ඊමාන් තව්හිද් සහ ඉබාදා

ඉස්ලාමය, අල් ඊමාන්, ඊමානයේ ශාඛාවන් අතුරින් සමහරක්, අර්කානුල් ඊමාන් හෙවත් විශ්වාසයේ මූලිකාංග

اسم الكتاب: التوحيد والإيمان والعبادة من كتاب مختصر الفقه الإسلامي


تأليف: محمد بن إبراهيم التويجري


نبذة مختصرة: كتاب مترجم إلى اللغة السنهالية يبين مسائل التوحيد والإيمان. والكتاب مقتبس من كتاب مختصر الفقه الإسلامي، للشيخ محمد التويجري - أثابه الله -.

ඊමාන්, තව්හීද් සහ ඉබාදා


 
] සිංහල – Sinhala –[ سنهالي  


අෂ් ෂෙයික් තුවෙයිජිරි

පිරිවර්තක
මාහිර් රම්ඩීන්

 

 

 

 

 


2014 - 1435
 
 
التوحيد والإيمان والعبادة
« باللغة السنهالية »

 


محمد بن إبراهيم بن عبد الله
نبذة مختصرة: مختصر الفقه الإسلامي مختصر سهل حوى بين جنبيه شرائع وروعي فيه إلقاء النفع على البيت المسلم على وجه الخصوص

 

ترجمة: ماهر رمدين

 

 

 


2014 - 1435
 

මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාමී


1 -         ඊමාන්

2-         තව්හීද් හි කොටස්

3-     අල්-ඉබාදා

 

 

 


තව්හීද් හා ඊමාන් පිළිබඳ පාඩම
1-    ඊමාන්
•    අත්-තව්හීද් යනු ශුද්ධ වූ අල්ලාහ් ට පමණක් අනිවාර්යය වූ කරුණු හා ඔහු ට පමණක් සුවිශේෂී වූ කරුණු තුළින් ඔහුව ඒකීයත්වයට පත් කිරීමය.
එනම් සැබැවින්ම අල්ලාහ් ඒකීය ය. ඔහුගේ පරිපාලනයෙ හි හෝ ඔහුගේ දේවත්වයේ හෝ ඔහුගේ නාමයන් හා ගුණාංගයන් හි හෝ කිසිදු හවුල් කරුවෙකු ඔහුට නොමැති බව ගැත්තා තරයේ විශ්වාස කිරීමය.
එහි තේරුම : සියලු දෑ හි පෝෂක හා පරමාධිපති අල්ලාහ් ය. සැබැවින් ම එකම මැවුම්කරු ඔහු පමණය. ඔහු සදා ජීවමානය විශ්වයේ ඇති සියලු දෑ එකවර සැලසුම් කිරීමේ පැවැත්මක් ඇත්තා යන වගත් විශ්වාස කිරීම.
එමෙන්ම නැමදුමට සුදුස්සා වනුයේ ඔහු පමණය. ඔහුට කිසිදු ආදේශකයෙකු නොමැත. ඔහු හැර නැමදුමට ලක් වන සියල්ල අර්ථ ශූන්‍ය ය යන්නත් විශ්වාස කිරීම.
පරිපූර්ණ ගුණාංගයන්ගෙන් වර්ණනා කරනු ලැබූවකි. සියලු අඩුපාඩුකම් හා දොස් වලින් නිදහස් වූවෙකි. ඔහුට පමණක් අලංකාර නාමයන් හා උසස් ගුණාංගයන් ඇති බවත් විශ්වාස කිරීම.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَهُ الْأَسْمَاءُ الْحُسْنَى
ඔහු හැර නැමදුමට කිසිදු දෙවිඳෙකු නොමැත. ඔහුට අලංකාර නාමයන් ඇත.     (අල්-කුර්ආන් 20:8)
•    තව්හීද් පිළිබඳ අවබෝධය
කීර්තියෙන් සපිරුණු අල්ලාහ් එකීය ය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැත. ඔහු එකීය ය. ඔහුගේ පැවැත්මෙ හි ද නාමයන් හි ද ගුණාංගයන් හි ද ක්‍රියාවන් හි ද ඔහුට සමාන කිසිවෙකු නොමැත. සියලු ආධිපත්‍යය ඔහු සතුය. මැවීමත් නියෝගයත් ඔහුට පමණක් සතුය. එහි කිසිදු හවුල් කරුවෙකු නොමැත.
ඔහු ය අධිපති. අන් සියල්ල ඔහුගේ වහලුන්ය...
ඔහු ය පාලක. අන් සියල්ල ඔහුගේ පාලිකයන් ය...
ඔහු ය මැවුම්කරු. අන් සියල්ල ඔහු විසින් මවනු ලැබූවන්ය...   
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
قُلْ هُوَ اللَّهُ أَحَدٌ ، اللَّهُ الصَّمَدُ ، لَمْ يَلِدْ وَلَمْ يُولَدْ ، وَلَمْ يَكُنْ لَهُ كُفُوًا أَحَدٌ (4)
(නබිවරය) පවසනු. සෑබෑ විෂයය නම්, අල්ලාහ් ඒකීය ය. අල්ලාහ් (සෙසු අය විසින්) සදා සරණ පතනු ලබන්නා වූ ද (කිසිදු) අවශ්‍යතාවක් රහිත වූ ද අයෙකි. ඔහු කිසිවෙකු ජනිත නොකළේය. ඔහු කිසිවෙකුගෙන් ජනිත කරවනු ද නොලැබුවේය. තවද ඔහුට සමාන කිසිවෙකු නොවූයේමය.  (අල්-කුර්ආන් 112)
ඔහු සුවිශුද්ධ ය. අති බලවත් ය. ඔහු හැර සෙසු සියල්ල බෙලහීන ය... ඔහු ශක්තිවන්ත ය. ඔහු හැර සෙසු සියල්ල නොහැකියාවෙන් යුක්ත ය ... ඔහු අති මහත් ය. ඔහු හැර සෙසු සියල්ල කුඩා ය... ඔහු ස්වාධීන ය. ඔහු හැර සෙසු සියල්ල ඔහුගෙන් යදින්නන් ය... ඔහු සර්ව බලධාරී ය. ඔහු හැර සෙසු සියල්ල පහත් ය... ඔහු සත්‍ය ය. ඔහු හැර නැමදුම් ලබන සියල්ල නිෂ්ඵල ය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි
ذَلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِنْ دُونِهِ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ
එය, අල්ලාහ් වන ඔහු සත්‍යය බැවිනි. තවද සැබැවින් ම ඔහු හැර කැඳවනු ලබන දෑ නිෂ්ඵලය. සැබැවින් ම අල්ලාහ් වන ඔහු උත්තරීතර ය. අති ශ්‍රේෂ්ඨ ය.         (අල්-කුර්ආන් 31:30)
අති පිවිතුරු ඔහු ගෞරවාන්විත ය. ඔහුට වඩා ගෞරවයෙන් යුත් වෙන කිසිවෙකු නැත ... ඔහු අති උත්තරීතර ය. ඔහුට වඩා උත්තරීතර වෙන කිසිවෙකු නැත ... ඔහු අති ශ්‍රේෂ්ඨය. ඔහුට වඩා ශ්‍රේෂ්ඨ වෙන කිසිවෙකු නැත ... ඔහු අපරිමිත දයාන්විත ය. ඔහුට වඩා දයාන්විත වෙන කිසිවෙකු නැත ...
අති පිවිතුරු ඔහු සෑම ශක්තියක් තුළ ම ගැබ් ව ඇති ශක්තියේ මැවුම්කරු වන අති මහත් ශක්ති වන්තය ... සෑම බලයක් තුළම ගැබ් ව ඇති බලයේ මැවුම්කරු වන ඔහු අති මහත් බලය ඇත්තාය.
සෑම දයාවක් තුළ ම ගැබ් ව ඇති දයාවේ මැවුම්කරු වන ඔහු අපරමිත දයාන්විත ය... මැවීම් සියල්ලට දැනුම ලබා දුන් සර්වඥානීය. සියලු පෝෂණයන් හා පෝෂණය ලබන්නන් මැවූ සර්ව පෝෂකය.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි
ذَلِكُمُ اللَّهُ رَبُّكُمْ لَا إِلَهَ إِلَّا هُوَ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ ، لَا تُدْرِكُهُ الْأَبْصَارُ وَهُوَ يُدْرِكُ الْأَبْصَارَ وَهُوَ اللَّطِيفُ الْخَبِيرُ.
එවැන්නෙකු ය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. (ඔහු) සියලු දෑ හි මැවුම්කරුය. එබැවින් නුඹලා ඔහු ව නමදිවු. ඔහු සියලු දෑ කෙරෙහි භාරකරුවා ය.
දෘෂ්ටියන් ඔහු ව ග්‍රහණය නොකරයි. (නමුත්) ඔහු (සියලු) දෘෂ්ටියන් ග්‍රහණය කරයි. ඔහු අති සියුම් ඥානී ය. අභිඥානවන්ත ය.             (අල්-කුර්ආන් 6:102,103)
ඔහු අභිමත දෑ සිදු කරන සර්වඥානි මහා විනිශ්චය කරුය. ඔහු අපේක්ෂා කරන දෑ ඔහු තීන්දු කරන්නේ ය.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි
أَلَا لَهُ الْخَلْقُ وَالْأَمْرُ تَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ
දැන ගන්න. මැවීම ද අණ ද ඔහු සතුය. විශ්වයේ පරමාධිපති වන අල්ලාහ් භාග්‍යමත් ය.             (අල්-කුර්ආන් 7:54)
අති පිවිතුරු ඔහු සියලු දෑහි ආරම්භක ය. සියලු දෑට පසුව ද පවතින අවසානයා ය. සෑම දෙයක් ම ඉහළින් වූ බාහිර ය. සෑම දෙයකටම පහළින් වූ අභ්‍යන්තර ය. සෑම දෙයක් පිළිබඳ ව සර්වඥානී ඔහු පමණ ය. ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැත.
උත්තරීතර අල්ලාහ් තමන් ගැන මෙසේ පවසයි
هُوَ الْأَوَّلُ وَالْآَخِرُ وَالظَّاهِرُ وَالْبَاطِنُ وَهُوَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
ඔහු ප්‍රාරම්භක ය. අවසානයා ය. බාහිර ය. අභ්‍යන්තර ය. තව ද ඔහු සියලු දෑ පිළිබඳ ව සර්වඥානී ය.         (අල්-කුර්ආන් 57:3)
අති පිවිතුරු ඔහු සෑම දෙයක් ම තමන් සතු කර ගෙන ඇති සත්‍ය නිරුඳුය ය. ඔහු හැර වෙන කිසිවෙකු කෙරෙහි කිසිවක් නැත. සියල්ල ඔහු වෙතම අයැදින්නේය. ඔහුට කිසිදු ආදේශකයෙකු නොමැත.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි
قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ وَتُعِزُّ مَنْ تَشَاءُ وَتُذِلُّ مَنْ تَشَاءُ بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
(නබිවරය) අහෝ ! අල්ලාහ්, සර්ව රාජ්‍යයේ අධිපතියාණනි, ඔබ අභිමත කළ අයට පාලන බලය ලබා දෙන්නෙහි ය. ඔබ අභිමත කළ අයට ගෞරවය පිරිනමන්නෙහි ය. ඔබ අභිමත කළ අය ව අවමන් කරන්නෙහි ය. සියලු යහපත ඔබ දෑතෙහි ය. සැබැවින් ම ඔබ සියලු දෑ කෙරෙහි අතිබලසම්පන්නය යැයි ප්‍රකාශ කරනු.  (අල්-කුර්ආන් 3:26)
ඔහු ඒකීයය. සෑම දෙයකම රජුය. සෑම දෙයක් කෙරෙහි ම සර්ව බලධාරීය. සෑම දෙයක් පිළිබඳ ව සර්වඥානීය. සෑම දෙයක් ම පිරිනමන්නාය. සෑම ග්‍රහණයක්ම ග්‍රහණය කරන්නාය. සෑම බලවතෙක් කෙරෙහි ම සර්ව බල ඇත්තාය. අබිබවා යන සෑම දෙයක් ම අබිබවා යන්නාය. සියල්ලට එකම රජුය.
تَبَارَكَ الَّذِي بِيَدِهِ الْمُلْكُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
තම දෑතෙහි සර්ව රාජ්‍ය සතුව ඇත්තා මහා භාග්‍යවන්තය. තව ද ඔහු සියලු දෑ කෙරෙහි සර්වබලධාරීය.     (අල්-කුර්ආන් 67:1)

 

 

 

 

 

 

2-    තව්හීද් හි කොටස්
රසූල්වරුන් ඇරයුම් කළ ඒ සම්බන්ධ ව පුස්තක පහළ වූ තව්හීද් වර්ග දෙකකි.
පළමුවැන්න. අල්ලාහ් පිළිබඳ හඳුනා ගැනීමෙහි හා ඔහුගේ ස්ථාවර පැවැත්මෙ හි එකීය කරණය. මෙය ‘තව්හීද් අර්-රුබූබිය්යා‘ හෙවත් පරිපාලනයේ ඒකීයකරණය යනුවෙන් හා ‘තව්හීද් අල්-අස්මාඋ වස්සිෆාත්‘ හෙවත් අලංකාර නාමයන් හා ගුණාංගයන් හි ඒකීයකරණය යනුවෙන් එය නම් කෙරේ.
එනම් එහි අර්ථය සැබැවින් ම අල්ලාහ් ඒකීය ය. ඔහු සියල්ල සැලැසුම් කරන්නා වූ ද අතිමහත් විශ්වය පාලනය කරන්නා වූ ද තම නාමයන් ගුණාංගයන්  හා ක්‍රියාවන් අංග සම්පූර්ණ වූ ද සියලු දෑ පිළිබඳ සර්වඥ වූ ද සියල්ල වෙළා ගන්නා වූ ද සියලු දෑ කෙරෙහි තම ශක්තිය බලපවත්වන්නා වූ ද පරිපූර්ණ ගුණාංගයන්ගෙන් වර්ණනා කරනු ලැබුවා වූ ද සියලු අඩුපාඩු හා දොස් වලින් පිවිතුරු වූ ද මහා රාජාණන් වූ මැවුම්කරු වූ පරමාධිපති බව ගැත්තෙකු තරයේ විශ්වාස කර ඔහුව පිළිගැනීමය. එමෙන් ම ඔහුට අලංකාර නම් ඇති බවත් උසස් ගුණාංගයන් ඇති බවත් ඔහුගේ පැවැත්ම, ඔහුගේ නාමයන්, ඔහුගේ ගුණාංගයන් හා ඔහුගේ ක්‍රියාවන් යන්නෙ හි ඔහුට සමාන කිසිවෙකු නොමැති බවත් තරයේ විශ්වාස කිරීමය.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි
لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ
ඔහු මෙන් කිසිවක් නොමැත. තවද ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව නිරීක්ෂකය.  (අල්-කුර්ආන් 42:11)
දෙවැන්න: අධිෂ්ඨානයේ හා අයැදීමෙ හි ඒකීයකරණය. මෙය තව්හීදුල් උලූහිය්යා වල් ඉබාදා එනම් දේවත්වයේ හා නැමදුමෙහි ඒකීයකරණය යනුවෙන් හැඳින් වේ.
ප්‍රාර්ථනා ව සලාතය බැතිමත්කම අපේක්ෂාව වැනි සියලුම නැමදුම් අංශයන් හි අල්ලාහ් ට පමණක්  ඉටු කිරීම.
එනම් එහි අර්ථය සැබැවින් ම අල්ලාහ් ඒකීය ය. සියලු දෑ මැවීමෙ හි දේවත්වය හිමිය. සැබැවින් ම අතිපූජනීය ඔහු නැමදුමට සුදුස්සාය. ප්‍රාර්ථනාව සලාතය උදව් පැතීම භාර කිරීම බැතිමත්කම අපේක්ෂා කිරීම කැප කිරීම වැනි සියලුම වර්ගයේ නැමදුම් ඔහුට පමණක් ඉටු කළ යුතුය. මෙයින් කිසිවක් හෝ අල්ලාහ් නොවන වෙනත් දෙයකට පුදමින් යමක් අපේක්ෂා කරන්නේ නම් ඔහු ආදේශ තැබූවෙකු වේ. දේව ප්‍රතික්ෂේපකයෙකු වේ.


උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි
وَمَنْ يَدْعُ مَعَ اللَّهِ إِلَهًا آخَرَ لَا بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِنْدَ رَبِّهِ إِنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ
කවරෙකු අල්ලාහ් සමඟ තමන් ගැන තමන්ට ම කිසිදු සාධකයක් නොමැති වෙනත් දෙවියෙකු අයැදින්නේ ද එවිට ඔහුගේ විනිශ්චය ඔහුගේ පරමාධිපති අබියස ය. සැබැවින් ම ඔහු ප්‍රතික්ෂේපකයින් ව ජයග්‍රහණයට පත් නොකරන්නේය.  (අල්-කුර්ආන් 23:117)
•    ඒක දේව සංකල්පය පිළිගැනීමේ නීතිය
1-    ලොවෙ හි ස්වභාවය හා දැක්ම තුළින් මිනිසා ට පරිපාලනයේ දී ඒක දේව සංකල්පය පිළිගැනීම අනිවාර්යය වෙයි. අල්ලාහ් වන ඔහු ව පමණක් පිළිගැනීම දේව විශ්වාසයටත් නිරා දඬුවමින් ආරක්ෂා වීමටත් ප්‍රමාණවත් නොවේ. හේතුව ෂෙයිතාන් පවා එය පිළිගෙන ඇති බැවිනි. දේව ආදේශ තබන්නන් එය එක් ආකාරයකින් පිළිගෙන තිබිණ ද ඔවුනට එය ප්‍රයෝජනවත් නොවේ. හේතුව ඔවුන් අල්ලාහ් ට පමණක් නොනමදින හෙයිනි.
පරිපාලන විෂයෙහි පමණක් කෙනෙකු ඒකීයත්වය පිළිගැනීමෙන් ඔහු ඒකීයත්වය පිළිගත් අයෙකු හෝ මුස්ලිම්වරයෙකු හෝ නොවේ. දේවත්වයේ ඒකීයභාවය පිළිගන්නා තෙක් ඔහුගේ ප්‍රාණය හා ඔහුගේ ධනය සුරක්ෂිත ‍නොවේ. එබැවින් අල්ලාහ් පමණක් හැර වෙනත් දෙවියෙකු නොමැති බවත් ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැති බවත් සාක්ෂි දරා අල්ලාහ් ඒකීය ය. ඔහු හැර වෙන කිසිවෙකුට නැමදුම් කිරීම සුදුසු නොවන බවත් කිසිදු ආදේශ භාවයකින් තොරව අල්ලාහ් ට පමණක් නැමදුම් පුද කිරීම අනිවාර්යය බවත් මිනිසා පිළි ගත යුතුව ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ  මෙසේ ප්‍රකාශ කරයි.
وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ حُنَفَاءَ وَيُقِيمُوا الصَّلَاةَ وَيُؤْتُوا الزَّكَاةَ وَذَلِكَ دِينُ الْقَيِّمَةِ
දහමෙ හි චිත්ත ඒකාග්‍රතාවෙන් සත්‍යය වෙත නැඹුරු වෙමින් අල්ලාහ් ව නැමදීමට ද සලාතය ස්ථාපිත කිරීමට ද zසකාත් දීමට ද මිස ඔවුහු අණ කරනු නොලැබූහ. මෙයයි ඍජු දහම වනුයේ. (අල්-කුර්ආන් 98:5)
2-     තව්හීදුර් රුබූබිය්යා හෙවත් පරිපාලනයේ ඒකීයභාවය හා තව්හීදුල් උලූහීය්යා දේවත්වයේ ඒකීයභාවය යන කරුණු දෙක අනිවාර්යයෙන් ම පිළිගත යුතු දෑය. පරිපාලයේ දී අල්ලාහ් ව ඒකීය භාවයට පත් කිරීම දේවත්වය ඒකීය භාවයට පත්  කිරීම සඳහා ඉවහල් වේ. එනම් කවරෙකු අල්ලාහ් ඒකීය ය. ඔහු පරමාධිපතිය. මැවුම්කරුය. රජුය. පෝෂකයාය යනුවෙන් පිළිගත්තේ ද එවිට නැමදුම් ලබන්නට අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බව පිළිගැනීම ඔහුට අනිවාර්යය වේ. ඔහු වෙන කිසිවෙක නොඅයදී. අල්ලාහ්ගෙන් පමණක් උදව් පතයි. ඔහු කෙරෙහි පමණක් විශ්වාසය තබයි. ඔහු හැර වෙන කිසිවෙකුට කිසිදු ආකාරයේ නැමදුමක් පුද නොකරයි.
එමෙන් ම දේවත්වය ඒකීයකරණය ද පරිපාලයේ දී අල්ලාහ් ව ඒකීය භාවයට පත් කිරීම අනිවාර්යය කරවයි. එබැවින් අල්ලාහ් ට පමණක් නැමද ඔහුට කිසිදු ආකාරයේ ආදේශයක් නොතබන සෑම කෙනෙකුට ද සැබැවින් ම අල්ලාහ් තමන්ගේ පරමාධිපති බවත් තමන්ගේ මැවුම්කරු බවත් තමන්ගේ රජු බවත් පිළිගැනීම අනිවාර්යය වෙයි.
රුබූබිය්යා හෙවත් පරිපාලනය ද උලූහිය්යා හෙවත් දේවත්වය ද විටක එකවර සඳහන් වේ. නමුත් එහි අදහස් වෙනස්ය. රබ් යන්නෙහි අර්ථය මැවීම හා විධානය නමැති ගුණාංග සතු රජු යන්නයි. ඉලාහ් යනු නැමදුමට ලක් වන්නා ඔහු පමණක් නැමදුම් ලබන්නට සුදුස්සා යන්නයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි
قُلْ أَعُوذُ بِرَبِّ النَّاسِ ، مَلِكِ النَّاسِ ، إِلَهِ النَّاسِ
(නබිවරය) පවසවු. මම මිනිසුන්ගේ රජු වූ ද මිනිසුන්ගේ දෙවිඳුන් වූ ද මිනිසුන්ගේ පරමාධිපතිගෙන් ආරක්ෂාව පතමි.                             (අල්-කුර්ආන් 114 : 1-3)
තවත් විටක දෙකින් එකක් වෙන් වෙන් ව සඳහන් වුව ද එම එක් එක් පදයෙ හි ඉහත සඳහන් අර්ථ දෙකම ගැබ් ව පවතී.  
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
قُلْ أَغَيْرَ اللَّهِ أَبْغِي رَبًّا وَهُوَ رَبُّ كُلِّ شَيْءٍ
(නබිවරය,) පවසවු. ඔහු සියලු දෑ හි පරමාධිපති ව සිටිය දී නැමදුම සඳහා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු මම සොයන්නෙම් ද?                 (අල්-කුර්ආන් 114 : 1-3)
•    තව්හීද් හෙවත් ඒකීයකරණයේ මහිමය
අල්ලාහ් විශ්වයේ පරමාධිපති ය. මිනිසුන් සියල්ලගේ පරමාධිපති ය.  මිනිසුන් සියල්ලගේ දෙවියා ය. ඔහු ව නමදින අය වෙනුවෙන් වූ දෙවියා ය. ඔහු ව නොනමදින අයට පවා ඔහුගේ භාග්‍යයන් අහිමි නොකරන කාරුණික පරමාධිපති ය. කවරෙකු අල්ලාහ් ව විශ්වාස කළේ ද එවිට ඔහු විවිධ භාග්‍යයන් අතුරින් ඔහුගේ පරිපාලනයේ දායාදයන් ලබා ගනු ඇත. එමෙන් ම ඔහුගේ දේවත්වයේ දායාදයන් ද ලබා ගනු ඇත. එයයි ධර්මය, ස්වර්ගය. නමුත් කවරෙකු අල්ලාහ් ව විශ්වාස නොකළේ ද මෙලොව දී පමණක් ඔහුගේ පරිපාලයේ දායාදයන් හිමි කර ගනු ඇත. නමුත් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දේවත්වයේ දායාදය ලබා නොගනු ඇත. එයයි ස්වර්ග ය.
මිනිසා තම ප්‍රතිඵල හිමි කර ගනුයේ ඔහු කවරෙකු වෙනුවෙන් යමක් ඉටු කළේ ද ඔහුගෙනි. නමුත් දේව ප්‍රතික්ෂේපකයා අල්ලාහ් වෙනුවෙන් කිසිවක් ඉටු නොකරයි. එබැවින් ඔහු පමරාන්ත දිනයේ නිරය හැර වෙන කිසිවක් හිමි කර නොගනියි.
1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි
وَبَشِّرِ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ أَنَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ كُلَّمَا رُزِقُوا مِنْهَا مِنْ ثَمَرَةٍ رِزْقًا قَالُوا هَذَا الَّذِي رُزِقْنَا مِنْ قَبْلُ وَأُتُوا بِهِ مُتَشَابِهًا وَلَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ وَهُمْ فِيهَا خَالِدُونَ
විශ්වාස කොට දැහැමි ක්‍රියා කළවුනට, (ස්වර්ග) උයන් සැබැවින් ම ඔවුනට ඇත යන ශුභාරංචි දෙවු. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. සැම විටම ඔවුනට පෝෂණය සඳහා පලතුරු ලබා දෙනු ලැබූ විට මෙයම ය අපට පෙර දෙනු ලැබුවේ යැයි ඔවුහු ප්‍රකාශ කරති. තවද එකිනෙකට සමාන වූ දෑ (පලතුරු) ඔවුනට ගෙන දෙනු ලැබේ. ඔවුනට එහි පාරිශුද්ධ කරන ලද සහකාර අය වෙති. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.    (අල්-කුර්ආන් 2:25)
2-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
الَّذِينَ آمَنُوا وَلَمْ يَلْبِسُوا إِيمَانَهُمْ بِظُلْمٍ أُولَئِكَ لَهُمُ الْأَمْنُ وَهُمْ مُهْتَدُونَ
විශ්වාස කර තම විශ්වාසය සමඟ අපරාධය (ආදේශ තැබීම) වෙළා නොගත් අය වන ඔවුනටම ය සුරක්ෂිතභාවය ඇත්තේ. ඔවුහු යහමඟ ලද්දෝ.             (අල්-කුර්ආන් 6:82)
3-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි
الَّذِينَ آمَنُوا وَتَطْمَئِنُّ قُلُوبُهُمْ بِذِكْرِ اللَّهِ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ ، الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ طُوبَى لَهُمْ وَحُسْنُ مَآبٍ
ඔවුන් කවරහු ද යත් විශ්වාස කොට තම හදවත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් සැනසුමට පත් වූවන්ය. දැන ගනිවු. හදවත් සැනසුමට පත් වනුයේ අල්ලාහ් ට මෙනෙහි කිරීමෙනි. විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුන ට සුබාශිංසනයයි. තවද යහපත් ලැඟුම් ගන්නා ස්ථානයයි.  (අල්-කුර්ආන් 13:28,29)
4-    
عَنْ عُبَادَةَ بن الصامت رَضِيَ اللَّهُ عَنْهُ، أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : "مَنْ شَهِدَ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَحْدَهُ لَا شَرِيكَ لَهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُهُ وَرَسُولُهُ وَأَنَّ عِيسَى عَبْدُ اللَّهِ وَرَسُولُهُ وَكَلِمَتُهُ أَلْقَاهَا إِلَى مَرْيَمَ وَرُوحٌ مِنْهُ وَالْجَنَّةُ حَقٌّ وَالنَّارُ حَقٌّ، أَدْخَلَهُ اللَّهُ الْجَنَّةَ عَلَى مَا كَانَ مِنْ الْعَمَلِ"     (متفق عليه)
සැබැවින් ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව උබාදා ඉබ්නු සාමිත් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
කවරෙකු අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔහු ඒකීය ය. ඔහුට හවුල්කරුවෙකු නොමැත යන බවටත් සැබැවින්ම මුහම්ම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ඔහුගේ ගැත්තා හා ධර්ම දූතයා ය. තවද ඊසා (අලෙයිහිස් සලාම්) තුමා අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ ධර්ම දූතයා ය. ඔහුගේ ප්‍රතිඥාව ඔහු මර්යම් වෙත හෙළීය. එම ආත්මය ද ඔහුගෙන්ය. ස්වර්ගය සැබෑවකි. නිරය සැබෑවකි යන බවටත් සාක්ෂි දැරුවේ ද අල්ලාහ් ඔහු ව ඔහු කරමින් සිටි ක්‍රියාවන් ට අනුව ස්වර්ගයට ඇතුළත් කරන්නේ ය.                (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
5-    
عَنْ جَابِرٍ رضي الله عنه قَالَ أَتَى النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ رَجُلٌ فَقَالَ يَا رَسُولَ اللَّهِ مَا الْمُوجِبَتَانِ؟ فَقَالَ "مَنْ مَاتَ لَا يُشْرِكُ بِاللَّهِ شَيْئًا دَخَلَ الْجَنَّةَ وَمَنْ مَاتَ يُشْرِكُ بِاللَّهِ شَيْئًا دَخَلَ النَّارَ" (أخرجه مسلم)
ජාබිර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා වෙත පුද්ගලයෙකු පැමිණ අල්ලාහ්ගේ දූතයාණනි, මුව්ජිබතාන් හෙවත් අනිවාර්යය කරනු ලැබූ කරුණු දෙක මොනවා දැ?යි විමසා සිටියහ. එවිට එතුමාණෝ කවරෙකු අල්ලාහ්ට ආදේශ නොතැබූ තත්වයේ මරණයට පත් වූයේ ද ඔහු ස්වර්ගය ට පිවිසීය. තවද කවරෙකු කිසිවක් ගෙන අල්ලාහ් ට ආදේශ තැබූ තත්වයේ මරණයට පත් වූයේ ද ඔහු නිරයට පිවිසීය යැයි පැවසූහ.     (මූලාශ්‍රය මුස්ලිම්)
•    තව්හීද් හි යථාර්ථය හා එහි හරය
සියලු කරුණු අල්ලාහ්ගෙන් සිදු වන බව මිනිසා දකින්නේය. එම දැක්ම විවිධ හේතූන් හා මාධ්‍යයන් ඔස්සේ අල්ලාහ් හැර වෙනත් අය වෙත යොමු කිරීමෙන් වළක්වාලයි. යහපත හා අයහපත ද පිරිනැමීම හා තහනම් කිරීම ද ඵලදායීතාව හා හානිය ද යොමු කිරීම හා සැලසුම් කිරීම ද ඔහුගෙන් පමණක් හැර වෙන කිසිවෙකුගෙන් දැකිය නොහැක. මෙම දැනුම මුල් කර ගෙන අල්ලාහ් ව නමදින්නේ නම් මිනිසා මේවා සියල්ල අල්ලාහ් ට පමණක් සතු කරයි. ඔහු සමඟ වෙන කිසිවෙකු නොනමදියි.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි
ذَلِكُمُ اللَّهُ رَبُّكُمْ لَا إِلَهَ إِلَّا هُوَ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ
එවැන්නෙකුය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. (ඔහු) සියලු දෑ හි මැවුම්කරුය. එබැවින් නුඹලා ඔහු ව නමදිවු. ඔහු සියලු දෑ කෙරෙහි භාරකරුය.                         (අල්-කුර්ආන් 6:102)
•    තව්හීද් ප්‍රකාශයේ භාරදූරත්වය
عن عبد الله بن عمرو بن العاص رضي الله عنهما أن رسول الله صلى الله عليه وسلم قَالَ : "إِنَّ نَبِيَّ اللَّهِ نُوحًا صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ لَمَّا حَضَرَتْهُ الْوَفَاةُ قَالَ لِابْنِهِ إِنِّي قَاصٌّ عَلَيْكَ الْوَصِيَّةَ آمُرُكَ بِاثْنَتَيْنِ وَأَنْهَاكَ عَنْ اثْنَتَيْنِ آمُرُكَ بِلَا إِلَهَ إِلَّا اللَّهُ فَإِنَّ السَّمَوَاتِ السَّبْعَ وَالْأَرْضِينَ السَّبْعَ لَوْ وُضِعَتْ فِي كِفَّةٍ وَوُضِعَتْ لَا إِلَهَ إِلَّا اللَّهُ فِي كِفَّةٍ رَجَحَتْ بِهِنَّ لَا إِلَهَ إِلَّا اللَّهُ وَلَوْ أَنَّ السَّمَوَاتِ السَّبْعَ وَالْأَرْضِينَ السَّبْعَ كُنَّ حَلْقَةً مُبْهَمَةً قَصَمَتْهُنَّ لَا إِلَهَ إِلَّا اللَّهُ وَسُبْحَانَ اللَّهِ وَبِحَمْدِهِ فَإِنَّهَا صَلَاةُ كُلِّ شَيْءٍ وَبِهَا يُرْزَقُ الْخَلْقُ وَأَنْهَاكَ عَنْ الشِّرْكِ وَالْكِبْرِ" أخرجه أحمد والبخاري في الأدب المفرد
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් ඉබ්නු ආස් (රළියල්ලාහු අන්හු) තුමා දන්වා සිටියි.
සැබැවින් ම අල්ලාහ්ගේ නබිවරයෙකු වන නූහ් (අලෙයිහිස් සලාම්) තුමා වෙත මරණාසන්න මොහොත පැමිණි විට තම පුතණුවන් දෙස බලා මම ඔබ ට අන්තිම කැමැත්ත පවසන්නෙමි. මම ඔබ ට කරුණු දෙකක් අණ කරන්නෙමි. තවත් කරුණු දෙකක් ඔබ ට තහනම් කරන්නෙමි. මම ඔබ ට ලා ඉලාහ ඉල්ලල්ලාහ් (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත) යැයි අණ කරන්නෙමි. හේතුව අහස් හත හා මහ පොළව වල් හත එක් තරාදියක දමා ඒවා ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන වචනය සමඟ කිරන්නේ නම් අහස් සතක් හෝ මහපොළොවල් හතක් වුව ද ඒවා අඳුරු කවයක් බවට පත් වන්නේය. ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන වදන ඒවා බිඳ දමනු ඇත. සුබ්හානල්ලාහි වබිහම්දිහි (අල්ලාහ් තම ප්‍රශංසාව තුළින් අති පිවිතුරුය) යැයි ද අණ කරන්නෙමි. සැබැවින්ම එය සෑම කටයුත්තකම පැතුම වේ. එමගින් මැවීම් වලට පෝෂණය දෙනු ලබන්නේය.
තව ද මම ෂිර්ක් හෙවත් අල්ලාහ් ට ආදේශ තැබීමත් කිබ්ර් හෙවත් අහංකාරකමත් ඔබ ට තහනම් කරමි.  (මූලාශ්‍රය අහ්මද්, බුහාරි)
•    තව්හීද් හි පරිපූරණත්වය.
අල්ලාහ් ට කිසිවක් ආදේශ නොකර ඔහු ට පමණක් නැමදුම් ඉටු කර තාඝූත් නම් පිළිම පුද්ගල හා වස්තු වන්දනාවෙන් දුරස් වන තෙක් තව්හීද් යන සංකල්පය සම්පූර්ණ නොවෙයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි
وَلَقَدْ بَعَثْنَا فِي كُلِّ أُمَّةٍ رَسُولًا أَنِ اعْبُدُوا اللَّهَ وَاجْتَنِبُوا الطَّاغُوتَ
තවද සැබැවින්ම අපි සෑම ජන සමූහයකටම නුඹලා අල්ලාහ්ව නමදිවු තාගූත්ගෙන් වැළකී සිටිවු යනුවෙන් ධර්ම දූතයෙකු එවීමු. (අල්-කුර්ආන් 16:36)
•    යථාර්ථවාදී තව්හීද් හි ඇති ප්‍රයෝජන
තව්හීද් හෙවත් ඒකීයත්වයෙන් ලැබෙන අති මහත් ප්‍රයෝජනය වනුයේ අල්ලාහ් එම ගැත්තා ව පිළිගෙන ඔහු වෙත තම සෙනහස පිරිනමා ඔහු වෙත දයාව දක්වා ඔහු ව තම භාරයට ගෙන ඔහුගේ ක්‍රියාවන් පිළිගෙන මෙලොව හා මතුලොවෙහි සතුට සොම්නස ඔහුට පිරිනැමීමයි.
එමෙන් ම අල්ලාහ් කෙරෙහි පමණක් සියල්ල භාර කිරීම යන විශ්වාසයේ බලය එම ගැත්තා වෙත ඵල දෙනු ඇත. මැවීම් වලට පැමිණිලි කිරීමෙන් ඔහු වැළකෙයි. ඔවුනට ශාප කිරීම අත හැර දමයි. අල්ලාහ් පිළිබඳ තෘප්තියට පත් ව ඔහු කෙරෙහි ආදරය දක්වා ඔහුගේ තීන්දු තීරණ පිළි ගනී. ඔහු වෙත යහපත් අයුරින් නමැද ඔහුට අවනත ව කටයුතු කරයි. ඔහු ගැන හොඳ සිතුවිලි ඇති කර ගනී. ඔහුව මෙනෙහි කිරීමෙ හි තමන් ව නිරත කරවයි. ස්වර්ගය ලැබීමෙන් ජයග්‍රහණය ලබයි. නිරයෙන් මිදෙයි.

•    තාඝූත් හි ස්වරූපය
තාඝූත් යනු ගැත්තෙකු තම සීමාව ඉක්මවා නැමදුම් කරනු ලබන ගස් ගල් පිළිම වැනි දෑ ද සීමාව ඉක්මවා අනුගමනය කරනු ලබන හූනියම් කරුවන් මිථ්‍යා දෘෂ්ටික විද්වතුන් වැන්නන් ද සීමාව ඉක්මවා අවනත භාවයට ලක් වන අල්ලාහ් ට අවනත වීමෙන් දුරස් වූ නායකයන් හා ප්‍රධානීන් වැන්නන් ද වේ.
තාඝූත් බොහෝමයක් තිබුණ ද ඔවුන්ගෙන් ප්‍රධානතම කරුණු පහක් ඇත.
එනම් 1. ඉබ්ලීස් (ඔහුගෙන් අපව අල්ලාහ් ආරක්ෂා කරත්වා ! ) 2. තමන් පිළිගනිමින් ම නැමදුමට ලක් වන්නා 3. තමන් ට නැමදුම් කරන මෙන් ජනයාට ඇරයුම් කරන්නා. 4. අදෘශ්‍යමාන දෑ පිළිබඳ ව වාද කරන්නා. 5. අල්ලාහ් පහළ නොකළ දෑ ගෙන තීන්දු තීරණ ගන්නා.
1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි
اللَّهُ وَلِيُّ الَّذِينَ آمَنُوا يُخْرِجُهُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَالَّذِينَ كَفَرُوا أَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُمْ مِنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ
අල්ලාහ් විශ්වාස කළවුන්ගේ රක්ෂකයාය. අන්ධකාරයෙන් ආලෝකය ට ඔවුන් ව ඔහු ගෙන යන්නේය. ප්‍රතික්ෂේප කළවුන් ඔහුන්ගේ රක්ෂකයෝ වන්නේ තාඝූත්ය. ආලෝකයෙන් අන්ධකාරය ට ඔවුන් ව ඔවුහු ගෙන යන්නෝය. ඔවුන් ය නිරා ගින්නේ සගයින් වන්නේ. ඔවුහු එහි සදාකල් වෙසෙන්නෝ වෙති.                     (අල්-කුර්ආන් 2:257)
2-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි
أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُوا بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ يُرِيدُونَ أَنْ يَتَحَاكَمُوا إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُوا أَنْ يَكْفُرُوا بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَنْ يُضِلَّهُمْ ضَلَالًا بَعِيدًا
නුඹට පහළ කරනු ලැබූ (අල්-කුර්ආනය) හා නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ විශ්වාස කළවුන් යැයි හඟමින් සිටියවුන්(ආත්ම වංචනිකයින්)ව නුඹ නොදුටුවෙහි ද? තාඝූත් වෙත යොමු කිරීම ප්‍රතික්ෂේප කරන මෙන් අණ කරනු ලැබූ තත්වයේ ඔවුහු එකිනෙකා අතර විනිශ්චය සෙවීමට එය(තාඝූත්) වෙත යොමු කිරීමට ඔවුහු අදහස් කරති. ෂෙයිතාන් ඔවුන් ව අන්ත මංමුළාවකට පත් කිරීමට අදහස් කරයි.  (අල්-කුර්ආන් 4: 60)

 

3-    අල්-ඉබාදා
•    ඉබාදත් යන්නෙ හි තේරුම
ඉබාදත් යනු අල්ලාහ් කෙරෙහි ඇති ආදරය ගෞරවය හා යටහපත් භාවය හේතුවෙන් නැමදුම් ලබන්නට සුදුසු ඔහු කවර ක්‍රියාවක් අණ කළේ ද එම විෂයෙ හි ගැත්තා ඔහු ට අවනත වීම හෝ ඔහු විසින් තහනම් කළ දෑ අත හැරීමයි.
නැමදුමට සුදුස්සා වනුයේ අල්ලාහ් පමණ ය. ඔහු ට කිසිදු හවුල් කරුවෙකු නොමැත. ඉබාදත් යන්න කරුණු දෙකකට භාවිත කෙරෙයි.
පළමුවැන්න: අත්-තඅබ්බුද් හෙවත් නැමදුම. එනම් අල්ලාහ් ට ඇති ආදරය හා ගෞරවය හේතුවෙන් ඔහුට යටහත් පහත් භාවයෙන් ඔහු අණ කළ දෑ සිදු කර ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීමය.
දෙවැන්න: අල්-මුතඅබ්බදු බිහි හෙවත් නැමදුම් කරනු ලබන මාධ්‍යය. එනම් ප්‍රාර්ථනාව සලාතය දික්ර් වැනි අල්ලාහ් ප්‍රිය කරන ඔහු පිළිගන්නා බාහිර හා අභ්‍යන්තර සෑම වදනක් ම සෑම ක්‍රියාවක් ම ඇතුළත් වේ. උදාහරණයක් වශයෙන් සලාතය එක් නැමදුමකි. එහි ක්‍රියාව අල්ලාහ් ට නැමදීමය. එබැවින් අපි ඔහුට ඉතා යටහත් පහත් ව ඉතා ආදරයෙන් ගෞරවයන් නමදින්නෙමු. ඔහු දහම් ගත කරන ලද දෑ හැර වෙන කිසිවක් අපි නොනමදිමු.


උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි
فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا
එබැවින් කවරෙකු තම පරමාධිපති ව මුණ ගැසීමට ආශා කරන්නේ ද ඔහු දැහැමි ක්‍රියා කරත්වා ! තම පරමාධිපති ට නැමදුම් කිරීමෙහි කිසිවෙක් ආදේශ නොකරත්වා !
(අල්-කුර්ආන් 18:110)
•    ජින් හා මිනිසා මැවීමේ යථාර්ථය
ජින් හා මිනිසා යන දෙවර්ගය ම අල්ලාහ් කිසිදු අරමුණක් හෝ හේතුවක් නොමැතිව පුහු ලෙස නොමැව්වේය. ඔවුන් ව අනුභව කරන්නට පානය කරන්නට කෙළි ලොල් හි නිරත වන්නට සිනහ සී භුක්ති විඳීන්නට නොමැව්වේය. ඔහු ඔවුන් ව මැව්වේ උදාර අරමුණක් සඳහා ය. එනම් එම උදාර අරමුණ වනුයේ කිසිදු ආදේශයකින් තොර ව ඔහු ව පමණක් නැමද ඔහු හැර සෙසු සියලු දෑ නැමදීමෙන් වැළකී ඔහු ට ගරු බුහුමන් කොට ඔහු ව අති උත්කෘෂ්ටත්වයට පත් කොට ඔහුගේ නියෝගයන් පිළිපැද ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහු පැන වූ සීමාන් තුළ ස්ථාවර ව සිටීමය.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි
وَمَا خَلَقْتُ الْجِنَّ وَالْإِنْسَ إِلَّا لِيَعْبُدُونِ، مَا أُرِيدُ مِنْهُمْ مِنْ رِزْقٍ وَمَا أُرِيدُ أَنْ يُطْعِمُونِ، إِنَّ اللَّهَ هُوَ الرَّزَّاقُ ذُو الْقُوَّةِ الْمَتِينُ
ජින් හා මනුෂ්‍ය වර්ගයා මා නැමදීමට මිස නොමැව්වෙමි. ඔවුන්ගෙන් මම කිසිදු සම්පතක් අපේක්ෂා නොකරමි. තවද ඔවුන් මා පෝෂණය කළ යුතු යැයි මම අපේක්ෂා නොකරමි. සැබැවින් ම ඔහු පෝෂණය ලබා දෙන්නාය. ස්ථිර බලයෙන් යුක්තය.                         (අල්-කුර්ආන් 51:56,58)
එසේ ඔවුන් කළ විට මෙලොවෙ හි සතුටින් ඔවුන් ජීවත් වනු ඇත. ස්වර්ගයේ ද ජයග්‍රහණය ලබනු ඇත. එමෙන් ම අල්ලාහ් ඔවුන ට ප්‍රතිඥා කළ පරිදි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔහු ට සමීප ව සිටිනු ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි
إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ ، فِي مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِيكٍ مُقْتَدِرٍ .
සැබැවින් ම බිය භක්තිකයින් (ස්වර්ග) උයන් හි හා ගංගාවන්හි ය. සර්ව බලධාරී රජු අබියස වූ සත්‍යය නවාතැනෙහි ය.                            (අල්-කුර්ආන් 54:54,55)

•    නැමදුමෙහි යථාර්ථය
අල්ලාහ්ගේ නියෝගයන් පිළිපැදීම ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම මෙය අති උත්කෘෂ්ට අල්ලාහ් කෙරෙහි වූ විශ්වාසය ගොඩ නැගීමකි එමෙන් ම රජවරුගෙන් මහා රජාණන් වූ  මැවුම්කරුගේ උත්තරීතරභාවය පිළිබඳ ව තම හදවතෙහි සදා සිතුවිලි ඇති  කර ගැනීම. එසේ සිදු කළ යුත්තේ අධික වශයෙන් ඔහු ව මෙනෙහි කිරීමෙන් ඔහුට කෘතවේදී වෙමින් ඔහුගේ සාධක හා මැවීම් පිළිබඳ සිතා බැලීමෙනි.
සිත් තුළ අල්ලාහ් පිළිබඳ මෙම සිතුවිල්ල සදා පවත්වා ගැනීමටත් මූලික පදනම හා යථාර්ථය සදා පවත්වා ගැනීමටත් අඛණ්ඩ ව ඉටු කරනු ලබන දික්ර් හෙවත් මෙනෙහි කිරීම් හා නිතර දෙවේලේ ඉටු කරන අමල් හෙවත් ක්‍රියාදාමයන් ආගමානුගත කර ඇත. එයයි නැමදුම වන්නේ. දේව විශ්වාසය වර්ධනය වූ විට එය බලවත් වූ විට දේව විශ්වාසයෙන් හදවත ප්‍රභාමත් වනු ඇත. තම වදන් ක්‍රියාවන් හා ගතිපැවතුම් යහපත් වී ඒවා වැඩෙනු ඇත. එමෙන්ම පරමාධිපති ද එය පිළිගනු ඇත. එලෙස මෙලොවෙ හි හා මතුලොවෙ හි යහපත් ජීවිතයක් ගත කිරීමට ජයග්‍රහණය ලබමින් ඔහුගේ සියලු තත්ත්වන් යහපත් වනු ඇත. දේව විශ්වාසය නොමැති නම් හෝ එහි අඩුවක් වී නම් හෝ ඔහුගේ ක්‍රියාවන් නපුරු වනු ඇත. ඔහුගේ තත්ත්වයන් ව්‍යසනයට පත් වනු ඇත. පරමාධිපති ඔහු කෙරෙහි කෝප වනු ඇත. පසුව ඔහුට දඬුවම් නියම වනු ඇත.

1-
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اذْكُرُوا اللَّهَ ذِكْرًا كَثِيرًا ، وَسَبِّحُوهُ بُكْرَةً وَأَصِيلًا ، هُوَ الَّذِي يُصَلِّي عَلَيْكُمْ وَمَلَائِكَتُهُ لِيُخْرِجَكُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَكَانَ بِالْمُؤْمِنِينَ رَحِيمًا .
විශ්වාස කළවුනි, නුඹලා අධික මෙනෙහි කිරීමකින් අල්ලාහ් ව මෙනෙහි කරවු. තවද නුඹලා උදේ සවස ඔහු ව පිවිතුරු කරවු. අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත නුඹලා ව පිට කිරීම පිණිස ඔහු නුඹලා වෙත ආශිර්වාද කළේය. තවද මලක්වරු  ද (ඒ වෙනුවෙන් ප්‍රාර්ථනා කළෝය.) තවද ඔහු විශ්වාස වන්තයින් කෙරෙහි කරුණාභරිතය.         (අල්-කුර්ආන් 33:41-43)
2-
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى آمَنُوا وَاتَّقَوْا لَفَتَحْنَا عَلَيْهِمْ بَرَكَاتٍ مِنَ السَّمَاءِ وَالْأَرْضِ وَلَكِنْ كَذَّبُوا فَأَخَذْنَاهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ
සැබැවින් ම ගම්මානයන් හි වැසියන් විශ්වාස කොට බිය භක්තිමත් වූයේ නම් අහසින් හා මිහිතලයෙන් වූ සමෘද්ධිය අප ඔවුනට විවෘත කර දෙන්නට තිබුණි. නමුත් ඔවුහු අසත්‍ය කළෝය. ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් අපි ඔවුන් ව ග්‍රහණය කළෙමු.                     (අල්-කුර්ආන් 7:96)
•    ඉබාදත් හෙවත් නැමදුම් හි ප්‍රධාන අංගයන්
උත්තරීතර අල්ලාහ් ට නැමදුම් කිරීම ප්‍රධාන අංග තුනකින් සිදු වේ.
එනම් අල්ලාහ් කෙරෙහි පෙන්වන ආදරය...
ඔහු කෙරෙහි යහපත් බලාපොරොත්තු තැබීම...
ඔහු කෙරෙහි වූ බිය ...  යන ප්‍රධාන අංගයන් වේ.
1.    අල්ලාහ් කෙරෙහි දක්වන ආදරය...
මෙය මූලික අංග අතුරින් ඉතා වැදගත් ම අංගයයි. අල්ලාහ් ව නිවැරදි ව හඳුනා ගැනීමෙන් ද ඔහුගේ නාමයන් හා උදාර ගුණාංගයන් පිළිබඳ දැන ගැනීමෙන් ද ඔහුගේ මැවීම් වලට පිරිනමා ඇති භාග්‍යයන් හා උපකාරයන් පිළිබඳ දැන ගැනීමෙන් ද අල්ලාහ් කෙරෙහි දැක්විය යුතු ආදරය බිහි වනු ඇත.
ගැත්තා ට තම පරමාධිපති පිළිබඳ ව දැනුම වැඩි වන සෑම විටකම ඔහු කෙරෙහි වූ ආදරය ද වර්ධනය වෙයි. ඔහුට අධික වශයෙන් ගරු බුහුමන් කරයි. ඔහුට අවනත වී ක්‍රියා කරයි. පරමාධිපතිගේ ආදරය තම ගැත්තා කෙරෙහි අධික වෙයි. අල්ලාහ් කෙරෙහි වූ පරිපූර්ණ ආදරය පිහිටනුයේ ගැත්තා ඔහුට පූර්ණ ලෙස අවනත වීමෙනි.
ගැත්තා තම පරමාධිපතිට අවනතව ක්‍රියා කරන සෑම විටකම ඔහුගේ අවනතභාවයේ ප්‍රමාණයට අනුව අල්ලාහ්ගේ ආදරය ඔහු කෙරෙහි අධික වනු ඇත.
ගැත්තා තම පරමාධිපතිට පිටුපා ක්‍රියා කරන සෑම විටකම ඔහුගේ පිටුපෑමට අනුව හා ඔහු අවනත වීමෙන් දුරස් වන ප්‍රමාණයට අනුව ඔහු කෙරෙහි අල්ලාහ් තබා ඇති ආදරය ද අඩු වී යනු ඇත.
අල්ලාහ් පිළිබඳ අවබෝධය අඩු වී යන සෑම විටකම අල්ලාහ් වෙත නැමදුම් කිරීමෙන් ඈත් වී පිටුපෑම අධික වනු ඇත. ඔහුට අවනත වීමෙන් දුරස් වී පිටුපෑම අධික වීම හේතුවෙන් ගැත්තාගේ හදවත තුළ පවතින අල්ලාහ් කෙරෙහි වූ ආදරය හීන වී යනු ඇත. එවිට නැමදුම් ඉටු කිරීමේ ආශාව නැති වී යයි. ෂෙයිතාන් ඔහු කෙරෙහි බලය යොදවයි. ඔහු නැමදුම් ඉටු කළ ද තම පරමාධිපති කෙරෙහි වූ මතකයෙන් ඉවත් ව නොසැලකිලිමත් භාවයෙන් කටයුතු කරයි. පාපයන් කිරීමට පෙලඹෙයි. නැමදුම් කිරීම මහා බරක් ලෙස ඔහුට දැනෙයි.
අල්ලාහ්ගේ නාමයන් ගුණාංගයන් හා ක්‍රියාවන් පිළිබඳ අවබෝධය ඔහුගේ දයාදයන් පිළිබඳ දැනුම ලොවෙහි ඇති සාධක කෙරෙහි හා අල්-කුර්ආන් වැකි කෙරෙහි නිතර තම අවධානය යොමු කිරීම  පැවරුණු වගකීම් ඉටු කිරීම  තහනම් දැයින් වැළකී සිටීම අතිරේක නැමදුම් වල අධික ව නිරත වීම යනාදිය අල්ලාහ් කෙරෙහි වූ ආදරය ගැත්තාගේ හදවතෙහි ශක්තිමත් කරලීමට ඉවහල් වන වැදගත් අංගයන් වේ.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
فَاعْلَمْ أَنَّهُ لَا إِلَهَ إِلَّا اللَّهُ وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ وَاللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَاكُمْ
එබැවින් සැබැවින් ම අල්ලාහ් හැර අන් දෙවිඳෙකු නොමැති බව දැන ගනිවු. නුඹගේ ද විශ්වාස වන්තයින්ගේ ද පාපයන් සඳහා පාප ක්ෂමාව අයැදිවු. නුඹලා (දහවල් කාලයේ) නිරත වන ස්ථානය හා නුඹලා (රාත්‍රි කාලයේ) ලැඟුම් ගන්නා ස්ථානය අල්ලාහ් (මැනවින්) දන්නේය.      (අල්-කුර්ආන් 47:19)
මෙලෙස තම පරමාධිපතිව නියම ස්වභාවයෙන් හඳුනා ගැනීම මුස්ලිම් වරයෙකුට අනිවාර්යය වේ. මූලික වශයෙන් පරමාධිපති පිළිබඳ එසේ හඳුනා ගෙන ඔහු නැමදුම් ඉටු කළ යුතුය. අල්ලාහ් ප්‍රිය කරන ඔහු තෘප්තියට පත් වන සියලු ආකාරයේ නැමදුම් ඉටු කිරීමට ආශාව ඇති කර ගත යුතුය. අල්ලාහ් පිළිකුල් කරන සියලු ආකාරයේ පාපයන්ගෙන් ඉවත් ව ඒවා පිළිකුල් කළ යුතුය.
2.    ඔහු කෙරෙහි යහපත් බලාපොරොත්තු තැබීම...
එනම් අල්ලාහ්ගේ තෘප්තිය ඔහුගෙන් ලැබෙන වේතනය ඔහුගේ කරුණාව ඔහුගේ සමාව හා ඔහු ලබා දෙන ස්වර්ගය පිළිබඳ බලාපොරොත්තුවයි.
එසේ බලාපොරොත්තු තැබීම තුන් ආකාරයකින් සිදු වේ.
1-    අල්ලාහ් ට අවනත වීම තුළින් ඉටු කරන තම ක්‍රියාව අල්ලාහ් පිළි ගනු ඇත. ඒ සඳහා ජයග්‍රාහී ස්වර්ගය ඔහුට පිරිනමනු ඇත. නිරයෙන් මිදෙනු ඇත. යන්නෙන් බලාපොරොත්තු තැබීම.
2-    කෙනෙකු පාපයක් කර පසුව පශ්චාත්තාප වී තමන් කළ පාපයට අල්ලාහ් සමාව දෙනු ඇත. එය නොසලකා හරිනු ඇත. ඒ වෙනුවෙන් යහපත ලබා දෙනු ඇත. යන්නෙන් බලාපොරොත්තු තැබීම.
මෙම කොටස් දෙක ප්‍රශංසාවට ලක් වූ එමෙන් ම අගමික වශයෙන් අණවන ලැබූ කරුණුය.  
3-    පාපකාරී ක්‍රියාවන් හි නිරත ව තම වගකීම් පැහැර හැරීමෙහි හා තහනම් දෑහි නිරත වීමෙහි මුරණ්ඩුකම්පාන අයෙකුගේ බලාපොරොත්තුව. ඔහු එසේ කටයුතු කිරීමත් සමඟ අල්ලාහ්ගේ කරුණාව ද බලාපොරොත්තු වෙයි.
මෙය වංචා සහගත එමෙන්ම නින්දා සහගත බොරු අපේක්ෂාවකි. ආශාවකි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا
කවරෙකු තම පරමාධිපති හමුවීම අපේක්ෂා කළේ ද ඔහු දැහැමි ක්‍රියාවන් කරත්වා ! තම පරමාධිපතිට නැමදුම් ඉටු කිරීමෙහි කිසිවෙකු ආදේශ නොකරත්වා !  (අල්-කුර්ආන් 18:110)
3- අල්ලාහ් කෙරෙහි වූ බිය
කවරෙකු අල්ලාහ් පිළිබඳ මැනවින් අවබෝධ කර ගත්තේ ද ඔහු තම පරමාධිපති කෙරෙහි අධික ලෙස බිය වන්නෙකු වෙයි.
පැසසුමට ලක් වන බිය යනු ගැත්තා අතර හා තම පරමාධිපති ට  පිටුපෑම අතර සිදු වන්නා වූ වාතාවරණයකි. අල්ලාහ් අති කීර්තිය. සර්වබලධාරීය.
බිය යනු අල්ලාහ්ගෙන් ඇති වන්නකි. එම බිය හට ගනුයේ ඔහුගේ නාමයන් ගුණාංගයන් හා ක්‍රියාවන් පිළිබඳ මනා අවබෝධය ලබා ගැනීමෙන් ගැත්තාගේ දුර්වලතාව අවබෝධ කර ගැනීමෙන් ඔහුට පිටුපාන්නන් හට ප්‍රතිඥා කළ දඬුවම් පිළිබඳ දැන ගැනීමෙන් හා එවන් අයට ඔහු දැඩි දඬුවම් සූදානම් කර ඇති බව වටහා ගැනීමෙන් ය.
ගැත්තා තම පරමාධිපති කෙරෙහි තබා ඇති විශ්වාසය බලවත් වී ඔහුගේ දඬුවම් සත්‍ය බව තරයේ විශ්වාස කර ඔහුට පිටු පාන්නන් හට ඔහුගේ දඬුවම ඉතා දැඩි බව අවබෝධ කර ගන්නා සෑම විටකම අල්ලාහ් කෙරෙහි වූ බිය ද ඔහුගේ දඬුවම කෙරෙහි වූ බිය ද දැඩි වෙයි.   
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَلِلَّهِ يَسْجُدُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ مِنْ دَابَّةٍ وَالْمَلَائِكَةُ وَهُمْ لَا يَسْتَكْبِرُونَ ، يَخَافُونَ رَبَّهُمْ مِنْ فَوْقِهِمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ
ප්‍රාණීන්ගෙන් අහස් හි ඇති දෑ ද මිහිතලයේ ඇති දෑ ද තවද මලක්වරු ද අල්ලාහ්ට සුජූද් කරති. ඔවුහු උඩඟු නොවෙති. ඔවුනට ඉහළින් ඔවුන්ගේ පරමාධිපතිට ඔවුහු බිය වෙති. ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු කරති.     (අල්-කුර්ආන් 16: 49, 50)
එබැවින් මුස්ලිම්වරු අල්ලාහ් වෙත ආදරය දක්වා ඔහුට ගරු බුහුමන් කරමින් ඔහු ලබා දෙන කුසල් පිළිබඳ යහපත් අපේක්ෂාවෙන් ඔහුගේ දඬුවමට බියෙන් ඔහුව නැමදීම අනිවාර්යය වෙයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
أَمَّنْ هُوَ قَانِتٌ آنَاءَ اللَّيْلِ سَاجِدًا وَقَائِمًا يَحْذَرُ الْآَخِرَةَ وَيَرْجُو رَحْمَةَ رَبِّهِ قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِ.
පරමාන්ත දිනය ගැන බිය වී තම පරමාධිපතිගේ දයාලු භාවය අපේක්ෂාවෙන් රාත්‍රී කාලයේ අවදි ව සුජූද් කරමින් හා සිට ගනිමින් නමදින මොහු (එසේ නොකරන අයට සමාන) වේ ද (නබිවරය) දැනුම ඇත්තන් හා දැනුම නැත්තන් සමාන වේ දැයි පවසවු. සැබැවින් ම මෙනෙහි කරනුයේ අවබෝධය ඇත්තන්ම ය.     
(අල්-කුර්ආන් 39: 9)
•    ඉබාදත් හෙවත් නැමදුමෙ හි කොටස්
ඉබාදත් යනු අභ්‍යන්තර හා බාහිර ක්‍රියාකාරකම් හා ප්‍රකාශයන් අතුරින් අල්ලාහ් ප්‍රිය කරන ඔහු තෘප්තියට පත් වන සියලු දෑ සඳහා භාවිත කරන පොදු නාමයකි.
මෙම පොදු නාමය ගැබ් ව ඇති අදහස අනුව නැමදුම කොටස් දෙකකට බෙදේ.


පළමුවැනි කොටස
අල්-ඉබාදාත් අල්-මුහල්ලා හෙවත් ඍජු ව පිවිතුරු ලෙසින් ඉටු කරන නැමදුම් ය. එනම් ප්‍රාර්ථානා කිරීම දික්ර් කිරීම සලාතය උපවාසය බිය අපේක්ෂාව හා අල්ලාහ් ආගමානුග කළ නැමදුම් අතුරින් අල්ලාහ් හැර වෙනත් කෙනෙකු වෙතු යොමු කළ නොහැකි සෙසු සියලුම නැමදුම් ය.
ඍජු ව පිවිතුරු ලෙසින් ඉටු කරන නැමදුම ද කොටස් දෙකකට බෙදේ.
1-     සිත හා සම්බන්ධ නැමදුම්. එය වර්ග දෙකකි.
1.    සිත පිළිගැනීම. එනම් නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නොමැති බවත් ඔහු හැර වෙනත් කිසිවෙකු නැමදුම් ලබන්නට සුදුසු නොවන බවත් ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැති බවත් හදවත පිළිගනිමින් අල්ලාහ් හා ඔහුගේ මලක්වරුන් ද ඔහු විසින් පහළ කළ පුස්තක ද ඔහුගේ ධර්ම දූතයින්ව ද අවසන් දිනය ද හොද හා නරක සියල්ල ඉරණම අනුව සිදු වන බව ද මේ හා සම්බන්ධ සෙසු කරුණු පිළිබඳව ද විශ්වාස කිරීමයි.
2.    සිතෙහි ක්‍රියාකාරීත්වය. එනම් අල්ලාහ් ට ආදරය කිරීම ඔහු කෙරෙහි ගරු බුහුමන් කිරීම ඔහු වෙත සියල්ල භාර කිරීම ඔහු වෙත යටහත් පහත් ව නැඹුරු වීම ඔහු විසින් පිරිනමන කුසල් බලාපොරොත්තු වීම ඔහුගේ දඬුවම ගැන බිය වීම ඔහු වෙනුවෙන් කරන කටයුතු ඉහ්ලාස් හෙවත් චිත්තපාරිශුද්ධ භාවයෙන් ඉටු කිරීම ඔහුගේ විධානයන් කෙරෙහි ඉවසීමෙන් කටයුතු කිරීම ඔහු තහනම් කළ දැයින් වැළකී සිටීම තම හැකියාවට අනුව ඉවසීමෙන් කටයුතු කිරීම වැනි දෑය.  
2-    ශරීරය හා සම්බන්ධ නැමදුම් එය ද කොටස් දෙකකි. එනම්
1.    ප්‍රකාශ හා සම්බන්ධ නැමදුම්. ඒවා අතුරින් ෂහාදා කලිමාව තෙපලීම අල්ලාහ් ව මුවින් මෙනෙහි කිරීම අල්ලාහු අක්බර් යනුවෙන් පවසා ඔහුව ශ්‍රේෂ්ඨත්වයට පත් කිරීම සුබ්හානල්ලාහ් යනුවෙන් පවසා ඔහුව පිවිතුරු කිරීම අල්හම්දු ලිල්ලාහ් යනුවෙන් පවසා ඔහුට ප්‍රශංසා කිරීම අල්-කුර්ආනය කියවීම ප්‍රාර්ථනා කිරීම අල්ලාහ් වෙත ඇරයුම් කිරීම යහපත විධානය කිරීම අයහපත වළක්වාලීම උපදෙස් දීම ආගමික දැනුම හැදෑරීම වැනි දෑ අන්තර්ගතය.
2.    ක්‍රියාකාරකම් සම්බන්ධ නැමදුම්. ඒවා අතුරින් සලාතය උපවාසය හජ් හා උම්රා ජිහාද් දැනුම සෙවීම සzකාත් සදකා සත්ව කැපකිරීම භාරවීම් වැනි දෑ අන්තර්ගතය.
දෙවන කොටස
අල්-ඉබාදාත් ගයිරුල් -මුහල්ලා හෙවත් ඍජු නැමදුමක් නොවන දෑ
එනම් මූලික නැමදුමක් වශයෙන් ආගමානුගත නොකළ ප්‍රකාශයන් හා ක්‍රියාවන් වුව ද ඒවා දැහැමි චේතනාව තුළින් අල්ලාහ් වෙනුවෙන් කළේ නම් නැමදුමක් වශයෙන් පරිවර්තනය වනු ඇත.
අල්-ඉබාදාතුල් මුහල්ලා හෙවත් ඍජු නැමදුමක් නොවන දෑ කොටස් තුනකට බෙදේ.  
පළමුවැන්න: වාජිබාත් හෙවත් වගකීම් හා මුස්තහබ්බාත් හෙවත් සතුටු දායක දෑ ඉටු කිරීම එනම් දෙමව්පියන්ට උවටැන් කිරීම ඥාතී සම්බන්ධතාවන් රැකීම ජනයා අතර සමගිය ඇති කිරීම බිරියට පවුලට ඥාතීන්ට වියදම් කිරීම ආගන්තුක සත්කාරය ණය ලබා දීම පරිත්‍යාගයන් කිරීම වැනි දෑ උදාහරණ වශයෙන් පෙන්වා දිය හැක.
මුස්ලිම්වරයෙකු අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් මේවා ඉටු කරන්නේ නම් එය නැමදුමක් බවට පරිවර්තනය වී එය ඉටු කළ පුද්ගලයාට කුසල් හිමි කර දෙන්නක් බවට පත් වේ.
දෙවැන්න: අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් මුහර්රමාත් හෙවත් තහනම් දෑ හා මක්රූහාත් හෙවත් පිළිකුල් සහගත දෑ අතහැර දැමීම. උදාහරණ වශයෙන් අවලාද හා කේලාම් පැවසීමෙන් වැළකීම පොලිය දුරාචාරය සොරකම වංචාව වැනි අශීලාචාර ගතිපැවතුම් වලින් වැළකීම.
මුස්ලිම්වරයෙකු අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් ද කුසල් බලාපොරොත්තුවෙන් ද එයින් ඇති වන දඬුවමට බියෙන් ද අල්ලාහ්ගේ නියෝගයට අවනත වෙමින් ද මෙවැනි අශීලාචාර දෑ අත හැර දමන්නේ නම් එසේ අත හැර දැමීම නැමදුමක් බවට පරිවර්තනය වන අතර එසේ අත හරින්නාට ඒ වෙනුවෙන් කුසල් ද හිමි වනු ඇත.
තුන්වැන්න: අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් අනුමත කරනු ලැබූ දෑ ඉටු කිරීම. ගනු දෙනු, ව්‍යාපාර, ආහාර ගැනීම නින්දට යෑම වැනි දෑ ද මේවා හැර අනුමත කරනු ලැබූ සෙසු ක්‍රියාවන් ද ඉටු කිරීම. මුස්ලිම්වරයෙකු අල්ලාහ්ගේ තෘප්තිය පතා මෙවන් ක්‍රියාවන් ඉටු කළේ නම් එම ක්‍රියාවන් කුසල් රැස් කර දෙන නැමදුමක් බවට පත් වනු ඇත.

1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا
කවරෙකු තම පරමාධිපති හමුවීම අපේක්ෂා කළේ ද ඔහු දැහැමි ක්‍රියාවන් කරත්වා ! තම පරමාධිපතිට නැමදුම් ඉටු කිරීමෙහි කිසිවෙකු ආදේශ නොකරත්වා !     (අල්-කුර්ආන් 18:110)
2-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
لَا خَيْرَ فِي كَثِيرٍ مِنْ نَجْوَاهُمْ إِلَّا مَنْ أَمَرَ بِصَدَقَةٍ أَوْ مَعْرُوفٍ أَوْ إِصْلَاحٍ بَيْنَ النَّاسِ وَمَنْ يَفْعَلْ ذَلِكَ ابْتِغَاءَ مَرْضَاةِ اللَّهِ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا
ඔවුන්ගේ රහස් කථා අතුරින් බොහෝමයක යහපත නැත. දන්දීම හෝ යහකම් කිරීම හෝ ජනයා අතර සමථය ඇති කිරීම පිළිබඳ ව හෝ විධානය කරන්නෙකු මිස කවරෙකු එය අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් කරන්නේ ද අපි ඔහුට මතුව ට මහඟු ප්‍රතිඵල ලබා දෙන්නෙමු.         (අල්-කුර්ආන් 4:114)

3-    
وَعَنْ عُمَرَ رَضِيَ اللهُ عَنْهُ قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ "إِنَّمَا الْأَعْمَالُ بِالنِّيَّاتِ وَإِنَّمَا لِكُلِّ امْرِئٍ مَا نَوَى فَمَنْ كَانَتْ هِجْرَتُهُ إِلى الله وَرَسُوْلِهِ فَهِجْرَتُهُ إِلَى اللهِ وَرَسُوْلِهِ، وَمَنْ كَانَتْ هِجْرَتُهُ لِدُنْيَا يُصِيبُهَا أَوْ إِلَى امْرَأَةٍ يَنْكِحُهَا فَهِجْرَتُهُ إِلَى مَا هَاجَرَ إِلَيْهِ" (متفق عليه)
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා පැවසූ බව උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සියලු ක්‍රියාවන් චේතානව අනුව (එහි ප්‍රතිඵල) පිහිටයි. සෑම කෙනෙකුටම ඔහු චේතනා කළ දෑ හිමි වනු ඇත. එබැවින් කවරෙකුගේ හිජ්රතය අල්ලාහ් වෙනුවෙන් හා ඔහුගේ රසූල් වෙනුවෙන් පිහිටියේ ද එවිට ඔහුගේ හිජ්රතය අල්ලාහ් වෙනුවෙන් හා ඔහුගේ රසූල් වෙනුවෙන් පිහිටනු ඇත. තවද කවරෙකුගේ හිජ්රතය ලොව හිමි කර ගැනීම වෙනුවෙන් හෝ කාන්තාවක් විවාහ කර ගැනීම වෙනුවෙන් පිහිටියේ ද එවිට ඔහුගේ හිජ්රතය කවර දෙයක් වෙත ඉටු කළේ ද ඒ කෙරෙහි පිහිටනු ඇත.              (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

•    නැමදුම් කිරීමෙහි මාධ්‍යය
උත්තරීතර අල්ලාහ් ට නැමදුම් ඉටු කිරීම මූලික වශයෙන් වැදගත් කරුණු දෙකක් මත ගොඩ නැගී ඇත.
උත්තරීතර අල්ලාහ් ට මුළුමණින්ම ආදරය කිරීම...
ඔහුට සම්පූර්ණයෙන් ම යටහත් වීම...
මෙම මූලික කරුණු දෙක තවත් මූලික කරුණු දෙකක් මත ගොඩ නැගී ඇත. එනම්
අල්ලාහ්ගේ පිළිවෙත ඔහුගේ භාග්‍යය ඔහුගේ උපකාරය හා ආදරය බල කෙරෙනු ලබන ඔහුගේ කරුණාව දැකීම.
තමන්ගේ අඩුපාඩු හා සර්ව බලධාරී අල්ලාහ් ට මුළුමණින්ම යටහත් වීමට උරුම වූ ක්‍රියාවන් හි අඩුපාඩු තමන් තුළ දැකීම.
ගැත්තා තම පරමාධිපති වෙත පිවිසීමට ඇති සමීපතම දොරටුව වනුයේ උත්තරීතර කීර්තිමත් පරමාධිපති වෙත පෙන්වන යටහත් පහත් භාවයයි. එවිට ගැත්තා තම ආත්මය අලාභ විඳින්නක් ලෙසම දකිනු ඇත. තමන් වෙනුවෙන් වූ යම් කිසි තත්ත්වයක් හෝ ස්ථානයක් හෝ ඊට බැඳුණු හේතුවක් හෝ නොදකියි. උපාකර පතන අතුරු මාධ්‍යයක් නොදකියි. නමුත් තමන්ගේ සම්පූර්ණ අවශ්‍යතාවන් අල්ලාහ් වෙත පමණක් ඇති බවත් ඔහුගෙන් වෙන් වූ විට අලාභයට පත් ව විනාශ වී යන බවත් දැක ගනී.
1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللَّهِ ثُمَّ إِذَا مَسَّكُمُ الضُّرُّ فَإِلَيْهِ تَجْأَرُونَ
නුඹලා සමඟ වූ සෑම භාග්‍යයක් ම අල්ලාහ්ගෙන්මය. පසුව නුඹලාට හානිය වෙළා ගත් විට ඔහු වෙතම නුඹලා පැමිණිලි කරන්නෙහුය.             (අල්-කුර්ආන් 16:53)
2-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا النَّاسُ أَنْتُمُ الْفُقَرَاءُ إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
ජනයිනි, නුඹලා අල්ලාහ් වෙත අවශ්‍යතාවන් ඇත්තන්ය. තවද අල්ලාහ් ඔහුය සර්ව සම්පූර්ණ සර්ව ප්‍රශංසාලාභී වන්නේ.                     (අල්-කුර්ආන් 35:15)
•    නැමදුම් හි පරිපූර්ණ මිනිසුන්
නැමදුම් හි පරිපූර්ණ මිනිසුන් වනුයේ නබි වරුන් හෙවත් වක්තෘවරුන් හා රසූල්වරුන් හෙවත් ධර්ම දූතයින් ය. එය ඔවුන් අල්ලාහ් හා ඔහුගේ නාමයන් ඔහුගේ ගුණාංගයන් ඔහුගේ ක්‍රියාවන් ඔහුගේ භාග්‍යයන් ඔහුගේ ප්‍රතිඥාවන් හා ඔහු ප්‍රතිඥා කළ දෑ පිළිබඳ මනා අවබෝධයක් ලබා තිබුණු හෙයිනි. එමෙන්ම අල්ලාහ් ට ආදරය කිරීමෙහි ද ඔහුට ගරු බුහුමන් කිරීමෙහි ද අති මහත් ලෙස නිරත වූ හෙයිනි. පසුව අල්ලාහ් ඔවුන් ව ජනයා වෙත එවා ඔවුන්ගේ භාග්‍යය අධික කළේය. එමගින් ඔවුනට දූතත්වයේ භාග්‍යයත් අවංකව නැමදීමේ භාග්‍යයක් හිමි විය.
පසුව සිද්දීකීන් හෙවත් සත්‍යවාදීන්ය. ඔවුන් අල්ලාහ් හා ඔහුගේ රසූල්වරයාව සම්පූර්ණයෙන්ම සත්‍යය කළ අය වේ. තවද අල්ලාහ්ගේ නියෝගයන් පිළිපැදීමෙහි ස්ථාවරව සිටියහ.
පසුව ෂුහදාවරුන් හෙවත් දිවි පිදූවන්. ඔවුහු සත්‍යය සඳහා දිවි පිදූහ. ඔවුන්ගේ ජීවිත සත්‍යය වෙනුවෙන්ම කැප කළහ.
පසුව සාලිහූන් හෙවත් දැහැමියන්. ඔවුන් ඔවුන්ගේ ක්‍රියාවන් දැහැමි ලෙස ඉටු කළවුන්ය.
කවරෙකු අභිමත කරන්නේ ද ඔහු වෙනුවෙන් ගෞරවයේ දොරටු විවෘත ව පවතී.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَمَنْ يُطِعِ اللَّهَ وَالرَّسُولَ فَأُولَئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ وَحَسُنَ أُولَئِكَ رَفِيقًا
අල්ලාහ්ටත් රසූල්වරයාටත් කවරෙකු අවනත වන්නේ ද ඔවුහු නබි වරුන් සිද්දීක්වරුන්(සත්‍යවාදීන්) ෂහීද්වරුන්(දිවි පිදූවන්) දැහැමියන් අතුරින් අල්ලාහ් කවරෙකුට ආශිවාර්ද කළේ ද ඔවුන් සමඟ වූවෝය. මිතුදම් පෑමෙන් ඔවුහු යහපත් අයයි.                             (අල්-කුර්ආන් 4: 69)
•    අල්ලාහ් සම්බන්ධ ව ගැත්තන් කෙරෙහි පැවරුණු වගකීම්
අල්ලාහ් සම්බන්ධ ව අහස් වැසියන් හා පොළො වැසියන් කෙරෙහි පැවරුණු වගකීම වනුයේ ඔහු ව නැමද කිසිවකින් ඔහුට ආදේශ නොකිරීමය.
එබැවින් ඔහු අවනත භාවයට ලක් විය යුතු අතර පිටුපානු නොලැබිය යුතුය. ඔහු ව සිහිපත් කරනු ලැබිය යුතු අතර අමතක කරනු නොලැබිය යුතුය. කෘතඥ පූර්වක භාවයට ලක් විය යුතු අතර ප්‍රතික්ෂේප කරනු නොලැබිය යුතුය. මෙලෙසය ඔහු නැමදුමට සුදුසුකම් ලබන එකීයය වන්නේ.
නොහැකියාවෙන් හෝ අඥාන කමින් හෝ වැරදීමකින් හෝ අඩුපාඩුවකින් හෝ යමෙකු කුමක් සඳහා ඔහු ව මවනු ලැබුවේ ද එම අරමුණට පටහැනිව කටයුතු කරන්නේ නම් එවිට අපි සියලු පාපයන්ගෙන් හා වැරදි වලින් අල්ලාහ්ගෙන් පාප ක්ෂමාව අයැදිමු. ඔහු වෙත පශ්චාත්තාප වී යොමු වෙමු.
එබැවින් අල්ලාහ් තම අහස් වැසියන්ට හා පොළෝ වැසියන්ට යම් ආකාරයක දඬුවමක් කරන්නේ නම් එය ඔවුනට අයුක්ති සහගත ලෙස ලබා නොදෙනු ඇත. හේතුව ඔවුන් සියල්ලෝම ඔහුගේ පාලිතයින් වන බැවිනි. අල්ලාහ් ඔවුන ට කරුණාව දැක්වූයේ නම් ඔවුන් කරන ක්‍රියාවන්ට වඩා එය ඔවුන ට වඩා යහපත් වෙයි. ඔහු ගෞරවනීයය. ඔහුට අනිවාර්යය නොවන නමුත් ඔහු වෙනුවෙන් තම ගැත්තන් ඉටු කළ යුතු දෑ අල්ලාහ් ඔහුගේ ගැත්තන් හට අනිවාර්යය කර ඇත.
1-    
عَنْ مُعَاذٍ بن جبل رَضِيَ اللَّهُ عَنْهُ قَالَ كُنْتُ رِدْفَ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَلَى حِمَارٍ يُقَالُ لَهُ عُفَيْرٌ فَقَالَ : "يَا مُعَاذُ هَلْ تَدْرِي حَقَّ اللَّهِ عَلَى عِبَادِهِ وَمَا حَقُّ الْعِبَادِ عَلَى اللَّهِ؟" قُلْتُ : اللَّهُ وَرَسُولُهُ أَعْلَمُ قَالَ : "فَإِنَّ حَقَّ اللَّهِ عَلَى الْعِبَادِ أَنْ يَعْبُدُوهُ وَلَا يُشْرِكُوا بِهِ شَيْئًا وَحَقَّ الْعِبَادِ عَلَى اللَّهِ أَنْ لَا يُعَذِّبَ مَنْ لَا يُشْرِكُ بِهِ شَيْئًا" فَقُلْتُ "يَا رَسُولَ اللَّهِ أَفَلَا أُبَشِّرُ بِهِ النَّاسَ قَالَ لَا تُبَشِّرْهُمْ فَيَتَّكِلُوا" (متفق عليه)

මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. මම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ට පසුපසින් උෆෙයිර් නම් බූරුවෙකු මත සිටියෙමි. එවිට එතුමාණන්
අහෝ !  මුආද්, ගැත්තන් කළ යුතු අල්ලාහ්ගේ වගකීම් මොනවා ද? අල්ලාහ් මත වූ ගැත්තන්ගේ වගකීම් මොනවා දැයි ඔබ දන්නෙහි ද?
එවිට මම අල්ලාහ් හා ඔහුගේ රසූල් ඒ බව මනා ලෙස දන්නේ යැයි පැවසුවෙමි.
එවිට එතුමා
ගැත්තන් කළ යුතු  අල්ලාහ්ගේ වගකීම වනුයේ ඔවුන් අල්ලාහ් ව නැමදීමත් ඔහුට කිසිවකින් ආදේශ නොතැබීමත් වේ. අල්ලාහ් මත වූ ගැත්තන්ගේ වගකීම වනුයේ කිසිවකින් ඔහුට ආදේශ නොකරන අයට දඬුවම් නොකර සිටීමය.
එවිට අල්ලාහ්ගේ දූතයාණනි, මේ පිළිබඳව ජනයාට ශුභාරංචි පවසන්න දැයි විමසා සිටියෙමි. එවිට නබි තුමාණෝ ඔවුනට ශුභාරංචි නොපවසන්න. එවිට ඔවුන් ඒ මත පමණක් රැඳෙනු ඇත.                 (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
2-    
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللهُ عنه عَنِ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَنَّهُ قَالَ : "لَنْ يُنْجِيَ أَحَدًا مِنْكُمْ عَمَلُهُ" قَالَ رَجُلٌ "وَلَا إِيَّاكَ يَا رَسُولَ اللَّهِ" قَالَ : "وَلَا إِيَّايَ إِلَّا أَنْ يَتَغَمَّدَنِيَ اللَّهُ مِنْهُ بِرَحْمَةٍ وَلَكِنْ سَدِّدُوا" (متفق عليه)

සැබැවින් ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
ඔබ අතුරින් කිසිවෙකු කරන ක්‍රියාවන් ඔහු ව මුදවා නොගන්නේමය
එවිට මිනිසෙකු
අල්ලාහ්ගේ දූතයාණනි, ඔබවත් මුදවන්නේ නැති දැයි පැවසූහ. එවිට එතුමා
මාව ද නොමැත. නමුත් අල්ලාහ් ඔහුගෙන් වූ කරුණාව මා කෙරෙහි ආවරණය කළේ නම් මිස. නමුත් ඔවුන් එය වළක්වා ගෙන ඇත.         (බුහාරි හා මුස්ලිම්)
නැමදුමෙහි පරිපූර්ණත්වය
1-    ගැත්තෙකු තම පරමාධිපති ඉදිරියේ කළ යුතු ක්‍රියාවන් මූලික වශයෙන් කරුණු පහක් මත රැඳී පවතී.
නියෝගයන් පිළිපැදීම... තහනම් කළ දැයින් වැළකීම... ලැබුණු භාග්‍යයන්ට කෘතවේදී වීම... පාපයන්ගෙන් සමාව අයැදීම... අවනත වීමෙහි ද සිදු වන කරදර වලදී ද ඉවසීමෙන් කටයුතු කිරීම...
කවරෙකු මෙම කරුණු පහ තමන් වෙත අනිවාර්යය කර ගන්නේ ද අල්ලාහ් ඔහු ට මෙලොව හා පරලොවෙ හි සතුටුදායක සාර්ථක ජීවිතයක් පිරිනමනු ඇත.
2-    උත්තරීතර අල්ලාහ් තම ගැත්තන්ගේ ඉවසීම හා ඔවුන්ගේ නැමදුම් පිරික්සනු පිණිස ඔවුන් ව පරීක්ෂාවට ලක් කරයි. ඔවුන් ව විනාශ කිරීමට හෝ ඔවුන ට දඬුවම් දීමට හෝ එසේ සිදු නොකරයි.
සතුටුදායක අවස්ථා වල ගැත්තා තම පරමාධිපතිට නැමදුම් ඉටු කරනවාක් මෙන් ම පීඩාදායී අවස්ථා වල පවා අල්ලාහ් ට නැමදුම් ඉටු කළ යුතුය. මිනිසා තමන් ප්‍රිය කරන අවස්ථා වල නැමදුම් ඉටු කරනවාක් මෙන්ම තමන්  පිළිකල් සහගත අවස්ථා වල දී ද ඔහුට නැමදුම් ඉටු කළ යුතුය. ජනයා අතුරින් බොහෝ දෙනා තමන් ප්‍රීති වන අවස්ථා වල දී පමණක් නැමදුම පිවිතුරු ව ඉටු කරති. නමුත් සැබෑ කරුණ නම් ඔහු පිළිකුල් සහගත අවස්ථා වල දී පවා නැමදුම් ඉටු කළ යුතුය. නමුත් ඔවුන් ඒ පිළිබඳ ව නොසැලකිලිමත් ව සිටිති.   
අධික උෂ්ණත්වය ඇති අවස්ථාවක සීත ජලයෙන් වුළු ගැනීම නැමදුමකි. අධික සීතල ඇති අවස්ථාවක උණු ජලයෙන් වුළු ගැනීමත් නැමදුමකි. විවාහයක් කර ගැනීමත් නැමදුමකි. ජනයාට බිය නොවී තම ආත්මය ප්‍රිය කරන පාපයන් අත හැර දැමීමත් නැමදුමකි. කුසගින්න හිංසනය වැනි අවස්ථාවන් හී ඉවසීමෙන් කටයුතු කිරීම ද නැමදුමකි. නමුත් මෙම නැමදුම් අතර වෙනසක් ඇත.
එබැවින් කවරෙකු පීඩාදායී හා සතුටු දායක අවස්ථාවන්හි ද සතුටු දායක හා පිළිකුල් සහගත අවස්ථාවන්හි ද අල්ලාහ් ට නැමදුම් ඉටු කරන්නේ ද එවිට ඔහු කිසිදු බියක් නොමැති කිසිදු දුකක් නොමැති අල්ලාහ්ගේ ගැත්තන් අතුරින් වෙයි. ඔහුගේ සතුරා ට ඔහු කෙරෙහි කිසිවක් කිරීමට කිසිදු බලයක් හිමි නොවේ. අල්ලාහ් ඔහු ව ආරක්ෂා කරනු ඇත. නමුත් ඇතැම් විට ෂෙයිතාන් ඔහු ව විනාශ කිරීමට තැත් කරයි.
සැබැවින් ම ගැත්තා නොසැලකිලිමත්කම තෘෂ්ණාව හා කෝපයෙන් පිරික්සුමට ලක් වන්නේ නම් මෙම දොරටු තුනෙන් එම ගැත්තා වෙත ෂෙයිතාන් පිවිසෙනු ඇත. සබැවැන් ම අල්ලාහ් සෑම ගැත්තෙකුටම ඔහුගේ ආත්මාශාව ඔහුගේ තෘෂ්ණාව හා නපුරු බලවේගය පවරා ඇත. ඔහු ඒවාට යටහත් වන්නේ ද නැතිනම් තම පරමාධිපතිට යටහත් වන්නේ දැයි ඔහු එමගින් පරීක්ෂා කරයි. එසේ කරනුයේ එම පරීක්ෂණාත්මක නැමදුම ඔහු විසින් හෙළිදක්වනු පිණිසය.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَنَبْلُوكُمْ بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً وَإِلَيْنَا تُرْجَعُونَ
පරීක්ෂණයක් ලෙස අයහපත හා යහපත ඇසුරෙන් අපි නුඹලා ව පිරික්සුමට ලක් කරන්නෙමු. තවද නුඹලා අප වෙත ම නැවත පැමිණෙන්නෙහුය.             (අල්-කුර්ආන් 21:35)
3-    අල්ලාහ් මිනිසා ට නියෝග කරයි. එමෙන් ම නෆ්ස් හෙවත් ආත්මාශාව ද නියෝග කරයි. අල්ලාහ් ප්‍රිය කරනුයේ මිනිසා විශ්වාසය හා දැහැමි ක්‍රියාවෙන් තමන් ප්‍රිය කරන දෑ පරිපූර්ණ ලෙස ඉටු කිරීමය. නමුත් ආත්මය වස්තුව හා තෘෂ්ණාව තුළින් එය ප්‍රිය කරන දේ ඉටු කර ගැනීමට ප්‍රිය කරයි. අල්ලාහ් මෙලොව විවිධාකාර අවනත වීම් හා කැප කිරීම් තුළින් තමන්ට ප්‍රිය මනාම දැයින් පුරවා ඇත. එමෙන්ම මතු ලොව තම ගැත්තා ප්‍රිය කරන ස්වර්ගයේ ඇති විවිධාකාර සුව පහසුකම් තුළින් පුරවා ඇත.
මතු ලොව වෙනුවෙන් දැහැමි ක්‍රියා කිරීම අල්ලාහ් අපගෙන් අපේක්ෂා කරයි. නමුත් ආත්මය මෙලොව සඳහා ක්‍රියා කිරීමට අපේක්ෂා කරයි. විශ්වාසය ජයග්‍රහණයේ මාර්ගයයි තවද සත්‍ය හා අසත්‍යය ද හොද හා නරක ද දැක ගත හැකි පහනයි.   මෙය මිනිසාගේ පරීක්ෂාවේ ස්ථානයකි.
1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
أَحَسِبَ النَّاسُ أَنْ يُتْرَكُوا أَنْ يَقُولُوا آَمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ ، وَلَقَدْ فَتَنَّا الَّذِينَ مِنْ قَبْلِهِمْ فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ
මිනිසා අපි විශ්වාස කළෙමු යැයි පැවසූ හේතුවෙන් පරීක්ෂාවට ලක් කරනු නොලැබ අත හැර දමනු ඇතැයි ඔවුන් සිතන්නේ ද? සැබැවින් ම ඔවුනට පෙර සිටියවුන් ව ද අපි පරීක්ෂාවට ලක් කළෙමු. සැබැවින් ම සත්‍ය කළවුන් ව අල්ලාහ් මැනවින් දන්නේය. එමෙන්ම ඔහු බොරුකාරයින්ව ද මැනවින් දන්නේය.   
(අල්-කුර්ආන් 29:2-3)

2-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَمَا أُبَرِّئُ نَفْسِي إِنَّ النَّفْسَ لَأَمَّارَةٌ بِالسُّوءِ إِلَّا مَا رَحِمَ رَبِّي إِنَّ رَبِّي غَفُورٌ رَحِيمٌ
මම මාගේ මනස නිදොස් නොවන්නෙමි. මාගේ පරමාධිපති ආශිර්වාද කළ දෑ මිස සැබැවින් ම එම ආත්මය අධික ලෙස නපුර පොලඹවන්නේය. සැබැවින් ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලීය. පරම කරුණාභරිතය.     (අල්-කුර්ආන් 12:53)
•    නැමදුම පිළිබඳ ව අවබෝධය
පොළොව එහි හිටවනු ලබන සුවය ඇති දෑ ද තිත්ත ඇති දෑ ද පිළි ගනියි. එමෙන් ම එහි හිටවනු ලබන දෑ පිළිගන්නා මෙන්ම ඒ සඳහා අවකාශය ද ලබා ඇත. එලෙස කවරෙකු තහව්හීද් හෙවත් ඒකීය භාවය ද ඊමාන් හෙවත් දේව විශ්වාසය ද තක්වා හෙවත් දේව බිය හැඟීම ද වපුරන්නේ නම් එවිට සදාතනික සුවය ද සදාතනික ස්වර්ගය ද හට ගනු ඇත.
තවද කවරෙක් කුෆ්ර් හෙවත් දේව ප්‍රතික්ෂේපය ද ජහල් හෙවත් අඥාන කම ද මආසී හෙවත් පාපය ද වපුරන්නේ නම් සදා අභාග්‍ය ද සදාතනික නිරය ද හට ගනු ඇත.
හඳුනා ගැනීම් අතරින් අති මහත් උසස් හඳුනා ගැනීම වනුයේ ඔබේ පරමාධිපති ව හා ඔහු වෙනුවෙන් කළ යුතු අනිවාර්ය දෑ පිළිබඳ හඳුනා ගැනීමයි. එවිට ඔබේ දැනුමෙහි ඇති අඥානකම ද ඔබේ ක්‍රියාවෙහි ඇති අඩු පාඩුකම් ද ඔබේ ආත්මයේ ඇති අඩු පාඩු කම් ද ඔබ අල්ලාහ් ට වගකීම් වල සිදු කරන අඩු පාඩු ද ඔහු සමඟ ඇති කර ගත් ගනුදෙනු වල අඩු පාඩු  ද ඔබ පිළි ගනු ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَمَنْ تَابَ مَعَكَ وَلَا تَطْغَوْا إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
නුඹට අණ කරනු ලැබූ පරිදි නුඹ ද නුඹ සමඟ පශ්චාත්තාප කළවුන් ද ස්ථාවර ව සිටිවු. තවද නුඹලා සීමාව ඉක්මවා නොයවු. නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව සැබැවින්ම ඔහු සුපරික්ෂකයාය.             (අල්-කුර්ආන් 11:112)
මෙසේ හඳුනා ගත් තැනැත්තා සත්‍යවන්තයෙකි. අවනත වී කටයුතු කරන්නා සත්‍යවන්තයෙකි. නිවැරදි ලෙස අවබෝධ කර ගත් තැනැත්තා සත්‍යවන්තයෙකි.
කෙනෙකු යහපතක් කරන්නේ නම් එය ඔහු වෙත අල්ලාහ් පිරි නැමූ ආශිර්වාදයක් ලෙස ඔහු දකිනු ඇත. එසේ ඔහු එය පිළිගන්නේ නම් පිරිනැමූ දෙවන ආශිර්වාදයක් ලෙසත් එය නැවත නැවතත් කළ විට එය තුන්වැනි ආශිර්වාදයක් ලෙසත් ඔහු දකිනු ඇත. එය ඔහු ප්‍රතික්ෂේප කළේ නම් එවැනිම ප්‍රතිචාරයක් ඔහුට හිමි වනු ඇත. එමගින් පාරිශුද්ධ සර්ව බලධාරී සර්ව බලපරාක්‍රම අල්ලාහ් ව මුණ ගැසීමට නොහැකි වනු ඇත.
තවද ඔහු යම් පවක් කළේ නම් ඔහුගෙන් ඔහුගේ පරමාධපති දුරස් ව ඇති බවත් ඔහුගේ ආරක්ෂාව ඔහුට වළක්වා ඇති බවත් දැක ගනු ඇත.
තමන් කළ පාපයක් හේතුවෙන් ඔහු තමන් ව ග්‍රහණය කළේ නම් ඔහුගේ යුක්ති ගරුක භාවය දැක ගනු ඇත. එමගින් ඔහු ග්‍රහණය නොකළේ නම් එය ඔහුගේ භාග්‍යයක් ලෙස දැක ගනු ඇත. ඔහු ඒ වෙනුවෙන් තමන්ට සමාව දුන්නේ නම් ඔහුගේ පිවිතුරු උපකාරයක් ගෞරවයත් හිමි වනු ඇත. අහස් හි හා මහ පොළොවේ ඇති සියල්ල සත්‍ය රජු වූ අල්ලාහ්ගේ ගැත්තන් ය.
සෑම මිනිසෙකු ම ආධ්‍යාත්මික වශයෙන් හා භෞතික වශයෙන් අල්ලාහ් ට යටහත් ව කටයුතු කරන ඔහුගේ ගැත්තන් බව පිළි ගත යුතුව ඇත.
භෞතික වශයෙන් ඔබ වහලෙකි. හේතුව ඔහු ඔබව නිර්මාණය කළ මැවුම්කරුය. ඔහු ඔබගේ රජුය. ඔබේ සියලු කටයුතු සැලසුම් කරන්නාය.
තවද ඔබ ඔහුගේ ගැත්තාය. ඔහු අභිමත කළේ නම් ඔහු ඔබට පිරිනමනු ඇත. ඔහු අභිමත කළේ නම් ඔබට වළක්වනු ඇත. ඔහු අභිමත කළේ නම් ඔබ ව පොහොසත් කරනු ඇත. ඔහු අභිමත කළේ නම් ඔබ ව දුගී බවට පත් කරනු ඇත. ඔහු අභිමත කළේ නම් ඔබ ව යහමඟ යොමු කරවනු ඇත. ඔහු අභිමත කළේ නම් ඔබ ව මුළාවෙ හි අත හැර දමනු ඇත. ඔහු අභිමත කළේ නම් ඔබ ව ජීවත් කරවනු ඇත. ඔහු අභිමත කළේ නම් ඔබ ව මරණයට පත් කරනු ඇත.
සර්ව බලධාරී අසීමිත කරුණාවන්ත ඔහුගේ කරුණාවෙන් හා ඔහුගේ ප්‍රඥාවෙන් ඔහු තීරණය කළ පරිදි ඔහුගේ අභිමතයට අනුව ඔබව ක්‍රියා කරවන්නේය.
එමෙන්ම ආධ්‍යාත්මික වශයෙන් ද ඔබ වහලෙකි. ඔහු ආගමානු ගත කළ දෑ තුළින් නැමදුමෙහි නිරත වීම අනිවාර්යය වේ. එනම් ඔබ මෙලොව හා මතුලොව සුවපත් සතුටුදායක ජීවිතයක් ගත කිරීම සඳහා ඔබ ඔහුගේ නියෝගයන් ඉටු කළ යුතුය. ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිය යුතුය. අල්ලාහ් ව ඔබ විශ්වාස කළ යුතුය.
සියලු මැවීම් අල්ලාහ් වෙත අවශ්‍යතාවෙන් පෙළෙන්නන්ය. එසේ ඔවුන්ගේ අවශ්‍යතාවන් කොටස් දෙකකි.
පළමුවැන්න.
බලකෙරෙනු ලබන නොවැළැක්විය හැකි අවශ්‍යතාවන් එනම් සියලු මැවීම් තම පරමාධිපති වෙත තම ස්වභාවයෙහි ද තම ව්‍යාප්තියෙහි ද තම සැලසුම් කිරීමෙහි ද තම පැවැත්මෙහි ද ඒ සඳහා අවශ්‍ය වන කරුණු වල ද අවශ්‍යතාවන්ගෙන් පෙළෙන්නන්ය.
දෙවැන්න. තෝරා ගැනීමේ අවශ්‍යතාවන් එනම් එය ඔහු හඳුනා ගැනීමෙන් ලබන්නා වූ ඵලයයි.
එනම් ගැත්තා තම පරමාධිපති ගැන හඳුනා ගෙන තමන් ගැන  හඳුනා ගැනීමයි. පොදුවේ තම පරමාධිපති අවශ්‍යතාවන්ගෙන් තොර වූවෙකු බව හඳුනා ගත්තේ නම් තමන්ගේ පොදු අවශ්‍යතාවන් කුමක් දැයි හඳුනා ගනු ඇත. එවිට තම පරමාධිපති වෙත නැමදුම් කිරීම අනිවාර්යය වනු ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا النَّاسُ أَنْتُمُ الْفُقَرَاءُ إِلَى اللَّهِ وَاللَّهُ هُوَ الْغَنِيُّ الْحَمِيدُ
ජනයිනි, නුඹලා අල්ලාහ් වෙත අවශ්‍යතාවන් ඇත්තන්ය. තවද අල්ලාහ් ඔහුය සර්ව සම්පූර්ණ සර්ව ප්‍රශංසාලාභී වන්නේ.                     (අල්-කුර්ආන් 35:15)
ඔබේ අදහස් පහත සඳහන් ලිපිනයට එවන්න.

 

 

මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාමී

 

4 -         අෂ්-ෂිර්ක්
5 -         ෂිර්ක් හි කොටස්
6 -     අල්-බිද්ආ

 

 

 

 

 

 

 

4- අෂ්-ෂිර්ක්
•    අෂ්-ෂිර්ක් යනු අල්ලාහ්ගේ පරිපාලනයෙ හි ඔහුගේ දේවත්වයෙ හි ඔහුගේ නාමයන් හා ගුණාංගයන් හි හවුල්කරුවෙකු ආදේශකයෙකු පත් කිරීමය.

අල්ලාහ් සමඟ තවත් මැවුම්කරුවෙකු සිටින්නේය. තමන්ට අල්ලාහ් හැර උදව් කරන කෙනෙකු සිටින්නේය යැයි යමෙකු විශ්වාස කළේ නම් ඔහු මුෂ්රික් හෙවත් දෙවියන්ට ආදේශ තැබු කෙනෙකු වෙයි. එමෙන් ම කෙනෙකු අල්ලාහ් හැර නැමදුම් ලබන්න ට තවත් සුදුස්සෙකු ඇතැයි විශ්වාස කළේ නම් ඔහු ද මුෂ්රික්වරයෙකු වෙයි. තව ද කෙනෙකු අල්ලාහ්ගේ නාමයන් හි හා ඔහුගේ ගුණාංගයන් හි ඒවාට සමාන කිසිවෙකු සිටියි යැයි විශ්වාස කළේ නම් ඔහු ද මුෂ්රික්වරයෙකු වෙයි.

•    ෂිර්ක් හි භයංකාරත්වය

1-    අල්ලාහ් ට ආදේශ තැබීම මහත් අපරාධයකි. හේතුව තව්හීද් හෙවත් එකීයත්වයට එනම් අල්ලාහ්ගේ පිවිතරු භාවයේ සත්‍යයට එරෙහි ව එය පවතින බැවිනි. තව්හීද් හෙවත් ඒකීයත්වය නම් යුක්තියේ මහා යුක්තියයි. ෂිර්ක් හෙවත් ආදේශය අපරාධයන්හි මහා අපරාධයයි. නපුරින් මහා නපුරයි. හේතු ව එය ලෝකයන් හි පරමාධිපති ව අඩු තක්සේරු කර බැලීමකි. ඔහුගේ සත්‍යයේ පිවිතුරු භාවය වෙන කෙනෙකු වෙත හැරවීමකි. ඔහු වෙනුවට වෙන කෙනෙකු පත් කර ගැනීමකි.
ෂිර්ක් භයංකාරත්වය අති මහත්ය. එබැවින් කවරෙකු තමන් ට ආදේශ කරන්නෙකු ලෙස අල්ලාහ් ව ඔහු හමු වන්නේ ද  එවිට සැබැවින් ම අල්ලාහ් ඔහු ට සමාව නොදෙන්නේය.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَنْ يَشَاءُ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدِ افْتَرَى إِثْمًا عَظِيمًا
සැබැවින් ම අල්ලාහ් ආදේශ තැබීමට සමාව නොදෙන්නේය ඒ හැර සෙසු දෑට ඔහු අභිමත කරන අයට සමාව ලබා දෙන්නේය. කවරෙකු අල්ලාහ් ට ආදේශ තැබුවේ ද එවිට සැබැවින් ම ඔහු මහත් පාපයක් ගොඩ නගා ගත්තේය. (අල්-කුර්ආන් 4:48)

2-    අල්ලාහ් ට ආදේශ තැබීම අතිමහත් පාපයකි. කවරෙකු අල්ලාහ් නොවන දැයකට නැමදුම් ඉටු කළේ ද ඔහු එම නැමදුම සුදුසු නොවන ස්ථානයක තැබුවේය. සුදුසු නොවන කෙනෙකුට එය යොමු කළේය. එය අතිමහත් අපරාධයකි. විශාල වරදකි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ
සැබැවින් ම ආදේශ තැබීම මහත් අපරාධයකි.
(අල්-කුර්ආන් 31: 13)

3-    අෂ්-ෂිර්කුල් අක්බර් හෙවත් මහා ආදේශ තැබීම සියලු යහපත් ක්‍රියාවන් නිෂ්ඵල කරන්නකි. අලාභය හා විනාශය ගෙන දෙන්නකි. එය මහා පාපයන්ගෙන් අති මහත් වූ පාපයකි.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَلَقَدْ أُوحِيَ إِلَيْكَ وَإِلَى الَّذِينَ مِنْ قَبْلِكَ لَئِنْ أَشْرَكْتَ لَيَحْبَطَنَّ عَمَلُكَ وَلَتَكُونَنَّ مِنَ الْخَاسِرِينَ
සැබැවින් ම නුඹ වෙත ද නුඹට පෙර සිටියවුන් වෙත ද දේව පණිවිඩයක් පහළ කරනු ලැබීය. (එහි) නුඹ (අල්ලාහ් ට කිසිවක්) ආදේශ කළේ නම් නුඹගේ යහ ක්‍රියා නිෂ්ඵල වන්නේමය. තව ද නුඹ අලාභවන්තයින්ගෙන් කෙනෙකු වන්නේමය. (යැයි සඳහන් වී ඇත.)  (අල්-කුර්ආන් 39:65)
عَنْ عَبْدِ الرَّحْمَنِ بْنِ أَبِي بَكْرَةَ عَنْ أَبِيهِ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ أَلَا أُنَبِّئُكُمْ بِأَكْبَرِ الْكَبَائِرِ ثَلَاثًا قَالُوا بَلَى يَا رَسُولَ اللَّهِ قَالَ الْإِشْرَاكُ بِاللَّهِ وَعُقُوقُ الْوَالِدَيْنِ وَجَلَسَ وَكَانَ مُتَّكِئًا فَقَالَ أَلَا وَقَوْلُ الزُّورِ قَالَ فَمَا زَالَ يُكَرِّرُهَا حَتَّى قُلْنَا لَيْتَهُ سَكَتَ (متفق عليه)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) පැවසූ බව අබ්දුර් රහ්මාන් ඉබ්නු අබී බක්රා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
මහා පාපයන් අතුරින් අතිමහත් පාපයන් තුන ගැන මම ඔබට දන්වා සිටින්න දැයි නබි තුමාණෝ විමසා සිටියහ. එවිට එසේය අල්ලාහ්ගේ දූතයාණනි, යැයි ඔවුහු පිළිතුරු දුන්නෝය. එවිට එතුමා අල්ලාහ් ට ආදේශ තැබීම දෙමාපියන්ට හිංසා කිරීම යැයි පවසා වාඩි වී හාන්සි වූහ. පසුව දැනගන්න, පරිභව කිරීම යැයි පැවසූහ.
එතුමා නිහඬ නොවන්නේ දැයි අපි සිතන තරමට එතුමා එය නැවත නැවතත් පවසමින් ම සිටියහ.
(මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
•    ආදේශ තැබීමේ දරුණුකම
උත්තරීතර අල්ලාහ් වාක්‍යයන් හතරක දේව ආදේශය ට දරුණුකම් හතරක් ඇති බව සඳහන් කරයි.
1-    
إِنَّ اللَّهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَنْ يَشَاءُ وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدِ افْتَرَى إِثْمًا عَظِيمًا
සැබැවින් ම අල්ලාහ් ආදේශ තැබීමට සමාව නොදෙන්නේය. ඒ හැර සෙසු දෑට ඔහු අභිමත කරන අයට සමාව ලබා දෙන්නේය. කවරෙකු අල්ලාහ් ට ආදේශ තැබුවේ ද එවිට සැබැවින් ම ඔහු මහත් පාපයක් ගොඩ නගා ගත්තේය. (අල්-කුර්ආන් 4:48)

2-    
وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ ضَلَّ ضَلَالًا بَعِيدًا
තවද කවරෙකු අල්ලාහ් ට ආදේශ තබන්නේ ද ඔහු අන්ත මුළාවට පත් විය.     (අල්-කුර්ආන් 4:116)

3-    
إِنَّهُ ُ مَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ حَرَّمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ

සැබැවින් ම විෂයය නම් කවරෙක අල්ලාහ් ට ආදේශ තැබුවේ ද අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේය. ඔහුගේ නවාතැන නිරය වේ. අපරාධකරුවන්ට උදව්කරුවන් කිසිවෙකු නොමැත.
(අල්-කුර්ආන් 5:72)

4-    
وَمَنْ يُشْرِكْ بِاللَّهِ فَكَأَنَّمَا خَرَّ مِنَ السَّمَاءِ فَتَخْطَفُهُ الطَّيْرُ أَوْ تَهْوِي بِهِ الرِّيحُ فِي مَكَانٍ سَحِيقٍ
තව ද කවරෙකු අල්ලාහ් ට ආදේශ තබන්නේ ද ඔහු අහසින් වැටී පසුව පක්ෂීන් ඔහු ව ඩැහැගෙන ගිය අයෙකු මෙන් හෝ සුළඟ ඔහු ව ඈත ප්‍රදේශයකට ගෙන ගිය අයෙකු මෙන් හෝ වන්නේය.                    (අල්-කුර්ආන් 22:31)
•    ආදේශ තබන්නන් ට හිමි දඬුවම්

1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ وَالْمُشْرِكِينَ فِي نَارِ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أُولَئِكَ هُمْ شَرُّ الْبَرِيَّةِ
සැබැවින් ම (දේව) පුස්තකය ලත් ජනයින් හා ආදේශකයින් අතුරින් වූ ප්‍රතික්ෂේපකයෝ නිරා ගින්නෙහි ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. ඔවුහුම ය මැවීම් අතුරින් දුෂ්ටයින් වන්නේ. (අල්-කුර්ආන් 98:6)

2-    
وعَنْ عبْدِ الله بن مسعود رضي الله عنه قَالَ : قَالَ النّبِيُّ  صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ "مَنْ مَاتَ وَهْوَ يَدْعُو مِنْ دُونِ اللَّهِ نِدًّا دَخَلَ النَّارَ" متفق عليه
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගෙන් තොර ව සමානයන්ගෙන් අයැද සිටි තත්වයේ කවරෙකු මරණයට පත් වන්නේ ද ඔහු නිරයට පිවිසීය. (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

•    ආදේශ තැබීමේ මූල ධර්මය

ආදේශ තැබීමේ මූල ධර්මය හා ඒ මත ගොඩ නැගෙන නීති ව්‍යූහය වනුයේ අල්ලාහ්ගෙන් තොර ව වෙනත් අයෙකු සමඟ ඇති කරන සම්බන්ධතාවයි. අල්ලාහ්ගෙන් තොර ව වෙනත් අය සමඟ කෙනෙකු සම්බන්ධතා පවත්වන්නේ නම් ඔහු කවර දෙයක් සමඟ සම්බන්ධ වූයේ ද ඒ කෙරෙහි ම අල්ලාහ්  ඔහු ව භාර කරනු ඇත. එමගින් අල්ලාහ් ඔහු ට දඬුවම් කරයි. ඔහු ව අවමානයට ලක් කරයි. කිසිදු ප්‍රශංසාවක් නොලබන නීචයෙකු බවට පත් කරයි. කිසිදු උපකාරයක් නොලබන පහත් තත්වයට පත් කරයි. උත්තරීතර අල්ලාහ් ඒ බව මෙසේ ප්‍රකාශ කර සිටියි.

لَا تَجْعَلْ مَعَ اللَّهِ إِلَهًا آخَرَ فَتَقْعُدَ مَذْمُومًا مَخْذُولًا
අල්ලාහ් සමඟ තවත් දෙවියෙකු පත් නොකරවු. එවිට ඔහු අවමානයට ලක් ව (කිසිදු උදව් කරුවෙකු නොමැතිව) අත හැර දමනු ලැබූවෙකු ලෙස අසුන් ගනී.    (අල්-කුර්ආන් 17:22)

•    ෂිර්ක් පිළිබඳ අවබෝධය.

අල්ලාහ්ගේ නාමයන් හි හා ගුණාංගයන් හි ඔහු ට ආදේශ තැබීම. අල්ලාහ් පැන වූ නීතියෙහි ඔහුට ආදේශ තැබීම අල්ලාහ් ට නැමදුම් කිරීමෙහි ඔහුට ආදේශ තැබීම යන මේ සියලුම වර්ගයේ ආදේශ තැබීම් සත්‍ය රජු වූ අල්ලාහ් ට කරන ආදේශ තැබීම්ය.
පළමුවැන්න පරිපාලනය සම්බන්ධයෙන් වූ ආදේශනය. දෙවැන්න අවනත වීම සම්බන්ධයෙන් වූ ආදේශනය. තුන්වැන්න නැමදුම් සම්බන්ධයෙන් වූ ආදේශනය.

උත්තරීතර අල්ලාහ් වන ඔහුය අති මහත් පරමාධිපති.  සියලු දෑ මැවූ රජු. ඔහු ට කිසිදු හවුල් කරුවෙකු නොමැත. නීතිය ක්‍රියා කිරීමේ අයිතිය ඔහුට පමණක් සතුය. නැමදුම් ලැබීමේ අයිතිය ද ඔහු ට පමණක් සතු ය.

අල්ලාහ්ගේ නීතියේ අල්ලාහ් ට ආදේශ තැබීම නැමදුමෙ හි ඔහු ට ආදේශ තැබීම හා සමාන ය. මේ දෙකම ඉස්ලාමීය පිළිවෙතින් බැහැර කරන්නා වූ මහා ඝණයේ ආදේශ කිරීම් වේ. හේතුව නැමදුම අල්ලාහ් ට පමණක් සිදු විය යුත්තකි. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا
කවරෙකු තම පරමාධිපති හමුවීම අපේක්ෂා කරමින් සිටියේ ද ඔහු යහකම් කරත්වා ! තව ද තම පරමාධිපති ට නැමදුම් කිරීමෙහි කිසිවෙකු ආදේශ නොකරත්වා !    (අල්-කුර්ආන් 18: 110)

නීතිය අල්ලාහ් ට පමණක් සතු දෙයකි. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

لَهُ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ أَبْصِرْ بِهِ وَأَسْمِع مَا لَهُمْ مِنْ دُونِهِ مِنْ وَلِيٍّ وَلَا يُشْرِكُ فِي حُكْمِهِ أَحَدًا

 අහස් හි හා මිහිතලයේ ගුප්ත දෑ ඔහු සතු ය. ඔහු ඒ පිළිබඳ ව මැනවින් නිරීක්ෂණය කරන්නා ය. තව ද මැනවින් ශ්‍රවණය කරන්නා ය. ඔහු හැර ඔවුනට කිසිදු භාරකරුවෙකු නොමැත. ඔහුගේ තීරණයෙහි කිසිවෙකු ඔහු හවුල් කර නොගනියි.     (අල්-කුර්ආන් 18:26)

අල්ලාහ් පහළ කළ දැයින් තොර ව වෙනත් නීති මාර්ගයක් පිළිපදින කවරෙකු හෝ වේවා ඔහු අල්ලාහ් ට ආදේශ තැබූ ඔහු ව ප්‍රතික්ෂේප කළ අයෙකු වන්නේ ය. එම නීතිය ඉබ්ලීස් ප්‍රතික්ෂේපයේ මිතුරන්ගේ දිවෙහි තබා ඇත. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

اتَّخَذُوا أَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ أَرْبَابًا مِنْ دُونِ اللَّهِ وَالْمَسِيحَ ابْنَ مَرْيَمَ وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا إِلَهًا وَاحِدًا لَا إِلَهَ إِلَّا هُوَ سُبْحَانَهُ عَمَّا يُشْرِكُونَ

ඔවුහු අල්ලාහ් හැර ඔවුන්ගේ ආගමික නායකයින්ව ද පියතුමන්ලාව ද මර්යම්ගේ පුත් මසීහ්ව ද පරමාධිපතියන් ලෙස ගත්තෝය. එකම දෙවියන් ව ඔවුන් නැමදීම පිණිස මිස ඔවුන් අණ කරනු නොලැබුවෝය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු සුවිශුද්ධ ය.         (අල්-කුර්ආන් 9:31)

ෂෙයිතාන් ට නැමදුම් කිරීම යනු ඔහුගේ පිළිවෙත හා දේව ආදේශය හා දේව ප්‍රතික්ෂේපය කරා අල්ලාහ්ගේ මැවීම් ඇද ගෙන යන නීතිය පිළිපැදීමය.  අල්ලාහ් මෙම සතුරාගෙන් වැළකී සිටින මෙන් මෙසේ අවවාද කර සිටියි.
 
أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَنْ لَا تَعْبُدُوا الشَّيْطَانَ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ (60) وَأَنِ اعْبُدُونِي هَذَا صِرَاطٌ مُسْتَقِيمٌ (61)
ආදම්ගේ පුතනුවනි, ෂෙයිතාන් ට නුඹලා නොනමදිවු. සැබැවින් ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි. නුඹලා(ගේ දෙවියන් වන) මාවම නමදිවු. එයයි ඍජු මඟ වනුයේ යැයි නුඹලා සමඟ මම ගිවිසුමක් නොකළෙම් ද?             (අල්-කුර්ආන් 36:60,61)

අල්ලාහ්ගේ නීතිය ට පටහැණි ව තබන ලද සියලුම සැලැසුම් හා ආකල්පයන් අල්ලාහ් වෙත තබන සමානයන් ය. එමගින් මිනිසා අල්ලාහ්ගෙන් තොර වූ නීතියට අවනත වෙයි. එම ආකල්පයන් හා සැලසුම් අනුව තීන්දු තීරණ ගැනීම ඒ කෙරෙහි ඇල්මක් දැක්වීම එයට එරෙහි ව ක්‍රියා නොකිරීම වැනි සියල්ලක් ම මහා ආදේශ තැබීමේ ඝණයට අයත් වේ.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

أَمْ لَهُمْ شُرَكَاءُ شَرَعُوا لَهُمْ مِنَ الدِّينِ مَا لَمْ يَأْذَنْ بِهِ اللَّهُ وَلَوْلَا كَلِمَةُ الْفَصْلِ لَقُضِيَ بَيْنَهُمْ وَإِنَّ الظَّالِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ (21)

අල්ලාහ් අනුමත නොදුන් දහමක් ඔවුනට දහම් ගත  කරන හවුල්කරුවන් ඔවුනට වෙත් ද? තීන්දුවේ වදන නොවූයේ නම්, ඔවුන් අතර තීන්දු කරනු ලබන්නට තිබුණි. තව ද සැබැවින් ම අපාරධකරුවන් වන ඔවුනට වේදනීය දඬුවම ඇත.                             (අල්-කුර්ආන් 42: 21)

පිළිම වලට නැමදුම් කරන දේව ප්‍රතික්ෂේපකයින් මහා පාපතරයින්ය. ඒ සමඟම අල්ලාහ්ගේ නීතිය වෙනස් කර ෂෙයිතාන්ගේ නීතිය ඔවුන් අනුගමනය කළේ නම් එය තම මුල් ප්‍රතික්ෂේපයට වඩා අමතර ව බිහි වුණු නව ප්‍රතික්ෂේපයක් වනු ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

إِنَّمَا النَّسِيءُ زِيَادَةٌ فِي الْكُفْرِ يُضَلُّ بِهِ الَّذِينَ كَفَرُوا يُحِلُّونَهُ عَامًا وَيُحَرِّمُونَهُ عَامًا لِيُوَاطِئُوا عِدَّةَ مَا حَرَّمَ اللَّهُ فَيُحِلُّوا مَا حَرَّمَ اللَّهُ زُيِّنَ لَهُمْ سُوءُ أَعْمَالِهِمْ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ
(පාරිශුද්ධ මාසයන් තමන්ගේ කැමැත්ත පරිදි) ප්‍රමාද කිරීම (දේව) ප්‍රතික්ෂේපය වර්ධනය කිරීමකි. මෙමගින් ප්‍රතික්ෂේප කළවුන් මුළා කරනු ලබති. වසරක් (එසේ ප්‍රමාද කිරීම) ඔවුහු අනුමත කර ගනිති. පසු වසරෙහි (ප්‍රමාද කිරීම) තහනම් කර ගනිති. (ඔවුන් මෙසේ කරනුයේ) අල්ලාහ් සුවිශුද්ධ කළ දෑ(මාසයන්) හි ගණනය ඔවුන්(ගේ ගණනය සමඟ) නිවරුදි කිරීම පිණිසය. පසු ව අල්ලාහ් තහනම් කළ දෑ ඔවුහු අනුමත කර ගනිති. ඔවුන්ගේ ක්‍රියාවන් හි නපුර ඔවුනට අලංකාර කරනු ලැබීය. ප්‍රතික්ෂේප කළ පිරිසට අල්ලාහ් යහමඟ නොපෙන්වයි.       (අල්-කුර්ආන් 9:37)

 

 

 

 

 

 

 

 

 


5-    ෂිර්ක්හි කොටස්
ෂිර්ක් වර්ග දෙකකි.

ෂිර්ක් අක්බර් හෙවත් මහා පරිමාණයේ ආදේශය හා ෂිර්ක් අස්ගර් හෙවත් සුළු පරිමාණයේ ආදේශය

පළමුවැන්න අෂ්-ෂිර්කුල් අක්බර් හෙවත් මහා පරිමාණයේ ආදේශය එය අල්ලාහ්ගේ පරිපාලනයේ හෝ ඔහුගේ දේවත්වයේ හෝ ඔහුගේ නාමයන් හි හෝ ඔහුගේ ගුණාංගයන් හි ඔහුට හවුල් කරුවෙකු පත් කිරීම ය.

මෙම ආදේශය දහමින් බැහැර කරවන්නකි. සියලු යහක්‍රියාවන් නිෂ්ඵල කරවන්නකි. එයට අදාළ පුද්ගලයා දඬුවම් ලැබිය යුතු පුද්ගලයකු වෙයි. තමන් කළ ආදේශයේ වරද ට සමාව නොඅයැද මරණයට පත් වූයේ නම් සදාතනික නිරයට පිවිසෙනු ඇත.  

මහා ආදේශය යනු සම්පූර්ණ නැමදුම හෝ ඉන් කොටසක් හෝ අල්ලාහ් නොවන අය වෙත හැරවීමය. උදාහරණ වශයෙන් අල්ලාහ් නොවන අයගෙන් ප්‍රාර්ථනා කිරීම. භාරහාර හා සත්ව කැපීම් අල්ලාහ් නොවන මියගිය ඇත්තන් ජින්නුන් හා ෂෙයිතානුන් වෙනුවෙන් ඉටු කිරීම පෙන්වා දිය හැක. එමෙන්ම අල්ලාහ් නොවන අයගෙන් ධනවත් භාවය හා සුවය පැතීම. තම අවශ්‍යතාවන් අයැද සිටීම. වාර්ෂාව පැතීම වැනි අල්ලාහ්ගෙන් මිස වෙන කිසිවෙකුට ඒ කෙරෙහි බලයක් නොමැති දෙයක් අල්ලාහ් නොවන්නන්ගෙන් පැතීම ද එලෙසමය. මෙලෙස දැහැමියන්ගේ හා දේව සමීපතයින්ගේ සොහොන් ඉදිරියේ  ද ගස් ගල් වැනි පිළිමයන් ඉදිරියේ ද අඥාන ජනයා ඉල්ලා සිටියහ.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

إِنَّهُ ُ مَنْ يُشْرِكْ بِاللَّهِ فَقَدْ حَرَّمَ اللَّهُ عَلَيْهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ

සැබැවින් ම විෂයය නම් කවරෙක අල්ලාහ් ට ආදේශ තැබුවේ ද අල්ලාහ් ඔහු ට ස්වර්ගය තහනම් කළේය. ඔහුගේ නවාතැන නිරය වේ. අපරාධකරුවන් ට උදව්කරුවන් කිසිවෙකු නොමැත.
(අල්-කුර්ආන් 5:72)

•    මහා ෂිර්ක් වර්ග අතුරින් සමහරක්

1-    බිය සම්බන්ධයෙන් වූ ආදේශය
කෙනෙකු අල්ලාහ් නොවන ගල් ගස් හා පිළිම වලට හෝ නපුරු බලවේග වලට හෝ මිය ගිය ඇත්තන් ට හෝ අදෘශ්‍යමාන ජින්නුන් ට හෝ ජනයා මගින් සිදු විය හැකි හානිය ගැන හෝ තමන් පිළිකුල් කරන දෙයක් තමන් හට සිදුවීම ගැන හෝ  බිය වීමය.  

මේවා දහමෙහි දැඩි සැලකිල්ල ට භාජනය වන ඉතා වැදගත් ස්ථානයන් ය. එබැවින් කවරෙකු මෙවන් ක්‍රියා අල්ලාහ් නොවන දෑ සඳහා යොමු කළේ ද ඔහු අල්ලාහ් ට මහත් සේ ආදේශ කළ අයෙකු වේ. මෙය මිනිසා ව විනාශ කර දමන ෂෙයිතාන්ගේ ආයුධයයි.  
   
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّمَا ذَلِكُمُ الشَّيْطَانُ يُخَوِّفُ أَوْلِيَاءَهُ فَلَا تَخَافُوهُمْ وَخَافُونِ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ.
ෂෙයිතාන්ම ය තම මිතුරන් පිළිබඳ ව (නුඹලා ව) බියට පත් කරවන්නේ. නුඹලා ඔවුන ට බිය නොවවු. තවද නුඹලා විශ්වාසවන්තයින් නම් මට ම බිය වවු.
(අල්-කුර්ආන් 3:175)

2-    භාර කිරීම සම්බන්ධයෙන් වූ ආදේශය: එනම් සියලුම කටයුතු වල දී හා සියලුම අවස්ථාවන් හි දී අල්ලාහ් කෙරෙහි සියල්ල භාර කිරීම ය. එය අල්ලාහ් ට පමණක් අවංකත්වයෙන් ඉටු කරන්නා වූ නැමදුම් අතුරින් අතිමහත් නැමදුමකි.

එබැවින් කවරෙකු අල්ලාහ් හැර වෙන කිසිවෙකු ට කළ නොහැකි ක්‍රියාවක් වෙනත් කෙනෙකු වෙත භාර කරන්නේ ද  ඔහු ද මා හා ආදේශයේ වරද සිදු කළ අයෙකු වන්නේය. උදාහරණයක් වශයෙන් කෙනෙකු මළවුන් හා අදෘශ්‍යමාන බලවේගයන් තමන්ට ඇති වන හානියෙන් වළක්වනු ඇත. ඔවුන් තම අවශ්‍යතාවන් හා ආහාරය සපයනු ඇත යැයි විශ්වාස කිරීම.  

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَعَلَى اللَّهِ فَتَوَكَّلُوا إِنْ كُنْتُمْ مُؤْمِنِينَ
නුඹලා විශ්වාස වන්තයින් නම් අල්ලාහ් කෙරෙහි පමණක් සියල්ල භාර කරන්න.  (අල්-කුර්ආන් 5:23)

3-    ආදරය සම්බන්ධයෙන් වූ ආදේශය.: එනම් අල්ලාහ් කෙරෙහි වූ ආදරය පූර්ණ යටහත් භාවය හා පූර්ණ අවනතභාවය අන්තර්ගත වූ ආදරයකි. මෙම ආදරය අල්ලාහ් ට පමණක් අවංකව සිදු කළ යුත්තකි. මේ සම්බන්ධයෙන් ඔහු සමඟ තවත් කෙනෙකු ආදේශ කිරීම සුදුසු ක්‍රියාවක් නොවේ.

එබැවින් අල්ලාහ් ට ආදරය දක්වා පසු ව එම ආදරය හා ගරුත්වය අල්ලාහ් නොවන සමානයන්ටත් පුද කිරීම වැනි අල්ලාහ් නොවන වෙනත් අය වෙත තම ආදරය පුද කර සිටින්නේ නම් එය ද මහා ආදේශයකි.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَمِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللَّهِ أَنْدَادًا يُحِبُّونَهُمْ كَحُبِّ اللَّهِ وَالَّذِينَ آَمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ وَلَوْ يَرَى الَّذِينَ ظَلَمُوا إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلَّهِ جَمِيعًا وَأَنَّ اللَّهَ شَدِيدُ الْعَذَابِ
අල්ලාහ් හැර සෙසු දෑ (ඔහුට) සමගාමීන් ලෙස ගත් අය මිනිසුන් අතර වෙති. අල්ලාහ් ව ප්‍රිය කරන්නාක් මෙන් ඔවුහු ඔවුන් ව ප්‍රිය කරති. නමුත් විශ්වාස කළවුන් අල්ලාහ් ව ප්‍රිය කිරීමෙහි ඉතා දැඩි ය. කවුරුන් අපරාධ කළේ ද ඔවුන් දඬුවම දකින විට සැබැවින් ම සියලු බලය අල්ලාහ් ට හිමි බව ද සැබැවින් ම අල්ලාහ් දඬුවම් ලබා දීමෙහි ඉතා දැඩි බව ද වටහා ගන්නේ නම් ! (මැනවි)             (අල්-කුර්ආන් 2:165)

4-    අවනත වීමෙහි ආදේශය: අල්ලාහ් තහනම් කළ දෑ අනුමත කිරීම විෂයයෙ හි හා ඔහු අනුමත කළ දෑ තහනම් කිරීම විෂයයෙ හි විද්වතුන් ප්‍රධානීන් නායකයින් නීතිවේදීන් ට අවනත වීම.

මෙම විෂයයෙ හි කවරෙකු ඔවුන්ට අවනත වූ යේ ද ඔහු ආගම් ගත කිරීමෙ හි ද අනුමත කිරීමෙ හි ද තහනම් කිරීමෙ හි ද අල්ලාහ් සමඟ හවුල් කරුවන් ගෙන ඇත්තේය. අල්ලාහ් පවසන අයුරින් එය මහා ආදේශයකි.

اتَّخَذُوا أَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ أَرْبَابًا مِنْ دُونِ اللَّهِ وَالْمَسِيحَ ابْنَ مَرْيَمَ وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا إِلَهًا وَاحِدًا لَا إِلَهَ إِلَّا هُوَ سُبْحَانَهُ عَمَّا يُشْرِكُونَ

ඔවුහු අල්ලාහ් හැර ඔවුන්ගේ ආගමික නායකයින් ව ද පියතුමන්ලා ව ද මර්යම්ගේ පුත් මසීහ් ව ද පරමාධිපතියන් ලෙස ගත්තෝය. එකම දෙවියන් ව ඔවුන් නැමදීම පිණිස මිස ඔවුන් අණ කරනු නොලැබුවෝය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු සුවිශුද්ධ ය.                 (අල්-කුර්ආන් 9:31)

•    කුහකත්වයේ කොටස්

කුහකත්වය කොටස් දෙකකි

පළමුවැන්න : මහා පරිමාණයේ කුහකත්වය හෙවත් මිනිසෙකු බාහිර ලෙසින් තම ඉස්ලාමය පෙන්වා ගෙන දේව ප්‍රතික්ෂේපය අභ්‍යන්තරයේ තබා ගනිමින් ප්‍රතිපත්තිමය වශයෙන් ගෙන ඇති කුහකත්වයයි.
මෙවන් දේව ප්‍රතික්ෂේපිත පුද්ගලයින් තමන් මිය යෑමට පෙර පශ්චාත්තාප වී නොමිදුණේ නම් නිරා ගින්නේ පහළ ම තලයට වැටෙනු ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

إِنَّ الْمُنَافِقِينَ فِي الدَّرْكِ الْأَسْفَلِ مِنَ النَّارِ وَلَنْ تَجِدَ لَهُمْ نَصِيرًا ، إِلَّا الَّذِينَ تَابُوا وَأَصْلَحُوا وَاعْتَصَمُوا بِاللَّهِ وَأَخْلَصُوا دِينَهُمْ لِلَّهِ فَأُولَئِكَ مَعَ الْمُؤْمِنِينَ وَسَوْفَ يُؤْتِ اللَّهُ الْمُؤْمِنِينَ أَجْرًا عَظِيمًا .

ආත්ම වංචනිකයින් නිරයේ පහළ ම කොටසේ සිටිති. ඔවුන් වෙනුවෙන් වූ උදව් කරුවෙකු නුඹ නොදකින්නෙහි ය. නමුත් කවරෙකු පශ්චාත්තාපයේ නියැළී තමන් ව සංශෝධනය කර ගෙන අල්ලාහ්(ගේ දහම) ඉතා තදින් ග්‍රහණය කර අල්ලාහ් වෙනුවෙන් පමණක් චිත්ත ඒකාග්‍රතාවෙන් තම දහමට යොමු වන්නන් හැර. මොවුන් විශ්වාසවන්තයින් සමඟ ය. විශ්වාසවන්තයින් ට අල්ලාහ් මහත් වූ ප්‍රතිඵල මතු ලබා දෙන්නේය.     (අල්-කුර්ආන් 4: 145,146)

දෙවැන්න සුළු පරිමාණයේ කුහකත්වය. තම ක්‍රියාවන් වල පෙන්වන වංචනික භාවයයි. එම පුද්ගලයින් ඉස්ලාම් දහමින් බැහැර නොවන නමුත් අල්ලාහ් ට හා ඔහුගේ දූතයාණන් ට පිටුපෑවෙකු වෙයි. එබැවින් ඔහු එහෙයින් මහා කුහකත්වයේ සීමාවට නොයන පරිදි පව් සමාව ඇයැදීම ඔහුගේ වගකීම වේ.
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرٍو رضي الله عنهما أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " أَرْبَعٌ مَنْ كُنَّ فِيهِ كَانَ مُنَافِقًا خَالِصًا وَمَنْ كَانَتْ فِيهِ خَصْلَةٌ مِنْهُنَّ كَانَتْ فِيهِ خَصْلَةٌ مِنْ النِّفَاقِ حَتَّى يَدَعَهَا إِذَا اؤْتُمِنَ خَانَ وَإِذَا حَدَّثَ كَذَبَ وَإِذَا عَاهَدَ غَدَرَ وَإِذَا خَاصَمَ فَجَرَ" متفق عليه
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් පැවසූ බව අබ්දුල්ලාහ් ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

කරුණු සතරක් ඇත. ඒවා කවරෙකු තුළ පවතී ද ඔහු ප්‍රකට කුහකයෙකු වනු ඇත. ඔහු තුළ ඒවායින් එක් කරුණක් ඇත්තේ නම් එය ඔහු අත හැර දමන තෙක් කුහකත්වයේ කරුණක් ඔහු තුළ පවතී. එනම්
1. ඔහු ව විශ්වාස කරනු ලැබූ විට එය කඩ කරයි.
2. කතා කළ විට බොරු තෙපලයි.
3. අන්‍යෝන්‍යව ගිවිසමක් කළ විට එයට වංචා කරයි.
4. අන්‍යෝන්‍යව වාද කළ විට එහි වැරදි සිදු කරයි.                 (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
සුළු පරිමාණයේ ආදේශය: එනම් මහා ආදේශයේ පාපයට නොයමින් තම ඒකීය භාවයේ අඩුවක් නොකරමින් නීති සම්පාදිතයා වෙත කිසිදු හවුල් කරුවෙකුගේ නාමයක් සම්බන්ධ නොකළ තත්වයක පවතින ආදේශයන් ය. නමුත් එය දහමින් බැහැර නොකරයි. එය මහා පරිමාණ ආදේශය වෙත කැටුව යන මාධ්‍යයකි. එසේ සිදු කරන්නා දේව විශ්වාසී පාපියෙකුගේ ඝණයට අයත් වෙයි. ඔහුට දඬුවම් නොපමුණුවනු ඇත.
මහා පරිමාණයේ ආදේශය සියලුම දැහැමි ක්‍රියාවන් නිෂ්ඵල කර දමයි. නමුත් සුළු පරිමාණයේ ආදේශය එයට සම්බන්ධ වූ ක්‍රියාව පමණක් නිෂ්ඵල කර දමයි.
ෂිර්ක් යන පදය එය අල්-කුර්ආනයේ මහා පාපයක් ලෙස අදහස් කිරීමකින් මිස සඳහන් වී නොමැත. සුළු පරිමාණයේ ෂිර්ක් පිළිබඳ ව පූර්ව වාර්තාකරු සම්බන්ධතාවයකින් යුත් හදීස් හි සඳහන් ව ඇත.

1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
قُلْ إِنَّمَا أَنَا بَشَرٌ مِثْلُكُمْ يُوحَى إِلَيَّ أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَمَنْ كَانَ يَرْجُو لِقَاءَ رَبِّهِ فَلْيَعْمَلْ عَمَلًا صَالِحًا وَلَا يُشْرِكْ بِعِبَادَةِ رَبِّهِ أَحَدًا
(නබිවරය) සැබැවින් ම මම නුඹලා මෙන් මිනිසෙකි. (නමුත්) මා වෙත වහී පහළ කරන ලද්දේය. සැබැවින් ම නුඹලාගේ දෙවිඳුන් එකම දෙවිඳෙකි. කවරෙකු තම පරමාධිපති හමුවීම අපේක්ෂා කරමින් සිටියේ ද ඔහු යහකම් කරත්වා. ! තව ද තම පරමාධිපති ට නැමදුම් කිරීමෙ හි කිසිවෙකු ආදේශ නොකරත්වා. !            (අල්-කුර්ආන් 18:110)
عَنْ أَبِي هُرَيْرَةَ قَالَ رضي الله عنه : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : " قَالَ اللَّهُ تَبَارَكَ وَتَعَالَى : أَنَا أَغْنَى الشُّرَكَاءِ عَنْ الشِّرْكِ مَنْ عَمِلَ عَمَلًا أَشْرَكَ فِيهِ مَعِي غَيْرِي تَرَكْتُهُ وَشِرْكَهُ " أخرجه مسلم
අල්ලාහ් ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
උත්තරීතර අති උත්කෘෂ්ඨ අල්ලාහ් මෙසේ පැවසුවේය. මම ආදේශ තබන හවුල්කරුවන්ගෙන් තොරය. කවරෙකු මා සමඟ  මා හැර වෙනත් කෙනෙකු ආදේශ කර ගනිමින් යම් ක්‍රියාවක් කළේ ද මා ඔහුව ද ඔහු කළ ආදේශිත ක්‍රියාව ද අත හැර දැමුවෙමි.              (මූලාශ්‍රය: මුස්ලිම්)
කුඩා පරිමාණ ආදේශයේ කොටස්
පළමුවැන්න සිත හා බැඳුණු නැමදුම් වල ඇති වන්නා සුළු ආදේශයන්. ඒවා අතුරින්
1. අර්-රියා හෙවත් ප්‍රදර්ශනය එනම් දැහැමි ක්‍රියාවක් ප්‍රසිද්ධියේ කර තම ජනයා ඉදිරියේ ප්‍රශංසාව ලබනු පිණිසත් ගරු බුහුමන් ලබනු පිණිසත්  තමන් යහපත් පුද්ගලයෙකු බව ප්‍රදර්ශනය කර ගැනීම.
එසේ අන් අයට ප්‍රදර්ශනය කිරීමේ වර්ග බොහෝමයක් ඇත. උදාහරණයක් වශයෙන් තමන් ඥානවන්තයෙකි බුද්ධිමතෙකි යනුවෙන් පැවසීම එය තම ප්‍රකාශයන් තුළින් ප්‍රදර්ශනය කිරීමකි. තමන් නැමදුම් කරන්නෙකි. වීරයෙකි. ගෞරවනීය පුද්ගලයෙකි යැයි පැවසීම මෙය තම ක්‍රියාවන් හි ප්‍රදර්ශනය කිරීමකි. තමන් මුණිවරයෙකියි පැවසීම. මෙය තම පිහිටීමෙහි හා වස්ත්‍රයෙහි ප්‍රදර්ශනය කිරීමකි.
මෙම අර්-රියා හෙවත් වංක ප්‍රදර්ශනය තහනම් කරන ලද්දකි. එය ආවේණික ක්‍රියාවෙ හි ප්‍රතිඵල නිෂ්ඵල වනු ඇත.
2. මිනිසා මෙලොව ක්‍රියාවන් පමණක් අපේක්ෂා කිරීම. උදාහරණයක් වශයෙන් යුදමය මෙවලම් තමන් අත්පත් කර ගැනීම පිණිස යුද වැදීම ධනය රැස් කිරීම පිණිස හජ් ඉටු කිරීම සහතික ලබනු පිණිස ආගමික දැනුම හැදෑරීම වැනි දෑ පෙන්විය හැක.
3. හේතු සාධක මත පමණක් රැඳී සිටීම. සැබැවින් ම මෙම හේතු සාධකය අල්ලාහ්ගෙන් තොරව තමන් ට ප්‍රයෝජනය ගෙන දෙනු ඇතැයි කෙනෙකු විශ්වාස කළේ නම් ඔහු මහා පරිමාණ ආදේශයේ වරදට වැටිණ. නමුත් කවරෙකු හෝ යහපත හා අයහපත ගෙන දෙන්නේ අල්ලාහ් යැයි විශ්වාස කොට එම හේතු සාධකය මත රැඳුණේ නම් ඔහු සුළු පරිමාණ ආදේශයේ වරට ද වැටිණ. එබැවින් හදවතින් අල්ලාහ් වෙත සියල්ල භාර කිරීමත් සමඟ තම ශාරීරික ක්‍රියාදාමයන් සිදු කිරීම මිනිසා ට අනිවාර්යය වෙයි.
4. අශුභ පලාපල පැවසීම. එය පේන බැලීමකින් හෝ ශ්‍රවණය කිරීමකින් හෝ ස්ථාන ගත කිරීමකින් හෝ වේලාව බැලීමකින්   හෝ සිදු විය හැක.
කවරෙකු හෝ තමන් අත හැර දැමීමට අපේක්ෂා කළ දෙයක් සිදු කිරීමට හෝ සිදු කිරීමට අපේක්ෂා කළ දෙයක් අත හැරීමට හෝ මෙම මාධ්‍යය උසුලන්නේ නම් ඔහු සුළු පරිමාණ ආදේශයේ වැටිණ. මෙයින්  යහ පෙර නිමිති පැවසීම මෙම වරදින් දුරස් වෙයි.
දෙවැන්න : ක්‍රියාවන් හි සුළු පරිමාණ ආදේශය. එහි වර්ග බොහෝමයක් ඇත. ඉන් සමහරක් මෙසේය.
ඍජු ලෙස දේව ආදේශය මුල් කර ගනිමින් සුර බැදීම. අසුබවාදී දැයින් මිදෙනු පිණිසත් එය ඉවත් කරනු පිණිසත් එමගින් ආරක්ෂාව පතනු පිණිසත් රෝගීන් දරුවන් හා සතුන් මත එල්ලන සියලු දෑ මෙයට අදාළ වෙයි. කෙනෙකු අල්ලාහ් කෙරෙහි වූ විශ්වාසය හැර දමා ඒවා පිහිටීමෙන් පමණක් ප්‍රයෝජන ලබනු ඇතැයි විශ්වාස කළේ නම් ඔහු මහා පරිමාණ ආදේශයේ වරද ට වැටෙනු ඇත.
නමුත් සැබැවින් ම ප්‍රතිඵල ලබා දෙන්නා සුවය ලබා දෙන්නා අල්ලාහ් ය යැයි තරයේ විශ්වාස කර පසු ව ඔහුගේ මානසිකත්වය මෙය එල්ලීම තුළින් තමන් ට අත්වන විපාකයෙන් මිදිය හැකි යැයි පවතින්නේ නම් එවිට එය සුළු පරිමාණ ආදේශ තැබීමක් වනු ඇත. හේතුව ඔහු අල්ලාහ් ව විශ්වාස කළ ද එම හේතු කාරක මත රැඳී සිටින බැවිනි.
තුන්වැන්න.  ප්‍රකාශයන් හි සිදු වන සුළු පරිමාණ ආදේශයන්. මෙය වර්ග බොහෝමයක් ඇත. ඉන් සමහරක් මෙසේය.
1-    අල්ලාහ් නොවන දෑ මත දිවුරීම. අල්ලාහ්ට පෙන්වන ගරුත්වය හා සමාන ගරුත්වයක් හෝ ඊට වඩා වැඩි ස්ථානයක් ලබා දීමේ අරමුණින් අල්ලාහ් නොවන සෙසු දෑ මත දිවුරා සිටින්නේ නම් එය මහා ආදේශයක් වේ. ඊට වඩා අඩු ප්‍රමාණයකින් වේ නම් එය සුළු පරිමාණ ආදේශයක් වේ.
عَن ابْنِ عُمَرَ رضي الله عنهما قال: سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ "مَنْ حَلَفَ بِغَيْرِ اللَّهِ فَقَدْ كَفَرَ أَوْ أَشْرَكَ" أخرجه أبو داود والترمذي
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
කවරෙකු අල්ලාහ් නොවන දෑම මත දිවුරුවේ ද සැබැවින් ම ඔහු (දෙවියන් ව) ප්‍රතික්ෂේප කළේය. එසේ නොමැති නම් (දෙවියන්ට) ආදේශ තැබුවේය. (මූලාශ්‍රය: අබූ දාවූද්, තිර්මිදි)
2-    අල්ලාහ් හා වෙනත් මැවීමක් සමඟ සම්බන්ධ කිරීම. උදාහරණයක් වශයෙන් මට ඉන්නේ අල්ලාහ් හා ඔබ පමණයි. අල්ලාහ් හා ඔබ අභිමත කරන්නේ නම් යනුවෙන් ප්‍රකාශ කිරීමක් මෙනි. මෙය මහා ආදේශ කිරීමකි. එමෙන් ම අල්ලාහ් පමණ ය මැවුම්කරු. එනමුත් ඔහු විසින් මවන ලද දෑ මෙම කරුණකට ක්ෂණික පිළිතුරු ලබා දෙනු ඇතැයි සිතන්නේ ද එය සුළු පරිමාණ ආදේශයක් වේ.
عَنْ حذيفة رضي الله عنه عن النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "لَا تَقُولُوا مَا شَاءَ اللَّهُ وَشَاءَ فُلَانٌ وَلَكِنْ قُولُوا مَا شَاءَ اللَّهُ ثُمَّ شَاءَ فُلَانٌ" أخرجه أحمد وأبو داود

නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව හුදෙයිෆා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
පුද්ගලයා අභිමත කළ පරිදි අල්ලාහ් ද අභිමත කර ඇත්නම් යැයි නුඹලා නොපවසනු. නමුත් අල්ලාහ් අභිමත කළේ නම් යැයි පවසා පුද්ගලයා ද අභිමත කළේ නම් යැයි පවසනු යැයි ප්‍රකාශ කළහ.                 මූලාශ්‍රය: අහ්මද් අබූ දාවූද්
3. තාරකා මගින් වර්ෂාව පැතීම. එනම් තරුව තුළින් වර්ෂාව පහළ විය යුතු යැයි අයැද සිටීම හෝ වර්ෂාව තරුව වෙතට සමීප විය යුතු යැයි ඇයැද සිටීම. මෙලෙස කෙනෙකු අල්ලාහ්ගේ අභිමතයෙන් තොරව තාරකාව වර්ෂාව පහළ කරනු ඇතැයි විශ්වාස කළේ නම් එවිට එය ද මහා පරිමාණ ආදේශයක් වේ.
සැබැවින් ම අල්ලාහ් වර්ෂාව පහළ කරවන්නා යැයි විශ්වාස කොට නමුත් තාරකා වර්ෂාව පහළ වීමට හේතුවක් බවට පත් කළේ නම් එවිට එය  සුළු පරිමාණ ආදේශයක් වේ. හේතුව හේතුවක් නොවන දෙයක් හේතුවක් බවට පත් කළ බැවිනි.
4. කුඩා පරිමාණ ආදේශනයෙ හි තවත් වැදගත් කරුණක්  වනුයේ අල්ලාහ් නොවන දැයකට නැමදුම් කිරීම සම්බන්ධයෙන් අර්ථ ගෙන දෙන නම් තැබීමය. උදාහරණ වශයෙන් අබ්දුර් රසූල් - ධර්ම දූතයාගේ ගැත්තා, අබ්දුල් කඃබා - කඃබාවේ ගැත්තා වැනි නාමයන් දැක්විය හැක.
කුඩා පරිමාණ ආදේශයන් එයට අයත් පුද්ගලයාගේ හදවතෙ හි ඇති වන සිතුවිලි අනුව මහා පරිමාණ ආදේශයන් බවට පත් වනු ඇත.
එබැවින් පොදුවේ ආදේශය කුඩා පරිමාණයෙන් වුව ද සුළු පරිමාණයෙන් වුව ද සියලු ආකාරයේ ආදේශනයන්ගෙන් මුස්ලිම්වරු මිදිය යුතු වේ. ආදේශය මහත් අපරාධයකි. සමස්ත ලෝකයන් හි පරමාධිපති ව හීනමාන කිරීමකි.
උත්තරීත අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَإِذْ قَالَ لُقْمَانُ لِابْنِهِ وَهُوَ يَعِظُهُ يَا بُنَيَّ لَا تُشْرِكْ بِاللَّهِ إِنَّ الشِّرْكَ لَظُلْمٌ عَظِيمٌ
ලුක්මාන් තම පුතා ට උපදෙස් දුන් අවස්ථාව සිහිපත් කරවු. මාගේ පුතණුවනි, අල්ලාහ් ට ආදේශ නොතබන්න. සැබැවින් ම ආදේශ තැබීම මහත් අපරාධයකි.         (අල්-කුර්ආන් 31:13)
•    දේව ආදේශ සම්බන්ධයෙන් වූ ක්‍රියාවන් ප්‍රකාශයන් හා ඒවායෙහි මාධ්‍යයන්
ඇතැම් ප්‍රකාශයන් හා ක්‍රියාවන් එය සිදු කරන්නාගේ හදවත තුළ ක්‍රියා කරන කරුණු හා හදවතෙ හි බිහි වන කරුණු අනුව මහා පරිමාණ අදේශයක් ද සුළු පරිමාණ ආදේශයක් ද යන්න දෙගිඩියාවෙන් පවතී. එය තව්හීද් හෙවත් ඒකීයවාදය බිඳ හෙළයි. එසේ නොමැති නම් එහි පවිත්‍රතාවට හානි පමුණුවයි. එය ෂරීආ ව තහනම් කරයි. එවැනි ඇතැම් කරුණු දෙස දැන් අපි යොමු වෙමු.
1-     වළලු පැලඳීම හා නූල් බැඳීම වැනි දෑ
යමෙකු සිදු වන කරදර වලින් මිදිය හැක එය වළක්වා ගත හැක යන චේතනාවෙන් මෙලෙස නූල් හෝ වළලු පලඳින්නේ නම් එය අල්ලාහ් නොවන දෑ සමඟ සම්බන්ධ කර ඇති බැවින් ෂිර්ක් -දේව ආදේශයක්- වේ.
2-    දරුවන්ගේ ගෙලෙහි සුර බැඳීම වැනි දෑ
තහඩු කැබැල්ලක් හෝ වේවා අස්ථි කැබැල්ලක් හෝ වේවා ලියන ලද යම් පත්‍රිකාවක් හෝ වේවා සියල්ල එකම ඝණයට අයත් ය. එසේ එය පලඳිනු ලබන්නේ ඇස්වහ වලින් ආරක්ෂා වීමට ය. යහපත හා අයහපත අල්ලාහ්ගේ අභිමතය පරිදි මිස සිදු නොවන්නේ ය. නමුත් මෙහි දී  අල්ලාහ් නොවන දෑ සමඟ සම්බන්ධ කර ඇති බැවින් මෙය ද ෂිර්ක් -දේව ආදේශයක්- වේ.
3-    සුගුණ බැලීම  වැනි දෑ
එය පක්ෂීන් හෝ සතුන් හෝ මිනිසුන් හෝ ස්ථානයන් හෝ දින හෝ වර්ණ බැලීමෙන් සිදු වෙයි. මෙය ද ආදේශ තැබීමකි. හේතුව අල්ලාහ්ගෙන් හැර තමන් ට කිසිදු යහපතක් හෝ හානියක් හෝ සිදු කිරීමට කිසිදු අයිතියක් නොමැති මැවීමකින් යමක් සිදු වන බවට විශ්වාසය තබන බැවිනි. මෙය සිතෙ හි කුකුස ඇති කරවන ෂෙයිතාන්ගේ ක්‍රියාවලියකි. එය අල්ලාහ් කෙරෙහි සියල්ල භාර කළ යුතුයි යන මූලික ප්‍රතිපත්තියෙන් බැහැර කරවන්නකි.
4-    අභිවෘද්ධිය පැතීම
ගස් ගල් පුරාණ වස්තූන් හා මළවුන් වැනි දෑ මුල් කර ගනිමින් අභිවෘද්ධිය පැතීම ය. මෙවැනි වස්තූන්ගෙන් අභිවෘද්ධිය පැතීමත් එයින් යමක් අපේක්ෂා කිරීමත් එය විශ්වාස කිරීමත් ෂිර්ක් හෙවත් ආදේශ තැබීමකි. හේතුව අභිවෘද්ධිය ලබා දෙනුයේ අල්ලාහ් මිස වෙන කිසිවෙකු නොවේ.
ඉහත කී සියලු දෑ සැලකිල්ල ට ගන්නේ නම් අල්ලාහ්ගෙන් තොරව මේවා ට පමණක් යම් බලපෑමක් සිදු  කළ හැකැයි විශ්වාස කළේ නම් එවිට ඔහු මහා පරිමාණ ආදේශයක් කළ අයෙකු වේ.
නමුත් මේවා සියල්ල යම් බලපෑමක් සිදු කළ හැකි මාධ්‍යයන් ය. මේවා විසින් පමණක් ම බලපෑමක් සිදු කළ නොහැකි යැයි විශ්වාස කළේ නම් ඔහු සුළු පරිමාණ ආදේශයක් කළ අයෙකු බවට පත් වෙයි.
5-    හූනියම් කිරීම (කොඩිවින කිරීම)
හූනියම යනු සඟවනු ලැබූ එමෙන් ම එයට අදාළ කාරණාව හීන කරනු ලැබූ දෑය.
හදවතෙ හි හා ශරීරයේ බලපෑම් ඇති කරන අයුරින් කරන ප්‍රකාශයන් විවිධාකාර ජප කිරීම් රැකවරණයන් එමෙන් ම බන්ධනයන් හූනියම යනුවෙන් අර්ථවත් වේ. එය මිනිසා රෝගී භාවයට පත් කරයි. එසේ නොමැතිනම් මිනිසාගේ ජීවිතය විනාශ කර දමයි. එසේත් නොමැති නම් ස්වාමි පුරුෂයා හා බිරිය අතර වෙන් කරයි. මෙය ෂෙයිතාන්ගේ ක්‍රියාමාර්ගයන් ය.
හූනියම දේව ආදේශයකි. හේතුව අල්ලාහ් නොවන දුෂ්ට බලවේගයන්ගේ සම්බන්ධතාවක් එහි පවතින බැවින් හා ගුප්ත දෑ පිළිබඳ ඥානය තර්කයක් ලෙස එහි පිහිටන බැවිනි.
රංග ශාලා වල හෝ  මාර්ගයන් හි පවත්වනු ලබන මැජික් හෙවත්  ඇස්බැන්දුම් සංදර්ශන ද හූනියම් අතුරින් එකකි. එය සිදු කිරීම හෝ එය නැරඹීම හෝ ඒ සඳහා වියදම් කිරීම හා එයින් ඉපැයීම හෝ තහනම් වේ. මෙය ද දේව ආදේශය කරා මිනිසාව යොමු කරවන්නකි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَكِنَّ الشَّيَاطِينَ كَفَرُوا يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ
සුලෙයිමාන් ප්‍රතික්ෂේප නොකළේය. නමුත් ෂෙයිතානුන් ප්‍රතික්ෂේප කළෝය. ජනයා ට හූනියම ඉගැන්නුවෝය.  (අල්-කුර්ආන් 2:102)
6-    පේන ශාස්ත්‍ර බැලීම වැනි දෑ
මෙය ද ගුප්ත දෑ පිළිබඳ ව වාදයකි. උදාහරණ වශයෙන් නපුරු බලවේගයන් දෙසට යොමු වී මහ පොළොවේ යමක් සිදු වන්නේ යැයි දැන්වීම. මෙය ද ආදේශනයකි. හේතුව මෙහි අල්ලාහ් නොවන දෑ වෙත සමීප වීමේ හා ගුප්ත දෑ පිළිබඳ දැනුමෙහි අල්ලාහ් ට ආදේශ තැබීමේ ක්‍රියාවලියන් අන්තර්ගත වන බැවිනි.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
කවරෙකු පේන කියන්නෙක් හා ශාස්ත්‍ර කරුවෙක් වෙත ගොස් ඔහු පවසන දෑ සම්බන්ධයෙන් ඔහු ව සත්‍යය කළේ ද එවිට සැබැවින් ම ඔහු මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් වෙත පහළ කළ දෑ ප්‍රතික්ෂේප කළේය.    (මූලාශ්‍රය : හාකිම්)
7-    ජ්‍යෝතිශ් ශාස්ත්‍රය
ලග්න මුල් කර ගනිමින් මහ පොළොවේ සිදු වන සිදුවීම් දන්වා සිටීමය. උදාහරණ වශයෙන් රාශි උදාවීමෙන් සුබ අසුබතා සිදු වේවි යැයි විශ්වාස කිරීම රාශි මාරු වීමෙන් රෝග හා නිවාරණයන් ඇති වේවි යැයි විශ්වාස කිරීම රාශි මාරුවෙන් මිල ඉහළ යෑම පිළිබඳ විශ්වාස කිරීම වැනි මිත්‍යා විශ්වාසයන් ය. මේ සියල්ල මහා පරිමාණ ආදේශයන් වේ. මෙහි ගුප්ත ය පිළිබඳ වාදය ද අල්ලාහ් ට ආදේශ තැබීම ද මෙහි අන්තර්ගත වේ.
ලෞකික දැහැමි කටයුත්තක් සඳහා සලකුණු වශයෙන් තාරකා වල පිහිටීම සාධක වශයෙන් ගැනීම වරදක් නොවේ. උදාහරණ වශයෙන් කිබ්ලා දිශාව හඳුනා ගැනීම ගමනාගමන කටයුතු සඳහා මෙසේ භාවිත කිරීම ෂරීආහ් අනුමත කර ඇත.
එමෙන් ම කාලගුණික විපර්යාසයන් හඳුනා ගැනීම පිණිස තාරකා ශාස්ත්‍රය සාධක වශයන් ගැනීම ද වරදක් නොවේ. උදාහරණ වශයෙන් හුළං හැමීම වර්ෂාව පතනය ශීත හා උෂ්ණත්ව කාලයන් උදා වීම ප්‍රදේශ හා දිශාවන් හඳුනා ගැනීම  වැනි කටයුතු දැක්විය හැක. හේතුව අල්ලාහ් සෑම දෙයකට ම එය හඳුනා ගැනීමේ සාධක බිහි කර ඇති බැවිනි. උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَعَلَامَاتٍ وَبِالنَّجْمِ هُمْ يَهْتَدُونَ  
තවද සලකුණු ද (යෙදුවෙමු) තවද තාරකාවන් මගින් ඔවුන් මඟ හඳුනා ගනිති.    (අල්-කුර්ආන් 16:16)
8-    තාරාකා ශාස්ත්‍රය තුළින් වර්ෂාව පැතීම
යම් කිසි තරුවක උදාව හෝ එහි අස්ථන්ගතය වර්ෂාපතනය හා සම්බන්ධ කර මේ මේ වාර්ෂාවන් අපට ඇද හැළෙනු ඇතැයි පැවසීම වාර්ෂාපතනය අල්ලාහ් වෙත සම්බන්ධ නොකොට තාරකා දෙසට සම්බන්ධ කිරීමකි. මෙය ද ෂිර්ක් හෙවත් ආදේශය වේ. වර්ෂාව පහළ වීම හෝ නොවීම ඇත්තේ අල්ලාහ්ගේ අතෙහිය. තාරකාවන් හෝ වෙනත් දෙයක් මත රැඳී නොමැත.
9-    භාග්‍යයන් අල්ලාහ් නොවන දෑ වෙත යොමු කිරීම ලොවෙ හි හා මතු ලොවෙ හි හිමි වන සියලු භාග්‍යයන් අල්ලාහ්ගෙනි.
කවරෙකු අල්ලාහ් නොවන වෙනත් දෑ වෙත ඒවා සම්බන්ධ කරන්නේ ද ඔහු ප්‍රතික්ෂේප කළ අයෙකු වෙයි. අල්ලාහ් ට ආදේශ තැබූවෙකු ද වෙයි. උදාහරණ වශයෙන් කෙනෙකු ධනය හෝ සුවය ලැබීම අල්ලාහ් හැර වෙනත් පුද්ගලයෙකු වෙත සම්බන්ධ කිරීම මහ පොළොවේ හෝ මහ මුහුදේ හෝ ගුවනේ ගමන් කරන විට එම ගමන හා ආරක්ෂා ව පිළිබඳ විශ්වාසය රියදුරා හෝ නාවිකයා හෝ ගුවන් නියමුවා වෙත තැබීම එසේත් නොමැති නම් යම් යහපතක් ලැබීම හෝ යම් පීඩාවකින් මිදීම හෝ එක් රජයකට නැතහොත් එක් පුද්ගලයකු ට එසෙත් නැතහොත් එක් ධජයකට එසේත් නොමැති නම් යම් කිසි සැලසුමකට සම්බන්ධ කිරීම.  
එබැවින් මේ සියලුම භාග්‍යයන් සම්බන්ධ කළ යුත්තේ අල්ලාහ් වෙත පමණ ය. ඒ වෙනුවෙන් ඔහුට කෘතඥ විය යුතුය. අල්ලාහ්ගේ මැවීම් විසින් සිදු වන ඇතැම් දෑ ඒවායෙහි හේතු සාධක පමණි. ගසක් ඵල දෙයි. නමුත් එය තමන් විසින් ම ඵල හට ගැන්විය නොහැක. කෙනෙකුට උදව් කළ හැක නමුත් එයින් ප්‍රයෝජනය ලබා දිය නොහැක. එබැවින් මෙහි මූල්‍ය කාරකය වනුයේ අල්ලාහ්ගේ අභිමතයයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَمَا بِكُمْ مِنْ نِعْمَةٍ فَمِنَ اللَّهِ ثُمَّ إِذَا مَسَّكُمُ الضُّرُّ فَإِلَيْهِ تَجْأَرُونَ
නුඹලා සමඟ ඇති කවර හෝ භාග්‍යයක් වුව ද එය අල්ලාහ් ගෙනි. නුඹලා ට යම් නපුරක් වෙළා ගත් විට නුඹලා ඔහු වෙත ම පැමිණිලි කරන්නෙහුය.     (අල්-කුර්ආන් 16:35)
•    රූප ඇඹීම හා ඡායා පිටපත් ගැනීම අල්ලාහ් ට ආදේශ තැබීමේ ක්‍රියාවලියට තුඩු දෙන අති භාරදූර හේතු සාධකයන් ය.
ප්‍රාණයක් ඇති සෑම දෙයක් ම රූප ගැන්වීම තහනම් කරනු ලද්දකි. එමෙන් ම එය මහා පාපයන් අතුරින් ද එකකි. පුරාතනයේ මෙන් ම නූතන කාල වකවානුවේ ද දහම විකෘති කරවන සදාචාරය විනාශ කර දමන ඉතා නින්දනීය දුර්භාග්‍යයමත් ප්‍රතිඵල ගෙන දෙන්නක් වෙයි.
පුරාතනයේ රූප ඇඹීම මහ පොළොවේ දේව ආදේශය සඳහා තුඩු දුන් මුල් ම හේතුවයි. එවකට නූහ් නබි තුමාගේ සමාජයේ සිටි වද්, සුවාඃ, යගූස්, යඌක් හා නස්රා නමැති ඇතැම් දැහැමියන්ගේ රූප අඹන ලදී. එසේ අඹන ලද්දේ එම දැහැමියන් කවුරුන්දැයි ජනතාවට පෙන්වීම සඳහා හා ඔවුන් කැප වීමෙන් ඉටු කළ නැමදුම් ජනයා ට මතක් කර දීම සඳහා ය. නමුත් කාලයාගේ ඇවෑමෙන් ජනයා අල්ලාහ් අත හැර දමා ඔවුන් ව නමදින්නට පටන් ගත්හ.
එබැවින් ඒක දේව සංකල්පය ට විරුද්ධ ව එහි ආදේශයන් ඇති කිරීමේ මුල් ම පාපයට ඉවහල් වූයේ රූප ඇඹීමය.
නූතනයේ ගනු ලබන ඡායා පිටපත් පවා දහම විකෘති කරවන යහපත් ගති පැවතුම් විනාශ කර දමන දුරාචාරය පතුරුවා හරින සදාචාරය ට බලපෑමක් ඇති කරන මාධ්‍යයන් ලෙස පිහිටා ඇත. කාන්තාවන්ගේ නිරුවත් හෝ අඩනිරුවත් ඡායා රූප ගෙන ඒවා පිරිමින් ඉදිරියේ ප්‍රදර්ශනය පිණිස තබයි. ඔවුන්ගේ දහම හා ඔවුන්ගේ සදාචාරය මෙමගින් විනාශ වී යයි. ජීවිතය මූසලභාවයෙන් වෙළා ගනියි. මෙය දහමට හා සදාචාරය ට එරෙහිව පවතින මහා පාපයකි.
යහකම් ඉදිරියේ අනර්ථකම් හිස ඔසවා ඇත. තහනම් කරනු ලැබූ දෙයක් වෙත මඟ පාදන දෑ ද තහනම් ය. එසේ තහනම් ව තිබිය දී එ වෙත යොමු වනුයේ කෙසේ ද? ඡායා පිටපත් ගන්නන් රූප අඹන්නන් ට අල්ලාහ් ශාප කර තිබිය දී එසේ සිදු කරනුයේ කෙසේ ද? එවන් අයට දැඩි දඬුවම් ඇති බව ට අල්ලාහ් ප්‍රතිඥා දී තිබිය දී ඒ වෙත හැරී බලනුයේ කෙසේ ද? අල්ලාහ් හා ඔහුගේ ධර්ම දූතයා ට විරුද්ධ ව කටයුතු කරන්නාගේ තත්ත්වය කෙසේ වී ද?
1-    
وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُهِينٌ
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
කවරෙකු අල්ලාහ් ට හා ඔහුගේ රසූල්වරයා ට පිටුපාන්නේ ද තවද ඔහුගේ සීමාවන් ඉක්මවා යන්නේ ද ඔහු ව නිරයට ඇතුළු කරවන්නේ ය. (ඔහු) එහි සදාතනිකයෙක් වන්නේය. තවද ඔහු ට අවමන් සහගත දඬුවමක් ඇත.      (අල්-කුර්ආන් 4: 14)
2-    
عَنْ ابن مسعود (رضي الله عنه) قَالَ: قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّم : " إِنَّ مِنْ أَشَدِّ أَهْلِ النَّارِ يَوْمَ الْقِيَامَةِ عَذَابًا الْمُصَوِّرُونَ" ( متفق عليه )
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ඉබ්නු මස්ඌද් (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ ප්‍රකාශ කරයි.
සැබැවින් ම මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා වැසියන් ට හිමි වන දැඩි දඬුවමින් එකකි රූප අඹන්නන්ට හිමි වන දඬුවම.    (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)
3-    
وَعَنْ أَبِيْ هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَالَ رَسُوْلُ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : " قَالَ اللَّهُ عَزَّ وَجَلَّ وَمَنْ أَظْلَمُ مِمَّنْ ذَهَبَ يَخْلُقُ كَخَلْقِي فَلْيَخْلُقُوا ذَرَّةً أَوْ لِيَخْلُقُوا حَبَّةً أَوْ شَعِيرَةً" (متفق عليه )
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සියලු ගෞරවය හිමි කීර්තිමත් අල්ලාහ් මෙසේ පවසා සිටියේය. මාගේ මැවීම සේ යමක් මැවීමට යන්නාට වඩා අපරාධ කරු කවරෙකු ද? ඔවුන(ට හැකි නම්) අණුවක් මවත්වා ! එ‍සේ නොමැතිනම් ධාන්‍ය ඇටයක් මවත්වා ! එසේත් නොමැතිනම් ඉරිඟු කරලක් මවත්වා !    (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

 

 

 


6 - අල්-බිද්ආ
බිද්ආ හි නීතිය
බිද්ආ යනු ෂරීආහ් ව විසින් දහම් ගත කළ බව ට කිසිදු සාධකයක් නොමැති නව්‍යකරණයක් ලෙස සමාජගත වූ ප්‍රකාශයකින් හෝ ක්‍රියාවකින් හෝ නියමිත යමක් අතහැරීමකින් හෝ අල්ලාහ් ට නමදින සෑම කරුණක් ම වේ.
බිද්ආ කොටස් තුනකට බෙදේ
පළමුවැන්න : ප්‍රතිපත්තිමය වශයෙන් සිදු වන බිද්ආ වේ. එනම් අල්ලාහ් හා ඔහුගේ ධර්ම දූතයාණන් හෙළිදරව් කළ දෑට පටහැණි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමය. උදාහරණ වශයෙන් ඊට අමතර යමක් උපකල්පනය කිරීම හෙළිදරව් කළ යමක් නැතැයි සිතීම ඉරණමක් (දෛවයක්) නැතැයි සිතීම හෙළිදරව් කළ වහී අනුගමනය නොකර තම බුද්ධිය මත රැඳීම අව්ලියාවරු එනම් දැහැමියන් ලොවෙ හි ක්‍රියාදාමයන් (හාස්කම්) සිදු කරනු ඇතැයි සිතීම වැන්න පෙන්වා දිය හැක.
දෙවැන්න : ක්‍රියාමය වශයෙන් සිදු වන බිද්ආ වේ. එය දහම් ගත නොවූ දෙයකින් අල්ලාහ් ව නැමදීමය. එනම් දහම් ගත කරනු නොලැබූ යමක් පිළිපැදීම හෝ ඊට අමතර ව යමක් සිදු කිරීම හෝ නියම නොකළ දෙයක් විශේෂ කාලයක් වෙන් කර ගනිමින් සිදු කිරීම හෝ දහම් ගත නොවූ නැමදුම් වල අඩුපාඩු ඇති කිරීම වේ.
මේ අනුව සොහොන් මත ගොඩනැගිලි ඉදිකිරීම එමගින් ප්‍රාර්ථනා පැතීම ඒ මත මස්ජිද් තැනීම, අල්ලාහ් ට නැමදුම් කිරීමේ අරමුණින් දහම් ගත නොකළ සැණකෙළි හා උත්සව පැවැත්වීම වැනි දෑ ඒ අතුරින් සමහරකි.
තුන්වැන්න : අතහැරීමෙන් සිදු වන බිද්ආ. එනම් අනුමත කරන ලද දෙයක් අතහැරීම හෝ අල්ලාහ් ට නැමදුමක් වශයෙන් ඉටු කරන්නැයි ඉල්ලා සිටි විවාහය වැනි දෙයක් අතහැරීම මාංශ අනුභවය හෝ වෙනත් පිවිතුරු දෑ අනුභවය අතහැරීම   
මේ සියලු ආකාරයේ බිද්ආ මුළාවන්ය. නොමඟ යෑම් ය. එමෙන් ම තහනම් කරනු ලැබූ දෑය. පිළිගැනීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලැබූ දෑය.  
1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
أَمْ لَهُمْ شُرَكَاءُ شَرَعُوا لَهُمْ مِنَ الدِّينِ مَا لَمْ يَأْذَنْ بِهِ اللَّهُ وَلَوْلَا كَلِمَةُ الْفَصْلِ لَقُضِيَ بَيْنَهُمْ وَإِنَّ الظَّالِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
අල්ලාහ් අනුමත නොදුන් දහමක් ඔවුන ට දහම් ගත  කරන හවුල්කරුවන් ඔවුනට වෙත් ද? තීන්දුවේ වදන නොවූයේ නම්, ඔවුන් අතර තීන්දු කරනු ලබන්න ට තිබුණි. තවද සැබැවින් ම අපාරධකරුවන් වන ඔවුන ට වේදනීය දඬුවම ඇත.         (අල්-කුර්ආන් 42:21)
2-    
عَنْ عَائِشَةَ رَضِيَ اللَّهُ عَنْهَا قَالَتْ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ " مَنْ أَحْدَثَ فِي أَمْرِنَا هَذَا مَا لَيْسَ فِيهِ فَهُوَ رَدٌّ " متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමිය විසින් වාර්තා කරන ලදී.
අපගේ විෂයෙ හි නොමැති දෙයක් කවරෙකු අලුතෙන් පටන් ගන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලැබූවකි.
        (මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්)

අල්-වලා හා අල්-බරා පිළිබඳ අවබෝධය

අල්-වලා යනු දේව විශ්වාසවන්තයින් කෙරෙහි ප්‍රේම කිරීම උදව් කිරීම උපකාර කිරීම හා ගෞරවය දැක්වීම වේ.

අල්-බරා යනු අවවාද කිරීමෙන් හා අනතුරු ඇඟවීමෙන් පසු ව දේව ප්‍රතික්ෂේපකයින් කෙරෙහි දක්වන විරුද්ධත්වය ක්‍රෝධය වෙන්වීම හා දුරස්වීම වේ.

අල්-වලා අල්ලාහ් කෙරෙහි දක්වන ආදරය ද ඔහුගේ දහම ඔහුගේ ධර්ම දූතයින් ඔහුගේ දැහැමියන් කෙරෙහි දක්වන ආදරය ද විදහා පෑමකි. අල්-බරා නිෂ්ඵල දෑ කෙරෙහි වූ පිළිකුල ද එයට අදාළ පාර්ශවය කෙරෙහි වූ පිළිකුල ද විදහා පෑමකි. අල්-වලා හා අල් බරා තව්හීද් ප්‍රකාශයට අත්‍යවශ්‍ය වන බලවත් කරුණු අතුරිනි. එම කරුණු නම් දේව ඒකීයභාවය දේව විශ්වාසය අවනත වීම දේව භක්තිය අල්-වලා හා අල්-බරා වේ.
අල්ලාහ් ව විශ්වාස කිරීමෙන් ආදේශ තැබීම හා එසේ ආදේශ තබන පුද්ගලයන් පිළිකුල් කිරීමෙන් මිස මෙලොව හා පරලොවෙ හි සුරක්ෂිත භාවය සනාථ නොවේ. එමෙන් ම ප්‍රේම කිරීමට සුදුසු පුද්ගලයින් වෙත සැබෑ ප්‍රේමය දැක්වීමෙන් හා පිළිකුල් කිරීමට සුදුසු පුද්ගලයින් වෙත සැබෑ පිළිකුල්භාවය පෙන්වීමෙන් මිස මහ පොළොවේ තව්හීද් ප්‍රකාශය සනාථ නොවේ.
 
1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

إِنَّمَا وَلِيُّكُمُ اللَّهُ وَرَسُولُهُ وَالَّذِينَ آمَنُوا الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ رَاكِعُونَ (55) وَمَنْ يَتَوَلَّ اللَّهَ وَرَسُولَهُ وَالَّذِينَ آمَنُوا فَإِنَّ حِزْبَ اللَّهِ هُمُ الْغَالِبُونَ (56)  
නුඹලාගේ මිත්‍ර පාක්ෂිකයා වන්නේ අල්ලාහ් ද ඔහුගේ දූතයාණන් ද (අල්ලාහ් ව) විශ්වාස කර රුකූඋ කරමින් සලාතය ස්ථාපිත කර සකාතය දුන් අය වෙති.
කවරෙකු අල්ලාහ්ව ද ඔහුගේ දූතයාණන්ව ද විශ්වාස කළවුන්ව ද භාරකරුවන් බවට පත් කර ගත්තේ ද සැබැවින් ම අල්ලාහ්ගේ සේනාව වන ඔවුහුමය ජයග්‍රාහකයින් වන්නේ.
2-     උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُ إِذْ قَالُوا لِقَوْمِهِمْ إِنَّا بُرَآَءُ مِنْكُمْ وَمِمَّا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَاءُ أَبَدًا حَتَّى تُؤْمِنُوا بِاللَّهِ وَحْدَهُ
සැබැවින් ම නුඹලාගෙන් ද අල්ලාහ් හැර නුඹලා නැමදුම් කළ දැයින් ද අපි මිඳුණෙමු. අපි නුඹලාව ප්‍රතික්ෂේප කළෙමු. තවද අල්ලාහ් ව පමණක් නුඹලා විශ්වාස කරන තුරු සදාකල් අප අතර හා නුඹලා අතර සතුරුකම හා ක්‍රෝධය හෙළි වන්නේය යැයි ඔවුන් තම පිරිසට පැවසූ කල්හි සැබැවින් ම ඉබ්‍රාහීම් හා ඔහු සමඟ වූවන්ගේ විෂයෙහි නුඹලා ට අලංකාර වූ ආදර්ශයක් විය.         (අල්-කුර්ආන් 60:4)
අල්-වලා හා අල්-බරා ස්ථාපිත කරන මූලික ක්‍රියා මාර්ගයන්
ඒකීය ප්‍රකාශයට පහත සඳහන් කරුණුවල දී අල්-වලා හා අල්-බරා අනුගමනය කිරීම අත්‍යවශ්‍ය වෙයි.
පළමුවැන්න : විශ්වාසවන්තයින් සමඟ අඛණ්ඩ ව සිටීම දේව ප්‍රතික්ෂේපකයින්ගෙන් ඉවත් ව සිටීම අල්ලාහ්ගේ දහම පිළිපැදීම අල්ලාහ් පහළ කළ දෑ අනුව තීන්දු තීරණ ගැනීම අල්ලාහ් ව විශ්වාස කිරීම තාගූත් හෙවත් නපුරු බලවේගයන් ප්‍රතික්ෂේප කිරීම.
1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا الْيَهُودَ وَالنَّصَارَى أَوْلِيَاءَ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ وَمَنْ يَتَوَلَّهُمْ مِنْكُمْ فَإِنَّهُ مِنْهُمْ إِنَّ اللَّهَ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ (51)
විශ්වාස කළවුනි, යුදෙව්වන් හා කිතුනුවන් සමීප මිත්‍ර පාක්ෂිකයින් ලෙස නොගනිවු. ඔවුන් අතුරින් සමහරු තවත් සමහරෙකුගේ මිත්‍ර පාක්ෂිකයින් ය. නුඹලා අතුරින් කවරෙකු ඔවුන් ව මිත්‍ර පාක්ෂිකයන් කර ගන්නේ ද එවිට සැබැවින් ම ඔහු ඔවුන්ගෙන් කෙනෙකු වන්නේය. සැබැවින් ම අල්ලාහ් අපරාධකාර පිරිසට යහමඟ නොපෙන්වන්නේය.     (අල්-කුර්ආන් 5:51)
2-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَمَنْ لَمْ يَحْكُمْ بِمَا أَنْزَلَ اللَّهُ فَأُولَئِكَ هُمُ الْكَافِرُونَ
තවද කවරෙකු අල්ලාහ් පහළ කළ දෑ අනුව තීන්දු තීරණ නොගන්නේ ද එවිට ඔවුන්මය දේව ප්‍රතික්ෂේපකයින් වන්නේ.         (අල්-කුර්ආන් 5:44)
දෙවැන්න : (ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහම්මදුර් රසූලුල්ලාහ් යන) ඒකීයවාද ප්‍රකාශය සාක්ෂි දැරීම. මුස්ලිම්වරයෙකු තම සහෝදරයා වෙනුවෙන් තැබිය යුතු ප්‍රේමය ක්‍රියාවෙන් තහවුරු කිරීමටත් ගෝත්‍රික හෝ වාර්ගික හෝ දේශීය වශයෙන් සියලුම අඥාන පාලනයන්ගෙන් මිදීමටත් එය බල කරනු ඇත.
එබැවින් ම මුස්ලිම්වරයා සෑම ස්ථානයක ම ජීවත් වන අනෙක් මුස්ලිම්වරයාගේ සහෝදරයා ය. මිහිතලයේ ඇති සියලුම ප්‍රදේශයන් හි සාමයේ නිවහන මුස්ලිම්වරයාගේ නිවහනයි.
1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَيُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللَّهَ وَرَسُولَهُ أُولَئِكَ سَيَرْحَمُهُمُ اللَّهُ إِنَّ اللهَ عَزِيزٌ حَكِيمٌ
තවද විශ්වාසවන්තයින් ද විශ්වාසවන්තියන් ද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සතුරන් ය. ඔවුහු යහපත අණ කර අයහපත වළක්වති. සලාතය ස්ථාපිත කරති. zසකාත් ද දෙති. තවද අල්ලාහ්ට ද ඔහුගේ රසූල්වරයාට ද අවනත වෙති. අල්ලාහ් මතුව ට දයාව දක්වනුයේ ඔවුන්ටම ය. සැබැවින් ම අල්ලාහ් අති බල සම්පන්න ය. සර්ව ප්‍රඥාවන්ත ය.     (අල්-කුර්ආන් 9:71)
 2-  උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا آبَاءَكُمْ وَإِخْوَانَكُمْ أَوْلِيَاءَ إِنِ اسْتَحَبُّوا الْكُفْرَ عَلَى الْإِيمَانِ وَمَنْ يَتَوَلَّهُمْ مِنْكُمْ فَأُولَئِكَ هُمُ الظَّالِمُونَ
විශ්වාස කළවුනි, නුඹලාගේ දෙමාපියන් හා නුඹලාගේ සහෝදරයින් දේව විශ්වාසයට වඩා ප්‍රතික්ෂේපය ප්‍රිය කරන්නේ නම් ඔවුන් ව නුඹලා මිතුරන් ලෙස නොගනිවු. නුඹලා අතුරින් කවරෙකු ඔවුන් ව මිතුරන් ලෙස ගන්නේ ද එවිට ඔවුහුමය අපරාධකරුවන් වන්නේ.          (අල්-කුර්ආන් 9:23)
තුන්වැන්න : ආගමික සලකුණු නීති රීති හා විනයන් හෙළිදැක්වීම. අල්ලාහ්ගේ ග්‍රන්ථය හා ඔහුගේ ධර්ම දූම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාගේ මඟපෙන්වීම යටතේ මුස්ලිමවරයෙකුගේ වෙනස හා ගෞරවය වෙන් කර හඳුනා ගැනීම අල්-කුර්ආනයට හා සුන්නාහ්ව ට පටහැණි සෑම ක්‍රියාවක් ම සෑම ප්‍රකාශයක් ම සෑම ප්‍රතිපත්තියක් ම අත හැර දැමීම. නූතන අඥාන සිරිත් විරිත් අත හැර දැමීම. මිනිසුන් මුළා නොවනු පිණිස බොරු ව නිරාවරණය කිරීම.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
قُلْ إِنَّ صَلَاتِي وَنُسُكِي وَمَحْيَايَ وَمَمَاتِي لِلَّهِ رَبِّ الْعَالَمِينَ ، لَا شَرِيكَ لَهُ وَبِذَلِكَ أُمِرْتُ وَأَنَا أَوَّلُ الْمُسْلِمِينَ .
සැබැවින් ම මාගේ සලාතය ද මාගේ නැමදුම ද මාගේ ජීවිතය ද මාගේ මරණය ද විශ්වයේ පරමාධිපති වන අල්ලාහ්ටම ය. ඔහු ට කිසිදු හවුල්කරුවෙකු නොමැත. මේ ගැන මා අණ කරනු ලැබුවෙමි. තවද මම (අල්ලාහ් ට) අවනත වන්නන් (මුස්ලිම්වරුන්) අතුරින් ප්‍රථමයා වෙමි.  (අල්-කුර්ආන් 6:162)
සිව්වැන්න : මිහිතලයේ කොතැනක වුව ද සරණාගත මුස්ලිම්වරුන් ට උදව් උපකාර කිරීම හේතුව මුස්ලිම්වරයා අනෙක් මුස්ලිම්වරයාගේ සහෝදරයා වන බැවින් ඔහු සමඟ රැඳී සිටීමත් ඔහුට මුදලින් හෝ වචනයෙන් හෝ ක්‍රියාවෙන් තැනට ගැළපෙන පරිදි උපකාර කිරීම.
ඒක දේව විශ්වාසයෙන් පසුව තවත් වැදගත් කරුණක් වන්නේ   අල්ලාහ් ට සමීප දැහැමියන් කවුරුන් වුව ද කොතැනක සිටිය ද ඔවුනට උදව් උපකාර කිරීම හා ෂෙයිතාන් ට මිතු දම් පාන්නන් කවුරුන් වුව ද කොතැනක සිටිය ද ඔවුනට එරෙහි වීම. මෙම සමාජය එසේ නොකළේ නම් තම ආත්මය ව්‍යසනයටත් මහත් අර්බුදයටත්  භාජනය වෙයි.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّ الَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوْا وَنَصَرُوا أُولَئِكَ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ وَالَّذِينَ آمَنُوا وَلَمْ يُهَاجِرُوا مَا لَكُمْ مِنْ وَلَايَتِهِمْ مِنْ شَيْءٍ حَتَّى يُهَاجِرُوا وَإِنِ اسْتَنْصَرُوكُمْ فِي الدِّينِ فَعَلَيْكُمُ النَّصْرُ إِلَّا عَلَى قَوْمٍ بَيْنَكُمْ وَبَيْنَهُمْ مِيثَاقٌ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ
සැබැවින් ම විශ්වාස කර දේශ තරණය කර තම ධනයෙන් හා තම ජීවිතයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවූවන් (වූ මුහාජිර්වරුන්) ද (ඔවුනට) ඉඩ පහසුකම් සලසා දී උදව් කළවුන් (වූ අන්සාර්වරුන්) ද ඔවුන්ගෙන් සමහරු සමහරුන්ගේ මිතුරන් ය. විශ්වාස කොට දේශ තරණය නොකළවුන් ඔවුන් දේශ තරණය කරන තෙක් ඔවුන්ගේ කිසිදු මිත්‍රත්වයක් නුඹලාට නොවන්නේය. දහම විෂයයෙ හි නුඹලාගෙන් ඔවුන් උදව් පැතුවේ නම් නුඹලා හා ඔවුන් අතර ගිවිසුමක් ඇති පිරිසක් කෙරෙහි හැර උදව් කිරීම නුඹලා සතු වගකීමකි. තවද නුඹලා කරමින් සිටින දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව සුපරික්ෂාකාරීය.         (අල්-කුර්ආන් 8:72)
පස්වැන්න : විශ්වාසවන්තයින්ගේ ආත්මාවන් තුළ ධනාත්මක සිතුවිලි ඇති කිරීම අල්ලාහ්ගේ උපාකාරය දැහැමියන් වෙත සමීපයෙන් ඇති බවත් දේව ප්‍රතික්ෂේපිත සතුරන් කෙරෙහි අවමානය හිමි වන බවත් ශුභාරංචි දන්වා සිටීම.
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَلَيَنْصُرَنَّ اللَّهُ مَنْ يَنْصُرُهُ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ ، الَّذِينَ إِنْ مَكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآَتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنْكَرِ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ.
තමන්ට උදව් කරන්නන් කෙරෙහි අල්ලාහ් සැබැවින් ම උදව් කරනු ඇත. සැබැවින් ම අල්ලාහ් ශක්තිවන්තය. අතිබල සම්පන්නය.
ඔවුන් කවරහු ද යත් මිහිතලයේ ඔවුනට අපි පහසුකම් සැලැස් වූ විට ඔවුන් සලාතය ස්ථාපිත කළෝය. තවද zසකාත් ද පිරිනැමුවෝය. තවද (ජනයාට) යහපත අණ කළෝය. පිළිකුල් සහගත දැයින් වැළැක්වූවෝය. තවද සියලු කටයුතු වල අවසානය අල්ලාහ්ටම ය.             (අල්-කුර්ආන් 22:40,41)
අවසන් භාග්‍යය දේව බිය බැතිමතුන්ට ය. එහි කිසිදු සැකයක් නොමැත. සැබෑ ජයග්‍රහණය විශ්වාස වන්ත ඉවසිලිවන්ත අල්ලාහ්ගේ සමීපතයින්ට ය. එහි කිසිදු බාධකයක් නොමැත.
දේව ප්‍රතික්ෂේපකයින්ගේ ප්‍රදේශයක ට ගමන් කිරීමේ නීතිය
දේව ප්‍රතික්ෂේපිත ප්‍රදේශ වලට ගමන් කිරීමේ අවස්ථාවන් තුනක් එළැඹෙයි.
1-    ඔවුන් ව ඉස්ලාමය වෙත ඇරයුම් කිරීම පිණිස පිය නගන අනිවාර්යය ගමන.
2-    ව්‍යාපාරයක් හෝ ප්‍රතිකාරයක් වැනි අරමුණක් උදෙසා පිය නගන අනුමැතිය ලත් ගමන.
3-    ක්‍රීඩාව විනෝදය වැනි පුහු කාරණා උදෙසා පිය නගන්නට තහනම් වූ ගමන. ඊට හේතුව අනාචාරයන් හා පාපයන් ඇතිවන්න ට ඉඩකඩ ඇති හෙයින් ද කිසිදු අවශ්‍යතාවකින් තොර ව දේව ප්‍රතික්ෂේපකයින් හා පාපිෂ්ඨයන් සමඟ ඇසුරු කරන්නට අවස්ථාව උදා වන හෙයින් ද කාලය හා ධනය අපතේ යන හෙයින් ද වේ.
දේව ප්‍රතික්ෂේපිත ප්‍රදේශයක ට අධ්‍යාපනික කටයුතු සඳහා පිය නැගීම සම්බන්ධයෙන් නම් එම අධ්‍යාපනික පහසුකම් මුස්ලිම් ප්‍රදේශයක් නොමැති නම් එමෙන් ම එම දැනුම මුස්ලිම්වරුන් හැදෑරීම අත්‍යවශ්‍ය නම් තම දහම පිළිපැදිය හැකි නම් තම දහම සංකේතවත් කරන කටයුතු ඉටු කිරීමෙන් තමන් ට හානියක් නොමැති නම් තම අවශ්‍යතාවන් අනුව පමණක් එහි රැඳී සිටින්නේ නම් එසේ පිය නැගීමට අනුමැතිය ඇත. පසුව ඔහු තම නගරය බලා පිටත් ව ආ යුතුයි.
මෙවැනි ගමන් බිමන් වල නිරත වීමෙන් මිනිසා පරීක්ෂාව ට ලක් කරනු ලබන්නේ නම් එවිට පහත සඳහන් කරුණු තුන පිළිපැදීම ඔහුට අවශ්‍ය වෙයි.
1. අල්ලාහ් වෙත ඇරයුම් කිරීමේ අවස්ථාවන් සලසා ගැනීම.
2. අල්ලාහ්ගේ නියෝගයන් ඉටු කිරීමටත් අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී සිටීමටත් බිය හැඟීමෙන් යුක්ත ව පසුවීම.
3 . එම ගමන සඳහා අත්‍යවශ්‍ය අවශ්‍යතාවකින් පසුවීම.
     1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَكُونُوا مَعَ الصَّادِقِينَ
අහෝ විශ්වාස කළවුනි, නුඹලා අල්ලාහ් ට බියබැතිමත් වනු. තවද නුඹලා සත්‍යවාදීන් සමඟ වනු.    (අල්-කුර්ආන් 9:119)
2-    
وَعَنْ بَهْزٍ بن حَكِيْم عن أبِيْهِ عن جدِّه أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " لَا يَقْبَلُ اللَّهُ عَزَّ وَجَلَّ مِنْ مُشْرِكٍ يُشْرِكُ بَعْدَ مَا أَسْلَمَ عَمَلًا أَوْ يُفَارِقُ الْمُشْرِكِينَ إِلَى الْمُسْلِمِينَ " (أخرجه أحمد والنسائي)
සැබැවින් ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව තම සීයා විසින් තම පියා ද තම පියා විසින් තමාට ද පැවසූ බව බහ්ස් ඉබ්නු හකීම් මෙසේ වාර්තා කර ඇත.
ඉස්ලාමය වැලඳ ගත් පසු හෝ ආදේශ තැබූවන්ගෙන් වෙන් වී මුස්ලිම්වරුන් වෙත ගිය පසු හෝ ආදේශ තබන යම් ක්‍රියාවක නිරත වන ආදේශකයෙකු වී නම් අති ගෞරවනීය කීර්තිමත් අල්ලාහ් ඔහු ව පිළි නොගන්නේය. (මූලාශ්‍රය: අහ්මද්, නසාඊ)
මුස්ලිම් නොවන රටක පුරවැසිභාවය ලබා ගැනීමේ නීතිය
ඉස්ලාමීය රටක ජීවත් වන මුස්ලිම්වරයෙකු වී නම් ඉස්ලාම් නොවන රටක පුරවැසිභාවය ලබා ගැනීම ට ඔහු අපේක්ෂා කරන්නේ නම් ඔහුට අවස්ථා තුනක් ඇත.
1-    මෙලොව ප්‍රතිලාභ හිමි කර ගැනීමේ අරමුණින් පමණක් පුරවැසි භාවය ලබා ගැනීම මෙය නුසුදුසු ක්‍රියාවකි. හේතුව එහි තමන්ටත් තම බිරිය හා තම දරුවන්ටත් වැරදි සිදුවන්නට ඉඩකඩ ඇති හෙයිනි.
2-    අල්ලාහ් වෙත ජනයා ඇරයුම් කිරීමේ අරමුණින් පුරවැසි භාවය ලබා ගැනීම. ප්‍රයෝජනවත් දැනුම ලබන්නටත් දැහැමි ක්‍රියාවන් ඉටු කිරීමටත් මාධ්‍යයන් ඔහු සතු ව තිබෙන්නේ නම් ඔහු ද තම දහමෙ හි ඉතා බලවත් ව පසු වන්නේ නම් මේ හේතුව මත පුරවැසි භාවය ලබා ගැනීම සතුටුදායකය.
3-    අපරාධයෙන් මිදී පලා යෑම තම ආත්මාරක්ෂාව හා ආගමික නිදහස පිළිබඳ බිය වීම වැනි හේතූන් මත එසේ දේව ප්‍රතික්ෂේපිත රටක පුරවැසි භාවය ලැබීමට බල කරනු ලැබීම. එවිට තම දහම බියකින් තොර ව පිළිපැදීමට හැකියාව ඇති කෙනෙකු වූයේ නම් එසේ දේව ප්‍රතික්ෂේපිත රටක පුරවැසිභාවය ලබා ගැනීම ඔහුට අනුමතය. නමුත් ඊට පාදක වූ හේතූන් ඉවත් වූයේ නම් නැවතත් තම රට බලා පැමිණිය යුතුය. දේව ප්‍රතික්ෂේපිත රටකට පුරවැසිභාවය ලබා ගත් කෙනෙකු තම දහමට විරුද්ධ ව ක්‍රියාමාර්ගයන් හි නිරත වීම මුස්ලිම්වරු සමඟ සටන් වැදීම වැනි දෑ සුදුසු නොවේ. එසේ ඔහු මුස්ලිම්වරුන් සමඟ සටන් වැද මුස්ලිම්වරයෙකු ඝාතනය කළේ නම් ඔහු පාපියෙකු වේ.
මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාමී


6 - අල් -ඉස්ලාම්
    
7 - ඉස්ලාමය පදනම් වී ඇති මූලික කරුණු

8 -  අල් ඊමාන්

9- ඊමානයේ ශාඛාවන් අතුරින් සමහරක්

10 - අර්කානුල් ඊමාන් හෙවත් විශ්වාසයේ මූලිකාංග

 

 

 

6    - අල්-ඉස්ලාම්
 
•    අල්-ඉස්ලාම් යනු ඒක දේව වාදය පිළිගෙන එනම් අල්ලාහ් ව පමණක් දෙවියන් ලෙස සලකා කීකරුභාවයෙන් යුතුව අල්ලාහ් ට අවනත වී ආදේශය හා ආදේශ තබන්නන්ගේ මිදී සම්පූර්ණයෙන් ම තම යටහත්භාවය අල්ලාහ් ට පුද කිරීමයි.

ඉස්ලාම් දහමෙ හි ප්‍රධාන පියවර තුනක් ඇත. එනම් ඉස්ලාම්, ඊමාන්, ඉහ්සාන් යනුවෙනි. මේ සෑම පියවරකට ම එයට ම අදාළ වූ ආවේණික කරුණු පදනම් වී ඇත.

•    ඉස්ලාම ය වෙත වූ මිනිස් වර්ගයාගේ අවශ්‍යතාව

ඉස්ලාමයෙන් තොරව මෙලොව හා පරලොව සුවපත් ජීවිතයක් මිනිස් වර්ගයා ට නොමැත. ආහාර පාන හා ආශාවන් වෙත ඇති අවශ්‍යතාව ට වඩා  වැඩි අවශ්‍යතාවක් ඒ සඳහා ඇත. එය අල්ලාහ් තම මැවීම් වලට දායාද කළ අති මහත් දායාදයකි.

සෑම මිනිසෙකු ම දහම වෙත බල කෙරෙනු ලැබේ. හේතුව  ඔහු ක්‍රියාකාරකම් දෙකක් අතර පසුවන බැවිනි. එකක් ඔහු ට ප්‍රයෝජනය ගෙන දෙන පරිදි පිහිටන ක්‍රියාව ය. අනෙක ඔහු ට හානිය ගෙන දෙන පරිදි පිහිටන ක්‍රියාව ය. එබැවින් ඉස්ලාම් තමන් ට ප්‍රයෝනවත් වන දෑ හා තමන් ට හානි දායක දෑ මොනවාදැයි පැහැදිලි කර දෙන අතර ම එය පිළිපදින්නන් හට කුසල් ප්‍රගුණ කර දෙන ආලෝකයකි.

•    ඊමාන්, ඉස්ලාම්, හා ඉහ්සාන් අතර ඇති වෙනස

1-    ඉස්ලාම් හා ඊමාන් ඒ දෙකින් එකක් අනෙක හා සම්බන්ධ කර බැලූ විට ඉස්ලාම් යන පදයෙන් අර්ථවත් වනුයේ බාහිර ක්‍රියාකාරකම් ය. එනම් අර්කානුල් ඉස්ලාම් හෙවත් ඉස්ලාමයේ මූලික පදනම් පහ වේ. ඊමාන් යන පදයෙන් අර්ථවත් වනුයේ අභ්‍යන්තර ක්‍රියාකාරකම්ය. එනම් අර්කානුල් ඊමාන් හෙවත් මුස්ලිම් වරයෙකු මූලික වශයෙන් විශ්වාස කළ යුතු කරුණු හය වේ. ඒ දෙක වෙන වෙන ම සඳහන් කෙරෙන විට එය අනෙකගේ අදහය හා රීතිය සම්පූර්ණ කරයි.  

2-    ඉහ්සාන් : එහි ස්වභාවය ඊමාන් හි ස්වාභාවය ට වඩා පොදු අර්ථයක් ගනී. එමෙන් ම ඊමාන් හි ස්වාභාවය ඉස්ලාම් හි ස්වාභාවය ට  වඩා පොදු අර්ථයක් ගනී.  එබැවින් ඉහ්සාන් යනු එය සහජයෙන් ම වඩා පුළුල් අර්ථයක් ගෙන දෙන්නකි. හේතුව ඊමානය ද එය අන්තර්ගත කර ගෙන ඇති බැවිනි. ගැත්තෙකු විශ්වාසය තහවුරු කිරීමෙන් මිස ඉහ්සාන් හි පියවරට ළඟා විය නොහැක. ඉහ්සාන් එය පිළිපදින්නන්ගේ පැත්තෙන් බලන කළ එය සුවිශේෂීය. හේතුව ඉහ්සාන් සම්පන්න උදවිය විශ්වාසිකයින් අතුරින් පිරිසකි. එබැවින් සෑම මුහ්සින් කෙනෙකුම (යහපත් පුද්ගලයෙකු ම) මුඃමින්වරයෙකු (විශ්වාස වන්තයෙකු) වේ. නමුත් සෑම මුඃමින්වරයෙකු ම මුහ්සින් වන්නේ නැත.

3-      ඊමාන් යන්න එය සහජයෙන් ම ඉස්ලාම් යන්න ට වඩා පොදු අදහසකි. හේතුව එය ඉස්ලාම් හි තේමාව ද ඇතුළත් කර ගෙන ඇති බැවිනි. ඉස්ලාමය තහවුරු කිරීමෙන් මිස ඊමානයේ පියවරවල් වෙත පා තැබිය නොහැක. ඊමාන් යනු එය එහි වැසියන් ට සුවිශේෂීය. හේතුව මුඃමින්වරු එනම් විශ්වාසවන්තයින් ඉස්ලාමිකයින් අතුරිනි. ඉස්ලාමිකයින් සියල්ලෝම විශ්වාසවන්තයින් නොවෙති. එබැවින් සෑම විශ්වාස වන්තයෙකුම මුස්ලිම්වරයෙකු වේ. නමුත් සෑම මුස්ලිම්වරයෙකුම මුඃමින්වරයෙකු විය නොහැක.

•    ඉස්ලාම් කුෆ්ර් හා ෂිර්ක් අතර ඇති වෙනස

කවරෙකු අල්ලාහ් ට පමණක් යටහත් වන්නේ ද එවිට ඔහු මුස්ලිම්වරයෙකි. කවරෙකු අල්ලාහ්ට ද ඔහු හැර වෙනත් අයට ද යටහත් වන්නේ ද එවිට ඔහු මුෂ්රික්වරයෙකි. කවරෙකු අල්ලාහ් ට යටහත් නොවන්නේ ද ඔහු අහංකාරයෙන් පෙළුණු කාෆිර් වරයෙකි.

කුෆ්ර් යනු මුළුමණින් ම පාරිශුද්ධ අල්ලාහ් ව ප්‍රතික්ෂේප කිරීම ය.

ෂිර්ක් යනු සියලු ලෝක වල පරමාධිපති වන අල්ලාහ් ට වෙනත් අය සමාන කර ඔහු ට අඩුපාඩු ඇති කිරීම ය.

කුෆ්ර් ෂිර්කය ට වඩා අති මහත් ය. හේතුව ෂිර්ක් සිත් තුළ පරමාධිපති කෙරෙහි විශ්වාසය ස්ථාපිත කරනවාත් සමඟම ඔහු ට තවත් ආදේශකයෙකු ද ස්ථාපිත කරන බැවිනි. නමුත් කුෆ්ර් තම පරමාධිපති ව මුළුමණින් ම ප්‍රතික්ෂේප කරනු ඇත. මේ යෙදුම් දෙකම එකක් අනෙකගේ අදහස ගෙන දෙමින් පොදුවේ භාවිත වේ. අල් කුර්ආනයේ හෝ හදීසයේ හෝ කුෆ්ර් ෂිර්ක් යන යෙදුම් දෙක ම එකවර පැමිණ ඇත්නම් දෙක ම වෙන් වෙන් අර්ථයෙන් අදහස් කෙරේ. නමුත් වෙන වෙන ම පැමිණ ඇත්නම් ඒ හැම එකක් ම අනෙකගේ අදහස හා නීතිය අර්ථවත් කරයි.
 
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
مَا كَانَ لِلْمُشْرِكِينَ أَنْ يَعْمُرُوا مَسَاجِدَ اللَّهِ شَاهِدِينَ عَلَى أَنْفُسِهِمْ بِالْكُفْرِ
ආදේශ තබන්නන් තමන්ගේ ප්‍රතික්ෂේපය පිළිබඳ ව තමන් ම සාක්ෂිකරුවන් ව සිටිය දී අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කිරීම ඔවුන ට කොහෙත් ම නොවීය.                            (අල්-කුර්ආන් 9:17)
•    අතිමහත් දායාදය

අල්ලාහ් මිනිස් වර්ගයා ට දායාද කළ අතිමහත් දායාදය වනුයේ ඉස්ලාමයයි.

අල්ලාහ් තම මැවීම් අතුරින් ඇතැමෙකු තෝරා ගෙන ඔවුන ට උරුමකර දුන් දේව ග්‍රන්ථ අතුරින් ශ්‍රේෂ්ඨතම දේව ග්‍රන්ථය වනුයේ අල්-කුර්ආනයයි.

උත්තරීතර අල්ලාහ් ඒ ගැන මෙසේ පවසා සිටියි.

ثُمَّ أَوْرَثْنَا الْكِتَابَ الَّذِينَ اصْطَفَيْنَا مِنْ عِبَادِنَا فَمِنْهُمْ ظَالِمٌ لِنَفْسِهِ وَمِنْهُمْ مُقْتَصِدٌ وَمِنْهُمْ سَابِقٌ بِالْخَيْرَاتِ بِإِذْنِ اللَّهِ ذَلِكَ هُوَ الْفَضْلُ الْكَبِيرُ
පසුව අපගේ ගැත්තන් අතුරින් අප තෝරා ගත් අයට පුස්තකය අපි උරුම කර දුන්නෙමු. එබැවින් ම ඔවුන් අතුරින් තමන්ට ම අපරාධ කර ගත්තවුන් වෙති. තවද ඔවුන් අතුරින් මධ්‍යස්ත වාදීන් ද වෙති. තවද ඔවුන් අතුරින් අල්ලාහ්ගේ අනුමැතියෙන් යහ දෑ තුළින් පෙරටු වූවන් ද වෙති. ඉමහත් වරප්‍රසාදය මෙයම ය.             (අල්-කුර්ආන් 35: 32)

මෙම මහත් වූ ග්‍රන්ථය උරුම කර දුන් මෙම සමූහය අල්ලාහ් කොටස් තුනකට බෙදා දක්වයි.

එනම් තමන්ට ම අපරාධ කරගත්තවුන්... මධ්‍යස්ථවාදීන්... හා යහ දෑ කරමින් ඉදිරියට ගියවුන්...

තමන්ට ම අපරාධ කර ගත්තවුන් යනු ඔහු විටක අල්ලාහ් ට අවනත වෙයි. තවත් විටක ඔහු ඔහු ට පිටුපායි. දැහැමි ක්‍රියාවන් අයහපත් ක්‍රියාවන් සමඟ මිශ්‍ර කරයි. එබැවින් ඔවුන්ගේ බලාපොරොත්තු අත හැර නොදමනු පිණිසත් තමන් කෙරෙහි අල්ලාහ් පිරි නමා ඇති භාග්‍යය ඉදිරිපත් කරනු පිණිසත් ඔවුන්ගෙන් බහුතරය ස්වර්ග වැසියන් විය යුතු පිණිසත් මොවුන් ගැන සඳහන් කරමින් විෂයය ආරම්භ කර ඇත.

මධ්‍යස්ත ව කටයුතු කරන්නා යනු තමන් ට පැවරුණු අනිවාර්ය වගකීම් ඉටු කර තහනම් දැයින් වැළකී සිටි අයයි.

දැහැමි දෑ කරමින් ඉදිරිය ට ගිය අය යනු තමන් ට පැවරුණු වගකීම් ඉටු කර තහනම් කළ දැයින් වැළකී අණ කරනු ලැබූ සෑම අනිවාර්ය ය ක්‍රියාවක් ම හා අතිරේක ක්‍රියාවක් ම ඉටු කරමින් අල්ලාහ් වෙත සමීප වූ අය වෙති. මොවුන් ගැන අල්ලාහ් අවසානය ට පවසා ඇත්තේ තමන් කළ ක්‍රියාවන් පිළිබඳ විමතිය ට පත් ව එමගින් එය නිෂ්ඵල කර නොගනු පිණිසය. එමෙන්ම ස්වර්ගය ට පිවිසීමට වඩාත් අවශ්‍යතාවක් ඇති අය වනුයේ මොහු ට පෙර පවසන ලද උදවිය බැවිනි. ස්වර්ග වැසියන්ගේ බොහෝ දෙනා තම ආත්මය අපරාධ කර ගත්තවුන් ය. ඔවුන්ගෙන් ඉතා අල්ප වනුයේ යහපත් දෑ ඉටු කර ඉදිරියට ගියවුන් ය.

මෙම පාර්ශවයන් තුනම ස්වර්ගය ට පිවිසෙන බව අල්ලාහ් ප්‍රතිඥා දෙමින් ඊළග වැකියේ මෙසේ පවසයි.

جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا يُحَلَّوْنَ فِيهَا مِنْ أَسَاوِرَ مِنْ ذَهَبٍ وَلُؤْلُؤًا وَلِبَاسُهُمْ فِيهَا حَرِيرٌ
(එය) සදාතනික (ස්වර්ග) උයන් ය. ඔවුහු එහි ඇතුළු වෙති. රනින් වූ වළලු වලින් ද මුතු ද ඔවුන ට එහි පලදවනු ලැබේ. තවද එහි ඔවුන්ගේ වස්ත්‍රය සේද(වලින් යුක්ත)ය.
(අල්-කුර්ආන් 35:33)

7    - ඉස්ලාම ය පදනම් වී ඇති මූලික කරුණු

•    ඉස්ලාම ය පදනම් වී ඇති මූලික කරුණු පහකි.
عَنْ ابْنِ عُمَرَ رَضِيَ اللَّهُ عَنْهُمَا قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ " إِنَّ الْإِسْلَامَ بُنِيَ عَلَى خَمْسٍ شَهَادَةِ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاءِ الزَّكَاةِ وَ صِيَامِ رَمَضَانَ وَحَجِّ الْبَيْتِ " متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ඉබ්නු උමර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
 
සැබැවින්ම ඉස්ලාම ය ගොඩ නැගී ඇත්තේ 1. ලා ඉලාහ ඉල්ලල්ලාහ් - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත- යනුවෙන් සාක්ෂි දැරීම 2. සලාතය ස්ථාපිත කිරීම 3. zසකාත් පිරිනැමීම 4. රමළාන් මාසයේ උපවාස ශීලය රැකීම 5. අල්-බයිත් හෙවත් දේව මන්දිරය වෙත ගොස් හජ් ඉටු කිරීම යන කරුණු පහ මත ය.
(බුහාරි හා මුස්ලිම්)
•    لَا إِلَهَ إِلَّا اللَّهُ ලා ඉලාහ ඉල්ලල්ලාහු - නැමදුට අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැති බවට සාක්ෂි දැරීමේ යථාර්ථය.

සැබැවින් ම නැමදුම් ලබන්න ට අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නොමැති බවට දිවෙන් හා හදවතින් මිනිසා පිළිගෙන ඒ මතම දැඩි ස්ථාවරයෙන් සිට ඒ අනුව ක්‍රියා කරමින්. ඔහු හැර නැමදුම් ලබන අර්ථවත් නොවන සෙසු සියලු දැයින් වැළකී සිටීම වේ.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.   
ذَلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِنْ دُونِهِ هُوَ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ
මෙය සැබැවින් ම අල්ලාහ් වන ඔහු සත්‍යය බැවින් ද සැබැවින් ම ඔහු හැර ඔවුන් අයදින දෑ නිෂ්ඵල වන බැවින් ද සැබැවින් ම අල්ලාහ් ඔහු අති උත්තරීතර අති ශ්‍රේෂ්ඨ වන බැවින් ද වේ.             (අල්-කුර්ආන් 22:62)

لَا إِلَهَ إِلَّا اللَّهُ - ලා ඉලාහ ඉල්ලලාහ් - (නැමදුමට අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නොමැත) යන යෙදුමෙ හි නෙරපා හැරීම හා ස්ථාපිත කිරීම යන අදහස් දෙක අන්තර්ගත ය. එනම් لَا إِلَهَ  - ලා ඉලාහ - යනු අල්ලාහ් හැර නැමදුම් ලබන සියල්ල නෙරපා දැමීමය. إِلَّا اللَّهُ  - ඉල්ලල්ලාහු - යනු අල්ලාහ්ගේ ආධිපත්‍යයේ ඔහු ට කිසිදු හවුල් කරුවෙකු නොමැති සේම ඔහු ට නැමදුම් කිරීමෙහි ද කිසිදු හවුල් කරුවෙකු පත් නොකොට ඔහු ට පමණක් නැමදුම් කිරීම ස්ථාපිත කිරීම ය.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
قُلْ أَنَدْعُو مِنْ دُونِ اللَّهِ مَا لَا يَنْفَعُنَا وَلَا يَضُرُّنَا وَنُرَدُّ عَلَى أَعْقَابِنَا بَعْدَ إِذْ هَدَانَا اللَّهُ كَالَّذِي اسْتَهْوَتْهُ الشَّيَاطِينُ فِي الْأَرْضِ حَيْرَانَ لَهُ أَصْحَابٌ يَدْعُونَهُ إِلَى الْهُدَى ائْتِنَا قُلْ إِنَّ هُدَى اللَّهِ هُوَ الْهُدَى وَأُمِرْنَا لِنُسْلِمَ لِرَبِّ الْعَالَمِينَ
අල්ලාහ්ගෙන් තොරව අපට (කිසිදු) යහපතක් කළ නොහැකි අපට කිසිම හානියක් කළ නොහැකි දෑ අප අයදින්නෙමු ද? අල්ලාහ් අපට යහමඟ පෙන් වූ පසු නැවත අපගේ විලුඹු මත (පෙර තත්ත්වයට ම) පිටුපා හැරෙන්නෙමු ද? (එසේ අපි හැරෙන්නේ නම්) අප වෙත පැමිණෙවු යැයි යහමඟ වෙත කැඳවන සගයින් ඔහු ට සිටිය ද මිහිතලය මත මංමුළාව ට ෂෙයිතාන් විසින් ආශා ඇති කරනු ලැබූවෙකු මෙන් යැයි පවසවු. සැබැවින් ම අල්ලාහ්ගේ යහමඟය (නිවැරදි) යහමඟ වන්නේ. විශ්වයේ පරමාධිපති ට අවනත වන්න ට අපි අණ කරනු ලැබුවෙමු යැයි පවසවු.      (අල්-කුර්ආන් 6:71)
•    أَنّ مُحَمَّدًا رَسُوْلُ اللهِ අන්න මුහම්මදන් රසූලුල්ලාහ් - සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ අල්ලාහ්ගේ ධර්ම දූතයා බවට සාක්ෂි දැරීමේ යථාර්ථය.

සැබැවින් ම මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලලම්) තුමාණන් අල්ලාහ්ගේ ගැත්තෙකු බවත් සියලු ජනයා වෙත පොදුවේ එවනු ලැබූ අල්ලාහ්ගේ ධර්ම දූතයෙකු බවත් වචනයෙන් හා හදවතින් පිළිගෙන එතුමාණන් අණ කළ දෑට අවනත ව ක්‍රියා කර එතුමාණන් දැනුම් දුන් දෑ තහවුරු කර එතුමාණන් තහනම් කළ එසේම වැළැක් වූ දැයින් ඉවත් වී දහම් ගත කරන ලැබූ දැයින් පමණක් අල්ලාහ් ට නැමදුම් කිරීමයි.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
قُلْ أَطِيعُوا اللَّهَ وَالرَّسُولَ فَإِنْ تَوَلَّوْا فَإِنَّ اللَّهَ لَا يُحِبُّ الْكَافِرِينَ
නුඹලා අල්ලාහ්ට ද මෙම ධර්ම දූතයාණන්ට ද අවනත වනු. එසේ නුඹලා පිටුපෑවෙහු නම් සැබැවින් ම අල්ලාහ් ප්‍රතික්ෂේපකයින් ව ප්‍රිය නොකරන්නේ ය.                         (අල්-කුර්ආන් 3: 32)

 

8    - අල් ඊමාන්
ඊමාන් යනු අල්ලාහ්ව ද ඔහුගේ මලක්වරුන්ව ද ඔහුගේ ග්‍රන්ථ ද ඔහුගේ ධර්ම දූතයින්ව ද අවසන් දිනය ද විශ්වාස කිරීමත් දෛවය අනුව එහි යහපත හා අයහපත සිදු වන බව විශ්වාස කිරීමත් එම තීරණ අනුව ක්‍රියත්මක කිරීමත් වේ.

ඊමාන් යනු ප්‍රකාශයකි. එමෙන් ම ක්‍රියාවකි. එනම් හදවතින් හා දිවෙන් ප්‍රකාශ කිරීම හා හදවතින් දිවෙන් හා ශරීර අවයවයන් තුළින් ක්‍රියා කිරීමයි. එය අල්ලාහ් ට අවනත වීමෙන් වර්ධනය වන අතර පාපකම් කිරීමෙන් අඩු වී යනු ඇත.

පරිපූරණ විශ්වාසය

විශ්වාසයේ මූලික කරුණු හය පිළිබඳ නිවැරදි අවබෝධය ලැබීමෙන් ද ලොවෙහි ඇති සාධක හා අල්-කුර්ආනීය සාධක දෙස අවධානය යොමු කිරීමෙන් ද විශ්වාසය සම්පූර්ණ භාවයට පත් වේ. මෙම අවබෝධය වර්ධනය වන සෑම විටක ම අල්ලාහ් කෙරෙහි වූ විශ්වාසය ද බලවත් වෙයි. ගැත්තා තම පරමාධිපති වෙත තබන ගරුත්වය ද වර්ධනය වෙයි. ඔහු වෙත තබන ආදරය ද වැඩි වෙයි. ඔහු ට නැමදුම් කිරීමෙහි සැහැල්ලු භාවයක් ගැත්තා ට හැඟෙයි. පාපයන් කිරීම විශාල බරක් ලෙස හැඟෙයි.

අල්ලාහ් හා ඔහුගේ ධර්ම දූතයාණන් වෙත මුළුමණින් ම ආදරය දැක්වීම තුළින් අල්ලාහ් වඩා ඇලුම් කරන දෑ කුමක්දැයි දැන ගැනීමටත් ඒවා කෙරෙහි තමන් ද ඇලුම් කිරීමටත් එවන් දෑ ගෙන ක්‍රියා කිරීමටත් ඒවා පතුරුවාලීමටත් බැඳෙනු ඇත.

එබැවින් මුස්ලිම්වරයෙකුගේ සෙනෙහස ද ඔහුගේ කෝපය ද අල්ලාහ් වෙනුවෙන් පමණක් පිහිටියේ නම් (මෙම කරුණු දෙක හදවත හා සම්බන්ධ ක්‍රියාදාමයන් ය) එමෙන් ම ඔහුගේ පරිත්‍යාගය ද එසේ පරිත්‍යාග නොකොට එයින් වැළකීම ද අල්ලාහ් වෙනුවෙන් පමණක් පිහිටියේ නම් (මෙය ඔහුගේ ශරීර අවයවයන් හා සම්බන්ධ ක්‍රියාදාමයන් ය) එය විශ්වාසයේ පූර්ණ භාවය ද අල්ලාහ් කෙරෙහි දක්වන ආදරයෙහි පූර්ණ භාවය ද පෙන්වා දෙනු ඇත.

1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
قُلِ انْظُرُوا مَاذَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا تُغْنِي الْآيَاتُ وَالنُّذُرُ عَنْ قَوْمٍ لَا يُؤْمِنُونَ
අහස් හි හා මිහිතලයේ ඇති දෑ ගැන අවධානයෙන් බලවු. විශ්වාස නොකරන ජනයා ට සාධකයන් හා අවවාදයන් ප්‍රයෝජනවත් නොවීය.    (අල්-කුර්ආන් 10:101)
2-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

قُلْ إِنْ كُنْتُمْ تُحِبُّونَ اللَّهَ فَاتَّبِعُونِي يُحْبِبْكُمُ اللَّهُ وَيَغْفِرْ لَكُمْ ذُنُوبَكُمْ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ
(නබිවරය පවසවු. නුඹලා අල්ලාහ් ව ප්‍රිය කරන්නෙහුනම් මා අනුගමනය කරවු. අල්ලාහ් නුඹලාට ප්‍රිය කරනු ඇත. තවද නුඹලාගේ පාපයන් ට සමාව ද දෙනු ඇත. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය අසමසම කරුණාන්විතය. (අල්-කුර්ආන් 3:31)

3-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ ، الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ ، أُولَئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا لَهُمْ دَرَجَاتٌ عِنْدَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ .
සැබැවින් ම විශ්වාස වන්තයින් වනුයේ අල්ලාහ් පිළිබඳ ව සිහිපත් කරනු ලබන විට ඔවුන්ගේ හදවත් තැති ගනිති. ඔහුගේ වදන් ඔවුන් වෙත පාරායනය කරනු ලැබූ විට එය(එම වදන්) විශ්වාසයෙන් ඔවුන් ව වර්ධනය කරයි. තවද පරමාධිපතියාණන් කෙරෙහි ම සියල්ල භාර කරති.

ඔවුහු කවරෙකු ද යත් සලාතය ස්ථාපිත කරති. අපි ඔවුන ට ලබා දුන් දැයින් වියදම් ද කරති.

සැබෑ විශ්වාසවන්තයෝ ඔවුහුම ය. ඔවුන ට ඔවුන්ගේ පරමාධිපති අබියස තරාතිරම් ඇත. තවද සමාව ද ගෞරවනීය සම්පත් ද ඇත.          (අල්-කුර්ආන් 8:2-4)

•    ඊමානයේ (දේව විශ්වාසයේ) තරාතිරම්

දේව විශ්වාසය ට තඃම් හෙවත් සුවය හලාවත් හෙවත් මිහිරි රසය හකීකත් හෙවත් යථාර්ථය යන තරාතිරම් ඇත.

1-    ‍විශ්වාසයේ සුවය පිළිබඳ ව පවසන්නේ නම්, ඒ පිළිබඳ ව නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ ප්‍රකාශ කළහ.

ذَاقَ طَعْمَ الْإِيمَانِ مَنْ رَضِيَ بِاللَّهِ رَبًّا وَبِالْإِسْلَامِ دِينًا وَبِمُحَمَّدٍ رَسُولًا
කවරෙකු අල්ලාහ් ව පරමාධිපති ලෙසත් ඉස්ලාමය තම දහම ලෙසත් මුහම්මද් තුමා ධර්ම දූතයා ලෙසත් පිළිගත්තේ ද ඔහු විශ්වාසයේ සුවය රස වින්දේ ය.
(මූලාශ්‍රය : මුස්ලිම්)  

2-    විශ්වාසයේ මිහිරි රසය පිළිබඳ ව පවසන්නේ නම්, නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා එය පැහැදිලි කළේ පහත සඳහන් අයුරිනි.
ثَلَاثٌ مَنْ كُنَّ فِيهِ وَجَدَ حَلَاوَةَ الْإِيمَانِ أَنْ يَكُونَ اللَّهُ وَرَسُولُهُ أَحَبَّ إِلَيْهِ مِمَّا سِوَاهُمَا وَأَنْ يُحِبَّ الْمَرْءَ لَا يُحِبُّهُ إِلَّا لِلَّهِ وَأَنْ يَكْرَهَ أَنْ يَعُودَ فِي الْكُفْرِ كَمَا يَكْرَهُ أَنْ يُقْذَفَ فِي النَّارِ
කරුණු තුනක් ඇත. කවරෙකු තුළ ඒවා පිහිටියේ ද ඔහු ඊමානයේ මිහිරි රසය ලබා ගත්තේ ය. එනම් 1. අල්ලාහ් හා ඔහුගේ ධර්ම දූතයාණන් අන් සියලු දෑට වඩා ඔහු ට ප්‍රියමනාප වීම. 2. කෙනෙකු ට ප්‍රේම කිරීම. එය අල්ලාහ් වෙනුවෙන් මිස (වෙන කිසිවක් වෙනුවෙන්) ප්‍රේම නොකිරීම. 3. නිරයේ හෙළීම පිළිකුල් කරනවාක් මෙන් ම ප්‍රතික්ෂේපය වෙත නැවත යොමු වීම පිළිකුල් කිරීම.     
(බුහාරි හා මුස්ලිම්)

3-    විශ්වාසයේ යථාර්ථය ගැන පවසන්නේ නම් කවරෙකු වෙත පරිපූර්ණ විශ්වාසය හා දහම පිළිබඳ ව නිවැරැදි දැක්මක් තිබී එය ක්‍රියාත්මක කිරීමේ දී නැමදුම ප්‍රචාරය දේශ තරණය උපකාරය කැපවීම පරිත්‍යාගය ඉවසීම ශ්‍රමය හා අවකාශ ලබා දීම වැනි ක්‍රියාමාර්ගයන් පිළිපදින්නේ ද එවන් උදවිය ට ඊමානයේ යථාර්ථය ලබනු ඇත.

තමන් ට සිදු වූ යමක් එය තමන් ට සිදු විය යුත්තක් බවත් තමන් ට වැරදුනු යමක් එය තමන් ට සිදු නොවිය යුත්තක් බවත්  වටහා ගන්නා තෙක් ගැත්තෙකු විශ්වාසයේ යථාර්ථය නොලබයි.  

1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ إِذَا ذُكِرَ اللَّهُ وَجِلَتْ قُلُوبُهُمْ وَإِذَا تُلِيَتْ عَلَيْهِمْ آيَاتُهُ زَادَتْهُمْ إِيمَانًا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ ، الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ ، أُولَئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا لَهُمْ دَرَجَاتٌ عِنْدَ رَبِّهِمْ وَمَغْفِرَةٌ وَرِزْقٌ كَرِيم.
සැබැවින් ම විශ්වාස වන්තයින් වනුයේ අල්ලාහ් පිළිබඳ ව සිහිපත් කරනු ලබන විට ඔවුන්ගේ හදවත් තැති ගනිති. ඔහුගේ වදන් ඔවුන් වෙත පාරායනය කරනු ලැබූ විට එය(එම වදන්) විශ්වාසයෙන් ඔවුන් ව වර්ධනය කරයි. තවද පරමාධිපතියාණන් කෙරෙහි ම සියල්ල භාර කරති.
ඔවුහු කවුරුන් ද යත් සලාතය ස්ථාපිත කරති. අපි ඔවුනට ලබා දුන් දැයින් වියදම් ද කරති.
සැබෑ විශ්වාසවන්තයෝ ඔවුහුම ය. ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස තරාතිරම් ඇත. තවද සමාව ද ගෞරවනීය සම්පත් ද ඇත. (අල්-කුර්ආන් 8:2-4)

2-    උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි.
وَالَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ وَالَّذِينَ آوَوْا وَنَصَرُوا أُولَئِكَ هُمُ الْمُؤْمِنُونَ حَقًّا لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ

සැබැවින් ම විශ්වාස කර දේශ තරණය කර අල්ලාහ්ගේ මාර්ගයේ කැප වූවන් (වන මුහාජිර්වරුන්) ද (ඔවුනට) ඉඩ පහසුකම් සලසා දී උදව් කළවුන් (වන අන්සාර්වරුන්) ද වන ඔවුන්මය සැබෑ විශ්වාසවන්තයින් වන්නේ. ඔවුනට සමාව ද (ස්වර්ගයේ) ගෞරවනීය බොජුන් ද ඇත.                         (අල්-කුර්ආන් 8:74)

3-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آَمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ أُولَئِكَ هُمُ الصَّادِقُونَ
සැබැවින් ම විශ්වාස වන්තයින් නම් අල්ලාහ්ව ද ඔහුගේ රසූල්වරයාව ද විශ්වාස කොට පසුව කිසිදු අනුමාන කිරීමකින් තොර ව අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන්ගේ ධනයෙන් හා ප්‍රාණයෙන් ප්‍රයත්නයේ යෙදෙන්නන්ම ය. ඔවුන්ම ය සත්‍යවන්තයෝ වන්නේ.             (අල්-කුර්ආන් 49:15)

•    විශ්වාසයේ උසස් තරාතිරම

විශ්වාසය ට ප්‍රකාශයක් ඇත. එයට ස්වරූපයක් ද ඇත.  එයට සුවයක් ද  මිහිරි රසයක් ද  යථාර්ථයක්  ද ඇත.

විශ්වාසයේ උසස් ම තරාතිරම වනුයේ දැඩි ස්ථාවරත්වයයි. හේතුව එය විශ්වාසය වන බැවිනි. එයට කිසිදු සැකයක් නැත. කිසිදු ව්‍යාකූලත්වයක් නැත. එය ඔබට නොපෙනෙන දෙයක් ඔබ ඉදිරියේ ඇති දෙයක් මෙන් තරයේ විශ්වාස කිරීම ය. ඒ දෙකෙහි දැක්ම එක සමාන ය. එබැවින් ඔබ අල්ලාහ් ව දකින අයුරින් ඔහු ව නමදින්න. මෙය ඉහ්සාන් නම් ස්ථානයේ පිහිටයි.

එබැවින් අල්ලාහ් විසින් දන්වා තිබෙන ඔහුගේ නාමයන් ඔහුගේ ගුණාංගයන් ඔහුගේ මලක්වරු ඔහුගේ ග්‍රන්ථ ඔහුගේ ධර්ම දූතයන් අවසන් දිනය හා දෛවය වැනි ගුප්ත දෑ තමන් ඉදිරියේ දකින්න ට තිබෙන දෑ ලෙස පිහිටියේ නම් එය යකීන් හෙවත් ස්ථාවර විශ්වාසයේ පරිපූර්ණ භාවයයි. එමෙන් ම ස්ථාවර විශ්වාසයේ යථාර්ථයයි. ඉවසීමෙන් හා දැඩි ස්ථාවරත්වයෙන් කටයුතු කරන විටක දහමෙ හි මඟපෙන්වීම  ඔහුට ලැබෙනු ඇත.

මේ බව උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ
ඔවුන් ඉවසා අපගේ වදන් තරයේ විශ්වාස කරමින් සිටිය දී අපගේ නියෝගයන් මඟපෙන්වන නායකයින් ඔවුන් අතුරින් අපි ඇති කළෙමු.     (අල්-කුර්ආන් 32: 24)   

9- ඊමානයේ ශාඛාවන් අතුරින් සමහරක්

•    ඊමානයෙ හි ශාඛාවන් බොහෝමයක් ඇත. යහපත් ප්‍රකාශයන් ශාරීරික ක්‍රියාදාමයන් හා මානසික ක්‍රියාදාමයන් එහි ඇතුළත් වේ.
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : "الْإِيمَانُ بِضْعٌ وَسَبْعُونَ أَوْ بِضْعٌ وَسِتُّونَ شُعْبَةً فَأَفْضَلُهَا قَوْلُ لَا إِلَهَ إِلَّا اللَّهُ وَأَدْنَاهَا إِمَاطَةُ الْأَذَى عَنْ الطَّرِيقِ وَالْحَيَاءُ شُعْبَةٌ مِنْ الْإِيمَانِ" (متفق عليه)
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
ඊමාන් හෙවත් විශ්වාසය ශාඛා හැටක් හෝ හැත්තෑවක ප්‍රමාණයකින් යුක්ත ය. ඒවායින් වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ ලා ඉලාහ ඉල්ලල්ලාහ් යන ප්‍රකාශයයි. එහි ඉතා අවමය වනුයේ මහ මඟ ඇති හානිදායක දෙයක් ඉවත් කිරීමයි. ලැජ්ජාව ද විශ්වාසයේ එක් කොටසකි.     (මූලාශ්‍රය බුහාරි හා මුස්ලිම්)

•    ධර්ම දූත (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ට ප්‍රේම කිරීම.
عَنْ أَنَسٍ رَضِيَ اللَّهُ عَنْهُ قَال : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : " لَا يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى أَكُونَ أَحَبَّ إِلَيْهِ مِنْ وَالِدِهِ وَوَلَدِهِ"  متفق عليه
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
ඔබ අතුරින් කෙනෙකු ඔහුගේ පියා ඔහුගේ පුතා හා මිනිසුන් සියල්ල ට වඩා මා ඔහු ට ප්‍රිය මනාප කෙනෙකු වන තෙක් විශ්වාස වන්තයෙකු නොවන්නේ ය.  (බුහාරි හා මුස්ලිම්)

•    අන්සාර් හෙවත් උපකාර කරන්නන් ට ප්‍රේම    කිරීම عَنْ أَنَسِ بْنِ مَالِكٍ رَضِيَ اللَّهُ عَنْهُ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " آيَةُ الْإِيمَانِ حُبُّ الْأَنْصَارِ وَآيَةُ النِّفَاقِ بُغْضُ الْأَنْصَارِ " متفق عليه
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
විශ්වාසයේ සලකුණකි අන්සාර්වරුන් ට ප්‍රේම කිරීම. කුහකත්වයේ සලකුණකි අන්සාර්වරුන් ට ක්‍රෝධය පෙන්වීම.                 (බුහාරි හා මුස්ලිම්)

•    විශ්වාසවන්තයින් ට ප්‍රේම කිරීම
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ: " لَا تَدْخُلُونَ الْجَنَّةَ حَتَّى تُؤْمِنُوا وَلَا تُؤْمِنُوا حَتَّى تَحَابُّوا أَوَلَا أَدُلُّكُمْ عَلَى شَيْءٍ إِذَا فَعَلْتُمُوهُ تَحَابَبْتُمْ أَفْشُوا السَّلَامَ بَيْنَكُمْ" أخرجه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
නුඹලා විශ්වාස වන්තයින් වන තෙක් ස්වර්ගය ට  නොපිවිසෙනු ඇත. නුඹලා එකිනෙකා අතර ප්‍රේම කරන තෙක් විශ්වාස වන්තයින් නොවනු ඇත. නුඹලා යමක් කළ විට නුඹලා අතර ප්‍රේමය ඇති වන කරුණක් මා දන්වා සිටින්න දැයි විමසා නුඹලා අතර නුඹලා සලාමය පතුරුවා හරිනු.         (මුස්ලිම්)

•    තම සහෝදර මුස්ලිම්වරයා ට ප්‍රේම කිරීම
عَنْ أَنَس بن مالك رضي الله عنه عَن النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : "لَا يُؤْمِنُ أَحَدُكُمْ حَتَّى يُحِبَّ لِأَخِيهِ مَا يُحِبُّ لِنَفْسِهِ" متفق عليه.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
නුඹලා අතුරින් කෙනෙකු ඔහු ප්‍රිය කරන දෑ තම සහෝදරයාට ද විය යුතු යැයි ප්‍රිය කරන තෙක්  විශ්වාස වන්තයෙකු නොවන්නේ ය.         (බුහාරි හා මුස්ලිම්)

•    අසල්වැසියා ට ආගන්තුකයා ට උපකාර කිරීම හා යහපත මිස වෙන කිසිවක් කතා නොකර නිහඬ ව සිටීම
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عن رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " مَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيَقُلْ خَيْرًا أَوْ لِيَصْمُتْ وَمَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيُكْرِمْ جَارَهُ وَمَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ فَلْيُكْرِمْ ضَيْفَهُ " متفق عليه.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
කවරෙකු අල්ලාහ් ව හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේ ද ඔහු යහපතම කතා කරත්වා ! එසේ නොමැති නම් නිහඬ ව සිටිත්වා ! තවද කවරෙකු අල්ලාහ් ව හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේ ද ඔහු තම අසල්වැසියාට උපකාර කරත්වා ! තවද කවරෙකු අල්ලාහ් ව හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේ ද තම ආගන්තුකයා ට සත්කාර කරත්වා.
                    (බුහාරි හා මුස්ලිම්)

•    යහපත විධානය කොට පිළිකුල් සහගත දැයින් වැළැක්වීම
أَبُو سَعِيد الخدري رضي الله عنه قال : سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : " مَنْ رَأَى مِنْكُمْ مُنْكَرًا فَلْيُغَيِّرْهُ بِيَدِهِ ، فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِلِسَانِهِ ، فَإِنْ لَمْ يَسْتَطِعْ فَبِقَلْبِهِ وَذَلِكَ أَضْعَفُ الْإِيمَانِ " أخرجه مسلم.
අල්ලාහ්ගේ දූත (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයක ට තමන් සවන් දුන් බව අබූ සඊද් අල්-කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

ඔබ අතුරින් කිසිවෙකු පිළිකුල් සහගත දෙයක් දුටුවේ නම් එය තම දෑතින් වළක්වත්වා ! එසේ කිරීමට ඔහුට හැකියවක් නොමැත්තේ නම් තම දිවෙන් වළක්වත්වා ! එයට ද ඔහුට හැකියාව නොමැතිනම් තම හදවතින් එය (වැරදි දෙයක් බව) සිතත්වා !      (මූලාශ්‍රය: මුස්ලිම්)

•    උපදෙස් ලබා දීම
عَنْ تَمِيمٍ الدَّارِيِّ رضي الله عنه أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: " الدِّينُ النَّصِيحَةُ " قُلْنَا لِمَنْ ؟ قَالَ " لِلَّهِ وَلِكِتَابِهِ وَلِرَسُولِهِ وَلِأَئِمَّةِ الْمُسْلِمِينَ وَعَامَّتِهِمْ " أخرجه مسلم.
නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව තමීම් අද්දාරී (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
දහම යනු උපදේශයකි. එය කවුරුන් වෙනුවෙන් විය යුතු දැයි අපි විමසා සිටියෙමු. එවිට එතුමා අල්ලාහ් වෙනුවෙන් ද ඔහුගේ ග්‍රන්ථ වෙනුවෙන් ද ඔහුගේ ධර්ම දූතයාණන් වෙනුවෙන් ද මුස්ලිම් නායකයින් වෙනුවෙන් ද ඔවුන් අතර පොදු ජනතාව වෙනුවෙන් ද විය යුතුයි. (මූලාශ්‍රය: මුස්ලිම්)

10    - අර්කානුල් ඊමාන් හෙවත් විශ්වාසයේ මූලිකාංග

විශ්වාසයේ මූලිකාංග හයකි. එය ඉහත සඳහන් පරිදි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ඊමානය පිළිබඳ ජිබ්රීල් (අලෙයිහිස් සලාම්) තුමාගෙන් විමසා සිටි විට එතුමාණෝ මෙසේ ප්‍රකාශ කර සිටියහ.
أَنْ تُؤْمِنَ بِاللَّهِ وَمَلَائِكَتِهِ وَكُتُبِهِ وَرُسُلِهِ وَالْيَوْمِ الْآخِرِ وَتُؤْمِنَ بِالْقَدَرِ خَيْرِهِ وَشَرِّهِ
අල්ලාහ්ව ද ඔහුගේ මලක්වරුන් හෙවත් දේව දූතයින් ඔහුගේ ග්‍රන්ථ ඔහුගේ රසූල්වරුන් හෙවත් ධර්ම දූතයින් අවසන් දිනය ද විශ්වාස කිරීමත් දෛවය අනුව තම යහපත හා අයහපත සිදු වන බව විශ්වාස කිරීමත් වේ.

•    දේව විශ්වාස බන්ධනයේ බලය

පොදුවේ ලොව පවතින සියලු බන්ධනයන් ට වඩා බලවත් බන්ධනය වනුයේ විශ්වාසයේ බන්ධනයයි. එහි ඇති දැඩි බලය හෙයින් මැවුම්කරු හා මැවීම් අතර සම්බන්ධතාව ගොඩ නගයි. අහස් හා පොළොව අතර බැඳියාව ද ජන සමූහයා හා රසූල්වරයා අතර බැඳියාව ද මිහිකත සිටින ආදම්ගේ දරුවන් අතර බැඳියාව ද ආදම්ගේ දරුවන් හා මලක්වරුන් අතර බැඳියාව ද ආදම්ගේ දරුවන් හා ජින් වරුන් අතර බැඳියාව ද මෙලොව හා පරලොව අතර බැඳියා ව ගොඩ නගයි. මේ හේතුව මතය අල්ලාහ් අහස් හා මහපොළොව ද ඒ අතර ඇති දෑ ද එමෙන් ම ස්වර්ගය හා නිරය ද මවා ඇත්තේ.
මේ හේතුවෙන් අල්ලාහ් විශ්වාසවන්තයින්ගේ භාරකරුවා බවට පත් විය. ධර්ම දූතයින් ව එව්වේය. දේව ග්‍රන්ථ පහළ කළේය. අල්ලාහ්ගේ මාර්ගයේ ප්‍රයත්න දැරීම ආගමානු ගත කළේය.

1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَيُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللَّهَ وَرَسُولَهُ أُولَئِكَ سَيَرْحَمُهُمُ اللَّهُ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ
තවද විශ්වාසවන්තයින් ද විශ්වාසවන්තියන් ද ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ මිතුරන් ය. ඔවුහු යහපත අණ කර අයහපත වළක්වති. සලාතය ස්ථාපිත කරති. zසකාත් ද දෙති. තවද අල්ලාහ්ට ද ඔහුගේ රසූල්වරයාට ද අවනත වෙති. අල්ලාහ් මතුවට දයාව දක්වනුයේ ඔවුන්ටම ය. සැබැවින් ම අල්ලාහ් අති බල සම්පන්නය. සර්ව ප්‍රඥාවන්තය.     
(අල්-කුර්ආන් 9:71)
2-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
اللَّهُ وَلِيُّ الَّذِينَ آمَنُوا يُخْرِجُهُمْ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَالَّذِينَ كَفَرُوا أَوْلِيَاؤُهُمُ الطَّاغُوتُ يُخْرِجُونَهُمْ مِنَ النُّورِ إِلَى الظُّلُمَاتِ أُولَئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ
අල්ලාහ් විශ්වාස කළවුන්ගේ රක්ෂකයා ය. අන්ධකාරයෙන් ආලෝකය ට ඔවුන් ව ඔහු ගෙන යන්නේය. ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ රක්ෂකයෝ තාඝූත්(ෂෙයිතානුන් සහ පිළිම)ය. ආලෝකයෙන් අන්ධකාරය ට ඔවුන් ව ඔවුහු(තාඝූත්) ගෙන යන්නෝය. ඔවුන් ය නිරා ගින්නේ සගයින් වන්නේ. ඔවුහු එහි සදාකල් වෙසෙන්නන් වෙති.
(අල්-කුර්ආන් 2:257)

මෙය ඊමානයේ මූලිකාංගයන් පිළිබඳ ව විස්තරාත්මක ව පැහැදිලි කිරීමේ අවස්ථාවයි. ඒ එක් එක් මූලිකාංගයන් දෙස දැන් අපි අවධානය යොමු කරමු.

1-    අල්ලාහ් පිළිබඳ විශ්වාසය

•    අල්ලාහ් පිළිබඳ විශ්වාසය කරුණු හතරකින් සමන්විතය

පළමුවැන්න : අල්ලාහ්ගේ පැවැත්ම පිළිබඳ විශ්වාසය.
අල්ලාහ් සියලුම මැවීම් මවා ඇත්තේ මැවුම්කරුගේ පැවැත්ම පිළිබඳ විශ්වාසය ඔවුන්ගේ සිත් තුළ සටහන් කරමිනි.

අති පිවිතුරු අල්ලාහ් මෙසේ පවසා සිටියි.
فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا فِطْرَةَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ذَلِكَ الدِّينُ الْقَيِّمُ وَلَكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ (30)
එබැවින් (නබිවරය) අවංක භාවයෙන් නුඹගේ මුහුණ දහම කෙරෙහි ස්ථාපිත කරවු. මෙය ඒ මත මිනිසා ව මැවූ අල්ලාහ්ගේ ස්වභාවයයි. අල්ලාහ්ගේ මැවීමට වෙනස් කිරීමක් නොමැත. එයයි ඍජු දහම. නමුත් මිනිසුන්ගෙන් බොහෝ දෙනා (ඒ බව) නොදනිති.     (අල්-කුර්ආන් 30:30)

•    සැබැවින් ම මෙම විශ්වයට මැවුම් කරුවෙකු සිටින බව මිනිස් බුද්ධිය පෙන්වා දෙයි. ඊට හේතුව මෙම මැවීම් සියල්ල ට ඉදිරියෙන් සිටින එමෙන් ම ඒවා හා බැඳුනු ඒවා ට වඩා ශ්‍රේෂ්ඨ මැවුම් කරුවෙකු සිටීම අවශ්‍යය. එම මැවීම් වලට තමන් විසින් ම යමක් සිදු කර ගත නොහැක. යමක් වළක්වා ගත ද නොහැක. එබැවින් ඒවා මෙහෙය වන පැවැත්මක් තිබිය යුතුයි යන්න පැහැදිලි ය. එම පැවැත්ම ය ලෝකයන් හි පරමාධිපති වන අල්ලාහ්.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කර සිටියි.
أَمْ خُلِقُوا مِنْ غَيْرِ شَيْءٍ أَمْ هُمُ الْخَالِقُونَ ، أَمْ خَلَقُوا السَّمَاوَاتِ وَالْأَرْضَ بَلْ لَا يُوقِنُونَ.
නැතිනම් ඔවුහු කිසිවකින් තොරව (මැවුම්කරුගෙන් තොරව) මවනු ලැබුවේ ද? එසේ නැතිනම් ඔවුන් මවන්නන් වෙත් ද?
නැතිනම් ඔවුහු අහස් හා මිහිතලය මැව්වේ ද? එසේ නොව ඔවුහු ස්ථීර ලෙස විශ්වාස නොකරති.                     (අල්-කුර්ආන් 52:35,36)

•    එමෙන් ම මිනිසාගේ හැඟීම් ද අල්ලාහ්ගේ පැවැත්ම පෙන්වා දෙන්නේය. රාත්‍රිය හා දහවල මාරුව ද මිනිසාගේ හා සත්වයින්ගේ පෝෂණය ද මැවීම් හි ක්‍රියාකාරක සැලැස්ම ද අපි දකින්නෙමු. මේවා සියල්ල පෙන්වා දෙනුයේ අල්ලාහ්ගේ පැවැත්ම ය.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
 
يُقَلِّبُ اللَّهُ اللَّيْلَ وَالنَّهَارَ إِنَّ فِي ذَلِكَ لَعِبْرَةً لِأُولِي الْأَبْصَارِ

රාත්‍රිය හා දහවල අල්ලාහ් මාරු කරයි. සැබැවින් ම එහි බුද්ධිමත් ජනයාට ආදර්ශයක් ඇත.                             (අල්-කුර්ආන් 24:44)

අල්ලාහ් ධර්ම දූතයින් හා නබිවරුන් ව නොයෙකුත් සාධක හා ප්‍රාතිහාර්යයන් මගින් බලවත් කළේය. ජනයා ඒවා දුටුහ. ඒවාට සවන් දුන්හ.

මෙය මිනිස් බලයට එපිට වූවකි. අල්ලාහ් එමගින් රසූල්වරුන් ට උදව් කළේය. ඔවුන් ව බලවත් කළේය. ඔවුන් ව ධර්ම දූතයින් ලෙස එවූ ඔහු පැවැත්මෙහි සිටින බවට මෙය පැහැදිලි සාධකයකි. ඔහු අල්ලාහ් ය. අල්ලාහ් ඉබ්‍රාහීම් (අලෙයිහිස් සලාම්) තුමාණන් ට ගින්න ශීත ලෙස ද ශාන්තිමත් ලෙස ද පත් කළේය. මූසා (අලෙයිහිස් සලාම්) තුමා ට මුහුද දෙබෑකර දුන්නේය. ඊසා (අලෙයිහිස් සලාම්) තුමා ට මළවුන් නැගිටුවීමේ ප්‍රාතිහාර්යය පිරිනැමුවේය. මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් ට චන්ද්‍රයා දෙපළු කළේය. මේ සියල්ල හඬ නගා පවසනුයේ ඔහු ට පැවැත්මක් ඇති බවය. එහි කිසිදු සැකයක් නොමැත.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

قَالَتْ رُسُلُهُمْ أَفِي اللَّهِ شَكٌّ فَاطِرِ السَّمَاوَاتِ وَالْأَرْضِ يَدْعُوكُمْ لِيَغْفِرَ لَكُمْ مِنْ ذُنُوبِكُمْ وَيُؤَخِّرَكُمْ إِلَى أَجَلٍ مُسَمًّى

අහස් හා මිහිතලයේ මැවුම්කරු වන අල්ලාහ් විෂයයෙහි සැක ඇත්දැයි ඔවුන්ගේ රසූල්වරුන් විමසා සිටියහ. නුඹලාගේ පාපයන් ට සමාව දීම පිණිස ද නියමිත කාලයක් දක්වා නුඹලා ව (අවකාශය ලබා දී) ප්‍රමාද කරනු පිණිස ද ඔහු නුඹලා ව කැඳවන්නේය.         (අල්-කුර්ආන් 14:10)

අයදින කොපමණ දෙනෙකු ට අල්ලාහ් පිළිතුරු දී ඇත්තේ ද ඉල්ලන කොපමණ දෙනෙකු ට ඔහු පිරිනමා ඇත්තේ ද දුකෙන් පසු වන කොපමණ දෙනෙකු ට උදව් කර ඇත්තේ ද මේ සියල්ලෙන් අදහස් කරනුයේ කිසිදු සැකයකින් තොරව අල්ලාහ්ගේ පැවැත්ම ඔහුගේ ඥානය ඔහුගේ බලය තිබෙන බව ය.  

1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِذْ تَسْتَغِيثُونَ رَبَّكُمْ فَاسْتَجَابَ لَكُمْ أَنِّي مُمِدُّكُمْ بِأَلْفٍ مِنَ الْمَلَائِكَةِ مُرْدِفِينَ
නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් උදව් පැතූ විට සැබැවින් ම නුඹලා ට පසු පසින් පෙළ ගැසූ මලක් වරුන්ගෙන් දහසක් දෙනා මගින් නුඹලා ට උදව් කරන්නෙකු වේ යැයි ඔහු නුඹලා ට පිළිතුරු දුන්නේය.         (අල්-කුර්ආන් 8:9)

2-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَأَيُّوبَ إِذْ نَادَى رَبَّهُ أَنِّي مَسَّنِيَ الضُّرُّ وَأَنْتَ أَرْحَمُ الرَّاحِمِينَ ، فَاسْتَجَبْنَا لَهُ فَكَشَفْنَا مَا بِهِ مِنْ ضُرٍّ وَآَتَيْنَاهُ أَهْلَهُ وَمِثْلَهُمْ مَعَهُمْ رَحْمَةً مِنْ عِنْدِنَا وَذِكْرَى لِلْعَابِدِينَ .
තවද අය්යූබ් ඔහු ඔබ කරුණාවන්තයින් අතුරින් මහා කරුණාභරිතයාණන් ව සිටිය දී සැබැවින් ම මා වෙත පීඩාව වැලඳ ඇත්තේය යැයි කන්නලව් කළ අවස්ථාව (සිහිපත් කරවු.)
එවිට අපි ඔහුට පිළිතුරු දුනිමු. පීඩාවෙන් ඔහු වැලඳ ඇති දෑ අපි ඉවත් කළෙමු. තවද අපි ඔහු ට ඔහුගේ පවුල ද ඔවුන් සමඟ වූ ඔවුන් මෙන් අය ද අපගෙන් වූ දයාලුවක් වශයෙන් ද නැමදුම් කරන්නන් හට මෙනෙහි කිරීමක් වශයෙන් ද පිරිනැමුවෙමු.     (අල්-කුර්ආන් 21:83,84)

උත්තරීතර අති උතුම් අල්ලාහ් සිටින බවට සාධක වශයෙන් ෂරීආහ්ව ද පෙන්වා දෙයි. මැවීම් හි යහපත පිණිස අන්තර්ගත සාධාරණීය නීති රීති. මේවා අල්ලාහ් විසින් නබි වරුන්ට සහ රසූල් වරුන් ට පහළ කළ තමන්ගේ ආගමික ග්‍රන්ථවල සඳහන් කර ඇත. සැබැවින්ම එය ප්‍රඥාවන්ත තම ගැත්තන්ගේ යහපත ගැන මනා දැනුමක් ඇති සියලු බලධාරී අල්ලාහ් ගෙන් බවට වූ සාධකයකි.   

දෙවැන්න සැබැවින් ම අල්ලාහ් වන ඔහු ට එකම පරමාධිපති වනුයේ ඔහු ට කිසිදු හවුල් කරුවෙකු නොමැති බව ට විශ්වාස කිරීමය.

නැමදුම් ලබන්න ට සුදුසුකම් ලබන පරමාධිපති වනුයේ තම ආධිපත්‍යය තමන් සතු කර ගත් සැබෑ රජු වන අල්ලාහ් ය. සියලු මැවීම් හා සියලු කරුණු ඔහු සතු ය. අල්ලාහ් හැර වෙනත් මැවුම්කරුවෙකු නොමැත. අල්ලාහ් හැර වෙනත් රජෙකු නොමැත. සියලු කරුණු අල්ලාහ් ට පමණක් සතු ය. සියලු මැවීම් ඔහුගේ මැවීම් ය. සියලු ආධිපත්‍යයන් ඔහුගේ පාලනයන් ය. සියලු කරුණු ඔහුගේ කරුණු ය. ඔහු සර්ව බලධාරී අසමසම කරුණාවන්ත ය. අවශ්‍යතාවන්ගෙන් තොර වූ ප්‍රශංසාලාභී ය. සර්ව බලධාරී සර්වඥ ය. කරුණාව පැතූ විට කරුණාව ලබා දෙන්නේ ය. සමාව පැතූ විට සමාව පිරිනමන්නේ ය. යමක් ඉල්ලූ විට එය ලබා දෙන්නේ ය. අයදිනු ලබන විට එයට පිළිතුරු දෙන්නේ ය. ඔහු අභිමත කරන දෑ ඉටු කරන්නේ ය. ඔහු ජීවමානය. සදා අමරණීයය. කිසිදු වෙහෙසක් හෝ නින්දක් ඔහුට නොමැත.

අහස් හි හා මිහිතලයේ සියලු පාලනයන් ඔහු ට පමණක් සතුය.
අහස් හි හා මිහිතලයේ ඇති සියලු දෑ ද ඔහු සතුය.
අහස් හි හා මහ පොළොවේ ඇති සියලු සම්පත් ද ඔහු සතුය.
අහස් හි හා මහ පොළොවේ ඇති ගුප්ත දෑ ද ඔහු සතුය.
ඔහු ට අහස් හි හා මහ පොළොවේ බලඇණියක් ඇත.

1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّ رَبَّكُمُ اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَى عَلَى الْعَرْشِ يُغْشِي اللَّيْلَ النَّهَارَ يَطْلُبُهُ حَثِيثًا وَالشَّمْسَ وَالْقَمَرَ وَالنُّجُومَ مُسَخَّرَاتٍ بِأَمْرِهِ أَلَا لَهُ الْخَلْقُ وَالْأَمْرُ تَبَارَكَ اللَّهُ رَبُّ الْعَالَمِينَ (54)
සැබැවින් ම නුඹලා ගේ පරමාධිපති අල්ලාහ් ය. ඔහු අහස් හා මහ පොළොව දින හයකින් මැව්වේය. ඉන් පසු අර්ෂයට ඉහළින් ඔහු ස්ථාපිත විය. ඔහු රාත්‍රිය දහවලින් ආවරණය කරන්නේය. (දහවල) එය (රාත්‍රිය) වේගයෙන් සොයන්නේය. හිරු සඳු හා තාරකා (ද ඔහු මැව්වේය. ඒවා) ඔහු ගේ බලයට නතු කරවනු ලැබීය. දැනගනිවු. මැවීමත් අණත් ඔහු සතුය. විශ්වයේ පරමාධිපති වන අල්ලාහ් භාග්‍යවන්තය.             (අල්-කුර්ආන් 7:54)

2-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
لِلَّهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا فِيهِنَّ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
අහස් හි හා මහ පොළොවේ ආධිපත්‍යය ද ඒවා තුළ ඇති දෑ ද අල්ලාහ් සතු ය. ඔහු සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය.                     (අල්-කුර්ආන් 5:120)

සියලු මැවීම් මැවූ පරමාධිපති නියත වශයෙන් ම අල්ලාහ් බවත් සියලු පැවතුම් හි සදා අමරණීය පැවැත්මක් ඔහුට ඇති බවත් සියලු මැවීම් හැඩගස් වන්නා ඔහු බවත් අහස් හා මහ පොළොව මවා ඇත්තේ ඔහු බවත් අපි දන්නෙමු තරයේ විශ්වාස කරන්නෙමු.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
ذَلِكُمُ اللَّهُ رَبُّكُمْ فَاعْبُدُوهُ أَفَلَا تَذَكَّرُونَ
එයයි නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. එබැවින් නුඹලා ඔහු ට නැමදුම් කරවු. නුඹලා ඔහු ව මෙනෙහි කළ යුතු නොවේ ද?         (අල්-කුර්ආන් 10:3)

ඔහු හිරු හා සඳු මැව්වේ ය. රාත්‍රිය හා දහවල මැව්වේ ය. ජලය හා පැළෑටි මැව්වේ ය. මිනිසා හා සතුන් මැව්වේ ය. පස් කඳු හා මුහුදු මැව්වේ ය.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَلَمْ يَتَّخِذْ وَلَدًا وَلَمْ يَكُنْ لَهُ شَرِيكٌ فِي الْمُلْكِ وَخَلَقَ كُلَّ شَيْءٍ فَقَدَّرَهُ تَقْدِيرًا
අහස් හි හා මිහිතලයේ ආධිපත්‍යය ඔහු සතු ය. ඔහු පුතෙකු නොගත්තේම ය. ආධිපත්‍යයෙහි ඔහු ට හවුල්කරුවෙකු නොවීය. සෑම දෙයක් ම මවා පසුව එය සැලැස්මක් සහිත ව සැකසුවේය.                  (අල්-කුර්ආන් 25:2)

අල්ලාහ් සියලු දෑ ඔහුගේ ස්ව බලයෙන් මැව්වේය. ඔහුට කිසිදු ඇමැත්තෙකු හෝ උපදේශකයෙකු හෝ උදව් කරුවෙකු හෝ නොමැත. ඔහු සුවිශුද්ධ අභිභවනීය එකම පරමාධිපතිය. ඔහුගේ කරුණාව පිරුණු  අර්ෂ් හි ඔහු සිටින්නේය. තම බලයෙන් අහස රඳවා ගෙන ඇත්තේය. තම අභිමතය පරිදි මිහිතලය භ්‍රමණය වන්නේය. තමන් සිතූ පරිදි මැවීම් මවන්නේය. තම බලයෙන් ගැත්තන් පාලනය කරන්නේය. නැගෙනහිර හා බටහිරෙහි පරමාධිපතිය. ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔහු සදා ජීවමානය සදා පැවැත්මක් ඇත්තාය.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ ، لَهُ مَقَالِيدُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَالَّذِينَ كَفَرُوا بِآَيَاتِ اللَّهِ أُولَئِكَ هُمُ الْخَاسِرُونَ
අල්ලාහ් සියලු දෑ හි මැවුම්කරු ය. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරුවා ය.
අහස්හි හා මිහිතලයෙහි යතුරු ඔහු සතුය. තවද අල්ලාහ්ගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන්ම ය අලාභවන්තයින් වන්නේ.     (අල්-කුර්ආන් 39:62,63)

සැබැවින් ම සුවිශුද්ධ අල්ලාහ් පරමාධිපතිය. සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය. සියලු දෑ ආවරණය කරන්නාය. සියලු දෑහි හිමිය. සියලු දෑ පිළිබඳ සර්වඥානීය. සියලු දෑ අබිබවා ඇත්තාය. ඔහුගේ මහා බලය හේතුවෙන් සියලු ගෙලවල් යටත් ව ඇත. ඔහු කෙරෙහි වූ බිය හේතුවෙන් සියලු හඬවල් පාලනය වී ඇත. ඔහුගේ ශක්තිය හේතුවෙන් සියලු ජවයන් යටහත් වී ඇත. සියලු දෘෂ්ටීන් ට ඔහු දසුන් නොවූව ද ඔහු සියලු දෘෂ්ටීන් පිළිබඳ මැනවින් දන්නාය. ඔහු ඉතා මෘදුය. සියලු විස්තර දන්නාය. ඔහු අභිමත කරන දෑ කරන්නාය. එමෙන් ම ඔහු සිතන දෑ තීන්දු කරන්නාය.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි
إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ
ඔහුගේ විෂයය නම්. ඔහු යමක් සිතූ විට එයට වනු යැයි පවසයි. එවිට එය සිදු වනු ඇත. (අල්-කුර්ආන් 36:82)

•    සුවිශුද්ධ අල්ලාහ් අහස් ගැබෙ හි ඇති දෑ ද පොළොවෙ තුළ ඇති දෑ ද මැනවින් දන්නාය. ගුප්ත දෑ හා දෘෂ්‍යමාන දෑ පිළිබඳ සර්වඥානීය. අති ශ්‍රේෂ්ඨය. අති උත්තරීතරය. කඳු වල බර ඔහු දන්නේය. මුහුදෙ හි ජල ධාරිතාව ඔහු දන්නේය. අහසින් වැටෙන ජල බිඳුවක ප්‍රමාණය ඔහු දන්නේ ය. ගහක කොළ ප්‍රමාණය ඔහු දන්නේය. පොළොවේ ඇති වැලිකැට ප්‍රමාණය ඔහු දන්නේය. ඝනාන්ධකාරයෙන් අඳුරු වූ සියල්ල දන්නේය. දහවලින් අලෝකමත් වූ සියල්ල ද දන්නේ ය.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَعِنْدَهُ مَفَاتِحُ الْغَيْبِ لَا يَعْلَمُهَا إِلَّا هُوَ وَيَعْلَمُ مَا فِي الْبَرِّ وَالْبَحْرِ وَمَا تَسْقُطُ مِنْ وَرَقَةٍ إِلَّا يَعْلَمُهَا وَلَا حَبَّةٍ فِي ظُلُمَاتِ الْأَرْضِ وَلَا رَطْبٍ وَلَا يَابِسٍ إِلَّا فِي كِتَابٍ مُبِينٍ
ගුප්ත දෑහි යතුරු ඔහු සතු ව ඇත. ඔහු හැර අන් කිසිවෙකු ඒවා නොදනියි. ඔහු ගොඩ බිමෙහි හා සාගරයෙහි ඇති දෑ දන්නේය. ඔහුගේ අනු දැනුමෙන් තොරව (ගසක) කොළයක් හෝ බිම වැටෙන්නේ නැත. මිහිතලයේ අන්ධකාරයෙහි වූ බීජයක් වුව ද එය තෙත් වුව ද වියළි වුව ද පැහැදිලි පුස්තකයෙහි (සඳහන් වී) මිස නැත.     (අල්-කුර්ආන් 6:59)

•    උත්තරීතර කීර්තිමත් අල්ලාහ් සෑම දිනකම තම කාර්යයෙහි නිරත ව සිටින බවත් අහසෙහි හෝ මහ පොළොවෙ හි ඇති කිසිවක් ඔහුට නොසැඟවෙන බවත් සියලු කරුණු සැලසුම් කරන බවත් සුළං හමවන බවත් වර්ෂාව ඇති කරවන බවත් මහ පොළොව මළ පසු ප්‍රාණවත් කරන බවත් අපි මැනවින් දන්නෙමු. එමෙන් ම විශ්වාස කරන්නෙමු.

තවද ඔහු අභිමත කරන අය ට ගරුත්වය පිරිනමන්නේය. ඔහු අභිමත කරන අය ව අවමානයට ලක් කරන්නේය. ඔහු ජීවය දෙන්නේය. මරණයට පත් කරන්නේය. ඔහු දායාදයන් පිරිනමන්නේය ඒවා වළක්වන්නේය. ඔහු උසස් කරවන්නේය එමෙන්ම පහත් කරවන්නේය.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
قُلِ اللَّهُمَّ مَالِكَ الْمُلْكِ تُؤْتِي الْمُلْكَ مَنْ تَشَاءُ وَتَنْزِعُ الْمُلْكَ مِمَّنْ تَشَاءُ وَتُعِزُّ مَنْ تَشَاءُ وَتُذِلُّ مَنْ تَشَاءُ بِيَدِكَ الْخَيْرُ إِنَّكَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ ، تُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَتُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَتُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَتُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَتَرْزُقُ مَنْ تَشَاءُ بِغَيْرِ حِسَابٍ
(නබිවරය) අහෝ ! අල්ලාහ්,  සර්ව රාජ්‍යයේ අධිපතියාණනි, ඔබ අභිමත කළ අයට පාලන බලය ලබා දෙන්නෙහි ය. ඔබ අභිමත කළ අයගෙන් පාලනය බලය ඉවත් කරන්නෙහි ය. තවද ඔබ අභිමත කළ අයට ගෞරවය පිරිනමන්නෙහි ය. ඔබ අභිමත කළ අය ව අවමන් කරන්නෙහි ය. සියලු යහපත ඔබ අතෙහි ය. සැබැවින් ම ඔබ සියලු දෑ කෙරෙහි අති බලසම්පන්නය යැයි ප්‍රකාශ කරවු.   

තවද ඔබ රාත්‍රිය දහවලෙහි ඇතුළු කරවන්නෙහි ය. දහවල රාත්‍රියෙ හි ඇතුළු කරවන්නෙහි ය. මළ දැයින් ප්‍රාණ දැය පිට කරන්නෙහි ය. තවද ප්‍රාණ දැයින් මළ දැය පිට කරන්නෙහි ය. ඔබ අභිමත කළ අයට ගණනයකින් තොරව සම්පත් ලබා දෙන්නෙහි ය. (යැයි ප්‍රකාශ කරවු.)  (අල්-කුර්ආන් 3:26,27)

සියලු වස්තූන් හි සම්පත් අල්ලාහ් අබියස බවත් සැබැවින් ම අහස් හි හා මහ පොළොවෙ හි ඇති සියලු සම්පත් අල්ලාහ් ට පමණක් සතු බවත් අපි මැනවින් දනිමු. තරයේ විශ්වාස කරන්නෙමු. සියලු දෑ පැවැත්මෙ හි ඇත. එබැවින් ඒ සියල්ලෙහි සම්පත් ඇත්තේ අල්ලාහ් අබියස ය.

ජල සම්පත ශාක සම්පත වාත සම්පත ඛණිජ සම්පත සුව සම්පත අභයදායී සම්පත භුක්තියේ සම්පත දඬුවමෙහි සම්පත කරුණාවේ සම්පත මඟ පෙන්වීමේ සම්පත බලයේ සම්පත ගරුත්වයේ සම්පත හා සෙසු සියලු සම්පත් අල්ලාහ් වෙතිනි. ඔහුගේ දෑතෙ හි පමණක් ඒවා සියල්ල රැඳී ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَإِنْ مِنْ شَيْءٍ إِلَّا عِنْدَنَا خَزَائِنُهُ وَمَا نُنَزِّلُهُ إِلَّا بِقَدَرٍ مَعْلُومٍ
කිසිම වස්තුවක් එහි ධන සම්පත අප අබියස මිස නැත. නියමිත ප්‍රමාණයකින් මිස අපි එය පහළ නොකරන්නෙමු.
(අල්-කුර්ආන් 15:21)
 
මෙය අපි අවබෝධ කර ගෙන අල්ලාහ්ගේ බලය අල්ලාහ්ගේ ගරුත්වය අල්ලාහ්ගේ ශක්තිය අල්ලාහ්ගේ ඥානය  අල්ලාහ්ගේ පාලනය අල්ලාහ්ගේ සම්පත අල්ලාහ්ගේ කරුණාව අල්ලාහ්ගේ ඒකීයත්වය මත තරයේ විශ්වාස කළේ නම් සියලු හදවත් ඔහු වෙත නැඹුරු වනු ඇත ඔහුට නැමදුම් කිරීමට හදවත් විවර වනු ඇත. ඔහු ට අවනත වීමට ශරීර අවයවයන් යටත් වනු ඇත. ඔහු ට ගරුබුහුමන් කරමින් ශ්‍රේෂ්ඨත්වය ට කරමින් සුවිශුද්ධ කරමින් ප්‍රශංසා කරමින් මෙනෙහි කිරීම ට දිවවල් නැඹුරු වනු ඇත. එබැවින් ඔබ ඔහුගෙන් හැර වෙන කිසිවකුගෙන් නොඉල්ලන්න. ඔහු තුළින් මිස කිසිවෙකුගෙන් උදව් නොපතන්න. ඔහු කෙරෙහි පමණක් හැර වෙන කිසිවෙකු මත විශ්වාසය නොතබන්න. ඔහු ට මිස වෙන කිසිවෙකු ට බිය නොවන්න. ඔහු හැර වෙන කිසිවෙකු ට නැමදුම් ඉටු නොකරන්න.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
ذَلِكُمُ اللَّهُ رَبُّكُمْ لَا إِلَهَ إِلَّا هُوَ خَالِقُ كُلِّ شَيْءٍ فَاعْبُدُوهُ وَهُوَ عَلَى كُلِّ شَيْءٍ وَكِيلٌ
එවැන්නෙකු ය නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්. ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත. සියලු දෑ හි මැවුම්කරු ය. එබැවින් ඔහු ට නුඹලා නැමදුම් කරවු. තවද ඔහු සියලු දෑ කෙරෙහි භාරකරුය. (අල්-කුර්ආන් 6:102)

තුන්වැන්න : උත්තරීතර අති පිවිතුරු අල්ලාහ්ගේ දේවත්වය පිළිබඳ විශ්වාස කිරීම.

සැබැවින් ම අල්ලාහ් එකීය ය. සැබෑ දෙවියන් ඔහුම ය. ඔහු ට කිසිදු හවුල් කරුවෙකු නොමැත යනුවෙන් අපි දන්නෙමු. විශ්වාස කරන්නෙමු. එමෙන් ම සැබැවින් ම නැමදුම් ලබන්න ට සුදුස්සා ඔහු පමණ ය. හේතුව ඔහු සියලු ලෝකයන් හි පරමාධිපති හා සියලු ලෝකයන් හි දෙවියා වන බැවිනි. එබැවින් ඔහු අපට ආගම් ගත කළ දෑ ගෙන ඔහු ට සම්පූර්ණ ව යටහපත් පහත් ව ඔහු වෙත සම්පූර්ණ ප්‍රේමය පුද කර පූර්ණ ලෙස ගරු බුහුමන් කොට ඔහු ව අපි නමදින්නෙමු. එමෙන් ම මැවීම් හා එහි ක්‍රියාකාරකම් පාලනය කරන සර්ව බලධාරී ට අපි යටහත් වන්නෙමු. එබැවින් අල්ලාහ්ගේ දේවත්වය ට ලැබුණු නියෝගය අනුව හා ආගම් ගත කළ  දෑ අනුව යටත් වීම අනිවාර්යය වෙයි.

සැබැවින් ම අල්ලාහ්ගේ ආධිපත්‍යයේ ඔහු පමණක් වන බව ද එහි ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැතිව බව ද අපි දන්නා සේම තරයේ විශ්වාස කරන්නා සේම ඔහුගේ දේවත්වයේ ද කිසිදු හවුල් කරුවෙකු නොමැති බවත් තරයේ විශ්වාස කරන්නෙමු. එබැවින් අපි ඔහු ට පමණක් නමදින්නෙමු. ඔහු ට කිසිවකින් ආදේශ නොකරන්නෙමු. ඔහු හැර සෙසු සියලු දෑ නැමදීමෙන් අපි වැළකී සිටින්නෙමු.
 
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَإِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ لَا إِلَهَ إِلَّا هُوَ الرَّحْمَنُ الرَّحِيمُ
තවද නුඹලාගේ දෙවියා එකම දෙවියා ය. අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත.         (අල්-කුර්ආන් 2:163)

කීර්තියෙන් හා ගෞරවයෙන් යුත් අල්ලාහ් ය සැබෑ දෙවියා. අල්ලාහ් හැර නැමදුම් ලබන සෙසු සියල්ල නිෂ්ඵල දෑය. එහි දේවත්වයක් නොමැත. ඒවා නැමදුම් කිරීම අර්ථ ශූන්‍යය.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
ذَلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِنْ دُونِهِ هُوَ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ
මෙය සැබැවින් ම අල්ලාහ් වන ඔහු සත්‍යය බැවින් ද සැබැවින් ම ඔහු හැර ඔවුන් අයදින දෑ නිෂ්ඵල වන බැවින් ද සැබැවින්ම අල්ලාහ් අති උත්තරීතර අති ශ්‍රේෂ්ඨ වන බැවින් ද වේ.                 (අල්-කුර්ආන් 22:62)

සිව්වැන්න : අල්ලාහ්ගේ නාමයන් හා ඔහුගේ ගුණාංගයන් පිළිබඳ විශ්වාස කිරීම

එහි යථාර්ථය වනුයේ ඒවා පිළිබඳ අවබෝධය ලබා ඒවා කට පාඩම් කර ඒවා පිළිගෙන ඒවා තුළින් අල්ලාහ් ට නැමදුම් කර එවා අර්ථවත් කරන දෑ අනුව ක්‍රියා කිරීම ය.

එබැවින් අල්ලාහ් ට වූ අති ගෞරවනීය ගුණාංග ඔහුගේ උත්තරීතරත්වය ඔහුගේ ප්‍රශංසාව හා කීර්තිය අවබෝධ කර ගැනීමෙන් ගැත්තන්ගේ හදවත් තුළ අල්ලාහ් කෙරෙහි වූ බිය හා ගෞරවය පිරී යනු ඇත.

එමෙන් ම අල්ලාහ්ගේ ගෞරවය ඔහුගේ බලය ඔහුගේ ශක්තිය ඔහුගේ පාලන බලය අවබෝධ කර ගැනීමෙන් තම හදවත් අල්ලාහ් ට යටහත් පහත් ව අවනත භාවයෙන් පිරී යනු ඇත.

තවද අල්ලාහ්ගේ කරුණා ව ඔහුගේ ත්‍යාගශීලීත්වය ඔහුගේ උපකාරය ඔහුගේ පිරිනැමීම අවබෝධ කර ගැනීමෙන් අල්ලාහ් කෙරෙහි වූ ආදරය හා සෙනෙහසත් අල්ලාහ්ගේ වරප්‍රසාදයන් ඔහුගේ උපකාරයන් හා ඔහුගේ ත්‍යාගශීලීත්වය කෙරෙහි වූ ආශාවත් තම හදවත් තුළ පිරී යනු ඇත.

තවද අල්ලාහ්ගේ ඥානය හා ඔහු සියල්ල ආවරණය කරමින් සිටින බව අවබෝධ කර ගැනීමෙන් ගැත්තාගේ සෑම පියවරක් ම සෑම චලනයක් ම තම පරමාධිපතිගේ අධීක්ෂණය යටතේ ඇති බව හඟන්නට බල කෙරෙනු ඇත.

මෙම සියලු ගුණාංග මුළුමණින් ම සැලකිල්ල ට ගත් කල ගැත්තා අල්ලාහ් ට ගරුබුහුමන් කිරීමටත් ඔහු ට ප්‍රේම කිරීමත් ඔහු වෙත නැඹුරු වීමටත් ඔහු සමඟ සම්බන්ධකම් පැවැත්වීමටත් ඔහු කෙරෙහි සියල්ල භාරකිරීමටත් ඔහු ට පමණක් නැමදුම් කිරීමෙන් ඔහු වෙත සමීප වීමටත් බල කෙරෙනු ඇත.

අලංකාර නාමයන් හා උසස් ගුණාංගයන් අතුරින් අල්ලාහ් පිළිබඳ ව ඔහු හා ඔහුගේ ධර්ම දූතයාණන් කවර ස්ථාවරයක් සඳහන් කර ඇත්තේ ද ඒ පිළිබඳ තරයේ විශ්වාස කොට ඒවා  අල්ලාහ් ට ස්ථාපිත කරන්නෙමු. එමෙන් ම ඔහු ගැන ඔහු හා ඔහුගේ ධර්ම දූතයාණන් කවර ස්ථාවරයක් නැතැයි සඳහන් කර තිබෙන්නේ ද අපද ඒවා ඔහු ට නොමැති බව විශ්වාස කරන්නෙමු.

තවද අපි අල්ලාහ්ගේ අලංකාර නාමයන් ඔහුගේ ගුණාංගයන් හා ඔහු පිළිබඳ අර්ථවත් කරන අර්ථ හා සංකේතයන් පිළිබඳ ව විශ්වාස කරන්නෙමු.

උදාහරණ වශයෙන් අල්ලාහ් රහීම් අසමසම කරුණාන්විත යැයි අපි විශ්වාස කරන්නෙමු. එහි අර්ථය වනුයේ අල්ලාහ් කරුණා ගුණයෙන් යුක්ත බවය. මෙම නාමයෙන් සංකේතවත් කරනුයේ සැබැවින් ම ඔහු අභිමත කරන අයට කරුණාව දක්වන්නා බව ය. මෙලෙස ය සෙසු අලංකාර නාමයන් හා ගුණාංගයන් පිළිබඳ ව අර්ථ හා සංකේතයන් අර්ථවත් කරනු ලබනුයේ.

නාමයන් හා ගුණාංගයන් අතුරින් අති පාරිශුද්ධ අල්ලාහ් ට බැඳුණු සියලු දෑ කිසිදු වෙනස් කිරීමකින් හෝ එකතු කිරීමකින් හෝ නිරූපණය කිරීමකින් හෝ සැසදීමකින් තොරව අල්ලාහ් ප්‍රකාශ කළ සීමාවෙන් ම ඔහුට ස්ථාපිත කරන්නෙමු.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ
ඔහුමෙන් කිසිවෙකු නොමැත. තවද ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව නිරීක්ෂකය.         (අල්-කුර්ආන් 42:11)

තවද සැබැවින් ම අල්ලාහ් ඒකීය ය. ඔහුට අලංකාර නාමයන් හා උසස් ගුණාංග ඇති බව අපි දනිමු එමෙන් ම තරයේ විශ්වාස කරන්නෙමු. එමගින් අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
 
وَلِلَّهِ الْأَسْمَاءُ الْحُسْنَى فَادْعُوهُ بِهَا وَذَرُوا الَّذِينَ يُلْحِدُونَ فِي أَسْمَائِهِ سَيُجْزَوْنَ مَا كَانُوا يَعْمَلُونَ

අල්ලාහ් ට ඉතා අලංකාර නාමයන් ඇත. ඒවා මගින් නුඹලා ඔහු ට අමතවු. ඔහුගේ නාමයන් විෂයෙ හි ව්‍යාජ කරන්නන් ව අත හැර දමවු. ඔවුන් කරමින් සිටි දෑ සඳහා අපි ප්‍රතිඵල ලබා දෙන්නෙමු.     (අල්-කුර්ආන් 7:180)

2-    
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ الله عنه أَنَّ رَسُوْلَ اللهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " إِنَّ لِلَّهِ تِسْعَةً وَتِسْعِينَ اسْمًا مِائَةً إِلَّا وَاحِدًا مَنْ أَحْصَاهَا دَخَلَ الْجَنَّةَ
සැබැවින් ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සැබැවින් ම අල්ලාහ් ට සියයෙන් එකක් අත හැර නාමයන් 99ක් ඇත. කවරෙකු එය ආරක්ෂා කරන්නේ ද ඔහු ස්වර්ගය ට පිවිසෙනු ඇත.  (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)

•    අල්ලාහ්ගේ නාමයන් හා ඔහුගේ ගුණාංගයන් විශ්වාස කිරීමේ මූලික කරුණු.

අල්ලාහ්ගේ නාමයන් හා ඔහුගේ ගුණාංගයන් මත තබන විශ්වාස කිරීම මූලික කරුණු තුනක් මත පදනම් වී ඇත.

පළමුවැන්න: අල්ලාහ්ගේ පැවැත්ම ඔහුගේ නාමයන් ඔහුගේ ගුණාංගයන් හා ඔහුගේ ක්‍රියාවන් සෙසු මැවීම් හා සැසදීමෙන් පාරිශුද්ධ අල්ලාහ් ව පිවිතුරු කිරීම.

දෙවැන්න: නාමයන් හා ගුණාංගයන් අතුරින් අල්ලාහ් තමන් ගැන වර්ණනා කළ හා ඔහුගේ දූතයාණන් ඔහු ගැන වර්ණනා කළ දෑ විශ්වාස කිරීම.

තුන්වැන්න: අල්ලාහ්ගේ නාමයන් හි හා ඔහුගේ ක්‍රියාවන් හි කිසියම් ආකාරයක නිරූපණයක් උපකල්පනයක් කිරීමෙන් වැළකී සිටීම.  ඔහුගේ පැවැත් ම කෙසේ දැයි අප නොදන්නා සේම ඔහුගේ නාමයන් ගුණාංගයන් හා ක්‍රියාවන් කෙසේ පිහිටන්නේ දැයි අපි නොදන්නෙමු.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
لَيْسَ كَمِثْلِهِ شَيْءٌ وَهُوَ السَّمِيعُ الْبَصِيرُ
ඔහුමෙන් කිසිවෙකු නොමැත. තවද ඔහු සර්ව ශ්‍රාවකය. සර්ව නිරීක්ෂකය.     (අල්-කුර්ආන් 42:11)

•    අස්මාඋල් හුස්නා නම් අල්ලාහ්ගේ අලංකාර නාමයන් හි වර්ග
අල්ලාහ්ගේ අලංකාර නාමයන් වර්ග දෙකකට බෙදෙයි.

පළමුවැන්න: තනිව හෝ වෙනත් නාමයක් සම්බන්ධ කර අල්ලාහ් ට තබා ඇති නාමයන්. බොහෝ නාමයන් මෙම වර්ගයට අයත්ය. උදාහරණ වශයෙන් අස්-සමීඋ -සර්ව ශ්‍රාවක- අල් බසීරු -සර්ව නිරීක්ෂක- අල් කවිය්යු -සර්ව බලධාරී- හා වෙනත් නාමයන් දැක් විය හැක.
දෙවැන්න: පරමාධිපති ට තනි ව භාවිත නොකරන නාමයන්. නමුත් ඒවා යුගල පද වශයෙන් සම්බන්ධ කර පවසනු ලැබේ. හේතුව එහි පූර්ණත්වය ඉස්මතු වනුයේ නාමයන් දෙකම එකට සම්බන්ධ කර පැවසීමෙනි. උදාහරණ වශයෙන් අල්-මුකද්දිමු අල්-මුඅක්කිරු -ආරම්භකයා හා අවසානයා, අල්කාබිලු වල් බාසිතු -ග්‍රාහකයා හා ව්‍යාපකයා වැනි යුගල පද දැක්විය හැක. මෙය එක නාමයක ආකල්පයකින් පැමිණිය ද අනෙක් නාමය සමඟ සම්බන්ධ කිරීමෙන් මිස මෙනෙහි කරනු නොලැබේ.

•    අල්ලාහ්ගේ අලංකාර නාමයන් හි අර්ථය අනුව බෙදෙන කොටස්

අල්ලාහ්ගේ අලංකාර නාමයන් ඒවායෙහි අර්ථය අනුව කොටස් හයකට බෙදේ
පළමුවැන්න: අල්ලාහ්ගේ පැවැත්ම හා ඔහුගේ ඒකීය භාවය හඳුන්වා දෙන නාමයන්. උදාහරණ වශයෙන්
අල්ලාහ්, අල් ඉලාහ් (දෙවියා) අල්-වාහිද් (කේවලයා) අල්-අහද් (ඒකීය) අල්-හක්කු (සත්‍ය) අල්-හය්යු (සදා ජීවමාන) අල්-කයියූම් (සදා පැවැත්මක් ඇති) අල්-අව්වලු (ප්‍රාරම්භකයා) අල්-ආහිරු (අවසානයා) අල්-ලාහිරු (බාහිර) අල්-බාතිනු (අභ්‍යන්තරයා) වැනි අල්ලාහ්ගේ සෙසු අලංකාර නාමයන් පෙන්වා දිය හැක.

දෙවැන්න: අල්ලාහ්ගේ ආධිපත්‍යය හා බලය පෙන්වා දෙන නාමයන්. උදාහරණ වශයෙන්
අල්-අසීස් (සර්ව බලධාරියා) අල්-ජබ්බාර්(පාලකයා) අල්-මුහයිමින් (අධිපති) අල්-කහ්හාර් (අභිබවනීය) අල්-කාදිර් (බලය ඇත්තා) අල්කවිය්යු (ශක්තිය ඇත්තා) අල්-මුකද්දිමු (ප්‍රාරම්භකයා) අල්-මුඅක්කිරු (අවසානයා) වැනි අල්ලාහ්ගේ සෙසු අලංකාර නාමයන් පෙන්වා දිය හැක.

තුන්වැන්න : අල්ලාහ්ගේ මැවීම ඇති කිරීම හා ව්‍යාප්තිය පෙන්වා දෙන නාමයන්. උදාහරණ වශයෙන්
අල්-හාලික් (මැවුම්කරු) අල්-බාරිඋ (පූර්ව නිදසුනකින් තොරව මවන්නා) අල්-මුසව්විර් (මූර්තිමත්) අර්-රස්සාක් (පෝෂකයා) අල්-වහ්හාබ් (පිරිනමන්නා) අල්-කරීම් (පිහිට වන්නා) අල්බර් (උපකාර කරන්නා) අල්-මුකීත් (වඩන්නා) වැනි අල්ලාහ්ගේ සෙසු අලංකාර නාමයන් පෙන්වා දිය හැක.

සිව්වැන්න: අල්ලාහ්ගේ ඥානය හා සියල්ල ආවරණය කිරීමේ ගුණාංග දන්වා සිටින නාමයන්. උදාහරණ වශයෙන්
අස්-සමීඋ (සර්ව ශ්‍රාවක) අල්-බසීර් (සර්ව දෘෂ්ටික) අල්-අලීම් (සර්වඥානී) අල්-හබීර් (අභිඥානවන්ත) අර්-රකීබ් (සර්ව නිරීක්ෂක) අෂ්-ෂහීද් (පෙනී සිටින්නා) අල්-හෆීල් (ආරක්ෂකයා) අල්-මුහීත් (සියල්ල ආවරණය කරන්නා) වැනි අල්ලාහ්ගේ සෙසු අලංකාර නාමයන් පෙන්වා දිය හැක.

පස්වැන්න: අල්ලාහ්ගේ මෘදු භාවය කරුණාව ක්ෂමාශීලී භාවය දන්වා සිටින නාමයන්. උදාහරණ වශයෙන්
අර්-රබ්බු (පරිපාලක) අර්රහ්මාන් (අපරිමිත දයාන්විත) අර් රහීම් (අසමසම කරුණාන්විත) අර්රඌෆ් (ආදරවන්ත) අල්-හලීම් (සෙනෙහෙවන්ත) අල්-හමීද් (ප්‍රශංසාලාභී) අෂ්-ෂකූර් (කෘතඥ පූර්වක) අල්-වදූද් (ප්‍රේමවන්ත) අල්-වලී (භාරකරු) අන්-නසීර් (උදව්කරු) අල්-කරීබ් (සමීප වන්ත) අල්-මුජීබ් (පිළිතුරු දෙන්නා) අල්-අෆ්වු (නොසලකා හරින්නා) අල්-ගෆූර් (ක්ෂමාශීලී) අත්-තව්වාබ් (පශ්චාත්තාපය පිළිගන්නා) වැනි අල්ලාහ්ගේ සෙසු අලංකාර නාමයන් පෙන්වා දිය හැක.

හයවැන්න: අල්ලාහ්ගේ මඟ පෙන්වීම හා පැහැදිලි කර දීම පෙන්වා දෙන නාමයන්. උදාහරණ වශයෙන්
අල්-හාදී (මඟ පෙන්වන්නා) අල්-මුබීන් (පැහැදිලි කරන්නා) අල්-වකීල් (භාරකරුවා) අල්-කෆීල් (ආරක්ෂකයා) වැනි අල්ලාහ්ගේ සෙසු අලංකාර නාමයන් පෙන්වා දිය හැක.

කීර්තිමත් අල්ලාහ් ට අලංකාර නාමයන් ද උසස් ගුණාංගයන් ද ප්‍රශංසනීය ක්‍රියා දාමයන් ද අහස් හි මහ පොළොවෙ හි පූර්වාදර්ශයන් ද ඇත.

අල්ලාහ්ගේ සියලුම අලංකාර නාමයන් ඔහුගේ පැවැත්ම පෙන්වා දෙනමුත් අර්ථ හා ගුණාංග වලින් වෙනස් ය.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
اللَّهُ لَا إِلَهَ إِلَّا هُوَ لَهُ الْأَسْمَاءُ الْحُسْنَى
අල්ලාහ් ඔහු හැර වෙනත් දෙවියෙකු නොමැත. ඔහු ට අලංකාර නාමයන් ඇත. (අල්-කුර්ආන් 20:8)

ඔබේ අදහස් පහත සඳහන් ලිපිනයට එවන්න.
e.mail. [email protected]

 

ඊමාන් තව්හිද් සහ ඉබාදා

Download

About the book

Author :

Muhammad Bin Ibrahim Al-Tuwajre

Publisher :

www.islamland.com

Category :

Doctrine & Sects