අල් කුර්ආන් සූරා අල් කහ්ෆ් - 18

සූරා 18 අල් කහ්ෆ් හී පරිවර්තණය, සාරාංශය සහිතව

اسم الكتاب : رجمة معاني القرآن الكريم باللغة السنهالية 018 سورة الكهف


ترجمة: ماهر رمدين


الناشر: المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة


نبذة مختصرة: ترجمة معاني القرآن الكريم باللغة السنهالية، سورة الكهف.

අල්  කුර්ආන්
සූරා අල් කහ්ෆ්  - 18

<  සිංහල  >

 

 

මාහිර ටී රම්ඩීන්
සිංහල බසින්

 


ඉස්ලාම් හවුස් වෙබ් අඩවියේ සංස්කාරක මණ්ඩලය
විචාරය


 

ترجمة القرآن الكريم
 سورة الكهف(18)

        

القرآن الكريم


ترجمة:
ماهر رمدين
مراجعة:
محمد آساد و نخبة من العلماء الكبار

 

18 සූරත් අල්-කහ්ෆ් (ලෙන)
මක්කාවෙහි දී පහළ වූවකි.    ආයාත් 110 කි.
بِسْمِ اللهِ الرَّحمنِ الرَّحِيْمِ
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙනි.
1-5. ගෞරවනීය අල් කුර්ආනයේ වැදගත්කම
තම ගැත්තා වෙත දේව ග්‍රන්ථය (කුර්ආනය) පහළ කළා වූ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා ! තවද ඔහු එහි කිසිදු ඇදයක් නොතැබුවේය.    الْحَمْدُ لِلَّهِ الَّذِي أَنْزَلَ عَلَىٰ عَبْدِهِ الْكِتَابَ وَلَمْ يَجْعَلْ لَهُ عِوَجًا ۜ {1}
(එය) ඍජුය. (අල්ලාහ් වන) ඔහු වෙතින් වූ දැඩි දඬුවම ගැන අවවාද කරනු පිණිසත් යහකම් කරනවුන් වන දේව විශ්වාසවන්තයින්ට නියත වශයෙන්ම ඔවුනට අලංකාර ප්‍රතිඵල ඇතැයි දන්වනු පිණිසත් (ඔහු එය පහළ කළේ)ය.    قَيِّمًا لِيُنْذِرَ بَأْسًا شَدِيدًا مِنْ لَدُنْهُ وَيُبَشِّرَ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا حَسَنًا {2}
(එම ප්‍රතිඵලවල) නිරන්තරයෙන්ම එහි රැඳී සිටින්නන් වෙති.    مَاكِثِينَ فِيهِ أَبَدًا {3}
අල්ලාහ් දරුවකු ගෙන ඇතැයි ප්‍රකාශ කළවුනට ඔහු අවවාද කරනු පිණිස ද (එය පහළ කළේය.)    وَيُنْذِرَ الَّذِينَ قَالُوا اتَّخَذَ اللَّهُ وَلَدًا {4}
ඔවුනට හෝ ඔවුන්ගේ මුතුන් මිත්තන්හට ඒ පිළිබඳ ව කිසිදු දැනුමක් නොමැත. ඔවුන්ගේ මුඛවල් වලින් පිට වන ප්‍රකාශය දරුණු විය. ඔවුහු බොරුව මිස (වෙනෙකක්) නොපවසති.     مَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ وَلَا لِآبَائِهِمْ ۚ كَبُرَتْ كَلِمَةً تَخْرُجُ مِنْ أَفْوَاهِهِمْ ۚ إِنْ يَقُولُونَ إِلَّا كَذِبًا {5}
6-8. දේව ආදේශයකයින් සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය නබි තුමාණන්හට දැනුවත් කිරීම, මෙලොව ජීවිතය ඔවුනට පරීක්ෂණයකි.
මෙම දෙසුම (අල් කුර්ආනය) ඔවුහු විශ්වාස නොකළේ නම් ඔවුන්ගේ බලපෑම මත දුකට පත් ව නුඹ නුඹවම විනාශ කර ගන්නෙකු විය හැක.    فَلَعَلَّكَ بَاخِعٌ نَفْسَكَ عَلَىٰ آثَارِهِمْ إِنْ لَمْ يُؤْمِنُوا بِهَٰذَا الْحَدِيثِ أَسَفًا {6}
ඔවුන් අතුරින් ක්‍රියාවෙන් වඩාත් අලංකාර වනුයේ කවුරුන්දැයි අපි ඔවුන් පරීක්ෂා කරනු පිණිස මහපොළොව මත ඇති දෑ එයට අලංකරණයක් ලෙස ඇති කළෙමු.    إِنَّا جَعَلْنَا مَا عَلَى الْأَرْضِ زِينَةً لَهَا لِنَبْلُوَهُمْ أَيُّهُمْ أَحْسَنُ عَمَلًا {7}

තවද අපි ඒ (මහපොළොව) මත ඇති දෑ වියළී ගිය තැනිතලාවක් බවට පත් කරන්නන් වෙමු.     وَإِنَّا لَجَاعِلُونَ مَا عَلَيْهَا صَعِيدًا جُرُزًا {8}
9-27. කහ්ෆ් හෙවත් ලෙන් වාසීන්ගේ කතා වස්තුව
නියත වශයෙන්ම ලෙනට හා  සෙල්ලිපිවලට අයත් වූවන් අපගේ සංඥා අතුරින් ආශ්චර්යයමත් (සංඥාවක්) බවට පත්ව තිබීම ගැන  නුඹ කුමක් සිතන්නෙහි ද?.     أَمْ حَسِبْتَ أَنَّ أَصْحَابَ الْكَهْفِ وَالرَّقِيمِ كَانُوا مِنْ آيَاتِنَا عَجَبًا {9}
තරුණයින් (රැකවරණ සොයා) ලෙන වෙත පිවිසුනු විට ‘අපගේ පරමාධිපතියාණනි, නුඹ වෙතින් වූ කරුණාව අපට පිරිනමනු මැනව ! අපගේ කාර්යය මග පෙන්වීමක් බවට අප වෙත පත් කරනු මැනව.!’     إِذْ أَوَى الْفِتْيَةُ إِلَى الْكَهْفِ فَقَالُوا رَبَّنَا آتِنَا مِنْ لَدُنْكَ رَحْمَةً وَهَيِّئْ لَنَا مِنْ أَمْرِنَا رَشَدًا {10}
එවිට ලෙනෙහි වසර ගණනාවක් (නිදන්නට) ඔවුන්ගේ කන් මත ආවරණයක් අපි හෙළුවෙමු.    فَضَرَبْنَا عَلَىٰ آذَانِهِمْ فِي الْكَهْفِ سِنِينَ عَدَدًا {11}
පසු ව ඔවුන් රැඳී සිටී කාලය මැනවින් සටහන් කරගෙන ඇත්තේ කණ්ඩායම් දෙකින් කවර (කණ්ඩායම)ක් දැයි අපි දන්වනු පිණිස අපි ඔවුන් ව අවදි කළෙමු.    ثُمَّ بَعَثْنَاهُمْ لِنَعْلَمَ أَيُّ الْحِزْبَيْنِ أَحْصَىٰ لِمَا لَبِثُوا أَمَدًا {12}
ඔවුන්ගේ පුවත පිළිබඳ ව අපි සැබෑ ලෙසින් නුඹ වෙත පවසන්නෙමු. නියත වශයෙන්ම ඔවුහු තරුණයෝය. ඔවුහු ඔවුන්ගේ පරමාධිපති ව විශ්වාස කළහ. තවද අපි ඔවුනට යහ මග අධික කළෙමු.    نَحْنُ نَقُصُّ عَلَيْكَ نَبَأَهُمْ بِالْحَقِّ ۚ إِنَّهُمْ فِتْيَةٌ آمَنُوا بِرَبِّهِمْ وَزِدْنَاهُمْ هُدًى {13}
ඔවුහු අවදි වී ‘අපගේ පරමාධිපති අහස් හා මහපොළොවේ හිමිපාණන්ය. ඔහුගෙන් තොරව කිසිදු දෙවියකුට අපි ඇරයුම් නොකරන්නෙමු. එවිට (එසේ කළේ නම්) සැබැවින්ම අපි බොරුවක්ම පවසා ඇත්තෙමු’ යැයි ඔවුහු පැවසූ විට ඔවුන්ගේ හදවත් අපි ශක්තිමත් කළෙමු. එවිට    وَرَبَطْنَا عَلَىٰ قُلُوبِهِمْ إِذْ قَامُوا فَقَالُوا رَبُّنَا رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ لَنْ نَدْعُوَ مِنْ دُونِهِ إِلَٰهًا ۖ لَقَدْ قُلْنَا إِذًا شَطَطًا {14}
මොවුහු අපගේ ජනයා වෙති. ඔහු(අල්ලාහ්) හැර (වෙනත්) දෙවියන් මොවුහු ගත්තෝය. (එසේනම්) ඒවා සම්බන්ධයෙන් පැහැදිලි සාධකයක් මොවුන් ගෙන ආ යුතු නොවේ ද? අල්ලාහ් කෙරෙහි බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරු කවරෙක් ද?    هَٰؤُلَاءِ قَوْمُنَا اتَّخَذُوا مِنْ دُونِهِ آلِهَةً ۖ لَوْلَا يَأْتُونَ عَلَيْهِمْ بِسُلْطَانٍ بَيِّنٍ ۖ فَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا {15}
තවද නුඹලා ඔවුන්ගෙන් හා අල්ලාහ්ගෙන් තොරව ඔවුන් නමදිමින් සිටි දැයින් ඉවත් වූ විට (ආරක්ෂාව පතා) ලෙන තුළට නුඹලා පිවිසෙනු. නුඹලාගේ පරමාධිපති ඔහුගේ කරුණාව ඔහු නුඹලා වෙත විහිදු වනු ඇත. තවද නුඹලාගේ විෂයයන් නුඹලාට පහසු බවට පත් කරනු ඇත.    وَإِذِ اعْتَزَلْتُمُوهُمْ وَمَا يَعْبُدُونَ إِلَّا اللَّهَ فَأْوُوا إِلَى الْكَهْفِ يَنْشُرْ لَكُمْ رَبُّكُمْ مِنْ رَحْمَتِهِ وَيُهَيِّئْ لَكُمْ مِنْ أَمْرِكُمْ مِرْفَقًا {16}
හිරු උදා වූ විට ඔවුන්ගේ ලෙනින් දකුණු දෙසට එය නැඹුරුවීමත් එය අවරට ගිය විට වම් දෙසින් ඔවුන් ව මග හැරීමත් නුඹ දකිනු ඇත. ඔවුහු එහි පුළුල් ස්ථානයක වූහ. එය අල්ලාහ්ගේ සංඥාවන් අතුරිනි. අල්ලාහ් කවරෙකු යහ මග යොමු කරන්නේ ද ඔහු යහ මග ලැබූවෙක්මය. තවද ඔහු කවරෙකු නොමග හැරියේ ද එවිට ඔහු වෙනුවෙන් මග පෙන්වන භාරකරුවකු නුඹ නොදකිනු ඇත.    وَتَرَى الشَّمْسَ إِذَا طَلَعَتْ تَزَاوَرُ عَنْ كَهْفِهِمْ ذَاتَ الْيَمِينِ وَإِذَا غَرَبَتْ تَقْرِضُهُمْ ذَاتَ الشِّمَالِ وَهُمْ فِي فَجْوَةٍ مِنْهُ ۚ ذَٰلِكَ مِنْ آيَاتِ اللَّهِ ۗ مَنْ يَهْدِ اللَّهُ فَهُوَ الْمُهْتَدِ ۖ وَمَنْ يُضْلِلْ فَلَنْ تَجِدَ لَهُ وَلِيًّا مُرْشِدًا {17}
තවද නුඹ (ඔවුන් දුටුවේ නම්) ඔවුන් අවදි ව සිටින්නන් යැයි නුඹ සිතනු ඇත. නමුත් ඔවුහු නිදන්නන්ය. තවද අපි දකුණු දෙසටත් වම් දෙසටත් ඔවුන් පෙරළෙන්නට සැලැස්වූයෙමු. ඔවුන්ගේ සුනඛයා තම පෙර පාද දෙක දිගු කරමින් එළිපත මත විය. නුඹ ඔවුන් වෙත එබී බැලුවෙහි නම් ඔවුන්ගෙන් නුඹ වේගයෙන් පලා යනු ඇත. තවද ඔවුන් පිළිබඳ භීතියෙන් නුඹ පිරෙනු ඇත.    وَتَحْسَبُهُمْ أَيْقَاظًا وَهُمْ رُقُودٌ ۚ وَنُقَلِّبُهُمْ ذَاتَ الْيَمِينِ وَذَاتَ الشِّمَالِ ۖ وَكَلْبُهُمْ بَاسِطٌ ذِرَاعَيْهِ بِالْوَصِيدِ ۚ لَوِ اطَّلَعْتَ عَلَيْهِمْ لَوَلَّيْتَ مِنْهُمْ فِرَارًا وَلَمُلِئْتَ مِنْهُمْ رُعْبًا {18}
තවද එලෙස ඔවුන් අතර ඔවුන් එකිනෙකා විමසා ගනු පිණිස ඔවුන් ව අපි අවදි කළෙමු. ඔවුන් අතුරින් ප්‍රකාශකයකු ‘නුඹලා කොපමණ කාලයක් රුඳුණෙහු දැයි විමසා සිටියේය. අපි දිනක් හෝ දිනකින් කොටසක් හෝ රැඳී සිටියෙමු’ යැයි ඔවුහු පැවසුවෝය. ‘නුඹලා රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා නුඹලාගේ පරමාධිපතිය. එහෙයින් නුඹලාගෙන් කෙනෙකු නුඹලාගේ මෙම කාසි සමග නගරයට එවනු. එහි වඩා පිවිතුරු ආහාරයක් බලා එයින් පෝෂණය (ආහාරය) නුඹලා වෙත ඔහු ගෙනෙත්වා ! තවද ඔහු ප්‍රවේශමෙන් සිටිත්වා ! නුඹලා පිළිබඳව කිසිවෙකුට ඔහු නොහැඟිවිය යුතුය’ යැයි ඔවුහු පැවසුවෝය.    وَكَذَٰلِكَ بَعَثْنَاهُمْ لِيَتَسَاءَلُوا بَيْنَهُمْ ۚ قَالَ قَائِلٌ مِنْهُمْ كَمْ لَبِثْتُمْ ۖ قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ ۚ قَالُوا رَبُّكُمْ أَعْلَمُ بِمَا لَبِثْتُمْ فَابْعَثُوا أَحَدَكُمْ بِوَرِقِكُمْ هَٰذِهِ إِلَى الْمَدِينَةِ فَلْيَنْظُرْ أَيُّهَا أَزْكَىٰ طَعَامًا فَلْيَأْتِكُمْ بِرِزْقٍ مِنْهُ وَلْيَتَلَطَّفْ وَلَا يُشْعِرَنَّ بِكُمْ أَحَدًا{19}
නියත වශයෙන්ම නුඹලා ව ඔවුන් දුටුවේ නම් ඔවුන් නුඹලා ව ගල් ගසා මරනු ඇත. එසේ නැතහොත් ඔවුන්ගේ දහම තුළට නැවත නුඹලා ව හරවා ගනු ඇත. එවිට නුඹලා කිසිවිටෙක ජය නොලබන්නෙහුය.     إِنَّهُمْ إِنْ يَظْهَرُوا عَلَيْكُمْ يَرْجُمُوكُمْ أَوْ يُعِيدُوكُمْ فِي مِلَّتِهِمْ وَلَنْ تُفْلِحُوا إِذًا أَبَدًا {20}
ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් ඔවුන් අතර එකිනෙකා මතභේද ඇති කර ගත් අවස්ථාවේ නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑය. තවද නියත වශයෙන්ම අවසන් හෝරාව, එහි කිසිදු සැකයක් නොමැති බව ඔවුහු දැන ගනු පිණිස එලෙස අපි ඔවුනට අනාවරණය කළෙමු. එවිට ඔවුන් වෙත නුඹලා ගොඩනැගිල්ලක් ඉදි කරනු යැයි ඔවුහු පවසා සිටියහ. ඔවුන් පිළිබඳ ව මැනවින් දන්නා ඔවුන්ගේ පරමාධිපතිය. ඔවුන්ගේ කරුණ සම්බන්ධයෙන් පමණ ඉක්මවා ගියවුන් ඔවුන් වෙනුවෙන් අපි මස්ජිදයක් (ඉදි කර) ගනිමු යැයි පැවසුවෝය.    وَكَذَٰلِكَ أَعْثَرْنَا عَلَيْهِمْ لِيَعْلَمُوا أَنَّ وَعْدَ اللَّهِ حَقٌّ وَأَنَّ السَّاعَةَ لَا رَيْبَ فِيهَا إِذْ يَتَنَازَعُونَ بَيْنَهُمْ أَمْرَهُمْ ۖ فَقَالُوا ابْنُوا عَلَيْهِمْ بُنْيَانًا ۖ رَبُّهُمْ أَعْلَمُ بِهِمْ ۚ قَالَ الَّذِينَ غَلَبُوا عَلَىٰ أَمْرِهِمْ لَنَتَّخِذَنَّ عَلَيْهِمْ مَسْجِدًا {21}

තිදෙනෙකි. ඔවුන්ගෙන් සිව්වැන්නා ඔවුන්ගේ සුනඛයා යැයි මතුවට ඔවුහු පවසති. තවද පස් දෙනෙකි. ඔවුන්ගෙන් සයවැන්නා සුනඛයා යැයි ගුප්ත දෑ පිළිබඳ උපකල්පනය කරමින් පවසති. තවද සත් දෙනෙකි. ඔවුන්ගෙන් අටවැන්නා ඔවුන්ගේ සුනඛයා යැයි පවසති. ඔවුන්ගේ සංඛ්‍යාව ගැන මැනවින් දන්නා මාගේ පරමාධිපතිය. ස්වල්ප දෙනෙකු හැර ඔවුන් පිළිබඳ නොදනිති යැයි නුඹ පවසනු. එහෙයින් හෙළි කරන්නා වූ කරුණු සම්බන්ධයෙන් හැර ඔවුන් විෂයයෙහි නුඹ තර්ක නොකරනු. ඔවුන් පිළිබඳ තීන්දු ඔවුන් කිසිවෙකුගෙන් නොඅසනු.    سَيَقُولُونَ ثَلَاثَةٌ رَابِعُهُمْ كَلْبُهُمْ وَيَقُولُونَ خَمْسَةٌ سَادِسُهُمْ كَلْبُهُمْ رَجْمًا بِالْغَيْبِ ۖ وَيَقُولُونَ سَبْعَةٌ وَثَامِنُهُمْ كَلْبُهُمْ ۚ قُلْ رَبِّي أَعْلَمُ بِعِدَّتِهِمْ مَا يَعْلَمُهُمْ إِلَّا قَلِيلٌ ۗ فَلَا تُمَارِ فِيهِمْ إِلَّا مِرَاءً ظَاهِرًا وَلَا تَسْتَفْتِ فِيهِمْ مِنْهُمْ أَحَدًا {22}

යම් කරුණක් සඳහා නියත වශයෙන්ම මම එය හෙට දින සිදු කරන්නෙමි යැයි නුඹ නොපැවසිය යුතුය.    وَلَا تَقُولَنَّ لِشَيْءٍ إِنِّي فَاعِلٌ ذَٰلِكَ غَدًا {23}
අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස. තවද නුඹට අමතක වී නම් නුඹගේ පරමාධිපති ව මෙනෙහි කරනු. තවද මාගේ පරමාධිපති මීට වඩා සමීප මග පෙන්වීමකින් මට මග පෙන්වන්නට පුළුවනැයි නුඹ පවසනු.    إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ وَاذْكُرْ رَبَّكَ إِذَا نَسِيتَ وَقُلْ عَسَىٰ أَنْ يَهْدِيَنِ رَبِّي لِأَقْرَبَ مِنْ هَٰذَا رَشَدًا {24}

ඔවුහු ඔවුන්ගේ ලෙන තුළ වසර තුන්සීයක් රැඳී සිටියහ. තවද ඔවුහු (තවත් වසර) නවයක් අමතර ව එකතු කළහ.    وَلَبِثُوا فِي كَهْفِهِمْ ثَلَاثَ مِائَةٍ سِنِينَ وَازْدَادُوا تِسْعًا {25}
ඔවුන් රැඳී සිටි කාලය පිළිබඳ මැනවින් දන්නා අල්ලාහ්ය. අහස් හි හා මහපොළොවේ ගුප්තය ඔහු සතුය. ඒ පිළිබඳ ව (ඔහු) මහා නිරීක්ෂකය. සර්ව ශ්‍රාවකය. ඔහුගෙන් තොර ව කිසිදු භාරකරුවකු ඔවුනට නොමැත. ඔහුගේ පාලනයෙහි කිසිවකුව ඔහු හවුල් කර නොගනී.    قُلِ اللَّهُ أَعْلَمُ بِمَا لَبِثُوا ۖ لَهُ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ أَبْصِرْ بِهِ وَأَسْمِعْ ۚ مَا لَهُمْ مِنْ دُونِهِ مِنْ وَلِيٍّ وَلَا يُشْرِكُ فِي حُكْمِهِ أَحَدًا {26}
නුඹගේ පරමාධිපතිගේ ග්‍රන්ථයෙන් නුඹ වෙත හෙළිදරව් කරනු ලැබූ දෑ නුඹ පාරායනය කරනු. ඔහුගේ ප්‍රකාශයන් වෙනස් කරන්නෙකු නොමැත. තවද ඔහුගෙන් තොර ව සරණ පතන ස්ථානයක් ද නුඹ කිසිවිටෙක නොදකිනු ඇත.    وَاتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنْ كِتَابِ رَبِّكَ ۖ لَا مُبَدِّلَ لِكَلِمَاتِهِ وَلَنْ تَجِدَ مِنْ دُونِهِ مُلْتَحَدًا {27}
28. දැහැමියන්ගේ සභාවන්හි නිරත ව සිටීම.
තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් උදේ සවස තම පරමාධිපතිට ප්‍රාර්ථනා කරන්නන් සමඟ නුඹ ද ඉවසා සිටිනු. මෙලොව ජීවිතයේ අලංකාරය ප්‍රිය කරමින් නුඹගේ දෑස් ඔවුන්ගෙන් ඉවතට යොමු නොකරනු. තම ආශාවන් අනුගමනය කළා වූ ද අප ව මෙනෙහි කිරීමෙන් ඔහුගේ හදවත නොසැලකිලිමත්භාවයට අප පත් කළා වූ ද අයට නුඹ අවනත නොවනු. තවද ඔහුගේ කරුණ අපතේ යන්නක් විය.    وَاصْبِرْ نَفْسَكَ مَعَ الَّذِينَ يَدْعُونَ رَبَّهُمْ بِالْغَدَاةِ وَالْعَشِيِّ يُرِيدُونَ وَجْهَهُ ۖ وَلَا تَعْدُ عَيْنَاكَ عَنْهُمْ تُرِيدُ زِينَةَ الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَا تُطِعْ مَنْ أَغْفَلْنَا قَلْبَهُ عَنْ ذِكْرِنَا وَاتَّبَعَ هَوَاهُ وَكَانَ أَمْرُهُ فُرُطًا {28}
29. අපරාධකරුවන්ගේ නවාතැන.
තවද සත්‍යය නුඹලාගේ පරමාධිපති ගෙන් යැයි නුඹ පවසනු. එහෙයින් කවරෙකු අභිමත කළේ ද ඔහු විශ්වාස කරත්වා ! තවද කවරෙකු අභිමත කළේ ද ඔහු ප්‍රතික්ෂේප කරත්වා ! නියත වශයෙන්ම අපි අපරාධකරුවන්ට (නිරා) ගින්නක් සූදානම් කර ඇත්තෙමු. එහි ගිනි දලු ඔවුන් ව වටලා ගෙන තිබේ. ඔවුහු (පිපාසය සඳහා) පිහිට පතන්නේ නම් මුහුණු දවාළන ලෝදිය මෙන් වූ පානයක් ඔවුනට පිහිට සඳහා දෙනු ලැබේ. එය නපුරු පානයක් විය. වාසස්ථානයෙන් ද නපුරු විය.    وَقُلِ الْحَقُّ مِنْ رَبِّكُمْ ۖ فَمَنْ شَاءَ فَلْيُؤْمِنْ وَمَنْ شَاءَ فَلْيَكْفُرْ ۚ إِنَّا أَعْتَدْنَا لِلظَّالِمِينَ نَارًا أَحَاطَ بِهِمْ سُرَادِقُهَا ۚ وَإِنْ يَسْتَغِيثُوا يُغَاثُوا بِمَاءٍ كَالْمُهْلِ يَشْوِي الْوُجُوهَ ۚ بِئْسَ الشَّرَابُ وَسَاءَتْ مُرْتَفَقًا {29}

30-31. දේව විශ්වාසවන්ත දැහැමියන්ගේ නවාතැන.
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ක්‍රියාවෙන් වඩාත් යහපත් දෑ කළවුන්ගේ ප්‍රතිඵල සැබැවින්ම අපි අපතේ නොහරින්නෙමු.    إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلًا {30}
ඔවුනට සදාතනික (ස්වර්ග) උයන් ඇත. ඔවුනට පහළින් ගංගාවෝ ගලා බසිති. එහි රනින් වූ වළලු වලින් ඔවුහු පලන්දවනු ලබති. ඔවුහු සිනිඳු සේද හා ගන සේද වලින් යුත් කොළ පැහැති ඇඳුම් අඳිති. එහි ඔවුහු කවිච්චි මත හාන්සිවෙමින් සිටිති. එම ප්‍රතිඵලය යහපත් විය. එය වාසස්ථානයෙන් ද අලංකාරවත් විය.    أُولَٰئِكَ لَهُمْ جَنَّاتُ عَدْنٍ تَجْرِي مِنْ تَحْتِهِمُ الْأَنْهَارُ يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِنْ ذَهَبٍ وَيَلْبَسُونَ ثِيَابًا خُضْرًا مِنْ سُنْدُسٍ وَإِسْتَبْرَقٍ مُتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ ۚ نِعْمَ الثَّوَابُ وَحَسُنَتْ مُرْتَفَقًا {31}
32-44. ලොවෙහි ගිලී සිටින්නන්ට උදාහරණය.
මිනිසුන් දෙදෙනෙකුගේ උපමාව නුඹ ඔවුනට ගෙන හැර පානු. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුට අපි මිදි වලින් යුත් උයන් දෙකක් ඇති කළෙමු. ඒ දෙක ඉඳි ගස්වලින් වට කළෙමු. තවද අපි ඒ දෙක අතර කෙත් යායක් ඇති කළෙමු.    وَاضْرِبْ لَهُمْ مَثَلًا رَجُلَيْنِ جَعَلْنَا لِأَحَدِهِمَا جَنَّتَيْنِ مِنْ أَعْنَابٍ وَحَفَفْنَاهُمَا بِنَخْلٍ وَجَعَلْنَا بَيْنَهُمَا زَرْعًا {32}
එම වතු දෙක එහි ඵලදාව දුන්නේය. ඉන් කිසිවකින් අඩුවක් නොකළේය. තවද ඒ දෙක අතර ගංගාවක් අපි ඇති කළෙමු.     كِلْتَا الْجَنَّتَيْنِ آتَتْ أُكُلَهَا وَلَمْ تَظْلِمْ مِنْهُ شَيْئًا ۚ وَفَجَّرْنَا خِلَالَهُمَا نَهَرًا {33}
තවද ඔහුට (මනා) ඵලදාවක් විය. එවිට ඔහු ඔහුගේ මිතුරා සමග සාකච්ඡාවේ යෙදිමින් ‘මම නුඹට වඩා ධනයෙන් අධික කෙනෙකි. තවද පුද්ගල වශයෙන් ද අති ගෞරවනීය කෙනෙකි’ යැයි පවසා සිටියේය.    وَكَانَ لَهُ ثَمَرٌ فَقَالَ لِصَاحِبِهِ وَهُوَ يُحَاوِرُهُ أَنَا أَكْثَرُ مِنْكَ مَالًا وَأَعَزُّ نَفَرًا {34}
තවද ඔහු තමන්ටම අපරාධ කර ගත්තෙකු ලෙසින් ඔහුගේ උයනට පිවිසීය. ‘මෙය කිසිවිටෙක විනාශ වන්නක් බව මම නොසිතමි. අවසන් හෝරාව සිදුවන්නක් බව ද මම නොසිතමි. මාගේ පරමාධිපති වෙත මම නැවත යොමු කරනු ලැබුව ද (එසේ) හැරී යන ස්ථානයේ මීට වඩා ශ්‍රේෂ්ඨ දෑ මම ලබන්නෙමි’ යැයි ඔහු පැවසුවේය.    وَدَخَلَ جَنَّتَهُ وَهُوَ ظَالِمٌ لِنَفْسِهِ قَالَ مَا أَظُنُّ أَنْ تَبِيدَ هَٰذِهِ أَبَدًا {35} وَمَا أَظُنُّ السَّاعَةَ قَائِمَةً وَلَئِنْ رُدِدْتُ إِلَىٰ رَبِّي لَأَجِدَنَّ خَيْرًا مِنْهَا مُنْقَلَبًا {36}
ඔහුගේ මිතුරා ඔහු සමග සාකච්ඡාවේ යෙදෙමින් ‘නුඹ ව පසින් ද පසු ව ශුක්‍රාණුවෙන් ද මවා මිනිසෙකු ලෙසින් නුඹ ව සැකසූ අයට නුඹ ගුණමකු වන්නෙහි ද?’ යැයි විමසා සිටියේය.     قَالَ لَهُ صَاحِبُهُ وَهُوَ يُحَاوِرُهُ أَكَفَرْتَ بِالَّذِي خَلَقَكَ مِنْ تُرَابٍ ثُمَّ مِنْ نُطْفَةٍ ثُمَّ سَوَّاكَ رَجُلًا {37}
එනමුත් මාගේ පරමාධිපති අල්ලාහ් වන ඔහුය. තවද මම මාගේ පරමාධිතිට කිසිවකු ආදේශ නොකරමි.    لَٰكِنَّا هُوَ اللَّهُ رَبِّي وَلَا أُشْرِكُ بِرَبِّي أَحَدًا {38}
නුඹ නුඹේ උයනට පිවිසුණු විට මාෂා අල්ලාහු  ලා කුව්වත ඉල්ලා බිල්ලාහ් (අල්ලාහ් අභිමත කරන අයුරිනි. අල්ලාහ්ගෙන් තොර ව මිස කිසිදු ශක්තියක් නොමැත) යැයි පැවසිය යුතු නොවේ ද? ධනයෙන් හා දරුවන්ගෙන් නුඹට වඩා අඩු කෙනෙකු ලෙස නුඹ මා දුටුවද!    وَلَوْلَا إِذْ دَخَلْتَ جَنَّتَكَ قُلْتَ مَا شَاءَ اللَّهُ لَا قُوَّةَ إِلَّا بِاللَّهِ ۚ إِنْ تَرَنِ أَنَا أَقَلَّ مِنْكَ مَالًا وَوَلَدًا {39}
මාගේ පරමාධිපති නුඹේ උයනට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් මා වෙත පිරිනමා ඒ (නුඹගේ උයන) වෙත ගින්නක් එවන්නට පුළුවන. එවිට එය නිසරු තැනිතලාවක් බවට පත් වනු ඇත.     فَعَسَىٰ رَبِّي أَنْ يُؤْتِيَنِ خَيْرًا مِنْ جَنَّتِكَ وَيُرْسِلَ عَلَيْهَا حُسْبَانًا مِنَ السَّمَاءِ فَتُصْبِحَ صَعِيدًا زَلَقًا {40}
එසේ නැතහොත් එහි ජලය සිඳී යන්නක් බවට පත් කරනු ඇත. එවිට එය සෙවීමට නුඹ කිසිවිටෙක හැකියාව නොදරනු ඇත.     أَوْ يُصْبِحَ مَاؤُهَا غَوْرًا فَلَنْ تَسْتَطِيعَ لَهُ طَلَبًا {41}
තවද ඔහුගේ පලදාව (විනාශයෙන්) වෙළා ගනු ලැබීය. ඒ සඳහා තමන් වියදම් කර තිබිය දී එහි උඩුවියන ද ගරා වැටී තිබිය දී (ඒ ගැන කනස්සල්ලට පත් ව) තම දෙඅත් පෙරළමින් ‘ අහෝ ! මාගේ විනාශය ! මම මාගේ පරමාධිපතිට කිසිවකු ආදේශ නොකර සිටියේ නම්’ යැයි පවසන්නෙකු බවට පත් විය.    وَأُحِيطَ بِثَمَرِهِ فَأَصْبَحَ يُقَلِّبُ كَفَّيْهِ عَلَىٰ مَا أَنْفَقَ فِيهَا وَهِيَ خَاوِيَةٌ عَلَىٰ عُرُوشِهَا وَيَقُولُ يَا لَيْتَنِي لَمْ أُشْرِكْ بِرَبِّي أَحَدًا{42}
තවද අල්ලාහ්ගෙන් තොර ව ඔහුට උදව් කරන කිසිදු පිරිසක් ඔහුට නොවීය. තවද ඔහු (විනාශ මුඛයේ දී තමන්ටම) උදව් කර ගන්නකු ද නොවීය.    وَلَمْ تَكُنْ لَهُ فِئَةٌ يَنْصُرُونَهُ مِنْ دُونِ اللَّهِ وَمَا كَانَ مُنْتَصِرًا {43}
මෙහි පාලන බලය සත්‍යය වූ අල්ලාහ් සතුය. ඔහු කුසල් පිරිනැමීමෙන් අති ශ්‍රේෂ්ඨය එමෙන්ම අවසානයෙන් ද අති ශ්‍රේෂ්ඨය.      هُنَالِكَ الْوَلَايَةُ لِلَّهِ الْحَقِّ ۚ هُوَ خَيْرٌ ثَوَابًا وَخَيْرٌ عُقْبًا {44}
45,46. මෙලොව ජීවිතයේ යථාර්ථයට උදාහරණයක් හා  යහකම් කිරීමේ මහිමය.
මෙලොව ජීවිතයේ උපමාව ඔවුනට නුඹ ගෙන හැර පෙන්වනු. (එය) අපි අහසින් පහළ කළා වූ ජලය මෙනි. ඒ සමග මහපොළොවේ පැළෑටි මුසු වෙයි. පසු ව එය ඉපනැලි බවට පත් ව සුළඟ එය ගසා ගෙන යයි. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි බලසම්පන්නය.    وَاضْرِبْ لَهُمْ مَثَلَ الْحَيَاةِ الدُّنْيَا كَمَاءٍ أَنْزَلْنَاهُ مِنَ السَّمَاءِ فَاخْتَلَطَ بِهِ نَبَاتُ الْأَرْضِ فَأَصْبَحَ هَشِيمًا تَذْرُوهُ الرِّيَاحُ ۗ وَكَانَ اللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ مُقْتَدِرًا {45}
වස්තුව හා දරුවන් මෙලොව ජීවිතයේ අලංකාරයන්ය. ශේෂ ව පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස තිළිණ වශයෙන් උතුම්ය. බලාපොරොත්තු තැබීමෙන් ද උතුම්ය.    الْمَالُ وَالْبَنُونَ زِينَةُ الْحَيَاةِ الدُّنْيَا ۖ وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ أَمَلًا {46}
47-49. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇතැම් දර්ශන.
තවද එදින අපි කඳු ගමන් කරවන්නෙමු. නුඹ මහපොළොව මුඩු එළිමහනක් බව දකින්නෙහිය. තවද අපි ඔවුන් ව රැස් කරන්නෙමු. එවිට ඔවුන්ගෙන් කිසිවකු ව අපි අත් නොහරින්නෙමු.     وَيَوْمَ نُسَيِّرُ الْجِبَالَ وَتَرَى الْأَرْضَ بَارِزَةً وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًا {47}
තවද ඔවුහු නුඹගේ පරමාධිපති වෙත පෙළට ඉදිරිපත් කරනු ලබති. සැබැවින්ම අපි නුඹලා ව මුල් වරට මැව්වාක් මෙන්ම නුඹලා අප වෙත පැමිණ ඇත. නමුත් ‘නුඹලාට (නැවත නැගිටුවනු ලැබීමේ) ප්‍රතිඥාව අපි ඇති නොකරන්නේමය’ යැයි නුඹලා සිතුවෙහුය.     وَعُرِضُوا عَلَىٰ رَبِّكَ صَفًّا لَقَدْ جِئْتُمُونَا كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ ۚ بَلْ زَعَمْتُمْ أَلَّنْ نَجْعَلَ لَكُمْ مَوْعِدًا {48}
වාර්තා පොත තබනු ලැබේ. එවිට වැරදිකරුවන් එහි ඇති දෑ ගැන බියට පත්වෙමින් සිටිනු නුඹ දකිනු ඇත. තවද ඔවුහු ‘අහෝ ! අපගේ විනාශය ! මෙම වාර්තාවට කුමක් සිදු වී ඇත් ද? එය කුඩා දෙයක් හෝ මහා දෙයක් හෝ සටහන් කර තිබෙනු මිස නැත. ඔවුන් සිදු කළ දේ (තමන්) ඉදිරියේම ඔවුහු දැක ගනිති. නුඹගේ පරමාධිපති කිසිවකුට අපරාධයක් නොකරයි.    وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَٰذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا ۚ وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا ۗ وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا {49}
50.නබි ආදම් (අලයිහිස් සලාම්) තුමාට සුජූද් කළ මලක්වරුන් හා අල්ලාහ්ගේ අණට එරෙහි වූ ඉබ්ලීස්.
නුඹලා ආදම්ට බිම වැතිර සුජූද් කරනුයි මලක්වරුන්ට අපි පැවසූ අවස්ථාව සිහියට නගනු. එවිට ඉබ්ලීස් හැර (සෙස්සන්) බිම වැතිර සුජූද් කළෝය. ඔහු ජින් වර්ගයාගෙන් විය. ඔහු ඔහුගේ පරමාධිපතිගේ අණට අකීකරු විය. එහෙයින් නුඹලා මා හැර දමා ඔහු හා ඔහුගේ පරපුර භාරකරුවන් ලෙස ගන්නෙහු ද? තවද ඔවුහු නුඹලාට සතුරුය. (අල්ලාහ්) වෙනුවට ගැනීම අපරාධකරුවන්ට  නපුරු විය.    وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ ۗ أَفَتَتَّخِذُونَهُ وَذُرِّيَّتَهُ أَوْلِيَاءَ مِنْ دُونِي وَهُمْ لَكُمْ عَدُوٌّ ۚ بِئْسَ لِلظَّالِمِينَ بَدَلًا {50}
51-53. දේව ආදේශකයින්ගේ නවාතැන කොතැනද?
අහස් හා මහපොළොව මැවීමට හෝ නුඹලා ව මැවීමට හෝ සාක්ෂි වශයෙන් ඔවුන් ව මම නොගත්තෙමි. එමෙන්ම මම උර දීමක් වශයෙන් නොමග යවන්නවුන් ගන්නෙකු ද නොවූයෙමි.    مَا أَشْهَدْتُهُمْ خَلْقَ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَا خَلْقَ أَنْفُسِهِمْ وَمَا كُنْتُ مُتَّخِذَ الْمُضِلِّينَ عَضُدًا {51}
තවද එදින ‘නුඹලා උකල්පනය කරමින් මට ආදේශ කළවුන් ව නුඹලා කැඳවනු’ යැයි ඔහු පවසයි. එවිට ඔවුහු ඔවුන් ව කැඳවති. නමුත් ඔවුහු ඔවුනට ප්‍රතිචාර නොදක්වති. ඔවුන් අතර විනාශකාරී ස්ථානයක් අපි ඇති කළෙමු.    وَيَوْمَ يَقُولُ نَادُوا شُرَكَائِيَ الَّذِينَ زَعَمْتُمْ فَدَعَوْهُمْ فَلَمْ يَسْتَجِيبُوا لَهُمْ وَجَعَلْنَا بَيْنَهُمْ مَوْبِقًا {52}
තවද වැරදිකරුවන් (නිරා) ගින්න දකිනු ඇත. එවිට නියත වශයෙන්ම තමන් එහි වැටෙන්නාක් මෙන් ඔවුහු සිතති. ඉන් හැරීමක් ඔවුහු නොදකිනු ඇත.    وَرَأَى الْمُجْرِمُونَ النَّارَ فَظَنُّوا أَنَّهُمْ مُوَاقِعُوهَا وَلَمْ يَجِدُوا عَنْهَا مَصْرِفًا {53}
54-59. අල් කුර්ආනයේ හා දහම් දූතවරුන්ගේ වැදගත්කම ඒ සම්බන්ධයෙන් දේව ආදේශකයින්ගේ ස්ථාවරය හා නියමිත කාලයක් දක්වා අල්ලාහ් ඔවුනට අවකාශය ලබා දී තිබීම.
තවද සැබැවින්ම අපි ජනයාට සෑම උපමාවකින්ම මෙම කුර්ආනයේ විවිධාකාරයෙන් විස්තර කර ඇත්තෙමු. තවද මිනිසා බොහෝ දෑ ගැන විවාදශීලී විය.    وَلَقَدْ صَرَّفْنَا فِي هَٰذَا الْقُرْآنِ لِلنَّاسِ مِنْ كُلِّ مَثَلٍ ۚ وَكَانَ الْإِنْسَانُ أَكْثَرَ شَيْءٍ جَدَلًا {54}
මුතුන්මිත්තන්හට අත් වූ ඉරණම තමන් වෙත නොපැමිණීමත් (ඔවුන්) ඉදිරියේදීම දඬුවම ඔවුන් වෙත නොපැමිණීමත් මිස ඔවුන් වෙත යහමග පැමිණි විට ඔවුන් විශ්වාස කිරීමට හා ඔවුන්ගේ පරමාධිපති ගෙන් සමාව අයැද සිටීමට ජනයා වැළැක්වූයේ නැත.    وَمَا مَنَعَ النَّاسَ أَنْ يُؤْمِنُوا إِذْ جَاءَهُمُ الْهُدَىٰ وَيَسْتَغْفِرُوا رَبَّهُمْ إِلَّا أَنْ تَأْتِيَهُمْ سُنَّةُ الْأَوَّلِينَ أَوْ يَأْتِيَهُمُ الْعَذَابُ قُبُلًا {55}
තවද ධර්ම දූතරවරුන් ශුභාරංචි දන්වන්නන් හා අවවාද කරන්නන් ලෙසින් මිස අපි නොඑව්වෙමු. තවද ප්‍රතික්ෂේප කළවුන් එමගින් සත්‍යය අසත්‍යය කිරීම පිණිස අසත්‍ය දෑ රැගෙන තර්ක කරති. තවද ඔවුහු මාගේ සංඥාවන් හා අවවාද කරනු ලැබූ දෑ උපහාසයට ගත්තෝය.     وَمَا نُرْسِلُ الْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنْذِرِينَ ۚ وَيُجَادِلُ الَّذِينَ كَفَرُوا بِالْبَاطِلِ لِيُدْحِضُوا بِهِ الْحَقَّ ۖ وَاتَّخَذُوا آيَاتِي وَمَا أُنْذِرُوا هُزُوًا {56}
තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ, ඉන් පසු ව එය නොසලකා හැර තම දෑත් ඉදිරිපත් කළ දෑ අමතක කර දැමූ අයට වඩා මහා අපරාධකරු කවරෙකු ද? එය ඔවුහු අවබෝධ කර ගැනීමට (නොහැකිවන සේ) සැබැවින්ම අපි ඔවුන්ගේ හදවත් මත වැස්මක් ද ඔවුන්ගේ සවන් වලට බිහිරිභාවය ද ඇති කළෙමු. තවද යහ මග වෙත නුඹ ඔවුන් ඇරයුම් කළ ද ඔවුහු කිසිවිටෙක යහ මග නොලබන්නෝමය.    وَمَنْ أَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ فَأَعْرَضَ عَنْهَا وَنَسِيَ مَا قَدَّمَتْ يَدَاهُ ۚ إِنَّا جَعَلْنَا عَلَىٰ قُلُوبِهِمْ أَكِنَّةً أَنْ يَفْقَهُوهُ وَفِي آذَانِهِمْ وَقْرًا ۖ وَإِنْ تَدْعُهُمْ إِلَى الْهُدَىٰ فَلَنْ يَهْتَدُوا إِذًا أَبَدًا {57}

තවද නුඹගේ පරමාධිපති අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය. ඔවුහු ඉපැයූ දෑ හේතුකොට ගෙන ඔහු ඔවුන් ව ග්‍රහණය කරන්නේ නම් ඔවුනට දඬුවම ඔහු ඉක්මන් කරනු ඇත. නමුත් ඔවුනට ප්‍රතිඥත කාලයක් ඇත. ඔහුගෙන් තොර ව කිසිදු මිදී යාමක් ඔවුහු නොදකින්නෝමය.    وَرَبُّكَ الْغَفُورُ ذُو الرَّحْمَةِ ۖ لَوْ يُؤَاخِذُهُمْ بِمَا كَسَبُوا لَعَجَّلَ لَهُمُ الْعَذَابَ ۚ بَلْ لَهُمْ مَوْعِدٌ لَنْ يَجِدُوا مِنْ دُونِهِ مَوْئِلًا {58}
තවද එම ගම්වාසීහු, ඔවුන් අපරාධ කළ කල්හි අපි ඔවුන් ව විනාශ කළෙමු. තවද අපි ඔවුන්ගේ විනාශයට ප්‍රතිඥත කාලයක් ඇති කළෙමු.    وَتِلْكَ الْقُرَىٰ أَهْلَكْنَاهُمْ لَمَّا ظَلَمُوا وَجَعَلْنَا لِمَهْلِكِهِمْ مَوْعِدًا {59}
60-82. මූසා නබි හා හිල්ර් නබි (අලයිහිමස් සලාම්)
දෙමුහුද එක් වන තැනට මම ළඟා වන තෙක් හෝ දිගු කාලයක් මම ගත කරන තෙක් හෝ මම ගමන නොනවත්වමි යැයි තම (සේවක) කොලුවාට මූසා පැවසූ අවස්ථාව සිහිපත් කරනු.    وَإِذْ قَالَ مُوسَىٰ لِفَتَاهُ لَا أَبْرَحُ حَتَّىٰ أَبْلُغَ مَجْمَعَ الْبَحْرَيْنِ أَوْ أَمْضِيَ حُقُبًا {60}
ඒ දෙක අතර එක් වන තැනට ඔවුන් දෙදෙනා ළඟා වූ කල්හි ඔවුන් දෙදෙනාගේ මත්සයා ඔවුන් දෙදෙනාට අමතක විය. ඌ උගේ මාර්ගය මුහුදෙහි උමගක් ලෙසින් ගත්තේය.    فَلَمَّا بَلَغَا مَجْمَعَ بَيْنِهِمَا نَسِيَا حُوتَهُمَا فَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ سَرَبًا {61}
පසු ව ඔවුන් දෙදෙනා තරණය කළ කල්හි ඔහු ඔහුගේ (සේවක) කොලුවාට ‘අපගේ ආහාරය අප වෙත ගෙන එන්න. අපි අපගේ ගමනින් වෙහෙසට පත් ව ඇත්තෙමු’ යැයි පැවසීය.      فَلَمَّا جَاوَزَا قَالَ لِفَتَاهُ آتِنَا غَدَاءَنَا لَقَدْ لَقِينَا مِنْ سَفَرِنَا هَٰذَا نَصَبًا {62}
මෙම ගල්පර්වතය වෙත අපි (අපගේ ගමන) අවසන් කළ විට සැබැවින්ම මත්සයා මට අමතක වූ බව නුඹ නොදුටුවෙහි ද? එය මා මෙනෙහි කිරීමට මා හට එය අමතක කළේ ෂෙයිතාන් හැර වෙනත් කිසිවකු නොවේ. මුහුදේ ඌ උගේ ගමන් මග පුදුමාකාර අයුරින් ගත්තේය යැයි ඔහු පැවසීය.    قَالَ أَرَأَيْتَ إِذْ أَوَيْنَا إِلَى الصَّخْرَةِ فَإِنِّي نَسِيتُ الْحُوتَ وَمَا أَنْسَانِيهُ إِلَّا الشَّيْطَانُ أَنْ أَذْكُرَهُ ۚ وَاتَّخَذَ سَبِيلَهُ فِي الْبَحْرِ عَجَبًا{63}
අපි සොයමින් සිටි දෑ (තැන) එය වේ යැයි ඔහු පැවසීය. පසු ව ඔවුන් දෙදෙනා (කතා කරමින්) ඔවුන් දෙදෙනාගේ සලකුණු ඔස්සේ නැවත හැරී ගියහ.     قَالَ ذَٰلِكَ مَا كُنَّا نَبْغِ ۚ فَارْتَدَّا عَلَىٰ آثَارِهِمَا قَصَصًا {64}
එවිට ඔවුන් දෙදෙනාම අපගේ ගැත්තන් අතුරින් එක් ගැත්තෙකු ව මුණ ගැසුණහ. අපි ඔහුට අප වෙතින් වූ ආශිර්වාදය ලබා දුනිමු. තවද අප වෙතින් වූ ඥානය ද අපි ඔහුට ඉගැන්වූයෙමු.    فَوَجَدَا عَبْدًا مِنْ عِبَادِنَا آتَيْنَاهُ رَحْمَةً مِنْ عِنْدِنَا وَعَلَّمْنَاهُ مِنْ لَدُنَّا عِلْمًا {65}
යහ මගින් ඔබට උගන්වනු ලැබූ දැයින් ඔබ මට ඉගැන්වීම මත මම ඔබ ව අනුගමනය කරන්නදැයි මූසා ඔහුගෙන් විමසුවේය.    قَالَ لَهُ مُوسَىٰ هَلْ أَتَّبِعُكَ عَلَىٰ أَنْ تُعَلِّمَنِ مِمَّا عُلِّمْتَ رُشْدًا {66}
නියත වශයෙන් ඔබ මා සමගින් ඉවසා සිටීමට ඔබ හැකියාව නොදරන්නෙහිම යැයි ඔහු පැවසුවේය.    قَالَ إِنَّكَ لَنْ تَسْتَطِيعَ مَعِيَ صَبْرًا {67}
තවද තොරතුරු වශයෙන් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුම නොමැත්තේද එවන් දෙයක් මත නුඹ ඉවසා සිටිනුයේ කෙසේද?    وَكَيْفَ تَصْبِرُ عَلَىٰ مَا لَمْ تُحِطْ بِهِ خُبْرًا {68}
අල්ලාහ් අභිමත කළේ නම් ඔබ මා ඉවසිලිවන්තයකු ලෙස දැක ගනු ඇත. තවද කිසිදු අණකට මම නුඹට පිටු නොපාමි යැයි ඔහු පැවසුවේය.    قَالَ سَتَجِدُنِي إِنْ شَاءَ اللَّهُ صَابِرًا وَلَا أَعْصِي لَكَ أَمْرًا {69}
එසේ නුඹ මා අනුගමනය කරන්නෙහි නම් කිසිවක් පිළිබඳ මම නුඹට මෙනෙහි කර පවසන තෙක් නුඹ ඒ ගැන මගෙන් විමසිය නොයුතු යැයි ඔහු පැවසුවේය.    قَالَ فَإِنِ اتَّبَعْتَنِي فَلَا تَسْأَلْنِي عَنْ شَيْءٍ حَتَّىٰ أُحْدِثَ لَكَ مِنْهُ ذِكْرًا {70}
පසු ව ඔවුන් දෙදෙනා ගමන් ගත්හ. එය ඔවුන් දෙදෙනා නැවේ ගොඩ වී ගමන් ගන්නා තෙක් විය. ඔහු එය සිදුරු කළේය. එහි වූ වැසියන් ඔබ ගිල්වනු පිණිස ඔබ එය සිදුරු කළෙහි ද? සැබැවින්ම ඔබ මහත් වූ කරුණක් වෙත පැමිණියෙහිය යැයි ඔහු පැවසුවේය.     فَانْطَلَقَا حَتَّىٰ إِذَا رَكِبَا فِي السَّفِينَةِ خَرَقَهَا ۖ قَالَ أَخَرَقْتَهَا لِتُغْرِقَ أَهْلَهَا لَقَدْ جِئْتَ شَيْئًا إِمْرًا {71}
නියත වශයෙන්ම ඔබ මා සමග ඉවසා දරා ගැනීමට හැකියාව නොදරන්නෙහිමය යැයි මම නොකීවෙම්දැයි ඔහු විමසීය.     قَالَ أَلَمْ أَقُلْ إِنَّكَ لَنْ تَسْتَطِيعَ مَعِيَ صَبْرًا {72}
මා අමතක කළ දෑ හේතුවෙන් ඔබ මා වරදට නොගනු. තවද මාගේ විෂය සම්බන්ධයෙන් ඔබ මා අපහසුතාවට ලක් නොකරනු යැයි ඔහු පැවසුවේය.    قَالَ لَا تُؤَاخِذْنِي بِمَا نَسِيتُ وَلَا تُرْهِقْنِي مِنْ أَمْرِي عُسْرًا {73}
පසු ව දෙදෙනාම ගමන් ගත්හ. එය ඔවුන් දෙදෙනා දරුවකු මුණ ගැසෙන තෙක් විය. එවිට ඔහු ඔහු ව මරා දැමුවේය. කිසිදු ප්‍රාණ අයිතියකින් තොර ව පිවිතුරු ආත්මයක් ඔබ මරා දැමුවෙහි ද? ඔබ පිළිකුල් සහගත කරුණක් ගෙන ආවෙහිය යැයි පවසා සිටියේය.     فَانْطَلَقَا حَتَّىٰ إِذَا لَقِيَا غُلَامًا فَقَتَلَهُ قَالَ أَقَتَلْتَ نَفْسًا زَكِيَّةً بِغَيْرِ نَفْسٍ لَقَدْ جِئْتَ شَيْئًا نُكْرًا {74}
නියත වශයෙන්ම ඔබ මා සමග ඉවසා දරා ගැනීමට හැකියාව නොදරන්නෙහිමය යැයි මම ඔබට නොකීවෙම්දැයි ඔහු විමසීය.    قَالَ أَلَمْ أَقُلْ لَكَ إِنَّكَ لَنْ تَسْتَطِيعَ مَعِيَ صَبْرًا {75}
මින් පසු ව මම යමක් පිළිබඳ ව නුඹෙන් විමසා සිටියේ නම් මා සමග නුඹ ගමන් නොකරනු. සැබැවින්ම මා වෙතින් නුඹ නිදහසට කරුණක් ලැබුවෙහිය යැයි ඔහු පැවසුවේය.     قَالَ إِنْ سَأَلْتُكَ عَنْ شَيْءٍ بَعْدَهَا فَلَا تُصَاحِبْنِي ۖ قَدْ بَلَغْتَ مِنْ لَدُنِّي عُذْرًا {76}
පසු ව ඔවුන් දෙදෙනා ගමන් ගත්හ. එය ගමක වැසියන් වෙත පැමිණෙන තෙක් විය. එහි වැසියන්ගෙන් ඔවුන් දෙදෙනා ආහාර ඉල්ලා සිටියහ. එවිට ඔවුන් දෙදෙනාට ආගන්තුක සත්කාර කිරීමට ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. එවිට ඔවුන් දෙදෙනා එහි ගරා වැටෙන්නට යන බිත්තියක් දුටුහ. එවිට ඔහු එය කෙළින් කළේය. ඔබ අභිමත කළේ නම් ඒ සඳහා ඔබට කුලියක් ලබා ගන්නට තිබුණි යැයි ඔහු පැවසීය.      فَانْطَلَقَا حَتَّىٰ إِذَا أَتَيَا أَهْلَ قَرْيَةٍ اسْتَطْعَمَا أَهْلَهَا فَأَبَوْا أَنْ يُضَيِّفُوهُمَا فَوَجَدَا فِيهَا جِدَارًا يُرِيدُ أَنْ يَنْقَضَّ فَأَقَامَهُ ۖ قَالَ لَوْ شِئْتَ لَاتَّخَذْتَ عَلَيْهِ أَجْرًا {77}
මා අතර හා ඔබ අතර වෙන්වීමය මෙය. ඔබ කවර දෙයක් මත ඉවසා සිටීමට නොහැකි වූද එහි යථාර්ථය මම නුඹට දන්වමි යැයි ඔහු පැවසුවේය.     قَالَ هَٰذَا فِرَاقُ بَيْنِي وَبَيْنِكَ ۚ سَأُنَبِّئُكَ بِتَأْوِيلِ مَا لَمْ تَسْتَطِعْ عَلَيْهِ صَبْرًا {78}
නැව වූ කලී එය මුහුදෙහි සේවය කරන දිළින්දන් සතු විය. එහෙයින් මම එය පළුදු කරන්නට සිතුවෙමි. හේතුව සෑම නැවක්ම බලහත්කාරයෙන් ගන්නා රජකු ඔවුනට පසුපසින් විය.     أَمَّا السَّفِينَةُ فَكَانَتْ لِمَسَاكِينَ يَعْمَلُونَ فِي الْبَحْرِ فَأَرَدْتُ أَنْ أَعِيبَهَا وَكَانَ وَرَاءَهُمْ مَلِكٌ يَأْخُذُ كُلَّ سَفِينَةٍ غَصْبًا {79}
තවද දරුවා වූ කලී, ඔහුගේ දෙමාපියන් දේව විශ්වාසවන්තයින් දෙදෙනකු වූහ. එහෙයින් සීමාව ඉක්මවා යමින් හා දේව ප්‍රතික්ෂේප භාවයෙන් ඔවුන් දෙදෙනාට ඔහු බරපතළකම් සිදු කිරීම ගැන අපි බිය වූයෙමු.     وَأَمَّا الْغُلَامُ فَكَانَ أَبَوَاهُ مُؤْمِنَيْنِ فَخَشِينَا أَنْ يُرْهِقَهُمَا طُغْيَانًا وَكُفْرًا {80}
එහෙයින් ඔවුන්ගේ පරමාධිපති ඔහුට වඩා ශ්‍රේෂ්ඨ පිවිතුරු භාවයෙන් යුත් සෙනෙහසින් වඩාත් සමීප වූ කෙනෙකු ඔවුන් දෙදෙනාට හුවමාරු කර දෙනු ඇතැයි අපි සිතුවෙමු.     فَأَرَدْنَا أَنْ يُبْدِلَهُمَا رَبُّهُمَا خَيْرًا مِنْهُ زَكَاةً وَأَقْرَبَ رُحْمًا {81}
තවද බිත්තිය වූ කලී, එය නගරයේ විසූ අනාථ දරුවන් දෙදෙනකු සතු විය. තවද ඔවුන් දෙදෙනා සතු නිධන් වස්තුවක් ඊට යටින් විය. තවද ඔවුන් දෙදෙනාගේ පියා දැහැමියකු විය. එවිට නුඹගේ පරමාධිපතිගේ දයාවෙන් ඔවුන් දෙදෙනා වැඩිවියට පත් ව පසු ව ඔවුන් දෙදෙනාගේ නිධන් වස්තුව ඔවුන් දෙදෙනා මතු කර ගන්නට නුඹගේ පරමාධිපති සිතුවේය. මාගේ තීරණයට අනුව මම මෙය සිදු නොකළෙමි. නුඹ කවර දෙයක් මත ඉවසීමෙන් සිටීමට නොහැකි වූයේ ද එහි යථාර්ථය මෙය වේ.    وَأَمَّا الْجِدَارُ فَكَانَ لِغُلَامَيْنِ يَتِيمَيْنِ فِي الْمَدِينَةِ وَكَانَ تَحْتَهُ كَنْزٌ لَهُمَا وَكَانَ أَبُوهُمَا صَالِحًا فَأَرَادَ رَبُّكَ أَنْ يَبْلُغَا أَشُدَّهُمَا وَيَسْتَخْرِجَا كَنْزَهُمَا رَحْمَةً مِنْ رَبِّكَ ۚ وَمَا فَعَلْتُهُ عَنْ أَمْرِي ۚ ذَٰلِكَ تَأْوِيلُ مَا لَمْ تَسْطِعْ عَلَيْهِ صَبْرًا {82}
83-99. දුල් කර්නයින් හා යඃජූජ් මඃජූජ්. (ඔවුන්ගේ පැමිණීම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සලකුණකි)
(අහෝ නබිවරය,) ඔවුහු නුඹගෙන් දුල් කර්නයින් පිළිබඳ විමසති. ඔහු පිළිබඳ සිහිපත් කරමින් නුඹලා වෙත මම මතුවට කියවා පෙන්වමි යැයි නුඹ පවසනු.    وَيَسْأَلُونَكَ عَنْ ذِي الْقَرْنَيْنِ ۖ قُلْ سَأَتْلُو عَلَيْكُمْ مِنْهُ ذِكْرًا {83}
නියත වශයෙන්ම අපි මහපොළොවෙහි ඔහුට පහසුකම් සලසා දුනිමු. තවද සෑම දෙයකින්ම ඔහුට හේතු සාධක පිරිනැමුවෙමු.     إِنَّا مَكَّنَّا لَهُ فِي الْأَرْضِ وَآتَيْنَاهُ مِنْ كُلِّ شَيْءٍ سَبَبًا {84}
එවිට ඔහු (මාර්ග) සාධක අනුගමනය කළේය.    فَأَتْبَعَ سَبَبًا {85}
හිරු අවරට යන ස්ථානයට ඔහු ළඟා වූ විට රත් වූ කළු මඩ සහිත ස්ථානයෙහි එය අවරට යනු ඔහු දුටුවේය. තවද ඒ අසල සිටි පිරිසක් ද ඔහු දුටුවේය. අහෝ ! දුල් කර්නයින් නුඹ දඬුවම් කරනු. නැතහොත් ඔවුන් අතර යහපත් අයුරින් කටයුතු කරනු යැයි අපි පැවසුවෙමු.    حَتَّىٰ إِذَا بَلَغَ مَغْرِبَ الشَّمْسِ وَجَدَهَا تَغْرُبُ فِي عَيْنٍ حَمِئَةٍ وَوَجَدَ عِنْدَهَا قَوْمًا ۗ قُلْنَا يَا ذَا الْقَرْنَيْنِ إِمَّا أَنْ تُعَذِّبَ وَإِمَّا أَنْ تَتَّخِذَ فِيهِمْ حُسْنًا {86}
අපරාධ කළවුන් සම්බන්ධයෙන් නම් එවිට අපි ඔහුට දඬුවම් කරන්නෙමු. පසු ව ඔහුගේ පරමාධිපති වෙත ඔහු ව නැවත යොමු කරනු ලැබේ. එවිට බිහිසුණු දඬුවමකින් ඔහු ඔහුට දඬුවම් කරනු ඇත.    قَالَ أَمَّا مَنْ ظَلَمَ فَسَوْفَ نُعَذِّبُهُ ثُمَّ يُرَدُّ إِلَىٰ رَبِّهِ فَيُعَذِّبُهُ عَذَابًا نُكْرًا {87}
විශ්වාස කොට යහකම් කළවුන් සම්බන්ධයෙන් නම් එවිට ඔහුට යහපත් ප්‍රතිඵල සතුය. තවද අපගේ නියෝගයෙන් පහසු දෑ අපි ඔහුට පවසන්නෙමු.     وَأَمَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا فَلَهُ جَزَاءً الْحُسْنَىٰ ۖ وَسَنَقُولُ لَهُ مِنْ أَمْرِنَا يُسْرًا {88}
පසු ව (මාර්ග) සාධකයක් ඔහු අනුගමනය කළේය.    ثُمَّ أَتْبَعَ سَبَبًا {89}
හිරු උදා වන තැනට ඔහු ළඟා වූ විට අපි ඔවුනට කිසිදු ආවරණයක් ඇති නොකළ පිරිසක් වෙත එය උදා වනු ඔහු දුටුවේය.    حَتَّىٰ إِذَا بَلَغَ مَطْلِعَ الشَّمْسِ وَجَدَهَا تَطْلُعُ عَلَىٰ قَوْمٍ لَمْ نَجْعَلْ لَهُمْ مِنْ دُونِهَا سِتْرًا {90}
එලෙසය. ඔහු සතු ව ඇති දෑ මනා දැනුමෙන් අපි සර්ව ප්‍රකාරයෙන් දැන සිටියෙමු.    كَذَٰلِكَ وَقَدْ أَحَطْنَا بِمَا لَدَيْهِ خُبْرًا {91}
පසු ව ඔහු (මාර්ග) සාධකයක් අනුගමනය කළේය.    ثُمَّ أَتْبَعَ سَبَبًا {92}
ඔහු කඳු දෙක අතරට ළඟා වූ විට කිසිදු වචනයක් වටහා ගන්නට නොහැකි පිරිසක් ඒ දෙක පාමුල ඔහු දුටුවේය.     حَتَّىٰ إِذَا بَلَغَ بَيْنَ السَّدَّيْنِ وَجَدَ مِنْ دُونِهِمَا قَوْمًا لَا يَكَادُونَ يَفْقَهُونَ قَوْلًا {93}
අහෝ ! දුල් කර්නයින්, නියත වශයෙන්ම යඃජූජ් හා මඃජූජ් මහපොළොවේ කලහකාරීහුය. එහෙයින් අප අතර හා ඔවුන් අතර ඔබ ආරක්ෂක පවුරක් ඇති කිරීම වෙනුවෙන් අපි ඔබට යම් දීමනාවක් කළ යුතු දැයි ඔවුහු විමසුවෝය.     قَالُوا يَا ذَا الْقَرْنَيْنِ إِنَّ يَأْجُوجَ وَمَأْجُوجَ مُفْسِدُونَ فِي الْأَرْضِ فَهَلْ نَجْعَلُ لَكَ خَرْجًا عَلَىٰ أَنْ تَجْعَلَ بَيْنَنَا وَبَيْنَهُمْ سَدًّا{94}
මාගේ පරමාධිපති එහි මට පහසුකම් වශයෙන් ලබා දුන් දෑ ශ්‍රේෂ්ඨය. එබැවින් නුඹලා ශක්තිමත් ව මට උදව් කරනු මම නුඹලා අතර හා ඔවුන් අතර බාධකයක් තබමි යැයි ඔහු පැවසුවේය.    قَالَ مَا مَكَّنِّي فِيهِ رَبِّي خَيْرٌ فَأَعِينُونِي بِقُوَّةٍ أَجْعَلْ بَيْنَكُمْ وَبَيْنَهُمْ رَدْمًا {95}
කදු පාමුල දෙක අතර සමාන වන තරමට නුඹලා මා වෙත ගණ යකඩ කුට්ටි ගෙන එනු. එය ගිනියම් බවට පත් වන තෙක් නුඹලා පිඹිනු යැයි ඔහු පැවසුවේය. ඒ මත උණු කළ තඹ මා වක් කරනු පිණිස මා වෙත නුඹලා (එය) ගෙන එනු යැයි පැවසුවේය.    آتُونِي زُبَرَ الْحَدِيدِ ۖ حَتَّىٰ إِذَا سَاوَىٰ بَيْنَ الصَّدَفَيْنِ قَالَ انْفُخُوا ۖ حَتَّىٰ إِذَا جَعَلَهُ نَارًا قَالَ آتُونِي أُفْرِغْ عَلَيْهِ قِطْرًا {96}
එවිට ඉන් බැහැර වන්නට (යඃජූජ් මඃජූජ් වන) ඔවුහු ශක්තිය නොදැරූහ. තවද එයට සිදුරක් කරන්නට ද ඔවුහු ශක්තිය නොදැරූහ.    فَمَا اسْطَاعُوا أَنْ يَظْهَرُوهُ وَمَا اسْتَطَاعُوا لَهُ نَقْبًا {97}
මෙය මාගේ පරමාධිපතිගෙන් වූ ආශිර්වාදයකි. එහෙයින් මාගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව පැමිණි විට ඔහු එය කැබලි බවට පත් කරයි. තවද මාගේ පරමාධිපතිගේ ප්‍රතිඥාව සැබෑවක් විය.     قَالَ هَٰذَا رَحْمَةٌ مِنْ رَبِّي ۖ فَإِذَا جَاءَ وَعْدُ رَبِّي جَعَلَهُ دَكَّاءَ ۖ وَكَانَ وَعْدُ رَبِّي حَقًّا {98}
එදින ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු තුළ රළ මෙන් නගින්නට අපි අත හැර දමන්නෙමු. තවද හොරණෑවෙහි පිඹිනු ලැබේ. එවිට අපි ඔවුන් සියල්ල එක් රැස් කරන්නෙමු.    وَتَرَكْنَا بَعْضَهُمْ يَوْمَئِذٍ يَمُوجُ فِي بَعْضٍ ۖ وَنُفِخَ فِي الصُّورِ فَجَمَعْنَاهُمْ جَمْعًا {99}
100-106. මළවුන් නැගිටුවනු ලබන දිනයේ ප්‍රතික්ෂේපකයින්ට ලැබෙන ප්‍රතිඵල.
එදින දේව ප්‍රතික්ෂේපකයිනට නිරය ප්‍රදර්ශනයක් ලෙස අපි ප්‍රදර්ශනය කර පෙන්වන්නෙමු.     وَعَرَضْنَا جَهَنَّمَ يَوْمَئِذٍ لِلْكَافِرِينَ عَرْضًا {100}
ඔවුහු වනාහි, මා සිහිපත් කිරීමෙන් ඔවුන්ගේ ඇස් ආවරණයක් තුළ වූ අය වෙති. තවද සවන් දෙන්නට ඔවුහු ශක්තිය නොදරන්නන් ලෙස සිටියහ.    الَّذِينَ كَانَتْ أَعْيُنُهُمْ فِي غِطَاءٍ عَنْ ذِكْرِي وَكَانُوا لَا يَسْتَطِيعُونَ سَمْعًا {101}
මාගෙන් තොර ව මාගේ ගැත්තන් තම භාරකරුවන් ලෙස ගැනීමට දේව ප්‍රතික්ෂේප කළවුන් සිතුවෝ ද? නියත වශයෙන්ම දේව ප්‍රතික්ෂේපකයින්ට නවාතැනක් වශයෙන් නිරය අපි සූදානම් කළෙමු.     أَفَحَسِبَ الَّذِينَ كَفَرُوا أَنْ يَتَّخِذُوا عِبَادِي مِنْ دُونِي أَوْلِيَاءَ ۚ إِنَّا أَعْتَدْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ نُزُلًا {102}
ක්‍රියාවන්ගෙන් අලාභහානි කර ගත්තවුන් පිළිබඳ ව අපි නුඹලාට දන්වන්නදැයි නුඹ විමසනු.     قُلْ هَلْ نُنَبِّئُكُمْ بِالْأَخْسَرِينَ أَعْمَالًا {103}
ඔවුන් වනාහි මෙලොව ජීවිතයේ තම වෑයම් මුළා වී ගියවුන්ය. නියත වශයෙන්ම තමන් ක්‍රියාවෙන් දැහැමි දෑ කරන්නන් බව ඔවුහු සිතති.     الَّذِينَ ضَلَّ سَعْيُهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا وَهُمْ يَحْسَبُونَ أَنَّهُمْ يُحْسِنُونَ صُنْعًا {104}
තම පරමාධිපතිගේ වදන් හා ඔහුගේ හමු ව ප්‍රතික්ෂේප කළවුන් මොවුහුමය. එවිට ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල වී යනු ඇත. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ (ඉන්) යම් කිරුම් බරක් ඔවුනට තක්සේරු නොකරන්නෙමු.    أُولَٰئِكَ الَّذِينَ كَفَرُوا بِآيَاتِ رَبِّهِمْ وَلِقَائِهِ فَحَبِطَتْ أَعْمَالُهُمْ فَلَا نُقِيمُ لَهُمْ يَوْمَ الْقِيَامَةِ وَزْنًا {105}
එය ඔවුහු ප්‍රතික්ෂේප කළ බැවින් හා මාගේ වදන් හා මාගේ රසූල්වරුන් ඔවුහු සමච්චලයට ගත් බැවින් ඔවුන්ගේ ප්‍රතිවිපාකය නිරයයි.    ذَٰلِكَ جَزَاؤُهُمْ جَهَنَّمُ بِمَا كَفَرُوا وَاتَّخَذُوا آيَاتِي وَرُسُلِي هُزُوًا {106}
107,108. මළවුන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසවන්තයින්ට ලැබෙන ප්‍රතිඵල.
නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි, නවාතැනක් වශයෙන් ෆිර්දවුස් නම් උයන් ඔවුනට විය.    إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَانَتْ لَهُمْ جَنَّاتُ الْفِرْدَوْسِ نُزُلًا {107}
එහි ඔවුන් සදාතනිකයින්ය. එයින් මාරුවීමක් ඔවුහු ප්‍රිය නොකරති.     خَالِدِينَ فِيهَا لَا يَبْغُونَ عَنْهَا حِوَلًا {108}
109,110. අල්ලාහ්ගේ වදන් කෙතරම් මනරම් ද ! එය ගෙන ආ නබිවරයාගේ සුභාරංචිය.
මාගේ පරමාධිපතිගේ වදන් (ලිවීමට) තීන්ත බවට මුහුද පත් වුව ද මාගේ පරමාධිපතිගේ වදන් (ලියා) නිමා වීමට පෙර මුහුද සිඳී යනු ඇත. එවන් (මුහුද) හා සමාන දෙයක් අපි අමතර ව ගෙන ආව ද (එය ද ප්‍රමාණවත් නොවනු ඇත.)    قُلْ لَوْ كَانَ الْبَحْرُ مِدَادًا لِكَلِمَاتِ رَبِّي لَنَفِدَ الْبَحْرُ قَبْلَ أَنْ تَنْفَدَ كَلِمَاتُ رَبِّي وَلَوْ جِئْنَا بِمِثْلِهِ مَدَدًا {109}
මම නුඹලා මෙන් මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳෙකු යැයි මා වෙත දන්වනු ලැබ ඇත. එහෙයින් කවරෙකු තම පරමාධිපතිගේ හමු ව අපේක්ෂා කරන්නේ ද ඔහු දැහැමි ක්‍රියාවන් සිදු කරත්වා ! තම පරමාධිපතිට ගැතිකම් කිරීමෙන් කිසිවකු ආදේශ නොකරත්වා ! යැයි (නබිවරය,) නුඹ පවසනු.    قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَىٰ إِلَيَّ أَنَّمَا إِلَٰهُكُمْ إِلَٰهٌ وَاحِدٌ ۖ فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا {110}

 

 

 

 

 

අල් කුර්ආන් සූරා අල් කහ්ෆ් - 18

Download

About the book

Author :

www.islamhouse.com

Publisher :

www.islamland.com

Category :

About Quran & Hadith