මුස්ලිම් කාන්තාවන් දෙවන පන්තියට අයත් ප්ර්රවැසියන් ද?

ඉස්ලාම් දහමෙහි කාන්තාවන් ට හිමි වු ගෞරවය හා සමාන ව අන් කිසිදු ආගමක, ජාතියක හෝ නීති පද්ධතියක දක්නට නොමැති බව ආගමික විද්වතුන් සියලු දෙනා ම ඒකමතික ව ප්‍රකාශ කරති.
අල්ලාහ් කාන්තාවන් ට ගෞරවය දක්වා ඇති හේතුවෙන් වෙනත් දහම් වල කාන්තාවන් මුහුණ දෙන පීඩාව ඉස්ලාමයේ ඔවුන් ට සිදු නොවෙයි.

اسم الكتاب: هل المرأة المسلمة إنسانة من الدرجة الثانية ؟


تأليف: محمد بن صالح العثيمين


الناشر: المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة


نبذة مختصرة:كتاب مترجم إلى اللغة السنهالية يبين أن الشريعة جائت لحفظ كرامة المرأة وصيانتها، ومن صيانتها أن تقر في البيوت، وألا تبرز للرجال الأجانب، وأن تحتفظ بجمالها وبزينتها؛ ليكون ذلك أحفظ لها عن أن تمتد إليها الأنظار، وأن تطمع فيها النفوس المريضة، فحجاب المرأة وسترها وتسترها عن الرجال لا شك أنه كرامة لها، وليس كما يقول دعاة الضلال: إنه تحجر وتضييق على المرأة، وأن المرأة كالرجل.

මුස්ලිම් කාන්තාවන් දෙවන පන්තියට අයත් පුරවැසියන් ද?

 

] සිංහල – Sinhala –[ سنهالي  

 

 

 

මුහම්මද් සාලිහ් අල් උතෙයිමීන්

 

 

සිංහල පරිවර්තනය

ජාසිම් ඉබ්න් දඉයාන්

 

 

 

 

 

 

 

 

 

 

 

 

2014 - 1436

 

هل المرأة المسلمة إنسانة من الدرجة الثانية؟

 

« باللغة السنهالية »

 

 

 

 

الشيخ محمد بن صالح العثيمين

 

 

 

ترجمة: جاسم بن دعيان

 

 

 

 

 

 

 

 

 

2014 - 1436

 

මුස්ලිම් කාන්තාවන් දෙවන පන්තියට අයත් පුරවැසියන් ද? - 1

අෂ් ෂෙයික් සාලෙහ් අල් උතෙයිමීන්

සිංහල පරිවර්තනය

ජාසිම් ඉබ්නු දඉයාන්

ධාර්මික ක්‍රියාවන් සියල්ල සම්පූර්ණ කළ උත්තරීතර අල්ලාහ් ට සියලු ප්‍රශංසා හිමි වේවා. මුස්ලිම්වරුන් වාර්ෂික ව පවත් වන සම්මන්ත්‍රණය, මේ වසර අබ්දුර් රහ්මාන් මස්ජිදයේ  පවත් වන ලදි. මේ වසරේ මාතෘකාව ඉස්ලාමය පිළිබඳ පොදුවේ පවතින වැරදි සංකල්පය යි.

මුස්ලිම් නොවන බටහිර රටවල උපත ලැබු අපෙන් බොහෝ දෙනෙකු ට, ඉස්ලාම් පිළිබඳ ව වැරදි අවබෝධයන් බොහෝමයක් පවතින බව අපි දනිමු. මේවායින් බහුතරයක් අනවබෝධය නිසා ද, තවත් කිහිපයක් නොසැලකිලිකම නිසා ද සිදු වේ. තවත් කිහිපයක් සත්‍ය කුමක් දැයි හොඳ හැටි දන්නා පිරිසක් එයින් සිතා මතා වැළකී සිටීම සහ ඉස්ලාමය ට එරෙහි ව කැරලි කිරීම නිසා සිදු වන වැරදි අවබෝධය වෙයි. ඔවුන් ට අවශ්‍ය වී තිබෙන්නේ  ඉස්ලාමයේ නොමැති දේ එහි තිබෙන බව දැනුවත් ව බොරු ප්‍රචාර පැතිර වීමය.

ඉස්ලාම් පිළිබඳ වැරදි සංකල්ප අතරින් එකක් කාන්තාවන් පිළිබඳ ව ඉස්ලාමයේ ස්ථාවරය කුමක් දැ යි නගන ප්‍රශ්නයයි. මේ පිළිබඳ ව අදහස් දැක් වු අෂ් ෂේය්ක් උතෙයිමීන් ඇතැම් මුස්ලිම් පිරිස කාන්තා හා පිරිමින් අතර සාධාරණත්වය (අද්ල්) වෙනුව ට දෙපාර්ශව අතර සමානතාව (මුසාවාත්) පිළිබඳ ව කතා කරන බව ද,  මෙය විශාල වරදකි බව ද පැවසීය.

          මෙය ට හේතුව ඉස්ලාම් යනු සමානාත්මතාව ස්ථාපනය කළ ආගමක් බව ඇතැම් මුස්ලිම්වරුන් නිතර පැවසීම යයි ෂෙය්ක් වරයා පැවසීය. සැබැවින් ම මෙය ක්‍රිස්තියානු හා යුදෙව් ආගම් සමඟ (තයිමී) ගැළපෙන අයුරින් ඉස්ලාමය වෙනස් කිරීම ට උත්සාහ දරන  මුස්ලිම් පිරිස ගේ කතාවකි. මෑත කාලයේ දී හින්දු, බෞද්ධ සහ අනිකුත් ගෝත්‍රිකයන් අදහන ආගම් සමඟ සමානතාව පෙන්වීම ට ඔවුහු වෑයම් කරති. ආරම්භක යුගයේ පහළ කරන ලද යුදෙව් හා ක්‍රිස්තියානි ආගම් පහළ වූ ආකාරයෙන් අනුගමනය නොකර තමන් කැමති ආකාරය ට ඒවා වෙනස් කර ගනිමින් ඔවුන් දෙවියන් වහන්සේට ම සමාන තබන මුෂ්රික් බව ට පත් වී අවසානය. ඉස්ලාම් සමානතා දක්වන දහම යැයි පවසන විට එසේ  පවසන පිරිස ගේ අරමුණ වන්නේ අන් ආගම් සමඟ ඉස්ලාමය මිශ්‍ර කිරීමේ තයිම් නමැති ක්‍රියාවයි. ඔවුන් ගේ දඅවා ක්‍රම වේදය මෙම ක්‍රියාවෙන් ඉස්ලාම් හා අනිකුත් ආගම් අතර තිබෙන සමරූපතාව පෙන්වීම පමණි. මෙවැනි ක්‍රියාවෙන් ආගම් අතර තිබෙන වෙනස නොපෙන්වා ඔවුන් දඅවා කරනවා පමණක් නොව, එය බරපතළ බොරුවක් ද වෙයි.

ඇතැම් ජනතාව කථා කරන්නේ සාධාරණතාව වෙනුවෙන් සමානතාව පිළිබඳ ව යැයි අපි  අනිවාර්‍යයෙන් අවබෝධ කර ගත යුතු බව ෂෙයික් උතෙයිමීන් පවසයි. කාන්තා සම අයිතීන් ඉල්ලන්නන් (Feminists) සහ ඉස්ලාමීය මූලික පදනමෙ හි වෙනසක් සිදු විය යුතු යැයි ඝෝෂා කරන්නන් වැනි පිරිස ගේ සිත් ඇද ගැනීමේ අරමුණින්, ඔවුන් ඉස්ලාම් හි කාන්තාවන් ට “බොහෝ අයිතීන්“ තිබෙන බව ප්‍රකාශ කරති. දඅවා ක්‍රියාව සඳහා මෙලෙස ප්‍රකාශ කරන විට එය අසත්‍යයක් බව ට පත් වෙයි. සමානතාවය යැයි පවසන විට, එහි සීමාවක් පනවා නැත. ෆර්ක් හෝ තෆ්රීක් යන කිසිවක් නැත. භේද කිරීමක් හෝ වෙන් කිරීමක් නැත. විලක්‍ෂණයක්  හෝ (දෙ වර්ග අතර වෙන් කර පෙන්වන) මිණුම් තලයක් නැත. මෙවැනි අයුතු හා පීඩාකාරී වන සමානතාව සඳහා දෙන ලද වැරදි ඇරයුමේ ප්‍රතිඵල වශයෙන් “පිරිමින් සහ කාන්තා වන් අතර තිබෙන වෙනස කුමක් දැ?“ යි සෑම කෙනෙක් ම ප්‍රශ්න කරන්න ට පටන් ගත්හ. මේ මගින් පිරිමි සහ කාන්තාවන් එක් ගණයක් බවට පත් කළහ. මෙය පදනම් කර ගත් සමාජවාදීන්, පාලකයා හා පාලීන පිරිස අතර වෙනස කුමක් දැයි ප්‍රශ්න කරමින් තවත් පියවරක් ඉදිරිය ට තැබුහ.

කිසිවෙකු ට අන් කිසිවෙකු ට ඉහළින් අධිකාරියක් නැති බව අප අවබෝධ කර ගත යුතුය. ඉස්ලාම් යනු කොන්දේසි විරහිත ව, සීමාවන් විරහිත ව, යෝග්‍යතාවක් විරහිත ව, දීර්ඝ විස්තරයක් විරහිත ව දෙදෙනා අතර සමානතාව දක්වන දහමක් බව කවරෙකු හෝ සිතුවේ නම්, ඔහු අදහස් කරන්නේ කිසිවෙකු ට අන් කිසි කෙනෙකු ට ඉහළින් අධිකාරියක් නොමැති බවයි. පියා ට තම පුත්‍රයා ට ඉහළින්, සැමියා ට තම බිරිය ට ඉහළින් අධිකාරියක් නොමැති බව මෙයින් අදහස් වේ. මෙවැනි වැරදි සිතුවිලි නිසා මහත් අර්බූධයක් සිදුවිය හැක. මෙය ප්‍රධාන හේතුවක් නොවුවා ට ඇතැම් කාන්තාවන් තම සැමියන් ට සමානව සිටින්න ට වෑයම් කරන්නේ මේ හේතුන් නිසාය.

මේ ආකාරයෙන් ම, අප ගේ දරුවන්ද  අප සමඟ (වැඩිහිටියන් හා දෙගුරුන්) එක හා සමාන ව සිටින බව අපි දකිනු ඇත. ඉස්ලාමය යනු භේදයෙන් තොරව, වෙනසකින් තොරව (තෆ්රීක්) සමානතාව දක්වන ආගමක් බව ද, සෑම කෙනෙකුටම  තමන් කැමති දේ  පවසන්න ට, තමන් කැමති දේ කිරීම ට, තමන් කැමති ආකාරය ට හැසිරීම ට  අයිතියක් පවරන ආගමක් බව කවරෙක් හෝ යම් කෙනෙක්  පැවසීම මෙය ට හේතු විය.

එහෙත්, සමානතාව වෙනුව ට, සාධාරණය යන පදය අපි යෙදුවේ නම්, එයින් අදහස් වන්නේ සෑම කෙනෙකුට ම ඔහු ට හෝ ඇය ට හිමිකම් තිබෙන දේ පැවරීම බව ෂෙය්ක් උතෙයිමින් පවසයි. එනම් සෑම කෙනෙකු ට ඔවුන් ට හිමි “හක්” (අයිතිවාසිකම්) පැවරීමයි. “සෑම කෙනෙකුටම ඔවුන් ට හිමි අයිතිවාසිකම් ලබා දෙනු මැනව.” යනුවෙන් නබි (සල්) උපදෙස් දුන්හ.

අරාබි භාෂාවෙ හි සෑම අක්ෂරයකටම අයිතිවාසි කමක් තිබෙන අතර, ඒවා හරියාකර ව උච්චාරණය කිරීමෙන් ඒවා ට අයත් හිමිකම් දෙනු ලබන බව ෂෙය්ක් උතෙයිමීන් අවධාරණය කරයි. සූරා ෆාතිහාවෙ හි ෂද්ද 11ක් තිබෙන බවද, ඒවායින් එකක් හෝ අත පසු වුයේ නම් සූරා ෆාතිහාව ට නියමිත අයිතිවාසිකම් නුදුන් හේතුවෙන් එහි පාරායනය සම්පූර්ණ නොවන බව ද ෂෙය්ක් මුහම්මද් ඉබ්නු අබ්දුල් වහාබ් සඳහන් කරන බව ෂෙය්ක් ෆවුසාzන් ගේ “සලාහ් සඳහා ඇවිද යෑමේ ආචාර රීතිය.” යන පොත් පිංචයේ සඳහන් කරයි. මේ අනුව අරාබි භාෂාව ට පවා අයිතිවාසිකම් තිබේ. සෑම දැයකට ම අයිතිවාසිකම් තිබෙන අතර, ඒවා සියල්ල ට අයිතිවාසිකම් ලබා දිය යුතුය.

මේ නිසා,  ඔහු ට හෝ ඇය ට හිමි සාධාරණය ඉටු කිරීම යනුවෙන් පැවසන්නේ නම්, “ඉස්ලාම් යනු සමානතාව දක්වන දහමක්” යන වැරදි සංකල්පය අදාළ නොවන බව ෂෙයික් උතෙයිමින් පැහැදිලි කළේය. සෑම කෙනෙකුට ම සෑම කෙනෙකු ට වඩා ශ්‍රේෂ්ඨත්වයක් ලබා දී තිබෙන බව පැවසු ෂෙයික් එය ට නිදසුන් මෙසේ සඳහන් කරයි. උලමාවරුන් (ආගමික විද්වතුන්) අන් අය ට වඩා ශ්‍රේෂ්ඨත්වය දෙනු ලැබු පිරිසකි. එමෙන්ම තාරුකාවන් ට වඩා සඳ ශ්‍රේෂ්ඨත්වය දෙනු ලැබීය.

සමානතාව යන මෙවැනි වැරදි සංකල්ප සමාජයෙන් ඉවත් විය යුතුය. සමානතාව දක්වන ලෙස අල්ලාහ් අල් කුර්ආනයේ කිසිදු ස්ථානයක අණ කර නැත. එහෙත් “ඉස්ලාම් සාමයේ දහමකි, ඉස්ලාම් සමානතාවේ දහමකි, ඉස්ලාම් යන පදය සාමය යන පදයෙන් උපුටා ගන්නා ලදී.” යනුවෙන් මිනිසුන් පවසනු ඔබ අසා ඇත. ඉස්ලාම් යනු සටන් කිරීම හෝ ඒ හා සමාන අර්ථයක් දෙන පදයක් නොවේ. එමෙන් ම ඉස්ලාම් යන  පදය සාමය යන පදයෙක් උපුටා ගත් පදයක් ද නොවේ. ඉස්ලාම් යන පදය උපටා ගනු ලැබුවේ “අස්ලම” යන පදයෙන් ය.  එය සලම යන පදයෙන් නොවේ. නමුත් ඇතැම් කණ්ඩායම්, මෙම පදයේ නිවැරදි අර්ථය ඉවත් කර, තමන් කැමති අයුරින් විග්‍රහ කරන්න ට සූදානම් වේ. මේ පිරිස “ඉස්ලාම් යනු සාමය සහ සමානතාව දෙන දහමකි“ යනුවෙන් වැරදි ලෙස අර්ථ කථනය කරති.

අල් කුර්ආනයේ කිසිදු ස්ථානයක සමානතාව දක්වන ලෙස අල්ලාහ් අණ කර නැත.  එ වෙනුව ට 

 إِنَّ اللَّـهَ يَأْمُرُ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْبَىٰ وَيَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ وَالْبَغْيِ ۚ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُونَ ﴿٩٠

“සැබැවින් ම අල්ලාහ් සාධාරණත්වය ද යහකම ද ඥතීන් ට පිරි නැමීම ද අණ කරන්නේය.” සූරා අන් නහ්ල් 16:90  තව ද,

إِنَّ اللَّـهَ يَأْمُرُكُمْ أَن تُؤَدُّوا الْأَمَانَاتِ إِلَىٰ أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ النَّاسِ أَن تَحْكُمُوا بِالْعَدْلِ ۚ إِنَّ اللَّـهَ نِعِمَّا يَعِظُكُم بِهِ ۗ إِنَّ اللَّـهَ كَانَ سَمِيعًا بَصِيرًا﴿٥٨

“ඔබ මිනිසුන් අතර සාධාරණ ව විනිශ්චය කරනු” යැයි ද, (අල්ලාහ්) අණ කරයි. 4:58

කවරෙකු හෝ ඉස්ලාම් යනු සමානත්වයේ දහමක් බව පවසන්නේ නම්, එය ඉස්ලාමය ට එරෙහි ව පවසන මුසාවක් බව අෂ් ෂෙයික් උතෙයිමීන් පවසයි. එසේ නොව ඉස්ලාම් යනු සාධාරණත්වයේ දහමකි. එහි දී සමාන අය අතර සමාන සැලකිලි ද අසමාන අය සඳහා අසමාන සැලකිලි ද දෙනු ලැබේ. එපමණක් නොව ඉස්ලාම් දහම පිළිබඳ නිවැරදි දැනුම ලත් කිසිවෙක් එය සමානත්ව යේ දහමක් බව ප්‍රකාශ නොකරයි. අල් කුර්ආනය බොහෝ අවස්ථාවන් හි මෙවැනි වැරදි මතය නිශේධනය කිරිම මෙය ට ප්‍රබල සාධක වේ.

قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِ ﴿٩

“දැනුම ඇත්තන් හා දැනුම නැත්තන් සමාන වන්නේ දැ? යි පවසවු.” සූරා අzස් zසුමර් 39:9.

දැනුම සම්බන්ධ ව පවසන්නේ නම්, එහි සිටින්නේ දෙවර්ගයට අයත් ජනතාව පමණි. එක් පිරිසක් දැනුම සහිත අය, අනෙක් පිරිස දැනුම රහිත අය වෙති. දැනුම සොයන ශිෂ්‍යයන් ද දැනුම ලබා දෙන දාඉ වරුන් ද ප්‍රථම පිරිස වන අතර, අන් සියලු දෙනා ම දෙවන වර්ගයට අයත් වෙති.

සමානතාව අණ කරන එක දු වදනක් හෝ අල් කුර්ආනයේ කිසිදු ස්ථානයක දක්න ට නැති බව ෂෙය්ක් උතෙයිමින් පවසයි. එ වෙනුව ට සාධාරණත්වය ඉටු කරන ලෙස අල් කුර්ආන් සියලු දෙනා ට අණ කරයි. සාධාරණත්වය යන පදය සෑම කෙනෙක් ම පිළිගනිති. සමාජයේ අන් අය ට වඩා දැනුමෙන්, ධනයෙන්, දහම අනුගමනය කිරීමෙන්, බිය බැතිමත් කමින්, හෝ යහ දේ ඉටු කිරීමෙන් උසස් කෙනෙක්, එසේ නොවන කෙනෙකු ට සමාන බව පවසනවා ට ප්‍රිය නොකරයි.

එවැනි උසස් පුද්ගලයෙක් ඒවා කිසිවක් නොමැති කෙනෙකු හා සමාන බව පැවසීම  අසන්න ට කිසිවෙක් කැමති වෙයි ද?

මෙම වදන බොරු පුරසාරම් දොඩවන කථාවක් නොව සැබෑ තත්ත්වයකි.

(ලෝක ප්‍රකට ධනපති) බිල් ගේට්ස් හා තමා ධනයෙන් සමාන බව කිසිවෙකු ට පැවසිය හැකි ද? කිසිවෙක් එලෙස සිතිය නොහැක. ධනය පිළිබඳ ව එක්කෙනෙක් අති උසස් තත්ත්වයේ සිටින අතර, සාමාන්‍ය ජනතාව ජීවත් වන්නේ එසේ නොවේ.

මේවා පදනම් කර ගෙන, පිරිමින් ගේ ස්වභාවය සහ ස්ත්‍රීන් ගේ ස්වාභාවය හෝ පිරිමින් ගේ තත්ත්වය සහ ස්ත්‍රීන් ගේ තත්ත්වය පදනම් කර ගෙන, දෙ පාර්ශවය ම සමාන බව ඉස්ලාම් නොසළකයි. මේ ලෙස පිරිමින් හා කාන්තාවන් එක හා සමාන බව නුසුදුසු අයුරින් සැලකීමෙන් එක් පිරිසක ට බරපතල අසාධාණයක් සිදු විය හැකි නිසා ඉස්ලාම් එලෙස සලකන්නේ නැත.  සලාහ්තය ඉමාම් වශයෙන් මෙහෙයන විට, ජුම් ආ සහ ඊද් දිනයන් හි කතීබ් වශයෙන් පිරිමින් පමණක් කටයුතු කිරීම, පිරිමින් අදාන් නම් ඇරයුම ප්‍රකාශ කිරීම සහ නබිත්වය පිරිමින් ට පමණක් පැවරීම වැනි දේ සිදු වන්නේ ඇයි? යන නොයෙක්  කරුණුවල ට විවිධ හේතුන් තිබේ. සම්පත් බෙදීමේ දී  පිරිමින් ට මෙන් සමාන කොටසක් කාන්තාවන් ට උරුම වශයෙන් නොලැබෙන්නේ ඇයි? උරුම වශයෙන් කාන්තාවන් ට වඩා අධික කොටසක් පිරිමින් ට  ලබා දෙන්නේ ඇයි? මෙවැනි සියලු ප්‍රශ්න වල ට දැනටමත් ආගමික විද්වතුන් පිළිතුරු සපයා අවසානයි. ඩේවිඩ් සහ වේරා මේස් (David & Vera Mace) යන දෙදෙනෙක් රචනා කළ පෙර දිග සහ බටහිර විවාහ යන පුස්තකයේ (1960) පිට අංක 64 හි මෙලෙස සඳහන් කර ඇත.

“කාන්තාවක් තම කුඩා වියේ දී පියාගෙන් ද, තරුණ වියේ දී සැමියාගෙන් ද යැපෙන්න ට සිදු වෙයි. ඇගේ ස්වාමියා (ඇගේ සැමියා හෝ ඇය වහල් සේවිකාවක් නම් ඇගේ හිමිකරු වන පිරිමියා) මරණය ට පත් වුයේ නම් ඒ දිනයෙන් පසු ව තම පුත්‍රයන්ගෙන් ඇය ට යැපෙන්න ට සිදු වෙයි. (කාන්තාවන් කෙරෙහ ආසියානු රටවල් පැරණි යුගයේ දැක් වු මතය අදත් එ ලෙස ම පවති) කාන්තාවක් ස්වාධීනත්වය පැතිය නොයුතුය. කාන්තාවක් සෑම විට ම, සැමියා සමඟ ජිවත් වන විට, සිනාමුසු මුහුණින් ඔහු ට ළෙන්ගතුව, ඔහු ට ගරුසරු  කරමින් සිටිය යුතුය. ඔහු මරණය ට පත් වුයේ නම් ඔහු ගේ මතකය පැහැර හැරිය නොයුතුය. මෙහි අර්ථය වන්නේ, ගුණවන්ත බිරියක් සැමියාට පූජා කළ යුතුය, ඔහුගේ සොහොන මත පින්තූරු තැබිය යුතුය, ඔහු ගේ සොහොන බැහැ දැක ගැනීම ට නිතර යා යුතු ය, යන මේවා ඇතැම් සංස්කෘතීන් කාන්තාවන් ගෙන් බලා පොරොත්තු වන ක්‍රියාවන් ය.) සැමියා සමාජයේ සම්මත හැසිරීම් නොසලකා හැරියත්, තවත් කාන්තාවක් වෙත සිත් ඇදී ගියත් ගුණවන්ත බිරිය දෙවියෙකු ලෙස සැමියා ට ගරු කළ යුතුය. සැමියා දේව නියෝගය කඩ කළත්, තම වග කීම නිසි ලෙස ඉටු කිරීම මග හැරියත්, ආගමික ග්‍රන්ථ ය උල්ලංඝනය කළත්, වෙනත් කාන්තාවන් සමඟ සම්බන්ධතා පවත් වා ගෙන ගියත්, බිරිය ට කිසිදු සහනයක් නැත.  සැමියා වෙත යහ ගුණ කිසිවක් නොතිබුණත් බිරිය ඔහු ට අවංක ව ජීවත් විය යුතුය. තම සැමියා ට හැර අන් කිසිදු පරිත්‍යාගයක් කාන්තාව ට නැති බව ඔවුන් පවසති.

ස්වර්ගයේ තම සැමියා ගේ මාලිගය ට පිවිසීම ට අදහස් කරන භක්තිමත් බිරිඳ ඇගේ සැමයා ජීවත්ව සිටියත්, අපවත් වූවත් ඔහුට අකාරුණික විය නොහැක. විවාහ වූ කාන්තාවක් තම සැමියාට ඉටු කළ යුතු රාජකාරිය පැහැර හැරියේ නම්, මෙලොවෙහි ඇයට දඬුවම් ලැබෙන අතර ඇයට දඬුවම් වශයෙන් මරණයෙන් පසු බරවා රෝග සහ වෙනත් රෝගයන් ට ලක් වෙයි. තම සිරුර, වචන සහ සිත සැමියා ට පමණක් කැප කරන බිරිඳ ස්වාර්ගයේ මාලිගාවක් සහ යහපත් පිරිමින් ගේ ආශීර්වාදය ද ලබන්නීය.

මේ අනුව කාන්තාවක ට ආගමික අයිතිවාසිකම් කිසිවක් නොමැත. මෙම තහනම යුදෙව් වරුන් ගේ ද නිගමනය වෙයි. සමිප කාලයේ යුදෙව් කාන්තාවන් ගේ සංවිධානයක් පිරිමින් ට පමණක් සිමා කළ යුදෙව් ශ්‍රමණ දේව ස්ථානයන් හි (Orthodox Hasidic ascetic synagogue) ප්‍රාර්ථනා කිරීම ට කාන්තාවන්ට ද  අයිතියක් තිබෙන බව ඉල්ලීම් කළ නමුත්, අද වන තුරු එය ට අනුමැතිය ලැබී නැත. පිරිමින් වාඩි වි දෙවියන් ට නැමදුම් කරන පෙදෙසේ කාන්තාවන් ට වාඩිවීම ට පවා තහනම් හෙයින් කාන්තාවන් ට වෙන පෙදෙසක වාඩි වී නැමදුම් කරන්න ට සිදු වී ඇත. මෙවැනි නැදුම් කටයුතු පිළිබඳ ඉස්ලාම් අනුගමනය කරන ප්‍රතිපත්ති දෙස බැලුවහොත්, කාන්තාවන් ට ඉස්ලාම් දක්වන ගෞරවය තරම් අන් කිසිදු ආගමක් හෝ චින්තනයක් හෝ දර්ශනයක් හෝ ගෞරව දක්වන්නේ නැති බව දැක ගත හැකිය.

කුර්ආනයේ සූරා අන් නිසා (කාන්තාවන්) වෙහි විග්‍රහ කිරීමේ සාරාංශය කියවන විට,  එහි විශාල කොටසක් කාන්තාවන් ට දැක්විය කාරුණික සැලකිලි සහ කාන්තාවන් කෙරෙහි දැක් විය යුතු හිතකාමි  හැසිරීම  පිළිබඳ ව සඳහන් කරන බව දැක ගත හැකි වේ. සෑම සිකුරාදා දේශනාවන් හි  මුහම්මද් (සල්) තුමාණන් “මිනිසුනි! එකම ආත්මයකින් නිර්මාණය කර එම ආත්මයෙන් එහි සහකාරි ව නිර්මාණය කළ ඔබේ පරමාධිපති ට බිය බැතිමත් වනු” යැයි පැවසීම මෙය කෙතරම් වැදගත් ද යන්න සනාථ කරයි.

මෙම සංකල්පය ආරම්භයේ සිට ම පැහැදිලි කිරීම පිණිස අල් කුර්ආනයේ භාවිත වන වචන මාලාවන් ට අපි විශේෂ සැලකිලි දැක් විය යුතුය. අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් සෑම සිකුරාදා ජුම්ආ දේශනයෙ හි අප ව ඉසුලු කුසය ගරු කරන්නේ කෙසේ ද, එමගින් අයත් වු නෑ කම හොඳින් පවත්වා ගෙන යන්නේ කෙසේ ද, අප ට උපත දුන් ඒ මෑණියන් ව සිහියේ තබා ගන්නේ කෙසේ ද, ඒ අය වෙත කරුණාවෙන් සැලකිලි දක්වන්නේ කෙසේ ද යනු උපදෙස් දුන් අතර, මුල් මිනිසා වන ආදම් (අලෙ) සහ එතුමා ගේ බිරිය එක් ආත්මයකින් සහ එක් නිර්මාණයකින් පැමිණි බවද, අල්ලාහ් නිර්මාණය කළේ එක් ආත්මයක් බව ද අප සියලු දෙනාට ම ප්‍රකාශ කළහ.

කාන්තාවක ට ආත්මයක් තිබෙන වා දැයි ක්‍රිස්තු බැතිමතුන්, විශේෂයෙන් රෝමානු කතෝලික බැතිමතුන් වසර 400ක් මුළුල්ලේ ම විවාද කළහ. අවසානයේ ඔවුන් යම් නිගමනයක ට පැමිණි නමුත් ඔවුන් අතර බොහෝ පූජක පිරිස එය ට එකඟ වූයේ නැත. නිදසුනක් වශයෙන් කාන්තාවන් ට ආත්මයක් නොමැති බව නිගමනය කරන්නේ නම්, ඔවුහු සත්ව ගණය ට අයත් පිරිසක් බව ට පත් වන්නෝය. එහෙත් කුර්ආනයේ අල්ලාහ් පවසන්නේ මෙසේය.

يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً ۚ وَاتَّقُوا اللَّـهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالْأَرْحَامَ ۚ إِنَّ اللَّـهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا ﴿١

“මනුෂ්‍යයෙනි! ඔබ ඔබෙ ගේ පරමාධිපති ට බිය වවු. ඔහු ඔබ සියල්ලම එක ම ප්‍රාණයකින් නිර්මාණය කළේය.  ඔහුගෙන් ඔහුගේ භාර්යාව නිර්මාණය කළේය.” සූරා අන් නිසා 4:1.

ඉස්ලාම් කාන්තාවන් ට උතුම් ගෞරවය දක්වා ඇති අතර, එම කාන්තාවන් තමා පිරිමින් හා සමාන කර ගැනීමෙන් පහත් තත්ත්වය ට පත් කරනු ලැබු  හ, නැතහොත් තමන් විසින් ම පහත් තත්ත්වය ට පත් වුහ.

පිරිමින් හා කාන්තාවන් එක හා සමාන බව ඉස්ලාමයේ අප පිළිනොගනිමු. මේ දෙපිරිස අතර සමානතාව පැවතිය හැකි වන්නේ තක්වා නමැති අල්ලාහ් කෙරෙහි බිය බැතිමත්කම සහ ඊමාන් නමැති දේව විශ්වාස මත පමණි. මේ දෙපිරිස ගේ බිය බැතිමත්කම, ඔවුන් තම වගකීම් ඉටු කරන ආකාරය සහ දේව විශ්වාසය හැර අන් කිසිවකින් ඔවුන් සමානතාව ලබන්නේ නැත.

කාන්තාවන් ගේ සියලු අයිතීන් සැපයූ ඉස්ලාම් ඔවුන් ගේ කටයුතු සුදුසු අකාරයෙන් ඉටු කර ගැනීම සඳහා අනුමත ලබා දී ඇත. මේ බව ට අල්ලාහ් කුර්ආනයේ සඳහන් කරන්නේ මෙසේය.

وَلَهُنَّ مِثْلُ الَّذِي عَلَيْهِنَّ بِالْمَعْرُوفِ ۚ وَلِلرِّجَالِ عَلَيْهِنَّ دَرَجَةٌ ۗ وَاللَّـهُ عَزِيزٌ حَكِيمٌ ﴿٢٢٨

“......ස්ත්‍රීන් කෙරෙහි පුරුෂයින් ට සාධාරණ ව ඇති  අයිතිවාසිකම් හා සමාන ව ස්ත්‍රීන්ට ද ඔවුන් ගේ පුරුෂයින් කෙරෙහි අයිතිවාසිකම් ඇත. එහෙත් පුරුෂයින් ට ඔවුන් (ස්ත්‍රීන්) කෙරෙහි  විශේෂ තරාතිතරම් ඇත. අල්ලාහ් බලසම්පන්න ය. නුවණැති ය.” සූරා බකරා 2:229

මෙහි දී තරාතිරම් යනුවෙන් අල්ලාහ් සඳහන් කරයි. ආගමික විද්වතුන් අදහස් ප්‍රකාශ කරන ආකාරය ට, එය වගකීමේ තරාතිරම් ය. සැබැවින් ම  අල්ලාහ් බලසම්පන්න ය. නුවණැති ය.

මේ අතර, කාන්තාවන් අල්ලාහ් ගේ තිළිණ ලැබීම සඳහා පුරුෂයින් ට සමාන බව ඉස්ලාමිය ආගමික විද්වතුන් අදහස් දක්වති. මෙය ලබා ගන්නේ මරණයෙන් පසු ජීවිතයෙහි ය. පුරුෂයා ගේ ස්වභාවය හා ස්ත්‍රිය ගේ සුවභාවය පිළිබඳ ව සහ පුරුෂයා ගේ තත්ත්වය පිළිබඳ ව සලකා බලන විට ඔවුන් දෙපාර්ශවය ම එක හා සමාන නොවෙති. මේ හේතුවෙන්, කුර්ආනය සඳහන් කරන අයුරින් පිරිමි කෙනෙක් කාන්තාව ට සමාන නොවන අතර, කාන්තාවක් පිරියෙකු ට සමාන නො වෙයි. තවද, මේ දෙ පාර්ශවකරුවන් සමාන විය නොයුතු බව අපි අදහස් කරන අතර, මේ හේතුවෙන් කාන්තාවන් කිසි විටෙක දෙවන පෙළට අයත් පුරවැසියන් බව ට පත් නොවෙති.

දෙවන පෙළ ට අයත් පුරවැසියන් යන පදයේ නිර්වචන මෙසේ ය. කෙනෙක් රටේ සාමාන්‍ය පුරවැසියෙක් හෝ නිත්‍යනුකූල පදිංචිකරුවෙකු වුවත්, රාජ්‍යයක් තුළ හෝ දේශපාලනික හා අධිකරණය තුළ ක්‍රමානුකූල ව වෙනස්කම ට ලක් කරනු ලබන පුද්ගලයෙක්. ඔවුන් වහලුන්, නිති විරෝධි කටයුතු කරන්නන් හෝ සාපරාධකරුවන් නොවුවත්, දෙවන පන්තියේ පුරවැසියන් ට හිමි  නීතිමය අයිතීන්, සිවිල් අයිතීන් සහ ආර්ථික අවස්ථාවන් යන සියල්ල සීමාවක් තුළ පමණක් අනුමත කෙරේ. බොහෝ අවස්ථාවන් හි ඔවුන් ගේ උසස් නිලධාරීන් විසින් අඩු සැලකිලි ලැබීම ට සහ නොසලකා හැරීම ට ලක් වෙති. ඔවුන ට නිතියෙන් රැකවරණයක් නොලැබෙන අතර, නීතිය මෙවැනි දෙවන පෙළේ රටවැසියන් ව ගණනක ට නොගන්නා පමණක් නොව නීතියේ අසාධාරණ පිඩනය ට ද ඔවුන් ලක් වෙති.

මෙවැනි නිර්වචනයක් ඉස්ලාමයේ අපි නොදකිමු. සිවිල් අයිති වාසිකම් නොමැති, අර්ථික අවස්ථාවන් වසා දමනු ලැබු, සීමිත නීති අයිතිවාසකම් සහිත කාන්තාවන් ඉස්ලාමයේ අපි නොදකිමු.

ෆු සුවාන් (Fu Xuan) නමැති කිවිඳියක් කාන්තාවන් පසුවන දුක්ඛිත තත්ත්වය ගැන පහත සඳහන් කවි පෙළ ලිවාය.

කාන්තාවක් වීම කෙතරම් ඛේද ජනක ද!

මිහිතලය මත මෙය වැනි අගයක් නොමැති බව සැලකෙන අන් කිසිවක් නැත

අහසින් වැටුණු දෙවියන් මෙන්

කොල්ලෝ දොරකඩ ට ඇල වි සිට ගනී

ඔවුන් ගේ හදවත් සාගර හතරක්

සැතපුම් දහස් ගණන ට සැඩ සුළඟ හා දූවිල්ල ට මුහුණ දෙයි

දුවෙක් ඉපදුණහොත් කිසිවෙකු සතුටු නොවෙති

ඇයගේ පවුලේ ඇය සඳහා කිසිවක් වෙන් කර නොතබයි

ඇය වැඩුණු විට, ඇගේ කාමරයේ ඇය සැඟ වි සිටියි

පිරිමින් ගේ මුහුණ දෙස බලන්න ට බියවෙයි

ඇය නිවස හැර යන විට කිසිවෙක් කඳුළු නොසලයි

(ඇගේ මතකය) හදිසියේ වර්ෂාව නතර වූ වලාකුළු මෙන් ය

ඇය හිස නමා මුහුණ සංසිඳවා ගනී

ඇගේ දත් ඇගේ රතු තොල් මත තද කරයි

ඇය දහස් වාරයක් හිස නමා දණ ගසයි

පිරිමි සේවකයින් ඉදිරියේ පවා ඇය යටහත් පහත් විය යුතුය.

ඉස්ලාම් නොවන සමාජයන් හි කාන්තාවන් ගේ තත්ත්වය මෙයයි. මෙම ප්‍රකාශයත් සමඟ මුස්ලිම් රටවල සහ මුස්ලිම් නොවන රටවල කාන්තාවන් ට හිංසනය නොකරන පිරිමින් කිසිවෙක් නොමැති බව අපි නොපවසමු. මෙය සත්‍ය ප්‍රකාශයකි. එහෙත් කාන්තාවන් ට හිංසා කරන ඇතැම් පුද්ගලයින් ගේ හැසිරිම දෙස බලා මෙයයි ඉස්ලාමය යනු පැවසිය නොයුතුය. එය ට හේතුව ඉස්ලාම් මෙය නොවේ. මෙය ඉස්ලාමයෙන් බොහෝ දුරස්ථ ක්‍රියාවකි.

مَنْ عَمِلَ صَالِحًا مِّن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَلَنُحْيِيَنَّهُ حَيَاةً طَيِّبَةً ۖ وَلَنَجْزِيَنَّهُمْ أَجْرَهُم بِأَحْسَنِ مَا كَانُوا يَعْمَلُونَ ﴿٩٧

“පිරිමියෙකුගෙන් හෝ කාන්තාවකගෙන් හෝ තමන් විශ්වාස වන්තයෙකු ව සිට කවරෙකු යහකම් කළේ ද, ඔහු ට අපි සැපවත් ජීවිතයක් ප්‍රදානය කරන්නෙමු. ඔවුන් කරමින් සිටි දෑ හි යහපත හේතුවෙන් අපි ඔවුන ට ඔවුන් ගේ වේතනය පිරිනමන්නෙමු.” 16:97

وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتِ مِن ذَكَرٍ أَوْ أُنثَىٰ وَهُوَ مُؤْمِنٌ فَأُولَـٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ نَقِيرًا ﴿١٢٤

“යමෙක් විශ්වාස කරමින් යහකම් කරන්නේ ද, පුරුෂයෙක් හෝ වේවා ස්ත්‍රියක් හෝ වේවා ඔවුහු ජන්නාවෙහි පිවිසෙන්නෝය. ඔවුහු (ඉඳි ආටයක මතුපිට ඇති) සිවියක ප්‍රමාණය පවා අපරාධ නොකරනු ලබන්නෝය.“ සූරා අන් නිසා 4:124                                

وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَيُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللَّـهَ وَرَسُولَهُ ۚأُولَـٰئِكَ سَيَرْحَمُهُمُ اللَّـهُ ۗ إِنَّ اللَّـهَ عَزِيزٌ حَكِيمٌ ﴿٧١

“විශ්වාස කරන පුරුෂයෝ ද, විශ්වාස කරන ස්ත්‍රිහු ද ඇතැමුන් ඇතැමෙකු ට ආරක්ෂකයෝය.  ඔවුහු හොඳ දැය අණවති. නරක දැයින් වළක්වති. සකාත් දෙති. අල්ලාහුට ද ඔහුගේ රසූල් වරයාට ද කීකරු වෙති.” සූරා තව්බා 9:71

“තම බිරිය කෙරෙහි යහපත් පුද්ගලයා ඔබ අතර යහපත් කෙනෙකි. තවද, මම මගේ බිරියන් කෙරෙහි යහපත් කෙනෙකි.” යනුවෙන් නබි (සල්) තුමාණන් ප්‍රකාශ කළහ.

මේ අනුව, නබි (සල්) තුමාණන්, එතුමා ගේ පවුලේ සාමාජිකයින් සහ සහාබාවරුන් ගේ මාර්ගයෙන් කාන්තාවන් ට හොඳාකාර ව සැලකිලි දැක්විය යුත බව ද, අල් කුර්ආනයේ සහ හදීස් වදන් මගින් ඔවුන් ට ලබා දුන් තත්ත්වය පිළිබඳව ද අල්ලාහ් අපට පෙන්වා දෙයි. එනම්, කාන්තාවන් යනු ගෞරවය සහ උපහාරය දැක්විය යුතු, වැදගත් කොට සැලකිලි ලැබිය යුතු පිරිසකි.

ඉස්ලාමයේ බොහෝ නිගමනයන් හි කාන්තාවන් ගේ තත්ත්වය පිරිමින් හා සමාන බව ට උසස් බව ට පත් කර තිබෙන බව පැරණි ආගමික විද්වතෙක් පැවසීය. අල්ලාහ් කෙරෙහි විශ්වාස තබන ලෙස ද ඔහු ට පමණක් නැමදුම් කරන ලෙස ද දෙපිරිස ම අණ කරනු ලැබුවෝය. මරණයෙන් මතු ජීවිතයේ පිරිමින් හා සමාන තිළිණ කාන්තාවන් ද ලබති. තම අදහස් ප්‍රකාශ කිරීම ට සහ උපදෙස් දීම ට පමණක් නොව, හොඳ දේ ඉටු කරන ලෙස ද නරක දැයින් වැළකෙන ලෙස ද අණ කර අල්ලාහ් වෙත ජනතාව ට ඇරයුම් කිරීමට ද කාන්තාවන් ට අයිතියක් තිබේ.

සුදුසු හා නිවැරදි වාතාවරණයක දී කාන්තාවන් පවා දඅ‘වා කටයුතු වල යෙදිය හැකි බව ෂෙය්ක් බින් බාzස් (රහි) පැවසීය. තවද අල්ලාහ් වෙත ජනතාව ට ඇරයුම් කිරීම ට ද කාන්තාවන් ට හැක. දේපොල හිමිකර ගැනීම ට කාන්තාවන් ට අයිතියක් තිබේ. ධනය සහ දේපොළෙන් බහුතර ප්‍රමාණයක් කාන්තාවන් ට අයත් ය. අල් කුර්ආන් සහ සුන්නාහ් මෙයට සාධක සපයයි. කාන්තාවක් ගිවිස ගත් මොහොත පටන් - විවාහ ජීවිතය ට  පා තබන්නටත් පෙර, දේපොළෙන් සහ ධනයෙන් ලබන වාසිය පිරිමින් ගේ කොටස ට වඩා බොහෝ සෙයින් අධික ය. දේපළෙන් වැඩි කොටසක් පිරිමින් උරුමයෙන් ලබන්නේ මේ නිසාය. ඉස්ලාමයේ පිරිමියෙකු ට තම බිරිය සඳහා වියදම් කර ඇය රැක බලා ගත යුතු වගකීම තිබෙන අතර, තමා ගේ  නඩත්තුව සඳහා තම මුදලින් කිසිවක් වියදම් කිරීම ට ඇය බැඳී නැත. මේ හේතුවෙන් තම මුදලින් මිල දී ගැනීම ට, උරුම කර ගැනීම ට, පිං සඳහා සහ ත්‍යාගි දීම සඳහා වියදම් කිරීම ට ඇය ට අයිතියක් තිබේ.

එහෙත්, අනෙකුත් ආගම් සහ සංස්කෘතියන් හි, කාන්තාවන් ට මෙවැනි අයිතීන් නොමැත. ධනවත් මුස්ලිම් කාන්තාව පින ට දෙන කොටසෙන් සැමියා ට දිය හැකි අතර, ඔහු එයින් තමා ගෙවිය යුතු කොටස අන් අය ට පින ට දෙයි. කාන්තාව ගේ අනුමැකිය නොමැති ව, ඇගේ ධනය ලබා ගන්නට කිසිවෙකු ට ඉස්ලාම් හි අනුමත නැත. හිංසාව ට ලක් නොවී, අයුක්තියකින් තොරව, සභ්‍ය සම්පන්න ජීවිතයක් ගත කිරීම ට කාන්තාවන් ට අයිතිය ලබා දුන්නේ ඉස්ලාම් ය. ඉස්ලාමය ට පෙර යුගයේ කුඩා ගැහැනු ළමයින් පණ පිටින් වළ දමනු ලැබුහ. අධ්‍යාපනය ලැබීම ට කාන්තාවන් ට අයිතියක් තිබෙන අතර මෙය නවක දෙයක් නොවේ. මෙම අයිතිය සුන්නාහ් සහ කුර්ආනය පෙන්වන මාර්ගය වේ. ඇත්ත වශයෙන් ම ආගම පිළිබඳ ව කාන්තාවන් දැන ගත යුතු සියලු දැනුම ඔවුන් ට ලබා දීම අනිවාර්යය වගකීමකි. මෙවැනි අයිතීන් ජූදා වරුන් ගේ ආගමෙහි දක්නට නොමැති පමණක් නොව, කාන්තාවන් ට ඔවුන් ගේ ආගමික ග්‍රන්ථය වන තෝරා මත අත තැබි මට පවා සමීප කාලය දක්වා අයිතියක් තිබුණේ නැත.

ඉස්ලාමය ට පෙර වු යුගයේ හෝ ඕනෑම ශිෂ්ටාචාරයේ ජීවත් වූ කාන්තාවන් ගේ තත්ත්වය සමඟ කාන්තාවන් ට ඉස්ලාම් දුන් අයිතීන් ගැන සසඳා බලන ඕනෑම කෙනෙකු ට ඉස්ලාම් හි කාන්තාවන් ගේ තත්ත්වය පිළබඳ ව ඉස්ලාමිය ආගමික විද්වතුන් පවසන සත්‍යය වටහා ගත හැකි වේ.

නිදසුනක් වශයෙන්, ක්‍රිස්ත පූර්ව 586 වර්ෂයේ, ප්‍රන්ශ රටේ විද්වතුන් ගේ සම්මන්ත්‍රණයක් පැවැත් වුයේ කාන්තාවන් ට ආත්මයක් තිබෙනවා දැ යි සාකච්ඡා කිරිමට ය. සාකච්ඡා අවසානයේ කාන්තාවන් ද මනුෂ්‍යය ගණය ට අයත් බව ඔවුන් තීරණය කළහ. කාන්තාවන් අපවිත්‍ර බව සලකනු ලබන හෙයින් බයිබලයේ අලුත් ගිවිසුම ග්‍රන්ථය ස්පර්ශ කිරීම පවා ඔවුන් ට තහනම් කර  8වන හෙන්රි රජු ගේ පාලන කාලයේ එංගලන්ත පාර්ලිමේන්තු වෙන් නියෝගයක් නිකුත් කරන ලදී. එහෙත්, ඔසප් වීම සිදු වන කාන්තාවන් ට පවා අල් කුර්ආනය අත ට ගන්න ට සහ එය කියවීම ට අයිතියක් තිබෙන බව විද්වතුන් පවසති. 1805 වර්ෂය  දක්වා, තම බිරිය ව විකිණිම ට සහ ඇය ට පෙන්ස් 6ක් මිල කිරීම ට එංගලන්ත නීතිය පිරිමින් ට අනුමැතිය දුනී. (වර්තමාන වටිනාකම ට එකඟ ව ලංකා මුදලින් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක ගේ මිල රුපියල් 2.50ක් වේ) නමුත් ඉස්ලාමිය කාන්තාවක් කෝටිපතිනියක් වුවත් තම නඩත්තුව සඳහා එක කාසියක් වුව ද ඇය වියදම් කිරීම ට අවශ්‍ය නැති අතර, ඇය ගේ නඩත්තු ව සැමියා (වන ඔබ)ගේ වගකීම වේ.

වර්තමාන සමාජයේ වයස අවුරුදු 18 පසු වූ ගැහැණු දරුවන්, තම ආහාර සොයා ගැනීම පිණිස රැකියා කරන ලෙස දෙමාපියන් විසින් නිවසින් බැහැර කරනු ලබන බව අපි දකිමු. ඇතැම් සමාජයන් හි කාන්තාවක් තම දෙමාපියන් ගේ නිවසේ රැඳී සිටිමට කැමති නම්, ඇය කාමර කුලිය, ආහාර සහ ඇඳුම් සේදීම වැනි පහසුකම් සඳහා තම දෙමාපියන් ට මුදල් ගෙවිය යුතුය. මෙම තත්ත්වය ඉස්ලාම් හි දක්න ට නැත. කාන්තාවක් සැමියාගෙන් දික්කසාද වුයේ නම් තම පියා වෙත ට ආරක්‍ෂාව පතා ආපසු පැමිණිය හැක. ඇය 35 හෝ 48 වියෙහි පසුවුවත් ඇගේ පියා ඇය රැක බලා ගනු ලබන්නීය. මෙයයි ඉස්ලාම් කාන්තාවන් ට දක්වන ආරක්‍ෂාව.

පළමුවන කොටස නිමි.

 

 

 

 

 

මුස්ලිම් කාන්තාවන් දෙවන පන්තියට අයත් පුරවැසියන් ද?

අෂ් ෂෙයික් සාලෙහ් අල් උතෙයිමීන්

සිංහල පරිවර්තනය

ජාසිම් ඉබ්නු දඉයාන්

2 වන කොටස

මුස්ලිම්වරුන් ලෙස ජීවත් වන්නේ කෙසේ දැයි ඉස්ලාමීය සංස්කෘතිය මුස්ලිම්වරුන් ට උගන්වයි. කවරෙකු හෝ ඉස්ලාමය තුළ ට පිවිස තම පැරණි දහම ට අදාළ සංස්කෘතියේ සිටින්නේ නම්,  ඒ තැනැත්තා ඉස්ලාම් පිළිබඳ දැනුම ලැබ එය ට සරිලන අයුරින් ජීවත් වීමට පටන් ගන්නා විට, ඔහු ගේ පැරණි සංස්කෘතිය ඔහුගෙන් ඉවත් ව යනු ඇත. ආගමක් නොමැතිකම, බහු දේව විශ්වාසය, අදේව වාදය යන සියල්ල ඉස්ලාම් ඔහුගෙන් බැහැර කරයි. ඉස්ලාමය ට පිවිසු කෙනෙක් කුමන තැනකින් පැමිණියත් ඔහුගේ සංස්කෘතිය ඉස්ලාමය ට එරෙහි නොවන්නේ නම් හෝ ජනතාව ට පීඩාව ට පත් නොකරන්නේ නම් හෝ ඔහු ට තම පැරණි සංස්කෘතිය අනුගමනය කළ හැක. කවරෙකු හෝ ඉස්ලාමයට පිවිසෙන්නේ නම්, ඔහු නිර්වස්ත්‍ර කෙනෙක් ලෙස පිවිසෙන අතර, ඔහු ඉස්ලාමයේ වස්ත්‍රය පැලඳ ගනී. පසුව ඔහු දේව විශ්වාසය නොමැතිකම යන තම පැරණි වස්ත්‍රය අත හැර දමන බව පැරණි ආගමික විද්වතුන් අදහස් දැක්වුහ.

මෙයට එකඟ ව, කුර්ආනය සහ සුන්නාහ් ව පහළ වීමට පෙර කෙනෙක් අනුගමනය කළ සංස්කෘතිය, ඉස්ලාමයේ ඉගැන්වීම් වලට විරුද්ධ නොවන්නේ නම්, ඔහු ට එම සංස්කෘතිය දිගට ම  අනුගමනය කළ හැක.

ලොවේ නොයෙක් රටවල විවිධ සංස්කෘතීන් යටතේ කාන්තාවන් ට සිදු වූ අයහපත් ක්‍රියාවන් ගැන පවසන අපගේ මහලු අය “ආදම් ගේ දරුවන් ට අල්ලාහ් ගෞරවය දක්වා ඇත.” යනුවෙන් අපට මතක් කරති.

එමෙන් ම අල්ලාහ් කාන්තාවන් ට ගෞරවය දක්වා ඇති හේතුවෙන්  වෙනත් දහම් වල කාන්තාවන් මුහුණ දෙන පීඩාව ඉස්ලාමයේ ඔවුන් ට සිදු නොවෙයි. ලොව වටා කාන්තාවන් මුහුණ දෙන පීඩාවන් අතරින් කිහියක් දෙස බලමු.

ඇතැම් අප්‍රිකානු සංස්කෘතීන් හි බාලිකාවන් ගේ පියයුරු පැතලි කිරීම පිණිස ඔවුන් ගේ ළය මත ගල් හෝ යකඩ රත් කර තබයි. කාන්තාවන් ආකර්ෂණීය ලෙස අන් පිරිමින් ට නොපෙනිය යුතු යැයි ඔවුහු සිතති. එසේ නොවේ නම්, මෙසේ විකෘති කිරීම  ආකර්ෂණීය දර්ශනයක් යැයි ඔවුහු  සිතති.

චීන දේශයේ කාන්තාවන් ගේ පය බැඳ තැබීම තවත් සංස්කෘතියකි. කුඩා කාලයේ කාන්තාවන් ගේ පාදය සම්පීඩනය මගින් පාදයේ කුඩා ඇඟිලි හතර කඩා දමන ලදී. පසුව ඔවුන් පාදය බැඳ දමන ලදුව, විශේෂ පාවහන් පලඳ වනු ලබති. මෙම ක්‍රියාව මගින් කාන්තාවන් ට අලංකාරවත් පාද ලබා දෙන බව ඔවුන් පවසන නමුත් මෙ අසරණ කාන්තාවන් සදාකාලීන අංග විකල බව ට පත් වෙති.

බුරුම දේශයේ කාන්තාවන් ගේ ගෙල වටා කම්බි හෝ යකඩ වළලු දමති. වසර කිහිපයක ට පසුව ඒවා ගලවා දමන විට කාන්තාවන් ගේ ගෙල වටා මස්පිඩුව විනාශ වීමෙන් ඇය ට තම හිස සෘජුව තබා ගත නොහැකි  තත්ත්වයක ට පත් වේ.

ඇතැම් අප්‍රිකානු සමාජයේ කාන්තාවන් ගේ යටි තොල කපා, විශාල යකඩ තහඩු එල්ලා තැබිමෙන් අනිකුත් පිරිමින් ඇය වෙත ආකර්ෂණයක් නොදක්වති.

තවත් අප්‍රිකානු සංස්කෘතියක කාන්තාවන් ගේ දත් විකෘති කරයි. ලස්සන දත් තිබෙන කාන්තාවන්ගේ දත් යකඩ පීර මගින් කඩා විකෘති කර අපිරිසිදු ව තබයි. ඇතැම් අය එය මනහර දර්ශනයක් යැයි සිතන නමුත්, ඇතැම් පිරිමින් තම විකෘති වූ බිරිය වෙනත් පිරිමියෙකු සමඟ නොයන බව විශ්වාස කරති.

මේ ක්‍රියා සියල්ල කාන්තාවන් ට අගෞරව කිරීම, හිංසා කිරීම සහ අවමානය ට පමුණුවන බව තරයේ  සලකන ඉස්ලාම් පැමිණියේ මෙවැනි කුරුරි සංස්කෘතීන් අවසන් කිරීම සඳහාය.

ඉස්ලාම් දහමෙහි කාන්තාවන් ට හිමි වු ගෞරවය හා සමාන ව අන් කිසිදු ආගමක, ජාතියක හෝ නීති පද්ධතියක දක්නට නොමැති බව ආගමික විද්වතුන් සියලු දෙනා ම ඒකමතික ව ප්‍රකාශ කරති.

රෝමානු ශිෂ්ටාචාරයේ කාන්තාව වහලියක් බව ද ඇය පිරිමියෙකු ට අයත් නිසා ඇය ට කිසිදු අයිතීන් සඳහා වරප්‍රසාද නොමැති බව ද සියලු බටහිර විශ්වකෝෂ හා පැරණි විශේෂඤයන් ප්‍රකාශ කළහ. රෝමයේ කාන්තාවන් ගේ තත්ත්වය පිළිබඳ ව සාකච්ඡා කළ විද්වතුන් ගේ සභාව, අවසානයේ කාන්තාවන් ආත්මයක් නොමැති පිරිසක් යැයි නිගමනය කළහ. මෙය අසත්‍යයක් බව ඇතැම් ක්‍රිස්තු  බැතිමතුන් පවසන නමුත්, කිතු දහමේ ආරම්භක වසර 400 ක ඉතිහාසය දෙස නිරීක්ෂණ කළේ නම්, කතෝලික දේවස්ථානය සහ අනිකුත් නිකායන් සියල්ල වසර 400ක් පමණ කාලයක් මෙවැනි විවාදයේ යෙදී සිටි බව දැක ගත හැකි වේ.

එම විවාදයේ කාන්තාවන් ට ආත්මයක් නොමැති බව ද, මරණයෙන් පසු ආහිඃරා ජීවිතයට ඔවුන් ට හිමිකමක් නැති බව ද නිගමනය කළහ. ඇය ට ස්වර්ගය ට පිවිසීම ට නොහැකි නිසා ඇගේ ඉරණම සදා අපාය ගත වීමයි.

කාන්තාවක් සම්පූර්ණ ආත්මයක් සහිත කෙනෙක් බව අල් කුර්ආනය ද, නබි (සල්) තුමාණන් ගේ සුන්නාහ්වෙහි ද ප්‍රකාශ කර අවසානය. එහෙත් කාන්තාවන් ගේ වහල් භාවය අල්ලාහ් කෙරෙහි පමණක් වන බව ඉස්ලාම් තරයේ ප්‍රකාශ කරයි.

ශුද්ධ වූ බයිබලයේ දෙවියන් වහන්සේ විසින් නොව, මිනිසුන් විසින් පවසන  ලද වාක්‍යයන් කිහිපයක් ඇත.

فَوَيْلٌ لِّلَّذِينَ يَكْتُبُونَ الْكِتَابَ بِأَيْدِيهِمْ ثُمَّ يَقُولُونَ هَـٰذَا مِنْ عِندِ اللَّـهِ لِيَشْتَرُ‌وا بِهِ ثَمَنًا قَلِيلًا ۖ فَوَيْلٌ لَّهُم مِّمَّا كَتَبَتْ أَيْدِيهِمْ وَوَيْلٌ لَّهُم مِّمَّا يَكْسِبُونَ ﴿٧٩2:

ඒ හේතුවෙන් “එබැවින් තම දෑත් වලින් ග්‍රන්ථ ය ලියා පසු ව එය සුළු මිලක ට විකුණනු පිණිස මෙය අල්ලාහ් වෙතින් යැයි පවසන අය ට විනාශ ය අත් වේවා! එබැවින් ඔවුන් ගේ දෑත් ලියූ දැයින් ඔවුනට විනාශ ය අත්වේවා! තවද ඔවුන් උපයන දැයින් ද ඔවුන ට විනාශ ය අත්වේවා! ” 2:79 යන වාක්‍ය පහළ විය.

අපි ශුද්ධ වූ බයිබලය සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප නොකරමු. අල් කුර්ආනය සහ නබි (සල්) තුමාණන් ගේ සුන්නාහ්ව ට එකඟ ව තිබෙන බයිබල් වැකි අපි පිළි ගනිමු. අප අතර සිටින අරාබි භාෂා වේ දැනුම නොලත් සාමාන්‍ය මිනිසුන් පවා, අල් කුර්ආනය පාරායනා කරන විට, මූසා, ඊසා, දාවුද්, යහ්යා, ඉබ්‍රාහිම් හෝ වෙනත් කීර්තිමත් නබිවරුන් ට හෙළි දරව් කළ ග්‍රන්ථයන් හි කාන්තාවන් ට හිංසනය කරන ලෙස හෝ අවමානය ට ලක් කරන ලෙස කිසි දිනක අල්ලාහ් අණ නොකරන බව දනිති.

පැරණි නබි වරුන් ට අල්ලාහ් ග්‍රන්ථ පහළ කළ යුගයේ ඒවා අංග සම්පූර්ණ ව පහළ වු බව සත්‍යකි.

අල් කුර්ආනය ට පෙර පහළ වු එම ග්‍රන්ථයන් අනුගාමිකයන් විසින් වැරදියාකාර ව අවබෝධ කර ගෙන, විකෘති කළහ. නිදසුනක් වශයෙන් ත්‍රස්තවාදය යන වදන අල් කුර්ආනයේ තිබෙන බව පෙන්වා අල් කුර්ආනය ත්‍රස්තවාදය ට සහය දෙන බව ඔවුන් පෙන්වන්නට බොළඳ උත්සාහයක නිරත වෙති. අපට ද ඒ ආකාරයෙන්ම බයිබලයේ වදන් සඳහන් කළ හැක.

රෝලන්ඩ් ඩි විලි නම් පුරාවිද්‍යාව පිළිබඳ උගත් පාදිලි වරයෙක් මෙසේ ප්‍රකාශ කළේය. “ඉස්රායිල් වරයෙකු ගේ බිරිය ගේ සමාජීය හා නීත්‍යනුකූල තත්ත්වය, අවට දේශයන් හි බිරියන් ට වඩා පහත්ය. පරම්පරාව සහ සම්පත් පවත්වා ගෙන යාම සහ පාරම්පරික දේපොළ උරුම කර ගනු පිණිස ඉස්රායිල් ජාතීන් පුත්‍රයන් ප්‍රිය කළ බව ඔවුන් ගේ සියලු ග්‍රන්ථ පෙන්නුම් කරයි. (යුදෙව් කාන්තාවන් ට දේපොළ හෝ ධනය ට උරුමකම් කීමේ හිමිකම් නොමැත) ස්වාමි පුරුෂයා ට තම බිරියගෙන් දික්කසාද ලැබිය හැකි නමුත් කාන්තාවන් ට එසේ ඉල්ලීම් කිරීම ට අයිතියක් නැත. බිරිය තම සැමියා ට “ස්වාමිනි!” යනුවෙන් ඇමතිය යුතය. ආගමික ග්‍රන්ථ සම්බන්ධ ව මෙම ඇමතුම පරමාධිපති හෙවත් දෙවියනි යනුවෙන් අර්ථ ගැන් වේ. මීට පෙර සඳහන් ආකාරය ට “රබ්” යන පදය භාවිත කරන්නේ වෙනත් අර්ථයකින් වන අතර, මෙහි ෂිර්ක් තැබීමක් යනුවෙන් අදහස් නොකෙරේ. ”

මේ පිළිබඳ ව තවත් සාකච්ඡා කරන රෝලන්ඩ්, කාන්තාව තම සැමියා ව “අදොන්” හෙවත් ස්වාමිනි යනුවෙන් ඇමතුවාය.  සැබැවින්ම, වහලියක් තම හාම්පුතා ට අමතන අයුරින් හෝ රට වැසියෙක් තම රජතුමාණන් ට අමතන ආකාරයෙන් බිරිය තම සැමියා ට ඇමතිය යුතුය. පිරිමියා ට අයත් භාණ්ඩ අතර, ඔහුගේ බිරිය ද කෙනෙකි.

සැබෑ ඉතිහාසයේ තත්ත්වය මෙසේ තිබිය දී, කාන්තාවන් ට පහත් ලෙස සලකන බව බටහිර  ලොව චෝදනා එල්ල කරන්නේ මුස්ලිම්වරුන් ට එරෙහිව යි. කාන්තාවන් ට කිසිදු අයිතියක් ලබා නොදෙන බව ඔවුහු ඉස්ලාමයට එරෙහිව ඇඟිලි දිගු කරති. ”

1991 හෝ 1992 වසර ක්‍රිස්තියානු දේව ස්ථානයක දේශනා පැවැත් වු දාවුද් මැතිව්ස් නමැති නවක මුස්ලිම් සහෝදරයා, මුස්ලිම් කාන්තාව තම සැමියා ට අඩි 10ක් පිටු පස ඇවිද යා යුතු බව බටහිර ලොවේ බොහෝ දෙනෙක් වරදවා සිතා සිටින බව පෙන්වා දුන්නේය. දාවුද් මැතිව්ස් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි.

මෙම වැරදි මත පිළිබඳ ව දීර්ඝ ව කතා කළ දාවුද් මැතිව්ස්, පිරිමි හිමිකරුවෙක් නොමැති අවස්ථාවන් හි හැර බිරිය තම සැමියාගෙන් හෝ දූ වරුන් තම පියාගෙන් උරුම වශයෙන් කිසිවක් නොලබන බව පවතින වැරදි මත ගැන පහදා දුන්නේය. කොන්ෆූසියස් තුමා සහ ෆු සුවාං (Fu Xuan) නමැති චීන කිවිඳිය පවසන අයුරින් ඉස්ලාමය ට පෙර වු ජාහිලිය්යා අරාබි ජාතීන් අතර පමණක් නොව, ලොවේ එවකට සෑම ජාතීන් අතර බහුල ව පැතිර තිබුණු මතය මෙය විය. බටහිර ලොවේ ඉහළ අධිකරණය විසින් පතිකුලත්වය තහනම් කරනු ලැබුවේ 1992 වසරේ ය. මෙහි ක්‍රම දෙකක් තිබේ. ශුද්ධ වු බයිබලයේ කොරින්ති පොතේ සඳහන් පතිකුලත්ව ක්‍රමය එක් ක්‍රමයකි. විවාහයෙන් පසු කාන්තාවක් සැමියාට හිමි වස්තුවක් බවට පත්වීම දෙවැනි ක්‍රමය වේ. කාන්තාවන් ට ඡන්ද බලය ඉල්ලා සටන් කළ සහ කාන්තාවන් ට සමඋරුමය සඳහා සටන් කළ බටහිර කාන්තාවන් ගේ අරමුණ මෙයයි. මේ සටන ට පදනම් වුයේ කුමක් ද? පතිකුලත්ව ක්‍රමය යටතේ කාන්තාවක් විවාහ වූ පසු ඇගේ පෙළපත් නාමය වෙනස් කර, ස්වාමි පුරුෂයා ගේ  නම භාවිත කළ යුතුව තිබුණි. කාන්තාවක් විවාහ යෙන් පසුව, ඇගේ සැමියා ට හිමි වස්තුවක් ලෙස ඇය සළකණු ලැබීම මෙය ට හේතු වූ බව පිළි ගනු ලැබීය. බයිබලයෙන් මේ සඳහා සාධක පෙන්වන්නේ, ජේසුස් වහන්සේ හා දේව ස්ථානය අතර පවතින තත්ත්වය ට සමානව සැමියා හා බිරිය අතර තත්ත්වය පවතින බවයි. එනම්, ජේසුස් වහන්සේ දේව ස්ථානය උරුම කර ගත් ආකාරයෙන් සැමියා බිරිය ව උරුම කර ගනී. ඔවුන් දෙදෙනා සහකරුවන් නොවන අතර, ඇය ඔහු උරුම කර ගත් වස්තුවක් බඳු ය.

බිරිය ස්වාමි පුරුෂයාගෙන් කිසිවක් උරුම කර ගත නොහැකි බව නීති මගින් සඳහන් කර තිබෙන බව පාදිලිවරු ප්‍රකාශ කරති. මෙවැනි දැයක් ඉස්ලාමයේ සිදු වුයේ නම් හෝ එවැනි ක්‍රියාවක් කොහේ හෝ ඉස්ලාමිය සමාජයක සිදුවුයේ නම් එය ඉස්ලාමය අනුමත කළ නීතියක් නොවන බව ද, එය ස්වාමි පුරුෂයා ගේ පුද්ගලික හැසිරීමක් බව කවුරුත් දැන ගත යුතුය.

කාන්තාවක් විවාහ වූ පසු ව සහ දික්කසාද ලැබ ඇගේ ඉද්දා නම් වෙන් වී සිටීමේ කාලයේ දී ඇගේ නඩත්තුව සහ සැලකිලි දැක් වීම සැමියා සතු වගකීමක් බව ඉස්ලාම් ප්‍රකාශ කරයි.

තව දුරටත් කතා කළ දාවුද් මැතිව්ස් සහෝදරයා මෙසේ පහදා දුන්නේය. ක්‍රිස්තු දහමේ තරුණියක් හෝ විවාහ වූ කාන්තාවක් හෝ ප්‍රතිඤාවක් කළහොත්, එය වලංගු වීම සඳහා පියාගේ හෝ ස්වාමි පුරුෂයාගේ කැමැත්ත අවශ්‍ය වනු ඇත. යම් හේතුවකින් පියා හෝ ස්වාමි පුරුෂයා හෝ එම ප්‍රතිඤාව සනාථ නොකළේ නම්, එය වලංගු වන්නේ නැත. පිරිමියෙකු ට තම දියණිය අලෙවි කිරීම ට අයිතියක් තිබේ. දේපළ උරුමයෙන් කාන්තාවන් බැහැර කරනු ලබති.

යුරෝපය, ඇමරිකාව ඇතුළු කර්මාන්තකරණය ට ලක් වූ දේශයන් හි සමකාලීන කාන්තාවන් යනු පහත් තත්ත්වය ට අයත් සතුන් මෙනි. පාවහන්, ඇඳුම්, ඔප දැමීමේ භාණ්ඩ, කාර් වැනි භාණ්ඩ සඳහා අඩ නිරුවත් හෝ නිර්වස්ත්‍ර කාන්තාවන් ගේ රූප ප්‍රදර්ශනය කරති. වෙළඳ දැන්වීම් සහ අලෙවි කිරීමේ කටයුතු සඳහා කාන්තාවන් ද භාණ්ඩයක් බව ට පත්වනු ලබන අතර, මෙයින් ඇය පහත් අයුරින් සැලකිලි ලබති. මෙවැනි දැන්වීම් හි සෑම අවස්ථාවකම භාණ්ඩ විකිණීම සඳහා ඇය තම වස්ත්‍රය ඉවත් කර සිරුර ප්‍රදර්ශනය කිරීමට සිදු වීමෙන් ඇය ඉතාමත් පහත් තත්ත්වය ට පත් වනු ඇත. වෙළඳ දැන්වීම් හි ප්‍රධාන අංගය වන්නේ කාන්තාවන් ගේ නිරුවත්කම ප්‍රදර්ශන කිරීමෙන් තම භාණ්ඩ වල අලෙවිය වැඩි කර ගැනීමය.

කාන්තාවන් ගේ සිරුර ප්‍රදර්ශනය කර, භාණ්ඩ අලෙවි කිරීම සඳහා පිරිමින් යොදා ගත් ක්‍රමවේදය ට එකඟ ව, සෑම තැනකම ඇය පිරිමින් ට සතුට ගෙන දෙන භාණ්ඩයක් මිස වෙනත් කිසිවක් නොමැති බව ෂෙයික් මුහම්මද් අමාන් අල් ජාමී (රහි) නමැති විද්වතෙක් ප්‍රකාශ කළේය.

බයිබලය දීර්ඝ ව අධ්‍යනය කළ ක්‍රිස්තු බැතිමතෙක් “පිරිමියෙකු ගේ යුතුකම තම බිරිය ට අවරණයක් වීම” යැයි තම පුත්‍රයන් ට උපදෙස් දුන්නේය. ඔවුන් (බිරියන්) ඔබහට ආවරණයක් වන අතර, ඔබ ද ඔවුන් ට ආවරණක් වන්නේය. අබ්‍රහාම් තුමාණන් තම බිරිය ආරක්ෂා නොකළ බව පවසන බයිබලය එය මහත් බරපතළ වරදක් බව ප්‍රකාශ කරයි. එහෙත් අල්ලාහ් විසින් පහළ කරන ලද වාක්‍ය කොටසෙහි මෙවැන්නක් නොමැති අතර, මේවා මිනිසා විසින් පසුව බයිබලයට එකතු කරන ලද කොටසකි.

පතිකුලත්වය සහ සිරුර ආවරණ කිරීම සම්බන්ධතාව පිළිබඳ සඳහන් කරන වැකි බොහෝමයක් බයිබලයේ දක්න ට ඇත.

“ඔබගේ වස්ත්‍රය ඔබගේ මෙහෙකාරි පිට අතුරනු මැනව!” රූත්ගේ කථාව පරිච්ඡේද අංක3:වාක්‍ය 9

හිස ආවරණය නොකරන ස්ත්‍රීන් ට බයිබලය පවසන්නේ කුමක් ද?

 “ස්ත්‍රිය හිස වසා නොගනිහොත්  (ඇයගේ) හිසකෙස්  කපා ගනීවා. නමුත් ස්ත්‍රියකට හිස කෙස් කැපීමවත් මුඩු කිරීමවත් ලජ්ජාවක් නම් ඈ හිස වැස්මක් ඇතුව සිටීවා” 1කොරින්ති පරිච්ඡේද 11 වාක්‍ය 6.

කාන්තාව හිස ආවරණය කිරීම යනු, පිරිමින් ගේ ආධිපත්‍ය සනාථ කරන සළකුණක් බව 203 ක්‍රි.පූ. වර්ෂයේ පවා සමාජයේ දක්න ට තිබුණි. මෙම අවශ්‍යතාව විවාහ නොවු තරුණියන් ට සහ විවාහ වු කාන්තාවන් ට ද අදාළ වේ. ලොවේ කාන්තාවන් ගේ සාම්ප්‍රදායික ඇඳුම් වල 75% ම කාන්තාවන් හිස ආවරණය කරන බව පෙන්වන්නේ මෙය ‍ඓතිහාසික ව මුළු ලොවම පිළිගත් වැදගත් චාරිත්‍රයක් බවය. (එහෙත් අපේ මුස්ලිම් කාන්තාවන් 2වන පන්තිය ට අයත් ප්‍රජාවක් බව ඔවුන් හෑල්ලුවට ලක් කරති) පතිකුලතාව සංකල්පය පොදු නීතිය යටතේ ප්‍රොතස්තාන්ත එංගලන්ත සමාජය ට ඇතුළු වී, දීර්ඝ කාලයක් සාම්ප්‍රදායික ව පිළිගනු ලැබී, සම අයිතිවාසිකම් ඉල්ලූ කාන්තාවන් ගේ අරගලය නිසා 1960 දක්වා පැවතුණි. ශාස්ත්‍රීය (Orthodox) යුදෙව් වරුන් අතර, කාන්තාවන් ආවරණය කිරීමේ සම්ප්‍රදාය අදටත් පවතින අතර, එය බයිබලයෙන් පදනම් කර ගත් එකකි.

කාන්තාවක් හිස ආවරණය නොකළහොත් ඇගේ හිස මුඩු ගැසිය යුතු යැයි බයිබලය අණ කරයි. එහෙත් තම සැමියා ට අලංකාර ව පෙනී සිටීම සඳහා ද, සැමියා වෙනත් කාන්තාවන් දෙස නෙත් යොමු කිරීම වළකිණු පිණිස ද හිස කෙස් දිගට වැවීම ට ඇය ට අනුමැතිය ඇත. මේ හේතුන් නිසා සැමියා තම බිරිය ට ගෞරවය දැක්වමින් ආවරණයක් විය යුතුව තිබේ. යුදෙව්වරුන් ගේ හසිදික් (Hasidic) නිකාය ට අයත් යුදෙව් කාන්තාවන් ඔවුන් ගේ හිස සම්පූර්ණයෙන් ම මුඩු ගසා, හිසට බොරු කොණ්ඩයක් පළඳින නමුත්, මෙය ඔවුන් ගේ ආගමික ග්‍රන්ථයේ නොමැති නවක නීතියක් වේ. (මෙය විවාහ වූ කාන්තාවන් ට පමණක් අදාළ බව ඔවුහු දැන් පවසති)

කෙසේ වෙතත් වර්තමාන ඇමරිකාවේ මෙවැනි සම්ප්‍රදාය සහ එහි සංඥා කිසිවක් අද දක්නට නැත. ඇමරිකානු විප්ලවය පිළිබඳ කථිකාචාර්‍යය වන සාරා වොරන් මහත්මිය පවසන ආකාරය ට කාන්තාවක් විවාහ වූ විට පතිකුලත්ව නීතියට එකඟ ව ඇගේ නීතිමය අනන්‍යතාව අහෝසි වී, ඇය තවත් කෙනෙකුගෙන් යැපෙන කෙනෙකු බවට සලකනු ලබයි. පතිකුලත්ව නීතිය සහ මතය ට  එකඟ ව, විවාහ වූ කාන්තාවක් තම සියලු අවශ්‍යතා ලබා ගන්නට, ආවරණය කිරීම, රැකවරණ ලබා දීම යන සියල්ල සඳහා ස්වාමි පුරුෂයා වෙත රැඳී සිටිය යුතු අතර සෑම අවස්ථාවන් හි ම ඇය ව නියෝජනය කිරීම සහ ආරක්ෂා කිරීමේ අයිතිය ඔහුට හිමිය. 1992 වසර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම නීතිය අවලංගු කිරීමෙන්, එම නීතිය අහෝසි විය.

කාන්තාවන් ගේ හිස් වැස්ම ලොවේ ක්‍රිස්තියානු කාන්තාවන් විසින් ම ඉවත දමනු ලැබුවේ, එය පැරණි යුගය ට අයත් මෝස්තරයක් ලෙස සලකුණු ලැබු හේතුවෙන් බව කවුරුත් දනිති.

මෙයට එකඟ ව ක්‍රිස්තියානු කාන්තාවන් අද හිස් වැස්ම රහිත ව සමාජයේ සක්මන් කරන්නේ, එය ක්‍රිස්තියානු ආගමේ අවශ්‍යතාවට පටහැණිය යන අවබෝධයෙන් තොරවයි. ඔවුන් ගේ දෙමාපියන් පවා ඔවුන් ට මේ බව උගන්වා දී නැත. කාන්තාවන් සමාජයේ ගෞරවනීය පිරිසක් බව පහදා දී ඔවුන්ට සිරුර විනීත ව ආවරණය කර ගැනීම ට දිරි ගැන්වීම ක්‍රිස්තියානු පිරිමින් සතු වගකීමය.

භක්තිමත් කාන්තාවක ගේ ඇඳුම දිගු ලෝගුවක් වන අතර, වසර දහස් ගණනාවක් කාන්තාවන් මෙම ඇඳුමෙන් සැරසී සිටියහ.  එබැවින් ක්‍රිස්තියානු තරුණයිනි! ඔබේ කාන්තාවන් ලජ්ජාවට පත් නොවනු පිණිස ඔවුන්ගේ ශරීරය අන් පිරිමින් ගේ රාගය අධික නොකරන ආකාරය ට ආවරණය කරන ලෙස උපදෙස් දෙනු මැනවි. තරුණයිනි, කාන්තාවන් ගේ සිරුර නිර්මාණය කර තිබෙන්නේ දරුවන් පෝෂණය ලබනු පිණිස සහ ඔබ  සහනය ලබනු පිණිසය. ඒ හැර අන් පිරිමින් ට දෑසින් සතුට විඳින්නට  නොවේ. ඒ සඳහා ඔවුන් ට කිසිදු අයිතියක් ද නැත.

කාන්තාවන්  ආවරණය කිරීම යනු ඇගේ ශරීරය පමණක් ආවරණය කිරීම නොවේ. කාන්තාවක ගේ සියලු අවශ්‍යතා (සැපයීම) ආවරණය කිරීම යන අර්ථය එහි අඩංගු ය. කාන්තාවන් ගෞරවය ලැබිය යුතුය. තම ස්වාමි පුරුෂයන් ගේ සිත් ඇද ගනු පිණිස ඔවුන් අලංකාර කර ගැනීම සඳහා වියදම් සහ අවස්ථාවන් දෙනු ලැබිය යුතුය. කාන්තාවක් අශෝභන ලෙස පෙනී සිටිම ට ඉඩ  තැබීම සහ එය නිවැරදි කිරීම පිණිස ඇයට මුදල් වියදම් නොකිරීම වරදකි. කාන්තාවන් රැස් වෙන ස්ථානයකට යන කාන්තාවක්, තම අශෝභනය වසා ගනු පිණිස, තම හිජාබය ඉවත් නොකළේ නම්, ඇගේ සැමියා ඇය ව නිසියාකාර ව ආවරණය නොකළ බව එයින් පෙනී යයි. ඇගේ ඇඳුම් සඳහා වන අවශ්‍යතා සපුරන සැමියා ඇගේ මානසික සහ ධාර්මික අවශ්‍යථා ගැන සිත යොමු කළ යුතුය. මේ හේතුවෙන් කාන්තාවක ගේ අවශ්‍යතා සියලු අංශයෙහිම සම්පූර්ණ කිරීම පිරිමින් ගේ යුතුකමක් වේ.

මනුෂ්‍යයා ට ගරු කිරීම ඉස්ලාම් හි අවශ්‍ය කරුණකි. පිරිමින්, කාන්තාවන් සහ කුඩා දරුවන් කෙරෙහි ඉස්ලාම් ගෞරවය දක්වයි. සෑම මැවීමකටම එය ට හිමි යුක්තිය දෙනු ලබන්නේ ඉස්ලාම් හි ය.

නිමි