අල් කුර්ආන් වැකි පිළිබඳ අසත්‍ය විවේචන-මිත්‍යාව හා යථාර්ථය

ඉස්ලාමය සාහසික හා දරුණු දහමක් ලෙස හුවා දැක්වීම අරමුණු කොට ගෙන අල් කුර්ආන් වැකි හා මුහම්මද් (සල්) තුමාණන් ගේ වදන් හා පිළිවෙත් විකෘති කොට විවිධ මාධ්යදයන් මාර්ගයෙන් ඉදිරිපත් කිරීම වර්තමාන කාල වකවානුවේ දකිමු. මෙම වෛරී හා ද්වේෂ සහගත අසත්යරය ප්රාචාරයේ පිය වරුන් ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහි කරන ලද ඊශ්රානයලය හා එහි ප්ර චාරක ක්රිධයාවන් මුල් වී ඇති බව පෙනෙන්න ට ඇත. ඔවුන් ගේ අසත්යර චෝදනාවන් ට මෙලෙස පිළිතුරු දෙමු.

اسم الكتاب: شبهات حول القرآن الكريم والرد عليها


تأليف: محمد منصور دحلان


الناشر: المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة


نبذة مختصرة: كتاب باللغة السنهالية فيه رد على شبهات مثارة من البوذيين وغيرهم لاتهامهم الإسلام بأنه دين إرهاب، وبوضع مفاهيم خاطئة للقرآن الكريم.


අල් කුර්ආන් වැකි පිළිබඳ අසත්‍ය විවේචන-මිත්‍යාව හා යථාර්ථය

 


 සිංහල – Sinhala –[ سنهالي  

 

මුහම්මද් මන්සූර් දහ්ලාන්

 

 

 

 

 


2014 - 1436
 
 

شبهات حول القرآن الكريم
والرد عليها
« باللغة السنهالية »

 

 

محمد منصور دحلان

 

 

 

 


2014 - 1436
 
අල් කුර්ආන් වැකි පිළිබඳ අසත්‍ය විවේචන-මිත්‍යාව හා යථාර්ථය
මන්සූර් දහ්ලාන්
ඉස්ලාමය සාහසික හා දරුණු දහමක් ලෙස හුවා දැක්වීම අරමුණු කොට ගෙන අල් කුර්ආන් වැකි හා මුහම්මද් තුමාණන් ගේ (එතුමා කෙරෙහි අල්ලාහ් ගේ ආශීර්වාදය හා ශාන්තිය අත් වේවා) වදන් හා පිළිවෙත් විකෘති කොට විවිධ මාධ්‍යයන් මාර්ගයෙන් ඉදිරිපත් කිරීම වර්තමාන කාල වකවානුවේ පොදු ලක්ෂණයක් බව ට පත් වී ඇත. මෙම වෛරී හා ද්වේෂ සහගත අසත්‍යය ප්‍රචාරයේ පිය වරුන් ලෙස දෙවන ලෝක යුද්ධයෙන් පසු බිහි කරන ලද ඊශ්‍රායලය හා එහි ප්‍රචාරක ක්‍රියාවන් මුල් වී ඇති බව පෙනෙන්න ට ඇත. ඔවුන් එසේ ක්‍රියා කරන්න ට මුල් වූ හේතු කුමක් දැයි පළමු ව විමසා බලමු.
වර්තමාන ලෝක ත්‍රස්තවාදයේ කර්තෘවරුන් කවුරුන් ද?
ලොව අද සිදු වෙමින් පවතින විවිධ ගැටුම් ඉස්ලාමයේ ඉගැන්වීම් පදනම් කර ගෙන සිදුවන්නක් බව හුවා දක්වන්න ට අති දැවැන්ත මාධ්‍යය මෙහෙයුමක් ජාත්‍යන්තර ව ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම මාධ්‍ය මෙහෙයුම පිටු පස සිටින්නේ කවුරුන් ද? ඔවුන් එසේ ක්‍රියාත්මක වීම ට හේතු වූ සාධක කුමක් ද? මෙවන් ප්‍රශ්න පිළිබඳ ව මූලික නිවැරදි කරුණු  නොදැන මෙම මාතෘකාව සාකච්ඡා කිරීම සාර්ථක කටයුත්තක් නොවනු ඇත.
ඇඩොල්ෆ් හිට්ලර් ගේ නායකත්වයෙන් ආරම්භ වූ දෙවන ලෝක මහා යුද්ධයේ දී විශේෂයෙන් ම යුරෝපයේ ජීවත් වූ යුදෙව්වන් මිලියන 6ක් ඝාතනය කරන ලද බව සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. මෙවන් සාපරාධකාරී හා අසාධාරණ මහා පරිමාන මිනිස් ඝාතන කිසිදු දහමක් හෝ යහ සමාජයක් අනුමත කරන්නක් නොවේ. යුද සමාදානයෙන් පසු යුරෝපයේ සිදු වූ මෙම ඛේදවාචකය ට විසඳුම් යුරෝපය පදනම් කර ගෙන සෙවිය යුතු ව තිබුණ ද එම අදහස අත හැර සාමකාමී රටක් වූ පලස්තීනය දෙකඩ කොට යුදෙව්වන් ට රටක් සාදා දෙන්න ට බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර බලවතුන් විසින් ක්‍රියා කරන ලදී. ඒ වන විට පලස්තීනයේ මුස්ලිම්වරුන් 86% ක් කිතුනුවන් 10% ක් හා යුදෙව්වන් 4% ක් ලෙස සාමකාමී ව ජීවත් වෙමින් සිටියහ.
බ්‍රිතාන්‍යය විසින් ඉන්දියාවේ අයර්ලන්තයේ හා සයිප්‍රසයේ සිදු කළාක් මෙන් ‘බෙදා වෙන් කර පාලනය කිරීමේ’ ප්‍රතිපත්තිය අනුගමනය කරමින් පලස්තීනය 1947 දී දෙකඩ කොට යුරෝපයේ යුදෙව්වන් ට සිදු වූ අසාධාරණය ට මැදපෙරදිගින් විසඳුම් සකස් කරන්න ට කටයුතු කළහ. මේ වන විට පලස්තීනය බ්‍රිතාන්‍යයින් ගේ පාලනය යටතේ පැවතිණි.   86% ක් වූ මුස්ලිම් ජනයාගෙන් බහුතරයක් ශත වර්ෂ ගණනාවක් තිස්සේ තමන් ට උරුම භූමියෙන් ඉවත් කොට ඔවුන් ව සරණාගතයින් බව ට පත් කරමින් 1948 වර්ෂයේ දී පලස්තීන භූමියෙන් 55% ක් යුදෙව්වන් ට වෙන් කොට ඊශ්‍රායලය නමින් රටක් නිර්මාණය කරන්න ට කටයුතු කළහ. මෙම ප්‍රතිපත්තිය ම අනුගමනය  කරමින් ඒකීය රටක් වූ අපගේ මාතෘ භූමිය දෙකඩ කොට වාර්ගික ප්‍රශ්නය ට විසඳුම් සපයන්න ට මෑතක දී බ්‍රිතාන්‍යය ප්‍රමුඛ බටහිර බලවතුන් පිඹුරුපත් සකස් කරමින් කටයුතු කළ ආකාරය අපගේ මතකයෙන් ඉවත් වී නොමැති බව තරයේ අවධාරණය කරන්නෙමු. පලස්තීන රටේ 55% ක් ලබා ගෙන ආරම්භ කරන ලද නීති විරෝධී ඊශ්‍රායල් රට දැන ට එහි 90% ක ට වැඩි භුමි ප්‍රමාණයක් අත්පත් කර ගෙන ලොව සියලු නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන බව දෛනික ව අපි පුවත්පත් මගින් කියවන්නෙමු. මෙම ඊශ්‍රායල් ව්‍යාප්තවාදය සිදු කරනු ලබන්නේ අසරණ පලස්තීන දරුවන්, කාන්තාවන්, වයෝවෘද්ධයින්, රෝගීන් හා අනෙකුත් සිවිල් වැසියන් ව ඝාතනය කරමින් ඔවුන් ට එරෙහි ව නිරතුරු ව ක්‍රියාත්මක කරනු ලබන ගැටුම් මගිනි. රෝහල් පාසැල් ආගමික ස්ථාන හා සිවිල් වැසියන් ගේ නිවාස සහමුලින් ම පාහේ මෙම මෘග ප්‍රහාරයන් මගින් විනාශ කොට ඇත. මෑතක දී පලස්තීනයේ ගාසා තීරයේ සිදු කළ ඊශ්‍රායල ත්‍රස්ත ප්‍රහාරයන් මගින් දහස් ගණන් අහිංසක පලස්තීනුවන් ව ඝාතනය කිරීම පිළිබඳ ව ඉතා මෘදු අයුරින් එය නවත්වන ලෙස මාධ්‍ය මගින් ඉල්ලා සිටි ඇමෙරිකාව එම ප්‍රහාරයන් මැද්දේ මිලියන ගණනක නුතන අවි ඊශ්‍රායලය ට සපයන්න ට ද කටයුතු කරන ලදී.
මේ සියල්ල අහඹු සිදුවීම් නොවේ. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රාජ්‍යයන් හි මාධ්‍යය අයිතිය ඇත්තේ යුදෙව්වන්ට ය. කර්මාන්ත බැංකු හා ආර්ථික අයිතිය ඇත්තේ ද ඔවුන්ට ය. ඊශ්‍රායලය විසින් පලස්තීනයේ සිදු කරන අති අමානුෂික ක්‍රියාවන් සාධාරණීය කිරීම සඳහා මෙම ජාත්‍යන්තර යුදෙව් මාධ්‍ය නිරතුරු ව කටයුතු කරමින් සිටියි.  වින්දිතයා වූ අන්ත අසරණ පලස්තීනුවන් චුදිතයා කරමින් හා අපරාධකරුවා වූ ඊශ්‍රායලය වින්දිතයා ලෙස ලොව ට ප්‍රදර්ශනය කිරීම ට මෙම මාධ්‍ය විසින් විවිධ කටයුතු සිදු කරති. එහි ප්‍රතිඵලයක් ලෙස ඉස්ලාමී ය මුලාශ්‍ර විකෘති කොට වැරදි අර්ථ කථනයන් ලබා දෙමින් ඉස්ලාමය හා මුස්ලිම් ජනයා ව ත්‍රස්තවාදීන් ලෙස හුවා දක්වන්න ට කටයුතු කිරීම ඔවුන් ගේ ජාත්‍යන්තර න්‍යාය පත්‍රයේ අංක එකට යොදා ඇති වැදගත් කොටසකි. එම මාධ්‍ය ප්‍රචාරයෙන් අහුලා ගත් කොටස් ඉදිරිපත් කරමින් අප රට තුළ ද ‘මුස්ලිම් භීතිකාවක්’ ඇති කිරීම ට න්‍යාය පත්‍ර වාදී ලෙස අන්තවාදී සුළු පිරිසක් ඉදිරිපත් වී සිටීම සැම ගේ පිළිකුල ට ලක් විය යුත්තකි.
ඉස්ලාමය හා යුද ගැටුම් පිළිබඳ යථාර්ථය
මුහම්මද් තුමාණන් ජීවත් වූ කාල වකවානුවේ යුද්ධ කිහිපයක් සිදු විය. එම 13 වසර තුළම දෙපාර්ශවයෙන් ම මරණය ට පත් වී ඇති සම්පුර්ණ සංඛ්‍යාව 1300 ක් පමණය. කරුණාකර පහත සඳහන් සංඛ්‍යා ලේඛන වෙත අවධානය යොමු කරන්න.  1860 – 65 දක්වා පැවති ඇමෙරිකානු සිවිල් යුද්ධයෙන් 628,000 ක්  පළමු වන ලෝක යුද්ධයෙන් මිලියන 37 ක් දෙවන ලෝක යුද්ධයෙන් මිලියන 72.5 ක් සෝවියට් විප්ලවයෙන් මිලියන 5 ක් මුස්ලිම් වරුන් ට එරෙහි ව පැවති කුරුස යුද්ධයෙන් මිලියන 9 ක් හා කොරියන් යුද්ධයෙන් මිලියන 3 ක්  ආදී වශයෙන් මිනිස් ඝාතන සිදු වී ඇත. මේ කිසිවක් මුස්ලිම් වරුන් ගේ ක්‍රියා නොවන අතර ඉතා අකාරුණික ලෙස ජාත්‍යන්තර මාධ්‍ය මේ සියලු මිනිස් ඝාතන පිළිබඳ ව මුණිවත රකියි.
අතීතයේ සිදු වී ඇත්තේ ඉස්ලාමීය රාජ්‍යය ට එරෙහි ව පැන නැගි ත්‍රස්තවාදී ප්‍රහාරයන් මැඩ පැවැත් වීම සඳහා අවම බලය පාවිච්චි කිරීමයි. අයුක්තිය අසාධාරණය හා අපරාධ තුරන් කිරීම සඳහා ද ඉස්ලාමීය රාජ්‍යයන් කටයුතු කොට ඇත. මේවා සියල්ල ඉස්ලාමීය රාජ්‍යයන් ට පමණක් සීමා වූ ක්‍රියාවන් ලෙස හුවා දැක්වීම ට දරන බොළඳ උත්සාහය තරයේ හෙළා දකින්නෙමු. මෑතක දී අප මාතෘ භූමියේ සිදු වූ බෙදුම්වාදී ගැටුම නිරාකරණය කිරීම සඳහා සිදු කරන ලද මෙහෙයුම් කෙසේ නම් වැරදි යුද වාදයක් ලෙස අර්ථ දක්වන්න ට හැකි දැයි විමසන්න ට කැමැත්තෙමු. එනිසා ඉදිරි විග්‍රහයන් පිළිබඳ ව ඉතා මධ්‍යස්ථ හා යථාර්ථවාදී චින්තනයකින් යුක්ත ව විමසුමක යෙදෙන්න ට අපි සමග එක් වන ලෙස ඉතා කාරුණික ව ආරාධනා කරන්නෙමු.  

2014-9-28 වැනි දින සඟ කොළඹ පැවති සමුළුවේ දී විකෘති කොට ඉදිරිපත් කරන ලද  අල් කුර්ආන් වැකි හා නබි වදන් පිළිබඳ නිවැරදි හා සත්‍යය විග්‍රහය
අල් කුර්ආන් වැකිය 2 : 193
2014/09/28 වැනි දින සමුළුවේ දී වැරදි පරිවර්තනය මගින් විකෘති ලෙස ඉදිරිපත් කළ අල් කුර්ආන් වැකි ය පහතින් දක්වා ඇත්තෙමු.
“මුස්ලිම් වරුනි, අල්ලාහ් සහ ඉස්ලාම ය හැර අනෙකුත් සියලු ආගම් සහ ඇදහීම් භූමියෙන් විනාශ කොට අතු ගා දමන තුරු සහ එක ම ආගම ඉස්ලාම ය පමණක් වනතුරු ඔවුන් ට විරුද්ධ ව භීෂණය කලකෝලාහල සටන් කරන්න” (අල් කුර්ආන් 2 : 193)
ඉහත සමුළුවේ දී විකෘති කොට ඉදිරිපත් කරන ලද එම වැකි යේ  නිවැරදි පරිවර්තනය අනුව අර්ථ දක්වා ඇති අයුරු පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.
“(තවදුරටත්) අක්‍රමිකතාව ඇති නොවී දීන් (දහම) අල්ලාහ්ට ම වනතෙක් නුඹලා ඔවුන් සමග යුද වදිවු. නමුත් ඔවුහු එයින් (අක්‍රමිකතාවන්ගෙන්) වැළකුණහොත් සතුරුකම ඔවුන්ගෙන් වූ අපරාධකරුවන් වෙත හැර අන් කිසිවෙකු ට නොමැත”.  (අල් කුර්ආන් 2 : 193)
ආරම්භයේ දක්වා ඇති විකෘති පරිවර්තනයෙන් ඉදිරිපත් කර ඇති අර්ථය හා නිවැරදි පරිවර්තනයෙන් දක්වා ඇති අර්ථය  කරුණාකර සසඳා බලන්න. මෙයින් ම ඔවුන් ගේ අපේක්ෂාව කුමක් ද යන්න අවබෝධ කර ගනීම පහසු වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.  
පැහැදිලි කිරීම
මෙම අල් කුර්ආන් වැකිය උපුටා දක්වන්නන් එහි සන්දර්භය සමග අර්ථය විග්‍රහ කරන්න ට කටයුතු නොකරති. එසේ සන්දර්භය සමග අර්ථය විග්‍රහ කරන්නෙකු ට මෙහි ගැබ් වී ඇති සත්‍යය අවබෝධ කර ගැනීම නිසැකව ම පහසු වනු ඇත. අල් කුර්ආනය හැදෑරීමේ දී සන්දර්භයේ වැදගත්කම විදහා දක්වන පහසු  උදාහරණයක් අල් කුර්ආනයෙන් ම පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“සලාතය ඉටු කරන්නන් හට විනාශය අත් වේවා” (අල් කුර්ආන් 107 : 4)
මෙම අල් කුර්ආන් වැකි ය පමණක් කියවා තේරුම් ගන්නා අයෙකු කිසි දිනෙක සලාතය එනම් ඉස්ලාමීය ඉගැන්වීම් අනුව දෛනික ව පස් වතාවක් ඉටු කළ යුතු අනිවාර්යය නැමදුම ඉටු නොකරනු ඇත. මෙම වැකි ය නිවැරදි ව අවබෝධ කර ගැනීම පිණිස එය ට පෙර හා පසු වැකියන් කියවා අවබෝධ කර ගැනීම (සන්දර්භය) අත්‍යවශ්‍ය වෙයි. එනිසා මෙම වැකිය ට ආශ්‍රිත 5 හා 6  වැනි වැකියන් විමසා බලමු.
“සලාතය ඉටු කරන්නන් හට විනාශය අත් වේවා” (අල් කුර්ආන් 107 : 4)
“ඔවුහුම ය ඔවුන් ගේ සලාතය පිළිබඳ ව නොසැලකිලිමත් ව සිටින්නෝ” (අල් කුර්ආන් 107 : 5).
“ ඔවුහුම ය (තම ක්‍රියාවන් අන් අය ට) පෙන්වන්නෝ” (අල් කුර්ආන් 107 : 6))
විනාශය ට යොමු වන ලෙස සලාතය ඉටු කරන්නන් කවරහුද යත් නොසැලකිලිමත් ව හා අන් අයට පෙන්වීම සඳහා මුණිච්චාවට සලාතය ඉටු කරන්නන් බව එම පරිච්ඡේදයේ ම 5 හා 6 වැනි වැකියන්ගෙන් ඉතා පැහැදිලි ව විග්‍රහ වේ. මෙම උදාහරණයෙන් අල් කුර්ආනය අවබෝධ කර ගැනීම පිණිස සන්දර්භයේ වැදගත්කම පැහැදිලි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු.
එලෙස ම ඇතැම් අල් කුර්ආන් වදන් සඳහා විග්‍රහ එහි සන්දර්භයෙන් බැහැර අනෙකුත් අල් කුර්ආන් වදන් හි ද අන්තර්ගත ව ඇත. එහෙයින් අල් කුර්ආනය නිවැරදි ව අවබෝධ කර ගැනීම පිණිස සම්පුර්ණ කුර්ආනය පිළිබඳ දැනුමක් තිබීම ඉතාම වැදගත් සාධකයක් බව සඳහන් කළ යුතු ව ඇත. තවත් විටෙක අල් කුර්ආන් වැකි පිළිබඳ විග්‍රහයක් නබි වදන් හි අන්තර්ගත ව ඇති අවස්ථා එමට ය. එහෙයින් අල් කුර්ආන් පිළිබඳ නිවැරදි අවබෝධයක් සඳහා නබි වදන් පිළිබඳ දැනුම ද වැදගත් සාධකයකි. අල් කුර්ආන් වැකි පහළ කළ ඓතිහාසික පදනම හා හේතුව (අස්බාබ් අල් නුසුල්) දැන සිටීම ද වැදගත් වේ. අල් කුර්ආනයේ අරාබි භාෂා යෙදුම ඉතාම උත්තරීතර තත්ත්වයකින් යුක්ත වන අතර එය ට සම කළ හැකි භාෂා ශෛලියක් මුළු අරාබි සාහිත්‍යයේ ම නොමැති බව මුස්ලිම් හා මුස්ලිම් නොවන අරාබි භාෂා විශාරදයින් ගේ ඒකමතික අදහසයි. එම භාෂා දැනුම නොමැති ව අල් කුර්ආනය ට අර්ථ දැක්වීම් ඉදිරිපත් කිරීම බරපතළ අර්ථ විකෘති වීම් වලට හේතු විය හැක.  එහි යොදා ඇති වාක්‍යයන් පිළිබඳ අර්ථ රාශියක් තිබිය හැකි අතර පරිපුර්ණ අල් කුර්ආන් පිළිබඳ සම්මත නීති රීතීන් (Sciences of Al Quraan) නොදැන අර්ථ දැක්වීම අමනෝඥ නුසුදුසු ක්‍රියාවකි. අල් කුර්ආන් අර්ථ දැක්වීම පිළිබඳ විශාරදයින් ගේ හා අනෙකුත් ඉස්ලාමීය විද්වතුන් ගේ විග්‍රහයන් ද ඉතාම වැදගත් ය. මේ සියලු කරුණු සැලකිල්ල ට ගෙන මුස්ලිම් දරුවන් ට අල් කුර්ආනය පහසුවෙන් තේරුම් ගත හැකි පරිදි ඉහත සඳහන් සියලු දැනුම ලබා දීම ට ‘මද්රසා’, ‘අහදිය්යා’ හා මුස්ලිම් පල්ලි වල පවත්වා ගෙන යන ‘මක්තබ්’ නමින් වූ දහම් පාසැල් මගින් රජයේ පුර්ණ අනුමැතිය ඇති ව දැන ට කටයුතු කර ගෙන යනු ලබයි. මෙම විග්‍රහයෙන් පසු ඉහත අල් කුර්ආන් වැකියේ සන්දර්භය පළමු ව විමසා බලමු. දෙවන පරිච්ඡේදයේ 190 සිට 194 වැනි දක්වා වූ වැකි පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“කවරෙකු නුඹලා සමග යුද වදින්නේ ද ඔවුන් සමග අල්ලාහ් ගේ මාර්ගයෙ හි නුඹලා යුද වදිහු. නමුත් නුඹලා සීමාව ඉක්මවා නොයහු. සැබැවින් ම අල්ලාහ් සීමාව ඉක්මවා යන්නන් ප්‍රිය නොකරයි”. (අල් කුර්ආන් 2 : 190)   
“නුඹලා ඔවුන් දුටු තැන ඔවුන් ව ඝාතනය කරහු. ඔවුන් නුඹලා ව පිටුවහල් කළ ස්ථානයෙන් නුඹලා ද ඔවුන් ව පිටුවහල් කරහු. ඝාතනය ට වඩා අක්‍රමිකතා ව (කලහකම්) දරුණු ය. (කෙසේ නමුත්) මස්ජිදුල් හරාම් (මක්කාවේ ඇති මස්ජිදය) අබියස ඔවුන් නුඹලා සමග එහි යුද වදිනා තෙක් නුඹලා ඔවුන් සමග යුද නොවදිහු. ඔවුන් නුඹලා සමග යුද වදින්නේ නම් නුඹලා ද ඔවුන් ව ඝාතනය කරහු. එවැන්නකි ප්‍රතික්ෂේපකයින් ගේ ප්‍රතිවිපාකය වන්නේ” (අල් කුර්ආන් 2 : 191)      
“ඔවුන් වැළකෙන්නේ නම් සැබැවින් ම අල්ලාහ් අති ක්‍ෂමාශීලීය. පරම කරුණාභාරිතය”. (අල් කුර්ආන් 2 : 192)        
“(තවදුරටත්) අක්‍රමිකතා ව (කලහකම්) ඇති නොවී දීන් (දහම) අල්ලාහ්ට ම වන තෙක් නුඹලා ඔවුන් සමග යුද වදිහු. නමුත් ඔවුන් එයින් (අක්‍රමිකතාවන්ගෙන්) වැළකුණහොත් සතුරුකම ඔවුන්ගෙන් වූ අපරාධකරුවන් වෙත හැර අන් කිසිවෙකු ට නොමැත”.  (අල් කුර්ආන් 2 : 193)
“ශුද්ධ වූ මාසය (තුළ යුද්ධය ට ආ විට ඒ) වෙනුවෙන් ශුද්ධ වූ මාසය (තුළ යුද කිරීම අනුමත) වේ. පාරිශුද්ධ දෑ වෙනුවෙන් (එය උල්ලංඝනය කළ විට) සම ප්‍රතිවිපාක ඇත. නුඹලා ට එරෙහි ව කවරෙකු සීමාව ඉක්මවා යන්නේ ද නුඹලා ට එරෙහි ව ඔවුහු සීමාව ඉක්ම වූවාක් මෙන් නුඹලා ද ඔවුන් ට එරෙහි ව සීමාව ඉක්මවා යහු. තව ද නුඹලා අල්ලාහ් ට බිය භක්තිමත් වහු. තව ද සැබැවින් ම අල්ලාහ් බිය භක්තිකයින් සමග යැයි දැන ගනිවු”. (අල් කුර්ආන් 2 : 194)
පළමුව 2 : 190 වැකියෙන් දක්වා ඇති ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් විමසා බලමු. මෙහි ඉතාම පැහැදිලි මග පෙන්වීම් දෙකක් ලබා දී ඇත. එනම්:  
1. තමන් සමග සටන් වදින්නන් සමග පමණක් සටන් වැදීම හා
2. එසේ සටන් වැදීමේ දී සීමාව ඉක්මවා කටයුතු නොකිරීම ට වග බලා ගැනීම
මෙම ඉගැන්වීම් සමග කිසිවෙකු ට කිසිම ආකාරයක ගැටලුවක් තිබිය හැක්කේදැ යි විමසන්න ට කැමැත්තෙමු. මෙම සංකල්පය ඉස්ලාමීය ඉගැන්වීම් හි ‘සුරක්ෂාවරණ ජිහාදය’ ලෙස හැඳින් වේ. 191 වැනි වැකිය විමසා බැලිය යුත්තේ 190 වැනි වැකියේ ඉගැන්වීම් පදනම් කර ගෙන ය.     
2 : 191 වැකිය මගින් ලොව සියලු මුස්ලිම් නොවන්නන් ව ඝාතනය කිරීම ට පොදු අනුමැතියක් දී ඇති බව හුවා දක්වන්න ට බොහෝ ඉස්ලාම් විරෝධීන් අසාර්ථක උත්සාහයක යෙදෙමින් සිටිති. මෙම වැකියන්හි ම යුද වදින්න ට අවසරය දී ඇත්තේ නිශ්චිත පිරිසක් සමග ය. එනම් බලවත් භීෂණයක් මුදා හැර තමන් ව  මක්කාහ් නගරයෙන් පිටුවහල් කොට තමන් ගේ සියලු වස්තුන් හා දේපොළ කොල්ල කා ගත් අපරාධකාර පිරිස ට එරෙහිව ය. මක්කාවේ ඇති මස්ජිදය අසල පුණ්‍ය භුමි සීමාවේ කිසිවෙකු යුද කටයුතු නොකරන නමුත් එම ප්‍රදේශයේ දී සතුරන් පහර දුනහොත් ප්‍රති ප්‍රහාර දීමේ අනුමැතිය හා ඔවුන් සීමාව ඉක්මවා කටයුතු කරන්නේ නම් පමණක් එසේ කිරීම ට අනුමැතිය ද මෙමගින් ලබා දී ඇත. අවුරුදු 13 ක් තිස්සේ ඉස්ලාම් විරෝධීන් ගේ අනේක විධ භීෂණයන් ඉවසා දරා සිටි මුස්ලිම් වරුන් ට ඔවුන් ගේ අපරාධ වල ට එරෙහිව ප්‍රති ප්‍රහාර එල්ල කිරීම ට අනුමැතිය දෙමින් පහළ වූ පළමු අල් කුර්ආන් වැකියයි මෙය.  
දේව ස්ථාන, පුන්‍ය භුමි, විහාර ස්ථාන හා අනෙකුත් නැමදුම් ස්ථානයන් ට පහර දී විනාශ කිරීම ට යමෙක් කටයුතු කරයි නම් එවන් නිහීන නින්දිත ක්‍රියාවන් සැම ගේ පිළිකුල ට ලක් විය යුතු බව අමුතුවෙන් සඳහන් කිරීම අවශ්‍ය නොවේ. බෞද්ධයින් ගේ මුදුන් මල්කඩ ලෙස සැලකෙන ශ්‍රී මහා බෝධීන් වහන්සේ ට හා දළදා මාලිගාව ට පහර දුන් විට අප සැවොම අත් විඳි අත්දැකීම් අපගේ මතකයෙන් තවම මැකී ගොස් නැත. එහෙයින් ලෝ වැසි ඉස්ලාමිකයින් ගේ අති පෞරාණික හා අති උත්තරීතර මස්ජිදය ලෙස සැලකෙන මක්කාවේ ප්‍රධාන පල්ලිය අවට කලහකම් කරමින් ඉස්ලාමිකයින් ඝාතනය කොට ඉස්ලාමය මුලිනුපුටා දැමීම ට කටයුතු කරන්නා වූ පිරිස සමග අප ක්‍රියා කළ යුත්තේ කෙලෙස ද යන්න පිළිබඳ ව කරුණාකර මොහොතක් සිතා බලන්න. නමුත් 2 : 192 වැකි වැකියෙන් තවත් ශ්‍රේෂ්ඨ ඉගැන්වීමක් ඉදිරිපත් කොට ඇත. ඔවුන් වැළකෙන්නේ නම් මුස්ලිම් වරුන් ද වැළකී කටයුතු කළ යුතු බව මෙයින් ඉගැන් වේ. යුද තත්ත්වයක් තුළ මෙය ට වඩා උතුම් මානුෂීය පිළිවෙතක් ඇත්නම් කරුණාකර ඉදිරිපත් කරන්න.
2 : 193 වැකියෙන් ‘දහම අල්ලාහ්ට ම වන තෙක්’ යනුවෙන් අදහස් වන්නේ දහමේ ශ්‍රේෂ්ඨත්වය සුරක්ෂිත වන තෙක් යන්න ය. 2 : 194 වන වැකියෙන් සටන් බිමේ කළ හැකි තවත් ඉතා උසස් ඉගැන්වීමක් ඉදිරිපත් කොට ඇත. එනම් සතුරා සීමාව ඉක්ම වන ප්‍රමාණය ඉක්ම වා ඔබ සීමාව ඉක් ම නොවිය යුතු යන්න ය. මෙහි සැබෑ අර්ථය අවබෝධ කර ගත් විට ඉස්ලාම් භීතිකාවේ කර්තෘ වරුන් මවා පෑම ට වෙර දරන තත්ත්වය සහමුලින් ම පදනම් විරහිත සම්පුර්ණ අසත්‍යයක් බව  පැහැදිලි ව ම ඔප්පු වන කරුණකි.
තම න්‍යාය පත්‍රය ට අනුකූල වන පරිදි  වංචනික ලෙස ආගමික මුලාශ්‍ර විකෘති කොට හුවා දැක්වීම  ආගමික නායකයෙකුගෙන් කෙසේ වෙතත් සාමාන්‍ය ගිහියෙකුගෙන් වත් සිදු නොවිය යුත්තක් බව ඕනෑ ම සදාචාර සම්පන්න කෙනෙකු විසින් පිළි ගන්නා හා අනුමත කරන්නා වූ සත්‍යයක් නොවේ ද?
අල් කුර්ආන් වැකිය 2 : 216   
2014/09/28 වැනි දින සඟ සමුළුවේ දී වැරදි පරිවර්තනය මගින් විකෘති ලෙස ඉදිරිපත් කළ අල් කුර්ආන් වැකිය පහතින් දක්වා ඇත්තෙමු.
“ජිහාදය යනු අල්ලාහ් ගේ අරමුණු ඉෂ්ට කිරීම සඳහා මුස්ලිම් නොවන ජන සමූහයා ට විරුද්ධ ව කරන්නා වූ ශුද්ධ වූ සටනයි. එය සියලුම මුස්ලිම් වරුන් ට අනිවාර්යය දෙයක් ලෙස නියම කොට ඇත. එය ට ඔබ අකමැති වුව ද එය ඔබ ට අනිවාර්ය කොට ඇත”. (අල් කුර්ආන් 2 : 216)
ඉහත සමුළුවේ දී විකෘති කොට ඉදිරිපත් කරන ලද එම වැකියේ  නිවැරදි පරිවර්තනය පහතින් දක්වා ඇත්තෙමු.
“අල්ලාහ් ගේ මාර්ගයෙ හි සටන් කිරීම නුඹලා ට පිළිකුල් වුව ද එය නුඹලා ට අනිවාර්යය කරනු ලැබ ඇත. නුඹලා යම් දෙයක් පිළිකුල් කළ ද එය නුඹලා ට යහපත් විය හැක. නුඹලා යම් දෙයක් ප්‍රිය කළ ද එය නුඹලා ට හානිදායක විය හැක. අල්ලාහ් (ඒ බව) මැනවින් දන්නේ ය. තවද නුඹලා නොදන්නෙහු ය”. (අල් කුර්ආන් 2 : 216)
මෙහි ද ඔවුන් ගේ විකෘති පරිවර්තනය හා අපගේ නිවැරදි පරිවර්තනය සසඳා බලන ලෙස කාරුණික ව ඉල්ලා සිටින්න ට කැමැත්තෙමු.
පැහැදිලි කිරීම   
බොදු සමුළුවේ දී ඉහත වැකි යේ නිවැරදි ලෙස සඳහන් ‘සටන් කිරීම’ යන වචනය වෙනුව ට ‘ජිහාදය’ යනුවෙන්  වැරදි පරිවර්තනයක් ඉදිරිපත් කිරීම ඔවුන් ගේ නොදැනුවත්කමේ තවත් ලක්ෂණයක් ලෙස අපි දකින්නෙමු. අපරාධය ට හා අවනීතිය ට එරෙහි ව යුක්තිය සාධාරණය හා සත්‍යය වෙනුවන් සටන් කිරීම තරම් ශ්‍රේෂ්ඨ ක්‍රියාවක් තවත් ඇති දැයි අසන්න ට කැමැත්තෙමු. සියලු අපරාධ තම දෑස් අබියස සිදු වෙමින් තිබිය දී නිහඬ නිරීක්ෂකයෙකු ලෙස හැසිරෙන්න ට කිසිදු සදාචාර සම්පන්න මිනිසෙකු ට හැකියාවක් නොමැති බව අපි ඉතා හොඳින් දන්නෙමු. පහත අල් කුර්ආන් වැකියෙන් විස්තර වන අයුරු උපකාරය හා මැදිහත්වීම අවශ්‍ය ව ඇති ජනයා ගේ අති අනුවේදනී ය තත්ත්වය පිළිබඳ ව තැකීමකින් තොර ව අපට ක්‍රියා කිරීම ට හැකියාවක් තිබේ ද කියා අසන්න ට කැමැත්තෙමු.
“අපගේ පරමාධිපතියාණනි, අපරාධ කරමින් සිටින්නා වූ වැසියන්ගෙන් යුත් මෙම නගරයෙන් අප ව ඉවත් කරනු මැනව! ඔබගෙන් වූ ආරක්ෂකයෙකු අප වෙනුවෙන් පත් කරනු මැනව! තව ද, ඔබගෙන් වූ උදවු කරුවෙකු අප වෙනුවෙන් පත් කරනු මැනවැ!’යි ආයාචනා කර සිටින පුරුෂයින් ස්ත්‍රීන් හා ළමුන් අතුරින් දුබලයින් වෙනුවෙන් අල්ලාහ් ගේ මාර්ගයෙ හි සටන් නොවැද (නිහඬ ව) සිටින්න ට නුඹලා ට කුමක් සිදු වුයේ ද?” (අල් කුර්ආන් 4:75)   
අල්ලාහ් ගේ මාර්ගයෙ හි සටන් වැදීම අපරාධය ට ලක් වූවන් ගේ විමුක්තිය උදෙසාත් සමාජ සාධාරණය හා යුක්තිය උදෙසාත් කරන්නක් බව අල් කුර්ආන් වැකිය අපට පැහැදිලි කර දෙයි. මෙම මාර්ගයෙ හි සටන් වැද සමාජ සාධාරණත්වය  හා යුක්තිය ස්ථාපිත කරන්න ට කටයුතු නොකරන්නන්  ආත්මාර්ථකාමී ලෙස මෙම සටන් අප්‍රිය කරමින් එයින්  ඉවත් වී සිටින්න ට කටයුතු කරන්න ට වෙර දැරීම පිළිබඳවත් මෙම වැකි දෙකෙහි ම සඳහන් වේ. එලෙස සැවොම ආත්මාර්ථකාමී ව කටයුතු කළහොත් රජයන්නේ අයුක්තිය අවනීතිය  අසාධාරණය හා අපරාධය බව අමුතුවෙන් පැවසිය යුතු නොවේ. එහෙයින් නිවැරදි අවබෝධයකින් තොර ව අල් කුර්ආන් වැකි වල ට අර්ථ දැක්වීම කිසිසේත් ම සුදුසු ක්‍රියාවක් නොවන බව මෙයින් පැහැදිලි ව ඇතැයි විශ්වාස කරන්නෙමු.   
මෙහි විරුද්ධතාව මතු වී ඇත්තේ සටන් කිරීම අනිවාර්යය කිරීම පිළිබඳවය. වත්මන් ලෝකයේ සටන් කිරීම නොහොත් හමුදා සේවය අනිවාර්යය කර ඇති රටවල් කුමක් ද යන්න පළමු ව විමසා බලමු.
යුද සේවය අනිවාර්ය රාජ්‍යයන්.
ආර්මේනියාව, ඔස්ට්‍රියාව, බෙලරුසියාව, අසර්බයිජානය, බර්මූඩාව, බ්‍රසීලය, මියන්මාරය, සයිප්‍රසය, ඩෙන්මාර්කය, ඊජිප්තුව, ෆින්ලන්තය, ග්‍රීසිය, ඉරානය, ඊශ්‍රායලය, උතුරු කොරියාව, දකුණු කොරියාව, මෙක්සිකෝව, නොර්වේ, රුසියාව, සිංගප්පුරුව, ස්විට්සර්ලන්තය, තායිවානය, තායිලන්තය, තුර්කිය, යුක්රේනය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය යුද සේවය අනිවාර්යය කොට ඇති රටවල් ය. නෙදර්ලන්තය, නවසීලන්තය, බ්‍රිතාන්‍යය, ඇමෙරිකා එක්සත් ජනපදය, ස්වීඩනය, පෝලන්තය, පෘතුගාලය, රොමේනියාව සහ පේරු රාජ්‍යයෙ හි කඩින් කඩ යුද සේවය අනිවාර්යය කොට තිබුණි. අමෙරිකා එක්සත් ජනපදය විසින් වියට්නාමයේ යුද මෙහෙයුම් කරන අවධියේ ලෝක බොක්සින් ශූර මොහමඩ් අලි අනිවාර්යය යුද සේවය ට බැඳෙන්න ට ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඇමෙරිකාවේ සිර ගත වන්න ට වීම අප ඉතාම හොඳින් දන්නා සිදුවීමකි.
මේ අනුව අල් කුර්ආනයේ දෙවන පරිච්ඡේදයේ 216 වැනි වැකියෙන් දක්වන මතය වර්තමාන ලෝකයේ රටවල් බොහෝමයක ම ක්‍රියාත්මක වන සංකල්පයකි. සටන් කිරීම අනිවාර්යය කිරීම පිළිබඳ ව අල් කුර්ආනය ට චෝදනා නගන්නන් අනිවාර්යයෙන් ම ඉහත රාජ්‍යයන් හි ක්‍රියාත්මක මෙම නීතියට ද විරුද්ධතාවක් ඉදිරිපත් කළ යුතු නොවේ ද? ඉහත රටවල් අතර ට මියන්මාරය (බුරුමය) හා තායිලන්තය වැනි බෞද්ධ රටවල් ද ඇතුළත් වී තිබීම කිසිවෙකු ගේ අවධානය ට යොමු නොවීම සැබැවින් ම විමතිය ට ලක් වන්නකි. අප මාතෘ භූමියේ දශක තුනක් තිස්සේ පැවති බෙදුම්වාදී ගැටුම් උත්සන්න වූ අවස්ථාවක හමුදා සේවය අනිවාර්යය කිරීමේ යෝජනා විටින් විට අප රටේ ද මතු වූ බව අපට අමතක වී යෑම කනගාටුව ට කරුණකි.
මේ පිළිබඳ ව ඇති මතයක් පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“අනිවාර්ය යුද සේවය (Conscription) ලොව බොහෝ රටවල් වල තිබෙන දෙයක්. සියලුම පුද්ගලයින් යම් වයසක ට පත් වූ පසු අනිවාර්යයෙන් ම රටේ හමුදාව ට පොලිසිය ට හෝ වෙනත් රජය මගින් ක්‍රියාත්මක වන පැරාමිලිටරි ආයතනයක යම් කාලයක් සේවය කිරීම එයින් හැඳින් වේ. ලංකාවේ අතීතයේ තිබුණෙත් එවැනි සේවයක්. රටේ සියලුම පුරවැසියන් රට ට සේවය කිරීමත් යුද්ධ කාලයක සියලු දෙනා එක් වී සටන් කිරීමත් ආරම්භයේ සිට ම පැවතුණා. නිත්‍ය ය යුද සේවයක් පැවතියේ බොහෝ කලක ට පසුව යි. ලෝකයේ බලවත් ජාතීන් ට මෙරට යටත් කර ගැනීම ට අපහසු වුයේ මේ හේතුවෙන්.” ((මුලාශ්‍රය: http://king-pandukabaya.blogspot.com /2010/11/ conscription.html)
අල්ලාහ් ගේ මාර්ගයෙ හි සටන් කිරීම අනිවාර්යය කොට ඇත්තේ ඇමෙරිකාව විසින් වියට්නාමයේ සිදු කළ ආකාරයේ ආක්‍රමණික ක්‍රියාවන් සඳහා නොවන බව අල් කුර්ආනය පැහැදිලි කරයි. තව ද සියලු අපරාධ තම දෑස් අබියස සිදු වෙමින් තිබිය දී නිහඬ නිරීක්ෂකයෙකු ලෙස හැසිරෙන්න ට කිසිම සදාචාර සම්පන්න මිනිසෙකු ට හැකියාවක් නොමැති බව අපි ඉතා හොඳින් දන්නෙමු.
ඉහත සමුළුවේ දී මෙම අල් කුර්ආන් වැකිය විකෘති කොට මුස්ලිම් පිළිකුලක් ගොඩ නගන්න ට වෙර දරමින් සිටින්නා වූ පිරිස පිළිබඳ ව සදාචාර සම්පන්න මුස්ලිම් හා මුස්ලිම් නොවන ජනයා සහතික වශයෙන් ම තමන් ගේ අප්‍රසාදය දන්වා සිටිනු ඇතැයි විශ්වාස කරන්නෙමු.
අල් කුර්ආන් වැකිය 5 : 33
2014/09/28 වැනි දින සඟ සමුළුවේ දී වැරදි පරිවර්තනය මගින් විකෘති ලෙස ඉදිරිපත් කළ අල් කුර්ආන් වැකිය පහතින් දක්වා ඇත්තෙමු.
“අල්ලාහ් සහ ඔහු ගේ නියෝජිතයාට එරෙහි වීම සහ අල්ලාහ් සහ ඉස්ලාමය හැර වෙනත් දෙවියෙක් හෝ ආගමක් ඇදහීම යන පාප කර්මය ට නියම කොට ඇති වන්දිය වන්නේ ඔවුන් ව මරා දැමීම හෝ කුරුසයේ තබා ඇණ ගැසීම හෝ ඔවුන් ගේ එක් පැත්තක අතකුත් ඊට විරුද්ධ පැත්තෙන් කකුලකුත් කපා දැමීම හෝ භූමියෙන් එළවා දැමීමයි. මෙම දඬුවම් තුලින් මුස්ලිම් ආගම හැර වෙනත් ආගම් අදහන්නන් ව මෙලොව දී අවඥාව ට පත් කළ යුතුය”.  (අල් කුර්ආන් 5 : 33)
ඉහත සමුළුවේ දී විකෘති කොට ඉදිරිපත් කරන ලද එම වැකියේ  නිවැරදි පරිවර්තනය අනුව අර්ථ දක්වා ඇති අයුරු පහතින් දක්වා ඇත්තෙමු.
“අල්ලාහ් හා ඔහු ගේ රසුල්වරයා සමග සටන් වදින්නන් හා මිහිතලයෙ හි කලහකම් කිරීම ට වෙර දරන්නන් ගේ ප්‍රතිවිපාකය වන්නේ ඝාතනය කරනු ලැබීම හෝ කුරුසියේ (තබා ඇණ) ගසනු ලැබීම හෝ ඔවුන් ගේ දෑත් සහ පාද එකිනෙක ට විරුද්ධ පැති වලින් කපා දැමීම හෝ (ඔවුන් ජීවත් වූ) දේශයෙන් පිටුවහල් කරනු ලැබීම ය. මෙය ඔවුන්ට මෙලොවෙ හි වූ අවමානයයි. තව ද මතු ලොවෙහි ඔවුන් ට මහත් වූ දඬුවම් ඇත”. (අල් කුර්ආන් 5 : 33)
මෙහි ද අප ඔබගෙන් ඉතා කාරුණික ව ඉල්ලා සිටින්නේ විකෘති පරිවර්තනය හා නිවැරදි පරිවර්තනය සසඳා බලන ලෙස ය. සමුළුවේ කථිකයා ගේ වෛරය හා ක්‍රෝධය මුසු වූ ඉස්ලාම් විරෝධය මෙයින් පැහැදිලි ව දැක ගත හැකිය.

පැහැදිලි කිරීම
ඉස්ලාමය පිළිබඳ නිසි අවබෝධයකින් තොර ව මෙම අල් කුර්ආන් වැකිය ද ජිහාදය ට සම්බන්ධ වැකියක් ලෙස සිතා විකෘති මත ඉදිරිපත් කිරීම ට ඔවුන් පෙළඹී ඇති බව පෙනෙන්න ට ඇත. මෙය සැබවින් ම ඉස්ලාමීය රාජ්‍ය පාලනය තුළ ක්‍රියාත්මක අධිකරණ ක්‍රියාවලිය ට අදාළ වැකියකි. මෙය ඉහතින් විස්තර කළ කිසිදු ජිහාද් ප්‍රභේදයක ට අදාළ නොවුවක් බව පැහැදිලිව ම පෙනෙන්න ට තිබෙන්නකි.
මෙම වැකියේ සඳහන් දඬුවම ගැන අදහස් දැක්වීම ට පෙර එය ට පදනම් වූ  චෝදනා පිළිබඳ ව විමසීම වඩාත් උචිත යැයි සිතන්නෙමු. “අල්ලාහ් හා ඔහු ගේ රසුල් වරයා සමග සටන් වදින්නන් හා මිහිතලයෙ හි කලහකම් කිරීම ට වෙර දරන්නන්” යන්න ට පහත සඳහන් විග්‍රහයන් ඉදිරිපත් කොට ඇත.
“අල්ලාහ් හා ඔහු ගේ රසුල් වරයා සමග සටන් වදින්නන්” යන්නෙ හි අදහස නම් ජනතාව ඉතා අසීරු තත්ත්වයක ට පත් කරවමින් සන්නද්ධ මංපැහැරීම  ‘සත්‍යය’ට එරෙහි වීම හා කැරලි ගැසීම යන්න ය. මේ සියල්ල ත්‍රස්තවාදී ක්‍රියාවන් බව එදත් අදත් අප සැවොම දැන සිටි සත්‍යයකි.  මෙයින් සිදු වන්නේ ජනයා ට සාමයෙන් හා සැනසීමෙන් ජීවත් වීමට ඇති සමාජ පරිසරය විනාශ කිරීම ය. පිළිගත් රජයකට එරෙහි වීම නීති විරෝධී ව අවි දැරීම රාජ්‍ය ද්‍රෝහී ක්‍රියාවකි.  එවැන්නකට විරුද්ධ ව දණ්ඩ  නීති සංග්‍රහයේ සඳහන් නීති උපරිම වශයෙන් ක්‍රියාත්මක කිරීම රජයක් සති වගකීමකි. එවැනි රාජ්‍ය විරෝධීන් ට දැඩි දඬුවම් පැනවීම රාජ්‍යයන් අතර ඇති කර ගන්නා ‘විශ්ව ප්‍රකාශන’ වල පවා සඳහන් වගන්ති වී හමාරය.  
“මිහිතලයේ කලහකම් කිරීම ට වෙර දරන්නන්” යන්න ත්‍රස්තවාදී ක්‍රියාවන් හි නියැළෙන්නන් මෙන් ම නුතන භාෂා යෙදුම අනුව පාතාල ක්‍රියාකාරකම් කරන්නන් හා සන්නද්ධ මං පහරන්නන් බව මෙයින් අදහස් වේ.
මෙවැනි අපරාධ කරුවන්ගෙන්  සොරකම් පහර දීම් හා ඝාතන යනාදී අනර්ථයන් සිදු විය  හැකිය. අල් කුර්ආන් වැකිය දඬුවම සඳහන් කරන්න ට පෙර චෝදනා ඉදිරිපත් කොට තිබීම හේතුවෙන් අර්ථය අවබෝධ කර ගැනීම පහසු වී ඇත. දඬුවම් විකල්ප හතරක් ඉදිරිපත් කොට ඇති අතර අපරාධ කරු සිදු කරනු ලබන අපරාධයේ බරපතළකම අනුව දඬුවම තීන්දු කරනු ලැබේ. මෙම වැකියේ සන්දර්භය නිවැරදි ව අවබෝධ කර ගත් විට ඉස්ලාමීය නීතියේ ඇති මානවවාදිත්වය සහතික වශයෙන් ම අවබෝධ කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. පළමු ව ඉහත උපුටා දක්වන ලද අල් කුර්ආන් වැකිය ට පෙර ඇති වැකිය විමසා බලමු.
“යමෙක් තව අයෙකු ව ඝාතනය කිරීම ට හෝ මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීමට දඬුවම් වශයෙන් හැර මිනිසෙක් ව (නිකරුණේ) මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයා ම මරා දැමීම ට සමාන වන්නේ ය. එලෙස යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනී ද ඔහු මිනිස් වර්ගයා ම බේරා ගත්තා හා සමාන ය” (අල් කුර්ආන් 5 : 32)
මිනිස් ඝාතන වැනි සාපරාධී ක්‍රියාවන් හා දඬුවම් 5 : 33 වැකියේ සඳහන් කරන්න ට පෙර මිනිස් ඝාතන සිදු කළ හැකි සීමා මායිම් 5 : 32 වැකියෙන් විග්‍රහ කොට ඇත. මිනී මැරීමේ හා මිහිතලය මත දුෂ්ටකම් පැතිර වීම (ත්‍රස්තවාදී, පාතාල ක්‍රියාකාරකම් හා සන්නද්ධ මංපැහැරීම්) වැනි ක්‍රියාවන් ට නිසි අධිකරණමය පරීක්ෂණයකින් පසු ව  ලබා දෙන්නා වූ තීන්දුවක් මත මරණ දඬුවම ලබා දිය හැකි බව  මෙයින් පැහැදිලි වේ. මිනිස් ජීවිතයක් නිකරුණේ මරා දැමීම මුළු මහත් මිනිස් පරපුර ම මරා දැමීම ට සමාන බවත් එලෙස ම මිනිස් ජීවිතයක් බේරා ගැනීම මුළු මහත් මිනිස් පරපුර ම බේරා ගත්තා හා සමාන බවත් මෙමගින් ඉස්ලාමය උගන්වයි. 5: 33 ට පසුව ඇති අල් කුර්ආන් වැකිය ද විමසා බලමු.
“ ඔවුන් කෙරෙහි නුඹලා බලය යෙදවීම ට පෙර පශ්චාත්තාපයේ නියැළුණු අය හැර”. (අල් කුර්ආන් 5 : 34)
5 : 33 හි සඳහන් සාපරාධී ක්‍රියාවන් හි නියැළුනු අපරාධකරුවන් ට තමන් ව ප්‍රතිශෝධනය කර ගෙන පුනරුත්ථාපනය වී නැවත වරක් යහ මිනිසෙකු ලෙස ජීවත් වීමේ අයිතිය ද මෙමගින් සහතික කොට ඇත. 5 : 34 හි සඳහන් පරිදි තමා විසින් කරන ලද සාපරාධී ක්‍රියා පිළි ගෙන ඒවා පිළිබඳ ව පශ්චාත්තාපය ට පත් වී නැවත වරක් එවැනි තත්ත්වයක ට පත් නොවී යහ මිනිසෙකු ලෙස ජීවත් වීමට අධිෂ්ඨානශීලී ව කටයුතු කරන්න ට එකඟ වන්නන් ට 5 : 33 හි සඳහන් දඬුවම් අදාළ නොවේ. මෙය ට වඩා යුක්තිය සාධාරණය මත පදනම් වූ තවත් පිළිවෙතක් හෝ විකල්පයක් ඇත්නම් කරුණාකර ඉදිරිපත් කරන්න.
මෙලෙස ආගමික මුලාශ්‍රයන් විකෘති කරමින් දහම් අවමානය ට ලක් කිරීම ට කටයුතු කරන්නන් ව පිළිකුලෙන් ප්‍රතික්ෂේප කරන්නෙමු. මෙවන් පහත් හැසිරීම් රටාව සැබැවින් ම ම්ලේච්ඡත්වයේ සලකුණක් හැර අන් කිසිවක් නොවේ.
ඉස්ලාමයේ අග්‍රගණ්‍ය විද්වතෙකු වූ ඉමාම් මාලික් තුමාගෙන් (ක්‍රි. ව. 711 – 795) කුරුසියේ ගැසීම පිළිබඳ ව විමසන ලදු ව සන්නද්ධ මං පැහැරීම සඳහා කුරුසියේ ගැසීම දඬුවමක් ලෙසින් නියමිත කළ එක් අවස්ථාවක්වත් එතුමා විසින් අසා නොමැති බව ය (අල් මුදව්වනහ් 15 වන වෙළුම, 99 වැනි පිටුව). ඉමාම් මාලික් තුමා ගේ මෙම ප්‍රකාශනය පදනම් කර ගෙන ආචාර්ය මුහම්මද් එස්. අල් අවා තම ආචාර්ය උපාධිය සඳහා සකස් කළ පර්යේෂණාත්මක නිබන්ධය වූ ‘ඉස්ලාමීය නීතියේ දඬුවම්’ හි  (Punish-ment in Islamic Law – 29 වැනි පිටුව) දඬුවමේ දැඩි භාවය හේතුවෙන් අපරාධය වෙත නැඹුරු වන්නන් වළක්වා ගැනීම එක් ප්‍රධාන අරමුණක් බව ය. වත්මන් ලෝකයේ පවතින අපරාධ නීතිය හා ඉස්ලාමීය අපරාධ නීතිය අතර වූ ප්‍රධාන බෙදුම් රේඛාවන්ගෙන් එකක් වන්නේ වත්මන් අපරාධ නීතිය මිනිසාට අපරාධ කිරීම ට සියලු මංපෙත් විවර කර දී අපරාධ ක‍රු ලෙස හංවඩු ගසා නීතිය ක්‍රියාත්මක කිරීම හෝ නීතියක් නොමැති විටෙක නව නීති සම්පාදනය කර දඬුවම් ලබා දීමය. නමුත් ඉස්ලාම් අපරාධ නීතිය ක්‍රියාත්මක කිරීමට පෙර මිනිසා අපරාධ කිරීම ට හේතු කාරක වන සාධක සහ පරිසරය තුරන් කර දැහැමි වූත් සර්ව සාධාරනත්ව ය රජයන සමාජ ක්‍රමයක් බිහි කළ පසු අපරාධ නීතිය ක්‍රියාත්මක කරන අතර ම මිනිසාට පුර්ව දැනුම් දීමක් ලෙස අපරාධයක ට ලබා දෙන දඬුවම් පෙන්වා දී ඇත. එවිට මිනිසා දඬුවමේ ඇති දැඩි භාවය අවබෝධ කර ගෙන දඬුවම ට ඇති බිය නිසා අපරාධ වලින් ඈත් වී සම්මා ජීවිතයක් ගත කරන්නට උත්සුක වෙයි.
සමාජ සාධාරණය ක්‍රියාත්මක, අපරාධ කිරීම ට කිසිඳු අවකාශයක් නොමැති හා සමාජ ප්‍රශ්න හා ගැටලු වලට සාධාරණ විසඳුම් ලබා දෙන රජයකට එරෙහි ව ආයුධ සන්නද්ධ අරගලයක යෙදෙන්නේ නම්, කැරලි ගසන්නේ නම් හා සාමකාමී ජන ජීවිතය ට බාධා කරන්නේ නම් එවැනි සුළු පිරිසක ට නීතිය ක්‍රියාත්මක නොකර සිටීම පිළිගත් වගකිය යුතු රාජ්‍යයක ට යෝග්‍ය වන්නේ ද? එසේ නීතිය ක්‍රියාත්මක කිරීම සාහසික අපරාධයක් ලෙස හැඳින් විය හැක්කේ කෙසේ ද? මෙසේ ඉහත යථාරූපී යථාර්ථය අවබෝධ කරගන්නේ නැතිව එසේත් නොවේ නම් අවබෝධ කරතත් අනවබෝධයෙන් සේ කටයුතු කරන්නන් ට කිව හැක්කේ ‘නිදා ගත්තෙකු ඇහැරවිය හැකි නමුත් නිදා ගන්නන් සේ රඟපාන්නන් ඇහැරවිය නොහැකි’ බවයි.             
බුදු දහමේ නීතිය හා දඬුවම
නීති කඩ කිරීම පිළිබඳ ව බුදු දහමේ අනුමත (මෙලොව) දඬුවම් දීමේ යාන්ත්‍රනය කුමක් ද යන්න පිළිබඳ ව කරුණු විමසීමේ දී ආචාර්ය එස්. අයි. ගමගේ මහතා විසින් ලියන ලද “බෞද්ධ සමාජ දර්ශනය, බෞද්ධ ඉතිහාසය සහ බෞද්ධ සංස්කෘතිය” නම් වූ ග්‍රන්ථයේ “නීතිය යුක්තිය සහ  දණ්ඩනය” නම් වූ 10 වැනි පරිච්ඡේදයෙන් පහත සඳහන් කොටස උපුටා දක්වා ඇත්තෙමු.
“යුක්තිය සාධාරණය විනිශ්චය කිරීම ට නීතිය අවශ්‍ය වන්නේ ය. යුක්තිය පසිඳලීමේ දී නීත්‍යනුකුල ව වැරදිකරු බව ට පත් වන පුද්ගලයා ට එම නීතිය ට අනුකූල ව ම දඬුවම් ලබා දිය යුතු වන්නේ ය. විශේෂයෙන්ම මෙහි දී නීතියත් යුක්තියත් දණ්ඩනයත් අවශ්‍ය වන්නේ සමාජයේ සදාචාරාත්මක බව සුරක්ෂිත කර ගැනීමට ය. සාර ධර්ම වැපිරීමට ය.
අග්ගඤ්ඤ සුත්‍රයේ සඳහන් වන පරිදි රාජ්‍යයේ ආරම්භය සහ නීතියේ ආරම්භය ද එකට ම ඇති විය. මෙහි දී මෙම නීතිය ප්‍රථම වරට ක්‍රියාත්මක කිරී මට සිදු වුයේ සොරකම පදනම් කර ගෙන තෘෂ්ණාවෙන් අනුන් ගේ දේපළ තමන් සන්තක කර ගනිමින් මුලික මිනිස් අයිතිවාසිකම් බිඳ හෙළීම නිසා ය. අනුන් ගේ දේ සොරකම් කර ගැනීම තුළින් සිදු වුයේ යුක්තිය බිඳ වැටීමකි. මේ නිසා යුක්තිය ඉටු කිරීම ට සිදු වේ. යුක්තිය ඉටු කිරීම තුළින් සිදු වන්නේ කාගේත් අයිතිවාසිකම් සුරක්ෂිත වීම ය. අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමේ කාර්යයේ දී නීතියත් දණ්ඩනයත් අවශ්‍ය වේ. ජනතාව විසින් මහාසම්මත රජතුමා පත් කරනු ලැබූ අතර රජතුමා නීති සම්පාදනය කළේය. නීති සම්පාදනය කළ රජතුමා එම නීති කඩකරන්නවුන් අල්ලා ඔවුන් ට නිසි දඬුවම් ලබා දීම ට ජනතාවගෙන් බලය ලබා ගත්තේය”.
මේ පිළිබඳ ව තවත් වැදගත් කරුණු කිහිපයක් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා විසින් රචිත “බෞද්ධ සමාජ පාලනය හා අපරාධ විද්‍යාව” නම් ග්‍රන්ථයෙන් උපුටා දක්වා ඇත්තෙමු.
“පුද්ගලයන් අපචර්යාවන්ගෙන් වැළැක්වීම ට දඬුවම් පැමිණවීම පිළි ගත් බෞද්ධ සමාජ පාලන විධියකි. දඬුවම ට බියෙන් අපරාධ වලින් වැළැකී සිටීම ‘දණ්ඩන භය’ යැයි හැඳින් වේ(අංගුත්තර නිකාය, ද්විතීයභාගය - පිටු 236/238 - බු.ජ.ත්‍රි.ග්‍ර. මා කොළඹ, 1962). ත්‍රිපිටක (මජ්ජිම නිකාය දේව දුත සුත්‍රය) සහ සිංහල සාහිත්‍ය ග්‍රන්ථ වල  දෙතිස් කල්කටොලු දෙතිස් වධ යැයි හැඳින් වෙන දණ්ඩන මාලාවක් දැක් වේ. මනු නීතියෙහි ද නිර්දේශිත එම දඬුවම් එකක් පාසා ගෙන විග්‍රහ කර බැලීම පමණකිනු දු දඬුවම් බිය කවරේ දැයි සිතා ගත හැකි ය”.
ඉඟුරුවත්තේ පියනන්ද නාහිමි විසින් රචිත “බුදු දහමේ පැන විසඳුම් - 4” යන කෘතියේ (143 – 145 වැනි පිටු) ඉදිරිපත් කොට ඇති කරුණු පහතින් උපුටා දක්වා ඇත්තෙමු.
“ප්‍රශ්නය:  පුරාණයේ පැවතුණා යැයි සඳහන් දෙතිස් වධ පිළිබඳ ව පැහැදිලි කිරීමක් කර දෙන්න.
පිළිතුර:  බුද්ධ දේශනාවේ දැක් වෙන පුරාණ රජ වරුන් විසින් මිනිස් ඝාතන, සොරකම්, මංකොල්ලකෑම් වැනි වැරදි කළ වුන් හට නුතනයෙහි මෙන් යුක්තිය පසිඳලීමක් පැවති බවක් නොපෙනේ. වරද කළ වුන් අල්වා රජුන් වෙත හෝ අධිකරණය වෙත ඉදිරිපත් කළ විට ඉතාමත් කෙටි වේලාවක් තුළ ඔවුන් ට දඬුවම් පැමිණ වූ අතර, ඇතැම් අවස්ථා වල වරද කළ වුන් මෙන් ම සැකයෙන් ගත් වුන් ද දඬුවම ට ලක් වූ අවස්ථා තිබු බව පෙනේ.
ඒ යුගයේ පැවති දෙතිස් දඬුවම් :
1. කසයෙන් තැළ වීම, 2. වේවැලින් තැළ වීම, 3. අඩ දඬුවෙන් තැළ වීම (මුගුරෙන්), 4. අත් සිඳවීම, 5.පා සිඳවීම, 6. අත්පා සිඳවීම, 7. කන් සිඳවීම, 8. නාසා සිඳවීම, 9. කන් නාසා සිඳවීම, 10. හිස් කබල ගලවා ගිනි ගෙන දිලිසෙන ලොහො ගුලියක් හිස මත තැබීමෙන් කැඳ සැළියක් සේ හිස උතුරවා හැරීමේ ‘බිලංගතාලිකා නම් වධය’, 11. උඩුතොල්, දෙකන් සිළු ගෙල දක්වා සම කපා කෙස් වැටියෙ හි දණ්ඩක් පටලවා දඟ කවා කෙස් සමගින් සම ගලවා අනතුරු ව සම ගැල වූ හිස මත බොරළු දමා සුදු පැහැ ගැන් වෙන තෙක් මදින සංඛමුණ්ඩික නම් වධය, 12. කට විවෘත කරවා මුඛය තුළ පහනක් දල්වා දෙකන් බිල විද මුඛයට ලේ පුරවා ලන රාහුමුඛ නම් වූ වධය, 13. මුළු සිරුර තෙල් කඩින් වෙළා ගිනි දල්වන ජෝතිමාලක නම් වධය, 14. දෙඅත් හි තෙල්කඩ වෙළා ගිනි දල්වන හත්ථපප්ජෝතික නම් වධය, 15. ගෙල පටන් සම ගලවා කෙණ්ඩා තෙක් එල්ලා වැටෙන්න ට සලස්වා තමන් ගේ සම තමන්ට ම පෑගී වැටෙන පරිදි යොතකින් බැඳ ඒ මේ අත අද්දවන ඒරක වත්ථික නම් වධය, 16. ගෙල පටන් ඉණ දක්වා සම ගලවා අනතුරු ව ඉණේ සිට කෙණ්ඩා තෙක් සම එල්ලා වැටෙන්න ට සලස් වන චිරකවාසික නම් වධය, 17. දෙදණින් ද දෙවැළමිටෙන් ද යවුල් ගසා බිම සිටුවා වටේ ට ගිනි දල්වන එනෙය්යක නම් වධය, 18. දෙපස ට ඇමිණෙන කටු ඇති උභතොමුඛ බිලියෙන් අදිමින් ඇඟමස් ගලවන බලිසමංසික නම් වධය, 19. කහවනු පමණින් සිරුරේ මස් ලියාලන කහාපනක නම් වධය, 20. කැපෙන ආයුධයකින් සිරුරෙ හි කේදිඑලා කොස්සකින් සැරකාරකම් ගල්වා මස් දිය කොට හරින ඛාරාපතච්ඡික නම් වධය, 21. කන් බෙරයෙන් උලක්‌ යවා බිම දිගා කොට දෙපයින් ගෙන කරකවන පලිඝපරිවත්තික නම් වධය, 22. සිවිය නොසිඳෙන ලෙස තලා ඇට කුඩු කොට පිදුරු මිටියක් සේ ශරීරය හකුළන පලාල පිට්ඨික නම් වධය, 23. කැකෑරෙන උණු තෙල් ශරීරය ට ඉසීම, 24. චණ්ඩ සුනඛයන් ලවා කැවීම, 25. දිවැස්හුල ඉඳුවීම, 26. කඩුවෙන් හිස සිඳීම, 27. ඇණ බෙරයේ දමා පෙරළීම, 28. ඇතුන් ලවා පෑග වීම (බිම දිගා කරවා), 29. අඩක් ශරීරය වළ දමා පස් තද කොට තැබීම (අතපය බැඳ), 30. උල හිඳුවා මැර වීම, 31. කීන බල්ලන් ලා සපා කැවීම, 32. ඇණ මුගුරු වලින් තැළීම.
සිංහල රාජ යුගයන් හි තරමක් වෙනස් වධ ක්‍රම මෙරට පැවති බව ද පෙනේ.
1. තරමක් ඈතින් පිහිටි පුවක් ගස් දෙකක් ළං කොට අපරාධකරු ගේ දෙපා ගස් දෙක ට තබා බැඳ ගස් දෙක එක ට බැඳී ලණුව කපා හැරීම.       
2. දරුවන් තම මව ලවා කෙට වීම.
3. දියේ ගිල්වා මැරීම වැනි ක්‍රම දැක් වේ”. (ඉඟුරුවත්තේ පියනන්ද නාහිමි විසින් රචිත “බුදු දහමේ පැන විසඳුම් - 4” යන කෘතියේ (143 – 145 වැනි පිටු)       
මේ අනුව යුද්ධ, නීතිය උල්ලංඝනය කිරීම හා දඬුවම් ක්‍රියාත්මක කිරීම එක් දහමක ට, වාර්ගිකත්වයක ට, සංස්කෘතියක ට හෝ භෞමික පෙදෙසක ට පමණක් සීමා වූ ක්‍රියාදාමයක් නොවන බව පැහැදිලි වේ යැයි සිතන්නෙමු.      
අල් කුර්ආන් වැකිය 9 : 5
2014/09/28 වැනි දින සඟ සමුළුවේ දී වැරදි පරිවර්තනය මගින් විකෘති ලෙස ඉදිරිපත් කළ අල් කුර්ආන් වැකිය පහතින් දක්වා ඇත්තෙමු.
“ශුද්ධ වූ මාස හතර පසු වූ වහාම පිළිම වන්දනා කරුවන් දුටු දුටු තැන කපා කොටා ඝාතනය කරන්න. එසේ ම ඔවුන් ව අල්ලා බැඳ දමන්න. ඔවුන් යන එන තැන් වල මග රැක සිට පහර දෙන්න. එවිට එම භීෂණයෙන් පීඩාව ට පත් වී ඔවුන් තමන් ගේ ආගම අත හැර අල්ලාහ් ගේ ආගම අදහන්න ට කැමති වන්නේ නම් එවැනි අය ව පමණක් තෝරා මුදා හරින්න. අන් සියලු දෙනා ඝාතනය කරන්න. අල්ලාහ් සමාව දෙන්නා ය. මහා කාරුණිකයා ය”. (අල් කුර්ආන් 9 : 5)
ඉහත සඟ සමුළුවේ දී විකෘති කොට ඉදිරිපත් කරන ලද එම වැකියේ  නිවැරදි පරිවර්තනය අනුව අර්ථ දක්වා ඇති අයුරු පහතින් දක්වා ඇත්තෙමු.
“තහනම් මාසයන් ඉක් ම ගිය පසු (නුඹලා සමඟ යුද වැදී සිටින) ආදේශකයින් ව දුටු තැන කපා දමවු. ඔවුන් ව සිර භාරයට ගනිවු. ඔවුන් ව වටලවු. ඔවුන් සැඟ වෙන සෑම තැනක ම ඔවුන් වෙනුවෙන් සැඟ වී සිටිවු. ඔවුන් (ඔවුන් ගේ අපරාධයන්ගෙන් ද ප්‍රතික්ෂේපයෙන් ද) පසුතැවිලි වී වැළකී (විශ්වාස කර) සලාතය ද පිළිපැද සකාත් ගෙවුවහොත් ඔවුන් ව ඔවුන් ගේ මාර්ගයෙ හි අත හරිනු. සැබැවින් ම අල්ලාහ් අති ක්‍ෂමාශීලිය හා අති කරුණාභරිතය” (අල් කුර්ආන් 9 : 5)
මෙම අල් කුර්ආන් වැකිය උපුටා සමුළුවේ දී ඉදිරිපත් කරන ලද ආකාරය හා නිවැරදි පරිවර්තනය අතර ඇති වෙනස් කම් හා විකෘති කිරීම් ඉතා පැහැදිලි ව ඕනෑම අයෙකු ට ඉතා පහසුවෙන් අවබෝධ කර ගත හැකි වනු ඇතැයි විශ්වාස කරන්නෙමු. නිශ්චිත ඓතිහාසික සන්දර්භානුගත සිදුවීමක් පමණක් පදනම් කර ගෙන පහළ වූ මෙම වැකියේ කරුණු සියලූම මුස්ලිම් නොවන්නන් ට එරෙහි ව සැම දා සැම විට සැම තැන බල ගැන්විය යුතු අදහසක් ලෙස ට හුවා දක්වන්න ට සමුළුවේ දී දරා ඇති බොළඳ උත්සාහය සත්‍යය වශයෙන් ම තම සිතේ ඇති මුස්ලිම් විරෝධය මනා ව හෙළිදරවු කරන්නකි. මෙම වැකියේ නිවැරදි අර්ථ දැක්වීම පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.
 පැහැදිලි කිරීම
මෙම අල් කුර්ආන් වැකිය පහළ වීම ට හේතු වූ ඓතිහාසික පසුබිම පළමු ව තේරුම් ගත් විට මෙම වැකියන් හි නිවැරදි අර්ථය අවබෝධ කර ගැනීම පහසු වනු ඇත.  
ඒක දේව වාදය හා සමාජ ප්‍රතිසංස්කරණය උදෙසා මුහම්මද් තුමාණන් කළ ඇරයුම මක්කා වාසී කුරෛෂ් වරුන් ගේ දැඩි විරෝධය ට ලක් වූ අතර එතුමා ගේ දේශනයන් පිළි ගත් දුබල, දිළිඳු බහුතරය ට අනේක විධ වද හිංසාවන් ට මුහුණ පෑමට සිදු විය.
මෙම තත්ත්වය තුළ වසර දහ තුනක් වැනි දීර්ඝ කාලයක් මක්කා වැසියන් ගේ දැඩි තාඩන පීඩනයන් ට මුහුණ දෙමින් කටයුතු කිරීමෙන් අනතුරු ව එතුමා ට හා මුස්ලිම් වරුන් ට මදීනා නගරය ට  දෙශාන්තරණය කිරීම ට බල කෙරිණි. මදීනා නගරය ට දෙශාන්තරණය කිරීමෙන් පසුවත් මුස්ලිම්වරුන් ට එරෙහි ව හමුදා මෙහෙයුම් කිහිපයක් දියත් කළහ. ‘බද්ර්’, ‘උහුද්’ හා ‘හන්දක්’ නමින් හැඳින් වෙන හමුදා ප්‍රහාරයන් මෙයින් කිහිපයකි. මුහම්මද් තුමාණන් හා පිරිස මදීනා නගරය ට දෙශාන්තරණය කිරීමෙන් පසු හයවන වසරේ දී මක්කා නගරය ට පැමිණ ‘උම්රා’ (මක්කා වේ මස්ජිදුල් හරාම් ආශ්‍රිත ව සිදු කරන ඉස්ලාමයේ එක් නැමදුමක්) වතාවත් ඉටු කිරීමට කටයුතු කළ අවස්ථාවේ දී හුදෛබියා නම් වූ ස්ථානයේ දී ඔවුන් ව වළක්වා ලීමට මක්කාවේ ඉස්ලාම් විරෝධීන් විසින් කටයුතු කරන ලදී. මෙතැන දී ඇති වූ අති පීඩාකාරී තත්ත්වය මත මුස්ලිම් වරුන් ට ඉතා අවාසි සහගත බව පෙනෙන්න ට තිබු සටන් විරාම ගිවිසුමක් අත්සන් කරන ලදී. එම ගිවිසුම ද එයට වර්ෂ එකහමාරක දී මක්කා වාසීන් විසින් බිඳ දමන ලදී.
මෙම අල් කුර්ආන් වැකි යේ සන්දර්භය වෙත අවධානය යොමු කරන විට ගිවිසුම කඩ කිරීම පිළිබඳ අදහස් පැහැදිලි ව දක්නට ඇත. එය ට අමතර ව ඔවුන් ගේ ක්‍රියාකලාපයන් කෙලෙසකවත් මක්කාහ් නගරයේ ආරක්ෂාව සඳහා යෝග්‍යය නොවන බව ඉහත සඳහන් කරුණු වලින් මනාව පැහැදිලි වන්නකි. ගිවිසුම් කඩ කරමින් නිතර ප්‍රහාරයන් එල්ල කරමින් විශ්වාස ද්‍රෝහී ලෙස කටයුතු කිරීම හේතුවෙන් ඔවුන් සමග සහවාසය ඉතා අවදානම් ක්‍රියාවක් බව පැහැදිලි ව පෙනෙන්න ට තිබු හෙයින්  ඔවුන් ට මක්කාහ් නගරයෙන් ඉවත් වීමට මාස හතරක් කල් දෙනු ලැබීය. මෙම කල් දීම පිළිබඳ ව සඳහන් අල් කුර්ආන් වැකි මක්කාවේ ජනයා ට පාරායනය කර පෙන්වීම ට මුහම්මද් තුමාණන් විසින් මදීනා නගරයේ සිට මක්කා නගරය ට නියෝජිතයින් දෙදෙනෙකු එවන ලදී. මෙම කාලය තුළ ඔවුන් ඉවත් වුවහොත් ඔවුන් සමග ගැටුමක් ඇති කර ගැනීමේ තත්ත්වයක් උදා නොවන්නේ ය. නමුත් එසේ ඉවත් නොවී මක්කාවේ රැඳෙන්නන් පිළිබඳව ය මෙහි සඳහන් වන්නේ. රටේ නීතිය උල්ලංඝනය කරමින් කටයුතු කිරීම මෙම පිටුවහල් කිරීම ට ප්‍රධාන හේතුවයි.
මුස්ලිම් වරුන් සමග ගිවිසුම් ඇති කර ගත් හා නොගත් මුස්ලිම් නොවන්නන් කොටස් හතරක ට වර්ග කළ හැක. මක්කා නගරය මුස්ලිම් වරුන් ගේ පාලනය ට පත් වූ විට එම නගරයේ හා ඒ අවට ජීවත් වූ සියලු මුස්ලිම් නොවන්නන් ට පුර්ණ ආරක්ෂාවේ සහතිකය මුස්ලිම් වරුන් විසින් ලබා දී තිබුණි. නමුත් එයින් කොටසක් වුයේ ඉහතින් සඳහන් ‘හුදෛබියා’ ගිවිසුම කඩ කරමින් මුස්ලිම් වරුන් ට එරෙහි ව කටයුතු කළ පිරිස යි. මක්කා නගරය මුස්ලිම් වරුන් ගේ පාලනය යටතට ගෙන ඒම ට හේතු වුයේත් මෙම හුදෛබියා ගිවිසුම කඩ කරමින් කටයුතු කළ පිරිස ගේ ක්‍රියාකලාපයයි. තවත් එක් පිරිසක් වුයේ නිශ්චිත කාල සීමාවක් සඳහා ගිවිසුම් අත්සන් කොට එම ගිවිසුමේ ප්‍රකාර ව කටයුතු කළ මුස්ලිම් නොවන්නන් ය. තවත් පිරිසක් වුයේ   කාල සීමාවක් නොමැතිව බලපාන අයුරින් ගිවිසුම් අත්සන් කොට තිබු පිරිස ය. හතර වන කොටස වුයේ කිසිදු ගිවිසුමක් අත්සන් නොකොට තිබු පිරිස ය. එහෙයින් මෙම අල් කුර්ආන් පරිච්ඡේදය ආරම්භයේ මෙම  වර්ග හතර පිළිබඳ ව ක්‍රියා කළ යුතු ආකාරය පැහැදිලි කොට තිබේ. මෙයින් පළමු වන කොටස වුයේ හුදෛබියා ගිවිසුම කඩ කරමින් මුස්ලිම් වරුන් ට එරෙහි ව දැඩි ලෙස කටයුතු කළ මක්කාවේ කුරෛෂ් වරුන් ය. ඔවුන් සම්බන්ධ ව අමතර සහනයන් ලබා දීමේ අවශ්‍යතාවක් නොතිබුණි. මුස්ලිම් වරුන් සමග ගිවිසුම් අත්සන් කොට සිටි මිත්‍ර පාක්ෂිකයින් හා අසරණයින් ඝාතනය ට ලක් කිරීම ඔවුන් කළ තවත් බරපතළ නීති විරෝධී ක්‍රියාවකි. මෙය ඓතිහාසික ව මුහම්මද් තුමාණන් ගේ කාල වකවානු ව තුළ ඇති වූ සිදුවීම් පදනම් කර ගනිමින් එම තත්ත්වය ට බලපාන අයුරු පමණක් ඉදිරිපත් කරන ලද නීතියකි.
මෙහි හතර වන වැකියෙන් නිශ්චිත කාල වකවානුවක ට බලපාන අයුරු ගිවිසුම් අත්සන් කළ දෙවන කොටස පිළිබඳ ව සඳහන් වෙයි. මෙම මුස්ලිම් නොවන පිරිස මුස්ලිම් වරුන් සමග ගිවිසුම් අත්සන් කොට ඉන් පසු එහි කිසිදු කොන්දේසියක් කඩ නොකොට මෙන් ම මුස්ලිම් වරුන් ගේ අනෙකුත් සතුරන් ට මුස්ලිම් වරුන් ට එරෙහි ව උපකාර නොකළ පිරිසය. ඔවුන් ගිවිසුමේ කොන්දේසි කඩ නොකළාක් මෙන් මුස්ලිම් වරුන් ද එය ආරක්ෂා කරමින් ඒ අනුව කටයුතු කළ යුතු බව උපදෙස් ලබා දී ඇත.
තුන් වන හා හතර වන පිරිස පිළිබඳ ව එක් තීන්දුවක් පමණක් පළමු වන හා දෙවන වැකි මගින් දන්වා ඇත.  එනම් මාස හතරක කාල සීමාවක් සඳහා පුර්ණ නිදහස ඇති ව රැඳී සිටීම ට අවසරය ලබා දී තිබුණි.
ගිවිසුම කඩ කරමින් ඉස්ලාමිකයින් ට සතුරුකම් කරමින් ඔවුන් ගේ මිත්‍ර පාක්ෂිකයින් ඝාතනය කළ  පිරිස පිළිබඳවය ඉහත සඳහන් 5 වන වැකියේ සඳහන් වන්නේ. ඉවත් වීමට මාස හතරක් දී තිබුණ ද ඔවුන් ගේ කුමන්ත්‍රණකාරී ප්‍රයෝගයන් පිළිබඳ ව විමසිලිවත් වන ලෙස උපදෙස් දී තිබේ. මෙහි පසුබිම හා සන්දර්භය පිළිබඳ ව අවබෝධයකින් තොරව මුස්ලිම් භීතිකාව ඇති කිරීම පමණක් අරමුණු කොට ගෙන කටයුතු කරන විට සත්‍යයෙන් බැහැර ව ඊනියා අදහස් දැක්වීම් නොවැළැක්විය හැක්කක් නොවන බව පිළිගන්නෙමු. ඔවුන් ට ඉවත් වන්න ට දුන් නියෝගය රටින් පිටුවහල් කිරීමක් නොවේ. මෙම කාල වකවානුව වන විට මක්කා ප්‍රදේශය ද මුස්ලිම් රාජ්‍යයේ කොටසක් ව පැවතිණි. මෙම අපරාධකරුවන් ට  ඉවත් වන්න ට උපදෙස්  දී තිබුණේ අති පෞරාණික එමෙන් ම මුස්ලිම් වරුන් ගේ මුදුන් මල්කඩ වන් අති උත්තරීතර මක්කාවේ පිහිටි පල්ලිය හා ඒ අවට ඇති පුණ්‍ය භුමි ප්‍රදේශයෙන් පමණි. එදත් අදත් මක්කාව අසල පිහිටි ජිද්දා වැනි නගරයන් හි මුස්ලිම් නොවන්නන් ජීවත් වීම දැකිය හැක.   
ඉහත 5 වන වැකියෙන් සඳහන් යුද තත්ත්වයේ ප්‍රධාන හේතු එම පරිච්ඡේදයේ ම 13 වන වැකියෙන් පැහැදිලි කොට ඇත.
“තමන් ගේ ගිවිසුම් කඩ කර මෙම රසුල් වරයා ව (මුහම්මද් තුමාගේ උපන් භුමිය වූ මක්කා නගරයෙන්)  පිටුවහල් කිරීම ට උත්සාහ දරා මුල් වරට නුඹලා සමග (යුද වැදීම) ආරම්භ කළ පිරිස සමඟ සටන් කළ යුතු නොවේ ද? නුඹලා ඔවුන ට බිය වන්නෙහු ද? නුඹලා විශ්වාසවන්තයින් ව සිටින්නේ නම් නුඹලා බිය වන්න ට වඩා සුදුස්සා වනුයේ අල්ලාහ් ය”. (අල් කුර්ආන් 9 : 13)
ගිවිසුම් කඩ කිරීම, මුහම්මද් තුමාණන් ව හා මුස්ලිම් වරුන් ව පිටුවහල් කිරීම  හා පළමු ප්‍රහාරය සිදු කිරීම මක්කාවාසී මුස්ලිම් නොවන්නන් ට එරෙහි ව 5 වන වැකියේ සඳහන් යුද තත්ත්වය සඳහා හේතු සාධක වූ බව මෙයින් මනා ලෙස පැහැදිලි වෙයි. මෙවන් තත්ත්වයක් තුළ සතුරා සමග යුද කිරීම හැර වෙනත් විකල්පයක් තිබේ දැයි විමසන්න ට කැමැත්තෙමු. නමුත් මෙම වැකිය හුවා දක්වමින් අල් කුර්ආනය සියලුම මුස්ලිම් නොවන්නන් ව දුටු තැන ඝාතනය කිරීම ට අනුමැතිය දී ඇති බව පවසමින්  මුස්ලිම් භීතිකාවක් ගොඩ නැගීම ට උත්සාහ කරන්නන් කෙතරම් බරපතළ අයුරින් ආගමික ග්‍රන්ථ විකෘති කිරීම ට කටයුතු කර ඇත්තේදැ යි කරුණාකර බුද්ධිමත් ව හැඟීම් වලට වහල් නොවී මැදහත් සිතින් සිතා බලන ලෙස කාරුණික ව ඉල්ලා සිටින්නෙමු.     
විකෘති කොට ඉදිරිපත් කරන ලද නබි වදන
2014 – 9 - 28 දින සමුළුවේ දී විකෘති කොට ඉදිරිපත් කරන ලද නබි වදන (හදීස ය) පිළිබඳ ව ද  විමසා බලමු.
වැරදි පරිවර්තනය:
“මොහමඩ් ප්‍රකාශ කළා සියලුම මිනිසුන් ‘ලා ඉලාහා ඉල්ලල්ලාහ්’ එනම් අල්ලාහ් හැර වෙන ම කිසිවෙකු ට කිසිම ආගමක වන්දනා මාන ලැබීම ට අයිතියක් නැති බව කියා ඉස්ලාම් ආගම ට හැරෙන තුරු ඔවුන් ට විරුද්ධ ව සටන් කළ යුතු බව අල්ලාහ් විසින් මට නියෝග කොට ඇත. එසේ දිවුරා ඉස්ලාම් ආගම වැලඳ ගන්නා කවරෙකු ගේ හෝ ජීවිතය හෝ වෙනත් දේපොළ අල්ලාහ් විසින් මගෙන් ආරක්ෂා කර දෙන්නේය”.
නිවැරදි පරිවර්තනය:
ඉහතින් දක්වා ඇත්තේ එම හදීසයේ කොටසකි. එහි සම්පුර්ණ කොටස පහත සඳහන් අයුරිනි.
“අල්ලාහ් හැර නැමදුම ට සුදුසු අන් කිසිවෙකු නොමැත; මුහම්මද්  අල්ලාහ් ගේ ගැත්තා හා ධර්ම දුතයා යන්න ප්‍රකාශ කරන තුරු හා ‘සලාතය’ ස්ථාපිත කොට ‘සකාතය’ දෙන තුරු ජනයා සමග සටන් කිරීම ට (අල්ලාහ් විසින්) මට නියෝග කොට ඇත. ඔවුන් එසේ කරන්නේ නම් ඉස්ලාමිය නීතිය ට අනුව හැර ඔවුන් ගේ වස්තුව හා ජීවිත මගෙන් ආරක්ෂා සහිත ය. ඔවුන් ගේ ක්‍රියා පිළිබඳ ගිණුම අල්ලාහ් සතු ය”. (සහීහ් බුහාරි - 4 වන වෙළුම, හදීස් අංක 196)
පැහැදිලි කිරීම
මුහම්මද් තුමාණන් ගේ මෙම ප්‍රකාශනය පිළිබඳ ව විමසීමක් කිරීමේ දී ‘යුකාතිල්’ හා ‘අක්තුලා’ යන අරාබි පදයන් හි නිවැරදි අර්ථය අප විසින් පළමු ව අවබෝධ කර ගැනීම අත්‍යවශ්‍ය වෙයි. ‘යුකාතිල්’ යන්නෙහි අර්ථය ‘සටන් කිරීම ට’ යන්න වන අතර ‘අක්තුලා’ යන්නෙහි අර්ථය ‘ඝාතනය කිරීම ට’ යන්න ය. මෙම ප්‍රකාශනයේ යොදා ඇත්තේ ‘යුකාතිල්’ නම් පදය වන අතර එයින් අදහස් වන්නේ ඉස්ලාමය තුළින් දිව්‍යම ය සත්‍යය අවබෝධ කරගැනීම ට කටයුතු කරන  ජනයා වළකාලන බලවේග සමග සටන් කිරීමයි.   
අයුක්තිය, අසාධාරණය, දුෂ්ටකම්, හිංසනය හා කලහකම් වැනි සමාජ යහපත ට විරුද්ධ ව ඉස්ලාමීය අරගලය ඇතැම් අවස්ථාවන් හි දී මුස්ලිම් වරුන්ට ම එරෙහි ව උපයෝගී වූ අවස්ථා ඉතිහාසයේ බොහෝ අවස්ථාවන් හි දැකිය හැකිය. මෙම ප්‍රකාශනය වැරදි ලෙස අවබෝධ කර ගත් මුස්ලිම් වරුන් ගේ ක්‍රියාකාරකම් සහමුලින් ම ඉස්ලාමීය සාරධර්මයන් ට පටහැණි වූවකි. මෙම වැරදි ක්‍රියා නිරීක්ෂණය කරන මුස්ලිම් නොවන්නන් ගේ ඉස්ලාම් විරෝධී ප්‍රචාරයන් ද එලෙස ම වැරදි එකකි.    
මෙම නබි වදන අරාබි බසින් වූවක් වන අතර එහි නිවැරදි අර්ථය අවබෝධ කර ගැනීම ට නම් අරාබි භාෂාව පිළිබඳ දැනුමක් අත්‍යවශ්‍ය වෙයි. අරාබි භාෂාවේ එක් වැදගත් රීතියක් වන්නේ ‘පොදු ප්‍රකාශනයකින් නිශ්චිත දෙයක් පිළිබඳ ව පැවසීමය’. මෙවන් අරාබි වදන් කියවන්නෙකු ගේ මනසේ එක්තරා ආකාරයක ව්‍යාකුලත්වයක් ඇති විය හැක. එහෙයින් අරාබි භාෂා යෙදුම් පිළිබඳ විශාරදයෙකු ගේ මග පෙන්වීමකින් තොරව මේවායේ නිවැරදි අර්ථය අවබෝධ කර ගැනීම බොහෝ විට දුෂ්කර විය හැක.  
අරාබි භාෂාව අන් භාෂාවන් හි දක්නට නොමැති භාෂා යෙදුම් උපයෝගී කරගන්නා වූ ගැඹුරු භාෂාවකි. අරාබි භාෂා ව්‍යවහාරය ඉතා දුෂ්කර යන්න මෙයින් අදහස් නොකෙරේ. මෙමගින් පෙන්නුම් කරන්නේ අරාබි භාෂාව හා සාහිත්‍යයේ ඇති ප්‍රෞඪත්වයයි. නිවැරදි වූත් නියම වූත් භාෂා දැනුම ඇත්තෙකු වන්නට නම් භාෂා විශාරදයෙකු ගේ උපදෙස් හා ගුරුහරුකම් විශාල රුකුලක් වෙයි.  
ඉහත නබි වදනේ ‘ජනයා’ යන්න පොදු ප්‍රකාශනයක් වූව ද එය නිශ්චිත පිරිසක් පිළිබඳ ව වූ සටහනක් බව අරාබි භාෂාව පිළිබඳව විශාරද දැනුමක් ඇති විද්වතෙකු ගේ විග්‍රය අනුව අවබෝධ කර ගත හැකි වනු ඇත. මෙහි අදහස් කරන ‘නිශ්චිත පිරිස’ නම් වසර දහ තුනක් වැනි දීර්ඝ කාලයක් මුහම්මද් තුමාණන් ව දැඩි තාඩන පීඩනය න්ට ලක් කරමින් අනතුරු ව එතුමා ව ඝාතනය කිරීම ට කුමන්ත්‍රණය කළ මක්කාවාසී ඉස්ලාම් විරෝධීන් ය. මෙම තත්ත්වය යටතේ මුස්ලිම් වරුන් ට මදීනා නගරය ට  දෙශාන්තරණය කිරීම ට බල කෙරිණි. මදීනා නගරය ට දෙශාන්තරණය කිරීමෙන් පසුවත් මුස්ලිම්වරුන් ට එරෙහි ව හමුදා මෙහෙයුම් කිහිපයක් දියත් කළහ. ‘බද්ර්’, ‘උහුද්’ හා ‘හන්දක්’ නමින් හැඳින්වෙන හමුදා ප්‍රහාරයන් මෙයින් කිහිපයකි. මෙම නබි වදනේ නිශ්චිත ව සඳහන් කරන ‘ජනයා’ මෙම පිරිස ය. මෙම පිරිස සමග ඇති වූ  ගැටුම පිළිබඳ ව අල් කුර්ආන් වැකි අංක 9 : 5 යටතේ ඉහතින් විග්‍රහ කළෙමු. එම විග්‍රහයන්ගෙන් බහුතරයක් මෙම නබි වදන් විග්‍රහය ට අදාළ වන්නකි.
දහම පිළිබඳ ව බල කිරීම අල් කුර්ආන් ඉගැන්වීම් අනුව සම්පුර්ණයෙන් ම තහනම් වුවක් බව මීට පෙර විග්‍රහ කළෙමු. මුහම්මද් තුමාණන් ගේ කාල වකවානුව තුළ ඝාතන, අපරාධ හා ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් කළ හා ජන ජීවිතයේ සාමකාමී හා යහ පැවැත්ම ට තර්ජනයක් වූ නිශ්චිත පිරිසක ට මක්කා පුණ්‍ය භුමි ප්‍රදේශයෙන් ඉවත් වීම ට මාස හතරක කාලයක් දී තිබුණි. මෙම මුහම්මද් තුමාණන් ගේ ප්‍රකාශයෙන් නිශ්චිත ව සඳහන් වන්නේ එම පිරිස සම්බන්ධව ය.      
සමුළුවේ දී වැරදි ලෙස උපුටා දැක් වූ ඓතිහාසික තොරතුරක්
“ඉබ්නු ඉෂ්හාක්, මොහමඩ් තුමා ගේ ගෝලයෙක් කියනවා, මොහමඩ් ප්‍රකාශ කළා, මම තමයි හොදම කුමන්ත්‍රණ කරුවා, කපටියා, මාගේ සූක්ෂම කපටිකම් වලින් ඔවුන් ව 'මුස්ලිම් නොවන ජනයා' මුළා කොට රවටා ඔවුන් ගේ සියලු දේ මා විශ්වාසවන්තයින් ට අත්පත් කර දුන්නා”.
පැහැදිලි කිරීම
ඉහත ප්‍රකාශනය හා එහි මුලාශ්‍රය පිළිබඳ ව පැහැදිලි කිරීමක් කරන්න ට පෙර මෙවන් ප්‍රකාශනයක් ඉබ්නු ඉෂ්හාක් ගේ ග්‍රන්ථයෙන් නිවැරදි මූලාශ්‍ර සටහන් සමග උපුටා දක්වන ලෙස අභියෝග කරන්න ට කැමැත්තෙමු. මෙවන් පදනම් විරහිත තමන් විසින් ම ගොතන ලද අභූත චෝදනා ඉදිරිපත් කරමින් ලොව ශ්‍රේෂ්ඨතම ආගමික නායකයින් ට  අපහාස කරමින් ජනයා නොමග යවන්න ට කටයුතු කරන්නන් පිළිබඳ ව සදාචාර සම්පන්න සැම ගේ පිළිකුල ට අනිවාර්යයෙන් ම ලක් විය යුතු බව අවධාරණයෙන් පවසා සිටින්නෙමු.
ඉස්ලාම් විරෝධී ජාත්‍යන්තර වෙබ් අඩවි මගින් අහුලා ගන්නා මෙවන් පදනම් විරහිත තොරතුරු දහමක ට හෝ දහමක ශාස්තෘවරයෙකු ට එරෙහි ව ඉදිරිපත් කිරීම එසේ ඉදිරිපත් කරන්නා ගේ බුද්ධියේ දරිද්‍රතාව, ඥානවන්ත භාවයේ ශුන්‍යතාව  හා බංකොලොත් භාවය විදහා දක්වන්නක් නොවේදැ යි අසන්න ට කැමැත්තෙමු.
ඓතිහාසික පසුබිම අවබෝධ කර ගනිමු
ඉහතින් සඟ සමුළුවේ දී මතු කරන ලද අල් කුර්ආන් වැකි, නබි වදන් හා ඓතිහාසික තොරතුරු පිළිබඳ සංක්ෂිප්ත ව කරුණු විග්‍රහ කිරීමේ ප්‍රයත්නයක යෙදුනෙමු. නමුත් 7 වන සියවසේ සිදුවීම් වල ට පදනම් වූ එම කරුණු පිළිබඳ ව 21 වන සියවසේ සිටින අපි 7 වන සියවසේ අරාබි කරයේ තත්ත්ව ය පිළිබඳ ව  මූලික දැනුමකින් තොරව කරුණු සාකච්ඡා කිරීම නිවැරදි පිළිවෙතක් නොවන බව අපි දකින්නෙමු. ඉහත අල් කුර්ආන් වැකි, නබි වදන් ආදිය නිවැරදි ව අවබෝධ කර ගැනීම සඳහා  පහත සඳහන් කරුණු පිළිබඳ ව සුළු වශයෙන් හෝ දැනුමක් තිබීම අත්‍යවශ්‍ය වෙයි.
1.    ඉස්ලාමය ට පෙර අරාබි කරයේ සමාජ පසුබිම
2.    මුහම්මද් තුමාණන් ගේ පුද්ගලික පසුබිම
3.    ඉස්ලාමයෙන් පසු ඉතා කෙටි කාලයක් තුළ සිදු වූ සමාජ වෙනස් වීම
4.    මුහම්මද් තුමාණන් පිළිබඳ ලොව ප්‍රසිද්ධ විද්වතුන් ගේ මතයන්
ඉස්ලාමය ට පෙර අරාබි කරයේ සමාජ පසුබිම
මුහම්මද් තුමා ඉපදුන යුගයේ එම සමාජයේ ස්වභාවය පිළිබඳව තොරතුරු අල්පයක් විමසා බැලීම වැදගත් යැයි සිතන්නෙමු. ගෝත්‍රික සමාජයක් වූ එහි ගෝත්‍ර අතරේ ඉතා සුළු සිදුවීම් ජීවිත රාශියක ගේ විනාශය ට හේතු වන වර්ෂ ගණනාවක ට ඇදී යන ගෝත්‍රික ගැටුම් බව ට පත් වීම, ගැහැනු දරුවන් පණපිටින් වළලා දැමීම, දුප්පතුන් ව හා ගෝත්‍රයන් ට සම්බන්ධ නොවුවන් ව අසීමිත ලෙස දුෂ්කරතාවන් ට පත් කිරීම, සුරාව, සූදුව, ලිංගික අපචාරය, අසීමිත ස්ත්‍රීන් සංඛ්‍යාවක් විවාහ කර ගැනීම, වැනි භයානක සමාජ දුරාචාරයන්ගෙන් පිරුණු එකක් විය.   
මෙම තත්වය ඉතා තියුණු ආකාරයකින් විස්තර කරන අයුරු ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු එඩ්වඩ් ගිබන් (Ed-ward Gibbon)  විසින් වෙළුම් අටකින් ලියන ලද (Decline and Fall of the Roman Empire) එනම් “රෝම අධිරාජ්‍යයේ බිඳ වැටීම හා විනාශය” යන අරුත ඇති ග්‍රන්ථයෙන් උපුටා දක්වන්න ට කැමැත්තෙමු.                                                                                                                                                               
“කිසිදු මිනිස් ලක්ෂණයන්ගෙන් නොයුක්ත වු මෙම මිනිස් තිරිසනුන් හා අනිකුත් සත්ව ලෝකයේ සාමාජිකයින් අතරේ පැවතියේ ඉතාමත් අල්ප වෙනස් කමකි. එම යුගයේ ජීවත් වු මිනිසා හා තිරිසනා අතරේ කිසිදු වෙනස් කමක් දැකිය නොහැකි ආකාරයෙන් ජිවත් වු මෙම මිනිස් පරපුර සැබැවින් ම මිනිස් වෙස් ගත් තිරිසන් පිරිසක් පමණකි.”
මුහම්මද් තුමාණන් ඉපදුනු සමාජ පසුබිම ඉතාම සංක්ෂිප්ත ලෙස මෙලෙස දැක්විය හැක.
මුහම්මද් තුමාණන් ගේ පුද්ගලික පසුබිම
මිහිතලය මත තම ජීවිතයේ මුලික හරය අවබෝධ කර නොගැනීමෙන් මිනිසා නන්නත්තාර වී යහ මඟ නොපෙනෙන ඝන අඳුරක මංමුළා වී සිටි යුගයක මෙම ආලෝකයේ අරුණෝදය දැන ට ශත වර්ෂ 14 ක ට පෙර දිනක මක්කාහ් නගරයේ දී බිහි විය.
මෙම සුවිශේෂී දරුවා බිහි වන්න ට මාස කිහිපයක ට පෙර ඔහු ගේ පියා වූ අබ්දුල්ලාහ් මෙලොවින් සමු ගෙන තිබිණි. ඔහු ගේ සීයා වූ අබ්දුල් මුත්තලීබ් විසින් මෙය ට පෙර අරාබි සමාජයේ භාවිතයේ නොතිබූ ‘මුහම්මද්’ යන නම මෙම දරුවා ට තබන ලදී. ‘මුහම්මද්’ යන්නෙ හි සමීපත ම සිංහල පරිවර්තනය ‘ප්‍රශංසාව ට ලක් වූ පුද්ගලයා’ යන්න යි. අනාථකම උපතින් ම උරුම කර ගෙන බිහි වූ මෙම දරුවා රැක බලා ගත්තේ එතුමා ගේ සීයා වූ අබ්දුල් මුත්තලිබ් විසිනි. වයස අවුරුදු හය වන විය ආදරණීය මව ද මෙලොවින් සමුගත්තා ය. එතුමා ගේ අට වන වියේ දී රැක බලා ගත් සීයාගේ ද මෙලොව ජීවිතයේ අවසානය සිදු විය. ඉන් පසු එතුමා ව රැක බලා ගත්තේ පියා ගේ සහෝදරයෙකු වූ අබු තාලිබ් විසිනි. නිසි සම්මත අධ්‍යාපනයක් නොලැබූ එතුමා එඬේර කම හා සුළු ව්‍යාපාරයන් ට සම්බන්ධ වීම තමා ගේ ජීවිතයේ චර්යාව බව ට පත් කර ගත්තේය. උපතින් ම  අනාථකම උරුම කර ගෙන බිහි වී ජීවිතයේ අන් කිසිවෙකු බොහෝ විට අත් නොවිඳි දුෂ්කරතාවන් ට මුහුණ දුන් එතුමා වර්තමාන ලෝක ජනගහනයෙන් බිලියන 1.8 ක හෙවත් සෑම හතර දෙනෙකුගෙන් එක් අයෙකු ගේ පරමාදර්ශී චරිතය පමණක් නොව අසමසම ආදරය ට හා ගෞරවය ට පාත්‍ර වූ උතුම් ම මිනිසා බව ට පත් වී සිටීම සැබැවින් ම අප සැම ගේ විමසුම ට ලක් විය යුතු කාරණයක් යන්න අප ගේ නිහතමානී මතයයි. එතුමා ගේ මෙම අද්විතීය ශ්‍රේෂ්ඨත්වය ට හේතු විග්‍රහ කරන  ප්‍රංශ ජාතික ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයෙකු වූ ලාමාර්ටිනි 1854  දී ලියු “History of Turkey”  නම් ග්‍රන්ථයේ (2 කාණ්ඩය 276 – 277 පිටුව) පහත සඳහන් අයුරින් කරුණු දක්වා ඇත.
“මිනිස් හැකියාවන් වල ශ්‍රේෂ්ඨ බව මිනිය හැකි මිනුම් දණ්ඩ ලෙස :
1. අරමුණේ විශාලත්වය
2. ඒ සඳහා ඇති පහසුකම් වල අල්ප බව හා
3. ලද ජයග්‍රහණයන් හි අති විශිෂ්ටත්වය
යනාදිය නම් මුහම්මද් හා ඉතිහාසයේ සසඳන්න ට පොහොසත් විය හැක්කේ කව්රුන්ට ද? ලොව සුප්‍රක ට මිනිසුන් තැනුවේ අවි ආයුධ, නීතීන් හා අධිරාජ්‍යයන් පමණි. මුහම්මද් සලිත කළේ හමුදාවන්, නීතීන්, අධිරාජ්‍යයන්, ජනයින් හා කුලපතියන් පමණක් නොවේ. එවක ට ලොව තුනෙන් කොටසක් වූ මිලියන සංඛ්‍යාත ජනයින් ද, අල්තාරයන් ද, දෙවිවරුන් ද, ආගම් ද, අදහස් ද, විශ්වාසයන් හා ආත්මයන් ද මුහම්මද් විසින් සොලවා දමන ලදී. තව ද ජයග්‍රහණයේ දී එතුමා පෙන් වූ චාම් බව, එකම පිවිතුරු අධිෂ්ඨානයක් සඳහා මිස රාජ්‍යයන් අත්පත් කර ගැනීම මුල් කර නොගත් එතුමා ගේ කැප වීම, එතුමා ගේ නිමක් නැති වන්දනය, දෙවිඳුන් සමග එතුමා කළ ආධ්‍යාත්මික කථනයන්, මරණය හා මරණයෙන් ද එතුමා ලද ජය, මේ සියල්ල අප ට දක්වන්නේ මුළාවක් නොව සකල මනුෂ්‍ය වර්ගයාට ම යෝග්‍ය වූ නීති පද්ධතියක් ගොඩ නැගීම ට එතුමා ට සහය වූ ශක්තියයි. එක් අතකින් දෙවිඳුන් කව්රුන්දැ යි කියන අතර, කව්රුන් දෙවිඳුන් නොවන්නේ ද යන්නත් අප ට එතුමා පවසයි. දාර්ශනිකයා, කථිකයා, දෙවිඳුන් ගේ නියෝජිතයා, නීති සම්පාදකයා, සටන්කාමියා, ප්‍රතිපත්තීන් ගොඩ නැඟූ පුද්ගලයා, තර්කානුකුල සංකල්පයන් ස්ථාපිත කළ මිනිසා, පිළිම නැති දහමක් ඇති කළ නායකයා, රාජ්‍යයන් විස්සක් හා එක් ආධ්‍යාත්මික අධිරාජ්‍යයක් ගොඩ නැඟූ සෙන්පතියා, එතුමා නම් මුහම්මද් වේ. මිනිස් හැකියාවන් මිනිය හැකි සියලුම මිනුම් උපයෝගී කිරීමෙන් පසු මුහම්මද් ට වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් තවත් විසුවේ දැ යි අප ට නොබිය ව ඇසිය හැක. මුහම්මද් ආගමික ගුරුවරයෙක් විය, සමාජ ප්‍රතිසංස්කරණය කරන්නෙක් විය, යහපත් මඟ පෙන්වන්නෙක් විය, දක්ෂ පාලකයෙකු විය. එතුමා කුළුපග මිතුරෙකු, අගනා සගයෙකු ද, හොඳ පියෙකු, ආදරවන්ත සැමියෙකු, යනාදී මෙම සියලු චරිත වල අති උත්තරීතර සම්මිශ්‍රණයක් විය. එතුමා ගේ මෙම ගුණාංග වලින් එකක් හෝ මෙතරම් රමණීය ලෙස පිහිටි එක ම පුද්ගලයෙකුවත් මුළු මිනිස් ඉතිහාසයේ ම නොමැති තරම් ය. මෙතරම් සුවිශාල ජයක් එතුමා ට හිමි කර දුන්නේ එතුමා සතු ව තිබු අසීමිත පරාර්ථකාමී බවයි.”
මෙය ඉස්ලාමිකයෙකු නොවන ප්‍රංශ ජාතික ශ්‍රේෂ්ඨ ඉතිහාසඥයෙකු වූ ලාමාර්ටිනි 1854 දී ලියු “History of Turkey”  නම් ග්‍රන්ථයේ  මුහම්මද් නබි තුමාණන් පිළිබඳ ව සඳහන් කර තිබූ ආකාරයයි.
ඉස්ලාමයෙන් පසු ඉතා කෙටි කලක් තුළ සිදු වූ සමාජ පරිවර්තනය
ඉහතින් විස්තර කළ පරිදි ඉතාම ම්ලේච්ඡ තත්ත්වයේ සිටි සමාජය ඉස්ලාමයෙන් පසු කුමන ආකාරයේ පරිවර්තනයක ට භාජනය වුවාදැ යි යන්න දැන් විමසා බලමු.
මෙවන් වූ මිනිස් සමාජයක් එලෙස අත හැර දැමීම දෙවිඳුන් ගේ සැලැස්ම නොවන බව ඉන් පසු ඇති වූ සිදුවීම් වලින් මනාව ඔප්පු වෙයි. අල් කුර්ආනය පහළ වීමට පෙර තිබු සමාජ යථාර්ථය යි ඉහතින් එඩ්වඩ් ගිබන් විසින් විස්තර කරනු ලැබුවේ. අල් කුර්ආනය පහළ වීමෙන් පසු එනම් මුහම්මද් තුමා ව දෙවිඳුන් ගේ අවසාන පණිවිඩය මිනිස් වර්ගයා වෙත දැන්වීමේ ධර්ම දුතයා  ලෙස පත් කොට එමගින් සිදු වූ සමාජ විප්ලවය තවත් ඉතා ප්‍රසිද්ධ ඉතිහාසඥයෙකු වු ස්කොට්ලන්ත ජාතික තෝමස් කාලයිල් (Thomas Carlyle) විසින් “On Heroes, Hero-Worship, and The Heroic in History” නමින් පොතක් පළ කරමින් අල් කුර්ආනය පහළ විමෙන් පසු ඒ අනුව ජිවත් වු ජනයා ගේ ස්වභාවය විග්‍රහ කරන කොටස එම පොතෙන්  උපුටා දක්වන්න ට කැමැත්තෙමු.
 “ඉතා පහත් ම්ලේච්ඡ තත්වයේ සිට මුළු මහත් මිනිස් වර්ගයාට ම අන්ධකාරයේ සිට ආලෝකය ට එන මඟ එළි පෙහෙළි කළ සහ උසස් දැනුමේ භාරකාරයින් බව ට මුහම්මද් විසින් මේ ජනයා ව පත් කරවන ලදී. ලොව බිහි වු දා සිට කිසිවෙකු ගේ අවධානය ට ලක් නොවී කාන්තාරයේ තැන් තැන් වල තාවකාලික ව ජීවත් වෙමින් සිටි දුගී එඬේර ජන සමාජය ඉතා කෙටි කාලයක් තුළ ලොව සැම ගේ අවධානය දිනාගන්න ට සමත් වූ අතර  ලොව ශ්‍රේෂ්ඨ ජන සමාජයක් ලෙසත් ගෞරවය ලබන්නට ද සුදුසුකම් උරුම කර ගත්තේය.”
මිනිස් ඉතිහාසයේ සිදු වූ උසස් ම සමාජ විප්ලවය සඳහා මුල් වූ මෙම ශ්‍රේෂ්ඨ නායකයා පිළිබඳ මුස්ලිම් නොවන විද්වතුන් ගේ අදහස් මීළඟ ට විමසා බලමු.
මුහම්මද් තුමාණන් පිළිබඳ ලොව ප්‍රසිද්ධ විද්වතුන් ගේ මතයන්
එතුමා පිළිබඳ ව ලොව මුස්ලිම් නොවන විද්වතුන්, නායකයින්, ඉතිහාසඥයින්, රාජ්‍ය පාලකයින්, ප්‍රශංසාත්මක අදහස් පළ කර තිබුණ ද එයින් එක් වැදගත් ප්‍රකාශනයක ට ප්‍රමුඛතාවක් දීම සුදුසු යැයි සිතන්නෙමි.  අප සියලු දෙනාගේ ම ගෞරවය ට පාත්‍ර වූ මහාත්මා ගාන්ධි තුමා මුහම්මද් තුමාණන් පිළිබඳ ව දක්වා තිබු අදහස් දෙස ට අපගේ අවධානය යොමු කරමු.
මහාත්මා ගාන්ධි තුමා මුහම්මද් තුමා ගේ චරිතය පිළිබඳව “Young India” සඟරාව ට අදහස් දක්වමින්:
“අද ලොව සිටින දස ලක්ෂ සංඛ්‍යාත හදවත් වල රැඳී සිටිනා ශ්‍රේෂ්ඨතම පුද්ගලයා පිළිබඳ ව දැන ගැනීම ට මට අවශ්‍ය විය. එය කියවන විට ඉස්ලාම් දහම බහුතරයක් මනුෂ්‍ය හදවත් වල විශේෂ තැනක් ගැනීම ට හේතු වුයේ අසිපත නොවන බව වැටහුණි. එයට හේතු වුයේ නබි වරයා ගේ චාම් ජීවිත රටාවයි. තමන් ගැන කිසි විටෙක නොතකන  පරාර්ථකාමී ගුණාංගයයි. එතුමා ගේ පොරොන්දු වල ට එතුමා දැක් වූ වැදගත් කමයි. එතුමාගේ සගයින් ට හා අනුගාමිකයින් ට එතුමා දැක් වූ කැපවීමයි. එතුමා ගේ නොබියවන සුළු ස්ථිර බව, දෙවිඳුන් කෙරෙහි එතුමා තැබූ අචල විශ්වාසය, එතුමා ගේ අරමුණු කෙරෙහි එතුමා ට තිබුණු අධිෂ්ඨානය යනාදිය එතුමන් ඉදිරියේ තිබු සියලු බාධක සුනුවිසුනු කළා මිස එය කළේ අසිපත නොවේ. නබි තුමා ගේ ජීවිත කතාවේ අවසාන කොටස මා කියවා නිම කළ විට, එතුමා ගැන මට කියවන්න ට යමක් නැති බව දැක මා ඉමහත් ශෝකයට පත් වීමි.”
එතුමා අනක්ෂර වුවෙකු බව අල් කුර්ආනය සාක්ෂි දරයි.
“නබිවරය, මෙය ට පෙර කිසිදු ග්‍රන්ථයක් ඔබ කියවා නැත, ඔබේ දකුණතින් කිසිවක් ලියාත් නැත. එසේ වූයේ නම් අසත්‍යවන්තයින් ට (ඔබ මගින් පහළ කරන ලද අල් කුර්ආනය පිළිබඳ ව) සැක කරන්න ට ඉඩ තිබිණ” (අල් කුර්ආන් 29:48)
නමුත් මෙම අනක්ෂර පුද්ගලයා මගින් විශ්වයේ අධිපති දෙවිඳුන් මනුෂ්‍යය වර්ගයා ගේ අවසන් මාර්ගෝපදේශකය වූ අල් කුර්ආනය මනුෂ්‍යය වර්ගයා වෙත ඉදිරිපත් කරන්න ට කටයුතු කරන ලදී. මෙම අනක්ෂරභාවය නොවුයේ නම් මෙම අවසන් මාර්ගෝපදේශකය එතුමා ගේ නිර්මාණයක් ලෙස පවසන්න ට අසත්‍යවන්තයින් ඉදිරිපත් වන්න ට ඉඩ තිබුණු බව ද එම වැකියෙන් ම කරුණු පැහැදිලි කොට ඇත. අල් කුර්ආනයේ ප්‍රාතිහාර්ය ස්වභාවය පිළිබඳ ව ලොව සුපතළ  විද්‍යාඥවරයෙකු ගේ අදහස් පහතින් ඉදිරිපත් කොට ඇත්තෙමු.
ප්‍රංශ විද්‍යාඥයින් ගේ සංගමයේ සාමාජිකයෙකු වු ද ජාත්‍යන්තර කීර්තියට පත් විද්‍යාඥයෙකු වු ද මහාචාර්ය මොරිස් බුකෙයිල් විසින් නුතන තාක්ෂණික ශිල්ප ක්‍රම උපයෝගි කර ගනිමින් ඊජිප්තුවේ දී හමු වූ මෝසස් තුමාගේ කාල වකවානුවේ ජීවත් වූ  ෆීර්අවුන් ගේ (Pharaoh) මළ සිරුර පිළිබඳ ව වැඩිදුර පරික්ෂණ පවත්වනු ලැබිණි. මෙම මළ සිරුර පිළිබඳ ව අල් කුර්ආනයේ නිශ්චිත සඳහනක් තිබෙන බව මුස්ලිම් විද්‍යාඥයින් එතුමා ට දන්වා සිටින ලදී. සියලු පර්යේෂණ අවසානයේ දි විස්මයට පත් ඔහු විසින් පහත සඳහන් ප්‍රකාශනය නිකුත් කරන ලදී.
“නුතන දත්ත අතර ශුද්ධ වු ග්‍රන්ථ පිළිබඳ ව සාධක සොයන පිරිස ෆිර්අව්න් ගේ සිරුර පිළිබඳ ව කුර්ආන් වැකි පවසන අතිශයින් විස්මය ජනක සාධක දැක ගන්න ට නම් කයිරෝ  නුවර ජාතික කෞතුකාගාරයේ රාජකිය මෘතදේහ තබා ඇති කාමරය ට යා යුතුයි”.
තම රට බලා ගිය මොරිස් බුකෙයිල් විසින් කුර්ආන් හා බයිබලය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමක ට යොමු කොට “The Bible Quran and Modern Science” නැමැති ග්‍රන්ථය 1978 ප්‍රකාශය ට පත් කළේය. මධ්‍යස්ථ විග්‍රහයක යෙදෙන  ජාත්‍යන්තර කිර්තිය ට පත් ප්‍රවීණ විද්‍යාඥයෙකු වු මහාචාර්ය මොරිස් බුකෙයිල් තම ග්‍රන්ථයේ පහත සදහන්  අයුරින් කරුණු පැහැදිලි කිරීමක යෙදිණ.
“අල්-කුර්ආනය මුහම්මද් තුමන් ගේ කෘතියක් යැයි පවසන්නන් ගේ කල්පිතය සාවද්‍ය එකක් බව ඉහත සදහන් කරුණු (ඔහු විසින් අල්-කුර්ආනය නුතන විද්‍යාත්මක සිද්ධාන්තයන් සමග සැසඳීමෙන් සොයා ගත් කරුණු) වලින් පෙනේ. අකුරු නොදත් අනක්ෂරවාදියෙකු ට  මුළු මහත් අරාබි සාහිත්‍යයේ  විශිෂ්ටතම සාහිත්‍යධාරියා විය හැක්කේ කෙසේ ද? නුතන යුගයේ අන් කිසිදු මිනිසෙකු නොදැන සිටි විද්‍යාත්මක සත්‍යයන් අල්ප මාත්‍ර වරදකින් හෝ තොරව  ශත වර්ෂ 14 ක ට පෙර හෙළිදරව් කළ හැක්කේ කෙසේ ද?” (125 පිටුව)
මෙම මිනිසත්කමේ ශ්‍රේෂ්ඨතමයා පිළිබඳ ව මුස්ලිම් නොවන විද්වතුන් ගේ තවත් අදහස් විමසා බලමු.              
මහාචාර්ය මෛකල් එච්. හාට් නමැති විද්වතා ලොව ඉපදුනු  සියලු නායකයින් පිළිබඳ ව ඉතා ගැඹුරු පර්යේෂණයක නියැළී 1978 දී “The 100 : A Ran-king of the Most Influential Persons in History” නමැති ග්‍රන්ථය ප්‍රකාශය ට පත් කළේය. එහි දී ඔහු විසින් අංක එක ට තෝරා ගනු ලැබුවේ මුහම්මද් තුමාණන්ව ය. එය ට හේතු පහත සඳහන් අයුරින් ඔහු ඉදිරිපත් කර ඇත.
“මා විසින් මුහම්මද් තුමා ව ලොව ජීව ත්වූ, ජන සමාජයේ යහපත ට බලපෑම් කළ නායකයින් ලැයිස්තුවේ අංක එක ට තෝරා ගැනීම ඇතැමුන් ගේ ආශ්චර්ය ට හා ප්‍රශ්න කිරීම් වලට ලක් විය හැක. නමුත් ආගමික මෙන් ම ලෞකික ක්‍ෂේත්‍රයේ ශ්‍රේෂ්ඨ වූ සාර්ථකත්වයක් ලබා ගත් තවත් නායකයෙක් මිනිස් ඉතිහාසයේ නොමැත.”
මහාචාර්ය කේ. එස්. රාමක්‍රිෂ්ණ රාඕ සිය “Muhammed, The Prophet of Islam” යන කෘතියේ මෙසේ පවසයි:
“මුහම්මද් ගේ චරිතය නම් පරිමාණය ට ඇතුළු වී එය සම්පුර්ණයෙන්ම වටහා ගැනීම ඉතා දුෂ්කර බව පෙනේ. ඇත්තෙන් ම මට ග්‍රහණය කරන්න ට ලැබුණේ ඉන් බිඳක් පමණි. එය කෙතරම් මනස්කාන්ත සිද්ධි මාලාවක එකතුවක් ද? වරෙක දෙවිඳුන් ගේ යටහත් දුතයෙක් එතුමා තුළින් පිළිබිඹු වෙයි. මොහොතින් එතුමා වීර සෙන්පතියෙකි. විටෙක ඔහු වෙළෙන්දෙකි. සැණින් එතුමා රාජතාන්ත්‍රිකයෙකි, කථිකයෙකි, සමාජ ප්‍රතිසංස්කරණවාදියෙකි. තවත් එතුමා අනාථයින් ගේ රැකවලෙකි. වහලුන් නිදහස් කරන්න ට වෙර  දරන්නෙකි. ස්ත්‍රීන් ගේ ගැලවුම්කරුවෙකි. විනිසුරුවෙකි. සැදැහැවත් පුද්ගලයෙකි. එපමණක් නොව මෙම චරිත සියල්ලේ ම එතුමා එක හා සමාන කතානායකයෙකි.”
දාර්ශනිකයෙකු වූ ජෝර්ජ් බර්නාඩ් ෂෝ ඔහු ගේ “The Genuine Islam” නම් 1936 දී ලියු ග්‍රන්ථයේ අදහස් දක්වමින්:
“එතුමා මිනිස් වර්ගයා ගේ ගැලවුම්කරුවා යැයි අමතනු ලැබිය යුතුය. එතුමා වැනි පුද්ගලයෙකු මෙම ලෝකයේ අධිරාජයා බවට පත් වුවහොත් වර්තමාන ලොව මුහුණ පා සිටින සියලුම ගැටලු  වලින් එතුමා ලොව මුදවා ලොව ට අද අත්‍යවශ්‍ය වී ඇති සාමය හා සතුට ගෙනෙනු ඇත යැයි මා තරයේ ම විශ්වාස කරමි. ලොව මෙතෙක් පා තබා ඇති විශිෂ්ටත ම පුද්ගලයා එතුමා ය. එතුමා දහමක් දෙසුවේ ය. රාජ්‍යයන් ස්ථාපිත කළේය. ජාතියක් ගොඩ නැගුවේ ය. ගුණ යහපත් බව ට නව මුහුණු වරක් ඉදිරිපත් කළේය. අලුත් දේශපාලනම ය හා සමාජයී ය ප්‍රතිසංස්කරණයන් ආරම්භ කළේය. ප්‍රබල හා ක්‍රියාශීලී සමාජයක් ගොඩ නැගුවේ ය. එම සමාජය මුහම්මද් ගේ දෙසුම් සියල්ල ක්‍රියාව ට නංවමින් ඒ සියල්ල ප්‍රායෝගික බව ලොව ට සනාථ කරමින් සිටින අතර, සදාකල් පවතින සේ මනුෂ්‍ය වර්ගයා ගේ සිතුම් පැතුම් හි හා හැසිරීම් රටාවන් අතින් මහත් ඵලදායී පෙරළියක් ඇති කර ඇත්තේ ය. තිරිසන් කල්ක්‍රියා වලින් ද අඥානයේ අඳුරෙන් ද එකිනෙකා කුළල් කා ගැනීමෙන් හා වහල් බවෙන් පෙළී ආර්ථික අහේනියේ හිනිපෙත්තේ සිටි අරාබීන් ව එයින් නිදහස් කර සමෘද්ධිමත් දියුණුවක් කරා උසස් කරමින් මානුෂික සානුකම්පාව හා ශ්‍රේෂ්ඨ ගුණ දම් වලින් හෙබි සමාජයක් පෙරදැරි කොට ගත් උතුම් දහමක ධජය යටතේ එතුමා ජනයා ව එක්සත් කළේය. සිවුපාවුන්මෙන් ජීවත් වෙමින් සිටි මිනිස් රංචුවක් මේසා විශාල අනගිභවනීය තලයක ට පත් කිරීම සඳහා එතුමන් ට ගත වුයේ දශක දෙකක කාලයක් පමණක් වීම මෙම විපර්යාසය වෙත නැණවත් ලෝකයා ට ඇති වන විමතිය සිය දහස් වාරයකින් වැඩි කරනු නියත ය.”
සමාප්තිය
මෙලෙස අල් කුර්ආනය පහල වූ කාල වකවානුව හා මුහම්මද් තුමාණන් ගේ ජීවිත පසුබිමත් සලකා බලා සම්පුර්ණ ඓතිහාසික සමාජ තත්ත්වය අවබෝධ නොකර ගනිමින් තැනින් තැන වැකියක් උපුටා දක්වමින් සම්පුර්ණ ඉස්ලාම් දහම ම අපකීර්තිය ට පත් කිරීම ට දරන බොළඳ ව්‍යායාම ය තරයේ හෙළා දකින්නෙමු.     
දැන ට වෛරය වැපිරීම සඳහා වෙබ් අඩවි හා අනෙකුත් මාධ්‍යය මගින් මෙන්ම  අන්තවාදී සංවිධාන මගින් කර ගෙන යන්නා වූ ක්‍රියාවන් කිසිසේත් ම බුදු දහම හෝ අන් කිසිම දහමක ට නොහොබිනා ක්‍රියාවක් බව අවධාරණයෙන් පවසන්න ට කැමැත්තෙමු. සැබැවින් ම  මෙම වෙබ් අඩවි කාරයින් හා අන්තවාදී සංවිධාන කරුවන් බුදු දහමේ නාමයෙන් දැන ට කරගෙන යන්නා වූ අසත්පුරුෂ ක්‍රියාවෙන් අපහාසය ට ලක් කර ඇත්තේ බුදුන් වහන්සේ ව හා බුද්ධ ධර්මයයි. බුදු දහම ත්‍රස්තවාදී දහමක් ලෙස මොවුන් ගේ ක්‍රියාකාරකම් මගින් ලෝකයා ට හුවා දක්වා ඇත. මෙම තත්වය වහාම නැවැත්වීම ට බලධාරීන් මෙන් ම සාමය ට කැප වූ සියළු ලාංකික ජනයා කටයුතු කළ යුතුව ඇත.
යුද්ධයක අවසානයක් දුටු සමාජයක් එකී යුද්ධය අවසානයේ ගොඩ නගන සමාජය ගැන බරපතළ ලෙස කල්පනා කළ යුතුව ඇත. එසේ නොවුණු විට නැවතත් අප ඇදී යන්නේ යුද්ධයක ට විය හැකිය. නැවතත් යුද්ධයේ ගිනිසිළු දල්වන්න ට වෙර දරන දේශ ද්‍රෝහීන් ව හඳුනා ගනිමු, බුදුන් වහන්සේ ට හා බුදු දහම ට අපහාස කරමින් බෞද්ධ වෙස් ගත් අන්තවාදී සංවිධානයන් හි ක්‍රියාකරුවන් හා වෙබ් වීරයින් ගේ  ක්‍රියාකාරකම් නැවත්වීම ට වහාම ක්‍රියා කරමු. පශ්චාත් යුද සමාජයක් අපට අප ගැන නැවත සිතා බලන්න ට අවස්ථාව සලස්වයි. අතීතයේ අප කළ වැරදි නිවැරදි කර ගනු වස් එය ඉතා අගනා අවස්ථාවකි. ජීවිතය නැවත අලුතින් නිර්මාණය කළ යුතු ව ඇත.  වෛරය ක්‍රෝධය ඉවත ලා සැම ට සතුටින් සාමයෙන් ජීවත් විය හැකි සමාජයක් ස්ථාපිත කරන්න ට වහාම අවශ්‍ය පියවර ගන්න ට ඉදිරිපත් වෙමු. නිෂේධනීය ලක්ෂණ ඉවත ලා සාධනීය ලක්ෂණ රකිමින් හා පෝෂණය කරමින් ඉදිරි ගමනක් අරඹමු. විසංවාදී නොවී සංවාදී සමාජයක් තුළ සියලු කරුණු සාමකාමී ව විසඳා ගැනීම ට අධිෂ්ඨානශීලීව ක්‍රියා කරන්න ට ලක් මවගේ සියළු දරුවන් එක ට අත් වැල් බැඳ ගනිමු. සෞභාග්‍යයෙන් පිරි සංවර්ධිත ශ්‍රී ලංකාවක් ගොඩ නගන්න ට අපගේ පුර්ණ දායකත්වය ලබා දෙමු. සියලු ආගමික හා වාර්ගික කොටස් තමන් ගේ පොදු අනන්‍යතාව වූ ‘ශ්‍රී ලාංකිකත්වය’ ඉස්මතු කරමින් එක් ධජයක් යටතේ එක මවකගේ දරුවන් මෙන් ජීවත් වෙමු.        
 
ඔබේ අදහස් අපට දන්වන්න.
[email protected]