සූර් නම් හොරණෑවෙහි පිඹීම- මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාම් පිටුව 103 -107

• 1- සූර් නම් හොරණෑවෙහි පිඹීම
• නැවත නැගටුවනු ලැබීම හා එක්රැස් කරනු ලැබීම
• අවසාන දිනයේ අල්ලාහ්ව මුණගැසීම

  

اسم الكتاب: مختصر الفقه الإسلامي - النفخ في الصور والبعث والحشر


تأليف: محمد بن إبراهيم التويجري


الناشر: المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة


نبذة مختصرة: مقالة مُترجمة إلى اللغة السنهالية تبين: • أحوال الخلائق عند النفخ في الصور • مقدار ما بين النفختين • متى تقوم الساعة • الدور التي يمر بها العبد • صفة البعث • أول مَنْ ينشق عنه القبر • مَنْ يُـحشر يوم القيامة • صفة أرض المحشر • صفة حشر الخلق يوم القيامة. والمقالة مقتبسة من الطبعة الخامسة عشر لكتاب مختصر الفقه الإسلامي، للشيخ محمد التويجري - أثابه الله -.


මුහ්තසර් අල්-ෆික්හිල් ඉස්ලාමී

 


< සිංහල >
        
මුහම්මද් බින් ඉබ්‍රාහිම් බින් අබ්දුල්ලාහ් අල් තුවෙයිජිරි



මාහිර් රම්ඩීන්

මුහම්මද් අසාද්

مختصر الفقه الإسلامي
من الصفحة 103 حتى 107
نفخ الصور

        

محمد بن إبراهيم بن عبد الله التويجري



ترجمة: ماهر رمدين
مراجعة: محمد آساد
 
මුහ්තසර් අල්-ෆික්හිල් ඉස්ලාමී
පිටුව 103 - 107
සූර් නම් හොරණෑවෙහි පිඹීම
සූර් විශාල කාහලය මෙන් වූ හොරණෑවකි. පළමුවැනි වරට හොරණෑවෙහි පිඹින මෙන් ඉස්රාෆීල් (අලෙයිහිස් සලාම්) තුමාට අල්ලාහ් නියෝග කරයි. එය සිහි මුර්ජා වීමේ පිඹුමයි. අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි මා මහපොළොවෙහි වෙසෙන සෙසු සියලු අය සිහිවිකල් වී ඇඳ වැටෙති. පසුව දෙවන වරට හොරණෑවෙහි පිඹින මෙන් නියෝග කරයි. එය නැවත නැගිටුවීමේ පිඹුමයි. එවිට සියලු මැවීම් අවදි වෙති.
•    සූර් නම් හොරණෑවෙහි පිඹින විට මැවීම් හි තත්ත්වය
1. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَنُفِخَ فِي الصُّورِ فَصَعِقَ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ إِلَّا مَنْ شَاءَ اللَّهُ ثُمَّ نُفِخَ فِيهِ أُخْرَى فَإِذَا هُمْ قِيَامٌ يَنْظُرُونَ
හොරණෑවෙහි පිඹිනු ලැබේ. එවිට අල්ලාහ් අභිමත කළ අය හැර අහස් හි සිටින්නන් ද මිහිතලයේ සිටින්නන් ද සිහිමුර්ජා වී ඇද වැටෙති. ඉන් පසුව නැවත වරක් එහි පිඹිනු ලැබේ. එවිට ඔවුන් නැගිට බලා සිටින්නෝය.     (අල් කුර්ආන් 39 : 68)
2. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُمْ مِنَ الْأَجْدَاثِ إِلَى رَبِّهِمْ يَنْسِلُونَ ، قَالُوا يَا وَيْلَنَا مَنْ بَعَثَنَا مِنْ مَرْقَدِنَا هَذَا مَا وَعَدَ الرَّحْمَنُ وَصَدَقَ الْمُرْسَلُونَ.
සූර් නම් හොරණෑවෙහි පිඹිනු ලැබේ. එවිට ඔවුන් මළකදන් අතුරින් තම පරමාධිපති වෙතට වේගයෙන් පිට ව යති. අහෝ ! අපගේ විනාශය, අපගේ නිදියහනින් අප ව අවදි කළේ කවුරුන් දැ යි ඔවුහු විමසති. මෙය කරුණාභරිතයාණන් පොරොන්දු වූ  ද ධර්ම දූතවරු සත්‍යය කළාවූ ද එකකි.     (අල්-කුර්ආන් 36:51,52)
3. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَتَأْتُونَ أَفْوَاجًا ، وَفُتِحَتِ السَّمَاءُ فَكَانَتْ أَبْوَابًا .
එදින සූර් නම් හොරණෑවෙහි පිඹිනු ලැබේ. එවිට නුඹලා සමූහ වශයෙන් පැමිණෙනු ඇත. තවද අහස විවර කරනු ලැබ ඒවා දොරටු බවට පත් වනු ඇත.     (අල් කුර්ආන් 78 : 18, 19)
•    පිඹුම් දෙක අතර පවතින කාල පරාසය
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : " مَا بَيْنَ النَّفْخَتَيْنِ أَرْبَعُونَ " قَالُوا : أَرْبَعُونَ يَوْمًا قَالَ : أَبَيْتُ قَالُوا : أَرْبَعُونَ شَهْرًا ؟ قَالَ : أَبَيْتُ قَالُوا : أَرْبَعُونَ سَنَةً قَالَ : أَبَيْتُ . متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
පිඹුම් දෙක අතර පරතරය හතළිහයකි.
එවිට අහෝ ! අබූ හුරෙයිරා, එය දින හතළිහක් දැයි ජනයා විමසා සිටියහ. එය මම ප්‍රතික්ෂේප කළෙමි. එය මාස හතළිහක් දැයි නැවත විමසා සිටියහ. එවිට ද මම ප්‍රතික්ෂේප කළෙමි. එය වසර හතළිහක් දැයි විමසා සිටියහ. එය ද මම ප්‍රතික්ෂේප කළෙමි.      (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)
•    අවසන් හෝරාව සිදු වනුයේ කවදා ද?
عَنْ أَبِي هُرَيْرَةَ  رضي الله عنه قال : قال رسول اللهِ صلى الله عليه وسلم : " خَيْرُ يَوْمٍ طَلَعَتْ عَلَيْهِ الشَّمْسُ يَوْمُ الْجُمُعَةِ فِيهِ خُلِقَ آدَمُ وَفِيهِ أُدْخِلَ الْجَنَّةَ وَفِيهِ أُخْرِجَ مِنْهَا وَلَا تَقُومُ السَّاعَةُ إِلَّا فِي يَوْمِ الْجُمُعَةِ" أخرجه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
හිරු උදා වන දිනයන් අතුරින් උතුම් වනුයේ ජුමුආ දිනයයි. ආදම් (අලයිහිස් සලාම්) තුමා මවනු ලැබුවේ එහිදීය. ස්වර්ගය ට ඇතුළත් කරනු ලැබුවේ ද එහිදීය. එයින් බැහැර කරනු ලැබුවේ ද එහිදීය. ජුමුආ දිනයේ මිස අවසන් හෝරාව සිදු නොවනු ඇත. මූලාශ්‍රය : මුස්ලිම්)
2.
عَنْ أبي هُرَيرَة رَضِي اللهُ عَنْهُ ، قاَلَ : قاَلَ رَسُولُ اللهِ صَلَّى اللهُ عَليهِ وَسَلَّمَ : " إنَّ طَرْفَ صَاحَبَ الصُّوْرِ مُنْذُ وُكِّلَ بِهِ مُسْتَعِدٌّ يَنْظُرُ نَحْوَ الْعَرْشِ مَخَافَةً أَنْ يُؤْمَرَ قَبْلَ أَنْ يَرْتَدَّ إِلَيْهِ طَرْفُهُ ، كَأَنَّ عَيْنَيْهِ كَوْكَبَانِ دُرِّيَانِ. " أخرجه الحاكم
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සූර් හොරණෑවෙහි පිඹින්නාට ඔහුගේ වගකීම් ඔහු ට පවරන ලද දා පටන් ඔහුගේ ඇස් කොන් නැවත ඔහු වෙත හැරවීමට පෙර (ඒ සඳහා) විධානය කරනු ලැබේ දෝ යි යන බියෙන් අර්ෂ් දෙසින් බලමින් සිටියි. සැබැවින්ම ඔහුගේ ඇස් දෙක මුතු ඇට මෙන් තරු දෙකක් ලෙස පවතී.  (මූලාශ්‍රය අල්-හාකිම්)

 
නැවත නැගටුවනු ලැබීම හා එක්රැස් කරනු ලැබීම
•    ගැත්තෙකු ජීවිතයේ පසුකරමින් ගමන් කළ යුතු නිවහන්
ගැත්තෙකු මව් කුසෙන් පිටවීමෙන් පසු නිවහන් තුනක් පසුකරගෙන යා යුතු වේ.
මෙලොව නිවහන බර්සක් නිවහන හා ස්වර්ගය හෝ නිරය නම් සදා පදිංචි විය යුතු නිවහන වේ. ඒ සෑම නිවහනකටම එයටම ආවේණික වූ නීතියක් තබා ඇත. ඒ අනුව මෙලොව ජීවිතයෙහි ඊට ගැළපෙන අයුරින් ප්‍රාණ වල හා ශරීර වල නීතිය තබා ඇත. එමෙන්ම බර්සක් ජීවිතයෙහි ද ඊට ගැළපෙන අයුරින් ප්‍රාණ වල හා ශරීර වල නීතිය තබා ඇත. එමෙන්ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනෙහි ද සුවය හා දඬුවම විදින අයුරින් ඊට ගැළපෙන ආකාරයෙන් ශරීර වල හා ප්‍රාණ වල නීතිය තබා ඇත.
අල්-බඃස් යනු දෙවන වරට සූර් හොරණෑව පිඹිනු ලබන මොහොතේ මළවුන්ට යළි ජීවය ලබා දීමයි.
ජනයා නැගිට විශ්වයේ පරමාධිපති වෙතට පාවහන් නොමැති ව නිර්වස්ත්‍රව ලිංගාග්‍ර චර්මය නොකැපූ තත්ත්වයෙන් පැමිණෙනු ඇත. සෑම ගැත්තෙකුව ම ඔහු මිය ගිය තත්ත්වයෙන්ම නැගිටුවනු ලැබේ.
1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි
وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُمْ مِنَ الْأَجْدَاثِ إِلَى رَبِّهِمْ يَنْسِلُونَ ، قَالُوا يَا وَيْلَنَا مَنْ بَعَثَنَا مِنْ مَرْقَدِنَا هَذَا مَا وَعَدَ الرَّحْمَنُ وَصَدَقَ الْمُرْسَلُونَ ، إِنْ كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَدَيْنَا مُحْضَرُونَ ، فَالْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ .
සූර් නම් හොරණෑවෙහි පිඹිනු ලැබේ. එවිට ඔවුන් දේහයන් අතුරින් ඔවුන්ගේ පරමාධිපති වෙත වේගයෙන් බැහැර ව පැමිණෙති. අහෝ ! අපගේ විනාශය, අපගේ නිදියහනින් අප ව අවදි කළේ කවුරුන් දැ? යි ඔවුහු විමසති. මෙය කරුණාභරිතයාණන් පොරොන්දු වූ ද රසූල්වරුන් සත්‍යය කළා වූ එකකි. (එය) එකම එක හඬක් මිස නැත. එසැණින් ඔවුන් සියලු දෙනා අප වෙත ඉදිරිපත් කරනු ලබන්නෝය. එබැවින් අද දින කිසිවකුට කිසිදු අසාධාරණයක් සිදු කරනු නොලැබේ. නුඹලා කරමින් සිටි දෑ ට මිස නුඹලා ප්‍රතිඵල නොලබනු ඇත.            (අල්-කුර්ආන් 36 : 51 - 54)
2- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි
ثُمَّ إِنَّكُمْ بَعْدَ ذَلِكَ لَمَيِّتُونَ ، ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ تُبْعَثُونَ
ඉන් පසුව සැබැවින්ම නුඹලා මරණය ට පත්වන්න්මය. පසුව සැබැවින් ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින නැගිටුවනු ලබන්නෙහුය.      (අල් - කුර්ආන් 23:15,16)
•    නැගිටුවනු ලැබීමේ ක්‍රමය
අල්ලාහ් අහසින් වර්ෂාවක් පතිත කරයි. එවිට ශාක හටගන්නාක් මෙන් ජනයා ද මිනී වළෙන් පිටතට එති.
1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَهُوَ الَّذِي يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ حَتَّى إِذَا أَقَلَّتْ سَحَابًا ثِقَالًا سُقْنَاهُ لِبَلَدٍ مَيِّتٍ فَأَنْزَلْنَا بِهِ الْمَاءَ فَأَخْرَجْنَا بِهِ مِنْ كُلِّ الثَّمَرَاتِ كَذَلِكَ نُخْرِجُ الْمَوْتَى لَعَلَّكُمْ تَذَكَّرُونَ
ඔහුගේ ආශිර්වාදය ට පෙරම ශුභාරංචියක් වශයෙන් සුළඟ හමා යන්නට සලස්වනුයේ ඔහු ම ය. එය ඝන වලාකුළු ලෙස උසුලා ගත් විට මියගිය ග්‍රාමය ට අපි එය ගෙන ගොස් එමගින් වර්ෂාව පහළ කරන්නෙමු. පසුව එමගින් සෑම බවබෝගයක්ම හටගන්වන්නෙමු. නුඹලා මෙනෙහි කරනු පිණිස මියගියවුන් බැහැර කරවනුයේ මෙලෙසය.  (අල්-කුර්ආන් 7:57)
2-
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ مَا بَيْنَ النَّفْخَتَيْنِ أَرْبَعُونَ قَالُوا يَا أَبَا هُرَيْرَةَ أَرْبَعُونَ يَوْمًا قَالَ أَبَيْتُ قَالُوا أَرْبَعُونَ شَهْرًا قَالَ أَبَيْتُ قَالُوا أَرْبَعُونَ سَنَةً قَالَ أَبَيْتُ ثُمَّ يُنْزِلُ اللَّهُ مِنْ السَّمَاءِ مَاءً فَيَنْبُتُونَ كَمَا يَنْبُتُ الْبَقْلُ قَالَ وَلَيْسَ مِنْ الْإِنْسَانِ شَيْءٌ إِلَّا يَبْلَى إِلَّا عَظْمًا وَاحِدًا وَهُوَ عَجْبُ الذَّنَبِ وَمِنْهُ يُرَكَّبُ الْخَلْقُ يَوْمَ الْقِيَامَةِ " متفق عليه.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
පිඹුම් දෙක අතර පරතරය හතළිහයකි. එවිට අහෝ ! අබූ හුරෙයිරා, එය දින හතළිහක් දැයි ජනයා විමසා සිටියහ. එය මම ප්‍රතික්ෂේප කළෙමි. එය මාස හතළිහක් දැයි නැවත විමසා සිටියහ. එවිට ද මම ප්‍රතික්ෂේප කළෙමි. එය වසර හතළිහක් දැයි විමසා සිටියහ. එය ද මම ප්‍රතික්ෂේප කළෙමි.
පසුව තවදුරටත් මෙසේ පවසා සිටියහ. අල්ලාහ් අහසින් වර්ෂාවක් පහළ කරයි. ශාක හට ගන්නාක් මෙන් ජනයා ද මතු වෙති.
තවදුරටත් මෙසේ පවසා සිටියහ. එක් අස්ථි කොටසක් හැර කිසිවක් ඉතිරි නොවන තරම ට මිනිස් සිරුර දිරාපත් වී යනු ඇත.    (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)
•    මිනී වළ පැළී විවර වන අය අතුරින් පළමුවැන්නා
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ "أَنَا سَيِّدُ وَلَدِ آدَمَ يَوْمَ الْقِيَامَةِ وَأَوَّلُ مَنْ يَنْشَقُّ عَنْهُ الْقَبْرُ وَأَوَّلُ شَافِعٍ وَأَوَّلُ مُشَفَّعٍ" أخرجه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
කියාමත් දිනයේ ආදම්ගේ දරුවන්ගේ නායකයා මම වෙමි තවද මිනී වළ පැළී විවර වන අය අතුරින් පළමුවැන්නා ද මම වෙමි. පළමු මැදිහත් වන්නා ද මම වෙමි පළමු ව මැදිහත් කරවනු  ලබන්නා ද මම වෙමි.        මූලාශ්‍රය: මුස්ලිම්
•    කියාමත් දිනයේ රැස්කරවනු ලබන්නන්
1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
قُلْ إِنَّ الْأَوَّلِينَ وَالْآخِرِينَ ، لَمَجْمُوعُونَ إِلَى مِيقَاتِ يَوْمٍ مَعْلُومٍ
මුල් අය හා අවසාන අය යන සියල්ල නියමිත දිනක නියමිත වේලාවකට එක් රැස් කරනු ලබනු ඇත.
(අල් කුර්ආන් 56 : 49, 50)
2-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنْ كُلُّ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا آتِي الرَّحْمَنِ عَبْدًا ، لَقَدْ أَحْصَاهُمْ وَعَدَّهُمْ عَدًّا ، وَكُلُّهُمْ آتِيهِ يَوْمَ الْقِيَامَةِ فَرْدًا
අහස් හි හා මහපොළොවේ සිටින සෑම කෙනකුම කරුණාභරිතයාණන් වෙත ගැතිකම් කරමින් පැමිණෙනු ඇත. ඔහු ඔවුන් ව සටහන් කර ගණන් කර තබා ඇත්තේය. ඔවුන් සියල්ලෝම කියාමත් දිනයේ තනි තනි ව පැමිණෙනු ඇත.     (අල් කුර්ආන් 19 : 94)
3-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَيَوْمَ نُسَيِّرُ الْجِبَالَ وَتَرَى الْأَرْضَ بَارِزَةً وَحَشَرْنَاهُمْ فَلَمْ نُغَادِرْ مِنْهُمْ أَحَدًا ، وَعُرِضُوا عَلَى رَبِّكَ صَفًّا لَقَدْ جِئْتُمُونَا كَمَا خَلَقْنَاكُمْ أَوَّلَ مَرَّةٍ بَلْ زَعَمْتُمْ أَلَّنْ نَجْعَلَ لَكُمْ مَوْعِدًا ، وَوُضِعَ الْكِتَابُ فَتَرَى الْمُجْرِمِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَذَا الْكِتَابِ لَا يُغَادِرُ صَغِيرَةً وَلَا كَبِيرَةً إِلَّا أَحْصَاهَا وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرًا وَلَا يَظْلِمُ رَبُّكَ أَحَدًا
කඳු (තිබූ තැනින්) ගමන් කරවන දින නුඹ මිහිතලය තැනිතලාවක් බවට දකින්නෙහිය. තවද අපි ඔවුන් ව එක් රැස් කරන්නෙමු. එවිට ඔවුන්ගෙන් කිසිවෙකුවත් අත හැර නොදමන්නෙමු. නුඹගේ පරමාධිපති වෙත ඔවුන් ව පෙළ ගස්වා ඉදිරිපත් කරනු ලබන්නෝය. “මුල් වරට අපි නුඹලා ව මැව්වා සේම අප වෙත නුඹලා පැමිණෙන්නේ ම ය. නමුත් නුඹලා ප‍්‍රතිඥත ස්ථානයට නුඹලා ව පත් නොකරන්නේම යැයි සිතා සිටියෙහු යැයි ඔවුන ට පවසන ලදී. (ඔවුන්ගේ ක‍්‍රියා) ලේඛනය (ඔවුන් ඉදිරියේ තබනු ලැබේ. එහි ඇති දෑ හේතුවෙන් වැරදිකරුවන් බිය මුසුභාවයෙන් සිටිනු නුඹ දකින්නෙහිය. අහෝ ! අපගේ විනාශය. මෙම ලේඛනය කුමක් වී ද? කුඩා හෝ විශාල කිසිවක් ඒවා සටහන් කරනු මිස අත හැර නොමැත. ඔවුන් කළ දෑ ඔවුන් ඉදිරියේ දකින්නෝය. නුඹගේ පරමාධිපති කිසිවෙකු ට අපරාධ නොකරන්නේය.        (අල් කුර්ආන් 18 : 47-49)
•    මහ්ෂර් භූමියේ ස්වභාවය
1- උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා සිටියි.
يَوْمَ تُبَدَّلُ الْأَرْضُ غَيْرَ الْأَرْضِ وَالسَّمَوَاتُ وَبَرَزُوا لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ
මිහිතලය නොවන්නක් ලෙස මිහිතලය ද අහස් ද වෙනස් කරනු ලබන දින ඒකීය බලපරාක‍්‍රම වූ අල්ලාහ් වෙත ට ඔවුන් (මිනි වළෙන්) බැහැර ව පැමිණෙනු ඇත.    (අල් කුර්ආන් 14 : 48)
2-
وَعَنْ سَهْلَ بْنَ سَعْدٍ رضي الله عنه قَالَ : قالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : " يُحْشَرُ النَّاسُ يَوْمَ الْقِيَامَةِ عَلَى أَرْضٍ بَيْضَاءَ عَفْرَاءَ كَقُرْصَةِ نَقِيٍّ لَيْسَ فِيهَا عَلَمٌ لِأَحَدٍ " متفق عليه .
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) විසින් වාර්තා කරන ලදී.  
පැහැදිලි සුදෝවන් සුදු භූමියක කියාමත් දිනයේ ජනයා නැගිටුවනු ලබති. එය පිරිසිදු තැටියක් මෙන් පවතී. එහි කිසිවකු ට හඳුනා ගත හැකි සලකුණක් නොපවතියි. මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්
•    කියාමත් දිනයේ මැවීම් එක් රැස් කරවනු ලබන ස්වභාවය
පළමුවැන්න : මිනී වළවල් සිට තීන්දු ලබා දීමේ ස්ථානය දක්වා එක් රැස් කරනු ලබති. මෙහි පාවහන් නොමැති ව නිර්වස්ත්‍ර ව පදික ව ලිංග්‍රාග චර්මය කපා හැරීමෙන් තොරව ජනයා එක් රැස් කරනු ලබති.
عَنْ عَائِشَةَ رضي الله عنها قَالَتْ : سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ " يُحْشَرُ النَّاسُ يَوْمَ الْقِيَامَةِ حُفَاةً عُرَاةً غُرْلًا " قُلْتُ : " يَا رَسُولَ اللَّهِ النِّسَاءُ وَالرِّجَالُ جَمِيعًا يَنْظُرُ بَعْضُهُمْ إِلَى بَعْضٍ" قَالَ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : " يَا عَائِشَةُ الْأَمْرُ أَشَدُّ مِنْ أَنْ يَنْظُرَ بَعْضُهُمْ إِلَى بَعْضٍ " متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.
කියාමත් දිනයේ ජනයා පාවහන් නොමැති ව නිර්වස්ත්‍ර ව ලිංග්‍රාග කපා හැරීමෙන් තොරව එක් රැස් කරනු ලබති.
එවිට ඇය අල්ලාහ්ගේ දූතයාණනි, කාන්තාවන් හා පිරිමින් එකට සිටියි ද? එසේ නම් ඔවුන් ඇතැමෙක් ඇතැමෙකු ව බලනු ඇතැයි විමසා සිටියාය. එවිට එතුමාණෝ
අහෝ ආඉෂා! (එදින) විෂය ඇතැමෙක් ඇතැමෙකු ව බලනවාට වඩා ඉතා දැඩි ලෙස පවතී යැයි පැවසූහ. (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)
දෙවැන්න : දේව විශ්වාසවන්තයින් හා දේව ප්‍රතික්ෂේපකයින් යන සියල්ලන් ව තීන්දු දෙන ස්ථානයේ සිට ස්වර්ගය හෝ නිරය වෙත එක් රැස් කරනු ලැබීම. එහි ස්වභාවයන් පහත සඳහන් වේ.
1-    දේව විශ්වාසවන්තයින් සත්කාර කණ්ඩායමක් ලෙස ඉතා ගෞරවාන්විත ව ඔවුන්ගේ පරමාධිපති වෙතටත් ස්වර්ගය වෙතටත් එක් රැස් කරනු ලැබේ.
1-
يَوْمَ نَحْشُرُ الْمُتَّقِينَ إِلَى الرَّحْمَنِ وَفْدًا
බැතිමතුන් කරුණාභරිතයාණන් වෙත කණ්ඩායමක් වශයෙන් අප එක් රැස් කරන දින (අල් කුර්ආන් 19 : 85)
2-
وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا حَتَّى إِذَا جَاءُوهَا وَفُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَ
ඔවුන්ගේ පරමාධිපතිට බැතිමත් වූවන් ස්වර්ගය වෙත කණ්ඩායම් වශයෙන් ගෙන එනු ලබන්නෝය. එහි දොරටු විවෘත කරනු ලැබ තිබිය දී ඔවුන් එය වෙත පැමිණෙන්නෝය. එවිට එහි දොරටු පාලකයන් ‘නුඹලා කෙරෙහි සලාමය (ශාන්තිය) අත් වේවා ! නුඹලා පාරිශුද්ධ විය. නුඹලා එහි සදාතනිකයන් ලෙස ඇතුළු වනු’ යැයි ඔවුන ට පවසන්නෝය. (අල් කුර්ආන් 39 : 73)
2-    දේව ප්‍රතික්ෂේපකයින් අන්ධ ව ගොළු ව බිහිරි ව පිපාසිත ව නිල් පැහැ ගැන්වුණු ඇස් සහිත ව   එකිනෙකට ඇමුණුනු තත්ත්වයේ එක් රැස් කරවනු ලැබේ.  ඔවුන්ගෙන් පළමුවැන්නා සිට අවසන් තැනැත්තා දක්වා සිර කරනු ලැබේ. පසු ව සියල්ලන්ව ම නිරය වෙත ඇඳ ගෙන යනු ලැබේ.
1- උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
" وَنَحْشُرُهُمْ يَوْمَ الْقِيَامَةِ عَلَى وُجُوهِهِمْ عُمْيًا وَبُكْمًا وَصُمًّا مَأْوَاهُمْ جَهَنَّمُ كُلَّمَا خَبَتْ زِدْنَاهُمْ سَعِيرًا ، ذَلِكَ جَزَاؤُهُمْ بِأَنَّهُمْ كَفَرُوا بِآيَاتِنَا "
තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ මුහුණු අන්ධ ගොළු බිහිරි තත්ත්වයෙන් අපි එක් රැස් කරන්නෙමු. ඔවුන්ගේ නවාතැන නිරයයි. එය නිවී යන සෑම විටක ම දැවෙන ගින්න අපි ඔවුන ට අධික කරන්නෙමු. අපගේ වදන් ඔවුන් ප‍්‍රතික්ෂේප කළ හේතුවෙන් ඔවුන්ගේ ප‍්‍රතිවිපාකය මෙයයි.        (අල් කුර්ආන් 17 : 97,98)
2- උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
وَنَسُوقُ الْمُجْرِمِينَ إِلَى جَهَنَّمَ وِرْدًا
වැරදිකරුවන් ව නිරය වෙත පිපාසිකයින් ලෙස ඇදගෙන යන්නෙමු.     (අල් කුර්ආන් 19 : 86)
3- උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
يَوْمَ يُنْفَخُ فِي الصُّورِ وَنَحْشُرُ الْمُجْرِمِينَ يَوْمَئِذٍ زُرْقًا
එදින සූර් (හෙවත් හොරණෑවෙ)හි පිඹිනු ලැබ, වැරදිකරුවන් ව නිල් පැහැ ගැන්වුණු ඇසින් එදින එක් රැස් කරන්නෙමු.         (අල් කුර්ආන් 20 : 102)
4- උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
وَيَوْمَ يُحْشَرُ أَعْدَاءُ اللَّهِ إِلَى النَّارِ فَهُمْ يُوزَعُونَ
අල්ලාහ්ගේ සතුරන් (නිරා) ගින්න වෙත එක් රැස් කරනු ලබන දින එවිට ඔවුහු වෙන් කරනු ලබන්නෙහුය.                     (අල් කුර්ආන් 41 : 19)
5- උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
احْشُرُوا الَّذِينَ ظَلَمُوا وَأَزْوَاجَهُمْ وَمَا كَانُوا يَعْبُدُونَ ، مِنْ دُونِ اللَّهِ فَاهْدُوهُمْ إِلَى صِرَاطِ الْجَحِيمِ ، وَقِفُوهُمْ إِنَّهُمْ مَسْئُولُونَ.
අපරාධ කළවුන් ද ඔවුන්ගේ සහකරුවන් ද අල්ලාහ් හැර ඔවුන් නමදිමින් සිටි දෑ ද නුඹලා එක් රැස් කරවු. තවද නුඹලා ඔවුනට නිරයේ මාර්ගය වෙත මඟ පෙන්වවු.  ඔවුන් ව රඳවා තබවු. සැබැවින් ම ඔවුන් විමසනු ලබන්නන්ය.                       (අල් කුර්ආන් 37 : 22 - 24)
6- උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
يَوْمَ تُبَدَّلُ الْأَرْضُ غَيْرَ الْأَرْضِ وَالسَّمَوَاتُ وَبَرَزُوا لِلَّهِ الْوَاحِدِ الْقَهَّارِ ، وَتَرَى الْمُجْرِمِينَ يَوْمَئِذٍ مُقَرَّنِينَ فِي الْأَصْفَادِ ، سَرَابِيلُهُمْ مِنْ قَطِرَانٍ وَتَغْشَى وُجُوهَهُمُ النَّارُ ، لِيَجْزِيَ اللَّهُ كُلَّ نَفْسٍ مَا كَسَبَتْ إِنَّ اللَّهَ سَرِيعُ الْحِسَابِ
මිහිතලය නොවන්නක් ලෙස මිහිතලය ද අහස් ද වෙනස් කරනු ලබන දින ඒකීය බලපරාක‍්‍රම වූ අල්ලාහ් වෙත ට ඔවුන් (මිනී වළෙන්) බැහැර ව පැමිණෙනු ඇත. එදින වැරදිකරුවන් විලංගු වල අමුණනු ලැබූවන් ලෙස නුඹ දකින්නෙහිය. ඔවුන්ගේ වස්ත‍්‍ර (නිර්මාණය වී ඇත්තේ) තාර වලිනි. තවද (නිරයේ) ගින්න ඔවුන්ගේ මුහුණු ආවරණය කරයි. (මෙය) සෑම ආත්මයක ට ම එය ඉපැයූ දෑ වෙනුවෙන් අල්ලාහ් ප‍්‍රතිඵල ලබා දෙනු පිණිසය. සැබැවින් ම අල්ලාහ් ගණනය කිරීමෙහි ඉතා ශීඝ‍්‍රය.        (අල් කුර්ආන් 14 : 48 - 51)
7-
وَعَنْ أَنَسٍ رضي الله عنه أَنَّ رَجُلًا قَالَ : يَا رَسُولَ اللَّهِ كَيْفَ يُحْشَرُ الْكَافِرُ عَلَى وَجْهِهِ يَوْمَ الْقِيَامَةِ قَالَ : أَلَيْسَ الَّذِي أَمْشَاهُ عَلَى رِجْلَيْهِ فِي الدُّنْيَا قَادِرًا عَلَى أَنْ يُمْشِيَهُ عَلَى وَجْهِهِ يَوْمَ الْقِيَامَةِ " متفق عليه.
අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සැබැවින්ම මිනිසෙකු පැමිණ අල්ලාහ්ගේ දූතයාණනි, කියාමත් දිනයේ දේව ප්‍රතික්ෂේපකයා ඔහුගේ මුහුණින් එක් රැස් කරනු ලබනුයේ කෙසේ දැ යි විමසූහ. එවිට එතුමා මෙලොවෙහි තම දෙපා වලින් ගමන් කිරීමට සැලැස් වූ (අල්ලාහ් වන) ඔහු කියාමත් දිනයේ මුහුණින් ගමන් කරවන්නට ශක්තිවන්තයකු නොවේ දැ යි විමසා සිටියහ.    (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)
තුන්වැන්න : කියාමත් දිනයේ උරගයින් සතුන් මෘගයින් පක්ෂීන් අල්ලාහ් එක් රැස් කරනු ඇත. පසුව ඔවුන් අතර සමප්‍රතිචාර දැක්වීමේ ක්‍රමයක් නියම කරයි. ඒ අනුව අං වලින් ඇන ඝාතනය කරනු ලැබූ එළුවා ට අං  ලබා දී මෙලොව දී ඝාතනය කළ එළුවා ට අනින්නට සලස්වයි. සතුන් අතර කිසාස් නම් සමප්‍රතිචාර දැක්වීමේ න්‍යාය අවසන් වූ පසු අල්ලාහ් උන් දෙස බලා නුඹලා පස් බව ට පත් වනු යි පවසනු ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ وَلَا طَائِرٍ يَطِيرُ بِجَنَاحَيْهِ إِلَّا أُمَمٌ أَمْثَالُكُمْ مَا فَرَّطْنَا فِي الْكِتَابِ مِنْ شَيْءٍ ثُمَّ إِلَى رَبِّهِمْ يُحْشَرُونَ
මිහිතලයෙහි ජීවත් වන සත්වයා ද තම අත්තටු වලින් පියාඹා යන කුරුල්ලා ද නුඹලා වැනිම සමූහයන් මිස නැත. ලේඛනයෙහි කිසිවක් අපි අත් නොහළෙමු. පසුව ඔවුන්ගේ පරමාධිපති වෙත ඔවුන් ව එක් රැස් කරනු ලබන්නේය.     (අල් කුර්ආන් 6 : 38)
•    අවසාන දිනයේ අල්ලාහ්ව මුණ ගැසීම
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින සෑම මිනිසෙකු ම තම පරමාධිපති ව ඔහු කළ හොද නරක ක්‍රියාවන් සමඟ මුණ ගැසෙනු ඇත. එනම් දේව විශ්වාසියෙකු ලෙසින් ද දේව ප්‍රතික්ෂේපකයෙකු ලෙසින් ද දැහැමියෙකු ලෙසින් ද පාපියෙකු ලෙසින් ද මුණ ගැසෙනු ඇත.
1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا ،  وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا ، هُوَ الَّذِي يُصَلِّي عَلَيْكُمْ وَمَلَائِكَتُهُ لِيُخْرِجَكُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَكَانَ بِالْمُؤْمِنِينَ رَحِيمًا ، تَحِيَّتُهُمْ يَوْمَ يَلْقَوْنَهُ سَلَامٌ وَأَعَدَّ لَهُمْ أَجْرًا كَرِيمًا
විශ්වාස කළවුනි, නුඹලා අධික මෙනෙහි කිරීමකින් අල්ලාහ් ව මෙනෙහි කරවු.  තවද නුඹලා උදේ සවස ඔහු ව පිවිතුරු කරවු. අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත නුඹලා ව පිට කිරීම පිණිස ඔහු නුඹලා වෙත ආශිර්වාද කළේය. තවද මලක්වරු ද (ඒ වෙනුවෙන් ප‍්‍රාර්ථනා කළෝය.) තවද ඔහු විශ්වාසවන්තයින් කෙරෙහි කරුණාභරිත විය. ඔවුන් ඔහු ව මුණ ගැසෙන දින ඔවුන්ගේ සුබ පැතුම ”සලාම්”(ශාන්තිය)ය.  ඔහු ඔවුන ට ගෞරවනීය වේතනයක් සූදානම් කර ඇත.                (අල් කුර්ආන් : 33 – 44)
2- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّكُمْ مُلَاقُوهُ وَبَشِّرِ الْمُؤْمِنِينَ
අල්ලාහ් ට බැතිමත් වනු. සැබැවින් ම නුඹලා ඔහු ව මුණ ගැහෙන්නන් බව දැන ගනු. තවද දේව විශ්වාසවන්තයින්ට ශුභාරංචි දන්වනු.    (අල් කුර්ආන් 2 : 223)
3- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا الْإِنْسَانُ إِنَّكَ كَادِحٌ إِلَى رَبِّكَ كَدْحًا فَمُلَاقِيهِ ، فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ ، فَسَوْفَ يُحَاسَبُ حِسَابًا يَسِيرًا ، وَيَنْقَلِبُ إِلَى أَهْلِهِ مَسْرُورًا ، وَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ وَرَاءَ ظَهْرِهِ ، فَسَوْفَ يَدْعُو ثُبُورًا ، وَيَصْلَى سَعِيرًا .
අහෝ මිනිස, සැබැවින් ම නුඹ නුඹගේ පරමාධිපති වෙත දැඩි වෙහෙසකින් වෙහෙසෙන්නෙකි. එබැවින් එය (එහි ඵලය වන අල්ලාහ් ව ඔහු) හමු වනු ඇත. කවරෙකු ට තම වාර්තා ව තමාගේ දකුණත ට දෙනු ලැබුවේ ද ඔහු පහසු ගිණුම් බැලීමකින් විමසුමක ට ලක් වනු ඇත.  පසුව තම ජනයා වෙත ඔහු සතුටින් හැරී යයි. කවරෙකු ට තම වාර්තා ව තමාගේ පිටු පසින් (වමතෙහි) දෙනු ලැබුවේ ද ඔහු විනාශය(මරණය) අයැදිනු ඇත. තවද ඇවිළෙන ගින්නෙහි පිවිස දැවෙනු ඇත.     (අල් කුර්ආන් 84 : 6-12)
4-
عَنْ عُبَادَةَ بْنِ الصَّامِتِ رضي الله عنه أنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " مَنْ أَحَبَّ لِقَاءَ اللَّهِ أَحَبَّ اللَّهُ لِقَاءَهُ وَمَنْ كَرِهَ لِقَاءَ اللَّهِ كَرِهَ اللَّهُ لِقَاءَهُ " متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව උබාදා ඉබ්නු අස් සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
කවරෙකු අල්ලාහ් ව මුණ ගැසෙන්නට ප්‍රිය කරන්නේ ද අල්ලාහ් ද ඔහු ව මුණ ගැසෙන්නට ප්‍රිය කරයි. කවරෙකු අල්ලාහ් ව මුණ ගැසෙන්නට පිළිකුල් කරන්නේ ද අල්ලාහ් ද ඔහු ව මුණ ගැසෙන්නට පිළිකුල් කරයි.  
103 - 107 මෙම කොටස අවසානයි

 

 

 

 

 

 

 

 


 
Contents


الصفحة    العنوان    م
1    •    සූර් නම් හොරණෑවෙහි පිඹීම    1
    •    නැවත නැගටුවනු ලැබීම හා එක්රැස් කරනු ලැබීම    2
    •    අවසාන දිනයේ අල්ලාහ්ව මුණගැසීම    3
        4
        5
        6
        7
        8
        9
        10
        11
        12
        13
        14
        15