අල් කුර්ආනය උසුලන්නන්ගේ ගුණාංග

තම ආහාර පාන සම්බන්ධව ප්ර්වේශම් වෙති. 2.තම සමාජයේ දූෂිත ජනයාගෙන් ඈත්ව ඉවත්වෙති.3. තම මුව ආරක්ෂා කරති. 4කුර්ආන්, සුන්නාහ් සහ ෆික්ශ් තම මඟ පෙන්වන්නෙක් බවට පත්කරතිත 5.ත් කළ හැක. 5 තම වර්ධනය සඳහා මාර්ගය මැවුම්කරුගෙන් පමණක් සොයති. 6. නිත්යාධනුකූල මාර්ගයෙන් උපයන සුළු ආදායමෙන් සෑහීමට පත්වෙති. 7. දෙමාපියව්ට ගෞරව කරති. 8. අල්කුර්ආනය අධ්යෙයනය කරන්නේ අවබෝධයෙන්ය. 9. මොලෙව ඇලුම් නොකරති. 10. ආහිඃරා සඳහා ප්රිතිපාධන සූදානම් කරති.

අල් කුර්ආනය උසුලන්නන්ගේ ගුණාංග

 


< සිංහල >
        
අල් හුසෙයින් අල් ආජූරි අල් බග්දාදි (රහි)

 

ජාසිම් ඉබ්නු දඉයාන්

මුහම්මද් අසාද්
 
أخلاق حملة القرآن
< سنهالية >
        

اسم المؤلف
أَبِي بَكْرٍ مُحَمَّدِ بْنِ الْحُسَيْنِ بْنِ عَبْدِ اللهِ الآجُرِّيِّ الْبَغْدَادِيِّ
الْمُتَوَفَّي سنة 360 هـ



ترجمة: جاسم بن دعيان
مراجعة:محمد آساد
 

අල් කුර්ආනය උසුලන්නන්ගේ ගුණාංග
360 හිජ්රි වර්ෂයට අයත් ඉමාම් අබු බකර් මුහම්මද් ඉබ්නු
අල් හුසෙයින් අල් ආජූරි අල් බග්දාදි (රහි) විසිනි
 http://istighfar.wordpress.com/2008/03/16/o-o-assembly-of-muslims-o-bearers-of-the-quran/ ...
සිංහල භාෂාවෙන්
ජාසිම් ඉබ්නු දඉයාන්
අල් කුර්ආනය උසුලන ජනයිනි!
අල් කුර්ආනය උසුලන්නන් උපයෝගි කිරීම සඳහා අවශ්‍ය ප්‍රථම කරුණු  වන්නේ සිත් තුළ හා විවෘත ව අල්ලාහ් කෙරෙහි තක්වා නම් බිය බැතිමත්කම දැක්වීමය.මේ සඳහා තම ආහාර, පාන සහ ආදායම් මාර්ග පිළිබඳ ව “වරා” හෙවත් පරිස්සම් වීම ඔහු අනුගමනය කළ යුතුය.
ඔහු තමා ජීවත් වන යුගය සහ එම යුගයේ ජිවත් වන  දූෂිත ජනයා පිළිබඳ ව ප්‍රත්‍යක්ෂ ඥානය සහිත කෙනෙක් විය යුතුය. එමගින් තම දහම සම්බන්ධ ව ඔවුන්ගෙන් ප්‍රවේශම් විය හැකිය.
ඔහු තමන්ගේ තත්ත්වය පිළිබඳ ව අවධානය යොමු කර දූෂණයට ලක් වූ තම ක්‍රියාවන් ප්‍රතිසංස්කරණය කිරීමට සහ කතා කරන විට නිවැරදි වදන් තෝරා ගනිමින් තම දිව ආරක්ෂා කර ගත යුතුය. කතා කිරීම සුදුසු යැයි හැඟෙන අවස්ථාවන්හි ඔහු කතා කරන්නේ නම්, දැනුම සහිත ව කතා කරයි. ඔහු තම සතුරාට වඩා තම මුවෙන් බැහැර වන වදනට බොහෝ සේ බිය වෙයි. තම සතුරා ව සිරේ දමන්නාසේ ඔහු තම දිව සිර කර තබයි. මෙමගින් එයින් සිදු වන අයහපත් හා අකුසල් ප්‍රතිවිපාක වලින් ආරක්ෂා වීම සොයයි.  මිනිසුන් සිනාසෙන දැයින් සිදුවන අයහපත් ප්‍රතිවිපාක හේතුවෙන් ඔහු සිනාසෙන්නේ කලාතුරකිනි. යම් කරුණක් සත්‍යයට එකඟ වන බව දුටුවේ නම් ඔහු මඳ ලෙස සිනාවෙයි. නිරර්ථ ක්‍රියා සිදු විය හැක යන සැකයෙන් ඔහු අනවශ්‍ය විහිළු කිරීම ප්‍රිය නොකරයි. ඔහු විහිළුවට වුවද පවසන්නේ සත්‍යයයි. ඔහුගේ මුහුණුවර ගුණවත්කම සහිතවන අතර, ඔහුගේ කතාව ඉතාමත් නිර්මලය.
තමන් සතු යහ ගුණයන් සඳහා පවා තමාට ප්‍රශංසා කිරීම අනුමත නොකරන ඔහු, තමා වෙත කොහෙත්ම නොමැති ගුණය ගැන පැසසුම ලැබීම ගැන ඔහු කැමති වෙයිද?
තම මැවුම්කාරයාණන් ව කෝපයට පත් කරන යමක් කෙරෙහි ආශාව ඉක්මවා යන්නේ දැයි ඔහු නිතර පරික්ෂාකාරී ව සිටියි. අන් කිසිවෙකු දෙස පහත් අන්දමින් ඔහු නොබලයි. ඔහු කිසිවෙකුට කේළාම් නොපවසයි. ඔහු කිසිවෙකුට අපවාද නොනගයි. අන් අයට පීඩාවට පත්වීම ගැන ඔහු සතුටු නොවෙයි. ඔහු කිසිවෙකුගේ අයිතීන් උල්ලංඝනය නොකරන අතර, කිසිවෙකුට ඊර්ෂ්‍යා නොකරයි. ඇතැම් සුදුසු අය හැර අන් කිසිවෙකු ගැන අයුතු ලෙස නොසිතයි.ඔහු කෙනෙකුට අවබෝධය සහිත ව ප්‍රිය කරන අතර, කෙනෙකුට අවබෝධය සහිත ව අප්‍රිය කරයි. ඔහු කෙනෙකුගේ වැරදි ගැන පවසන්නේ එහි සත්‍යය දැනම සහිත වන අතර කෙනෙකුගේ සැබෑ ස්වභාවය පිළිබඳ ව අවබෝධ තිබුණේ නම් ඔහු නිශ්ශබ්ද ව සිටියි.
තම සියලු යහපත් හා අලංකාරවත් ගුනාංගයන් සඳහා කුර්ආනය, සුන්නාහ් ව සහ ෆික්හ් නම් ආගමික නීති රීති මඟ පෙන්වන්නන් බව උපුටා ගන්නා අතර, තම අවයවන් සියල්ල තහනම් දැයින් ආරක්ෂා කර ගනී. ඔහු ඇවිද යන්නේ ද දැනුම සහිත ය, ඔහු වාඩිවන්නේද දැනුම සහිතය. තම වදනින් හා දෑතින් අන් අය ආරක්ෂාව ලැබිය යුතු යැයි ඔහු මහත් පරිශ්‍රමය දරයි. ඔහු අඥානයෙක් ලෙස නොහැසිරෙන අතර, කවරෙක් අඥානයෙන් තමන් හා හැසිරුණේ නම් ඔහු ඉවසීමෙන් ක්‍රියා කරයි. එහු කිසිවෙකුට පීඩා නොකරන අතර, තමන්ට කවරෙක් හෝ පීඩා කළේ නම් එය දරා ගැනිමට ඔහු වෙත ඉවසීම තිබේ. තම අධික කෝපය ඔහු පාලන කරගන්නේ තම පරමාධිපතියා ව සතුටු කිරීම සඳහාය. මෙයින් ඔහුගේ සතුරන් තවත් කුපිත වෙති. ස්වභාව යෙන්ම ඔහු නිරහංකාර කෙනෙකි. තමා වෙත සත්‍යය ඉදිරිපත් කරනු ලැබු විට, එය පවසන්නේ තමාට වඩා  වයසින් බාල හෝ වැඩිමහල් කෙනෙකු වුවත් ඔහු එය භාර ගන්නේ නිහතමානි භාවයෙන්ය.
මවන ලද දේ වලින් නොව තම මැවුම්කරු වන අල්ලාහ්ගෙන් තම උසස් තත්ත්වය සොයයි. ඔහු ගර්වය අප්‍රි කරන අතර, එය තමන් තුළ හට ගැනීම ගැන බිය වෙයි. කුර්ආනයේ මාර්ගයෙන් යැපීමේ මාර්ගය නොයොදන ඔහු එමගින් තම අවශ්‍යතා ලබා ගැනීම ද ප්‍රිය නොකරයි. එහි (කුර්ආනයේ දැනුම) තුළින් රජවරුන්ගේ පුත්‍රයන් වෙත නොඇදෙන ඔහු, ධනවත් ජනතාවගේ ගරුත්වය අපේක්ෂාවෙන් ඔවුන් අතර වාඩි නොවෙයි.
අවබෝධය හෝ ප්‍රත්‍යක්ෂය නොමැති ජනතාව, මෙලොවේ විශාල ධනය උපයන විට, ඔහු දැනුම සහ අවබෝධය තුළින් සුළු ප්‍රමාණයක් උපයා එයින් සෑහීමට පත්වෙයි.මිල අධික ඇඳුමෙන් ජනතාව තම සිරුර අලංකාර කරගන්නා අවස්ථාවේ ඔහු නිත්‍යනුකූල ආදායමෙන් මිල දී ගත් සාමාන්‍ය ඇඳුමෙන් තම ලැජ්ජාව ආවරණය කර ගනී. එහුගේ ආර්ථික තත්ත්වය පහසු වන විට ඔහු පහසුවෙන් සිටින අතර, එය අපහසු බවට පත් වන විට ඔහු අපහසුවෙන් හෝ ජීවත් වෙයි. ඔහු සුළු ප්‍රමාණයෙන් පවා සෑහීමට පත්වන හෙයින්. එම සුළු  ප්‍රමාණය ඔහුට සෑහේ. තමන් ව දුෂ්ට අධිකාරියෙකු බවට පත් විය හැකි ලෝකය පිළිබඳ ව ඔහු  ප්‍රවේශම් වෙයි. අල් කුර්ආනය සහ සුන්නාහ් ව පෙන්වන අනිවාර්‍යය කටයුතු අනුගමනය කරමින්, ඔහු ආහාර ගන්නේ දැනුමෙන් යුතුවය, ඔහු පානය කරන්නේ දැනුමෙන් යුතුවය, ඔහු ඇඳුම් අඳින්නේද දැනුම සහිතවය, ඔහු නිදාගන්නේද දැනුමෙන් යුතුවය, ඔහුගේ බිරිය සමඟ එක්වෙන්නේ දැනුමෙන් යුතුවය, ඔහුගේ සහෝදරයන් සමඟ ඔහු එක්වයන්නේ දැනුමෙන් යුතුවය, ඔවුන් බැහැ දැක ගැනීමට ඔහු යන්නේ, ඔවුන්ගෙන් අනුමැතිය ඉල්ලන්නේ සහ ඔවුන්ගේ නිවෙස් තුළට ඇතුළු වන්නේ දැනුමෙන් යුතුවය, ඔවුන්ට ආචාර කරන්නේ සහ අසල් වැසියන්ට සැලකිලි දක්වන්නේ දැනුමෙන් යුතුවය.
තම දෙමාපියන්ට ගෞරවය දැක්වීමේ ක්‍රියාව ඔහු නියමයක් ලෙස තමන් මත පවරා ගන්නා අතර, ඔවුන් කෙරෙහි ආදරය නම් තටු සහ තම කට හඬ පහත් කරයි. තම ධනය ඔවුන් සඳහා වියදම් කර ඔවුන් කෙරෙහි ආදරයෙන් සහ ගෞරවයෙන් නෙත් යොමු කරයි. ඔවුන්ගේ දීර්ඝායුෂ සඳහා ප්‍රාර්ථනා කර ඔවුන්ගේ මහලු වයසේ ඔවුන්ට කෘතඥ පළ කරයි. ඔවුන් කෙරෙහි ඔහු කෝප නොවී, ඔවුන්ට පහත් ලෙස නොසලකයි. අවනත විය කරුණක් පිළිබඳ ව ඔවුන් උපකාරයක් ඉල්ලුවේ නම් ඔහු ඔවුන්ට උපකාර කරයි. අවනත නොවුය යුතු කරුණක් පිළිබඳ ව ඔවුන් උපකාර පැතුවේ නම්, එම අවස්ථාවේ පමණක් ඔහු උපකාර නොකරන නමුත්, එහි පවා ඉතාමත් විනීත ව හැසිරෙයි. ඉතාමත් ප්‍රියමනාප සහිත ව ඔවුන්ට ප්‍රතිචාර දක්වමින්, ඔවුන් සිදු කුරීමට සූදානම් වූ අයහපත් ක්‍රියාවෙන් ඔවුන්ට කිසිදු ඵලක් නොමැති බව පහදා දෙයි. ඔහු ඥාති සම්බන්ධතා පවත්වන අතර එය බිඳ දැමීම පිළිකුල් කරයි. කවරෙකු හෝ ඤාති සම්බන්ධතා බිඳ දැමුවද, ඔහු එසේ නොකරයි. කවරෙකු හෝ ඔහු සම්බන්ධ ව අල්ලාහ්ට අකීකරු වුවත්, ඒ පුද්ගලයා සම්බන්ධ ව ඔහු අල්ලාහ්ගේ අණට එකඟව ක්‍රියා කරයි.
ඔහු විශ්වාසීන් සමඟ රැස්වෙන්නේ සහ වාඩිවෙන්නේ දැනුම සහිතය. ඔහු සමඟ ආශ්‍රය කරන්නන්ට ඔහු උපකාර වන අතර, ඔහු මිතුරන්ට යහපත් කෙනෙක් ලෙස ක්‍රියා කරයි. ඔහු කෙනෙකුට යමක් උගන්වන්නේ නම්, එය ආචාර සම්පන්න ව ඉටු කරයි. වැරදි කරන්නන්ට ඔහු අමිහිරි ලෙස කතා නොකරනවා මෙන්ම ඔවුන් ව අපකීර්තියට පත් නොකරයි. ඔහු සෑම කෙනෙකු සමඟම ආචාර සම්පන්න වන අතර, යහපත් දේ ඉගැන්වීම සඳහා ඉතාමත් ඉවසීමෙන් ක්‍රියා කරයි. ඉගෙන ගන්නා කෙනෙක්, ඔහුගෙන් සහන ලබන අතර, ඔහුගේ ආශ්‍රය අගය කරයි. ඔහු සමඟ වාඩි වී සිටින්නන් යහ දේ ලබයි. ඔහු තම මිතුරන්ට කුර්ආනය සහ සුන්නාහ්වෙන්  සුචාරිත්‍රය ගැන අධ්‍යාපනය ලබා දෙයි.
ඔහුට දුෂ්කරතාවක් සිදු වුයේ නම්, කුර්ආනය සහ සුන්නාහ් ඔහුගේ ගුරු භවතුන්වෙයි. ඔහු ශෝක වන්නේ දැනුමෙන් යුතුවය. එහු කඳුළු සලනනේ දැනුමෙන් යුතුවය. ඔහු ඉවසන්නේ දැනුමෙන් යුතුවය. ඔහු තමන් ව පිරිසිදු කරගන්නේ දැනුමෙන් යුතුවය. ඔහු නැමදුම් කරන්නේ දැනුමෙන් යුතුවය. ඔහු zසකාත් ගෙවන්නේ දැනුමෙන් යුතුවය. ඔහු අසරණ සරණවන්නේ දැනුමෙන් යුතුව. ඔහු උපවාසයේ යෙදෙන්නේ දැනුමෙන් යුතුවය. ඔහු හජ් වන්දනාවේ යෙදෙන්නේද දැනුමෙන් යුතුවය. ඔහු ජිහාදයේ යෙදෙන්නේ දැනුමෙන් යුතුවය. ඔහු ආදායම් උපයන්නේ දැනුමෙන් යුතුවය. ඔහු වියදම් කරන්නේද දැනුමෙන් යුතුවය. ඔහු සියලු  කටයුතු සැහැල්ලු කරන්නේ දැනුමෙන් යුතුවය. ඔහු එසේ සැහැල්ලු නොකරන්නේ නම්, එය ද දැනුමෙන් යුතුවය.  ඔහුට ආචාර විධි ඉගැන්වුයේ කුර්ආන් සහ සුන්නාහ්ය. ඔහු ආචාර විධි ඉගෙන ගනු පිණිස නෙත් යොමු කරන්නේ කුර්ආනය වෙතටය. අල්ලාහ් අනිවාර්යය කළ දේ ඉටු කිරීමේදී, ඒවා ඥානය විරහිත ව සිදු කිරිමට ඔහු අකැමැතිය. සෑම යහපත සඳහා මඟ පෙන්වනු පිණිස දැනුම සහ අවබෝධය තම මඟ පෙන්වන්නෙක් ලෙස උපයෝගි කරයි.
ඔහු අල් කුර්ආනය ඉගෙන ගන්නේ අවබෝධය සහ බුද්ධිය සහිතවය. එම අවස්ථාවේ ඔහුගේ අපේක්ෂාව, තමා අනුගමනය කරන අල්ලාහ්ගේ අණ පිළිබඳ ව දැන ගෙන ඒවා ඒ ආකාරයෙන්ම ඉටු කිරීම සහ අල්ලාහ් තහනම් කළ දේ පිළිබඳ ව දැන ගෙන ඒවායෙන් මිදීම පමණයි. මෙම පාඩම කියවා අවසාන කරන්නේ කුමන මොහොතේ දැයි ඔහු නොසුතයි. ඒ වෙනුවට ඔහු සිතන්නේ අන් අයගෙන් කිසිවක් අපේක්ෂා නොවී අල්ලාහ්ගෙන් පමණක් යැපීමට මට හැකිවන්නේ කුමන මොහොතේද? යන්නයි. දේව බැතිමතුන් අතරට මම පත්ව්නේ කවදා ද? විශිෂ්ටත්ව ලැබු අයගේ පිරිස අතරට මම පත්වන්නේ කවදා ද? අල්ලාහ් වෙත සම්පුර්ණයෙන්ම රැඳී සිටින්නන් අතර කෙනෙක් බවට මම පත්වන්නේ කුමණ දිනයේදී ද? අල්ලාහ් ඉදිරියේ යටත් පහත් වන්නන් අතර කෙනෙකු බවට මම පත්වන්නේ කවර දිනකදී ද? ඉවසීමෙන් සිටින ජනතාව අතර කෙනෙක් බවට පත් වන්නේ කවදා ද? සත්‍යයවන්තයන් ගෙන් කෙනෙකු බවට පත් වන්නේ කවදා ද? අල්ලාහ්ට සැබැවින් බියවන කෙනෙකු බවට පත් වන්නේ කවදා ද. ස්ථීර බලාපොරොත්තු සහිත කෙනෙකු බවට පත් වන්නේ කවදා ද?
මෙලොව කෙරෙහි ඇල්මෙන් මම මිදෙන්නේ කවදා ද? මරණයෙන් පසු ජීවිතයට මම ආශාවෙන් බලාපොරොත්තුව තබන්නේ කවදා ද? මගේ පාපයන් සඳහා මම පසුතැවිලි වන්නේ කවදා ද? මා හට ලැබු අසීමිත ආශීර්වාද පිළිබඳ ව මම අවබෝධ කරගන්නේ කවදාද. ඒවා සඳහා මම කෘතඥවන්නේ කවදා ද? අල්ලාහ්ගේ ස්ථානය මම දැනගන්නේ කවදා ද? මම පාරායනා කරන කුර්ආන් වැකියන්හි අර්ථය මම අවබෝධ කරගන්නේ කවදා ද? මා තුළ පවතින පහත් ආශාවන්ගෙන් මම මිදෙන්නේ කවදාද? කවදා ද අල්ලාහ් මාර්ගයේ සැබෑ ජිහාද්හී මම යෙදෙන්නේ? මගේ දිව (වදන්) මම ආරක්ෂා කරගන්නේ කවදා ද? මගේ බැල්ම පහත හෙලන්නේ කවදා ද? මගේ පවිත්‍රතාවය ආරක්ෂා කරගන්නේ කවදා ද? අල්ලාහ් අබියස මම සැබැවින්ම ලජ්ජා වන්නේ කවදා ද? මගේ වැරදි පිළිබඳ ව මම සිත්තැවිල්ලට පත් වන්නේ කවදා ද? මගේ ජීවිතයේ පිරී තිබෙන දූෂණ යලි ප්‍රතිසංස්කරණ කරගන්නේ කවර දිනයේ ද? මගේ ක්‍රියාවන්හී ගිණුම් මා විසින්ම තෝරා බේරා ගන්නේ කවර දිනක ද?
යළි නැගිටුවනු ලබන දිනය සඳහා මගේ ප්‍රතිපාදනය සූදානම් කර ගන්නේ කවදා ද? අල්ලාහ් කෙරෙහි මම සෑහීමට පත්වන්නේ කවර දිනයේදී ද? අල්ලාහ් වෙත මම සැබැවින් රැඳී පවතින්නේ කවර දිනයේදී ද? කුර්ආනය නිකුත් කරන අනතුරු ඇඟවීම් පිළිබඳ ව  මම අවවාද දෙනු ලබන්නේ කවදා ද? අල්ලාහ් නොවන කරුණු වෙත සිත යොමු කිරීමෙන් බැහැරවන්නේ කවර දිනයේදී ද? අල්ලාහ්ට ප්‍රියමනාප දේ මම ප්‍රිය කරන්නේ කවර දිනකදී ද? අල්ලාහ් ප්‍රි නොකරන සියලු දේ මම පිළිකුල් කරන්නේ කවදා ද? මම අල්ලාහ් වෙත අවංක වන්නේ කවදා ද? මගේ සියලු ක්‍රියාවන් අල්ලාහ් සඳහා පවිත්‍ර කර ගන්නේ කවදා ද? මගේ නිෂ්ඵල බලා පොරොත්තු ඉවත දමන්නේ කවදා ද? මගේ ජීවිතයේ ඉතිරි දින අවසාන්යේ සිදුවන මරණය සඳහා මම සූදානම් වන්නේ කවදා ද? කබ්ර් නම් සොහොන් ජීවිතය මම ගොඩ නඟන්නේ කවදා ද? ප්‍රශ්න කිරීම සඳහා යළි නැගිටිවනු ලබන දිනය මෙනෙහි කරන්නේ කවදා ද? මාගේ පරමාධිපති අබියස හුදකලාවේ සිටීම ගැන මෙනෙහි කරන්නේ කවදා ද? මාගේ යළි ප්‍රෙව්ශය ගැන මෙනෙහි කරන්නේ කවදා ද?
මාගේ පරමාධිපති මා හට අවවාද කළ නිරයේ ගින්න, එහි මහත් ගැඹුර සහ දූර්ඝ දුක පිළිබඳ ව මම අවබෝධ කරගන්නේ කවදා ද? එහි වැසියන් මරණයකින් සහන නොලබති, ඔවුන්ගේ පාපයන්ට සමාව නොලබති. ඔවුන්ගේ කඳුළු සඳහා කරුණා නොලබති. ඔවුන්ගේ ආහාරය  zසක්කූම්ය, ඔවුන්ගේ පානය දැවෙන ජලයවේ. ඔවුන්ගේ චර්මය පිලිස්සී අවසානවන විට, දඬුවමේ වේදනාව දැනගනු පිණිස ඔවුන් අලුත් චර්මයකින් පලඳනු ලබති. තමන්ට ලාබයක් ගෙන නොදෙන මොහොතේ ඔවුන් පසුතැවිලි වෙති. තවද අල්ලාහ්ට අකීකරුවීම, අකීකරුවීමේ දීර්ඝ ව යෑම පිළිබඳ ව ශෝකය නිසා තමන්ගේම අත ඔවුන් සපා කති.
يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي ﴿٢٤﴾
“අහෝ! මගේ දුක මගේ මතු ජිවිතය ගැන (යහකම්) මම කෙළෙමි නම්, (යැයි ඔහු කියන්නෝය.)” කුර්ආන් 89:24
තව කෙනෙකු මෙලෙස පවසයි.
حَتَّىٰ إِذَا جَاءَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَ‌بِّ ارْ‌جِعُونِ ﴿٩٩﴾ لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَ‌كْتُ ۚ كَلَّا ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا ۖ وَمِن وَرَ‌ائِهِم بَرْ‌زَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ ﴿١٠٠﴾
 “මාගේ පරමාධිපතියාණනි! මා නැවත යවනු මැනවැ යි ඔහු පවසනු ඇත. මා අතහැර පැමිණි දෑ හි යහකම් කිරිමට  හැකිවනු පිණිසය.” කුර්ආන් 23:99-100.
කෙනෙක් මෙසේ පවසයි.
وَوُضِعَ الْكِتَابُ فَتَرَ‌ى الْمُجْرِ‌مِينَ مُشْفِقِينَ مِمَّا فِيهِ وَيَقُولُونَ يَا وَيْلَتَنَا مَالِ هَـٰذَا الْكِتَابِ لَا يُغَادِرُ‌ صَغِيرَ‌ةً وَلَا كَبِيرَ‌ةً إِلَّا أَحْصَاهَا ۚ وَوَجَدُوا مَا عَمِلُوا حَاضِرً‌ا ۗ وَلَا يَظْلِمُ رَ‌بُّكَ أَحَدًا ﴿٤٩﴾
“අහෝ! අපගේ විනාශය,  මෙම ලේඛනය කුමක් විද? කුඩා හෝ විශාල කිසිවක් ඒවා සටහන් කරනු මිස අතහැර නොමැත.” කුර්ආන් 18:49
තවත් කෙනෙක් මෙසේ පවසයි.
وَيَوْمَ يَعَضُّ الظَّالِمُ عَلَىٰ يَدَيْهِ يَقُولُ يَا لَيْتَنِي اتَّخَذْتُ مَعَ الرَّ‌سُولِ سَبِيلًا ﴿٢٧﴾
“අහෝ! මගේ විනාශය,  (මොහුට) මිත්‍රයෙකු බවට ගන්නට තිබුණා නොවේ ද?” කුර්ආන් 25:28
විවිධ දඬුවම්වලට ලක් වූ තව පිරිසක් මෙසේ පවසයි. “ඔවුන්ගේ මුහුණ නිරා ගින්න තුළ හරවනු ලබන දින, ‘අප අල්ලාහ්ට අවනත වන්නට තිබිණ. තවද රසූල්වරයාට අවනත වන්නට තිබිණි.” යැයි ඔවුහු පවසති.
එ බැවින් රැස් ව සිටින මුස්ලිම්වරුනි! කුර්ආනය උසුලන්නනි! මෙයයි නිරයේ ගින්න. විශ්වාසීන් කෙරෙහි අල්ලාහ්ගේ මෛත්‍රිය හේතුකොට ගෙන, ඔවුන්ට පුස්තකයේ විවිධ ස්ථානයන්හි අල්ලාහ් අවවාද කර ඇත. ඉතා බලගතු හා මහිමය හිමි අල්ලාහ් මෙසේ පවසා ඇත.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قُوا أَنفُسَكُمْ وَأَهْلِيكُمْ نَارً‌ا وَقُودُهَا النَّاسُ وَالْحِجَارَ‌ةُ عَلَيْهَا مَلَائِكَةٌ غِلَاظٌ شِدَادٌ لَّا يَعْصُونَ اللَّـهَ مَا أَمَرَ‌هُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُ‌ونَ ﴿٦﴾
 “විශ්වාස කළවුනි!නුඹලාව ද නුඹලාගේ පවුලේ අය ද (නිරා) ගින්නෙන් ආක්ෂා කරගනිවු.  එහි ඉන්ධන මිනිසුන් හා ගල් වේ. එය මත දැඩිභාවයකින් යුත් ශක්තිවන්ත වූ මලක්වරුන් සිටිති. අල්ලාහ් ඔවුන්ට විධානය කළ දැයට ඔවුහු පිටුනොපාන අතර ඔවුන්ට විධානය කරනු  ලබන දෑ ඔවුහු ඉටු කරති.” කුර්ආන් 66:6

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّـهَ وَلْتَنظُرْ‌ نَفْسٌ مَّا قَدَّمَتْ لِغَدٍ ۖ وَاتَّقُوا اللَّـهَ ۚ إِنَّ اللَّـهَ خَبِيرٌ‌ بِمَا تَعْمَلُونَ ﴿١٨﴾
ඉතා බලගතු හා මහිමය හිමි ඔහු “විශ්වාස කළවුනි! අල්ලාහ්ට බිය භක්තිමත් වවු. සෑම ආත්මයක්ම හෙට දින සඳහා (තමන්ට) පෙරටු කරගත් දෑ පිළිබඳ ව අවධානය යොමු කරවු. තවද අල්ලාහ්ට බිය භක්තිමත්වවු. සැබැවින්ම අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥාන වන්නේය.” යනු පවසයි කුර්ආන් 59:18.
අල්ලාහ් ඔවුනට අනිවාර්ය කළ දේ කෙරෙහි නොසැලිකිලිමත් වීම, ඔවුන්ට භාර කළ දේ නැති කර ගැනීම, ඔවුන්ට දුන් සීමාව රැකගෙනීම, සහ අල්ලාහ්ගේ අණට එරෙහිවූවන් මෙන් ජීවත් වී අල්ලාහ්ගේ විවිධ කෝපයට හා දඬුවමට ලක් වුවන් නොවන ලෙස මූඃමින්වරුන්ට අල්ලාහ් අවවාද කළේ මෙසේය.
وَلَا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللَّـهَ فَأَنسَاهُمْ أَنفُسَهُمْ ۚ أُولَـٰئِكَ هُمُ الْفَاسِقُونَ ﴿١٩﴾
“නුඹලා අල්ලාහ් ව අමතක කළවුන් මෙන් නොවවු. එබැවින් ඔහු (අල්ලාහ්) ඔවුනට තමන්ව ම අමතක කෙරෙව්වේය. ඔවුන්මය පාපතරයින් වන්නේ.” කුර්ආන් 59:19

අනතුරු ව නිරා ගින්නේ ජනතාව සහ ස්වර්ගයට හිමි ජනතාව සමාන නොවන බව අල්ලාහ් දැන්වුයේ මෙසේය.
لَا يَسْتَوِي أَصْحَابُ النَّارِ‌ وَأَصْحَابُ الْجَنَّةِ ۚ أَصْحَابُ الْجَنَّةِ هُمُ الْفَائِزُونَ ﴿٢٠﴾
 “නිරයේ සගයින් හා ස්වර්ගයේ සගයින් සමාන නොවෙති. ස්වර්ගයේ සගයින්මය ජය ලැබුවන් වන්නේ.” කුර්ආන් 59:20
මේ හේතුවෙන් ප්‍රඤාවන්ත විශ්වාසිකයෙක් අල් කුර්ආනය පාරායනා කරන විට, ඔහු තමන් ව එයට ඉදිරිපත් කරන හෙයින්,  තම අලංකාරවත් ක්‍රියාවන් සහ විරූපි ක්‍රියාවන් සියල්ල කැඩපතක් මෙන් ඔහුට වෙන් වී පෙනේ. මෙ ආකාරයෙන්, තම පරමාධිපතියා අවවාද කළ දේ කෙරෙහි ඔහු ප්‍රවේශම් සහගතව ව කටයුතු කරයි. ඔහු තුළ බිය ගැන් වූ දේවල ප්‍රතිවිපාකය ගැන ඔහු බිය වෙයි. ඔහුගේ පරමාධිපතියා තුමන දැයක් ගැන රුකුල් දුන්නේද, ඒවා ගැන ඔහු ප්‍රිය කරමින් අපේක්ෂා කරයි.
අනතුරු ව, මෙම විස්තරවලට සුදුසු වන්නේ, නැතහොත් ඒවාට සමීප ව සිටින්නේ කවරෙකු ද යත්, ඔහු කුර්ආනය නිසියාකාර ව පාරායනා කළ කෙනෙකි. තවද, කුර්ආනය සුරැකිය යුතු ආකාරයෙන් ඔහු සුරකින්නේය. කුර්ආනය ඔහුට සාක්ෂි කරුවෙකු බවට, මැදිහත් වන්නෙක් බවට, සහනයක් සහ සහයක් බවට පත් වනු ඇත. මෙවැනි ගුණත්වය සහිත කෙනෙක්, තමාට සහ තම පවුලේ අයට යහපතක් සිදු කර, තම දෙමාපියන්ට සහ තම දරුවන්ට මෙලොව සහ මතු ලොවෙහි සියලු යහපතක් සමඟ අපාසු පැමිණෙන්නේය.
360 වන හිජ්රි වර්ෂයට අයත් ඉමාම් අබු බකර් මුහම්මද් ඉබ්නු අල් හුසෙයින් අප් ආජූරී අල් බග්දාදි (රහි) රචනය කළ “අල් කුර්ආනි උසුලන්නන්ගේ ස්වභාවය” නම් ග්‍රන්ථයේ 4වන පරිච්ඡේදයෙන් උපුටා ගන්නා ලදී.

URL: http://wp.me/p1VJ3-2uk

 

 

 

 

 

 

 

 


    

Contents


الصفحة    العنوان    م
1        1
        2
        3
        4
        5
        6
        7
        8
        9
        10
        11
        12
        13
        14
        15