මද්යظසාරය

මද්යතසාරය ෂෙයිතාන්ගේ භයානක රෝගයකි - 1
2-මද්යතසාර - සියලු පාපයන්ගේ මෑණියවේ

اسم الكتاب: الخمر


ترجمة: جاسم بن دعيان


الناشر: موقع دين الإسلام


نبذة مختصرة: كتاب مترجم إلى اللغة السنهالية تبين أن الله - سبحانه وتعالى - قد ميز الإنسان عن سائر المخلوقات بالعقل، فبه يميز بين الخير والشر وبين الحسن والقبيح، وإن من المخالفة للفطرة إزالة العقل بالمسكرات والمخدرات، التي هي أم الخبائث، وهي عادة جاهلية قبيحة جاء الإسلام بتحريمها، وحدد لها عقوبة.


මද්‍යසාරය

 

< සිංහල >
        


Translator's name
ජාසිම් බින් දඉයාන්
Reviser's name
මුහම්මද් අසාද්

 

 

الخمر
        

 

 

ترجمة: ماهر رمدين

 
مراجعة:محمد آساد
 
මද්‍යසාරය
ඉස්ලාම් හවුස් වෙබ් අඩවියේ අංක 823836 දරණ පොත
 සිංහල පරිවර්තන ජාසිම් බින් දඉයාන්
http://www.islamreligion.com/

මද්‍යසාරය ෂෙයිතාන්ගේ භයානක රෝගයකි - 1


ක්‍රි.පූ. 988 වර්ෂයේ කීවාන් රුසියානු දේශයේ නායක විලාඩිමිර් රාජකුමාරයා ඕර්තොඩොක්ස් කිතුනු දහම Orthodox Christianity තම රාජ්‍ය ආගම ලෙස තෝරා ගත්තේය. රෝම අධිරාජ්‍යයේ තිබු දේව ස්ථානයේ - විශේෂයෙන් කොන්ස්ටන්ටිනොපල්  හි සාන්ත සොෆියා (වර්තමාන ඉස්තාන්බුල් හි හයා සොෆියා මස්ජිදය) දේවස්ථානයේ රත්‍රන් හා මහත් අලංකාරය දුටු ඔහුගේ තානාපතිවරු එයින් මහත් විස්මයට පත් වු බව පුරාණ කතා පවසයි. අසල තිබු බුල්ගාරියාවේ වොල්ගා නුවර පිහිටා තිබු මුස්ලිම් දේවස්ථානයේ ඉතා චාම් දර්ශනය ඔවුන් ප්‍රිය නොකළහ. එහෙත්, ඉස්ලාමයට නොව ක්‍රිස්තු දහමට ඔවුන් ප්‍රිය කිරීම සඳහා සාධක වූ තවත් බලවත් හේතුවක් තිබුණු බව ඉතිහාස විශේෂඥයන් වාර්තා කළහ. එනම්,  මද්‍යසාරයට රුසියානුවන් දක්වන ආශාව. මුස්ලිම්වරු මද්‍යසාරය සම්පූර්ණයෙන් තහනම් කර තිබුණු අතර, විලාඩිමිර් රාජකුමරයාගේ තානාපතිවරුන් මෙවැනි පරිත්‍යාගයක් කිරීමට සූදානම් වුයේ නැත. පදමට මත්විය හැකි මද්‍යසාරය සඳහා, විශේෂයෙන් වොඩිකා සඳහා රුසියානුවන්ගේ නොසංසිඳෙන පිපාසය නිසා එම රාජ්‍යය සදහටම විනාශයට පත් වීම ඉතාමත් ඛේදවාචක සිද්ධියක් බව කිසිදු සැකයක් නැත.
2000 වසර නිකුත් කළ රජයේ වාර්තාවට අනුව රුසියානු පිරිමින්ගෙන් 66% දෙනෙක් මරණයට පත් වන්නේ මත්වු තත්ත්වයේ බවද, එයින් අඩක්ම අධික මත් වීමට ලක් වූ තත්ත්වයේ  මිය යන බව වාර්තා වේ. රුසියානු පිරිමින් සාමාන්‍ය යෙන් 57.7 වයසේ දී මිය යෑමෙන් ඔවුන් ගේ අයුෂ කාලය යුරෝපයේ අවම එකකි. රුසියානු පිරිමින්ගෙන් 75% හෘද රෝග, අනතුරු සහ සිය දිවි නසා ගැනීම වැනි හේතුන් නිසා මිය යන අතර, එම අවස්ථාවන්හී මත් නොවු තත්ත්වයේ සිටිනු දැක ගැනීම ඉතා දුර්ලභය. මේ පිළිබඳ ව කොමර්සාන්ත් ප්‍රවෘත්ති පත්‍රය මෙසේ වාර්තා පළ කරයි. වයස 20 සිට 55 දක්වා පිරිමින්ගේ මරණය පිළිබඳ ව අධ්‍යයනය කළ වසර තුනක කාලය තුළ, මොස්කව් සහ උඩ්මුරිටා නගරයන් හි, “සියලු දෙනාම මත් වී සිටියහ. මිනි මරුවන් සහ ඔවුන්ට ගොදුරුවුවන්, ජලයේ ගිලී මරණයට ලක් වූවන්, සිය දිවි නසා ගත් අය, රියදුරන් ඔවුන් නිසා පදික වේදිකාවේ ගමන් කරද්දී අනතුරට පත් වී මිය ගියවුවන්, හෘදයාභාධයට ලක් වූවන් සහ පිළිකා රෝගයෙන් මිය ගියවුන් යන සියලු දෙනාම මිය යන විට මත්වි සිටියහ.“ Kommersant, Moscow, May 19, 2000.
මෙය කියවන කිසි කෙනෙක් සතුටු නොවන නමුත්, මෙම සංඛ්‍යා ලේඛනය රුසියානු ජාතීන්ට හෝ ආදම්ගේ දරුවන් අතර වෙනත් යම් ගෝත්‍රයට පමණක් අදාළ වන බව නොසිතන්න. රුසියානු මුස්ලිම් වරුන්ගේ ජාතික සංවිධානයේ උප සභාපති චෙර්නියෙන්කෝ මෙලෙස කරුණු පහදා දෙයි. “වොඩ්කා (වැනි මද්‍යසාරය) බීම රුසියානු සංස්කෘතියේ ඉතා වැදගත් ස්ථානයක් දරණ නමුත්, මම මද්‍යසාර භාවතා නොකර වූවද යහපත් රුසියානු පුරවැසියෙක් විය හැක. රුසියාවේ බොහෝ සමාජීය ප්‍රශ්න වලට හේතුව මද්‍ය සාරය භාවිත කිරීම‍ වේ.  ඉස්ලාමිය සමාජීය සංස්කෘති කිහිපයක් හෝ රුසියාවට හඳුනා දිය හැකි නම්, සමාජය සහ දේශය යළිත් ශක්තිමත් විය හැකි බවට කිසිදු සැකයක් නැත.”
පසු ගිය සීතල යුද්ධ සමයේ රුසියාවේ පරම සතුරා වූ බටහිර දෙසට පිහිටි ඇමරිකානු එක්සත් ජනපදය දෙස නෙත් යොමු කළේ නම්, එම දේශයද මත්පැන් නිසා සිදු වන ජීවිත හානි සහ කායික හානි සම්බන්ධ ව යහපත් තත්ත්වයක සිටින බව කිව නොහැක. 1988 වර්ෂයේ සිදු කළ අධ්‍යයනයට එකඟ ව, එක් ලක්ෂයක් පමණ ජනතාවගේ ජීවිත හානිය සහ ඩොලර් බිලියන 85.8ට අධික සම්පත් හානි සියල්ල මත්පැන් භාවිතය නිසා සිදු වූ බව රෝහලේ ප්‍රතිකාර ගත් 25% සහ 40% අතර  ජනතාව මද්‍යසාර හා සම්බන්ධ ප්‍රශ්න නිසා ඇතුළත් කරනු ලැබු බව සඳහන් වේ. ඇමරිකාවේ මහාමාර්ග අනතුරට ප්‍රධාන හේතුව මද්‍යසාර භාවිතය වන අතර, 1996 වර්ෂයේ 17,126 දෙනෙක් මත්පැන් භාවිතය නිසා සිදු වු අනතුරු මගින් මිය ගිය බව රජයේ සංඛ්‍යා ලේඛනය පවසයි. ඇමරිකාවේ පවුල් ජීවිත බිඳ වැටීමට ප්‍රධාන හේතුව මත්පැන් භාවිතයයි. 2006 වසර නිකුත් කළ ඇමරිකානු රෝග පාලනය හා මර්දන මධ්‍යස්ථානය (U.S. Center for Disease Control and Prevention) වාර්තාවට එකඟ ව පළාත් 13ක සිය දිවි නසා ගත් අයගෙන් 33.3% - එනම් තුන් දෙනෙකුගෙන් එක්කෙනෙකුගේ රුධිරයේ, සිය දිවි නසා ගත් මොහොතේ මද්‍යසාරය මිශ්‍ර වි තිබු බව සොයා ගන්නා ලදී. මෙම සංඛ්‍යා ලේඛනය පෙන්වන තොරතුරු කෙසේ වුවත්, මේ මරණ සියල්ලට ප්‍රධාන හේතුව ජනතාව මද්‍යසාර නම් අගාධයට වැටීමයි යන සැබෑව පිළිබඳ ව ඇමරිකානු මනෝ විද්‍යාව පිළිගන්නා සළකුණු කිසිවක් නොමැත. ඇමරිකානුවන්ගෙන් මත් පැන් බෝතලය ඉවත් කළේ නම්, එහි දී වෙනස් වූ ප්‍රතිඵලයක් ඔවුන්ට දැක ගත හැකිවන්නේය. මෙයට පෙර එක්තරා ඉස්ලාමිය පසුතලයක ඇමරිකානුවන්ට මෙහි යහඵලය දැක ගන්නට ලැබුණු බව මෙහි දී පෙන්වා දිය යුතුය. මේ බව සහතික කරන්නේ ඔවුන්ගේම සේනාධිපති තුමාය.
“අපගේ අසනීප නිවාඩු ඉල්ලීම් අඩු විය, අනතුරු සහ තුවාල සිදුවීම් අඩු විය, නීතිය කඩ කිරීමේ සිද්ධීන් අඩු විය, සේනාවේ සෞඛ්‍ය තත්ත්වය  යහපත් අතට හැරුණේය. මෙයින්  ඇතැම් වැදගත් චිකිත්සීය යහ ප්‍රතිඵල අපට ලැබීමට එකම හේතු වුයේ මෙම රාජධානියේ (සවූදි අරාබියේ) මද්‍යසාර ලබා ගැනීමේ මාර්ගයක් නොමැතිවීමයි.” යනුවෙන්  මැදපෙරදිග යුද්ධ අවස්ථාවේ දී සවූදි අරාබියේ රැස් වූ එක්සත් ජාත්‍යන්තර සේනාවේ මහා සේනාධිපති, ජනරාල් නෝර්මන් ස්වාර්ස්කොෆ් (Gen. Norman Schwarzkopf) මද්‍යසාර හිඟය නිසා ඇමරිකානු සෙබළුන් තවත් දක්ෂ ලෙස ක්‍රියා කිරීමට හේතු වු කරුණු පිළිබඳව ඇමරිකානු කොන්ග්‍රසයට 1991 ජූනි මස 13 වන දින පැහැදිලි කළේය.
මවගේ කුසයේ තවමත් සිටින දරුවන් පවා මද්‍යසාරයේ අනතුරෙන් ආරක්ෂා නොලබති. ගර්භාෂයේ සිටින දරුවා පවා මද්‍යසාරයේ අයහපත් විපාකයට ලක් වන අතර එ  නිසා දරුවාට සිදු විය හැකි රෝගය ඉතාමත් අයහපත් එකකි. මෙම Fetal alcohol syndrome පීඩාව ලොවේ ඉපදින දරුවන් 1,000ක් අතරින් එක් දරුවෙක්  හෝ දෙදෙනෙකුට හට ගත හැකි අතර, එනිසා කායික හා ස්නායුවේදිව නිදන්ගත හානියට භාජනය වනු ඇත.( Associated Press, London, April 8, 1993.) ජර්මන් දේශයේ වසර දහයක පරීක්ෂණය සඳහන් කරන පරිදි, දීර්ඝ කාලීන ඉස්මොළ හානිය, කෙටි කාලීන කායික අංග විකෘතිය,  සිරුරට නොගැළපෙන කුඩා හිස සහ සිරුරේ කුරුමිටි භාවය යන දේ මෙම පීඩාවේ රෝග ලක්ෂණ කිහිපයකි. මෙවැනි සිදුවීම් වැළකීම සඳහා ගැබිනි කාන්තාවන් ගර්භිණී භාවයේ මද්‍යසාර භාවිතයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී සිටිය යුතු අතර, බිරිය ගැබ් ගැනීමට මාස කිහිපයකට පෙර සිට පිරිමින් ද මද්‍යසාර භාවිතයෙන් වැළකී සිටිය යුතු බව වෛද්‍යවරුන් නිර්දේශ කරති.
فَهَلْ أَنتُم مُّنتَهُونَ ﴿٩١﴾
“ඔබ එයින් වැළකි නොසිටින්නේ ද?” යැයි අල් කුර්ආන් 5:91 විමසයි.
සියදිවි නසා ගැනීම, මිනිස් ඝාතන, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, බරපතළ ශාරීරික හානිය, පොදු දේපළට හානි සිදු කිරීම්, තමන්ටම හානි සිදු කර ගැනීම, නුපන් දරුවාට හානි සිදු කිරීම යන මේ සියල්ල මද්‍යසාර භාවිතයේ අයහපත් ප්‍රතිවිපාක වන බව සලකන්න. එහෙත්, ඉස්ලාමිය ආගමිකයන් සහ ඉස්ලාමිය නීතිය අනුගමනය කරන පළාතේ ජීවත් වන අන් ආගමිකයන් මද්‍යසාර භාවිතය යන මෙම රෝගයෙන් පහසුවෙන් වැළකී සිටිති. මද්‍යසාර භාවිතය බලවත් රෝගයක් නම්, විශේෂයෙන් එය ෂෛතාන්ගේ භයානක රෝගයක් නම්, මුස්ලිම් බැතිමතුන්  එයට එරෙහි ව ප්‍රතිශක්ති ලබා සිටිය යුතුය. මෙම රෝගයේ විශේෂත්වය වනුයේ:
•    මෙය බෝතල් වල පුරවා අලෙවි කරන ලදී;
•    ප්‍රවෘත්ති පත්‍ර, සඟරා, ගුවන් විදුලි සහ රුපවාහිණි මගින් ප්‍රචාර කරන ලදී;
•    මෙම රෝගය මිනිසාගේ ඕනෑකමින් වැලඳ ගන්නා ලදී;
•    රෝගය පැතිරීම සඳහා බලපත්‍ර නිකුත් කරන ලැබේ;
•    රජයට ආදායම් ගෙන දෙයි;
•    මහා මර්ගයේ දරුණු මරණ ගෙන දෙන්නේය;
•    වෛරසක් හෝ විෂ බීජයක් නොමැති ව පැතිරේ;
•    කෙනෙකුගේ සෞඛ්‍යය ස්වයං විනාශයට පත් කරයි;
•    පවුල් ජීවිත විනාශ කර සමාජයේ අපරාධ වැඩි වේ. (මෙම ලයිස්තුව දකුණු අප්‍රිකාවේ ඩර්බන් නගරයේ ඉස්ලාම් ප්‍රචාරක මධ්‍ය ස්ථානය “ඔබේ කුස තුළ ගිනි“ Fire in your bellies යන නාමයෙන් ප්‍රථම වරට ප්‍රකාශ කළහ)
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ‌ وَالْمَيْسِرُ‌ وَالْأَنصَابُ وَالْأَزْلَامُ رِ‌جْسٌ مِّنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ ﴿٩٠﴾ إِنَّمَا يُرِ‌يدُ الشَّيْطَانُ أَن يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ فِي الْخَمْرِ‌ وَالْمَيْسِرِ‌ وَيَصُدَّكُمْ عَن ذِكْرِ‌ اللَّـهِ وَعَنِ الصَّلَاةِ ۖ فَهَلْ أَنتُم مُّنتَهُونَ ﴿٩١﴾
“විශ්වාස කළ අයවලුනි! මත්පැන් පානයද සූදු කෙළියද (ඇදහීම් පිණිස  සිටුවන ලද) පිළිරුද, කැට පෙරළා නිමිති බැලිමද ෂයිතාන්ගේ ක්‍රියාවන්ගෙන් පිළිකුල් කරන ලද දැය ය. එහෙයින් තොප ජයග්‍රාහිකයන් වනු පිණිස එයින් වැළකෙවු. මත්පැන් පානයෙන්ද, දාදු කෙළියෙන්ද ඔබ අතර විරෝධයද ද්වේෂයද හටගන්වා අල්ලාහ් සිහිකිරීමෙන්ද, සලාහ් කිරීමෙන්ද ඔබ වළක්වන්නටය ෂයිතාන් අදහස් කරන්නේ. එසේ හෙයින් ඔබ එයින් වැළකෙන්නහුද? (වැළකෙවු)” 5:90,91
දෙවැනි කොටස
මද්‍යසාර - සියලු පාපයන්ගේ මෑණියවේ
“අහෝ දෙවියනි! මිනිසුන් ඔවුන්ගේ ඉස්මොළය සොරා ගන්නා සතුරා ව තම කටේ දාගනිති! එයින් අපි තිරිසනුන් බවට වෙනස් වීම ගැන සතුටු වී, ප්‍රීති ඝෝෂා නගා අප්පුඩි ගසමු.” (විලියම් ශේක්ස්පියර්ගේ ඔතෙල්ලෝ නාට්‍ය 2වන කොටස, දර්ශන 3)
මෙයට එකඟ ව මද්‍යසාරය කුඩා ප්‍රමාණයක් හෝ විශාල ප්‍රමාණයක් හෝ භාවිත කිරීම ඉස්ලාම් තහනම් කරන බව අප දකිමු. “විශාල ප්‍රමාණයේ ඕනෑම යමක්  උමතු කරන්නේ නම්, එයින් සුළු ප්‍රමාණයක්ද (භාවිත කිරීම) තහනම්ය.” යනුවෙන් මුහම්මද් නබි (සල්) තුමාණන් උපදෙස් දුන්හ. මෙම හදීසය ජාබිර් (රළි) දන්වා  තිර්මිදි, අබු දාවුද් සහ ඉබ්නු මාජා වාර්තා කළෝය.
මෙම එක හදිසය තුළින් ආගමක් වශයෙන් ඉස්ලාම්හි සියලු නීති අඩංගු අංග සම්පූර්ණතාව, එහි දක්වන විස්තීර්ණ ජීවන මාර්ගය යන සියල්ල අපට දැක ගත හැක. මුස්ලිම් බවට පත් වූ සාහිබ් එම් බ්ලේහර් නමැති ජර්මානු ජාතිකයෙක් ඔහුගේ “වැඩියෙන් තවත් විදුරුවක්” යන පොතේ  පිටු අංක 199 මෙලෙස ලියා ඇත. “ජාතියේ කායික යහපත් මෙන් ම එහි සදාචාරාත්මක සහ ආධ්‍යාත්මික අංගය ඉස්ලාම් අගය කරයි. විධිමත් ලෙස ක්‍රියා කරන සිතට මැදිහත් වන, අපේ දැනීමේ ශක්තිය හිරි වට්ටවමින් අපගේ විලි ලැජ්ජාව හා වගකිම දුර්වල කරන හෝ  අපගේ අවබෝධය අඳුරු බවට පත් කරන ඕනෑම දැයක් අනර්ථකාරි බව ඉස්ලාම් සලකයි. සිත විකෘති කරන මද්‍යසාර සහ මත් ද්‍රවය වැනි සියලු දේ මෙහි අඩංගුය. එකම මද්‍ය භාණ්ඩයට විවිධ අය විවිධ අයුරින්  ප්‍රතිචාර දක්වන බව හඳුනා ගත් ඉස්ලාම්, ඒවායින් කුමන ප්‍රමාණය කුමන කෙනෙකුට සුදුසු දැ යි තීරණ කිරීමට කිසිවෙකුට ඉඩ තැබුවේ නැත. මිනිසුන් බහුතරයක් තමා පානය කරන මද්‍යසාරය තමන්ට පාලනය කළ හැකි බව සිතන නමුත්, අවසානයේ ඔවුන් සීමාව ඉක්මවා තවත් විදුරුවක් පානය කරති. මේ නිසා යම් දැයක්  අධික ලෙස භාවිත කරන විට සිතේ පැහැදිලි භාවය විකෘති කරන්නේ නම්, එයින් ස්වල්ප ප්‍රමාණයක් වුවද හානි සිදු කරන බව පැහැදිලිව පවසයි. මේ හේතුවෙන්, මත් ද්‍රව්‍ය. මද්‍යසාරය යන සියලු දේට සම්පූර්ණ තහනම ඉස්ලාම් පනවා ඇත. ඒවා අයුතු ලෙස භාවිත කිරීම පිළිබඳ පමණක් නොව, ඒවායේ භාවිත පවා ඉස්ලාම් තහනම් කර තිබෙන බව සලකන්න.
ඇතැම් මද්‍යසාර පානයේ යහපතක් තිබෙන බව නම් සැබෑය. මද්‍යසාරය ඇතැම් අයට ශක්තිය සහ ආත්ම ධෛර්යය ගෙන දිය හැක. ඇතැම් විට හුදකලාවේ නිස්කලංකව සිටීමට උපකාර කරයි. එමෙන්ම,  සුළු ප්‍රමාණ භාවිතයෙන් කෙනෙකුගේ හදවත සුවයට ද හේතුවක් විය හැක. (මිදි තුළ ස්වභාවික ව හටගන්නා වර්ණ ද්‍රව්‍ය මගින් හදවතට සුවය දෙන ලැබෙන නමුත්, මිදි යුෂ  පැසවා ගත් මත් පානය නිසා එම සුවය නොලැබේ.)
කෙසේ වෙතත් අල් කුර්ආනය පැහැදිලි ව පවසන ආකාරයට, මද්‍යසාරයෙන් සිදු වන හානිය, එයින් සිදු වන වාසියට වඩා අධිකය. මේවා සියල්ල නිරීක්ෂණ කිරීමෙන් පසු මද්‍යසාරය එය භාවිත කරන්නාගේ මිතුරෙකු නොව සතුරෙක් බවට නිගමනය කළ හැක.
يَسْأَلُونَكَ عَنِ الْخَمْرِ‌ وَالْمَيْسِرِ‌ ۖ قُلْ فِيهِمَا إِثْمٌ كَبِيرٌ‌ وَمَنَافِعُ لِلنَّاسِ وَإِثْمُهُمَا أَكْبَرُ‌ مِن نَّفْعِهِمَا ۗ وَيَسْأَلُونَكَ مَاذَا يُنفِقُونَ قُلِ الْعَفْوَ ۗ كَذَٰلِكَ يُبَيِّنُ اللَّـهُ لَكُمُ الْآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُ‌ونَ ﴿٢١٩﴾
 “(නබිවරය) සුරාව හා සූදුව පිළිබඳ ඔවුහු නුඹගෙන් විමසති. ඒ දෙකෙහි මහත් පාපය හා ජනයාට යම් ප්‍රයෝජන ඇති බවත්, නමුත් ඒ දෙකෙහි ප්‍රයෝජනයට වඩා ඒ දෙකෙහි පාපය අති මහත් බවත් පවසනු.” අල් කුර්ආන 2:219.
මත්පැන් භාවිතය, නිෂ්පාදනය, ප්‍රවාහනය සහ අලෙවි කිරීම වැනි සියලු  ක්‍රියාවන්  සාපරාධයක් ලස ඉස්ලාමිය නීතිය තහනම් කරන්නේ මිනිසාගේ යහපත සහ වර්ධනය සඳහා ඉස්ලාම් මඟ පෙන්වන හේතුවෙන්ය. “සියලු මද්‍යසාර (පානය), එය පානය කරන්නා, එය සපයන්නා, එය අලෙවි කරන්නා, එය මිල දී ගන්නා, එය නිෂ්පාදනය කරන්නා, තමාට සාදා දෙන ලෙස ඉල්ලීම් කරන්නා, සහ ලැබෙන්නට සලස්වන්නා සහ එය ලබා ගන්නා යන සියලු දෙනාට අල්ලාහ් ශාප කරයි.” යනුවෙන් අල්ලාහ්ගේ රසුල් (සල්) තුමාණන් අවවාද කළහ. මූලාශ්‍ර අබු දාවුද්. ඇත්ත වශයෙන්ම, මත් පැන් පානය කිරීම පවා මහා අපරාධයක්  ලෙස සැලකෙන හේතුවෙන්, එම වරද සඳහා  මෙලොවේ ශාරීරික දඬුවම නියම කෙරේ. මරණයෙන් පසුව එය සඳහා ලැබෙන දඬුවම බරපතළය.
නබි (සල්) තුමාණන් මෙලෙස පැවසුහ. “සෑම මද්‍යසාරයක් ම තහනම් ය. මද්‍යසාරය භාවිත කරන අයට “තිනාත් අල් හඃබල්” පානය සඳහා දෙනු ලබන බව අල්ලාහ් පොරොන්දුවක් කර ඇත.“ තිනාත් අල් හඃබල්” යනු කුමක් ද නබි (සල්) තුමණි? යනුවෙන් සහබාවරු විමසුහ. එවිට එතුමාණන් “අපාය ගතවුවන්ගේ ශරීරයෙන් බැහැර වන දේ” යනුවෙන් එතුමාණන් පිළිතුරු දුන්හ. මූලාශ්‍ර සහීහ් අල් මුස්ලිම්.
අවසාන වශයෙන් මුස්ලිම් වරුන් අතර මෙම ජනප්‍රය පහත සඳහන් කතා ව දෙස ඔබේ අවධානය යොමු කිරීම සුදුසු බව සිතමු.
එක් කාලයක, අයහපත් කාන්තාවක් සිටියාය. ඇය යහපත් පිරිමියෙකුට වැරදි ක්‍රියාවක් සඳහා ඇරයුම් කළාය. අල්ලාහ්ට අධික ලෙස බියවූ එම පුද්ගලයා එම ඇරයුම සහමුලින්ම ප්‍රතික්ෂේප කළේය.  ඔහුගෙන් කෙසේ හෝ තම අවශ්‍යතාව ලබා ගන්නට තීරණය කළ එම කාන්තාව ඔහුට විකල්ප ක්‍රියා තුනක් පැවසුවාය. ඒවා සියල්ල එකිනෙකට සමාන මහත් නීච ක්‍රියා බව නම් නිසැකය. මද්‍යසාරය පානය කිරීම, තමා සමඟ අනාචාරයේ හැසිරීම හෝ තම දරුවා ඝාතන කිරීම යන විකල්ප තුනක් ඇය පැවසුවාය. ඔහු මේවාට එකඟ නොවුයේ නම්, තමාව දූෂණ කළ බව හඬ නඟා කෑ ගසන බව ඇය පැවසුවාය. තමා පත් ව සිටින අසීරු තත්ත්වය ගැන පරීක්ෂා කළ එම මිනිසා, විකල්ප තුනෙන් අවම පාපය ලෙස ඔහු සිතු මද්‍යසාර භාවිතයට අවසානයේ එකඟ විය. කෙසේ වෙතත් මද්‍යසාරය භාවිත කිරීමෙන් මත් වී සිත් විකෘති වූ එම මිනිසා, දරුවා ඝාතන කර, එම කාන්තාව සමඟ අනාචාරයේ හැසිරුණේය. (එනම් පාපයන් තුනම එහි දී සිදු විය)
කල්පනා කර බලන්න. මිනිසෙක් වශයෙන් ඉතාමත් පහත් තත්ත්වයට ඔබද පහසුවෙන් පත් විය හැකි අවස්ථාව ගැන කල්පනා කර බලන්න. එනම් සෑම පාපයන් හි මෑණිය ඔබ තුරුලු කර ගත්තේ නම් මේවා සියල්ල සිදුවිය හැකිය.

නිමි
Contents

الصفحة    العنوان    م
    මද්‍යසාරය ෂෙයිතාන්ගේ භයානක රෝගයකි - 1    1
    මද්‍යසාර - සියලු පාපයන්ගේ මෑණියවේ    2
        3
        4
        5
        6
        7
        8
        9
        10
        11
        12
        13
        14
        15
 


    
    

 

    

 

මද්යظසාරය

Download

About the book

Author :

www.islamreligion.com - Islam Religion Website

Publisher :

www.islamland.com

Category :

Jurisprudence