සූරා අල් මාඉදා 82 සිට 120 දක්වා වාක්‍යයන් හී පරිවර්තණය, සාරාංශය සහිතව

සූරා අල් මාඉදා 82 සිට 120 දක්වා වාක්‍යයන් හී පරිවර්තණය, සාරාංශය සහිතව

اسم المادة: ترجمة معاني القرآن الكريم باللغة السنهالية من سورة الفاتحة حتى الآية 90 من سورة البقرة.


الناشر: المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة


 

අල් කුර්ආන්
5 සූරා අල් මාඉදා (ආහාර බන්දේසි)
වාක්‍ය 82 සිට 120 දක්වා

 

< සිංහල >





භාෂා පරිවර්තක
මාහිර් රම්ඩීන්

සංස්කාරක
මුහම්මද් අසාද්
 
ترجمة القرآن الكريم
سورة المائدة من الآية 82 حتى 120
اللغة السنهالية
        



ترجمة:
ماهر رمدين
مراجعة:
محمد آساد ومجموعة من العلماء والترجمين

 

05 සූරත් අල්-මාඉදා (ආහාර බන්දේසිය)  
ආයත් 82-120 කි.
82-86. විශ්වාස වන්තයින් කෙරෙහි යුදෙව්වන් හා ආදේශ තබන්නන්ගේ දැඩි සතුරුකම හා ඔවුන්ගේ මුරණ්ඩුකම.
(නබිවරය,) ජනයා අතුරින් විශ්වාසකළවුනට සතුරුකමින් වඩා දරුණු අය ලෙස නුඹ යුදෙව්වන් හා දේව ආදේශ කළවුන් දකිනු ඇත. තවද මිතුරුකමින් විශ්වාස කළවුනට වඩාත් සමීපතයින් ලෙස  සැබැවින්ම අපි කිතුනුවෝ වෙමු යැයි පැවසූ අය නුඹ දකිනු ඇත. හේතුව ඔවුන් අතර උගත් ගුරුවරුන් ද පූජකයින් ද සිටින බැවිනි. එමෙන්ම ඔවුහු උඩගු නොවෙති.     لَتَجِدَنَّ أَشَدَّ النَّاسِ عَدَاوَةً لِلَّذِينَ آَمَنُوا الْيَهُودَ وَالَّذِينَ أَشْرَكُوا وَلَتَجِدَنَّ أَقْرَبَهُمْ مَوَدَّةً لِلَّذِينَ آَمَنُوا الَّذِينَ قَالُوا إِنَّا نَصَارَى ذَلِكَ بِأَنَّ مِنْهُمْ قِسِّيسِينَ وَرُهْبَانًا وَأَنَّهُمْ لَا يَسْتَكْبِرُونَ (82)
රසූල්වරයාට පහළ කරනු ලැබූ දෑ ඔවුහු සවන් දුන් විට සත්‍යය ඔවුහු වටහා ගත් හේතුවෙන් ඔවුන්ගේ ඇස් වලින් කඳුළු හැළෙනු නුඹ දකිනු ඇත. තවද අපගේ පරමාධිපතියාණනි, අපි විශ්වාස කළෙමු. එබැවින් අප ව සාක්ෂි දරන්නන් සමඟ සටහන් කරනු මැනව!යි පවසති.      وَإِذَا سَمِعُوا مَا أُنْزِلَ إِلَى الرَّسُولِ تَرَى أَعْيُنَهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ مِمَّا عَرَفُوا مِنَ الْحَقِّ يَقُولُونَ رَبَّنَا آَمَنَّا فَاكْتُبْنَا مَعَ الشَّاهِدِينَ (83)
අල්ලාහ් හා සත්‍යයෙන් යුතුව අප වෙත පැමිණි දෑ අප විශ්වාස නොකර සිටීමට අපට කුමක් වී ද? තවද අපගේ පරමාධිපති දැහැමි ජනයා සමඟ අප ව ද ඇතුළත් කිරීම අපි ප්‍රිය කරන්නෙමු.     وَمَا لَنَا لَا نُؤْمِنُ بِاللَّهِ وَمَا جَاءَنَا مِنَ الْحَقِّ وَنَطْمَعُ أَنْ يُدْخِلَنَا رَبُّنَا مَعَ الْقَوْمِ الصَّالِحِينَ (84)
ඔවුහු පැවසූ දෑ හේතුවෙන් පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් අල්ලාහ් ඔවුනට කුසල් වශයෙන් පිරිනැමීය. ඔවුහු එහි සදාතනිකයෝය. එය යහකම් කරන්නන්ගේ ප්‍රතිඵලය වේ.     فَأَثَابَهُمُ اللَّهُ بِمَا قَالُوا جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ جَزَاءُ الْمُحْسِنِينَ (85)
අපගේ වදන් බොරු කොට ප්‍රතික්ෂේප කළවුන්, ඔවුහුමය නිරයේ සගයෝ.     وَالَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا أُولَئِكَ أَصْحَابُ الْجَحِيمِ (86)
87-89. පිරිසිදු දැයින් වැළකී සිටීමේ තහනම හා දිවුරුම් කඩ කිරීමේ නීතිය.
අහෝ ! විශ්වාස කළවුනි,  නුඹලාට අල්ලාහ් අනුමත කළ දැයින් යහපත් දෑ නුඹලා තහනම් කර නොගනු. තවද නුඹලා සීමාව ඉක්මවා නොයනු. සැබැවින්ම සීමාව ඉක්මවා කටයුතු කරන්නන් ව අල්ලාහ් ප්‍රිය නොකරයි.     يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُحَرِّمُوا طَيِّبَاتِ مَا أَحَلَّ اللَّهُ لَكُمْ وَلَا تَعْتَدُوا إِنَّ اللَّهَ لَا يُحِبُّ الْمُعْتَدِينَ (87)
තවද අල්ලාහ් නුඹලාට පිරිනැමූ දැයින් අනුමත පිරිසිදු දෑ නුඹලා අනුභව කරනු. නුඹලා කවරෙකු  විශ්වාස කරමින් සිටින්නේ ද එවන් අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු.      وَكُلُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ حَلَالًا طَيِّبًا وَاتَّقُوا اللَّهَ الَّذِي أَنْتُمْ بِهِ مُؤْمِنُونَ (88)
නුඹලාගේ දිවුරීම්හි නිකරුණේ පවසන දෑ වෙනුවෙන් අල්ලාහ් නුඹලා ව ග්‍රහණය නොකරයි. නමුත් නුඹලා ව ඔහු ග්‍රහණය කරනුයේ ස්ථීර කරමින් පවසන දිවුරීම් වෙනුවෙනි. (එසේ වරදක් සිදු වූ විටක) එවිට එහි වන්දිය වනුයේ නුඹලාගේ පවුලට ආහාර වශයෙන් නුඹලා මධ්‍යස්ථ ව ලබා දෙන දැයින්  දුගියන් දස දෙනෙකුට ආහාර සැපයීමය. නැතහොත් ඔවුනට ඇඳුම් ලබා දීමය. එසේත් නැතහොත් වහලෙකු නිදහස් කිරීමය. නමුත් එය නොලැබූ අය දින තුනක් උපවාසයේ නියැළිය යුතුය. නුඹලා දිවුරා සිටියේ නම්  නුඹලාගේ දිවුරීම් වලට වන්දිය වනුයේ එයයි. තවද නුඹලාගේ දිවුරීම් ආරක්ෂා කරනු. නුඹලා කෘතවේදී වනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ එලෙසය.    لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فِي أَيْمَانِكُمْ وَلَكِنْ يُؤَاخِذُكُمْ بِمَا عَقَّدْتُمُ الْأَيْمَانَ فَكَفَّارَتُهُ إِطْعَامُ عَشَرَةِ مَسَاكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تَحْرِيرُ رَقَبَةٍ فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ ثَلَاثَةِ أَيَّامٍ ذَلِكَ كَفَّارَةُ أَيْمَانِكُمْ إِذَا حَلَفْتُمْ وَاحْفَظُوا أَيْمَانَكُمْ كَذَلِكَ يُبَيِّنُ اللَّهُ لَكُمْ آَيَاتِهِ لَعَلَّكُمْ تَشْكُرُونَ (89)
90–93. සුරාව සූදුව හා සෙසු සූදු වර්ග වල තහනම.
අහෝ විශ්වාසකළවුනි ! සුරාව සූදුව පිළිම වන්දනාව හා පේන බැලීම ෂෙයිතාන්ගේ ක්‍රියාවෙන් පිළිකුල් සහගත දෑ ය. එබැවින් නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස නුඹලා එයින් වැළකී සිටිනු.     يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْخَمْرُ وَالْمَيْسِرُ وَالْأَنْصَابُ وَالْأَزْلَامُ رِجْسٌ مِنْ عَمَلِ الشَّيْطَانِ فَاجْتَنِبُوهُ لَعَلَّكُمْ تُفْلِحُونَ (90)
ෂෙයිතාන් අපේක්ෂා කරනුයේ සුරාව හා සූදුව තුළින් නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය ඇති කිරීමත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හා සලාතයේ නිරත වීමෙන් නුඹලා ව වළකාලීමත්ය. එබැවින් නුඹලා එයින් වැළකිය යුත්තන් නොවේ ද?    إِنَّمَا يُرِيدُ الشَّيْطَانُ أَنْ يُوقِعَ بَيْنَكُمُ الْعَدَاوَةَ وَالْبَغْضَاءَ فِي الْخَمْرِ وَالْمَيْسِرِ وَيَصُدَّكُمْ عَنْ ذِكْرِ اللَّهِ وَعَنِ الصَّلَاةِ فَهَلْ أَنْتُمْ مُنْتَهُونَ (91)
තවද නුඹලා අල්ලාහ් ට අවනත වනු. තවද රසූල්වරයාට ද අවනත වනු. ප්‍රවේශමෙන් කටයුතු කරනු. හේතුව නුඹලා පිටුපෑවෙහු නම් අපගේ දූතයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලි ව දන්වා සිටීම පමණක් බව නුඹලා දැන ගනු.     وَأَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَاحْذَرُوا فَإِنْ تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّمَا عَلَى رَسُولِنَا الْبَلَاغُ الْمُبِينُ (92)
විශ්වාස කොට යහකම් කළවුන් කෙරෙහි ඔවුන් තමන් ව (පාපයෙන්) ආරක්ෂා කොට විශ්වාස කොට යහකම් කර පසුව තමන් ව (තහනම් කළ දැයින්) ආරක්ෂා කොට විශ්වාස කොට පසුව තමන් ආරක්ෂා කොට දැහැමි කටයුතු කළ විට (තහනම් කළ දෑ හි) ඔවුන් භුක්ති විඳී දෑ සම්බන්ධයෙන් ඔවුනට වරදක් නැත. තවද අල්ලාහ් දැහැමි කටයුතු කරන්නන් ව ප්‍රිය කරයි.     لَيْسَ عَلَى الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جُنَاحٌ فِيمَا طَعِمُوا إِذَا مَا اتَّقَوْا وَآمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ثُمَّ اتَّقَوْا وَآمَنُوا ثُمَّ اتَّقَوْا وَأَحْسَنُوا وَاللَّهُ يُحِبُّ الْمُحْسِنِينَ (93)
94-96. පූජනීය ප‍්‍රදේශයේ මහිමය හා පූජනීය මානසන්හි මහිමය
අහෝ ! විශ්වාස කළවුනි, (නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී) නුඹලාගේ දෑතට හා නුඹලාගේ හී වලට පහසුවෙන් හසුවන දඬයම් සතෙකුගෙන්  අල්ලාහ් නුඹලා ව පිරික්සුමට ලක් කරනු ඇත. එය තමන් ඉදිරියේ නොසිටිය දී කවරෙකු තමන්ට බිය වන්නේ දැ යි අල්ලාහ් දැන ගනු පිණිසය. එබැවින් ඉන් පසුව කවරෙකු සීමාව ඉක්මවා කටයුතු කළේ ද එවිට ඔහුට වේදනීය දඬුවමක් ඇත.     يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَيَبْلُوَنَّكُمُ اللَّهُ بِشَيْءٍ مِنَ الصَّيْدِ تَنَالُهُ أَيْدِيكُمْ وَرِمَاحُكُمْ لِيَعْلَمَ اللَّهُ مَنْ يَخَافُهُ بِالْغَيْبِ فَمَنِ اعْتَدَى بَعْدَ ذَلِكَ فَلَهُ عَذَابٌ أَلِيمٌ (94)
අහෝ විශ්වාස කළවුනි, නුඹලා ඉහ්රාම් තත්ත්වයේ සිටිය දී දඬයම් (කර) සතුන් මරා නොදමනු. නුඹලා අතුරින් කවරෙකු උවමනාවෙන්ම එය මරා දැමුවේ ද එවිට ප්‍රතිචාරය වනුයේ (ඔටු ගව හා එළු වැනි) ගොවිපළ සතුන්ගෙන් මරා දැමූ දෑ මෙන් දෙයකි. ඒ පිළිබඳ ව නුඹලා අතුරින් යුක්ති ගරුක දෙදෙනෙකු තීන්දු දෙනු ඇත. එය කඃබාවට ළඟා විය යුතු කැපයක් ලෙසිනි. එසේ නොමැති නම් වන්දි වශයෙන් දුගියන්ට ආහාර සැපයිය යුතු ය. එසේත් නොමැති නම් තමන් කළ කරුණෙහි බරපතළකම  විඳිනු පිණිස ඒ වෙනුවට උපවාසයේ නිරත විය යුතුය. පෙර සිදු වූ දෑට අල්ලාහ් සමාව දුන්නේය. නමුත් කවරෙකු යළිත් සිදු කළේද එවිට අල්ලාහ් ඔහු(කළ වරද)ට ප්‍රතිචාර දක්වනු  ඇත. තවද අල්ලාහ් සර්ව බලධාරීය. (කළ වරදට) ප්‍රතිචාර දක්වන්නාය.     يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْتُلُوا الصَّيْدَ وَأَنْتُمْ حُرُمٌ وَمَنْ قَتَلَهُ مِنْكُمْ مُتَعَمِّدًا فَجَزَاءٌ مِثْلُ مَا قَتَلَ مِنَ النَّعَمِ يَحْكُمُ بِهِ ذَوَا عَدْلٍ مِنْكُمْ هَدْيًا بَالِغَ الْكَعْبَةِ أَوْ كَفَّارَةٌ طَعَامُ مَسَاكِينَ أَوْ عَدْلُ ذَلِكَ صِيَامًا لِيَذُوقَ وَبَالَ أَمْرِهِ عَفَا اللَّهُ عَمَّا سَلَفَ وَمَنْ عَادَ فَيَنْتَقِمُ اللَّهُ مِنْهُ وَاللَّهُ عَزِيزٌ ذُو انْتِقَامٍ (95)
නුඹලා හා නුඹලාගේ ප්‍රවාහන සතුන් භුක්ති විදිනු පිණිස මුහුදු සතුන් දඬයම් කිරීම හා එය ආහාරයට ගැනීම නුඹලාට අනුමත කරන ලදී. නමුත් ඉහ්රාම් තත්ත්වයේ සිටින කල්තාක් ගොඩබිම සතුන් දඬයම් කිරීම නුඹලාට තහනම් කරන ලදී. තවද නුඹලා කවරෙකු වෙත එක් රැස් කරනු ලබන්නෙහු ද එවන් අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු.     أُحِلَّ لَكُمْ صَيْدُ الْبَحْرِ وَطَعَامُهُ مَتَاعًا لَكُمْ وَلِلسَّيَّارَةِ وَحُرِّمَ عَلَيْكُمْ صَيْدُ الْبَرِّ مَا دُمْتُمْ حُرُمًا وَاتَّقُوا اللَّهَ الَّذِي إِلَيْهِ تُحْشَرُونَ (96)
97-100. කඃබා ගෘහය ගෞරවය කිරීමෙහි අල්ලාහ්ගේ ප‍්‍රඥාව හා වස්තූන් අගය කිරීමේ මිණුම් දණ්ඩ
පාරිශුද්ධ නිවස වන කඃබාව ජනයාට (යහපත සැලසීම සඳහා) සදා ක්‍රියාත්මක වන්නක් බවට පත් කළේය. එමෙන්ම සත්ව කැපය ද (කුර්බාන් සඳහා) සලකුණු තබන ලැබූ දෑ ද (ආරක්ෂා සහගත ව තබා ඇත.) එය සැබැවින්ම අල්ලාහ් අහස්හි ඇති දෑ ද මහපොළොවෙහි ඇති දෑද දන්නා බව නුඹලා දැන ගනු පිණිසය. තවද සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥානීය.       جَعَلَ اللَّهُ الْكَعْبَةَ الْبَيْتَ الْحَرَامَ قِيَامًا لِلنَّاسِ وَالشَّهْرَ الْحَرَامَ وَالْهَدْيَ وَالْقَلَائِدَ ذَلِكَ لِتَعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَأَنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ (97)
දැන ගනු. සැබැවින්ම අල්ලාහ් දඬුවම් කිරීමෙහි ඉතා දැඩිය. එමෙන්ම සැබැවින්ම අල්ලාහ් අතික්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය.     اعْلَمُوا أَنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ وَأَنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ (98)
(දේව පණිවිඩ) දන්වා සිටීම මිස වෙන කිසිවක් රසූල්වරයා වෙත පැවරී නොමැත. තවද අල්ලාහ් නුඹලා හෙළි කරන දෑ ද වසන් කරන දෑ ද දන්නේය.     مَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ وَاللَّهُ يَعْلَمُ مَا تُبْدُونَ وَمَا تَكْتُمُونَ (99)
(නබිවරය !) නපුරු දෑ බහුල ව තිබීම නුඹ ව මවිතයට පත් කළ ද නපුරු දෑ හා යහපත් දෑ සමාන නොවන්නේ යැයි පවසනු. එබැවින් බුද්ධිය ඇත්තනි, නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස අල්ලාහ්ට බිය බැතිමත් වනු.     قُلْ لَا يَسْتَوِي الْخَبِيثُ وَالطَّيِّبُ وَلَوْ أَعْجَبَكَ كَثْرَةُ الْخَبِيثِ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ لَعَلَّكُمْ تُفْلِحُونَ (100)
101,102. දහමේ සම්බන්ධතාවක් නැති දෑ ගැන වැඩි වැඩියෙන් විමසීම තහනම් කිරීම
අහෝ ! විශ්වාස කළවුනි, (වැඩකට නැති) ඇතැම් කරුණු පිළිබඳ ව නුඹලා නොවිමසනු. එය නුඹලාට හෙළි වූයේ නම් නුඹලාට හානිදායක වනු ඇත. අල් කුර්ආනය පහළ කරනු ලබමින් තිබිය දී එය නුඹලා විමසා සිටියේ නම් නුඹලාට එය හෙළි වනු ඇත. අල්ලාහ් එයට සමාව දුන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඉවසිලිවන්තය.     يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَسْأَلُوا عَنْ أَشْيَاءَ إِنْ تُبْدَ لَكُمْ تَسُؤْكُمْ وَإِنْ تَسْأَلُوا عَنْهَا حِينَ يُنَزَّلُ الْقُرْآَنُ تُبْدَ لَكُمْ عَفَا اللَّهُ عَنْهَا وَاللَّهُ غَفُورٌ حَلِيمٌ (101)
නුඹලාට පෙර වූ ජනයා (තම නබිවරුන්ගෙන් මෙලෙස) විමසා සිටියහ. පසුව ඒ හේතුවෙන් ඔවුහු (එය ඉටු කර ගත නොහැකි ව) දේව ප්‍රතික්ෂේපකයින් බවට පත් වූහ.     قَدْ سَأَلَهَا قَوْمٌ مِنْ قَبْلِكُمْ ثُمَّ أَصْبَحُوا بِهَا كَافِرِينَ (102)
103-105. අඥාන කාලයේ ජනයාගේ මුළාව හා යහමඟ හා බිය බැතිමත්කම තදින් පිළිපැදීම සම්බන්ධයෙන් විශ්වාසවන්තයින් දැනුවත් කිරීම
බහීරා (හෙවත් කන් ඉරා දමන ලද ඔටු දෙන) හෝ සාඉබා (හෙවත් ස්වයං ව තම ආහාරය සපයා ගන්නා ඔටු දෙන) හෝ වසීලා (හෙවත් පිළිම වලට භාර කරනු ලැබූ එළුවන්) හෝ හාමි (හෙවත් කිසිදු වැඩක් නොලබා ම අත හැර දමන ලද පිරිමි ඔටුවන්)  හෝ යන දෑ (ආගමික කටයුත්තක් බවට) අල්ලාහ් පත් නොකළේය.    නමුත් දේව ප්‍රතික්ෂේප කළවුන්ය අල්ලාහ් කෙරෙහි (මෙසේ) බොරු ගොතා පවසනුයේ. තවද ඔවුන්ගෙන් වැඩි දෙනා වටහා නොගනිති.     مَا جَعَلَ اللَّهُ مِنْ بَحِيرَةٍ وَلَا سَائِبَةٍ وَلَا وَصِيلَةٍ وَلَا حَامٍ وَلَكِنَّ الَّذِينَ كَفَرُوا يَفْتَرُونَ عَلَى اللَّهِ الْكَذِبَ وَأَكْثَرُهُمْ لَا يَعْقِلُونَ (103)
අල්ලාහ් පහළ කළ දෑ වෙත ද රසූල්වරයා වෙත ද නුඹලා පැමිණෙනු යැයි ඔවුනට පවසනු ලැබූ විට අපගේ මුතුන් මිත්තන් කවර කරුණක් මත සිටිනු අප දුටුවෙමු ද එය අපට ප්‍රමාණවත් වේ යැයි ඔවුහු පවසති. ඔවුන්ගේ මුතුන් මිත්තන් කිසිවක් නොදැන සිටියදීත් ඔවුන් යහමඟ ගමන් නොකර සිටියදීත් (ඔවුන් ව ඔවුහු පිළිපදින්නෙහු) ද?    وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلَى مَا أَنْزَلَ اللَّهُ وَإِلَى الرَّسُولِ قَالُوا حَسْبُنَا مَا وَجَدْنَا عَلَيْهِ آبَاءَنَا أَوَلَوْ كَانَ آبَاؤُهُمْ لَا يَعْلَمُونَ شَيْئًا وَلَا يَهْتَدُونَ (104)
අහෝ ! විශ්වාසකළවුනි, නුඹලා ගැන නුඹලා ම (නොමඟ යෑමෙන්) ප්‍රවේශම් වනු. නුඹලා යහමඟ ගමන් ගත්තෙහු නම් නොමඟ ගියවුන් නුඹලාට හානි සිදු නොකරනු ඇත. නුඹලා සියලු දෙනා නැවත යා යුතු ස්ථානය ඇත්තේ අල්ලාහ් වෙතය. නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව ඔහු නුඹලාට දන්වා සිටියි.     يَا أَيُّهَا الَّذِينَ آمَنُوا عَلَيْكُمْ أَنْفُسَكُمْ لَا يَضُرُّكُمْ مَنْ ضَلَّ إِذَا اهْتَدَيْتُمْ إِلَى اللَّهِ مَرْجِعُكُمْ جَمِيعًا فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ (105)
106-108. අන්තිම කැමැත්ත ප‍්‍රකාශ කිරීම හා එයට සාක්ෂිකරුවන් පත් කිරීම.
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලාගෙන් කිසිවකුට මරණය පැමිණි විට ඔහු අන්තිම කැමැත්ත පවසන අවස්ථාවේ නුඹලාගෙන් යුක්තිකරුක දෙදෙනෙකු නුඹලා අතර සාක්ෂි වශයෙන් සිටිය යුතුය.  නැතහොත්, නුඹලා මිහිතලයේ ගමනක නියැළී මරණයේ අභාග්‍යය නුඹලාට අත් වූයේ නම් (මුස්ලිම්වරුන් වන නුඹලා අතුරින් සාක්ෂිකරුවන් නොමැති විටක) නුඹලා නොවන වෙනත් දෙදෙනකු සාක්ෂි වශයෙන් සිටිය යුතුය. නුඹලා (මොවුන් ගැන) සැක සිතන්නෙහු නම් සලාතයෙන් පසුව ඔවුන් දෙදනා රඳවා ගනු. අපි මෙ(සේ සාක්ෂි පැවසීම)මගින් කිසිදු මිලක් ලබා නොගනිමු. ඔහු සමීප ඥාතියකු වුව ද අල්ලාහ් වෙනුවෙන් සාක්ෂි පැවසීමෙහි කිසිවක් වසන් නොකරන්නෙමු. සැබැවින්ම අපි එවිට පාපතරයින්ගෙන් වන්නෙමු යැයි අල්ලාහ් මත ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතුය.     يَا أَيُّهَا الَّذِينَ آَمَنُوا شَهَادَةُ بَيْنِكُمْ إِذَا حَضَرَ أَحَدَكُمُ الْمَوْتُ حِينَ الْوَصِيَّةِ اثْنَانِ ذَوَا عَدْلٍ مِنْكُمْ أَوْ آَخَرَانِ مِنْ غَيْرِكُمْ إِنْ أَنْتُمْ ضَرَبْتُمْ فِي الْأَرْضِ فَأَصَابَتْكُمْ مُصِيبَةُ الْمَوْتِ تَحْبِسُونَهُمَا مِنْ بَعْدِ الصَّلَاةِ فَيُقْسِمَانِ بِاللَّهِ إِنِ ارْتَبْتُمْ لَا نَشْتَرِي بِهِ ثَمَنًا وَلَوْ كَانَ ذَا قُرْبَى وَلَا نَكْتُمُ شَهَادَةَ اللَّهِ إِنَّا إِذًا لَمِنَ الْآَثِمِينَ (106)
සැබැවින්ම ඔවුන් දෙදෙනා පාපයට සුදුස්සන් යැයි හඳුනා ගනු ලැබූ විටක තමන්ට උරුමය ලැබිය යුතු යැයි පවසන අය අතුරින් වෙනත් සමීප ඥාතීන් දෙදෙනකු (ද්‍රෝහිකම් කළ) ඔවුන් දෙදෙනාගේ ස්ථානයේ සිට ඔවුන් දෙදෙනාගේ සාක්ෂියට වඩා අපගේ සාක්ෂිය ඉතා නිවැරදිය. අපි සීමාව ඉක්මවා කටයුතු නොකළෙමු. සැබැවින්ම අපි එවිට අපරාධකරුවන් අතුරින් වන්නෙමු යැයි ඔවුන් දෙදෙනා දිවුරා සිටිය යුතුය.     فَإِنْ عُثِرَ عَلَى أَنَّهُمَا اسْتَحَقَّا إِثْمًا فَآَخَرَانِ يَقُومَانِ مَقَامَهُمَا مِنَ الَّذِينَ اسْتَحَقَّ عَلَيْهِمُ الْأَوْلَيَانِ فَيُقْسِمَانِ بِاللَّهِ لَشَهَادَتُنَا أَحَقُّ مِنْ شَهَادَتِهِمَا وَمَا اعْتَدَيْنَا إِنَّا إِذًا لَمِنَ الظَّالِمِينَ (107)
එය, සාක්ෂිය එහි නියම මුහුණුවරින් ගෙන යෑමටත් ඔවුන්ගේ දිවුරීමට පසුව (තමන්ගේ) දිවුරුම ප්‍රතික්ෂේප කරනු ලැබේවි යැයි ඔවුන් බියවීමටත් ඉතා පහසු මාර්ගයකි. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. සවන් දෙනු. තවද අල්ලාහ් පාපතර පිරිසට මඟ නොපෙන්වයි.     ذَلِكَ أَدْنَى أَنْ يَأْتُوا بِالشَّهَادَةِ عَلَى وَجْهِهَا أَوْ يَخَافُوا أَنْ تُرَدَّ أَيْمَانٌ بَعْدَ أَيْمَانِهِمْ وَاتَّقُوا اللَّهَ وَاسْمَعُوا وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ (108)
109. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ රසූල්වරුන් ඔවුන්ගේ ජනයාට සාක්ෂි සඳහා ඉදිරිපත් වීම
(නබිවරය !) අල්ලාහ් ධර්ම දූතවරු එක්රැස් කරනු ලබන දින නුඹලා(ගේ ප්‍රචාරය)ට පිළිතුරු දෙනු ලැබුවේ කුමක්දැ යි විමසයි. අපට කිසිදු දැනුමක් නොමැත. ගුත්ප දෑ පිළිබඳ සර්වඥ වනුයේ ඔබය යැයි ඔවුහු පවසති.     يَوْمَ يَجْمَعُ اللَّهُ الرُّسُلَ فَيَقُولُ مَاذَا أُجِبْتُمْ قَالُوا لَا عِلْمَ لَنَا إِنَّكَ أَنْتَ عَلَّامُ الْغُيُوبِ (109)
110, 111. ඊසා නබි තුමාට ප‍්‍රාතිහාර්යයන් පිරිනමා ඔහුට අනුග‍්‍රහ කිරීම
එවිට අල්ලාහ් මෙසේ පවසයි. අහෝ ! මර්යම්ගේ පුත් ඊසා, ඔබ වෙත හා ඔබගේ මව වෙත වූ මාගේ ආශිර්වාදය ගැන සිහිපත් කරනු. පාරිශුද්ධ ආත්මය තුළින් මම නුඹට උපකාර කළ අවස්ථාවද සිහිපත් කරනු. තොටිල්ලෙහි ද තරුණ වියෙහි ද ජනයා සමඟ නුඹ කතා කළෙහිය. තවද මම නුඹට ධර්මය ද ප්‍රඥාව ද තව්රාතය ද ඉන්ජීලය ද ඉගැන් වූ අවස්ථාව ද සිහිපත් කරනු. මාගේ අනුහසින් පක්ෂියකුගේ හැඩයකින් යමක් මැටියෙන් තනා ඒ තුළ නුඹ පිඹූ විට මාගේ අනුහසින් එය පක්ෂියකු බවට පත් වූ අවස්ථාවද සිහිපත් කරනු. තවද මාගේ අනුමැතියෙන් සුදු කුෂ්ට හා කළු කුෂ්ට රෝග සුව කළෙහිය. මාගේ අනුහසින් මියගියවුන් නුඹ බැහැර කළ අවස්ථාව ද සිහිපත් කරනු. (එසේ) පැහැදිලි සාධක ඉස්රාඊල් දරුවන්ට නුඹ ගෙනැවිත් ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළවුන් මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි පැවසූ විට මා ඔවුන් ව මැඩලූ අවස්ථාව ද සිහිපත් කරනු.     إِذْ قَالَ اللَّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ اذْكُرْ نِعْمَتِي عَلَيْكَ وَعَلَى وَالِدَتِكَ إِذْ أَيَّدْتُكَ بِرُوحِ الْقُدُسِ تُكَلِّمُ النَّاسَ فِي الْمَهْدِ وَكَهْلًا وَإِذْ عَلَّمْتُكَ الْكِتَابَ وَالْحِكْمَةَ وَالتَّوْرَاةَ وَالْإِنْجِيلَ وَإِذْ تَخْلُقُ مِنَ الطِّينِ كَهَيْئَةِ الطَّيْرِ بِإِذْنِي فَتَنْفُخُ فِيهَا فَتَكُونُ طَيْرًا بِإِذْنِي وَتُبْرِئُ الْأَكْمَهَ وَالْأَبْرَصَ بِإِذْنِي وَإِذْ تُخْرِجُ الْمَوْتَى بِإِذْنِي وَإِذْ كَفَفْتُ بَنِي إِسْرَائِيلَ عَنْكَ إِذْ جِئْتَهُمْ بِالْبَيِّنَاتِ فَقَالَ الَّذِينَ كَفَرُوا مِنْهُمْ إِنْ هَذَا إِلَّا سِحْرٌ مُبِينٌ (110)
මා හා මාගේ රසූල්වරයා ව විශ්වාස කරනු යැයි අනුගාමිකයින් වෙත මා දන්වා සිටි විට ඔවුහු “අපි විශ්වාස කළෙමු. තවද සැබැවින්ම අපි (අල්ලාහ්ට අවනත වූ) මුස්ලිම්වරු වන්නෙමු” යැයි පැවසූ අවස්ථාව සිහිපත් කරනු.     وَإِذْ أَوْحَيْتُ إِلَى الْحَوَارِيِّينَ أَنْ آَمِنُوا بِي وَبِرَسُولِي قَالُوا آَمَنَّا وَاشْهَدْ بِأَنَّنَا مُسْلِمُونَ (111)
112-115. බොජුන් බන්දේසිය පිළිබඳ විස්තර හා ඊසා නබි තුමාගේ නබිත්වය ස්ථාපිත කිරීමේ අල්ලාහ්ගේ බලය
අහෝ ! මර්යම්ගේ පුත් ඊසා, අහසින් ආහාර බන්දේසියක් අප වෙත පහළ කිරීමට නුඹගේ පරමාධිපතිට හැකියාව ඇත්තේදැ යි විමසා සිටි විට නුඹලා විශ්වාසවන්තයින්ව සිටියෙහු නම් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු යැයි ඔහු පවසා සිටි අවස්ථාව සිහිපත් කරනු.     إِذْ قَالَ الْحَوَارِيُّونَ يَا عِيسَى ابْنَ مَرْيَمَ هَلْ يَسْتَطِيعُ رَبُّكَ أَنْ يُنَزِّلَ عَلَيْنَا مَائِدَةً مِنَ السَّمَاءِ قَالَ اتَّقُوا اللَّهَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ (112)
අපි එයින් අනුභව කොට අපගේ හදවත් සැනසුමට පත්වන්නටත් ඔබ අපට සත්‍ය පවසා ඇති බවට අප දැන ගන්නටත් ඒ කෙරහි අපද සාක්ෂිකරුවන් අතුරින් වන්නටත් කැමැත්තෙමු යි ඔවුහු පැවසූහ.     قَالُوا نُرِيدُ أَنْ نَأْكُلَ مِنْهَا وَتَطْمَئِنَّ قُلُوبُنَا وَنَعْلَمَ أَنْ قَدْ صَدَقْتَنَا وَنَكُونَ عَلَيْهَا مِنَ الشَّاهِدِينَ (113)  
මර්යම්ගේ පුත් ඊසා, අහෝ ! අපගේ පරමාධිපතියාණනි, අප වෙත අහසින් ආහාර බන්දේසියක් පහළ කරනු මැනව ! එය අපටත් අපට පෙර වූ අයටත් අපගෙන් පසුව පැමිණෙන්නන්ටත් සැමරුමක් වනු ඇත. තවද එය ඔබගෙන් වූ සාක්ෂියක් ද වනු ඇත. තවද අපව පෝෂණය කරනු මැනව ! පෝෂණය කරන්නන්ගෙන් වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ ඔබය.  යැයි පැවසුවේය.    قَالَ عِيسَى ابْنُ مَرْيَمَ اللَّهُمَّ رَبَّنَا أَنْزِلْ عَلَيْنَا مَائِدَةً مِنَ السَّمَاءِ تَكُونُ لَنَا عِيدًا لِأَوَّلِنَا وَآَخِرِنَا وَآَيَةً مِنْكَ وَارْزُقْنَا وَأَنْتَ خَيْرُ الرَّازِقِينَ (114)
සැබැවින්ම මම එය නුඹලා වෙත පහළ කරමි.  නමුත් නුඹලාගෙන් පසුව කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට සැබැවින්ම ලෝවැසියන් අතුරින් කිසිවකුටත් මා දඬුවම් නොදුන් දඬුවමකින් මම දඬුවම් කරමි.    قَالَ اللَّهُ إِنِّي مُنَزِّلُهَا عَلَيْكُمْ فَمَنْ يَكْفُرْ بَعْدُ مِنْكُمْ فَإِنِّي أُعَذِّبُهُ عَذَابًا لَا أُعَذِّبُهُ أَحَدًا مِنَ الْعَالَمِينَ (115)
116-118. අල්ලාහ් හා ඊසා (අලයිහිස් සලාම්) තුමාණන් අතර සිදු වන කතාව හා කිතුනුවන්ගේ සිතුවිලිවලට වූ පිළිතුරු
අහෝ ! මර්යම්ගේ පුත් ඊසා, අල්ලාහ් හැර මා හා මාගේ මව දෙවියන් දෙදෙනකු ලෙස ගන්නැ යි නුඹ ජනයාට පැවසුවේදැ යි අල්ලාහ් පවසන විට ඔහු “ඔබ අතිපිවිතුරුය. මට උරුම නොමැති දෙයක් මා පැවසීමට මට (කිසිදු අයිතියක්) නොමැත. එය මම පවසන්නෙකු ව සිටියේ නම් ඔබ එය දැන සිටින්නෙහිය. මාගේ සිත තුළ ඇති දෑ ඔබ දන්නෙහිය. ඔබේ සිත තුළ ඇති දෑ මම නොදනිමි. සැබැවින්ම ඔබ ගුප්ත දෑ පිළිබඳ සර්වඥය” යැයි පැවසුවේය.     وَإِذْ قَالَ اللَّهُ يَا عِيسَى ابْنَ مَرْيَمَ أَأَنْتَ قُلْتَ لِلنَّاسِ اتَّخِذُونِي وَأُمِّيَ إِلَهَيْنِ مِنْ دُونِ اللَّهِ قَالَ سُبْحَانَكَ مَا يَكُونُ لِي أَنْ أَقُولَ مَا لَيْسَ لِي بِحَقٍّ إِنْ كُنْتُ قُلْتُهُ فَقَدْ عَلِمْتَهُ تَعْلَمُ مَا فِي نَفْسِي وَلَا أَعْلَمُ مَا فِي نَفْسِكَ إِنَّكَ أَنْتَ عَلَّامُ الْغُيُوبِ (116)
මාගේ පරමාධිපති හා නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ට ගැතිකම් කරනු යැයි ඔබ නියෝග කළ දෑ පරිදි මිස ඔවුනට මම (වෙන කිසිවක්) නොපැවසුවෙමි.  ඔවුන් අතර මා සිටී තාක් ඔවුන් කෙරෙහි මම සාක්ෂිකරුවකුව සිටියෙමි. නමුත් ඔබ මා (ඉහළට ඔසවා) අත්පත් කර ගත් කල්හි ඔවුන් වෙත අධීක්ෂකයා වූයේ ඔබය. තවද ඔබ සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය.     مَا قُلْتُ لَهُمْ إِلَّا مَا أَمَرْتَنِي بِهِ أَنِ اعْبُدُوا اللَّهَ رَبِّي وَرَبَّكُمْ وَكُنْتُ عَلَيْهِمْ شَهِيدًا مَا دُمْتُ فِيهِمْ فَلَمَّا تَوَفَّيْتَنِي كُنْتَ أَنْتَ الرَّقِيبَ عَلَيْهِمْ وَأَنْتَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدٌ (117)
ඔබ ඔවුනට දඬුවම් කරන්නෙහි නම් සැබැවින්ම ඔවුන් (ඔබට අයිති) ඔබගේ ගැත්තන්ය. තවද ඔබ ඔවුනට සමාව දුන්නෙහි නම් සැබැවින්ම ඔබ සර්ව බලධාරී සියුම් ඥානය ඇත්තාය. (යැයි පවසයි)    إِنْ تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ وَإِنْ تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنْتَ الْعَزِيزُ الْحَكِيمُ (118)
119,120. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින සත්‍යවාදීන්ට පිරිනැමෙන ප්‍රතිඵල හා අල්ලාහ්ගේ බලය හා ශක්තිය පෙන්වා දෙන ඇතැම් සාධක.
සත්‍යවාදීන් ඔවුන්ගේ සත්‍යය පල දෙන දිනය මෙය වේ. ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් ඇත. එහි ඔවුහු සදාතනිකයෝය. අල්ලාහ් ඔවුන් ව පිළිගත්තේය ඔවුහුද ඔහු ව පිළිගත්තෝය. එයයි මහත් වූ ජයග්‍රහණය වනුයේ.     قَالَ اللَّهُ هَذَا يَوْمُ يَنْفَعُ الصَّادِقِينَ صِدْقُهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ذَلِكَ الْفَوْزُ الْعَظِيمُ (119)
අහස්හි ද මිහිතලයෙහි ද ඒවායෙහි ඇති දෑ හි ද ආධිපත්‍යය අල්ලාහ් සතුය. ඔහු සියලු දෑ කිරීමෙහි ශක්තිවන්තය.    لِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا فِيهِنَّ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ (120)

 

 

 

 

 

 

 

 

 

 

 

    

 

In this volume

සූරා අල් මාඉදා 82 සිට 120 දක්වා වාක්‍යයන් හී පරිවර්තණය, සාරාංශය සහිතව

Download

About the book

Author :

www.islamhouse.com

Publisher :

www.islamland.com

Category :

About Quran & Hadith