ප්රා.ර්ථනාව- නැමදුමකි

දුආ යනු නැමදුමකි.1
2. තමා වෙත දුආ නොකරන්නෙක් පිළිබඳ ව අල්ලාහ් කෝපවෙයි
3. ප්රාදර්ථනාවන් පිළි ගනු නොලබනුයේ ඇයි ?
4. වසීලා පැතීමෙ හි නීතිය
5. නින්ද ට පෙර ප්රානර්ථනා කළ යුතු දෑ
6. ප්‍රාර්ථනාවන් පිළි ගනු ලබන අවස්ථාවන්
7. මොවුන්ගේ ප්‍රාර්ථනාවන් පිළි ගනු ලැබේ.
8. තමන් ගේ විනාශය උදෙසා ප්‍රාර්ථනා නොකළ යුතුයි.
9. දික්ර් හා දුආ
10. ප්‍රාර්ථනා කිරීමෙ හි විනය.
11. ප්‍රාර්ථනාවන් අයැද සිටීමේ පිළිවෙළ
12. සලාතය හා ඉන් පසු ව ඇති ප්‍රාර්ථනාවන්
13. සලාත ය ඉටු කළ පසු ව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ
ප්රතසිද්ධ වුව ද පූර්ව සාධක රහිත ප්රාසර්ථනාවන්14
මඃසූරාත් පාරායනය කරමු.15
16. ප්රාරර්ථනාවෙ හි නියැළෙන දැහැමියන්
17. දෙමාපියන් වෙනුවෙන් හා විශ්වාසවන්තයින් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමු.

اسم الكتاب: الدعاء عبادة


تأليف: أحمد مبارك محمد مخدوم


الناشر: المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة


نبذة مختصرة: كتاب مترجم إلى اللغة السنهالية يبين أن الدعاء هو العبادة كما قال النبي - صلى الله عليه وسلم - وفيه :
1. ا لدعاء عبادة كما جاء في الأحاديث الصحيحة.
2. يتقرب العبد بدعائه إلى رحمة الله.
3. لماذا لايقبل الدعاء؟
4. أحكام الوسيلة
5. الأدعية الواردة
6. حالات قبول الدعاء
7. يقبل دعاء هؤلاء.
8. لا يجوز الدعاء بحدوث الشر أو المصيبة
9.الأدعية والأذكار الواردة وأساليبها
10. الذكر بعد الصلاة كما ورد عن النبي صلى الله عليه وسلم
11. الأدعية البدعية المنتشرة.
12. دعاء المؤمنين.
13. الإستغفار للوالدين وللمؤمنين.

 දුආ    
  විනය හා ක්‍රමය
  වන කොටස


] සිංහල – Sinhala –[ سنهالي  

මව්ලවි එම්.එම්. මුබාරක් ගෆූරි B.A. (මදනි)


පරිවර්තණය

මාහිර් රම්ඩීන්

 

 

 

 

2014 - 1436
 
 
الدعاء عبادة
من كتاب شروط وآداب الدعاء
« باللغة السنهالية »

 

الشيخ أحمد مبارك محمد مخدوم


ترجمة: ماهر رمدين

 

 

 


2014 - 1436
 


 දුආ
විනය හා ක්‍රමය
මව්ලවි එම්.එම්. මුබාරක් ගෆූරි B.A. (මදනි)
ලේකම් සමස්ත ලංකා ජම්ඉය්යතුල් උලමා

පරිවර්තනය
මව්ලවි මාහිර් ටී.ඩී රම්ඩීන්

කොටස 1     
දුආ -ප්‍රාර්ථනාව- නැමදුමකි.

 

 

දුආ -ප්‍රාර්ථනාව- නැමදුමකි.
    සියලු ජීවීන් මැවූ අල්ලාහ් අසීමිත කරුණාන්විත ය. අසමසම කරුණා ගුණයෙන් යුක්ත ය. සියලු දෙනා හට ආශිර්වාද පිරිනමන දයාන්විත ය. ඔහුගේ ආශිර්වාදය අහස් හා මිහිතලයෙ හි ව්‍යාප්ත ව පවතී. ඔහුගෙන් පතන්නා පතන දේ හිමි කර ගනී. ඔහුගෙන් නොපතන්නා සමග ඔහු කෝප වෙයි.
عَنْ أَبِي ھُرَيْرَةَ رَضِيَ الله عَنْهُ: أَنَّ رَسُولَ الله صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ قَالَ مَنْ لَمْ يَدْعُ اللهَ غَضِبَ عَلَيْهِ رواه الترمذي
    කවරෙකු අල්ලාහ්ගෙන් නොපතන්නේ ද ඔහු කෙරෙහි අල්ලාහ් කෝප වන්නේය යැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූහ.
වාර්තා කරු: අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු,
මූලාශ්‍රය: අත්-තිර්මිදි.    
    අල්ලාහ් ගේ උදහස ට ලක් වන්නේ දුආ-ප්‍රාර්ථනා ව යන නැමදුම අත හැර දමන බැවිනි. තවදුරටත් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පහත සඳහන් අයුරින් ප්‍රකාශ කළහ.
عَنْ النُّعْمَانِ بْنِ بَشِيرٍ قال رَسُوْلُ الله صَلَّ اللهُ عَليْهِ وَسَلَّمَ "قَالَ الدُّعَاءُ هُوَ الْعِبَادَةُ" وَقَرَأ "وَقَالَ رَبُّكُمْ ادْعُونِي أَسْتَجِبْ لَكُمْ إِلَى قَوْلِهِ دَاخِرِينَ" رواه النسا وابن ماجه و أحمد والترمذي

    ‘දුආ ප්‍රාර්ථනාව යනු නැමදුමකි‘ යැයි පවසා ‘මගෙන් පමණක් පතන්න මම ඔබට පිළිතුරු දෙමි‘ යැයි අල්ලාහ් පැවසීය යන තේරුම ඇති ආයතය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පාරායනය කළහ.
වාර්තාකරු: අන්-නුඃමාන් ඉබ්නු බෂීර් රළියල්ලාහු අන්හු,
මූලාශ්‍රය: අන්නසාඊ, ඉබ්නු මාජා, මුස්නද් අහ්මද්, තිර්මිදි.
إِنَّ الَّذِينَ يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِي سَيَدْخُلُونَ جَهَنَّمَ دَاخِرِينَ
    මා නැමදීමෙන් දුරස් වී කවරෙකු අහංකාරකම් පාන්නේ ද ඔවුන් සැබැවින්ම නීචයින් ලෙසින් නිරයට පිවිසෙනු ඇත.                          (අල්-කුර්ආන් 40:60)
    දුආ ප්‍රාර්ථනාවන් නොපතන්නා අහංකාර අයෙකි. ඔහු නිරය හිමි කර ගනියි. එබැවින් අල්ලාහ්ට පමණක් නැමදීම මෙන්ම ඔහුගෙන්ම උදව් පැතිය යුතුයි. අල්ලාහ්ගෙන් කෙනෙකු පතන පැතුම මහත් ලැබීමක් ලෙස සිතිය යුතුයි. දුආ ප්‍රාර්ථනාවට වඩා උසස් දෙයක් අල්ලාහ් අබියස නොමැත යැයි අල්ලාහ්ගේ දූත (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ.
වාර්තාකරු : අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: තිර්මිදි
    කෙනෙකු තම දුආ ප්‍රාර්ථනාව මගින් පැමිණ ඇති හා පැමිණීමට නියමිත සියල්ලට පැහැදිලිතාවක් දකියි. අල්ලාහ් පහත සඳහන් අයුරින් පවසනුයේ එනිසාය.  
أَمَّن يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ
    දුෂ්කරතාවක පැටලී දඟලන්නෙකු අභය පතන විට (ඔවුනට) පිළිතුරු සපයා ඔවුන්ගේ දුෂ්කරත්වය ඉවත් කරන්නා කවරෙකු ද?  (අල්-කුර්ආන් 27:63)
    නියත වශයෙන්ම අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොමැත. මෙය අර්ථවත් කරමින් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූ ප්‍රකාශය ද පිහිටා ඇත.
عَنْ ابْنِ عُمَرَ رضي الله عنهما قَالَ قَالَ رَسُول ُاللهِ صَلَّى اللهُع َلَيْهِ وَسَلَّمَ "إِنَّ الدُّعَاءَ يَنْفَعُ مِمَّا نَزَلَ وَمِمَّا لَم ْيَنْزِلْ فَعَلَيْكُمْ عِبَادَ اللهِ بِالدُّعَاءِ" رواه الترمذي
    නියත වශයෙන්ම ප්‍රාර්ථනාව (ඔබට ඇති වූ) මේ දක්වා ඇති නොවූ කරුණු වලට ප්‍රයෝජනවත් වෙයි. එබැවින් අල්ලාහ්ගේ ගැත්තනි, ඔබ ප්‍රාර්ථනා (දුආ)ව පිළිපදින්නැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ.  
වාර්තාකරු : ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: තිර්මිදි
    අල්ලාහ් තම ගැත්තන් මත ඉතා කාරුණිකය. සෙනෙහෙවන්තය. මවක් තම දරුවා කෙරෙහි දක්වන සෙනෙහසට වඩා තම ගැත්තන් මත කරුණාව සෙනෙහස පුදන්නේය. ඔහුගේ සෙනෙහසට සීමාවක් නොමැත. ගැත්තන් කරන වැරදිවලට ඔහු දඬුවම් දෙන්නෙකු වී නම් මහපොළොවේ කිසිවක් ඉතිරි වන්නේ නැත.
وَلَويُؤاخِذُ اللهُ النّاسَ بِماكَسَبوا ماتَرَكَ عَلىٰ ظَهرِھا مِن دابَّةٍ وَلٰكِن يُؤَخِّرُھُم إِلىٰ أَجَلٍ مُسَمًّى
    මිනිසා උපයා ගත් (නපුරු) දෑ හේතුවෙන් (ක්ෂණිකව) අල්ලාහ් ඔවුන්ව දඬුවමට හසු කර ගන්නේ නම් මිහිතලයේ කිසිදු (මිනිස්) ජීවිතයක් අතහැර නොදමනු ඇත. නමුත් නියමිත කාලයක් දක්වා ඔහු ඔවුන් ප්‍රමාද කරන්නේය.  (අල්-කුර්ආන් 35:45)
යනුවෙන් පවසා ඇත. එබැවින් එවැනි මහා කාරුණික දයාවන්තයාගෙන් ඉල්ලා සිටින විට ඔහු මට පිළිතුරු සපයනු ඇතැයි යන විශ්වාසය සමඟ ප්‍රාර්ථනා කිරීමය නිවැරදි ක්‍රමය වනුයේ.
عَنْ أَبِيھ ُرَيْرَةَر َضِيَ الله عَنْهُ: أَنَّ رَسُول َالله صَلَّى الله عَلَيْهِ وَسَلَّم َقَالَ:" لاَ يَقُولَنَّ أَحَدُكُمْ: اللَّهُمَّ اغْفِرْ لِي إِنْشِئْتَ ٬اللَّهُمَّ ارْحَمْنِي إِنْشِئْتَ ٬لِيَعْزِمِ المَسْأَلَةَ٬ فَإِنَّهُ لاَمُكْرِهَ لَهُ " رواه البخاري
    ඔබ අතුරින් කිසිවෙකු ප්‍රාර්ථනා කරන විට
    යා ! අල්ලාහ්, ඔබ කැමැත්තේ නම් මට සමාව දෙනු මැනව ! ඔබ කැමැත්තේ නම් මට කරුණා කරනු මැනව ! යනුවෙන් ප්‍රාර්ථනා නොකරනු. ඔහු පතන දෑ ස්ථාවර ව පතනු. නියත වශයෙන් ම ඔහු අභිමත කරන දෑ සිදු කරන්නේ ය. ඔහු ට බල කරන්නෙකු කිසිවෙකු නොමැත යනුවෙන් අල්ලාහ්ගේ දූත (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ.
වාර්තාකරු: අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය : සහීහුල් බුහාරි
    අල්ලාහ්ගෙන් පතා ලබන්නට කැමැත්තක් දක්වන්නන් පූර්ණ යටහත් භාවයෙන් තැන්පත් සිතකින් සිත ඔහු වෙත පමණක් යොමු කරමින් ප්‍රාර්ථනා කළ යුතුය. තැන්පත් සිතකින් පතන ප්‍රාර්ථනාවන් පිළිගනු ලැබේ. අල්-කුර්ආන් 21 වැනි පරිච්ඡේදයේ ඇතැම් නබිවරුන්ගේ ඉතිහාසය සඳහන් වේ. එම පරිච්ඡේදයේ 87-90 දක්වා වූ වැකිවල නබි යූනුස්, සකරිය්යා (අලෙයිහිමස් සලාම්) යන උතුමන්ලාට පැවතුණු අවශ්‍යතාවන් පිළිබඳ ව ඒ සඳහා ඔවුන් කළ ප්‍රාර්ථනාව ද පවසා අවසානයේ පහත සඳහන් අයුරින් පවසයි.
إِنَّهُم كانوا يُسٰرِعونَ فِى الخَيرٰتِو َيَدعونَنارَغَبًا وَرَھَبًا وَكانوا لَنا خٰشِعينَ
    නියත වශයෙන්ම මොවුන් යහපත් දෑ සිදු කිරීමෙහි එකිනෙකා අබිබවා යමින් සිටියහ. (අපගේ දයාව) අපේක්ෂාවෙන් ද (අපගේ දඬුවමට) බියෙන් ද අපගෙන් ප්‍රාර්ථනා කරමින් සිටියහ. මොවුන් අප වෙත දැඩි යටහත් භාවයෙන් පසුවූහ.         (අල්-කුර්ආන් 21:90)
أُدْعُوْا رَبَّكُم تَضَرُّعًا وَخُفيَةً
    (විශ්වාසවන්තයිනි) යටහත් භාවයෙන් හා තැන්පත්ව ඔබගේ පරමාධිපතිගෙන් ප්‍රාර්ථනා කරන්න.         (අල්-කුර්ආන් 7:55)
    ප්‍රාර්ථනාවෙහි නිරත වන්නා ඉතා තැන්පත්ව ඉතා පහත් හඬින් ප්‍රාර්ථනා කළ යුතුයි. හඬ නගා අපහසුතාවට පත් වන අයුරින් ප්‍රාර්ථනා නොකළ යුතුයි යන්න අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ ඉගැන්වීමය. වරක් ගම්බද අරාබිවරුන් පිරිසක් අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ, අල්ලාහ්ගේ දූතයාණනි, අපගේ දෙවියා අපට සමීපයෙන් සිටීවි ද එසේ නම් හඬ පහත් කරමින් ඔහුව අයැදින්නට අපට හැක. එසේ නොමැතිව ඔහු දුරස්ව සිටින්නේ නම්, උස් හඬින් අයැදිය හැක යැයි පැවසූහ. එවිට අල්ලාහ්...
وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُوا لِي وَلْيُؤْمِنُوا بِي لَعَلَّهُمْ يَرْشُدُونَ
    මාගේ ගැත්තා මා ගැන (මා සමීපයෙන් සිටින්නෙකු ද දුරස් ව සිටින්නෙකු ද යැයි) ඇසූ විට සැබැවින් ම මා ඉතා සපීමයෙන් සිටින්නෙමි. අයදින්නා අයැදින විට ඔහු ගේ ඇයැදීම ට මම පිළිතුරු දෙමි. එබැවින් මා(ගේ නියෝය)ට ඔවුන් පිළිතුරු දෙත්වා ! තවද ඔවුන් යහමඟ ලැබිය හැකි වනු පිණිස ඔවුන් මා විශ්වාස කරත්වා ! (අල්-කුර්ආන් 2:186) යනුවෙන් පවසන්න යන වැකිය පහළ විය.
    අල්ලාහ් වෙත තමන් ව ස්ථාපිත කර දැඩි ස්ථාවරයකින් අයදින ප්‍රාර්ථනාව ය පිළි ගනු ලබන්නේ.
عَنْ أَبِي ھُرَيْرَةَ ٬ قَالَ: قَالَ رَسُولُ الله صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ: "ادْعُوا الله وَأَنْتُمْ مُوقِنُونَ بِالإِجَابَةِ ٬ وَاعْلَمُوا أَنَّ الله لاَ يَسْتَجِيبُ دُعَاءً مِنْ قَلْبٍ غَافِلٍ لاَهٍ" رواه الترمذي
    නුඹලා පිළිතුර තරයේ විශ්වාස කරමින් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරන්න. නියත වශයෙන්ම නොසැලකිලිමක් කමින් තමන්ව අමතක කර දමමින් අයදින්නාගේ ප්‍රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු සපයන්නේ නැත.
වාර්තාකරු: අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: තිර්මිදි
    තම ප්‍රාර්ථනාවට පිළිතුරු සපයන්නා අල්ලාහ්ය යන විශ්වාසය සමඟ දෑත් ඔසවන්නන් තමන් මුළුමණින්ම අල්ලාහ් වෙත යොමු වෙමින් ඉදිරිපත් කරමින් දෑත් ඔසවති. තම සිත එක්තැන් කර තමන්ගේ ප්‍රශ්නය තමන්ගේ අවශ්‍යතාවන් තමන් විසින්ම අයැද ලබා ගැනීමට වඩා වෙනත් භාග්‍යයක් නොමැත.
عن ابن عمر رضي الله عنهما قال قال رسول الله صلى الله صلى عليه وسلم: "مَن فُتِحَ لَهُ منكم بَابُ الدُّعَاءِ ٬ فُتِحَتْ لَهُ أبوابُ الرَّحمَةِ ٬ وَما سُئِلَ الله شَيأ أحبَّ إِلَيهِ من أَنْ يُسألَ العافية" رواه الترمذي
ඔබ අතුරින් කිසිවෙකු ට හෝ ප්‍රාර්ථනාවෙ හි දොරටු ව විවෘත කරනු ලැබුවේ නම් ඔහු ට කරුණා වේ දොරටු විවෘත කරනු ලැබීය. අල්ලාහ්ගෙන් සුවය පැතීම ට වඩා ප්‍රියමනාප ලෙසින් අයැද සිටීම ට වෙන කිසිවක් නැත.  යනුවෙන් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කරන හදීසය තිර්මිදි හි සටහන් ව ඇත.  
عَنْ أَبِي مُوسَى الأَشْعَرِيِّ رَضِيَ الله عَنْهُ ٬ قَالَ: كُنَّا مَعَ رَسُولِ الله صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ ٬ فَكُنَّا إِذَا أَشْرَفْنَا عَلَى وَادٍ ٬ ھَلَّلْنَا وَكَبَّرْنَا ارْتَفَعَتْ أَصْوَاتُنَا ٬ فَقَالَ النَّبِيُّ صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ: "يَا أَيُّهَا النَّاسُ ارْبَعُوا عَلَى أَنْفُسِكُمْ ٬ فَإِنَّكُمْ لاَ تَدْعُونَ أَصَمَّ وَلاَ غَائِبًا ٬ إِنَّهُ مَعَكُمْ إِنَّهُ سَمِيعٌ قَرِيبٌ ٬ تَبَارَكَ اسْمُهُ وَتَعَالَى جَدُّهُ" رواه البخاري
    අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
    අල්ලාහ් ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සමඟ අපි ගමනක් යමින් සිටියෙමු. කිසියම් හෝ මිටියාවතක ට අප ළඟා වූ විටක පවසන තහ්ලීල් හි හා තක්බීරයෙ හි හඬ උස් වන්නේ ය. එය ඇසුණු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සෙමින් පවසන්න. ඔබ අයැද සිටිනු යේ බිහිරෙකු හෝ සැඟ වී සිටින්නෙකුගෙන් නොව ඔබ අයැද සිටින සියල්ල ශ්‍රවණය කරන්නා ද නිරීක්ෂා කරන්නා ද වන අයෙකුගෙනි. ඔබ කොතැනක සිටිය ද ඔහු ඔබ සමඟම වන්නේ ය. ඔහු ගේ නාමය උසස් විය යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පවසා සිටියහ.
මූලාශ්‍රය: සහීහුල් බුහාරි.  
    ගැත්තා ගේ ප්‍රාර්ථනා ව බලාපොරොත්තුවෙන් සිටින අල්ලාහ් එය ට පිළිතුරු දෙන බව ට ප්‍රතිඥා දෙයි. මිනිසුන් ඉටු කරන සලාතය, උපවාසය, හජ් ඇතුළු සියල්ල ප්‍රාර්ථනාවන්ගෙන් යුක්ත ය. ඒවා ඉටු කරන ගැත්තෙකු තමන් අල්ලාහ් ගේ ගැත්තෙකු බවත් තම අවශ්‍යතාවන් සපුරාලන සර්ව බලාධාරී ඔහු පමණක් බවත් පවසන්නේය.  එම නැමදුම් අල්ලාහ් ට කිසිවක් වර්ධන ය කරන්නේ නැත. එබැවිනි මහත් දයාවන්ත වූ ඔහු තමන්ගෙන් අත දිගු කර පතන්නන් ව හිස් අතින් අත හැර දමන්න ට ප්‍රිය නොකරනුයේ.
عَنْ سَلْمَانَ الفَارِسِيِّ ٬ عَنِ النَّبِيِّ صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ ٬ قَالَ:" إِنَّ الله حَيِيٌّ كَرِيمٌ يَسْتَحْيِي إِذَا رَفَعَ الرَّجُلُ إِلَيْهِ يَدَيْهِ أَنْ يَرُدَّھُمَا صِفْرًا خَائِبَتَيْنِ". رواه البيهقي والترمذي
    නියත වශයෙන්  ම අල්ලාහ් ලැජ්ජාශීලී ය. කරුණාන්විත ය. තමන් වෙත දෑත් ඔසවා අයදින මිනිසා ගේ දෑත් හිස් අතින් හැරීම ට ඔහු ලැජ්ජා වන්නේ ය යැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රකාශ කළහ.
වාර්තාකරු සල්මාන් අල්-ෆාරිස් (රළියල්ලාහු අන්හු)  මූලාශ්‍රය: තිර්මිදි 2556, බයිහකී 1488
    එබැවින් අල්ලාහ් තම ප්‍රාර්ථනය ට පිළිතුරු දෙන්නේය යන ස්ථීර විශ්වාසය සමඟ පතන්නන් ට ඔහු නැතැයි කියන්නේ නැත. හැම මොහොතක ම ඔහු ගේ උපකාරය අප ට අවශ්‍ය ය. අප සෑම අවස්ථාවක ම ප්‍රාර්ථනා කළ යුතුයි. දුෂ්කර අවස්ථාවක පමණක් එය ඉවත් කරන මෙන් ප්‍රාර්ථනා නොකර දුෂ්කරතාවක් නොමැති යහපත් තත්ත්වයේ පවා ඔහුගෙන් ප්‍රාර්ථනා කළ යුතුයි. මෙයයි සැබෑ විශ්වාසවන්තයෙකුගේ ලක්ෂණ ය වනුයේ.
عَنْ أَبِي ھُرَيْرَةَ رضي الله عنه قَالَ : قَالَ رَسُولُ الله صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ: "مَنْ سَرَّهُ أَنْ يَسْتَجِيبَ الله لَهُ عِنْدَ الشَّدَائِدِ وَالكَرْبِ فَلْيُكْثِرِ الدُّعَاءَ فِي الرَّخَاءِ" رواه الترمذي
    දුෂ්කර අවස්ථාවන් හි අල්ලාහ් තම ප්‍රාර්ථනාවට පිළිතුරු දිය යුතු යැයි ප්‍රිය කරන්නා තමන් යහපත් තත්ත්වයක සිටිය ද අධික අධික ව දුආ ප්‍රාර්ථනා කරත්වා, යනුවෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ.
වාර්තාකරු : අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: තිර්මිදි.
    එබැවින් අපගේ අවශ්‍යතාවන් හිමි කර දීම ට සර්ව බලධාරී ඒකීය දෙවියා වන්නේ අල්ලාහ්ය යනුවෙන් විශ්වාස කරන අපි ඔහුගෙන් පමණක් අයැද සිටිය යුතුයි. සෑම අවස්ථාවක ම ඔහු අබියස යටහත් වී අයැද සිටීම ය ඔහු ව පමණක් නමදින්නෙමු. ඔහුගෙන් පමණක් උදව් පතන්නෙමු යන විශ්වාසය ට ඉදිරිපත් කිරීමක් වන්නේ.      
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පහත සඳහන් අයුරින් ප්‍රාර්ථනා කළහ.
"اللَّهُمَّ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ ٬ وَلاَ مُعْطِيَ لِمَا مَنَعْتَ ٬ وَلاَ يَنْفَعُ ذَا الجَدِّ مِنْكَ الجَدُّ" رواه البخاري
    යා ! අල්ලාහ්, ඔබ දුන් දෙයක් වළක්වන්නෙකු නොමැත. ඔබ වැළැක් වූ දෙයක් දෙන්නෙකු ද නැත. තවද ධනය ඇති ධනවතාගේ කිසිදු ධන සම්පතක් ඔබගේ දඬුවමෙන් ආරක්ෂා වීමට කිසිදු ප්‍රයෝජනයක් නොදෙන්නේ ය.
වාර්තා කරු : මුගීරත් ඉබ්නු ෂුඃබා (රළියල්ලාහු අන්හු) මූලාශ්‍රය: බුහාරි
    මෙම ප්‍රාර්ථනාවෙ හි අර්ථය හොදින් අවබෝධ කර ගනිමිත් කවදත් අපි ප්‍රාර්ථනා කරමු. සලාතයට ඉටු කළ පසු ව එය ක්‍රමවත් අයුරින් විශේෂයෙන් ප්‍රාර්ථනා කළ යුතුයි. එවිට ය එය අල්ලාහ් පිළි ගනුයේ.
رَبَّنَا ظَلَمْنَا أَنفُسَنَا وَإِن لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ الْخَاسِرِینَ
    අපගේ පරමාධිපතියාණනි, අප අපට ම අපරාධ කර ගත්තෙමු. ඔබ අප ට සමාව දී කරුණා නොකළේ නම් සැබැවින් ම අපි අලාභ විඳින්නන් අතුරින් වන්නෙමු. අල්-කුර්ආන් 7:23)
رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلَانَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ
    අපගේ පරමාධිපතියාණනි, අපට (යම් දෙයක්) අමතක වූයේ නම් හෝ අප ට වැරදුණේ නම් හෝ (එයට වරද කරුවන් ලෙස) අපව ග්‍රහණය නොකරනු මැනව ! අපගේ පරමාධිපතියාණනි, අපට පෙර සිටියවුන් මත (වගකීම් වලින් යුත්) බරක් තැබුවාක් මෙන් අප මත බරක් නොතබනු මැනව ! තවද අපට දරා ගැනීමට ශක්තියක් නොමැති දෙයක් අප වෙත නොපටවනු මැනව ! අපට සමාව දෙනු මැනව ! අපට පාපක්ෂමාව දෙනු මැනව ! අපට කරුණාව දක්වනු මැනව ! ඔබමය අපගේ භාරකරු වන්නේ. ප්‍රතික්ෂේප කරන පිරිසට එරෙහිව අපට උපකාර කරනු මැනව !    (අල්-කුර්ආන් 2:286)
رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَى وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَدْخِلْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ
මාගේ පරමාධිපතියාණනි, මා වෙත හා මාගේ දෙමව්පියන් වෙත ආශිර්වාද කළ ඔබගේ ආශිර්වාදයන් ට මම කෘතවේදී වනු පිණිසත් ඔබ තෘප්තියට පත්වන අයුරින් දැහැමි ක්‍රියාවන් මම ඉටු කරනු පිණිසත් මට ආශිර්වාද කරත්වා! තවද ඔබගේ දයාවෙන් ඔබගේ දැහැමි ගැත්තන් අතරට මා ද ඇතුළත් කරනු මැනව !    (අල්-කුර්ආන් 27:19)
 
ප්‍රාර්ථනාවන් පිළි ගනු නොලබනුයේ ඇයි?
    ප්‍රාර්ථනා කිරීම අපගේ සිතුම් පැතුම් ළඟා කර ගැනීමකි. කුමන අවශ්‍යතාවක් වුව ද එය ලබා ගැනීම ට අවශ්‍ය සාධක සමඟ වෙර දැරිය යුතුයි. එය ට බාධක වන කිසිවක් නොතිබිය යුතුයි. මෙලොව හා එලොව යහපත උදෙසා ප්‍රයෝජනවත් වන මාධ්‍යය වනුයේ ප්‍රාර්ථනාවයි. එහි නිරත වන්නාගේ දැඩි ස්ථාවරත්වය, ඔහු ගේ විශ්වාසය අල්ලාහ් අබියස එය පිළි ගනු ලැබීම ට කිසිදු බාධාවක් නොතිබීම යන්න එම කරුණ ට අත හිත දෙයි. ප්‍රාර්ථනාවක් පිළි ගනු ලැබීම ට පහත සඳහන් සාධකයන් බාධාවන් ලෙස පිහිටන්නේ ය.
1.     ඉක්මන් කිරීම
عَنْ أَبِي ھُرَيْرَة رضي الله عنه أَنَّ رَسُولَ الله صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ قَالَ: " يُسْتَجَابُ لأَحَدِكُمْ مَا لَمْ يَعْجَلْ ٬ يَقُولُ: دَعَوْتُ فَلَمْ يُسْتَجَبْ لِي "رواه البخاري و مسلم
    මම කොපමණ ප්‍රාර්ථනා කළ ද මට පිළිතුරු නොලැබුණේ ය යැයි පවසා ඔබ අතුරින් කිසිවෙකු ඉක්මන් නොවන තෙක් ඔහු ගේ ප්‍රාර්ථනාව ට පිළිතුරු සපයනු ලබන්නේ ය.
සහීහුල් බුහාරි - 6340, සහීහ් මුස්ලිම් - 2735
ඉක්මන් වීම අනතුරු ගෙන දෙන්නකි. එය සියලු කටයුතු වල දී සිදු වේ. ඉක්මන් නොවීම ද තැන්පත්භාවය ද යහපත ගෙන දෙනු ඇත. මෙය ට ඉමාම් ඉබ්නුල් කය්යුම් (රහ්මතුල්ලාහි අලෙයිහි) තුමාණෝ එක් උදාහරණයක් පවසා සිටියහ. ප්‍රාර්ථනා කර එය ට ඉක්මණින් පිළිතුරක් බලාපොරොත්තුවන්නා බීජයක් පැළ කළ අයෙකු මෙනි. ඔහු එය ට ජලය සපයමින් ඉඳ ඉක්මණින් එම බීජය හට ගෙන පැළ වී පල හට නොදුන්නේය යැයි සිතා ජලය සැපයීමත් එම පැළය ට සාත්තු කිරීමත් අත හැර දැමීය. එලෙස ප්‍රාර්ථනා කළ ද එයට පිළිතුරු නොලැබුණේ යන හේතුවෙන් ප්‍රාර්ථනා කිරීම අත හැර දැමූ අය ගේ තත්වය වේ යැයි පැවසූහ. (අල්-ජවාෆුල් කාෆී - පිටුව 12)
2.    පාපකාරී කරුණක ට හෝ ලේ නෑකම් බිඳ දැමීම ට ප්‍රාර්ථනා කිරීම
    පාපකාරී ක්‍රියාවන්ගෙන් මිනිසා වැළකී සිටිය යුතුයි. එවැනි ක්‍රියාවන් ට අල්ලාහ් ගේ උපකාරය නොලැබේ. එලෙස ම ලේ ඥාතීන් සමඟ බැඳියාවෙන් ජීවත් වීම යුතුකමකි. ඥාතීත්වය බිඳ ජීවත් වීම පාපයකි. එලෙස කටයුතු කරන්නා අල්ලාහ් ගේ කරුණාවෙන් දුරස්ථ වෙයි. එබැවින් මෙම පාපයන් දෙකට ම අල්ලාහ් උදව් කරන්නේ නැත.    
عَنْ أَبِي ھُرَيْرَةَ مرفوعاً بلفظ: "لاَ يَزَالُ يُسْتَجَابُ لِلْعَبْدِ ٬ مَا لَمْ يَدْعُ  بِإِثْمٍ أَوْ قَطِيعَةِ رَحِمٍ ٬ مَا لَمْ يَسْتَعْجِلْ" قِيلَ: يَا رَسُولَ الله ! مَا الإِسْتِعْجَالُ؟ قَالَ: يَقُولُ: "قَدْ دَعَوْتُ وَقَدْ دَعَوْتُ ٬ فَلَمْ أَرَ يَسْتَجِيبُ لِي ٬ فَيَسْتَحْسِرُ عِنْدَ ذَلِكَ وَيَدَعُ الدُّعَاءَ" رواه مسلم
    අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කරන ලදී.
    පාපයක් කිරීම ට හෝ ලේ නෑකම බිඳ දැමීම ට හෝ ඉක්මන් නොවී සිටින තාක් ගැත්තා ගේ ප්‍රාර්ථනය ට පිළිතුරු සපයනු ලබමින් ම පවතී යනුවෙන් අල්ලාහ්ගේ දූත (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. අල්ලාහ්ගේ දූතයාණනි, ඉක්මන් වීම යනු කුමක් දැයි විමසනු ලැබූ විට මම ප්‍රාර්ථනා කළෙමි. ප්‍රාර්ථනා කළෙමි. මට පිළිතුරු සැපයීමක් දකින්න ට නොමැතැ යි පවසා කනස්සල්ල ට පත් ව ප්‍රාර්ථනා කිරීම ද අත හැර දමන්නේ ය යැයි පැවසූහ.
වාර්තාකරු: අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: සහීහ් මුස්ලිම්.
එවැනි ක්‍රියාවන්ට අල්ලාහ්ගේ උපකාරය නොලැබෙයි. එමෙන්ම ඥාතීන් සමඟ එක්ව ජීවත් වීම ද අපගේ යුතුකමකි. ඥාතීත්වය බිඳ දමා ජීවත් වීම පාපයකි. එලෙස ක්‍රියා කරන්නා අල්ලාහ්ගේ කරුණාවෙන් දුරස් වෙයි. එහෙයින් මෙම පාපයන් දෙකටම අල්ලාහ් උදව් නොකරයි.  
3.    තහනම් ආහාර ගෙන තිබීම
عَنْ أَبِي ھُرَيْرَةَ ٬ قَالَ: قَالَ رَسُولُ الله صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ أَيُّهَا النَّاسُ ٬ إِنَّ الله  طَيِّبٌ لاَ يَقْبَلُ إِلاَّ طَيِّبًا وَإِنَّ الله  أَمَرَ الْمُؤْمِنِينَ بِمَا أَمَرَ بِهِ الْمُرْسَلِينَ ٬ فَقَالَ : " يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيمٌ" ٬ وَقَالَ: يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُلُوا مِنْ طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ} قَالَ: وَذَكَرَ الرَّجُلَ يُطِيلُ السَّفَرَ أَشْعَثَ أَغْبَرَ يَمُدُّ يَدَهُ إِلَى السَّمَاءِ يَا رَبِّ ٬ يَا رَبِّ وَمَطْعَمُهُ حَرَامٌ ٬ وَمَشْرَبُهُ حَرَامٌ ٬ وَمَلْبَسُهُ حَرَامٌ ٬ وَغُذِّيَ بِالحَرَامِ ٬ فَأَنَّى يُسْتَجَابُ لِذَلِكَ رواه مسلم
    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. සැබැවින් ම අල්ලාහ් පිවිතුරු ය. පිවිතුරු දෑ පමණක් ඔහු පිළිගන්නේ ය. තවද අල්ලාහ් තම දූතයින් ට අණ කළ දෑ ගෙන විශ්වාසවන්තයින්ටත් අණ කළේය. තව ද ඔහු මෙසේ ප්‍රකාශ කළේය. අල්ලාහ්ගේ දූතවරුණි, යහපත් දැයින් නුඹලා අනුභව කරනු. දැහැමි ක්‍රියාවන් කරනු. සැබැවින් ම මම නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.  (අල්-කුර්ආන් 23:51)
    තවදුරටත් අහෝ විශ්වාස කළවුනි! අපි නුඹලා ට පෝෂණය කළ දැයින් පිවිතුරු දෑ අනුභව කරනු. (අල්-කුර්ආන් 2:172) පවසා
    අල්ලාහ් ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) දීර්ඝ ගමන ක නිරත වී ප්‍රාර්ථනා කළ කෙනෙකු පිළිබඳ ව පහත සඳහන් අයුරින් පවසා සිටියහ.
    ඔහු හිස කෙස් අවුල් වී දූවිලි තැවරුණු තත්ත්වයේ අහස දෙස ට දෑත් දිගු කොට මාගේ පරමාධිපතියාණනි, මාගේ පරමාධිපතියාණනි, යැයි පවසා ප්‍රාර්ථනා කරන්නේය. (නමුත්) ඔහු අනුභව කළ ආහාර ය හරාම් ය. පානය කළ ජලය හරාම් ය. ඇඳ සිටින ඇඳුම හරාම් ය. හරාමයම ගෙන ඔහු ඔහුගේ ශරීරය වැඩී ඇත. (මෙලෙස සියල්ල හරාම් ව පවතින) ඔහු ට කෙසේ නම් පිළිතුරු සපයනු ලැබේ ද? යනුවෙන් පැවසූහ.
වාර්තාකරු : අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: සහීහ් මුස්ලිම්.
    මෙම හදීසයෙ හි ඉතා වැදගත් කරුණු හතරක් අන්තර්ගත ව ඇත.
1.    දිගු ගමන: මගියා ගේ ප්‍රාර්ථනාව පිළි ගනු ලැබේ.
2.    යටහත් ව අයැදීම: ප්‍රාර්ථනා කරන විට යටහත් පහත් ව අයැද සිටිය යුතුයි.
3.    දෑස් ඔසවා අයැදීම: තමන් වෙත දෑත් දිගු කර අයැදින්නා ට අල්ලාහ් කිසි දිනක පාඩු විඳින්න ට සලස්වන්නේ නැත.
4.    කන්නලව් කරමින් අයැදීම: කන්නලව් කරමින් අයැදීමෙන් කරුණාවෙ හි දොරටු ව විවෘත කරයි.
    එබැවින් ප්‍රාර්ථනා අවස්ථාවන් හි අපි ඉක්මන් නොවී පාප ක්‍රියාවක් පිළිබඳ නොඅයැද ලේ නෑකම් බිඳ නොදමා සිටිය යුතු අතර අප ගේ ආහාර පාන හා වස්ත්‍ර සියල්ල හලාල් ලෙස තිබිය යුතුයි. එසේ නොමැති නම් අප ගේ ප්‍රාර්ථනාවන් පිළි ගනු නොලැබෙන බව දැන ගත යුතුයි.


 
වසීලා පැතීමේ නීතිය
    අල්ලාහ් වෙනුවෙන් යැයි තමන් ඉටු කළ කාර්යයන් ඉදිරිපත් කරමින් අයැද සිටීම වසීලා නම් වේ. අල්ලාහ් ගේ තෘප්තිය ලබා ගැනීම උදෙසා අල්ලාහ් හා රසූල් පෙන්වා දුන් ක්‍රමයෙන් පිහිටුනු දැහැමි ක්‍රියාවන් කෙනෙකු වසීලා ලෙස තබා ගත යුතුයි.
يٰأَيُّهَا الَّذينَ ءامَنُوا اتَّقُوا اللَّهَ وَابتَغوا إِلَيهِ الوَسيلَةَ وَجٰهِدوا فى سَبيلِهِ لَعَلَّكُم تُفلِحونَ
    විශ්වාස කළවුනි! නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ් ට බිය බැතිමත් ව කටයුතු කරනු. තව ද (නුඹලා ගේ දැහැමි ක්‍රියාවන් මගින්) ඔහු වෙත ළඟා වන මාර්ග යේ කැප වනු.                     (අල්-කුර්ආන් 5: 35)
    මෙම වැකිය ඉතා පැහැදිලි ව අල්ලාහ් වෙත ළඟා වීමට නම් ඔහු සලසා දුන් මඟ හැර වෙනත් මඟක් නොමැති බව පවසයි. එමෙන් ම අල්-කුර්ආන් 3: 16 වැනි වැකිය ද මෙසේ පවසා සිටියි.
 رَبَّنا إِنَّنا ءامَنّا فَاغفِر لَنا ذُنوبَنا وَقِنا عَذابَ النّارِ
    (අල්ලාහ් ට බිය බැතිමත් ව ක්‍රියා කළ එම ජනයා)  අප ගේ පරමාධිපතියාණනි! සැබැවින් ම අපි (ඔබ ව) විශ්වාස කළෙමු. එබැවින් අප ගෙන් අප ගේ පාපයන් සමා කර නිරා ගින්නේ දඬුවමින් අප ව ආරක්ෂා කරනු මැනව යනුවෙන් ප්‍රාර්ථනා කරති.
    තවද එම පරිච්ඡේදයේ ම 193 වන වැකිය මෙසේ පවසයි.  
رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلْإِيمَانِ أَنْ آمِنُوا بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا
فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الْأَبْرَارِ
    අපගේ පරමාධිපතියාණනි! නුඹලා ගේ පරමාධිපති ව නුඹලා විශ්වාස කරනු යැයි (අප ව) විශ්වාසය වෙත කැඳවන්නාගේ කැඳවුම ට සැබැවින් ම අපි සවන් දී විශ්වාස ද කළෙමු. එබැවින් අප ගේ වැරදි වල ට අප ට සමාව දෙනු මැනව ! අපගේ පාපයන්ගෙන් මුදවනු මැනව ! දැහැමියන් සමඟ අප ව මරණය ට පත් කරනු මැනව ! යැයි ප්‍රාර්ථනා කරති.
    මෙය දේව විශ්වාසවන්තයින් ගේ ප්‍රාර්ථනාවයි. පාප ක්ෂමාව ද නිරයෙන් ගැලවුම ද අවශ්‍ය ය. ඒ වෙනුවෙන් ඔවුන් විශ්වාස කළ බව ද ඒ හේතුවෙන් පාප ක්ෂමාව පිරිනමන මෙන් ද ඉල්ලා සිටින්නේය යැයි අල්ලාහ් පවසන්නේය. මෙමඟින් කෙනෙකු තමන් කළ දැහැමි ක්‍රියාවන් ඉදිරිපත් කරමින් අයැද සිටිය යුතුයි. වසීලා පැතිය යුතුයි යන්න වටහා ගත හැක.
    සහීහුල් බුහාරි 2333, සහීහුල් මුස්ලිම් 2743 අංක දරණ හදීසයන් යටතේ ගුහාවක හිරවුණු පුද්ගලයින් තිදෙනෙකු පිළිබඳ ව සඳහන් වේ. එම ගුහාවෙන් පිටත පැමිණීම ට සෑම කෙනෙකු ම තමන් කළ දැහැමි ක්‍රියාවන් ඉදිරිපත් කරමින් ප්‍රාර්ථනා කර තිබෙන බව අපි දකින්නෙමු. මෙම පුරාවෘත්තම ය සිද්ධිය රමළාන් රාත්‍රියන් හි ගුවන් විදුලි නාලිකා ඔස්සේ සවන් දෙන්නෙමු.
    එබැවින් වසීලා යනු අල්ලාහ් වෙනුවෙනි යැයි කෙනෙකු කළ කටයුත්තක් ඉදිරිපත් කරමින් අයැද සිටීම යන වග මෙයින් පැහැදිලි වෙයි. එලෙස ම අල්ලාහ් ගේ අලංකාර නාමයන් ඉදිරිපත් කරමින් අයැද සිටින මෙන් ද අප අණ කරනු ලැබ ඇත්තෙමු.
قُلِ ادعُوا اللَّهَ أَوِ ادعُوا الرَّحمٰنَ أَيًّا ما تَدعوا فَلَهُ الأَسماءُالحُسنىٰ
    නුඹලා අල්ලාහ් යැයි අයැදිනු ! එසේ නැතිනම් රහ්මාන් යැයි අයැදිනු ! කුමන නාමයක් ගෙන නුඹලා අයැද සිටිය ද ඔහු ට අලංකාර (තවත් බොහෝ) නාමයන් ඇත. (ඒවා ගෙන නුඹලා අයැද සිටිනු)     (අල්-කුර්ආන් 17:10)
    වසීලා පැතීමේ තවත් එක් ක්‍රමයක් වනුයේ ජීවත් ව සිටින දැහැමි මිනිසෙකුගෙන් තමන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන මෙන් ඉල්ලා සිටීම ය.
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: أَصَابَتِ النَّاسَ سَنَةٌ عَلَى عَهْدِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ٬ فَبَيْنَا النَّبِيُّ صَلَّى للهُ عَلَيْهِ وَسَلَّمَ يَخْطُبُ فِي يَوْمِ جُمُعَةٍ قَامَ أَعْرَابِيٌّ ٬ فَقَالَ يَا رَسُولَ الله  : ھَلَكَ المَالُ وَجَاعَ العِيَالُ٬ فَادْعُ الله  لَنَا ٬ فَرَفَعَ يَدَيْهِ وَمَا نَرَى فِي السَّمَاءِ قَزَعَةً ٬ فَوَالَّذِي نَفْسِي بِيَدِهِ ٬ مَا وَضَعَهَا حَتَّى ثَارَ السَّحَابُ أَمْثَالَ الجِبَالِ ٬ ثُمَّ لَمْ يَنْزِلْ عَنْ مِنْبَرِهِ حَتَّى رَأَيْتُ المَطَرَ يَتَحَادَرُ عَلَى لِحْيَتِهِ صَلَّى للهُ عَلَيْهِ وَسَلَّمَ ٬ فَمُطِرْنَا يَوْمَنَا ذَلِكَ ٬ وَمِنَ الغَدِ وَبَعْدَ الغَدِ ٬ وَالَّذِي يَلِيهِ ٬ حَتَّى الجُمُعَةِ الأُخْرَى ٬ وَقَامَ ذَلِكَ الأَعْرَابِيُّ - أَوْ قَالَ: غَيْرُهُ - فَقَالَ: يَا رَسُولَ الله ٬ تَهَدَّمَ البِنَاءُ وَغَرِقَ المَالُ ٬ فَادْعُ الله لَنَا ٬ فَرَفَعَ يَدَيْهِ فَقَالَ: "اللَّهُمَّ حَوَالَيْنَا وَلاَ عَلَيْنَا" فَمَا يُشِيرُ بِيَدِهِ إِلَى نَاحِيَةٍ مِنَ السَّحَابِ إِلَّا انْفَرَجَتْ ٬ وَصَارَتِ المَدِينَةُ مِثْلَ الجَوْبَةِ ٬ وَسَالَ الوَادِي قَنَاةُ شَهْرًا ٬ وَلَمْ يَجِئْ أَحَدٌ مِنْ نَاحِيَةٍ إِلَّا حَدَّثَ بِالْجَوْدِ رواه البخاري و مسلم
    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ගේ කාලයේ මිනිසුන ට නියගයක් ඇති විය. ජුමුආ දිනයේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කොත්බා දේශන ය පවත්වමින් සිටියහ. එහි පැමිණි ගම්බද අරාබිවරයෙකු නැගී සිට අල්ලාහ් ගේ දූතයාණනි, සම්පත් විනාශ විය. දරු මල්ලන් කුසගින්නෙන් තැවෙති. (නියගය අධික විය.)  එබැවින් ඔබ තුමා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කර සිටින්නැයි පැවසීය. ක්ෂණික ව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම දෑත් ඔසවා ප්‍රාර්ථනා කළහ. එවිට අහසෙ හි කිසිදු වලාකුළක් දකින්න ට තිබුණේ නැත. මාගේ ආත්මය කවුරුන් සතුව පවතින්නේ ද ඔහු මත දිවුරමින් පවසමි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා තම දෑත් බිම දමන්න ට මත්තෙන් කඳු මෙන් වලාකුළු මතු විය. මින්බරයෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා බැස පැමිණීමට මත්තෙන් වර්ෂාව පතිත විය. එම වැසි ජලය එතුමාගේ යටි රැවුල අතරින් හැළෙනු දුටුමි. එදිනත් ඉන් පසු දිනත් ඊට පසු දිනත් අනෙක් ජුමුආ ව දක්වා අප ට වර්ෂා ව අඛණ්ඩව ලැබිණ. අනෙක් ජුමුආවෙ හි එම ගම්වැසියා නැතිනම් වෙනත් කෙනෙකු නැගී සිට අල්ලාහ්ගේ දූතයාණනි, ගොඩනැගිලි කඩා වැටෙන්නේ ය. ධන සම්පත ගිලී යන්නේ ය. එබැවින් අප වෙනුවෙන් අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කරනු මැනවැ යි පැවසීය. නබි(සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම දෑත් ඔසුවා දෙවියනි, අප අවට ඇති දේශයන් ට මෙය යවනු මැනව ! අප ට විනාශය ගෙන දෙන්නක් බවට මෙම වර්ෂාව පත් නොකරනු මැනව ! යැයි පැවසූහ. වලාකුළ පවතින දෙස යොමු වී නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සංඥා කරන සෑම අවස්ථාවක ම එම වලාකුළ ඉවත්ව ගියේය. මදීනා නගරය විශාල ආවාටයක් මෙන් පත් විය. මෙම වර්ෂා ව මගින් කනාත් නම් ඔය එක් මසක කලක් අඛණ්ඩව ගලා ගියේය. නොයෙකුත් ප්‍රදේශයන් සිට පැමිණි අය ද මෙම වර්ෂාව ගැන කතා නොකර සිටියේ නැත. යනුවෙන් අනස් (රළියල්ලාහු අන්හ) තුමා පැවසීය. මෙය සහීහුල් බුහාරි සහීහුල් මුස්ලිම් යන ග්‍රන්ථයන් හි සඳහන් වූ ඉතිහාසමය කතා වස්තුවකි.
    මෙම සිදුවීම වාර්තා කළ අනස් (රළියල්ලාහු අන්හු) තුමා තවත් සිදුවීමක් වාර්තා කරයි.  
عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ الله عَنْهُ - أَنَّ عُمَرَ كَانَ إِذَا قَحَطُوا يَسْتَسْقِى بِالعَبَّاسِ بْنِ عَبْدِ المُطَّلِبِ ٬ وَقَالَ: "اللَّهُمَّ إِنَّا كُنَّا نَسْتَسْقِى إِلَيْكَ بِنَبِيِّنَا فَتَسْقِينَا ٬ وَإِنَّا نَتَوَسَّلُ إِلَيْكَ بِعَمِّ نَبِيِّنَا فَاسْقِنَا" ٬ قَالَ: فَيُسْقَوْنَ رواه البخاري
    එනම් උමර් (රළියල්ලාහු අන්හු) තුමා ගේ කාලයේ නියගයක් ඇති වූ විට අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා ව ඉදිරියේ තබා ප්‍රාර්ථනා කරති. දෙවියනි, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ජීවතුන් අතර සිටිය දී අපි එතුමා ව ඉදිරියේ තබා වර්ෂාව පැතුවෙමු. එවිට ඔබ වර්ෂා ව ඇති කළෙහි ය. (එතුමා ගේ මරණයෙන් පසු දැන්) එතුමා ගේ මහප්පා ව ඉදිරියේ තබා වර්ෂා ව පතන්නෙමු වර්ෂා ව පතිත කරනු මැනව ! යැයි ප්‍රාර්ථනා කරයි. වර්ෂාව ද පතිත විය.
වාර්තාකරු : අනස් (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: සහීහුල් බුහාරි 1010
    මෙම ඓතිහාසික සිදුවීම වසීලාවෙ හි නිවැරදි ක්‍රමය පැහැදිලි කරයි. සහාබිවරු දහම නිවැරදි ව අවබෝධ කර ක්‍රියා කළහ. ඔවුන් ට අලාභ හානි සිදු වූ විටක සොහොන් වෙත ගොස් එහි වළ දැමූවන් ඉදිරියේ තබා ඔවුන් ගේ අනුග්‍රහයෙන් පිහිට පැතුවේ නැත. එය අනුමත කරනු නොලැබූවක් බව ඔවුන් වටහා ගෙන තිබීම ය එයට හේතුව වූයේ. එබැවින් අල්ලාහ් ගේ දූතයාණන් ගේ මරණයෙන් පසු ව ඔහු ගේ මිණී වළ අසළ ට නොගොස් ජීවතුන් අතර සිටි අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා ගේ මාර්ගයෙන් ප්‍රාර්ථනා කළහ උමර් (රළියල්ලාහු අන්හු) තුමා.
    ප්‍රාර්ථනා ව නැමදුමක් බව වටහා ගත් උදාර අනුගාමිකයින් එය වැරදි ක්‍රියා මාර්ගයක් ඔස්සේ සිදු කිරීම ට උත්සාහ දැරුවේ නැත. විරුද්ධ අදහස් ප්‍රකාශ කළේ නැත. යටහත් වී වැරදි විග්‍රහයන් ලබා දුන්නේ නැත. ඍජු ලෙස තමන් අවබෝධ කර ගත් අයුරින් කටයුතු කළහ. එම ජනයා මෙම සමාජයේ පැමිණි උදාර උත්තමයින් ය.
නින්ද ට පෙර ප්‍රාර්ථනා කළ යුතු දෑ  
සෑම රාත්‍රියක ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ නිදි යහනේ වාඩි වී දෙ අත්ල දිගු හැර එහි පිඹිති. තව ද කුල් හුවල්ලාහු අහද්, කුල් අඌදු බිරබ්බිල් ෆලක්, කුල් අඌදු බිරබ්බින් නාස් යන සූරාහ්වන් පාරායනය කරති.  පසු ව ශරීරයේ කවර ස්ථානයන් ස්පර්ශ කළ හැකි වන්නේ ද එම ස්ථානයන් තම දෑතින් පිරිමදිති. හිස මුහුණ වැනි ශරීරයේ ඉදිරි පෙදෙසේ සිට පිරිමැදීම ආරම්භ කරති. මෙලෙස තුන් වරක් සිදු කර ගනිති.
ඔබ නිදියහන ට යන විට ආයතුල් කුර්සිය්යි (අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්) පාරායනය කළේ නම් උදෑසන දක්වා අල්ලාහ් වෙතින් එක් ආරක්ෂකයෙක් ඔබ වෙනුවෙන් සූදානම් කරනු ලබන්නේය. තව ද ෂෙයිතාන් ඔබ අසළ ට පවා පැමිණෙන්නේ නැත. කෙනෙකු සූරා අල්-බකරාවෙ හි අවසන් ආයත් දෙක රාත්‍රියෙ හි පාරායනය කළේ නම් එය ම ඔහු ට ප්‍රමාණවත් වන්නේය.
මූලාශ්‍රය : සහීහුල් මුස්ලිම්
සූරතුල් ඉහ්ලාස් හෙවත් කුල් හුවල්ලාහු අහද් ...
بسم الله الرحمن الرحيم    
قُلْ هُوَ اللَّهُ أَحَدٌ (1) اللَّهُ الصَّمَدُ (2) لَمْ يَلِدْ وَلَمْ يُولَدْ (3) وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ (4(
සූරතුල් ෆලක් හෙවත් කුල් අඌදු බිරබ්බිල් ෆලක් ...
بسم الله الرحمن الرحيم
قُلْ أَعُوذُ بِرَبِّ الْفَلَقِ (1) مِنْ شَرِّ مَا خَلَقَ (2) وَمِنْ شَرِّ غَاسِقٍ إِذَا وَقَبَ (3) وَمِنْ شَرِّ النَّفَّاثَاتِ فِي الْعُقَدِ (4) وَمِنْ شَرِّ حَاسِدٍ إِذَا حَسَدَ (5(
සූරතුන් නාස් හෙවත් කුල් අඌදු බිරබ්බින් නාස් ...
بسم الله الرحمن الرحيم
قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ (1) مَلِكِ النَّاسِ (2) إِلَهِ النَّاسِ (3) مِنْ شَرِّ الْوَسْوَاسِ الْخَنَّاسِ (4) الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ (5) مِنَ الْجِنَّةِ وَالنَّاسِ (6)
ආයතුල් කුර්සිය්යි හෙවත් අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් ...
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ الْحَيُّ الْقَيُّومُ لَا تَأْخُذُهُ سِنَةٌ وَلَا نَوْمٌ لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مَنْ ذَا الَّذِي يَشْفَعُ عِنْدَهُ إِلَّا بِإِذْنِهِ يَعْلَمُ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ وَلَا يُحِيطُونَ بِشَيْءٍ مِنْ عِلْمِهِ إِلَّا بِمَا شَاءَ وَسِعَ كُرْسِيُّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَلَا يَئُودُهُ حِفْظُهُمَا وَهُوَ الْعَلِيُّ الْعَظِيمُ
සූරාහ් බකරාවෙහි අවසන් ආයත් දෙක
آمَنَ الرَّسُولُ بِمَا أُنْزِلَ إِلَيْهِ مِنْ رَبِّهِ وَالْمُؤْمِنُونَ كُلٌّ آَمَنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ لَا نُفَرِّقُ بَيْنَ أَحَدٍ مِنْ رُسُلِهِ وَقَالُوا سَمِعْنَا وَأَطَعْنَا غُفْرَانَكَ رَبَّنَا وَإِلَيْكَ الْمَصِيرُ (285) لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا وُسْعَهَا لَهَا مَا كَسَبَتْ وَعَلَيْهَا مَا اكْتَسَبَتْ رَبَّنَا لَا تُؤَاخِذْنَا إِنْ نَسِينَا أَوْ أَخْطَأْنَا رَبَّنَا وَلَا تَحْمِلْ عَلَيْنَا إِصْرًا كَمَا حَمَلْتَهُ عَلَى الَّذِينَ مِنْ قَبْلِنَا رَبَّنَا وَلَا تُحَمِّلْنَا مَا لَا طَاقَةَ لَنَا بِهِ وَاعْفُ عَنَّا وَاغْفِرْ لَنَا وَارْحَمْنَا أَنْتَ مَوْلَانَا فَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ (286)

 

 

 

 

 
ප්‍රාර්ථනාවන් පිළි ගනු
ලබන අවස්ථාවන්
    තම ප්‍රාර්ථනාවන් අල්ලාහ් පිළිගත යුතුයි. තමන් සිතූ දෑ තමන් ට ලැබිය යුතුයි යනුවෙන් මිනිසා ප්‍රිය කරයි. ඒ සඳහා වඩාත් සුදුසු වේලාවන් දැන ගෙන ප්‍රාර්ථනා කිරීම තුළින් මිනිසා ට සැනසුම ලබා ගත හැකි වෙයි. එවැනි වේලාවන් අල්ලාහ් ගේ දූතයාණන් පෙන්වා නොදී අත හැර දැමුවේ නැත. සර්ව බලධාරී අල්ලාහ් ප්‍රාර්ථනා කිරීම ද නැමදුමක් ලෙස සලසා දී ඔහු ගේ සම්පත ඔහුගෙන් පමණක් ඉල්ලා සිටින මෙන් ද ඔහුගෙන් යමක් ඉල්ලා සිටියේ නම් ඔහු එය පිරිනමන බව ද ප්‍රතිඥා දෙයි. තව ද එය ට සුදුසු වේලාවන් හා කාලයන් වෙන් කර එය ද දන්වා ඇත. එම වේලාවන් දැන හඳුනා ගෙන ප්‍රයෝජනය ලබන්නා ය නියම බුද්ධිමතා වනුයේ. එම වේලාවන් වන්නේ ...
1.    රාත්‍රියෙ හි අවසන් කාලය
    තම ප්‍රාර්ථනාවන් සඳහා සුදුසු වේලාවන් අතුරින් සහර් වේලාව ද එකකි. මෙයයි රාත්‍රියේ කොටස් තුනින් අවසන් කොටස යැයි පවසනු ලබනුයේ. මෙම වේලාවෙ හි සැබෑ විශ්වාසවන්තයින් තම පාප ක්ෂමාව වෙනුවෙන් ප්‍රාර්ථනා කරති යැයි අල්ලාහ් උගන්වයි.
وَالمُستَغفِرينَ بِالأَسحارِ.
    (එම විශ්වාසවන්තයින්) සහර් වේලාවන් හි  පාප ක්ෂමාවෙහි නිරත වන්නන් වේ. (අල්-කුර්ආන් 3:17) යනුවෙන් පවසයි.
كَانُوا قَلِيلًا مِنَ اللَّيْلِ مَا يَهْجَعُونَ، وَبِالْأَسْحَارِ هُمْ يَسْتَغْفِرُونَ.
    ඔවුන් අලුයම (නැගි ට දෙවියා ට නැමදුම් කර තම දෙවියාගෙන්) පාප ක්ෂමාවෙහි නිරතවෙමින් සිටිති.                                 (අල්-කුර්ආන් 51:17,18)
    මෙම වැකිය ට විග්‍රහයක් ලෙස සහීහුල් බුහාරි හි 1145, 6321, 7494 හා සහීහ් මුස්ලිම් 758 යන අංක යටතේ සඳහන් ව ඇති හදීස් පිහිටා ඇත.
عَنْ أَبِي ھُرَيْرَةَ رَضِيَ الله عَنْهُ: أَنَّ رَسُولَ الله صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ قَالَ: " يَنْزِلُ رَبُّنَا تَبَارَكَ وَتَعَالَى كُلَّ لَيْلَةٍ إِلَى السَّمَاءِ الدُّنْيَا حِينَ يَبْقَى ثُلُثُ اللَّيْلِ الآخِرُ يَقُولُ: مَنْ يَدْعُونِي ٬ فَأَسْتَجِيبَ لَهُ وَمَنْ يَسْأَلُنِي فَأُعْطِيَهُ ٬ وَمَنْ يَسْتَغْفِرُنِي فَأَغْفِرَ لَهُ " رواه مسلم
    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ.
    අප ගේ පරමාධිපති සෑම රාත්‍රියකම තුන්වැනි කොටස ඉතිරිව පවතින විට පහළ අහස ට බැස මගෙන් ප්‍රාර්ථනා කරන කිසිවෙකු හෝ සිටින්නේ ද ඔහු ට මා පිළිතුරු දෙමි. මගෙන් අයදින කිසිවෙකු හෝ සිටින්නේ ද ඔහු ට මම පිරිනමමි. මගෙන් සමාව අයදින කිසිවෙකු හෝ සිටින්නේ ද ඔහු ට මම සමාව දෙමි, යනුවෙන් පවසයි.
    මෙම හදීසය තුළින් ඉතා වැදගත් වේලාවක් පිළිබඳ ව අල්ලාහ් අවධාරණය කර ඇත. බොහෝමයක් ජනයා මෙම වේලාවෙ හි නින්දෙ හි වැටී සිටිති. අල්ලාහ් තම ගෞරව ය හා බලයෙන් සෑම දිනක ම පහළ අහස ට බසින්නේ ය යැයි විශ්වාස කිරීමය අප ගේ වගකීම වනුයේ. එයට විවිධ අර්ථයන් ගැන්වීම නුසුදුසුය. එය ඔහුගේ  ගුණාංගයන් හි ව්‍යාජත්වය පිළිබඳ කතා කළ වරද ට අප ව ගෙන යනු ඇත. එලෙස පහළ අහසට බසින අල්ලා දුආ ඉස්තිග්ෆාර් යන කාර්යයන් හි නිරත වන මෙන් අප ට ඇරයුම් කරයි.
2.    ජුමුආ දින
    ප්‍රාර්ථනාවන් පිළි ගනු ලබන වේලාවන් අතරින් තවත් වේලාවක් සිකුරාදා දින  පිහිටා ඇත. එම වේලාව පිළිබඳ අදහස් 40 ක් පමණ ප්‍රකාශ කරනු ලැබී ඇත.
عَنْ أَبِي ھُرَيْرَةَ رَضِيَ الله عَنْهُ ٬ قَالَ: قَالَ أَبُو القَاسِمِ صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ: "فِي يَوْمِ الجُمُعَةِ سَاعَةٌ ٬ لاَ يُوَافِقُهَا عَبْدٌ مُسْلِمٌ ٬ وَھُوَ قَائِمٌ يُصَلِّي يَسْأَلُ الله خَيْرًا إِلاَّ أَعْطَاهُ" وَقَالَ بِيَدِهِ ٬ قُلْنَا: يُقَلِّلُهَا٬ يُزَھِّدُھَا " رواه البخاري و مسلم
    සිකුරාදා දින එක් වේලාවක් ඇත. එම වේලාවෙ හි කවර මුස්ලිම් ගැත්තෙකු නැගී සිට සලාතය ඉටු කර අල්ලාහ්ගෙන් යහපත අයැද සිටියේ නම් අල්ලාහ් එය ලබා නොදී සිටින්නේ නැත යැයි පවසා අල්ලාහ් ගේ දූතයාණෝ එම වේලාව ඉතා සුළු වේලාවක් යැයි පෙන්වා දී දෑතින් සංඥා කළහ.
වාර්තාකරු : අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: සහීහුල් බුහාරි 935 සහීහ් මුස්ලිම් 852
    මෙම හදීසය ට ගැලපෙන තවත් හදීස් දෙකක් පහත සඳහන් අයුරිනි.
1.    කුඃත්බා දේශන දෙක අතර පවතින වේලාව
 عَنْ أَبِي بُرْدَةَ بْنِ أَبِي مُوسَى الأَشْعَرِيِّ ٬ قَالَ: قَالَ لِي عَبْدُ الله بْنُ عُمَرَ: أَسَمِعْتَ أَبَاكَ يُحَدِّثُ عَنْ رَسُولِ الله صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ فِي شَأْنِ سَاعَةِ الْجُمُعَةِ؟ قَالَ: قُلْتُ: نَعَمْ ٬ سَمِعْتُهُ يَقُولُ: سَمِعْتُ رَسُولَ اللهِ صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ يَقُولُ: "ھِيَ مَا بَيْنَ أَنْ يَجْلِسَ الْإِمَامُ إِلَى أَنْ تُقْضَى الصَّلَاةُ” رواه مسلم
    අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු) තුමාගෙන් අබ්දුල්ලාහ් ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා ජුමුආ දිනයෙ හි ඇති වේලාව පිළිබඳ අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පවසා ඇති බවක් ඔබේ පියා කුමක් හෝ පවසා ඇත්තේ දැයි විමසූහ.
    එයට එතුමා: එසේය. අල්ලාහ්ගේ දූත (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) කළ ප්‍රකාශයක ට මම සවන් දුනිමි. එම වේලාව ඉමාම් මින්බර් හි වාඩි වීම හා සලාතය ඉටු කර හමාර වීම අතර ය යැයි ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා පිළිතුරු දුන්හ.
මූලාශ්‍රය: සහීහ් මුස්ලිම් - 853

2.    සිකුරාදා දින අසර් හි සිට මග්රිබ් දක්වා
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه أَنَّ رَسُولَ اللهَ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "إِنَّ فِي الْجُمُعَةِ سَاعَةً لَا يُوَافِقُهَا عَبْدٌ مُسْلِمٌ يَسْأَلُ اللهَ عَزَّ وَجَلَّ فِيهَا خَيْرًا إِلَّا أَعْطَاهُ الله إِيَّاهُ وَهِيَ بَعْدَ الْعَصْرِ" رواه أحمد

    නියත වශයෙන් ම සිකුරාදා දින වේලාවක් ඇත. එම වේලාව ට ආවේණික ව මුස්ලිම්වරයෙකු අල්ලාහ්ගෙන් අයැද සිටි විට එය අල්ලාහ් නොදී අතහරින්නේ නැත. එය අසර් වේලාව ට පසු වේලාව ය යැයි අල්ලාහ් ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පවසා සිටියහ.
වාර්තාකරු : අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය : මුස්නද් අහ්මද්
    අල්ලාහ් ගේ දූත නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කරන ලදී.
    නියත වශයෙන් ම සිකුරාදා දින වේලාවක් ඇත. එම වේලාවෙ හි විශ්වාසවන්ත ගැත්තෙකු සලාතයන් ඉටු කර තම අවශ්‍යතාවන් ඉල්ලා සිටියේ නම් අල්ලාහ් එය ඉටු නොකර අත හැර දමන්නේ නැතැ යි තව්රාතයේ දැක ගත හැක යැයි අබ්දුල්ලාහ් ඉබ්නු සලාම් (රළියල්ලාහු අන්හු) තුමා පැවසූහ. ඉහත සඳහන් අයුරින් මම පැවසූ විට එය ඉතා සුළු වේලාවක් යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පෙන්වා දුන්හ.
    අල්ලාහ් ගේ දූතයාණනි, ඔබ සත්‍යය ම කතා කළෙහි ය. සුළු වේලාවක් ද? ඒ කුමක් ද? යනුවෙන් ඇසුවෙමි. එය ට එම වේලාව සිකුරාදා දින දහවල් කාලයෙන් පසු වේලාවකි.
    එය සලාතය සඳහා වූ වේලාව නොවේ දැයි පැවසුවෙමි.
    එසේය, සැබැවින් ම විශ්වාසවන්ත ගැත්තෙකු සලාතය ඉටු කර අනෙක් සලාතය සඳහා බලාපොරොත්තුවෙන් වාඩි වී සිටීම ඔහු සලාතයේ සිටීම හා සමාන වේ.
    මුස්නද් අහ්මද් 5/451 ඉබ්නු මාජා 1139. මෙම හදීසයන් මගින් සිකුරාදා අයදින ප්‍රාර්ථනාවන් පිළි ගනු ලබන සුළු වේලාව මෙය යැයි  දැන ගත් උදවිය වේලාව අත පසු නොකරනු ඇත.
3.    සුජූද් කරන විට  
    මිනිසා ඉටු කරන දැහැමි කටයුතු වලින් වඩා ශ්‍රේෂ්ඨ හා අල්ලාහ් ට ඉතා ප්‍රිය මනාප අවස්ථාව සුජූද් ඉරියව්ව ය. සුජූද් කිරීම ප්‍රතික්ෂේප කළ බැවින් ෂෙයිතාන් ශාප කරනු ලැබ වීසි කරනු ලැබීය. සුජූද් හි අප අධික ව ප්‍රාර්ථනාවෙ හි නිරත වීමට උත්සාහ දැරිය යුතුයි.
    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ.
عن ابن عباس رضي الله عنهما قال قال رَسُولَ الله صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَلاَ وَإِنِّي نُهِيتُ أَنْ أَقْرَأَ الْقُرْآنَ رَاكِعًا أَوْ سَاجِدًا ٬ فَأَمَّا الرُّكُوعُ فَعَظِّمُوا فِيهِ الرَّبَّ عَزَّ وَجَلَّ ٬ وَأَمَّا السُّجُودُ فَاجْتَهِدُوا فِي الدُّعَاءِ ٬ فَقَمِنٌ أَنْ يُسْتَجَابَ لَكُمْ. رواه مسلم
    දැන ගනු ! නියත වශයෙන් ම රුකූවෙ හි හා සුජූද් හි අල්-කුර්ආන් කියවීම මට තහනම් කරන ලදී. රුකූවෙ හි නුඹලා අති ගෞරවනීය අති බලවත් පරමාධිපති ට ගරු බුහුමන් කරමින් තස්බීහ් කරහු. සුජූද් හි අධික ව ප්‍රාර්ථනා කිරීම ට වෙර දරනු. ඔබ ගේ ප්‍රාර්ථනාව ට පිළිතුරු සපයනු ලැබීමට එය ඉතා සුදුසු අවස්ථාව වේ.
වාර්තාකරු: ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා
මූලාශ්‍රය: සහීහ් මුස්ලිම් 479

4.    අත්තහිය්යාත් අවසානයේ
    සලාතයේ අත්තහිය්යාත් හි පවසනු ලබන සලාවත් ඉබ්රාහිමිය්යා ට පසු ව සලාතයේ නිරත වන්නා තමන් කැමැති ප්‍රාර්ථනාවක් ඉල්ලා සිටිය හැක. කබ්ර් හි වේදනාව නිරයේ දඬුවම දජ්ජාල් ගේ අනර්ථකම් වැනි කරුණු වලින් ආරක්ෂාව පැතිය හැක. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් තුමාණෝ එසේ සිදු කරමින් සිටියහ.
 عَنْ أَبِي ھُرَيْرَةَ رَضِيَ الله عَنْهُ ٬ قَالَ: قَالَ رَسُولُ الله صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ: " إِذَا فَرَغَ أَحَدُكُمْ مِنَ التَّشَهُّدِ الْآخِرِ ٬ فَلْيَتَعَوَّذْ بِا للهِ مِنْ أَرْبَعٍ: مِنْ عَذَابِ جَهَنَّمَ ٬ وَمِنْ عَذَابِ الْقَبْرِ ٬ وَمِنْ فِتْنَةِ الْمَحْيَا وَالْمَمَاتِ ٬ وَمِنْ شَرِّ الْمَسِيحِ الدَّجَّالِ " رواه مسلم
    ඔබ අතුරින් කිසිවෙකු හෝ සලාතයේ අවසන් අත්තහිය්යාතු පවසා අවසන් කළේ නම් කරුණු හතරක් සම්බන්ධයෙන් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතන්න. නිරයේ දඬුවමින් ද මිනී වළේ දඬුවමින් ද ජීවිත යේ මරණයේ ඇති වන පරීක්ෂණයන්ගෙන් ද  දජ්ජාල් නම් අර්බුද කාරයාගේ අර්බුදයෙන් ද (ආරක්ෂාව පතන්න)
වාර්තාකරු : අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: මුස්ලිම්
5.    උපවාසයෙන් මිදෙන වේලාවෙ හි.
    එක් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් ඉටු කරන වේලාවය උපවාසයෙන් මිදෙන වේලාව. එම වේලාවෙ හි ප්‍රාර්ථනාවන් පිළි ගනු ලැබේ. මේ සම්බන්ධයෙන් අනස් (රළියල්ලාහු අන්හු) තුමා පහත සඳහන් අයුරින් වාර්තා කරයි.
 عَنِ أَنَسِ رَضِيَ اللهُ عَنْهُ ٬ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: " ثَلَاثُ دَعَوَاتٍ لاَ تُرد: دَعْوَةُ الْوَالِدِ وَدَعْوَةُ الصَّائِمِ وَدَعْوَةُ الْمُسَافِرِ"  
    තුන් ආකාරයේ ප්‍රාර්ථනාවන් ප්‍රතික්ෂේප කරනු නොලැබේ. එනම්  පියෙකු ගේ ප්‍රාර්ථනා ව උපවාස ශීලය රකින්නෙකු ගේ ප්‍රාර්ථනාව හා මගියෙකු ගේ ප්‍රාර්ථානව (වේ.)
වාර්තාකරු අනස් (රළියල්ලාහු අන්හු) තුමා
මූලාශ්‍රය : සුනන් අල් බයිහකී 3/345, අහ්මද් ඉබ්නු හිබ්බාන්
6.    හජ් වන්දනාවන් ඉටු කරනු ලබන ස්ථානයන් හි.  
    අරෆා, මෂ්අරුල් හරාම්, සෆා, මර්වා, ජම්රතුල් ඌලා, වුස්තා, අකබා යන ස්ථාන හයක් ඇත. එම ස්ථානයන් හි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කිබ්ලා දෙසට හැරී ප්‍රාර්ථනා කළහ.  
1.    අරෆාවෙ හි රැඳී සිටින විට
    ප්‍රාර්ථනාවන් පිළිගනු ලබන අවස්ථාවන්ගෙන් එකකි අරෆා දිනයෙහි අයදිනු ලබන ප්‍රාර්ථනාවන්. එදින ගැත්තන් ගේ පාපයන් සමා කරනු ලැබ නිරයෙන් නිදහස ඔවුන ට පිරිනමනු ලබන්නේය යන අර්ථය ගැබ් වූ බොහෝ හදීසයන් සඳහන් ව ඇත.
عَنْ عَمْرِو بْنِ شُعَيْبٍ عَنْ أَبِيهِ عَنْ جَدِّهِ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "خَيْرُ الدُّعَاءِ دُعَاءُ يَوْمِ عَرَفَةَ وَخَيْرُ مَا قُلْتُ أَنَا وَالنَّبِيُّونَ مِنْ قَبْلِي لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ" رواه الترمذي
    ප්‍රාර්ථනාවෙන් උතුම් වනුයේ අරෆා දිනයේ ඉල්ලන ප්‍රාර්ථනාවයි. මා ද මට පෙර වූ නබි වරුන් ද පැවසූ දෑ හි ශ්‍රේෂ්ට වනුයේ.
لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
යැයි පැවසීමය.
වාර්තාකරු : අම්ර් ඉබ්නු ෂුඅයිබ් (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: තිර්මිදි 3585

2.    මුස්දලිෆාවෙ හි පිහිටා ඇති මෂ්අරිල් හරාම් නම් ස්ථානයෙ හි.  
සහීහ් මුස්ලිම් හි (2/891) හදීස් මේ පිළිබඳ ව පවසා සිටින විට දී
عن جَابر رضي الله عَنهُ في حديث طويل: ثُمَّ رَكِبَ الْقَصْوَاءَ ٬ حَتَّى أَتَى الْمَشْعَرَ الْحَرَامَ ٬ فَاسْتَقْبَلَ الْقِبْلَةَ ٬ فَدَعَاهُ وَكَبَّرَهُ وَھَلَّلَهُ وَوَحَّدَهُ ٬ فَلَمْ يَزَلْ وَاقِفًا حَتَّى أَسْفَرَ جِدًّا رواه مسلم
    මෂ්අරුල් හරාම් වෙත පැමිණි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ කිබ්ලා දෙස ට මුහුණ ලා ප්‍රාර්ථනා කර තක්බීර් තහ්ලීල් තව්හීද් ප්‍රකාශයන් පැවසූහ. හිරු උදාව දක්වා බලාපොරොත්තුවෙන් සිට හිරු උදාව ට මද වේලාවක ට පෙර මිනා ව දෙස බලා පිටත් වූහ.
3.    සෆා මර්වා: මෙය හජ් හෝ උම්රා කරන උදවිය සඃයු නම් මද වේගයෙන් දිව යන ස්ථානයයි.  
عن جَابر رضي الله عَنهُ في حديث طويل: أَبْدَأُ بِمَا بَدَأَ اللهُ بِهِ فَبَدَأَ بِالصَّفَا فَرَقِيَ عَلَيْهِ حَتَّى رَأَى الْبَيْتَ فَاسْتَقْبَلَ الْقِبْلَةَ فَوَحَّدَ اللهَ وَكَبَّرَهُ وَقَالَ لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ لَا إِلَهَ إِلَّا اللهُ وَحْدَهُ أَنْجَزَ وَعْدَهُ وَنَصَرَ عَبْدَهُ وَهَزَمَ الْأَحْزَابَ وَحْدَهُ ثُمَّ دَعَا بَيْنَ ذَلِكَ قَالَ مِثْلَ هَذَا ثَلَاثَ مَرَّاتٍ رواه مسلم
    අල්ලාහ් කවර කරුණක් ගෙන ආරම්භ කළේ ද එමගින් මම ද ආරම්භ කරමි යැයි පවසා පසු ව සෆාවෙන් ආරම්භ කර කඃබාව දිස් වන තරමට එහි නැග කිබ්ලා දිශාව ට මුහුණ ලා අල්ලාහ් ව ඒකීයභාවය ට පත් කර තක්බීර් ද ‍පවසා ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ අන්ජස වඃදහූ ව නසර අබ්දහූ ව හදමල් අහ්දාබ වහ්දහූ යනුවෙන් ප්‍රකාශ කළහ. පසුව ඒ අතර ප්‍රර්ථනා ද කළහ. මෙලෙස තුන්වරක් පවසා සිටියහ.
වාර්තාකරු: ජාබිර් (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: සහීහ් මුස්ලිම් 4/888
4.    හජ් හි ගල් විසි කරනු ලබන ජමරාත් නමින් හඳුන් වන ස්ථානයන් හි. එහි දී කරනු ලබන ප්‍රාර්ථනාවන් පිළි ගනු ලැබේ.
عَنِ ابْنِ عُمَرَ رَضيَ اللهُ عَنهُما أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ إِذَا رَمَى الْجَمْرَةَ الَّتِي تَلِي مَسْجِدَ مِنًى يَرْمِيهَا بِسَبْعِ حَصَيَاتٍ يُكَبِّرُ كُلَّمَا رَمَى بِحَصَاةٍ ثُمَّ تَقَدَّمَ أَمَامَهَا فَوَقَفَ مُسْتَقْبِلَ الْقِبْلَةِ رَافِعًا يَدَيْهِ يَدْعُو وَكَانَ يُطِيلُ الْوُقُوفَ رواه البخاري
    මිනා මස්ජිදය ට අසලින් පිහිටා ඇති ජම්රා නම් ස්ථානයන් ට අල්ලාහ් ගේ දූතයාණෝ ගල් විසි කළ විට ගල් කැට හතක් එය ට විසි කළහ. ගල් කැට විසි කරන සෑම අවස්ථාවක ම තක්බීර් පැවසූහ. පසු ව එහි ඉදිරිය ට පැමිණ කිබ්ලා දෙසට මුහුණ ලා තම දෑත් ඔසවා ප්‍රාර්ථනා කළහ. මෙලෙස එතුමාණෝ දීර්ඝ වේලාවක් සිට ගෙන සිටියහ.
වාර්තාකරු: ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: බුහාරි 1751
    මෙම හදීසයේ සඳහන් ව ඇති පරිදි පළමු වැනි දෙවැනි හා තුන් වැනි ජම්රාත් වලට ගල් ගසා දිගු වේලාවක් ප්‍රාර්ථනාවෙ හි නබි තුමාණන් නිරත වූ බව දකින්න ට පුළුවන.
7.    ලෙයිලතුල් කද්ර් රාත්‍රියෙ හි  
    රමළාන් අවසන් කොටසෙ හි ඔත්තේ දිනයන් හි ලෙයිලතුල් කද්ර් රාත්‍රිය මුණ ගැසිය හැක. එම රාත්‍රියන් හි ලෙයිලතුල් කද්ර් (යන මහිමයෙන් සපිරුණු රාත්‍රිය) ලබා ගැනීම ට උත්සාහ දැරිය යුතු යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අණ කළහ.
عن عائشة رضي اللهُ عنها قَالَتْ قُلْتُ يَا رَسُولَ اللهِ أَرَأَيْتَ إِنْ عَلِمْتُ أَىُّ لَيْلَةٍ لَيْلَةُ الْقَدْرِ مَا أَقُولُ فِيهَا قَال: " قُولِي اللَّهُمَّ إِنَّكَ عَفُوٌّ كَرِيمٌ تُحِبُّ الْعَفْوَ فَاعْفُ عَنِّي رواه الترمذي وابن ماجه
    ලෙයිලතුල් කද්ර් රාත්‍රිය කුමක් දැයි මම හඳුනා ගත්තෙම් නම් මා පැවසිය යුත්තේ කුමක් දැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගෙන් විමසා සිටියෙමි.
    එය ට එතුමාණෝ අහෝ අල්ලාහ්! ඔබ සමාව ප්‍රිය කරන්නෙහි ය. මට සමාව දෙනු මැනව ! යැයි පවසන්නැයි පිළිතුරු දුන්හ.
වාර්තාකරු : ආඉෂා රළියල්ලාහු අන්හු
මූලාශ්‍රය :  තිර්මිදි 3513, ඉබ්නු මාජා 3850.
8.    ෆර්ලු සලාතයන් ට පසු ව
    අත පසු කිරීමකින් තොරව ඉටු කළ යුතු එක් වගකීමකි අනිවාර්ය සලාතයන්. සලාතය අවසන් කොට අඛණ්ඩ ව පැමිණෙන පාරායනයන් අව්රාද් දික්ර් යන දෑ ඉටු කිරීමෙන් පසු ව එක් ගැත්තෙකු ප්‍රාර්ථනාවෙ හි නිරත වීම අල්ලාහ් ට ඉතා ප්‍රියජනක කටයුත්තකි.
عَنْ أَبِي أُمَامَةَ ٬ قَالَ قِيلَ يَا رَسُولَ اللهِ  أَىُّ الدُّعَاءِ أَسْمَعُ قَالَ " جَوْفَ اللَّيْلِ الآخِرِ وَدُبُرَ الصَّلَوَاتِ الْمَكْتُوبَات
    අබූ උමාමා අබ්බාසී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අල්ලාහ් ගේ දූතයාණනි, දැඩි ලෙස ශ්‍රවණයට ලක් වන ප්‍රාර්ථනා ව කුමක් දැයි විමසන ලදී. එවිට එතුමාණෝ රාත්‍රියෙ හි අවසාන කොටසෙහි හා අනිවාර්ය ය සලාතයන් ට පසු ව පතනු ලැබීම ය යැයි පිළිතුරු දුන්හ.
    අනිවාර්යය සලාතයන් ට පසු ව ප්‍රාර්ථනාවෙ හි නිරත වීම සම්බන්ධයෙන් ජනයා තම අවධානය අධික ලෙස යොමු කරනුයේ මේ හේතුවෙනි. මෙම මාතෘකාව සම්බන්ධයෙන් වූ කරුණු සලාතය ට පසු සාමුහික ප්‍රාර්ථනාව යන මාතෘකාව යටතේ ඔබ ට දැක ගත හැක.
9.    අදාන් හා ඉකාමත් අතර වේලාව  
    අදාන් හා ඉකාමත් අතර පවතින වේලාව: මෙම වේලාවෙ හි පතන ප්‍රාර්ථනාවන් පිළි ගනු ලැබේ.  
මෙම වේලාව බොහෝ අය ට හිමි වෙයි. එබැවින් එම වේලාව ප්‍රයෝජනය ට ගැනීම පුරුද්දක් බව පත් කර ගත යුතුයි.
عَنْ أَنَسِ بْنِ مَالِكٍ قَالَ : قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ "الدُّعَاءُ لَا يُرَدُّ بَيْنَ الْأَذَانِ وَالْإِقَامَةِ" رواه احمد والترمذي
    අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. අදාන් හා ඉකාමත් අතර පතනු ලබන ප්‍රාර්ථනාවන් ප්‍රතික්ෂේප කරනු නොලැබේ.
මූලාශාය : අහ්මද් 3 : 119,115 තිර්මිදි 212
    එබැවින් එම වේලාවෙ හි ප්‍රාර්ථනාවෙ හි නිරත විය යුතුයි.
 
මොවුන් ගේ ප්‍රාර්ථනාවන්
පිළි ගනු ලැබේ.
    ප්‍රාර්ථනාවන් පිළි ගනු ලබන අවස්ථාවන් අල්ලාහ් පිහිටුවා  ඇති සේ ම ඇතැමුන් ගේ ප්‍රාර්ථනාවන් ඔහු පිළිගන්නේ ය. එනම් පියෙකු තම දරුවන් වෙනුවෙන් පතන ප්‍රාර්ථනාවන්
 عَنِ أَنَسِ بْنِ مَالِكٍ قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ "ثَلَاثُ دَعَوَاتٍ لاَ تُرَدُّ: دَعْوَةُ الْوَالِدِ وَدَعْوَةُ الصَّائِمِ وَدَعْوَةُ الْمُسَافِرِ" رواه البيهقي وابن حبان
    ප්‍රාර්ථනාවන් තුනක් ප්‍රතික්ෂේප කරනු නොලැබේ. එනම් පියකු ගේ ප්‍රාර්ථනාව උපවාසය රකින්නෙකු ගේ ප්‍රාර්ථනාව හා මගියෙකු ගේ ප්‍රාර්ථනාව වේ.
වාර්තාකරු : අනස් (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය බයිහකී :  3-345, අහ්මද් ඉබ්නු හිබ්බාන්
ඉබ්‍රාහීම් අලෙයිහිස් සලාම් තුමාණන් පවා
 رَبِّ اجْعَلْنِي مُقِيمَ الصَّلاَةِ وَمِنْ ذُرِّيَّتِيْ
    පරමාධිපතියාණනි, මා හා මාගේ පරපුර සලාතය ඉටු කරන්නන් බව ට පත් කරනු මැනව ! (අල්-කුර්ආන් 14: 40) යැයි ප්‍රාර්ථනා කළහ.  
1.    පියෙකු ට දරුවන් පතන ප්‍රාර්ථනාව
    මිනිසෙකු මිය ගිය පසු ව ඔහු ට ප්‍රයෝජනය ගෙන දෙන කරුණු වලින් එකකි ඔහුගේ දරුවන් ඔහු වෙනුවෙන් ඉටු කරන ප්‍රාර්ථනාවන්. මොවුන් ගේ ප්‍රාර්ථනාවන් පිළි ගනු ලැබේ.
عَنْ أَبِي ھُرَيْرَةَ رَضيَ اللهُ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "إِذَا مَاتَ ابْنُ آدَمَ انْقَطَعَ عَنْهُ عَمَلُهُ إِلاَّ مِنْ ثَلاَثٍ: صَدَقَةٍ جَارِيَةٍ ٬ أَوْ عِلْمٍ يُنْتَفَعُ بِهِ ٬ أَوْ وَلَدٍ صَالِحٍ يَدْعُو لَهُ" رواه مسلم
    ආදම් ගේ දරුවෙකු මිය ගිය විට  කරුණු තුනක් හැර ඔහු ගේ සියලු ක්‍රියාවන් විසන්ධි වනු ඇත. සදාතනික දානය, ප්‍රයෝජනය ගෙන දෙන අධ්‍යාපනය හා ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන දැහැමි දරුවෙක් යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ.
වාර්තාකරු : අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය :  මුස්ලිම් 1631
عَنْ أَبِي ھُرَيْرَةَ رضي اللهُ عنه قَالَ: " تُرْفَعُ لِلْمَيِّتِ بَعْدَ مَوْتِهِ دَرَجَتُهُ. فَيَقُولُ: أَيْ رَبِّ! أَيُّ شَيْءٍ ھَذِهِ؟ فيقال: "وَلَدُكَ اِسْتَغْفَرَ لَكَ" رواه البخاري في الأدب المفرد
    කෙනෙකු මිය ගිය පසු ව මිය ගිය අය ගේ නිලයන් උසස් කරනු ලැබේ. එවිට (මෙය දකින) ඔහු පරමාධිපතියාණනි, මේ කුමක් දැයි විමසයි. එවිට ඔබේ දරුවා ඔබ වෙනුවෙන් පව් සමාව අයැදිමින් ප්‍රාර්ථනා කළේය යැයි පවසනු ලැබේ.
වාර්තාකරු: අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: අල්-අදබුල් මුෆ්රද්
2.    මුස්ලිම්වරයෙකු සෙසු මුස්ලිම්වරුන් වෙනුවෙන් පතන ප්‍රාර්ථනාවන්
    තම සහෝදර මුස්ලිම්වරයා වෙනුවෙන් ප්‍රාර්ථනා කරන ගැත්තෙකු ගේ ප්‍රාර්ථනාවන් අල්ලාහ් පිළිගන්නේ ය.
عَنْ أَبِي الدَّرْدَاءِ رضي اللهُ عنه قَالَ: قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: "مَا مِنْ عَبْدٍ مُسْلِمٍ يَدْعُو لِأَخِيهِ بِظَهْرِ الْغَيْبِ ٬ إِلَّا قَالَ الْمَلَكُ: وَلَكَ بِمِثْلٍ " رواه مسلم
    කවර මුස්ලිම් ගැත්තෙකු හෝ වේවා තම සහෝදරයා ට ඔහු ඉදිරියේ නොමැති මොහොතක ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කළේ නම්,  ඔහු සමඟ සිටින මලක්වරයා එමෙන් ම ඔබට ද අත්වේවා ! යැයි පවසා සිටිනවාක් මිස නැත යැයි අල්ලාහ් ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ.
වාර්තාකරු :  අබූ දර් (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: සහීහ් මුස්ලිම් 2732.

3.    අසාධාරණය අපරාධය ට ලක් වූ අය ගේ ප්‍රාර්ථනාව
عَنْ أَبِي ھُرَيْرَةَ رضي اللهُ تعالى عنه قَالَ قَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: "ثَلَاثُ دَعَوَاتٍ مُسْتَجَابَاتٌ دَعْوَةُ الْمَظْلُومِ وَدَعْوَةُ الْمُسَافِرِ وَدَعْوَةُ الْوَالِدِ عَلى وَلدِهِ" رواه ابو داود وابن ماجه و الترمذي
    ප්‍රාර්ථනාවන් තුනක ට පිළිතුරු දෙනු ලැබේ. අපරාධය ට ලක් වූ අය ගේ ප්‍රාර්ථනාව, මගියෙකු ගේ ප්‍රාර්ථනාව පියෙකු තම පුතු වෙනුවෙන් පතන ප්‍රාර්ථනා ව යන්න වේ.
වාර්තාකරු: අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: අබූ දාවූද් 1536, ඉබ්නු මාජා 3862 හා තිර්මිදි 1905.
عَنِ ابْنِ عَبَّاسٍ رضي اللهُ عنهما قال: أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ بَعَثَ مُعَاذ بن جبل إلى اليمن فقالَ "اتَّقِ دَعْوَةَ الْمَظْلُومِ ٬ فَإِنَّهُ لَيْسَ بَيْنَهَا وَبَيْنَ اللهِ حِجَابٌ" رواه مسلم
    අල්ලාහ් ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා ව යමන් දේශය ට දූතයෙකු ලෙස යැවූ අවස්ථාවේ එතුමා මෙසේ ප්‍රකාශ කළහ. ඔබ අපරාධ කරනු ලැබූවන් ගේ ප්‍රාර්ථනාව ට බියවන්න. හේතුව එය හා අල්ලාහ් අතර කිසිදු තිරයක් නොපවතින බැවිනි.  
වාර්තාකරු: ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හුමා)
මූලාශ්‍රය: මුස්ලිම්.
4.    හජ් හෝ උම්රා ඉටු කරන්නන්ගේ ප්‍රාර්ථනාව
عَنْ ابْنِ عُمَرَ عَن النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ الْغَازِي فِي سَبِيلِ اللهِ وَالْحَاجُّ وَالْمُعْتَمِرُ وَفْدُ اللهِ دَعَاهُمْ فَأَجَابُوهُ وَسَأَلُوهُ فَأَعْطَاهُمْ" رواه ابن ماجه
    අල්ලාහ් ගේ මාර්ග යේ සටන් වදින සටන්කාමියා හජ් වන්දනා ඉටු කරන්නා හා උම්රා ඉටු කරන්නා අල්ලාහ් ගේ ආගන්තුකයන් ය. අල්ලාහ් ඔවුන් ව කැඳෙව්වේ ය. එය ට ඔවුහු ප්‍රතිචාර දැක්වූහ. තව ද ඔවුහු ඔහුගෙන් ඉල්ලා සිටියහ. එබැවින් ඔවුනට ඔහු පිරිනැමුවේ ය යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ.
වාර්තාකරු : ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා)
මූලාශ්‍රය: ඉබ්නු මාජා 2893
5.    ජිහාදයේ නිරත වන්නා පතන ප්‍රාර්ථනාව
عَنْ سَهْلِ ابْنِ سَعْدٍ قَالَ: قَالَ رَسُولُ الله صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ :ثِنْتَانِ لاَ تُرَدَّانِ ٬ أَوْ قَلَّمَا تُرَدَّانِ الدُّعَاءُ عِنْدَ النِّدَاءِ ٬ وَعِنْدَ الْبَأْسِ حِينَ يُلْحِمُ بَعْضُهُمْ بَعْضًا" رواه ابو داود والحاكم
    සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ.
    ප්‍රාර්ථනාවන් දෙකක් ප්‍රතික්ෂේප කරනු නොලැබේ. ඒවා නම් සලාතය සඳහා කැඳවනු ලබන අවස්ථාවේ පතන ප්‍රාර්ථනා ව, යුදමය අවස්ථාවේ පිරිස අනෙක් පිරිස සමඟ ගැටෙන අවස්ථාවේ පතන ප්‍රාර්ථනාව යනුවෙන් පැවසූහ.  
වාර්තාකරු : සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: සුනන් අබූ දාවූද් 3540, හාකිම්.


 
දුෂ්කර අවස්ථාවන් හි
තමන් ගේ විනාශය සඳහා
ප්‍රාර්ථනා කළ හැකි ද?
    මිනිසා මෙලොවෙ හි සතුටින් ජීවත් විය යුතුය. තමන් ට හිමි වූ දෑ වෙනුවෙන් කෘතවේ දී වී ජීවත් වීම මුස්ලිම්වරයෙකු ගේ ගුණාංගයකි. දුෂ්කරතාවන් දරා ගනිමින් උද්වේගය ට පත් නොවී ඉවසීම විශ්වාසවන්තයෙකු ගේ මහත් ගුණාංගයකි. එමගින් ඔහු ස්වර්ගය ට අයත් කෙනෙකු වන්නේ ය.  
وَلَنَبلُوَنَّكُم بِشَىءٍ مِنَ الخَوفِ وَالجوعِ وَنَقصٍ مِنَ الأَموٰلِ وَالأَنفُسِ وَالثَّمَرٰتِ وَبَشِّرِ الصّٰبِرينَ الَّذينَ إِذا أَصٰبَتهُم مُصيبَةٌ قالوا إِنّا لِلَّهِ وَإِنّا إِلَيهِ رٰجِعونَ
    (විශ්වාස කළවුනි) බියෙන් ද, සාගින්නෙන් ද, ධන සම්පත්, ආත්මාවන් හා බවභෝගයන් අඩු කරමින් ද සැබැවින් ම අපි නුඹලා ව පරීක්ෂණය ට ලක් කරන්නෙමු. (නබිවරය මෙම පරීක්ෂණයන් තුළින් ඇති වන දුෂ්කරතාවන්) ඉවසා දරා ගන්නන් ට නුඹ සුබාරංචි දන්වා සිටිනු. පරීක්ෂාවන් ට ලක් වූ මොවුන ට කවර දුෂ්කරතාවක් පැමිණිය ද සැබැවින් ම අල්ලාහ් වෙනුවෙන් ම සිටින්නෙමු. තව ද සැබැවින් ම අපි ඔහු වෙත ම නැවත යොමු වන්නන් වෙමු. (අල්-කුර්ආන් 2:155,156) යනුවෙන් විශ්වාසවන්ත යින් පිළිබඳ ව අල්ලාහ් සඳහන් කරන්නේ ය.
    එබැවින් ඉවසීම යන ගුණාංගය පිළිපදිමින් ජීවත් නොවී ඇති වන දුෂ්කරතා අවස්ථාවන් හි තමන් ට එරෙහි ව තමන් ගේ විනාශය වෙනුවෙන් ප්‍රාර්ථනා නොකළ යුතුය. ඉක්මන් වී එවැනි ප්‍රාර්ථනාවක නිරත වීම තමන් ට හානිදායක ප්‍රති විපාක හිමි කර දෙනු ඇති බව අප වටහා ගත යුතුය. මැනවින් සිතා බලා ක්‍රමවත් අයුරින් තම අවශ්‍යතාවන් ඉල්ලා සිටිය යුතුය. තමන් ට යම් හානියක් ඇති වන බව දුටුවේ නම් අල්ලාහ්ගෙන් ආරක්ෂාව පැතිය යුතුය. එසේ සිදු නොකර ඉක්මන් වී තමන් ට හානිදායක වන පරිදි ප්‍රාර්ථනා කිරීම තහනම් කරනු ලැබූවකි. මිනිසා ඉක්මන් ස්වභාවයන් යුත්තෙකු බව අල්-කුර්ආන් පවසා සිටියි.   
وَيَدعُ الإِنسٰنُ بِالشَّرِّ دُعاءَهُ بِالخَيرِ وَكانَ الإِنسٰنُ عَجولًا
    යහපත පතමින් මිනිසා ප්‍රාර්ථනා කරන අයුරින් ම (ඇතැම් විට නොදැනුවත් කමින්) අයහපත පතමින් ද ප්‍රාර්ථනා කරන්නේ ය. (හේතුව) ඔහු (ස්වභාවයෙන් ම ඉවසීම අහිමි කර ගනිමින්) ඉක්මන් වන්නෙකුව සිටියි.
(අල්-කුර්ආන් 17:11)
عَن جَابِر سِرْنَا مَعَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فِي غَزْوَةِ بَطْنِ بُوَاطٍ ٬ وَھُوَ يَطْلُبُ الْمَجْدِيَّ بْنَ عَمْرٍو الْجُهَنِيَّ ٬ وَكَانَ النَّاضِحُ يَعْتَقِبُهُ مِنَّا الْخَمْسَةُ وَالسِّتَّةُ وَالسَّبْعَةُ ٬ فَدَارَتْ عُقْبَةُ رَجُلٍ مِنَ الْأَنْصَارِ عَلَى نَاضِحٍ لَهُ ٬ فَأَنَاخَهُ فَرَكِبَهُ ٬ ثُمَّ بَعَثَهُ فَتَلَدَّنَ عَلَيْهِ بَعْضَ التَّلَدُّنِ ٬ فَقَالَ لَهُ: شَأْ ٬ لَعَنَكَ الله ٬ فَقَالَ رَسُولُ الله صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ: مَنْ ھَذَا اللَّاعِنُ بَعِيرَهُ؟ قَالَ: أَنَا ٬ يَا رَسُولَ الله قَالَ: انْزِلْ عَنْهُ ٬ فَلاَ تَصْحَبْنَا بِمَلْعُونٍ ٬ لاَ تَدْعُوا عَلَى أَنْفُسِكُمْ ٬ وَ لاَ تَدْعُوا عَلَى أَوْلاَدِكُمْ ٬ وَ لاَ تَدْعُوا عَلَى أَمْوَالِكُمْ ٬ لاَ تُوَافِقُوا مِنَ الله سَاعَةً يُسْأَلُ فِيهَا عَطَاءٌ ٬ فَيَسْتَجِيبُ لَكُمْ. رواه مسلم
    ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. බතන් බුවාත් නම් යුද්ධයෙ හි සහභාගී වීමට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සමඟ අපි ද ගියෙමු. අල්-මජ්දී ඉබ්නු අම්ර් අල්-ජුහනී නමැත්තා ව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සොයමින් සිටියහ. ජලය රැගෙන එන ඔටුවා ට පසුපසින් අප අතරින් 5,6,7 දෙනෙකු පමණ   පැමිණියෙමු. අන්සාර්වරුන් ට අයත් උක්බා ගේ වාරය පැමිණියේ ය. එම ඔටුවා ව නැමෙන්න ට සලස්වා එහි නැග (එම ඔටුවා ව) දැක්කුවේ ය. එය ගමන් කරන්න ට ආරම්භ කළේය. මදක් ප්‍රමාද විය. (උක්බා ආවේගයට පත් වී) ඔබ ව අල්ලාහ් ශාප කරත්වා ! යැයි පැවසීය.
    එය ඇසූ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම ඔටුවා ට ශාප කළේ කවුදැයි විමසා සිටියහ. අල්ලාහ් ගේ දූතයාණනි, මම යැයි උක්බා පැවසුවේය. විගස නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා එම මිනිසා ට ඉන් බසිනු යැයි පවසා ශාප කරන ලද දෙයක් සමඟ ඔබ අප සමඟ නොපැමිණෙන්නැයි පවසා සිටියහ. පසු ව ඔබ ට එරෙහි ව ප්‍රාර්ථනා නොකරන්න. තව ද ඔබ ගේ දරුවන් ට එරෙහි ව ප්‍රාර්ථනා නොකරන්න. තව ද ඔබ ගේ වස්තුව ට එරෙහි ව ප්‍රාර්ථනා නොකරන්න. (ඇතැම් විට) ඔබ විසින් පතනු ලබන දෑ අල්ලාහ් අබියස පිළි ගනු ලැබීම ට සමගාමී ව විය හැක. එවිට පිළිගන්න ට පුළුවන යැයි පැවසූහ.
මූලාශ්‍රය: ජාබිර් (රළියල්ලාහු අන්හු)
මූලාශය : මුස්ලිම්
    ඉහත සඳහන් හදීසයන් හි මෙලෙස ශාපය ගෙන දෙන අයුරින් ප්‍රාර්ථනාවන් හි නිරත නොවිය යුතු යැයි පැහැදිලි වෙයි. එබැවින් අප ගේ අඹු දරුවන් ට යහපත් ජීවිතයක් ලැබීමටත් අල්ලාහ් අප ට පිරිනැමූ දෑ විනාශ නොවී පැවතීමටත් ප්‍රාර්ථනා කරමු. ඔවුන් අතර දකින යම් ක්‍රියාවක් සඳහා කෝපය ට පත් ව ඔවුන ට ශාප නොකර ඉතා ආදරයෙන් හැඩ ගස්වා යහපත් ජීවිතයක් උදෙසා ප්‍රාර්ථනා කරමු.
    ඉස්තිහාරා ප්‍රාර්ථනාව
اللّهُمَّ إِنِّي أَسْتَخيرُكَ بِعِلْمِك ٬ وَأسْتَقْدِرُكَ بِقُدْرَتِك ٬ وَأَسْألُكَ مِنْ فَضْلِكَ العَظيم ٬ فَإِنَّكَ تَقْدِرُ وَلا أَقْدِر ٬ وَتَعْلَمُ وَلا أَعْلَم ٬ وَأَنْتَ عَلاّمُ الغُيوب ٬ اللّهُمَّ إِنْ كُنْتَ تَعْلَمُ أَنَّ ھذا الأمْرَ- وَيُسَمِّي حاجَتَه - خَيْرٌ لي في ديني وَمَعاشي وَعاقِبَةِ أَمْري ٬ فَاقْدُرْهُ لي وَيَسِّرْهُ لي ثمَّ بارِكْ لي فيه ٬ وَإِنْ كُنْتَ تَعْلَمُ أَنَّ ھذا الأمْرَ شَرٌ لي في ديني وَمَعاشي وَعاقِبَةِ أَمْري ٬ فَاصْرِفْهُ عني وَاصْرِفْني عَنْهُ وَاقْدُرْ لي الخَيْرَ حَيْثُ كانَ ثُمَّ أَرْضِني بِه .
යා ! අල්ලාහ්, ඔබගේ ප්‍රඥාව තුළින් ඔබගෙන් යහපත පතමි. ඔබ ගේ ශක්තිය තුළින් ශක්තිය පතමි. තව ද ඔබෙන් ඔබ ගේ මහත් වූ භාග්‍යය පතමි. හේතුව ඔබ ශක්තිය ඇත්තා ය. මට කිසිදු ශක්තියක් නොමැත. තව ද ඔබ මැනවින් දන්නෙහි ය. නමුත් මම කිසිවක් නොදනිමි. ඔබ ගුප්ත දෑ සියල්ල මැනවින් දන්නා ය. යා  අල්ලාහ්! මෙම ක්‍රියාව (තමන් නිරත වන්න ට යන ක්‍රියාව සඳහන් කොට) මටත් මාගේ දහමටත් මාගේ ජීවිතයටත් මාගේ ක්‍රියාවේ අවසානයටත්  (මෙලෙස එකතු කොට පැවසිය හැක.) මාගේ ක්ෂණික හෝ ප්‍රමාද වූ ක්‍රියාවටත් යහපතක් යැයි ඔබ දන්නේ නම් එය මාගේ ඉරණමෙ හි එකතු කරනු මැනව ! තවද එය මට පහසු කරනු මැනව ! පසු ව එහි අභිවෘද්ධිය ලබා දෙනු මැනව ! නමුත් මෙම ක්‍රියාව (තම ක්‍රියාවෙ හි නම පවසමින්) මටත් මාගේ දහමටත් මාගේ ජීවිතයටත් මාගේ ක්‍රියාවේ අවසානයටත් (මෙලෙස එකතු කොට පැවසිය හැක.) මාගේ ක්ෂණික හෝ ප්‍රමාද වූ ක්‍රියාවටත්  අයහපත් යැයි ඔබ දන්නේ නම් එය මගෙන් ඉවත් කරනු මැනව ! එයින් මා හරවනු මැනව. තව ද එය මාගේ ඉරණමෙහි යහපතක් බවට පත් කරනු මැනව ! එය කෙසේ පිහිටා තිබුණ ද පසු ව එහි මට තෘප්තිය ඇති වන්නාක් සේ පත් කරනු මැනව ! මූලාශ්‍රය: 7 වැනි වෙළුම 162 වැනි පිටුව
 
දික්ර් හා දුආ
    දික්ර් යනු අල්ලාහ් ව මෙනෙහි කිරීමයි. අල්ලාහ් ට හිමි අලංකාර නාමයන් ගුණාංගයන් ගෙන හැර පා ඔහු ව ප්‍රශංසා කොට පිවිතුරු කිරීම මෙය පෙන්වා දෙන්නේ ය. ලා ඉලාහ ඉල්ලල්ලාහු යනුවෙන් පවසා අල්ලාහ් ව ඒකීයත්වය ට පත් කොට ඔහු පිරිනැමූ දෑ වෙනුවෙන් අල්හම්දු ලිල්ලාහ් යනුවෙන් පවසා ඔහුට ම සියලු ප්‍රශංසා පුද කිරීමත් පුදුම සහගත දෙයක් දැක හෝ ලබා  මාෂා අල්ලාහ් යනුවෙන් පවසා අල්ලාහ් ට නොගැළපෙන දැයින් පිවිතුරු කොට සුබ්හානල්ලාහ් යනුවෙන් පැවසීමත් යන සියල්ල දික්ර් යන පදයට අන්තර්ගත වෙයි. දේව විශ්වාස වන්තයින් කවදත් අල්ලාහ් ව සියලු අවස්ථාවන් හි සිහිපත් කිරීම තමන් ගේ යුතුකම වෙයි.
يٰأَيُّهَا الَّذينَ ءامَنُوا اذكُرُوا اللهَ ذِكرًا كَثيرًا وَسَبِّحوهُ بُكرَة وَأَصيلًا
විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ් ව අධික ව සිහිපත් කරමින් මෙනෙහි කරනු ! තව ද ඔහු ව උදේ සවස පිවිතුරු කරනු !(අල්-කුර්ආන් 33: 41-42)
الَّذِينَ يَذْكُرُونَ اللهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ
    (ඥානය ඇති) ඔවුහු කවරහු ද යත් සිට ගත් තත්ත්වයෙන් ද හිඳ ගත් තත්ත්වයෙන් ද තමන් පැත්තකට ඇල වූ තත්ත්වයෙන් ද අල්ලාහ්ව මෙනෙහි කරමින් අහස් හා මිහිතලය මැවීම පිළිබඳ ව ගැඹුරින් සිතා බලා අපගේ පරමාධිපතියාණනි, ඔබ මෙය අර්ථ විරහිත ලෙස නොමැව්වෙහි ය. සියලු අති පිවිතුරුතාවන් ඔබටම ය. එබැවින් නිරයේ දඬුවමින් අප ව ආරක්ෂා කරනු මැනව. (අල්-කුර්ආන් 3:191)
    එබැවින් දෙවියන් මෙනෙහි කිරීම යනු සෑම කෙනෙකුගෙන් ම උදා විය යුතු කරුණකි. එය නොමැත්තා මළ මිනියක් මෙනි.  
 عَنْ أَبِي مُوسَى الأَشْعَرِي رَضِيَ اللهُ عَنْهُ قَالَ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: "مَثَلُ الَّذِي يَذْكُرُ رَبَّهُ وَالَّذِي لاَ يَذْكُرُ رَبَّهُ ٬ مَثَلُ الحَيِّ وَالمَيِّتِ" رواه البخاري
    තම පරමාධිපති ව සිහිපත් කරන්නෙකු ට හා සිහිපත් නොකරන්නෙකු ට උපමාව ජීවතුන් අතර සිටින්නෙකු හා මිය ගිය අයෙකු මෙනි යනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ.
වාර්තාකරු: අබූ මූසා අල්-අෂ්අරී (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: බුහාරි
عَنْ أَبِي ھُرَيْرَةَ رَضِيَ اللهُ عنهُ عَنِ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "كَلِمَتَانِ خَفِيفَتَانِ عَلَى اللِّسَانِ ٬ ثَقِيلَتَانِ فِي المِيزَانِ ٬ حَبِيبَتَانِ إِلَى الرَّحْمَنِ٬ سُبْحَانَ اللهِ وَبِحَمْدِهِ ٬ سُبْحَانَ اللهِ العَظِيمِ” رواه البخاري و مسلم
වදන් දෙකක්  ඇත. ඒ දෙක දිව ට ඉතා පහසු ය. මීසාන් හෙවත් තරාදියෙ හි ඉතා බරැති ය. කරුණාභරිතයාණන් ට ඉතා ප්‍රිය මනාප ය. එනම් සුබ්හානල්ලාහි වබිහම්දිහි සුබ්හානල්ලාහිල් අළීම්  යනුවෙන් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැවසූහ.
වාර්තාකරු: අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: සහීහුල් බුහාරි, මුස්ලිම්
عَنْ اَبِي ھرَيْرَةَ رَضِيَ اللهُ عَنْهُ قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: "أَكْثِرُوْا مِنْ قَوْلِ لاَ اِلهَ الاَّ الله". رواه أحمد
    ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන ප්‍රකාශය වැඩි වැඩියෙන් පවසන්න යනුවෙන් අල්ලාහ් ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා‍ණෝ පැවසූහ.
වාර්තාකරු : අබූ හුරෙයිරා රළියල්ලාහු අන්හු
මූලාශ්‍රය: මුස්නද් අහ්මද්
    අල්-කුර්ආන් වැකි හා සිය ගණනින් හදීස් දෙවියන් මෙනෙහි කිරීමෙ හි මහිමයන් පිළිබඳව ඉදිරිපත් කොට ඇත. ඒවා අද විවිධ භාෂාවන් ට පරිවර්තනය ද කොට ඇත. දික්ර් යනු එක් තනි නැමදුමකි. එ සඳහා ම වෙන් වූ සීමාවන් පිළිපදිමින් එය ඉටු කළ යුතුය.
    එලෙස ම දුආ යන නැමදුමත් ඉටු විය යුතුය. දේව ගැත්තෙකු තම අවශ්‍යතාවන් සපුරා ගැනීම ට සර්ව බලධාරී අල්ලාහ් ට කන්නලව් කර අයැද සිටීම අදහස් කරයි. ඔහු පමණක් නමදින ගැත්තා ඔහුගෙන් පමණක් උදව් පැතිය යුතුය. අල්ලාහ් හැර වෙනත් කිසිදු  ශක්තියක් නොමැති බවත් ඔහුගෙන් කිසිවක් ලබා ගැනීම ට අතරමගියෙකු අවශ්‍ය නොවන බවත් විශ්වාස කොට ජීවත් විය යුතුය. එය කෙසේ සිදු කළ යුත්තේ ද යන්න ට සීමාවන් ඇත. ඒ පිළිබඳවත් අප දැන සිටිය යුතුය. නැමදුම් වලට අදාළ සියලු ප්‍රාර්ථනාවන් හදීස් ග්‍රන්ථ වල සඳහන් ව ඇත. අද ඒවා ද පරිවර්තනය කොට විවිධ භාෂාවන්ගෙන් දැක ගත හැක.
    අල්-මව්සූරාත් යනුවෙන් අල්-කුර්ආන් හි ප්‍රාර්ථනාවන් යනුවෙන් ද තවත් බොහෝමයක් ද ඇත. ඒවා අතුරින් හිස්නුල් මුස්ලිම් යන පොත් පිංචය ගොනු කරනු ලැබූ ප්‍රාර්ථනාවන් සාධක සහිත ව සංස්කරණය කරනු ලැබ ඇත. ජනතාව ඉතා කැමැත්තෙන් භාවිත කරන දෙයක් බව ට පත් ව ඇත. අල්-කුර්ආන් හා අල්-හදීස් හි පැමිණ ඇති ප්‍රාර්ථනාවන් හි කිසිදු අඩුවක් හෝ ව්‍යාකූල භාවයක් හෝ වරදක් හෝ නොමැත. එහි යමක් අන්තර්ගත කළ නොහැක. එසි සිදු නොකළ යුතුය. එහි ඇති දෑ එලෙසින් ම පාරායනය කළ යුතුය. එබැවිනි මව්සූරාත් පාරායනය කරන මෙන් විද්වතුන් පවසා සිටිනුයේ. අල්-කුර්ආනයේ හා හදීස් හි සඳහන් සියල්ල අල්ලාහ් විසින් හඳුන්වා දෙනු ලැබූ දෑය. හේතුව
 وَما يَنطِقُ عَنِ الهَوىٰ إِن ھُوَ إِلّا وَحىٌ يوحىٰ
    ඔහු තමන් කැමති පරිදි කිසිවක් ප්‍රකාශ කළේ නැත. මෙය ඔහු ට වහී මගින් දන්වා සිටි දෑ හැර වෙන කිසිවක් නොවේ.  
(අල්-කුර්ආන් 53:3,4) යනුවෙන් අල්ලාහ් පවසා සිටියි.
    ප්‍රාර්ථනාවන් සහාබිවරු නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගෙන් ඉගෙන කට පාඩම් කර ගෙන ඇති බවට ඉතිහාසය දන්වා සිටියි.
عَنْ جَابِرِ بْنِ عَبْدِ الله رَضِيَ الله عَنْهُمَا ٬ قَالَ: كَانَ رَسُولُ الله صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ يُعَلِّمُنَا الِاسْتِخَارَةَ فِي الأُمُورِ كُلِّهَا ٬ كَمَا يُعَلِّمُنَا السُّورَةَ مِنَ القُرْآنِ رواه البخاري
    කුර්ආනයේ ඇති සූරාහ්වන් උගන්වා දුන් අයුරින් සියලු කටයුතු වල දී එහි යහපත පතා ඉස්තිහාරා කිරීම අල්ලාහ් ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අප ට ඉගැන්වූහ.
වාර්තාකරු: ජාබිර් (රළියල්ලාහු අන්හු)
මූලාශය: සහීහුල් බුහාරි 1162
    තමන්ට ම කියා ප්‍රාර්ථනාවක් සූදානම් කර ගනිමින් ප්‍රාර්ථනා කළ හැක. නමුත් එහි වැකි වල අන්තර් ගත කරුණු වලට වඩා අල්ලාහ් හා අල්ලාහ් ගේ දූතයාණන් ගේ වැකි වල අන්තර්ගත ව ඇති කරුණු ඉතා ගැඹුරු අදහස් ඇති බව කිසිවෙකු ට ප්‍රතික්ෂේප කළ නොහැක.
عَنْ أَنَسٍ ٬ أَنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ٬ عَادَ رَجُلًا مِنَ الْمُسْلِمِينَ قَدْ خَفَتَ فَصَارَ مِثْلَ الْفَرْخِ ٬ فَقَالَ لَهُ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: ھَلْ كُنْتَ تَدْعُو بِشَيْءٍ أَوْ تَسْأَلُهُ إِيَّاهُ؟ قَالَ: نَعَمْ ٬ كُنْتُ أَقُولُ: اللهُمَّ مَا كُنْتَ مُعَاقِبِي بِهِ فِي الْآخِرَةِ ٬ فَعَجِّلْهُ لِي فِي الدُّنْيَا ٬ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: " سُبْحَانَ اللهِ لاَ تُطِيقُهُ – أَوْ لَا تَسْتَطِيعُهُ - أَفَلَا قُلْتَ: اللهُمَّ آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً ٬ وَقِنَا عَذَابَ النَّارِ " قَالَ: فَدَعَا الله لَهُ ٬ فَشَفَاهُ. رواه مسلم
    රෝගාතුරව සිටි මිනිසෙකු ගේ සුව දුක් විමසීම සඳහා අල්ලාහ් ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) ගියහ. ඔහු ඉතා මලානික ව කෙසඟ සිරුරක් සහිත ව සිටිනු දැක ගන්න ට ලැබිණ.
    එම මිනිසා දෙස බලා අල්ලාහ් ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ඔබ කිසියම් හෝ ප්‍රාර්ථනාවක් ඇයද සිටියෙහි ද? යැයි විමසූහ. එසේය මම පරමාධිපතියාණනි, ඔබ මා පරලොව දඬුවම් කිරීම ට සිටින දෑ මෙලොවෙහි ම ලබා දෙනු මැනව ! යැයි පැතුවෙමි යැයි පැවසුවේය. එය ඇසූ අල්ලාහ් ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) සුබ්හානල්ලාහ් ඔබ ට එය දරා ගත නොහැක. එසේ නොමැතිනම් ඔබ එය ට ශක්තිය නොදරන්නෙහි ය යැයි පවසා ඔබ ඇයි
 اللهُمَّ آتِنَا فِي الدُّنْيَا حَسَنَةً وَفِي الْآخِرَةِ حَسَنَةً ٬ وَقِنَا عَذَابَ النَّارِ
    දෙවියනි මෙලොව යහපත ද මතු ලොව යහපත ද පිරිනමා නිරා ගින්නෙ හි වේදනාවෙන් මා ආරක්ෂා කරනු මැනව ! ප්‍රාර්ථනා කරන්න ට තිබුණා නොවේ දැයි විමසූහ. එම පුද්ගලයා එලෙස ප්‍රාර්ථනා කළේය. සුවය ලැබිණ.
වාර්තාකරු : අනස් (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: සහීහ් මුස්ලිම් 2688
    මඃසූරාත් ලෙස පැමිණ ඇති දික්ර් දුආ කිසිදු වෙනසකින් තොරව එලෙස ම පිහිටිය යුතුය යනුවෙන් සහාබිවරු ප්‍රිය කළහ.
عَنْ نَافِعٍ ٬ أَنَّ رَجُلًا عَطَسَ إِلَى جَنْبِ ابْنِ عُمَرَ ٬ فَقَالَ: الحَمْدُ ِللهِ ٬ وَالسَّلَامُ عَلَى رَسُولِ اللهِ قَالَ ابْنُ عُمَرَ: وَلَيْسَ ھَكَذَا عَلَّمَنَا رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ٬ عَلَّمَنَا أَنْ نَقُولَ: الحَمْدُ ِللهِ عَلَى كُلِّ حَالٍ رواه الترمذي
    ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා ඉදිරියේ මිනිසෙකු ට කිඹුහුමක් ගියේය.  අල්හම්දු ලිල්ලාහ් වස්සලාමු අලා රසූලිල්ලාහ් යනුවෙන් පැවසුවේය. ක්ෂණික ව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා එම මිනිසා ට අල්ලාහ් ගේ දූත (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) අප ට මෙලෙස ඉගැන්වූයේ නැත. කිඹුහුම් ගිය අය අල්හම්දු ලිල්ලාහි අලා කුල්ලි හාලින් යනුවෙන් පැවසිය යුතුයි යනුවෙන් ඉගැන්වූයේ යැයි පැවසීය.
වාර්තාකරු : ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හුමා)
මූලාශ්‍රය: තිර්මිදි  2738
    ඒ සමඟ ම සම්බන්ධ කරමින් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කෙරෙහි සලවාත් නොපැවසුවේ යැයි පවසා සිටීය. එබැවින් මඃසූරාත් කට පාඩම් කර ගෙන පාරායනය කළ යුතුය. එමගින් අප ගේ අවශ්‍යතාවන් හිමි කර ගනිමු.
 

 

 

 

 

 

 
ප්‍රාර්ථනා කිරීමෙ හි විනය
    ප්‍රාර්ථනා කිරීම තුළින් කෙනෙකු ට තම අවශ්‍යතාවන් ලබා ගත හැකිය. තමන් ට අකමැති දෙයක් වළක්වා ගත හැකිය. තමන් ට අවශ්‍ය සියලු දෑ ලබා ගැනීමට ප්‍රාර්ථනාවෙ හි නිරත විය යුතුය. එය මෙලොව ජීවිතය හා සම්බන්ධව විය හැක. නැතිනම් එසේ නොවන්නට ද පුළුවන.
    මෙලොව ජීවිතය හා සම්බන්ධ යමක් ඉල්ලා එය ලැබුණේ නම් ඔහු ගේ සතුට ට සීමාවක් නැති තරම් ය යැයි කිව හැක. ඇතැම් විට අප අයදින ප්‍රාර්ථනාව තුළින් යම් තීරණයක් නොදුටුවේ නම් අපි දුක ට පත් වන්නෙමු. ප්‍රාර්ථනාවෙ හි නිරත වන්නා කිසි විටක පාඩු නොවිඳිනු ඇතැයි අප විශ්වාස කළ යුතුය. ප්‍රාර්ථනාවන් පිළි ගනු ලබන්න ට කිසිදු බාධකයක් නොමැති විටෙක යහපත් අවසානයක් අප ට බලාපොරොත්තු විය හැක.  
عَنْ أَبِي سَعِيدٍ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: "مَا مِنْ مُسْلِمٍ يَدْعُو بِدَعْوَةٍ لَيْسَ فِيهَا إِثْمٌ ٬ وَلَا قَطِيعَةُ رَحِمٍ ٬ إِلاَّ أَعْطَاهُ اللهُ بِهَا إِحْدَى ثَلَاثٍ: إِمَّا أَنْ تُعَجَّلَ لَهُ دَعْوَتُهُ ٬ وَإِمَّا أَنْ يَدَّخِرَھَا لَهُ فِي الْآخِرَةِ ٬ وَإِمَّا أَنْ يَصْرِفَ عَنْهُ مِنَ السُّوءِ مِثْلَهَا " قَالُوا: إِذًا نُكْثِرُ  ، قَالَ: اللهُ أَكْثَرُ رواه أحمد
    මුස්ලිම්වරයෙකු පාප අරමුණකින් හෝ ලේ නෑකම බිඳ දැමීමෙන් තොරවූ ප්‍රාර්ථනාවක් අයැද සිටියේ නම් ඔහුට තුනෙන් එකක් අල්ලාහ් පිරිනමයි. ඔහු ගේ ප්‍රාර්ථනය ට ඉතා ඉක්මණින් ම පිළිතුරු සපයයි. නැතිනම් ඒ වෙනුව ට මතු ලොව යමක් පිරිනැමීම සඳහා (එම ප්‍රාර්ථනාවෙ හි) පැතූ දෑ රැස් කොට තබා ගනීයි. එසේත් නොමැති නම් ඔහු ට සිදු වන්න ට නියමිත යම් කිසි හානියක් වළක්වයි යනුවෙන් පැවසූ විට අනුගාමිකයෝ එසේ නම් අපි අධික ව පතන්නෙමු යැයි පැවසුවෝය. එයට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ (පතන්න) අල්ලාහ් වැඩි වැඩියෙන් ලබා දෙන්නා වේ යැයි පැවසූහ.
වාර්තාකරු: අබූ සඊද් අල්-කුද්රි
මූලාශ්‍රය: අහ්මද් 3/210
عَنْ أَبِي هُرَيْرَةَ رَضِي اللهُ عَنْهُ عَن النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ لَا يَزَالُ يُسْتَجَابُ لِلْعَبْدِ مَا لَمْ يَدْعُ بِإِثْمٍ أَوْ قَطِيعَةِ رَحِمٍ مَا لَمْ يَسْتَعْجِلْ قِيلَ يَا رَسُولَ اللهِ مَا الِاسْتِعْجَالُ قَالَ يَقُولُ قَدْ دَعَوْتُ وَقَدْ دَعَوْتُ فَلَمْ أَرَ يَسْتَجِيبُ لِي فَيَسْتَحْسِرُ عِنْدَ ذَلِكَ وَيَدَعُ الدُّعَاءَ رواه المسلم
පාප ක්‍රියාවන් කිරීම ට හෝ ලේ ඥාතීත්වය බිඳ දැමීම ට හෝ ප්‍රාර්ථනා නොකර ඉක්මන් නොවී සිටින තාක් කල් ගැත්තා ගේ ප්‍රාර්ථනාව ට පිළිතුරු සපයනු ලැබේ. යනුවෙන් අල්ලාහ් ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. අල්ලාහ් ගේ දූතයාණනි, ඉක්මන් වීම යනු කුමක් දැයි විමසනු ලැබූ විට මම පැතුවෙමි මම පැතුවෙමි නමුත් මට පිළිතුරු ලැබෙන බවක් මම නොදකිමි යැයි පවසා පසු ව උදාසීනත්වය ට පත් ව ප්‍රාර්ථනා කිරීම අත හැර දමයි යැයි පැවසූහ.
වාර්තාකරු: අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: මුස්ලිම්
ප්‍රාර්ථනා කරන්නා පහත සඳහන් විනයන් අනුගමනය කළ යුතුය.
1.    ප්‍රාර්ථනා කරන විට තම දෑත් අල්ලාහ් වෙත ඔසවා ප්‍රාර්ථනා කිරීම
2.    අල්ලාහ් ට පැසසුම් කොට ප්‍රශංසා කොට ඔහු ගේ ගැත්තෙකු හා ධර්ම දූතයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත සලවාත් පවසා ආරම්භ කිරීම.
3.    තම අවශ්‍යතාවන් ලබා ගැනීම සඳහා ප්‍රාර්ථනා කිරීම ට පෙර  තව්බා ඉස්තිග්ෆාර් හි නිරත වීම
4.    අල්ලාහ් ගේ නාමයන් ඉදිරිපත් කරමින් ඔහු ගේ සිෆාත් යනුවෙන් පවසනු ලබන ගුණාංගයන් ඉදිරිපත් කරමින් අල්ලාහ්ගෙන් පැතීම
5.    අල්ලාහ් කෙරෙහි වූ බිය හා බලාපොරොත්තු මුසු වන අයුරින් කන්නලව් කර පැතීම
6.    තම ප්‍රාර්ථනාව ට පෙර සදකා හෙවත් පරිත්‍යාගයක් ලබා දීම
7.    අල්ලාහ්ගෙන් නැවත නැවතත් ප්‍රාර්ථනා කිරීම
8.    මනස මුළුමණින් ම අල්ලාහ් වෙත එක්ලැස් කොට පැතීම.
9.     අල්ලාහ් ඉදිරියේ යටහත් පහත් ව දුක ට පත්ව ප්‍රාර්ථනා කිරීම
10.    ප්‍රාර්ථනාවන් පිළි ගනු ලබන වේලාවන් හඳුනාගෙන පැතීම.
11.    කිබ්ලා දෙස ට හැරී පැතීම
12.    පිවිතුරු තත්ත්වයෙන් අයැදීම
13.     මඃසූරාවන් පාරායනය කරමින් පැතීම

 

 

 


 
ප්‍රාර්ථනාවන් අයැද සිටීමේ පිළිවෙළ
    සෑම දෙයකට ම එක් පිළිවෙළක් ඇත. පිළිවෙළට අනුව ක්‍රියා කළේ නම් කාර්යය සාර්ථක වෙයි. පිළිවෙළට අනුව ක්‍රියාත්මක නොකළ විට එය අඩු පාඩුවක් ලෙසම පවතියි. තම අවශ්‍යතාවන් අයැදි සිටින්නා එය ඉටු කර දෙන්නාගෙන් කන්නලව් කර පැතිය යුතුය. කුමක් හෝ දෙයක් ලබා දෙන්නෙකු ට විවිධාකාර වදන් පවසා අයැද සිටින මිනිසා සියලු ලෝකයන් හි පරමාධිපති වන අල්ලාහ්ගෙන් කොතරම් දුරට කන්නලව් කර අයැද සිටිය යුතු ද !
    සෑම සලාතයක ම අප පාරායනය කරන සූරා ෆාතිහා දුආ ප්‍රාර්ථනා කරන පිළිවෙළ උගන්වා දෙයි. යහමඟ හෙවත් හිදායතය තමන් ට ආශිර්වාද කරන මෙන් ඉල්ලා සිටින ගැත්තා ප්‍රථමයෙන්ම අල්ලාහ් ට ප්‍රශංසා කළ යුතු යැයි එම සූරාහ් ව අපට උගන්වයි. දැන් අපි සූරාහ් ෆාතිහා දෙස අවධානය යොමු කරමු.
الْحَمدُ ِللهِ رَبِّ العٰلَمينَ
ලෝකයන් සියල්ල මවා පරිපාලනය කරමින් පෝෂණය කරන්නා වූ අල්ලාහ්ට ම සියලු ප්‍රශංසා සතුය.
اَلرَّحمٰنِ الرَّحيمِ
(ඔහු) අපරිමිත දයාන්විතය. අසමසම කරුණාන්විතය.
مٰلِكِ يَومِ الدّينِ
විනිශ්චය දිනයේ අධිපතිය.
إِيّاكَ نَعبُدُ وَإِيّاكَ نَستَعينُ
දෙවියනි, ඔබව ම අපි නමදින්නෙමු. ඔබගෙන් ම අපි උදව් පතන්නෙමු.
اھدِنَا الصِّرٰطَ المُستَقيمَ
ඔබ අප ව ඍජු මාර්ගය වෙත යොමු කරත්වා !
صِرٰاطَ الَّذينَ أَنعَمتَ عَلَيهِم غَيرِ المَغْضُوبِ عَلَيهِم وَلَا الضّالّينَ
    කවරෙකු ට ඔබ ආශිර්වාද කළේ ද ඔවුන් ගේ මාර්ගයෙහි ය. ඔබේ කෝපය ට භාජනය වූ අය හෝ මං මුළාවූවන් ගේ මාර්ගය නොව.
    සහීහ් මුස්ලිම් 395 වැනි අංකය යටතේ සඳහන් ව ඇති හදීසයක සූරාහ් ෆාතිහාවෙ හි මහිමය පිළිබඳ ව මෙසේ සඳහන් වී ඇත.
قَالَ اللَّهُ تَعَالَى قَسَمْتُ الصَّلَاةَ بَيْنِي وَبَيْنَ عَبْدِي نِصْفَيْنِ وَلِعَبْدِي مَا سَأَلَ فَإِذَا قَالَ الْعَبْدُ { الْحَمْدُ لِلَّهِ رَبِّ الْعَالَمِينَ } قَالَ اللَّهُ تَعَالَى حَمِدَنِي عَبْدِي وَإِذَا قَالَ { الرَّحْمَنِ الرَّحِيمِ } قَالَ اللهُ تَعَالَى أَثْنَى عَلَيَّ عَبْدِي وَإِذَا قَالَ { مَالِكِ يَوْمِ الدِّينِ } قَالَ مَجَّدَنِي عَبْدِي وَقَالَ مَرَّةً فَوَّضَ إِلَيَّ عَبْدِي فَإِذَا قَالَ { إِيَّاكَ نَعْبُدُ وَإِيَّاكَ نَسْتَعِينُ } قَالَ هَذَا بَيْنِي وَبَيْنَ عَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ فَإِذَا قَالَ { اهْدِنَا الصِّرَاطَ الْمُسْتَقِيمَ صِرَاطَ الَّذِينَ أَنْعَمْتَ عَلَيْهِمْ غَيْرِ الْمَغْضُوبِ عَلَيْهِمْ وَلَا الضَّالِّينَ } قَالَ هَذَا لِعَبْدِي وَلِعَبْدِي مَا سَأَلَ" رواه مسلم
    සලාතය මා හා මාගේ ගැත්තා අතර කොටස් දෙකක ට බෙදා ඇත්තෙමි. මාගේ ගැත්තා ට ඔහු ඉල්ලන දේ ඇත යැයි අල්ලාහ් පැවසුවේය. අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන් යැයි එම ගැත්තා පැවසු විට මාගේ ගැත්තා මට ප්‍රශංසා කළේ යැයි අල්ලාහ් පවසයි. අර්-රහ්මානිර් රහීම් යැයි පැවසු විට මාගේ ගැත්තා මා පැසසුම ට ලක් කළේය යැයි පවසයි. මාලිකි යව්මිද් දීන් යැයි පැවසූ විට මාගේ ගැත්තා මා කීර්තිය ට පත් කළේය. තවද මාගේ ගැත්තා මා වෙත කාර්යයන් පැවරුවේය යැයි පවසයි.
    ඔහු ඉය්යාක නඃබුදු වඉය්යාක නස්තඊන් යැයි පැවසූ විට මෙයයි මා හා මාගේ ගැත්තා අතර ඇත්තේ. මාගේ ගැත්තා ට ඔහු ඉල්ලන දේ ඇත යැයි පවසයි. ඉහ්දිනස් සිරාතල් මුස්තකීම් සිරාතල්ලදීන අන්අම්ත අලෙයිහිම් ගයිරිල් මග්ලූබි අලෙයිහිම් වලල් ලාල්ලීන් යැයි පැවසූ විට මෙය මාගේ ගැත්තා වෙනුවෙනි. මාගේ ගැත්තා ට ඔහු ඉල්ලන දේ ඇත.
වාර්තාකරු : අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: මුස්ලිම්  
    එබැවින් ප්‍රාර්ථනාවෙ හි නිරත වන්නා අල්ලාහ් ට ප්‍රශංසා කොට පැසසුම ට ලක් කළ යුතුය යන්න පැහැදිලි වෙයි. මේ පිළිබඳ ව වැඩි විස්තරයක් පහත සඳහන් අයුරින් දැක් වේ.
 عَنْ فَضَالَةَ بْنَ عُبَيْدٍ يقول: أنه سَمِعَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلًا يَدْعُو فِي صَلَاتِهِ لَمْ يُمَجِّدْ اللهَ تَعَالَى وَلَمْ يُصَلِّ عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَجِلَ هَذَا ثُمَّ دَعَاهُ فَقَالَ لَهُ أَوْ لِغَيْرِهِ إِذَا صَلَّى أَحَدُكُمْ فَلْيَبْدَأْ بِتَمْجِيدِ رَبِّهِ جَلَّ وَعَزَّ وَالثَّنَاءِ عَلَيْهِ ثُمَّ يُصَلِّي عَلَى النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ يَدْعُو بَعْدُ بِمَا شَاءَ" رواه أبو دواد والترمذي وأحمد
    මිනිසෙකු සලාතය ට පසු ප්‍රාර්ථනා කිරීම ට ආරම්භ කළේය. ඔහු අල්ලාහ් ට ප්‍රශංසා කළේ නැත. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කෙරෙහි සලවාත් පැවසුවේ නැත. මෙය ඇසූ නබි තුමාණෝ මෙම මිනිසා ඉක්මන් වූයේය යැයි පවසා ඔහු හා සෙසු අයවද කැඳවා ඔබ අතුරින් කිසිවෙකු හෝ ප්‍රාර්ථනා කිරීම ට ආරම්භ කළේ නම් අල්ලාහ් ට ප්‍රශංසා කර නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වන මා කෙරෙහි සලාවත් පැවසීමෙන් පසු ව කැමති දෙයක් පතන්න යනුවෙන් උගන්වා දුන්හ.
වාර්තාකරු: ෆළාලා ඉබ්නු උබෙයිද්
මූලාශ්‍රය: මුස්නද් අහ්මද් - 6/17, තිර්මිදි 3477, අබූ දාවූද් 1489
 عَنْ سَلْمَانَ الْفَارِسِيِّ عَنْ النَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ إِنَّ اللهَ حَيِيٌّ كَرِيمٌ يَسْتَحْيِي إِذَا رَفَعَ الرَّجُلُ إِلَيْهِ يَدَيْهِ أَنْ يَرُدَّهُمَا صِفْرًا خَائِبَتَيْنِ  رواه ابو داود والترمذي
සැබැවින් ම අල්ලාහ් ලැජ්ජාව සහිත උපකාර ශීලීය. තමන් වෙත දෑත් ඔසවා පතනු ලබන මිනිසෙකු ට හිස් අතින් අත හැර දැමීම ට ලැජ්ජා වන්නේය.
වාර්තාකරු : සල්මාන් අල්-ෆාරිසි (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය : අබූ දාවූද් 1488, තිර්මිදි 3556.
    මේවා හැර වෙනත් බොහෝ හදීසයන් ද ඇත. පොදුවේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා  ප්‍රාර්ථනා කරන විට දෑස් ඔසවා පැතූ බව අපි දකින්නෙමු. ක්‍රම තුනකින් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා දෑත් ඔසවා ඇත.
    පළමුව: උරහිසට සමාන්තර ව දෑත් දෙක ම එක් කොට තම අල්ල ඉහළට පිහිටන සේ තබා දුආ ප්‍රාර්ථනා කිරීම. විත්ර් කුනූත් හි ද වර්ෂාව පතා ඉටු කරනු ලබන සලාතයේ කුත්බා දේශනාවෙහි ද මෙලෙස ප්‍රාර්ථනා කරනු ලැබේ. තව ද හජ් අවස්ථාවේ නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අරෆා, මෂ්අරුල් හරාම්, ගල් ගසන ස්ථානය, සෆා මර්වා යන ස්ථානයන් හි මෙසේ දෑත් ඔසවා ප්‍රාර්ථනාවෙ හි නිරත වූහ.
    දෙවැන්න: ඉස්තිග්ෆාර් (පාප ක්ෂමාවෙ හි) නිරත වන විට දකුණතෙ හි දබරැඟිල්ල එසවීම. අත්තහිය්යාත් හි පතන විට ද කොත්බාවෙහි දුආ ප්‍රාර්ථනා කරන විට ද වෙනත් වේලාවන් හි  ලා ඉලාහ ඉල්ලල්ලාහු යනුවෙන් පාරායනය කරන විට ද සම්පූර්ණයෙන් අත ඔසවන්නේ නොමැති ව එක් ඇඟිල්ලක් පමණක් ඔසවා පැතීම.
    තුන්වැන්න: අල්ලාහ්ගෙන් කන්නලව් කරන විට දෑත් අහස දෙසට ඔසවා පැතීම. එවිට බැගෑපත් ව නැවත නැවතත් පැතිය යුතුය. මෙය යුදම ය අවස්ථාවක භයානක අවස්ථාවක විරුද්ධවාදීන් සමඟ සටන් කරන විට නියඟය සාගින්න වැනි අවස්ථාවන් හි ද ඉහත සඳහන් පරිදි ඉතා බැගෑපත් ව කන්නලව් කර යටහත් ව පතනු ලැබේ.
    මෙලෙස ප්‍රාර්ථනා කරන විට තම අවශ්‍යතාව හා නොහැකියාව කියා පාමින් අයැද සිටියේ නම් අල්ලාහ් එය  පිළි ගනියි. ඔහු ගැත්තා ට ඉතා සමීප ව සිට පිළිතුරු සපයන්නෙකු ව සිටියි.
    ඉහත සඳහන් කළ සියල්ල දුආ ප්‍රාර්ථනා කරන විට දෑත් ඔසවන ක්‍රමයන් හා අවස්ථාවන් පැහැදිලි කෙරිණ. දුආ ප්‍රාර්ථනාවන් අයැද සිටින විට දෑත් එසවීම ට අවශ්‍යතාවක් නොමැතැයි කියන ප්‍රකාශයන් සහීහ් හදීසයන් ට පටහැනි අදහසක් බව අපි දැන ගත යුතුය.
اللَّهُمَّ إِنِّيْ أَسْأَلُكَ مِنْ خَيْرِ مَا سَأَلَكَ عَبْدُكَ وَرَسُوْلُكَ محمدٌ صلى الله عليه وسلم وَأَعُوْذُ بِكَ مِنْ شَرِّ مَا اسْتعَاذَكَ مِنْهُ عَبْدُكَ وَرَسُوْلُكَ محمدٌ صلى الله عليه وسلم
    යා ! අල්ලාහ්, ඔබේ ගැත්තා හා ඔබේ දූතයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔබෙන් පැතූ සියලු යහපත් දෑ මම ඉල්ලා සිටිමි. තව ද ඔබේ ගැත්තා හා ඔබේ දූතයා වන මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔබෙන් ආරක්ෂාව පැතූ සියලුම දැයින් මම ද ආරක්ෂා ව පතමි.

සලාතය හා ඉන් පසු ව ඇති
ප්‍රාර්ථනාවන්  
    සලාතය මුස්ලිම්වරයෙකු හා දේව ප්‍රතික්ෂේපකයෙකු වෙන් කර පෙන්වා දෙන සාධකය යි. සලාතය සඳහා සිට ගන්නා අල්ලාහ් සමඟ කතිකාව ක නිරත වෙයි. තක්බීර් බැඳීමේ සිට සලාතය අවසන් කරන තුරු ඔහු අල්ලාහ් ව පැසසුම ට ලක් කර ප්‍රශංසා කොට සෑම ඉරියව්වක ම කිව යුතු ප්‍රාර්ථනාවන් පාරයනය කරයි. මෙලෙස සලාතය ඉටු කර නිමා කරන්නා පහත සඳහන් ප්‍රාර්ථනාවන් පැතීම සුන්නාහ් වේ.
    යනුවෙන් තුන් වරක් පවසාأستَغْفِرُ اللهَ
اللَّهُمَّ أَنْتَ السَّلاَمُ وَمِنْكَ السَّلاَمُ تَبَارَكْتَ ذَا الْجَلاَلِ وَالإِكْرَامِ
لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ اللَّهُمَّ لاَ مَانِعَ لِمَا أَعْطَيْتَ وَلَا مُعْطِيَ لِمَا مَنَعْتَ وَلَا يَنْفَعُ ذَا الْجَدِّ مِنْكَ الْجَدُّ
اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنْ الْجُبْنِ وَأَعُوذُ بِكَ أَنْ أُرَدَّ إِلَى أَرْذَلِ الْعُمُرِ وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الدُّنْيَا وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ الْقَبْرِ
لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ لاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ لاَ إِلَهَ إِلاَّ اللهُ وَلاَ نَعْبُدُ إِلاَّ إِيَّاهُ لَهُ النِّعْمَةُ وَلَهُ الْفَضْلُ وَلَهُ الثَّنَاءُ الْحَسَنُ لاَ إِلَهَ إِلاَّ اللهُ مُخْلِصِينَ لَهُ الدِّينَ وَلَوْ كَرِهَ الْكَافِرُونَ
    මේවා සලාතය ට පසු පැවසිය යුතු දෑ ය. ඒ හැර දැන ට පවතින ආකාරයෙන් කෙනෙකු දුආ ප්‍රාර්ථනා කර අනෙකා ආමීන් යැයි පැවසීම අල්ලාහ් ගේ දූතයාණන් තුළ හෝ එතුමා ගේ අනුගාමිකයින් තුළ හෝ දැක ගත නොහැකි එක් නූතන පුරුද්දකි.
    හේතුව එතුමාණන් සලාතය ට පසු පාරායනය කළ දෑ හි ද පවසන්නැයි ඉගැන් වූ කිසිවක් හි ද දැන ට පවතින ක්‍රමවේදය ට කිසිදු සාක්ෂියක් හෝ සාධකයක් දැක ගත නොහැක. හදීස් ක්ෂේත්‍රයේ කිසිදු විද්වතෙකු සලාතය ට පසු සාමුහික ව වාඩි වී කෙනෙකු ප්‍රාර්ථනා කර එය ට මඃමූන්වරුන් ආමීන් යැයි පැවසීම ට සාධක වශයෙන් කිසිදු හදීසයක් සඳහන් කර නොමැත. ඒවා මාතෘකා වශයෙන් යොදා සඳහන් කළේ ද නැත. ෆර්ලු සලාතයන් ට පසු දික්ර් යනුවෙන් ද කිව යුතු දෑ යනුවෙන් ද මාතෘකා යොදා එම ප්‍රාර්ථනාවන් ඇතැමුන් ගොනු කර ඉදිරිපත් කර ඇත. අනිවාර්යය සලාතයන් ට පසු ව පතනු ලබන ප්‍රාර්ථනාවන් අල්ලාහ් විසින් පිළි ගනු ලබන්නේ යැයි පැමිණ ඇති හදීස් සාමුහික වශයෙන් ප්‍රාර්ථනා කිරීම සඳහන් කර නොමැති බව එම හදීස් වෙත අවධානයෙන් බැලූ විට වටහා ගත හැකි වෙයි.
    ප්‍රාර්ථනාවන් පිළි ගනු ලබන වේලාවන් වලින් එකක් වනුයේ අනිවාර්යය සලාතයන් ට පසු පතනු ලැබීම ය.
عَنْ أَبِي أُمَامَةَ رَضي الله عنهُ قَالَ: قِيلَ لِرَسُولِ اللهِ صَلى اللهُ عليهِ وَسَلم: أَيُّ الدُّعَاءِ أَسْمَعُ؟ قَالَ: "جَوْفَ اللَّيْلِ الآخِرِ ٬ وَدُبُرَ الصَّلَوَاتِ المَكْتُوبَاتِ" رواه الترمذي
    අල්ලාහ් ගේ දූතයාණනි, අල්ලාහ් වඩාත් ශ්‍රවණය කරන ප්‍රාර්ථනාව කුමක් දැයි විමසනු ලැබූ විට රාත්‍රිය අවසන් භාගයේ මධ්‍යස්ථයේ හා අනිවාර්යය සලාතයන් ට පසු පතනු ලබන ප්‍රාර්ථනා ව වේ යැයි අල්ලාහ් ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පිළිතුරු දුන්හ.
වාර්තාකරු: අබූ උමාමා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: තිර්මිදි 3499
    මෙම හදීස ය අනුව ෆර්ලු හෙවත් අනිවාර්යය සලාතයන් ට පසු ප්‍රාර්ථනාවෙ හි නිරත වීම ඉතා වැදගත් සතුටු දායක කරුණකි යැයි සඳහන් ව ඇත.
    එය පිහිටි ය යුත්තේ කෙසේ ද? ඉමාම් ප්‍රාර්ථනා කර මඃමූම්වරුන් ආමීන් පැවසීම ද? මඃමූම්වරු ඉගෙන ගත යුතුයි යන්න ට ඉමාම් කළ යුත්තේ කුමක් ද? යනුවෙන් විවිධ ප්‍රශ්න ඇත. ඒ සඳහා වූ පිළිතුරු දෙස දැන් අපි අවධානය යොමු කරමු. ඉන්ෂා අල්ලාහ්.
    ඉස්ලාම ය වැලඳ ගත් නවකයින් ට සලාතය පිළිබඳවත් ඊට පසු කිව යුතු දෑ පිළිබඳවත් අල්ලාහ් ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පහත සඳහන් අයුරින් ඉගැන් වූහ.
 عَن أَبي مَالِكٍ الْأَشْجَعِيِّ ٬ عَنْ أَبِيهِ ٬ قَالَ: كَانَ الرَّجُلُ إِذَا أَسْلَمَ عَلَّمَهُ النَّبِيُّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ الصَّلَاةَ ٬ ثُمَّ أَمَرَهُ أَنْ يَدْعُوَ بِهَؤُلَاءِ الْكَلِمَاتِ: "اللَّهُمَّ اغْفِرْ لِي ٬ وَارْحَمْنِي ٬ وَاھْدِنِي ٬ وَعَافِنِي وَارْزُقْنِي" رواه مسلم
    අබූ මාලික් අල්-අෂ්ජඊ (රළියල්ලාහු අන්හු) තුමා තම පියාණන් විසින් දන්වා සිටි හදීසයක් මෙසේ වාර්තා කරයි.
    කවර හෝ මිනිසෙකු ඉස්ලාමය වැලඳ ගත්තේ නම් ඔහු ට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සලාතය උගන්වා දුන්හ. පසු ව
اللَّهُمَّ اغْفِرْ لِي ٬ وَارْحَمْنِي ٬ وَاھْدِنِي ٬ وَعَافِنِي وَارْزُقْنِي
    යන ප්‍රාර්ථනා ව පවසන්නැයි අණ කර සිටියහ.
මූලාශ්‍රය: සහීහ් මුස්ලිම්
    සලාත ය නිමා කළ වහා ම ඇතැමුන් ඉන් පසු පැවසිය යුතු ප්‍රාර්ථනාවන් නොපවසා නැගි ට යති. කිසිදු අවශ්‍යතාවකින් තොර ව එලෙස  නැගි ට යාම සුන්නාහ්ව ට පටහැණිය.
    එමෙන් ම එම ප්‍රාර්ථනාවන් සමඟ නතර කොට යන උදවිය ට බැණ වැද ගැටුම් වල නිරත වීම ද සුන්නාහ්ව ට පටහැණිය. එබැවින් උදාර අනුගාමිකයෙන් කවර ආකාරයෙන් ක්‍රියා කළේ ද යන්න අප දැන ගත යුතුය. හේතුව නබි තුමාණන් ගේ මඟ පෙන්වීම මුලින් ම අවබෝධ ගර ගත් උදවිය උත්තම සහාබි වරුන් වන බැවිනි.  ඔවුන් ගේ ක්‍රියාකාරකම් නබි තුමාණන් ගේ මඟ පෙන්වීම ට බැඳී පැවතුණි.

ගමනක දී පැවසිය යුතු ප්‍රාර්ථනාව
اللهُ أكبَر ٬ اللهُ أكبَر ٬ اللهُ أكبَر ٬ سُبْحانَ الَّذي سَخَّرَ لَنا ھذا وَما كُنّا لَهُ مُقْرِنين ٬ وَإِنّا إِلى رَبِّنا لَمُنْقَلِبون ٬ اللّهُمَّ إِنّا نَسْأَلُكَ في سَفَرِنا ھذا البِرَّ وَالتَّقْوى ٬ وَمِنَ الْعَمَلِ ما تَرْضى ٬ اللّهُمَّ ھَوِّنْ عَلَينا سَفَرَنا ھذا وَاطْوِ عَنّا بُعْدَه ٬ اللّهُمَّ أَنْتَ الصّاحِبُ في السَّفَر ٬ وَالْخَليفَةُ في الأھلِ ٬ اللّهُمَّ إِنّي أَعوذُبِكَ مِنْ وَعْثاءِ السَّفَر ٬ وَكَآبَةِ الْمَنْظَر ٬ وَسوءِ الْمُنْقَلَبِ في المالِ وَالأَھْل.

 

 

 

 


 
සලාත ය ඉටු කළ පසු ව
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්)
තුමාණෝ
    ප්‍රාර්ථනාවන් පිළි ගනු ලබන අවස්ථාවන් අතුරින් එක් අවස්ථාවක් ලෙස පිහිටනුයේ අනිවාර්යය සලාතයන් ට පසු පතනු ලබන ප්‍රාර්ථනාවන් ය. සලාත ය නිම කළ වහා ම පැවසිය යුතු ප්‍රාර්ථනාවන් පිළිබඳ ව මුලින් අපි සඳහන් කළෙමු. උත්තම නබි ආනුගාමිකයින් ට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සලාතය ඉටු කළ පසු මෙලෙස ක්‍රියා කළ යුතු යැයි පෙන්වා දුන්හ.
عَنْ مُعَاذِ بْنِ جَبَلٍ ٬ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَخَذَ بِيَدِهِ يَوْمًا٬ ثُمَّ قَالَ: " يَا مُعَاذُ إِنِّي لَأُحِبُّكَ ". فَقَالَ لَهُ مُعَاذٌ: بِأَبِي أَنْتَ وَأُمِّي يَا رَسُولَ اللهِ وَأَنَا أُحِبُّكَ. قَالَ: " أُوصِيكَ يَا مُعَاذُ لَا تَدَعَنَّ فِي دُبُرِ كُلِّ صَلَاةٍ أَنْ تَقُولَ: اللَّهُمَّ أَعِنِّي عَلَى ذِكْرِكَ وَشُكْرِكَ وَحُسْنِ عِبَادَتِكَ " رواه ابو داود وأحمد والبخاري في الأدب المفرد
    මුආද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
    අල්ලාහ් ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) මාගේ දෑතින් අල්ලා අහෝ ! මුආද්,  මම ඔබ වෙත සෙනෙහස දක්වමි යැයි පැවසූහ. එය ට අල්ලාහ් ගේ දූතයාණනි, මම ද ඔබ කෙරෙහි ද සෙනෙහස දක්වමි යැයි පැවසුවෙමි. එවිට අල්ලාහ් ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසන්නල්) (අහෝ ! මුආද්) සෑම සලාතයක ට පසුව ම...
اللَّهُمَّ أَعِنِّي عَلَى ذِكْرِكَ وَشُكْرِكَ وَحُسْنِ عِبَادَتِكَ
    යා ! අල්ලාහ්, ඔබ ව නිතර සිහිපත් කිරීමටත් ඔබ ට කෘතවේදී වීමටත් ඔබ වෙනුවෙන් සිදු කරන නැමදුම් නිසියාකාර ව කිරීමටත් ආශිර්වාද කරත්වා ! යැයි පැවසීම අත නොහරිනු යි උපදෙස් දුන්හ.  
වාර්තාකරු: මුආද් (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: මුස්නද් අහ්මද් 5/244, අබූ දාවූද් 1522, ඉමාම් බුහාරි හි අල්-අදබුල් මුෆ්රද් 693.
كَانَ سَعْدٌ يُعَلِّمُ بَنِيهِ ھَؤُلاَءِ الكَلِمَاتِ كَمَا يُعَلِّمُ المُعَلِّمُ الغِلْمَانَ الكِتَابَةَ وَيَقُولُ: إِنَّ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَتَعَوَّذُ مِنْهُنَّ دُبُرَ الصَّلاَةِ: "اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الجُبْنِ ٬ وَأَعُوذُ بِكَ أَنْ أُرَدَّ إِلَى أَرْذَلِ العُمُرِ ٬ وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الدُّنْيَا ٬ وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ القَبْرِ" رواه البخاري
    සඃද් ඉබ්නු අබී වක්කාස් (රළියල්ලාහු අන්හු) තුමා කුඩා දරුවන් ට උගන් වන ගුරුවරයෙකු මෙන් පහත සඳහන් වාක්‍යයන් තම දරුවන් ට ඉගැන් වූ අතර නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සලාතය අවසන් කළ පසු එම ප්‍රාර්ථනා ව පවසා ආරක්ෂා ව පැතූහ. යනුවෙන් පවසයි.
اللَّهُمَّ إِنِّي أَعُوذُ بِكَ مِنَ الجُبْنِ ٬ وَأَعُوذُ بِكَ أَنْ أُرَدَّ إِلَى أَرْذَلِ العُمُرِ ٬ وَأَعُوذُ بِكَ مِنْ فِتْنَةِ الدُّنْيَا ٬ وَأَعُوذُ بِكَ مِنْ عَذَابِ القَبْرِ
    අහෝ ! අල්ලාහ්, බියගුලු කමින් මම ඔබෙන් ආරක්ෂාව පතමි ! තව ද වයෝවෘද්ධභාවයේ නොහැකියාවෙන් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි ! තව ද මෙලොව ජීවිතයේ ද කබ්ර් ජීවිතයේ සිදු වන අර්බුදකම් වලින් ද මම ඔබෙන් ආරක්ෂාව පතමි !
වාර්තාකරු: සඃද් (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: බුහාරි
    සඃද් (රළියල්ලාහු අන්හු) තුමා ඉහත සඳහන් ප්‍රාර්ථනා ව පැවසුවා පමණක් නොව තම දරුවන්ටත් උගන්වා දුන්හ.  
عَنِ الْبَرَاءِ ٬ قَالَ: كُنَّا إِذَا صَلَّيْنَا خَلْفَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ٬ أَحْبَبْنَا أَنْ نَكُونَ عَنْ يَمِينِهِ ٬ يُقْبِلُ عَلَيْنَا بِوَجْهِهِ ٬ قَالَ: فَسَمِعْتُهُ يَقُولُ: "رَبِّ قِنِي عَذَابَكَ يَوْمَ تَبْعَثُ عِبَادَكَ" رواه مسلم
    අපි සලාතය සඳහා නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ට පසුපසින් සිට ගත් විට එතුමාණන් ගේ දකුණු දෙසින් සිට ගැනීම ට අපි ප්‍රිය කළෙමු. (සලාතය ඉටු කළ පසු ව) අප දෙස ට හැරී වාඩි වී...
رَبِّ قِنِي عَذَابَكَ يَوْمَ تَبْعَثُ عِبَادَكَ
    මාගේ පරමාධිපතියාණනි, ඔබේ ගැත්තා ව විනිශ්චය සඳහා නැගිටු වනු ලබන දිනයේ ඔබේ දඬුවමින් මා ව ආරක්ෂා කරනු මැනව !
    යැයි එතුමාණන් පවසා සිටිනු මම සවන් දුනිමි. යැයි බරාඋ ඉබ්නු ආසිබ් (රළියල්ලාහු අන්හු) තුමා වාර්තා කළේය.  
වාර්තාකරු: අල්-බරාඋ ඉබ්නු ආසිබ්
මූලාශ්‍රය : මුස්ලිම්.
    මෙම හදීස ය මගින් සලාත ය නිමා කළ ඉමාම් මඃමූම්වරු දෙස හැරී සිටීම  සුන්නාහ් ක්‍රමයක් බව පැහැදිලි වෙයි.
عَنْ أمِّ سَلَمَةَ ٬ أَنَّ النَّبِيَّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ كَانَ يَقُولُ: فِي دُبُر الفَجْرِ: "اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ عِلْمًا نَافِعًا ٬ وَعَمَلاً مُتَقَبَّلاً ٬ وَرِزْقًا طَيِّبًا" رواه أحمد وابن ماجه
    සුබ්හු සලාත ය ඉටු කිරීමෙන් පසු ව
    අහෝ ! අල්ලාහ්,  සැබැවින් ම මම මට ප්‍රයෝජනවත් වන දැනුම ද පිළි ගනු ලබන ක්‍රියාවන් ද පිවිතුරු පෝෂණය ද ඔබ වෙතින් ඉල්ලමි
اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ عِلْمًا نَافِعًا ٬ وَعَمَلاً مُتَقَبَّلاً ٬ وَرِزْقًا طَيِّبًا
    යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ ප්‍රාර්ථනා කරමින් පැමිණියහ.
තේරුම: යා අල්ලාහ් සැබැවින්ම මම ප්‍රයෝජනවත් දැනුමත් පිළිගනු ලබන ක්‍රියාවත් යහපත් පෝෂණයත් ඔබෙන් පතමි.
වාර්තාකරු : උම්මු සලාමා (රළියල්ලාහු අන්හා)
මූලාශ්‍රය: මුස්නද් අහ්මද් 6/294, ඉබ්නු මාජා 925
عَنْ عَلِيِّ بْنِ أَبِي طَالِبٍ رَضِيَ اللهُ عَنْهُ ٬ قَالَ: كَانَ رَسُولُ الله صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِذَا سَلَّمَ مِنَ الصَّلَاةِ ٬ قَالَ: "اللَّهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ وَمَا أَسْرَفْتُ وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي أَنْتَ الْمُقَدِّمُ وَالْمُؤَخِّرُ لَا إِلَهَ إِلَّا أَنْتَ" رواه ابو داود وأحمد
    නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තම සලාතය නිමා කර ගත් විට..
اللَّهُمَّ اغْفِرْ لِي مَا قَدَّمْتُ وَمَا أَخَّرْتُ وَمَا أَسْرَرْتُ وَمَا أَعْلَنْتُ وَمَا أَسْرَفْتُ وَمَا أَنْتَ أَعْلَمُ بِهِ مِنِّي أَنْتَ الْمُقَدِّمُ وَالْمُؤَخِّرُ لَا إِلَهَ إِلَّا أَنْتَ
    අහෝ ! අල්ලාහ්, මා පෙර කළ දෑ ට ද පසු කළ දෑ ට ද රහසිගත ව කළ දෑ ට ද ප්‍රසිද්ධියේ කළ දෑ ට ද සීමාව ඉකමවා කළ දෑ ට ද මගෙන් සිදු වුණු ඔබ වඩා දැනුවත් ව සිටි දෑ ට ද සමාව දෙනු මැනව ! ඔබම ය ආරම්භය අවසානය ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත යැයි පවසති.
වාර්තාකරු: අලී ඉබ්නු අබී තාලිබ් (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: අබූ දාවූද්, මුස්නද් අහ්මද්
  عَنْ نَافِعٍ ، عَنِ ابْنِ عُمَرَ رَضِيَ اللهُ تَعَالَى عَنْهُمَا ، عَنْ أَبِي أَيُّوبَ ، قَالَ : مَا صَلَّيْتُ وَرَاءَ نَبِيِّكُمْ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ إِلا سَمِعْتُهُ حِينَ يَنْصَرِفُ مِنْ صَلاتِهِ ، يَقُولُ : اللَّهُمَّ اغْفِرْ لِي خَطَئِي ، وذُنُوبِي كُلَّهَا ، وَاهْدِنِي لِصَالِحِ الأَعْمَالِ ، وَالأخْلاقِ ، وَإِنَّهُ لا يَهْدِي لِصَالِحِهَا وَلا يَصْرِفُ شَيْئَهَا إِلا أَنْتَ. رواه الطبراني
    ඔබ ගේ නබි වරයා ට පසු පසින් මම සලාතය ඉටු කරන තාක්කල්  එතුමා තම සලාතය නිමා කොට හැරී යන විට මෙම ප්‍රාර්ථනාව නොපවසා සිටියේ නැත.
اللَّهُمَّ اغْفِرْ لِي خَطَئِي ، وذُنُوبِي كُلَّهَا ، وَارْزُقْنِي ، وَاهْدِنِي لِصَالِحِ الأَعْمَالِ ، وَالأخْلاقِ ، وَإِنَّهُ لا يَهْدِي لِصَالِحِهَا وَلا يَصْرِفُ شَيْئَهَا إِلا أَنْتَ
    දෙවියනි, මාගේ වැරදි හා මාගේ පාපයන් සියල්ල ට මට සමාව දෙනු මැනව ! දැහැමි ක්‍රියාවන් සඳහාත් සදාචාරය සඳහාත් මට මඟ පෙන්වනු මැනව ! තව ද සැබැවින් ම ඔබ හැර එම දැහැමි දෑ වෙනුවෙන් මඟ පෙන්වන්නෙකු හෝ එම නපුරු දැයින් මුදවන්න ට හෝ කිසිවෙකු නොමැත.
වාර්තාකරු: අබූ අය්යූබ් අල්-අන්සාරී (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: අත්-තබරානි (4/125)
عَنْ مُسْلِمِ بْنِ الْحَارِثِ التَّمِيمِيِّ عَنْ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ أَسَرَّ إِلَيْهِ فَقَالَ "إِذَا انْصَرَفْتَ مِنْ صَلَاةِ الْمَغْرِبِ فَقُلْ اللَّهُمَّ أَجِرْنِي مِنَ النَّارِ سَبْعَ مَرَّاتٍ فَإِنَّكَ إِذَا قُلْتَ ذَلِكَ ثُمَّ مِتَّ فِي لَيْلَتِكَ كُتِبَ لَكَ جِوَارٌ مِنْهَا وَإِذَا صَلَّيْتَ الصُّبْحَ فَقُلْ كَذَلِكَ فَإِنَّكَ إِنْ مِتَّ فِي يَوْمِكَ كُتِبَ لَكَ جِوَارٌ مِنْهَا" رواه أحمد وابو داود

    මුස්ලිම් ඉබ්නු අල්-හාරිස් අත්-තමීමියි (රළියල්ලාහු අන්හු) තුමා විසින් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ තමන් වෙත ළං වී එක් කරුණක් රහසිගත ව පවසා සිටියහ යැයි වාර්තා කරයි. එනම් ඔබ මග්රිබ් සලාතය නිමා කළ විට අහෝ ! දෙවියනි, නිරා ගින්නෙන් මා මුදවනු මැනව ! යැයි සත් වරක් ප්‍රාර්ථනා කරන්න. එසේ ඔබ පාරායනය කර එදින රාත්‍රියේ මියැදුණ ද ඔබ ට එයින් ආරක්ෂා ව සලසනු ඇත.
    සුබ්හු සලාතය නිමා කොට ඔබ එලෙස ප්‍රාර්ථනා කළේ නම් එලෙස ම ඔබ ට ආරක්ෂා ව නියම වෙයි. ඔබ එදින දහවලෙ හි මියැදුණ ද ඔබ ට නිරා ගින්නෙන් ආරක්ෂාව සටහන් කරනු ලැබේ යැයි පැවසූහ.
වාර්තාකරු : මුස්ලිම් ඉබ්නු අල්-හාරිස් අත්-තිර්මිදි
මූලාශ්‍රය: අබූ දාවූද් 5049, අහ්මද් 4/234.
عَنْ عَائشَة رضي اللهُ عنها  قَالَتْ: صَلى رَسُولُ الله صلى الله عليهِ وَسَلَّم الضُّحَى ثُمَّ قَال اللَّهُمَّ اغْفِرْ لِي وتُبْ عَلَيَّ إِنَّكَ التَّوَّابُ الْغَفُور رواه النساءي
    ලුහා සලාතය නිමා කොට අල්ලාහ් ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම) ඔබ මට සමාව දෙනු මැනව. මාගේ පසුතැවිල්ල භාර ගනු මැනව ! සැබැවින් ම ඔබ පශ්චාත්තාපය පිළිගන්නාය. අති ක්ෂමාශීලීය යැයි පැවසූහ.
වාර්තාකරු : ආඉෂා (රළියල්ලාහු අන්හා)
මූලාශ්‍රය: අන්-නසාඊ 9935
عَنْ جَابِرَ ابْنَ سَمُرَةَ ٬ رَأَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ يُشِيرُ بِإِصْبَعِهِ وَھُوَ فِي الصَّلاَةِ ٬ فَلَمَّا سَلَّمَ سَمِعْتُهُ يَقُولُ: "اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنَ الْخَيْرِ كُلِّهِ مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ ٬ وَأَعُوذُ بِكَ مِنَ الشَّرِّ كُلِّهِ مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ" رواه الطبراني
    අල්ලාහ් ගේ දූත (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා සලාතයේ සිටිය දී තම ඇඟිල්ලෙන් සංඥා කරනු මම දුටිමි. සලාතය නිමා කළ විට එතුමා කළ පහත සඳහන් ප්‍රාර්ථනාව ට මම සවන් දුනිමි.   
"اللَّهُمَّ إِنِّي أَسْأَلُكَ مِنَ الْخَيْرِ كُلِّهِ مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ ٬ وَأَعُوذُ بِكَ مِنَ الشَّرِّ كُلِّهِ مَا عَلِمْتُ مِنْهُ وَمَا لَمْ أَعْلَمْ"
    යා ! අල්ලාහ්, මා දන්නා හා නොදන්නා දැයින් සියලු ආකාරයේ යහපත ඔබෙන් පතමි ! තව ද ම දන්නා හා නොදන්නා සියලු නපුරු වලින් මම ඔබෙන් ආරක්ෂාව පතමි !
වාර්තාකරු: ජාබිර් ඉබ්නු සමුරා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: අත්-තබරානී - 655
عن أنس بن مالك رضي الله عنه ، قال : كان مقامي بين كتفي رسول الله صلى الله عليه وسلم ، فكان إذا سلم قال : « اللهم اجْعَلْ خَيْرَ عُمري آخِرَه ، اللهم اجْعَلْ خَوَاتِيْم عَملي رِضوانك ، اللهم اجْعَلْ خَيْرَ أَيَّامِى يَوْمَ أَلْقَاكَ" رواه الطبري
    මම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ගේ උරහිස දෙක අතර සිටිය දී පහත සඳහන් ප්‍රාර්ථනා කළහ.  
اللهم اجْعَلْ خَيْرَ عُمري آخِرَه ، اللهم اجْعَلْ خَوَاتِيْم عَملي رِضوانك ، اللهم اجْعَلْ خَيْرَ أَيَّامِى يَوْمَ أَلْقَاكَ  
    අහෝ ! අල්ලාහ්, මාගේ ජීවිතයේ අවසන් කාලය යහපත් බව ට පත් කරනු මැනව ! තව ද මාගේ කටයුතු වල අවසානය ද ඔබේ තෘප්තියට බදුන් වන අයුරින් පත් කරනු මැනව ! මාගේ දිනයන් හි උතුම් ම දිනයක් ලෙස ඔබ ව හමු වන දින පත් කරනු මැනව !
වාර්තාකරු: අනස් (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය : තබරානී     
 عَنْ أَبِي بَكْرٍ الصِّدِّيقِ رَضِيَ اللهُ عَنْهُ أَنَّهُ قَالَ لِلنَّبِيِّ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ عَلِّمْنِي دُعَاءً أَدْعُو بِهِ فِي صَلَاتِي قَالَ قُلْ "اللَّهُمَّ إِنِّي ظَلَمْتُ نَفْسِي ظُلْمًا كَثِيرًا وَلَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ فَاغْفِرْ لِي مَغْفِرَةً مِنْ عِنْدِكَ وَارْحَمْنِي إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ" رواه البخاري

    අබූ  බක්කර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
    මම මාගේ සලාතයේ දී පාරායනය කළ යුතු ප්‍රාර්ථනාවක් මට උගන්වා දෙන්නැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගෙන් එතුමා විමසා සිටියේය. එවිට නබි තුමාණෝ ඔබ මෙසේ පවසන්න.
اللَّهُمَّ إِنِّي ظَلَمْتُ نَفْسِي ظُلْمًا كَثِيرًا وَلَا يَغْفِرُ الذُّنُوبَ إِلَّا أَنْتَ فَاغْفِرْ لِي مَغْفِرَةً مِنْ عِنْدِكَ وَارْحَمْنِي إِنَّكَ أَنْتَ الْغَفُورُ الرَّحِيمُ
යා ! අල්ලාහ්, මා මට ම අධික ලෙස අපරාධයන් කර ගත්තෙමි. පාපයන් කමා කිරීම ට ඔබ හැර වෙන කිසිවෙකු නොමැත. එබැවින් ඔබ වෙතින් මට සමාව දානය කරනු මැනව ! මට කරුණා කරනු මැනව ! සැබැවින් ම ඔබ අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
වාර්තාකරු : අබූ බක්කර් (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: බුහාරි  
عَنْ أَبِي أُمَامَةَ، قَالَ: كُنَّا عِنْدَ رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ، فَدَعَا بِدُعَاءٍ كَثِيرٍ لا نَحْفَظُهُ، ثُمَّ قَالَ:"سَأُنَبِّئُكُمْ بِشَيْءٍ يَجْمَعُ ذَلِكَ كُلَّهُ، تَقُولُونَ: اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ بِمَا سَأَلَكَ نَبِيُّكَ مُحَمَّدٌ عَبْدُكَ وَرَسُولُكَ، وَنَسْتَعِيذُكَ بِمَا اسْتَعَاذَ بِهِ نَبِيُّكَ مُحَمَّدٌ عَبْدُكَ وَرَسُولُكَ، أَنْتَ الْمُسْتَعَانُ، وَعَلَيْكَ الْبَلاغُ، وَلا حَوْلَ وَلا قُوَّةَ إِلا بِاللهِ". رواه الطبراني
    අබූ උමාමා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
    අපි අල්ලාහ් ගේ දූතයාණන් අබියස සිටියෙමු. එතුමා අධික ලෙස ප්‍රාර්ථනාවන් ප්‍රාර්ථනා කළහ. ඒවා අපට කට පාඩම් කිරීම ට නොහැකි විය. පසු මෙසේ ප්‍රකාශ කළහ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා (මම ප්‍රාර්ථනා කළ) ඒ සියල්ල ම අන්තර්ගත වන අයුරින් ඔබ ට පැවසිය හැකි ප්‍රාර්ථනාවක් කියා දෙන්න දැයි විමසා   පහත සඳහන් ප්‍රාර්ථනාව ප්‍රකාශ කළහ.
اللَّهُمَّ إِنَّا نَسْأَلُكَ بِمَا سَأَلَكَ نَبِيُّكَ مُحَمَّدٌ عَبْدُكَ وَرَسُولُكَ، وَنَسْتَعِيذُكَ بِمَا اسْتَعَاذَ بِهِ نَبِيُّكَ مُحَمَّدٌ عَبْدُكَ وَرَسُولُكَ، أَنْتَ الْمُسْتَعَانُ، وَعَلَيْكَ الْبَلاغُ، وَلا حَوْلَ وَلا قُوَّةَ إِلا بِاللَّهِ
    යා ! අල්ලාහ්, ඔබේ නබි වරයා වූ ද ඔබේ ගැත්තා වූ ද ඔබේ ධර්ම දූතයා වූ ද මුහම්මද් තුමාණෝ කවර දෙයක් ඔබෙන් ඉල්ලා සිටියේ ද එවැනි දෑ මම ද ඔබෙන් ඉල්ලා සිටිමි ! එමෙන් ම ඔබේ නබිවරයා වූ ද ඔබේ ගැත්තා වූ ද ඔබේ ධර්ම දූතයා වූ ද මුහම්මද් තුමාණෝ කවර දෙයකින් ඔබෙන් ආරක්ෂාව පැතුවේ ද එවැනි දැයින් මම ආරක්ෂාව පතමි ! ඔබම ය උදව් පතනු ලබන්නා. ප්‍රචාරය ද ඔබ කෙරෙහි ය. අල්ලාහ්ගෙන් මිස කිසිදු යහපතක් කිරීමේ හැකියා ව හෝ නපුරු ක්‍රියාවන්ගෙන් හැරීමේ හැකියාව හෝ නොමැත !
වාර්තාකරු: අබූ උමාමා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: අත්-තබරානී
    මේවා ප්‍රාර්ථනාවන් කිහිපයක් පමණි. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා විසින් මේ සියලු ප්‍රාර්ථනාවන් ප්‍රාර්ථනා කළහ. ප්‍රාර්ථනා කිරීම ට අණ කළහ. දැන ට පවතින අයුරින් සලාතය සාමුහික ව ඉටු කරනු ලැබ ඉමාම් ප්‍රාර්ථනා කර මඃමූම්වරුන් ආමීන් පැවසීමේ ක්‍රමයක් කිසිදු හදීසයක දැක ගත නොහැකි ය. මේවායෙහි ද මෙලෙස පවසනු ලැබූ ප්‍රාර්ථනාවන්හි ද මම මට මටම කියා ඒක වචන ස්වභාවයකින් සඳහන් ව ඇත. ඒ සියල්ලෙන් පෙන්වා දෙනුයේ සලාතය ට පසු ව තනි ව සිට ප්‍රාර්ථනා කර ඇති බව ය. අරාබි පාසල් වල විෂය මාලාවක් ලෙස උගන් වන උම්දතුස් සාලික් යන පොතේ පවා
وَيُنْدَبُ ذِكْرُ للهِ تَعالى والدُّعاء سِرًّا عَقِبَ الصَّلاَةِ
    සලාතය ට පසුව දික්ර් දුආ යන දෑ නිහඬ ව පාරායනය කිරීම සුන්නාහ්වකි යැයි සඳහන් ව ඇත.
(උම්දතුස් සාලිහ් පිටුව 55)

 
ප්‍රසිද්ධ වුව ද පූර්ව සාධක රහිත ප්‍රාර්ථනාවන්
    ඇතැම් ප්‍රාර්ථනාවන් ප්‍රකට වුව ද ඒවා ලඊෆ් හෙවත් දුර්වල හෝ මව්ලූඃ හෙවත් ගොතනු ලැබූ දෑ ය.
උදාහරණ වශයෙන්
 روى العباس ابن أبي بكر اليماني أنه قال من قال حين يسمع المؤذن أشهد أن محمدا رسول الله يقول مرحبا بحبيبي وقرة عينى محمد بن عبد الله صلى الله عليه وسلم ثم يقبل إبهاميه ويجعلهما على عينه لم يرمد أبدا.
1. අදාන් හි අෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ් යනුවෙන් මුඅද්දින් පවසා සිටිනු තමන් ට ඇසුනු අවස්ථාවේ මර්හබන් බිහබීබි වකුර්රතු අයිනී මුහම්මද් ඉබ්නි අබ්දිල්ලාහ් යනුවෙන් පවසා තම මහපට ඇගිලි දෙක සිප ගෙන දෑස් හි තබන අය ට කිසිදු විටක ඇස් අමාරු ඇති නොවන්නේ ය යන ප්‍රකාශය ගොතනු ලැබූවක් බව කෂ්ෆුල් කබාඃ 2/270 පිටුවෙහි සඳහන් ව ඇත.
2. සලාතය නිම කළ වහාම ඇතැමුන් තම දකුණත හිසෙහි තබා
"بِسْمِ للهِ الذي لا اله غيره الرحمن الرحيم ٬ اللهم أذھب عني الهم والحزن"
    යනුවෙන් කෙරෙන ප්‍රාර්ථනා ව තබරානි හි සඳහන් ව ඇත. මෙය  දුර්වල ගණයේ හදීසයන් ට අයත් හදීසයකි. (අල්-මුඃජමුල් අව්සත් - 2499)
3. අත්තහිය්යාත් හි මහපොට ඇඟිලි දෙක සොලවමින් ප්‍රාර්ථනා කිරීම: මිනිසෙකු තම මහපොට ඇගිලි දෙක සොලවමින් අත්තහයියාත් හි සිටින විට අසලින් ගිය නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ව ඒකත්වයට පත් කරනු යැයි එක් දඹර ඇඟිල්ලක් සොලවන ලෙස අණ කළහ. (මූලාශ්‍රය : අත්-තිර්මිදි - 2552)
4. සජදා තිලාවත් (කුර්ආන් පාරායනය කරනු ලබන විට පැමිණෙන සජදා) වෙනුවෙන් දෑත් ඔසවා ප්‍රාර්ථනා කිරීම කිසිදු පදනමක් නොමැති එකකි.
حَسْبِيَ اللهُ لَا إِلَٰهَ إِلَّا هُوَ عَلَیْهِ تَوَكَّلْتُ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِیمِ
අල්ලාහ් මට ප්‍රමාණවත් ය. (අවනත වීමට සුදුසු) ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔහු කෙරෙහි මම පූර්ණ විශ්වාසය තබමි. ඔහු අතිමහත් අර්ෂ් හි හිමි ය.  
 
මඃසූරාත් පාරායනය කරමු.
    අරාබි භාෂාව වචන වලින් පෝෂණය වූ භාෂාවකි. පුළුල් අර්ථ වලින් ගැබ් වූවකි. එවැනි භාෂාවකින් අල්-කුර්ආනය පහළ වූ බැවින් එය අවසානය දක්වා පවතී. අල්-කුර්ආන් පහළ කරනු ලැබූ නබි වරයාගේ භාෂාව ද අරාබි භාෂාවයි. එතුමාණන් පැවසූ දෑ අල්ලාහ් ගේ හෙළිදරව්වන් හැර එතුමාණන් ගේ ස්ව කැමැත්ත ට කතා කළ දෑ  නොවේ. ඒ දෙක ම ෂරීආහ් වේ මූල ධර්මයන් ය. එතුමාගේ ප්‍රකාශයන් පවා ගැඹුරු අර්ථයන් පූර්ණ ව ගැබ් ව ඇත. එබැවින් අල්-කුර්ආන් හි හා හදීස් හි පැමිණ ඇති ප්‍රාර්ථනාවන් පවසන මෙන් අවධාරණය කරනු ලැබුවෙමු. එය අල්-මඃසූරාත් යැයි පවසනු ලැබේ. වැරදි හෝ ව්‍යාකූල අදහස් නොමැති එම ප්‍රාර්ථනාවන් හි ඇතුළාන්ත අදහස අරාබි භාෂාව දැනුවත් ව සිටින අය ට රස විදිය හැක.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ සියල්ල ම අන්තර්ගත වූ ප්‍රාර්ථනාවන් අයැද සිටීම ට වඩා ප්‍රිය කළහ.
 عَنْ أَبِي ھُرَيْرَةَ رَضِيَ الله عَنْهُ: أَنَّ رَسُولَ الله صَلَّى الله عَلَيْهِ وَسَلَّمَ قَالَ: "بُعِثْتُ بِجَوَامِعِ الكَلِمِ" رواه البخاري و مسلم
    අදහස් පුළුල්වූ වදන් සමඟ මම දූතයෙකු ලෙස එවනු ලැබුවෙමි. යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූහ.
වාර්තාකරු: අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: සහීහුල් බුහාරි 7013, මුස්ලිම් 523.
එබැවින් එවැනි ප්‍රාර්ථනාවන් අල්ලාහ් ගේ පිළි ගැනීම ට ලක් වෙයි. ඒවා ඔහු විසින් දැන් වූ දෑය. භාෂාවේ නිපුණත්වය ලැබූ කවරෙකු ට හෝ වේවා එම මඃසූරාත් වලට සමාන දෙයක් රචනය කළ නොහැක. එවැනි අරාබි භාෂාවේ නිපුණත්වය ලැබූ කොපමණක් දෝ අනුගාමිකයින් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ගේ ප්‍රාර්ථනාවන් අසා දැන ගත් බව අපට දැකිය හැක. (සලාතයෙන් පසු ව ප්‍රාර්ථනාවන් යන මාතෘකාව බලන්න.) මඃසූරාත් පාරායනය කිරීම පුරුද්දක් කර ගැනීම ය ආරක්ෂා සහගත වනුයේ. කුර්ආනයේ හෝ හදීසයේ සඳහන් කවර දෙයක් හෝ වේවා ඒවා වහී (දේව හෙළිදරව්වන්) මඟින් ලැබුණු දෑ ය.
وَما يَنطِقُ عَنِ الهَوىٰ إِن هُوَ إِلّا وَحىٌ يُوحىٰ
    ඔහු තමන් කැමැති පරිදි (කිසිවක්) නොපැවසුවේ ය. මෙය ඔහු ට වහී මගින් දන්වා සිටි දෑ හැර වෙන කිසිවක් නොවේ (53:3,4) යැයි අල්-කුර්ආනය පවසා සිටී. එබැවින් අල්-කුර්ආන් හි හා හදීස් හි පැමිණ ඇති ප්‍රාර්ථනාවන් එහි තේරුම මැනවින් වටහා ගෙන ප්‍රාර්ථනා කළ යුතු යැයි අවධාරණය කරනු ලබන්නෙමු.
    ඇතැමුන් ප්‍රාර්ථනාවන් අයැද සිටින්නේ යැයි පවසා අලංකාර වාක්‍ය රටාවටත් අලංකාර කට හඬටත් වැදගත්කමක් ලබා දෙති. එම වාක්‍යයන් නිර්මාණය කිරීමේ දී යොමු කරන අවධානය හදවත එක් තැන් කිරීමෙ හි දැකිය නොහැකි වෙයි. එබැවින් එය වැළකිය යුතු කරුණක් වෙයි.
    හදීස් හි සඳහන් ව ඇති වාක්‍යයන් ඉහත සඳහන් පරිදි වාක්‍ය හැඩ අලංකරණයෙන් වූ වාක්‍යයන් ලෙස අදහස් නොකෙරේ. එය එලෙස ම එම ශෛලයෙන් පාරායනය කළ යුතු යන්නෙන් පැවසූ දෙයක් නොවෙයි. එය වහී මගින් හෙළිදරව් වූවක් බව ඉමාම් ඉබ්නු හජර් රහිමහුල්ලාහ් තුමා (ෆත්හුල් බාරී 11:139) සඳහන් කොට ඇත.

 

 

 

 

 
ප්‍රාර්ථනාවෙ හි නියැළෙන දැහැමියන්
1.    තමන් වෙනුවෙන් හා තම දෙලොව යහපත වෙනුවෙන් අයැද සිටින්නා:     උදාහරණ වශයෙන්
اَللهُمَّ إِنِّي أَسْأَلُكَ الْهُدَى وَالتُّقَى ٬ وَالْعَفَافَ وَالْغِنَى
යා ! අල්ලාහ්, යහ මඟ ද බිය බැතිමත්කම ද තැන්පත් භාවය ද පොහොසත් කම ද මම ඔබෙන් ඉල්ලා සිටිමි.
2.    සෙසු අය ට යහ මඟ ලැබිය යුතු යැයි අයැද සිටින්නා :  උදාහරණ වශයෙන්
    අනස් (රළියල්ලාහු අන්හු) තුමා වෙනුවෙන් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පහත සඳහන් අයුරින් ප්‍රාර්ථනා කළහ.
 " اللَّهُمَّ أَكْثِرْ مَالَهُ وَوَلَدَهُ وَبَارِكْ لَهُ فِيمَا أَعْطَيْتَهُ" رواه البخاري و مسلم
යා ! අල්ලාහ්, මොහු ට ධන හා දරු සම්පත අධික ව පිරිනමනු මැනව ! ඔබ ඔහු ට ලබා දුන් දෑ හි අභිවෘද්ධිය ලබා දෙත්වා!
සහීහුල් බුහාරි 6378, සහීහුල් මුස්ලිම් 2480
"اللَّهُمَّ عَلِّمْ مُعَاوِيَةَ الْكِتَابَ وَالْحِسَابَ وَقِهِ الْعَذَابَ" رواه أحمد
    යා ! අල්ලාහ්, මුආවියා ට දේව ග්‍රන්ථය ද ගණිතය ද උගන්වා නිරයේ දඬුවමින් ආරක්ෂා කරනු මැනව.
(මුස්නද් අහ්මද් 4:127)
3.    තමන් වෙනුවෙන් හා සෙසු අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරන්නා
එනම් ප්‍රථමයෙන් තමන් වෙනුවෙන් ද පසු ව සෙසු අය වෙනුවෙන් ද ප්‍රාර්ථනා කරන්නා ය. අල්-කුර්ආනයේ මෙවැනි ප්‍රාර්ථනාවන් රාශියක් දැක ගත හැකි ය. උදාහරණ වශයෙන්
ඉහතින් සඳහන් කළ පරිදි සූරාහ් නූහ් : 28, සූරාහ් මුහම්මද් : 19 සූරාහ් ඉබ්‍රාහීම් : 41 යන දෑ බැලිය හැක.
4.    තමන් වෙනුවෙන් හා සෙසු අය වෙනුවෙන් බහු වචන භාවිත කර ප්‍රාර්ථනා කිරීම
උදාහරණ වශයෙන් : කුනූත් හි හෝ ඉස්තිස්කා හෙවත් ජලය පතා ඉල්ලමින් අයදින විට හෝ සිකුරාදා කතීබ් තම ප්‍රාර්ථනාවෙ හි හෝ අයදින ප්‍රාර්ථනාවන්
සටහන : අපට යම් යහපතක් කළ තැනැත්තා ට අපි جَزَاكَ اللهُ خَيْرًا යැයි පැවසීමත් එක් ප්‍රාර්ථනාවකි.
وَمَنْ أَتَى إِلَيْكُمْ مَعْرُوفًا فَكَافِئُوهُ فَإِنْ لَمْ تَجِدُوا مَا تُكَافِئُوهُ فَادْعُوا لَهُ حَتَّى تَعْلَمُوا أَنْ قَدْ كَافَأْتُمُوهُ رواه أحمد
    ඔබට  කිසිවෙකු යම් යහපතක් සිදු කර ඇත්නම් එය ට ප්‍රතිඋපකාරයක් දක්වන්න, එලෙස ප්‍රතිඋපකාර දැක්වීම ට කිසිවක් නොලැබුණේ නම් නුඹලා ඔහු ට ප්‍රති උපකාරයක් ලෙස තෘප්තිය ට පත් වන තෙක් ප්‍රාර්ථනා කරන්න.
වාර්තාකරු: ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: මුස්නද් අහ්මද්
مَنْ صُنِعَ إِلَيْهِ مَعْرُوفٌ فَقَالَ لِفَاعِلِهِ: جَزَاكَ الله خَيْرًا فَقَدْ أَبْلَغَ فِي الثَّنَاءِ رواه الترمذي
    කවරෙකු ට යම් යහපතක් සිදු කරනු ලබන්නේ ද එය සිදු කළ තැනැත්තා ට ඔබ ට අල්ලාහ් යහපත් ප්‍රතිඵල ලබා දෙත්වා ! යැයි පැවසීම ඔහු ව ඉතා උසස් ලෙස පැසසුම ට ලක් කිරීමක් බවට පත් වන්නේය.
වාර්තාකරු : උසාමා ඉබ්නු සෙයිද් (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: තිර්මිදි 2035
 
 
දෙමාපියන් වෙනුවෙන් හා විශ්වාසවන්තයින් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිමු.
    මුස්ලිම්වරයෙකු තමන් වෙනුවෙන් අල්ලාහ්ගෙන් අයැද සිටිනවාක් මෙන් ම තම දෙමව්පියන්ටත් මුස්ලිම්වරුන් වන මුඃමින්වරුන් වන තම සහෝදර සහෝදරියන්ටත් දුආ ප්‍රාර්ථනා කළ යුතු ය. ඒ සම්බන්ධයෙන් වූ අලංකාර ආදර්ශයන් නබි වරුන් ගේ ඉතිහාසයේ අපි උගනිමු. නබි නූහ් (අලෙයිහිස් සලාම්) තුමාණෝ පහත සඳහන් අයුරින් ප්‍රාර්ථනා කළහ.  
رَبِّ اغفِر لى وَلِوٰلِدَىَّ وَلِمَن دَخَلَ بَيتِىَ مُؤمِنًا وَلِلمُؤمِنينَ وَالمُؤمِنٰتِ وَلا تَزِدِ الظّٰلِمينَ إِلّا تَبارًا
    මාගේ පරමාධිපතියාණනි, මටත් මාගේ දෙමාපියන්ටත් විශ්වාසවන්තයින් ලෙස මාගේ නිවස ට ඇතුළු වූවන්ටත් (නිවස ට ඇතුළු නොවූ සෙසු) විශ්වාසවන්ත පිරිමින්ටත් විශ්වාසවන්ත කාන්තාවන්ටත් ඔබ සමාව දෙනු මැනව ! (අල්-කුර්ආන් 71:28)
    නබි ඉබ්‍රාහීම් (අලෙයිහිස් සලාම්) තුමා පහත සඳහන් අයුරින් ප්‍රාර්ථනා කළහ.   
رَبَّنَا اغفِر لى وَلِوٰلِدَىَّ وَلِلمُؤمِنينَ يَومَ يَقومُ الحِسابُ
    මාගේ පරමාධිපතියාණනි, මටත් මාගේ දෙමව්පියන්ටත් සෙසු විශ්වාසවන්තයින්ටත් විනිශ්චය සිදු වන දිනයේ සමාව දෙනු මැනව ! (අල්-කුර්ආන් 14:41)
    සෙසු මුඃමින්වරුන් වෙනුවෙන් අප ප්‍රාර්ථනා කළ යුතුය යන්න අල්ලාහ් ගේ නියෝගයයි. එම නියෝගය ඔහු තම දූතයාණන් ට දුන්නේය.
فَاعلَم أَنَّهُ لا إِلٰهَ إِلَّا اللهُ وَاستَغفِر لِذَنبِكَ وَلِلمُؤمِنينَ وَالمُؤمِنٰتِ
    (නබිවරය) සැබැවින් ම අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත යන්න ඔබ මැනවින් දැන ඔබ ගේ පාපයන් වෙනුවෙන් ද විශ්වාසවන්තයින් හා විශ්වාසවන්තිනියන් ගේ පාපයන් වෙනුවෙන් ද සමාව අයැද සිටිනු. (අල්-කුර්ආන් 47:19)
    සැබෑ විශ්වාසවන්තයින් තමන් ට පෙර ගියවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කරන උසස් ගුණාංගයෙන් යුත් අය වන්නාහ. පෙර ගියවුන් ට බැණ නොවැද ඔවුන ට සමාව අයැද සිටීමේ උදාර ගුණාංගයන්ගෙන් යුතු අය වන්නාහ යැයි තම දැහැමි ගැත්තන් පිළිබඳ ව අල්ලාහ් පහත සඳහන් අයුරින් පවසයි.  
 رَبَّنَا اغفِر لَنا وَلِإِخوٰنِنَا الَّذينَ سَبَقونا بِالإيمٰنِ وَلا تَجعَل فى قُلوبِنا غِلًّا لِلَّذينَ ءامَنوا رَبَّنا إِنَّكَ رَءوفٌ رَحيمٌ
    අපගේ පරමාධිපතියාණනි, අපට හා අපට පෙර විශ්වාස කළ අප ගේ සහෝදරයන් ට ඔබ සමාව දෙනු මැනව ! විශ්වාස කළවුන් සම්බන්ධයෙන් අප ගේ හදවත් වල ක්‍රෝධය ඇති නොකරනු මැනව. අප ගේ පරමාධිපතියාණනි, සැබැවින් ම ඔබ සෙනෙහෙවන්තය. අසමසම කරුණාන්විතය. යැයි ප්‍රාර්ථනා කරති. (අල්-කුර්ආන් 59:10)
    එබැවින් සෑම කෙනෙකු ම සෙසු මුස්ලිම්වරුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කිරීම තම තමන් ගේ වගකීමකි. අප පතන ප්‍රාර්ථනාවන් වෙනුවෙන් ප්‍රතිචාරය ලෙස අප සමඟ සිටින මලක්වරුන් ගේ ප්‍රාර්ථනා ව අප ට පිහිටයි. අප ප්‍රාර්ථනා කරන විට ඔබටත් ඒ අයුරින්ම හිමි වේවා යැයි  එම මලක්වරයා පවසා සිටී යැයි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පැවසූහ. මේ පෙළගැස්ම අනුව ප්‍රථමයෙන් ම සිටින්නේ අපගේ දෙමව්පියන් ය. අප ඔවුන් වෙනුවෙන් ප්‍රාර්ථනා කළ යුතුය. කෙනෙකු මියගිය පසු තමන් ට හිමිවෙමින් පවතින කරුණු අතුරින් එකක් වනුයේ දැහැමි දරුවෙකු ගේ ප්‍රාර්ථනා ව වන බව අපි කවුරුත් දන්නා කරුණකි. දෙමව්පියන් වෙනුවෙන් ප්‍රාර්ථනා කළ යුත්තේ කෙසේ ද යන්න අල්ලාහ් අපට උගන්වා ඇත.
 رَبِّ ارحَمهُما كَما رَبَّيانى صَغيرًا
    මාගේ පරමාධිපතියාණනි, මා කුඩා වියේ සිටිය දී ඔවුන් දෙපළ මා හදා වඩා ගත් සේ ඔවුන් දෙපළ ට ඔබ කරුණා ව පෙන්වනු මැනව යනුවෙන් ප්‍රාර්ථනා කළහ. (අල්-කුර්ආන් 17:24)
    අල්-කුර්ආන් උගන් වන මෙම ප්‍රාර්ථනා ව වුව ද පාඩම් කොට පවසා අපගේ දෙමව්පියන් හට ප්‍රාර්ථනා කළ යුතුය. අප අතුරින් බොහෝ දෙනා මේ සම්බන්ධයෙන් අවධානය යොමු නොකර සිටීම දුක ට පත් විය යුතු  කරුණකි. ඉහත සඳහන් පරිදිය ජුමුආ දිනයෙහි කොත්බාවෙ හි ප්‍රාර්ථනා සිදු කරනු ලබනුයේ. දේව ප්‍රතික්ෂේපයේ සිටින දෙමව්පියන් ට යහ මඟ පතා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළ යුතුය.
 عَنْ أَبِي ھُرَيْرَةَ ٬ قَالَ: كُنْتُ أَدْعُو أُمِّي إِلَى الْإِسْلَامِ وَھِيَ مُشْرِكَةٌ ٬ فَدَعَوْتُهَا يَوْمًا فَأَسْمَعَتْنِي فِي رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ مَا أَكْرَهُ ٬ فَأَتَيْتُ رَسُولَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ وَأَنَا أَبْكِي ٬ قُلْتُ يَا رَسُولَ اللهِ إِنِّي كُنْتُ أَدْعُو أُمِّي إِلَى الْإِسْلَامِ فَتَأْبَى عَلَيَّ ٬ فَدَعَوْتُهَا الْيَوْمَ فَأَسْمَعَتْنِي فِيكَ مَا أَكْرَهُ ٬ فَادْعُ اللهَ أَنْ يَهْدِيَ أُمَّ أَبِي ھُرَيْرَةَ « اللهُمَّ اھْدِ أُمَّ أَبِي ھُرَيْرَةَ » : فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ فَخَرَجْتُ مُسْتَبْشِرًا بِدَعْوَةِ نَبِيِّ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ٬ فَلَمَّا جِئْتُ فَصِرْتُ إِلَى الْبَابِ ٬ فَإِذَا ھُوَ مُجَافٌ ٬ فَسَمِعَتْ أُمِّي خَشْفَ قَدَمَيَّ ٬ فَقَالَتْ: مَكَانَكَ يَا أَبَا ھُرَيْرَةَ وَسَمِعْتُ خَضْخَضَةَ الْمَاءِ ٬ قَالَ: فَاغْتَسَلَتْ وَلَبِسَتْ دِرْعَهَا وَعَجِلَتْ عَنْ خِمَارِھَا ٬ فَفَتَحَتِ الْبَابَ ٬ ثُمَّ قَالَتْ: يَا أَبَا ھُرَيْرَةَ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللهُ ٬ وَأَشْهَدُ أَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ ٬ قَالَ فَرَجَعْتُ إِلَى رَسُولِ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ ٬ فَأَتَيْتُهُ وَأَنَا أَبْكِي مِنَ الْفَرَحِ ٬ قَالَ: قُلْتُ: يَا رَسُولَ اللهِ أَبْشِرْ قَدِ اسْتَجَابَ اللهُ دَعْوَتَكَ وَھَدَى أُمَّ أَبِي ھُرَيْرَةَ ٬ فَحَمِدَ اللهَ وَأَثْنَى عَلَيْهِ وَقَالَ خَيْرًا ٬ قَالَ قُلْتُ: يَا رَسُولَ اللهِ ادْعُ اللهَ أَنْ يُحَبِّبَنِي أَنَا وَأُمِّي إِلَى عِبَادِهِ الْمُؤْمِنِينَ ٬ وَيُحَبِّبَهُمْ إِلَيْنَا ٬ قَالَ: فَقَالَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ: "اللهُمَّ حَبِّبْ عُبَيْدَكَ ھَذَا - يَعْنِي أَبَا ھُرَيْرَةَ - وَأُمَّهُ إِلَى عِبَادِكَ الْمُؤْمِنِينَ ٬ وَحَبِّبْ إِلَيْهِمِ الْمُؤْمِنِينَ" فَمَا خُلِقَ مُؤْمِنٌ يَسْمَعُ بِي وَلَا يَرَانِي إِلاَّ أَحَبَّنِي
    අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මාගේ මව ආදේශ තබන්නියක් ව සිටිය දී ඉස්ලාමය වැලඳ ගන්නා මෙන් මම ඇය ට ඇරයුම් කළෙමි. ප්‍රතිචාරයක් ලෙස ඇය ප්‍රිය නොකරන දෙයක් පවසා අල්ලාහ් ගේ දූතයාණන් කෙරෙහි දොස් නැගුවාය. එය ඇසූ මම අඩමින් නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ අල්ලාහ් ගේ දූතයාණනි, ඉස්ලාමය වැලඳ ගන්නා මෙන් මම මගේ මව ට ඇරයුම් කළෙමි. නොහැකි යැයි ඇය ප්‍රතික්ෂේප කළාය. අද මම ඇරයුම් කරන විට මම ප්‍රිය නොකරන ඇතැම් වචන භාවිත කරමින් ඔබ කෙරෙහි දොස් නැගුවා ය. මාගේ මව ට යහ මඟ ලැබීම ට ඔබ ප්‍රාර්ථනා කරන්න යැයි ඉල්ලා සිටියෙමි. එවිගස නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ පරමාධිපතියාණනි, අබූ හුරෙයිරා ගේ මව ට ඍජු මඟ පෙන්වා දෙනු මැනව ! යැයි ප්‍රාර්ථනා කළහ. අල්ලාහ් ගේ නබි වරයාගේ ප්‍රාර්ථනාවෙන් සුබාරංචි ලැබූවෙකු ලෙසින් මම නිවස ට ළඟා වූයෙමි. මාගේ පා හඬ ඇසූ මව අබූ හුරෙයිරා එතැන ම නවතිනු යැයි පැවසුවා ය. ජලය වැටෙන හඬ ඇසුවෙමි. මාගේ මව ස්නානය කොට ඇය ගේ පොරෝණය ඇඳ මොට්ටක්කිලිය බැද දොරටු ව විවෘත කළාය. පසු ව අබූ හුරෙයිරා අෂ්හදු අල් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහූ වරසූලුහූ යැයි පැවසුවා ය. සතුටින් ඉපිල කඳුළු වැගිරිණ. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා වෙත නැවත ගියෙමි.
    අල්ලාහ්ගේ දූතයාණනි, සුබාරංචියක් ගැන අසනු මැනව ! ඔබේ ප්‍රාර්ථනා ව අල්ලාහ් පිළි ගෙන මාගේ මව ට ඍජු මාර්ගය පෙන්වීය යැයි පැවසුවෙමි. එවිගස ම අල්ලාහ් ගේ දූතයාණෝ අල්ලාහ් ට ප්‍රශංසා කොට යහපතැයි පැවසූහ. නැවතත් මම අල්ලාහ් ගේ දූතයාණනි, මා හා මාගේ මව අල්ලාහ් ගේ ගැත්තන් වන මුඃමීන්වරුන් ට සෙනෙහෙවන්තයින් වීමට අල්ලාහ් ගෙන් අයැද සිටින්නැයි පවසා සිටියෙමි. එවිට අහෝ ! අල්ලාහ්, ඔබේ මේ කුඩා ගැත්තා අබූ හුරෙයිරා ව හා ඔහුගේ මව ව ඔබේ ගැත්තන් වන මුඃමීන්වරුන් ට සෙනෙහෙවන්තයින් ලෙස පත් කරනු මැනව ! යැයි ප්‍රාර්ථනා කළහ. එදින සිට කවර මුඃමින්වරයෙකු වුව ද මා නොදුටු අවස්ථාවේ ද මා ගැන අසනු ලබන අවස්ථාවේ ද සෙනෙහස නොදක්වා සිටියේ නැත.
වාර්තාකරු : අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු)
මූලාශ්‍රය: සහීහ් මුස්ලිම්
    අපට පෙර පැමිණි අය වෙනුවෙන් ප්‍රාර්ථනා කරන තවත් ක්‍රමයක් වනුයේ ඔවුන් ගේ නාමය පවසනු ලබන අවස්ථාවන් හි ඔවුන් ගේ තරාතිරම ට අනුව වරහන් තුළ ප්‍රාර්ථනාවෙන් යුත් වැකියක් සඳහන් කිරීම ද පිහිටා ඇත. මලක්වරු නබිවරුන් ගේ නාමයන් පැමිණෙන විට අලෙයිහිස් සලාම් යනුවෙන් ද අල්ලාහ් ගේ දූතයාණන් ගේ නම සඳහන් වන විට සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම් යනුවෙන් ද සහාබිවරුන් ගේ නම් සඳහන් වන විට රළියල්ලාහු අන්හු යනුවෙන් ද  තාබිඊන්වරුන් ඉමාම්වරුන් අපට පෙර වූ ආලිම්වරුන් ගේ නම් සඳහන් වන විට රහිමහුල්ලාහ් යනුවෙන් පැවසිය යුතුයි යන පිළිවෙල පිළිවෙළ පිළිබඳ ව ඉමාම් නවවි (රහිමහුල්ලාහ්) තුමා සහීහ් මුස්ලිම් වෙනුවෙන් ලියූ ප්‍රස්ථාවනාවෙ හි සඳහන් කොට ඇත. මෙම පිළිවෙළ පිළිපැදිය යුතුය. මෙයයි ඉස්ලාමය අපට ඉගැන් වූ සංස්කෘතිකමය විනයානුකූල ක්‍රියා පිළිවෙත්. ඉමාම් නවවි තුමා ගේ සඳහන පහත දැක් වේ.
قال الامام النووي رحمه الله في مقدمة شرح صحيح مسلم يستحب لكاتب الحديث إذا مر بذكر الله عزوجل أن يكتب "عزوجل” أو" تعالى" أو "سبحانه وتعالى" أو "جل ذكره" أو "تبارك اسمه "أو "جلت قدرته" أو ما أشبه ذلك. وكذلك يكتب عند ذكرالنبي صلى الله عليه وسلم "صلى الله عليه وسلم" بكاملهما لا رامزا اليهما ولا مقتصرا على أحدھما وكذلك يقول فى الصحابي "رضي الله عنه "فان كان صحابيا ابن صحابي قال" رضي الله عنهما".وكذلك يترضى ويترحم على سائر العلماء والأخيار ويكتب كل ھذا وان لم يكن مكتوبا فى الاصل الذي ينقل منه.فإن ھذا ليس رواية وإنما ھو دعاء. وينبغي للقارئ أن يقرأ كل ما ذكرناه وان لم يكن مذكورا فى الاصل الذي يقرأ منه ولايسأم من تكرر ذلك ومن أغفل ھذا حرم خيرا عظيما وفوت فضلا جسيما. مقدمة شرح صحيح مسلم ص ۳١

 

رَبَّنَا اغفِر لَنا وَلِإِخوٰنِنَا الَّذينَ سَبَقونا بِالإيمٰنِ وَلا تَجعَل فى قُلوبِنا غِلًّا لِلَّذينَ ءامَنوا رَبَّنا إِنَّكَ رَءوفٌ رَحيمٌ
අපගේ පරමාධිපතියාණනි, අපට හා අපට පෙර විශ්වාස කළ අපගේ සහෝදරයන් ට ඔබ සමාව දෙනු මැනව ! විශ්වාස කළවුන් සම්බන්ධයෙන් අපගේ හදවත් වල ක්‍රෝධය ඇති නොකරනු මැනව ! අපගේ පරමාධිපතියාණනි, සැබැවින් ම ඔබ සෙනෙහෙවන්තය. අසමසම කරුණාන්විතය යැයි ප්‍රාර්ථනා කරති. (අල්-කුර්ආන් 59:10)