සූරා ආල ඉම්රාන් වාක්ය 92 සිට 175 දක්වා සිංහල පරිවර්තණය-අල් කුර්ආන්

සූරා ආල ඉම්රාන් වාක්යය 1 සිට 91 දක්වා සිංහල පරිවර්තණය

اسم المادة: ترجمة معاني القرآن الكريم باللغة السنهالية من سورة آل عمران من الآية 92 حتى 172


الناشر: المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة


 

අල් කුර්ආන් 4වන ජුසුඋ
සූරා ආල ඉම්රාන් වාක්‍ය    92 සිට 1575 දක්වා

 


< සිංහල >
        




මාහිර් රම්ඩීන්

මුහම්මද් අසාද්
 
ترجمة القرآن الكريم
سورة آل عمران من من الآية 92 حتى الأية 172
< سنهالية >

        




ترجمة: ماهر رمدين
مراجعة: لجنة الترجمة برئاسة محمد آساد
 

4 වැනි කොටස
92-94. අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කිරීම. යඃකූබ් (අලෙයිහිස් සලාම්) තුමාණන් පිළිබඳ ව යුදෙව්වන්ගේ ප‍්‍රකාශය අසත්‍යයක් බව පැවසීම
නුඹලා ප්‍රිය කරන දැයින් නුඹලා වියදම් කරන තෙක් නුඹලා යහපත ලබා නොගන්නෙහු ම ය. තවද කවර දැයකින් නුඹලා වියදම් කරන්නේ ද  ඒ පිළිබඳ ව නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානී ය.    لَنْ تَنَالُوا الْبِرَّ حَتَّى تُنْفِقُوا مِمَّا تُحِبُّونَ وَمَا تُنْفِقُوا مِنْ شَيْءٍ فَإِنَّ اللهَ بِهِ عَلِيمٌ (92)
තව්රාතය පහළ කරනු ලැබීමට පෙර ඉස්රාඊල්(යඃකූබ්) තමන් කෙරෙහි තහනම් කර ගත් දෑ හැර ආහාර සියල්ල ඉස්රාඊල් දරුවන්ට අනුමත ව තිබිණ යැයි (නබිවරය) පවසනු. එහෙයින් නුඹලා සත්‍යවාදීන් නම් තව්රාතය ගෙනැවිත් එය කියවා බලනු.    كُلُّ الطَّعَامِ كَانَ حِلًّا لِبَنِي إِسْرَائِيلَ إِلَّا مَا حَرَّمَ إِسْرَائِيلُ عَلَى نَفْسِهِ مِنْ قَبْلِ أَنْ تُنَزَّلَ التَّوْرَاةُ قُلْ فَأْتُوا بِالتَّوْرَاةِ فَاتْلُوهَا إِنْ كُنْتُمْ صَادِقِينَ (93)
එබැවින් කවරෙක් එයට පසු ව (පවා) අල්ලාහ් කෙරෙහි අසත්‍ය ගෙතුවෝ ද එවිට අපරාධ කරුවෝ ඔවුහු ම ය.    فَمَنِ افْتَرَى عَلَى اللهِ الْكَذِبَ مِنْ بَعْدِ ذَلِكَ فَأُولَئِكَ هُمُ الظَّالِمُونَ (94)
95-97. ඉබ‍්‍රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාණන් කඃබාහ් ව නිර්මාණය කිරීම. හජ් හි අනිවාර්යභාවය ඉදිරිපත් කිරීම.
(නබිවරය!) නුඹ පවසනු. අල්ලාහ් සත්‍ය පැවසුවේය. එබැවින් නුඹලා අවංක වූ ඉබ්‍රාහීම්ගේ පිළිවෙත පිළිපදිනු. තවද ඔහු ආදේශ තබන්නන් අතුරින් කෙනෙක් නොවීය.    قُلْ صَدَقَ اللهُ فَاتَّبِعُوا مِلَّةَ إِبْرَاهِيمَ حَنِيفًا وَمَا كَانَ مِنَ الْمُشْرِكِينَ (95)
ජනයාට (නැමදුම සඳහා) තබනු ලැබූ ප්‍රථම ගෘහය ලෝ වැසියනට මඟ පෙන්වන්නක් ලෙසින් ද සෞභාග්‍යමත් ලෙසින් ද මක්කාවෙහි පිහිටා ඇති දෑ(ගෘහය) වේ.    إِنَّ أَوَّلَ بَيْتٍ وُضِعَ لِلنَّاسِ لَلَّذِي بِبَكَّةَ مُبَارَكًا وَهُدًى لِلْعَالَمِينَ (96)
එහි පැහැදිලි සංඥාවන් ඇත. ඉබ්‍රාහිම් සිට ගත් ස්ථනය ද ඇත. තවද කවරෙකු එයට ඇතුළත් වන්නේ ද ඔහු අභයදායියෙකු වෙයි. තවද අල්ලාහ් වෙනුවෙන් එම ගෘහයෙහි හජ් ඉටු කිරීම සඳහා ඒ වෙතට යෑමට හැකියාව ඇති ජනයා වෙත පැවරුණු වගකීමකි. එබැවින් සැබැවින්ම අල්ලාහ් ලෝවැසියන්ගෙන් පොහොසත්ය.     فِيهِ آيَاتٌ بَيِّنَاتٌ مَقَامُ إِبْرَاهِيمَ وَمَنْ دَخَلَهُ كَانَ آمِنًا وَِللهِ عَلَى النَّاسِ حِجُّ الْبَيْتِ مَنِ اسْتَطَاعَ إِلَيْهِ سَبِيلًا وَمَنْ كَفَرَ فَإِنَّ اللهَ غَنِيٌّ عَنِ الْعَالَمِينَ (97)
98-101. මුස්ලිම්වරුන් දහම් ලත් ජනයා භාරකරුවන් ලෙස නොගත යුතු බවටත් ඔවුනට අවනත නොවිය යුතු බවටත් අවවාදය.
අහෝ දේවග්‍රන්ථ ලත් ජනයිනි! නුඹලා අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කරනුයේ මන් ද? තවද අල්ලාහ් ද නුඹලා කරන දෑ පිළිබඳ ව සාක්ෂිකරුය.    قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَكْفُرُونَ بِآيَاتِ اللهِ وَاللهُ شَهِيدٌ عَلَى مَا تَعْمَلُونَ (98)
දේව ග්‍රන්ථ ලත් ජනයිනි, නුඹලා (සත්‍යයට) සාක්ෂිකරුවන් ව සිටිය දී නුඹලා එහි දෝෂ සොයමින් විශ්වාස කළවුන් ව අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වනුයේ මන්දැ යි (නබිවරය) අසනු. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව නොසලකා හරින්නෙකු නොවේ.    قُلْ يَا أَهْلَ الْكِتَابِ لِمَ تَصُدُّونَ عَنْ سَبِيلِ اللهِ مَنْ آمَنَ تَبْغُونَهَا عِوَجًا وَأَنْتُمْ شُهَدَاءُ وَمَا اللهُ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ (99)
අහෝ විශ්වාස කළවුනි! දේව ග්‍රන්ථය දෙනු ලැබූ අය අතුරින් පිරිසකට නුඹලා අවනත වන්නෙහු නම් නුඹලාගේ විශ්වාසයෙන් පසු ව නුඹලා ව ඔවුන් නැවත ප්‍රතික්ෂේපකයින් බවට හරවනු ඇත.    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تُطِيعُوا فَرِيقًا مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ يَرُدُّوكُمْ بَعْدَ إِيمَانِවكُمْ كَافِرِينَ (100)
තවද නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ වැකි පහළ කරනු ලබමින් නුඹලා සිටිය දී ද නුඹලා අතර ඔහුගේ ධර්ම දූතයා සිටිය දී ද නුඹලා ප්‍රතික්ෂේප කරනුයේ කෙසේ ද? කවරෙකු අල්ලාහ් ව තදින් ග්‍රහණය කර ගන්නේ ද එවිට සැබැවින්ම ඔහු ඍජු මාර්ගය වෙත මඟ පෙන්වනු ලැබීය.       وَكَيْفَ تَكْفُرُونَ وَأَنْتُمْ تُتْلَى عَلَيْكُمْ آيَاتُ اللهِ وَفِيكُمْ رَسُولُهُ وَمَنْ يَعْتَصِمْ بِاللهِ فَقَدْ هُدِيَ إِلَى صِرَاطٍ مُسْتَقِيمٍ (101)
102-109. තක්වා, යහපත විධානය කොට අයහපත වළක්වාලීම, අල්ලාහ්ගේ දහම ස්ථිර ලෙස පිළිපදින ලෙස නියෝගය. මත භේද ඇති කර නොගන්නා ලෙස හා වෙන් ව නොයන ලෙස අවවාද කිරීම.
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය විය යුතු සැබෑ අයුරින් නුඹලා ඔහුට බිය බැතිමත් වනු. තවද නුඹලා මුස්ලිම්වරුන් ව සිටිය දී ම මිස මරණයට පත් නොවනු.     يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللهَ حَقَّ تُقَاتِهِ وَلَا تَمُوتُنَّ إِلَّا وَأَنْتُمْ مُسْلِمُونَ (102)
නුඹලා සියල්ල අල්ලාහ්ගේ රැහැන තදින් ග්‍රහණය කර ගනු. තවද නුඹලා වෙන් ව නොයනු. නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ ආශිර්වාදයන් සිහිපත් කරනු. නුඹලා එකිනෙකා සතුරන් ව සිටි විට ඔහු නුඹලාගේ හදවත් අතර මිතුරු බන්ධනය ඇති කළේය. එවිට නුඹලා ඔහුගේ ආශිර් වාදයෙන් සහෝදරයන් බවට පත් වූහ. තවද නුඹලා (ඊට පෙර) නිරා ගිනි අගාධ අද්දරයෙහි සිටියෙහුය. එවිට ඔහු නුඹලා ව එයින් මුදවා ගත්තේය. එලෙසය නුඹලා යහ මඟ ලබනු පිණිස අල්ලාහ් නුඹලාට ඔහුගේ වදන් පැහැදිලි කරනුයේ.    وَاعْتَصِمُوا بِحَبْلِ اللهِ جَمِيعًا وَلَا تَفَرَّقُوا وَاذْكُرُوا نِعْمَةَ اللهِ عَلَيْكُمْ إِذْ كُنْتُمْ أَعْدَاءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْوَانًا وَكُنْتُمْ عَلَى شَفَا حُفْرَةٍ مِنَ النَّارِ فَأَنْقَذَكُمْ مِنْهَا كَذَلِكَ يُبَيِّنُ اللهُ لَكُمْ آيَاتِهِ لَعَلَّكُمْ تَهْتَدُونَ (103)
යහපත වෙත ඇරයුම් කරන  දැහැමි දෑ නියෝග කරන තවද පිළිකුල් දැයින් වළක්වාලන සමූහයක් නුඹලා අතුරින් විය යුතුය. තවද ජයග්‍රාහකයෝ ඔවුහුමය.    وَلْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَأُولَئِكَ هُمُ الْمُفْلِحُونَ (104)
පැහැදිලි සාධක තමන් වෙත පැමිණි පසු ව වෙන් ව ගොස් මත ගැටුම් ඇති කර ගත් අය මෙන් නුඹලා නොවනු. තවද (පරලොව) අති මහත් දඬුවම ඔවුනට හිමි වේ.    وَلَا تَكُونُوا كَالَّذِينَ تَفَرَّقُوا وَاخْتَلَفُوا مِنْ بَعْدِ مَا جَاءَهُمُ الْبَيِّنَاتُ وَأُولَئِكَ لَهُمْ عَذَابٌ عَظِيمٌ (105)
එදින ඇතැම් මුහුණු සුදු පැහැ ගැන් වෙයි. තවත් මුහුණු කළු පැහැ ගැන් වෙයි. තම මුහුණු කළු පැහැ ගැන් වූ අය වූ කලී නුඹලා විශ්වාස කළ පසු ප්‍රතික්ෂේප කළෙහු ද, එහෙයින් නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි දෑ හේතුවෙන් නුඹලා මෙම දඬුවම විඳිනු (යැයි ඔවුනට කියනු ලැබේ.)    يَوْمَ تَبْيَضُّ وُجُوهٌ وَتَسْوَدُّ وُجُوهٌ فَأَمَّا الَّذِينَ اسْوَدَّتْ وُجُوهُهُمْ أَكَفَرْتُمْ بَعْدَ إِيمَانِكُمْ فَذُوقُوا الْعَذَابَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ (106)
තම මුහුණු සුදු පැහැ වූවන් වූ කලී ඔවුහු අල්ලාහ්ගේ කරුණාව තුළ සිටිති. ඔවුහු එහි (ස්වර්ගයේ) සදාතනිකයෝ ය.    وَأَمَّا الَّذِينَ ابْيَضَّتْ وُجُوهُهُمْ فَفِي رَحْمَةِ اللهِ هُمْ فِيهَا خَالِدُونَ (107)
මේවා අල්ලාහ්ගේ වැකි ය. ඒවා අපි නුඹ වෙත සත්‍යයෙන් යුතු ව පාරායනය කර පෙන්වන්නෙමු. තවද අල්ලාහ් ලෝවැසියනට අපරාධයක් අපේක්ෂා කරන්නෙක් නොවේ.    تِلْكَ آيَاتُ اللهِ نَتْلُوهَا عَلَيْكَ بِالْحَقِّ وَمَا اللهُ يُرِيدُ ظُلْمًا لِلْعَالَمِينَ (108)
අහස් හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ් සතු ය. තවද සියලු කරුණු නැවත යොමු කරනු ලබනුයේ අල්ලාහ් වෙත ය.    وَِللهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَإِلَى اللهِ تُرْجَعُ الْأُمُورُ (109)
110-115. මුස්ලිම් සමූහය සෙසු සමූහයන්ට වඩා උසස්ය යන වග. දේව ප‍්‍රතික්ෂේපකයින්ට පරාජය හා පසුතැවිල්ල හිමිවීම, දහම් ලත් ජනයාගේ තත්ත්වය.
ජනයා වෙනුවෙන් බිහි කරනු ලැබූ ශ්‍රේෂ්ඨතම සමාජය නුඹලා වන්නෙහුය. නුඹලා යහපත අණ කර අයහපතින් වළක් වන්නෙහුය. තවද අල්ලාහ් ව විශ්වාස කරන්නෙහුය. තවද දේව ග්‍රන්ථය ලැබූ ජනයා ද විශ්වාස කළේ නම් එය ඔවුනට යහපතක්ම වනු ඇත. ඔවුන් අතුරින් විශ්වාසවන්තයෝ ද සිටිති. තවද ඔවුන්ගෙන් බහුතරය පාපතරයෝ ය.    كُنْتُمْ خَيْرَ أُمَّةٍ أُخْرِجَتْ لِلنَّاسِ تَأْمُرُونَ بِالْمَعْرُوفِ وَتَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَتُؤْمِنُونَ بِاللهِ وَلَوْ آمَنَ أَهْلُ الْكِتَابِ لَكَانَ خَيْرًا لَهُمْ مِنْهُمُ الْمُؤْمِنُونَ وَأَكْثَرُهُمُ الْفَاسِقُونَ (110)
සුළු වේදනාවකින් හැර ඔවුනට නුඹලා වෙත හිංසා කළ නොහැක්කේ ම ය. තවද නුඹලා සමඟ ඔවුහු සටන් වදින්නේ නම් ඔවුහු නුඹලාට පිටු පස හැරී පලා යති. ඉන්පසු ව ඔවුහු උදව් කරනු නොලබති.    لَنْ يَضُرُّوكُمْ إِلَّا أَذًى وَإِنْ يُقَاتِلُوكُمْ يُوَلُّوكُمُ الْأَدْبَارَ ثُمَّ لَا يُنْصَرُونَ (111)
අල්ලාහ්ගේ රැහැනින් හා මිනිසාගේ රැහැනින් (ඔවුහු මිදුණේ නම්) මිස ඔවුන් කොතැනක සිටිය ද ඔවුනට අවමානය නියම විය. තවද ඔවුහු අල්ලාහ්ගෙන් වූ කෝපයට ලක් වූහ. එමෙන්ම ඔවුන් කෙරෙහි දිළිඳුකම ද නියම විය. එය ඔවුන් අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් හා යුක්තියෙන් තොර ව නබිවරුන් ව ඝාතනය කරමින් සිටි බැවිනි. එය ඔවුන් පිටුපාමින් සිටි බැවින් ද ඔවුන් සීමාව ඉක්මවා යමින් සිටි බැවින් ද වේ.     ضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ أَيْنَ مَا ثُقِفُوا إِلَّا بِحَبْلٍ مِنَ اللهِ وَحَبْلٍ مِنَ النَّاسِ وَبَاءُوا بِغَضَبٍ مِنَ اللهِ وَضُرِبَتْ عَلَيْهِمُ الْمَسْكَنَةُ ذَلِكَ بِأَنَّهُمْ كَانُوا يَكْفُرُونَ بِآيَاتِ اللهِ وَيَقْتُلُونَ الْأَنْبِيَاءَ بِغَيْرِ حَقٍّ ذَلِكَ بِمَا عَصَوْا وَكَانُوا يَعْتَدُونَ (112)
ඔවුහු (සියල්ලෝ ම) එක සමාන නොවූහ. දේව ග්‍රන්ථය ලත් ජනයා අතුරින් (යහ මාර්ගයේ) ස්ථීර ව සිටින සමාජයක් ද විය. ඔවුහු රාත්‍රී කාලයේ (සලාතයේ දී) හිස නමා නමස්කාර කරමින් අල්ලාහ්ගේ වැකි පාරායනය කරති.    لَيْسُوا سَوَاءً مِنْ أَهْلِ الْكِتَابِ أُمَّةٌ قَائِمَةٌ يَتْلُونَ آيَاتِ اللهِ آنَاءَ اللَّيْلِ وَهُمْ يَسْجُدُونَ (113)
තවද ඔවුහු අල්ලාහ් ව ද පරමාන්ත දිනය ද විශ්වාස කරති. තවද යහපත විධානය කරති. අයහපතින් වළක්වාලති. දැහැමි කටයුතු වල යුහුසුලු ව යෙදෙති. තවද ඔවුහු දැහැමියන් අතුරින් වෙති.    يُؤْمِنُونَ بِاللهِ وَالْيَوْمِ الْآخِرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَيُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَأُولَئِكَ مِنَ الصَّالِحِينَ (114)
තවද ඔවුහු යහපතින් කිසිවක් කරන්නේ ද එවිට එය ඔවුනට ප්‍රතික්ෂේප කරනු නොලබන්නේ ම ය. තවද අල්ලාහ් බිය බැති මතුන් පිළිබඳ ව සර්ව ඥානී ය.    وَمَا يَفْعَلُوا مِنْ خَيْرٍ فَلَنْ يُكْفَرُوهُ وَاللهُ عَلِيمٌ بِالْمُتَّقِينَ (115)
116-117. ප‍්‍රතික්ෂේපකයින්ට නියමිත දඬුවම, මෙලොව හා පරලොව ඔවුන්ගේ ක‍්‍රියාවන් හි ප‍්‍රතිවිපාක.
නියත වශයෙන් ම ප්‍රතික්ෂේප කළවුන් අල්ලාහ්ගෙන් (දඬුවම් වශයෙන් පැමිණෙන්නා) වූ කිසිවකට (එරෙහි ව) ඔවුන්ගේ ධන සම්පත් හෝ ඔවුන්ගේ දරු සම්පත් හෝ ඔවුනට ප්‍රයෝජනවත් නොවන්නේ ම ය. තවද නිරා ගින්නේ සගයෝ ඔවුහු ම ය. තවද ඔවුහු එහි සදාතනිකයෝ ය.      إِنَّ الَّذِينَ كَفَرُوا لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللهِ شَيْئًا وَأُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ (116)
මෙලොව ජීවිතයෙහි ඔවුන් විදයම් කරන දෑ ට උපමාව නම්  එහි අධික සීතල සහිත දැඩි සුළඟක් මෙනි. තමන් තමන්ට ම අපරාධ කර ගත් පිරිසකගේ කෙතට එය පතිත විය. එවිට එය විනාශ කර දැමීය. අල්ලාහ් ඔවුනට අපරාධ නොකළේය. නමුත් ඔවුන් ඔවුනටම අපරාධ කර ගන්නෝය.    مَثَلُ مَا يُنْفِقُونَ فِي هَذِهِ الْحَيَاةِ الدُّنْيَا كَمَثَلِ رِيحٍ فِيهَا صِرٌّ أَصَابَتْ حَرْثَ قَوْمٍ ظَلَمُوا أَنْفُسَهُمْ فَأَهْلَكَتْهُ وَمَا ظَلَمَهُمُ اللهُ وَلَكِنْ أَنْفُسَهُمْ يَظْلِمُونَ (117)
118-120. ප‍්‍රතික්ෂේපකයින් හා කුහකයින් ව නායකයන් බවට පත් කර ගැනීමේ අවවාදය.
අහෝ විශ්වාස කළවුනි! නුඹලා අතුරින් මිස (සෙසු අය) සමීපතම මිතුරන් ලෙස නොගනු. ඔවුහු නුඹලාට අසාධාරණකම් කිරීමෙන් අඩුවක් නොකරති. නුඹලා ව පීඩාවට පත් කළ දෑ ඔවුහු ප්‍රිය කළෝය. ඔවුන්ගේ මුවින් ක්‍රෝධය හෙළි විය. ඔවුන්ගේ හදවත් සඟවා ඇති දෑ ඉතා දරුණුය. නුඹලා වටහා ගන්නන් ව සිටියේ නම් නුඹලාට මෙම වදන් අපි පැහැදිලි කළෙමු.    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا بِطَانَةً مِنْ دُونِكُمْ لَا يَأْلُونَكُمْ خَبَالًا وَدُّوا مَا عَنِتُّمْ قَدْ بَدَتِ الْبَغْضَاءُ مِنْ أَفْوَاهِهِمْ وَمَا تُخْفِي صُدُورُهُمْ أَكْبَرُ قَدْ بَيَّنَّا لَكُمُ الْآيَاتِ إِنْ كُنْتُمْ تَعْقِلُونَ (118)
මෙන්න! නුඹලා ඔවුන් ව ප්‍රිය කරන්නෙහුය. නමුත් ඔවුහු නුඹලා ව ප්‍රිය නොකරති. තවද නුඹලා දේව ග්‍රන්ථ සියල්ල විශ්වාස කරන්නෙහුය. තවද ඔවුහු නුඹලා ව මුණ ගැසුණු විට අපි විශ්වාස කළෙමු යැයි පැවසුවෝය. ඔවුහු වෙන් ව ගිය විට කෝපය හේතුවෙන් නුඹලාට එරෙහි ව ඇඟිලි තුඩු විකුවෝය. (නබිවරය!) නුඹලා ගේ කෝපය සමඟ ම නුඹලා මිය යනු. නියත වශයෙන් ම හදවත් සතු දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානී ය යැයි පවසනු    هَا أَنْتُمْ أُولَاءِ تُحِبُّونَهُمْ وَلَا يُحِبُّونَكُمْ وَتُؤْمِنُونَ بِالْكِتَابِ كُلِّهِ وَإِذَا لَقُوكُمْ قَالُوا آمَنَّا وَإِذَا خَلَوْا عَضُّوا عَلَيْكُمُ الْأَنَامِلَ مِنَ الْغَيْظِ قُلْ مُوتُوا بِغَيْظِكُمْ إِنَّ اللهَ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ (119)
නුඹලාට යම් යහපතක් ස්පර්ශ කළේ නම් එය ඔවුන් ව දුකට පත් කරවයි. තවද නුඹලාට යම් අයහපතක් වැලඳුණේ නම් එමගින් ඔවුහු සතුටට පත් වෙති. තවද නුඹලා ඉවසා බිය බැතිමත් වන්නේ නම් ඔවුන්ගේ කුමන්ත්‍රණ කිසිවක් නුඹලාට හානිදායක නොවෙයි. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව සර්ව ප්‍රකාරයෙන්ම දන්නා ය.    إِنْ تَمْسَسْكُمْ حَسَنَةٌ تَسُؤْهُمْ وَإِنْ تُصِبْكُمْ سَيِّئَةٌ يَفْرَحُوا بِهَا وَإِنْ تَصْبِرُوا وَتَتَّقُوا لَا يَضُرُّكُمْ كَيْدُهُمْ شَيْئًا إِنَّ اللهَ بِمَا يَعْمَلُونَ مُحِيطٌ (120)
121-122. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් හා විශ්වාස වන්තයින් උහද් සටන සඳහා පිටත් ව යෑම.
යුද්ධය වෙනුවෙන් නියමිත ස්ථානයන්හි විශ්වාසවන්තයින් ව සීරුවෙන් තැබීම පිණිස නුඹගේ පවුල වෙතින් උදෑසන පිටත් ව ගිය අවස්ථාව සිහිපත් කරනු. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවක ය. සර්ව ඥානී ය.    وَإِذْ غَدَوْتَ مِنْ أَهْلِكَ تُبَوِّئُ الْمُؤْمِنِينَ مَقَاعِدَ لِلْقِتَالِ وَاللهُ سَمِيعٌ عَلِيمٌ (121)
නුඹලා අතුරින් දෙපිරිසක් තමන් අධෛර්යට පත් ව ඇතැයි සිතූ අවස්ථාව සිහිපත් කරනු. තවද ඔවුන් දෙපිරිසගේ භාරකරු අල්ලාහ්ය. එබැවින් විශ්වාස වන්තයින් අල්ලාහ් කෙරෙහිම සියල්ල භාර කළ යුතු ය.     إِذْ هَمَّتْ طَائِفَتَانِ مِنْكُمْ أَنْ تَفْشَلَا وَاللهُ وَلِيُّهُمَا وَعَلَى اللهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ (122)
123-129. බද්ර් හා උහද් සම්බන්ධ සිද්ධීන් හා ආදර්ශයන්.
නුඹලා දුබලයින් ව සිටිය දී ඇත්තෙන්ම අල්ලාහ් බද්ර් (සටනෙ) හි නුඹලාට උදව් කළේය. එබැවින් නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ් ට බිය බැතිමත් වනු.    وَلَقَدْ نَصَرَكُمُ اللهُ بِبَدْرٍ وَأَنْتُمْ أَذِلَّةٌ فَاتَّقُوا اللهَ لَعَلَّكُمْ تَشْكُرُونَ (123)
මලක්වරුන් අතුරින් තුන් දහසක පිරිසක් (අහසේ සිට) පහළ කරනු ලබමින් නුඹලාගේ පරමාධිපති නුඹලාට උපකාර කිරීම නුඹලාට ප්‍රමාණවත් නොවන්නේ දැ යි දේව විශ්වාසවන්තයින්ට (නබිවරය) නුඹ පැවසූ අවස්ථාව සිහිපත් කරනු.    إِذْ تَقُولُ لِلْمُؤْمِنِينَ أَلَنْ يَكْفِيَكُمْ أَنْ يُمِدَّكُمْ رَبُّكُمْ بِثَلَاثَةِ آلَافٍ مِنَ الْمَلَائِكَةِ مُنْزَلِينَ (124)
නොඑසේ ය. නුඹලා ඉවසිලි වන්ත ව ද බිය බැතිමත් ව ද සිටින්නේ නම් එම අවස්ථාවේ ඔවුන් ක්ෂණික ව (ප්‍රහාරයක් දෙනු පිණිස) නුඹලා වෙත ඔවුන් පැමිණියේ නම් (යුද) සලකුණු තබනු ලැබූ පන් දහසක මලක් වරුන්ගෙන් නුඹලාගේ පරමාධි පති නුඹලාට උදව් කරනු ඇත.    بَلَى إِنْ تَصْبِرُوا وَتَتَّقُوا وَيَأْتُوكُمْ مِنْ فَوْرِهِمْ هَذَا يُمْدِدْكُمْ رَبُّكُمْ بِخَمْسَةِ آلَافٍ مِنَ الْمَلَائِكَةِ مُسَوِّمِينَ (125)
නුඹලාට ශුභාරංචියක් ලෙස හා එමගින් නුඹලාගේ හදවත් සන්සුන් වනු පිණිස මිස අල්ලාහ් එය සිදු නොකළේය. සර්ව බලධාරී ප්‍රඥාවන්ත අල්ලාහ් අබියසින් මිස එම උපකාරය නොවීය.    وَمَا جَعَلَهُ اللهُ إِلَّا بُشْرَى لَكُمْ وَلِتَطْمَئِنَّ قُلُوبُكُمْ بِهِ وَمَا النَّصْرُ إِلَّا مِنْ عِنْدِ اللهِ الْعَزِيزِ الْحَكِيمِ (126)
ප්‍රතික්ෂේප කළවුන්ගෙන් පිරිසක් විනාශ කර දැමීමට හෝ ඔවුන් ව නින්දාවට පත් කරනු පිණිස ය. එවිට ඔවුහු පරාජයට පත්වූවන් ලෙස හැරී යති.     لِيَقْطَعَ طَرَفًا مِنَ الَّذِينَ كَفَرُوا أَوْ يَكْبِتَهُمْ فَيَنْقَلِبُوا خَائِبِينَ (127)
ඔවුනට ඔහු සමාව දීම ගැන හෝ ඔවුනට ඔහු දඬුවම් කිරීම ගැන හෝ එවැනි විෂයක් සම්බන්ධ යෙන් (තීන්දු දීමට) නුඹට කිසිවක් නැත. හේතුව සැබැවින් ම ඔවුහු අපරාධකරුවෝ ය.    لَيْسَ لَكَ مِنَ الْأَمْرِ شَيْءٌ أَوْ يَتُوبَ عَلَيْهِمْ أَوْ يُعَذِّبَهُمْ فَإِنَّهُمْ ظَالِمُونَ (128)
අහස්හි ඇති දෑ ද මහපොළොවේ ඇති දෑ ද අල්ලාහ් සතු ය. ඔහුට අභිමත වූ අයට සමාව දෙන්නේය. ඔහුට අභිමත වූ අයට දඬුවම් කරන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලී ය. අසමසම කරුණාන්විත ය.     وَِللهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ يَغْفِرُ لِمَنْ يَشَاءُ وَيُعَذِّبُ مَنْ يَشَاءُ وَاللهُ غَفُورٌ رَحِيمٌ (129)
130-132. රිබා (පොලිය) පිළිබඳ නීතියෙහි එක් පියවරක්. තව්බා කිරීමෙහි හා යහක‍්‍රියාවන්හි නියැළීමෙහි මඟපෙන්වීම.
අහෝ විශ්වාස කළවුනි! නුඹලා පොලිය දෙගුණ ප්‍රගුණ කර අනුභව නොකරනු. තවද නුඹලා අල්ලාහ් ට බිය බැතිමත් වනු. නුඹලා ජයග්‍රහණය ලබා ගත හැකි වනු පිණිස.    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَأْكُلُوا الرِّبَا أَضْعَافًا مُضَاعَفَةً وَاتَّقُوا اللهَ لَعَلَّكُمْ تُفْلِحُونَ (130)
තවද දේව ප්‍රතික්ෂේපකයින්ට සූදානම් කරනු ලැබූ නිරා ගින්නට නුඹලා බිය වනු.    وَاتَّقُوا النَّارَ الَّتِي أُعِدَّتْ لِلْكَافِرِينَ (131)
තවද නුඹලා කරුණාවට පාත්‍ර විය හැකි වනු පිණිස නුඹලා අල්ලාහ්ට ද මෙම ධර්ම දූතයාට ද අවනත වනු.    وَأَطِيعُوا اللهَ وَالرَّسُولَ لَعَلَّكُمْ تُرْحَمُونَ (132)
133-136. මුත්තකීන්වරුන්ගේ ගතිගුණ. පාපකම් වලට ක්ෂණික ව පසුතැවිලි වීම තව්බා අයැද සිටීම මෙමගින් පාප ක්ෂමාව හා ස්වර්ගය ලැබීම.
සමාව වෙතට ද දේව බිය බැතිමතුන් හට සූදානම් කරනු ලැබූ අහස් හා පොළොව තරම් ප්‍රමාණයෙන් වූ ස්වර්ග උයනක් වෙතට ද නුඹලා යුහුසුලු වනු.      وَسَارِعُوا إِلَى مَغْفِرَةٍ مِنْ رَبِّكُمْ وَجَنَّةٍ عَرْضُهَا السَّمَوَاتُ وَالْأَرْضُ أُعِدَّتْ لِلْمُتَّقِينَ (133)
ඔවුහු කවරහු ද යත් සැපවත් අවස්ථාවන්හි ද දුෂ්කර අවස්ථා වන්හි ද වියදම් කරන්නෝ වෙති. තවද කෝපය මැඩ පවත්වාගන්නෝ හා මිනිසුනට සමාව දෙන්නෝ වෙති. තවද අල්ලාහ් (මෙවැනි) දැහැමියන් ව ප්‍රිය කරන්නේය.     الَّذِينَ يُنْفِقُونَ فِي السَّرَّاءِ وَالضَّرَّاءِ وَالْكَاظِمِينَ الْغَيْظَ وَالْعَافِينَ عَنِ النَّاسِ وَاللهُ يُحِبُّ الْمُحْسِنِينَ (134)
තවද ඔවුහු කවරහුද යත් ඔවුහු යම් අශීලාචාර දෙයක් කළ විට හෝ තමන්ට ම අපරාධයක් කර ගත් විට හෝ අල්ලාහ් ව මෙනෙහි කරති. එසැණින් ඔවුන්ගේ පාපයන්ට ඔවුහු සමාව අයැදිති. පාපයන්ට සමාව දෙන්නා අල්ලාහ් හැර වෙන කවරෙක් ද? තවද ඔවුන් දැනුවත් ව සිටිය දී ඔවුන් කළ (වැරදි) දෑ හී ඔවුහු නිරත නොවූහ.    وَالَّذِينَ إِذَا فَعَلُوا فَاحِشَةً أَوْ ظَلَمُوا أَنْفُسَهُمْ ذَكَرُوا اللهَ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللهُ وَلَمْ يُصِرُّوا عَلَى مَا فَعَلُوا وَهُمْ يَعْلَمُونَ (135)
තම පරමාධිපතිගෙන් වූ සමාව හා ඒවාට පහළින් ගංගාවන් ගලා බසින ස්වර්ග උයන් තම ප්‍රතිඵල වශයෙන් හිමි කරගන්නෝ ඔවුහු ම ය. ඔවුහු එහි සදාතනිකයෝ ය. යහකම් කරන්නවුන්ගේ ප්‍රතිඵල යහපත් විය.    أُولَئِكَ جَزَاؤُهُمْ مَغْفِرَةٌ مِنْ رَبِّهِمْ وَجَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَنِعْمَ أَجْرُ الْعَامِلِينَ (136)
137-141. පරීක්ෂාවන් ඇති කිරීමේ දී බලය වෙනස් වීම හා මෙහි අල්ලාහ්ගේ ක‍්‍රියාවලිය.
නුඹලාට පෙර ද (මෙවැනි) ක්‍රියා මාර්ගයන් ඉකුත් ව ගොස් හමාරය. එබැවින් නුඹලා මහපොළොවේ සැරිසරනු. තවද (සත්‍ය) බොරු කළවුන්ගේ අවසානය කෙසේ වී දැ යි අධීක්ෂණය කරනු.    قَدْ خَلَتْ مِنْ قَبْلِكُمْ سُنَنٌ فَسِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُكَذِّبِينَ (137)
මෙය ජනයා හට වූ පැහැදිලි කිරීමකි. තවද දේව බිය බැතිමතුන්ට මඟපෙන්වීමක් හා උපදෙසකි.    هَذَا بَيَانٌ لِلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِلْمُتَّقِينَ (138)
තවද නුඹලා දුර්වල නොවනු. තවද නුඹලා දුකට පත් නොවනු. නුඹලා විශ්වාසවන්තයෝ නම් ශ්‍රේෂ්ඨයෝ ද නුඹලා ම ය.     وَلَا تَهِنُوا وَلَا تَحْزَنُوا وَأَنْتُمُ الْأَعْلَوْنَ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ (139)
(උහද් සටනෙහි) නුඹලාට යම් තුවාලයක් ඇති වන්නේ නම් (ඒ ගැන අධෛර්යට පත් නොවනු. හේතුව) එවැනි ම තුවාලයක් එම පිරිසට ද (බද්ර් සටනෙහි) ඇති විය. තවද මෙම දිනයන් ජනයා අතර ඒවා අපි මාරුවෙන් මාරුවට ලබා දෙන්නෙමු. තවද (එය) විශ්වාස කළවුන් ව අල්ලාහ් හඳුනා ගනු පිණිසත් නුඹලා අතුරින් ෂහීද්වරුන් (දිවි පුදන්නන්)ව තෝරා ගනු පිණිසත් ය. තවද අල්ලාහ් අපරාධකරුවන් ව ප්‍රිය නොකරයි.    إِنْ يَمْسَسْكُمْ قَرْحٌ فَقَدْ مَسَّ الْقَوْمَ قَرْحٌ مِثْلُهُ وَتِلْكَ الْأَيَّامُ نُدَاوِلُهَا بَيْنَ النَّاسِ وَلِيَعْلَمَ اللهُ الَّذِينَ آَمَنُوا وَيَتَّخِذَ مِنْكُمْ شُهَدَاءَ وَاللهُ لَا يُحِبُّ الظَّالِمِينَ (140)
තවද (එසේ කරනුයේ) විශ්වාස කළවුන් ව අල්ලාහ් පිවිතුරු කිරීම පිණිසත් දේව ප්‍රතික්ෂේපකයින් ව විනාශ කරනු පිණිසත් ය.     وَلِيُمَحِّصَ اللهُ الَّذِينَ آمَنُوا وَيَمْحَقَ الْكَافِرِينَ (141)
142-143. උහද් යුද්ධයට සහභාගී වූ ඇතැමුන්ට අල්ලාහ් දොස් පැවරීම.
(විශ්වාසවන්තයිනි!) නුඹලා අතුරින් (අල්ලාහ්ගේ මාර්ගයේ) සටන් කළවුන් කවුරුන් දැ යි අල්ලාහ් නොදැන එමෙන් ම ඉවසිලිවන්තයින් පිළිබඳ ව ද ඔහු නොදැන නුඹලා ස්වර්ග උයන් වලට පිවිසීමට නුඹලා සිතන්නෙහු ද?    أَمْ حَسِبْتُمْ أَنْ تَدْخُلُوا الْجَنَّةَ وَلَمَّا يَعْلَمِ اللهُ الَّذِينَ جَاهَدُوا مِنْكُمْ وَيَعْلَمَ الصَّابِرِينَ (142)
සැබැවින් ම නුඹලා එයට මුහුණ දීමට පෙරම මරණය ප්‍රිය කරමින් සිටියෙහුය. නමුත් නුඹලා බලා සිටිය දී ම නුඹලා එය (පියවි ඇසින්) දුටුවෙහුය.    وَلَقَدْ كُنْتُمْ تَمَنَّوْنَ الْمَوْتَ مِنْ قَبْلِ أَنْ تَلْقَوْهُ فَقَدْ رَأَيْتُمُوهُ وَأَنْتُمْ تَنْظُرُونَ (143)
144-148. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් එක් මිනිසෙකි. ඔහුගේ මරණයට පසු පවා අවසන් දිනය දක්වා එතුමාණන්ගේ ප‍්‍රචාරය පවතී.
තවද මුහම්මද් දූතයෙකු මිස (වෙනත් කෙනෙක්) නොවේ. ඔහුට පෙර ධර්ම දූතයින් ඉකුත් වී ගියහ. (ඔවුන් අතුරින්) කෙනෙක් මිය ගියේ නම් හෝ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ නුඹලා නුඹලාගේ විලුඹු මතින් ආපසු හැරී ගියෙහුය. තවද කවරෙකු තම විලුඹු දෙක මතින් හැරී යන්නේ ද එවිට අල්ලාහ්ට කිසිවකින් හානියක් සිදු නොවන්නේ ම ය. අල්ලාහ් කෘතවේදී අයට ප්‍රතිඵල දෙනු ඇත.    وَمَا مُحَمَّدٌ إِلَّا رَسُولٌ قَدْ خَلَتْ مِنْ قَبْلِهِ الرُّسُلُ أَفَإِنْ مَاتَ أَوْ قُتِلَ انْقَلَبْتُمْ عَلَى أَعْقَابِكُمْ وَمَنْ يَنْقَلِبْ عَلَى عَقِبَيْهِ فَلَنْ يَضُرَّ اللهَ شَيْئًا وَسَيَجْزِي اللهُ الشَّاكِرِينَ (144)
නියම කරනු ලැබූ නිර්ණිත කාලයක අල්ලාහ්ගේ අනුමැති යෙන් මිස මරණයට පත්වීමට කිසිදු ආත්මයකට (හැකියාවක්) නොමැත. තවද කවරෙකු මෙලොව කුසල් අපේක්ෂා කරන්නේ ද ඔහුට අපි එයින් පිරිනමන්නෙමු. තවද කවරෙකු මතුලොව කුසල් බලාපොරොත්තු වන්නේ ද ඔහුට අපි එයින් පිරිනමන්නෙමු. තවද කෘතවේදී අයට අපි ප්‍රතිඵල පිරිනමන්නෙමු.     وَمَا كَانَ لِنَفْسٍ أَنْ تَمُوتَ إِلَّا بِإِذْنِ اللهِ كِتَابًا مُؤَجَّلًا وَمَنْ يُرِدْ ثَوَابَ الدُّنْيَا نُؤْتِهِ مِنْهَا وَمَنْ يُرِدْ ثَوَابَ الْآَخِرَةِ نُؤْتِهِ مِنْهَا وَسَنَجْزِي الشَّاكِرِينَ (145)
නබිවරු හා ඔවුන් සමඟ එක් ව (අල්ලාහ්ගේ මාර්ගයේ) සටන් කළ දැහැමියන් කොපමණක් වී ද? අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුනට සිදු වූ දෑ (දුෂ්කරතා) වෙනුවෙන් ඔවුහු අධෛර්ය නොවූහ. තවද ඔවුහු දුර්වල ද නොවූහ. එමෙන්ම (සතුරන්ට) යටහත් ද නොවූහ. තවද අල්ලාහ් ඉවසිලිවන්තයින් ව ප්‍රිය කරයි.    وَكَأَيِّنْ مِنْ نَبِيٍّ قَاتَلَ مَعَهُ رِبِّيُّونَ كَثِيرٌ فَمَا وَهَنُوا لِمَا أَصَابَهُمْ فِي سَبِيلِ اللهِ وَمَا ضَعُفُوا وَمَا اسْتَكَانُوا وَاللهُ يُحِبُّ الصَّابِرِينَ (146)
අපගේ පරමාධිපතියාණනි! අපගේ පාපයන්ටත් අප විෂයෙහි සිදු වන සීමාව ඉක්මවීම් වලටත් අපට සමාව දෙනු මැනව! තවද අපගේ පාද ස්ථාවර කරනු මැනව! ප්‍රතික්ෂේප කළ ජනයාට එරෙහි ව ද අපට උදව් කරනු මැනව!    وَمَا كَانَ قَوْلَهُمْ إِلَّا أَنْ قَالُوا رَبَّنَا اغْفِرْ لَنَا ذُنُوبَنَا وَإِسْرَافَنَا فِي أَمْرِنَا وَثَبِّتْ أَقْدَامَنَا وَانْصُرْنَا عَلَى الْقَوْمِ الْكَافِرِينَ (147)
එවිට අල්ලාහ් මෙලොව ප්‍රතිඵල ද මතු ලොව යහපත් ප්‍රතිඵල ද ඔවුනට පිරිනැමීය. තවද අල්ලාහ් දැහැමියන් ව ප්‍රිය කරයි.     فَآتَاهُمُ اللهُ ثَوَابَ الدُّنْيَا وَحُسْنَ ثَوَابِ الْآخِرَةِ وَاللهُ يُحِبُّ الْمُحْسِنِينَ (148)
149-151. මුඃමීන්වරුන් ප‍්‍රතික්ෂේපකයින්ගේ අධම හා නීච ක‍්‍රියාවන් වලට අවනත නොවීම.
අහෝ විශ්වාස කළවුනි! නුඹලා ප්‍රතික්ෂේප කළවුනට අවනත වන්නේ නම් ඔවුන් නුඹලා ව නුඹලාගේ විලුඹු මත නැවත ආපස්සට හරවනු ඇත. එවිට නුඹලා අලාභවන්තයින් ලෙස නැවත හැරෙන්නෙහුය.     يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تُطِيعُوا الَّذِينَ كَفَرُوا يَرُدُّوكُمْ عَلَى أَعْقَابِكُمْ فَتَنْقَلِبُوا خَاسِرِينَ (149)
නමුත් නුඹලාගේ භාරකරු අල්ලාහ් ය. ඔහු උදව් කරන්නන් ගෙන් ශ්‍රේෂ්ඨයා ය.     بَلِ اللهُ مَوْلَاكُمْ وَهُوَ خَيْرُ النَّاصِرِينَ (150)
කවර දෙයක් සම්බන්ධයෙන් බලයක් ඔහු ප්‍රතික්ෂේප කළවුන්ට පහළ නොකළේ ද එවැන්නක් ගෙන ඔවුන් අල්ලාහ්ට ආදේශ තැබූ හේතුවෙන් ඔවුන්ගේ සිත් තුළ අපි භීතිය හෙළන්නෙමු. තවද ඔවුන්ගේ වාසස්ථානය නිරා ගින්න ය. තවද අපරාධකරු වන්ගේ නවාතැන ඉතා නපුරු ය.    سَنُلْقِي فِي قُلُوبِ الَّذِينَ كَفَرُوا الرُّعْبَ بِمَا أَشْرَكُوا بِاللهِ مَا لَمْ يُنَزِّلْ بِهِ سُلْطَانًا وَمَأْوَاهُمُ النَّارُ وَبِئْسَ مَثْوَى الظَّالِمِينَ (151)
152-155. උහද් යුද්ධයේ දී මුස්ලිම්වරුන්ට ඇති වූ දුෂ්කරතාවන් හා එවැනි දුෂ්කරතාවන් සිත් සතන් පිරිසිදු කරවයි යන වග.
අල්ලාහ්ගේ අනුමැතියෙන් නුඹලා ඔවුන් ව මරා දැමූ අවස්ථාවේ ඔහුගේ ප්‍රතිඥාව ඔහු සැබැවින් ම නුඹලාට සැබෑ කළේය. නුඹලා ප්‍රිය කරන දෑ නුඹලාට පෙන් වූ පසු ව ද නුඹලා (නබිතුමාට) පිටුපා එම විෂයෙහි නුඹලා මතභේද ඇති කර ගෙන නුඹලා බියසුලු වූහ. නුඹලා අතුරින් මෙලොව ප්‍රිය කරන්නෝ ද වෙති. තවද නුඹලා අතුරින් පරලොව ප්‍රිය කරන්නෝ ද වෙති. පසු ව ඔහු නුඹලා පරීක්ෂා කිරීම පිණිස නුඹලා ව ඔහු ඔවුන්ගෙන් හැරෙව්වේය. තවද නුඹලාට ඔහු සමාව දුන්නේය. තවද අල්ලාහ් විශ්වාසවන්තයින් කෙරෙහි භාග්‍යයෙන් යුක්ත කෙනෙකි.      وَلَقَدْ صَدَقَكُمُ اللهُ وَعْدَهُ إِذْ تَحُسُّونَهُمْ بِإِذْنِهِ حَتَّى إِذَا فَشِلْتُمْ وَتَنَازَعْتُمْ فِي الْأَمْرِ وَعَصَيْتُمْ مِنْ بَعْدِ مَا أَرَاكُمْ مَا تُحِبُّونَ مِنْكُمْ مَنْ يُرِيدُ الدُّنْيَا وَمِنْكُمْ مَنْ يُرِيدُ الْآَخِرَةَ ثُمَّ صَرَفَكُمْ عَنْهُمْ لِيَبْتَلِيَكُمْ وَلَقَدْ عَفَا عَنْكُمْ وَاللهُ ذُو فَضْلٍ عَلَى الْمُؤْمِنِينَ (152)
රසූල්වරයා නුඹලාගේ පිටුපසින් සිට නුඹලා ව කැඳවමින් සිටිය දී කිසිවෙකුත් එහි රැඳී නොසිට ඉන් දුරස් ව ගිය අවස්ථාව සිහිපත් කරනු. එවිට තැවුලෙන් තැවුල නුඹලාට ප්‍රතිවිපාක වශයෙන් ඇති කළේය. එය නුඹලාට මඟ හැරුණු දෑ මත ද නුඹලාට අත් වූ දෑ මත ද නුඹලා දුක් නොවනු පිණිස ය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානී ය.    إِذْ تُصْعِدُونَ وَلَا تَلْوُونَ عَلَى أَحَدٍ وَالرَّسُولُ يَدْعُوكُمْ فِي أُخْرَاكُمْ فَأَثَابَكُمْ غَمًّا بِغَمٍّ لِكَيْلَا تَحْزَنُوا عَلَى مَا فَاتَكُمْ وَلَا مَا أَصَابَكُمْ وَاللهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ (153)
අනතුරු ව එම තැවුලෙන් පසු ව නුඹලා වෙත අභයදායීත් ව ද නුඹලා අතුරින් පිරිසක් ආවරණය කරන සුළු නින්ද ද ඔහු පහළ කළේය. තවද පිරිසක් තමන් කෙරෙහි ම ශෝකය ඇති කර ගත්තේය. ඔවුහු අඥාන අනුමානයන් මෙන් අල්ලාහ් ගැන සත්‍ය නොවන දෑ සිතන්නෝය. මෙම විෂයෙහි යම් (ජයග්‍රාහී) කරුණක් අපට නොවන්නේ දැ යි පවසන්නෝය. සියලු කරුණු අල්ලාහ්ට යැයි පවසනු. නුඹට හෙළි නොකරන දෑ ඔවුහු ඔවුන්ගේ ආත්මාවන් තුළ සඟවා ගන්නෝය. අපට මෙම විෂයෙහි යම් බලයක් වී නම් අපි මෙහි මරුමුවට පත් නොවන්නෙමු යැයි පවසන්නෝය. නුඹලා නුඹලාගේ නිවෙස් වල සිටිය ද ඝාතනය කරනු ලැබීම නියම වූවන් ඔවුන් (මැරී) වැටිය යුතු ස්ථානයට පැමිණෙන්නේමය. තවද එය නුඹලාගේ හදවත් තුළ ඇති දෑ ඔහු පිරික්සනු පිණිස ය. තවද නුඹලාගේ සිත් තුළ ඇති දෑ පැහැදිලි කරනු පිණිස ය. හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව ඥානී ය.    ثُمَّ أَنْزَلَ عَلَيْكُمْ مِنْ بَعْدِ الْغَمِّ أَمَنَةً نُعَاسًا يَغْشَى طَائِفَةً مِنْكُمْ وَطَائِفَةٌ قَدْ أَهَمَّتْهُمْ أَنْفُسُهُمْ يَظُنُّونَ بِاللهِ غَيْرَ الْحَقِّ ظَنَّ الْجَاهِلِيَّةِ يَقُولُونَ هَلْ لَنَا مِنَ الْأَمْرِ مِنْ شَيْءٍ قُلْ إِنَّ الْأَمْرَ كُلَّهُ ِللهِ يُخْفُونَ فِي أَنْفُسِهِمْ مَا لَا يُبْدُونَ لَكَ يَقُولُونَ لَوْ كَانَ لَنَا مِنَ الْأَمْرِ شَيْءٌ مَا قُتِلْنَا هَاهُنَا قُلْ لَوْ كُنْتُمْ فِي بُيُوتِكُمْ لَبَرَزَ الَّذِينَ كُتِبَ عَلَيْهِمُ الْقَتْلُ إِلَى مَضَاجِعِهِمْ وَلِيَبْتَلِيَ اللهُ مَا فِي صُدُورِكُمْ وَلِيُمَحِّصَ مَا فِي قُلُوبِكُمْ وَاللهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ (154)
නියත වශයෙන් ම දෙපිරිස මුණ ගැසුණු දින නුඹලා අතරින් පිටු පා හැරී ගියවුන් වන ඔවුනට ෂෙයිතාන් ලිස්සා (මඟ හැර) යන්නට හැරියේ ඔවුන් ඉපැයූ දැයින් ඇතැම් කරුණු හේතු වෙනි. තවද අල්ලාහ් ඔවුනට සමාව දුන්නේය. නියත වශයෙන් ම අල්ලාහ් අති ක්ෂමා ශීලී ය. ඉතා ඉවසිලිවන්ත ය.     إِنَّ الَّذِينَ تَوَلَّوْا مِنْكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ إِنَّمَا اسْتَزَلَّهُمُ الشَّيْطَانُ بِبَعْضِ مَا كَسَبُوا وَلَقَدْ عَفَا اللهُ عَنْهُمْ إِنَّ اللهَ غَفُورٌ حَلِيمٌ (155)
156-158. කුහකයින්ට සම නොවීම, ඔවුන් මතු කරන සැක සහිත කරුණු විශ්වාස නොකළ යුතුය. ඒ සඳහා වූ පිළිතුරු.
අහෝ විශ්වාස කළවුනි! ප්‍රතික්ෂේප කළවුන් මෙන් නුඹලා නොවනු. තවද ඔවුහු තමන්ගේ සහෝදරයින් දෙස බලා මහපොළොවේ (නුඹ සමඟ) ඔවුන් ගමන් නොකර හෝ (නුඹ සමඟ) යුද බිමට නොවී අප සමඟ සිටියෙහු නම් ඔවුහු මරණයට පත් නොවෙති. එමෙන්ම ඝාතනය කරනු නොලබති යැයි පැවසූහ. මෙය ඔවුන්ගේ සිත් තුළ ශෝකය ඇති කරනු පිණිස ය. තවද ජීවය දෙන්නේ ද මරණයට පත් කරන්නේ ද අල්ලාහ් ය. නුඹලා කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂක ය.    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَكُونُوا كَالَّذِينَ كَفَرُوا وَقَالُوا لِإِخْوَانِهِمْ إِذَا ضَرَبُوا فِي الْأَرْضِ أَوْ كَانُوا غُزًّى لَوْ كَانُوا عِنْدَنَا مَا مَاتُوا وَمَا قُتِلُوا لِيَجْعَلَ اللهُ ذَلِكَ حَسْرَةً فِي قُلُوبِهِمْ وَاللهُ يُحْيِي وَيُمِيتُ وَاللهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ (156)
නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබුවේ නම් හෝ නුඹලා මරණයට පත් වූයෙහු නම් හෝ අල්ලාහ්ගෙන් වූ සමාව ද කරුණාව ද ඔවුන් රැස් කරන දෑ ට වඩා අති උතුම් ය.    وَلَئِنْ قُتِلْتُمْ فِي سَبِيلِ اللهِ أَوْ مُتُّمْ لَمَغْفِرَةٌ مِنَ اللهِ وَرَحْمَةٌ خَيْرٌ مِمَّا يَجْمَعُونَ (157)
තවද නුඹලා මරණයට පත් වූයෙහු නම් හෝ නුඹලා ඝාතනය කරනු ලැබුවෙහු නම් හෝ නුඹලා අල්ලාහ් වෙත එක් රැස් කරනු ලබන්නෙහුය.     وَلَئِنْ مُتُّمْ أَوْ قُتِلْتُمْ لَإِلَى اللهِ تُحْشَرُونَ (158)
159-164. අල්ලාහ්ගේ දූතයාණන්ගේ මහිමය. එතුමාණන්ගේ නොසැලුනු නායකත්වය, එතුමාණන්ගේ සෙනෙහස, යහපත් ගුණාංග හා ප‍්‍රජාව වෙනුවෙන් එතුමාගේ දායකත්වය.
අල්ලාහ්ගෙන් වූ කරුණාව හේතුවෙන් නුඹ ඔවුනට මෘදු ව කටයුතු කළෙහිය. නුඹ දැඩි සිතකින් යුත් දරුණු අයෙකු වූයෙහි නම් නුඹ අසලින් ඔවුහු ඉවත් ව යති. එබැවින් නුඹ ඔවුනට සමාව දෙනු. ඔවුන් වෙනුවෙන් සමාව අයදිනු. (විවිධ) කරුණ වල දී ඔවුන් සමඟ සාකච්ඡා කරනු. නුඹ (යම් දෙයක්) තීරණය කළේ නම් එවිට අල්ලාහ් වෙත භාර කරනු. නියත වශයෙන් ම අල්ලාහ් භාර කරන්නන් ව ප්‍රිය කරන්නේය.    فَبِمَا رَحْمَةٍ مِنَ اللهِ لِنْتَ لَهُمْ وَلَوْ كُنْتَ فَظًّا غَلِيظَ الْقَلْبِ لَانْفَضُّوا مِنْ حَوْلِكَ فَاعْفُ عَنْهُمْ وَاسْتَغْفِرْ لَهُمْ وَشَاوِرْهُمْ فِي الْأَمْرِ فَإِذَا عَزَمْتَ فَتَوَكَّلْ عَلَى اللهِ إِنَّ اللهَ يُحِبُّ الْمُتَوَكِّلِينَ (159)
අල්ලාහ් නුඹලාට උදව් කරන්නේ නම් (එය) අබිබවා යන්නෙක් නුඹලාට නැත. තවද නුඹලා ව ඔහු අතහැර දැමුවේ නම් ඉන් පසු ව නුඹලාට උදව් කරන්නේ කවරෙක් ද ? තවද විශ්වාසවන්තයින් අල්ලාහ් වෙත ම (තම කටයුතු) භාර කළ යුතු ය.    إِنْ يَنْصُرْكُمُ اللهُ فَلَا غَالِبَ لَكُمْ وَإِنْ يَخْذُلْكُمْ فَمَنْ ذَا الَّذِي يَنْصُرُكُمْ مِنْ بَعْدِهِ وَعَلَى اللهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ (160)
කිසිදු නබිවරයෙකුට වංචා කිරීම (සුදුසු) නොවීය. තවද කවරෙක් වංචා කරන්නේ ද ඔහු වංචා කළ දෑ සමඟ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පැමිණෙයි. එවිට සෑම ආත්මයකට ම එය ඉපැයූ දෑ පූර්ණ ව දෙනු ලැබේ. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.    وَمَا كَانَ لِنَبِيٍّ أَنْ يَغُلَّ وَمَنْ يَغْلُلْ يَأْتِ بِمَا غَلَّ يَوْمَ الْقِيَامَةِ ثُمَّ تُوَفَّى كُلُّ نَفْسٍ مَا كَسَبَتْ وَهُمْ لَا يُظْلَمُونَ (161)
අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නා කවරෙක් ද ඔහු අල්ලාහ්ගෙන් වූ කෝපය තමන් වෙත ගෙන්වා ගත් අය මෙන් වන්නේ ද? (එසේ නොව කෝපයට ලක් වූ) ඔහුගේ වාසස්ථානය නිරයය. තවද ඔහු පිවිසෙන ස්ථානය ඉතා නපුරු ය.    أَفَمَنِ اتَّبَعَ رِضْوَانَ اللهِ كَمَنْ بَاءَ بِسَخَطٍ مِنَ اللهِ وَمَأْوَاهُ جَهَنَّمُ وَبِئْسَ الْمَصِيرُ (162)
ඔවුහු අල්ලාහ් අබියස (විවිධ) තරාතිරම් ඇත්තෝය. තවද අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක ය.    هُمْ دَرَجَاتٌ عِنْدَ اللهِ وَاللهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ (163)
විශ්වාසවන්තයින් මීට පෙර පැහැදිලි නොමඟෙහි සිටිය ද තම(අල්ලාහ්ගේ) වදන් ඔවුනට කියවා පෙන්වන තවද ඔවුන් ව පිවිතුරු කරවන තවද ඔවුනට ග්‍රන්ථය(කුර්ආනය) හා ඥානය උගන්වන රසූල්වරයෙකු ඔවුන් අතුරින් ම ඔවුන් වෙත එවීමෙන් ඔවුනට අල්ලාහ් උපකාර කළේය.    لَقَدْ مَنَّ اللهُ عَلَى الْمُؤْمِنِينَ إِذْ بَعَثَ فِيهِمْ رَسُولًا مِنْ أَنْفُسِهِمْ يَتْلُو عَلَيْهِمْ آيَاتِهِ وَيُزَكِّيهِمْ وَيُعَلِّمُهُمُ الْكِتَابَ وَالْحِكْمَةَ وَإِنْ كَانُوا مِنْ قَبْلُ لَفِي ضَلَالٍ مُبِينٍ (164)
165-168. උහද් සිදුවීම හා එහි ආදර්ශයන්.
නුඹලාට (උහද් සටනෙහි) පීඩාව ඇති වූ කල්හි  එමෙන් දෙගුණයක් (බද්ර් සටනෙහි සහභාගී වූ ඔවුනට) ඇති කර තිබිය දී මෙය කෙසේ දැ යි නුඹලා ඇසූහ. මෙය නුඹලා(ගේ වරද) තුළින්ම යැයි පවසනු. සැබැවින් ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්තයා ය.    أَوَلَمَّا أَصَابَتْكُمْ مُصِيبَةٌ قَدْ أَصَبْتُمْ مِثْلَيْهَا قُلْتُمْ أَنَّى هَذَا قُلْ هُوَ مِنْ عِنْدِ أَنْفُسِكُمْ إِنَّ اللهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ (165)
තවද දෙපිරිස මුණ ගැසුණු දින නුඹලාට ඇති වූ දෑ අල්ලාහ්ගේ අනුදැනුමෙනි. තවද ඔහු විශ්වාස වන්තයින් ව හඳුනා ගනු පිණිස ය (මෙසේ කළේ).    وَمَا أَصَابَكُمْ يَوْمَ الْتَقَى الْجَمْعَانِ فَبِإِذْنِ اللهِ وَلِيَعْلَمَ الْمُؤْمِنِينَ (166)
තවද කුහක වූවන් (කවුරුන් දැ යි) ඔහු හඳුනා ගනු පිණිස ය (එසේ කළේ). නුඹලා පැමිණ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරනු නැතිනම් මැඩපවත්වනු යැයි පවසනු ලැබූ විට අප (මෙය) යුද්ධයක් යැයි දන්නේ නම් අපි ද නුඹලා ව පිළිපදින්නෙමු යැයි පවසති. එදින ඔවුන් විශ්වාස කිරීමට වඩා ප්‍රතික්ෂේප කිරීමට ඉතා සමීප යෙන් සිටිනු ඇත. ඔවුන්ගේ සිත් තුළ නොමැති දෑ ඔවුන්ගේ මුඛ වලින් පවසති. තවද අල්ලාහ් ඔවුන් වසන් කරන දෑ පිළිබඳ ව මැනවින් දන්නා ය.    وَلِيَعْلَمَ الَّذِينَ نَافَقُوا وَقِيلَ لَهُمْ تَعَالَوْا قَاتِلُوا فِي سَبِيلِ اللهِ أَوِ ادْفَعُوا قَالُوا لَوْ نَعْلَمُ قِتَالًا لَاتَّبَعْنَاكُمْ هُمْ لِلْكُفْرِ يَوْمَئِذٍ أَقْرَبُ مِنْهُمْ لِلْإِيمَانِ يَقُولُونَ بِأَفْواهِهِمْ مَا لَيْسَ فِي قُلُوبِهِمْ وَاللهُ أَعْلَمُ بِمَا يَكْتُمُونَ (167)
(යුද්ධයට නොගොස්) වාඩි වී සිටි ඔවුන්ගේ සහෝදරයින්ට මොවුහු අපට අවනත ව (අප සමඟ) සිටියේ නම් ඝාතනය කරනු නොලබන්නට තිබුණි යැයි පැවසූහ. එසේ (පවසන) නුඹලා සත්‍යවාදීන් ව සිටියේ නම් නුඹලාගෙන් මරණය වළක්වා ගනු යැයි (නබිවරය) නුඹ පවසනු.    الَّذِينَ قَالُوا لِإِخْوَانِهِمْ وَقَعَدُوا لَوْ أَطَاعُونَا مَا قُتِلُوا قُلْ فَادْرَءُوا عَنْ أَنْفُسِكُمُ الْمَوْتَ إِنْ كُنْتُمْ صَادِقِينَ (168)
169-175. අල්ලාහ්ගේ මාර්ගයේ දිවි පිදීමේ මහිමය. හම්රාඋල් අසද් සටන. එහි මුඃමින්වරුන්ගේ ස්ථාවරය.
අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් මිය ගියවුන් යැයි නුඹ නොසිතනු. ඔවුහු පෝෂණය කරනු ලබමින් අල්ලාහ්ගේ අබියස ජීවත් ව සිටින්නෝය.    وَلَا تَحْسَبَنَّ الَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللهِ أَمْوَاتًا بَلْ أَحْيَاءٌ عِنْدَ رَبِّهِمْ يُرْزَقُونَ (169)
අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ ව ඔවුහු සතුටුවෙමින් සිටිති. තවද තමන්ට පසු තමන් සමඟ (තවමත්) සෙන්දු නොවූවන් පිළිබඳ ව ඔවුනට කිසිදු බියක් නොමැත තවද තමන් දුකට පත්වන්නන් ද නොවෙතැ යි සිතමින් ඔවුහු ප්‍රීතිමත් වෙති.    فَرِحِينَ بِمَا آتَاهُمُ اللهُ مِنْ فَضْلِهِ وَيَسْتَبْشِرُونَ بِالَّذِينَ لَمْ يَلْحَقُوا بِهِمْ مِنْ خَلْفِهِمْ أَلَّا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ (170)
අල්ලාහ්ගෙන් වූ සම්පත් හා භාග්‍යයන් පිළිබඳ ව ඔවුහු ප්‍රීතිමත් වෙති. තවද නියත වශයෙන් ම අල්ලාහ් විශ්වාස වන්තයින්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නොකරන්නේය.    يَسْتَبْشِرُونَ بِنِعْمَةٍ مِنَ اللهِ وَفَضْلٍ وَأَنَّ اللهَ لَا يُضِيعُ أَجْرَ الْمُؤْمِنِينَ (171)
ඔවුහු තමන්ට තුවාල ඇති වූ පසු ව පවා අල්ලාහ්ට ද රසූල්වරයාට ද ප්‍රතිචාර දැක් වූ අය වෙති. ඔවුන් අතුරින් දැහැමි කටයුතු කර බිය බැතිමත් වූවනට මහත් වූ ප්‍රතිඵල ඇත.    الَّذِينَ اسْتَجَابُوا ِللهِ وَالرَّسُولِ مِنْ بَعْدِ مَا أَصَابَهُمُ الْقَرْحُ لِلَّذِينَ أَحْسَنُوا مِنْهُمْ وَاتَّقَوْا أَجْرٌ عَظِيمٌ (172)
ඔවුහු කවරහු ද යත් නියත වශයෙන්ම ජනයා නුඹලාට (එරෙහිව) එක් රැස් වී ඇත. එබැවින් නුඹලා ඔවුනට බිය වනු යැයි ජනයා ඔවුනට පැවසූහ. එවිට එය(එම ප්‍රකාශය) ඔවුනට විශ්වාසය වැඩි කළේය. තවද ඔවුහු අල්ලාහ් අපට ප්‍රමාණවත් ය. තවද භාරකරු වශයෙන් ඔහු යහපත් යැයි පැවසූහ.    الَّذِينَ قَالَ لَهُمُ النَّاسُ إِنَّ النَّاسَ قَدْ جَمَعُوا لَكُمْ فَاخْشَوْهُمْ فَزَادَهُمْ إِيمَانًا وَقَالُوا حَسْبُنَا اللهُ وَنِعْمَ الْوَكِيلُ (173)
එබැවින් අල්ලාහ්ගෙන් වූ සම්පත හා භාග්‍යය සමඟ ඔවුහු හැරී ගියහ. ඔවුනට නපුරක් ස්පර්ශ නොවීය. තවද ඔවුහු අල්ලාහ්ගේ තෘප්තිය (අපේක්ෂාවෙන්) අනුගමනය කළෝය. තවද අල්ලාහ් මහත් භාග්‍යයෙන් යුක්ත ය.    فَانْقَلَبُوا بِنِعْمَةٍ مِنَ اللهِ وَفَضْلٍ لَمْ يَمْسَسْهُمْ سُوءٌ وَاتَّبَعُوا رِضْوَانَ اللهِ وَاللهُ ذُو فَضْلٍ عَظِيمٍ (174)
සැබැවින් ම එලෙස ය ෂෙයිතාන් තම මිතුරන් ව (පෙන්වා නුඹ ව) බිය ගන්වනුයේ. එබැවින් නුඹලා ඔවුනට බිය නොවනු. තවද නුඹලා විශ්වාසවන්තයින් ව සිටියේ නම් නුඹලා මට බිය වනු.    إِنَّمَا ذَلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءَهُ فَلَا تَخَافُوهُمْ وَخَافُونِ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ (175)

 


Contents


الصفحة    العنوان    م
1    4වන ජුසුඋ වාක්‍ය 92 සිට 175 දක්වා    1
        2
        3
        4
        5
        6
        7
        8
        9
        10
        11
        12
        13
        14
        15
 


    

 

සූරා ආල ඉම්රාන් වාක්ය 92 සිට 175 දක්වා සිංහල පරිවර්තණය-අල් කුර්ආන්

Download

About the book

Author :

www.islamhouse.com

Publisher :

www.islamland.com

Category :

About Quran & Hadith