කිතුනු දහමේ විශ්වාසයන් හා ශුද්ධ වූ බයිබලය

කිතුනු දහමේ සංකල්ප පිළිබඳ ව බයිබලයේ ඉගැන්වීම් දක්වන පරස්පරතාවන් මධ්ය්ස්ත ලෙස විමසුමක යෙදෙන්නට මෙම ලිපිය මගින් කරුණු ඉදිරිපත් කිරීමක් කර ඇත්තෙමු. කිතුනු දහමේ සංකල්පයට අදාළ බයිබල් වැකි නිවැරදි මුලාශ්රය සමග ඉදිරිපත් කොට ඇත්තෙමු. කරුණාකර කියවා සත්යෙය අවබෝධ කර ගැනීමට ඉදිරිපත් වන ලෙස කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

اسم الكتاب: إيمان المسيحيين في الألوهية ورأي الكتاب المقدس فيه


تأليف: محمد منصور دحلان


الناشر: المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة


نبذة مختصرة: كتاب باللغة السنهالية يتحدث عن إيمان المسيحيين عامة في الألوهية حيث توجد إختلاف كبير بين إيمانهم وبين آراء كتابهم المقدس والأدلة على ذلك من العهد الجديد.

කිතුනු දහමේ විශ්වාසයන් හා ශුද්ධ වූ බයිබලය

 


 සිංහල – Sinhala –[ سنهالية  

 

මුහම්මද් මන්සූර් දහ්ලාන්

 

 

 

 

 


2014 - 1436
 
 
إيمان المسيحيين في الألوهية
و رأي الكتاب المقدس فيه
« باللغة السنهالية »

 

 

محمد منصور دحلان

 

 

 

 


2014 - 1436
 

කිතුනු දහමේ විශ්වාසයන් හා ශුද්ධ වූ බයිබලය
මන්සූර් දහ්ලාන්
මිහිතලය මත වූ පළමු මිනිස් යුවළ තම ජීවිතය ආරම්භ කළ දින සිට මිනිසා ගේ ආධ්‍යාත්මික හා සදාචාරාත්මක මඟ පෙන්වීම උදෙසා ඉතිහාසයේ විවිධ යුගයන් හි මිනිසුන් අතුරින් තෝරා ගත් දැහැමියෙකු ට විශ්වයේ නිර්මාතෘ හා අධිපති මහා කාරුණික දෙවිඳුන් (අල්ලාහ්) විසින් මාර්ගෝප දේශයන් පහළ කොට ඇත. මෙලෙසින් පහළ කරන ලද අවසන් දිව්‍යමය මාර්ගෝපදේශය වූයේ දෙවිඳුන් ගේ අවසාන ධර්ම දුතයාණන් වූ මුහම්මද් තුමාණන් ට පහළ කරන ලද අල් කුර්ආනයයි. මෙම සියලු මාර්ගෝපදේශයන් හි සංක්ෂිප්ත හරය ලෙස දැක්විය හැකි කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත්තෙමු.
1.    විශ්වයේ නිර්මාතෘ හා සත්‍යය දෙවිඳුන් ඒකීය බව විශ්වාස කිරීම.
2.    නැමදුම් සියල්ල මෙම සත්‍යය දෙවිඳුන් ට පමණක් ම විය යුතුය.
3.    මෙම සත්‍යය දෙවිඳුන් ට සමානයන් තැබීම ඉඳුරාම තහනම් ය.
4.    මෙම සත්‍යය දෙවිඳුන් ගේ සියලු නියමයන් විධානයන් හා මඟ පෙන්වීම් පිළිපැදීම.    
අල් කුර්ආනය ට පෙර එකම සත්‍යය දෙවිඳුන් වූ සර්ව බලධාරී අල්ලාහ් විසින්  පහළ කරන ලද සියලු මාර්ගෝපදේශයන් එක් ජන සමුහයක ට හෝ එක් කාලවකවානුවක ට පමණක් සීමා වූ නමුත් පාරිශුද්ධ අල් කුර්ආනය මුළු මහත් මනුෂ්‍ය වර්ගයාට ම පහළ කරන ලද ලොව අවසන් දිනය දක්වා වලංගු අවසාන දිව්‍යමය මාර්ගෝපදේශය වෙයි.
 “ඊශ්රායිල් දරුවනි (යුදෙව්වනි), සැබැවින් ම මම මට පෙර ඇති ‘තව්රාතය’ සැබෑ කරන්නා ලෙස ද මට පසු ව පැමිණෙන ‘අහමද්’ (මුහම්මද්) යන නමින් යුත් දුතයෙකු පිළිබඳ ව සුබාරංචි පවසන්නා ලෙස ද නුඹලා වෙත එවනු ලැබූ අල්ලාහ් ගේ ධර්ම දුතයා (රසුල් වරයා) වෙමි යි මර්යම්ගේ පුත් ඊසා පැවසු අවස්ථාව ගැන (නබිවරය නුඹ සිතා බලන්න).  (අල් කුර්ආන්  61 : 7)
“ඊශ්රායිල් දරුවනට (යුදෙව්වන්ට) ධර්ම දුතයෙකු (රසුල් වරයෙකු) වශයෙන් (ඊසා පත් කළේය). (අල් කුර්ආන්  3 : 49)
“උන් වහන්සේ (ජේසු තුමා) කතා කරමින් ‘මා එවන ලද්දේ ඊශ්‍රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ’යි වදාළ සේක”. (ශුද්ධවර මතෙව් 15 : 24)   
අල් කුර්ආනය ට පෙර පහළ කරන ලද්දේ ජේසු (ඊසා) ධර්ම දුතයාණන් ට පහළ කරන ලද ‘ඉන්ජීල්’ නමින් හැඳින් වෙන දිව්‍යමය මාර්ගෝපදේශයයි. සැබැවින් ම වර්තමාන කිතුනු දහම බව ට පත් ව ඇත්තේ විශ්වයේ අධිපති අති උත්තරීතර දෙවිඳුන් (අල්ලාහ්) විසින් ඊසා ධර්ම දුතයාණන් ට (රසූල් වරයාණන් ට) පහළ කරන ලද ‘ඉන්ජීල්’ නම් වූ සත්‍යය දහමයි. නමුත් මෙහි මුල් පිටපත වර්තමානයේ සුරක්ෂිත ව නොමැති බව විද්වතුන් ගේ මතයයි. මෙම මාර්ගෝපදේශය යැයි සැලකෙන වර්තමානයේ අප අතර ඇති ‘ශුද්ධ වූ බයිබලය’ හා එය අනුගමනය කරන්නන් ගේ විශ්වාසයන් හා ක්‍රියාවන් පිළිබඳ ව මෙම ලිපියෙන් සාකච්ඡා කරන්න ට අපේක්ෂා කරන්නෙමු. වර්තමාන ‘ශුද්ධ වූ බයිබලය’ ඊසා ධර්ම දුතයාණන් ට පහළ කරන ලද මූල් කෘතිය ම නොවුව ද එහි අන්තර්ගතයේ යම් සත්‍යය තොරතුරු ඇති බව අපට දැක ගත හැකිය. මෙම නිගමනය ට ඒම ට අප ට උපකාරී වී ඇත්තේ ඉන්ජීලය ට පසුව පහළ කරන ලද අවසන් දිව්‍යමය මාර්ගෝපදේශය වූ අල් කුර්ආනයයි.
“රමලාන් කවරාකාර මාසයක් ද යත්, මනුෂ්‍ය වර්ගයා ට මඟ පෙන්වන්නක් ලෙස ද  යහ මඟ පැහැදිලි කරන්නක් ලෙස ද (සත්‍ය හා අසත්‍ය) වෙන්කර පෙන්වන්නක් ලෙස ද වූ අල් කුර්ආනය එහි ම පහළ කෙරිණි”. (අල් කුර්ආන් 2 : 185)
අල් කුර්ආනයේ අන්වර්ථ නාමයන්ගෙන් එකක් නම් ‘අල් ෆුර්ඛාන්’ යන්න ය. ‘නිර්ණායකය’ යන්න මෙහි සමීප අර්ථයයි. සැබැවින් ම අල් කුර්ආනය සත්‍යය හා අසත්‍යය අතර නිර්ණායකයයි. මෙම පදනම යටතේ වර්තමාන බයිබලයේ අඩංගු කරුණු වලින් අල් කුර්ආනය සමග එකඟතාවක් ඇති දෑ බොහෝ විට ඉන්ජීල මුල් පණිවිඩයේ කොටසක් විය හැකි බව ට උපකල්පනය කිරීම නිවැරදි බව අපගේ මතයයි. එහෙයින් මෙම ලිපියේ කරුණු සාකච්ඡා කිරීමේ දී අල් කුර්ආනය හා සැසඳෙන කරුණු පිළිබඳ ව අවධානය යොමු කොට ඇත්තෙමු.           
බයිබල් වැකි සිංහලෙන් සඳහන් කරන විට එහි මුලාශ්‍රය ද සිංහලෙන් සඳහන් කළ යුතු ව ඇත. නමුත් ඒ පිළිබඳව බොහෝ අයට ගැටළු මතු විය හැකි එක් ප්‍රධාන හේතුවක් විය හැක්කේ අප බොහෝ විට හුරුවී ඇත්තේ බයිබල් මුලාශ්‍රයන් හි ඉංග්‍රීසි නම් භාවිතයට නිසා බයිබලයේ අඩංගු ග්‍රන්ථයන් හි ඉංග්‍රීසි හා එයට අනුරූපී සිංහල නාමයන් දැන සිටීම වැදගත් යැයි සිතන්නෙමු. එහෙයින් මෙම සිංහල හා ඉංග්‍රීසි නාම ලැයිස්තුව පළමු ව ඉදිරිපත් කරන්න ට කැමැත්තෙමු.    
පැරණි ගිවිසුම - Old Testament
උත්පත්ති -                    Genesis
නික්මයාම -                  Exodus
ලෙවි ව්‍යවස්ථාව -             Leviticus
ගණන් කථාව -              Numbers
ද්විතීය නීති සංග්‍රහය -         Deuteronomy
ජෝෂුවා -                    Joshua
වීරාවලිය -                   Judges
රූත් ගේ කථාව -             Ruth
1 සාමුවෙල් -              1 Samuel
2 සාමුවෙල් -              2 Samuel
1 රාජාවලිය -              1 Kings
2 රාජාවලිය -               2 Kings
1 වංශාවලිය -               1 Chronicles
2 වංශාවලිය -               2 Chronicles
එස්රා -                      Ezra
නෙහෙමියා -                Nehemiah
තෝබිත් -                   Tobit
ජුදිත් -                        Judith
එස්තර් -                     Esther
මකබිවරුන්ගේ 1 වන පොත - 1 Maccabees
මකබිවරුන්ගේ 2 වන පොත - 2 Maccabees
ජොබ් -                      Job
ගීතාවලිය -                   Psalms
හිතෝපදේශ -                Proverbs
ධර්ම දේශකයා -              Ecclesiastes
ප්‍රේම ගී -                      Song of Songs
සලමොන්ගේ ප්‍රඥාව -          Wisdom
උපදේශකයා හෙවත් සිරාක් -  Sirach
යෙසායා -                     Isaiah
ජෙරමියා -                   Jeremiah
විලාප ගී -                    Lamentations
බාරුක් -                      Baruch
එසකියෙල් -                Ezekiel
දානියෙල් -                        Daniel
හොසියා -                    Hosea
ජෝවෙල් -                         Joel
ආමොස් -                   Amos
ඔබදියා -                   Obadiah
ජෝනා -                   Jonah
මිකා -                               Micah
නාහුම් -                    Nahum
හබක්කුක් -                 Habakkuk
ශෙපනියා -               Zephaniah
හග්ගයි -                   Haggai
සෙකරියා -               Zechariah
මලාකි -                    Malachi

ද්විතීය සම්මත ග්‍රන්ථ
නව ගිවිසුම -            New Testament
ශුද්ධවර මතෙව් -          Matthew
ශුද්ධවර මාක් -        Mark
ශුද්ධවර ලූක් -         Luke
ශුද්ධවර ජොහාන් -     John
ප්‍රේරිතයින්ගේ ක්‍රියා -   Acts
රෝමවරුන් -           Romans
1 කොරින්තිවරුන් -      1 Corinthians
2 කොරින්තිවරුන් -      2 Corinthians
ගලාතිවරුන් -           Galatians
එපීසවරුන් -             Ephesians
පිලිප්පිවරුන් -          Philippians
කොලොස්සිවරුන් -    Colossians
1 තෙසලොනිකවරුන් - 1 Thessalonians
2 තෙසලොනිකවරුන් -    2 Thessalonians
1 තිමෝතියස් -             1 Timothy
1 තිමෝතියස් -             2 Timothy
තීතස් -                          Titus
පිලෙමොන් -                    Philemon
හෙබ්‍රෙව්වරුන් වෙත -       Hebrews
ජාකොබ් තුමා වෙත -         James

2 පේදුරු -                           2 Peter
1 ජොහන් -                       1 John
2 ජොහන් -                       2 John
3 ජොහන්                         3 John
ජූද් -                                 Jude
ජොහන් තුමා ට එළිදරව් වූ දර්ශන - Revelation

සුබ අස්න පාවුලු තුමා යැවූ හසුන් සාමාන්‍ය හසුන්
පහත කරුණු සාකච්ඡා කිරීමේ දී පළමු ව වර්තමාන කිතුනු දහමේ සංකල්පයක් බොහෝ විට ප්‍රශ්නයක් ලෙස ඉදිරිපත් කරමින් ඒ පිළිබඳ ව බයිබලයේ ඉගැන්වීම් කුමක් ද යන්න මුලාශ්‍ර සමග උපුටා දක්වා ඇත්තෙමු. කිතුනුවන්ගේ උත්තරීතර ආගමික ග්‍රන්ථය වූ බයිබලයේ  ඉගැන්වීම් ප්‍රතික්ෂේප කරන්න ට ඔවුන් ට හැකියාවක් තිබේ ද යන්න අප විසින් සෘජුව ම ඔවුන්ගෙන් ඇසිය යුත්තක් ව ඇත.
ඔබ බයිබලයේ පැරණි හා නව ගිවිසුම් විශ්වාස කිරීමට හා ඒ අනුව කටයුතු කිරීමට බැඳී සිටින්නේ ද?
“17 මම ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය අවලංගු කරනු පිණිස ආවෙමි යි නොසිතන්න. මා ආයේ ඒවා අවලංගු කිරීමට නොව සම්පුර්ණ කිරීමටය. 18 සැබැවින් ම මම ඔබට කියමි අහස හා පොළොව පහ ව ගියත් සියල්ල පරිපුර්ණ වන තුරු ව්‍යවස්ථාවලියෙන් ඉස්පිල්ලක් හෝ පාපිල්ලක් වත් පහ වී නොයන්නේ ම ය. 19 එබැවින් මෙ ආඥාවලින් ඉතා සුළු එකක් වත් කඩ කරන හා කඩ කරන ලෙස මිනිසුන් ට උගන්වන කවරෙකු වුව ද ඔහු ස්වර්ග රාජ්‍යයෙහි ඉතා සුළු යැ යි කියනු ලබන්නේය. එහෙත් ඒවා පිළිපදින ඒවා උගන්වන කවරෙකු වුව ද ඔහු ස්වර්ග රාජ්‍යයෙහි උතුම් යැයි කියනු ලබන්නේය. 20 මන්ද ඔබ ධර්මිෂ්ඨකමින් විනයධරයන් ද පරිසිවරුන් ද ඉක්මවා නොගියොත් ඔබ කිසිසේත් ස්වර්ග රාජ්‍යයට නොපිවිසෙන්නෙහු යැයි ඔබට කියමි”. (ශුද්ධවර මතෙව් 5 : 17 – 20)        
ජේසු තුමාණන් ව ඔබ විශ්වාස කරන්නේ විශ්වයේ නිර්මාතෘ හා අධිපති දෙවිඳුන්ගේ ශ්‍රේෂ්ඨ ධර්ම දුතයාණන් කෙනෙකු ලෙස ද? නැතහොත් විශ්වයේ අධිපති දෙවිඳුන් ලෙස ද? පූර්ව නිගමනයන්ගෙන් බැහැර ව විවෘත මනසකින් බුද්ධිමත් හා විචාරශීලී චින්තනයෙන් යුක්ත ව පහතින් උපුටා දක්වා ඇති බයිබල් වැකි කියවන ඔබට හැඟෙන්නේ කුමක් ද යන්න පිළිබඳ ව කරුණාකර සිතා බලන්න.
“1 දෙවියන් වහන්සේ කතා කොට මෙ සියලු ආඥා වදාළ සේක. 2 වහල්කමේ  නිවාසය වූ මිසර දේශයෙන් නුඹ පිටත ට ගෙනා සමිඳාණන් මම ය. 3. මා හැර අන් කිසි ම දෙවි කෙනෙකු නුඹට නොසිටිය යුතු ය. 4. නුඹ සඳහා නෙළු රූපයක් හෝ ඉහළ අහසෙහි වත් පහළ පොළොවෙහි වත් පොළොවෙන් යට ජලයෙහි වත් ඇති කිසිම වස්තුවක ට සමාන දෙයක් හෝ සාදා නොගන්න. 5 නුඹ ඒවාට නමස්කාර නොකරන්න. ඒවාට නොවඳින්න. මන්ද නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ වන මා ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකු වන බැවිනි”. (නික්මයාම 20 : 1 – 5)
“එවිට සමිඳාණන් වහන්සේ දෙවියන් වහන්සේ බවත් වෙන දෙවි කෙනෙකු නැති බවත් මිහි පිට සියලු ජාතීහු දැනගන්නෝ ය”. (1 රාජාවලිය 8 : 60)
“10 ඊශ්‍රායෙල් ජනයෙනි, නුඹලා මාගේ සාක්ෂිකාරයෝ ය. නුඹලා මාගේ සේවක ජාතිය වශයෙන් මම තෝරා ගතිමි. එසේ කෙළේ, නුඹලා මා හඳුනා, අදහාගෙන, තේරුම් ගැනීම  පිණිසත්, එක ම දෙවියන් වහන්සේ මා බව දැන ගැනීම පිණිසත් ය. මාගෙන් බැහැර අන් දෙවි කෙනෙක් ඇත්තේ නැත, සිටියේත් නැත, සිටින්නේත් නැත. 11 එසේ ය, මම පමණක් සමිඳාණන් වහන්සේ ය. මා හැර අන් ගැලවුම්කාරයෙක් නැත”.  (යෙසායා 43 : 10 - 11)
“20 සමිඳාණෝ මෙසේ වදාරන සේක; ‘ජාතීන් අතරේ ගැල වී සිටින සියල්ලෙනි, එක් රැස් ව ළඟා වෙත් වා! ළී රූප උසුලාගෙන යන, ගැලවීම ගෙන දෙන්න නොහැකි, දෙවිවරුන් යදින අයට නැණ නුවණ නැත. 21 ඉදිරියට ඇවිත් නුඹලාගේ නඩුව දන්වා එකිනෙකා සමග මන්ත්‍රණය කර ගනිත් වා! සිදුවන්න යන දේ බොහෝ ඉහත දී කීවේ කවරෙක් ද? එසේ කෙළේ සමිඳාණන් වන මම නොවෙම් ද? මා හැර අන් දෙවි කෙනෙක් නැත. මම ධර්මිෂ්ඨ ගැලවුම්කාර දෙවිඳාණෝ ය. වෙන දෙවි කෙනෙක් ඇත්තේ ම නැත. 22 ලෝ වැසි සියල්ලෙනි, මා වෙත එන්න; දැන් මාගේ ගැලවීම ලබා ගන්න. මා හැර අන් දෙවි කෙනෙක් නොමැත.   (යෙසායා 45 : 20 - 22)
“4 නුඹලා මහලු වී හිස කෙස් පැසී යන තෙක් මම නුඹලා රැක බලාගන්නෙමි. මම නුඹලා මැව්වෙමි; මම නුඹලා රැක බලා උපකාර කොට නුඹලා ගලවන්නෙමි. 5 නුඹලා මා සමාන කරන්නේ කවරෙකුට ද සසඳා බලන්න; මා හා සම කිසිවෙක් ඇද් ද? 6 වස්තුකාරයෝ තමන්ගේ පසුම්බි හැර, රන් රිදී ගෙන තරාදියෙන් කිරා, රන් කරුවෙකු කුලියට ගෙන, දෙවි රූපයක් ඔහු ලවා සාදවා, වැඳ වැටී ඊට නමස්කාර කරති. 7 ඔවුහු එය කර පිට තබා, උසුලාගෙන ගොස් ඊට නියම තැනක තබති. ඒ රූපයට සෙලවෙන්න වත් නොහැකි ව එතැන ම රැඳී තිබේ. යාච්ඤා කළත් පිළිතුරු දෙන්නේ වත්, විපතින් යමෙකු ගලවන්න වත් එයට බැරිය. 8 ද්‍රෝහී ජනයෙනි, මේ දේ සිහි කොට මා කර ඇති දේ සිතට ගන්න. 9 පුරාණයේ සිදු වූ දේ සිහි කරගෙන මා පමණක් දෙවිඳාණන් බව, මා හා සමාන අන් කිසිවෙකු නැති බව පිළිගන්න. (යෙසායා 46 : 4 - 9)
“17 උන් වහන්සේ මඟ බැස ගමන් ගණිත් ම එක් මිනිසෙක් දිව අවුත් උන් වහන්සේ ඉදිරියෙහි දණින් වැටී ‘යහපත් ගුරු දේවයෙනි, සදාතන ජීවිතය (ස්වර්ග රාජ්‍යය) උරුම කර ගන්නා පිණිස මා කුමක් කළ යුතු දැ’යි උන් වහන්සේගෙන් ඇසීය. 18 ජේසුස් වහන්සේ ඔහුට කතා කොට ‘මා යහපත් යැයි ඔබ කියන්නේ මන් ද? හුදෙක් දෙවියන් වහන්සේ මිස අන් කිසිවෙක් යහපත් නොවේ. 19 ඔබ ආඥා දන්නෙහි ය. මිනී නොමරන්න, කාම මිත්‍යාචාරය නොකරන්න, සොරකම් නොකරන්න, බොරු සාක්ෂි නොකියන්න, වංචා නොකරන්න, නුඹේ පියාටත් මවටත් ගෞරව කරන්න යනු’යි වදාළ සේක. 20 ඔහු ද උත්තර දෙමින් ‘ගුරු දේවයාණෙනි, මම මෙ සියල්ලක් ම යොවුන් වියේ සිට රක්ෂා කළමේ’යි උන් වහන්සේ ට කීවේ ය. 21 ජේසුස් වහන්සේ ඔහු දෙස බලා ඔහු කෙරෙහි මෙත් සිත් වඩා ‘ඔබට එක් අඩු පාඩුවක් ඇත. යන්න, ඔබ සතු සියල්ල විකුණන්න, විකුණා දිළිඳුන් ට දෙන්න. ස්වර්ගයෙහි ඔබට සම්පත් ඇති වන්නේ ය. එන්න මා අනුගාමී වන්නැ’යි ඔහුට වදාළ සේක. 22 එහෙත් ඔහු ඒ කීම නිසා මලානික වී දොම්නසින් පිරී එතනින් නික්ම ගියේ ය. එසේ කෙළේ ඔහුට වස්තු සම්භාරයක් තිබුණු බැවිනි”.  (ශුද්ධවර මාක් 10 : 17 – 22)  (ශුද්ධවර මතෙව් 19 : 16 – 22)   
“17 ජේසුස් වහන්සේ කතා කොට, මා අල්ලන්නට එපා, මන්ද, මම තව ම පියාණන් වහන්සේ වෙත ට නොනැංගෙමි. ඒ නිසා දැන් මාගේව සහෝදරයන් වෙත ට ගොස් මම මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේ ද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේ ද වෙතට නගින්නෙමියි ඔවුන්ට කියන්නැ’යි වදාළ සේක” (ශුද්ධවර ජොහන් 20 : 17)
“3 සදාතන ජීවනය මේ ය, එක ම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද දැනගැනීම ය. 4 ඔබ වහන්සේ මට භාර දුන් මෙහෙය සම්පුර්ණ කරමින් මම මිහි පිට ඔබ මහිමයට පැමිණවීමි” (ශුද්ධවර ජොහන් 17 : 3 - 4)    
“ස්වර්ගයෙහි සිටින මාගේ පියාණන් වහන්සේ ගේ කැමැත්ත ඉටු කරන කවුරුන් වූව ද, ඔවුහු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් යැයි වදාළ සේක”. (ශුද්ධවර මතෙව් 12 : 50)
“ඊශ්‍රායෙල් ජනයිනි, මේ වචනයට සවන් දෙන්න. ඔබ ම දන්නා ලෙස නාසරෙත් හි ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කළ මනුෂ්‍යයෙකි. ඒ බව දෙවියන් වහන්සේ උන් වහන්සේ මඟින් ඔබ අතර කළ ප්‍රබල ක්‍රියාවලින් ද අරුම පුදුම දේවලින් ද ලකුණුවලින් ද පෙන්වූ සේක” (ක්‍රියා 2 : 22)
“ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි වූ අපගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් සේවකයා වූ ජේසුස් වහන්සේ මහිමයට පැමිණ වූ සේක. එහෙත් ඔබ උන් වහන්සේ නඩු ශාලාවට පැමිණෙව්වහු ය. තවද පිලාත් විසින් උන් වහන්සේ නිදහස් කරන්නට තීරණය කරගෙන සිටි විට ඔහු ඉදිරියේ ම ඔබ උන් වහන්සේ ප්‍රතික්ෂේප කළාහු ය”. (ක්‍රියා 3 :13)
“28 විනයධරයන්ගෙන් කෙනෙක් පැමිණ ඔවුන් එකතු වී උන් වහන්සේ සමග විවාද කරනු අසා උන් වහන්සේ ඔවුන් ට මැනවින් පිළිතුරු දුන් බව ද දැක, ‘සියලු ආඥා අතරෙන් ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක් දැ’යි උන් වහන්සේගෙන් ප්‍රශ්න කෙළේ ය. 29 ජේසුස් වහන්සේ උත්තර දෙමින් ශ්‍රේෂ්ඨතම ආඥාව මේ ය; ඊශ්‍රායෙල් වැසියනි අසන්න අපේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ එක ම සමිඳාණන් වහන්සේ ය. 30 නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ මුළු වීර්යයන් ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේ ට ප්‍රේම කරන්න. 31 දෙවැන්න මෙ ය. නුඹ නුඹට ම ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියා ට ප්‍රේම කරන්න. මෙයට වඩා ශ්‍රේෂ්ඨ අන් කිසි ආඥාවක් නැතැ’යි වදාළ සේක. 32 එවිට විනයධරයා උන් වහන්සේ ට පිළිතුරු දෙමින්, ‘ගුරුදේවයෙනි, එය සැබෑය. උන් වහන්සේ එක ම තැනන් වහන්සේ යැයි ඔබ කීවා හරිය. උන් වහන්සේ හැර අන් දෙවි කෙනෙක් නැත. 33 මුළු හෘදයෙන් ද මුළු ආත්මයෙන් ද මුළු බුද්ධියෙන් ද මුළු වීර්යයෙන් ද උන් වහන්සේ ට ප්‍රේම කිරීම සහ තමා ට මෙන් ම තම අසල්වැසියා ට ප්‍රේම කිරීම, දවන යාග පුජා හා වෙනත් පුජා සියල්ලට ම වඩා ශ්‍රේෂ්ඨයැ’යි කීවේ ය”. (ශුද්ධවර මාක් 12 : 28 – 33)
“34 උන් වහන්සේ සද්දුසිවරුන් නිරුත්තර කළ බව අසා පරිසිවරු එක් රැස් වූ හ. 35 ඔවුන් අතරෙන් විනයධරයෙක් උන් වහන්සේ පරීක්ෂා කරමින්, 36 ‘ගුරුදෙවයිනි, ව්‍යවස්ථාවලියෙහි ශ්‍රේෂ්ඨතම ආඥාව කිමෙක් දැ’යි ඇසීය. 37 උන් වහන්සේ ඔහුට කතා කොට ‘නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු සිතින් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි ස්වාමීන් වහන්සේ ට ප්‍රේම කරන්න. 38 මෙය ශ්‍රේෂ්ඨතම පළමු වන ආඥාව ය. 39 දෙ වන ආඥාව ද එයට සමානය. එනම් ‘නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න’ යනුයි. 40 මුළු ව්‍යවස්ථාවලිය හා දිවැසාවලිය රඳා ඇත්තේ මෙ ආඥා දෙක මත යැ’යි වදාළ සේක”. (ශුද්ධවර මතෙව් 22 : 34 – 40)
“25 එක්තරා විනයධරයෙක් නැඟිට උන් වහන්සේ පරීක්ෂා කරමින් ‘ගුරුදේවයෙනි, සදාතන ජීවනය (ස්වර්ග රාජ්‍යය) හිමි කර ගනු සඳහා මා කුමක් කටයුතු දැ’යි ඇසී ය. 26 උන් වහන්සේ ද ඔහුට පිළිතුරු දෙමින් ‘ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත්තේ කුමක් ද? ඔබ එය තේරුම් ගන්නේ කෙසේ දැ’යි ඇසු සේක. 27 ඔහු උත්තර දෙමින් ‘නුඹේ මුළු හෘදයෙන් ද නුඹේ මුළු ආත්මයෙන් ද නුඹේ මුළු වීර්යයෙන් ද නුඹේ මුළු බුද්ධියෙන් ද නුඹේ දෙවි වූ සමිඳාණන් වහන්සේටත් නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසියාටත් ප්‍රේම කරන්න යනුයි’ කීය. 28 උන් වහන්සේ ඔබේ උත්තරය හරි ය. එසේ කරන්න, එවිට ඔබ ජීවත් වන්නෙහි යැ’යි ඔහුට වදාළ සේක”. (ශුද්ධවර ලූක් 10 : 25 – 28)
“21 ‘ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන අය මිස මට, ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන සියල්ලෝ ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝ ය. 22 ඒ දවසේ දී බොහෝ දෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකෙළෙමු ද? ඔබේ නාමයෙන් නොයෙක් ප්‍රබල ක්‍රියා නොකෙළෙමු දැ’යි මට කියනු ඇත. 23 එවිට මම, ‘කිසි කලෙක ඔබ නොහැඳින්නෙමි, දුදනෙනි, මා වෙතින් අහක් ව යන්නැ’යි ඔවුන්ට කියන්නෙමි”. (ශුද්ධවර මතෙව් 7 : 21 – 23)
 “8 යළිත් යක්ෂයා උන් වහන්සේ ඉතා උස් කන්දකට පමුණුවා, ලෝකයේ සියලු රට රාජ්‍යයන් සහ ඒවායේ යසශ්‍රිය උන් වහන්සේ ට පෙන්වා, 9 ‘ඔබ දණින් වැටී මට නමස්කාර කරන්නෙහි නම් මේ සියල්ල ඔබට දෙන්නෙමි’යි උන් වහන්සේ ට කී ය. 10 එවිට ජේසුස් වහන්සේ කතා කරමින් ‘සාතන් පලා යව! නුඹේ දෙවි සමිඳාණන් වහන්සේ ට නමස්කාර කරන්න, උන් වහන්සේ ට පමණක් සේවය කරන්න කියා ලියා ඇතැ’යි ඔහුට වදාළ සේක”.  (ශුද්ධවර මතෙව් 4 : 8 – 10).
“10 උන් වහන්සේ ජෙරුසලමට පිවිසි කළ මුළු නුවර වැසියෝ කැලඹී ‘මෙ කවරෙක් දැ’යි ඇසුහ. සමුහයෝ ද ‘මෙතුමාණෝ ගැලීලියේ නාසරෙත් නුවර දිවැසිවර (දෙවිඳුන්ගේ ධර්ම දුතයාණන්) ජේසුස් වහන්සේ යැ’යි පිළිතුරු දුන්හ”. (ශුද්ධවර මතෙව් 21 : 10 – 11).
“9 මිහි පිට කිසිවෙකුට පියාණෝ යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයෙහි වැඩ වසන එක ම පියාණන් වහන්සේ ය. 10 ඔබ ‘නායකයෝ’යි කියවා නොගන්න. ඔබගේ නායකයාණෝ එක් කෙනෙක් ම ය. එනම් ක්‍රිස්තුස් වහන්සේ ය”. (ශුද්ධවර මතෙව් 23 : 9 - 10).    
“36 එකල ජේසුස් වහන්සේ ඔවුන් සමග ගෙත්සෙමන නම් වූ තැනට පැමිණ ‘මා එතැනට ගොස් යාච්ඤා කරන අතර ඔබ මෙහි සිටින්නැ’ යි සිය ශ්‍රාවකයන් ට වදාළ සේක. 37 උන් වහන්සේ පේදුරු ද සෙබදිගේ පුත්‍රයන් දෙදෙනා ද කැඳවාගෙන ගිය සේක. ඉන් පසු උන් වහන්සේ ශෝකවන්ටත් සන්තාපවන්ටත් පටන් ගත් සේක. 38 එකල උන් වහන්සේ ඔවුන් අමතමින් ‘මැරෙන තරමට මාගේ සිත අතිශයින් ශෝකාන්විත ය, ඔබ මෙහි නැවතී මා සමඟ අවදි ව ඉන්නැ’යි වදාළ සේක. 39 උන් වහන්සේ මඳක් ඉදිරියට ගොස් මුණින් වැටී, ‘අහෝ මාගේ පියාණනි, හැකි නම් මෙ කුසලාන මා කෙරෙන් පහ කළ මැනව. එහෙත් මා කැමති ලෙස නොව ඔබ කැමති ලෙස වේවා’යි යාච්ඤා කළ සේක”. (ශුද්ධවර මතෙව් 26 : 36 – 39)
“තුනට පමණ ජේසුස් වහන්සේ ‘ඒලී ඒලී ලමා සබක්තනි’ කියා මහ හඬින් මොර ගැසුහ. එහි අර්ථය ‘මාගේ දෙවියනි, මාගේ දෙවියනි, ඔබ මා අත්හැරියේ මක්නිසා ද යනු’යි”. (ශුද්ධවර මතෙව් 27 : 46)
“තවද, ඒ දවස්වල දී උන් වහන්සේ යාච්ඤා කරන පිණිස කන්දකට නැගී දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් මුළු රැය ගෙවූ සේක”. (ශුද්ධවර ලූක් 6 : 12)
“ඒ පැයේ දී ම උන් වහන්සේ ශුද්ධාත්මයෙන් පුර්ණ වී උදන් අනමින් ‘ස්වර්ගයටත් පොළොවටත් අධිපති වූ පියාණෙනි, ඔබ මේ දේවල් පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ බැවින් ඔබට තුති පුදමි. එසේය පියාණනි, ඔබට ප්‍රිය මනාප වූයේත් එය ම ය”. (ශුද්ධවර ලූක් 10 : 21)
“එසේ වූව ද අදත් හෙටත් අනිද්දාත් මා චාරිකාවෙහි යෙදිය යුතු ය. කුමක් හෙයින් ද, දිවැසිවරයෙකුගේ  මරණය ජෙරුසලමෙන් පිටත දී සිදු විය නොහැකි ය”. (ශුද්ධවර ලූක් 13 : 33)
“ ‘කවර කාරණා දැ’යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසු සේක. ඔවුහු උත්තර දෙමින් ‘නාසරත් හි ජේසුස් වහන්සේ පිළිබඳ කාරණා ය. උන් වහන්සේ දෙවියන් වහන්සේ හා සකල ජනතාව ඉදිරියෙහි ක්‍රියාවෙහි ද කතාවෙහි ද බලසම්පන්න දිවැසිවරයෙකු ව සිටි සේක”. (ශුද්ධවර ලූක් 24 : 19)   
“31 ඒ අතර ශ්‍රාවකයෝ ‘ගුරුදේවයෙනි, වළඳනු මැනව’යි උන් වහන්සේගෙන් අයැද සිටියෝ ය. 32 එහෙත් උන් වහන්සේ ‘ඔබ නොදන්නා භෝජනයක් වැළඳීමට මට ඇතැ’යි ඔවුන්ට වදාළ සේක. 33 යම් කිසිවෙක් උන් වහන්සේට ආහාර ගෙනවුත් දුන්නේදැ’යි එවිට ශ්‍රාවකයෝ තම තමන් අතරේ විමසු හ. 34 ජේසුස් වහන්සේ ඔවුන් අමතා ‘මාගේ භෝජනය නම්, මා එවූ තැනැන් වහන්සේගේ කැමැත්ත කිරීමත් උන් වහන්සේගේ කාර්යය නිමාව ට පත් කිරීමත් ය”.(ශුද්ධවර ජොහන් 4: 31– 34)
“මාගේ තනි බලයෙන් මට කිසිත් කළ නො හැකි ය. අණ ලත් පරිද්දෙන් ම මම විනිශ්චය  කරමි. මාගේ විනිශ්චය සාධාරණ ය. මන්ද, මාගේ අරමුණ මාගේ ම කැමැත්ත ඉටු කිරීම නොව, මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත ඉටු කිරීමය”. (ශුද්ධවර ජොහන් 5 : 30)
“ඒකාන්තයෙන් ම මම ඔබට කියමි. මාගේ වචනය අසා මා එවා වදාළ තැනැන් වහන්සේ අදහාගන්නාට සදාතන ජීවනය ඇත.” (ශුද්ධවර ජොහන් 5 : 24)
“තවද, මා එවා වදාළ පියාණන් වහන්සේ ම මා පිළිබඳ ව සාක්ෂි දරා ඇත. උන් වහන්සේගේ හඬ කිසි කලෙක ඔබ අසා නැත. ස්වරූපය ද දැක නැත”. (ශුද්ධවර ජොහන් 5 : 37)
“16 එහෙයින් ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ‘මාගේ ඉගැන්වීම් මාගේ ම නොව, මා එවා වදාළ තැනැන් වහන්සේගේ ය. 17 යමෙක් දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්නට කැමැති වන්නේ නම් ඔහු ඒ ඉගැන්වීම් දෙවියන් වහන්සේගෙන් වූවක් ද නැතහොත් මාගෙන් ම වූවක් දැයි දැනගන්නේය. 18 තමාගේ ම අධිකාරී බලයෙන් අදහස් පවසන තැනැත්තේ තමාගේ ම ගෞරවය සොයන්නෙකි. එහෙත් තමන් එවා වදාළ තැනැන් වහන්සේගේ ගෞරවය සොයන්නා අවංක තැනැත්තෙකි. වංක බවක් ඔහු තුළ නැත”. (ශුද්ධවර ජොහන් 7 : 16 – 18)
“39 ‘අපේ පියාණෝ ආබ්‍රහම් යැ’යි ඔවුහු උන් වහන්සේට පිළිතුරු දුන්හ. උන් වහන්සේ ද ‘ඔබ ආබ්‍රහම්ගේ දරුවෝ නම් ආබ්‍රහම් කළ ක්‍රියා ඔබත් කරනු ඇත. 40 එසේ වූව ද දෙවියන් වහන්සේගෙන් අසා දැන ගත් සත්‍යය ප්‍රකාශ කළ මිනිසෙකු වන මා මරන්නට ඔබ සොයන්නෙහු ය. ආබ්‍රහම් නම් එසේ කෙළේ නැත”. (ශුද්ධවර ජොහන් 8 : 39 – 40)
“38 එවිට, නැවතත් ජේසුස් වහන්සේ අතිශයින් කැලඹී සොහොන් ගේ ළඟට පැමිණි සේක. එය වනාහි ගල් ගුහාවකි. එහි කට ගලකින් වසා තිබිණි. 39 ‘ගල ඉවත් කරන්නැ’යි ජේසුස් වහන්සේ වදාළ සේක. ‘ස්වාමීනි, ඔහු මියගොස් සතර දිනකි, දැන් දුගඳත් ඇතැ’යි මළ තැනැත්තාගේ සොහොයුරියක වූ මර්තා කීවා ය. 40 ජේසුස් වහන්සේ කතා කොට, ‘ඔබට ඇදහිල්ල ඇත්නම් ඔබ දෙවියන් වහන්සේගේ තෙජශ්‍රිය අත්දකින බව මා කීවා නොවේ දැ’යි ඈ ට වදාළ සේක. 41 එවිට ඔවුහු ගල ඉවත් කළහ. ජේසුස් වහන්සේ ඇස් ඔසවා ‘පියාණෙනි, ඔබ මට සවන් දුන් නිසා මම ඔබට ස්තුති කරමි. 42 සැමවිට ම ඔබ මට සවන් දෙන බව මම දැන සිටියෙමි. එහෙත් මා මේ දේ කීවේ ඔබ මා ඒවා වදාළ බවට අවට සිටින සමුහයා අදහාගන්න පිණිස යැ’යි වදාළ සේක. (ශුද්ධවර ජොහන් 11 : 38 – 42)
“මට ප්‍රේම නොකරන්නා මාගේ ධර්මය නොපිළිපදියි. ඔබ අසන ධර්මය මාගේ නොව මා ඒවා වදාළ පියාණන් වහන්සේගේ ධර්මය ය”. (ශුද්ධවර ජොහන් 14 : 24)
“ඇත්තේ එක ම දෙවියන් වහන්සේ ය. දෙවියන් වහන්සේ හා මනුෂ්‍යයන් අතර වනුයේ එක ම මදහත්කාරයෙකි. එනම්, මනුෂ්‍යයෙකු වූ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ය”. (1 තිමෝති 2 : 5)
“ඇත්තේ එක ම දෙවි කෙනෙකු බව ඔබ අදහන්නෙහි ය. එය කදිමයි. දුෂ්ටාත්මයෝත් එසේ අදහා බියෙන් වෙවුලති”. (ජාකොබ් 2 : 19)
“ජේසුස් වහන්සේ කතා කොට, ‘මා අල්ලන්නට එපා; මන්ද, මම තව ම පියාණන් වහන්සේ වෙත ට නොනැංගෙමි. ඒ නිසා දැන් ඔබ මාගේ සහෝදරයන් වෙත ට ගොස්, මම මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේ ද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේ ද වෙතට නඟින්නෙමි’යි ඔවුන්ට කියන්නැ’යි වදාළ සේක” (ශුද්ධවර ජොහන් 20 : 17)
“මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු ස්වර්ගයට ඔසවා ගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක”. (ශුද්ධවර මාක් 16 : 19)
විශ්වයේ අධිපති දෙවිඳුන් විසින් දැන් වූ කරුණු හැර ගුප්ත දෑ පිළිබඳ දැනුම ජේසු තුමාණන් ට තිබුණේ ද? එතුමාණන් දෙවිඳුන් නම් මේ දැනුම තිබිය යුතු නොවේ ද? කරුණාකර සිතා බලන්න.
“12 පසු දා ඔවුන් බෙතානියෙන් නික්ම ගිය කළ උන් වහන්සේ ට බඩගිනි විය. 13 උන් වහන්සේ කොළ ඇති අත්තික්කා ගසක් දුර දී දැක, ඉන් යමක් ලැබේ දෝ යි සිතමින් එහි වැඩිය සේක. ගස ළඟට පැමිණි කළ, කොළ මිස අන් කිසිවක් සම්බ නොවී ය. ඒ අත්තික්කා වාරය නොවූ බැවිනි”.  (ශුද්ධවර මාක් 11 : 12 – 13)
“32 ‘ඒ දිනය පිළිබඳ ව හෝ ඒ පැය පිළිබඳ ව හෝ කිසිවෙක් නොදනිති. ස්වර්ගයෙහි දුතයෝ වත්, පුත්‍රයාණෝ වත්, නොදනිති; එය දන්නේ පියාණන් වහන්සේ පමණක් ය”. (ශුද්ධවර මාක් (13 : 32 – 34)
ඔබ ජේසු තුමාණන් ට නැමදුම් කරන්නෙහි ද?
“6 උන් වහන්සේ පිළිතුරු දෙමින් ‘කෛරාටිකයිනි, ශුද්ධ ලියවිල්ලේ ලියා ඇති ලෙස ඔබ ගැන යෙසායා කී මේ දිවස් වැකිය මැනවින් ඔබට ගැළපේ: ‘මුවින් මේ සෙනඟ මට ගරු කරති, සිතින් නම් මගෙන් දුරු ව සිටිති. 7 මිනිස් ඔවා, දෙව් දහම් ලෙස උගන්වා නිසරු ලෙස මා නැමති’. 8 ‘ඔබ දෙවියන් වහන්සේ ගේ ආඥාව ඉවත ලා, මනුෂ්‍යයන් ගේ සම්ප්‍රදායයන් පිළිපදින්නේහු යැ’යි වදාළ සේක”. (ශුද්ධවර මාක් 7 : 6 – 8)
ජේසු තුමාණන් ඇතුළු ව කිසිවෙකු තවත් අයෙකුගේ භාරය හෝ පාපය උසුලන්නේ නැති බව බයිබලය සාක්ෂි දරයි. එසේ නම් තම ආරම්භක දෙමව්පියන් ගේ පාපයෙන් උරුම කර ගත්තා යැයි පවසන මුල් පාපයෙන් මනුෂ්‍ය වර්ගයා ගලවා ගැනීම සඳහා පාපයෙන් තොර වූ පාරිශුද්ධ රුධිරය කුරුසිය මත පිදීම ට ජේසු තුමා පැමිණියේ යැයි පවසන්නේ කෙලෙස ද?
“දරුවන්ගේ වැරදි වලට ඔවුන්ගේ පියවරුන් ද පියවරුන්ගේ වැරදි වලට ඔවුන්ගේ දරුවන් ද මරණයට පත් නොකළ යුතු ය. හැම කෙනෙක් ම තම තමාගේ ම අපරාධ වලට මරණයට පත් කරනු ලැබේ”.  (ද්විතීය නීති සංග්‍රහය 24 : 16)
“29 ඒ කාලය පැමිණි විට ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝ ය, දරුවන්ගේ දත් හිරි වැටුණේ යැ’යි තවත් කියනු නොලබන්නෝ ය. 30 එහෙත්, එකිනෙකා නසින්නේ තමන්ගේ පව් නිසා ය. දත් හිරි වැටෙන්නේ ඇඹුල් මිදි පල කෑ තැනැත්තාගේ ම ය”. (ජෙරමියා 31 : 29 – 30)
“1 සමිඳාණන් වහන්සේ මට යළිත් මෙසේ වදාළ සේක. 2 ‘පියවරු ඇඹුල් මිදි පල කෑවෝය, දරුවන්ගේ දත් හිරි වැටෙන්නේ ය’ යන ප්‍රස්තාව පිරුළ නුඹලා ඊශ්‍රායෙල් රටෙහි නැවත නැවත කියන්නේ මන් ද? 3 ඊශ්‍රායෙල් හි මේ ප්‍රස්තාව පිරුළ මින් පසු කියනු නොලැබේ යැයි මහෝත්තම දෙවි ස්වාමීන් වන මම මාගේ නාමයෙන් දිවුරා කියමි. 4 බලන්න, හැම ජීවිතයක් ම මට අයිති ය, පියාගේ ජීවිතය මෙන්ම පුත්‍රයාගේ ජීවිතයත් මට අයිති ය. පාපයේ ප්‍රතිවිපාකය විඳින්නේ පව් කළ පුද්ගලයා ම ය”. (එසකියෙල් 18 : 1 – 4)
“19 එහෙත් පියාගේ අපරාධ නිසා පුත්‍රයා දඬුවම් නොලබන්නේ මන්දැ යි නුඹලා අසනු ඇත. පුත්‍රයා නීති ගරුක ව අවංක ව සිට මාගේ සියලු පිළිපැද ඒවා ඉටු කර තිබේ නම් ඔහු සැබැවින් ම ජීවත් වන්නේ ය. 20 පව් කරන පුද්ගලයා ම නසිනු ඇත. පුත්‍රයා පියාගේ අදමිටුකමට වගකිව යුත්තෙක් නොවේ. පියා ද පුත්‍රයාගේ අයුතු කමට වගකිව යුත්තෙක් නොවේ. ධර්මිෂ්ඨයා සිය ධර්මිෂ්ඨකමේ පල විපාකත්, දුෂ්ටයා සිය දුෂ්ටකමේ ප්‍රතිවිපාකත් විඳින්නේය”. (එසකියෙල් 18 : 19 – 20)     
පාපයට ප්‍රතිකර්මය ජේසු තුමා විසින් කුරුසිය මත හෙළු පාරිශුද්ධ රුධිරය පිළිබඳ විශ්වාසය  ඇති කර ගැනීම නොව තම පාපය පිළිබඳ ව පශ්චාත්තාප වී දෙවිඳුන්ගේ මඟ ට අවතීර්ණ වී දෙවිඳුන් ගේ සියලු අණ පණත් පිළිපැදීම බව බයිබලය උගන්වනවා නොවේ ද?
“එහෙත් දුෂ්ටයා තමා කළ සියලු පාප වලින් හැරී මාගේ සියලු පණත් පවත්වමින් නීති ගරුක ව ද අවංක ව ද සිටියොත් ඔහු සැබැවින් ම නොනැසී ජීවත් වන්නේ ය”. (එසකියෙල් 18 : 21)
“31 ජේසුස් වහන්සේ ඔවුන් ට පිළිතුරු දෙමින්, ‘රෝගීන් ට මිස නිරෝගීන් ට වෙදාගෙන් වැඩක් නැත. 32 මා ආයේ, පවිටුන් මිස දමිටුන් පසුතැවී සිත් හරවා ගැනීම ට කැඳවීම පිණිස නොවේ යැ’යි වදාළ සේක”. (ශුද්ධවර ලූක් 5 : 31 – 32)
“එලෙස ම පසුතැවී සිත් හරවා ගැනීම ට වුවමනා ව නැතැ’යි සිතන සිල්වතුන් අනු නව දෙනෙකු ට වඩා පසුතැවී සිත හරවා ගන්න එක පව්කාරයෙකු ගැන ස්වර්ගයෙහි ප්‍රීතිය ඇති වන්නේ යැ’යි මම ඔබට කියමි”. (ශුද්ධවර ලූක් 15 : 7)    
“ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන් ට පසුතැවී සිත් හරවා ගැනීම ද පව් කමාව ද උන් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්න ට ද යුතු ම යැ’යි ලියා ඇත”. (ශුද්ධවර ලූක් 24 : 47)
“පසුතැවී සිත් හරවා ගන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය ළඟ යැ’යි කීය”. (ශුද්ධවර මතෙව් 3 : 2)
“එවක් පටන් ජේසුස් වහන්සේ ‘පසුතැවී සිත් හරවා ගන්න; ස්වර්ග රාජ්‍යය ආසන්න ය’ කියා දේශනා කරන්න පටන් ගත් සේක”. (ශුද්ධවර මතෙව් 4 : 17)     
“21 ‘ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ගේ කැමැත්ත ඉටු කරන අය මිස මට, ‘ස්වාමීනි, ස්වාමීනි’යි කියන සියල්ලෝ ම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නෝ ය. 22 ඒ දවසේ දී බොහෝ දෙනෙක්, ‘ස්වාමීනි, ස්වාමීනි, අපි ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු නොකෙළෙමු ද? ඔබේ නාමයෙන් නොයෙක් ප්‍රබල ක්‍රියා නොකෙළෙමු දැ’යි මට කියනු ඇත. 23 එවිට මම, ‘කිසි කලෙක ඔබ නොහැඳින්නෙමි, දුදනෙනි, මා වෙතින් අහක් ව යන්නැ’යි ඔවුන්ට කියන්නෙමි”. (ශුද්ධවර මතෙව් 7 : 21 – 23)
‘නුඹලා දැනගෙන සිටින තත්වයේ අසත්‍යය සමඟ සත්‍යය නුඹලා නොපටලවවු. තවද නුඹලා සත්‍යය නොසඟවවු. (අල්-කුර්ආන් 2:42)
බුහාරි හා මුස්ලිම් යන හදීස් ග්‍රන්ථයන්හි සඳහන් නබි වදන උපුටා පහතින් දක්වා ඇත්තෙමු.


‘සත්‍යය නියත වශයෙන්ම යහපත කරා මඟ පෙන්වයි. යහපත ස්වර්ගය කරා මඟ පෙන්වයි. නියත වශයෙන්ම සත්‍යය වාදි යෙක් ලෙස අල්ලාහ් විසින් මිනිසෙකු ලියාගනු ලබන තෙක් ඔහු සත්‍යය ප්‍රකාශ කරමින්ම සිටියි. නියත වශයෙන්ම අසත්‍යය අයහපත කරා මඟ පෙන්වයි. අයහපත නිරය කරා මඟ පෙන්වයි. නියත වශයෙන්ම මිනිසෙකු බොරුකාරයෙකු ලෙස අල්ලාහ් විසින් ලියාගනු ලබන තෙක් ඔහු අසත්‍යය ප්‍රකාශ කරමින්ම සිටියි.’

‘ඔබ සත්‍යය අවබෝධ කරගන්නෙහුය. සත්‍යය ඔබ නිදහස් කරන්නේය.’(ශුද්ධවර ජොහන් 8:32)
ඉන්ෂා අල්ලාහ්, ඉදිරි ලිපි මගින් ජේසු තුමාණන් විශ්වයේ අධිපති දෙවිඳුන් යැ’යි සනාථ කිරීමට ඉදිරිපත් කරන බයිබල් වැකියන් හි සැබෑ අර්ථය විමසා බලන්නට අදහස් කරන්නෙමු. තව ද ජේසු තුමාණන් දෙවිඳුන් ගේ එකම පුත්‍රයාණන් යැ’යි විශ්වාස කිරීමට බයිබලයේ සාක්ෂි තිබේ දැයි විමසුමක යෙදෙන්නට ද අපේක්ෂා කරන්නෙමු.  
 
 
ඔබේ අදහස් අපට දන්වන්න.
[email protected]