අල්ලාහ්ගෙන් වූ නියමයකි. නියත වශයෙන් ම අල්ලාහ් සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත විය.
නුඹලාගේ බිරියන් හැර දමා ගිය දැයින් අඩක්, ඔවුනට දරුවෙකු නොමැති නම් නුඹලාට හිමි ය. ඔවුනට දරුවෙකු සිටී නම් එවිට ඔවුන් උපදෙස් දුන් අන්තිම කැමැත්තට පසු ව හා ණය පියවීමෙන් පසු ව ඔවුන් හැර දමා ගිය දැයින් හතරෙන් එක් කොටසක් නුඹලාට හිමි ය. එමෙන් ම නුඹලාට දරුවෙකු නොසිටි නම්, නුඹලා හැර දමා ගිය දැයින් හතරෙන් එක් කොටසක් ඔවුනට හිමි ය. නමුත් නුඹලාට දරුවෙකු සිටී නම් එවිට නුඹලා කවර දෙයක් ගැන අන්තිම කැමැත්ත ප්‍රකාශ කරන්නේ ද ඉන් පසු ව හා ණය පියවීමෙන් පසු ව අටෙන් කොටසක් ඔවුනට හිමි ය.  මිනිසෙකු හෝ කාන්තාවක් (දරුවන් හෝ දෙමාපියින් නොමැති) කලාලා නම් ගණයට අයත් කෙනෙකු වශයෙන් උරුමකම් පාන කෙනෙකු සිට ඔහුට සහෝදරයෙකු හෝ සහෝදරියක සිටී නම් ඔවුන් දෙදෙනාගෙන් එක් එක් කෙනෙකුට හයෙන් කොටසක් දිය යුතුය. නමුත් ඊට වඩා අධික ව ඔවුහු සිටියෙහු නම් එවිට ඔවුහු තුනෙන් කොටසක් තුළ හවුල්කරුවෝ වෙති. එය කවර දෙයක් ගැන අන්තිම ප්‍රකාශය කරනු ලබන්නේ ද එය හා ණය පිය වීමෙන් පසු ව ය. (උරුමකරුවන් කිසිවෙකුට) හිංසා කරන්නෙකු නොවිය යුතුය. මෙය අල්ලාහ්ගේ උපදෙසකි. තවද අල්ලාහ් සර්ව ඥානීය. ඉවසිලිවන්තය.“ සූරා නිසා 11 සහ 12.
(නබිවරය!) ඔවුහු ඔබෙන් ආගමික තීන්දු පතති. කලාලා සම්බන්ධයෙන් වූ ආගමික තීන්දු අල්ලාහ් නුඹලාට දෙනු ඇතැයි පවසනු. තමන්ට සහෝදරියක සිටිය දී තමන්ට දරුවෙකු නොවූ තත්ත්වයක පුද්ගලයක් මරණයට පත් වූයේ නම් එවිට ඔහු අත හැර දමා ගිය දැයින් අඩක් ඇයට හිමි විය යුතුය. එමෙන්ම ඇයට දරුවකු නොවූයේ නම්  ඔහු ඇය(ගේ වස්තුව)ට උරුමකම් පානු ඇත. එමෙන්ම සහෝදරියන් දෙදෙනෙකු වී නම් ඔහු අත හැර දමා ගිය දැයින් තුනෙන් දෙකක් ඔවුන් දෙදෙනාට හිමි විය යුතුය. ඔහුට පිරිමි හා ගැහැනු සහෝදර සහෝදරියන් වී නම් කාන්තාවන් දෙදෙනකුට හිමි කොටස මෙන් (කොටසක්) පිරිමියාට හිමිය.  නුඹලා නොමඟ නොයනු පිණිස අල්ලාහ් නුඹලාට (මෙසේ) පැහැදිලි කරන්නේය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව ඥානීය.“ සූරා නිසා 4:176
3. ඇතැම් අවස්ථාවන්හි පිරිමින්ට වඩා කාන්තාවන් අධික ව උරුම කර ගනිති.
බොහෝ අවස්ථාවන්හි පිරිමින් මෙන් අඩක් කාන්තාවන් උරුම ලබති. කෙසේ වෙතත්, මෙය නිතර සිදුවන්නේ නැත. දෙමාපියන් හෝ දරුවන් නොමැති කෙනෙක් මිය යන විට, ඔහුට එක කුසේ උපන් සහෝදරයෙක් සහ සහෝදරියක් ජීවතුන් අතර සිටියේ නම්, ඔවුන් දෙදෙනාම දේපොළෙන් හයෙන් කොටසක් බැගින් උරුම කරති.
මිය ගිය තැනැත්තාට දරුවන් සිටියේ නම්, ඔහුගේ පියා සහ මව යන දෙදෙනාම සමාන ව හයෙන් කොටසක් බැගින් දේපොළ උරුම කර ගනිති. පිරිමියෙකුගේ කොටස මෙන් දෙගුණයක් කාන්තාවකට හිමි වන අවස්ථාවන් ද ඇත. දරුවන් හෝ සහෝදර සහෝදරියන් හෝ නොමැති කාන්තාවක් මිය ගියේ නම්, ඇගේ මව හා පියා ද  ඇගේ සැමියාද ජීවතුන් අතර සිටින්නේ නම්, සැමියාට ඇගේ දේපො‍ළෙන් අඩක් හිමි වනු ඇත. ඉතිරි කොටසින් මවට තුනෙන් දෙකක් ද පියාට තුනෙන් කොටසක් ද හිමි වනු ඇත. එනම් පියාට වඩා දෙගුණයක් මව හිමි කර ගන්නාය.
4. සාමාන්‍යයෙන් පිරිමියෙකුගේ කොටස මෙන් භාගයක් කාන්තාවක් උරුම කර ගනී.
බොහෝ අවස්ථාවන්හි පොදු නීතියට එකඟ ව, පිරිමි යෙකුගේ කොටස මෙන් භාගයක් කාන්තාවක් හිමි කර ගන්නා බව අපි දකිමු. පහත සඳහන් අවස්ථාවන් දෙස බලමු.
1. පුතෙකුගේ උරුමය මෙන් භාගයක් දියණිය හිමි කර ගනී
2. මිය ගිය තැනැත්තාට දරුවන් නොමැති නම් බිරිය 1/8 කොටසක් හිමි කර ගන්නා අතර සැමියාට ¼ කොටසක් හිමි වනු ඇත.
3. මිය ගිය තැනැත්තාට දරුවන් සිටින්නේ නම් බිරිය 1/4 කොටසක් හිමි කර ගන්නා අතර සැමියාට 1/2 කොටසක් හිමි වනු ඇත.
4. මිය ගිය තැනැත්තාට දෙමාපියන් හෝ දරුවන් කිසිවෙක් නොමැති නම්, ඔහුගේ සොහොයුරා හිමි කර ගන්නා කොටස මෙන් භාගයක් සොහොයුරියට හිමි වනු ඇත.
5. පිරිමියෙක් පවුලේ සාමාජිකයන්ට මූල්‍යමය මාර්ගයෙන් සහය දක්වන හේතුවෙන් පිරිමියෙකුට ලැබෙන කොටස කාන්තාවකගේ නොටස මෙන් දෙගුණයක් වේ.
ඉස්ලාමයේ කාන්තාවකට මූල්‍යමය වගකීමක් නැති අතර, පවුලේ ආර්ථික වගකීම උසුලන කටයුතු පිරිමින් මත පැවරී ඇත. කාන්තාවක් විවාහ වීමට පෙර ඇයගේ යැපීම්, ඇඳුම් පැලඳුම් වැනි සියලු අවශ්‍යතා සැපයීම සහ වෙනත් මුල්‍යමය අවශ්‍යතා ගැන වග බලා ගැනීම ඇයගේ පියාට හෝ සහෝදරයන්ට පවරා තිබේ. කාන්තාවක් විවාහ වූ පසු ව ඇයගේ අවශ්‍යතා සියල්ල ඉටු කිරීම ඇගේ සැමියා හෝ පුතාගේ වගකීම බව ඉස්ලාම් පවසයි. තම පවුලේ අවශ්‍යතාවන් සියල්ල ඉෂ්ට කිරීම පිණිස මූල්‍යමය වගකීම පිරිමියා මත ඉස්ලාම් පවරයි. මෙම වගකීම ඉටු කිරීම සඳහා පිරිමින්ට කොටස් දෙකක් පිරිනමනු ලබන බව සළකන්න.
නිදසුනක් වශයෙන් රුපියල් එක් ලක්ෂ පනස් දහසක් තම පුතාට හා දියණියට ඉතිරි කර තබා මිනිසෙක් මිය යන බව සිතමු. එම මුදලින්  පුතාට රුපියල් එක් ලක්ෂයක් හිමි වන අතර, දියණයට රුපියල් පනස් දහසක් හිමි වනු ඇත. පුතාට හිමි වු රුපියල් එක් ලක්ෂයකින් තම නැගණිය ඇතුළු පවුලේ සියලු දෙනා සඳහා වියදම් කරන්නට සිදු වනු ඇත. මේ සඳහා ඔහු රුපියල් අසු දහසක් පමණ වියදම් කරන්නට සිදු වුවහොත් ඔහුට ඉතිරි වන්නේ රුපියල් විසිදහසක් පමණි. කෙසේ වෙතත් රුපියල් පනස් දහසක් උරුමයක් වශයෙන් ලබන දියණියක් එම මුදලින් කිසිවෙකු සඳහා රුපියලයක් වුවද වියදම් කිරීමට අවශ්‍ය නැත. තමාට ලැබුණු උරුමය වියදම් නොකර ඇය සම්පූර්ණයෙන් රඳවා ගතහොත්, කිසිවෙකුට කිසිවක් පැවසිය නොහැක. මෙම තත්ත්වය මත ඔබ තෝරා ගන්නේ කුමන කොටසද? රුපියල් ලක්ෂයකින් ඉතිරි වන රුපියල් විසි දහසද නැතහොත් සම්පූර්ණ මුදල වන පනස් දහසද්?
15. අල් කුර්ආන් දේව වැකි ද?
ප්‍රශ්නය: අල් කුර්ආන් දේව වාක්‍ය බව ඔබ ඔප්පු කරන්නේ කෙසේද?
පිළිතුර:
මෙහි පිළිතුර සකස් කර අවසන් වී, විචාර කර අවසන් වු පසු ඇතුළු කරනු ලැවේ.

16. ආහිඃරා හෙවත් මරණයෙන් පසු ජීවිතය.
ප්‍රශ්නය: මරණයෙන් පසු ජීවිතයක් තිබෙන බව ඔබට ඔප්පු කර පෙන්විය හැකිද?
පිළිතුර:
1. මරණයෙන් පසු ජීවිතය යනු අන්ධ විශ්වාසයක් නොවේ
විද්‍යාව පිළිබඳ දැනුම සහ තර්ක ශාස්ත්‍රය ඉගෙන ගත් කිසියම් කෙනෙක් මරණයෙන් පසු ජීවිතයක් තිබෙන බව විශ්වාස කරන්නේ කෙසේ දැයි බොහෝ දෙනෙක් මවිතයට පත් වෙති. එවැනි විශ්වාසය සහිත කෙනෙක් අන්ධ විශ්වාසය පසුපස හඹා යන බව ඇතැම් ජනතාව පවසති.
එහෙත් මරණයෙන් පසු ජීවිතය පිළිබඳ ව විහ්වාසය කරන්නන් යුක්ති සහගත ව තර්ක කරන්නන් බව මම විශ්වාස කරමි.
2. මරණයෙන් පසු ජීවිතය යුක්ති සහගත කථාවකි.
මේ පිළිබඳ ව විද්‍යනුකූල ව සනාථ කරන දහසකටත් අධික අල් කුර්ආන් වැකි තිබන බව සලකන්න. කුර්ආනයේ සඳහන් සත්‍ය කරුණු බොහෝමයක් සොයා ගනු ලැබුවේ විද්‍යා පිළිබඳ ව දැනුම වර්ධනය වු පසු ගිය ශත වර්ෂ කිහිපයක් තුළ දී බව අපි අමතක කළ නොයුතුය. එහෙත් අල් කුර්ආනයේ දක්නට තිබෙන සත්‍යය තොරතුරු සනාථ කළ හැකි තරමට විද්‍යාව තවමත් දියුණු වී නැත.
අල් කුර්ආනයේ තිබෙන වාක්‍යයන් අතරින් 80%ම විද්‍යනුකූල ව නිවැරදි බව 100%ම සනාථ වී අවසාන බව සිතමු. එනම් ඉතිරි වී තිබෙන 20% ක කරුණු පිළිබඳ ව ඒවා වැරදි ද නැතහොත් නිවැරදි ද  යැයි කිසිදු විවේචනයක් කිරීමට විද්‍යාවට නොහැකි වන්නේ, විද්‍යාව තවමත් එම තත්ත්වයට දියුණු වී නොමැති හේතුවෙනි. අප සතු ඉතාමත් සීමිත දැනුම උපයෝගි කර ගෙන ඉතිරි 20% කොටසින් එක් වාක්‍යය හෝ වාක්‍යයෙන් කොටසක් වූවද වැරදි බව ප්‍රකාශ කළ නොහැක. මෙයට එකඟ ව අල් කුර්ආනයේ 80%ක් නිවැරදි නම්, එහි ඉතිරි 20% කොටස ද නිවැරදි බව තර්කනුකූල ව පිළි ගත යුතු ව තිබේ. මරණයෙන් පසු ජිවිතයක් තිබෙන බව ප්‍රකාශ කරන වාක්‍ය මෙම ඉතිරි 20% කොටසට අයත් වන අතර, ඒවාද නිවැරදි බව පැවසීම යුක්ති සහගත ක්‍රියාවක් බව මම සලකමි.
3. මරණයෙන් පසු ජීවිතය යන සංකල්පය නොමැති ව  සාමය සහ මානව සාරධර්ම පිළිබඳ සංකල්ප වලින් කිසිදු ඵලක් නැත.
සොරකම් කිරීම යහපත් ක්‍රියාවක්ද නැතහෙත් අයහපත් ක්‍රියාවක්ද? සාමාන්‍ය බුද්ධිය සහිත ඕනෑම කෙනෙක් එය අයහපත් ක්‍රියාවක් බව පවසයි. මරණයෙන් පසු ජීවිතය ගැන විශ්වාසයක් නොමැති කෙනෙක්, සොරකම් කිරීම පාප ක්‍රියාවක් බව සමාජයේ ශක්තිමත් හා පාතාල ලෝකය සමඟ සම්බන්ධකම් පවත් වන කෙනෙකුට පහදා දෙන්නේ කෙසේද?
මම ලෝක ප්‍රකට භයානක අපරාධකරුවෙක් යැයි මොහොතකට සිතමු. ඒ සමඟ මම බුද්ධිමත් හා ප්‍රායෝගික ව ක්‍රියා කරන කෙනෙකි. සොරකම් කිරීමේ මාර්ගයෙන්  සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන්නට මට හැකි වන බැවින් සොරකම් කිරීම යහ ක්‍රියාවක් බව මම තර්ක කරමි. මගේ මේ මතයට එකඟ ව සොරකම් කිරීම මට වාසිදායක ක්‍රියාවකි.
සොරකමට භාජන වූ තැනැත්තා අසීමිත කරදර වලට මුහුණ දෙයි.
සොරකමට භාජන වූ පුද්ගලයා විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙන්නට සිදු වන බව ඇතැම් අය පැවසිය හැක. සොරකමට භාජන වීම, එම තැනැත්තාට අයහපතක් බව මම එකඟ වෙමි. එහෙත් එම ක්‍රියාව මට වාසිදායක එකක් බව මම දනිමි. රුපියල් ලක්ෂයක් මම සොරකම් කළේ නම්, තරු පහේ හෝටලයක හොඳ ආහාරයක් ගැනීමට මට හැකි වනු ඇත.
ඔබෙන් ද තවත් කෙනෙක් සොරකම් කළ හැක.
කවදා හෝ දිනයක මා ද සොරකමකට භාජන විය හැකි බව ඇතැම් අය මට අවවාද කරති. එහෙත් කිසිවෙකුට මගෙන් සොරකම් කළ නොහැක. මන්ද මම බලගතු සාහසිකයෙකි. තවද මගේ ආරක්ෂාව සඳහා සිය ගණන් ආරක්ෂක භටයින් මා වටා සිටිති. ඕනෑම කෙනෙකුගෙන් සොරකම් කරීමට මට හැකියාව තිබෙන අතර, කිසිවෙකුට මගෙන් සොරකම් කළ නොහැක. සොරකම් කිරීම අවදානම් සහිත රැකියාවක් බව සාමාන්‍ය මිනිසෙක් සිතිය හැකි නමුත්, මා වැනි බලගතු කෙනෙකුට එවැනි අනතුරු කිසිවක්  නැත.
පොලීසිය ඔබ ව අත් අඩංගුවට ගත හැක
කෙනෙක් සොරකම් කළහොත් ඔහු ව පොලීසිය විසින් අත් අඩංගුවට ගන්නා බව සමාජයේ ඇතැම් පිරිස පවසති. පොලීසියට පවා මම අල්ලස් දෙන බැවින් අපේ පොලීසිය කිසි විටෙක මා අත්අඩංගුවට ගන්නේ නැත. එපමණක් නොව මැති ඇමතිවරුන් පවා මගේ මුදලට යටත් වෙති. සාමාන්‍ය මිනිසෙක් සොරකම් කළේ නම් ඔහු නීතියේ රැහැනට හසු වන හෙයින් ඔහුට සොරකම් කිරීම අයහපත් වන නමුත් මම අසාමාන්‍ය බලපුළුවම්කාරකම සහිත සමාජයේ ප්‍රබල පුද්ගලෙකි.
මෙසේ තිබියදී,  සොරකම් කිරීම අයහපත් බව හෝ මම එය නවත්වා දැමිය යුත්තේ ඇයි දැයි පිළි ගත හැකි එක හේතුවක් මට පෙන්වන්න.
මෙය මුදල් උපයන ඉතාමත් පහසු මාර්ගය වේ.
මෙය මුදල් උපයන පහසු මාර්ගය වන අතර එය මහන්සි වී උපයා ගත් මුදල් නොවන බව ඇතැම් අය පැවසිය හැක. සොරකම් මගින් පහසුවෙන් මුදල් උපයන්නට හැකි බව මම සම්පූර්ණයෙන් එකඟ වෙමි. මෙම මාර්ගය මම තෝරා ගන්නට මෙය ප්‍රධාන හේතුවකි. කෙනෙකුට පහසු මාර්ගයෙන් මුදල් උපයන්නට හෝ මහන්සි වී මුදල් උපයන්නට හැකි මාර්ග දෙකක් තිබේ නම් යුක්ති සහගතව කල්පනා කරන ඕනෑම කෙනෙක් තෝරා ගන්නේ පහසු මාර්ගය වේ.
සොරකම මනුෂ්‍ය වර්ගයාට එරෙහි ව කරන ක්‍රියාවකි
එය මනුෂ්‍ය වර්ගයාට එරෙහි ව කරන ක්‍රියාවක් බවද, මිනිසා සෙසු ජනයාට සැලකිලි දැන් විය යුතු බවද ඇතැම් අය පැවසිය හැක. මනුෂ්‍යත්වය යන මෙම නීතියේ කර්තෘවරයා කවරෙක්ද? මම මේ නීතිය අනුගමනය කළ යුත්තේ කුමක් නිසාද? යනුවෙන් මෙම තර්කයට එරෙහි ව මම නගන ප්‍රශ්නය වේ.
සොරකම් කිරීම ආත්මාර්ථකාමි ක්‍රියාවකි
සොරකම් කිරීම ආත්මාර්ථකාමි ක්‍රියාවක් බව ඇතැම් අය පැවසිය හැක. එය සැබෑ බව මම පිළිගනිමි, එහෙත් මම ආත්මාර්ථකාමි නොවිය යුතු වන්නේ කුමක් නිසාද? මේ මාර්ගයෙන් මට ජීවිතයේ සතුටුවිය හැක.
1. සොරකම් කිරීම අයහපත් ක්‍රියාවක් බවට කිසිදු තර්කානුකූල හේතුවක් නොමැත
මේ හේතුවෙන් සොරකම් කිරීම අයහපත් ක්‍රියාවක් යැයි ඔප්පු කිරීම සඳහා කරන සියලු උත්සාහයක්ම නිශ්ඵලය. මෙවැනි තර්ක මගින් සාමාන්‍ය කුඩා සොරෙකුගේ සිත වෙනස් කළ හැකි නමුත්, මා වැනි ශක්තිමත් හා බලගතු අපරාධකරුවෙකුට මේවායින් කිසිදු ඵලක් නැත. සාධාරණත්වය සහ තර්ක ශාස්ත්‍රය පදනම් කර ගත් මෙවැනි වාද වලින් මා තුළ කිසිදු වෙනසක් සිදු කළ නොහැක. මේ හේතුන් නිසා ලොවේ මෙතරම් විශාල සංඛ්‍යාත අපරාධ කරුවන් ජීවත් වීම පුදුමයට කරුණක් නොවේ.
එමෙන්ම, ස්ත්‍රී දූෂණ, වංචා කිරීම වැනි මහා පාපයන් මා වැනි මහා අපරාධකරුවෙක් සිදු කිරීම වරදක් නොවන බව තර්ක කළ හැක. කුමන ආකාර ලෙස තර්ක කළත් මේවා අයහපත් බව පවසන මගේ ස්ථාවරය කිසිසේත් වෙනස් කිරීමට අවශ්‍යතාවක් නැත.
2. ශක්තිමත් හා බලගතු අපරාධකරුවෙකුගේ ක්‍රියා මාර්ගය වැරදි බව ඔප්පු කිරීමට මුස්ලිම්රවයෙකුට හැකි වේ.
අප දෙදෙනාගේ භූමිකාව මාරු කර ගනිමු. ඔබ ලෝකයේ ඉතාමත් ශක්තිමත් හා සමාජයේ බලගතු අපරාධකරුවෙක් යැයි සිතමු. පොලීසිය හා මැති ඇමතිවරුන්ට ඔබ මුදල් ගෙවා ඔබට පක්ෂ ව හරවා ගෙන ඇත. ඔබ ව ආරක්‍ෂා කරනු පිණිස මැරවර හමුදාවක් ම සිටියි. මුස්ලිම්වරයෙකු වන මම සොරකම් කිරීම, ස්ත්‍රී දූෂණය, වංචාව වැනි ක්‍රියාවන් සියල්ල අයහපත් හා පාපතර  ක්‍රියාවන් බව ඔප්පු කරන්නෙමි.
සොරකම් කිරීම අයහපත් ක්‍රියාවක් බව ඉහත සඳහන් තර්ක සියල්ල මම ඉදිරිපත් කළත්, අපරාධ කරුවා පෙර සඳහන් ආකාරයෙන්ම ප්‍රතිචාර දක්ය.
කෙනෙක් සමාජයේ බලගතු අපරාධකරුවෙකු වශයෙන් සිටින තුරු පමණක් ඔහු තර්කානුකූල ව පිළිතුර දෙන බවද ඔහු ඉදිරිපත් කරන සියලු වාද සැබෑ වන බවද මම පිළිගනිමි.
3. සෑම මිනිසෙකුම යුක්තිය අපේක්ෂා කරයි
සෑම මිනිසෙකුම යුක්තිය ප්‍රිය කරයි. ඔහු අන් අයට යුක්තිය ප්‍රිය නොකළත්, තමාට යුක්තිය ලැබිය යුතු බව ඔහු අපේක්ෂා කරයි. ඇතැම් මිනිසුන් බලය හා තනතුරු මගින් මත් වී, අන් අයට වේදනා නගති.  කෙසේ වෙතත්, මේ මිනිසුන් ඔවුන්ටම අයුක්තියක් සිදු වුයේ නම් එයට එරෙහි හඬ නගති. මෙම ජනතා පිරිස අන් අයගේ වේදනාව අවබෝධ කර ගැනීමට අසමත් වීමට හේතුව ඔවුන් බලය හා ධනය දෙවියන් ලෙස පුද පූජා කිරීමය. බලය හා ධනය නිසා අන් අය කෙරෙහි අයුක්තිය පනවන්නට ඔවුන්ට අනුමත ලැබෙන අතර, අන් අය ඔවුනට එලෙස අයුක්තියක් සිදු කිරීමට ඉඩ නොදෙති.
4. දෙවියන් වහන්සේ මහත් ශක්ති සම්පන්න හා යුක්ති සහගතය.
මුස්ලිම්වරයෙකු වශයෙන් අල්ලාහ්ගේ පැවැත්ම පිළිබඳ ව, එම අපරාධකරුට පහදා දීමට මට හැකි වනු ඇත. අල්ලාහ් ඔබට හා මට වඩා අධි බලසම්පන්න කෙනෙක් වන අතර ඉතාමත් යුක්ති සහගත වේ. මේ බව අල්ලාහ් කුර්ආනයේ මෙසේ පවසයි.
إِنَّ اللَّـهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّ‌ةٍ ۖ وَإِن تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِن لَّدُنْهُ أَجْرً‌ا عَظِيمًا ﴿٤٠﴾
“සැබැවින්ම අල්ලාහ් අණුවක තරමක් වුව ද අපරාධයක් සිදු නොකරයි. එය යම් යහපතක් වූයේ නම් එය ඔහු(අල්ලාහ්) ප්‍රගුණ කරයි. තවද ඔහු වෙතින් අතිමහත් ප්‍රතිඵල ඔහු පිරිනමයි.”  සූරා අන් නිසා 4: වාක්‍ය 40.
5. අල්ලාහ් මට දඬුවම් නොදෙන්නේ කුමක් නිසාද?
තර්කානුකූල ව  හා විද්‍යාත්මක ව කථා කිරිමට දක්ෂ අපරාධ කරුවා කුර්ආන් වාක්‍යයන්හි අඩංගු විවිධ විද්‍යනුකූල සාධක තුළින් දෙවි කෙනෙක් සිටින බව අවසානයේ පිළිගනී. දෙවියන් වහන්සේ මෙතරම් බලගතු හා සාධාරණ නම්, ඔහුට දඬුවම් නොදෙන්නේ කුමක් නිසා දැයි ඔහු අවසානයේ වාද කරයි.
6. අසාධාරණකම් කරන ජනතාව දඬුවම් ලැබිය යුතුයි.
ධනය හෝ සමාජයේ තත්ත්වය වැනි භේදයෙන් තොර ව අයුක්තියට ලක් වූ සෑම කෙනෙක්ම එම අපරාධකරු දඬුවම් ලැබිය යුතු බව පවසති. සොරෙක් හෝ ස්ත්‍රී දූෂකයෙක් නිසි පාඩම් ලැබිය යුතු බව සෑම සාමාන්‍ය පුරවැසියෙකුම ඉල්ලා සිටිති. රටේ නීති රැහැනට හසු වු බොහෝ අපරාධකරුවන් දඬුවම් ලබන නමුත් තවත් විශාල සංඛ්‍යාවක් නිදැල්ලේ සැරිසරති. මෙවැනි අපරාධකරුවන් තමන් අනිසි ලෙස උපයා ගත් මුදලින් සුඛෝපභෝගි ජීවිතයේ සතුටින් නිරත වෙති. අයුක්ති මාර්ගයෙන් මුදල් උපයන බලගතු අපරාධකරුවෙකුට ඔහුට වඩා ශක්තිමත් හා බලවත් පුද්ගලයෙකු විසින් අයුක්තියක් සිදු කර ලැබුනේ නම්, අයුක්තියට ලක් වූ අපරාධකරුවා පවා තමාට අයුක්තිය සිදු කළ තැනැත්තාට දඬුවම් ලැබිය යුතු බව ඉල්ලා සිටියි.
7. මරණයෙන් මතු ජීවිතය සඳහා මෙලොව ජීවිතය  පරීක්ෂණයකි.
මරණයෙන් පසු ලැබෙන ජීවිතය සඳහා මෙලොව ජීවිතය පරීක්ෂණයක් බව අල් කුර්ආනය පවසයි.
الَّذِي خَلَقَ الْمَوْتَ وَالْحَيَاةَ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۚ وَهُوَ الْعَزِيزُ الْغَفُورُ‌ ﴿٢﴾
“නුඹලා අතුරින් කවරෙකු ක්‍රියාවේ උතුම් ද යන්න පිරික්සනු පිණිස, ඔහු මරණය හා ජීවිතය නිර්මාණය කළේය. තවද ඔහු අති බලසම්පන්නය.අති ක්‍ෂමාශීලීය.” අල් කුර්ආන් සූරා අල් මුල්ක් 67: වාක්‍ය 2
كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيَامَةِ فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ (3-185)
“සෑම ආත්මයක් ම මරණයේ රසය විඳින්නේය. නුඹලාට නුඹලාගේ ප්‍රතිඵල පූර්ණ ව පිරිනමනු ලබනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ය. එවිට කවරෙක් (නිරා)ගින්නෙන් දුරස් කරනු ලැබ (ස්වර්ග) උයනට ඇතුළත් කරනු ලැබුවේ ද සැබැවින් ම ඔහු ජයග්‍රහණය කළේය. තව ද මෙලොව ජීවිතය රවටාලන හුදු භුක්ති විඳීමක් මිස නැත.” සූරා ආල ඉම්රාන් 3:වාක්‍ය 185
මළවුන් කෙරෙන් නැගිටින දිනයේ අවසාන විනිශ්චය දෙනු ලබනු ඇත. මිනිසෙක් මරණයට ලක් වුවායින් පසු ව, විශාල ජනරැල්ල සමඟ නැගිටුවනු දිනයේ යළි ප්‍රණය දෙනු ලැබ නැගිටවනු ඇත. කෙනෙක් මෙලොව ජීවිතයේම ඔහුට නියමිත දඬුවමින් කොටසක් දෙනු ලබනු ඇත. අවසාන තිළිණය සහ දඬුවම මෙම යළි නැගිටින දිනයේ දෙනු ලබයි. සොරුන්ට හා ස්ත්‍රී දූෂකයින්ට ඇතැම්විට මෙලොව ජීවිතයේ දඬුවම් දෙනු නොලැබෙන නමුත්, මරණයෙන් පසු පැමිණෙන විනිශ්චය දිනයේ ඔහු කළ සියලු වරද වලට ඔහු සැබැවින්ම පිළිතුර දිය යුතු අතර, එදින අල්ලාහ් විසින් දඬුවම් පනවනු ලබන්නෝය.
9. හිට්ලර් වැනි අපරාධකරුවෙකුට මිනිස් අධිකරණය විසින් දිය හැකි උපරිම දඬුවම කුමක් ද?
හිට්ලර් තම බිහිසුනු පාලනය යටතේ යුදෙව්වරුන් මිලියන හයක් පුලුස්සා ඝාතනය කරනු ලැබීය. මෙම සාපරාධය සඳහා යුක්තියේ නාමයෙන් මිනිස් අධිකරණය මගින් හිට්ලර්ට දිය හැකි උපරිම දඬුවම කුමක්ද? හිට්ලර් ද එල්ලුම් ගසට නියම කර දඬුවම් ලැබිය හැක. මෙම දඬුවම එක් යුදෙව් ජාතිකයෙකු ඝාතනය කිරිමේ වරදට දෙන දඬුවම වේ. එසේ නම්, ඉතිරි මිලියන පන් ලක්ෂ නව සීය අනු නව යුදෙව් වරුන්ගේ ඝාතනය සඳහා දෙන දඬුවම කුමක් විය යුතුද?
10. හිට්ලර්ව මිලියන හය සීය වරක් නිරා ගින්නේ පුලුස්සන්නට අල්ලාහ්ට හැකිය.
අල් කුර්ආනයේ අල්ලාහ් මෙසේ අවවාද කරයි.
إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كُلَّمَا نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُوا الْعَذَابَ إِنَّ اللهَ كَانَ عَزِيزًا حَكِيمًا (56)
“සැබැවින්ම අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන් ව අපි මතු ගින්නට ඇතුළත් කරන්නෙමු. ඔවුන්ගේ හම් (ගින්නෙන්) පිලිස්සුනු සෑම විටකම ඔවුන් දඬුවම විඳිනු පිණිස ඒ හැර අපි ඔවුනට (වෙනත්) හම් මාරු කර දෙන්නෙමු. සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරී, සර්ව ප්‍රඥාවන්ත විය.” අල් කුර්ආන් සූරා අන් නිසා 4:වාක්‍ය 56.
අල්ලාහ් කැමති නම් හිට්ලර් වැනි අපරාධකරුවෙකු මරණයෙන් පසු ජිවිතයේ අපාය ගින්නේ මිලියන හය ලක්ෂ වාරයක් පුලුස්සන්නට හැකි ය.
11. මරණින් පසු ජිවිත සංකල්පය නොමැතිනම් මානව සාරධර්මය හෝ හොඳ හා නරක යන සංකල්ප කිසිවක් නැත.
මෙයට එකඟ ව, මරණයෙන් පසු ජීවිතය පිළිබඳ ව කෙනෙකුට අවබෝධ කර නොදී, සමාජයේ අයුක්තිය සිදු කරන කෙනෙකුට මානව සාරධර්මයේ වටිනාකම හෝ හොඳ හා නරක ක්‍රියාවන් පිළිබඳ විස්තර කිරීමෙන් කිසිදු ඵලක් නැත. එම අපරාධකරුවා සමාජයේ බලගතු හා බලවත් කෙනෙක් ව සිටියේ නම් මෙලෙස පහදා දීමේ කාර්යය තවත් අපහසු වන බව පිළිගත යුතුය.
17. මුස්ලිම්වරුන් නිකාය වශයෙන් බෙදී සිටින්නේ කුමන හේතුවක් නිසා ද?
ප්‍රශ්නය: මුස්ලිම්වරු සියලු දෙනාම අල් කුර්ආනය අනුගමනය කරන විට, ඔවුනතර විවිධ නිකාය හා විවිධ මත පදනම් කර ගත් මෙතරම් කණ්ඩයම් පවතින්නේ කෙසේද?
පිළිතුර:
1. මුස්ලිම්වරුන් සමගි විය යුතුය.
මුස්ලිම්වරුන් අද භේද බින්න වී විවිධ කණ්ඩයම් වශයෙන් වෙන් වී සිටිනා බව සත්‍යයකි. මෙවැනි භේද කිසිවක් ඉස්ලාම් අනුමත ‍නොකළ බව කනගාටුවෙන් හෝ පැවසිය යුතුය. තම අනුගාමිකයන් අතර සමගිය වර්ධනය විය යුතු යැයි ඉස්ලාම් විශ්වාස කරයි.
تَفَرَّقُوا وَاذْكُرُوا نِعْمَةَ اللهِ عَلَيْكُمْ إِذْ كُنْتُمْ أَعْدَاءً
අල් කුර්ආනය මෙලෙස ප්‍රකාශ කරයි. “නුඹලා සියල්ල අල්ලාහ්ගේ රැහැන තදින් ග්‍රහණය කර ගනු. තවද නුඹලා වෙන් ව නොයනු.” සූරා ආල ඉම්රාන් 3:වාක්‍ය 103.
අල්ලාහ්ගේ රැහැන යනුවෙන් මෙහි සඳහන් වන්නේ කුමක් ද? එය අල් කුර්ආනය යි. මුස්ලිම්වරුන් සියලු දෙනාම තදින් ග්‍රහණය කළ යුතු රැහැන ශුද්ධ වූ අල් කුර්ආනය යි. මේ පිළිබඳ ව දෙවරක් තදින් අවධාරණය කරන ලදී. තදින් ග්‍රහණය කර ගන්නා ලෙස උපදෙස් දෙන මෙම වාක්‍ය “නුඹලා වෙන් ව නොයනු” යනුවෙන් ද නියෝග කරයි.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللهَ وَأَطِيعُوا الرَّسُولَ
“විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම රසූල්වරයාට ද අවනත වනු.” සූරා අන් නිසා 4: වාක්‍ය 59.
මෙයට එකග ව මුස්ලිම්වරු අල්ලාහ්ගේ ග්‍රන්ථය සහ පිළිගත් හදීස් වදන් අනුගමනය කළ යුතු අතර, ඔවුනතර භේද වී වෙන් විය නොයුතු බව නියෝග කරයි.
2. නිකාය හෝ කණ්ඩයම් වශයෙන් බෙදීම ඉස්ලාම් තහනම් කරයි.
මේ බව අල් කුර්ආන් පවසන්නේ මෙසේය.
إِنَّ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا لَسْتَ مِنْهُمْ فِي شَيْءٍ إِنَّمَا أَمْرُهُمْ إِلَى اللَّهِ ثُمَّ يُنَبِّئُهُمْ بِمَا كَانُوا يَفْعَلُونَ (159)
“සැබැවින්ම තම දහම බෙදා වෙන් කොට කණ්ඩායම් වශයෙන් පත් වූවන් ඔවුන් අතුරින් නුඹ කිසිදු විෂයයක නොවන්නෙහිය. සැබැවින්ම ඔවුන්ගේ විෂය සියල්ල අල්ලාහ් වෙතය. පසු ව ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු ඔවුනට දන්වයි.” අල් කුර්ආන් සූරා අල් අනාම් 6: වාක්‍ය 159.
මෙම වාක්‍ය මගින් තම දහම විවිධ නිකාය හා කණ්ඩායම් වශයෙන් කඩා වෙන් කරන්නන්ගෙන් ඉවත් වී සිටිය යුතු බව අල් කුර්ආන් අවවාද කරයි.
මෙවැනි පැහැදිලි නියෝග තිබිය දී මුස්ලිම්වරයෙකුගෙන් “නුඹ කවරෙක් දැ?” යි විමසන විට අපි පොදුවේ සවන් දෙන පිළිතුරු වන්නේ “මම සුන්නි වරයෙකි” හෝ “මම ෂිආ වරයෙකි” යනුවෙන් ය. ඇතැමුන් තමන් ෂාෆි හෝ හනෆි හෝ මාලිකි හෝ හම්බලි යනුවෙන් පිළිතුර දෙති. ඉන්දියාවේ ජනතාව තමන් දියෝබන්දි හෝ බ්‍රේලවි යනු පිළිතුර දීමට පුරුදු වී සිටිති.
3. අපගේ නබි (සල්) තුමාණන් මුස්ලිම්වරයෙකි.
මෙලෙස පිළිතුර දෙන මුස්ලිම්වරුන්ගෙන් අපි “අපගේ හිතවත් නබි (සල්) තුමාණන් කවරෙකු දැ? ”යි අපි විමසමු. එතුමාණන් හනෆි ද නැතහොත් ෂාෆි ද නැතහොත් හම්බලි ද, මාලිකි ද? තමාට පෙර අල්ලාහ් විසින් එවනු ලැබු සියලු නබිවරුන් මෙන් එතුමාද මුස්ලිම්වරයෙකි.
සූරා ආල ඉම්රාන් 3: වාක්‍ය 52 ජේසුස් වහන්සේ මුස්ලිම් වරයෙක් බව ප්‍රකාශ කරයි. එමෙන්ම සූරා ආල ඉම්රාන් 3: වාක්‍ය 67 ඉබ්‍රාහිම් (අලෛ) යුදෙව් හෝ ක්‍රිස්තු බැතිමතෙක් නොව මුස්ලිම්වරයෙක් බව ප්‍රකාශ කරයි.
4. ඔබ මුස්ලිම් යැයි අල් කුර්ආන් හඳුන්වා දෙයි.
•    කෙනෙක් “නුඹ කවුරෙක් ද?” යි ඔබෙන් විමසුවහොත් “මම හනෆි හෝ ෂාෆි නොව මම මුස්ලිම්වරයෙකි” යැයි පිළිතුර දිය යුතුය.
وَمَنْ أَحْسَنُ قَوْلًا مِّمَّن دَعَا إِلَى اللَّـهِ وَعَمِلَ صَالِحًا وَقَالَ إِنَّنِي مِنَ الْمُسْلِمِينَ ﴿٣٣﴾
“තවද අල්ලාහ් වෙත ඇරයුම් කර, යහකම් කර ‘සැබැවින්ම මම (අල්ලාහ්ට අවනත වන) මුස්ලිම් වරයෙකි‘ යැයි පවසන්නාට වඩා ප්‍රකාශයෙන් ඉතා යහපත් වන්නේ කවරරෙක් ද? ” සූරා හාමීහ් සජදා 41: වාක්‍ය 33.
“මම ඉස්ලාමයේ (අල්ලාහ්ට අවනත වන) කෙනෙකි” යැයි පවසන ලෙස මෙම වාක්‍ය උපදෙස් දෙයි. වෙනත් ආකාරයෙන් කියන්නේ නම්  “මම මුස්ලිම්වරයෙකි” යැයි ප්‍රකාශ කරන ලෙස කුර්ආන් උපදෙස් දෙයි.
•    මුස්ලිම් නොවන විදේශ රජවරුන් හා පාලකවරුන්ට ඉස්ලාමය වෙත ඇරයුම් කර නබි (සල්) තුමාණන් ලිපි එවුහ. සෑම ලිපියකම සූරා අල ඉම්රාන් 3: වාක්‍ය 64 සඳහන් කර තිබුණි.
فَقُولُوا اشْهَدُوا بِأَنَّا مُسْلِمُونَ (64)
“සැබැවින් ම අපි අවනත වූ(මුස්ලිම්)වරු බවට නුඹලා සාක්ෂි දරනු යැයි  පවසනු.” සූරා ආල ඉම්රාන් 3: වාක්‍ය 64.
5. ඉස්ලාමයේ සියලු ශාස්ත්‍රධරයන්ට ගෞරවය දක්වනු
ඉමාම් අබු හනිෆා, ඉමාම් ෂාෆි, ඉමාම් හම්බලි සහ ඉමාම් මාලිකි (ඔවුන් සියලු දෙනාට අල්ලාහ්ගේ කරුණාව හිමිවේවා) යන සියලු ආගමික ශාස්ත්‍රධරයින්ට අපි ගෞරව දැක්විය යුතුය. මේ පිරිස උතුම් ආගමික විද්වතුන් වන අතර අල්ලාහ් ඔවුන්ට නිසි ත්‍යාග ලබා දෙත්වා. මුස්ලිම්වරයෙක් ඉමාම් ෂාෆි හෝ ඉමාම් හනෆිගේ ගවේෂණය හෝ මතය සම්බන්ධ ව එකඟ වන්නේ නම්, කිසිවෙකුට විරුද්ධ විය නොහැක. එහෙත් “ඔබ කවරෙක් ද?” යන ප්‍රශ්නයට “මම මුස්ලිම්වරයෙකි” යනුවෙන් ඔහුගෙන් පිළිතුර ලබිය යුතුය.
මෙහිදී මුහම්මද් නබි (සල්) තුමාණන් අනාවැකි පැවසු බව සුනන් අබු දාවුද් හි  වාර්තා කරන ලද අංක 4579 දරණ “මගේ සමූහය නිකාය 73කට බිඳී යනු ඇත.” යන හදිස් වදන ඇතැම් පිරිස සදහන් කළ හැක.
මුස්ලිම් සමූහයේ නිකාය හෝ කණ්ඩායම් හැත්තෑ තුනක් බිහි වන බව මෙම හදීසය පවසන නමුත් මුස්ලිම්වරුන් නිකාය වශයෙන් බිඳී යෑමට ඕනෑකමින් ක්‍රියා කළ යුතු බව කිසි තැනක සඳහන් කර නැත. අල් කුර්ආන් වැකි මගින් අල්ලාහ් අපට නිකාය බිහි නොකරන ලෙස නියෝග කර ඇත. අල් කුර්ආනය සහ පිළිගත් හදීස් වදන් අනුගමනය කර නිකාය හෝ කණ්ඩායම් වශයෙන් බිඳී නොයන්නන් සත්‍යය මාර්ගයේ රැඳී සිටිති.
නබි (සල්) තුමාණන් මෙලෙස වදාළහ. “මාගේ සමූහය කොටස් හැත්තෑ තුනකට බිඳී යන්නෝය. ඔවුන් අතරින් එක් පිරිසක් හැර අන් සියලු දෙනාම නිරා ගින්නේ සිටින්නෝය.” එවිට සහාබාවරුන් “එම පිරිස කවුරුන් දැයි” විමසුවෝය. එවිට “මා සහ මගේ සහාබාවරුන් සිටින පිරිස වේ.” යැයි නබි (සල්) තුමාණන් පිළිතුර දුන්හ. මූලාශ්‍රය තිර්මිදි හදීස් අංක 171.
අල් කුර්ආනය මේ මාතෘකාව පිළිබඳ ව වාක්‍ය කිහිපයක් මගින් “අල්ලාහ්ට අවනත වනු, ඔහුගේ දූතයාණන්ට අවනත වනු.” යැයි පවසයි. සැබෑ මුස්ලිම්වරයෙක් කීර්තිමත් කුර්ආනය සහ පිළිගත් හදිස් වදන් පමණක් අනුගමනය කළ යුතුය.  ඕනෑම ආගමික විද්වතෙකුගේ මත ඒවා අල් කුර්ආනය සහ පිළිගත් හදීස් වදන් වලට එකඟ වන්නේ නම් පමණක් පිළි ගත හැක. ඔවුන්ගේ මත අල් කුර්ආනය හෝ පිළිගත් හදීස් වදන් වලට පටහැණි නම්, එම විද්වතුන් කෙතරම් උගත් වුවත්, ඔවුන්ගේ එම මත කිසිවිටෙක පිළිගනු නොලැබේ.
සෑම මුස්ලිම්වරයෙකුම අවබෝධ සහිත ව අල් කුර්ආනය පාරායනය කර, සහීහ් හදීස් වදන් අනුගමනය කරන්නේ නම්, ඉන්ෂා අල්ලාහ් මුස්ලිම්වරු අතර තිබෙන වැරදි මත විසඳා ගෙන අපි සියලු දෙනාම එකම සමාජයක් බවට පත් විය හැකි වේ.
 18. සියලු ආගම් යහපත් දේ පමණක් උගන්වන්නේ නම්, ඉස්ලාමය පමණක් අනුගමනය කිරීමට අවශ්‍ය ද?
පිළිතුර:
1. ඉස්ලාම් සහ අනිකුත් ආගම් අතර තිබෙන ප්‍රධාන වෙනස
කුසල් ක්‍රියාවන් කරන ලෙස ද අකුසල් ක්‍රියාවන්ගෙන් ඉවත් වන ලෙස ද සියලු ආගම් මිනිසාට අනුශාසනා කරයි. එහෙත් ඉස්ලාම් එයට වඩා බොහෝ ඉදිරියේ සිටියි. අපගේ පුද්ලික හා සමූහ ජීවිතයේ කුසල් ක්‍රයාවන් කිරීමට සහ අකුසල් ක්‍රියාවන්ගෙන් ඉවත් විමට ඉස්ලාම් ප්‍රායෝගික ව මඟ පෙන්වයි. මිනිසාගේ ස්වභාවය සහ මිනිස් සමාජයේ සංකීර්ණතාව පිළිබඳ ව ඉස්ලාම් විශේෂ සැලකිලි දක්වයි.  මැවුම්කරු විසින් එවනු ලැබු මඟ පෙන්වීම ඉස්ලාම් වේ. එබැවින් එය දීන් උල් ෆිත්රා (මිනිසාගේ ස්වභාවික දහම)  යනුවෙන්ද හැඳින්වේ.
2. නිදසුන්: සොරකම් කිරීමෙන් ඉවත් ව සිටින ලෙස ඉස්ලාම් නියෝග කරන අතර, එසේ ඉවත් වන්නේ කෙසේද යන ක්‍රමයද පෙන්වයි.
•    සොරකම් කිරීම වැළකීමේ ක්‍රමය ඉස්ලාම් පෙන්වයි.
සොරකම් කිරීම පාප කර්මයක් බව සියලු ආගම් පවසයි. එසේ නම් ඉස්ලාම් සහ අනෙකුත් ආගම් අතර තිබෙන වෙනස කුමක්ද? සොරකම් කිරීම පාප කර්මයක් යැයි පැවසීමට අමතර ව, සොරකම් කිරීමෙන් වැළකී සිටිම පිණිස සමාජයක් ගොඩනැගීමේ ක්‍රමවේදය ඉදිරිපත් කරන්නේ ඉස්ලාම් පමණයි. වෙනත් ආගම් සහ ඉස්ලාම් අතර තිබෙන විශාල වෙනස මෙය වේ.
•    zසකාත් ක්‍රමය පනවා තිබෙන්නේ ඉස්ලාම් හි පමණයි.
සමාජයේ දුගී ජනතාවට වාර්ෂික ගෙවීම් ක්‍රමය ඉස්ලාම් අනිවාර්යය කර ඇත. මුස්ලිම් කෙනෙකු වෙත නිසාබ් සීමාව ඉක්මවා ඉතිරි වී තිබෙන මුදල් පුමාණය සඳහා 2.5% බදු වශයෙන් පදනම් කර ගත් මුදල් වර්ෂයක් පාසාම දුගීන්ට ගෙවිය යුතුය. රන් ග්‍රෑම් 85ක් නිසාබ් ප්‍රමාණ බව සැළකේ. සෑම ධනවතෙක්ම තම සකාත් කොටස අවංක ව ගෙවන්නේ නම්, දිළිඳුකම ලොවෙන් තුරන් කිරීම අපහසු කාර්යයක් නොවන බව පැහැදිලිය. මෙම ක්‍රමයෙන් කුස ගින්න නිසා ලොවේ කිසිවෙක් මිය යන්නේ නැත.
•    සොරකම් කිරීම සඳහා අත කපා හැරීම
සොරකම් කළ කෙනෙකුගේ අත කපා හරින ලෙස ඉස්ලාම් අණ කරයි. මේ බව කුර්ආන් වාක්‍ය දෙස බලමු.
وَالسَّارِقُ وَالسَّارِقَةُ فَاقْطَعُوا أَيْدِيَهُمَا جَزَاءً بِمَا كَسَبَا نَكَالًا مِنَ اللَّهِ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ (38)
“හොරෙක් හෝ හෙරක් ඔවුන් උපයා ගත් දෑ ට ප්‍රතිවිපාකයක් වශයෙන් අල්ලාහ්ගෙන් වූ දඬුවමක් ලෙසින් නුඹලා ඔවුන් දෙපළගේ අත් කපා දමනු. තවද අල්ලාහ් සර්ව බලධාරීය. සර්ව ප්‍රඥාවන්තය.” සූරා අල් මාඉදා 5:වාක්‍ය 38.
එහෙත් ඇතැම් මුස්ලිම් නොවන පිරිසක් “20වන ශත වර්ෂයේ අත් කපා හරිනවාද? එනිසා ඉස්ලාම් මිලේච්ඡ හා අනුකම්පා නැති ආගමකි”  යැයි පැවසිය හැක.
•    ඉස්ලාමීය නීතිය ක්‍රියාවේ යෙදෙන විට යහ ප්‍රතිඵල හිමි වේ.
දියුණු වූ රටවල් අතර ඇමරිකා එක්සත් ජනපදය ප්‍රමුඛ ස්ථානය ගනී. අවාසනවකට සාපරාධ, සොරකම් හා මංකොල්ල කෑම් වැනි අංශයන්හි ප්‍රධාන ස්ථානය ද ඇමරිකාව හිමි කර ගනි. ඉස්ලාමීය නීතිය ඇමරිකාවේ යොදවන්නේ නම් කුමක් සිදුවේදැයි මොහොතකට කල්පනා කරමු. සෑම ධනවත් ඇමරිකානු ජාතිකයෙකුටම zසකාත් ගෙවන්නට සිදු වේ. අධිකරණය විසින් දඬුවම් දෙනු ලැබු සෑම අපරාධකරුවෙකුගේම දඬුවම් වශයෙන් අත කපා හරිනු ලබයි. මෙවැනි සමාජයක අපරාධ වැඩි වෙයි ද, අඩු වෙයි ද, නැතහොත් වෙනස් නොවී රැඳී පවති ද? අපරාධ අඩු වන බව නිසැකව කිව හැක. මේවාට අමතර ව, සොරකම් කිරීමට අපේක්ෂා කරන සෑම වරදකරුවෙකුම අධෛර්‍යමත් වන බව නම් නිසැකය.
අද ලොවේ සෑම රටකම සිදු වන අපරාධ ප්‍රමාණය ඉතා විශාලය. සොරුන්ගේ අත් කපා හරින්නට සිදු වුයේ නම්, දහස් ගණන් සංඛ්‍යාවකගේ අත් කපා දමන්නට සිදු වන බව නම් නිසැකය. මෙහිදී වැදගත් වන්නේ, ෂරීආ නීතිය ඇමරිකාවේ යොද වන එම මොහොතේ පාප ක්‍රියාවන් සියල්ල වහාම අඩු විය හැක. සොරකම් කරන්නට අපේක්ෂා කරන බහුතර දෙනෙක් තම අවයවන් ආරක්ෂා කර ගනු පිණිස තම තීරණය වෙනස් කිරීමට සූදානම් වෙයි. දඬුවම් ලැබිය හැක යන අවබෝධය නිසාම බහුතර දෙනෙක් අධෛර්ය ට පත්වෙති. අවසානයේ සොරකම් කරන ජනතාවගේ සංඛ්‍යාව හීන වනු ඇත. මේ හේතුවෙන් සිමිත කිහිප දෙනෙකුගේ අත් පමණක් කපා හරිනු ලබන අතර, ඉතිරි බහුතර ජනතාව සහනයෙන් ජීවත්වීමට අවස්ථාවක් සකස් වනු ඇත.
මෙයට එකඟ ව ඉස්ලාමීය ෂරිආ නීතිය ප්‍රායෝගික සහ යහපත් ප්‍රතිඵල ගෙන දෙන්නේය.
3වන උදාහරණය: ස්ත්‍රී දූෂණය සහ ස්ත්‍රී අපරාධය ඉස්ලාම් තහනම් කරයි. ඉස්ලාමය හිජාබ් නියම කර, ස්ත්‍රී දූෂණ වරදට මරණ දඬුවම නියම කරයි.
•    ස්ත්‍රී දූෂණය හා ස්ත්‍රී අපරාධ වළක්වනු පිණිස ඉස්ලාම්හි නීති මාර්ග ඇත.
ස්ත්‍රී දූෂණය හා ස්ත්‍රී අපරාධ මහා අපරාධයක් බව සෑම ආගමක්ම ප්‍රකාශ කරයි. ඉස්ලාම් දහමේ ස්ථාවරය ද එසේම වේ. එසේ නම් ඉස්ලාම් සහ අනිත් ආගම් අතර තිබෙන වෙනස කුමක් ද? ඉස්ලාම් දක්වන වෙනස නම්, කාන්තාවන්ට ගෞරවය දැක්විය යුතු යැයි ද, ස්ත්‍රී දූෂණ හා ස්ත්‍රී අපරාධය මහා අපරාධයක් බව ඉස්ලාම් ප්‍රකාශ කිරීම පමණක් නොව එවැනි සාපරාධය සමාජයෙන් තුරන් කිරීමට ප්‍රායෝගික ක්‍රියා මාර්ගයක් ද ඉස්ලාම් නිර්දේශ කරයි.
•    පිරිමින්ට හිජාබ්
ඉස්ලාම් දහමේ හිජාබ් ක්‍රමයක් ඇත. අල්ලාහ්ගේ ග්‍රන්ථය වන අල් කුර්ආනය හිජාබ් නම් ආවරණය කාන්තාවන්ට නිර්දේශ කිරීමට පෙර ප්‍රථමයෙන් නිර්දේශ කළේ පිරිමින්ටය. මේ බව අල් කුර්ආන් ප්‍රකාශ කරන්නේ මෙසේය.
قُل لِّلْمُؤْمِنِينَ يَغُضُّوا مِنْ أَبْصَارِهِمْ وَيَحْفَظُوا فُرُوجَهُمْ ۚ ذَٰلِكَ أَزْكَىٰ لَهُمْ ۗإِنَّ اللَّـهَ خَبِيرٌ بِمَا يَصْنَعُونَ ﴿٣٠﴾
“(නබිවරය!) තමන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද තමන්ගේ ලිංගික අවයවන් ආරක්ෂා කරන මෙන් ද විශ්වාස වන්ත පිමින්ට පවසනු. එය නුඹලාට ඉතාමත් පිවිතුරුය. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.” සූරා අන් නූර් 24: වාක්‍ය 30.
කාන්තාවක් දෙස නෙත් යොමු කර පිරිමියෙකුගේ සිත් තුළ අයපත් හෝ ලැජ්ජා විරහිත සිතුවිලි හට ගත්තේ නම්, ඔහු වහාම නෙත් පහත හෙළිය යුතුය.
•    කාන්තාවන්ට හිජාබය
කාන්තාවන් සඳහා වන හිජාබය මෙසෙ සඳහන් වේ.
وَقُل لِّلْمُؤْمِنَاتِ يَغْضُضْنَ مِنْ أَبْصَارِهِنَّ وَيَحْفَظْنَ فُرُوجَهُنَّ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا مَا ظَهَرَ مِنْهَا ۖوَلْيَضْرِبْنَ بِخُمُرِهِنَّ عَلَىٰ جُيُوبِهِنَّ ۖ وَلَا يُبْدِينَ زِينَتَهُنَّ إِلَّا لِبُعُولَتِهِنَّ أَوْ آبَائِهِنَّ أَوْ آبَاءِ بُعُولَتِهِنَّ أَوْ أَبْنَائِهِنَّ أَوْ أَبْنَاءِ بُعُولَتِهِنَّ أَوْ إِخْوَانِهِنَّ أَوْ بَنِي إِخْوَانِهِنَّ أَوْ بَنِي أَخَوَاتِهِنَّ أَوْ نِسَائِهِنَّ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُنَّ أَوِ التَّابِعِينَ غَيْرِ أُولِي الْإِرْبَةِ مِنَ الرِّجَالِ أَوِ الطِّفْلِ الَّذِينَ لَمْ يَظْهَرُوا عَلَىٰ عَوْرَاتِ النِّسَاءِ ۖ وَلَا يَضْرِبْنَ بِأَرْجُلِهِنَّ لِيُعْلَمَ مَا يُخْفِينَ مِن زِينَتِهِنَّ ۚ وَتُوبُوا إِلَى اللَّـهِ جَمِيعًا أَيُّهَ الْمُؤْمِنُونَ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿٣١﴾
“තවද, තමන්ගේ බැල්ම පහත හෙළන මෙන්ද, තමන්ගේ ලිංගික අවයව ආරක්ෂා කරන මෙන් ද තමන්ගේ අලංකාරයන් එයින්  බාහිර දේ හැර (සෙසු දෑ) හෙළි නොකරන මෙන් ද තමන්ගේ ලය පෙදෙස මත හිස ආවරණ දමන මෙන් ද තමන්ගේ අලංකාරය  ස්වාමි පුරුෂයින්ට හෝ තමන්ගේ පියවරුන්ට හෝ තම ස්වාමි පුරුෂයින්ගේ පියවරුන්ට හෝ තම පිරිමි දරුවන්ට හෝ ස්වාමි පුරුෂයින්ගේ දරුවන්ට ................ මිස  (වෙන කිසිවෙකුට) හෙළි නොකරත්වා.” සූරා අන් නූර් 24:31
කාන්තාවගේ හිජාබ් සීමාව නම්, ඇගේ ශරිරය සම්පූර්ණ ව ආවරණය කර ගත යුතුය. එයින් බාහිර ව දැක ගත වන්නේ ඇගේ මුහුණ සහ මැණික්කටුව දක්වා දෑත් පමණි. ඔවුන් කැමති නම්, මේ කොටසද ඔවුන්ට ආවරණය කර ගත හැක. කෙසේ වෙතත්, ඇතැම් විද්වතුන් මුහුණද ආවරණය කළ යුතු බව අදහස් දක්වති.
•    හිජාබ් පැලඳීම කාන්තා අපරාධය වළකයි.
කාන්තාවන් හිජාබ් පැලඳීම අල්ලාහ් විසින් නියෝග කරනු ලැබු හේතුව කුර්ආන්ය මෙසේ පවසයි.
يَا أَيُّهَا النَّبِيُّ قُل لِّأَزْوَاجِكَ وَبَنَاتِكَ وَنِسَاءِ الْمُؤْمِنِينَ يُدْنِينَ عَلَيْهِنَّ مِن جَلَابِيبِهِنَّ ۚ ذَٰلِكَ أَدْنَىٰ أَن يُعْرَفْنَ فَلَا يُؤْذَيْنَ ۗوَكَانَ اللَّـهُ غَفُورًا رَّحِيمًا ﴿٥٩﴾
“නබිවරය! නුඹගේ බිරියන්ට ද නුඹගේ දැරියන්ට ද විශ්වාසවන්තයින්ගේ කාන්තාවන්ට ද ඔවුන්ගේ මොට්ටැක්කිලිය ඔවුන් මත (හිසේ සිට) එල්ලන්නට සලස්වන මෙන් පවසවු. එය ඔවුන් හඳුනා ගනු ලැබීමටත් පීඩාවට පත් නොවීමටත් උචිත වන්නේය. තවද, අල්ලාහ් අතික්ෂමාශීලී, පරම කරුණාභරිත විය.” සූරා අල් අහ්zසාබ් 33: වාක්‍ය 59.
මෙම වාක්‍යයට එකඟ ව ඔවුන් විළිබිය ඇති අය ලෙස හඳුනා ගනු ලැබීමට සහ අන් අයගේ හිංසාවෙන් ආරක්ෂා ලැබීමට හැකි වීම පිණිස කාන්තාවන්ට හිජාබ් නියම කරනු ලැබේ.
•    නිවුන් සොයුරියන්ගේ නිදසුන
රූමත් නිවුන් සොයුරියන් දෙදෙනෙක් පාරේ ඇවිද ගෙන යන බව සිතමු. ඔවුන් අතරින් කෙනෙක් දෑස් සහ දෑත් පමණක් විවෘත කළ ඉස්ලාමිය හිජාබ් පැලඳ සිටි අතර, අනෙත් සොයුරිය මිනි ගවුමක් හෝ කොට කලිසමකින් සැරසී සිටියි. ඔවුන් යන පාරේ ගැහැනු ළමයින්ට හිංසා කරන ධාමරිකයෙක් සිටියහොත් සොයුරියන් දෙදෙනා අතර ඔහු හිරිහැර කරන්නේ කාහටද? හිජාබය පැලඳ ගත් සොයුරියටද නැතහොත් කොට ගවුමකින් සැරසි සිටින සොයුරියටද? ශරීරය ආවරණය කිරීමට වඩා ප්‍රදර්ශන කරන ඇඳුම නිසා පිරිමින්ගේ ලෙල්ලමට, අපරාධයට හා දූෂණයට මඟ පාදන අයුරින් සැරසී සිටින සොයුරියටද? කාන්තාවන් අපරාධයට ලක්විම හිජාබ් වළකන බව අල් කුර්ආන් පවසයි.
•    ස්ත්‍රී දූෂිකයන්ට මරණ දඬුවම
ස්ත්‍රී දූෂණය අපරාධකරුවෙකු ලෙස තීන්දුව ලැබු වරදකරුට ඉස්ලාමිය ෂරීආ හෙවත් නීති පද්ධතිය මරණ දඬුවම පනවයි. මෙවැනි නවීන යුගයේ දෙනු ලබන දඬුවම දකින මුස්ලිම් නොවන කෙනෙක් තැති ගන්වනු ඇත. ඔවුන් අතරින් බහුතරයක් ඉස්ලාමය කරුණා විරහිත මිලේච්ඡ දහමක් යැයි සලකනු ඇත. මෙවැනි මුස්ලිම් නොවන ජනතාවගෙන් මම නිතර අසන පොදු ප්‍රශ්නයක් ඇත. කවරෙකු හෝ ඔබගේ බිරිය, ඔබේ මව, ඔබේ දියණිය හෝ සමීපතම ඥාති කාන්තාවක් දූෂණය කළේ නම්, එම වරදට ඔබ විනිශ්චය කරුවෙකු වශයෙන් සිටින බව උපකල්පනය කරමු. අල්ලාහ් ඔවුන් සියලු දෙනාම ආරක්ෂා කරත්වා! දූෂිතයා ඔබ ඉදිරියට ගෙන එනු ලබන අවස්ථාවේ, ඔබ ඔහුට තීරණය කරන දඬුවම කුමක් වන්නේද? මෙම ප්‍රශ්නයට මුහුණ දුන් මුස්ලිම් නොවන සෑම කෙනෙක් ම “අපි ඔහුට මරණ දඬුවම දෙන්නෙමු.” යනුවෙන් එකම හඬින් පිළිතුර දුන්නෝය. ඔවුන් අතරින් කිහිප දෙනෙක්, “ අපි ඔහුට මරණය දක්වාම වද හිංසා පමුණුවන්නෙමු.” යැයි පැවසුවෝය. ඔබේම මව හෝ ඔබේම සහෝදරියට මෙවැනි ඉරණමක් සිදු වුනේ නම් ඔබ මරණ දඬුවම නියම කරන්නට සූදානම් වන නමුත්, වෙනත් කවරෙකුගේ මව හෝ සහෝදරියට මෙවැනි ඉරණමක් සිදු වුනේ නම්. එම දඬුවම මිලේච්ඡ බව ඔබ චෝදන නගන්නේ කුමන හේතුවක් නිසාද? ඔබ මෙවැනි දෙවර්ග ප්‍රමිතියක් අනුගමනය කිරීම නිවැරදි ද?
•    ලෝකයේ අධික ලෙස ස්ත්‍රී දූෂණ සිදුවන්නේ ඇමරිකාවේය.
ලෝකයේ ඇති රටවල් අතුරින් සංස්කෘතිකමය වශයෙන් දියුණු වු රටක් වශයෙන් සලකනු ලබන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ලෝකයේම අධික ලෙස ස්ත්‍රී දූෂණ හා කාන්කා අපරාධ සිදුවන්නේ ද ඇමරිකාවේමය. 1990 වසරේ කාන්තාවන් 102,555 දෙනෙක් දූෂණයට ලක් වූ බව එෆ්.බි.අයි. නම් රජයේ විමර්ශන සේවා අංශය වාර්තා කරයි.  එපමණක් නොව මෙම සංඛ්‍යාව සැබෑ සිදුවීම් වලින් 16% පමණක් පැමිණිලි කරනු ලබන බවද තව දුරටත් පවසයි. එසේ නම් මෙම සංඛ්‍යාව 6.25න් වැඩි කිරීමෙන් වාර්ෂික ව දූෂණයට ලක්වන කාන්තාවන්ගේ මුළු සංඛ්‍යාව 640,968 ක් බව  දැන ගත හැකි වේ. මෙම වැර්තාව අනුව ඇමරිකාවේ 1990 වසරේදී දිනකට සාමාන්‍යයෙන් ස්ත්‍රී දූෂණ හා අපරාධ 1756ක් සිදු වූ බව එම රටේ විමර්ශන සේවා අංශය වන එෆ්.බි.අයි. නිකුත් කළ වාර්තා සදහන් කරයි.
සාමාන්‍යයෙන්  දිනකට ස්ත්‍රී දූෂණ හා අපරාධ 1900 සිදු වන බව ඊට පසු ව නිකුත් වූ තවත් වාර්තාවක සදහන් වේ. මෙම අපරාධ සිදු වු වර්ෂය එහි සඳහන් වී නොමැත.  ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියා කරන දූෂණ වලට ගොදුරු වන කාන්තාවන් පිළිබඳ ජාතික ආයතනය සිදු කළ සමීක්ෂණයට එකඟ ව 1996 වසරේ දී පමණක් 307,000 සිද්ධින් වාර්තා වී තිබේ. එහෙත්, සැබෑ දූෂණ සිදුවීම් අතරින් 31% පමණක් පොලීසියට වාර්තා වු හෙයින්, සැබෑ සිදුවීම් හි ප්‍රමාණය 990,322ක් විය හැකි බව 1996 වසර සඳහා වාර්තා කෙරේ. මෙම සංඛ්‍යාවට එකඟ ව ඇමරිකාවේ 1996 වසරේ ස්ත්‍රී දූෂණ දිනකට සාමාන්‍යයෙන් 2713 සිදු වන බව පෙනේ. වෙනත් ආකාරයකින් පවසන්නේ නම් සෑම තත්පර 32කට වරක් එක් කාන්තාවක් දූෂණයට ලක් වන බව කිව හැක. මෙම වාර්තාව දෙස බලනවිට ඇමරිකානු පිරිමින් දිනෙන් දින වැඩි වැඩියෙන් සාහසික බවට පත් වන බව පෙනේ. 1990 වසරේ පොලීසියට ලැබුණු පැමිණිලි වලින් දූෂිතයින් 10% සංඛ්‍යාවක් පමණක් දඬුවම් ලැබු බව වාර්තා වේ. එනම් සිදු කළ දූෂණ වලින් අත් අඩංගුවට ගනු ලබන්නේ 1.6% කි. ඔවුන්ගෙන් 50% නඩු විභාග කිරීමට පෙර නිදහස් කර යවනු ලබති. එනම් 0.8% සංඛ්‍යාවක් පමණක් නඩු විභාගයට මුහුණ දෙති. වෙනත් ආකාරයෙන් පවසන්නේ නම් අපරාධකරුවෙක් 125 වරක් දූෂණය කළහොත්, ඔහු එක් වරක් පමණක් නීතියේ රැහැනට හසු වී දඬුවම් ලැබිය හැක. මෙය දූෂිතයන්ට මහත් වාසිදායක එකකි. උසාවියේ නඩු පවරනු ලැබුවන් අතරින් 50% දෙකේ වසරකට අඩු සිර දඬුවම් ලබති. ඇමරිකානු නීතිය යටතේ ස්ත්‍රී දූෂිතයෙකුට වසර 7ක සිර දඬුවම ලැබිය යුතුය. එහෙත් ප්‍රථම වරට මෙම වරද සිදුකරන්නන්ට ඇමරිකානු විනිශ්චයකරුවන් තදබල නොවු දඬුවම් පනවති. 125 වතාවක් ස්ත්‍රී දූෂණය කළ කෙනෙක් එක් වරක් දඬුවම් ලබන නමුත්, විනිශ්චය කරු ඔහුට වසරකට අඩු සිර දඬුවමක් නියම කිරීමේ තත්ත්වය පිළිබඳ ව කල්පනා කර බලන්න.
•    ඇමරිකාවේ ෂරීආ නීති පද්ධතිය හඳුන්වා දෙන්නේ නම් ලැබෙන ප්‍රති ලාභය
එක්සත් ඇමරිකා ජනපදයේ ඉස්ලාමිය ෂරීආ නීති පද්ධතිය ක්‍රියාත්මක කරන බව උපකල්පනය කරමු. කාන්තාවක් දෙස ලැජ්ජා නොමැති අසභ්‍ය ලෙස නෙත් යොමු කරන පිරිමියෙක් වහාම තම නෙත් පහළ හෙළයි. සෑම කාන්තාවක්ම හිජාබ් පැලඳ මුහුණ සහ දෑත් හැර සිරුර සම්පූර්ණයෙන් ආවරණය කරයි. ඉන් අනතුරු ව පිරිමියෙකු ස්ත්‍රී දූෂණ වරදක් සිදු කළේ නම්. ඔහුට මරණ දඬුවම පනවනු ඇත. මෙවැනි පරිසරයක, ඇමරිකාවේ ස්ත්‍රී දූෂණ සිද්ධීන් වැඩිවේ ද? වෙනසක් නොමැති ව එලෙසම පවතී ද? නැතහොත් අඩුවේ ද? අවංක පිළිතුර අඩු වන බවයි. ඉස්ලාමිය නීති පද්ධතියෙන් යහපත් ප්‍රතිඵල ලැබෙන්නේ මුළු සමාජයටමය.
4. මානව ප්‍රශ්න වලට ඉස්ලාම් හි ප්‍රායෝගික විසඳුම් ඇත.
ඉස්ලාමීය ඉගැන්වීම් යනු මතය පදනම් කර ගත් අලංකාර වැකි නොව මිනිසා මුහුණු දෙන දෛනික ප්‍රශ්න වලට විසඳුම සපයන ප්‍රායෝගික ජීවන ක්‍රමයකි. ඉස්ලාමීය දහම තුළින් පුද්ගලික හා සමාජීය මට්ටමේ ප්‍රශ්න වලට විසඳුම් ඇත. ඉස්ලාම් ප්‍රායෝගික ජීවන මාර්ගයක් වන හෙයින් එය උතුම් දහමක් වන හෙයින් එය එක්තරා ගෝත්‍රයට හෝ කණ්ඩායම ට සීමා නොවී විශ්ව දහමක් බවට පත් වී තිබේ.
19. ඉස්ලාම් දහම සහ මුස්ලිම්වරුන්ගේ හැසිරීම අතර තිබෙන විශාල වෙනස
ප්‍රශ්නය: ඉස්ලාම් උතුම් දහමක් නම්, මුස්ලිම්වරුන් බොහෝ දෙනෙක් අවංක නොවීම, විශ්වාස කඩ කිරීම හා මුළා කිරීම, අල්ලස් හා මත් කුඩු ව්‍යාපාරය වැනි අයහපත් ක්‍රියාවන්හි යෙදීමට හේතුව කුමක් ද?
පිළිතුර:
•    ඉස්ලාම් උතුම් දහමක් බව නම් නිසැකය, එහෙත් අද මාධ්‍ය පාලනය කරන්නේ ඉස්ලාම් දහමට මහත් බියක් දක්වන බටහිර මුදලාලිලා විසින් ය. මේ හේතුවෙන් මාධ්‍ය විසින් ඉස්ලාමයට එරෙහි ව අසත්‍යය විකාශනය හා මුද්‍රණ කිරීම නොකඩවා සඅදු කරයි. ඔවුන් ඉස්ලාමයට එරෙහි ව අසත්‍යය තොරතුරු සපයති, නැතහොත් ඉස්ලාම් පිළිබඳ ව වැරදි ලෙස ප්‍රකාශ කරමින් යම් වරදක් දුටුවේ නම් සුළු දැයක් පවා විශාල කොට ප්‍රචාර කිරීමේ ව්‍යාපාරයේ යෙදෙයි.
කිසියම් ස්ථානයක බෝම්බයක් පිපිරුනහොත්, කිසිදු සාක්ෂියක් නොමැති වුවත්, ප්‍රථමයෙන් චොදනා එල්ල වන්නේ මුස්ලිම්වරුන්ට එරෙහිවයි. මේ බව පත්තර වල මුල් පිටුවේ විශාල අකුරු වලින් පල කරනු ලැබේ. පසු ව එම සිද්ධියට කිසිදු මුස්ලිම්වරයෙක් සම්බන්ධ නොවු බව අනාවරණය වුවහොත්, මැද පිටුවේ කුඩා අක්ෂර වලින් කිසිවෙකුට නොපෙනෙන ප්‍රවෘත්තියක් ලෙස පල වේ.
අවුරුදු 50ක් වයසැති මුස්ලිම්වරයෙක් වයස අවුරුදු 15 තරුණියක් සමඟ විවාහ වුයේ නම්, එම ප්‍රවෘත්තිය මුල් පිටුවේ ප්‍රධාන මාතෘකාවක් ලෙස ප්‍රකාශ වේ. එහෙත් වයස අවුරුදු 50 මුස්ලිම් නොවන කෙනෙක් වයස අවුරුදු 6 කුඩා දැරියක් දූෂණය කළේ නම්, මැද පිටවේ පුවත් සාරාංශය යටතේ කුඩා අකුරෙන් පල වේ. සෑම දිනකම ඇමරිකාවේ සාමාන්‍යයෙන් කාන්තාවන් 2713 දෙනෙක් දූෂණයට ලක් වන අවාසනාවන්ත සිද්ධිය ප්‍රවෘත්තියක් ලෙස මාධ්‍ය විසින් ප්‍රකාශ නොවන්නේ, මේවා ආමරිකානු සමාජයේ දෛනික සිදුවීමක් ලෙස පුරුදු වී තිබෙන හේතුවෙන් ද?
•    සෑම සමාජයකම වංචනිකයන් සිටින බව සැබෑය.
ඇතැම් මුස්ලිම්වරු අවංක නොවන බවද, විශ්වාස තැබිය නොහැකි වුවන් බවද, මුළා කරන්නන් බවද මම දන්නා නමුත්, මුස්ලිම්වරුන් සියලු දෙනාම ඒ ගණයට අයත් බව මාධ්‍ය විසින් පෙන්වීමට උත්සාහ දරන බව කවුරුත් පිළිගත යුතුය. සෑම සමාජයකම වංචනිකයන් සිටින බව සැබෑවකි. මුස්ලිම් නොවන අයට වඩා අධික ලෙස මත් පැන් පානය කළ හැකි, මත්පැන් වලට ඇබ්බැහි වූ මුස්ලිම්වරුන් සිටින බව මම දනිමි.
•    සමස්තයක් වශයෙන් මුස්ලිම්වරු ශ්‍රේෂ්ඨයන්ය
මුස්ලිම් සමාජයේ වංචනිකයන්  සැරිසරන නමුත් සමස්තයක් වශයෙන් ගතහොත් ලොවෙහි ජීවත් වන මිනිස් සමාජය අතර මුස්ලිම් සමාජය උතුම් එකක් බව පිළිගත යුතුය. මත්පැන්, මත් වර්ග කිසිවක් භාවිත නොකරන විශාලතම සමාජය අපි වෙමු. එනම් මුස්ලිම් සමාජයේ සිටින බේබද්දන් ඉතාමත් සීමිත පිරිසකි. විනීතකම සම්බන්ධ ව, සන්සුන්කම සමිබන්ධ ව, මානව වටිනාකම හා ආචාර ධර්මය සම්බන්ධ ව මුළු ලොවේම මුස්ලිම්වරුන්ට සමීපයෙන් පවා තැබීමට හැකි වන කිසිදු සමාජයක් නැත.
•    රියදුරෙකුගේ හැකියාවෙන් වාහනය තක්සේරු නොකරන්න
රථයක් පැදවීමට නොදන්නා රියදුරෙක් නවීනතම මර්සිඩීස් බෙන්ස් රථ වාහනයක් පදවා ගෙන ගොස් අනතුරට ලක් කළහොත්, ඔබ දොස් පවරන්නේ වාහනයටද? නැතහොත් රියදුරාටද? ඔබ රියදුරාට දොස් පවරන බව නිසැකය. වාහනයක් හොඳ එකක් ද එසේ නොවන එකක් ද යැයි පරීක්ෂා කිරීමට අවශ්‍ය නම්, වාහනයේ තිබෙන නවීනතම තාක්ෂණය හා ඒවායේ හැකියාව දෙස අවධානය යොමු කළ යුතුය. වාහනයේ වේගය කෙසේ ද? ඉන්ධන භාවිතය කෙසේ ද? නවීනතම ආරක්ෂක උපාංග කුමක් ද? යන කරුණු ගැන සොයා බැලිය යුතුය. මුස්ලිම්වරුන් අයපත් බව මම මොහොතකට හෝ පිළිගත් බව සිතමු. එහෙත් අනුගාමියන් තුළින් කිසිදු ආගමක් තක්සේරු කළ නොහැක යන යථාර්ථය කිසිවෙකුට සැඟ විය නොහැක. ඉස්ලාමය තක්සේරු කිරීමට ඔබට සැබැවින්ම අවශ්‍ය නම්, ඉස්ලාමයේ මූලික උල්පත වන අල් කුර්ආනන සහ සහීහ් හදීස් වදන් පරීක්ෂා කළ යුතුය.
•    උතුම් අනුගාමික වන මුහම්මද් නබි (සල්) තුමාණන් මගින් ඉස්ලාමය තක්සේරු කරන්න
වාහනයක් පිළිබඳ ව සැබෑ තක්සේරුවක් කිරීමට ඔබට අවශ්‍ය නම්, දක්ෂ රියදුරෙකුට වාහනය පැදවිමට භාර කරන්න. එමෙන්ම, ඉස්ලාමය කෙතරම් උතුම් දැයි දැන ගනු පිණිස, එහි උතුම් අනුගාමිකයා වන අල්ලාහ්ගේ අවසාන නබිවරයා මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවිතය පරීක්ෂා කරන්න.  මුස්ලිම් විද්වතුන්ට අමතර ව, මුස්ලිම් නොවන ඉතිහාසඥයන් විශාල පිරිසක්, මිනිසුන් අතර එතුමාණන් ඉතාමත් උතුම් කෙනෙක් බව සහතික කර ඇත. මයිකල් එච්. හාර්ට් රචනා කළ “ඉතිහාසයේ ඉතාමත් බලගතු පුද්ගලයින් සිය දෙනෙක්” යන ග්‍රන්ථයේ, මුහම්මද් (සල්) තුමාණන් බලගතු පුද්ගලයින් අතරින් ප්‍රථම ස්ථානය උසුලන බව ප්‍රකාශ කරයි. මයිකල් හාර්ට් පමණක් නොව තෝමස් කාර්ලයිල්, ලෙ මාර්ටින් වැනි විශේෂඥයින් පවා නබි (සල්) තුමාණන්ගේ ගුණකථනය පැවසීම වැනි උදාහරණ තවත් කිහිපයක් දැක ගත හැකි වේ.
20. මුස්ලිම් නොවන ජනතාවට කාෆිර් යනුවෙන් ඇමතීම
 ප්‍රශ්නය: මුස්ලිම් නොවන ජනතාවට කාෆිර්වරුන් යැයි මුස්ලාම්වරු නින්දා කරන්නේ ඇයි?
පිළිතුර:
කාෆිර් යනු ප්‍රතික්ෂේප කරන්නෙක් වේ.
වසං කිරීම නොහොත් ප්‍රතික්ෂෙප කිරීම යන අර්ථය දෙන කුෆ්ර් යන වචනයෙන් කාෆිර් නම් වචනය උපුටා ගන්නා ලදී. ඉස්ලාමීය ශබ්ද මාලාවේ කාෆිර් යනු ඉස්ලාමයේ සත්‍යයතාව වසං කරන්නෙක් හෝ ප්‍රතික්ෂේප කරන්නෙක් වේ.
මුස්ලිම් නොවන කෙනෙකුට කාෆිර් හෙවත් මුස්ලිම් නොවන කෙනෙක් යනුවෙන් ඇමතීම නින්දා කිරීමක් යැයි සිතුවහොත්, එයට හේතු ව ඔහු ඉස්ලාම් පිළිබඳ ව කිසිවක් නොදැන සිටීමයි. එවැනි අය නිවැරදි තැනකින්  ඉස්ලාමය හා ඉස්ලාමීය වචන මාලාව ඉගෙන ගන්නේ නම්, ඉස්ලාම් ඔහුට නින්දා නොකරන බව පමණක් නොව ඉස්ලාමයේ දක්නට තිබෙන බොහෝ යහපත් කරුණු පිළබඳ ව අවබෝධ කර ගත හැකි වේ.
මෙම කෘතිය මෙයින් අවසානයි.