ධර්ම දූතයන් පිළිබඳව විශ්වාස කිරීම සහ මුහම්මද් (සල්) තුමාණන් පිටුව

• අල්-හිසාබ් යනු අල්ලාහ් තම ගැත්තන් ව තමන් ඉදිරියේ තබා ඔවුන් කළ ක්රියයාවන් ඔවුනට පෙන්වා දී පසුව ඔවුන්ගේ ක්රි්යාවන්ට අනුව ඔවුනට ප්ර තිඵල පිරි නැමීමයි. යහ ප්රගතිඵලයක් නම් එය දස ගුණයක සිට හත්සීය දක්වා ද ඊට වැඩි ගුණයකින් ද ප්ර ගුණ කර දෙනු ඇත. එය නපුරු ප්ර තිඵලයක් නම් ඒ හා සමාන ව පවතී.
• අල්- හව්ල් (තටාකය හෝ සම්පත්).
• අස්-සිරාත්.
• සදාතනික නිවහන.
• ස්වර්ගයේ ස්වභාවය.

  

اسم الكتاب: مختصر الفقه الإسلامي [الإيمان بالرسل عليهم السلام]


تأليف: محمد بن إبراهيم التويجري


الناشر: المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة


نبذة مختصرة: الإيمان بالرسل من كتاب مختصر الفقة الإسلامى للشيخ محمد إبراهيم التويجرى - أثابه الله - مترجم إلى اللغة السنهالية وهو الركن الرابع من أركان الإيمان، فلا يصح إيمان العبد إلا به، والأدلة الشرعية متواترة على تأكيد ذلك، فقد أمر سبحانه بالإيمان بهم، وقرن ذلك بالإيمان به فقال( فآمنوا بالله ورسله } (النساء: 171) وجاء الإيمان بهم في المرتبة الرابعة من التعريف النبوي للإيمان كما في حديث جبريل: أن تؤمن بالله وملائكته وكتبه ورسله .. ) رواه مسلم،) وقرن الله سبحانه الكفر بالرسل بالكفر به، فقال: ومن يكفر بالله وملائكته وكتبه ورسله واليوم الآخر فقد ضل ضلالا بعيدا ( النساء:136).

මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාම්

 

] සිංහල – Sinhala –[ سنهالي  
අෂ් ෂෙයික් තුවෙයිජිරි

පරිවර්තණය

මාහිර් රම්ඩීන්

 

 

 

 

 

 

2015 - 1436
 
 
مختصر الفقه الإسلامي
الإيمان بالرسل عليهم السلام
« باللغة السنهالية »

 

محمد بن إبراهيم بن عبد الله التويجري


ترجمة: ماهر رمدين

 

 


2015 - 1436
 

 

මුහ්තසර් අල්-ෆික්හිල් ඉස්ලාමී
පිටු අංක 79 සිට 90 චක්වා

මාතෘකා
1.    ධර්ම දූතයින් විශ්වාස කිරීම
2.    මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා
 
4. ධර්ම දූතයින් විශ්වාස කිරීම

ධර්ම දූතයින් විශ්වාස කිරීම:
එනම් අල්ලාහ් සෑම සමූහයකටම ධර්ම දූතයෙකු එවූ බවත් ඔහු ඔවුන් වෙත “අල්ලාහ්ට පමණක් නැමදුම් ඉටු කර ඔහු හැර නමදිනු ලබන සෙසු දැයින් වැළකී සිටින මෙන් ඇරයුම් කළ බවත් ස්ථීර ලෙස විශ්වාස කොට තහවුරු කරන ලෙසත්“ ප්‍රකාශ කර සිටියහ. එමෙන්ම සැබැවින්ම ඔවුන් සියල්ලෝම අල්ලාහ් විසින් එවනු ලැබූ සත්‍යවාදීන්ය. ඔවුනට අල්ලාහ් කවර දෙයක් පහළ කළේ ද, ඒ සියල්ලම ජනයාට දන්වා සිටියහ. ඔවුන් අතුරින් ඇතැමුන්ගේ නම් අල්ලාහ් අපට දන්වා ඇත. තවත් ඇතැමුන් ගේ නම් සඳහන් නොකළ ද ඔවුන් ගේ ඥානය පිළිබඳ ව ඒත්තු ගන්වා දන්වා ඇත.

•    නබිවරුන් හා රසූල්වරුන් විශ්වාස කිරීමේ නීතිය:
සියලුම නබිවරුන් හා ධර්ම දූතයින් විශ්වාස කිරීම අනිවාර්යය වෙයි. යමෙකු ඔවුන් අතුරින් කෙනෙකු ව ප්‍රතික්ෂේප කළේ නම් ඔහු එම නබිවරුන් සියල්ලන්ම ප්‍රතික්ෂේප කළ අයෙකු බවට පත් වෙයි. ඔවුන් පිළිබඳ ව නිවැරදි තොරතුරු ලැබී ඇත්නම් ඒවා තහවුරු කිරීමත්  සැබෑ විශ්වාසය තුළ පරිපූර්ණ ඒක දේව වාදය තුළ හා යහපත් සාරධර්මයන් තුළ ඔවුන් ජීවත් වූ පිළිවෙත අනුගමනය කිරීමත් ඔවුන් අතුරින් අප වෙත එවනු ලැබූ ඔවුන්ගේ මුද්‍රාව වූ ඔවුන්ගෙන් ශ්‍රේෂ්ඨතමයා වූ මිනිසුන් සියල්ලටම පොදුවේ එවනු ලැබුවා වූත් මුළු විශ්වයට ම එවනු ලැබුවා වූත් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ ක්‍රියා පටිපාටිය ක්‍රියාවට නැංවීමත් අනිවාර්යය වෙයි.

1.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آمَنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ
මෙම රසූල්වරයා තමන්ගේ පරමාධිපතිගෙන් තමන් වෙත පහළ කරනු ලැබූ දෑ විශ්වාස කළ අතර දේවත්වය විශ්වාස කළවුන් ද සියල්ලෝම අල්ලාහ්ව ද ඔහුගේ මලක්වරුන්ව ද ඔහුගේ ග්‍රන්ථ ද ඔහුගේ ධර්ම දූතයින්ව ද විශ්වාස කළෝය. ඔහුගේ ධර්ම දූතයින් අතුරින් කිසිවෙකු අතර වෙනසක් ඇති නොකළෙමු. තවද ඔවුහු අපි සවන් දුනිමු. අවනත වූයෙමු. අපගේ පරමාධිපතියාණනි, ඔබ අපට සමාව දෙනු මැනව ! අවසානයේ යොමු වන ස්ථානය ඔබ වෙතය යැයි පැවසූහ. (අල්-කුර්ආන් 2:285)
2.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا آمِنُوا بِاللهِ وَرَسُولِهِ وَالْكِتَابِ الَّذِي نَزَّلَ عَلَى رَسُولِهِ وَالْكِتَابِ الَّذِي أَنْزَلَ مِنْ قَبْلُ وَمَنْ يَكْفُرْ بِاللهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الْآخِرِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا
විශ්වාස කළවුනි, අල්ලාහ් ව ද ඔහුගේ දූතයාණන් ව ද ඔහුගේ දූතයාණන් වෙත පහළ කළා වූ දේව ග්‍රන්ථය ද මීට පෙර පහළ කළා වූ වේද ග්‍රන්ථ ද විශ්වාස කරවු. කවරෙකු අල්ලාහව ද ඔහුගේ මලක්වරුන්ව ද ඔහුගේ වේද ග්‍රන්ථ ද ඔහුගේ දූතයින්ව ද අවසාන දිනය ද ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහු දැඩි මුළාවකින් නොමඟ විය.     (අල්-කුර්ආන් 4:136)
3.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
قُولُوا آمَنَّا بِاللَّهِ وَمَا أُنْزِلَ إِلَيْنَا وَمَا أُنْزِلَ إِلَى إِبْرَاهِيمَ وَإِسْمَاعِيلَ وَإِسْحَاقَ وَيَعْقُوبَ وَالْأَسْبَاطِ وَمَا أُوتِيَ مُوسَى وَعِيسَى وَمَا أُوتِيَ النَّبِيُّونَ مِنْ رَبِّهِمْ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْهُمْ وَنَحْنُ لَهُ مُسْلِمُونَ
(මුස්ලිම්වරුනි) අල්ලාහ්ව ද අප  වෙත පහළ කරනු ලැබූ දෑ ද ඉබ්‍රාහීම් ඉස්මාඊල් ඉස්හාක් යඃකූබ් හා ඔවුන්ගේ පරපුරට පහළ කරනු ලැබූ දෑ ද මූසා හා ඊසාට පිරිනමනු ලැබූ දෑ ද නබිවරුන්ට ඔවුන්ගේ පරමාධිපතිගෙන් පිරිනමනු ලැබූ දෑ ද අපි විශ්වාස කළෙමු. ඔවුන්ගෙන් කිසිවෙකු අතර වෙනසක් නොකරන්නෙමු. අපි ඔහුට ම අවනත වන්නන් වෙමු යැයි පවසනු.         (අල්-කුර්ආන් 2: 136)
•    නබිවරුන් හා ඔවුන් ව අනුගමනය කළවුන් ලැබූ පුහුණුව
නබිවරුන් හා ඔවුන් අනුගමනය කළවුන් අල්ලාහ් ප්‍රථමයෙන්ම පුහුණු කරනුයේ නැමදුම් ඉටු කිරීම, චිත්තපාරිශුද්ධිය, සැලකිලිමත් භාවය, අවබෝධය, ඉවසීම හා ආගමික කටයුතු කැපවීමෙන් ක්‍රියා කිරීම වැනි කාරණා තුළින් දේව විශ්වාසය ළඟා කර ගැනීම පිණිස තමන්ගේ ආත්මාවන් කැප කිරීමටත් ...
එමෙන්ම ජීවිතයේ දේව විශ්වාසය පූර්ණ ලෙස ලබන තෙක් අල්ලාහ්ගේ වදන උසස් වීම පදනම් කර ගෙන යමක් ක්‍රියාත්මක කිරීම හෝ අත හැරීමටත් ...
සැබැවින් ම අල්ලාහ් සියලු දෑ හි මැවුම්කරු ය. සියලු දෑ ඔහු අතෙහි ඇත. නැමදුමට සුදුස්සා වනුයේ ඔහු පමණය යන්නෙන් තම සිතෙහි ස්ථාවරත්වය ගොඩ නගන්නටත් ...
පසුව විශ්වාසය ආරක්ෂා කර ගනු පිණිස දැහැමි කටයුතු කරමින් කැපවීමටත් ... ය.
උදාහරණ වශයෙන් දේව විශ්වාසයෙන් යුතුව හා දැහැමි ක්‍රියාවන් සිදු කරමින් මස්ජිදය පාලනය කිරීම. එහි උපදෙස් හා දැනුම ගෙන දෙන වැඩසටහන් පැවැත්වීම පෙන්වා දිය හැක.
ඉන් පසුව ඔවුන් ආගමික අවශ්‍යතාවන් ඉටු කිරීමටත් දේව විශ්වාසය තමන්ට ප්‍රයෝජනවත් වන අයුරින් තම අවශ්‍යතාවන් ඉටු කිරීමටත් උත්සාහ කරති. එවිට තමන් කොතැනක සිටිය ද සැබැවින්ම අල්ලාහ් තමන් සමඟ සිටින බවටත් තමන්ට උදව් කරන බවටත් තමන් ව පෝෂණය කරන බවටත් තමන් ව ස්ථාවර කරන බවටත් ඔවුහු දකිති. එය බද්ර්, මක්කා ජයග්‍රහණය හා හුනෙයින් සටන වැනි යුද්ධ වලදී මුස්ලිම්වරුන්ට උදව් උපකාර ගෙන දුන්නාක් මෙනි. ඔවුහු සියල්ලම පාරිශුද්ධ අල්ලාහ් වෙතම භාර කරති. ඔහු හැර වෙනත් කිසිවෙකු වෙත භාර නොකරති. පසුව තම ජනයා අල්ලාහ් ව පමණක් නැමදීමටත් ඔහුට කිසිදු ආකාරයේ හවුල් කරුවෙකු පත් නොකිරීමටත් ඔවුන් අතර හා තමන් ව කුමන පිරිසකට එවනු ලැබුවේ ද ඔවුනටත් දේව විශ්වාසය පතුරුවා ලීමට උත්සාහ දරති. තවද ඔවුනට අල්ලාහ්ගේ නීතිය සීමාවන් උගන්වති. ඔවුන් යහමඟ ලබනු පිණිසත් මෙලොව හා මතුලොව ජීවිතය සාර්ථක ව සතුටින් ගත කරනු පිණිසත් පරමාධිපති වන අල්ලාහ්ගේ වදන් සාධක හා සංඥා ඔවුනට ඉදිරිපත් කරති.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
هُوَ الَّذِي بَعَثَ فِي الأمِّيِّينَ رَسُولا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلالٍ مُبِينٍ (٢)وَآخَرِينَ مِنْهُمْ لَمَّا يَلْحَقُوا بِهِمْ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ (٣)ذَلِكَ فَضْلُ اللَّهِ يُؤْتِيهِ مَنْ يَشَاءُ وَاللَّهُ ذُو الْفَضْلِ الْعَظِيمِ (٤)
ලිවීමට කියවීමට නොහැකි උදවිය අතරට තම වදන් ඔවුන් වෙත පාරායනය කර පෙන්වන, ඔවුන් ව පිවිතුරු කරවන, වේද ග්‍රන්ථය හා ප්‍රඥා ව උගන්වන රසූල්වරයෙකු එව්වේ ඔහුමය (අල්ලාහ්මය). නමුත් සැබැවින්ම මෙයට පෙර ඔවුහු පැහැදිලි නොමඟෙහි වූහ.
ඔවුන් අතුරින් ඔවුන් සමඟ එකතු නොවූ අන් අයට ද (අල්ලාහ් රසූල්වරයා ව එව්වේය.) ඔහු සර්ව බලධාරීය. සර්වඥය. මෙය අල්ලාහ්ගේ භාග්‍යයයි. ඔහු අභිමත වූ අයට එය පිරිනමන්නේය. අල්ලාහ් මහත් භාග්‍යයන් සතු අයෙකි. (අල්-කුර්අන් 62 : 2-4)
•    රසූල් යනු අල්ලාහ් ඔහු වෙත යම් පිළිවෙතක් පිරි නමා එය නොදන්නා අයට ප්‍රචාරය කරන මෙන් හෝ ඔහුට උගන්වන මෙන් හෝ පවසා එවනු ලැබූ දේව ගැත්තකි.  
•    නබි යනු අල්ලාහ් ඔහු වෙත පෙර පැවති පිළිවෙතක් දේව පණිවිඩ ලෙස ලබා දී ඔහු අවට සිටින පිරිසට උගන්වනු පිණිසත් එම පිළිවෙත සංශෝධනය කරනු පිණිසත් එවනු ලැබූ දේව ගැත්තෙකි.
එබැවින් සෑම රසූල්වරයෙකුම නබිවරයෙකු වන අතර සෑම නබිවරයෙකුම රසූල්වරයෙකු නොවන්නේය.
රසූල් හා නබි යන පද දෙක එකට එක් කළ විට ඒ සෑම පදයකටම වෙන් වෙන් අදහස් ඇති අතර එම පද දෙක වෙන වෙනම සඳහන් වන විට එකක් අනෙකගේ අදහස දරයි.  
•    නබිවරුන් හා රසූල්වරන්ගේ සම්ප්‍රාප්තිය
සමාජයක් වෙත වෙනම ම තනි පිළිවෙතක් සමඟ අල්ලාහ් එවන්නාවූ ධර්ම දූතයකු මගින් හෝ ...
පෙර වූ පිළිවෙතක් එයට පසුව සංශෝධනය කරමින් එම පිළිවෙත සමාජයට ඉදිරිපත් කරනු පිණිස එවන්නා වූ නබිවරයෙකු මගින් හෝ ...
සමාජයක් ව්‍යාකූලත්වයට පත් නොවෙයි.
1.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ فَمِنْهُمْ مَنْ هَدَى اللَّهُ وَمِنْهُمْ مَنْ حَقَّتْ عَلَيْهِ الضَّلالَةُ فَسِيرُوا فِي الأرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ (٣٦)  
අල්ලාහ්ට නැමදුම් ඉටු කරනු. තාගූත් (නපුරු බලවේගයන්ගෙන්) වැළකී සිටිනු යැයි පවසමින් සෑම සමාජයකටම රසූල්වරයෙකු අපි එව්වෙමු. එබැවින් ඔවුන් අතුරින් අල්ලාහ් මඟ පෙන් වූ අය ද ඔවුන් අතුරින් තමන්ට නොමඟ නියම වූවන් ද වෙති. එබැවින් මහපොළොවේ සැරිසරා අසත්‍යය ප්‍රකාශ කරන්නන්ගේ අවසානය කුමක් වී දැයි බලනු.             (අල් කුර්ආන් 16 : 36)
2.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّا أَنْزَلْنَا التَّوْرَاةَ فِيهَا هُدًى وَنُورٌ يَحْكُمُ بِهَا النَّبِيُّونَ الَّذِينَ أَسْلَمُوا لِلَّذِينَ هَادُوا وَالرَّبَّانِيُّونَ وَالأحْبَارُ بِمَا اسْتُحْفِظُوا مِنْ كِتَابِ اللَّهِ وَكَانُوا عَلَيْهِ شُهَدَاءَ فَلا تَخْشَوُا النَّاسَ وَاخْشَوْنِ وَلا تَشْتَرُوا بِآيَاتِي ثَمَنًا قَلِيلا وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَئِكَ هُمُ الْكَافِرُونَ (٤٤)
නියත වශයෙන්ම අපි තව්රාතය පහළ කළෙමු. එහි මඟ පෙන්වීම ද ආලෝකය ද විය. (අල්ලාහ් ට මුළුමණින්ම) අවනත වූ නබිවරුන් රබ්බානිවරුන් (පරමාධිපති කෙරෙහි විශ්වාසය තැබූවන්) හා අහ්බාර් වරු (ආගමික වියතුන්) අල්ලාහ්ගේ ග්‍රන්ථයෙන් ආරක්ෂා කරනු ලැබූ දෑ තුළින් එයට සාක්ෂිකරුවන් ලෙස පෙනී සිට යුදෙව් වූවනට තීන්දු තීරණ දෙමින් සිටියහ. එබැවින් නුඹලා ජනයාට බිය නොවනු. මට බියවනු. මාගේ වදන් අල්ප මිලකට නොවිකුණනු. අල්ලාහ් පහළ කළ දෑ ගෙන කවරෙකු තීන්දු තීරණ නොදෙන්නේ ද ඔවුහුමය දේව ප්‍රතික්ෂේපකයෝ වන්නෝ.  (අල් කුර්ආන් 5 : 44)
•     නබිවරුන්ගේ සංඛ්‍යාව
නබිවරු හා රසූල්වරුන් බොහෝමයකි.
1-     අල් කුර්ආනයේ ඔවුන්ගේ නම් සඳහන් කළ ඔවුන්ගේ කතා වස්තුවට අල්ලාහ් අපට දැන් වූ අය ඔවුන් අතුරින් වෙති. ඔවුන් 25 දෙනෙකි. එනම්.
1-    ආදම් (අලෙයිහිස් සලාම්)
وَلَقَدْ عَهِدْنَا إِلَى آدَمَ مِنْ قَبْلُ فَنَسِيَ وَلَمْ نَجِدْ لَهُ عَزْمًا (١١٥)
තවද සැබැවින්ම අපි ආදම් වෙත ගිවිසුමක් කළෙමු. නමුත් ඔහු අමතක කළේය. තවද අපි ඔහුට ස්ථාවරත්වයක් නොදුටුවෙමු.                             (අල් කුර්ආන් 20 : 115)
2-     ඉබ්‍රාහීම් (අලෙයිහිස් සලාම්)
3-    ඉස්හාක් (අලෙයිහිස් සලාම්)
4-    යඃකූබ් (අලෙයිහිස් සලාම්)
5-    නූහ් (අලෙයිහිස් සලාම්)
6-    දාවූද් (අලෙයිහිස් සලාම්)
7-    සුලෙයිමාන් (අලෙයිහිස් සලාම්)
8-    අය්යූබ් (අලෙයිහිස් සලාම්)
9-    යූසුෆ් (අලෙයිහිස් සලාම්)
10-    මූසා (අලෙයිහිස් සලාම්)
11-    හාරූන් (අලෙයිහිස් සලාම්)
12-    සකරිය්යා (අලෙයිහිස් සලාම්)
13-    යහ්යා (අලෙයිහිස් සලාම්)
14-    ඊසා (අලෙයිහිස් සලාම්)
15-    ඉල්යාස් (අලෙයිහිස් සලාම්)
16-    ඉස්මාඊල් (අලෙයිහිස් සලාම්)
17-    අල්-යසඃ (අලෙයිහිස් සලාම්)
18-    යූනුස් (අලෙයිහිස් සලාම්)
19-    ලූත්  (අලෙයිහිස් සලාම්)
وَتِلْكَ حُجَّتُنَا آتَيْنَاهَا إِبْرَاهِيمَ عَلَى قَوْمِهِ نَرْفَعُ دَرَجَاتٍ مَنْ نَشَاءُ إِنَّ رَبَّكَ حَكِيمٌ عَلِيمٌ (٨٣)وَوَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ كُلا هَدَيْنَا وَنُوحًا هَدَيْنَا مِنْ قَبْلُ وَمِنْ ذُرِّيَّتِهِ دَاوُدَ وَسُلَيْمَانَ وَأَيُّوبَ وَيُوسُفَ وَمُوسَى وَهَارُونَ وَكَذَلِكَ نَجْزِي الْمُحْسِنِينَ (٨٤) وَزَكَرِيَّا وَيَحْيَى وَعِيسَى وَإِلْيَاسَ كُلٌّ مِنَ الصَّالِحِينَ (٨٥)وَإِسْمَاعِيلَ وَالْيَسَعَ وَيُونُسَ وَلُوطًا وَكُلا فَضَّلْنَا عَلَى الْعَالَمِينَ (٨٦)وَمِنْ آبَائِهِمْ وَذُرِّيَّاتِهِمْ وَإِخْوَانِهِمْ وَاجْتَبَيْنَاهُمْ وَهَدَيْنَاهُمْ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ (٨٧) ذَلِكَ هُدَى اللَّهِ يَهْدِي بِهِ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ وَلَوْ أَشْرَكُوا لَحَبِطَ عَنْهُمْ مَا كَانُوا يَعْمَلُونَ (٨٨) أُولَئِكَ الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ وَالْحُكْمَ وَالنُّبُوَّةَ ...
මෙය අපගේ සාධකය. මෙය ඉබ්‍රාහීම්2ට ඔහුගේ සමාජයට එරෙහිව පිරිනැමුවෙමු. අපි අභිමත වන අයට තරාතිරම් උසස් කරන්නෙමු. සැබැවින්ම නුඹගේ පරමාධිපති ප්‍රඥාවන්තය සර්වඥානීය.
තවද අපි ඔහුට ඉස්හාක්3 හා යඃකූබ් 4 ව පිරිනැමුවෙමු. ඔවුන් සෑම කෙනෙකුටම මඟ පෙන්වූයෙමු. තවද මීට පෙර නූහ් 5 ට ද ඔහුගේ පරපුරින් වූ අයට ද දාවූද් 6 සුලෙයිමාන් 7 අය්යූබ් 8 යූසුෆ් 9 මූසා 10 හාරූන් 11 යන අයට ද මඟ පෙන්වූයෙමු. මෙලෙස අපි දැහැමියන්ට ප්‍රතිඵල පිරිනමන්නෙමු.
තවද සකරිය්යා 12 යහ්යා 13 ඊසා 14 හා ඉල්යාස් 15 ට ද (මඟ පෙන්වූයෙමු) සියල්ලෝම දැහැමියන් අතුරිනි.
තවද ඉස්මාඊල් 16 අල්-යසඃ 17 යූනුස් 18 හා ලූත් 19 ට ද (මඟ පෙන්වූයෙමු.) ඔවුන් සියලු දෙනාවම අපි ලෝවැසියනට වඩා උසස් කළෙමු.
ඔවුන්ගේ පියවරුන් ඔවුන්ගේ පරම්පරාවන් හා ඔවුන්ගේ සහෝදරයින් අතුරින් ද ඇතැමුන් වෙති.  ඔවුන් ව අපි තෝරා ගෙන ඍජු මාර්ගය වෙත ඔවුනට මඟ පෙන්වූයෙමු.
මෙය අල්ලාහ්ගේ මඟ පෙන්වීමය. එය තම ගැත්තන් අතුරින් තමන් අභිමත වූ අයට එමගින් මඟ පෙන්වන්නේය. නමුත් ඔවුන් ආදේශ කළේ නම් ඔවුන් කරමින් සිටි දෑ ඔවුනට නිෂ්ඵල වී යනු ඇත.
පුස්තකය ද ප්‍රඥාව ද නබිත්වය ද අපි පිරිනැමූ අය මොවුහුය ...                              (අල් කුර්ආන් 6 : 83-89)
20. ඉද්රීස් (අලෙයිහිස් සලාම්)
وَاذْكُرْ فِي الْكِتَابِ إِدْرِيسَ إِنَّهُ كَانَ صِدِّيقًا نَبِيًّا (٥٦)
(නබිවරය) නුඹ මෙම ග්‍රන්ථයේ ඉද්රීස් ගැන ද මෙනෙහි කර බලනු. සැබැවින්ම ඔහු සත්‍යවන්ත යෙකු හා නබිවරයෙකු විය. (අල් කුර්ආන් 19 : 56)
21. හූද් (අලෙයිහිස් සලාම්)
كَذَّبَتْ عَادٌ الْمُرْسَلِينَ (١٢٣)إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ هُودٌ أَلا تَتَّقُونَ (١٢٤)إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ (١٢٥)
ආද් ප්‍රජාව රසූල්වරුන් ව බොරු කළෝය. නුඹලා බැතිමත් විය යුතු නොවේ ද සැබැවින්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය රසූල්වරයෙකි යැයි ඔවුන්ගේ සහෝදර හූද් පැවසූ අවස්ථාව (නබිවරය සිහිපත් කර බලනු.)    (අල් කුර්ආන් 26 : 123 - 125)
22. සාලිහ් (අලෙයිහිස් සලාම්)
كَذَّبَتْ ثَمُودُ الْمُرْسَلِينَ (١٤١)إِذْ قَالَ لَهُمْ أَخُوهُمْ صَالِحٌ أَلا تَتَّقُونَ (١٤٢)إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ (١٤٣)
සමූද් ප්‍රජාව රසූල්වරුන් ව බොරු කළෝය. නුඹලා බැතිමත් විය යුතු නොවේ ද සැබැවින්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය රසූල්වරයෙකි යැයි ඔවුන්ගේ සහෝදර සාලිහ් පැවසූ අවස්ථාව (නබිවරය සිහිපත් කර බලනු.) (අල් කුර්ආන් 26 : 141 – 134)  
23. ෂුඅයිබ් (අලෙයිහිස් සලාම්)
كَذَّبَ أَصْحَابُ الأيْكَةِ الْمُرْسَلِينَ (١٧٦)إِذْ قَالَ لَهُمْ شُعَيْبٌ أَلا تَتَّقُونَ (١٧٧)إِنِّي لَكُمْ رَسُولٌ أَمِينٌ (١٧٨)
අයිකා ජනයා රසූල්වරුන් ව බොරු කළෝය. නුඹලා බැතිමත් විය යුතු නොවේ ද සැබැවින්ම මම නුඹලා වෙනුවෙන් වූ විශ්වාසනීය රසූල්වරයෙකි යැයි ඔවුන ෂුඅයිබ් පැවසූ අවස්ථාව (නබිවරය සිහිපත් කර බලනු.)    (අල් කුර්ආන් 26 : 176-178)
24. දුල් කිෆ්ල් (අලෙයිහිස් සලාම්)
وَاذْكُرْ إِسْمَاعِيلَ وَالْيَسَعَ وَذَا الْكِفْلِ وَكُلٌّ مِنَ الأخْيَارِ (٤٨)
ඉස්මාඊල් අල්යසඃ හා දුල් කිෆ්ල් පිළිබඳ මෙනෙහි කරනු. සියල්ලෝම ශ්‍රේෂ්ඨයින් අතුරිනි.     (අල් කුර්ආන් 38 : 48)
25. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)
مَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَكِنْ رَسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا (٤٠)
මුහම්මද් නුඹලා අතුරින් කිසිවකුගේ පියකු නොවීය. නමුත් අල්ලාහ්ගේ රසූල්වරයාය. තවද නබිවරුන්ගේ මුද්‍රාවය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය. (අල් කුර්ආන් 33 : 40)
2-    එමෙන්ම නම් නොදන්නා ඔවුන්ගේ කතා වස්තුව අල්ලාහ් අප වෙත දන්වා නොසිටි අය ද ඔවුන් අතුරින් වෙති.
1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِنْ قَبْلِكَ مِنْهُمْ مَنْ قَصَصْنَا عَلَيْكَ وَمِنْهُمْ مَنْ لَمْ نَقْصُصْ عَلَيْكَ وَمَا كَانَ لِرَسُولٍ أَنْ يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ...
(නබිවරය) නුඹට පෙර අපි රසූල්වරුන් ව එව්වෙමු. ඔවුන් අතුරින් අපි නුඹට දන්වා සිටි අය වෙති. එමෙන්ම ඔවුන් අතුරින් අපි නුඹට දන්වා නොසිටි අය ද වෙති. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව වැකියක් ගෙන ඒමට රසූල්වරයෙකුට සුදුසු නොවීය.         (අල් කුර්ආන් 40 : 78)
2-    
وَعَنْ أَبي أُمَامَةَ رَضِيَ اللهُ عَنْهُ قَالَ : قَالَ أَبُو ذَرٍّ رَضِيَ اللهُ عَنْهُ : قُلْتُ يَا رَسُولَ اللَّهِ كَمْ وَفَّى عِدَّةُ الْأَنْبِيَاءِ قَالَ " مِائَةُ أَلْفٍ وَأَرْبَعَةٌ وَعِشْرُونَ أَلْفًا، الرُّسُلُ مِنْ ذَلِكَ ثَلَاثُ مِائَةٍ وَخَمْسَةَ عَشَرَ جَمًّا غَفِيرًا " (أخرجه أحمد والطبراني.)
අබූ උමාමා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණනි, නබි වරුන්ගේ සංඛ්‍යාව සම්පූර්ණයෙන්ම කී දෙනෙක් දැයි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අබූ දර් (රළියල්ලාහු අන්හු) තුමා අසා සිටියහ. එවිට එතුමා
එක් ලක්ෂ විසි හතර දහසකි. ඒ අතුරින් රසූල්වරු මුළු එකතුව තුන්සිය පහළොවකි යැයි පැවසූහ.
මූලාශ්‍රය : අහ්මද්, අත්-තබරානි.
රසූල්වරුන් අතුරින් උලුල් අස්ම් (ආගම් දෙනු ලැබ පරිසමාප්තියට පත් අය) යන නමින් හැඳින්වන රසූල්වරු පස් දෙනෙකි. එනම්
1.    නූහ් (අලෙයිහිස් සලාම්)
2.    ඉබ්‍රාහීම් (අලෙයිහිස් සලාම්)
3.    මූසා (අලෙයිහිස් සලාම්)
4.    ඊසා (අලෙයිහිස් සලාම්)
5.    මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වේ.
අල්ලාහ් මොවුන් පිළිබඳ මෙනෙහි කරනුයේ මෙලෙසය.
شَرَعَ لَكُمْ مِنَ الدِّينِ مَا وَصَّى بِهِ نُوحًا وَالَّذِي أَوْحَيْنَا إِلَيْكَ وَمَا وَصَّيْنَا بِهِ إِبْرَاهِيمَ وَمُوسَى وَعِيسَى أَنْ أَقِيمُوا الدِّينَ وَلا تَتَفَرَّقُوا فِيهِ كَبُرَ عَلَى الْمُشْرِكِينَ مَا تَدْعُوهُمْ إِلَيْهِ اللَّهُ يَجْتَبِي إِلَيْهِ مَنْ يَشَاءُ وَيَهْدِي إِلَيْهِ مَنْ يُنِيبُ (١٣)
කවර දෙයක් පිළිබඳ ව නූහ්ට අවවාද කළේ ද එම දහමින්ම නුඹලාට ද ආගමානුගත කළේය. අපි නුඹ වෙත වහී ලෙස පහළ කළ දෑ ද කවර දෙයක් පිළිබඳ ව ඉබ‍්‍රාහීම් මූසා හා ඊසාට අවවාද කළේ ද එය ද වනුයේ, ‘නුඹලා දහම ස්ථාපිත කරවු. එහි නුඹලා වෙන් ව නොයවු යන්නයි. ආදේශ තබන්නන් ව නුඹ කවර දෙයක් වෙත කැඳවන්නෙහි ද එය ඔවුනට බරක් විය. අල්ලාහ් අභිමත කළ අයව තමන් වෙත තෝරා ගන්නේය. (පසුතැවිලි වී) කවරෙකු හැරෙන්නේ ද ඔහුට (අල්ලාහ්) මඟපෙන්වන්නේය.      (අල් කුර්ආන් 42 : 23)
•    රසූල්වරුන් අතුරින් පළමුවැන්නා
නබිවරුන් හා රසූල්වරුන්ගේ දහම එකමය. එය ඒකීය අල්ලාහ්ට යටත් වීම යන අර්ථය ගෙන දෙන ඉස්ලාමය වේ.  නමුත් ඔවුන්ගේ පිළිවෙත් විවිධය. ඔවුන් අතුරින් ආරම්භකයා, ඔවුන්ගේ අවසානයා පිළිබඳ ව ශුභාරංචි දන්වා සිටින අතර ඔහු ව විශ්වාස කරති. එමෙන්ම ඔවුන් අතුරින් අවසානයා ද ඔවුන්ගේ ආරම්භකයා ව තහවුරු කරන අතර ඔහු ව විශ්වාස කරයි.
ආදම් (අලෙයිහිස් සලාම්) තුමාට පසුව ශතවර්ෂ දහයකට පසුව සිදු වූ ආදේශ තැබීමේ සිද්ධියට පසුව පොළෝ වැසියන් වෙත අල්ලාහ් පහළ කළ රසූල්වරුන් අතුරින් පළමුවැන්නා වනුයේ නූහ් (අලෙයිහිස් සලාම්) තුමාය. දේව ප්‍රතික්ෂෙපකයින් ව අල්ලාහ් වෙත ඇරයුම් කිරීම පිණිසත් අල්ලාහ්ට පමණක් ඔවුන් නැමදිය යුතු යැයි ඔවුනට අණ කිරීම පිණිසත් අල්ලාහ්ට ආදේශ තැබීමෙන් ඔවුන් ව වළක්වාලනු පිණිසත් අල්ලාහ් එතුමා ව රසූල්වරයෙකු ලෙස ඔවුන් වෙත එවූහ.  
1.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَإِذْ أَخَذَ اللَّهُ مِيثَاقَ النَّبِيِّينَ لَمَا آتَيْتُكُمْ مِنْ كِتَابٍ وَحِكْمَةٍ ثُمَّ جَاءَكُمْ رَسُولٌ مُصَدِّقٌ لِمَا مَعَكُمْ لَتُؤْمِنُنَّ بِهِ وَلَتَنْصُرُنَّهُ قَالَ أَأَقْرَرْتُمْ وَأَخَذْتُمْ عَلَى ذَلِكُمْ إِصْرِي قَالُوا أَقْرَرْنَا قَالَ فَاشْهَدُوا وَأَنَا مَعَكُمْ مِنَ الشَّاهِدِينَ (٨١)
නුඹලා වෙත පුස්තකයෙන් හා ප්‍රඥාවෙන් යමක් පැමිණ පසුව නුඹලා සමඟ ඇති දෑ තහවුරු කරන රසූල්වරයෙකු නුඹලා වෙත පැමිණියේ නම් නුඹලා ඔහු ව විශ්වාස කොට නුඹලා ඔහුට උපකාර කරන්නෙහු දැයි පවසා අල්ලාහ් නබිවරුන්ගෙන් ප්‍රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු. එවිට ඔහු නුඹලා පිළිගෙන මේ අනුව මාගේ බලවත් ප්‍රතිඥාව ගත්තෙහු දැයි විමසා සිටියේය. එවිට ඔවුහු අපි පිළිගත්තෙමු යැයි පැවසුවෝය. එවිට ඔහු එසේ නම් නුඹලා සාක්ෂිකරුවන් ලෙස සිටිනු. මම නුඹලා සමඟ සාක්ෂිකරුවන් අතුරින් වෙමි යැයි පැවසුවේය.      (අල් කුර්ආන් 3 : 81)
2.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّا أَوْحَيْنَا إِلَيْكَ كَمَا أَوْحَيْنَا إِلَى نُوحٍ وَالنَّبِيِّينَ مِنْ بَعْدِهِ ... (١٦٣)
සැබැවින්ම අපි නූහ් හා ඔහුගෙන් පසු වූ නබිවරුන්ට දේව පණිවිඩ එව්වාක් මෙන් ඔබ වෙත ද අපි දේව පණිවිඩ එව්වෙමු.                                 (අල් කුර්ආන් 4 : 163)
3.    
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه  - مرفوعا – في حديث الشفاعة، وفيه أن آدم عليه السلام قَالَ: " اذْهَبُوا إِلَى نُوحٍ فَيَأْتُونَ نُوحًا فَيَقُولُونَ يَا نُوحُ أَنْتَ أَوَّلُ الرُّسُلِ إِلَى الْأَرْضِ" متفق عليه
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නබිවරුන්ගේ මැදිහත්වීම සම්බන්ධයෙන් ප්‍රකාශ වන හදීසයක අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. එහි ..
නුඹලා නූහ් වෙත යනු. ආදම් (අලෙයිහිස් සලාම්) තුමා ජනයාට පවසා සිටියි. ඔවුහු නූහ් වෙත පැමිණ, අහෝ නූහ් ! ඔබ පොළෝ වැසියනට එවූ රසූල් වරුන්ගෙන් පළමුවැන්නාය ... බුහාරි හා මුස්ලිම්
•    රසූල්වරුන් අතුරින් අවසානයා
රසූල්වරුන්ගෙන් අවසානය වනුයේ මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාය. එතුමාණන්ට පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින තෙක් කිසිදු නබිවරයෙකු හෝ රසූල්වරයෙකු හෝ නොමැත. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි.
مَا كَانَ مُحَمَّدٌ أَبَا أَحَدٍ مِنْ رِجَالِكُمْ وَلَكِنْ رَسُولَ اللَّهِ وَخَاتَمَ النَّبِيِّينَ وَكَانَ اللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمًا (٤٠)
මුහම්මද් නුඹලා අතුරින් කිසිවකුගේ පියකු නොවීය. නමුත් අල්ලාහ්ගේ රසූල්වරයාය. තවද නබිවරුන්ගේ මුද්‍රාවය. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය. (අල් කුර්ආන් 33 : 40)
•    අල්ලාහ් නබිවරුන් හා රසූල්වරුන් එව්වේ කවුරුන් වෙත ද?
1.    අල්ලාහ් ප්‍රකාශ කරන
وَلِكُلِّ قومٍ هَادٍ
“සෑම සමූහයකටම මඟපෙන්වන්නෙකු විය“ යන  අල් කුර්ආන් 13 : 7 වැනි වැකියට අනුව නබිවරුන් හා රසූල්වරුන් එවා සිටියේ විශේෂයෙන්ම ඔවුනොවුන්ගේ ප්‍රජාව වෙතය.
2.    අල්ලාහ් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ව එවා සිටියේ පොදුවේ මුළු මහත් මිනිස් සමාජය වෙතය. එතුමා නබිවරුන් හා රසූල්වරුන්ගේ අවසානයාය. ඔවුන්ගේ ශ්‍රේෂ්ඨතමයාය. ආදම්ගේ දරුවන්ගේ නායකයාය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ප්‍රශංසාවේ ධජය ඔසවා සිටින්නාය. අල්ලාහ් එතුමාණන්ව ලෝ වැසියන් සියල්ලට කරුණාවක් ලෙස පහළ කළේය.
1.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَمَا أَرْسَلْنَاكَ إِلا كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لا يَعْلَمُونَ (٢٨)
මුළු මහත් මිනිස් වර්ගයාටම ශුභාරංචි දන්වන්නෙක් ලෙසත් අවවාද කරන්නෙකු ලෙසත් මිස අපි නුඹව නොඑව්වෙමු. නමුත් මිනිසුන්ගෙන් බහුතරයක් (ඒ බව) නොදනිති. (අල් කුර්ආන් 34 : 28)
2.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَمَا أَرْسَلْنَاكَ إِلا رَحْمَةً لِلْعَالَمِينَ (١٠٧)
අපි නුඹව ලෝ වැසියනට කරුණාවක් ලෙස මිස නොඑව්වෙමු. (අල් කුර්ආන් 21 : 107)
•    නබිවරුන් හා රසූල්වරුන් එවීමේ යථාර්ථය.
1.    ඒකීය අල්ලාහ්ට පමණක් නැමදුම් කරන ලෙසත් ඔහු හැර වෙනත් දෑ නැමදීමෙන් වැළකී සිටින ලෙසත් අවධාරණය කොට ඒ වෙත ජනයා ව ඇරයුම් කිරීම.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ...(٣٦)
සෑම සමූහයකටම නුඹලා අල්ලාහ් ව නමදින්න තාඝූත් (නම් නපුරු බලවේග හා පිළිම වන්දනාවන්ගෙන්) වැළකී සිටින්න යැයි පවසා සැබැවින්ම අපි රසූල්වරයෙකු එව්වෙමු. (අල් කුර්ආන් 16 : 36)
2.    අල්ලාහ් වෙතට යන මාධ්‍යය හා මාර්ගය විස්තර කිරීම.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර සිටියි.
هُوَ الَّذِي بَعَثَ فِي الأمِّيِّينَ رَسُولا مِنْهُمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلالٍ مُبِينٍ (٢)
(ලිවීමට කියවීමට හැකියාව නොමැති) උම්මිවරුන් වෙත ඔවුන් මීට පෙර පැහැදිලි මුළාවෙහි සිටිය දී ඔවුන්ට ඔහුගේ වදන් පාරායනය කර පෙන්වන ඔවුන් ව පවිත්‍ර කරන ඔවුනට පුස්තකය හා ප්‍රඥාව උගන්වන  ඔවුන් අතුරින් රසූල්වරයෙකු එව්වේ (අල්ලාහ් වන) ඔහුය.  (අල් කුර්ආන් 62 : 2)
3.    මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ජනයා ඔවුන්ගේ පරමාධිපති වෙතට ගිය පසුව ඔවුන්ගේ තත්ත්වය පැහැදිලි කිරීම
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
قُلْ يَا أَيُّهَا النَّاسُ إِنَّمَا أَنَا لَكُمْ نَذِيرٌ مُبِينٌ (٤٩)فَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ (٥٠)وَالَّذِينَ سَعَوْا فِي آيَاتِنَا مُعَاجِزِينَ أُولَئِكَ أَصْحَابُ الْجَحِيمِ (٥١)
නබිවරය පවසන්න. අහෝ ජනයිනි ! සැබැවින්ම මම නුඹලා වෙත වූ පැහැදිලි ව අවවාද කරන්නෙකු පමණි. එබැවින් කවරෙකු විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළේ ද ඔවුනට සමාව ද ගෞරවනීය සංග්‍රහයන් ද ඇත. අපගේ වැකි පරාජය කිරීමට වෙර දැරුවේ ද නිරයේ සගයෝ ඔවුන්මය. (අල් කුර්ආන් 22 : 49 - 51)
4.    ජනයා කෙරෙහි සාක්ෂි හා සාධක ස්ථාපිත කිරීම
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
رُسُلا مُبَشِّرِينَ وَمُنْذِرِينَ لِئَلا يَكُونَ لِلنَّاسِ عَلَى اللَّهِ حُجَّةٌ بَعْدَ الرُّسُلِ وَكَانَ اللَّهُ عَزِيزًا حَكِيمًا (١٦٥)
රසූල්වරුන්ගෙන් පසුව අල්ලාහ්ට එරෙහිව ජනයාට කිසිදු සාධකයක් නොවනු පිණිස අපි රසූල්වරුන්ව ශුභාරංචි දන්වන්නන් ලෙස ද අවවාද කරන්නන් ලෙස ද ... (අල් කුර්ආන් 4 : 165)
5.    මැවීම් වලට දායාදයක් ලෙස
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَمَا أَرْسَلْنَاكَ إِلا رَحْمَةً لِلْعَالَمِينَ (١٠٧)
අපි නුඹව ලෝ වැසියනට කරුණාවක් ලෙස මිස නොඑව්වෙමු. (අල් කුර්ආන් 21 : 107)
•    නබිවරුන් හා රසූල්වරුන්ගේ ගුණාංගයන්
1.    සියලුම නබිවරුන් හා රසූල්වරුන් මිනිස් වර්ගයා අතුරින් වූ පුරුෂ පාර්ශවයෙනි. ඔවුන් ව අල්ලාහ් තෝරා ගත්තේය. ඔවුන් ව උසස් කළේය. ඔහුගේ සෙසු ගැත්තන් අතුරින් ඔවුන් ව ශ්‍රේෂ්ඨත්වයට පත් කළේය. නබිත්වය දූත මෙහෙය ලබා දෙමින් ඔවුන් ව උසස් කළේය. ප්‍රාතිහාර්යයන් ලබා දෙමින් ඔවුන් ව ශක්තිමත් කළේය. දූත පණිවිඩ ලබා දෙමින් ඔවුන් ව ගරු කළේය. ඒ වෙනුවෙන් ඔවුන් ව භාරකරුවන් ලෙස පත් කළේය. එය ජනයාට දන්වා සිටින මෙන් ඔවුනට අණ කළේය. එසේ අණ කර සිටියේ ජනයා අල්ලාහ්ට පමණක් නැමදීම පිණිස හා ඔහු හැර වෙනත් දෑ ඇදහීමෙන් වැළකීම පිණිසය. එසේ සිදු කළහොත් ඔවුන්ට ස්වර්ගය ඇති බව ප්‍රතිඥා දුන්නේය. එපරිද්දෙන්ම නබිවරුන් ද සත්‍යය ප්‍රකාශ කළහ. දේව පණිවිඩ දන්වා සිටියහ.  
1.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ إِلا رِجَالا نُوحِي إِلَيْهِمْ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لا تَعْلَمُونَ (٤٣)
(නබිවරය) නුඹට පෙර ඔවුනට අපි වහී පහළ කරමින් පුරුෂයින් ලෙස මිස අපි වෙනකෙකු නොඑව්වෙමු. එබැවින් නුඹලා නොදැන සිටියෙහු නම් දැනුම ඇති උදවියගෙන් අසා දැන ගනු.  (අල් කුර්ආන් 16 : 43)
2.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّ اللَّهَ اصْطَفَى آدَمَ وَنُوحًا وَآلَ إِبْرَاهِيمَ وَآلَ عِمْرَانَ عَلَى الْعَالَمِينَ (٣٣)
සැබැවින්ම අල්ලාහ් ආදම් නූහ් ඉබ්‍රාහීම්ගේ පරපුර හා ඉම්රාන්ගේ කුඩුම්බය ලෝ වැසියනට වඩා ශ්‍රේෂ්ඨයින් ලෙස තෝරා ගත්තේය. (අල් කුර්ආන් 3 : 33)
3.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ...(٣٦)
සෑම සමූහයකටම නුඹලා අල්ලාහ් ව නමදින්න තාඝූත් (නම් නපුරු බලවේග හා පිළිම වන්දනාවන්ගෙන්) වැළකී සිටින්න. යැයි පවසා සැබැවින්ම අපි රසූල්වරයෙකු එව්වෙමු. (අල් කුර්ආන් 16 : 36)
2.    අල්ලාහ් වෙත මිනිසුන් ව ඇරයුම් කරන මෙන් ද කිසිදු හවුල් කරුවෙකු ඔහුට ආදේශ නොකරමින් ඔහුට පමණක් නමදින මෙන් ද සියලු නබිවරුන් හා රසූල්වරුන්ට අල්ලාහ් අණ කළේය. සෑම ජන සමූහයකටම ඔවුන්ගේ තත්ත්වයට ගැළපෙන පරිදි ආගමික වත් පිළිවෙත් අල්ලාහ් ආගමානුගත කළේය. ඒ පිළිබඳ ව අල්ලාහ් මෙසේ පවසා සිටියි.
وَأَنْزَلْنَا إِلَيْكَ الْكِتَابَ بِالْحَقِّ مُصَدِّقًا لِمَا بَيْنَ يَدَيْهِ مِنَ الْكِتَابِ وَمُهَيْمِنًا عَلَيْهِ فَاحْكُمْ بَيْنَهُمْ بِمَا أَنْزَلَ اللَّهُ وَلا تَتَّبِعْ أَهْوَاءَهُمْ عَمَّا جَاءَكَ مِنَ الْحَقِّ لِكُلٍّ جَعَلْنَا مِنْكُمْ شِرْعَةً وَمِنْهَاجًا وَلَوْ شَاءَ اللَّهُ لَجَعَلَكُمْ أُمَّةً وَاحِدَةً وَلَكِنْ لِيَبْلُوَكُمْ فِي مَا آتَاكُمْ فَاسْتَبِقُوا الْخَيْرَاتِ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ فِيهِ تَخْتَلِفُونَ (٤٨)
නුඹලා අතුරින් වූ සෑම සමාජයකටම පිළිවෙතක් හා ආලෝකයක් ඇති කළෙමු. අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා ව එකම ජන සමූහයක් බවට පත් කරන්නට තිබුණි. නමුත් නුඹලාට ඔහු පිරිනැමූ දෑ හි නුඹලා ව පරික්ෂා කරනු පිණිස මෙලෙස පත් කළේය. එබැවින් යහ කටයුතු වල තරඟ වදිමින් කටයුතු කරනු. නුඹලා සියලු දෙනාම නැවත යොමු වනුයේ අල්ලාහ් වෙතය. එවිට නුඹලා කවර දෙයක් මත භේද වෙමින් සිටියෙහු ද එය නුඹලාට ඔහු දන්වයි. (අල් කුර්ආන් 6 : 48)
3.    ඇත්තෙන්ම අල්ලාහ් නබිවරුන් හා රසූල්වරුන්ව තොරා ගත් විට ඔවුන් ඔහුට නැමදුම් කිරීම තුළින් ඔහු ඔවුන් ව ගෞරවයට පත් කරයි. එමෙන්ම ඔවුන්ගේ නිලයේ උසස් මට්ටම තුළ ඔහුට නැමදුම් කිරීමෙන් ඔහු ඔවුන් ව වර්ණනා කරයි. උදාහරණයක් ලෙස අල් කුර්ආනය පහළ වීමේ සිද්ධියේ දී මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පිළිබඳ අල්ලාහ් මෙසේ පවසා සිටියි.
تَبَارَكَ الَّذِي نَزَّلَ الْفُرْقَانَ عَلَى عَبْدِهِ لِيَكُونَ لِلْعَالَمِينَ نَذِيرًا (١)
තම ගැත්තාට ෆුර්ආන් (සත්‍ය අසත්‍ය වෙන් කරන නිර්ණායකය වූ අල් කුර්ආනය) පහළ කළ අල්ලාහ් උත්තරීතර විය. එය ඔහු ලෝ වැසියනට අවවාද කරන්නෙකු වශයෙනි. (අල් කුර්ආන් 25 : 1)
 මර්යම්ගේ පුත් ඊසා විෂයයෙහි අල්ලාහ් මෙසේ පවසයි.
إِنْ هُوَ إِلا عَبْدٌ أَنْعَمْنَا عَلَيْهِ وَجَعَلْنَاهُ مَثَلا لِبَنِي إِسْرَائِيلَ (٥٩)
ඔහු ගැත්තෙකු මිස නොවේ. ඔහුට අපි ආශිර්වාද කළෙමු. තවද අපි ඉස්රාඊල් දරුවන්ට ආදර්ශමත් අයෙකු බවට පත් කළෙමු. (අල්-කුර්ආන් 43 : 59)
4.    සියලු නබිවරුන් හා රසූල්වරුන් මවනු ලැබූ මිනිසුන්ය. ඔවුහු අනුභව කරන්නෝය. පානය කරන්නෝය. ඔවුනට ද අමතක වන්නේය. ඔවුහු නිදා ගන්නෝය. ඔවුනට ද රෝග හා මරණය අත් වන්නේය. ඔවුන් ද සෙසු අය මෙන්මය. දේවත්වය හෝ පාලනත්වයේ කිසිදු විශේෂත්වයක් ඔවුනට සතු නොවන්නේය. අල්ලාහ්ගේ අභිමතය පරිදි මිස කිසිවකුට ප්‍රයෝජනයක් හෝ පීඩාවක් කිරීමට ඔවුනට නොහැකිය. අල්ලාග්ගේ වස්තුවෙන් කිසිවක් ඔවුනට හිමි නොවන්නේය. අල්ලාහ් ඔවුනට පෙන් වූ දෑ හැර ගුප්ත කිසිවක් දැන ගැනීමට ඔවුනට හැකියාවක් නොමැත. අල්ලාහ් ඔහුගේ මැවීම් වලට ශුභාරංචි දන්වා සිටින්නන් හා අවවාද කරන්නන් වශයෙන් ඔවුන් ව එවා ඇත
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
قُلْ لا أَمْلِكُ لِنَفْسِي نَفْعًا وَلا ضَرًّا إِلا مَا شَاءَ اللَّهُ وَلَوْ كُنْتُ أَعْلَمُ الْغَيْبَ لاسْتَكْثَرْتُ مِنَ الْخَيْرِ وَمَا مَسَّنِيَ السُّوءُ إِنْ أَنَا إِلا نَذِيرٌ وَبَشِيرٌ لِقَوْمٍ يُؤْمِنُونَ (١٨٨)
අල්ලාහ්ගේ අභිමතය පරිදි මිස කිසිදු යහපතක් හෝ හිංසාවක් හෝ කිරීමට මට කිසිදු අයිතියක් නොමැත. මම ගුප්ත දෑ මැනවින් දන්නේ නම් අධික ලෙස යහපත කරන්නට තිබුණි. තවද කිසිදු නපුරක් මා ස්පර්ශ නොකරන්නට තිබුණි. විශ්වාස කරන ජනයාට අවවාද කරන්නෙකු හා ශුභාරංචි දන්වා සිටින්නෙකු ලෙස මිස මම නොවෙමි.             (අල් කුර්ආන් 7 : 188)
නබිවරුන් හා රසූල්වරුන්ගේ විශේෂත්වයන්
නබිවරුන් හා රසූල්වරුන් හදවතින් මිනිසුන්ට වඩා පිවිතුරු උදවියයි. ඔවුනට වඩා බුද්ධියෙන් දැනුවත් උදවියයි. ඔවුනට වඩා විශ්වාස කිරීමෙන් සැබෑ උදවියයි. ඔවුනට වඩා ගුණාංගයන්ගෙන් උසස් උදවියයි. ඔවුනට වඩා දහමින් පරිපූරණ උදවියයි. ඔවුනට වඩා නැමදුම් කිරීමෙන් බලවත් උදවියයි. ඔවුනට වඩා ශරීරයෙන් පූර්ණ වූ උදවියයි. ඔවුනට වඩා හැඩරුවෙන් අලංකාර උදවියයි.
එමෙන්ම ඇතැම් විශේෂ කරුණු තුළින් සෙසු අයට වඩා ඔවුන් ව විශේෂත්වයට පත් කොට ඇත. ඒවා නම්
පළමුවැන්න : දූත පණිවිඩය දන්වා සිටීමට හා දූත මෙහෙය ඉටු කිරීමට අල්ලාහ් ඔවුන් ව තෝරා ගත්තේය.
1.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
اللَّهُ يَصْطَفِي مِنَ الْمَلائِكَةِ رُسُلا وَمِنَ النَّاسِ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ (٧٥)
අල්ලාහ් මලක්වරුන්ගෙන් ද ජනයා අතුරින් ද රසූල්වරුන් ව තෝරා ගන්නේය. සැබැවින්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව නිරීක්ෂකය. (අල් කුර්ආන් 22 : 75)
2.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَى إِلَيَّ أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ... (١١٠)
සැබැවින්ම මම නුඹලා මෙන්ම මිනිසෙකු පමණි. නුඹලාගේ දෙවියා එකම දෙවියාය යන්න මා වෙත වහී පහළ කරනු ලබන්නේය යැයි (නබිවරය) පවසවු.          (අල් කුර්ආන් 18 : 110)
දෙවැන්න : අකීදා හෙවත් ආගමික ප්‍රතිපත්ති හා නීති රීති තුළින් ජනයාට කුමක් දන්වා සිටින්නේ ද එවැනි දෑ තුළ සුරක්ෂිත කරනු ලැබූවන්ය. ඔවුහු වරදක් කළ විට අල්ලාහ් ඔවුන් ව සත්‍යය හා නිවැරදි දෑ වෙත යොමු කරවයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَالنَّجْمِ إِذَا هَوَى (١)مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَى (٢)وَمَا يَنْطِقُ عَنِ الْهَوَى (٣)إِنْ هُوَ إِلا وَحْيٌ يُوحَى (٤)عَلَّمَهُ شَدِيدُ الْقُوَى (٥)
තාරකාව නොපෙනී යන විට ඒ මත දිවුරමින්. නුඹලාගේ සගයා (වන මුහම්මද්) නොමඟ නොගියේය. එමෙන්ම වැරදි ප්‍රතිපත්තියක ද නොවීය. ඔහුගේ කැමැත්තට අනුව කතා නොකරන්නේය. (ඔහු කතා කළ ද) පිරිනමනු ලැබූ දේව පණිවිඩයක් මිස වෙනකක් නොවන්නේය. දැඩි බලවත් අයෙකු එය ඔහුට ඉගැන්නුවේය. (අල් කුර්ආන් 53 : 1 – 5)
තුන්වැන්න ඔවුන්ගේ මරණයෙන් පසු උරුමකම් නොකියනු ලැබේ.
عَنْ عَائِشَةَ رَضِيَ اللهُ عَنْهَا قَالَتْ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ   " لَا نُورَثُ مَا تَرَكْنَا صَدَقَةٌ " متفق عليه
    අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බවට ආඉෂා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අපට උරුමකම් නොපානු ඇත. අප සදකාවක් හෝ අත් නොහැරියෙමු.  (මූලාශ්‍රය බුහාරි හා මුස්ලිම්)
සිව්වැන්න : සැබැවින්ම ඔවුන්ගේ ඇස් නින්දට ගිය ද ඔවුන්ගේ සිත් නොනිදති.
عَنْ أَنَسَ بْنَ مَالِكٍ رضي الله عنه في قصة الإسراء – وفيه – فقال أنس : وَالنَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَائِمَةٌ عَيْنَاهُ وَلَا يَنَامُ قَلْبُهُ وَكَذَلِكَ الْأَنْبِيَاءُ تَنَامُ أَعْيُنُهُمْ وَلَا تَنَامُ قُلُوبُهُمْ " أخرجه البخاري
ඉස්රා ගමනේ දී සිදු වූ සිදුවීම් සම්බන්ධයෙන් හදීසයක් අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. එහි අනස් (රළියල්ලාහු අන්හු) තුමා
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ දෑස් නින්දට ගොස් තිබිණ. නමුත් එතුමාණන්ගේ සිත නින්දට ගොස් නොතිබිණි. එලෙසම නබිවරුන් ද ඔවුන්ගේ ඇස් නින්දට ගිය ද ඔවුන්ගේ සිත් නොනිදති.  
මෙය ඉමාම් බුහාරි තුමා විසින් දන්වා ඇත.
පස්වැන්න : මරණ මෙහොතේ දී මෙලොව හා මතුලොව අතර සිටිති.
عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : " مَا مِنْ نَبِيٍّ يَمْرَضُ إِلَّا خُيِّرَ بَيْنَ الدُّنْيَا وَالْآخِرَةِ" متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ප්‍රකාශ කරනු තමන්ට ඇසුනු බව ආඉෂා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
රෝගාතුර වූ කිසිදු නබිවරයෙකුට මෙලොව හා මතුලොව අතර තෝරා ගැනීමේ නිදහස දෙනු ලැබුවා මිස නැත. මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්
හයවැන්න : ඔවුන් මිය ගිය පරිදිම වළ දමනු ලබන්නෙහුය.
عَنْ اَبِيْ بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ قال : سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ " لَنْ يُقْبَرَ نَبِيٌّ إِلَّا حَيْثُ يَمُوتُ " أخرجه أحمد
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයට තමන් සවන් දුන් බව අබූ බක්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
නබිවරයෙකු කවර අයුරින් මිය ගියේ ද ඒ අයුරින්ම මිස වළ දමනු නොලබන්නේමය.
මූලාශ්‍රය : අහ්මද්
හත්වැන්න : සැබැවින්ම ඔවුන් ඔවුන්ගේ කබ්ර් තුළ සලාතය ඉටු කරමින් පසු වෙති.
عَنْ أَنَسِ بْنِ مَالِكٍ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "مَرَرْتُ عَلَى مُوسَى لَيْلَةَ أُسْرِيَ بِي عِنْدَ الْكَثِيبِ الْأَحْمَرِ وَهُوَ قَائِمٌ يُصَلِّي فِي قَبْرِهِ  "  أخرجه مسلم
නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
ඉස්රා නම් ආරෝහණ ගමන රාත්‍රියෙහි අල් කසීබිල් අහ්මර් නම් ස්ථානයේ මූසා (අලෙයිහිස් සලාම්) තුමා අසලින් ගමන් කළෙමි. එවිට එතුමාණන් එතුමාගේ කබ්ර් හි සිට ගනිමින් සලාතය ඉටු කරමින් සිටියහ.
عَنْ أَنَسِ بْنِ مَالِكٍ رضي الله عنه عَنِ النَّبِيِّ صلىَّ الله عليه وسلم قال : " الأَنْبِيَاءُ أَحْيَاءٌ فِيْ قُبُوْرِهِمْ يُصَلُّوْنَ " أخرجه أبو يعلى
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
•     නබිවරුන් ඔවුන්ගේ කබ්ර් වල ජීවමානව සිට සලාතය ඉටු කරති. මූලාශ්‍රය : අබූ යඃලා
අටවැන්න : සැබැවින්ම ඔවුන්ගේ භාර්යාවන් ඔවුනට පසුව කිසිවෙකු විසින් විවාහ කරනු නොලැබේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
...وَمَا كَانَ لَكُمْ أَنْ تُؤْذُوا رَسُولَ اللَّهِ وَلا أَنْ تَنْكِحُوا أَزْوَاجَهُ مِنْ بَعْدِهِ أَبَدًا إِنَّ ذَلِكُمْ كَانَ عِنْدَ اللَّهِ عَظِيمًا (٥٣)
නුඹලා අල්ලාහ්ගේ රසූල්වරයාට වේදනාව ගෙන දීමත් ඔහුගෙන් පසු කිසිවිටකත් ඔවුන්ගේ බිරියන් විවාහ කර ගැනීමත් නුඹලාට සුදුසු නොවීය. එය අල්ලාහ් අබියස අති මහත්ය. (අල් කුර්ආන් 7 : 35)
•    නබිවරුන් හා රසූල්වරුන් එකිනෙකා අතර ඇති තරාතිරම්
නබිත්වය නොහොත් දූත මෙහෙය යන විෂයයෙහි නබිවරුන් එක හා සමානය. එය සැමටම ලැබුණු එකම විෂයයකි. එබැවින් එහි තරාතිරමක් නොමැත. නබිරුන් හා රසූල්වරුන් අතර තරාතිරම් වෙනස් වනුයේ ඔවුනොවුන්ගේ තත්ත්වයන්, විශේෂත්වයන් සාධක හා මෘදු ලෙස කටයුතු කිරීම වැනි කාර්යයන්හිය.
එබැවින් ඔවුන් අතුරින් රසූල් වරුන් ද වූහ. නබි වරුන් ද වූහ. උලුල් අස්ම්වරුන් ද වූහ. අල්ලාහ් තම මිතුරා යැයි තෝරා ගත් අය ද වූහ. අල්ලාහ් සමඟ කතා කළ අය ද වූහ. මෙවන් කාරණා මුල්කරගෙන ඔවුන් අතුරින් ඇතමෙකුට වඩා ඇතමෙකු ව අල්ලාහ් උසස් කළේය.  
මේ සියලු කාර්යයන්හි ඔවුන් අතුරින් ශ්‍රේෂ්ඨතමයා වනුයේ ආදම්ගේ දරුවන්ගෙන් නායකයා වූ මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාය.
1.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
تِلْكَ الرُّسُلُ فَضَّلْنَا بَعْضَهُمْ عَلَى بَعْضٍ مِنْهُمْ مَنْ كَلَّمَ اللَّهُ وَرَفَعَ بَعْضَهُمْ دَرَجَاتٍ وَآتَيْنَا عِيسَى ابْنَ مَرْيَمَ الْبَيِّنَاتِ وَأَيَّدْنَاهُ بِرُوحِ الْقُدُسِ ... (٢٥٣(
මෙම රසූල්වරුන්, ඔවුන්ගෙන් ඇතැමෙකු ව ඇතැමෙකු ට වඩා අපි උසස් කළෙමු. ඔවුන් අතුරින් අල්ලාහ් ඔවුන් සමඟ කතා කළ අය ද වෙති. ඔවුන් අතුරින් තවත් සමහරෙකුට තරාතිරම් උසස් කළේය. මර්යම්ගේ පුත් ඊසාට පැහැදිලි සාධක පිරිනමා රූහුල් කුද්ස් (පාරිශුද්ධ ආත්මය) තුළින් ඔහු ව අපි ශක්තිමත් කළෙමු.     (අල් කුර්ආන් 2 : 253)
2.     උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَرَبُّكَ أَعْلَمُ بِمَنْ فِي السَّمَاوَاتِ وَالأرْضِ وَلَقَدْ فَضَّلْنَا بَعْضَ النَّبِيِّينَ عَلَى بَعْضٍ وَآتَيْنَا دَاوُدَ زَبُورًا (٥٥)
අහස් හා මිහිතලයේ සිටින උදවිය පිළිබඳ නුඹේ පරමාධිපති මැනවින් දන්නාය. නබිවරුන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා අපි උසස් කළෙමු. තවද අපි දාවූද් ට සබූර ය පිරිනැමුවෙමු.
(අල් කුර්ආන් 17 : 55)
3.    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
... وَاتَّخَذَ اللَّهُ إِبْرَاهِيمَ خَلِيلا (١٢٥)
අල්ලාහ් ඉබ්‍රාහීම් ව මිතුරෙකු ලෙස ගත්තේය.         (අල් කුර්ආන් 4 : 125)
4.    
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : "فُضِّلْتُ عَلَى الْأَنْبِيَاءِ بِسِتٍّ أُعْطِيتُ جَوَامِعَ الْكَلِمِ وَنُصِرْتُ بِالرُّعْبِ وَأُحِلَّتْ لِيَ الْغَنَائِمُ وَجُعِلَتْ لِيَ الْأَرْضُ طَهُورًا وَمَسْجِدًا وَأُرْسِلْتُ إِلَى الْخَلْقِ كَافَّةً وَخُتِمَ بِيَ النَّبِيُّونَ " أخرجه مسلم
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සෙසු නබිවරුන්ට වඩා කරුණු හයකින් මා උසස් කරනු ලැබුවෙමි. ජවාමිඋ අල් කලිම් හෙවත් කතාවක එකතු ව පිරිනමනු ලැබුවෙමි (මා පිළිබඳ ව සෙසු අය වෙත) බිය (ඇති කිරීම) තුළින් මා උදව් කරන ලැබුවෙමි. මට ඝනීමත් හෙවත් යුද්ධයෙන් අත්පත් කර ගත් දෑ අනුමත කරනු ලැබුවෙමි. මහපොළොව මුළුමණින්ම පිරිසිදු බවටත් නැමදුම් කරන ස්ථානයක් බවටත් මට පත් කරන ලදී. මම සියලුම මැවීම් වලට පොදුවේ එවනු ලැබුවෙමි. මගෙන් නබිවරුන් (පැමිණීම) අවසන් කරන ලදී.
මූලාශ්‍රය : මුස්ලිම්.
5.    ‍
وَعَنْ سعيد رضي الله عنه أن النبيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قال : " لَا تُخَيِّرُوا بَيْنَ الْأَنْبِيَاءِ فَإِنَّ النَّاسَ يَصْعَقُونَ يَوْمَ الْقِيَامَةِ فَأَكُونُ أَوَّلَ مَنْ تَنْشَقُّ عَنْهُ الْأَرْضُ فَإِذَا أَنَا بِمُوسَى آخِذٌ بِقَائِمَةٍ مِنْ قَوَائِمِ الْعَرْشِ فَلَا أَدْرِي أَكَانَ فِيمَنْ صَعِقَ أَمْ حُوسِبَ بِصَعْقَةِ الْأُولَى "  متفق عليه.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
නබිවරුන් අතර විශේෂ තෝරා ගැනීමක් සිදු නොකරනු. නියත වශයෙන්ම ජනයා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සිහිමුර්ජා වෙමින් සිටිති. එවිට මහපොළොව පැළී (එයින් බැහැරට) එන අය අතුරින් පළමුවැන්නා මම වූයෙමි. එවිට මම අර්ෂ් හි පාදවලින් පාදයක් අල්ලා ගෙන මූසා සමඟ සිටිමි. එතුමා සිහි මුර්ජා  වන්නන් අතුරින් වූයේ දැයි හෝ පළමු කම්පනයෙහිම එතුමා විනිශ්චය කරනු ලැබුවේ දැයි හෝ මම නොදනිමි.  (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)
•      නබිවරුන් හා රසූල්වරුන් විශ්වාස කිරීම තුළින් ලැබෙන ප්‍රයෝජන
අල්ලාහ් තම ගැත්තන් වෙත දක්වා ඇති කරුණාව ඔවුන් කෙරෙහි යොමු කරන අවධානය දැන ගැනීමට හැකි වීම. එය ඔවුන් වෙත රසූල්වරුන් එවා ඔවුන්ගේ පරමාධිපතිට නැමදුම් කිරීම සඳහා ඔවුනට එම රසූල්වරුන් ඍජු මඟ පෙන්වා දෙමින් අල්ලාහ්ට එම ගැත්තන් නමදිනුයේ කෙසේ දැයි පෙන්වා දෙමින් තමන්ට හිමි වන තිළිණ හා දඬුවම් පැහැදිලි කිරීම තුළිනි.
ලබා දුන් දායාදයන් වෙනුවෙන් අල්ලාහ්ට ප්‍රශංසා කොට ඔහුට තුති පුද කිරීමට හැකි වීම.
රසූල්වරුන් කෙරෙහි ආදරය පුදා සීමාව ඉක්මවීමෙන් තොරව ඔවුන්ව ප්‍රශංසා කිරීමට හැකි වීම. හේතුව ඔවුන් අල්ලාහ්ගේ රසූල්වරුන් බැවිනි. අල්ලාහ් ව නැමදුම් කිරීමෙහි ද ඔහුගේ දූත පණිවිඩය දන්වා සිටීමෙහි ද ඔහුගේ ගැත්තන්ට උපකාර කිරීමෙහි ද ඔහුගේ මැවීම්වලට කරුණාව දැක්වීමෙහි ද ඔවුන් ස්ථාවර ව සිටි බැවිනි.
ඒක දේවත්වය සැබෑ විශ්වාසය යහ ගතිගුණ පූර්ණ විනය දික්ර් (මෙනෙහි කිරීම්) හා ෂුක්ර් (තුති පුද කිරීම්) හි නිරත වීම අල්ලාහ්ට මුළුමණින්ම අවනත වීම වැනි කවර කරුණුක් වෙනුවෙන් අල්ලාහ් රසූල්වරුන් ව එව්වේ ද ඒ අනුව ඔවුන් ව පිළිපදින්නට හැකි වීම.

නබිවරුන් හා රසූල්වරුන් අතුරින් ශ්‍රේෂ්ඨතමයා
මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා
එතුමාගේ පරම්පරාව හා වැඩීම
එතුමාගේ නාමය මුහම්මද් ය. එනම්
අද්නාන්ගේ පුත් මඅද් ඔහුගේ පුත් නිසාර් ඔහුගේ පුත් මුළර් ඔහුගේ පුත් ඉල්යාස් ඔහුගේ පුත්  මුද්රිකා ඔහුගේ පුත් හුසෙයිමා ඔහුගේ පුත් කිනානා ඔහුගේ පුත් නළර් ඔහුගේ පුත් මාලික් ඔහුගේ පුත් ෆිහ්ර් ඔහුගේ පුත් ගාලිබ් ඔහුගේ පුත් ලුඅයි ඔහුගේ පුත් කඃබ් ඔහුගේ පුත් මුර්රා ඔහුගේ පුත් කිලාබ් ඔහුගේ පුත් කුසෙයි ඔහුගේ පුත් අබ්දු මනාෆ් ඔහුගේ පුත් හාෂිම් ඔහුගේ පුත් අබ්දුල් මුත්තලිම් ඔහුගේ පුත් අබ්දුල්ලාහ්ගේ පුතණුවන් මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාය.  
එතුමාගේ මෙම ගෞරවනීය පරපුර ආදම් (අලෙයිහිස් සලාම්) දක්වා සුරක්ෂිත ව සඳහන් කෙරී ඇත.
එතුමාගේ මව වහබ්ගේ දියණිය වූ ආමිනාය.
මෙතුමා ආමුල් ෆීල් (ඇත් වර්ෂය) යනුවෙන් හැඳින්වෙන එනම් ක්‍රි:ව 570 දී මක්කාහ්වේ උපත ලැබූහ. මව් කුස තුළ සිටියදීම එතුමාණන්ගේ පියා අබ්දුල්ලාහ් මරණයට පත් විය. එතුමාණන් උපත ලැබූ පසු එතුමාණන්ගේ වගකීම් එතුමාගේ සීයා වන අබ්දුල් මුත්තලිබ් භාර ගත්තේය. එතුමා හය වැනි වියේ පසු වන විට එතුමාගේ මව ආමිනා ද මරණයට පත් වූවාය. සීයා ද මරණයට පත් වූ කල්හි එතුමාගේ මහප්පා කෙනෙකු වන අබු තාලිබ් එතුමාණන් ව සිය භාරයට ගත්හ.
දැහැමිකම ඉතිරී ගිය සදාචාර සම්පන්න ආදර්ශමත් ජීවිතයක් එතුමාණන් ගත කළහ. එබැවින් එතුමාණන්ට එතුමාගේ ජනයා අමීන් යනුවෙන් නම් තැබූහ.
හතළිස් වන විය ලැබුවාක් සමඟම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට දේව පණිවිඩ පහළ වන්නට ආරම්භ විය. එවිට එතුමා හිරා ගුහාවෙහි නමදිමින් සිටිය දී එතුමාණන් වෙත සත්‍යය පැමිණියේය. සැබැවින්ම එතුමාණන් අල්ලාහ්ගේ දූතයෙකු බව එතුමාණන්ට දන්වා සිටීය.
අනතුරුව එතුමාණෝ අල්ලාහ් ව හා ඔහුගේ රසූල්වරයා ව විශ්වාස කරන මෙන් ජනයාට ඇරයුම් කිරීමට පටන් ගත්හ. අල්ලාහ්ට පමණක් නමදින මෙන් ද ඔහු හැර වෙනත් දෑ නැමදීමෙන් වැළකී සිටින මෙන් ද සැල කරමින් අල්ලාහ් වෙත ආරාධනා කළහ. විවිධාකාර තාඩන පීඩන වලට මුහුණ දීමට සිදු විය. අල්ලාහ් තම දහම හෙළිදරව් කරන තෙක් එතුමාණෝ ඉවසීමෙන් සිටියහ. මදීනාවට දේශ තරණය කළහ. ආගමික නීති ආගම් ගත කරනු ලැබීය. ඉස්ලාමය වැජඹෙන්නට ආරම්භ විය. දහම සම්පූර්ණ කරනු ලැබීය.
පසුව එතුමාණෝ හිජ්රි වර්ෂ 11 දී රබීඋනිල් අව්වල් මාසයේ සඳුදා දිනයෙහි මරණයට පත් වූහ. එවිට එතුමාගේ වයස අවුරුදු 60ක් විය. පැහැදිලි ප්‍රචාරය දන්වා සිටීමෙන් අනතුරුව එතුමා උත්තරීතර මිතුරා සමඟ සේන්දු වූහ. නිසි කැපවීමකින් යුතුව අල්ලාහ්ගේ මාර්ගයේ කැප වූහ. සමාජයට යහ මාර්ගය පෙන්වා දුන්හ. සියලුම නපුරුකම්වලින් වැළැක්වූහ. අල්ලාහ්ගේ සියලුම ආශිර්වාදයන් හා ශාන්තිය ඔහු වෙත ලැබුණි.
එතුමාණන්ගේ සුවිශේෂත්වය.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ විශේෂත්වය වනුයේ එතුමා නබිවරුන්ගේ මුද්‍රවය. එතුමා සියලු රසූල්වරුන්ගේ නායකයාය. බැතිමතුන් මෙහෙයවන්නාය. එතුමාගේ පණිවිඩය පොදුවේ ජින් හා මිනිස් දෙවර්ගයටම පොදු විය. අල්ලාහ් එතුමාණන් ව ලෝ වැසියන්ට කරුණාවක් ලෙස එවීය. එතුමාණන් ව බයිතුල් මුකද්දිස් වෙත ගමන් කරවනු ලැබ අහස දෙසට ආරෝහණය කරනු ලැබීය. නබිත්වය හා දූතත්වයේ වර්ණනා වලින් අල්ලාහ් එතුමාණන් ව ඇමතුවේය. තවද එතුමාණන්ට ජාමිඋල් කලිම් (ප්‍රකාශයේ ගොනුව) පිරිනමනු ලැබීය.
තවද කිසිදු නබිවරයෙකුට ලබා නොදුන් කරුණු පහකින් අල්ලාහ් එතුමාණන් ව විශේෂිත කළේය.
عَنْ جَبِر بن عبد الله رضي الله عنهما أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : "أُعْطِيتُ خَمْسًا لَمْ يُعْطَهُنَّ أَحَدٌ قَبْلِي نُصِرْتُ بِالرُّعْبِ مَسِيرَةَ شَهْرٍ وَجُعِلَتْ لِي الْأَرْضُ مَسْجِدًا وَطَهُورًا فَأَيُّمَا رَجُلٍ مِنْ أُمَّتِي أَدْرَكَتْهُ الصَّلَاةُ فَلْيُصَلِّ وَأُحِلَّتْ لِي الْمَغَانِمُ وَلَمْ تَحِلَّ لِأَحَدٍ قَبْلِي وَأُعْطِيتُ الشَّفَاعَةَ وَكَانَ النَّبِيُّ يُبْعَثُ إِلَى قَوْمِهِ خَاصَّةً وَبُعِثْتُ إِلَى النَّاسِ عَامَّةً" متفق عليه .
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ජාබිර් බින් අබ්දිල්ලාහ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.  
මට පෙර කිසිවෙකු ට පිරි නොනැමූ කරුණු පහක් මට පිරිනමනු ලැබීය. 1) මසක කාලයක් (ඇවිදින) දුරට සතුරන්ගේ සිත් තුළ මා ගැන බියමුසු හැඟීමක් ඇති කරවීමෙන් මම උදව් කරනු ලැබුවෙමි. 2) මහපොළොව මුළුමණින්ම නමදින ස්ථානයක් ලෙස ද පිරිසිදු ස්ථානයක් ලෙස ද පත් කරන ලදී. මිනිසෙකු කොතැනක සිටිය ද ඔහුට සලාතයේ වේලාව පැමිණියේ නම් ඔහු සලාතය ඉටු කරත්වා ! 3) යුද්ධයෙන් අත්පත් කර ගන්නා දෑ මට අනුමත කරන ලදී. 4) මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැදිහත් වී කතා කිරීමේ භාග්‍යය මට පිරිනමා ඇත. 5) නබිවරුන් විශේෂයෙන් තම ජන සමූහයාට පමණක් එවනු ලද්දෝය. නමුත් මම සියලු ජනයාට පොදුවේ එවනු ලැබුවෙමි.  මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්.
එතුමාගේ සමාජය සමඟ සසදා බලන කල ඔවුන්ට හැර එතුමාණන්ට පමණක් විශේෂිත වූ කරුණු අතුරින් විසාල් හෙවත් උපවාස ශීලයේ දින දෙකක් එකවර උපවාසයේ නිරතවීම. මහර් හෙවත් විවාහ ත්‍යාග මුදලින් තොරව විවාහ කර ගැනීම. කාන්තාවන් සිව් දෙනෙකුට වඩා විවාහ කර ගැනීම. එතුමාණන්ට පසු එතුමාණන්ගේ බිරියන් වෙනත් අය සමඟ විවාහ නොවීම. සදකා වස්තුව භුක්ති විදීමෙන් තොර වීම. ජනයා සවන් නොදෙන දෑ ට එතුමාණන් සවන් දීම. ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමාණන් ව කවර අයුරින් අල්ලාහ් මැව්වේ ද ඒ අයුරින්ම එතුමාණන් ඔහු ව දුටුවාක් මෙන් කිසිවෙකුට නොදැකිය හැකි දෙයක් දකින්නට හැකි වීම. ඔහුට එතුමාණන්ට උරුමක්කරුවන් කිසිවෙකු නොවීම වැනි කරුණු පෙන්වා දිය හැක.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට වහී පහළ වීමට ආරම්භ වීම
عَنْ عَائِشَةَ أُمِّ الْمُؤْمِنِينَ رضي الله عنها أَنَّهَا قَالَتْ : " أَوَّلُ مَا بُدِئَ بِهِ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مِنْ الْوَحْيِ الرُّؤْيَا الصَّالِحَةُ فِي النَّوْمِ فَكَانَ لَا يَرَى رُؤْيَا إِلَّا جَاءَتْ مِثْلَ فَلَقِ الصُّبْحِ ثُمَّ حُبِّبَ إِلَيْهِ الْخَلَاءُ وَكَانَ يَخْلُو بِغَارِ حِرَاءٍ فَيَتَحَنَّثُ فِيهِ - وَهُوَ التَّعَبُّدُ - اللَّيَالِيَ ذَوَاتِ الْعَدَدِ قَبْلَ أَنْ يَنْزِعَ إِلَى أَهْلِهِ وَيَتَزَوَّدُ لِذَلِكَ ثُمَّ يَرْجِعُ إِلَى خَدِيجَةَ فَيَتَزَوَّدُ لِمِثْلِهَا حَتَّى جَاءَهُ الْحَقُّ وَهُوَ فِي غَارِ حِرَاءٍ فَجَاءَهُ الْمَلَكُ فَقَالَ اقْرَأْ قَالَ مَا أَنَا بِقَارِئٍ
විශ්වාසවන්තයින්ගේ මව යැයි සැලකෙන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.
වහී හෙවත් දේව පණිවිඩයෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ට  පහළ වන්නට පටන් ගත් දැයින් මුල්ම ක්‍රමය වනුයේ නින්දේ දී දුටු පැහැදිලි දැහැමි හීනයයි. එතුමාණන් එය උදෑසන උදාවන වේලාවේ පැමිණියාක් මෙන් මිස එම හීනය නොදුටුහු. පසුව එතුමාණන්ට තනිකම ප්‍රිය කරන ලද්දේය. එතුමාණන් හිරා නම් ගුහාවෙහි තනි ව සිට තම පවුල වෙත යෑමට පෙර දින ගණනාවක් රාත්‍රියෙහි නැමදුම් වල නිරත වූහ. ඒ වෙනුවෙන් අවශ්‍ය මෙවලම් සූදානම් කර ගත්හ. පසුව නැවතත් හදීජා වෙත ගොස් ඒහා සමාන ලෙසින් අවශ්‍ය මෙවලම් සූදානම් කර ගත්හ. මෙලෙස එතුමාණන් හිරා ගුහාවෙහි එතුමාණන් සත්‍යය පැමිණෙන තෙක් සිටියහ. එවිට එතුමාණන් වෙත මලක්වරයා පැමිණ ඉක්රඃ ඔබ කියවන්නැයි පවසා සිටියහ. මම කියවන්නට දන්නා කෙනෙකු නොවෙමි යැයි පිළි තුරු දුන්හ.
قَالَ فَأَخَذَنِي فَغَطَّنِي حَتَّى بَلَغَ مِنِّي الْجَهْدَ ثُمَّ أَرْسَلَنِي فَقَالَ اقْرَأْ قُلْتُ مَا أَنَا بِقَارِئٍ فَأَخَذَنِي فَغَطَّنِي الثَّانِيَةَ حَتَّى بَلَغَ مِنِّي الْجَهْدَ ثُمَّ أَرْسَلَنِي فَقَالَ اقْرَأْ فَقُلْتُ مَا أَنَا بِقَارِئٍ فَأَخَذَنِي فَغَطَّنِي الثَّالِثَةَ ثُمَّ أَرْسَلَنِي فَقَالَ { اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ خَلَقَ الْإِنْسَانَ مِنْ عَلَقٍ اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ }
එතුමාණන් තවදුරටත් මෙසේ ප්‍රකාශ කර සිටියහ.
පසුව ඔහු මා අල්ලා ගෙන මට අපහසු වන තෙක් තදින් වැලඳ ගත්හ. පසුව මා අතහැර දමා ඔබ කියවන්නැයි පැවසුවේය. මම කියවන්නට දන්නා කෙනෙකු නොවෙමි යැයි පිළිතුරු දුනිමි. පසුව ඔහු මා අල්ලා ගෙන දෙවන වරටත් මට අපහසු වන තෙක් තදින් වැලඳ ගත්හ. පසුව මා අතහැර දමා ඔබ කියවන්නැයි පැවසුවේය. මම කියවන්නට දන්නා කෙනෙකු නොවෙමි යැයි පිළිතුරු දුනිමි. තුන්වන වරටත් ඔහු මා අල්ලා ගෙන  තදින් වැලඳ ගත්හ. පසුව මා අතහැර දමා ඔබ කියවන්නැයි පවසා (පහත සඳහන් අයුරින් සූරා අලක් හි මුල් වැකි පාරායනා කර පෙන්වීය.)
اقْرَأْ بِاسْمِ رَبِّكَ الَّذِي خَلَقَ خَلَقَ الْإِنْسَانَ مِنْ عَلَقٍ اقْرَأْ وَرَبُّكَ الْأَكْرَمُ
තේරුම : මැවූ ඔබගේ පරමාධිපතිගේ නාමයෙන් කියවන්න. කූඩැල්ලෙකුගේ ස්වරූපයෙන් ඇලී ඇති දැයකින් ඔහු මිනිසා ව මැව්වේය. කියවන්න ඔබගේ පරමාධිපති ඉතා ගෞරවනීයය.
فَرَجَعَ بِهَا رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَرْجُفُ فُؤَادُهُ فَدَخَلَ عَلَى خَدِيجَةَ بِنْتِ خُوَيْلِدٍ رَضِيَ اللَّهُ عَنْهَا فَقَالَ زَمِّلُونِي زَمِّلُونِي فَزَمَّلُوهُ حَتَّى ذَهَبَ عَنْهُ الرَّوْعُ فَقَالَ لِخَدِيجَةَ وَأَخْبَرَهَا الْخَبَرَ لَقَدْ خَشِيتُ عَلَى نَفْسِي فَقَالَتْ خَدِيجَةُ كَلَّا وَاللَّهِ مَا يُخْزِيكَ اللَّهُ أَبَدًا إِنَّكَ لَتَصِلُ الرَّحِمَ وَتَحْمِلُ الْكَلَّ وَتَكْسِبُ الْمَعْدُومَ وَتَقْرِي الضَّيْفَ وَتُعِينُ عَلَى نَوَائِبِ الْحَقِّ
පසුව අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තම හදවත වෙවුලමින් හැරී ගොස් කදීජා බින්ත් හුවෙයිලිද් වෙත පිවිසුණහ. පසුව මා පොරවන්න මා පොරවන්නැයි පවසා සිටියහ. පසුව එතුමාණන්ගේ බිය ඉවත් වන තුරු එතුමාණන් ව පෙරෙව්වාය. පසුව කදීජා තුමියට සිදු වූ සිද්ධිය දන්වා සැබැවින්ම මම මා ගැන බිය වෙමි යැයි පැවසූහ. එවිට කදීජා තුමිය එසේ කිසිවක් සිදු නොවන්නේය. කිසි විටක අල්ලාහ් ඔබ ව දුකට පත් කරන්නේ නැත. සැබැවින්ම ඔබ ඥාතීන් සමඟ බැදියාවෙන් කටයුතු කරන්නෙහිය. ඉසිලිය නොහැකි බරක් උසුලන්නෙහිය. නැති බැරි උදවියට උපයන්නෙහිය. ආගන්තුකයින්ට සත්කාර කරන්නෙහිය. සත්‍යය ඉටු කිරීමට උපකාර කරන්නෙහිය.
فَانْطَلَقَتْ بِهِ خَدِيجَةُ حَتَّى أَتَتْ بِهِ وَرَقَةَ بْنَ نَوْفَلِ بْنِ أَسَدِ بْنِ عَبْدِ الْعُزَّى ابْنَ عَمِّ خَدِيجَةَ وَكَانَ امْرَأً قَدْ تَنَصَّرَ فِي الْجَاهِلِيَّةِ وَكَانَ يَكْتُبُ الْكِتَابَ الْعِبْرَانِيَّ فَيَكْتُبُ مِنْ الْإِنْجِيلِ بِالْعِبْرَانِيَّةِ مَا شَاءَ اللَّهُ أَنْ يَكْتُبَ وَكَانَ شَيْخًا كَبِيرًا قَدْ عَمِيَ فَقَالَتْ لَهُ خَدِيجَةُ يَا ابْنَ عَمِّ اسْمَعْ مِنْ ابْنِ أَخِيكَ فَقَالَ لَهُ وَرَقَةُ يَا ابْنَ أَخِي مَاذَا تَرَى فَأَخْبَرَهُ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ خَبَرَ مَا رَأَى
පසුව කදීජා තුමිය එතුමියගේ බාප්පාගේ පුතෙකු වූ වරකා ඉබ්නු නව්ෆල් වෙත පැමිණියාය. එතුමාණන් අඥාන යුගයේ කිතු දහම මැනවින් දැන සිටි පුද්ගලයෙකු විය. ඉබ්රානී බසින් පොත්පත් ලියන්නෙකු ද විය. එලෙස ලිවීමට අල්ලාහ් අභිමත කළ පරිදි ඉබ්රානී බසින් ඉන්ජීලය ලිව්වේය. දෑසේ පෙනීම දුර්වල වූ වයෝවෘද්ධ කෙනෙකු විය. කදීජා තුමිය ඔහුට අහෝ මගේ බාප්පාගේ පුතනුවනි ! ඔබගේ සහෝදරයාගේ පුතණුවන්ට සවන් දෙන්නැයි ප්‍රකාශ කර සිටියාය. පසුව ඔහු එතුමාණන් දෙස බලා මාගේ සහෝදරයාගේ පුතණුවන් ඔබ දුටු දෑ කුමක් දැයි විමසා සිටියහ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් තමන් දුටු දෑ ඔහුට දන්වා සිටියහ.
 فَقَالَ لَهُ وَرَقَةُ هَذَا النَّامُوسُ الَّذِي نَزَّلَ اللَّهُ عَلَى مُوسَى يَا لَيْتَنِي فِيهَا جَذَعًا لَيْتَنِي أَكُونُ حَيًّا إِذْ يُخْرِجُكَ قَوْمُكَ فَقَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَوَمُخْرِجِيَّ هُمْ قَالَ نَعَمْ لَمْ يَأْتِ رَجُلٌ قَطُّ بِمِثْلِ مَا جِئْتَ بِهِ إِلَّا عُودِيَ وَإِنْ يُدْرِكْنِي يَوْمُكَ أَنْصُرْكَ نَصْرًا مُؤَزَّرًا ثُمَّ لَمْ يَنْشَبْ وَرَقَةُ أَنْ تُوُفِّيَ وَفَتَرَ الْوَحْيُ "  متفق عليه
මූසා (අලෙයිහිස් සලාම්) තුමා වෙත අල්ලාහ් පහළ කළ නාමූස්ය ඔහු. අහෝ මා මෙහි කුඩා අවදියේ පසුවන්නේ නම් ! ඔබ ව ඔබේ සමාජය වෙත පහළ කරන විට මා ද ජීවතුන් අතර සිටියා නම් ! (කෙතරම් අගනේ ද) යැයි පවසා සිටීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔවුන් මා පිටුවහල් කරති දැයි විමසා සිටියහ. ඔහු එසේය ඔබ ගෙන ආ දේ මෙන් කිසිවෙකු පීඩා විදිමින් මිස කිසිවිටක ගෙන ආවේ නැත. තවද ඔබ එය ගෙන එන දින මම ජීවත් ව සිටින්නේ නම් ඔබට මම බලවත් ලෙස උදව් කරමි. පසුව වරකා තුමා මරණය ට පත්වීම වැළැක්විය නොහැක්කක් විය. වහී පහළ වීමට ද ප්‍රමාද විය. මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්
එතුමාණන්ගේ බිරියන්
උම්මහාතුල් මුඃමිනීන් විශ්වාසවන්තයින්ගේ මව්වරුන් යැයි සලකනුයේ මෙලොව හා මතුලොව අල්ලාහ්ගේ දූතයාණන්ගේ බිරියන්ය. ඔවුන් සියල්ලෝම අල්ලාහ්ට අවනත ව කටයුතු කළා වූ ද දැහැමි වූ ද පිවිතුරු වූ ද පාරිශුද්ධ වූ ද පතිවත රැකගත්තා වූ ද සියලු නපුරුකම් වලින් නිදෝස් වූ ද උදාර කාන්තාවන්ය. ඔවුන්ගේ සංඛ්‍යාව එකොළස් දෙනෙකි.
1.    කදීජා බින්ත් කුවයිලිද් (රළියල්ලාහු අන්හා)
2.    ආඉෂා බින්ත් අබූ බක්ර් (රළියල්ලාහු අන්හා)
3.    සව්දා බින්ත් සම්ආ (රළියල්ලාහු අන්හා)
4.    හෆ්සා බින්ත් උමර් (රළියල්ලාහු අන්හා)
5.    සෙයිනබ් බින්ත් හුසෙයිමා (රළියල්ලාහු අන්හා)
6.    උම්මු සලමා (රළියල්ලාහු අන්හා)
7.    සෙයිනබ් බ්න්ත් ජහ්ෂ් (රළියල්ලාහු අන්හා)
8.    ජුවෙයිරිය්යා බින්ත් අල් හාරිස් (රළියල්ලාහු අන්හා)
9.    උම්මු හබීබා බින්ත් අබී සුෆ්යාන් (රළියල්ලාහු අන්හා)
10.    සෆිය්යා බින්ත් හුයයි. (රළියල්ලාහු අන්හා)
11.    මයිමූනා බින් අල් හාරිස් (රළියල්ලාහු අන්හා) යන අය වෙති.
මොවුන් අතුරින් මෙතුමාට පෙර මරණයට පත් වූයේ කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය හා සෙයිනබ් බින්ත් හුසෙයිමා (රළියල්ලාහු අන්හා) තුමියයි. සෙසු නව දෙනාම මෙතුමාට පසුව මරණයට පත්වූවෝය.
ඔවුන් අතුරින් ශ්‍රේෂ්ඨතම බිරියන් වූයේ කදීජා (රළියල්ලාහු අන්හා) තුමිය හා ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය වෙති.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)ගේ දරුවන්
1.    පිරිමි දරුවන් :
    නබිතුමාණන්ට දාව පිරිමි දරුවන් තිදෙනෙකු උපත ලැබූහ. එනම් කදීජා තුමිය මාර්ගයෙන් කාසිම් හා අබ්දුල්ලාහ් ද එතුමාණන්ගේ වහලියක් වූ මාරියතුල් කිබ්තිය්යා මගින් ඉබ්‍රාහීම් ද වේ. මොවුන් සියලෝලෝම කුඩා අවදියේම මිය යැදුණෝය.
2.    ගැහැනු දරුවන් :
    නබි තුමාණන්ට දාව ගැහැනු දරුවෝ සිව් දෙනෙකු උපත ලැබූහ. එනම් සෙයිනබ්, රුකෙයියා, උම්මු කුල්සූම්, ෆාතිමා මොවුන් සියලු දෙනාම කදීජා තුමිය මාර්ගයෙන් ලැබුණු අය වෙති. ෆාතිමා තුමිය හැර සෙස තිදෙනාම මෙතුමාගේ මරණයට පෙරම විවාහ වී මරණයට පත් වූහ. නමුත් ෆාතිමා තුමිය මරණයට පත් වූයේ මෙතුමාට පසුවය. ඔවුන් සියලු දෙනාම අල්ලාහ්ට අවනත වූ පාරිශුද්ධ වූ පිවිතුරු කාන්තාවන්ය. ඔවුන් සියලු දෙනාවම අල්ලාහ් පිළිගත්තේය.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ සහගාමීන්
නබි තුමාණන්ගේ සහාබිවරුන් හෙවත් සහගාමීන්ගේ යුගය ශ්‍රේෂ්ඨතම යුගයයි. සියලු ජන සමූහයන්ට වඩා අති ශ්‍රේෂ්ඨත්වයක් ඔවුන් සතු වෙයි. අල්ලාහ් තම නබි සමඟ මිතුරුකම් පාන්නට ඔවුන් ව තොරා ගත්තේය. එබැවින් ඔවුන් අල්ලාහ්ව ද ඔහුගේ දූතයාණන්ව ද විශ්වාස කළහ. අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට උපකාර කළහ. දහම හේතුවෙන්ම ඔවුහු හිජ්රත් කළහ. දහම හේතුවෙන්ම උපකාර කළහ. අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය හා ජීවිත පුද කරමින් කැපවූහ. මෙලෙස අල්ලාහ් ඔවුන් ගැන තෘප්තියට පත් ව ඔවුන් ද අල්ලාහ් ගැන තෘප්තියට පත් වන තෙක් කටයුතු කළහ. ඔවුන් අතුරින් උසස්ම අය වනුයේ මුහාජිර්වරුන් හෙවත් මක්කාහ්වේ සිට මදීනාවට හිජ්රත් කළ උදවියයි. ඉන් පසුව ඔවුනට උදව් උපකාර කළ අන්සාරිවරුන් හෙවත් මදීනාවේ සිටි උදවියයි.
 عَنْ عَبْدِ اللَّهِ بن مسعود رَضِيَ اللَّهُ عَنْهُ عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " خَيْرُ النَّاسِ قَرْنِي ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ثُمَّ الَّذِينَ يَلُونَهُمْ ثُمَّ يَجِيءُ أَقْوَامٌ تَسْبِقُ شَهَادَةُ أَحَدِهِمْ يَمِينَهُ وَيَمِينُهُ شَهَادَتَهُ " متفق عليه
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
ජනයා අතුරින් ශ්‍රේෂ්ඨ වනුයේ මාගේ යුගයේ සිටියවුන්ය. අනතුරුව ඔවුනට පසු වූවන්ය. අනතුරුව ඔවුනට ද පසු වූවන්ය. පසුව කණ්ඩායම් පැමිණෙති. ඔවුන්ගෙන් කෙනෙකු ඔහුගේ දිවුරීමට සාක්ෂි ඉදිරිපත් කරයි. තවත් අතකින් ඔහුගේ සාක්ෂියට දිවුරුම් ඉදිරිපත් කරයි.
මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්
සහාබිවරුන්ට සෙනෙහස පෑම
සියලු සහාබාවරුන්ට හදවතින්ම සෙනෙහස පෑමත් ඔවුන් ව තම මුවින් ප්‍රශංසා කිරීමත් ඔවුන් පිළිබඳ තෘප්තියට පත් වීමත් ඔවුන් වෙනුවෙන් සමාව අයැදීමත් ඔවුන් පිළිබඳ ව ඇති වන මත ගැටුම් වලින් වැළකීමත් ඔවුනට දොස් නොපැවරීමත් විශ්වාසයේ සලකුණු අතුරිනි. එසේ නම් ඔවුන්ගේ යහපත මහිමය දැහැමිකම අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට අවනත ව ඉටු කළ උපකාරයන්  අල්ලාහ්ගේ මාර්ගයේ ජීවිත කැප කිරීම ඔවුන්ගේ ප්‍රචාරක කටයුතු හිජ්රත් කිරීම උදව් උපකාරයන් තම ජීවිත හා ධනය අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා වැය කිරීම ඔවුන් පිළිබඳ ව අල්ලාහ් තෘප්තියට පත් වීම පිළිබඳ ව කතා කළ යුතු වේ.
1. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَالسَّابِقُونَ الأوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالأنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الأنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ (١٠٠)
දේශ තරණය කළවුන්ගෙන් ද උදව් උපකාර කළවුන්ගෙන් ද ප්‍රථම වරට ප්‍රමුඛත්වය ලබා ගත්තවුන් හා ඔවුන් ව යහ අයුරින් පිළිපැද්දවුන් පිළිබඳ ව අල්ලාහ් තෘප්තියට පත් විය. ඔහු පිළිබඳ ව ඔවුහු ද තෘප්තියට පත් වූහ. පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් ඔවුන් වෙනුවෙන් ඔහු සූදානම් කළේය. ඔවුහු එහි සදාතනිකයින් වෙති. මහත් වූ ජයග්‍රහණය එයයි.          (අල් කුර්ආන් 9 : 100)
2. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَالَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوْا وَنَصَرُوا أُولَئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ (٧٤)
සැබිවින්ම විශ්වාස කර දේශ තරණය කර අල්ලාහ්ගේ මාර්ගයේ කැප වූවන් (වන මුහාජිර්වරුන්) ද (ඔවුනට) ඉඩ පහසුකම් සලසා දී උදව් උපකාර කළවුන් (වන අන්සාර්වරුන්) ද වන ඔවුන්මය සැබෑ විශ්වාසවන්තයින් වන්නේ. ඔවුනට සමාව ද (ස්වර්ගයේ) ගෞරවනීය සංග්‍රහයන් ද ඇත. (අල් කුර්ආන් 8 : 74)
3.
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ " لَا تَسُبُّوا أَصْحَابِي لَا تَسُبُّوا أَصْحَابِي فَوَالَّذِي نَفْسِي بِيَدِهِ لَوْ أَنَّ أَحَدَكُمْ أَنْفَقَ مِثْلَ أُحُدٍ ذَهَبًا مَا أَدْرَكَ مُدَّ أَحَدِهِمْ وَلَا نَصِيفَهُ " متفق عليه.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
මාගේ සහගාමීන්ට නුඹලා දොස් නොපවරනු. මාගේ සහගාමීන්ට නුඹලා දොස් නොපවරනු. මගේ ආත්මය කවුරුන් අතෙහි පවතින්නේද  ඔහු මත දිවුරා පවසමි. නුඹලාගෙන් කෙනෙකු උහද් කන්ද තරම් රත්රන් වියදම් කර තිබුණ ද ඔවුන්ගෙන් කිසිවෙකුගේ ප්‍රමාණය හෝ ඉන් අඩක ප්‍රමාණයක් හෝ නොලබන්නේය. මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්.