උමර් (රළි) තුමා යටතේ අධිකරණ පරිපාලන

1. අල්ලාහ් කෙරෙහි සිදු කළ යුතු වැදගත් යුතුකම සාධාරණත් වය වේ. 2. සියලුම ජනතා එක හා සමානය. 3. උරුමය ඔප්පු කිරීම සඳහා පැමිණිලිකරු සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. 4. නිත්ය නුකූලව සිදු කළ හැකි අවස්ථාවන්හි දෙපිරිස අතර සමථයට පත් කළ හැක. 5. විමර්ශනය කළායින් පසුව, තීන්දුව වෙනස් කළ හැක. 6. තීන්දු දීමේ විවිධ ක්රමම. 7. සාක්ෂි ඉදිරිපත් කිරීම 8. සාක්ෂි දීම සඳහා සුදුසුතාව

اسم المادة: سلطة القضاء في عهد عمر بن الخطاب رضي الله عنه


كتاب مترجم إلى اللغة السنهالية يبين أن سيدنا عمر بن الخطاب أجرى بعض التعديلات على نظام القضاء في عهده الذي اتسعت فيه رقعة الدولة الإسلامية، وزادت فيها الأعباء على الخليفة والولاة، وأهم ما يمتاز به القضاء في عهده:
• فصل القضاء عن الولاية، وعين للقضاء أشخاصًا غير الولاة.
• هو الذي كان يعين القضاة في الأمصار بنفسه، وكانوا على صلة به في الحكم.
• أبقى بعض الولاة على القضاء مع ولايتهم.
• قسم القضاء إلى جزئي وكلي.
• لما صار عمر خليفة كان يكتب لعماله بنصائح حتى يتأسس العدل، فمثلا كتب عمر رضوان الله عليه إلى معاوية وهو عامله على الشام: "أما بعد فإنّي لم آلُكَ في كتابي إليك ونفسي خيْراً. إيّاك والاحتجاب دون الناس، وأْذن للضعيف وأَدْنه حتى ينبسط لسانه، ويجترئ قلبه، وتعهَّد الغريب فإنَّه إذا طال حبسه وضاق إذنه ترك حقَّه، وضعف قلبه، وإنما أتْوى حقَّه منْ حبسه. واحرص على الصُّلح بين الناس ما لم يستبنْ لك القضاء. وإذا حضرك الخصمان بالبيِّنة العادلة والأيمان القاطعة فأمض الحكم. والسلام".

උමර් (රළි) තුමා යටතේ
අධිකරණ පරිපාලන

 

< سنهالية > -
        
මහාචාර්ය ජමීල් ෆාරූකි
මලේෂියාවේ ජාත්‍යන්තර ඉස්ලාමිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයා




ජාසිම් බින් දඉයාන්

 


මුහම්මද අසාද්
 
سلطة القضاء في عهد عمر بن الخطاب رضي الله عنه

        

اسم المؤلف
الأستاذ/جميل فاروقي



ترجمة: جاسم بن دعيان
مراجعة: محمد آساد
 
උමර් (රළි) තුමා යටතේ
අධිකරණ පරිපාලනය

මහාචාර්ය ජමීල් ෆාරූකි
මලේෂියාවේ ජාත්‍යන්තර ඉස්ලාමිය විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයා
http://www.iium.edu.my/irkhs/departments/sociology-anthropology/staff/jamil-farooqui

සිංහල බසට පර්වර්තනය
ජාසිම් ඉබ්නු දයියාන්

1.    හඳුන්වා දීම
රාජ්‍ය පාලනය යනු ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම උදෙසා එයට අවශ්‍ය දේ සපයනු පිණිස රජයේ කටයුතු සලස්වා දීම සහ එය පාලනය කිරීම වේ. කුමන අරමුණක් සඳහා රජයක් පිහිටුවනු ලැබුවේද, ඒ දෙසට සමාජයට මඟ පෙන්වා එම අරමුණ සාර්ථක කර ගත යුතුය. සාමකාමි හා ගෞරවනීය ජීවිතයකට අවශ්‍ය වාතාවරණය සැපයීම පිණිස රජයක් තෝරා ගන්නා ප්‍රතිපත්ති, ක්‍රියාපටිපාටි සහ යොදා ගන්නා උපාය මාර්ග යන සියල්ල ප්‍රජා පාලනය යනු හැඳින් වේ.
ප්‍රජා පාලනය දෙවර්ගයට අයත් බව ඔලිවර් විලියම්ස් පහදා දෙයි. “යහපත් සැලසුම සහ ක්‍රියා කළ හැකි පිළිවෙත“ එහි එකක් වන අතර, දෙවන මාර්ගය ජෝන් ආර් කොලින්ස්ගේ අදහස වන “සමාජයේ අන්‍යෝන්‍ය වාසිය ලබා ගැනීමේ අවස්ථාවන්ට බාධා කරනු පිණිස හටගත හැකි තර්ජන හා ගැටුම් මැද ආඥාව ඉෂ්ට කිරීමේ මාර්ගය.“ යන මතයවේ.
සම්පූර්ණ සමාජ පිළිවෙත, එය නිර්මාණය කළ අරමුණ සහ එය ක්‍රියා කරන ආකාරය යන කරුණු ප්‍රජා පාලනයේ පුළුල් ලෙස අඩංගුවේ. ප්‍රජා පාලන සංකල්පයේ පදනම, කාලයට හා ස්ථානයට අනුව වෙනස් වන නමුත්, ප්‍රජා පාලන ක්‍රියාවලිය ඇගයුම් කිරීම පිණිස, සමස්ත වශයෙන් කවුරුත් පිළිගත් ඇතැම් කරුණු පිළිබඳ ව විද්වතුන් එකඟතාවට පත් ව තිබීම විශේෂයකි.
යහ ප්‍රජා‍ පාලනයේ පදනම ජනතාවගේ සමෘද්ධිය වේ. සමෘද්ධිය යන සංකල්පයට විවිධ සමාජ, විවිධාකාරයෙන් අදහස් දක්වයි. බටහිර සමාජයේ සමෘද්ධිය පිළිබඳ බහුතර මතය වන්නේ භෞතික වාසිය සහ සංවර්ධනය යි. ඉස්ලාමීය දෘෂ්ටිකෝණයේ සමෘද්ධිය යනු සමස්ත මිනිස් සංහතියටම යහපතක් ගෙන දෙන පුළුල් පදයකි. එහි ආධ්‍යාත්මික හා භෞතික සුබසාධනය සහ සංවර්ධනය යන දෙකම අඩංගුවන අතර, ආධ්‍යාත්මික දෙසට වැදගත්කම අධිකවේ. ෆලාහ් යන අරාබි පදය මේ සඳහා භාවිත කෙරේ. උතුම් සදාචාර හා සම්මතය පදනම් කර ගත් ප්‍රත්‍යක්ෂවත් ජීවන ක්‍රමයක් වන ඉස්ලාම්, මුළු මිනිස් සංහතිය ම මෙලොව සහ මතු ලොව ජීවිතයේ සමාද්ධිය ලැබිය යුතු බව ප්‍රකාශ කරයි.
ඉස්ලාමීය ජීවන මාර්ගයේ පදනම දෙවියන් වහන්සේ ගේ ඒකීයත්වයයි. දෙවියන් වහන්සේ එක්කෙනෙකි, ඔහු ඉතා බල සම්පන්නය, ස්වාධීනය, විශ්වයේ සප්‍රාණික හා අප්‍රාණික සියල්ලන් ගේ පාලක හා මූලිකයා ඔහු වේ. ඔහුගේ සැලැස්මට එකඟ ව සෑම දැයක් ම වැජඹෙන්නට හා ක්‍රියා කිරීමට ශක්තිය හා ජෛවය ලබයි. මේ අතර, තමා ජීවත් වන්නේ කෙසේ දැ යි තෝරා ගන්නා නිදහස මිනිසාට ලබා දී ඇත. සාමය සහ සමගියෙන් ජිවත් වී, තම හැකියාවන් වර්ධනය කරමින්, සෞභාග්‍යය හා සාර්ථකව බව ලබනු පිණිස, දෙවියන් වහන්සේ පෙන් වූ ධාර්මික මාර්ගය සෘජුව අනුගමනය කළ යුතුය. මේ හේතුවෙන් දෙවියන් වහන්සේගේ කැමැත්තට හා අණට එකඟව මිනිසා තම සිතුම් පැතුම් හා ක්‍රියාවන් සියල්ල වෙනස් කර ගත යුතුය. දේව කැමැත්තට එකඟ ව සමාජීය කටයුතු හා සමාජ ආයතන සියල්ල සකස් කර ගත යුතුය.
මෙවැනි අර්ථකතනයට එකඟව, පරමාධිපත්‍යය සහ ශ්‍රේෂඨත්වය දෙවියන් වඑන්සේට පමණක් හිමි වන අතර, එය අන් කිසිවෙකුට හෝ කිසිදු ආයතනයකට හෝ අයත් නොවන සත්‍යය මත ඉස්ලාම් හි පාලන ක්‍රමය පදනම් වි ඇත. අධිකාරිය සහ බලයේ එකම උල්පත දෙවියන් වහන්සේය. ඔහු අනාවරණය කළ ආකාරයට මිනිසාට පවරන ලද අධිකාරිය සහ බලය පාවිච්චි කර, රාජ්‍ය හා සමාජ කටයුතු සිදු කළ යුතු අතර, මිනිසා ද එයට එකඟව ජීවත් විය යුතුය. මේ අනුව ඉස්ලාම්හි පාලනය යනු, දිව්‍යමය කැමැත්ත හා යහමාර්ගයට එකඟ ව රාජ්‍ය හා සමාජ පාලනය සකස් කිරීම වේ. දෙවියන්ගෙන් පහළ කරන ලද සමාජ විධානයට පටහැනි හෝ එකඟ නොවන කිසිදු තීරණයක් හෝ ක්‍රියාවක් වලංගු නොවේ, සුදුසු නොවේ.“ යැයි ඉක්බාල් සහ  ලුවිස් යන විද්වතුන් අදහස් ප්‍රකාශ කරති.
පාලනයේ සැබෑ හරය සාධාරණත්වයයි. එය නොමැති ව පාලනය සැබෑ අයුරින් සිදු නොවෙයි. සාධාරණත්වය නොමැති පාලකයෙක් මහා පරිමාණයේ සොරෙක් බව පොදු මතයක් පවති. “සාධාරණත්වය යනු සෑම කෙනෙකුටම හිමි දේ ඔවුන්ට සැපයීම සඳහා තෝරා ගත් නිත්‍ය හා අචල අධිෂ්ඨානයවේ“ යැයි රෝමානු අධිරාජ්‍යයා වන ජස්ටිනියන් මහරජ ප්‍රකාශ කළේය. එනම්, සෑම කෙනෙක්ම තමන් අතර ගනු දෙනු කිරීමේදී හා වරප්‍රසාද බෙදා දීමේදී සමානතාව දැක්වීමයි. ඉස්ලාම්හි සාධාරණත්වය ඉතාමත් වැදගත් වන්නේ එය මිනිස් ජීවිතයේ සෑම අංගයක්ම ආවරණය කරන සීලාචාර ක්‍රියාවක් වන හෙයිනි.  සදාචාර හා උදාර ජීවිතයක් සඳහා අවශ්‍ය  සියලු යහපත් හා ගුණය එහි පුළුල් වචනය වේ. සප්‍රාණික හා අප්‍රාණික විෂයන් අතර අක්තරා අවස්ථාවක සම්බන්ධකමක් සිදු කිරීම සඳහා එය ඉතාමත් සුදුසු හා ප්‍රිය උපදවන ක්‍රියාවකි.
සාධාරණත්වය යන පදය සඳහා අල් කුර්ආනය අදල් (සාදාරණත්වය), කිස්ත් (න්‍යාය) සහ මීzසාන් (සම බර) යන පද තුනක් යොදා ගනී. මෙමගින් සමාජයේ සෙසු ජනතා අතර ගනු දෙනු කිරීමේ දී  සාධාරණත්වයෙන් ක්‍රියා කරන ලෙස අඟවයි.
إِنَّ اللَّـهَ يَأْمُرُ‌كُمْ أَن تُؤَدُّوا الْأَمَانَاتِ إِلَىٰ أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ النَّاسِ أَن تَحْكُمُوا بِالْعَدْلِ ۚ إِنَّ اللَّـهَ نِعِمَّا يَعِظُكُم بِهِ ۗ إِنَّ اللَّـهَ كَانَ سَمِيعًا بَصِيرً‌ا ﴿٥٨﴾
“පැවරුණු වගකීම් එහි හිමියන්ට ඉටු කරන ලෙස ද නුඹලා ජනයා අතර තීන්දු දෙන විට යුක්ති සහගත ව තීන්දු දෙන ලෙස ද නුඹලාට නියත වශයෙන්ම අල්ලාහ් අණ කරයි.“  අල් කුර්ආන් 4:58
نَّ اللَّـهَ يَأْمُرُ‌ بِالْعَدْلِ وَالْإِحْسَانِ وَإِيتَاءِ ذِي الْقُرْ‌بَىٰ وَيَنْهَىٰ عَنِ الْفَحْشَاءِ وَالْمُنكَرِ‌ وَالْبَغْيِ ۚ يَعِظُكُمْ لَعَلَّكُمْ تَذَكَّرُ‌ونَ ﴿٩٠﴾
“සැබැවින්ම අල්ලාහ් සාධාරණත්වය ද යහකම් ද ඥාතීන්ට පිරි නැමීම ද අණ කරයි. තවද අශික්ෂිත දැයින් ද පිළිකුල් සහගත දැයින් ද සීමාව ඉක්මවා යෑමෙන් ද වළක්වා ලන්නේය. නුඹලා මෙනෙහි කරන්නන් වනු පිණිස නුඹලාට ඔහු උපදෙස් දෙන්නේය.“ 16:90
මුහම්මද් නබි (සල්) තුමාණන්, එතුමාණන්ගේ අනුගාමිකයන් සහ යහ මග ලැබු මුස්ලිම් රාජ්‍ය නායකයන් සියලු දෙනාම සාධාරණත්වයේ ධර්මය අනුගමනය කර, එය තම ජිවිතයේ සෑම අවස්ථාවකම ප්‍රදර්ශන කළහ. අල්ලාහ් විසින් පහළ කරන ලද ග්‍රන්ථය පෙන් වූ දිව්‍ය යහමඟ සහ නබි (සල්) තුමාණන්ගේ ආදර්ශයට එකඟව පාලනය කළ කාලිෆාවරු හෙවත් මුස්ලිම් රාජ්‍ය නායකයන් යටතේ මෙම සාධාරණත්වය සුවිශේෂ අංගයක් බවට පත් විය. දෙවන කාලිෆා උමර් ඉබ්නු අල් හඃත්තාබ් (රළි) තුමා සිදු කළ සාධාරණ පාලනයේ ඇතැම් අවස්ථාවන් පහත දැක් වේ. මේ මාර්ගයෙන් ඉස්ලාමීය රාජ්‍ය පාලනයේ ස්වභාවය හා වැදගත් විශේෂාංග ගැන අවබෝධ කර ගත හැකි වේ.
කාලිෆා උමර් (රළි) යනු විවිධ හැකියා සහිත සදාචාර සම්පන්න පුද්ගලයෙකි. එතුමා තියුණු නුවණ, උසස් මට්ටමේ බැතිමත්කම, සදාචාරය, පිරිමැස්ම, නිහතමානිබව සහ දේශපාලන දෘෂ්ටිය සහිත කෙනෙකි. මේවාට අමතර ව, නිර්භිතකම සහ වීර්ය සහිත වූ එතුමාණෝ එමගින් යහමඟ අනුගමනය කර අකුසල් තුරන් කිරීමට පසුබට නොවිය. අල්ලාහ් ගේ අණ ට කැප වී චාම් භාවයෙන් ක්‍රියා කළහ. එතුමා සත්‍යය හා සාධාරණත්වය ප්‍රිය කළ අතර, තම ජීවිතයේ ඒවා පෞද්ගලික හා සමාජීය ජිවිතයේ අනුගමන කිරීමට පසුබට වුයේ නැත. තම දේව විශ්වාසයේ ස්ථීරව නියැළී, ඒවා ක්‍රියාවට නංවන්නට මුළු ජීවිතය ම කැප කළේය.
මුහම්මද් නබි (සල්) තුමාණන් ගෙන් ලැබු යහමඟ සහ පුහුණුව එතුමාට විශාල වශයෙන් උපකාරී විය. නබි (සල්) තුමාණන් ට පසුව නායකත්වයට පත් වු අබු බකර් (රළි) තුමා, උමර් (රළි) තුමාගේ කුසලතාව, දක්ෂකම සහ කැපවීම පිළිබඳ ව කළ නිරික්ෂණයන් මත තමාට පසු ඉස්ලාමීය රාජය යේ නායකයෙකු ලෙස උමර් (රළි) තුමාව පත් කිරීමට තීරණය කර ඒ බව ජනතාවට දැන් වු විට ජනතාව ද එම තීරණය සතුටින් පිළිගත්හ.
උමර් (රළි) තුමා ද සමාජයේ නායකත්වය ඉතාමත් නිහමානි ව හා විනීත ව බාර ගෙන, එහි රැස්ව සිටි රට වැසියන් අමතා කතා කළේය. විවිධ කරුණු ගැන කතා කළ එතුමා, තම උපරිම හැකියාවෙන් කටයුතු කරන බවද, ඉස්ලාමිය නීති පද්ධතියට යටත් ව රාජකාරිය ඉටු කරන බවද, මෙම කාර්ය සඳහා අල් කුර්ආනය සහ නබි (සල්) තුමාණන්ගේ ආදර්ශය අනුගමනය කරන බවද ප්‍රථම කලිෆා වරයා පෙන් වූ මාර්ගයේ  ක්‍රියා කරන බවද සදහන් කළේය. තමා  යහ මාර්ගයේ ගමන් කළේ නම් ජනතාව තමාට කීකරු වන බව ප්‍රකාශ කළ එතුමා, තමා වැරදි මාර්ගයේ යන්නේ නම් ජනතාව ද නොමඟ නොයනු පිණිස ඔවුන් තමා ව නිවැරදි කළ යුතු බවද එතුමා ප්‍රකාශ කළේය.
2.    යුක්තිය පසිඳලීම
පාලන ක්‍රමයේ ප්‍රධාන රුකුල යුක්තිය බවද, එවැන්නක් නොමැති ව දේශයේ කිසිදු කටයුත්තක් නිසියාකාර ව ඉටු කළ නොහැකි බවද උමර් (රළි) තුමා දැන සිටියේය. රජයේ නිලධාරින්ගේ රාජකාරිය නිත්‍යනුකූල ව නිරීක්ෂණ නොකළහොත් ඔවුන් ඇතැම් අවස්ථාවන්හි තම සිමාව ඉක්මවා කටයුතු කර, තම බලය අයුතු ලෙස උපයෝගි කරනු ඇත. එමෙන්ම ඇතැම් ප්‍රබල පුද්ගලයින් තම තනතුරු වලින් අයුතු ප්‍රයෝජන ලැබ, දුගී හා අසරණ ජනතාවගේ නිත්‍යනුකූල අයිතීන් හා දේපොළ ඔවුන්ගෙන් පැහැර ගනී. මෙවැනි අසරණ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කර දීම සහ ඔවුන් ගෞරවයෙන් ජිවත්වීම සඳහා ඔවුන්ට හිමි අයිතීන් හා අවස්ථාවන් යළි ලබා දීම ඉතා වැදගත්ය. ඔවුන්ට සිදු වූ අසාධාරණයෙන් හා පීඩාවෙන් සහන ලබා දීම අධිකරණයෙන් සිදු කළ යුතු ය. කාලිෆා උමර් (රළි) තුමා සම්පූර්ණ අධිකරණ පාලන ක්‍රමය යළි පණ නංවා එය සාධාරණ ව හා වේගයෙන් ක්‍රියා කිරීම පිණිස පියවර ගත්තේය. ඉස්ලාමිය ප්‍රතිපත්තියට එකඟ ව අධිකරණය දැඩි ලෙස ක්‍රියා කරවීම එතුමාගේ ප්‍රධාන අරමුණ විය.
3.    අධිකරණය හා විධායක බලය වෙන් කිරීම
අධිකරණය යළි පුනර්ජීවනය කිරීම පිණිස උමර් (රළි) තුමා ගත්  වැදගත් පියවර, එය විධායක ධූරයෙන් වෙන් කිරීමය. මෙයට පෙර වූ කලීෆා වරයාගේ පාලනය යටතේ කලිෆාවරයා සහ නිලධාරීන් විනිශ්චයකරුවන් වශයෙන් ක්‍රියා කළහ. රාජ්‍ය පරිපාලන ක්‍රමය තවමත් වර්ධනය වෙමින් පවතින හේතුවෙන් උමර් (රළි) තුමාද මෙම අධිකරණ ක්‍රමය ආරම්භයේ අනුගමනය කළේය. නමුත්, රාජ්‍ය පාලනය ස්ථාපිත කළායින් අනතුරු ව මෙම ප්‍රධාන අංශ දෙක ඔහු වෙන් කළේය. මේ මාර්ගයෙන් මෙම දෙපාර්තමේන්තු දෙකම වෙන්වී, තනිවම දක්ෂ ලෙස හා අවුල් කිසිවක් නොමැති ව ක්‍රියා කිරීමට පටන් ගත්තේය. මෙම පියවර ඉස්ලාමීය ශිෂ්ටාචාරයේ ඉතාමත් වැදගත් පියවරකි. මෙම ක්‍රමය යටතේ අධිකරණයට ස්වාධීනව හා නිදහස් ව විධායක බලය ඇතුළු කිසිදු බලපෑමකට යටත් නොවී ක්‍රියා කරන්නට අවස්ථාවක් උදාවිය. මෙම ප්‍රතිපත්තිය ප්‍රථම වරට ලොවට හඳුන්වා දුන්නේ උමර් (රළි) තුමාය. මෙයට දීර්ඝ කාලයකට පසුව, ලොවේ අනිත් දේශයන් මෙය උපුටා ගත් අතර, අද ඕනෑම සමාජයක යහපත් පාලනය සඳහා මෙය අත්‍යවශ්‍ය පියවරක් බවද, ජනතාවගේ මූලික අයිතියක් බවද පිළිගෙන අවසානයි. ලංකාවේ රජය වසර ගණනාවකට පසුව මේ බව අවබෝධ කර ගත්තේ  ලාංකිකයන්ගේ වාසනාවට ය.
4.    විනිශ්චයකරුවන් බඳවා ගැනීම
උසස්  කාර්යශූරතාව, නීතිය, සමාජය හා මිනිස් ස්වභාවය පිළිබඳ ගැඹුරු දැනුම සහිත අවංක පිරිසක් විනිශ්චයකරුවන් වශයෙන් පත් නොවන්නේ නම් සමාජයේ අධිකරණ ක්‍රමය නිසියාකාර ව ක්‍රියා කිරීම අපහසුය. මේ බව වටහා ගත් උමර් (රළි) තුමා විනිශ්චයකරුවන් හෙවත් කාදි වරුන් බඳවා ගැනීමේදී ඉතාමත් පරිස්සමෙන් ක්‍රියා කළේය. මෙවැනි වැදගත් තනතුරට මිනිසුන් බඳවා ගැනීමේදී මිණුම් තලයක් යොදා ගත්තේය. මෙම තනතුරට බඳවා ගනු ලබන තැනැත්තා අවංකවීමට අමතරව විශේෂයෙන්, උතුම් සදාචාර සම්පන්න සහිත, ඉස්ලාමීය දහමට ළැදියාවක් ඇති, සමාජයේ ගෞරවයට ලක් වූ පුද්ගලයෙක් විය යුතුය.
මුහම්මද් බින් හඃල්ෆ් ගේ “අක්බර් අල් කුදාත්“ ග්‍රන්ථය පිළිබඳව පවසන විට, මහජන ගෞරවය නොලැබු කිසිවෙකු කාදී හෙවත් විනිශ්චය කරුවෙකු වශයෙන් බඳවා නොගන්නා ලෙස ඉරාක් දේශයේ කූෆා පළාතේ ආණ්ඩුකාරයා වන අබු මූසා අල් අශ්රි (රළි) තුමාට දන්වා උමර් (රළි) කාලිෆ් වරයා ලිපියක් එවූ බව ෂිබ්ලි නුඋමානි සඳහන් කරයි. එමෙන්ම උමර් (රළි) තුමාද, තමා නිකුත් කළ නියෝගය අනුගමනය කරමින් අබ්දුල්ලාහ් ඉබ්නු මසූද් (රළි) තුමාට නඩු විභාග කිරීම සඳහා තහනම් කළේය. දෙවනුව, විනිශ්චයකරුවෙක් ඉස්ලාමීය නීති පිළිබඳව ගැඹුරු දැනුමක් සහිත කෙනෙකු වශයෙන්ද, විවිධ ගැටලු පිළිබඳ නෛතික ස්ථාවරය කුමක්ද යන්න ඔහු දැන සිටිය යුතුය. එම තනතුරු වලට ඥානය, දැනුම සහ යහ ගුණාංග පිළිබඳ ව කීර්තිමත්  පුද්ගලයින් උමර් (රළි) තුමා පත් කළේ මේ හේතුන් නිසාය. නිදසුනක් වශයෙන් මදීනා නුවර කාදි වන zසෙයිද් ඉබ්නු තාබිත්(රළි) තුමා සිවිල් නඩු සම්බන්ධ ව විශේෂඤයෙක් බව කවුරුත් පිළිගත් අතර, එතුමා සිරියානු සහ හිබෘ යන භාෂාවන්හි නිපුණත්වයක් ලැබු කෙනෙකි. එමෙන්ම, ඉරාක් දේශයේ බස්රා නුවර කාදි වන කාබ් බින් සූර් අල් අzස්දි (රළි) කුමා, තීක්ෂණ බුද්ධිය සහිත කෙනෙක් වන අතර, එතුමාගේ විනිශ්චය බොහෝ සේ ප්‍රසිද්ධ බවට පත් විය. පලස්තීන පළාතේ කාදි වන ඉබාදා බින් අල් සාමත් (රළි) තුමා, රසූල් (සල්) ජීවතුන් අතර සිටියදී අල් කුර්ආනය සම්පූර්ණයෙන්ම කට පාඩම් කළ පස් දෙනෙකුගෙන් කෙනෙකි. කූෆා නගරයේ කාදි වන ෂුරෙයිහි (රළි) තුමා තීක්ෂණ බුද්ධිය, නීතිය විවරණය කිරීමේ හැකියාව සහ කැපවීම පිළිබඳ ව ආදර්ශමත් කාදි වරයෙක් ලෙස පිළිගනු ලැබු කෙනෙකි. අලි (රළි) තුමා මෙම කාදි වරයා ගැන පවසන විට “අක්ද් උල් අරබ්“ හෙවත් අරාබි දේශයේ කාදිවරුන් අතර ඉතාමත් ප්‍රඥාවන්ත විනිශ්චය කරුවෙක් යැයි ප්‍රකාශ කළේය.
තුන් වනුව, කාදිවරයෙක් ධනවත් කෙනෙක් විය යුතුය. මේ මගින් සමාජයේ උසස් පන්තියට අයත් ජනතාවගේ බලපෑමට ගොදුරු නොවන අතර, ධනයට හෝ මුදලට ඔහු පොලඹවනු නොලබයි. තවද, කාදිවරු (විනිශ්චය කරුවන්) වෙළඳ ව්‍යාපාරයක හෝ වෙනත් ලාභ ගෙන දෙන මාර්ගයට සම්බන්ධ විය නොහැක. මේ මගින්, ඔවුන්ට තම රාජකාරියට සම්පූර්ණයෙන්ම කැප වී, තම හැකියාවට එකඟ ව අවංක ව කටයුතු කිරීමට හැකි වනු ඇත. මෙවැනි අවශ්‍යතාවන්ට අමතර ව, ඔවුන්ගේ සුදුසුකම් සහ හැකියාව උමර් (රළි) කාලිෆා තුමා විසින්ම පුද්ගලික ව පරික්ෂා කරනු ලැබීය. පරීක්ෂණයෙන් අනතුරු ව ඔවුන් එකිනෙකාගේ හැකියාව පිළිබඳ ව සෑහීමට පත්වීමෙන් පසුව ඔවුන් තනතුරට බඳවා ගනු ලැබිණ.
5.    විනිශ්චය කරුවන්ගේ සංඛ්‍යාව
ජනතාවට අප්‍රමාද ව විනිශ්චය ලබා දෙනු අරමුණින් අවශ්‍ය ප්‍රමාණ විනිසුරුකරුවන් කාලිෆා විසින් බඳවා ගන්නා ලදී. ආරවුල් සමථය කර නඩු අවසන් කරනු පිණිස සෑම පළාතකටම කාදිවරයෙක් පත් කරන ලදී. පළාතක සිටින ජන සංඛ්‍යාවට සරිලන පරිදි කාදිවරුන් පත් කරනු ලැබීය. කාදිවරුන්ට වෙනත් මාර්ග වලින් ලැබෙන මුදලට පෙලඹවීම වළක්වනු පිණිස ඔවුන්ට අධික වේතනයක් ගෙවන ලදී. උදාහරණයක් වශයෙන් සල්මාන් රබිය්යා (රළි) සහ ෂුරෙයිහි (රළි) යන කාදිවරුන් මාසික ව දිර්හාම් පන් සීයක වැටුපක් ලැබුහ. එම කාලවකවානුවේ ආර්ථක තත්ත්වයට එකඟ ව මේ වේතනය හොඳටම ප්‍රමාණවත් විය.
6.    මඟ පෙන්වීම සහ අධිකරණ ක්‍රියා මාර්ගය
අධිකරණ ක්‍රමවේදය වර්ධනය කිරීම පිණිස කලීෆා උමර් (රළි) තුමා කිසි දිනක අමතක කළ නොහැකි විශේෂ දායකත්වයක් ලබා දුන්නේය. නඩුවක් විනිශ්චය කරන විට සහ තීන්දුව ප්‍රකාශ කරන විට විනිසුරුවරයා අනුගමනය කළ යුතු අධිකරණ ක්‍රියාමාර්ග පිළිබඳ ව පුළුල් ප්‍රතිපත්ති මාලාවක් කාලිෆා වරයා නිකුත් කළේය. අධිකරණ උසාවියේ අනුගමනය කළ යුතු මූලික ප්‍රතිපත්ති පිළිබඳව කූෆා නගරයේ ආණ්ඩුකාරවරයා වන අබු මූසා අල් අශ්රි (රළි) තුමා වෙතට වරින් වර කලිෆා උමර් (රළි) විධානයන් නිකුත් කළේය. මේවා ෆර්මාන් ලෙස හැඳින් වේ. මෙම ෆර්මාන් නමැති විධානය විනිසුරුවරුන්ට නඩු විනිශ්චය කිරීමේදී මාර්ග පෙන්වීමක් ලෙස පිහිටා තිබුණි. එක් ෆර්මාන් නිවේදනයක කාලිෆා උමර් (රළි) තුමා පහත සඳහන් ප්‍රතිපත්තීන් උසාවියේ පිළිපැදිය යුතු බව දන්වා සිටියේය.
1.    අල්ලාහ් කෙරෙහි සිදු කළ යුතු වැදගත් යුතුකම සාධාරණත්වය වේ. මෙම වගකීම ඔබට පවරන ලදී.  ඔබ එය අල්ලාහ්ගේ සතුට සහ මිනිසාගේ හොඳ හිත ලබා ගනු පිණිස ඉතාමත් අවංක ව හා ඔබේ හැකියාවට එකඟව ඉටු කළ යුතුය.
2.    සියලුම ජනතා එක හා සමානය. ඔවුන් සියලු දෙනාට එක හා සමාන ව සැලකලි දක්වන්න. දුර්වල පුද්ගලයාට සාධාරණය අහිමි වීමද, බලවත් කෙනෙකුට විශේෂ සැලකිලි දැක්වීමද සිදු විය නොයුතුය.
3.    සිවිල් නඩුවක තම උරුමය ඔප්පු කිරීමේ වගකීම පැමිණිලි කරුවා මතය. තම උරුමය ඔප්පු කිරීම සඳහා ඔහු සාක්ෂි ඉදිරිපත් කළ යුතුය. එය ප්‍රතික්ෂේප කළ හැකි වන්නේ දිවුරුම් කිරීමෙන් පමණි.
4.    නිත්‍යනුකූලව සිදු කළ හැකි අවස්ථාවන්හි දෙපිරිස අතර සමථයට පත් කළ හැක. එහෙත් නිති විරෝධි දැයක් නිත්‍යනුකූල බවට හෝ නීත්‍යනුකූල දැයක් නීති විරෝධි ලෙස හෝ පත් කළ නොහැක.
5.    ඔබ මුලින්ම දුන් තීන්දුව පිළිබඳව විමර්ශනය කළායින් පසුව, එය වැරදි බව ඔබ සිතන්නේ නම්, එම තීන්දුව වෙනස් කළ හැක.
6.    ඇතැම් විෂයයන් සම්බන්ධ ව නිසැක නිගමනයට පැමීණීමට ඔබට නොහැකි නම්, අල් කුර්ආනයේ සහ නබි (සල්) තුමාණන්ගේ සුන්නාහ්වෙහි ඒ පිළිබඳව පහදා දීමක් නුදුටුවේ නම්, ඒ පිළිබඳව දිගින් දිගට කල්පනා කරනු මැනව. මීට පෙර මෙවැනි නඩුවක් සම්බන්ධ ව හෝ මෙය හා සමානතාවක් තිබෙන නඩුවක හෝ දී ඇති තීන්දුව දෙස සොයා බලා සුදුසු අයුරින් තීරණය කරන්න.
7.    සාක්ෂි ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය තැනැත්තාට දිනයක් නියම කළ යුතුය. ඔහු තම උරුමය සනාථ කළේ නම්, ඔහුට සාධක ව තීරණය ගත යුතුය. එසේ නොමැති නම් නඩුව ඉවත දමන්න.
8.    සියලු මුස්ලිම්වරුන්ම සාක්ෂි දීම සඳහා සුදුසුතාව ලබන නමුත්, දඬුවම් ලැබු අය හෝ බොරු සාක්ෂි පැවසු අය හෝ ඔහුගේ අවංකකම සැක සහිත බව තහවුරු වූ කෙනෙක් යන අයගේ සාක්ෂිය පිළිගත නොහැක.
යුක්ති සහගත ව විනිශ්චය කිරීම සඳහා මේවා ඉතාමත් වැදගත් ප්‍රතිපත්තීන් වන අතර, පක්ෂපාතිත්වය නොමැතිව, යුක්ති සහගත ව සහ සාධාරණාත්මක ව කටයුතු කිරීමට උසාවියට මේවා පහසු කරන බව නිසැකය. සෑම ශිෂ්ටාචාරයක්ම මේ ප්‍රතිපත්තීන් එකක් හෝ සියල්ල  යොදා, ඒවායේ මාර්ගයෙන් අධිකරණ ක්‍රමය සාරවත් කර ගෙන තම රට වැසියන්ට අප්‍රමාද ව විනිශ්චය ලබා දීමට කටයුතු කළේය. සමාජයේ ප්‍රමාණවත් අධිකරණ ක්‍රමය සඳහා වැදගත් සාධකයන් තුනක් අත්‍යවශ්‍ය බව සැලකේ.
•    පළමුව අධිකරණ තීන්දුව ලබා දීමට සහ ආරවුල් සමථයට පත් කිරීමට අවශ්‍ය විස්තීර්ණ සහ නිර්දෝෂී නීතිය අවශ්‍ය වේ.
•    දෙවනුව, සුදුසු හා උසස් ගුණාංගයන් සහ අවංකකම සහිත, ඕනෑම ආරාවුලක සාධාරණ ව තීරණය ගැනීමට හැකියාව තිබනෙ විනිශ්චයකරුවන් සිටිය යුතුය.
•    තෙවනුව, එක් පාර්ශවකරුවන්ට සාධක ව ද අනෙක් පාර්ශවකරුවන්ට අසාධාරණයද සිදු කීරිම වළකින “විනිශ්චයකරුවන් සඳහා හැසිරීමේ සංග්‍රහයක්“ තිබිය යුතුය.
කාලිෆ් උමර් (රළි) තුමා සමාජයේ අධිකරණ ක්‍රමයේ මේ ප්‍රතිපත්ති සියල්ල සැබැවින්ම යෙදූවේය. ඉස්ලාමිය නීති පද්ධතිය අල් කුර්ආනය පදනම් කර තිබෙන අතර, ආරවුල් පිළිබඳ තීරණය ගත යුත්තේ එයට එකඟවය. ඇතැම් ප්‍රශ්නයක අල් කුර්ආනය නිශ්ශබ්ද වන්නේ නම් හෝ පැහැදීමක් හෝ අර්ථ කථනයක් අවශ්‍ය වන්නේ නම්, එය හා සමාන ප්‍රශ්නයකදී ඒ පිළිබඳ ව නබි (සල්) තුමාණන්ගේ සුන්නාහ් ව හෙවත් ආදර්ශය කුමක්දැ යි සොයා විස්තර පහදා ගෙන එයට එකඟ ව කටයුතු කළ යුතුය. මේ මාර්ගයෙන් ද ප්‍රශ්නයට විසඳුමක් සොයා ගත නොහැකි අවස්ථාවන්හි ආගමික විද්වතුන්ගේ සම්මුතිය මත ක්‍රියා කළ යුතුය. මේ ක්‍රමයෙන් පවා තීරණයක් දිය නොහැකිවුයේ නම්, විනිශ්චයකරුවා තම  ප්‍රඥාවට එකඟව තීන්දුව නිකුත් කළ යුතුය. මෙහි අවසානව සඳහන් ක්‍රමය කියාස් හෙවත් සමාකාරය ලෙස හැඳින්වේ.
    නඩුවක් පවරන ලද අවස්ථාවන්හි ඒවා පිළිබඳ ව නීත්‍යනු කූලව පරීක්ෂණ පවත්වා විනිශ්චය කිරීම පිණිස යොදා ගත යුකු ඉස්ලාමීය නීති පද්ධතියේ පදනම මේවාය. අල් කුර්ආනයේ නියෝග පිළිබඳ අර්ථ පහදා ගනු පිණිස ඉහත සඳහන් ක්‍රියා පිළිවෙළ යොදා ගන්නා ලෙස කාලිෆා උමර් (රළි) තුමා විනිශ්චය කරුවන්ට නියෝග කළේය.  කාදි ෂුරෙයිහි (රළි) තුමාට නිකුත් කළ ෆර්මාන් නමැති නියෝගයක මෙම ක්‍රියා පිළිවෙළ විස්තරාත්මක ව පෙන්වා එය විධිමත් ලෙස අනුගමනය කරන ලෙස කලිෆාවරයා අණ කළේය. මෙවැනි ෆර්මාන් වලට අමතර ව, සංකීර්ණ හා සියුම් ප්‍රශ්න සම්බන්ධ ව ආරවුලක් හෝ ප්‍රශ්නයක් හට ගත් විට, කාලිෆා (රළි) තුමා ඒවා විසඳනු පිණිස විනිශ්චය හෙවත් ෆත්වා, ලිඛිත ව අදාල විනිශ්චයකරුවන්ට නිකුත් කළේය. පැන නැගු ප්‍රශ්න වලට මේ ෆත්වා තුළින් තීරණ ගැනීමට අදාළ විනිශ්චයකරුවන්ට පහසුවනු ඇත.
7.    විශේෂඥයන්ගේ සාක්ෂි පිළිගැනීම
අධිකරණ ක්‍රමය කාලෝචිත බවට, කාර්යක්ෂම බවට හා ඕනෑම කෙනෙකුට ළඟා විය හැකි බවට පත් කිරීම සඳහා උමර් (රළි) නවක පියවර බොහෝමයක් හඳුන්වා දුන්නේය. එතුමා අධිකරණයට හඳුන්වා දුන් නවීන ක්‍රමය නම්, අවශ්‍යතාව අනුව විශේෂඥයන්ගේ සාක්ෂි ලබා ගැනීම සහ නඩුවක් සම්බන්ධ ව ඒවා පිළිගත හැකි සාක්ෂි බවට පත් කිරීමය. ඇතැම් (සිවිල්) නඩුවල ශිල්ප ක්‍රමය හෝ නිපුණත්වය අදාළ වන හෙයින් ඒවායේ විශේෂඥයින්ගේ අදහස් නොමැති ව නඩුවක් විනිශ්චය කිරීමට අපහසුවනු ඇත. මෙවැනි අවස්ථාවන්හි විශේෂඥයන් කැඳවා ඔවුන්ගේ අදහස් විමසා නිත්‍යනුකූලව ප්‍රශ්න විසඳීමේ ක්‍රමය කාලිෆා උමර් (රළි) තුමා අනුමත කළේය.  එතුමාගේ කාලිෆා ධූරයේ මෙවැනි ක්‍රමය යටතේ බොහෝ නඩු විසඳනු ලැබු බව වාර්තා වේ. ඒවායින් සිද්ධීන් දෙකක් වැදගත්ය. එක් නඩුවක කවියක් සම්බන්ධ ව එහි පරිභාෂිකය පහදා දෙන ලෙස හසන් ඉබ්නු තාබිත් නම් විශිෂ්ඨ කවියෙකුට කාලිෆා උමර් (රළි) තුමා පුද්ගලික ව ආරාධනා කළේය. තවත් අවස්ථාවක පිතෘගුණානුවෘත්තිය (වංශාවලිය) පිළිබඳ ආරවුලක සාක්ෂි දෙනු පිණිස දේහ ලක්ෂණ විද්‍යාඥයෙකු ව කැඳවන ලදී.
8.    සාධාරණත්වය ලැබීමේ මාර්ගය සුලබ කිරීම
කාර්යක්ෂම අධිකරණයේ ඉතාමත් විශේෂ ලක්ෂණයක් වනුයේ, මිල අධික නොවී, කුමාරයා, පිටිසර වැසියා යන වෙනසකින් තොරව ඕනෑම කෙනෙකුට එයට ළඟා විය හැකි විය යුතුය. මේ පිළිබඳ ව කාලිෆා උමර් (රළි) තුමා විශේෂ සැලකිලි දැක් වූ අතර, ඒ සඳහා අධිකරණ ක්‍රියාපටිපාටිය ඉතාමත් සරල බවට පත් කිරීමට කටයුතු කළේය. මේ මගින් සෑම කෙනෙකුටම තම දුක්ගැනවිල්ල ගැන අධිකරණයට ඉදිරිපත් කර, සාධාරණය ලබා ගත හැකි පරිසරයක් උදා කළේය. ගමේ මස්ජිදය අධිකරණ උසාවියක් බවට භාවිත කර, විනිශ්චය කරුවන් ආරවුලට සවන් දී, ඒවායේ යෝග්‍යතාවට එකඟ ව තීරණය දැන්වුහ. නඩුවක් පැවරීමට කිසිදු මුදල් අවශ්‍ය නොමැත. ඕනෑම කෙනෙකුට තම ආරවුල ඉදිරිපත් කිරීමේ නිදහස තිබුණි. සාමාන්‍ය සහ දුගි ජනතාව තම ආරවුල් ඉදිරිපත් කිරීමේදී කිසිදු බියෙන් සැකෙන් හෝ බලපෑමෙන් තොරව තම ආරවුල් ඉදිරිපත් කිරීම පිණිස ඔවුන්ට නිසියාකාර සැලකිලි දක්වන ලෙස විනිශ්චය කරුවන්ට උපදෙස් දෙන ලදී.
9.    සමානාත්මතාව සුරැකීම
විනිශ්චය කිරීමේදී සියලු දෙනා අතර සමානාත්මතාව සිදු විය යුතු බව කාලිෆා උමර් (රළි) තුමා විශේෂ සැලකිලි දැක්විය. සෑම කෙනෙක්ම ඔවුන්ගේ සමාජීය - ආර්ථික පසුබිම ගැන නොසලකා, අධිකරණය ඉදිරියේ සමානාත්ම සැලකිලි ලැබීම ඔහුට අවශ්‍ය විය. සියලුම පාර්ශවකරුවන් නීතිය ඉදිරියේ සමාන ලෙස දැකීම, විනිශ්‍චය කිරීම සඳහා අත්‍යවශ්‍ය පදනමක් බව උමර් (රළි) අවබෝධ කර ගෙන සිටියේය. මෙම සමානාත්මතාව උසාවියේ පමණක් නොව විනිශ්චයකරුවන්ගේ ඉරියව්වෙහිද තිබිය යුතු යැයි ඔහු දැන්විය. ඇතැම් අවස්ථාවන්හි ආරාවුල් වලට සම්බන්ධ වූ කෙනෙක් ලෙස කාලිෆා උමර් (රළි) තුමාද අධිකරණයට පැමිණියේ මෙම සමානාත්මතාව අවශ්‍ය පරිදි සිදුවනවා දැයි පරීක්ෂා කරනු පිණිසය. වරක් උබෙයි ඉබ්න් කාබ් (රළි) තුමා කලිෆා උමර් (රළි) තුමාට විරුද්ධ ව zසෙයිද් ඉබ්නු තාබිත් (රළි) තුමාගේ උසාවියේ නඩුවක් පැවරුවේය. එම අවස්ථාවේ කාලිෆාවරයාට විනිශ්චයකරු විශේෂ ගෞරවයක් දැක්විය. එම සැලකිලි පිළිබඳ ව තම අප්‍රසාදය ප්‍රකාශ කළ උමර් (රළි) තුමා, පළමුවැනි අසාධාරණය විනිශ්චයකරු විසින් සිදු කරනු ලැබු බව ඔහුටම කිවේය. පැමිණිලිකරු අසල සාමාන්‍ය පුරවැසියෙක් ලෙස කලිෆාවරයා අසුන් ගත්තේය. මෙයට අමතරව කලිෆා උමර් (රළි), තමා සත්‍ය පවසන බව දිවුරුම් දිය බව පැමිණිලිකරු වන උබෙයි (රළි) ඉල්ලීම් කළේය. කලිෆාවරයාගේ උසස් නිලය සැලකිල්ලට ගත් විනිශ්‍චකරු සෙයිද් (රළි) එම අයිතිය ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටියේය.  මෙම අදහස අනුමත නොකළ උමර් (රළි) තුමා, “උමර් හා තවත් ඕනෑම මිනිසෙක් සමාන බව ඔබේ දෑසට නොපෙනුණේ නම්, ඔබ විනිශ්චයකාර ධූරයට සුදුසු නැත.“ යැයි සෙයිද් (රළි) ට අවවාද කළේය.
10. සැලකිය යුතු ක්‍රියාවන් කිහිපයක්
කාලිෆා උමර් (රළි) තුමාගේ පාලන කාලය ක්‍රි.ව. 634 වර්ෂය සිට ක්‍රි.ව. වර්ෂ 644 දක්වා දශකයක් පැවතුණි. මෙම කාල වකවානුව මානව ඉතිහාසයේ උදාර එකක් බව සලකනු ලබයි. එම කාලය තුළ රාජ්‍ය පාලනය, යුක්තිය පසිඳලීම, මහජන කටයුතු සහ ජනතා සේවය ඉටු කිරීම වැනි විවිධ ක්ෂේත්‍රය් එතුමා මායිම් ගල් ස්ථාපිත කළ බව කිව හැකි අතර, ඒවා අදත් ජනතාවගේ සිත් තුළ රැඳී පවතින බව සැබෑය. එතුමාගේ විනීතභාවය, දහමට ළැදියාව, තම වගකීමට දැක් වූ කැපවීම, දෙවියන් වහන්සේට සහ තම ජනයාට සේවය කිරීම වැනි අංශයේ එතුමා හා සමාන කිරීමට අන් කිසිවෙක් නැත. ශීලය, සරලතාව, හා සමානාත්මතාව යන ගුණාංගයන්හී  ප්‍රතිමූර්තිය එතුමාය. ඉතාමත් සාමාන්‍ය ආහාර අනුභව කළේය, ගොරෝසු වස්ත්‍ර ඇඳීමට ගත්තේය, උඩංගුව හෝ ප්‍රදර්ශන කිරීම නොමැති ඉතාමත් චාම් ජීවිතයක් ගෙවීය.
දිනක්, තම ලෝගුව සෝදා වියලන තුරු බලා සිටීමෙන් සිකුරාදා සමූහ නැමදුම වන ජුම්ආ සලාතය මෙහෙයවනු පිණිස පැමිණීමට එතුමා ප්‍රමාද විය. එතුමා සතුව තිබුණේ එකම එක දිගු කමියක් පමණි, එයද විවිධ තැන්හී ඉරී අණ්ඩ දමා තිබුණි. එම කාල වකවානුවේ මහ පොළොව මත ස්ථාපිතව තිබු බලවත් හා විශාල රාජ්‍යයක නායකයාගේ ජීවිතයේ ආදර්ශය මෙය විය. ඉස්ලාමීය රාජ්‍ය යේ නායක අලංකාරවත් හා ඉස්තරම් ජීවිතයක් ගෙවන බව අසල්වැසි රාජ්‍ය පාලකයින් සහ රජවරුන් සිතු නමුත්, එම නායකයාගේ සැබෑ තත්ත්වය දෑසින් දුටු එම පිරිස මවිතයට පත් වුහ. රෝම මහරජුගේ නියෝජිතයෙක් කාලිෆා උමර් (රළි) බැහැදකින්නට මදිනා නුවරට පැමිණි අවස්ථාවේ, එතුමා මස්ජිදයේ සාමාන්‍ය ජනතාව අතර, සාමාන්‍ය ඇඳුමෙන් සැරසී,  වාඩි වී සිටිනු දුටුවේය.
එතමාගේ ජිවිතයේ කීර්තිමත් හා අගනා දර්ශනය වන්නේ සෑම අවස්ථාවකම තම ක්‍රියාවෙහි සහ තම හැසිරීමෙහි සාධාරණය සහ සමානතාව දැක්වීම තුළයි.  තමා නිවැරදි යැයි සැලකු සහ විශ්වාස කළ දේ එතුමා අනුගමනය කළේය. තමා අගය කළ සිතුවිලි සහ ප්‍රතිපත්ති තම දෛනික ජීවිතයට යොදා ගත්තේය. මේවා මුදුන් පත් වුයේ ජෙරූසලම් නගරය එතුමාට යටත් වූ අවස්ථාවෙහිය.
ජෙරූසලම් නගරයේ ප්‍රධාන පාදිලිවරයා මුස්ලිම් සේනාවට යටත් වූ තම නගරය භාර ගැනීම සඳහා කාලිෆා උමර් (රළි) තුමා එහි පැමිණිමට තමා කැමති බව දන්වා සිටියේය. එයට හේතුව,  මුස්ලිම්වරුන් අතරින් ඉතාමත් උතුම් කෙනෙකුට එම නගරය යටත් වන බව ඔවුන් ශුද්ධ වූ ආගමික ග්‍රන්ථයන්හි ලියා තිබෙන බව පාදිලිවරයා දන්වා සිටියේය. අනතුරු ව කාලියා උමර් (රළි) තුමා ජෙරූසලම් නුවරට යෑමට තීරණය කළේය. එම දීර්ඝ ගමනේ එතුමා සමඟ සහභාගි වුයේ එක් වහල් සේවකයෙක් පමණි. ගමන සඳහා තිබුණේ එක් ඔටුවෙකු පමණි. එ නිසා, දෙදෙනාම මාරුවෙන් මාරුවට ඔටුවා පිට ගමන් කිරීමට තීරණය කරන ලදී.  ජෙරූසලම් නුවරට ආසන්න ජබිය්යා නම් ස්ථානයට පැමිණි විට, ඔටුවා පිට ගමන් කිරීම වහල් සේවකයාගේ  වාරයයි. එම මොහොතේ කාලිෆා උමර් (රළි) තුමාට ඉතිරි දුරත් ඔටුවා පිට ගමන් කරන ලෙස සේවකයා ඉල්ල සිටි නමුත්, එම ක්‍රියාදාමය ගමනාරම්භයේ ගත් තීරණයට එරෙහි වන නිසා උමර් (රළි) එය  ප්‍රතික්ෂෙප කළේය. ඔවුන් දෙදෙනාම ජබිය්යාට ඇතුළු වන විට දේශයේ නායක කාලිෆා උමර් (රළි) තුමා තම සේවකයා විඩි වී ගමන් කරන ඔටුවාගේ නාස් ලණුව එක් අතින් අල්ලා ගෙන අනිත් අතින් තම පටිය කැඩුණු සෙරෙප්පුව ඔසවා ගෙන පයින් ඇවිද ගෙන එන මෙම ප්‍රශස්ත දර්ශනය ලෝකය බලා සිටියේ එම සිද්ධියට සාක්ෂි දරමින් ය. සාධාරණත්වය, සමානත්වය, යුක්ති සහගත මෙම ක්‍රියාවේ උතුම් ආදර්ශය දැක ගන්නට හැකි වන්නේ ඉස්ලාමීය රාජ්‍ය පාලනයේ මිස අන් කිසිදු ස්ථානයක නොවේ.
කාලිෆා උමර් (රළි) තුමාණන් විසින් වැදගත් හා ඓතිහාසික ක්‍රියාවන් සියල්ල සිදු කරනු ලැබුවේ, සියලු මිනිසුන්ම උත්තරීතර දෙවියන් වහන්සේගේ ගැත්තන් වන අතර, ඔවුන් දෙවියන් වහන්සේගේ පරමාධිපත්‍යය ස්ථාපිත කළ යුතුය  යන පදනම මතය. මෙම නායකයන් පාලකයන් නොවන අතර,  ඔවුහු තම තමන්ගේ අධිරාජ්‍යය බිහි කළේ නැත. ඒ වෙනුවට ඔවුන් තම වගකීම ඉෂ්ට කළ භාරකරුවන් වශයෙන් කටයුතු කළහ. “ඔවුන් තම භාරකාරත්වය ඒවායේ හිමි කරුවන්ට ආපසු භාර දිය යුතුය.“ යන ප්‍රතිපත්තිය මෙහි ප්‍රධාන ස්ථානය ගනී. මේ හේතුවෙන් ඔවුන් දිව්‍යමය මූලධර්මයට එකඟ ව රාජ්‍යය ස්ථාපිත කර, දිව්‍යමය මුලධර්මයට එකඟ ව ඒවා පරිපාලනය කර, මහජනතාවට සේවය කර, ඒවා තුළින් දෙවියන්ගේ සතුට පැතුහ.
නිමි.
http://radianceweekly.in/portal/issue/governance-in-early-islamic-period/article/administration-of-justice-in-umar-farooqs-caliphate/

 

 

 

 

 

 

 

 

 

 
Contents


الصفحة    العنوان    م
1    හඳුන්වා දීම    1
    යුක්තිය පසිඳලීම    2
    අධිකරණය හා විධායක බලය වෙන් කිරීම    3
    විනිශ්චයකරුවන් බඳවා ගැනීම    4
    විනිශ්චය කරුවන්ගේ සංඛ්‍යාව    5
    මඟ පෙන්වීම සහ අධිකරණ ක්‍රියා මාර්ගය     6
    විශේෂඥයන්ගේ සාක්ෂි පිළිගැනීම    7
    සාධාරණත්වය ලැබීමේ මාර්ගය සුලබ කිරීම    8
    සමානාත්මතාව සුරැකීම    9
    සැලකිය යුතු ක්‍රියාවන් කිහිපයක්    10
        11
        12
        13
        14
        15
 


    

 

උමර් (රළි) තුමා යටතේ අධිකරණ පරිපාලන

Download

About the book

Author :

جميل فاروقي

Publisher :

www.islamland.com

Category :

Biographies & Scholars