තෝරා ගත් රුවන් වැකි

මෙම කෘතියෙහි තෝරා ගත් හදීස් අසූවක අර්ථ හා එයින් උගත යුතු පාඩම් සිංහල භාෂාවෙන් ලියවී තිබේ.

තෝරා ගත් රුවන් වැකි
වෙළුම් අංක 4

 


හදීස්  අසූවක දැනුම් දෙන්නාගේ විස්තර හා උගත යුතු පාඩම් සහිතව
ගොනු කිරීම :
මහාචාර්‍ය මුහම්මද් මුර්තළා බින් ආඉෂ් මුහම්මද්
පරිවර්තනය :
මුහම්මද් අකීල් මුහ්ම්මද් අමීන්
ප්‍රකාශනය  :    
විදේශිකයින් කැඳවීම හා මඟපෙන්වීමේ කාර්‍යාලය අර් රබ්වා - රියාද් - සවුදි අරාබියාව
පළමු මුද්‍රනය
1436هـ - 2015

පටුන
මාතෘකාව    හදීස් අංක    පිටු අංක
ස්වර්ගයට මග    1    12
සූරතුල් බකරාවෙහි අවසන් වාක්‍ය දෙක    2    15
හදීස් වැකි ආරක්ෂා කිරීම    3    17
ඒක දේව සංකල්පය ආරක්ෂා කිරීම    4    20
මිනිසා අසරණයෙකි    5    22
යහපත් සාරධර්ම    6    25
ශාප කිරීම හා බැන වැදීම තහනම්    7    27
ලැජ්ජාව හා මෘදු භාවය    8    29
ආහාර පාන අනුභව කළ පසු    9    32
අති ශ්‍රේෂ්ඨ වදන    10    35
දහමෙහි නව කර්තව්‍ය    11    37
නබ් තුමාණන්ගේ අධික ප්‍රාර්ථනාව    12    39
අල්ලාහ් දෙවිඳුන්ට ප්‍රියතම ස්ථානය    13    41
මාරාන්තික රෝග වලින් ආරක්ෂාව පැතීම    14    44
අරෆා දිනයෙහි උපවාසය රැකීමේ මහිමය    15    46
උපවාසයේ නියැලිය හැකි දින    16    48
පිළිගනු ලබන ප්‍රාර්ථනාවන්    17    50
නබ් තුමාණන් හට ගෞරවය කිරිම    18    52
ඡායාරූප ඇඳීමෙන් වැළකිය යුතුය    19    54
ස්වර්ග්‍රස්ථ වීමට තුඩු දෙන සාදක    20    56
අසභ්‍ය දැයින් වැළකී සිටිම    21    59
වෙළඳාම හා මංගල යෝජනා    22    62
අල්ලාහ් දෙවිඳුන් අධිකව ප්‍රිය කරන්නා    23    65
සූරතුල් මුල්ක් හි මහිමයන් ස්වල්පයක්    24    68
සලාතය    25    70
පහසුම දහම    26    73
ජිවිතයේ සැබෑ අරමුණ    27    75
යහපත් ක්‍රමවේදයෙන් හැසිරීම    28    77
සුජූද් හා රුකූ හි කිව යුතු දුආ    29    79
මස්ජිදයෙහි මහිමය    30    81
ගණු දෙනුවක් පහසු කර දීමේ මහිමය    31    83
යුතුකම් සම්පූර්ණයෙන් ඉෂ්ඨ කිරීම    32    85
සැබෑ මූමීන් සඳහා සැබෑ උපමාවක්    33    87
වාසනා වන්තයා    34    89
සභාවෙන් විසිරී යන විට    35    92
දේපළ හා දේපළ හිමියන්    36    95
අවනත වීම    37    98
චේතනාවෙහි වැදගත් කම    38    101
රාත්‍රී කාලයේ දුආ ප්‍රාර්ථනා කිරීම    39    103
සලාතය යනු බලවත් සාධකයකි    40    105
සුදු වස්ත්‍රයන් පැළඳිම    41    107
ඉෆ්තාර් උපවාසය අවසන් කිරීම    42    110
ශරීර අංග හතකින් සුජූද් කිරීම    43    112
සිත් පැතුම් පරිවර්තනය කරන්නා    44    114
සුජූදයන් දෙක අතරතුර අසුන් ගැනීමේදී    45    118
මානවයාගේ සතුටෙහි උල්පත    46    120
මූලික ප්‍රතිපත්තීන්    47    122
සලවාත් හා සලාම් පැවසීම    48    126
දකුණත භාවිතා කිරීම    49    131
සිඟා කෑමෙන් වැළකී සිටීම    50    133
ඉෂ්රාක් සලාතය    51    135
වුළු කිරීම හා පස්වේල් සලාතය    52    137
සහර් බොජනය සඳහා රට ඉඳි    53    139
ආමීන් කීමෙහි මහිමය    54    141
සැබෑ මුස්ලිම් වරයෙකුගේ ගති ගුණාංග    55    143
ගේ දොර අලංකාර කිරීම    56    145
අල්ලාහුම්ම රබ්බනා ලකල් හම්ද්    57    147
රමළාන් මස තහවුරු කිරීම    58    149
සභාවක හැසිරීම්    59    151
සිය පවුල සඳහා වියදම් කිරිම    60    153
අපා ගත වීමෙන් ආරක්ෂා වීම    61    155
හජ් උම්රා වෙහි මහිමය    62    158
රමළාන් මසහි මහිමයෙන් බිඳක්    63    160
උපවාසයේ චේතනාව    64    162
ෆජ්ර් සලාතයේ කුර්ආන් පාරායනය    65    165
සුජූද් කිරීමෙහි  මහිමයෙන් බිඳක්    66    167
දෙඅවුරුදු සලාතය සඳහා යන එන මාර්ගය    67    169
සලාතයේ යතුර    68    170
ආෂූරා දිනයෙහි උපවාසය    69    174
සිනහව    70    176
අතිරේක සලාතයන් නිවසෙහි ඉටු කිරීම    71    178
අල්ලාහ් දෙවිඳුන් ප්‍රශංසා කිරීම    72    181
ලෝකාන්තර දිනය බිහි වන දා    73    183
අයුක්තිය තහනම්    74    185
සභාවක හැසීරීම් 2    75    187
රුකූ හා සුජූද් හි කිව යුතු දුආ    76    189
සෑම යහපතකම අත්තිවාරම    77    192
අතපසුවීම්    78    195
ස්තුති පුද කිරිම    79    197
පාපොච්චාරණය    80    199


පෙරවදන
සියළු පැසසුම් හා ප‍්‍රශංසාවන් විශ්වයෙහි මැවුම් කරුවූ අල්ලාහ්ටම හිමි වේ. ඔහුගේ කරුණාව හා දයාව උත්තම නබි මුහම්මද් (සල්) තුමන්ට හා එතුමන්ගේ ඥාතීන්ටද , මිත‍්‍රයින්ටද හිමිවේවා!
අල් හදීස් යන්නෙහි තේරුම මුහම්මද් (සල්) තුමාණන්ගේ දේශනය යනුය. මුහම්මද් (සල්) තුමාණන්ගේ දේශනයන්, ක්‍රියා සහ අනුමතිය ලැබූ ක්‍රියා සියල්ල අල් හදීස් ගණයට ඇතුලත් වන්නේය. කුර් ආනය පහළ වී අවසන්වීමෙන් පසුව මුහම්මද් (සල්) තුමාණන්ගේ ඉල්ලීම අනුව අල් හදීස් දේශනයන් සටහන් කර ගැනීම ඇරඹීය. මෙම දේශනයන් කටපාඩම් කර ගත් සහාභාවරු ද එය සටහන් කර තැන්පත් කළ සහාභාවරුද අල්  කුර්ආනෙයේ වදන් වෙනම ද, අල් හදීසයේ කිවුම් වෙනමද සටහන්කර ගත්හ. අල්හදීසයන්, අවස්ථාව, අසාගෙන සිටි තැනැත්තා, ඉදිරි පත් කළ තැනැත්තා වැනි සියල්ලන්ගේ නාමය සඳහන් කර සුරක්ෂිතව තබා ඇත.

 

ඉමාම් බුහාරි තුමා විසින් එක්රැස් කරන ලද සහීහ් බුහාරිද, ඉමාම් මුස්ලිම් තුමා විසින් එක්රැස් කරන ලද සහීහ් මුස්ලිම්ද, ඉමාම් තිර්මිදි තුමා විසින් එක්රැස් කරන ලද සහීහ් තිර්මිදිද, ඉමාම් අබූදාවූද් තුමා විසින් එක්රැස් කරන ලද සහීහ් නසායි ද, ඉමාම් ඉබ්නුමාජා තුමා විසින් එක්රැස් කරන ලද සහීහ් ඉබ්නුමාජා ද, මුස්ලිම් ලොවේ සියලු දෙනා විසින් එක් සිත්ව භාරගන්නා ලද ෂත්‍යවූ පවිත්‍රවත් අල් හදීස් ග්‍රන්ථයන්ය.
තවද උත්තම නබි නායක මුහම්මද් (සල්) තුමාණන් මෙසේ එතුමාණන්ගේ හදීසයන් ආරක්ෂා කරන්නන් සඳහා දුආ ප්‍රාර්ථනා කරද ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කල බව අබ්දුල්ලාහ් බින් මස්ඌද් t  තුමා  විසින් දැනුම් දෙන ලදී :
අප විසින් වදනක් අසා එම වදන අන් අයෙකුට දැනුම් දෙන පුද්ගලයාව අල්ලාහ් දෙවිඳුන් ආලෝක කරත්වා !  ශ්‍රාවකයාට වඩා දැනුම් දීමට ලක්වූවන් බොහෝමයින් ඉතා පරික්ෂාකාරීය.
මුලාශ්‍රය : ජාමිඋත්තිර්මිදි වැකි අංක 2657.ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
මෙම හදීස් කෘතියෙහි සඳහන් උගත යුතු පාඩම් උපුටා ගැනුණේ මහාචාර්‍ය යහ්යා බින් ශරෆ් අන්නවවි (රහ්) තුමාණන් හා මහාචාර්ය ඉබ්නු හජර් (රහ්) තුමාණන් වැනි මහාචාර්‍ය වරුන්ගේ අර්ථ විවරණයන් උපයෝගී කරමින්ය.
මෙම කෘතියේ සඳහන් වූ හදීසයන් බුහාරී හා මුස්ලිම් යන ග්‍රන්ථ ඇසුරින් වාර්තා වී ඇත්නම් එම හදීසය පිළි ගත යුතුද නැතහොත් ප්‍රතික්ෂේප කළ යුතු දැයි නොවිමසා එය තරයේ පිළි ගත යුතුය.කුමක් නිසාදයත් මෙම ග්‍රන්ථයෙහි සඳහන් හදීසයන් සියල්ලම , ලොවේ සියලු දෙනා විසින් එක් සිත්ව භාරගන්නා ලද ෂත්‍යවූ පවිත්‍රවත් හදීස් බැවිනි.එසේ නොමැතිව අබූ දාවූද් , සුනන් නසාඊ , සුනන් ඉබ්නු මාජාහ් වැනි ග්‍රන්ථ ඇසුරින් හදීසයක් වාර්තා වූයේ නම් එම හදීසයට මහාචාර්‍ය ඉමාම් අල්බානි (රහ්) තුමාණන් විසින් කුමන ස්ථාවරයක් දෙනු ලැබුනේද එවෙනි ස්ථාවරයක්  මෙහි සඳහන් කරනු ලැබෙන අතර එම හදීසය පිළිබඳව ඉමාම් තිර්මිදි (රහ්) තුමාණන්ගේ ප්‍රකාශය කෙසේද යන්නත් සඳහන් කරනු ලැබේ.
ස්තුති ප්‍රණාමය
විදේශිකයින් කැඳවීම හා මඟපෙන්වීමේ කාර්‍යාලයේ අධ්‍යක්ෂක අශ්ශේක් කාලිද් බින් අලි අබල් කයිල් තුමාණන්ටත්,
විදේශිකයින් කැඳවීම හා මඟපෙන්වීමේ කාර්‍යාලයේ  දාවා අංශයේ අධ්‍යක්ෂක අශ්ශේක් නාසර් බින් මුහම්මද් අල් හුවයිෂ් තුමාණන්ටත්,
මෙම කෘතිය එලි දැක්වීම සඳහා නුවණෙන් හා කයෙන් විශාල වශයෙන් දායක වූ විදේශිකයින් කැඳවීම හා මඟපෙන්වීමේ කාර්‍යාලයේ  දාවා අංශයේ කැඳවුම්කරුන් වන ගෞරවණීය දාඊ වරුන්ටත් විශේෂයෙන් සහෝදර අබ්දුල් අසීස් මළ්ඌෆ් සහෝදරයාටත් මාගේ ස්තුති ප්‍රණාමය පුද කරමි. ජසා කල්ලාහු කයිරා.
මුහම්මද් මුර්තළා බින් ආඉෂ් මුහම්මද්
ස්වරගයට මග.
1- عَنْ عُثـْمَانَ t قَالَ: قَالَ رَسُولُ اللهِ r: "مَنْ مَاتَ وَهُوَ يَعْلَمُ أَنَّهُ لاَ إِلَهَ إِلاَّ اللهُ دَخَلَ الْجَنَّةَ".
 (صحيح مسلم, رقم الحديث 41 - (26) ).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කල බව ‍උස්මාන් t තුමා විසින් දැනුම් දෙන ලදී:
කවරෙකු නැමදුමට සුදුස්සා අල්ලාහ් දෙවියන් මිස අන් කිසි දෙවිඳෙකු නොමැත යන විශ්වාසයෙන් මිය යන්නේද ඔහු ස්වර්ගයට පිවිසේ.
                                     
මුලාශ්‍රය : සහීහ් මුස්ලිම් (වැකි අංක 41 - 26)

◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර :

උස්මාන් බින් අෆ්ෆාන් බින් අබිල් ආස් අල් කුරෂී.මොහු ආමුල් ෆීල් හෙවත් ඇත් වර්ශයට අවුරුදු හයකට පෙර මක්කාවෙහි ඉපදුනේය. දේව දූත මෙහෙවර මුහම්මද්  තුමාණන් හට පහළ වීමෙන් ස්වල්ප කලකට පසු ඉස්ලාම් දහම වැළඳ ගත්හ.මොහු අමීරුල් මූමිනීන් හෙවත් මූමීන් වරුන්ගේ එක් නායකයෙකු වන අතර කලීෆාවරුන්ගෙන් තෙවන කලීෆා වරයාය.ප්‍රථමයෙන් සිය බිරිඳ සමඟ හබශාවට(ඉතියෝපියාව) සංක්‍රමණය වූ පුද්ගලයින්ගෙන් මොහුද කෙනෙක්ය.ඉස්ලාම් දහම වෙනුවෙන් තමා සතු ආත්ම හා මිල මුදල් පරිත්‍යාග කළහ.තවද ජයිශුල් උස්රා හෙවත් අසීරු සේනාව සඳහා ඔටුවන් නවසිය පනහක් හා අශ්වයින් පනහක් ප්‍රධානය කලහ.එසේම රූමා නැමැති ළිඳ දීනාර් විසිපන්දහසකට මිලට ගෙන එය අල්ලාහ්ගේ මාර්ගයෙන් සදකා දුන්හ.හිජ්රි වර්ෂ 23 හිදී උමර් බින් හත්තාබ් (රළි) තුමාණන් මරනයට පත් වූ පසු මෙතුමාණන් කිලාෆතය සඳහා නියම කරන ලදී.මොහුගේ කාලවකවානුව තුලදී ශුද්ධ වූ අල් කුර්ආනය එක්කාසු කිරීම හා අප්‍රිකාව, ආසියාව වැනි බොහෝ රටවල් අත්පත් කර ගැණුනි.මෙතුමාණන් විසින් හදීස් 146 ක් දැනුම් දෙන ලදී.මොහුගේ වයස අවුරුදු 80 නැතහොත් 90 දී කැරලි කරුවන් විසින් මදීනාවෙහි සිය නිවස තුලම ඝාතනය කරනු ලැබූහ.


 
◊ උගත යුතු පාඩම්.
    කවරෙකු මහා පාප ක්‍රියාවෙන් , කුෆ්ර් හෙවත් ප්‍රතික්ෂේප කිරීමෙන් හා ශිර්ක් හෙවත් ආදේශ කිරීමෙන් වැළකි ඒක දේව සංකල්පය මත ජීවත් වී මරනයට පත් වන්නේද ඔහු නිසැකව ස්වර්ගයට පිවිසේ යැයි මෙම හදීසයෙන් උපුටා ගත හැක.
    ඒක දේව සංකල්පයේ  බාහිරව හා අභ්‍යන්තරයෙන්ද එසේම තම ක්‍රියාවෙහි හා විශ්වාසයෙහිද සෑම මුස්ලිම් වරයෙකුම ස්ථීරව සිටිය යුතුයි.
    තවද සෑම මුස්ලිම් වරයෙකුම ශිර්ක් හා කුෆ්ර් වැනි ඒක දේව සංකල්පය බිඳ දමන දැයින් ප්‍රවේශම් විය යුතුයි .

 

 

සූරතුල් බකරාවෙහි අවසන් වාක්‍ය දෙකෙහි මහිමය.
  - 2 عَنْ أبي مسعود  t, قَالَ: قَالَ النَّبِيُّ r: "مَنْ قَرَأَ بِالْآيَتَيْنِ مِنْ آخِرِ سُورَةِ البَقَرَةِ فِي لَيْلَةٍ كَفَتَاهُ".
(صحيح البخاري, رقم الحديث 5009, وصحيح مسلم, رقم الحديث 256 - (808), واللفظ للبخاري).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කල බව ‍අබූ මස්ඌද් t තුමා විසින් දැනුම් දෙන ලදී :
කවරෙකු රාත්‍රී කාලයෙහි ශූද්ධ වූ අල්කුර්ආනයේ සූරතුල් බකරාවෙහි අවසන්  වාක්‍ය දෙක පාරායනා කරන්නේද එම රාත්‍රියෙහි ඇති විය හැකි සියළු විපතින් (මෙම වාක්‍ය දෙක හේතුවෙන්) ආරක්ෂාව ලැබේ .
මුලාශ්‍රය : සහීහුල් බුහාරී වැකි අංක 5009 / සහීහ් මුස්ලිම්  වැකි අංක 256 – 808. ඉහත සඳහන් වැකියෙහි පද බුහාරි වල සඳහන් වී ඇත.

◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර :
උක්බත් බින් අම්ර් . මෙතුමාණන් අබූ මස්ඌද් යන උපනාමයෙන් කැඳවනු ලබයි. මොහු උතුම් සහාබි කෙනෙක් වන අතර දෙවන අකබා දිවුරුම් දීම සඳහා  සහබාගි වූවන්ගෙන් ඉතා කුඩා ළමයෙක්ද වූහ.තවද අල්ලාහ්ගේ දූතයාණෝ සමඟ සෑම යුදමය අවස්ථාවකටම සහබාගි වූ අතර මෙතුමාණන්  කූෆා නගරයට පැමිණ පදිංචි වූ පසු අලි (රළි) තුමාණන් සිෆ්ෆීන් සටනට යාමේදී මොහුව කූෆා නගරයට නියෝජිතයෙක් ලෙස පත් කළහ.මෙතුමාණන් විසින් හදීස් 102 ක් වාර්තා වි ඇත.හිජ්රි වර්ෂ 41 දී මදීනාවෙහි මිය ගියහ.
◊ උගත යුතු පාඩම්.
    මෙම ශුද්ධ වූ අල් කුර්ආන් වැකි දෙක සෑම රාත්‍රියකම පාරායනා කිරීමෙන් මෙලොවෙහි  ඇති වන දුෂ්කරතාවයන්ගෙන් මිදී සතුටු පිරි සෞභාග්‍යමත් ජීවිතයත් කරා යෑමට හැක.
    මෙම ශුද්ධ වූ අල් කුර්ආන් වැකි දෙක සෑම රාත්‍රියකම පාරායනා කිරීමෙන් කෙනෙකු තම පරමාධිපති අල්ලාහ් දෙවිඳුන් හා ඇති විශ්වාසය වර්ධනය කරගත හැක.
    මෙම වාක්‍ය දෙක කට පාඩම් කර ගැනීම සෑම මුස්ලිම් වරයෙකුටම වැදතග්ය.

හදීස් වැකි ආරක්ෂා කිරීම.
 3-عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُوْدٍ t, عَنِ النَّبيِّ r قَالَ: "نضَّرَ اللهُ امْرَأً, سَمِعَ مِنَّا حَدِيْثاً؛ فَبَلَّغَهُ؛ فَرُبَّ مُبَلَّغٍ أَحْفَظُ مِنْ سَامِعٍ".
 (سنن ابن ماجه, رقم الحديث 232, وجامع الترمذي, رقم الحديث 2657, واللفظ لابن ماجه, قَالَ الإمام الترمذي عن هذا الحديث: حسن صحيح, وصححه الألباني).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කල බව අබ්දුල්ලාහ් බින් මස්ඌද් t  තුමා  විසින් දැනුම් දෙන ලදී :
අප විසින් වදනක් අසා එම වදන අන් අයෙකුට දැනුම් දෙන පුද්ගලයාව අල්ලාහ් දෙවිඳුන් ආලෝක කරත්වා !  ශ්‍රාවකයාට වඩා දැනුම් දීමට ලක්වූවන් බොහෝමයින් ඉතා පරික්ෂාකාරීය.
මුලාශ්‍රය : ඉබ්නු මාජා වැකි අංක 232 / ජාමිඋත්තිර්මිදි වැකි අංක 2657. මෙම වැකියෙහි පද ඉබ්නු මාජාවෙහි වාර්තා වී ඇත. ඉමාම් තිර්මිදි (රහ්) තුමාණෝ මෙම රුවන් වැකිය හසනුන් සහීහුන් යැයි  ප්‍රකාශ කරන නමුත් ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර :
අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රළි) .මෙතුමාණන් සහාබිවරුන්ගෙන් ඉතා කීර්තිමත් ප්‍රසිද්ධ සහාබිවරයෙක් ය. තවද සහාබිවරුන්ගෙන් ශුද්ධ වූ අල් කුර්ආනය අධිකව පාරායනය කරන්නෙක්ය.මෙතුමාණන් විසින් වාර්තා වූ හදීස් ගණන 848 කි. අල්ලාහ්ගේ දූතයාණෝ සමඟ සෑම යුදමය අවස්ථාවකටම සහබාගි වූහ. නබි (සල්) තුමාණන් මියගිය පසු  ෂාම් නගරයේ ඇති වූ යර්මූක් සටනට මෙතුමාණන් සහභාගී වූ අතර උමර් (රලි) තුමාණන් කූෆාවට ධර්ම දැනුම ඉගැන්වීම සදහා පිටත් කළ යැවූහ.ඉන්පසු උස්මාන් (රලි) තුමාණෝ එම නගරයට අධිපතියෙක් ලෙස මෙතුමාණන්ව පත් කළ පසු මදීනා නගරයට හැරී එන ලෙස අන දුන්හ. ඇතැම් වයස අවුරුදු 60 දී (හිජ්රි වර්ෂ 32 දී) මදීනාවෙහි මරනයට පත් වූ පසු බකී නැමැති සුසාන භූමයෙහි මිහිදන් කරනු ලැබූහ.

 

◊ උගත යුතු පාඩම්.
    මෙම හදීසයෙහි අර්ථය නම් කවරෙකු මුහම්මද් (සල්) තුමාණන්ගේ රුවන් වැකි සැලකිල්ලට ගැන ජනයින් අතර ප්‍රචාරය කරන්නේද ඔහුට මෙලොවෙහි අල්ලාහ් දෙවිඳුන් මහත් ගෞරවයක් ප්‍රදානය කර අලංකාරවත් ස්වර්ගය පිරිනමයි  .
    තවද කවරෙකු මුහම්මද් (සල්) තුමාණන්ගේ රුවන් වැකි සැලකිල්ලට ගැන චිත්ත පාරිශුද්ධයෙන් හා වගකීමෙන් යුතුව නිවැරැදිව ජනයින් අතර ප්‍රචාරය කරන්නේද ඔහුට උන්වහන්සේගේ උතුම් ප්‍රාර්ථනාවද මෙම හදීසයෙහි අඩංගු වී ඇත.
    විශ්වාස කළ හැකි හදිසයන් ප්‍රයෝජනවත් සෑම ක්‍රමවේද තුලින්ම ප්‍රචිරය කිරීමට මෙම හදීසය දිරි ගන්වයි.

 

 

ඒක දේව සංකල්පය ආරක්ෂා කිරීම.
4- عَنْ حُذَيْفَةَ  عَنِ النَّبيِّ r قَالَ: "لاَ تَقُوْلُوْا: مَا شَاءَ اللهُ وَشَاءَ فُلاَنٌ؛ وَلكِنْ قُوْلُوْا: مَا شَاءَ اللهُ، ثُمَّ شَاءَ فُلاَنٌ".
 (سنن أبي داود, رقم الحديث 4980, وصححه الألباني).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කල බව හුදයිෆා  තුමා විසින් දැනුම් දෙන ලදී :  
අල්ලාහ් දෙවිඳුන් පැතූ පසු වෙනත් තැනැත්තෙක් පැතූ දැයක් සිදුවේ  යනුවෙන් පවසනවා මිස අල්ලාහ් දෙවිඳුන් හා වෙනත් තැනැත්තෙක් පැතූ දැයක් සිදු වේ යනුවෙන් එකතු කොට නොපවසන්න!
                                                                                                                                                  
මුලාශ්‍රය : සුනනු අබී දාවූද් වැකි අංක 4980 .ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය  සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර :
හුදයිෆා බින් අල්යමාන් බින් හසීල් අල් අබසී. මෙතුමාණන් ඉතා ධෛර්‍යමත් ගෞරවනීය සහාබිවරයෙකු වන අතර යූධමය අවස්ථාවන්හි රාජ්‍යයන් අත්පත් කර ගැනීමෙහිලා තිබූ සහභාගිත්වය ඉතා ප්‍රබලය. මුහම්මද් (සල්) තුමාණන්ගේ සමීප මතුරෙක් ද වූහ. මෙතුමාණන් විසින් හදීස් 255 ක් වාර්තා වී ඇති අතර හන්දක් හා එයට පසු හට ගත් සියළු යුද්ධ වලට සහභාගී විය. මෙතුමාණන් හිජ්රි වර්ෂ 36 දී ඉරාක් හි මිය ගියහ.
◊ උගත යුතු පාඩම්.
    ආදේශ කිරීම වැනි අපවිත්‍ර දැයින් ඒක දේව සංකල්පය ආරක්ෂා කළ යුතු යැයි මෙම හදීසය අවධාරනය කරයි.
    සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන්ගේ ඒකියභාවයට පටහැනිව තිබෙන්නාවු සෑම වදන් වලින් වැළකී සිටිය යුතුය.
    නියත වශයෙන්ම අල්ලාහ් දෙවිඳුන් ඒකීයයි. තවද ඔහු සියළු අවශ්‍යතා වලින් තොරවු කෙනෙකි. එසේම ඔහුගේ පැවත්මෙහි හා ඔහුගේ පරිශුද්ධ නාමයන්හි හා ඔහුගේ පරිශුද්ධ ගුණාංගයන්හි තවද ඔහුගේ ක්‍රියාවන්හි ඔහුට සමාන කිසි කෙනෙකු නොමැති බව මෙම හදීසය තහවුරු කරයි.


මිනිසා අසරණයෙකි.
5- عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا, أَنَّهَا سُئِلَتْ  عَمَّا كَانَ رَسُوْلُ اللهِ r يَدْعُوْ بِهِ اللهَ؛ قَالَتْ: كَانَ يَقُوْلُ: "اللَّهُمَّ إِنِّيْ أَعُوْذُ بِكَ مِنْ شَرِّ مَا عَمِلْتُ، وَمِنْ شَرِّ مَا لَمْ أَعْمَلْ". (صحيح مسلم,رقم الحديث 66 - (2716),).
ආඉෂා  තුමිය විසින් දැනුම් දෙන ලදී :
වරක් එතුමියගෙන් උත්තම මුහම්මද් (සල්) තුමාණෝ අල්ලාහ් දෙවිඳුන්  ප්‍රාර්ථනා කරමින් උන්නේ කෙසේද යනුවෙන් විමසනු ලැබූහ .එවිට උත්තම මුහම්මද් (සල්) තුමාණෝ  (අහෝ හිමියානනි ! මා විසින් සිදුවුනු හා නොසිදුවුනු දැයින් සිදුවිය හැකි අයහපත් දැයින්  මා ඔබෙන් ආරක්ෂා පතමි ). මෙසේ ප්‍රාර්ථනා කරමින් උන්නේය යනුවෙන් එතුමිය ප්‍රකාශ කළහ.

මුලාශ්‍රය : සහීහ් මුස්ලිම් (වැකි අංක 66-2716 )
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර :
අබූ බක්ර් (රළි) තුමාණන්ගේ දු ආඉෂා (රළි) තුමිය.උම්මුල් මූමිනීන් මූමුන් වරුන්ගේ මෑණියන් යැයි කැඳවනු ලබයි.අල්ලාහ්ගේ දූතයාණෝ (සල්) තුමාණන් මෙතුමියව හිජ්රතයට පෙරම විවාහ කර ගත් අතර ඇය සමඟ පවුල් ජීවිතය ආරම්භ කළේ මදිනාවේදී ඇයට වයස අවුරුදු 9 ක් වූ පසුය.ඇයට වයස අවුරුදු 18 ක්ව තිබියදී අල්ලාහ්ගේ දූතයාණෝ (සල්) තුමාණන් මිය ගියේය.ඇය සහාබාවරුන්ගෙන් ඉතා දැනුම් තේරුම් ඇති ස්ත්‍රියක් හා උදාරත්වයෙන් අන් අයට නිදසුනක් සේ ජීවත් විය. මෙතුමිය අල්ලාහ්ගේ දූතයාණෝ (සල්) තුමාණන් විසින් හදීස් 2210 ක් වාර්තා කර ඇති අතර හිජ්රි වර්ෂ 57 හෝ 58 හි ෂව්වාල් මස හෝ රමළාන් මස 17 වෙනි දින අඟහරුවාදා දවසක මදීනාවේදී මිය ගියහ. මෙතුමියගේ ජනාසා සලාතය අබූ හුරයිරා (රළි) තුමාණන් මෙහෙය වු අතර බකී නැමැති සුසාන භූමියෙහි මිහිදන් කරනු ලැබූහ.
◊ උගත යුතු පාඩම්.
    පාපයක් යනු අසහනය හා අයහපත ගෙන දෙන නිසා සෑම මුස්ලිම් වරයෙකුම පාප කර්ම වලින් වැළකී සිටිය යුතුය.
    මිනිසා සෑම නිමේෂයකම සර්වබලධාරි අල්ලාහ් වෙත උවමනාවෙන් සිටින්නෙකු නිසාත් තමාගේ අකුසල හේතුවෙන් සිදුවිය හැකි ප්‍රතිවිපාක නිසාත් සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන්ගෙන් සහනය හා ආරක්ෂාව පැතිය යුතු බව මෙම හදීසයෙන් තහවුරු වේ.
    මුස්ලිම් වරයෙකු හට සෑම අවස්ථාවකම ඔහුගේ පිහිට විය යුත්තේ මෙලොවෙහි මැවීමට ලක්වූවන් නොව සර්වබලධාරි අල්ලාහ් බව මෙම හදීසය පැහැදිලි කරයි.

 

 

 

 


යහපත් සාරධර්ම
6- عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا أُمِّ الْمُؤْمِنِيْنَ قَالَتْ:  سَمِعْتُ رَسُوْلَ اللهِ r يَقُوْلُ:  "إِنَّ الْمُؤْمِنَ لَيُدْرِكُ بِحُسْنِ خُلُقِهِ دَرَجَةَ الصَّائِمِ القَائِمِ".
(سنن أبي داود, رقم الحديث 4798, وصححه الألباني).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කිරීම ඇසූ බව  මූමීන්වරුන්ගේ මෑණියන් වන ආඉෂා  තුමිය විසින් දැනුම් දෙන ලදී  :
නියත වශයෙන්ම මූමීන්වරයෙකු තම සාරධර්ම හේතුවෙන් උපවාස ශීලයේ යෙදෙන්නා හා  රාත්‍රීයෙහි වැඳුම් පිදුම් කර අල්ලාහ් දෙවිඳුන් මෙනෙහි කරන්නා සතු ධූරය අත්පත්කර ගනීය .

මුලාශ්‍රය : සුනනු අබී දාවූද් වැකි අංක 4798. ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.    
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 5 වන හදීසයේ සඳහන්ය .


◊ උගත යුතු පාඩම්.
    සාරධර්ම හා ඊමානය අතර සමීප සම්බන්ධයක් තිබෙන හේතුවෙන් ඊමානය කෙනෙකුගේ හෘදයෙහි ස්ථාපිත වන අවස්ථාවක මෙම සාරධර්මද ස්ථාපිත  වනු ඇත.මෙයට පටහැනිව හෘදය අයෝග්‍ය වන අවස්ථාවක ඔහුගේ සදාචාරයද අයෝග්‍ය වනු ඇත.
    තවද සත්ගුණාංග යනු සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් වෙත ළඟා වීමට බලවත් සාධකයක් යැයි මෙම හදීසයෙන් වටහා ගත හැක.
    කෙනෙකු තම ජීවිතයේ සෑම අවස්ථාවකම සත්ගුණාංග හා සාරධර්මයන් සමඟම  බැඳී සිටිය යුතු යැයි මෙම හදීසය දිරි ගන්වයි.

 

 

 

ශාප කිරීම හෝ බැන වැදීම තහනම්
7-عَنْ أَبِي الدَّرْدَاءِ t يَقُوْلُ: قَالَ رَسُولُ اللهِ r: "لاَ يَكُوْنُ اللَّعَّانُوْنَ شُفَعَاءَ وَلاَ شُهَدَاءَ يَوْمَ الْقِيَامَةِ".
(صحيح مسلم, رقم الحديث 85 - (2598),)
අල්ලාහ්ගේ දූතයාණෝ r  ප්‍රකාශ කල බව අබුද්දර්දා t තුමා විසින් දැනුම් දෙන ලදී :
ශාප කරන්නන් එලෝ දිනයෙහි සාක්ෂි කරුවන් ලෙස හෝ කෙනෙකු වෙනුවෙන් මැදිහත්වන්නන් ලෙසද සිටිය නොහැක.                                                                  
මුලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 75 -2598
 ◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර :
අබුද් දර්දා උවයිමිර් බින් සයිද් බින් කයිස් අල් අන්සාරී අල් හස්රජී.බද්ර් සටන හටගත් දිනයෙහි ඉස්ලාම් දහම වැළඳ ගත්හ.මෙතුමා හකීම් නැමැති කීර්තිමත් නමින් සුප්‍රසිද්ධය.එකල්හි කාරී වරුන්ගේ (අල් කුර්ආනය හරි ලෙස පාරායනය කරන්නා) ප්‍රධානයා හා ඩැමස්කස් හි විනිශ්චයකරුද මොහු වේ.අල්කුර්ආනය ගොනු කිරීමේ හා මනනය කිරීමේ භාග්‍යද මෙතුමාණන් අත්පත් කරගත්හ.මෙතුමාණන් විසින් හදීස් 179 ක් වාර්තා වී ඇත. වයස අවුරුදු 72 හිජ්රි වර්ෂ 21 හෝ 22 හි උස්මාන් (රළි) තුමාණන්ගේ ඝාතනයට අවුරුදු තුනකට පෙර මෙතුමාණන් මිය ගියහ.
◊ උගත යුතු පාඩම්.
    මෙම හදීසයට මැදිහත්වන්නන් යන පදයට අර්ථයන් කිහිපයක් ඇත.එයින් ස්වල්පයක් පහත දැක්වේ.
•    එනම් මොවුන් ඔවුන්ගේ අකුසල හේතුවෙන් මෙලොවෙහි කිසියම් ගණුදෙනුවකට සාක්ෂියක් ලෙස නොපෙනී සිටීයි.
•    ඔවුන් හට අල්ලාහ්ගේ මාර්ගයෙහි දිවි පුද කිරීමේ භාග්‍ය අහිම් වේ.
•    එලෝ දිනයෙහි අපාගත වීමට අනිවාර්‍ය වූවන් සඳහා මූමීන් වරුන් මැදිහත්වන අවස්ථාවෙහි මොවුනට මෙම භාග්‍ය අහිම් වේ.
    ශාප කිරීම යනු අශිෂ්ඨ හා අයහපත් ගුණාංගයක් නිසා මෙන් මෙම හදීසය ඉතා කඩිනම් ලෙස එය අවවාද කරයි.
    ඉස්ලාම් දහම යනු කරුණාව හා දයාව තවද සහයෝගය තහවුරු කරන දහමක් මිස ශාප කිරීමට තුඩු දෙන හෝ බැන වැදීම අනුමත කරන දහමක් නොවේ.
ලැජ්ජාව හා මෘදු භාවය
8- عَنْ أَنَسٍ  قَالَ: قَالَ رَسُوْلُ اللهِ r: "مَا كَانَ الفُحْشُ فِيْ شَيْءٍ إِلاَّ شَانَهُ، وَمَا كَانَ الحَيَاءُ فِيْ شَيْءٍ إلاَّ زَانَهُ".
(جامع الترمذي, رقم الحديث 1974, و سنن ابن ماجه, رقم الحديث 4185, واللفظ للترمذي, قَالَ الإمام الترمذي: هذا حديث حسن غريب, وصححه الألباني).

අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කල බව අනස්  තුමාණන් විසින් දැනුම් දෙන ලදී:
යම් විශයක  අසභ්‍යත්වයක් තිබේද එහි යම් දෝෂයක් ඇති වීම නියතය.තවද යම් විෂයක  ලැජ්ජා සහිත බවක්  තිබේද එහි අලංකාරත්ව්‍යක් ඇති වීමද නියතය.
 
මූලාශ්‍රය : ජාමිඋත් තිර්මිදි වැකි අංක 1974  / සුනන් ඉබ්නු මාජාහ් වැකි අංක 4185  ඉහත සඳහන් වැකියෙහි පද ජාමිඋත් තිර්මිදි  වල වාර්තා වී ඇත. ඉමාම් තිර්මිදි (රහ්) තුමාණෝ මෙම රුවන් වැකිය හසනුන් ගරීබුන් බව ප්‍රකාශ කරන නමුත් ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.    
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර :
අබූ හම්සා අනස් බින් මාලික් අල් අන්සාරී.අල්ලාහ්ගේ දූතයාණෝ (සල්) තුමාගේ සේවකයෙක්ය.හිජ්රතයට වසර දහයකට පෙර මදීනාවෙහි ඉපදුනේය.මුල් අවදියේම ඉස්ලාම් දහම වැළඳගත් ඔහු අල්ලාහ්ගේ දූතයාණෝ (සල්) තුමාගේ මරණය තෙක් එතුමාණන්ට සේවය කරමින් උන්නේය.ඉන්පසු ඩැමස්කස් හා බසරා වැනි ප්‍රදේශයන්හි තම ජීවිතය ගත කළේය. මෙතුමා විසින් හදීස් 2286 ක් වාර්තා වී ඇත.මෙතුමාණන් වයස අවුරුදු 100 ත් පහුකර හිජ්රි වර්ෂ 93 හිදී අභාවට පත් වූහ.

 


◊ උගත යුතු පාඩම්.   
    ඉස්ලාම් යනු ලැජ්ජාව වැනි යහපත් ලිලාවෙන් ගොඩනැගුනු දහමක් හේතුවෙන් දරුණු හා අසුන්දර සියළු ගුණාංග , වදන් හා ක්‍රියාවන් වලින් ඈත් වී ජීවත් වන ලෙස අවවාද කරයි.
    ලැජ්ජාව යනු සර්වබලධාරී අල්ලාහ්ට අවනත වීම වෙත පොළඹවන හා පාප ක්‍රියාවෙන් වළක්වන උතුම් ගුණාංගයකි.
    ලැජ්ජාව යනු ඉස්ලාම් දහමෙහි ඉතා සොඳුරු හා ප්‍රශංසාවට ලක්වූ ගුණාංගයකි.එහෙයින් මුස්ලිම් වරයෙකු මෙවැනි ගුණාංගයන්ගෙන් තමාව අලංකාර කළ යුතුය.

 

 


ආහාර පාන අනුභව කළ පසු
9- عَنْ ‏‏أَبِيْ أَيُّوبَ الأَنْصَارِيِّ ‏‏,  قَالَ:‏ كَانَ رَسُولُ اللهِ ‏‏r ‏إِذَا أَكَلَ أَوْ شَرِبَ قَالَ: "الْحَمْدُ لِلَّهِ الَّذِيْ أَطْعَمَ وَسَقَى،‏‏ وَسَوَّغَهُ،‏ ‏وَجَعَلَ لَهُ مَخْرَجا".
 (سنن أبي داود, رقم الحديث 3851, وصححه  الألباني).
අබූ අයියූබ් අල් අන්සාරි  තුමා විසින් දැනුම් දෙන ලදී :
අල්ලාහ්ගේ දූතයාණෝ  r  යම් ආහාර පානයක් අනුභව කළ විට මෙසේ ප්‍රාර්ථනා කරයි (මෙම ආහාර පානය ප්‍රදානය කළ එසේම මෙම ආහාරය දිරවීමට ලක් කරදුන් තවද අනවශ්‍ය දෑ පිටවීම සඳහා මඟක් පාදා දුන් සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුනට සියළු පැසසුම් හිමිවේවා.)
මූලාශ්‍රය   : සුනනු අබූ දාවූද් වැකි අංක 3851 .ඉමාම් අල්බානි (රහ්) තුමාණන් මෙම වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.


◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර :
අබූ අයියූබ් අල් අන්සාරි කාලිද් බින් සයිද් බින් කුළයිබ් අල්හස්රජී අන්නජ්ජාරී.මෙතුමාණන් අන්සාරි වරුන්ගෙන් ගෟරවනීය සහාබිවරයෙකු වූහ.අල්ලාහ්ගේ දූතයාණෝ සමඟ සෑම යුධමය අවස්ථාවකදීම සහභාගි වූ අතර මෙතුමාණන් ඉතා ඉවසිලි වන්තයෙක් ලෙසද සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන්ගේ මාර්ගයෙහි සටන් කිරීම සඳහා ඉතා කැමැත්තක් දක්වන්නෙක් ද වූහ. අල්ලාහ්ගේ දූතයාණෝ (සල්) තුමාණන් මදීනාවට හිජ්රත් කර ආ දිනයෙහි විශේෂයෙන් මෙතුමාණ්ගේ නිවසට පැමිණ උන් වහන්සේ සඳහා මස්ජිදයක් හා නිවසක් තනා ගැනීම තෙක් ඔහුගේ නිවසෙහි නතර වූහ.මෙතුමාණන් විසින් හදීස් 155 ක් වාර්තා වී ඇත.මෙතුමාණන් හිජ්රි වර්ෂ 52 හි ඇති වූ කිස්තන්තීනියා නැමැති සටන අතරතුර මිය ගියහ.යසීද් නම් තැනැත්තා (ඔහු මෙම සටනෙහි සේනාධිපති) ජනාසා සලාතය ඉටු කළ අතර මොහු එම කිස්තන්තීනියාවෙහි පිහිටි කොටුව තුලම මිහිදන් කරනු ලැබීය.

◊ උගත යුතු පාඩම්.   
    පිවිතිරු ආහාර යනු පරම දයාබර අල්ලාහ් දෙවිඳුන් ලබා දුන් වරප්‍රසාදයන්ය.එහෙයින් මෙම වරප්‍රසාදයන් සඳහා තුති පුද කළ යුතුය.
    මේ සියල්ල දේව වරප්‍රසාදයන් යැයි පිළි ගැන මෙම වරප්‍රසාදයන් පිළිබඳව සිතා බැලීම යනු අති විශේෂ වන්දනාවක්ය.   
    සියළු ලෝ වැසියෙන් තම මැවුම් කරු කවුරුද හා සර්ව පෝෂකයා කවුරුද යනුවෙන් අවබෝධ කර ඔහුට තුති පුද කර කෘතඥ විය යුතුය.

 

 

 

අති ශ්‍රේෂ්ඨ වදන
10- عَنْ  أبي ذر t، أَنَّ رَسُوْلَ اللهِ r سُئِلَ: أَيُّ الْكَلاَمِ أَفْضَلُ؟ قَالَ: "مَا اصْطَفَى اللهُ لِمَلائِكَتِهِ أَوْ لِعِبَادِهِ:  سُبْحَانَ اللهِ وَبَحِمْدِهِ".
 (صحيح مسلم, رقم الحديث 84 - (2731), ).
අබූ දර් t තුමා විසින් දැනුම් දෙන ලදී :
වරක් අල්ලාහ්ගේ දූතයාණෝ  වදන්හි ඉතා ශ්‍රේෂ්ඨ වදන කුමක් දැයි විමසනු ලැබූහ.  එවිට අල්ලාහ්ගේ දූතයාණෝ වදන්හි ඉතා ශ්‍රේෂ්ඨ වදන නම් හිමියානන් අල්ලාහ් ඔහුගේ සුර දූතයින් වන මලාඉකාවරු වෙනුවෙන් හා දාසයින් වෙනුවෙන් නියම කල වදන වන (සුබ්හානල්ලාහි වබිහම්දිහී) යන වදන වේ. යනුවෙන් ප්‍රකාශ කළහ .
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක  84 – 2731.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර :
අබූ දර් ජුන්දුබ් බින් ජුනාදා අල් ගිෆාරී. මෙතුමන් සහාබාවරුන්ගෙන් වැඩිමහලෙක් වන අතර තමන් වෙනුවෙන් ධනයෙන් කිසි දෙයක් තැන්පත් නොකරන කරුණාවන්තයෙක්ද වූහ. මදීනාවෙහි මුෆ්ති හෙවත් ධර්මාධිකරු වශයෙන් සිටියහ.මොහු විසින් හදීස් 271ක් වාර්තා වී ඇත.ඉන්පසු ශාම් නගරයට පිටත්ව ගිය ඔහු රබ්දා නැමැති ස්ථානයෙහි වාසය කළහ.(රබ්දා නැමැති ස්ථානය මදීනා සිට රියාද් නගරය පිහිටි දිශාවට කිලෝමීටර් 100 ක ඈතින් පිහිටා ඇත.) හිජ්රි වර්ෂ 31 හෝ 32 හි මිය ගිය අතර ජනාසා සලාතය අබ්දුල්ලාහ් බින් මස්ඌද් (රළි) තුමාණන් මෙහෙය වූහ.
◊ උගත යුතු පාඩම්.   
    සුබ්හානල්ලාහි වබිහම්දිහී යන සික්ර් හි මහිමය මෙම හදීසය පැහැදිලි කරයි.
    නියත වශයෙන්ම අල්ලාහ් දෙවිඳුන් මෙනෙහි කිරීමෙහි තම කාලය ගත කිරීම  යනු සිතට ශාන්තභාවයක් ලබා දී තම ආත්මය පිරිසිදු කිරීමට දායක වන කරුණකි.
    මෙම නියමිත වචනමාලාවෙන්  අල්ලාහ් දෙවිඳුන්ව අධික ලෙස මෙනෙහි කරනු මෙන් මෙම හදීසය දිරි ගන්වයි.

 

දහමෙහි නව කර්තව්‍ය
11- عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ رَسُوْلَ اللهِ r قَالَ: "مَنْ عَمِلَ عَمَلاً لَيْسَ عَلَيْهِ أَمْرُنَا فَهُوَ رَدٌّ".
 (صحيح مسلم, رقم الحديث 18- (1718), وصحيح البخاري, رقم الحديث 2697, واللفظ لمسلم).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කල බව ආඉෂා  තුමිය විසින් දැනුම් දෙන ලදී:
කවරෙකු අප ධර්මයෙහි නොපැවති කර්තව්‍යයක් අලුතෙන් නිර්මාණය කරන්නේද එම කර්තව්‍යය  ප්‍රතික්ෂේප වනු ඇත.
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක  18- 1817 / සහීහුල් බුහාරි වැකි අංක 2697. මෙම වැකියෙහි පද මුස්ලිම් හි වාර්තා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 5 වන හදීසයේ සඳහන්ය.
◊ උගත යුතු පාඩම්.   
    ඉස්ලාම් දහමෙහි නොපැවති නවක කර්තව්‍යක් නිර්මාණය කිරීම යනු  මුලාවක් හා අවලංගු වන බව  මෙම හදීසය පැහැදිලි කරයි.
    කිසි අඩුවැඩි කිරීමකින් හෝ සංශෝදනයකින් තොරව සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් පහල කළ අල් කුර්ආනය හා උන්වහන්සේගේ දූතයාණන් වූ මුහම්මද් ( සල්) තුමාගේ මුළු ජීවන රටාව අනුගමනය කළ යුතුය.
    ඉස්ලාම් දහම මඟ නොපෙන්වූ නුතන කර්තව්‍යන් හි නියෙදීම යනු ඉස්ලාමීය සංස්කෘතිය පහත වැටීමත් සමගම ඉස්ලාම් දහමෙහි යථාර්ථයද මැකී යාමට තුඩු දෙන කරුණකි.

 

 

 

 
අල්ලාහ්ගේ දූතයාණන් (සල්) තුමාණන්ගේ අධික ප්‍රාර්ථනාව.
12- عَنْ أَنَسٍ t قَالَ:  كَانَ أَكْثَرُ دُعَاءِ النَّبيِّ r اَللَّهُمَّ! ربنا آتنا في الدنيا حسنة وفي الآخرة حسنة وقنا عذاب النار (البقرة: ٢٠١).  
(صحيح البخاري, رقم الحديث 6389, وصحيح مسلم, رقم الحديث 23- (2688), واللفظ للبخاري).
අනස්   තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
නබි r තුමාණන්ගේ ප්‍රාර්ථනාවන්හි ඉතා අදික ප්‍රාර්ථනාව වුයේ (අහෝ දෙවිඳුනි !අප සැමට මෙලොවෙහි  හා එලොවෙහි යහපත් දෑ දෙනු මැනවි! නිරයේ වේදනාව කෙරෙන් අපව ආරක්ෂා කරනු මැනවි !) යනුවෙන්ය.
මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 6389 / සහීහ් මුස්ලිම් වැකි අංක 23- 2688 ඉහත සඳහන් වැකියෙහි වදන් බුහාරිහි වාර්තා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 8 වන හදීසයේ සඳහන්ය.


◊ උගත යුතු පාඩම්.   
    කවරෙකු ඉස්ලාම් දහමෙහි පැවති අවවාද අනුශාසනා අවබෝධ කර ඒවා නිසි ආකාරයට පිළිපදින්නේද  ඔහුට ඉස්ලාම් දහම යනු මෙලොවෙහි  හා එලොවෙහි  ශාන්තිය හා සමාදානය ළඟා කර දෙන දහමකි.
    මෙම ප්‍රාර්ථනාව මෙලොවෙහි සියළු යහපත් දෑ අඩංගු කර ගත් නිසා මෙලොවෙහි අල්ලාහ් දෙවිඳුන් විසින් තහනමට ලක් වූ සියළු දැයින් දුරස් වෙනවාත් සමඟම මෙම ප්‍රාර්ථනාව අධික ලෙස පාරායනය කළ යුතුය.

 

 

 

අල්ලාහ් දෙවිඳුන්ට ප්‍රියතම ස්ථානය.
13- عَنْ أَبيْ هُرَيْرَةَ t أَنَّ رَسُوْلَ اللهِ r قَالَ: "أَحَبُّ الْبِلاَدِ إِلَى اللَّهِ مَسَاجِدُهَا، وَأَبْغَضُ الْبِلاَدِ إِلَى اللَّهِ أَسْوَاقُهَا".
(صحيح مسلم, رقم الحديث 288 -(671), ).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කල බව අබූ හුරයිරා  තුමා විසින් දැනුම් දෙන ලදී :
මිහිතලෙහි අල්ලාහ් දෙවිඳුන් හට ඉතා ප්‍රියතම ස්ථාන නම් (මස්ජිද්) දේවස්ථානයන්ය.එසේම ඔහු හට මිහිතලෙහි ඉතා අප්‍රිය ස්ථාන නම් කඩමණ්ඩීන්ය.

මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 288 - 681.

◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර
අබ්දුර්රහ්මාන් බින් සක්ර් අද්දවුසී අල් යමානී .මෙතුමාණන් බළලුන් සමඟ සෙල්ලම් කිරීමේ පුරුද්දක් තිබුන හේතුවෙන් අබූ හුරයිරා යැයි උපනාමයක් ඔහුට තැබිනි.තවද මෙතුමාණන් සිය පවුල සඳහා බැටළුවන් රැක බලා ගත්හ.හිජ්රි 4 වෙනි වර්ෂයෙහි  සටන් කාලවකවානුව තුල ඉස්ලාම් දහම වැළඳ ගත්හ.ඉන්පසු උත්තම මුහම්මද් (සල්) තුමාණන් සමගම අවුරුදු 4 ක් ගත කළ අතර උත්තම නබි නායක මුහම්මද් (සල්) තුමාණන්ගේ  උතුම් රුවන් වැකි  හැදෑරීම සඳහා ඉතා අවංකව උත්සහ කර එම හදීසයන් සුරකීය.මෙම උත්සහයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙතුමාණන් සහාබිවරුන්ගෙන් ඉතා අධික  හදීස් ප්‍රමාණයක් වාර්තා කළෙකු යන කීර්ති නාමය මෙතුමාණන්ට හිමි විය.එනම් මොහු විසින් වාර්තා වූ හදීස් ගණන 5374 කි.තවද මෙතුමාණන් මදීනාවෙහි ධර්ම නීතිවේදියෙක් වන අතර හිජ්රි වර්ෂ 57 හි මරණයට පත් වූ මෙතුමාණන් බකී සුසාන භූමියෙහි මිහිදන් කරනු ලැබීය.

◊ උගත යුතු පාඩම්.   
    මස්ජිදය යනු ආගමික කටයුතු හා අල්ලාහ් දෙවිඳුන් මෙනෙහි කිරීම සඳහා වූ ස්ථානයකි.එයින් ඉතා උතුම් කටයුත්ත නම් පස් වේල සලාතය වේ.
    මුස්ලිම්වරුන් සෑම මස්ජිදයන් සැලකිල්ලට ගෙන එය පිරිසිදු කර සුවඳ විහිදුවා ඉතා ගෞවරයෙන් තබා ගත යුතුය.තවද මස්ජිදය තුලට දුගඳ හා අපවිත්‍ර වස්ත්‍රයන් පැළඳ නොපැමිණිය යුතුය.
    කඩමණ්ඩීන් යනු මෙලොවෙහි ඉතා අප්‍රසන්න හා පිළිකුල් ස්ථානයකි යන කාරනාව පොදුවේ අපි සියල්ල දන්නා කරුණකි.කුමක් නිසාද යත් එහි රැවටිලි ,බොරු, වංචා වැනි සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන් අප්‍රිය කරන දෑ සිදුවන බැවිනි.

 

 

 

 

 

 

 

 

මාරාන්තික රෝගවලින් ආරක්ෂාව පැතීම.
14-عَنْ أنس t أنَّ النَّبِيَّ r  كَانَ يَقُوْلُ: "اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الْجُنُونِ, وَالْجُذَامِ، وَالْبَرَصِ، وَ سَيِّئِ الأَسْقَامِ".
(سنن النسائي, رقم الحديث 5493, سنن أبي داود, رقم الحديث 1554, واللفظ للنسائي, وصححه الألباني).
අනස්   තුමාණන් විසින් දැනුම් දෙන ලදී:
අල්ලාහ්ගේ දූතයාණෝ r මෙසේ ප්‍රාර්ථනා කරමින් උන්නේය :  ( අහෝ දෙවිඳුනි ! නියත වශයෙන්ම මා නුඹෙන් ඔල්මාදයෙන්ද , ලාදුරු හා කෘෂ්ඨ වැනි රෝගවලින් ද වෙනත් භයානක රෝගවලින්ද ආරක්ෂාව පතමි).
මූලාශ්‍රය : සුනනුන් නසාඊ වැකි අංක 5493 / සුනනු අබු දාවූද් වැකි අංක 1554 .ඉහත සඳහන් වැකියෙහි පද නසාඊහි වාර්තා වී ඇත. ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 8 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.   
    නබි තුමාණන් විශේෂයෙන් මෙවැනි රෝග වලින් ආරක්ෂාව පැතීමට හේතුව නම් මෙවැනි රෝගවල තිබෙන්නාවූ අවලක්ෂණ භාවය හා ජනයින් මෙවැනි රෝග පිළිකුල් කරන කාරණාව හේතු කොට ගෙන හා මෙවැනි රෝග ඇති වීමෙන් ශාරීරික වෙනසක් ඇති කර එය අසුන්දර කර දමන නිසාද වේ.  
    සෞඛ්‍ය යනු ඉමහත් වරප්‍රසාදයකි .මෙය ආරක්ෂා කර ගැනීම මිනිසාගේ වගකීමකි.කෙනෙකුට මෙවැනි ලෙඩරෝග වැලඳීමෙන් ඔහුට භාර වූ දැහැමි වගකීම් හා යුතුකම් කර ගැනීමට නොහැකි වන හේතුවෙන් මෙවැනි ලෙඩරෝග වැලඳීමෙන් ආරක්ෂා කරන සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන් සිහි කර ඔහුට කෘතඥ්ඥ විය යුතුය.  
    කෙනෙකු තම සෞඛ්‍යමය සුරක්ෂාව සඳහා වූ ක්‍රමවේදයන් බොහෝමයක් ඇත.යථාර්ථයෙන් ඒවා සියල්ල සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් ඇති කළ න්‍යායන්ය. එනම් කෙනෙකු අල්ලාහ් දෙවිඳුනට අවනත වීමෙහි සංකේතය නම් උන් වහන්සේ විසින් සෞඛයමය සුරාක්ෂාව සඳහා ඇති කළ න්‍යායයන් ගෞරවය කිරිම වේ.
අරෆා දිනයෙහි උපවාසය රැකීමෙහි මහිමය
15- عَنْ أَبيْ قَتَادَةَ t, أَنَّ النَّبِيَّ r قَالَ: "صِيَامُ يَوْمِ عَرَفَةَ، إِنِّيْ أَحْتَسِبُ عَلَى اللَّهِ أَنْ يُكَفِّرَ السَّنَةَ الَّتِيْ قَبْلَهُ وَالسَّنَةَ الَّتِيْ بَعْدَه".
(جامع الترمذي, رقم الحديث 749, وصحيح مسلم, جزء من رقم الحديث 196- (1162), واللفظ للترمذي, وقَالَ الإمام الترمذي عن هذا الحديث: بأنه حديث حسن, وصححه الألباني
අල්ලාහ්ගේ දූතයාණෝr ප්‍රකාශ කල බව ආඉෂා  තුමිය විසින් දැනුම් දෙන ලදී:
අරෆා දිනයෙහි උපවාසයෙහි නියැලීම ඊට පෙර වසර සඳහා ද ඊට පසු වසර සඳහා ද (කළ වැරදි වලට) එය වන්දියක් බවට පත් කරත්වා යැයි  මා සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන්ගෙන් අපේක්ෂා කරමි.
මූලාශ්‍රය : ජාමිඋත් තිර්මිදි වැකි අංක 749 / සහීහ් මුස්ලිම් වැකි අංක 196 -1162 හි කොටසකි.ඉහත සඳහන් වැකියෙහි වදන් තිර්මිදිහි වාර්තා වී ඇත. ඉමාම් තිර්මිදි (රහ්) තුමාණෝ මෙම රුවන් වැකිය හසනුන් බව  ප්‍රකාශ කරන නමුත් ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊  මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර.
අබූ කතාදා බින් රිබ්ඊ අල් අන්සාරී .මෙතුමාණන් සහාබාවරුන්ගෙන් ඉතා උතුම් වූ සහාබිවරයෙක් වූහ.තවද සෑම යුධමය අවස්ථාවන්හි මෙතුමාණන් සහභාගි වූ අතර ගමන් බිමන් හි අල්ලාහ්ගේ දූතයාණන් (සල්) තුමාණන්ගේ මුරකරුවෙක් ලෙසද සිටියහ.උමර් (රලි) තුමාණන් ෆාරිසි අධිරාජ්‍ය අත්පත් කර ගැනීම සඳහා මෙතුමාණන්වද එක් සේනාවක යැවූ අතර ෆාරිසි අධිරාජ්‍ය රජ කරමින් සිටි රජු මෙතුමාණන්ගේ දෑතින් ඝාතනය කරනු ලැබූහ.
◊  උගත යුතු පාඩම්.   
    මෙම හදීසය හජ් කර්තව්‍ය ඉටු කරන්නන් හැර අන් සියළු දෙනා අරෆා දිනයෙහි උපවාසය රැකීමට දිරි ගන්වයි.
    මෙම හදීසයේ සඳහන් වූ පාපයන් යනු සුළු පාපයන්ය.මහා පාපයන් කමා කරනු නොලැබේ.එසේ සමා වීම සඳහා කොන්දේසීන් සහිත පාපොච්චාරණයේ නියැලිය යුතුය.
    යහපත් ක්‍රියාවන් යනු අල්ලාහ් දෙවිඳුන් ඉදිරිය මුස්ලිම්වරයෙකුගේ තත්වය උසස් කරවන සාධකයකි.
උපවාසයේ නියැලිය හැකි දින.
16- عَنْ أَبِيْ هُرَيْرَةَ t قَالَ: سَمِعْتُ النَّبِيَّ r، يَقُولُ: "لاَ يَصُوْمُ أَحَدُكُمْ يَوْمَ الْجُمُعَةِ, إلاَّ يَوْما قَبْلَهُ, أَوْ بَعْدَهُ" .
(صحيح البخاري, رقم الحديث 1985, وصحيح مسلم, رقم الحديث  147- (1144), واللفظ للبخاري).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කිරීම ඇසූ බව අබූ හුරයිරා  තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
ඔබලාගෙන් කිසිවෙකු සිකුරාදා දිනයෙහි උපවාස ශීලයේ යෙදෙනවා නම් එයට පෙර දිනයේ (බ්‍රහස්පතින්දා)හෝ එයට පසු දිනයේ (සෙනසුරාදා) උපවාස ශීලයේ යෙදෙන්න.

මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 1985 / සහීහ් මුස්ලිම් වැකි අංක 147 - 1144 ඉහත සඳහන් වැකියෙහි වදන් බුහාරිහි වාර්තා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.


◊  උගත යුතු පාඩම්.    
    කෙනෙකු උපවාසයේ නිරත වන්නේ නම් සිකුරාදා දිනයෙහි පමණක් උපවාසයේ නිරත විය නොහැක.නමුත් කෙනෙකුට සෑම මසකම උපවාසයේ යෙදීමේ පුරුද්දක් තිබේ නම් එම දින තුල සිකුරාදා දිනය පැමිණීමෙන් කිසි වරදක් නැත.
    සිකුරාදා දිනය යනු වැඳුම් පිදුම් , මෙනෙහි කිරීම් හා ප්‍රාර්ථනා සඳහා වූ දිනයකි.එහෙයින් එම දවසෙහි පමණක් උපවාසයේ යෙදිම මක්රූහ් වේ.අල්ලාහ් තආලා අල් කුර්ආනයේ මෙසේ සඳහන් කරයි.
ﭽ ﭨ  ﭩ  ﭪ  ﭫ  ﭬ  ﭭ      ﭮ  ﭯ  ﭰ  ﭱ  ﭲ  ﭳ  ﭴ       ﭵ  ﭶ   ﭷ  ﭼ الجمعة: ١٠
(ජුම්ආ) සලාතය අවසන් වුවහොත් (නැමදුපළෙන් පිට වී) භූමියෙහි විසිරී ගොස් අල්ලාහ්ගේ වරප්‍රසාදය සොයා ගනු. ඔබ ජයග්‍රහණය කිරීම පිණිස, විටින් විට අල්ලාහ්ව මතක් කරනු.


පිළිගනු ලබන ප්‍රාර්ථනාවන්
17- عَنْ أَبيْ هُرَيْرَةَ t, قَالَ: قَالَ رَسُوْلُ اللهِ r: "ثََلاثُ دَعَوَاتٍ مُسْتَجَابَاتٌ لاَ شَكَّ فِيْهِنَّ : دَعْوَةُ الْمَظْلُوْمِ, وَدَعْوَةُ الْمُسَافِرِ, وَدَعْوَةُ الْوَالِدِ عَلَى وَلَدِهِ ".
 (جامع الترمذي, رقم الحديث 1905, وسنن أبي داود, رقم الحديث 1536, و سنن ابن ماجه, رقم الحديث 3862, واللفظ للترمذي, قَالَ الإمام الترمذي: هذا حديث حسن وصححه الألباني)
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කල බව අබූ හුරයිරා   තුමාණන් විසින් දැනුම් දෙන ලදී:
ප්‍රාර්ථනා තුනක් නිසැකව  පිළිගනු ලැබේ. අසාධාරණයට ලක්වූ තැනත්තාගේ ප්‍රාර්ථනාව , මඟියාගේ ප්‍රාර්ථනාව හා පියෙකු තම දූ දරුවන් කෙරෙහි කරන ප්‍රාර්ථනාව.
මූලාශ්‍රය : ජාමිඋත්තිර්මිදි වැකි අංක 1905 / සුනනු අබී දාවූද් වැකි අංක 1536 / සුනනු ඉබ්නු මාජා වැකි අංක 3862. ඉහත සඳහන් වැකියෙහි පද තිර්මිදිහි වාර්තා වී ඇත. ඉමාම් තිර්මිදි (රහ්) තුමාණෝ මෙම රුවන් වැකිය හසනුන් බව  ප්‍රකාශ කර ඇති අතර ඉමාම් අල්බානි (රහ්) තුමා මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.   
    කාෆිර්වරයෙක් වූවද සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන් ඔහුගේ යුක්තිය හේතුවෙන් අසාධාරණයට ලක්වූ තැනැත්තාගේ ප්‍රාර්ථනාව පිළිගනී.
    මඟියාගේ ප්‍රාර්ථවානද පිළි ගනු ලැබේ. එහෙයින් ගමනෙහි නිරත වන මඟියා මෙවැනි ඉස්තරම් අවස්ථාවන් නොඅත්හැර යුතුයි.එනමුත් එම ගමන ඉස්ලාම් දහමට අනුකූලවූ ගමනක් විය යුතුය.තවද හජ් හා උම්රා වැනි යාත්‍රාවෙහි නිරත වන්නේ නම් මෙම අනගි අවස්ථාවෙහි බලය තව තවත් ඉස්තීර වේ.
    පියෙකු තම දරුවන් සඳහා කරනු ලබන ප්‍රාර්ථනාව ද පිළි ගනු ලැබේ.කුමක් නිසාද යත් එම පියානන් තමන්ගේ දරුවන් මත තිබෙන ආදරය හා සෙනෙහස හේතුවෙන් තම හදවතින් ම ප්‍රාර්ථනා කරන බැවිනි. එසේම දරුවන් තම දෙමාපියන් සඳහා කරනු ලබන ප්‍රාර්ථනාවන්ද පිළි ගනු ලැබේ.එහෙයින් දෙමාපියන් තම දරුවන් හට ශාප කිරීමෙන් වැළකිය යුතුය.

නබි (සල්) තුමාණන් හට ගෞරවය කිරීම
18- عَنْ أَبيْ هُرَيْرَةَ t قَالَ: قَالَ رَسُوْلُ اللهِ r: "لاَ تَجْعَلُوْا بُيُوْتَكُمْ قُبُوْرًا, وَلاَ تَجْعَلُوْا قَبْرِيْ عِيْدًا، وَصَلُّوْا عَلَيَّ؛ فَإِنَّ صَلاَتَكُمْ تَبْلُغُنِيْ حَيْثُ كُنْتُمْ".
(سنن أبي داود, رقم الحديث 2042  وصححه الألباني)
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කල බව අබූ හුරයිරා   තුමාණන් විසින් දැනුම් දෙන ලදී:
ඔබලාගේ නිවාස සොහොන් ගැබ් මෙන් නොකරනු ! තවද මාගේ සොහොන් ගැබ අවුරුදු සැනකෙළි සේ නොගනු , මා හට සලවාත් පවසනු ! මක්නිසාදයත් ඔබලා පවසන සලවාතයන් ඔබලා කොතැනක සිටියද මා වෙත දැනුම් දෙනු ලැබේ.
මූලාශ්‍රය : සුනනු අබූ දාවූද් වැකි අංක 2042 / ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.

◊  උගත යුතු පාඩම්.   
    පරිශුද්ධ වූ අල් කුර්ආනය පාරායනා කිරීම , අතිරේක සලාතයන් ඉටු කිරීම , සික්ර් හෙවත් අල්ලාහ් දෙවිඳුන් මෙනෙහි කිරීම් වැනි යහපත් ක්‍රියාවන් වලින් සෑම නිවසක්ම අලංකාර කර ගත යුතුය.මෙසේ නොකිරීමෙන් මෙම නිවාස පාලු වූ සොහොන් බිම් ලෙස සැලකේ.
    අවුරුදු සැණකිලියක ජනයින් එක්රොස් වෙනවා සේ උත්තම නබි නායක මුහම්මද් (සල්) තුමාණන්ගේ සොහොන් ගැබ  සැණකිලියක් සේ ඒකරාශිව බැහැ දැකීමෙන් වළකිනු ලෙස මෙම හදීසය අවවාද කරයි. එයට හේතුව නම් මෙසේ ඒකරාශී වීමෙන් ඇති විය හැකි අසීරු තාවය හා නබි (සල්) තුමාණන් ගෞරවය කිරීම යන නාමයෙන් සීමාව ඉක්මවා නොයාමයි.
    නබි නායක මුහම්මද් (සල්) තුමාණන්ගේ සොහොන් ගැබ වෙත හෝ වෙනත් කෙනෙකුතේ සොහොන් ගැබ් නැරඹීම සඳහා පමණක් යන චේතනාවෙන් යාත්‍රා කිරීමද තහනම්ය . කුමක් නිසාද යත් මෙවැනි යාත්‍රා අවුරුදු සැණකිලි හා සමාන වන බැවිනි.  
    ඉතා ගෞරවයෙන් ,ඉතා ඇල්මෙන් හා ඉතා සතුටින් උත්තම නබි නායක මුහම්මද් (සල්) තුමාණන් හට සලවාත් අධිකව කිව යුතුය.

ඡායාරූප ඇඳීමෙන් වැළකිය යුතුය.
19- عَنْ عَبْدِ اللَّهِ بن مسعود t قَالَ: سَمِعْتُ النَّبِيَّ r يَقُوْلُ: "إنَّ أشدَّ النَّاسِ عَذَابًا عِنْدَ اللهِ  يَوْمَ الْقِيَامَةِ: اَلْمُصَوِّرُوْنَ".
(صحيح البخاري, رقم الحديث 5950, وصحيح مسلم, رقم الحديث 98 - (2109), واللفظ للبخاري).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කිරීම සවන් දුන් බව අබ්දුල්ලාහ් බින් මස්ඌද්  තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
පරලොවෙහි අල්ලාහ් දෙවිඳුන් හමුවේ ඉතා  කඩිනම් වේදනාවට ලක්වන්නේ ඡායාරූප අඳින්නන්ය.

මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 5950 / සහීහ් මුස්ලිම් වැකි අංක 98- 2109. ඉහත සඳහන් වැකියෙහි පද බුහාරිහි වාර්තා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 3 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.  
    පොදුවේ ඉස්ලාම් දහම  පණැති වස්තූන් ඡායාරූපයක් ලෙස ඇඳීම තරයේ හෙලා දකීයි.
    මෙසේ තහනම් කිරීමට හේතුව නම් සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් විසින් මැවීමට ලක් වූ මැවීම් සමඟ සමාන වන බැවින් හා පණැති දේ පිංතූර ඇඳිමෙන් ශිර්ක් හෙවත් ආදේශ කිරීමට තුඩු දෙන බැවින්ය.
    එනමුත් කවරෙකු ඡායාරූප ඇඳ  ප්‍රතිමා වන්දනාව සඳහා ප්‍රතිමාවන් නිර්මාණය කරන්නේද මෙවැනි පුද්ගලයෙකුටයි මෙම අවවාදය කියා විද්වතුන්ගෙන් සමහරුන් පවසති.එසේනම් මෙවැනි දඬුවමක් විඳිය යුත්තේ මොහු යනුවෙන් පැහැදිළි වනු ඇත.

 

 

ස්වර්ග්‍රස්ථ වීමට තුඩු දෙන සාදක
20- عَنْ أَبِيْ أُمَامَةَ الْبَاهِلِيِّ t, يَقُوْلُ: سَمِعْتُ رَسُوْلَ اللهِ r يَخْطُبُ فِيْ حَجَّةِ الْوَدَاعِ؛ فَقَالَ: "اتَّقُوْا اللهَ رَبَّكُمْ, وَصَلُّوْا خَمْسَكُمْ, وَصُوْمُوْا شَهْرَكُمْ, وَأَدُّوْا زَكَاةَ أَمْوَالِكُمْ, وَأَطِيعُوْا ذَا أَمْرِكُمْ، تَدْخُلُوْا جَنَّةَ رَبِّكُمْ".
(جامع الترمذي, رقم الحديث 616, قَالَ الإمام الترمذي عن هذا الحديث: بأنه حسن صحيح, وصححه الألباني)
අල්ලාහ්ගේ දූතයාණෝ r හජ්ජතුල් වදා හෙවත් අවසාන හජ් වන්දනාවෙහි  දේශනා කිරීම ඇසූ බව අබූ උමාමාහ් අල් බාහිලී  තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
නුඹලාගේ පරිපාලකයා වූ අල්ලාහ් දෙවිඳුනට බිය වනු , නුඹලා හට අනිවාර්‍ය වූ පස්වේල් සලාතය ඉටුකරනු , උපවාස ශීලයේ යෙදීමට අනිවාර්‍ය වූ මාසයෙහි උපවාස ශීලයේ යෙදෙනු , නුඹලා සතු ධනයෙහි  අනිවාර්‍ය වූ බද්ද (සකාතය) ගෙවනු , නුඹලාගේ නියමුවාට අවනත වනු .මෙමගින් නුඹලාගේ පරිපාලකයා සතු ස්වර්ගයට පිවිසිය හැකිය.
මූලාශ්‍රය : ජාමිඋත්තිර්මිදි වැකි අංක 616 . ඉමාම් තිර්මිදි (රහ්) තුමාණෝ මෙම රුවන් වැකිය හසනුන් සහීහුන් බව  ප්‍රකාශ කරන නමුත් ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊  මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර
අබූ උමාමාහ් සුදයි බින් අජ්ලාන් බින් වහබ් අල් බාහිලී .මෙතුමාණන් ඉතා ගෞරවනීය සහාබිවරයෙකි.අල්ලාහ්ගේ මාර්ගයේ කැප වීමට අධික ඇල්මක් දැක්වූහ .එහෙයින් නබි නායක මුහම්මද් (සල්) තුමාණන් සමඟම තම ජීවිතය ගත කළහ.සෑම යුද්ධයක් පාසා සහබාගී වූ මොහු බද්ර් යුද්ධ සමයෙහි නබි නායක මුහම්මද් (සල්) තුමාණන්ගේ අණ පරිදි තම මෑණියන්ට උදව් උපකාර කිරීම හේතුවෙන් සහබාගී වීමට නොහැකි විය. එසේම පසු කාලීනව ආ කලීෆා වරුන්ගේ කාලවකවානුව තුල හට ගත් සෑම සටනකම මෙතුමාණන් සහබාගි වූහ.මෙතුමාණන් විසින් හදීස් 250 ක් වාර්තා වී ඇත.තවද ශාම් නගරයෙහි ජීවත් වූ මෙතුමාණන් හිම්ස් නැමැති ප්‍රදේශයේ හිජ්රි 81 හි මරනයට පත් වූහ.
◊  උගත යුතු පාඩම්.  
    ස්වර්ග්‍රස්ථ වීමට තුඩු දෙන සාදක නම් බිය භක්තිය , අනිවාර්‍ය වූ පස් වේල් සලාතය , රමළාන් මස උපවාස ශීලය රැකීම හා සකාත් හෙවත් අනිවාර්‍ය බද්ධ ගෙවීම යනාදීය.
    තක්වා හෙවත් බිය භක්තිය යනු සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුනට බියෙන් හා සෙනෙහසෙන් හා ගෞරවයෙන් අවනත වීමත් සමඟම පාප කර්මයන් කර ඔහුට විරුද්ධ වීමෙන් දුරස් ව සිටීමය.
    මෙම සමාජය මෙහෙයවන පාලකයින්ට හා නියමුවන්ට හා සත්‍ය වටහා දෙන උලමාවරුන්ට අවනත වීම යනු ඉස්ලාම් දහම විසින් අනිවර්‍ය වූ සංකල්පයකි.එනමුත් ඉස්ලාම් දහමෙහි ස්ථාපිත වූ අවවාද අනුශාසනාවලට පටහැනිව  මොවුන් කටයුතු කළේ නම් ඒ අවස්ථාවේදී මොවුනට අවනත නොවිය යුතු යැයි වටහා ගත යුතුය.

 
 

අසභ්‍ය දැයින් වැළකී සිටීම.
21- عَنْ عَبْدِ اللهِ بْنِ مَسْعُوْدٍ t  قَالَ:  قَالَ رَسُوْلُ اللهِ r:  لَيْسَ أَحَدٌ أَحَبَّ إِلَيْهِ الْمَدْحُ مِنَ اللهِ، مِنْ أَجْلِ ذَلِكَ مَدَحَ نَفْسَهُ، وَلَيْسَ أَحَدٌ أَغْيَرَ مِنْ اللهِ، مِنْ أَجْلِ ذَلِكَ حَرَّمَ الْفَوَاحِشَ".
 (صحيح مسلم, رقم الحديث 32- (2760), وصحيح البخاري, رقم الحديث 5220, واللفظ لمسلم).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කල බව අබ්දුල්ලාහ් බින් මස්ඌද්  තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
අල්ලාහ් දෙවිඳුන්ට වඩා පැසසුම ප්‍රිය කරන්නා  අන් කිසිවෙකු නොමැත. එමනිසා ඔහු තමාවිසින්ම තමාව ප්‍රශංසාවට ලක් කළේය.තවද ඔහුට වඩා ඊර්ෂ්‍යවන්තයා අන් කිසිවෙකු නොමැත. එමනිසා අසභ්‍ය දෑ තහනම් කළේය.
මූලාශ්‍රය : සහීහුල් මුස්ලිම් වැකි අංක 32- 2760 / සහීහුල් බුහාරී වැකි අංක 5220. ඉහත සඳහන් වැකියෙහි පද මුස්ලිම් හි වාර්තා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 3 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.  
    නියත වශයෙන්ම අල්ලාහ් දෙවිඳුන් අලංකාරමත් පැසසුම් හා  ප්‍රශංසාවන් ප්‍රිය කරන්නේය .එහෙයින් ඔහුව අධික ලෙස මෙනෙහි කර ඔහු කෙරෙහි සමීප විය යුතුය.
    කෙනෙකු අල්ලාහ් දෙවිඳුන්ව ප්‍රසංසාවට ලක් කිරීමෙන් ඔහුට මිස අල්ලාහ් දෙවිඳුනට කිසි ලාභයක් ඇති නොවන්නේය.
    අල්ලාහ් දෙවිඳුන් ඊර්ෂ්‍ය වන්තයා යන්නෙහි අර්ථය නම් ඔහුගේ දාසයන් වන මිනිසුන්ගේ ආත්මයට හෝ බුද්ධියට හෝ ආත්ම ගෞරවයට යම් පීඩාවක් හෝ හානියක් ඇති වීම ඔහු ප්‍රතික්ෂේප කිරීම වේ.තවද අනාචාර , කොල්ල කෑම් ,පොලිය හා සුරාව සූදුව වැනි අසභ්‍ය කරුමයින් තහනමට ලක් කිරීමට හේතුවද මෙය වේ.
    සාමාන්‍ය මනුෂ්‍යයන් ගත් විට ඔවුන්ගෙන් යහපත් ශීලාචාරයෙන් යුත්තන්ව ප්‍රසංසාවට ලක්කරන්නේ නම් යහපත් චේතානාවෙන් ප්‍රසංසාවට ලක් කළ යුතුයි.මෙසේ යහපත් චේතනාවෙන් ප්‍රසංසාවට ලක් කිරීම යනු යහපත්  ක්‍රියාවකි.
    කෙනෙකු අනෙකාව ප්‍රසංසා කිරීම අනෙකාගෙන් අනතුරකට භාජනය විය හැකි යන  බියෙන් හෝ කෙනෙක්ව ප්‍රසංසා කිරීමෙන් ඔහුට අහංකාරකමක් ඇති වේ නම් මෙවැනි අවස්ථාවල කෙනෙකු අනෙකාව ප්‍රසංසා කිරීම තහනම් වේ.   මෙසේ අයහපත් පුද්ගලයින්ව ප්‍රසංසා කිරීමෙන් මිනිස් සමාජයට හානියක් ඇති විය හැක .ඊට හේතුව සුදුසු තැනැත්තාට සුදුසු තැන නොදීමය.මෙම අර්ථය පදනම් කරමින් නබි (සල්) තුමාණන් මෙසේ අණ කළහ.( ඔබලා ප්‍රසංසා කරන්නන්ව දුටු කල ඔවුන්ගේ මුහුණට පස් විසි කර පහර දෙන්න) සහීහ් මුස්ලිම් වැකි අංක 69- 3002

    මෙසේ ප්‍රශංසා කිරීමෙන් අනතුරක් හෝ අහංකාරකමත් ඇති නොවන්නේ නම්  කෙනෙක්ව ප්‍රසංසාවට ලක් කිරීමෙන් කිසි වරදක් නොමැත.

 

 

 

වෙළඳාම‍ හා මංගල යෝජනාව
22- عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا عَنِ النَّبيِّ r قَالَ: "لاَ يَبِعْ بَعْضُكُمْ عَلَى بَيْعِ بَعْضٍ, وَلاَ يَخْطُبْ بَعْضُكُمْ عَلَى خِطْبَةِ بَعْضٍ".
(صحيح مسلم, رقم الحديث 49 -(1412), ), وصحيح البخاري, رقم الحديث 5142, واللفظ لمسلم).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කල බව අබ්දුල්ලාහ් බින් උමර්  තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
නුඹලාගෙන් කිසිවෙකුගේ වෙළඳාම‍ට එරෙහිව වෙනත් පිරිසක් වෙළඳාම් නොකරනු. තවද නුඹලාගෙන් කෙනෙකුගේ මංගල යෝජනාවට එරෙහිව වෙනත් පිරිසක් මංගල යෝජනා නොකරනු.

මූලාශ්‍රය : සහීහුල් මුස්ලිම් වැකි අංක 49- 1412 / සහීහුල් බුහාරී වැකි අංක 5142. ඉහත සඳහන් වැකියෙහි පද මුස්ලිම් හි වාර්තා වී ඇත.


◊  මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර.
අබ්දුල්ලාහ් බින් උමර් බින් කත්තාබ්.මෙතුමාණන් කීර්තිමත් සහාබිවරයෙකි.මෙතුමාණන් කුඩා කාලයේදීම ඔහුගේ පියාණන් සමඟ ඉස්ලාම් දහම වැළඳ ගත්හ.ඉන්පසු තමාගේ පියාණන්ට පෙරම මදීනාවට හිජ්රත් කළහ.මෙතුමාණන් ප්‍රථමයෙන් සහබාගී වු සටන නම් හන්දක් සටනය.ඉන් පසු ඇති වූ සියළු සටන් වලට නබි (සල්) තුමාණන් සමඟ සහබාගි වූහ.ෆාරිස් රෝම් ඉරාක් ශාම් මිස්ර් වැනි අධිරාජ්‍යන් අත්පත් කර ගැනීමට මොහුගේ සහභාගිත්වයද ඉතා විශිෂ්ඨය.සහාබි වරුන්ගෙන් ඉතා දැනුම ඇත්තන්ගෙන් මොහුද කෙනෙකි.මෙතුමාණන් විසින් හදීස් 2630 වාර්තා වී ඇත.තවද වන්දනාමානයෙහි හා දේව භක්තියෙහි කෙනෙකුට ආදර්ශයක් වශයෙන් ජීවත් වූ මෙතුමාණන් මක්කාවෙහි වයස අවුරුදු 86 හි හිජ්රි 73 හි මරණයට පත් වූහ.

 

◊  උගත යුතු පාඩම්.
    කෙනෙකු තවත් කෙනෙකුගේ ගණුදෙනුවට අවහිරයක් වන සේ ගණුදෙනු කිරීම තහනම් බව මෙම හදීසය තහවුරු කරයි.
    තවද කෙනෙකු තවත් කෙනෙකුගේ මංගල යෝජනාවට  එරෙහිව හෝ අවහිරයක් වන සේ මංගල යෝජනාවක් කිරීම තහනම් බවද මෙම හදීසය දන්වයි.විශේෂයෙන් මෙවැනි මංගල යෝජනාවන් තීන්දු වූ පසු මෙසේ එරෙහි නොවිය යුතුයි යනුවෙන් මෙම හදීසය අවවාද කරයි.   
    ජාතීන්  අතර ක්‍රෝධය වෛරය පතුරුවන සෑම අයහපතක්ම නැති වී  යාම සඳහා ඉස්ලාම් දහම සෑම අවස්ථාවකම ශිලාචාරව හැසිරෙනු මෙන් අවවාද කරයි.

 

 

අල්ලාහ් දෙවිඳුන් අධිකව ප්‍රිය කරන තැනත්තා.
23- عَنْ سَعْدِ بْنِ أَبِيْ وَقَّاصٍ t, قَالَ: سَمِعْتُ رَسُوْلَ اللهِ r يَقُوْلُ: "إنَّ اللهَ يُحِبُّ الْعَبْدَ التَّقِيَّ، الْغَنِيَّ، الْخَفِيَّ".  
(صحيح مسلم, رقم الحديث 11- (2965),).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කිරීම ඇසූ බව සඅද් බින් අබී වක්කාස්  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී :
නියත වශයෙන්ම භියසුලු , සිත සෑහිමට පත් , අල්ලාහ් දෙවිඳුන් පිණිපා මෙනෙහි කිරීම පිණිස වෙන්වූ දාසයෙකුව අල්ලාහ් දෙවිඳුන් අධිකව ප්‍රිය කරයි.  
මූලාශ්‍රය : සහීහුල් මුස්ලිම් වැකි අංක 11- 2965
◊  මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර.
අබූ ඉස්හාක් සඅද් බින් අබී වක්කාස් අස්සුහ්රී අල් කුරශී.මෙතුමාණන් හිජ්රතයට අවුරුදු 23 කට පෙර  මක්කාවෙහි ඉපදුනු ගෞරවණීය සහාබිවරයෙකි.මුල් අවදියේම ඉස්ලාම් දහම වැළඳ ගත්හ.තවද අශරතුල් මුබශ්ශිරීන්  හෙවත් ස්වර්ගය සඳහා සුභාරිංචිය ලබාගත් සහාබි වරුන්ගෙන් කෙනෙකුය. උමර් (රළි) තුමාණන් මරනයට පත් වන අවස්ථාවේදී කලීෆා වරුන්ගේ නාම යෝජනාවෙහි මොහුගේ නාමයද සඳහන් කළහ.මෙතුමාණන් මදීනාවට හිජ්රත් කර බද්ර් හා ඉන් පසු ඇති වූ සෑම සටනකම සහබාගි වූහ.ඉරාක් හා ෆාරිස් හා වෙනත් අධිරාජ්‍යයන් ජය ගත් එම සේනාවෙහි සේනාධිපති ධූරයද මොහුට පැවරී තිබුණි. මෙතුමාණන් අල්ලාහ් දෙවිඳුන් වෙත යමක් ප්‍රාර්ථනා කළ විට එම ප්‍රාර්ථනාව සැනින් පිළිගනු ලැබූහ.මෙතුමාණන් කෙරෙහි මහිමයන් බොහෝමයක් සඳහන් වී ඇත.පසු කාලයේදී  සඅද් බින් අබී වක්කාස් (රළි) තුමාණන් සහාබිවරුන් අතර ඇතු වූ පෙරළිය හේතුවෙන් මෙවැනි ආන්ඩු හා දේශපාලන කටයුතු වලින් ඉවත් වුණු අතර තම පවුලටද මේ හා සම්බන්ද පුවත් තමන් හට නොදන්වනු ලෙස අණ කළහ.මදීනාවට ඉතා සමීපව තිබූ අකීක් නැමැති ස්ථානයේ තිබූ මෙතුමාගේ නිවසෙහි හිජ්රි 55දී මරණයට පත් වූහ.මුහාජිර් වරුන් ගෙන් අවසානව මරණයට පත් වූයේ  මෙතුමාණන්ය. එකල්හි හිටපු ජනාධිපති වන මර්වාන් බින් අල්හකම් ජනාසා සලාතය ඉටු කළ අතර බකී නැමැති සුසාන භූමියෙහි මිහිදන් කරනු ලැබූහ.
 
  ◊  උගත යුතු පාඩම්.
    සාමූහික ජීවිතයක් යනු මිනිසෙකුට ඉතා අවශ්‍ය මූලික කරුණකි.එහෙයින් මිනිසෙකු සාමූහික ජීවිතයක් සමඟ බැඳී සිටිය යුතුය.
    එනමුත් මෙසේ සාමූහික ජීවිතයක් සමඟ බැඳීමෙන් සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් අණ කළ නීති රීතීන් අපතේ යැවීමට සිදු වූයේ නම් මෙවැනි අවස්ථාවන්හිදී හුදකලාවේ ජීවත් වීම ඉතා උචිතය.
    ඉස්ලාම් දහමෙහි මූලීක කරුණු වලින් එකක් නම් ඥාතීන් සමඟ එකතු වී ජීවත් වීමය.එනමුත් මෙම ඥාති සබඳතාවෙන් කිසියම් හෝ පවක් සිදුවේනම් හෝ පවක් කිරීමට තුඩු දෙන කිසියම් හෝ දෙයක් සිදු වේ නම් මෙයින් ඉවත් වීම ඉතා උචිතය.
    මෙම හදීසයේ සඳහන් වූ තකී යනු : අල්ලාහ් දෙවිඳුන් විසින් අනිවාර්‍ය වූ දෑ ක්‍රියාවට නංවන්නා හා අල්ලාහ් දෙවිඳුන් විසින් තහනම් කරන ලද දැයින් ඈත් වන්නාය.
    ගනී යනු තමන් සතු තිබෙන දැයින් සෑහිමට පත්  වන්නාය.මොහු අල්ලාහ් දෙවි ඉදිරියෙහි ඉතා ආදරවන්තයෙක් හා ධනවතෙක්ය.

    හෆීයි යනු මොහු ජනයින්ගෙන් ඈත් වූ අවස්ථාවක මොහු පිළිබඳව සොයනු නොලැබේ.තවද ජනයින් අතර ජනප්‍රිය වූ කෙනෙකුද  නොවේ .එසේ නමුත් අල්ලාහ් ඉදිරිය ඉතා ගෞරවනීය පුද්ගලයෙක් වන අතර උසස් ධූරයන්ද මොහුට හිමි වේ.
සූරතුල් මුල්ක් හි මහිමයන් ස්වල්පයක්
24- عَنْ أَبيْ هُرَيْرَةَ t, عَنِ النَّبِيِّ r قَالَ: "إِنَّ سُوْرَةً فِي الْقُرْآنِ ثَلاَثُوْنَ آيَةً, شَفَعَتْ لِصَاحِبِهَا؛ حتى غُفِرَ لَهُ )تبارك الذي بيده الملك)   ( سورة  الملك: ١).
(سنن ابن ماجه, رقم الحديث 3786, و سنن أبي داود, رقم الحديث 1400, وجامع الترمذي, رقم الحديث 2891, واللفظ لابن ماجه, قَالَ الإمام الترمذي عن هذا الحديث: بأنه حديث حسن, وصححه الألباني)
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ හුරයිරා  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී :
නියත වශයෙන්ම අල්කුර්ආනයෙහි වාක්‍ය තිහකින් යුත් පරිච්ඡේදයක් තිබේ. එම පරිච්ඡේදය පාරායනා කරන්නාගේ අකුසල් සියල්ල ක්ෂමා වන තෙක් අල්ලාහ් දෙවිඳුන් ඉදිරියේ ඔහු වෙනුවෙන් කියාමා දිනයෙහි එම පරිච්ඡේදය මැදිහත් වේ.එය තබාරකල්ලදී බියදිහිල් මුල්කු යනුවෙන් ආරම්භ වන පරිච්ඡේදය වේ.  

මූලාශ්‍රය : සුනනු ඉබ්නු මාජා වැකි අංක 3786 / සුනනු අබී දාවූද් වැකි අංක 1400/ ජාමිඋත්තිර්මිදි වැකි අංක 2891.ඉහත සඳහන් වැකි ඉබ්නු මාජාවෙහි වාර්තා වි ඇත. ඉමාම් තිර්මිදි (රහ්) තුමාණෝ මෙම රුවන් වැකිය හසනුන් බව  ප්‍රකාශ කරන නමුත් ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊  මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    සූරතුල් මුල්ක් හි මහිමයන් ස්වල්පයක් මෙම හදීසයේ අඩංගුය.
    මෙම සූරාව කියාමත් දිනයෙහි ශෆාඅත් හෙවත් මැදිහත්වීම සිදු කරන්නේ මෙම සූරාව පාරායනා කිරීමෙන් පමණක් නොනැවතී එහි අඩංගු දෑ ක්‍රියාවට නැංවීමෙන්ය.
    මෙම සූරාව සැළකිල්ලට ගෙන එහි අඩංගු දෑ අවබෝධ කර ක්‍රියාවට ගෙන ඈමේ වැදගත්කම මෙම හදීසය අපට පැහැදිළි කරයි.
සලාතය
25- عَنْ بُرَيْدَةِ بْنِ الحُصَيْبِ الْأَسْلَمِيِّ t, قَالَ:  قَالَ رَسُوْلُ اللهِ r:  "اَلْعَهْدُ الَّذِيِ بَيْنَنَا وَبَيْنَهُمْ: اَلصَّلاَةُ؛ فَمَنْ تَرَكَهَا؛ فَقَدْ كَفَرَ".
(جامع الترمذي, رقم الحديث 2621, وسنن ابن ماجه, رقم الحديث 1079, قال الإمام الترمذي عن هذا الحديث: بأنه حسن صحيح غريب, وصححه الألباني).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව බුරයිදා බින් අල්හුසයිබ් අල් අස්ලමී  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී :
(මුස්ලිම්වරුන් වන) අප අතරත් (අන්‍ය ආගමිකයින් වන) ඔවුන් අතරත් තිබෙන්නාවූ ගිවිසුම නම් සලාතයයි.කවරෙකු එය අත්හරින්නේද ඔහු කාෆිර් හෙවත් (අල්ලාහ් දෙවිඳුන්) ප්‍රතික්ෂේප කරන්නෙකුය.

මූලාශ්‍රය : ජාමිඋත්තිර්මිදි වැකි අංක 2621 / සුනනු ඉබ්නු මාජා වැකි අංක 1079 .ඉමාම් තිර්මිදි (රහ්) තුමාණෝ මෙම රුවන් වැකිය හසනුන් සහීහුන් ගරීබුන් බව  ප්‍රකාශ කරන නමුත් ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊  මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර.
බුරයිදා බින් අල් හුසයිබ් අල් අස්ලමී .මෙතුමාණන් නබි සල් තුමාණන් හිජ්රත් යන මගදී ඉස්ලාම් දහම වැළඳ ගත්හ.මෙතුමාණන් සමඟ ගම්වැසියන් 80 කටත් ආසන්න ගණනාවක් ඉස්ලාම් දහම වැළඳ ගත්හ.මොවුන් සමඟ නබි තුමාණන් එදින ඉෂා සලාතය ඉටු කළහ.මොහු විසින් හදීස් 77 ක් වාර්තා වී ඇත.මෙතුමාණන් උහද් සටන තෙක් තමා උපන් ගමෙහිම වාසය කළ අතර ඉන් පසු සිදු වූ සෑම සටනකම සහබාගි වූහ.ඉන්පසු බසරා නගරයට ගොස් තමාට නිවසක් තනා එහි වාසය කිරීමට පටන් ගත්හ.මෙහි සිට කුරාසාන් හි (අෆ්ගනිස්ථාන්) ඇති වූ සටනට සහබාගි වීම සඳහා පැමිණියහ.එහි පිහිටා ඇති මර්ව් නැමැති ගමෙහි වාසය කළ ඔහු යසීද් බ්න් මර්වාන්ගේ පාලන කාලයේ හිජ්රි 62 හෝ 63 හි එහිදීම මරණයට පත් වූහ.


◊  උගත යුතු පාඩම්.
    මුස්ලිම්වරුන් හා මුස්ලිම් නොවන්නන් අතර තිබෙන බාහිර වෙනස නම් සලාතය යැයි ඉස්ලාම් දහම පවසයි.
    කිසි සේත්ම සලාතය වීශෙයෙහි නොසැලකිලිමත්ව නොසිටිය යුතුයි යැයි මෙම හදීසය අවවාද කරයි.
    සලාතය යනු  අල්ලාහ් දෙවිඳුන් විසින් පහළ කරනු ලැබූ දහම වන ඉස්ලාම් දහමෙහි මූලික අංගයකි.මෙය අත්හැරීමෙන් මුස්ලිම්වරයෙකු යැයි පැවසීමට බාහිරව කිසි සළකුණක් නොතිබේ.

 

 

 

 


පහසුම දහම
26- عَنْ مُعَاذٍ t قَالَ: خَرَجْنَا مَعَ رَسُوْلِ اللهِ r فِيْ غَزْوَةِ تَبُوْكَ؛ فَكَانَ يُصَلِّي الظُّهْرَ وَالْعَصْرَ جَمِيْعًا, وَالْمَغْرِبَ وَالْعِشَاءَ جَمِيْعًا . (صحيح مسلم, رقم الحديث 52- (706),).
මුආද්  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී :
තබූක් යුද්ධ සමයෙහි අල්ලාහ්ගේ දූතයාණන් r සමඟ අපිද පිටත්ව ගියෙමු.එහිදී අල්ලාහ්ගේ දූතයාණන් r ළුහර් සලාතය අසර් සලාතයත් සමඟ  එක‍ට එක් කොට හා මග්රිබ් සලාතය ඉෂා සලාතයත් සමඟ එක‍ට එක් කොට සලාතය කළහ.

මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 52 -706
◊  මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර.
මුආද් බින් ජබල් බින් අම්ර් බින් අව්ස් අබූ අබ්දුර්රහ්මාන් අල් අන්සාරී අල් හස්රජී.මෙතුමාණන් ගෞරවනීය සහාබිවරයෙකි.අකබා ගිවිසුම , බද්ර් වැනි සෑම සටනකම සහබාගි වූහ.මෙතුමාණන් වයස අවුරුදු 18 දී ඉස්ලාම් දහම වැළඳ ගත් අතර  හලාල් හා හරාම් පිළිබඳ සැබෑ දැනුමක් මෙතුමාණන් සතු වූහ.මෙතුමාණන් විසින් හදීස් 157 ක් වාර්තා වී ඇත. තවද නබි (සල්) තුමාණන් යෙමන් දේශයට නියෝජිතයෙක් ලෙස මෙතුමාව පත් කර  යැවූ අතර යමන් දේශයෙන් හැරී එන අවස්ථාවේදී නබි තුමාණන් අභාවට පත් වී හමාරය.ඉන්පසු ශාම් දේශයට ගොස් වාසය කළ මෙතුමාණන් හිජ්රි වර්ෂ 17 හෝ 18 හි එහි කොළරා වසංගතයක් පැතිර යාමෙන් මිය ගියහ.
◊  උගත යුතු පාඩම්.
    ළුහර් හා අසර් සලාතය තවද මග්රිබ් හා ඉෂා සලාතය එකට එකතු කර සලාතය කිරීමට හැකි යැයි මෙම හදීසය දන්වයි.
    ඉස්ලාම් දහම යනු අනුකම්පාව හා ලෙහෙසිය ගෙන හැර පා දුෂ්කරතාවය නිෂ්ප්‍රභ කරන දහමකි යැයි මෙම හදීසයෙන් අවබෝධ කළ හැක.
    ﮢ  ﮣ    ﮤ     ﮥ  ﮦ  ﮧ  ﮨ            ﮩ النساء: ١٠٣ නියත වශයෙන්ම සෑම මූමීන්වරුන් කෙරෙහිම නියමිත වේලාවෙහි සලාතය කිරීම අනිවාර්‍ය වේ ) යන අල් කුර්ආන් වැකිය හා මෙම හදීසය අතර  විරුද්ධත්වයක් ඇති නොවන්නේය .කෙසේදයත් නොකඩවා නොව ගමන් බිමන් වැනි බලවත් අවශ්‍යතාවයන්හිදී ඉටු කළ යුතු ආකාරය මෙම හදීසය පැහැදිලි කරයි.
ජීවිතයේ සැබෑ අරමුණ
27- عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا, قَالَتْ: سَمِعْتُ رَسُوْلَ اللَّهِ r يَقُوْلُ: "مَنِ الْتَمَسَ رِضَا اللَّهِ بِسَخَطِ النَّاسِ كَفَاهُ اللَّهُ مُؤْنَةَ النَّاسِ، وَمَنِ الْتَمَسَ رِضَا النَّاسِ بِسَخَطِ اللَّهِ؛ وَكَلَهُ اللَّهُ إِلَى النَّاسِ".
(جامع الترمذي, رقم الحديث 2414, سكت  الإمام الترمذي هنا ولم يقل عن هذا الحديث شيئا وصححه الألباني).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කිරීම ඇසූ බව ආඉෂා  තුමිය  විසින් දැනුම් දෙන ලදී :
කවරෙකු මිනිසාගේ තෘප්තිය නොතකා අල්ලාහ් දෙවිඳුන්ගේ තෘප්තිය පතන්නේද ඔහුට මිනිසුන්ගේ උපහාරයට වඩා අල්ලාහ් දෙවිඳුන් ප්‍රමාණවත්ය. කවරෙකු අල්ලාහ් දෙවිඳුන්ගේ තෘප්ථිය නොතකා මිනිසාගේ තෘප්ථිය පතන්නේද ඔහුව අල්ලාහ් දෙවිඳුන් (අත්හැර දමා) මිනිසුන් වෙත බාර කරාවි.

මූලාශ්‍රය : ජාමිඋත්තිර්මිදි වැකි අංක 2414.ඉමාම් තිර්මිදි (රහ්) තුමාණෝ මෙම රුවන් වැකිය පිළිබඳ කිසිඳු ප්‍රකාශයක් නොකෙරූ අතර ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊  මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 5 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    සෑම අවස්ථාවකම ප්‍රමුකත්වය දිය යුත්තේ අල්ලාහ් දෙවිඳුන්ට අවනත විය යුතු කරුණුවලටය.
    අල්ලාහ් දෙවිඳුන් වෙත සමීප වීමට හා ඔහුගේ තෘප්ථිය ලබා ගත හැක්කේ ඔහුට අවනත වී ඔහුට සැබෑ ගැති බව පෙන්වීමෙන්ය.
    කවරෙකු විනාශ වී යන මෙම අල්ප ලෝ ජීවිතයට ප්‍රමුකත්වය දී අල්ලාහ්ට භිය නොවී ඔහුට ද්‍රෝහි වන්නේද අල්ලාහ් දෙවිඳුන් ඔහුව අපකීර්තියට පත් කරන අතර  ඔහුගේ මෙලෝ ජීවිතය ඉතා අසීරුතාවයකට පත් කරන්නේය.

යහපත් ක්‍රමවේදයෙන් හැසිරීම
28- عَنْ أَبيْ ذر t قَالَ: قَالَ لِيْ رَسُوْلُ اللهِ r: "اتَّقِ اللهَ حَيْثُمَا كُنْتَ, وَأَتْبِعِ السَّيِّئَةَ الحَسَنَةَ؛ تَمْحُهَا, وَخَالِقِ النَّاسَ بِخُلُقٍ حَسَنٍ".
(جامع الترمذي, رقم الحديث 1987, قال الإمام الترمذي عن هذا الحديث بأنه:  حسن صحيح, وصححه الألباني).
අල්ලාහ්ගේ දූතයාණෝ r ඔහුට ප්‍රකාශ කළ බව අබූ දර්  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී :
ඔබ කොතැනක සිටියත් අල්ලාහ්ට බිය වනු. කිසියම් නරක ක්‍රියාවක් කළේ නම් ඉන් අනතුරුව එයට සරිලන සේ යහපත් ක්‍රියාවක් කරනු. එම හොද ක්‍රියාව එකී නරක ක්‍රියාව වනසා දමනු ඇත. තවද මිනිසුන් සමග විනීත ලෙස ඇසුරු කරනු.

මූලාශ්‍රය : ජාමිඋත්තිර්මිදි වැකි අංක 1987 . ඉමාම් තිර්මිදි (රහ්) තුමාණෝ මෙම රුවන් වැකිය හසනුන් සහීහුන් බව  ප්‍රකාශ කරන නමුත් ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය හසන් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 10 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    තක්වා යනු සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන්ගේ අණ පත් ක්‍රියාවට නංවා උන්වහන්සේ විසින් තහනමට ලක් වූ දැයින් දුරස් වීම තුලින් උන් වහන්සේගේ දඬුවමට භාජනය වීමෙන් තම ආත්මය ආරක්ෂා කර ගැනීමයි.  
    බුද්ධියෙන් හා ධර්මයෙන් කිසියම් දෙයක් යහපත් දෙයක් යැයි හඳුන් වා දුන්නේ නම් එයට සාරධර්ම හා සදාචාරය යැයි කියනු ලැබේ.මෙවැනි සදාචාරයට උදාහරණ නම් අන් අයට හිරිහැර නොකිරීම , ඉවසීමෙන් සිටීම යනාදීන්ය.
    යහපත් ක්‍රියාවන් කිරීමෙන් අකුසල් මැකී යනු ඇත.මෙය ජනයින් මත අල්ලාහ් දෙවිඳුන් තැබූ ඉමහත් දයාව හා කරුණාවකි.     
    ඉස්ලාම් දහම ජනයින්ව ඔවුන්ගේ ජීවිතයෙහි සෑම අවස්ථාවකම යහපත් ක්‍රමවේදයෙන් හැසිරිය යුතුයි යැයි අවවාද කරයි.

 

සුජූද් හා රුකූඋ හි කිව යුතු දුආ
29-عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ: كَانَ النَّبِيُّ r يَقُوْلُ فِيْ رُكُوْعِهِ وَسُجُوْدِهِ: "سُبْحَانَكَ اَللَّهُمَّ رَبَّنَا وَبِحَمْدِكَ، اَللَّهُمَّ اغْفِرْ لِيْ".
(صحيح البخاري, رقم الحديث 794, وصحيح مسلم, رقم الحديث 217 - (484), واللفظ للبخاري).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව ආඉෂා  තුමිය  විසින් දැනුම් දෙන ලදී :
අල්ලාහ්ගේ දූතයාණෝ r සලාතයෙහි සුජූද් හා රුකූඃ අවස්ථාවන්වල (සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අල්ලාහුම්ම ඉඃෆිර්ලී) යනුවෙන් පවසමින් උන්නේය.
මූලාශ්‍රය : සහීහුල් බුහාරී වැකි අංක 794 / සහීහ් මුස්ලිම් වැකි අංක 217- 484.ඉහත සඳහන් වැකියෙහි පද බුහාරීහි වාර්තා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 5 වන හදීසයේ සඳහන්ය.


◊  උගත යුතු පාඩම්.
    සුජූද් හා රුකූඋ හි ඉහත සඳහන් මෙම වචන පැවසීම ඉතා සුදුසු අතර මෙය සමඟ (සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්ම ඉග්ෆිර්ලී) යනුවෙන්ද කිව යුතුය.
    සුජූද් හා රුකූඋ හි අල්ලාහ් දෙවිඳුන් ප්‍රාර්ථනා කර ප්‍රශංසා කිරීම යනු උත්තම නබි නායක මුහම්මද් (සල්)  තුමාණන් කරපු සුන්නා වලින් ස්ථීර වූ සුන්නාවකි.
    මේ පද හැර සුජූද් හා රුකූඋ හි කීමට වෙනත් පද බොහෝමයක්ද වෙනත් හදිස්වල සඳහන් වීඇත.

 


මස්ජිදයෙහි මහිම
30- عَنْ أَبيْ هُرَيْرَةَ t, عَنِ النَّبيِّ r قَالَ: "مَنْ غَدَا إِلَى الْمَسْجِدِ وَرَاحَ، أَعَدَّ اللهُ لَهُ نُزُلَهُ مِنَ الْجَنَّةِ، كُلَّمَا غَدَا أَوْ رَاحَ".
(صحيح البخاري, رقم الحديث 662, وصحيح مسلم, رقم الحديث 285- (669), واللفظ للبخاري).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ හුරයිරා  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී :
කවරෙකු මස්ජිදය වෙත පැමිණ යන්නේද ඔහු එන යන සෑම අවස්ථාවන්හිදීම ස්වර්ගයේ සංග්‍රහයක් අල්ලාහ් දෙවිඳුන් සකස් කරන්නේය.

මූලාශ්‍රය : සහීහුල් බුහාරී වැකි අංක 662 / සහීහ් මුස්ලිම් වැකි අංක 285- 662.ඉහත සඳහන් වැකියෙහි පද බුහාරීහි වාර්තා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.


◊  උගත යුතු පාඩම්.
    මස්ජිදයන්හි මහිමය හා එහි අල්ලාහ් දෙවිඳුන් නැමදීමෙන් , ඔහුව මෙනෙහි කිරීමෙන් , ඔහුට තුති පුද කිරීමෙන් ඒවා අලංකාර කරන්නන්ගේ මහිමය මෙම හදීසය පැහැදිළි කරයි.
    තවද ස්වර්ගය වනාහි අල්ලාහ් දෙවිඳුන් සතු මැවීමක් හා එය තවමත් ස්ථීරව පිහිටා ඇති අතර එය කිසිදා විනාශ නොවන්නේය යන විශ්වාසය සෑම මුස්ලිම් වරයෙකුම තබා ගත යුතු වේ.
    මෙම හදීසය නිකරුනේ සැරසිලි දමමින් නොව අල්ලාහ් දෙවිඳුන්ට අවනත වීමෙන් පමණක් මස්ජිදයන් අලංකාර කරන ලෙස අවධාරණය කරයි.එහෙයින් මුස්ලිම්වරයෙකු මෙලෝ පිහිටි  සියළු මස්ජිදයන් හට ගෞරවය කළ යුතුය.තවද මස්ජිදය තුල පිවිසීමේදි ඉතා සුන්දර ස්වරූපයකින් සිටිය යුතු අතර දුගදයෙන් යුතුව හා දුගදයෙන් යුතු වස්ත්‍රයන් ඇඳ ඇතුල් නොවිය යුතුයි.

 

ගණු දෙනුවක් පහසු කර දීමේ මහිමය
31- عَنْ أَبِي هُرَيْرَةَ t قَالَ: قَالَ رَسُوْلُ اللَّهِ r: "مَنْ أَقَالَ مُسْلِمًا؛ أَقَالَهُ اللَّهُ عَثْرَتَهُ يَوْمَ الْقِيَامَةِ".
 (سنن ابن ماجه, رقم الحديث 2199, وسنن أبي داود, رقم الحديث 3460, واللفظ لابن ماجه, وصححه الألباني).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ හුරයිරා  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී :
කවරෙකු මුස්ලිම් වරයෙකුගේ ගණුදෙනුව (දෙදෙනෙක් අතර ගණුදෙනුවක් වූ පසු එයින් කෙනෙකු යම්කිසි හේතුවක් මත එය අහෝසි කිරීමට පැතූ අවස්ථාවක) අහෝසි කරන්නේද කියාමා දිනයෙහි මොහුගේ ඛේදවාචකය අල්ලාහ් දෙවිඳුන් බැහැර කරන්නේය.
මූලාශ්‍රය : සුනනු ඉබ්නු මාජාහ් වැකි අංක 2199 . / සුනනු අබී දාවූද් වැකි අංක 3460 . සඳහන් වැකියෙහි පද ඉබ්නු මාජාවෙහි වාර්තා වී ඇත. ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    මෙම හදීසයේ සඳහන් වූ ඉකාලා යන අරාබි පදයෙහි අර්ථය වනාහි ව්‍යාපාරිකයා හා පාරිභෝකියා අතර සිදු වූ ගණුදෙනුව දෙදෙනාගේ සිය කැමැත්තෙන් අහෝසි කිරීමය.  
    ඉහත  සඳහන් වූ ආකාරයට කෙනෙකු ගණු දෙනුවක් අහෝසි කිරීම යනු පුන්‍ය කර්මයක් හා ජනයින් හට ලෙහෙසි කර දීමක් හා අනුකම්පාව හා කරුණාව පෙන්වා දීමකි.මෙසේ ජනයින්ට උදවි උපකාර කිරීම සෑම මුස්ලිම්වරයෙකුගෙන්ම ඉස්ලාම් දහම බලාපෙරොත්තු වන කරුණකි.
    මෙම ඉකාලා යන ගණුදෙනුවෙහි ස්වරූපය නම් කෙනෙකු යම් භාණ්ඩයක් මීලදී ගත් පසු එම භාණ්ඩයෙහි කිසියම් හෝ දෝෂයක් දැක එසේත් නැතිනම් එම භාණ්ඩය කෙරෙහි  අවශ්‍යතාවය  මොහුට නැති වී යන අවස්ථාවකදී මෙම භාණ්ඩය මිලදී ගත් වෙළෙන්දා වෙත නැවත දුන් විට මෙම භාණ්ඩය එම වෙළෙන්දා භාර ගැනීමයි.
    මෙසේ මෙම ගණුදෙනුව අවසන් වූ පසූත් භාණ්ඩය පාරිභෝගිකයාගෙන් භාර ගැනීම වනාහි වෙළෙන්දා මොහුට කළ ඉමහත් උපහාරයකි.


යුතුකම් සම්පූර්ණයෙන් ඉෂ්ඨ කිරීම.
32- عَنْ جَابِرِ بْنِ عَبْدِ اللَّهِ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ:  قَالَ رَسُوْلُ اللهِ r: "إِذَا وَزَنْتُمْ فَأَرْجِحُوْا".
(سنن ابن ماجه, رقم الحديث 2222,  وصححه الألباني).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව ජාබිර් බින් අබ්දුල්ලාහ්  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී :
ගණුදෙනු වලදී යම් භාණ්ඩයක් කිරන්නේ නම් උපරිම ලෙස (පාරිභෝගයාට වාසි වන ලෙස) කිරා ලබා දෙන්න.

මූලාශ්‍රය : සුනනු ඉබ්නු මාජාහ් වැකි අංක 2222 . / ඉමාම් අල්බානි (රහ්) තුමාණන් හා වෙනත් ඉමාම්වරුන් මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර.
ජාබිර් බින් අබ්දුල්ලාහ්‍ මෙතුමාණන් අන්සාරි වරයෙකු වන අතර උතුම් සහාබිවරයෙකි.බයිඅතුල් අකබා නැමැති දිවුරුම් දීමේදී මෙතුමාණන්ද මෙතුමාණන්ගේ සිය පියාණන් සමඟ දිවුරුම් දුන්හ.තවද බයිඅතුල් රිල්වාන් නැමැති දිවුරුම් දීමේදීද මෙතුමාණන් සහභාගි වූහ.තවද මෙතුමාණන් හදීස් වදන් ඉතා අධිකව දැනුම් දුන් සහාබිවරයෙකි. හදීස් වදන් 1540 ක් මොහු විසින් වාර්තා වී ඇති අතර හිජ්රි වර්ෂ 73 දී මිය ගියහ.
◊  උගත යුතු පාඩම්.
    අල්ලාහ් දෙවිඳුන් සමඟ බැඳුනු මූමීන් වරයෙකු ධර්මිෂ්ඨ කමෙන් හා යුක්තිය වැනි යහපත් ලක්ෂණ වලින් තමාගේ ජීවිතය හැඩ ගස්වයි.තවද ගණුදෙනුවකදී භාණ්ඩයක් මිණන අවස්ථාවක වංචා කිරීමෙන් වැළකී සිටී.
    සෑම මුස්ලිම්වරයෙකුම අන් අය සතු අයිතීන් සුරැකිය යුතු අතර ඔහුගේ යහපත් ගතිගුණවලින් හා ඔහුගේ යහපත් සිතුවිලි වලින් ජනයින්ට උපහාර කළ යුතුය.
    නියත වශයෙන්ම මිනුම් කිරුම්හි වංචා කරන්නන් අන් අය සතු කොටසෙහි වංචා කරන්නන් වේ.එනමුත් සැබෑ මුස්ලිම් වරයෙකු යම් කිසි ගණු දෙනුවකදී බොරු වංචා නොකර සත්‍ය ප්‍රකාශ කර නිහතමානීව හැසිරේ.

සැබෑ මූමීන් වරුන් සඳහා සැබෑ උපමාවක්.
33- عَنْ أبِيْ مُوْسَى t قَالَ: قَالَ رَسُوْلُ اللهِ r: "اَلْمُؤْمِنُ لِلْمُؤْمِنِ كَالْبُنْياَنِ يَشُدُّ بَعْضُهُ بَعْضاً".
(صحيح البخاري, رقم الحديث 2446, وصحيح مسلم, رقم الحديث 65 - (2585), واللفظ لمسلم).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ හුරයිරා  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී :
විශ්වාසවන්තයෙකු තවත් විශ්වාසවන්තයෙකුට එකිනෙකට තද වී තැනුනු ඉඳිකිරීමක් වැනිය.

මූලාශ්‍රය : සහීහුල් බුහාරී වැකි අංක 2446 . / සහීහ් මුස්ලිම් වැකි අංක 65 - 2585 .ඉහත සඳහන් වැකි මුස්ලිම්හි වාර්තා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර.
අබූ මූසා අබ්දුල්ලාහ් බින් කයිස් බින් සලීම් අල් අෂ්අරී .යෙමන් ප්‍රදේශයේ විසූ සහාබ්වරයෙකි.මක්කා නගරයට පැමිණ ඉස්ලාම් දහම වැළඳ ගත් පසු ඔහු විසූ ගම බලා පිටත්ව ගියහ.ඉන්පසු ඉතියෝපියාවට සංක්‍රමණය වූ මෙතුමාණන් හයිබර් සටන ජයගැනීමෙන් පසු මදීනාවට පැමිණියහ.එකල සිදු වූ සටන් බොහෝමයක සහභාගිත්වය මෙතුමාණන්ට හිමි වන අතර සහාබිවරුන් අතර ශුද්ධ වූ අල් කුර්ආන් පාරයනා කිරීමේදී ඉතා අලංකාර කට හඬක් මෙතුමාණන් සතුව තිබිණි.තවද ධර්මිශ්ඨ ජීවිතයක් මෙතුමාණන් ගත කළ අතර ධාර්මික දැනුමෙන් පිරිපිණු සහාබිවරයෙක්ද වූහ .හිජ්රි වර්ශ 44 දී මදීනාවෙහි නැතහොත් කූෆාවෙහි මිය ගියහ.මෙතුමාණන් මිය ගිය ස්ථානය හා මිය ගිය කාලවකවානුව සම්බන්ධව වෙනත් මතද ඉතිහාසඥයින් සතුව ඇත.
◊  උගත යුතු පාඩම්.
    මෙය සෑම මුස්ලිම් වරුන්ම එක සේ සහෝදරත්වයෙන් තමන් අතර ආදරයෙන් සෙනෙහසින් සිටිය යුතුයි යන අර්ථය අඩංගු කර ගත් ඉතා උතුම් හදීසයකි.
    සෑම මුස්ලිම් වරුන්ම තමන් තුළ ඇප උපකාර කර තමන් තුළ ඇලීමක් ඇති කර එක් ගොඩනැඟිල්ලක් සේ ඒකාබද්ධව සිටිය යුතුයි යන අදහසද මෙම හදීසය අපට පැහැදිලි කරයි.
    තවද යහපත් දෑ සඳහා උදව් උපකාර කර කිසි බෙදුම් වාදයකින් තොරව සර්වබලධාරී අල්ලාහ් දෙවි මෙලොවෙහි ස්ථාපිත කළ සාමයෙන් ජීවත් විය යුතුයි යන කාරණාව වෙත මෙම හදීසය මුස්ලිම් වූ සියළු දෙනාවම කැඳවයි .
වාසනා වන්තයා
34- عَنْ الْمِقْدَادِ بْنِ الْأَسْوَدِ t, قَالَ أَيْمُ اللهِ لَقَدْ سَمِعْتُ رَسُوْلَ اللهِ r يَقُوْلُ: "إِنَّ السَّعِيدَ لَمَنْ جُنِّبَ الْفِتَنَ, إِنَّ السَّعِيدَ لَمَنْ جُنِّبَ الْفِتَنُ, إِنَّ السَّعِيدَ لَمَنْ جُنِّبَ الْفِتَنُ, وَلَمَنْ ابْتُلِيَ؛ فَصَبَرَ فَوَاهًا".
 (سنن أبي داود, رقم الحديث 4263, وصححه الألباني)
අල්ලාහ් දෙවිඳුන් මත දිවුරා ඔහුගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව මික්දාද් බින් අස්වද්  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී :
නියත වශයෙන්ම කවරෙකු පෙරළි හා කෝලාහල වැනි ආපදාවන් වලින් දුරස් වී ජීවත් වන්නේද ඔහු වාසනාවන්තයෙකි. යනුවෙන් තෙවරක් පැවසූ පසු අල්ලාහ්ගේ දූතයාණෝ r කවරෙකු මෙවැනි ආපදාවන්හි ගොදුරු වූ පසු ඉවසිලිමත්ව සිටින්නේද ඔහුද වාසනාවන්තයෙකි.මොහුගේ මෙම ඉවසිලි භාවය කෙතරම්  සුන්දරද !!! යනුවෙන් පැවසූහ.
මූලාශ්‍රය : සුනනු අබී දාවූද් වැකි අංක 4263 . / ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.

◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර.
මික්දාද් බින් අම්ර් .මෙතුමාණන්ගේ ප්‍රසිද්ධ නාමය මික්දාද් බින් අස්වද්ය.උත්තම මුහම්මද්(සල්) තුමාණන්ට ඉතා සමීප සහාබිවරයෙකි.ඉස්ලාමිය ඉතිහාසයෙහි ප්‍රථමයෙන් අශ්වයෙකු පිට නැග සටන් කළ සහාබිවරයා මෙතුමාණන්ය.සහාබිවරුන් අතර  ඉමහත් ගෞරවයට පත් වූ හා ශීලාචාරයෙන් පිරිපිණු කෙනෙකුගෙන් මොහුද වූය. මෙතුමාණන් ඔහුගේ වයස නොතකා ධර්මය වෙනුවෙන් සටනට පැමිණෙන ලෙස හඬ නැගූ සැනින් එයට  සහබාගි වූ අතර බද්ර් උහද් හන්දක් වැනි සටන්හි උත්තම මුහම්මද් (සල්) තුමාණන් සමඟම සටන් කළහ.මෙතුමාණන් විසින් හදීස් 42 ක් වාර්තා වි ඇත. කලීෆා උස්මාන් බින් අෆ්ෆාන් (රළි) තුමාණන් පාලනය කළ කාල වකවානුවෙහි මෙතුමාණන් වයස අවුරුදු 70 දී ජුර්ෆ් නැමැති ස්ථානයේ මිය ගිය පසු මදීනාවට ගෙන එන ලදී.ජුර්ෆ් නැමැති ස්ථානය පිහිටුවා ඇත්තේ මදීනා නගරය සිට සැතපුම් 3ක ඈතින්ය.උස්මාන් බින් අෆ්ෆාන් (රළි) තුමාණන් මෙතුමාණන්ගේ අවසන් සලාතය ඉටු කළ පසූ බකී නම් සුසාන භූමියෙහි මෙතුමාණන්ගේ දේහය මිහිදන් කරන ලදී. ත්‍යාගශීලි හා නිර්ලෝභී උදාර ගතිගුණ මෙතුමාණන් සතුව තිබුණු අතර හසන් හා හුසයින් (රළි) තුමාණන් වෙනුවෙන් දිර්හම් 36000 ක් හා උත්තම නබි (සල්) තුමාණන්ගේ භාර්‍යාවන්ගෙන් එක් අයෙකු සඳහා දිර්හම් 7000 ක් බැගින්  (වසීයියත්) ප්‍රදානය කළේය.
◊  උගත යුතු පාඩම්.
    මෙලෝ ජීවිතයෙහි වාසනාව ,ස්ථාවරත්වය හා භියෙන් තොර වූ සොඳුරු ජීවිතයක් ගත කිරීමට නම් තක්වා හෙවත් දේව භක්තිය අත්‍යවශ්‍යය.
    ඉස්ලාම් යනු කරුණාව , ශාන්තභාවය හා සුරක්ෂිතභාවය රකින දහමක් බැවින් මිහිතලේ ඇති විය හැති කෝලාහල් වැනි ආපදාවන් වල ඇද නොවැටී සිටිනු මෙන් ඉස්ලාම් දහම අවධාරනය කරයි.
    මුස්ලිම් වරයෙකු වශයෙන් කෝලාහල් වැනි ආපදාවන් ඇතිවන අවස්ථාවක ඔහුගේ යුතුකම වන්නේ අල්ලාහ් දෙවිඳුන් වැඳුම් පිදුම් කර ඉවසීමෙන් කටයුතු කිරීමයි.
සභාවෙන් විසිරී යන විට
35- عَنْ أَبيْ هُرَيْرَةَ t, قَالَ: قَالَ رَسُوْلُ اللهِ r: "مَنْ جَلَسَ فِيْ مَجْلِسٍ؛ فَكَثُرَ فِيْهِ لَغَطُهُ؛ فَقَالَ قَبْلَ أنْ يَقُوْمَ مِنْ مَجْلِْسِهِ ذَلِكَ : سُبْْحَانَكَ اللَّهُمّ وَبِحَمْدِكَ أَشْهَدُ أنْ لاَ إِلَهَ إِلاَّ أَنْتَ أَسْتَغْفِرُكَ وَأتُوْبُ إِلَيْكَ, إِلاَّ غُفِرَ لَهُ ماَ كَان َ فِيْ مَجْلِسِهِ ذَلِكَ".
(جامع الترمذي, رقم الحديث 3433, قال الإمام الترمذي عن هذا الحديث: بأنه حسن صحيح غريب, وصححه الألباني).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ හුරයිරා  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී :
කවරෙකු සභාවක අසුන් ගෙන එහිදී අධික ලෙස අනවශ්‍ය කතාබහක නිරත වී ඉන්පසු එම සභාවෙන් විසිරි යාමට පෙර  සුබ්හානකල්ලාහුම්ම වබිහම්දික අශ්හදු අන්ලාඉලාහ ඉල්ලා අන්ත අස්තග්ෆිරුක වඅතූබු ඉලෛයික යනුවෙන් පවසන්නේද එම සභාවෙහි ඔහු විසින් සිදු වූ වැරදි සමා කරනු ලැබේ.
 


මූලාශ්‍රය : ජාමිඋත්තිර්මිදි වැකි අංක 3433 . ඉමාම් තිර්මිදි (රහ්) තුමාණෝ මෙම රුවන් වැකිය හසනුන් සහීහුන් ගරීබුන් බව  ප්‍රකාශ කරන නමුත් ඉමාම් අල්බානි (රහ්) හා වෙනත් ඉමාම් වරුන් මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන  හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    මෙම දුආවෙහි අර්ථය : අහෝ දෙවිඳුනි මා ඔබ ප්‍රශංසා කරන්නෙමි.ඔබ වහන්සේ හැර නැමදීමට සුදුස්සා අන් කිසිවෙක් නොමැති බව මා සාක්ෂි දරමි.මා ඔබෙන් සමාව ඉල්ලා පාපොච්ඡාරණයේ නියැලෙමි.
    මුස්ලිම් වරයෙකු වශයෙන් තම ජීවිතයේ සෑම අවස්ථාවකම එනම් ගමනෙහි නිරත වූ අවස්ථාවේ හෝ ගමෙහි පදිංචිව සිටින අවස්ථාවේ හෝ වේවා තවද හුදකලාවේ සිටියද සමූහයත් සමඟ සිටියද අල්ලාහ් දෙව්ඳුන් මෙනෙහි කර ඔහුට අවනත වී ජීවත් විය යුතුය.
    මෙම දුආව මෙසේ සභාවන් වල අසුන් ගත් පුද්ගලයින් හට කේලම් කීම වැනි මුඛය හා සම්බන්ද අකුසල් දැනුවත්ව කිරීමට අනුමැතිය පළ කරයි යනුවෙන් නොසිතිය යුතුයි.   
    මුස්ලිම්වරයෙකු මෙම උතුම් වූ දුආව මනනය කර සෑම සභාවකම අවසානයේදි මෙම දුආව උසුරීමේ පළපුරුද්ද ඇති කළ යුතුය.

 

 

 

 

දේපළ හා දේපළ හිමියන්
36- عَنْ أُسَامَةَ بنِ زيدٍ رَضِيَ اللهُ عَنْهُمَا, أنَّ النَّبِيَّ r قَالَ:  "لاَ يَرِثُ الْمُسْلِمُ الْكَافِرَ, وَلاَ الْكَافِرُ الْمُسْلِمَ".
 (صحيح البخاري, رقم الحديث 6764, وصحيح مسلم, رقم الحديث 1 - (1614), واللفظ للبخاري).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව උසාමා බින් සයිද්  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී :
මුස්ලිම් වරයෙකුගේ දේපළ සඳහා කාෆිර්වරයෙකුට උරුමකම් කිව නොහැකි අතර කාෆිර්වරයෙකුගේ දේපළ සඳහා මුස්ලිම්වරයෙකුටද උරුමකම් කිව නොහැක.
මූලාශ්‍රය : සහීහුල් බුහාරී වැකි අංක 6764. / සහීහ් මුස්ලිම් වැකි අංක 65 - 2585 .ඉහත සඳහන් වැකි මුස්ලිම්හි වාර්තා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර.
උසාමා බින් සයිද් බින් හාරිසා රළියල්ලාහු අන්හු මෙතුමාණන් උත්තම නබි (සල්) තුමාණන්ට ඉතා ප්‍රියතම කෙනෙකු වූ අතර මෙතුමාණන්ගේ පියාණන් සයිද් බින් හාරිසා උත්තම නබි නායක මුහම්මද් (සල්) තුමාණන්ගේ සේවකයෙක්ය. මෙතුමාණන් රසූල් (සල්) තුමාණන්ට ඉතා ප්‍රියතම කෙනෙකු වීමට හේතුව නම් මොහු සමඟ තිබූ අති විශිෂ්ඨ ගුණාංගයන්ය. මෙතුමාණන් සතු උතුම් ගුණාංගයන් බිඳක් : නුවණ , නීර්භීතකම , ප්‍රඥාව , සත්ගුණ , ආදරය , ධර්මිෂ්ඨ කම යන ආදීන්ය. ‍උත්තම නබි (සල්) තුමාණන් අබූ බක්ර් , උමර් (රළි) තුමාණන් වැනි වැඩිමහල් සහාබිවරුන් සිටියදීත් එක් යුධ සේනාවකට සේනාධිපතියෙක් ලෙස පත් කිරීමට හේතු වූයේද මෙම ගුණාංගයන්ය.එනමුත් මෙම සේනාව එහි අවසානය කරා යෑමට පෙර අල්ලාහ්ගේ දූතායාණන් (සල්) තුමාණන් මෙලොවෙන් සමු ගත්හ. ඉන්පසු අබූ බක්ර් සිද්දීක් (රළි) තුමාණන් මෙම යුධ සේනාව යවා තැබූ අතර උමර් (රළි) තුමාණන් තමන් සමඟ සටනට නොයා මදීනාවෙහි රැඳී සිටීමට උසාමා (රළි) තුමාණන්ගෙන් අනුමැතිය ලබා ගත්හ.තවද මෙම සටනෙහි ජය ලබා නැවත මදීනා වෙත උසාමා (රළි) තුමාණන් පැමිණියහ.මෙතුමාණන් විසින් හදීස් 118 වාර්ථා වී ඇත. මෙතුමාණන් උස්මාන් (රළි) තුමාණන්ගේ ඝාතනයට පසු ජනයින්ගෙන් ඈත් වී ජීවත් වූ අතර ඩැමස්කසයට නොදුරුව තිබූ ගම්මානයක පදිංචි විය . ඉන්පසු නැවතත් මදීනාවට පැමිණ වාසය කළ අතර ජුර්ෆ් නැමැති ස්ථානයේ ඔහුට වයස අවුරුදු 61 දී හිජ්ර් වර්ෂ 54 දී මිය ගිය පසු මදීනාවේ මිහිදන් කරනු ලැබීය.
◊  උගත යුතු පාඩම්.
    පොදුවේ කාෆිර් වරයෙකු මුස්ලිම් වරයෙකුගේ දේපළ සඳහා හිමිකම් නොකියන අතර මුස්ලිම් වරයෙකුද කාෆිර් වරයෙකුගේ දේපළ සඳහා හිමිකම් නොකියයි.තවද මෙම කාෆිර් වරයා දේපළ බෙදා දීමට පෙර මුස්ලිම් කෙනෙක් වූවද මොහුට හිමිකම් කිව නොහැක. ඉස්ලාම් දහමේ අධික මහාචාර වරුන්ගේ අදහස වන්නේද මෙයයි.මෙම නීතිය ඉස්ලාම් දහම වැළඳගත් පසු ඉස්ලාම් හැර දමා ගිය (මුර්තද්) පුද්ගලයාටද ආවේනිකයි.  
    ඉස්ලාම් දහම මෙම දේපළ බෙදීම් පිළබඳව වෙනත් ආගම් දහම් වලට වඩා ඉතා පැහැදිලිව විග්‍රහ කර තිබීම යනු ඉස්ලාම් දහමේ වීෂිශ්ඨ භාවය අපට පෙන්නුම් කරයි.
    එනමුත් ඉස්ලාමීය විද්වතුන් සමහරක් මෙවන් මතයක් දරති. එනම් කාෆිර් වරයෙකුගේ දේපළ සඳහා මුස්ලිම් වරයෙකුට හිමිකම් කිව හැකි නමුත් කාෆිර් වරයෙකුට එසේ හිමිකමි කිව නොහැක.එසේම දේපළ බෙදීමට පෙර කාෆිර් වරයෙකු ඉස්ලාම් දහම වැළඳ ගත්තේ නම් ඔහුට දේපළ උරුමය හිමි වනු ඇත යනුවෙන් විද්වතුන් සමහරක් අදහස් දරති .
අවනත වීම .
37- عَنْ أَبيْ هُرَيْرَةَ t قَالَ: قَالَ رَسُوْلُ اللهِ r:  "إِذَا تَشَهَّدَ أَحَدُكُمْ؛ فَلْيَسْتَعِذْ بِاللهِ مِنْ أَرْبَعٍ، يَقُوْلُ: اَللَّهُمَّ! إِنِّيْ أَعُوْذُ بِكَ مِنْ عَذَابِ جَهَنَّمَ، وَمِنْ عَذَابِ الْقَبْرِ، وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ، وَمِنْ شَرِّ فِتْنَةِ الْمَسِيحِ الدَّجَّالِ".
 (صحيح مسلم, رقم الحديث 128- (588), وصحيح البخاري, رقم الحديث 1377, واللفظ لمسلم).
 අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ හුරයිරා  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී :
ඔබෙන් කෙනෙකු සලාතයෙහි තශහ්හුද් ඉරියව්වෙහි අසුන් ගත් විට කරුණු හතරකින් ආරක්ෂාව පතනු. එනම් අහෝ දෙවිඳුනි අපායෙහි හා සොහොනෙහි වේදනාවෙන්ද තවද ආයුකාලයෙහි හා මරනෙහි ආපදාවන්ගෙන්ද මසීහ් දජ්ජාල්ගේ දුෂ්ටකමෙන්ද මා ඔබෙන් ආරක්ෂාව පතමි යනුවෙන් ප්‍රාර්ථනා කරනු.
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 128 – 588 / සහීහුල් බුහාරී වැකි අංක 1377 .ඉහත සඳහන් වැකියෙහි පද මුස්ලිම්හි වාර්තා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන  හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    ඉහත සඳහන් වූ කරුණු හතරෙන් ආරක්ෂා පැතීමෙන් කෙනෙකු සර්වබලධාරී අල්ලාහ්ට අවනත වීම  හා කෙනෙකුට අල්ලාහ් දෙවියානන් වෙත තිබෙන්නාවූ අවශ්‍යතාවය කුමක්ද යනුවෙන් මෙම හදීසය අපට පෙන්වා දෙයි.
    සලාතයේ අවසාන තෂහ්හුද් අවස්ථාවෙහි මෙම දුආව පාරායනය කිරීම ප්‍රියජනක ක්‍රියාවකි.
    මෙම හදීසයෙන් මසීහ් දජ්ජාල් මෙලොව අවසානයට පෙර සර්වබලධාරී අල්ලාහ්ගේ නියමයට අනුව කලබලකාරී පීඩන තත්වයක් ඇති කරවයි යන පුවත ස්ථීර කරනවාත් සමඟම අවසාන දිනය දක්වා මොහුගේ භීෂනයට වඩා භයානක භීෂනයක් මෙලොවෙහි ඇති නොවේ යනුවෙන්ද මෙම හදීසය පැහැදිලි කරයි.
    මෙම හදීසයේ සඳහන් වූ කබ්ර් යන අරාබි පදයෙහි නියම අර්ථය නම් එලෝ ජීවිතයෙහි කෙනෙකුගේ ආත්මය රඳා පවතින ස්ථානයටයි.තවද මළවුන්ගේ දේහය මිහිදන් කරනු ලබන ස්ථානයටද කබ්ර් යනුවෙන් කියනු ලැබේ.එනමුත් මෙම දුආවෙන් කෙනෙකු අල්ලාහ් දෙවිඳුන් ආමන්ත්‍රණය කළේ නම් එයින් අදහස් වන්නේ ඔහුගේ මරණය පසු අවසාන් දිනය  එළඹෙන තුරු ඔහුට හිමි විය හැකි දඬුවමින් ආරක්ෂා පැතීමයි.

 

 

 

 

චේතනාවෙහි වැදගත්කම
38-  عَنْ جَابِرٍ t قَالَ: قَالَ رَسُوْلُ اللهِ r: "يُحْشَرُ النَّاسُ عَلَى نِيَّاتِهِمْ".
 (سنن ابن ماجه, رقم الحديث 4230, وصححه الألباني, وصحيح مسلم, جزء من رقم الحديث 83 - (2878), واللفظ لابن ماجه).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව ජාබිර්  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී:
අවසාන දිනයෙහි මිනිසුන් තම තමන්ගේ චේතනාවන් අනුව නැගිට්ටවනු  ලැබේ.

මූලාශ්‍රය : සුනනු ඉබ්නු මාජා වැකි අංක 4230 / ඉමාම් අල්බානි (රහ්) හා වෙනත් ඉමාම් වරුන් මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.තවද සහීහ් මුස්ලිම්හි 83- 2878 වෙනි වැකියෙන් කොටසකි.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 32 වන  හදීසයේ සඳහන්ය.


◊  උගත යුතු පාඩම්.
    ඉස්ලාම් දහමෙහි යහපත් චේතනාවට ඇති වැදගත්කම හා එහි මහිමය මෙම හදීසය අපට පැහැදිලි කරන අතර යම් ක්‍රියාවක මුල හා අත්තිවාරම වන්නේද මෙවන් යහපත් අල්ලාහ් දෙවිඳුන්ට පමණක් යන චිත්ත පාරිශුද්ධියෙන් තබන චේතනාවන්ය .
    නියියත් යනු යම් දෙයක් කිරීමත් සමඟම තම සිතෙන් එය පැතීම වේ .එනමුත් පළමුව චේතනාව තබා ඉන්පසු දෙයක් කිරීමට බලාපොරොත්තු වුයේ නම් එයට අධිෂ්ඨානයක් යැයි කියනු ලැබේ.  
    සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් මෙවන් උතුම් වූ චේතනාව පිළිබඳව ශුද්ධ වූ අල්කුර්ආනයේ නොයෙකුත් ආකාරයේ අල් කුර්ආන් වාක්‍ය වලද   වර්ණනා කරයි.

 


රාත්‍රී කාළයෙහි දුආ ප්‍රාර්ථනා කිරීම
39- عَنْ جَابِرٍ t, أَنَّ رَسُوْلَ اللهِ r قَالَ: "إِنََّ مِنَ اللَّيْلِ سَاعَةً، لاَ يُوَافِقُهَا عَبْدٌ مُسْلِمٌ، يَسْأَلُ اللهَ خَيْرًا، إِلاَّ أَعْطَاهُ إِيَّاهُ".
(صحيح مسلم, رقم الحديث 167 - (757), ).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව ජාබිර්  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී:
නියත වශයෙන්ම රාත්‍රි කාලයෙහි එක් වේලාවක් ඇත. එම වේලාව යම් දාසයෙකු අල්ලාහ් දෙවිඳුන්ගෙන් යම් යහපතක් ප්‍රාර්ථනා කරන වේලාව හා සමඟ සමාන වූයේ නම් නිසැකව ඔහුට අල්ලාහ් දෙවිඳුන් එම යහපත පිරිනමන්නේය.
 
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 167 – 757
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 32 වන  හදීසයේ සඳහන්ය.

 

◊  උගත යුතු පාඩම්.
    දුආ ප්‍රාර්ථනා ඉෂ්ඨ වන මොහොත බලාපොරොත්තුවෙන් මුළු  රාත්‍රී කාළයෙහිම දුආ ප්‍රාර්ථනාවෙහි නියැලිය යුතුයි යන්න මෙම හදීසයෙන් පැහැදිලි කෙරේ.
    මෙවන් උතුම් වූ වේලාව අල්ලාහ් දෙවිඳුන් රහසිඟතව සඟවා තබා ඇත්තේ උන්වහන්සේගේ දාසයින් වන අප සැම මෙවන් උතුම් වූ වේලාව සොයා දැඩි උනන්දුවක් දැක්වීම සඳහාය.මෙසේ උතුම් වේලාවක් මුළු සිකුරාදා දිනයෙහිද අල්ලාහ් දෙවිඳුන් රහසිඟතව සඟවා තබා ඇත.  
    එසේම කෙනෙකු රාත්‍රී කාළයේ මුල් අවදියේ සිට අළුයම දක්වා දුආ ප්‍රාර්ථනා ඇසීමත් සමඟම තමන් විසින් සිදු වූ අකුසල් සඳහාද පාපොච්චාරණයේ නියැලිය යුතුය.එනමුත් රාත්‍රී කාළයේ මුල් අවදියේ නොව අවසානයේදී සලාතය , දුආ ප්‍රාර්ථනා , ඉස්තිහ්ෆාර් යනාදීන් කිරීම ඉතා උචිතය.


සලාතය යනු බලවත් සාධකයකි.
40- عَنْ حُذَيْفَةَ  قَالَ:  كَانَ النَّبيُّ r إِذَا حَزَبَهُ أَمْرٌ صَلَّى.
(سنن أبي داود, رقم الحديث 1319, وحسنه الألباني).
අල්ලාහ්ගේ දූතයාණෝ r හුදයිෆා  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී:
අල්ලාහ්ගේ දූතයාණෝ r හට කිසියම් හෝ සිදුවීමක් සිදුවූ වහාම සලාතය වෙත ඉක්මන් වන්නේය.

මූලාශ්‍රය : සුනනු අබී දාවූද් වැකි අංක 1319. ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය හසනුන් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 4 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    නියත වශයෙන්ම සලාතය යනු මෙලොවෙහි යම් දෙයක් සිදු වී වීට අල්ලාහ් දෙවිඳුන්ගෙන් උදවු පැතිය  හැකි බලවත් සාධකයෙකි.තවද  සලාතයේ ඕනෑම දුආ ප්‍රාර්ථනාවක් ඇසිය හැකි අතර එයට කියා විශේෂ දුආ ප්‍රාර්ථනාවක් නොමැත.මෙම අර්ථය අඩංගු කර ගත් අල් කුර්ආන් වැකියක් නම් ......   
ﯰ  ﯱ   ﯲ  ﯳ  ﯴ   ﯵﯶ (سورة البقرة, الآية 153).
අහෝ විශ්වාස කළවුනි ! ඉවසීමෙන් හා සලාතය මගින් උදව් උපකාර පතනු) .  අල් කුර්ආනය (2/153)  
    තවද රසූලුල්ලාහි (සල්) අලෛහි වසල්ලම් තුමාණන් උන් වහන්සේට යම් දෙයක් සිදු වූ සැනින් සලාතය වෙත පිවිසෙයි.එනම් මෙම උතුම් පළපුරුද්ද අප ජීවිතයේද ගත යුතුව ඇත.

 

 


සුදු වස්ත්‍රයන් පැළඳිම
41-عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ:  قَالَ رَسُولُ اللَّهِ r: "اِلْبَسُوا مِنْ ثِيَابِكُمْ الْبَيَاضَ؛ فَإِنَّهَا مِنْ خَيْرِ ثِيَابِكُمْ, وَكَفِّنُوْا فِيْهََا مَوْتَاكُمْ".
 (جامع الترمذي, رقم الحديث 994, وسنن أبي داود, رقم الحديث 3878, و سنن ابن ماجه, رقم الحديث 1472, وقال الإمام الترمذي عن هذا الحديث بأنه:  حسن صحيح, واللفظ للترمذي, وحسنه الألباني وصححه).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් බින් අබ්බාස්  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී:
නුඹලා සතු වස්ත්‍රයෙන් සුදු පැහැයෙන් යුතු වස්ත්‍ර පළඳිවු. මක්නිසාදයත් නුඹලා සතු වස්ත්‍රයෙන් ඒවා ඉතා විශිෂ්ඨ වස්ත්‍රයන් වන නිසාය.තවද නුඹලාගෙන් මරණයට පත් වූවන්ගේ දේහයද මෙයින් ආවරනය කරනු.
 
මූලාශ්‍රය : ජාමිඋත්තිර්මිදි වැකි අංක 994 . සුනනු අබී දාවූද් වැකි අංක 3878 / සුනනු ඉබ්නු මාජාහ් වැකි අංක 1472 .ඉහත සඳහන් වැකියෙහි පද තිර්මිදිහි වාර්තා වී ඇත.ඉමාම් තිර්මිදි (රහ්) තුමාණෝ මෙම රුවන් වැකිය හසනුන් සහීහුන් බව  ප්‍රකාශ කරන නමුත් ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය හසනුන් සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර
අබ්දුල්ලාහ් බින් අබ්බාස් (රළි) තුමාණන්.මෙතුමා ඉතා ප්‍රසිද්ධ සහාබිවරයෙකි.මෙතුණානන්ගේ උප නාමය නම් අබුල් අබ්බාස් ය.සහාබිවරුන්ගෙන් අති ඥානවන්ත සහාබිවරයෙකි.පරිශුද්ධ වූ අල් කුර්ආන් විවරණ කලාවෙහි ඉමාම් වරයා යන තනතුරද මෙතුමාණන් සතුය.රසූලුල්ලාහි (සල්) තුමාණන්ගේ මාමාගේ ප්‍රත්‍රයාය.හිජ්රතයට අවුරුදු තුනකට පෙර ඉපදුනු මෙතුමාණන් සෑම අවස්ථාවකම වාගේ නබි (සල්) තුමාණන් සමඟම සිටියහ.මෙම හේතුව නිසා උන්වහන්සේගෙන් දැනුම් සම්භාරයක් හැදෑරීමට පුළුවන් විය.මෙතුමාණන් විසින් හදීස් 1660 ක් වාර්තා වි ඇති අතර නබි (සල්) තුමාණන් මිය යන විට මෙතුමාණන්ගේ වයස අවුරුදු 13 කි.තවද අලි බින් අබී තාලිබ් (රළි) තුමාණන් බසරා නැමැති ප්‍රදේශයට මොහුව නියෝජිතයෙක් ලෙස පත් කළහ.මෙතුමාණන් හිජ්රි වර්ෂ 68 දී වයස අවුරුදු 70 දී තාඉෆ් හි මිය ගියහ.
◊  උගත යුතු පාඩම්.
    සුදු වස්ත්‍රයන් පැළඳිම හා එයින් මරණයට පත්වූවන්ගේ දේහය ආවරණය කිරීමේ ඇති විශේෂත්වය මෙම හදීසයෙන් වටහා ගත හැක.එයට හේතුව නම් මෙවැනි සුදු පැහැයෙන් යුත් වස්ත්‍රයන් ඉතා පිරිසිදු හා එහි ඇති අලංකාරය නිසාය.මෙවැනි  සුදු පැහැයෙන් යුත් වස්ත්‍රයන් ඉතා පිරිසිදුයි යැයි කීමට හේතුව නම් මෙහි යම් කිසි කිළිටුවක් හෝ අපවිත්‍ර දෙයක් තැවරුනු සැනින් ඉතා පැහැදිලිව පෙණුනු පසු එය පිරිසිදු කිරීමට හැකි නිසාය.
    මෙම නීතිය කාන්තා හා පිරිමීන් යන දෙපාර්ශයටම පොදුය.මෙයට පටහැනි අදහසක් කෙනෙකු දැරුවේ නම් එම නීතිය ක්‍රියාත්මක කර වීම සඳහා ඉස්ලාම් දහමේ ස්ථීර සාධකයන් තුලින් ඔහු එය ස්ථීර කළ යුතුව තිබේ .

 

(ඉෆ්තාර්)උපවාසය අවසන් කිරීම
42- عَنْ أنس بن مالك t، يَقُوْلُ:  كَانَ رَسُولُ اللهِ r: يُفْطِرُ عَلَى رُطَبَاتٍ قَبْلَ أَنْ يُصَلِّيَ؛ فَإِنْ لَمْ تَكُنْ رُطَبَاتٌ؛ فَعَلَى تَمَرَاتٍ؛ فَإِنْ لَمْ تَكُنْ؛ حَسَا حَسَوَاتٍ مِنْ مَاءٍ".
(سنن أبي داود, رقم الحديث 2356, وجامع الترمذي, رقم الحديث 696, قال الإمام الترمذي عن هذا الحديث بأنه:  حسن غريب, واللفظ لأبي داود, وحسنه الألباني وصححه).
අනස් බින් මාලික්  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී:
අල්ලාහ්ගේ දූතයාණෝ r (මග්රිබ්) සලාතයට පෙර (රමළාන් මාසයෙහි) ඉදුනු රටඉඳි අනුභව කිරීමෙන් උපවාස ශීලය අවසන් කරයි.එසේ නොමැති අවස්ථාවක වේළුනු රටඉඳි මගින් උපවාස ශීලය අවසන් කරයි.එසේත් නැතිනම් දිය උගුරක් පානය කර උපවාස ශීලය අවසන් කරයි.

මූලාශ්‍රය : සුනනු අබී දාවූද් වැකි අංක 2356 / ජාමිඋත්තිර්මිදි වැකි අංක 696 .ඉහත සඳහන් වැකියෙහි පද අබූ දාවූද් හි වාර්තා වී ඇත.ඉමාම් තිර්මිදි (රහ්) තුමාණෝ මෙම රුවන් වැකිය හසනුන් ගරීබුන් බව  ප්‍රකාශ කරන නමුත් ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය හසනුන් සහීහුන් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 8 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    උපවාසය යනු අළුයම සිට හිර බසින තෙක් උපවාසය බිඳන කරුණු අත් හැර දමා එයින් ඈත් වීමෙන් සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන්ට අවනත වීමයි.
    මග්රිබ්  සලාතයට පෙර ඉදුනු රටඉඳි වලින් උපවාසය අත් හැරීම ඉතා යහපත් කරුණකි.එසේ ඉදුනු රටඉඳි නොතිබුණේනම් වියළුණු රටඉඳි වලින් ද එසේත් නැතිනම් ජලය පානය කිරීමෙන් උපවාසය නිම කළ හැක.මේ සියල්ල නොතිබූ අවස්ථාවන්හි දී ඔහු සතු කිසියම් හෝ ආහාර පානයකින් උපවාසය නිම කළ හැකිය.

 

ශරීර අංග හතකින් සුජූද් කිරීම
43- عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ: قَالَ النَّبِيُّ r:" أُمِرْتُ أَنْ أَسْجُدَ عَلَى سَبْعَةِ أَعْظُمٍ عَلَى الْجَبْهَةِ وَأَشَارَ بِيَدِهِ عَلَى أَنْفِهِ وَالْيَدَيْنِ وَالرُّكْبَتَيْنِ وَأَطْرَافِ الْقَدَمَيْنِ, وَلاَ نَكْفِتَ الثِّيَابَ وَالشَّعَرَ".
(صحيح البخاري, رقم الحديث 812, وصحيح مسلم, رقم الحديث 230- (490), واللفظ للبخاري).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් බින් අබ්බාස්  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී:
අවයවයන් හතක් මගින් සුජූද් කිරීමට හා සුජූද් හා රුකූඋ වැනි අවස්ථාවන්හි තම වස්ත්‍ර හා හිසකෙස් වැනි දෑ හකුලා ගැනීමෙන් වළකින ලෙසද මා වෙත අණ කරනු ලැබුණි.සුජූද් කිරීමේදි උපයෝගි කළ යුතු අවයවයන් නම් තමාගේ නළල (අල්ලාහ්ගේ දූතයාණෝ r අතින් සංඥා කරම්න්) නාසය , දෙඅත් ,දණහිස් දෙක හා පාද තුඩු යනුවෙන් පැවසීය.


මූලාශ්‍රය : සහීහුල් බුහාරි වැකි අංක 812 / සහීහ් මුස්ලිම් වැකි අංක 230 - 490 ඉහත සඳහන් වැකියෙහි පද බුහාරිහි වාර්තා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 41 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    මෙම හදීසයෙන් සලාතයේ සුජූද් අවස්ථාවෙහි ශරීර අවයවයන් හතක් පොලෝ මත රඳා පැවතිය යුතුව ඇත යනුවෙන් අවධාරනය කරයි.ඒවා නම් නාසය සමඟ නළල , දෙඅත්ල , දණහිස් දෙක හා පාද තුඩු යනාදීන්ය.
    මෙසේ ශරීර අවයවයන් හතකින් සුජූද් කිරීම වනාහී කාන්තා හා පිරිමීන් යන දෙපාර්ශයටම අයත් නීතියකි. එබෙවින් සියළු පාර්ශවයින් මෙසේ සුජූද් කිරීම අනිවාර්‍ය වූ කරුණකි.එසේම අවධානය යොමු කළ යුතු කරුණක් නම් නාසය හා නළල යන අවයවයන් දෙක එකක් යනුවෙන් ගැණෙනු ඇත.
    සුජූද් කිරීම අතරතුරදී කෙනෙකු තමන්ගේ සිය පාද දෙකින් එකක් හෝ දෙකම පොලෝ මත නොතබා ඉහත දැමුවේ නම් ඔහුගේ සලාතය නිසි ආකාරයට නිම නොවී එම සලාතය නිෂ්ඵල වීමට හේතුවක් විය හැක.එසේම අනෙකුත් ශරීර අවයවයන් හතෙන් කිසියම් හෝ අවයවයක් නිසි ආකාරයට නොතැබුවේ නම් එයටද මේ නීතිය වලංගුය.
සිත් පැතුම් පරිවර්තනය කරන්නා
44- عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ رَضِيَ اللَّهُ عَنْهُمَا يَقُوْلُ: إِنَّهُ سَمِعَ رَسُوْلَ اللهِ r يَقُوْلُ: "إنَّ قُلُوْبَ بَنِيْ آدمَ كُلَّهَا بَيْنَ إِصْبَعَيْنِ مِنْ أَصَابِعِ الرَّحْمَنِ كَقَلبٍ وَاحِدٍ, يَصْرِفُهُ حَيْثُ يَشَاءُ"، ثُمَّ قَالَ رَسُوْلُ اللهِ r: "اللَّهُمَّ مُصَرِّفَ القُلُوْبِ صَرِّفْ قُلُوْبَنَا عَلَى طَاعَتِكَ".
صحيح مسلم رقم الحديث (  17-2654)
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කිරීම සවන් දුන් බව අබ්දුල්ලාහ් බින් අම්ර් බින් ආස්  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී:
අල්ලාහ් දෙවිඳුන් සතු (ඔහුට ආවේණික වූ )ඇඟිලි වලින් ඇඟිලි දෙකක මධ්‍යයෙහි තිබෙන්නාවූ (ආදම්ගේ පුතුන් වන) මානවයාගේ හදවත් සියල්ල යනු ඔහුට එක් හදවතක් වැනිය.එම හදවත ඔහු කැමති පරිදි පරිවර්ථනය

කරමින් සිටීයි.මෙසේ පැවසූ පසු අල්ලාහ්ගේ දූතයාණෝ r  මෙසේ ප්‍රාර්ථනා කළහ.අහෝ හදවත් පරිවර්ථනය කරන්නා වූ මාගේ දෙවිඳුනි ! ඔබට අවනත වීම සඳහා අපගේ  හදවත් පරිවර්ථනය කරනු මැනව!
 
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 17 – 265‍
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර .
අබ්දුල්ලාහ් බින් අම්ර් බින් ආස් අල් කුරෂී අස්සහ්මී.කීර්තිමත් ප්‍රසිද්ධ සහාබිවරයෙකි.මෙතුමාණන් ඔහුගේ පියාණන්ට පෙරම ඉස්ලාම් දහම වැළඳ ගත්හ.මෙතුමාණන් විසින් හදීස් 700 ක් වාර්තා වී ඇති අතර උත්තම නබි (සල්) තුමාණන් සමඟ සටනෙහි සහබාගි වීමට හැකි වූයේ එයින් ඉතා ස්වල්පයකටය. රාජ්‍ය පාලන හා කලමනාකරණ ශ්‍රේෂ්ත්‍රෙයහි ඉතා විශේෂ නුවණක් ඇති මෙතුමාණන්ව මුආවියා (රළි) තුමාණන් කූෆා නැමැති ප්‍රෙදේශයට නියමිත කාළයක් සඳහා  නියෝජිතයෙක් ලෙස පත් කළේය.
මිස්ර් හි ෆිස්තාත් නැමැති මස්ජිදයේ ධර්ම දේශනා හා නීති රීතින් පිළිබඳව ජනයින්ට කියා දුන් හේතුවෙන් මෙතුමාණන්ගෙන්  හිජාස් , ශාම් , මිස්ර් වාසීන් සමූහයක් ශිල්පය හැදෑරූහ.හිජ්රි වර්ෂ 65 දී මිස්ර් හි මිය ගිය මෙතුමාණන් ඔහුගේ සිය නිවසෙහිම මිහිදන් කරනු ලැබීය.
◊  උගත යුතු පාඩම්.
    ඉස්ලාම් දහමෙහි තම ස්ථීරත්වය පිහිටුවා ගැනීම සඳහා තිබෙන්නාවූ හේතු කාරනාවන් තම ජීවිතයේ ගෙන ඒම සඳහා දැඩි උත්සහයක යෙදිය යුතුව ඇත යන්න මෙම හදීසයෙන් අදහස් වේ. කුමක්නිසාදයත් ප්‍රථිඵල සියල්ල එහි ආරම්භයට අනුව සිදුවනු ඇත.එසේම හේතු කාරණා සියල්ල බැඳි ඇත්තේද එම හේතු කාරණා ඇති වීමට හේතු වූ සාධකයන් සමඟය.
    තවද සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් හට කිසි මැවීමකට සමාන නොවූ ඔහුට ආවේනික වූ ඇඟිලි ඇත යනුවෙන් වීශ්වාස කිරීම අනිවාර්‍ය වේ.එය විශ්වාස කිරීමේදී එහි හැඩය හා ලක්ෂණ වැනි දෑ නොසලකා කිසි බාධකයෙන් හා උපමාවකින් තොරව විශ්වාස කළ යුතුය.
    කවරෙකු තම පරිපාලකයා වූ එසේම මැවුම්කරු වූ සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් විශයෙහි නිවැරැදි තීන්දුවක් ගන්නේද නියත වශයෙන්ම අල්ලාහ් දෙවිඳුන් මොහුගේ සිත්පතුල ශාන්තභාවයෙන් ,සහනයෙන් ,සොම්නසින් පුරවාලයි.එසේ නොමැතිව කවරෙකු සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් විශයෙහි වැරදි තීරණයක් ගන්නේද නියත වශයෙන්ම අල්ලාහ් දෙවිඳුන් මොහුගේ සිත්පතුල පසුතැවිල්ලෙන් හා භියෙන් පුරවාලයි.කුමක්නිසාදයත් මුළු ලෝ වැසියන්ගේ සිත් සර්වබලධාරි අල්ලාහ් දෙවිඳුන් සතුව ඇති හේතුවෙනි.

 

 

 


සුජූදයන් දෙක අතරතුර අසුන් ගැනීමේදි
 45- عَنْ حُذَيْفَةَ  أنَّ النَّبِيَّ r كَانَ يَقُوْلُ بَيْنَ السَّجْدَتَيْنِ: "رَبِّ اغْفِرْ لِي، رَبِّ اغْفِرْ لِي".
 (سنن ابن ماجه, رقم الحديث 897, وسنن أبي داود, رقم الحديث 874 , وسنن النسائي, رقم الحديث 1145, واللفظ لابن ماجه, وقال العلامة محمد ناصر الدين الألباني عن  هذا الحديث: بأنه صحيح).

හුදයිෆා  තුමාණන්  විසින් දැනුම් දෙන ලදී:
අල්ලාහ්ගේ දූතයාණෝ r සජදාවන් දෙක අතර රබ්බිග්ෆිර්ලී , රබ්බිග්ෆිර්ලී යනුවෙන් ප්‍රාර්ථනා කරමින් උන්නේය.
මූලාශ්‍රය : සුනන් ඉබ්නු මාජාහ් වැකි අංක 897 / සුනනු අබී දාවුද් වැකි අංක 874 / සුනනුන් නසාඊ වැකි අංක 1145 .ඉහත සඳහන් වැකියෙහි පද ඉබ්නු මාජාහ් වෙහි වාර්ථා වී ඇත. ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය හසනුන් සහීහුන් යනුවෙන් ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 4 වන හදීසයේ සඳහන්ය.

◊  උගත යුතු පාඩම්.
    සුජූදයන් දෙක අතරතුර අසුන් ගැනීමේදි මෙම උතුම් වූ වැකි සහිත දුආව කිව යුතුයි.
    සුජූදයන් දෙක අතරතුර අසුන් ගැනීමේදි මෙවැනි දුආවන් පාරයනා කිරිම යනු උත්තම නබි නායක මුහම්මද් (සල්) තුමාණන් විසින් වාර්තා වී ඇති හදීස් වලින් ස්ථීරවු සුන්නතයකි.මෙහිදි පාරායනා කිරීම සඳහා වෙනත් දුආ වදන් ද හදීස්වල අපට දැක ගත හැකි අතර මෙම කෘතිය දීර්ඝ නොවීම සඳහා ඒවා සඳහන් නොකළෙමු.

 

 

 

මානවයාගේ සතුටෙහි උල්පත
46- عَنْ عَبْدِ اللهِ بْنِ عَبَّاسٍ رضي الله عنهما قَالَ: كَانَ رَسُولُ اللهِ r يَقُوْلُ بَيْنَ السَّجْدَتَيْنِ فِيْ صَلاَةِ اللَّيْلِ: "رَبِّ اغْفِرْ لِي وَارْحَمْنِي وَاجْبُرْنِي وَارْزُقْنِي وَارْفَعْنِي".
(سنن ابن ماجه, رقم الحديث 898, وسنن أبي داود, رقم الحديث 850  و جامع الترمذي, رقم الحديث 284, واللفظ لابن ماجه, قَالَ الإمام الترمذي: هذا حديث غريب, وقال العلامة محمد ناصر الدين الألباني عن  حديث ابن ماجه والترمذي بأنه: صحيح).
අබ්දුල්ලාහ් බින් අබ්බාස්  තුමා විසින් දැනුම් දෙන ලදී :  
අල්ලාහ්ගේ දූතයාණෝ r රාත්‍රී කාල සලාතයෙහි සජදාවන් දෙක අතර රබ්බිග්ෆිර්ලී වර්හම්නී වජ්බුර්නී වර්සුක්නී වර්ෆානි යනුවෙන් ප්‍රාර්ථනා කරමින් උන්නේය.

මූලාශ්‍රය : සුනන් ඉබ්නු මාජාහ් වැකි අංක 898 / සුනනු අබී දාවුද් වැකි අංක 850 / ජාමිඋත්තිර්මිදි වැකි අංක 284  .ඉහත සඳහන් වැකියෙහි පද ඉබ්නු මාජාහ් වෙහි වාර්ථා වී ඇත. ඉමාම් තිර්මිදි (රහ්) තුමාණෝ මෙම රුවන් වැකිය ගරීබුන් යැයි  ප්‍රකාශ කරන නමුත් ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහුන් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 41 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    මිනිසෙකු මෙලොවෙහි හා පරලොවෙහි අවශ්‍ය සියළු යහපත් දෑ ලබා ගැනීමට හැකිවන සාධක කිහිපයක් මෙම දුආවෙහි සඳහන් වී ඇත අතර ඔහු අකැමති සියළු අයහපත් දැයින් ආරක්ෂාවද එහි සඳහන්ය.   
    මානවයාගේ සතුටෙහි උල්පත ඉස්ලාම් දහමයි.කවරෙකු එය පිළිපදින්නේද ඔහු වාසනාවන්තයෙකු වන අතර එය නොමග යවන්නා අවාසනාවන්තයෙකි.

 


මූලික ප්‍රථිපත්තීන්
47- عَنْ أَبِي هُرَيْرَةَ t قَالَ: كَانَ النَّبِيُّ r بَارِزًا يَوْمًا لِلنَّاسِ؛ فَأَتَاهُ جِبْرِيلُ عليه السلام؛ فَقَالَ: مَا الْإِيمَانُ؟ قَالَ: "الْإِيمَانُ: أَنْ تُؤْمِنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ, وَبِلِقَائِهِ وَرُسُلِهِ, وَتُؤْمِنَ بِالْبَعْثِ"، قَالَ: مَا الْإِسْلَامُ؟ قَالَ: "الْإِسْلَامُ: أَنْ تَعْبُدَ اللَّهَ وَلاَ تُشْرِكَ بِهِ, وَتُقِيمَ الصَّلَاةَ, وَتُؤَدِّيَ الزَّكَاةَ الْمَفْرُوضَةَ, وَتَصُومَ رَمَضَانَ، قَالَ: مَا الْإِحْسَانُ؟ قَالَ: "أَنْ تَعْبُدَ اللَّهَ كَأَنَّكَ تَرَاهُ، فَإِنْ لَمْ تَكُنْ تَرَاهُ؛ فَإِنَّهُ يَرَاكَ",  قَالَ: مَتَى السَّاعَةُ؟ قَالَ: "مَا الْمَسْئُولُ عَنْهَا بِأَعْلَمَ مِنَ السَّائِلِ، وَسَأُخْبِرُكَ عَنْ أَشْرَاطِهَا: إِذَا وَلَدَتِ الْأَمَةُ رَبَّهَا، وَإِذَا تَطَاوَلَ رُعَاةُ الْإِبِلِ الْبُهْمُ فِي الْبُنْيَانِ, فِي خَمْسٍ لاَ يَعْلَمُهُنَّ إِلاَّ اللَّهُ، ثُمَّ تَلا النَّبِيُّ r:   إن الله عنده علم الساعة,   (لقمان: ٣٤)  الآية، ثُمَّ أَدْبَرَ، فَقَالَ: "رُدُّوهُ"؛ فَلَمْ يَرَوْا شَيْئًا؛ فَقَالَ: "هَذَا جِبْرِيلُ، جَاءَ يُعَلِّمُ النَّاسَ دِينَهُمْ".
(صحيح البخاري, رقم الحديث 50, وصحيح مسلم, رقم الحديث 1 - (9), واللفظ للبخاري)

අබූ හුරයිරා  තුමා විසින් දැනුම් දෙන ලදී :  අල්ලාහ්ගේ දුතයාණෝ වරක් ජනයින් ඉදිරියේ පෙනී සිටියහ.එවිට ජිබ්රීල් (අලෛ) තුමාණන් පැමිණ ඊමානය යනු කුමක්දැයි ඇසීය .එයට අල්ලාහ් කෙරෙහිත් ඔහුගේ මලාඉකාවරුන්, ඔහුගේ ආගම්, ඔහුගේ හමුවීම ,ඔහුගේ දුතයන් හා අවසාන දිනය ආදී දෑ විශ්වාස කිරීම යැයි එතුමා පිළිතුරු දුන්හ. අනතුරුව නබි තුමා දෙස බලා ඉස්ලාමය යනු කුමක්දැයි මාහට කියා දෙන්නැයි ඇසීය. එතුමා ඉස්ලාම් යනු අල්ලාහ් දෙවිඳුන්ව පමණක් කිසිම ආදේශයකින් තොරව වන්දනාමාන කිරීම ,  සලාතය ඉටු කිරීම , ඔබට අනිවාර්‍ය වූ සකාත්  පිරි නැමීම , රමළාන් මස උපවාස ශිලයේ යෙදීම, යනාදි යැයි පිළිතුරු දුන්හ.තව දුරටත් ඉහ්සාන් යනු කුමක්දැයි ඇසීය. ඔබ අල්ලාහ් නොදැක්කත් ඔහු වෙත සෘජුව යොමු වෙමින් නැමදුම ඉටු කරන්නාක් මෙන් නැමදුම ඉටු කිරීමය. ඒ මක් නිසාද යත් ඔබ ඔහු නොදුටුවද ඔහු සැබවින්ම ඔබ දකී යනුවෙන් පිළිතුරු දුන්නේය.අනතුරුව හෙතෙම අස්සාඅත් (කියාමා දිනය) පිළිබඳව මට කියා දෙන්නැයි ඇසීය. එයට එතුමා මේ ප්‍රශ්නය අසනු ලබන්නා ප්‍රශ්නය අසන්නාට වැඩියෙන් දන්නෙක් නොවේ යැයි කීය. අනතුරුව අල්ලාහ්ගේ දුතයාණෝ r එහි සලකුණු කුමක්දැයි මා ඔබට කියා දෙන්නම් යැයි මෙසේ කීය. වහල් කාන්තාව තම ස්වාමි දුව මෙලොව බිහි කරයි. ඒ අවස්ථාවේ පාවහන් නැති නිර්වස්ත්‍ර එඩේර සමාජය උසස් ගොඩනැගිලි ඉදි කිරීමෙහිලා තරඟ කරමින් සිටින බව ඔබ දකී. තවද විෂයන් පහක ඥානය අල්ලාහ් දෙවි  සතුය යැයි පැවසූ අල්ලාහ්ගේ දුතයාණෝ  
ﭽ ﯫ  ﯬ  ﯭ    ﯮ  ﯯ     ﭼ لقمان :٣٤
යන අල්කුර්ආන් වැකිය පාරායනා කළහ. (නියත වශයෙන්ම එලෝදිනයෙහි නුවණ අල්ලාහ් දෙවි සතුය) ඉන්පසු ජිබ්රීල් (අලෛ) තුමාණන් හැරී ගිය විගස අල්ලාහ්ගේ දුතයාණෝ r ඔහුව හැරී බලන මෙන් ඉල්ලා සිටියහ.එනමුත් ඔහු දැක ගැනීමට නොහැකි විය.එවිට අල්ලාහ්ගේ දුතයාණෝ r ඔහු  ජිබ්රීල් අලෛහිස්සලාම් වේ  , ඔබලාට ධර්මය පිළිබඳ අවබෝධයක් දීම සඳහා පැමිණියේය යනුවෙන් පැවසූහ.

මූලාශ්‍රය : සහීහුල් බුහාරී වැකි අංක 50 / සහීහ් මුස්ලිම් වැකි අංක 1 – 9.ඉහත සඳහන් වැකියෙහි වදන් බුහාරිහි වාර්තා වි ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    මෙය ඉස්ලාම් දහමෙහි බාහිර හා අභ්‍යන්තර සියළු මූලික ප්‍රථිපත්තීන් අඩංගු කර ගත් ඉතා උතුම් හදීසයෙකි.
    ඉස්ලාම් දහම යනු එහි තිබෙන කරුණූ කාරනා විශ්වාස කිරීමත් සමඟම එම කරණු ක්‍රියාවට නැංවීමය.තවද විශ්වාසයෙන් තොර වූ ක්‍රියාවක් පිළි ගනු නොලැබෙන අතර කිසියම් ක්‍රියාවක් නොමැතිව විශ්වාසයද පිළි ගනු නොලැබේ. එයට හේතුව නම් මෙම විශ්වාසය හා ක්‍රියාව යන කාරණා දෙකෙහි මුළු එකතුව වන්නේ ඉස්ලාම් දහමයි.  
    මුවෙන් ප්‍රකාශ කිරීමත් සමඟම සිතෙන් විශ්වාස කර ඒවා ශරීර අවයවයන් තුලින් ක්‍රියාවට නැංවීම යන කරුණු තුනම ඊමානයේ අඩංගු විය යුතුය.

සලවාත් හා සලාම්
48- عَنْ أَبِيْ طَلْحَةَ t أَنَّ رَسُوْلَ اللهِ r جَاءَ ذَاتَ يَوْمٍ وَالْبُشْرَى فِيْ وَجْهِهِ؛ فَقُلْنَا: إِنَّا لَنَرَى الْبُشْرَى فِيْ وَجْهِكَ!؛ فَقَالَ: إِنَّهُ أَتَانِيَ الْمَلَكُ؛ فَقَالَ يَا مُحَمَّدُ! إِنَّ رَبَّكَ يَقُوْلُ: أَمَا يُرْضِيْكَ؟ أَنَّهُ لاَ يُصَلِّيْ عَلَيْكَ أَحَدٌ إِلاَّ صَلَّيْتُ عَلَيْهِ عَشْرًا, وَلاَ يُسَلِّمُ عَلَيْكَ أَحَدٌ إِلاَّ سَلَّمْتُ عَلَيْهِ عَشْرًا".
 (سنن النسائي, رقم الحديث 1283, وحسنه الألباني).
අබූ තල්හා  තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
වරක් අල්ලාහ්ගේ දූතයාණෝ තම පෙනුමෙහි කුමක්දෝ සුභාරංචියක් දිස් වෙනවාක් මෙන් අප වෙත පැමිණියහ.එවිට අහෝ  අල්ලාහ්ගේ දූතයාණනි ඔබගේ  පෙනුමෙහි කුමක්දෝ සුභාරංචියක් දිස් වේ යැයි පැවසුවෙමු.එයට මා වෙත එක් සුරදූතයෙක් පැමිණ අහෝ මුහම්මද් r නුඹගේ දෙවිඳුන් මෙසේ පවසයි ! නුඹ තෘප්තියට පත්වන්නේද? එනම් නුඹ හට කෙනෙකු වරක් සලවාත් පැවසුවහොත් දහ වරක් මා ඔහුට සලවාත් පවසමි.එසේම කෙනෙකු නුඹ හට වරක් සලාම් පැවසුවහොත් දහ වරක් මා ඔහුට සලාම් පවසමි යන සුභාරංචිය වදාලහ යනුවෙන් අල්ලාහ්ගේ දූතයාණෝ r පැවසූහ .

මූලාශ්‍රය : සුනනුන් නසාඊ වැකි අංක 1283/  ඉමාම් අල්බානි (රහ්) තුමාණන් මෙම රුවන් වැකිය හසනුන් යැයි ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර.
සයිද් බින් සහ්ල් බින් අස්වද් අල් හස්රජී අන්නජ්ජාරී.මෙතුමාණන් අබූ තල්හා නැමැති උපනාමයෙන් ප්‍රසිද්ධය.මෙතුමාණන් උත්තම නබි (සල්) තුමාණන්ගේ සමීප මිත්‍රෙයක් වන අතර බද්ර් සටනෙහි හා ලයිලතුල් අකබා යන ප්‍රසිද්ධ අවස්ථාවටද සහභාගිවූවන්ගෙන් කෙනෙකි.බද්ර් සටනට පසු සිදු වූ සෑම සටනකම මෙතුමාණන් සහභාගි වු අතර ඉස්ලාම් දහමට උදව් උපකාර කළ අති උතුම් සහාබිවරයෙකි.තවද උත්තම නබි (සල්) තුමාණන්ගේ උතුම් සොහොන් ගැබ හෑරුවේද මෙතුමාණන්ය.මෙතුමාණන් විසින් හදිස් 92 ක් වාර්තා වී ඇත .
උපවාසය හා දෙවිඳුන්ගේ මාර්ගයේ සටන් වැදීම් වැනි අති උතුම් කර්තව්‍යන්හි තම ජීවිතය ගත කළ අතර හිජ්රි වර්ශ 50 දී නැතහොත් 51 දී මුහුදු මාර්ගයෙන් ඇති වූ සටනක එහිදිම තම ජීවිතය පුද කළහ.මෙතුමාණන්ගේ දේහය මිහිදන් කිරිම සඳහා ඔහු සමඟ සිටි පුද්ගලයින්ට දවස් හතක් වන තෙක් කිසි ගොඩ බිමක් නොලැබුවද මෙතුමාණන්ගේ දේහය කිසියම් වෙනසක් නොවී එසේම තිබීම යනු ඉතා විශ්මිත කරුණකි.
◊  උගත යුතු පාඩම්
    උත්තම මුහම්මද් (සල්) තුමාණන් හට අධික ලෙස සලවාත් හා සලාම් පැවසිය යුතුයි යන්න මෙම හදීසය පැහැදිලි කරයි.සලවාත් පැවසීමේ ඉතා හොඳ ක්‍රමය වන්නේ පහත දැක්වෙන පරිදිය.
(අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින්,කමා සල්ලයිත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද් , අල්ලාහුම් බාරික් අලා මුහම්මදින් වඅලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාහීම වඅලා ආලි ඉබ්රාහීම ඉන්නක හමීදුන් මජීද්.)
    නබි (සල්) තුමාණන් හට සලවාත් පැවසීමෙහි අර්ථය නම් සර්වබලධාරී අල්ලාහ් දෙව්ඳුන් ඔහුව කීර්තියට පත් කිරීම හා ප්‍රශංසා කිරීමයි. එනම් අල්ලාහුම්ම සල්ලි අලා මුහම්මද් යන්නෙහි අර්ථය නම් අහෝ දෙවිඳුනි මෙලොවෙහි හා ලෝකාන්තර දිනයෙහි මුහම්මද් (සල්) තුමාණන්ව  කීර්තියට පත් කරනු මැනවු යන්නයි.
    තවද මුහම්මද් (සල්) තුමාණන් හට සලාම් පැවසිය යුතුයි යනුවෙන්ද මෙම හදීසය අවධාරණය කරයි. එතුමාණන් හට සලාම් පැවසීම යනු එතුමාණන්ගේ ජන සමාජය වන මුස්ලිම් සමාජය වෙත පැවරුණු අයිතිවාස්කමකි.පොදුවේ මුස්ලිම් වරයෙකු එතුමාණන් හට සලාම් පැවසීම අනිවාර්‍ය වූ කරුණක් වන අතර විශේෂ වූ අවස්ථාවන්හිද සලාම් පැවසීම අනිවාර්‍ය කරුණකි. උදාහරණයක් ලෙස සලාතයේ තෂහ්හුද් අවස්ථාවෙහි තවද  මස්ජිදය තුල ඇතුල් වීම හා මස්ජිදයෙන් පිට වන අවස්ථාවන්හි  එතුමාණන් හට සලාම් පැවසීම වැනිය.
    කෙනෙකු වෙත සලාම් පැවසීමට නම් ඔහු තම ඉදිරියේ සිටීම කොන්දේසියක්  වන අතර උත්තම මුහම්මද් (සල්) තුමාණන්ගේ විශයෙහි  මෙම නීතිය ක්‍රියාත්මක නොවේ.කුමක් නිසාදයත් මුහම්මද් (සල්) තුමාණන් හට සලාම් පැවසීමට නම් එතුමාණන් ඉදිරියේ සිටීම කොන්දේසියක් නොවේ.තවද මෙම නීතිය මුහම්මද් (සල්) තුමාණන්ට පමණක් ආවේණික වූ නීතියකි.තවත් එතුමාණන්ට පමණක් ආවේණික වූ සංකල්පයක් නම් කෙනෙකු එතුමාණන් හට සලාම් පැවසු කල එතුමාණන්ගේ සොහොන් ගැබ වෙත නොපැමිණියද මෙම සලාමය එතුමාණන් වෙත දැනුම් දෙනු ලැබේ.
සලාම් යන වචනයෙහි අර්ථය නම් සෑම අයහපත් විපත් වලින් හා සෑම දෝෂ වලින් උත්තම නබි (සල්) තුමාණන් ආරක්ෂා ලැබීමය. නබි(සල්) තුමාණන් හට සලාම් පැවසීමේ ක්‍රම (අස්සලාමු අලෛක අයියුහන් නබියියු වරහ්මතුල්ලාහි වබරකාතුහු .) (අස්සලාමු අලෛක යා රසූලල්ලාහ්.) (අස්සලාමු අලෛක යා නබියියල්ලාහ්.) (අස්සලාමු අලන්නබී.)  
    නබි (සල්) තුමාණන් හට සලවාත් හා සලාම් පැවසිමේදී තමා පමණක් තනිවම පැවසිය යුතු අතර සාමූහිකව එකට එකතු වී පැවසීම ඉස්ලාම් දහමේ දහම් ගත නොවූ ක්‍රමයකි.

 

 


දකුණත භාවිතා කිරීම
49- عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا, قَالَتْ: كَانَتْ يَدُ رَسُولِ اللَّهِ r الْيُمْنَى لِطَهُورِهِ وَطَعَامِهِ، وَكَانَتْ يَدُهُ الْيُسْرَى لِخَلائِهِ، وَمَا كَانَ مِنْ أَذًى".
 (سنن أبي داود, رقم الحديث 33, وصحيح البخاري, رقم الحديث 168, وصحيح مسلم, رقم الحديث  66- (268), وجامع الترمذي, رقم الحديث 1888, وسنن ابن ماجه, رقم الحديث 3288, واللفظ لأبي داود, وصححه الألباني)
ආඉෂා  තුමිය විසින් දැනුම් දෙන ලදී :
අල්ලාහ්ගේ දූතයාණෝ r තුමාණන්ගේ දකුණත දෝවනය හා ආහාර ගැනීම වැනි පිවිතුරු දෑ සඳහාත් වමත මල මුත්‍රාවෙන් පසු පිරිසිදු කිරීම හා පිළිකුල් දෑ සඳහාත් උපයෝගී වූහ.

මූලාශ්‍රය : සුනනු අබී දාවුද් වැකි අංක 33/ සහීහුල් බුහාරි වැකි අංක 168 / සහීහ් මුස්ලිම් වැකි අංක 66- 268 ජාමිඋත්තිර්මිදි වැකි අංක 1888  . සුනන් ඉබ්නු මාජාහ් වැකි අංක3288 / ඉහත සඳහන් වැකියෙහි පද අබූ දාවූද්හි වාර්ථා වී ඇත. ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහුන් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්
    යහපත් කාර්‍යන් සඳහා දකුණත භාවිතා කිරීම යනු ඉස්ලාම් දහමෙහි ස්ථාපිත වූ නීතියකි.එයට සරළ උදාහරණ කිහිපයක් පහත දැක්වෙ.
ඇඳුම් ඇඳීම , පාවහන් පැළඳීම , මස්ජිදය තුලට ඇතුල් වීම , දත් මැදීම , නියපොතු කැපීම , උඩුරැවුල කැපීම , කොණ්ඩ පීරීම , කිහිල්ලෙහි කෙස් ඉවත් කිරීම ,සලාතය අවසානයේදී , වුළූ කිරීමේදි , වැසිකිළියෙන් පිට වීමේදී , ආහාර පාන අනුභව කිරීමේදී, මුසාෆහා හෙවත් එකට එක අත දීමේදී ,හජරුල් අස්වද් ගල ස්පර්ශ කිරීමේදි යන අවස්ථාවන් වැනිය.
    තවද මුස්ලිම් වරයෙකු තම ජීවිතයේ සෑම විශයෙහිම උත්තම මුහම්මද් (සල්) තුමාණන්ගේ ජීවන රටාව පිළිපැදීම අනිවාර්‍ය වේ.
    වැසිකිළියට ඇතුල් වීම , මස්ජිදයෙන් පිටත් වීම , මල මුත්‍රා කිරිමෙන් පසු පිරිසිදු කිරීම , පාවහන් හා ඇඳුම් පැළඳුම් ගැලවීම යනාදී අවස්ථාවන්හි වමත හා වම් පාදය භාවිතා කළ යුතුය.
සිඟා කෑමෙන් වැළකී සිටීම
50- عَنْ أبي هريرة , قَالَ : قَالَ رَسُوْلُ اللهِ r: "مَنْ سَأَلَ النَّاسَ أَمْوَالَهُمْ تَكَثُّرًا؛ فَإِنَّمَا يَسْأَلُ جَمْرًا؛ فَلْيَسْتَقِلَّ أَوْ لِيَسْتَكْثِرْ".
(صحيح مسلم, رقم الحديث 105 - (1041),).
 අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව ආඉෂා  තුමිය විසින් දැනුම් දෙන ලදී :
කවරෙකු ජනයාගෙන් (තමන් සතුව මිලමුදල් තිබියදීත් එය) වර්ධනය කිරීම පිණිස විමසන්නේද , නියතවශයෙන් ඔහු ජනයාගෙන් විමසන්නේ දැවෙන ගල් අඟුරුය.ඔහු අධිකව විමසීමෙන් එම ගල් අඟුරු අධික වේවා ! ඔහු සුළු කොට විමසීමෙන් එම ගල් අඟුරු අල්ප වේවා !.

මූලාශ්‍රය : සහීහ් මුසලිම් වැකි අංක 105 – 1041
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    කවරෙකු තමන්ගේ වුවමනාව ජනයින්ගෙන් බලාපොරොත්තු වන්නේද එම වුවමනාව ඉෂ්ඨ නොවී නොකඩවා ජනයින්ගෙන්ම උදව් උපකාර ඉල්ලීමේ තත්වයක් හට ගනී.එසේ නොමැතිව කවරෙකු සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් විශ්වාස කර ඔහු වෙත ඒවා ඉදිරිපත් කරන්නේද අල්ලාහ් දෙවිඳුන්ගේ උපහාරයෙන් ඔහුගේ එම වුවමනාවන් පරිපූර්ණ වේ.  
    වුවමනාවකින් තොරව ජනයින්ගෙන් සිඟා කෑමෙන් වැළකී සිටිය යුතුයි යන අවවාදය මෙම හදීසයේ සඳහන් වී ඇත.එනම් වුවමනාවකින් තොරව ජනයින්ගෙන් සිඟා කෑම යනු ඉස්ලාම් දහමේ මහා පාප කර්මයකි.

 

 


ඉෂ්රාක් සලාතය
51- عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا, قَالَتْ:  كَانَ رَسُوْلُ اللّهِ r يُصَلّي الضّحَى أَرْبَعًا, وَيَزِيدُ مَا شَاءَ اللّهُ.
 (صحيح مسلم, رقم الحديث  79- (719),).
ආඉෂා  තුමිය විසින් දැනුම් දෙන ලදී :
අල්ලාහ්ගේ දූතයාණෝ r ළුහා සලාතය රක්අත් හතරක් හෝ ඊටත් අධිකව අල්ලාහ් දෙවිඳුන් පැතූ ප්‍රමාණයක් ඉටුකිරිමින් උන්නේය.

මූලාශ්‍රය : සහීහ් මුසලිම් වැකි අංක 79 – 719
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 5 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    ළුහා සලාතය සුන්නාහ්වකි. එහි අවම රක්අත් ප්‍රමාණය රක්අත් දෙකකි.රක්අත් දෙක බැගින් හතරක් ඉටු කිරීම ඉතා උතුම් ය.එහි අවසාන ගණන රක්ආත් අටකි .එහි උපරිමයට සීමාවක් නොමැත යනුවෙන්ද විදිවතුන්ගේ මතයක් ඇත.
    ළුහා සලාතයට අව්වාබීන් යනුවෙන්ද කියනු ලැබේ . හිරු හීයක තරම් (මීටරයක් පමණ) උසට උදාවීමෙන් පසුව මෙහි වේලාව ආරම්භ වේ. එනම් හිරු උදා වී විනාඩි පහක් පමණ වේලාවක් ගතවීමෙන් ආරම්භ වී දහවල් කාලයට සුළු වේලාවකට පෙර එහි වේලාව අවසන් වෙයි. මෙම සලාතයට ඉෂ්රාක් සලාතය යනුවෙන්ද කියනු ලැබේ.

 

 

 

 


වුළූ කිරිම හා පස්වේල් සලාතය
52- عَنْ عُثـْمَانَ بْنِ عَفَّانَ t قَالَ: قَالَ رَسُوْلُ اللهِ r: "مَنْ أَتَمَّ الْوُضُوْءَ, كَمَا أَمَرَهُ اللَّهُ تَعَالَى؛ فَالصَّلَوَاتُ الْمَكْتُوْبَاتُ, كَفَّارَاتٌ لِمَا بَيْنَهُنَّ".
(صحيح مسلم, رقم الحديث 11 – ( 231),).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව උස්මාන් t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
කවරෙකු අල්ලාහ් දෙවිඳුන් අණ කළ පරිදි වුළූ නිම කරයිද මෙසේ නිම කර ඉටු කරන එක් එක් සලාතයන්හි කාල අතරතුර සිදුවෙන්නාවු අයුතු කාර්‍යයන් සඳහා එම සලාතයන් වන්දියක් ලෙස  සලකනු ලැබේ.

මූලාශ්‍රය : සහීහ් මුසලිම් වැකි අංක 11– 231
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 1 වන හදීසයේ සඳහන්ය.


◊  උගත යුතු පාඩම්.
    වුළූ කිරීම යනු  අගනා තිළිණ සම්භාරයක් ගෙන දෙන අති උතුම් කර්තව්‍යකි.මෙසේ වුළූ කිරීමෙන් අකුසල් මැකී තත්වයන් උසස් විය හැකි හේතුවෙන් සෑම මුස්ලිම් වරුන්ම මෙම උතුම් කර්තව්‍ය හා සම්බන්ධ සියළු තොරතුර දැන ගැනීමට සැළකිලිමත් විය යුතුය.
    තවද වුළූ පරිපූර්ණත්වයෙන් යුතුව නිම කළ පසු භියසුලුව හා සන්සුන්ව සලාතයේ නියැලිය යුතුයි යන්න මෙම හදීසයෙන් අදහස් වේ.
    මෙම හදීසයේ සඳහන් වූ පාපයන් සමා වීමෙහි අර්ථය නම් සුළු පාපයන්ය.මහා පාපයන් සමා වීම සඳහා පාපොච්චාණරයේ යෙදීම කොන්දේසියකි .

 

 


සහර් බෝජනය සඳහා රටඉඳි
 53- عَنْ أَبِيْ هُرَيْرَةَ t عَنِ النَّبِيِّ r قَالَ: "نِعْمَ سُحُوْرُ الْمُؤْمِنِ: اَلتَّمْرُ".
(سنن أبي داود, رقم الحديث 2345, وصححه الألباني).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ හුරයිරා t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
මූමීන්වරයෙකු උපවාස ශීලය සඳහා (සහර්) අළුයම වේලාවෙහි අනුභව කරන ආහාරයෙන් රටඉඳි ඉතා ශ්‍රේෂ්ඨ ආහාරය වේ.

මූලාශ්‍රය : සුනනුඅබී දාවූද් වැකි අංක 2345 /  ඉමාම් අල්බානි (රහ්) තුමාණන් මෙම රුවන් වැකිය සහීහ් යැයි ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.

 

◊  උගත යුතු පාඩම්.
    රමළාන් මාසයේ සහර් බෝජනය අනුභව කිරීමෙන් වැදුම් පිදුම් යනාදී දෑ ඉටු කිරීමට ලෙහෙසි වන හේතුවෙන් රමළාන් මාසයේ දිනපතා මෙම සහර් ‍බෝජනය ගත යුතුය. තවද මෙම සහර් බෝජනයේ ආහාර ප්‍රමාණය අධික වූවද ස්වල්පයක් වූවද  එසේ නොමැති නම් රටඉඳි පමණක් අනුභව කිරීමෙන්ද එසේත් නොමැති  නම් ජලය උගුරක් පානය කිරීමෙන්ද සහර් කළ යුතුය.කෙසේ නමුත් සහර් බෝජනය සඳහා රටඉඳි අනුභව කිරීම ඉතා උතුම්ය.
    රටඉඳි යනු ආශ්‍රීර්වාද ලත්(බරකත්) පළතුරක් වන අතර මෙම සහර් වේලාවද ආශ්‍රීර්වාද ලත්  ( බරකත් ) වේලාවකි. මෙම වේලාවෙහි රටඉඳි අනුභය කිරිම යනු ආශ්‍රීර්වාදකින් තවත් ආශ්‍රීර්වාදයක් ලබා ගන්නා සේය.
    සහර් බෝජනය සඳහා රටඉඳි පමණක් හෝ වෙනත් ආහාරයක් සමඟ රටඉඳි අනුභව කිරීම ඉතා ප්‍රියජනකය.මෙසේ අනුභව කිරීම ජනයින් අතර මගහැරුනු උත්තම මුහම්මද් (සල්) තුමාණන්ගේ සුන්නාහ්වකි.


ආමීන් කීමෙහි මහිමය.
54- عَنْ أَبِيْ هُرَيْرَةَ t أَنَّ رَسُوْلَ اللهِ r  قَالَ: "إِذَا قَالَ أَحَدُكُمْ: آمِينَ, وَقَالَتِ الْمَلَائِكَةُ فِي السَّمَاءِ: آمِينَ؛ فَوَافَقَتْ إِحْدَاهُمَا الْأُخْرَى؛ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ".
(صحيح البخاري, رقم الحديث 781, وصحيح مسلم, رقم الحديث  72- (410),).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ හුරයිරා t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
නුඹලාගෙන් කෙනෙකු සලාතයෙහි ආමීන් යැයි පැවසූ එම වේලාවෙහිම  අහසෙහි සිටින සුරදූතයින්ද ආමීන් යැයි පැවසුවහොත් , මෙදෙපිරිසගෙන් කෙනෙකුගේ ආමීන් පැවසීම අනෙකාගේ ආමීන් පැවසීමට සමාන වේ නම් මොහු විසින් පෙර සිදු කළ සියළු පාප කර්මයන් කමා කරනු ලැබේ.

මූලාශ්‍රය : සහීහුල් බුහාරී වැකි අංක 781 /  සහීහ් මුස්ලිම් වැකි අංක 72- 410
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    ආමීන් යන පදයෙහි අර්ථය නම් (අහෝ දෙවිඳුනි ! ෆාතිහා පරිඡ්චේදයේ අඩංගු ප්‍රාර්ථනාවන් පිළිගනු මැනවු) යනුවෙන්ය.
    මෙම හදීසයෙන් තහවුරු වන තවත් කරුණක් නම් මලක් වරන් හෙවත් දේව දූතයින් සිටින බව සෑම මුස්ලිම් වරයෙකුම විශ්වාස කළ යුතුයි යන්නයි.
    සලාතය මෙහෙය වන හා ඔහුට පිටුපස සිට සලාතය කරන්නා හා තනිවම සලාතය කරන්නා යන සියළු පාර්ශවයන්ගේ ආමීන් යන ආමන්ත්‍රණය පිළිගනු ලැබේ යන්න මෙම හදීසයෙන් තහවුරු වේ.

 

 

 

සැබෑ මුස්ලිම්වරයෙකුගේ ගති ගුණාංග
55- عَنْ أَبيْ هُرَيْرَةَ t عَنْ رَسُوْلِ اللهِ r قَالَ: "الْمُسْلِمُ مَنْ سَلِمَ النَّاسُ مِنْ لِسَانِهِ وَيَدِهِ, وَالْمُؤْمِنُ مَنْ أَمِنَهُ النَّاسُ عَلَى دِمَائِهِمْ وَأَمْوَالِهِم".
 (سنن النسائي, رقم الحديث 4995, و صحيح مسلم, رقم الحديث 65 - (41), , واللفظ للنسائي, وحسنه الألباني وصححه).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ හුරයිරා t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
කවරෙකුගේ මුවින් සහ දෑතින් (සිදුවන හිංසා වලින්) ජනයින් ආරක්ෂාව ලබයිද ඔහු සබෑ මුස්ලිම් වරයෙකු වන්නේය.එසේම කවරෙකුගෙන් ජනයින් සිය ප්‍රාණය හා ධනය යන දෙකින්ම ආරක්ෂාව ලබයිද ඔහු සැබෑ මූමීන්වරයෙකු වේ.

මූලාශ්‍රය : සුනනුන් නසාඊ වැකි අංක 4995/සහීහ් මුස්ලිම් වැකි අංක 65- 41.ඉහත සඳහන් වැකියෙහි පද නසාඊ වල වාර්තා වි ඇත.ඉමාම් අල්බානි (රහ්) තුමාණන් මෙම හදිසය හසනුන් සහීහ් යනුවෙන් ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    ගණුදෙනුවෙහි නිහතමානීව හැසිරීම , රහසිගත දෑ ප්‍රසිද්ධ නොකර ආරක්ෂා කිරීම , මනුෂ්‍ය ආත්ම ගෞරයව හා ඔවුන් සතු දේපළ හට කිසියම් හෝ හානියක් නොකරීම වැනි උතුම් ගති ගුණාංග වලින් සපිරි ජීවිතියක් සෑම මුස්ලිම් වරුන්ම ජීවත් විය යුතුයි යන්න මෙම හදීසයෙන් අදහස් වේ.
    අල්ලාහ් දෙවිඳුනට අවනත වී ජනයින්ගේ අයිතිවාසිකම් රැක බලා ඔවුනට කිසිඳු අපරාධයක් හෝ හිංසාවක් නොකර සිටින්නා සැබෑ මුස්ලිම් වරයෙකු වේ.
    තවද  බාහිරව මුස්ලිම් වරයෙකු විසින් ජනයින් හට සිදුවිය හැකි වද හිංසාවෙන් ඔවුන් සැනසීමට ලක් වීමත් සමඟම අභ්‍යන්තරව මොහුගෙන් සිදුවිය හැකි වද හිංසාවෙන්ද ජනයින් සැනසීමට පත් විය යුතුව ඇත.


ගේදොර  අලංකාර කිරීම
56- عَنْ أَبِيْ هُرَيْرَةَ t أَنَّ رَسُولَ اللهِ r قَالَ:  لاَ تَجْعَلُوْا بُيُوْتَكُمْ مَقَابِرَ؛ إِنَّ الشَّيْطَانَ يَنْفِرُ مِنَ الْبَيْتِ الَّذِي تُقْرَأُ فِيْهِ سُوْرَةُ الْبَقَرَةِ".  (صحيح مسلم, رقم الحديث 212 - (780), ).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ හුරයිරා t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
නුඹලාගේ නිවාස සොහොන් බිම් ලෙස නොකරවු.කුමන නිවසක සූරතුල් බකරා පාරායනා කරනු ලැබේවිද එම නිවසෙන් ෂයිතාන් පලා යනු ඇත.

මූලාශ්‍රය : සහීහුල් මුස්ලිම් වැකි අංක 212 – 780
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.

 


◊  උගත යුතු පාඩම්.
    මුස්ලිම් වරයෙකුගේ නිවහන හදීසයේ සඳහන් වූ පරිදි ආගම් ඇදහීම් කටයුතු වලින් සපිරි නිවහනක් සේ තිබිය යුතු අතර කුමන නිවහනක ශුද්ධවූ අල්කුර්ආනයේ බකරා පරිඡ්චේදය පාරයනය කරනු ලබයිද ශයිතාන් එම නිවහනින් පැන දුවනු ඇත යන්න මෙම හදීසයෙන් පැහැදිලි වේ.
    ආගම් ඇදහීම් කටයුතු වලින් තොරවූ නිවහනකට නිදසුනක් වන්නේ සොහොන් ගැබ්ය.එවැනි නිවහන් තුල ජීවත් වන්නන් මළවුන් හා සමානය.එහෙයින් සෑම මුසලිම් වරයෙකුම තම නිවහන් මෙසේ නොකර ආගම් ඇදහීම් කටයුතු වලින් සපිරි නිවහනක් ලෙස තබා ගත යුතුයි.

 

 

අල්ලාහුම්ම රබ්බනා ලකල් හම්ද්
57- عَنْ أَبيْ هُرَيْرَةَ t أَنَّ رَسُوْلَ اللهِ r قَالَ:  "إِذَا قَالَ الْإِمَامُ: سَمِعَ اللهُ لِمَنْ حَمِدَهُ؛ فَقُوْلُوْا: اَللَّهُمَّ رَبَّنَا لَكَ الْحَمْدُ؛ فَإِنَّهُ مَنْ وَافَقَ قَوْلُهُ قَوْلَ الْمَلَائِكَةِ؛ غُفِرَ لَهُ مَا تَقَدَّمَ مِنْ ذَنْبِهِ".
 (صحيح البخاري, رقم الحديث 796, وأيضاً صحيح مسلم, رقم الحديث 71- (409),).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ හුරයිරා t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
(සලාතය මෙහෙයවන්නා) ඉමාම් සමිඅල්ලාහු ලිමන් හමිදහ් යැයි පැවසූ  විගස අල්ලාහුම්ම රබ්බනා ලකල් හම්දු යැයි පවසනු. මක්නිසාදයත් කවරෙකුගේ මෙම වදන මලාඉකාවරුන්ගේ වදන හා සමාන වන්නේද ඔහු සතු පෙර අකුසල් සියල්ල කමා කරනු ලැබේ.
 
මූලාශ්‍රය : සහීහුල් බුහාරී වැකි අංක 796 /  සහීහ් මුස්ලිම් වැකි අංක 81- 409
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    කිසිඳු දුෂ්කරතාවයක් නොමැතිව කිව හැකි මෙවැනි ඉතා කුඩා වදන් තුලින් පාපයන් කමා කිරීම යනු අති දයාන්විත අල්ලාහ් දෙව්ඳුන්ගේ විශාල කරුණාවයි යන අදහස මෙම හදීසයෙන් ඉතා පැහැදිළි වනු ඇත.
    සලාතය මෙහෙය වන්නා හා තනිව සලාතය කරන්නා සලාතයේ රුකූඋ සිට කෙලින් සිට ගැනීම පිණිස සමිඅල්ලාහු ලිමන් හමිදාහ් යැයි කිව යුතු අතර සලාතය මෙහෙය වන්නා පසුපස සිට සලාතය කරන්නා පැවසිය යුත්තේ රබ්බනා ලකල් හම්ද් යනුවෙන්ය. සමිඅල්ලාහු ලිමන් හමිදාහ් යන්නෙහි අර්ථය නම් අල්ලාහ් දෙවිඳුන් තමාව පැසසුම් කරන්නාට සවන් දෙයි යන්නය.
    අල්ලාහුම්ම රබ්බනා ලකල් හම්ද් යන වැකියෙහි අර්ථය නම් යා රබ් සියළු පැසසුම් ඔබටම හිමිය.

 

රමළාන් මස තහවුරු කිරීම
58- عَنْ أَبيْ هُرَيْرَةَ t قَالَ: ذَكَرَ رَسُوْلُ اللهِ r اَلْهِلاَلَ؛  فَقَالَ:  "إِذَا رَأَيْتُمُوْهُ فَصُوْمُوْا, وَإِذَا رَأَيْتُمُوْهُ؛ فَأَفْطِرُوا؛ فَإِنْ أُغْمِيَ عَلَيْكُمْ فَعُدُّوْا ثَلَاثِينَ".
 (صحيح مسلم, رقم الحديث 20- (1081), ).
අබූ හුරයිරා t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
වරක් අල්ලාහ්ගේ දූතයාණෝ r තුමාණන් අප අතර සඳ  පිළිබඳ කරුණු ගැන කතා කරමින් සිටියේය.එවිට එතුමා මෙසේ පැවසූහ. ඔබලා සඳ දැක උපවාසය රකින්න.තවද ඔබලා සඳ දැක උපවාසය රැකීම අත්හරින්න. වලාකුළු නිසා  අපැහැදිලිතාවයක් ඇති වුවහොත් ෂ:බාන් මස දවස් තිහම සම්පූර්ණ කරන්න.

මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 20- 1081
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.


◊  උගත යුතු පාඩම්.
    රමළාන් මස සඳහා නව සඳ බලන දවසෙහි උපවාසයේ යෙදීම සපුරා තහනම් වන අතර ෂාබාන් මස තිස් වන දින රාත්‍රියෙහි අහස වළාකුළු වලින් වැසී ගොස් නව සඳ බැලීමට නොහැකි වූයේ නම් එදිනද උපවාසයේ යෙදීම සපුරා නහනම්ය.
    රමළාන් මස උපවාසය අනිවාර්‍ය වීමට නම් එම මස ආරම්භය පැමිණිය යුතුය.එම මස ආරම්භය දැන ගැනීමට හැකි වන්නේ තමන් විසින්ම නව සඳ බැලීම තුලින් හා වෙනත් කවරෙකු හෝ නව සඳ බැලුවා යැයි ස්ථීරව සාක්ෂි දුන් විටය. ෂාබාන් මස 29 වන දින අහස වලාකුළු වලින් වැසී ගොස් නව සඳ නොපෙණුනේ නම් එම මස දවස් 30 ක් මෙන් අවසන් කළ යුතුය.

 

 

සභාවක හැසිරීම්
59- عَنْ عَنْ أَبيْ هُرَيْرَةَ t، عَنِ النَّبيِّ r قَالَ: "إِذَا قَامَ أَحَدُكُمْ عَنْ مَجْلِسِهِ, ثُمَّ رَجَعَ إِلَيْهِ؛ فَهُوَ أَحَقُّ بِهِ".
(سنن ابن ماجه, رقم الحديث 3717, وصحيح مسلم, رقم (الحديث31  - (2179) واللفظ لابن ماجه,وصححه الألباني
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ හුරයිරා t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
ඔබලාගෙන් කෙනෙකු සභාවක තමා අසුන් ගත් ස්ථානයෙන් නැගිට ගිය පසු එම ස්ථානය කරා ආපසු පැමිණියේ නම් එම ස්ථානයට ඉතා සුදුස්සා වන්නේ ඔහුමය.

මූලාශ්‍රය : සුනනු ඉබ්නු මාජාහ් වැකි අංක 3717 / සහීහ් මුස්ලිම් වැකි අංක 31 - 2179 සුනන් ඉහත සඳහන් වැකියෙහි පද ඉබ්නු මාජාවෙහි වාර්ථා වී ඇත. ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහුන් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    සභාවක හැසිරීම් සැළකිල්ලට ගෙන සභාවේ සිටින්නන් හට කිසිඳු හිංසාවක් හෝ කරදරයක් නොකර විනීතව හැසිරිය යුතුයි යන්න ඉස්ලාමීය ඉගෙන්වීමකි.
    සභාවක සදාචාරයක් නම් එහි අසුන් ගත් පුද්ගලයා යම් හේතුවක් මත නැගිට ගොස් නැවත පැමිණි කල එම ස්ථානයට වඩාත් සුදුස්සා ඔහුමය.

 

 

 


සිය පවුල සඳහා වියදම් කිරිම
60- عَنْ أبي مسعود الْبَدْرِيِّ t عَنِ النَّبِيِّ r, قَالَ: "إِنَّ الْمُسْلِمَ إِذَا أَنْفَقَ عَلَى أَهْلِهِ نَفَقَةً وَهُوَ يَحْتَسِبُهَا كَانَتْ لَهُ صَدَقَةً".
(صحيح مسلم, رقم الحديث 48- (1002), وصحيح البخاري, رقم الحديث 55, واللفظ لمسلم).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ මසුඌද් අල් බද්රී t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :‍
කවරෙකු තම පවුල සඳහා කුසල් අපේක‍්ෂා කරමින් වියදම් කරන්නේද එම වියදම සදකාවක් (ධානයක්) බවට පත් කෙරේ.
මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 48- 1002 / සහීහුල් බුහාරී වැකි අංක 55. ඉහත සඳහන් වැකියෙහි පද මුස්ලිම්හි වාර්ථා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 2 වන හදීසයේ සඳහන්ය.


◊  උගත යුතු පාඩම්.
    මෙම හදීසයෙන් පැහැදිලි වන්නේ සිය භාර්‍යාව හා සිය දූ දරුවන් වෙනුවෙන් වියදම් කිරීමෙන් ලබා ගත හැකි වරප්‍රසාදය.මෙය දහම වෙනුවෙන් වියදම් කිරීමට වඩා උසස්ය.ඇයිදයත් සිය පවුල වෙනුවෙන් වියදම් කිරීම යනු අනිවාර්‍ය කාර්‍යක් වන අතර අන් අය වෙනුවෙන් වියදම් කිරීම අනිවාර්‍ය නොවු කරුණකි.
    මෙම හදීසයේ සඳහන් වූ ඉහ්තිසාබ් යනුනේ දෙවිඳුන් විසින් කුලිය ලබා ගැනීමේ වේතනාවය. තවද මෙම හදීසයේ සඳහන් වූ  සදකා යනුනේ කුලිය යන්නයි. දෙවිඳුන් විසින් කුලිය ලබා ගැනීමට හැකි වන්නේ තමන් හට සිය පවුල වෙනුවෙන් වියදම් කිරීම අනිවාර්‍ය යැයි සිතා එයින් සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන්ගේ තෘප්තිය ලබා ගැනීමේ චේතානාව තබා ගැනීමෙන්ය.මෙසේ  චේතානාව නොතැබීමෙන් මෙවන් වරප්‍රසාද නොලැබිය හැකිය.
    වියදම් කිරීමෙහි අර්ථය නම් නිසි අයුරින් උපයා ගත් මිල මුදල් ඉස්ලාම් දහමට අනුව වියදම් කිරීමය.

අපා ගත වීමෙන් ආරක්ෂා වීම සඳහා
61-عَنْ عدي بن حاتم t، قَالَ: سَمِعْتُ النَّبِيَّ r، يَقُولُ: مَنِ اسْتَطَاعَ مِنْكُمْ أَنْ يَسْتَتِرَ مِنَ النَّارِ, وَلَوْ بِشِقِّ تَمْرَةٍ؛ فَلْيَفْعَلْ".
(صحيح مسلم, رقم الحديث 66- (1016), وصحيح البخاري, رقم الحديث 1413, واللفظ لمسلم).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කිරීම සවන් දුන් බව අදී බින් හාතම් t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :‍
නුඹලාගෙන් කෙනෙකු රටඉදි ගෙඩියකින් කොටසක් හෝ පරිත්‍යාග කොට  එමඟින් අපා ගින්නෙන් තමාව ආරක්ෂා කරගැනීමට උත්සාහ කරනු.

මූලාශ්‍රය : සහීහ් මුස්ලිම් වැකි අංක 66- 1016 / සහීහුල් බුහාරී වැකි අංක 1413. ඉහත සඳහන් වැකියෙහි පද මුස්ලිම්හි වාර්ථා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර
අදියි බින් හාතම් බින් අබ්දුල්ලාහ් අත්තාඊ.මෙතුමාණන් උදාරභාවයෙන් යුතු ඥානවන්ත සහාබිවරයෙකි.තයි නැමැති තම ගෝත්‍රයේ නායකයාද මෙතුමාණන්ය.ඉතා කීර්තිමත් කාරුණික සහාබිවරයෙකු වන අතර  ඔවුන්ගෙන් එක් කථිකයෙක්ද වූහ. රසූලුල්ලාහි (සල්) තුමාණන් මෙතුමා විසින් ඉස්ලාම් දහමට ඉමහත් සේවයක් ලබා ගැනීම පිණිස මෙතුමාණන් ඉස්ලාම් දහමට පිවිසිය යුතු යැයි අපේක්ෂා  කළහ.හිජ්රි වර්ෂ 7 දි මෙතුමාණන් මෙම ධර්ම දූතයා කවුරුන් දැයි විමසා බැලීමට මදීනාවට පැමිණි අතර එවිට මුස්ලිම් වරයෙකු විය යුතුයි යන චේතනාව මෙතුමාණන් සතුව නොතිබිණි.එහිදී උත්තම නබි (සල්) තුමාණන්ගේ උතුම් ගුණාංග දෙස බලා නබි (සල්) යනු කවුරුන් දැයි නිවැරැදිව අවබෝධ කර ගත් පසු මෙතුමාණන් ඉස්ලාම් දහමට පිවිසියහ. තවද එකල හට ගත් සටන් බොහෝමයක මෙතුමාණන්ගේ උතුම් සහබාගිත්වය තිබූ අතර උමර් (රළි) තුමාණන්ද මෙතුමාණන්ව ප්‍රශංසාවට ලක් කළේය.පසු කාලීනව මෙතුමාණන් කූෆාවෙහි අලි (රළි) තුමාණන් සමඟ වාසය කළ අතර මෙතුමාණන් විසින් හදීස් 66 ක් වාර්තා වි ඇත.අදීයි බින් හාතම් නැමැති මෙම සහාබිවරයා දීර්ඝ කාළයක් මෙලොවෙහි ජීවත් වූ අතර එතුමාණන් හිජ්රි වර්ෂ 67 හි මිය යෑමැදී වයස අවුරුදු 120 කි.

◊  උගත යුතු පාඩම්.
    සදකා හෙවත් දානය එය ස්වල්පයක් වූවද ජනයින් හට ලබා දිය යුතුයි යන්න මෙම හදීසයෙන් දිරි ගැන්වේ.
    මෙම හදීසයේ අර්ථය නම් නුඹලා හා නිරය අතර සදකා දීමෙන් ( එය රටඉඳියක ඉතා ස්වල්ප කොටසක්   වූවද ) තිරයක්  දමා ගැනීමට වෙර දරනු යන්නයි.  මෙයින් කුඩා ළදරුවෙකුගේ ජීවිතයක් පවා බේරා ගැනීමට හැකි විය හැක.එහෙයින් මෙය සුළු කොට නොසිතිය යුතුය.තවද මෙම හදිසයේ සඳහන් වූ නිරයෙන් ආරක්ෂා පැතීමෙහි තේරුම නම් පාපයන් සමා කර ගැනීමය.
    මෙම හදීසසේ වීශේෂයෙන් රටඉඳි සඳහන් වීමට හේතුව නම් එකල්හි වාසය කළ ජනයින්ගේ බොහෝමයින් රටඉඳි ප්‍රධාන ආහාරයක් ලෙස සැලකූ හේතුවෙනි.
    නිරයෙන් ආරක්ෂා වී ස්වර්ණමය ස්වර්ගයට පිවිසිම සඳහා හේතු සාදක බොහෝමයක් ඇත.එයින් සමහරක් නම් ජනයින්ගේ අවශ්‍යතා හඳුනා ඒවා සපුරා දිම , ඔවුනට ඉතා ස්වල්පයක් වූවද එය සදකා කර උදව් උපකාර කිරීම වැනිය.මෙසේ කිරීම අල්ලාහ් දෙවිඳුන් ඔවුන්ට කළ උතුම් උපහාරයකි.
හජ් උම්රා වෙහි මහිමය.
62-عَنْ أَبيْ هُرَيْرَةَ t أَنَّ رَسُوْلَ اللهِ r قَالَ: "الْعُمْرَةُ إِلَى الْعُمْرَةِ كَفَّارَةٌ لِمَا بَيْنَهُمَا, وَالْحَجُّ الْمَبْرُوْرُ لَيْسَ لَهُ جَزَاءٌ إِلاَّ الْجَنَّةُ".
(صحيح البخاري, رقم الحديث 1773, وأيضاً صحيح مسلم, رقم الحديث 437- (1349), واللفظ للبخاري).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ හුරයිරා t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
එක් උම්රාවක් තවත් උම්රාවක් අතර වූ කාලය තුළ සිදුවන පාපයන්ට වන්දියකි. පිළිගත් හජ් කර්තව්‍යට ප්‍රසාදය ස්වර්ගය මිස වෙනත් ප්‍රසාදයක් නොමැත.

මූලාශ්‍රය : සහීහුල් බුහාරී වැකි අංක 1773. සහීහ් මුස්ලිම් වැකි අංක 437- 1349 . ඉහත සඳහන් වැකියෙහි පද බුහාරිහි වාර්ථා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.

 

◊  උගත යුතු පාඩම්.
    පාපයන් සමා වීම හේතුවෙන් අදික ලෙස උම්රා කර්තව්‍යන්හි නියැලිය යුතුය.මෙහි පාපයන් සමා කරනු ලැබේ යන්නෙහි අර්ථය නම් සුළු පාපයන්ය.මහා පාපයන් සඳහා කොන්දේසි සහිත පාපොච්චාරණයක නියැලිය යුතුය.
    මෙම හදීසයේ හජ් හා උම්රා කර්තව්‍යන් තුලින් ලබා ගත හැකි අති උතුම් වරප්‍රසාද හා මහියමන් සඳහන් වි ඇත.
    සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් විසින් පිළිගැනීමට ලක් වූ හජ් කර්තව්‍ය යනු එහි තිබෙන නීති රීතීන් සැළකිල්ලට ගෙන එය නිසි ආකාරයට සම්පූර්ණ කීරීමය.

 

 

 


රමළාන් මාසයෙහි මහිමයෙන් බිඳක්
63- عَنْ أَبيْ هُرَيْرَةَ t يَقُوْلُ: قَالَ رَسُولُ اللَّهِ r: "إِذَا دَخَلَ رَمَضَانُ فُتِّحَتْ أَبْوَابُ الْجَنَّةِ، وَغُلِّقَتْ أَبْوَابُ جَهَنَّمَ، وَسُلْسِلَتِ الشَّيَاطِيْنُ".
(صحيح البخاري, رقم الحديث 3277, وصحيح مسلم, رقم الحديث 1 - (1079), واللفظ للبخاري).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ හුරයිරා t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
රමළාන් මාසයේ උදාවත් සමඟ ස්වර්ගයෙහි දොරටු විවර කරනු ලබයි , එසේම නිරයෙහි දොරටු වසනු ලබයි, ෂෙයිතාන්ට විලංගු දමනු ලබයි.

මූලාශ්‍රය : සහීහුල් බුහාරී වැකි අංක 3277. සහීහ් මුස්ලිම් වැකි අංක 1- 1079 . ඉහත සඳහන් වැකියෙහි පද බුහාරිහි වාර්ථා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.


◊  උගත යුතු පාඩම්.
    රමළාන් මසෙහි තිබෙන අති උතුම් මහිමයක් නම් ස්වර්ගයෙහි දොරටු විවෘත කර අපායෙහි දොරටු වසා දැමීමයි.එහෙයින් කවරෙකු අපාය ගින්නට භිය වී ස්වර්ගයට පිවිසීමට අපේක්ෂා කරන්නේද ඔහු චිත්ත පාරිශුද්ධයෙන් හා එඩිතරව යහපත් කම් කටයුතු වල නිරත විය යුතුය.
    උතුම් වූ රමළාන් මස ෂයිතාන් වරුන් පලවා හැර අඟුලු දමනු ලැබේ යන සංකල්පය යථාර්තයෙන් සිදු කරනු ලබන  සංකල්පයකි.මෙසේ කිරීමෙන් මේ මස කිසිඳු පවක් නොසිදුවේ යන්න මෙයින් අදහස් නොවේ.කුමක් නිසාදයත් ෂයිතාන් වරුන් හැර මෙලොවෙහි පාපයක් හෝ අයහපතක් කිරීමට තුඩු දෙන බොහෝමයක් දෑ  තිබෙන හේතුවෙනි.උදාහරණයක් ලෙස තම නපුරු  සිත්පැතුම් හා නපුරු පළපුරුදු වැනි දෑ දක්වන්නට හැක.
    ස්වර්ගයෙහි දොරටු විවෘත කර අපායෙහි දොරටු වසා ෂයිතාන් වරුන් පලවා හැර අඟුලු දමනු ලැබේ යන මෙවන් සියළු දෑ දන්වන්නේ මෙම උතුම් රමළාන් මසට තිබෙන කීර්තිය හා මහිමය කෙතරම්ද කියාය.
උපවාසයක චේතනාව
64- عَنْ حفصة t  زَوْجِ النَّبِيِّ r عَنِ النَّبِيِّ r قَالَ: "مَنْ لَمْ يُجْمِعِ الصِّيَامَ قَبْلَ الْفَجْرِ؛ فَلاَ صِيَامَ لَهُ".  
(جامع الترمذي, رقم الحديث 730, وسنن أبي داود, رقم الحديث 2454, وسنن النسائي, رقم الحديث 2334 , واللفظ للترمذي, وصححه الألباني ).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව එතුමාණන්ගේ බිරිය වන හෆ්සා t තුමිය විසින් දැනුම් දෙන ලදී :
කවරෙකු (ෆජ්ර්) අළුයමට පෙර උපවාසයෙහි චේතනාව නොතබයිද ඔහුට  උපවාසයක් නොමැත.

මූලාශ්‍රය : ජාමිඋත්තිර්මිදි වැකි අංක 730 / සුනනු අබී දාවූද් වැකි අංක 2454 / සුනනුන් නසාඊ වැකි අංක 2334 ඉහත සඳහන් වැකියෙහි පද තිර්මිදි හි වාර්ථා වී ඇත. ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.


◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර.
මූමීන් වරුන්ගේ මෑණීයන් වන හෆ්සා බින්ත් උමර් බින් හත්තාබ් (රළි) තුමිය උත්තම මුහ්මමද් (සල්) තුමාණන් හට  දූත මෙහෙවර පහළ වීමට අවුරුද පහකට පෙර ඉපදුනේය. ඇයගේ ස්වාමි පුරුෂයා වන කනීස් බින් හුදාෆා අස්සහ්මී යන සහාභිවරයා බද්ර් හා උහද් වැනි සටන්හි සහබාගි වූ කෙනෙකු වන අතර පළමුව ඉතියෝපියාවට හිජ්රත් කර පසු මදීනාවට හිජ්රත් කළ උතුම් සහාබිවරයෙකි. උහද් සටනේදී අධික ලෙස තුවාල වූ හේතුවෙන් මෙතුමාණන් එහිදී මරණයට පත් වූහ.මෙතුමාණන් මිය යන විට එතුමාගේ බිරිඳ වන  හෆ්සා (රළි) තුමියගේ වයස අවුරුදු 20 කි.මෙම සිද්ධියෙන් ඉමහත් ශෝකයට පත් වූ උමර් (රළි) තුමාණන් එතුමියගේ ඉද්දා කාලය අවසන් වූ පසු උත්තම මුහම්මද් (සල්) තුමාණන් වෙත මංගල යෝජනාව ඉදිරිපත් කළ අතර නබි (සල්) තුමාණන් හෆ්සා (රළි) තුමියව විවාහ කළහ.මේ හේතුවෙන් උමර් (රළි) තුමාණන් නබි (සල්) තුමාණන්ගේ උතුම් නෑකම දිනාගත්හ.
හෆ්සා (රළි) තුමිය විසින් හදීස් 60 ක් වාර්තා වී ඇත .අබූ බක්ර් (රළි) තුමාණන් විසින් ගොණූ කරනු ලැබූ ප්‍රථම අල්කුර්ආන් කෘතිය ආරක්ෂා කර ගැනීම   සඳහා  මෙතුමියව තෝරා ගැනීමෙන් මෙතුමියගේ මහිමය කුමක්ද යනුවෙන් අපට පැහැදිලි වනු ඇත.මෙසේ තේරී පත්වීමට හේතුව නම් මෙතුමිය සතු අකුරු ලිවිමේ හැකියාව තිබීමය.මෙතුමිය මිය යන තුරු දෙවියන් වන්දනාමාන කිරීමෙන් මුළු රාත්‍රි කාලයම ගත කළ අතර හිජ්රි වර්ෂ 41 දී හෝ 45 දී මදීනාවේ මිය ගියහ. එකල වාසය කළ මර්වාන් නැමැත්තා ජනාසා සලාතය ඉටු කළේය.
◊  උගත යුතු පාඩම්.
    රමළාන් මස උපවාසය හා භාර හාර වීමේ උපවාසය වැනි අනිවාර්‍ය උපවාසයක යෙදෙන්නේ නම් රාත්‍රි කාලයේදීම තම සිත තුල චේතනාව තබා ගැනීම අනිවාර්‍ය වේ.මෙම චේතනාව මුවින් පැවැසීම යනු දහම් ගත වූ සංකල්පයක් නොවේ.
    එනමුත් අනිවාර්‍ය නොවූ අමතර උපවාසයක යෙදෙන්නේ නම් රාත්‍රි කාලයේදීම තම සිත තුල චේතනාව තබා ගැනීම අනිවාර්‍ය නොවේ .හිමිදිරි උදෑසන ආහාර කිසිවක් අනුභව නොකළ කෙනෙකුට හිමිදිරි උදෑසන පවා උපවාසයේ චේතනාව තබා ගත හැකිය.

 

ෆජ්ර් සලාතයේ කුර්ආන් පාරයනය
65- عَنْ أَبِيْ بَرْزَةَ t قَالَ:   كَانَ رَسُوْلُ اللهِ r يَقْرَأُ فِي الْغَدَاةِ مَا بَيْنَ السِّتِّينَ إِلَى الْمِائَةِ آيَةً.  
(صحيح مسلم, رقم الحديث 172 - (461), وصحيح البخاري, رقم الحديث 541, واللفظ لمسلم).
අබූ බර්සා t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :අල්ලාහ්ගේ දූතයාණෝ r තුමාණන් ෆජ්ර් සලාතයේ ශුද්ධ වූ අල්කුර්ආන් වදන් අතුරින්  ආයත් හැට සිට එකසියයක් දක්වා පාරායනය කරමින් උන්නේය.
මූලාශ්‍රය: සහීහ් මුස්ලිම් වැකි අංක 172- 461 . සහීහුල් බුහාරී වැකි අංක 541.  ඉහත සඳහන් වැකියෙහි පද මුස්ලිම් හි වාර්ථා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර.
අබූ බර්සා නළ්ලා බින් උබයිද් අල් අස්ලමී .මක්කා නගරය ජය ගැනීමට මෙතුමාණන්ද සහබාගි වූහ.ඉන්පසු බසරා හා කුරාසාන් වැනි ප්‍ර‍දේශ වලට ගොස් වාසය කළ අතර අවසානයේදී බසරාවටම පැමිණ වාසය කළේය.මෙතුමාණන් විසින් නබි වදන් 64 ක් වාර්තා වී ඇත.හිජ්රි වර්ෂ 60 දී බසරාවෙහි මිය ගියහ.  
◊  උගත යුතු පාඩම්
    මෙම හදීසයේ සඳහන් වූ සලාතුල් ගදාත් යනු සලාතුල් ෆජ්ර් වේ.
    සාමුහික සලාතයේදී ඉමාම් වරයා එහි මහළු හා බෙලහීන පුද්ගලයින් සිටිය හැකි නිසා දීර්ඝ නොකර කෙටි කළ යුතුය.එයට හේතුව නම් කෙටි අල් කුර්ආන් වාක්‍ය පාරායනය කිරීමෙන්ද සලාතය පරිපූර්ණ වන නිසාය. තවද මෙසේ දීර්ඝ නොකර කෙටි කර සලාතය කිරීමෙහි මහිමද හදීස්වල සඳහන් වි ඇත.
    සලාතය මෙහෙයවන ඉමාම් වරයා අවස්ථානුකූලව ක්‍රියා කළ යුතුයි.එනම් සමහර මස්ජිදයන් වල සලාතය දීර්ඝ කිරීම උචිත වන අතර තවත් සමහර මස්ජිදයන් වල සලාතය කෙටි කිරීම උචිත වේ.එයට හේතුව නම් සලාතය ඉටු කරන්නන්ගේ අවස්ථාවන් වෙනස් වන හේතුවෙනි.එනමුත් සෑම අවස්ථාවකදීම අධික ලෙස දීර්ඝ කිරිමෙන් හා අධික ලෙස කෙටි කිරීමෙන් ඉමාම් වරයා වැළකිය යුතුයි.  

සුජූද් කිරිමෙහි මහිමයෙන් බිඳක්
66-عَنْ أَبيْ هُرَيْرَةَ t عَنِ النَّبِيِّ r قَالَ: "تأكُلُ النَّارُ ابْنَ آدَمَ إِلاَّ أثَرَ السُّجُوْدِ؛ حَرَّمَ اللَّهُ عَلَى النَّارِ أَنْ تَأْكُلَ أَثَرَ السُّجُوْدِ".
 (سنن ابن ماجه, رقم الحديث 4326, وصحيح البخاري, جزء من رقم الحديث 7437, وصحيح مسلم, جزء من رقم الحديث 299 - (182), واللفظ لابن ماجه وصححه الألباني).
අබූ හුරයිරා  t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
ආදම්ගේ පුතු අපාගත වූවා නම් ඔහුගේ ශරීරයේ කුමන අවයවයන් තුලින් සුජූද් කළේද ඒවා හැර අන්සියළු අවයවයන් ගිනිබත් වනු ඇත.

මූලාශ්‍රය : සුනන් ඉබ්නු මාජා වැකි අංක 4326 / සහීහුල් බුහාරී වැකි අංක 7437 හි කොටසකි / සහීහ් මුස්ලිම් වැකි අංක 299-182 හි කොටසකි/ ඉහත සඳහන් වැකියෙහි පද ඉබ්නු මාජාවෙහි වාර්ථා වී ඇත. ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්
    මෙම හදීසයේ සඳහන් වූ පරිදි මුස්ලිම් වරයෙකු නිරයට ඇතුල් වුයේ නම් ශරීරයේ කුමන අවයවයන් තුලින් ඔහු සුජූද් කළේද එම අවයවයන් හැර ඔහුගේ මුළු ශරීරයම ගිනි බත් වේ. ඒ අවයවයන් වන්නේ නාසය හා නළල , දෙඅත්ල ,දණහිස් දෙක හා පාද තුඩුය.
    අල්ලාහ් දෙවිඳුන් උන්වහන්සේගේ දාසයන් වන සැබෑ විශ්වාසනීය මූමීන්වරුන්ව ගෞරය කර ඔවුනට ස්වර්ණමය ස්වර්ගය සඳහා මඟ පාදා දී ඇත.ලෝකාන්තර දිනයේදී මොවුන් කුමන අයවයන් තුලින් සුජූද් කළේද ඒවා ඉතා දීප්තිමත් ආලෝකයකින් කැපී පෙණෙනු ඇත.මෙයින් අදහස් වන්නේ සුජූද් කිරිමෙන් ලබා ගත හැකි මහිමයන්ය.

 

 


දෙඅවුරුදු සලාතය සඳහා යනඑන මාර්ගය
67- عَنْ جَابِرٍ t قَالَ: كَانَ النَّبِيُّ r,إِذَا كَانَ يَوْمُ عِيْدٍ, خَالَفَ الطَّرِيْقَ.
(صحيح البخاري, رقم الحديث 986).
ජාබිර් t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
අල්ලාහ්ගේ දූතයාණෝ r තුමාණන් දෙඅවුරුදු සලාතය ඉටු කිරීම පිණිස මස්ජිදය කරා යෑම සඳහා එක් මාර්ගයක්ද සලාතය අවසන් කර නැවත පැමිණීම සඳහා තවත් මාර්ගයක්ද උපයෝගි කළහ.
 
 මූලාශ්‍රය : සහීහුල් බුහාරී වැකි අංක 986.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 38 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්
    දෙඅවුරුදු සලාතය සඳහා යනඑන මාර්ගය වෙනස් කිරීමෙහි හේතුව නම් ලෝකාන්තර දිනයේ සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් ඉදිරියේ මෙම ස්ථාන ඔහුට සාධකයක් ලෙස පත් වීමයි.එයට හේතුව නම් ලෝකාන්තර දිනයේ මෙම පොළෝතල එහි මතු පිට සිදු වූ සෑම යහපත් අයහපත් දෑ  සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් ඉදිරියේ එළිදරවු කරනු ඇත.
    එනමුත් සැබෑ මුස්ලිම් බැතිමතුන්ගේ යුතුකම වන්නේ උත්තම නබි (සල්) තුමාණන් සිදු කළ ක්‍රියාවන් වල හේතුව අවබෝධ කර ගැනීමට නොහැකි වූවද ඒවා පිළිපැද ක්‍රියාවට නැංවීමයි.
සලාතයේ යතුර
68- عَنْ عَلِيٍّ t قَالَ: قَالَ  رَسُولُ اللَّهِ r: "مِفْتَاحُ الصَّلاَةِ الطُّهُوْرُ، وَتَحْرِيْمُهَا التَّكْبِيرُ، وَتَحْلِيلُهَا التَّسْلِيْمُ".
(سنن أبي داود, رقم الحديث 61, وجامع الترمذي, رقم الحديث 3, وسنن ابن ماجه, رقم الحديث 275, قَالَ الإمام الترمذي: هذا حديث بأنه: أصح شيءٍ في هذا الباب أحسن, حسنه الألباني وصححه ).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අලි t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
සලාතයෙහි යතුර වනාහි පවිත්‍රත්වය හා එහි (සලාතයට පෙර තහනම් නොවූ දෑ) තහනම් කිරීම තක්බීර් කීම වේ.තවද එහි (සලාතයට පෙර තහනම් නොවූ දෑ)  අනුමත කිරීම සලාතය අවසානෙහි සලාම් දීම වේ.

මූලාශ්‍රය : සුනනු අබී දාවූද් වැකි අංක 61 / ජාමිඋත්තිර්මිදි වැකි අංක 3 / සුනන් ඉබ්නු මාජාහ් වැකි අංක 275 .ඉමාම් තිර්මිදි (රහ්) තුමාණන් මෙම පාඩමෙහි වඩාත් සහීහ් වූ හදීසය මෙය වේ වනුවෙන්  ප්‍රකාශ කර ඇත.එනමුත් ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය හසනුන් සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර.
අලි බින් අබී තාලිබ් (රළි) තුමාණන් හිජ්රතයට පෙර ඉපදුනු අතර මෙතුමාණන් උත්තම මුහම්මද් (සල්) තුමාණන්ගේ බාප්පා වන අබ්දුල් මුත්තලිබ්ගේ පුතාය.කුඩා දරුවන්ගෙන් ප්‍රථමයෙන් ඉස්ලාම් දහම් වැළඳ ගත් සත් පුද්ගලයාද මෙතුමාණන්ය.සර්වබලධාරී අල්ලාහ් දෙවිඳුන් නබි මුහම්මද් (සල්) තුමාණන් වෙත මදීනාවට හිජ්රත් කරනු මෙන් අණ කළ පසු එතුමාණන්ගේ මෙට්ටයෙහි අලි (රළි) තුමාණන් තම ජීවිතය පුද කර නිදා ගත්හ.ඒ අවස්ථාවේදී කුරයිෂි වරුන් උත්තම නබි (සල්) තුමාණන්ව ඝාතනය කිරීමට බලාපොරොත්තු වී සිටියහ.එනමුත් මෙට්ටයෙහි නිදා ගත් පුද්ගලයා නබි (සල්) තුමාණන් නොවේ යන කාරණාව දැන ගත් පසු එම කොට්ටයේ නිදා ගනිමින් සිටි අලි (රළි) තුමාණන් හට අමානුෂික ලෙස පහර දිමට පටන් ගත්හ.එම සියළු කරදර විඳදරා නබි (සල්) තුමාණන් භාරව තිබූ ජනයින්ගේ සෑම බඩුබාහිරාදී දෑ නැවත භාර දුන් පසු මෙතුමාණන් මදීනාවට පැමිණියේය. මෙතුමාණන් විසින් හදිස් 536 ක් වාර්තා වී ඇත. තවද මෙතුමාණන්ගේ පෙනුම පුර සඳ මෙන් රූමත් ව තිබුණි.ධර්මාධිකාරය හා ධර්ම නීති පැනවීම් ක්ෂේත්‍රයේ මෙතුමාණන් සුප්‍රසිද්ධ වන අතර එඩිතරකම ඥානය භාෂණ විලාශය හා කථිකත්වය යන හැකියාවන් මෙතුමාණන් සතුව තිබුණි.උත්තම මුහම්මද්(සල්)තුමාණන් සමඟ සෑම සටනකම සහභාගි වූ මෙතුමාණන් තබූක් සටනේදි උත්තම මුහම්මද්(සල්)තුමාණන් තම පවුල් ආරක්ෂාව සඳහා මෙතුමාණන්ව තබා ගිය හේතුවෙන් එම සටනට සහභාගි වීමට නොහැකි විය.
මෙතුමාණන් ස්වර්ගයට පිවිසෙන්නන් යැයි සුභාරංචි ලැබූ සහාභිවරුන්ගෙන් කෙනෙකුය .තවද මූමීන් වරුන්ගේ නායකා යන විශේෂ නාමයද මෙතුමාණන්ටත් හිමිව තිබුණි.හිජ්රි වර්ෂ 35 දී උස්මාන් (රළි) තුමාණන්ගේ ඝාතනයෙන් පසු මදීනාවෙහි හතරවන කළිෆා කෙනෙකු වශයෙන් තේරී පත් වූහ.අවුරුද 5 ක් හා මාස 3 ක කාලයක් මෙතුමාණන් බලයේ සිටිය අතර හිජ්රි වර්ෂ 40 රමළාන් මාසයේදී කවාරිජ් වරුන්ගෙන් කෙනෙකු විසින් මෙතුමාණන් ෆජ්ර් සලාතය ඉටු කරමින් සිටි අවස්ථාවේදී ඝාතනය කරන ලදී.
◊  උගත යුතු පාඩම්.
    ඕනෑම අනිවාර්‍ය හෝ අතිරේක සලාතයක් සඳහා ජලය හෝ වැලි යන දැයින් පිරිසිදු විය යුතුයි යන්න මෙම හදිසයෙන් පැහැදිලි වේ.
    සලාතය තුල ප්‍රථමයෙන් පිවිසීමට තහ්රීම් යැයි කියනු ලැබේ .මෙම තහ්රීම් යන වදනෙහි අර්ථය නම් තහනම් කිරීමයි.මෙසේ එයට නම් තැබීමට හේතුව නම් කෙනෙකු අල්ලාහු අක්බර් යැයි පවසා තක්බීර් බැඳ ගත් පසු  ආහාර පාන ගැනීම , නිදා ගැනිම වැනි දෑ තහනම් වන නිසාය.
    තස්ලීම් යනු සලාතයෙන් පිට වීම සඳහා අවසානයේ අස්සලාමු අලෛකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු යැයි ප්‍රථමයෙන් දකුණ හා දෙවනුය වම් පසට හැරී කරනු ලබන ක්‍රියාවයි.මෙසේ කිරීමෙන් සලාතය තුල තහනම් වූ සෑම ක්‍රියාවක්ම  මොහුට  නැවත කළ හැක.

ආෂූරා දිනයෙහි උපවාසය
69- عَنْ أَبيْ قَتَادَةَ t, أَنَّ النَّبِيَّ r قَالَ: "صِيَامُ يَوْمِ عَاشُوْرَاءَ، إِنِّيْ أَحْتَسِبُ عَلَى اللَّهِ أَنْ يُكَفِّرَ السَّنَةَ الَّتِيْ قَبْلَهُ".
 (جامع الترمذي, رقم الحديث 752, وصحيح مسلم, جزء من رقم الحديث 196- (1162), وسنن أبي داود, جزء من رقم الحديث 2425, واللفظ للترمذي, ولم يحكم الإمام الترمذي هذا الحديث بشيءٍ, وصححه الألباني ).
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ කතාදා t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
ආෂූරා දිනයෙහි උපවාසයෙහි නියැලීම පෙර වසර සඳහා වූ පාපයන් වලට වන්දියක් වනු ඇතෙයි මා අල්ලාහ් දෙවිඳුන්ගෙන් අපේක්ෂා කරමි.

මූලාශ්‍රය : ජාමිඋත්තිර්මිදි වැකි අංක 752 / සහීහ් මුස්ලිම් වැකි අංක 196- 1162 න් කොටසකි. සුනනු අබී දාවූද් වැකි අංක 2425 න් කොටසකි / ඉහත සඳහන් වැකියෙහි පද තිර්මිදි හි වාර්ථා වී ඇත. ඉමාම් තිර්මිදි (රහ්) තුමාණන් මෙම හදීසයෙහි තත්වය පිලබඳව කිසි දෙයක් ප්‍රකාශ නොකළ අතර ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 15 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    මුහර්රම් මස දහ වෙනි දිනයෙහි පමණක් උපවාසයේ නියැලීමෙන් මුළු අවුරුද්දක් පුරාවටම සිදු වූ සුළු පාපයන් සමා කරනු ලැබේ යන සුභාරංචිය මෙම හදීසය අපට පැහැදිලි කරයි. එහෙයින් මෙම හදීසය මෙවැනි උතුම් කර්තව්‍යක නියලීමට දිරි ගන්වයි.
    ආෂූරා දිනායෙහි උපවාසයේ නියැලීම සඳහා එක් එක් තත්වයන් ඇත.එයින් පහළම තත්වය නම් 10 වෙනි දින පමණක් උපවාසයේ නියැලීමයි.එයින් ඉතා උසස් මට්ටම නම් 10 වෙනි දින සමඟ 9 වෙනි දිනත් උපවාසයේ නියැලීමයි.එනමුත් මෙම මුහර්රම් මස පුරාම අධිකව උපවාසයේ නියැලීම ඉතා උසස් ය.
    මුහර්රම් මස නම වෙනි දින හා දහ වෙනි දින දෙකෙහිම උපවාසයේ නියැලීම ඉතා උචිතය.එයට හේතුව නම් නබි (සල්) තුමාණන් දහ වෙනි දින උපවාසයේ නියැලුනු අතර ඉදිරි වර්ෂයේ නම වෙනි දින උපවාසයේ නියැලීමට වේතනාව තබා ගත්හ.කෙසේ නමුත් දහ වෙනි දින පමණක් උපවාසයේ නියැලීමටද හැකිය.
සිනහව  
70- عَنْ أَبيْ ذَرٍّ t قَالَ: قَالَ لِيَ النبيُّ r: "لاَ تَحْقِرَنَّ مِنْ الْمَعْرُوفِ شَيْئًا, وَلَوْ أَنْ تَلْقَى أَخَاكَ بِوَجْهٍ طَلْقٍ".
(صحيح مسلم, رقم الحديث 144 - (2626), ).
අල්ලාහ්ගේ දූතයාණෝ තමන්ට r ප්‍රකාශ කළ බව අබූ දර් t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
කිසියම් හෝ දැහැමි ක්‍රියාවන් පහත් කොට නොසලකන්න. එය තම සහෝදරයා සිනහමුසු මුහුණින් හමුවීම හෝ වේවා.

මූලාශ්‍රය : සහීහුල් මුස්ලිම් වැකි අංක 144 – 2626
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 10 වන හදීසයේ සඳහන්ය.

 


◊  උගත යුතු පාඩම්.
    මුස්ලිම් වරයෙකු තම මුස්ලිම් සහෝදරයෙක් මුණ ගැසුනු විට සිනහ පිරුනු මුවෙන් හා සතුටින් මුණ ගැසිය යුතුයි යන්න මෙම හදීසයෙන් පැහැදිලි වේ.
    මුස්ලිම් වරයෙකු තම සිය පවුලේ ඥාතීන් සමඟද තම දූ දරුවන් සමඟද මෙසේ සිනහ පිරුනු මුවෙන් හා සතුටින් මුණ ගැසිය යුතුය.ඔවුනට සලාම් පවසා ඔවුන්ගේ හදවත් කුල්මත් වන පරිදි හැසිරිය යුතුය.
    තම මුස්ලිම් සහෝදරයෙක් මුණ ගැසුනු විට සිනහ පිරුනු මුවෙන් හා සතුටින් මුණ ගැසීම යනු සදකා හෙවත් දහැමි ක්‍රියාවකි .

 

 

අතිරේක සලාතයන් නිවසෙහි ඉටු කිරීම
71- عَنْ زيد بن ثابت t  ، أَنَّ النَّبِيَّ r، قَالَ: "صَلاةُ الْمَرْءِ فِيْ بَيْتِهِ أَفْضَلُ مِنْ صَلاتِهِ فِيْ مَسْجِدِيْ هَذَا إِلاَّ الْمَكْتُوبَةَ".
(سنن أبي داود, رقم الحديث 1044, وصحيح البخاري, جزء من رقم الحديث 731, واللفظ لأبي داود وصححه الألباني)
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව සයිද් බින් සාබිත් t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
අනිවාර්‍ය සලාතයන් හැර අන් (අතිරේක) සලාතයන් නිවසෙහි ඉටු කිරීම වනාහි මාගේ මස්ජිදය වන මස්ජිදුන් නබවියෙහි (අතිරේක) සලාතයන් ඉටු කිරීමට වඩා ඉතා උචිතය.

මූලාශ්‍රය : සුනනු අබී දාවූද් වැකි අංක 1044/ සහීහුල් බුහාරී වැකි අංක 731 න් කොටසකි. ඉහත සඳහන් වැකියෙහි පද අබූ දාවූද් හි හි වාර්ථා වී ඇත. ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.

 


◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර .
සයිද් බින් සාබිත් බින් ලහ්හාක් .මෙතුමාණන් කීර්තිමත් අන්සාරී වරයෙක් වන අතර නබි (සල්) තුමාණන් වෙත පහළ වන දේව පණිවුඩ ලියන්නන්ගෙන් කෙනෙකුය.අල්ලාහ්ගේ දූතයානන් (සල්) තුමාණන් මදීනාවට පැමිණෙන අවස්ථාවේදී සයිද් (රළි) තුමාණන් අවුරුදු 11ත් ඉක්ම නොවූ අනාථ ළඳරුවෙක් වූ මෙතුමාණන් එතුමාණන්ගේ ඥාතීන් සමඟම ඉස්ලාම් දහම වැළඳ  ගත්හ. මෙතුමාණන්ගේ තීක්ෂන බුද්ධිය , ශිල්පය හැදෑරීමේ හා ඒවා මනනය කිරීමේ දක්ෂතාවය දැක උත්තම මුහම්මද් (සල්) තුමාණන් දේව පණිවුඩ ගොනු කිරීමේ උතුම් මෙහෙවරය සඳහා මෙතුමාවද පත් කළහ. අල්ලාහ්ගේ දූතයාණන් මුහම්මද් (සල්) තුමාණන් එකල වැජබූ රජවරුන් වෙත තම දේව පණිවුඩය නිවේදනය කිරීමට අපේක්ෂා කළ විට සයිද් (රළි) තුමාණන් හට එම රජවරුන්ගේ භාෂාව හදාරනු ලෙස අණ කළහ.එම භාෂාවන් ඉතා කෙටි කලකින් හැදෑරීමේ හැකියාව මෙතුමාණන් සතුව තිබිණි. මෙතුමාණන් සතු මහිමයන් ඉතා අදිකව දැක ගන්නට හැකි අතර මෙතුමාණන්ගේ සාරධර්ම හා මෙතුමාණන්ගේ නුවණ හේතුවෙන් ප්‍රසිද්ධ නාමයක්ද හිමි වුනි. උමර් (රළි) තුමාණන් හජ් කරතව්‍ය ඉටු කිරීම සඳහා පිටත් වී යන විට මදීනාවේ කලීෆා වරයෙකු වශයෙන් මෙතුමාණන්ව පත් කරයි.මෙතුමාණන් උස්මාන් (රළි) තුමාණන්ගේ පාලනය කාලයේදී අල්කුර්ආනය ගොනු කිරීම සඳහා ඉමහත් සහයක් දුන් සහාබිවරයෙකි. මෙතුමාණන් විසින් හදීස් 92 ක් වාර්තා වී ඇති අතර හිජ්රි වර්ෂ 45 දී මෙතුමාණන් මිය යන විට මෙතුමාණන්ගේ වයස අවුරුදු 56 කි.

◊  උගත යුතු පාඩම්.
    අතිරේක සලාතයන් සිය නිවසෙහි ඉටු කිරීම ඉතා උසස් යැයි මෙම හදීසය පැහැදිලි කරයි.එයට හේතුව නම් කෙනෙකු සිය නිවසෙහි සලාතය කිරීමේදී ඉහ්ලාස් හෙවත් චිත්ත පාරිශුද්ධියෙන් පිරි සලාතයක් ඉටු කර ගැනීමට හැකි වන නිසා හා අන් අය දැක ගැනීම පිණිස සලාතය කිරීමෙන් වැළකිය හැකි නිසාය .එනමුත් කුසූෆ් හෙවත් ග්‍රහණ සලාතය වැනි අනිවාර්‍ය නොවූ අතිරේක සලාතයන් සාමූහිකව ඉටු කෙරෙනු ලැබුවේ නම් තනිවම සලාතය නොකර සාමූහිකව සලාතය ඉටු කිරීම ඉතා උචිතය.
    මදීනාවෙහි පිහිටි මස්ජිදුන් නබවී දේවස්ථානයේ කුමන සලාතයන් සාමූහිකව ඉටු කළ යුතුද ඒවා සාමූහිකව ඉටු කිරීම ආගමානුගත කර ඇති අතර අතිරේක සලාතයන් සිය නිවසෙහි ඉටු කිරීම ඉතා උචිතය.
අල්ලාහ් දෙවිඳුන් ප්‍රශංසා කිරිම
72-  عن أبي هريرة t، قَالَ: قَالَ رَسُوْلُ اللهِ r: "لأَنْ أَقُوْلَ:  سُبْحَانَ اللهِ, وَالْحَمْدُ للهِ, وَلاَ إِلَهَ إِلاَّ اللهُ, وَاللهُ أَكْبَرُ, أَحَبُّ إِلَيَّ مِمَّا طَلَعَتْ عَلَيْهِ الشَّمْسُ".
 (صحيح مسلم, رقم الحديث 32 - (2695), ).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ හුරයිරා t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
සුබ්හානල්ලාහ් වල්හම්දු ලිල්ලාහි වලා ඉලාහ ඉල්ලල්ලාහු වල්ලාහු අක්බර් යනුවෙන් ප්‍රකාශ කිරීම යනු හිරු උදාවෙන පෘථිවියවට වඩා මා ප්‍රිය කරමි.
 
මූලාශ්‍රය : සහීහුල් මුස්ලිම් වැකි අංක 32 – 2696


◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 10 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    වෙනත් (සික්ර්) මෙනෙහි කිරීම සඳහා උපයෝගී වන පද වලට වඩා මෙම හදීසයේ සඳහන් වූ මෙම පද හතරෙහි විශේෂිත භාවය හා එහි ඇති උසස් භාවය මෙම හදීසයෙන් පැහැදිලි වේ.

    එහෙයින් මෙම හදීසයේ සඳහන් වූ පද උපයෝගී කර අල්ලාහ් දෙවිඳුන් මෙනෙහි කිරීමෙන් ඉමහත් වරප්‍රසාද ලබා ගැනීමට වෙර දැරිය යුතුය.

 

 

ලෝකාන්තර දිනය බිහි වන දා
73- عَنْ عَبْدِ اللهِ t عَنِ النَّبيِّ r قَالَ: "لاَ تَقُوْمُ السَّاعَةُ إِلاَّ عَلَى شِرَارِ النَّاسِ".
(صحيح مسلم, رقم الحديث 131 - (2949), ).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
අවසාන දිනය එළඹෙන්නේ ජනයින්ගෙන් ඉතා අසත්පුරුෂයින් හටය.

මූලාශ්‍රය : සහීහුල් මුස්ලිම් වැකි අංක 131- 2649
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 3 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    ලෝකාන්තර දිනය බිහි වන අවස්ථාවේදී මෙලොවෙහි අසත් පුරුෂයින් පමණක් සිටී බව මෙම හදීසය දන්වයි.
    එනමුත් මූමීන් වරුන් මෙම දිනයට පෙරම මිය යනු ඇත .කෙසේදයත් සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන් සුවඳැති සූළඟක් යවා මෙලොවෙහි ජීවත් වන සැබෑ මූමින් වරුන්ගේ ප්‍රාණය අත් පත් කිරීමෙන් පසු මෙලොවෙහි අසත් පුරුෂයින් හැර අන් කිසිවෙක් ඉතුරු නොවේ.ඉන් පසු ලෝකාන්තර දිනය බිහි වනු ඇත.
    මෙලොවෙහි සත්‍ය වටහා ගත් සැබෑ ජය ලබා ගත් මූමුන් වරුන් ලෝකාන්තර දිනය බිහි වීමට ස්වල්ප කලකට පෙරම මිය යති.එහෙයින් සත්‍ය කුමක්ද යැයි සොයා ඒ යටතේ ජීවත් වීමට සියළු ලෝවාසීන්  වෙර දැරිය යුතුය .

 

 

 


අයුක්තිය තහනම්
74- عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا، أَنَّ رَسُوْلَ اللهِ r قَالَ: "الْمُسْلِمُ أَخُو الْمُسْلِمِ لاَ يَظْلِمُهُ وَلاَ يُسْلِمُهُ, وَمَنْ كَانَ فِيْ حَاجَةِ أَخِيْهِ, كَانَ اللهُ فِيْ حَاجَتِهِ".
(صحيح ال
بخاري, رقم الحديث 6951, وصحيح مسلم, رقم الحديث 58- (2580), واللفظ للبخاري).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ්  බින් උමර්t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
නියත වශයෙන්ම මුස්ලිම් වරයෙකු තවත් මුස්ලිම්වරයෙකුගේ සහෝදරයෙකු වන  අතර ඔහු අනෙකාට අසාධාරණයක් ඉෂ්ඨ නොකරයි. තවද අනෙකාට හිංසාවක් ඇති වූ අවස්ථාවක ඔහුට උපකාර කරයි.කවරෙකු තම සහෝදරයෙකුට අවශ්‍යතාවයක් ඇති වූ අවස්ථාවක පිළිසරණ වේද මොහුට කිනම් හෝ අවශ්‍යතාවයක් ඇති වූ අවස්ථාවක අල්ලාහ් දෙවිඳුන් උපකාර කරයි.
මූලාශ්‍රය: සහීහුල් බුහාරී වැකි අංක 6951.  සහීහ් මුස්ලිම් වැකි අංක 58 - 2580 ඉහත සඳහන් වැකියෙහි පද බුහාරි හි වාර්ථා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 22 වන හදීසයේ සඳහන්ය.
◊  උගත යුතු පාඩම්.
    මුස්ලිම් වරයෙකු අයුක්තිය හා අසාධාරනයක් දුටු කල එයට එරෙහිව පෙනී සිටිය යුතු අතර තම සහෝදර මුස්ලිම් වරයෙකුට අසාධාරනයක් ඇති වන අවස්ථාවක එයට එරෙහිව පෙනී සිට සාධාරනය ඉෂ්ඨ කර ඔහුට උදව් උපකාර කළ යුතුය.
    තවද ජනයින්ගේ අවශ්‍යතාවයන් තමන්ට හැකි තරම් සපුරා දිය යුතුයි යන්න මෙම හදීසයෙන් දිරි ගැන්වේ.
    සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන් මුස්ලිම් වරුන්ගේ සිත් තුල සතුටක් ඇති කිරීමට ප්‍රිය කරන අතර ඔවුන්ගේ සිත්තුල ශෝකයක් ඇති කිරීමට අප්‍රිය කරයි .එහෙයින් මුස්ලිම් වරුන් වන අපද එසේ හැසිරීමට වෙර දැරිය යුතුය.


සභාවක හැසිරීම්
75-عَنْ أَبِيْ سَعِيْدٍ الْخُدْرِيِّ t قَالَ سَمِعْتُ رَسُوْلَ اللَّهِ يَقُوْلُ: "خَيْرُ الْمَجَالِسِ أَوْسَعُهَا".
(سنن أبي داود, رقم الحديث 4820, قَالَ العلامة محمد ناصر الدين الألباني عن  هذا الحديث بأنه: صحيح).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කිරීම සවන් දුන් බව සඊද් අල් හුද්රි t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
සභාවන් වලින් අති ශ්‍රේෂ්ඨතම සභාව වනුයේ (කිනම් සභාවක අසුන් ගත් පුදුගලයින් කිසියම් හෝ කරදරයකින් තොරව විවේකයින් අසුන් ගැනීමට හැකිවෙන පරිදි) විහිදුණූ සභාවකි.

මූලාශ්‍රය : සුනනු අබී දාවූද් වැකි අංක 4820 .ඉමාම් අල්බානි (රහ්) මෙම රුවන් වැකිය සහීහ් යනුවෙන්  ප්‍රකාශ කර ඇත.


◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර .
සඅද් බින් මාලික් බින් සිනාන් .මෙතුමාණන් අබූ සඊද් අල් කුද්රී යන නාමයෙන් ප්‍රසිද්ධය.මෙතුමාණන්ගේ ප්‍රථම සටන වන්නේ කන්දක් සටනය.උත්තම මුහම්මද් (සල්) තුමාණන් සමඟ සටන් දොළහක සහබාගී වූහ.මෙතුමාණන් විසින් හදීස් 1170 ක් වාර්තා වී ඇත.මදීනාවෙහි හිජ්රි වර්ෂ 74 දී වයස අවුරුදු 86 දී මිය ගිය අතර බකී නැමැති සුසාන භූමියේ මිහිදන් කරනු ලැබීය.
◊  උගත යුතු පාඩම්.
    සභාවක් තිබිය යුත්තේ මඟතොට හෝ පෞද්ගලික ස්ථානයෙහි නොව සභාව රැස්වීමට තරම් විශාල ඉඩකඩක් තිබෙන ස්ථානයකි.
    සභාවක් එහි රැස්වන්නන් හට කිසිඳු බාධාවක් හෝ නොසන්සුන්තාවයක් ඇති නොවන පරිදි විහිදී තිබිය යුතුයි. මෙසේ කිසිඳු බාධාවක් හෝ නොසන්සුන්තාවයක් ඇති නොවන පරිදි විහිදී තිබෙන සභාවන් උතුම් සභාවක් යැයි මෙම හදීසයේ සඳහන්ය.

රුකූ හා සුජූද් හී කිව යුතු දුආ
76- عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا أَنَّ رَسُوْلَ اللهِ r كَانَ يَقُولُ فِيْ رُكُوْعِهِ و سُجُوْدِهِ:  "سُبُّوْحٌ قُدُّوْسٌ، رَبُّ الْمَلَائِكَةِ وَالرُّوحِ".
(صحيح مسلم, رقم الحديث 223 - (487), ).
ආඉෂා t තුමිය විසින් දැනුම් දෙන ලදී :
අල්ලාහ්ගේ දූතයාණෝ r (සලාතයේ) සුජූද්හි හා රුකූඋ වැනි අවස්ථාවන්හි සුබ්බූහුන් කුද්දූසුන් රබ්බුල් මලාඉකති වර්රූහ් යනුවෙන් ප්‍රකාශ කරමින් උන්නේය.

මූලාශ්‍රය: සහීහ් මුස්ලිම් වැකි අංක 223 - 458
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 5 වන හදීසයේ සඳහන්ය .
◊  උගත යුතු පාඩම්.
    පොදුවේ රුකූ හා සුජූද් හී කිව යුතු පද වලට අමතරව මෙම හදීසයේ සඳහන් වූ පද යොදා ගැනීමට හැක.
    සුබ්බූහ් යනු ඔහු (අති පාරිශුද්ධ) ය. සියලු අඩු පාඩුවලින් පිවිතුරු ය. අහස් හත හා මහ පොළොව ද ඒ තුළ ඇති දෑ ද ඔහු ව සුවිශුද්ධ කරති. එමෙන් ම ඔහු ට ඇති අලංකාර නාමයන් හා ඔහුගේ උසස් ගුණාංගයන් හේතුවෙන් සියලු දෑ ඔහු ට ප්‍රශංසා කරමින් ඔහු ව සුවිශුද්ධ කරන්නේ ය.
    අල්-කුද්දූස් යනු අති සුවිශුද්ධ ය. ඔහු සියලු අඩු පාඩු වලින් තොර ය. සුවිශුද්ධ ය. ඔහු පූර්ණ ගුණාංගයන්ගෙන් වර්ණනා කරනු ලබන්නා ය.
    රූහ් යනු ජිබ්රීල් අලෛහිස්සලාම්ය.ව්ශේෂයෙන් මොහුගේ නාමය මෙහි සඳහන් කිරීමට හේතුව නම් අනෙකුත් දේව දූතයින්ට වඩා වැඩි ගෞරවයක් දීම සඳහාය.සෑම ආත්මයකම අයිතිකරු අල්ලාහ් දෙවිඳුන් යන අර්ථයද මෙම රූහ් යන පදයට දිය හැක.
    මෙම හදීසයෙන් පැහැදිලි වන්නේ නබි (සල්) තුමාණන් ඉහත සඳහන් වූ පද රුකූ හා සුජූද් හි නොකඩවා නොව විටින් විට පවසමින් සිටියේය යන්නයි.
    රුකූ හා සුජූද් අවස්ථාවන්හි මෙනෙහි කිරීම  හා ප්‍රාර්ථනා කිරීම යන දෙකම කළ හැක යන්නට මෙම හදීසය කදිම සාදකයකි.එනමුත් වෙනත් හදීසයක නබි සල් තුමාණන් (ඔබලා රුකූහිදි සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන් මෙනෙහි කර ඔහුට ප්‍රශංසා කරනු. තවද සුජූද්හිදී අදිකව ප්‍රාර්ථනාවන් කිරීමට උත්සහ දරනු .කුමක් නිසාදයත් මෙහිදී අසන ලබන ප්‍රාර්ථනාවන් පිළිගැනීමට කදිම අවස්ථාවකි.) යැයි පැවසීමට අනුව පැහැදිලි වන්නේ සුජූද්හි නොකඩවා දුආවන් පමණක් කළ යුතු අතර රුකූහිදී නොකඩවා අල්ලාහ් මෙනෙහි කර ඔහුට ප්‍රශංසා පමණක් කළ යුතු බැවිනි.එනමුත් රුකූහිදී විටින් විට ප්‍රාර්ථනාවන් ඇසිය හැකි අතර සුජූද්හිදී එසේ විටින් විට අල්ලාහ් මෙනෙහි කර ඔහුට ප්‍රශංසා කළ හැක යන්නට මෙම හදීසය එක් සාදකයකි.

 

 

සෑම යහපතකම අත්තිවාරම
77- عَنْ أَبِيْ هُرَيْرَةَ t أَنَّ رَسُوْلَ اللهِ r قَالَ: "مَنْ كَانَ يُؤْمِنُ بِاللهِ وَالْيَوْمِ الْآخِرِ؛ فَلْيَقُلْ: خَيْرًا أَوْ لِيَصْمُتْ، وَمَنْ كَانَ يُؤْمِنُ بِاللهِ وَالْيَوْمِ الْآخِرِ؛ فَلاَ يُؤْذِ جَارَهُ, وَمَنْ كَانَ يُؤْمِنُ بِاَللَّهِ وَالْيَوْمِ الْآخِرِ؛ فَلْيُكْرِمْ ضَيْفَهُ".
(صحيح البخاري, رقم الحديث 6475, وصحيح مسلم, رقم الحديث 74- (47), واللفظ للبخاري).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ හුරයිරා t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
කවරෙකු අල්ලාහ් දෙවිඳුන් හා අවසාන දිනය විශ්වාස කරන්නේද ඔහු යහපත් වදන් පවසනු .නැතහොත් නිශ්ශබ්දව සිටිනු.තවද  කවරෙකු අල්ලාහ් දෙවිඳුන් හා අවසාන දිනය විශ්වාස කරන්නේද ඔහු අසල්වැසියාට අවහිර නොකරනු.එසේම කවරෙකු අල්ලාහ් දෙවිඳුන් හා අවසාන දිනය විශ්වාස කරන්නේද ඔහු ආගන්තුකයාට සංග්‍රහ කරනු.
මූලාශ්‍රය: සහීහුල් බුහාරී වැකි අංක 6475.  සහීහ් මුස්ලිම් වැකි අංක 74 - 47 ඉහත සඳහන් වැකියෙහි පද බුහාරි හි වාර්ථා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය .
◊  උගත යුතු පාඩම්.
    සෑම මුස්ලිම් වරයෙකුම තම දිව ආරක්ෂා කර , තම මිල මුදල් වෑයම් කර , අන් අයට උදවු උපකාර කර සමගියෙන් ජීවත් විය යුතුයි යන්න මෙම හදීසයේ අදහසකි.
    යහපත් දෑ සැමවිට කතා කළ යුතුයි.ඉස්ලාම් දහමට අනුව යහපත් දෑ යනුනේ අල්ලාහ් දෙවිඳුන් හා ඔහුගේ දූතයාණන් මුහම්මද් (සල්) තුමාණන් කුමන දෑ කතා කරනු මෙන් අණ කළේද ඒවාය.
    අල්ලාහ් දෙවිඳුන් හා ලෝකාන්තර දිනය විශ්වාස කිරීම යනු සෑම යහපතකම අත්තිවාරම වන අතර සර්ව බලධාරී අල්ලාහ් දෙවිදූන්ගේ පාලනය යටතේ තම මනස සකස් කර ගැනීම සඳහා  මෙම විශ්වාසය දිරි ගන්වනු ඇත.
    අසල්වැසියාට හිමි ගෞරවය හා යුතුකම ලබා දීම යනු ඊමානයේ පරිපූර්ණත්ව හෙළිදරව් කරයි.
    අසල්වැසියාට හිමි ගෞරවය හා යුතුකම ලබා දිය යුතුයි යන්න ඉස්ලාම් දහමේ ප්‍රදාන අංගයකි.ඔවුන් මූස්ලිම් වරයෙකු වූවද නොවූවද  ඔවුනට ගෞරවය , උදව් උපකාර වැනි දෑ අනිවාර්‍ය කර ඇත්තේ එහෙයින්ය.

 

 

 

 


අතපසුවීම
78- عَنْ أَبيْ هُرَيْرَةَ t عَنِ النَّبيِّ r أَنَّهُ قَالَ: "لاَ يُلْدَغُ الْمُؤْمِنُ مِنْ جُحْرٍ وَاحِدٍ مَرَّتَيْنِ".
 (صحيح البخاري, رقم الحديث 6133, وصحيح مسلم, رقم الحديث 63- (2998), واللفظ للبخاري).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබූ හුරයිරා t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
මූමින්වරයෙකු එක් වලක දෙවරක් නොවැටේ.
මූලාශ්‍රය: සහීහුල් බුහාරී වැකි අංක 6133.  සහීහ් මුස්ලිම් වැකි අංක 63 - 2998 ඉහත සඳහන් වැකියෙහි පද බුහාරි හි වාර්ථා වී ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 13 වන හදීසයේ සඳහන්ය .

 

◊  උගත යුතු පාඩම්.
    සෑම අවස්ථාවකම සෑම මුසලිමවරයෙකුම වංචා දූෂණ වලින් දැඩි අවධාරනයෙන් සිටිය යුතුය.සැරයක් වංචා දූෂණයකට හසූ වූයේ නම් ඉන් ඉදිරියට හසු නොවී එයින් ඈත් වි ජීවත් විය යුතුයි යැයි මෙම හදීසය අවධාරණය කරයි.  
    සිය බුද්ධිය උපයෝගී කරමින් මෙලොවෙහි තිබෙන සාධක මඟින් අන්ද විශ්වාසයකින් තොරව ජීවත් වීම යනු සැබෑ මුස්ලිම් වරයෙකුගේ ආදර්ශයකි.කෙසේදයත් උත්තම මුහම්මද්(සල්) තුමාණන් වෙත වහී පහළ වෙමින් තිබිය දීත් එය පමණක්  උපයෝගී නොකරමින් තමාට අවශ්‍ය දෑ තමන් සතුව තිබූ සාධක ඔස්සේ සැලසුම් කර ජීවත් වෙමින් සිටියහ.

 

 

ස්තුති පුද කිරීම‍.
79- عَنْ أُسَامَةَ بْنِ زَيْدٍ رَضِيَ اللهُ عَنْهُمَا قَالَ: قَالَ رَسُوْلُ اللهِ r: "مَنْ صُنِعَ إِلَيْهِ مَعْرُوْفٌ؛ فَقَالَ لِفَاعِلِهِ: جَزَاكَ اللهُ خَيْرًا؛ فَقَدْ أَبْلَغَ فِي الثَّنَاءِ".
(جامع الترمذي, رقم الحديث 2035, قال الإمام الترمذي عن هذا الحديث بأنه:  حسن جيد غريب وصححه الألباني).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව උසාමා බින් සයිද් t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
කෙනෙකුට උපහාරයක් කරනු ලැබූ පසු ඔහු උපහාර කළ තැනැත්තා හට ජzසාකල්ලාහු හයිරන් යනුවෙන් තුති පුද කළේ නම් නිසැකවම ඔහු තුති පුද කිරීමෙහිලා සීමාව ඉක්මවූහ.
මූලාශ්‍රය: ජාමිඋත්තිර්මිදි වැකි අංක 2035.  ඉමාම් තිර්මිදි (රහ්) තුමාණන් මෙම හදීසය හසනුන් ජයියිදුන් ගරීබ් යනුවෙන් පවසා ඇති අතර ඉමාම් අල්බානි (රහ්) තුමාණන් මෙම හදීසය සහීහ් යනුවෙන් ප්‍රකාශ කර ඇත.
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 36 වන හදීසයේ සඳහන්ය .
◊  උගත යුතු පාඩම්.
    උදව් උපකාර කළ තැනැත්තාට ප්‍රත්‍යපකාරයක් කිරීමට කවරෙකුට නොහැකි වේද ඔහු සර්ව බලධාරී අල්ලාහ් දෙවිඳුන් වෙත එය භාර දිය යුතුය.මෙසේ කිරීමෙන් උදව් උපකාර කළ තැනැත්තාට එළොවෙහි හා මෙළොවෙහි පරිපූර්ණ කුලිය අල්ලාහ් දෙවි ප්‍රදානය කරයි.එනම් ජzසා කල්ලාහු හයිරා යැයි කිව යුතුය.මෙසේ ප්‍රාර්ථනා කිරීමෙන් උදව් උපකාර කළ තැනැත්තාට  ඉමහත් ප්‍රත්‍යපකාරයක් කළා සේය.
    ප්‍රත්‍යපකාරය යනු ජනයින්ගේ අවස්ථාවන්ට අනුව වෙනස් වේ.එනම් සමහරුන් සඳහා ඔහු උදව් උපකාර කළා සේ කළ යුතු අතර තවත් සමහරුන් සඳහා එසේ නොවේ.එයට කදිම උදාහරණයක් නම් තමන්ට උදව් උපකාර නරන්නා විශාල මිල මුදල් ගණනාවක් තිබෙන ධනවතෙක් නම් ඔහුට මිල මුදල් ප්‍රත්‍යපකාරයක් ලෙස දිමෙන් කිසි පලක් නැත .එහෙයින් ඔහු වෙනුවෙන් කළ හැක්කේ ප්‍රාර්ථනාවන් පමණී. එම ප්‍රාර්ථනාවෙන් ඉතා විශිෂ්ථ   ප්‍රාර්ථනාව වන්නේ ජzසා කල්ලාහු හයිරා යන පද ය.මෙහි අර්ථය නම් එළොවෙහි හා මෙලොවෙහි පරිපූර්ණ කුලිය අල්ලාහ් දෙවි ඔබට ප්‍රදානය කරත්වා යන්නයි.
පාපොච්චාරණය
80- عَنْ عَبْدِ اللهِ بْنِ عُمَرَ رَضِيَ اللهُ عَنْهُمَا, قَالَ: قَالَ  رَسُولُ اللهِ r: "يَا أَيُّهَا النَّاسُ تُوْبُوْا إِلَى اللهِ؛ فَإِنِّيْ أَتُوْبُ فِي الْيَوْمِ إِلَيْهِ مِائَةَ مَرَّةٍ".
(صحيح مسلم, رقم الحديث 42 - (2702),).
අල්ලාහ්ගේ දූතයාණෝ r ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ්  බින් උමර් t තුමාණන් විසින් දැනුම් දෙන ලදී :
අහෝ ජනයිනි අල්ලාහ් දෙවිඳුන් වෙත (පව් සමාව ඉල්ලා ) පාපොච්චාරණය කර සිටින්න. නියත වශයෙන්ම මා මාගේ ස්වාමියා වූ අල්ලාහ් දෙවිඳුන් වෙත දවසකට එක සිය වරක් පව් සමාව අයැද පාපොච්චාරණය කරමි.
මූලාශ්‍රය: සහීහ් මුස්ලිම් වැකි අංක 42 – 2702
◊ මෙම හදීසය දැනුම් දෙන්නාගේ විස්තර 22 වන හදීසයේ සඳහන්ය .

◊  උගත යුතු පාඩම්.
    පාපොච්චාරණය යනු ඉස්ලාම් දහමේ ඉතා වැදගත් කුළුණක් යැයි කිව හැකි අතර අල්ලාහ් දෙවිඳුන් ඉතා ප්‍රිය කරන වන්දනාමානයකි. කුමක් හෝ පවක් සිදු වූ සැනින් එයට පාපොච්චාරණය කිරීම අනිවාර්‍ය වි ඇත්තේද එහෙයින්ය.
    තමන් විසින් සිදුවූ පාපයක් සඳහා පාපොච්චාරණය කිරීමෙන් එම පව මැකී යන අතර තම සිතද පිරිසිදු වේ.ඒ විතරක් නොව එම අකුසල් කුසල් මෙන් පරිවර්තනය කරනු ලැබේ.තවද පාපොච්චාරණය කිරීමෙන් අල්ලාහ් දෙවිඳුන්ගේ ආදරය හා කරුණාව ලබා ගත හැකි අතර අයහපතෙන් යහපත වෙතටද මග පාදා ගත හැක.
    සැබෑ පාපොච්චාරණය අල්ලාහ් දෙවිඳුන් පිළිගනු ඇත.එහෙයින් සෑම මිනිසෙකුම නොකඩවා සර්ව බලධාරී අල්ලාහ් ඉදිරිය පාපොච්චාරණයේ නියැලිය යුතුය.
    පාපයක තරම කොතරම් වූවද එයට පාපොච්චාරණයේ නියැලීම සඳහා අනිවාර්‍ය කරුණු ස්වල්පයක් ඇත.මෙම කරුණු එහි අඩංගු වේ නම් එය අල්ලාහ් ඉදිරියේ පිළිගනු ලැබේ.ඒවා නම්
1.    මෙම පාපොච්චාරණය අල්ලාහ් දෙව්ඳුන් වෙනුවෙන් පමණක්  යන චිත්ත පාරිශුද්ධියෙන් යුතුව තිබිය යුතුය.
2.    එවිගසම එම පවෙන් ඉවත් විය යුතුයි.
3.    තමන් විසින් සිදුවූ මෙම පාපය සඳහා කණගාටු විය යුතුයි.
4.    නැවත වරක් මෙම පාපය නොසිදුවිය යුතුයි යැයි ස්ථීර නිගමනයකට පැමිණිය යුතුයි.
5.    මෙම පාපය අන් අයගේ යුතුකම් හා සම්බන්ද පවක් නම් එම යුතුකම නැවත ඉෂ්ථ කළ යුතුයි.
6.    මරණයට හා ලොකාන්තර දිනයට පෙර පාපොච්චාරණයේ නියැලිය යුතුයි.