කව්ම් ලූත්

1. අපි සාකච්ඡා කරන තරම ට එය බරපතළ එකක් ද?
2. මෙය ට ප්රරතිකර්මය කුමක් ද?
3. එයින් අප ආරක්ෂා ව ලබන්නේ කෙසේ ද?
4. එම පාපයෙන් සිදු වන ප්රලතිවිපාක හා අනතුරු කුමක් ද?

اسم الكتاب: قوم لوط


نبذة مختصرة: كتاب مترجم إلى اللغة السنهالية يتحدث عن عمل قوم لوط وفيه :
1. نحن نناقش في أمر عظيم يخالف الشريعة والطبيعة.
2. ما العلاج للتخلص من هذه السيئة؟.
3. كيف نعصم أنفسنا وشبابنا من هذا الذنب؟.
4. الأضرار المترتبة من هذه السيئة.

කව්ම් ලූත්


] සිංහල – Sinhala –[ سنهالي  

සවූදි අරාබි රජයේ 1415 ෂව්වාල් මස හොඳ දේ ප්‍රවර්ධන ය කිරිම සහ පාපයන් වළකින දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලදී


සිංහල පරිවර්තනය
ජාසිම් ඉබ්න් දඉයාන්

 

 

 

 

2014 - 1436
 
 
قوم لوط

« باللغة السنهالية »

 


هيئة الأمر بالمعروف والنهي عن المنكر بالمملكة العربية السعودية
  في شوال 1415 هـ

 

ترجمة: جاسم بن دعيان

 

 

 

2014 - 1436
 

කව්ම් ලූත්
සවුදි අරාබි රජයෙන් සකස් කරන ලද ලිපිය
සිංහල පරිවර්තනය
ජාසිම් ඉබ්නු දඉයාන්
1415 ෂව්වාල් මස හොඳ දේ ප්‍රවර්ධන ය කිරිම සහ පාපයන් වළකින සවූදි අරාබි රජයේ දෙපාර්තමේන්තුව විසින් සම ලිංගිකතා ව,  කාන්තාවන් අතර පවතින ලෙස්බියනය සහ ඒවා පිළිබඳ ඉස්ලාමිය ස්ථාවර ය  යන මාතෘකා ව සාකච්ඡා කිරීම පිණිස යොදා ගත් අත් පත්‍රිකාවක් සඳහා මෙම ලිපිය සකස් කරන ලදී. මෙම ලිපියෙ හි නොයෙක් තැන් හි පිරිමින් ගැන සඳහන් කරන නමුත් කාන්තා පක්ෂයට ද මෙය අදාළ වේ.
දයාබර සහෝදරයාණනි! මුස්ලිම් තරුණයිනි! මගේ අදහස් කිහිපයක් ඔබ සැම සමඟ බෙදා ගන්න ට මම කැමැත්තෙමි.
ගෞරවනීය මුස්ලිම් සොයුරාණනි!
අස්සලාමු අලෙයිකුම් වරහ්මතුල්ලාහි ව බරකාතුහූ.
ඉස්ලාමීය සහෝදරත්වයේ සැබෑ හරයෙන් සහ මුහම්මද් නබි (සල්) තුමාණන්, “ඔබ කැමති දේ ඔබේ සහෝදරයාට ද ලැබෙන්න ට පතන තුරු ඔබ අතර කිසිවෙක් ඊමාන් නම් දේව විශ්වාස ය නොලැබුවේ යැ.“යි පැවසු අනුශාසනය ට එකඟ ව පහත සඳහන් උපදෙස් වදන් පවසන්න ට ඔබ සැමගෙන් අවසර පතමි.
මෙලොව ජීවත් වන දේව විශ්වාසය සහිත සෑම කෙනෙක් ම අල්ලාහ් ගේ කෝපය ට සහ ඔහු ගේ දඬුවම ට බිය වෙති. මගේ සොයුරාණනි! ඔබ අල්ලාහ් ගේ කෝපයෙන් ආරක්ෂා ලැබු කෙනෙක් ද? සෑම කෙනෙක් ම ඇසිය යුතු ප්‍රශ්නයක් ඇත. එ නම්, මෙලොව ධනය හෝ දරුවන්ගෙන් කිසිදු ප්‍රයෝජනයක් ලැබිය නොහැකි, පිරිසිදු හදවතක් පමණක් අල්ලාහ් අබියස යහපත ගෙන දිය හැකි, හෙට උදා වන අවසාන දිනයේ දඬුවම ට ලක් කරනු ලබන ජනතා ව සමඟ සිටින්න ට ඔබ කැමතිවේ ද? ඉතාමත් උසස් අයුරින් අල්ලාහ් විසින් මවනු ලැබු ඔබේ ආත්මය ඉතාමත් පහත් මට්ටම ට පත් වනවා ට ඔබ කැමති ද? ලෝකාන්ත දිනයේ දී සියලු මැවීම් සහ සියලු මිනිසුන් ඉදිරියේ ඔබ නින්දාව ට ලක් කරනු ලැබීම ගැන ඔබ සතුටු වන්නේ ද? ඇත්ත වශයෙන් ම, මේවා කිසිවක් සිදුවනවා ට ඔබ අකැමැති ය.
අද දින සෑම තැන ම - විශේෂයෙන් තරුණ පිරිස අතර පැතිර පවතින පාපයක් පිළිබඳ ව සහෝදර ලිලාවෙන් මා සමඟ ඇතැම් උපදෙස් හුවමාරු කර ගන්න ට ඔබ කැමති ද? මෙම පාප ක්‍රියාවන් පිළිබඳ ව ප්‍රශ්න බොහෝමයක්  ඔබ ගේ සිත් තුළ පැන නගින බව මම දනිමි.
     මෙම පාපය කුමක් ද?
    අපි සාකච්ඡා කරන තරම ට එය බරපතළ එකක් ද?
     මෙය ට ප්‍රතිකර්මය කුමක් ද?
     එයින් අප ආරක්ෂා ව ලබන්නේ කෙසේ ද?
    එම පාපයෙන් සිදු වන ප්‍රතිවිපාක හා අනතුරු කුමක් ද?
හදිසි නොවන්න, ඔබේ ප්‍රශ්න සියල්ලට පිළිතුරු ලැබෙනු ඇත.
මා දයාබර සොයුර! සමලිංගික සේවනයේ පාපය හරාම් බව ඔබ දනී. එහෙත්, මෙම පාපය කෙතරම් බරපතළ එකක් ද? අල්ලාහ් අබියස මෙය කෙතරම්  පිළිකුල් සහගත ද යන්න ඔබ දන්නවා ද? සොයුර! මොහොතක ට කල්පනා කරන්න. එය මිනිස් ස්වභාවය ට පමණක් නොව සතුන් හා සිව්පාවුන් ගේ ස්වාභාවය ට පවා එරෙහි ක්‍රියාවක් වන අතර එහි නිරත වන තැනැත්තා ගේ තත්තව ය කුමක් ද? ඔහු මෙවැනි හරාම් ක්‍රියාවක යෙදී සිටිය දී උත්තරිතර අල්ලාහ් ඔහු ව දකින බව ඔහු නොදන්නේ ද? ඔහු මෙවැනි පිළිකුල් සහගත ක්‍රියාවෙ හි යෙදී සිටින එම අවස්ථවේ දී ඔහු මත බලවත් ක්‍ෂණික දඬුවමක් පහළ කිරීම ට අති උතුම් අල්ලාහ් ට හැකි බව ඔහු නොදන්නේ ද? යවුම් අල් කියාමා නමැති ලෝකාන්ත දිනයේ දී අල්ලාහ් ඉදිරියේ පෙනී සිටින විට ඔහු ගේ තත්ත්වය කුමක් වේ ද?
“(නගර වැසියන්) අපරාධයෙ හි (යෙදී) සිටිය දී ඔබ ගේ පරමාධිපති නගරයක් ග්‍රහණය කළහොත් එය හසුකරන්නේ  එලෙස ය. සැබැවින් ම, ඔහුගේ හසුකිරීම වේදනීය ය, දැඩි ය.” සූරා හූද් 11:102
පිරිමි සහ කාන්තාවන් නිරත වන සම ලිංගික සේවනය නමැති පාපය පිළිබඳ ව අල් කුර්ආනය, හදිස් වදන්, සහාබා (රළි) වරුන් ගේ වාර්තා සහ ආගමික විද්වතුන් ගේ නිගමන කුමක් දැයි විමසා බලමු. ඉන් පසු ව, එයින් හට ගෙන, පැතිරෙන නොයෙක් රෝග සහ ඒවා ට ඇති විසඳුම දෙස බලමු. මුහම්මද් නබි (සල්) තුමාණන් ගේ ආදර්ශය අනුගමනය කිරීම ට උත්තරීතර අල්ලාහ් අප සැම ට ආශීර්වාද කරත්වා.
ප්‍රවේශම් වන්න    
“සැබැවින් ම, මගේ උම්මා ව පිළිබඳ ව මම අධික ලෙස බිය වන්නේ ලූත් ගේ ජනතාව නිරත වූ ක්‍රියා මාර්ගය ගැනයි.” යනුවෙන් රසූල් (සල්) තුමාණන් පැවසු හ. මූලාශ්‍රය තිර්මිදි, අහමද්,ඉබ්නු හජර් අල් හයිතමි, අද් දූරි සහ අල් ආජුරි.
අලි ඉබ්නු අබි තාලිබ් (රළි) තුමා මෙසේ පැවසීය. “(සම) ලිංගික අපයෝජනය ට ලක් කිරීම ට අන් අය ට කවරෙකු (පිරිමියෙක්) ඉඩ දෙන්නේ ද, ඔහු ව කාන්තාවන් කෙරෙහි (ස්වාභාවික) ආශාවෙන් අල්ලාහ් ඉවත් කරයි.”
“ඔවුන් (වැඩි හිටියන්) කඩවසම් තරුණයන් දෙස බැලීම පවා අප්‍රිය කළහ.” යනුවෙන් නජීබ් අස් සිර්රි (රහි) තුමා පැවසුහ.
දිනක් අබුල් අස්වද් (රහි) තුමා ලිපියක් ගැනැවිත් තම ශිෂ්‍යයකු ට පෙන්වා මෙසේ කීවේය. “මෙම ලිපිය අලි ඉබ්නු අබි තාලිබ් (රළි) තුමා විසින් කියවා අබුල් අස්වද් වෙත ට  ලියන ලද ලිපියක් බව මම සාක්ෂි දරමි. පිරිමින් (සම ලිංගික සේවනයේ යෙදී) පිරිමින්ගෙන් කාමාශාව සංසිඳවා ගන්නා විට, කාන්තාවන් (සම ලිංගික සේවනයේ යෙදී) කාන්තාවන්ගෙන් කාමාශාව සංසිඳවා ගන්නා විට, භූමි කම්පනය සිදු වනු ඇත. මුහුණුවල් වෙනත් ස්වරූපයක් ගනු ඇත. අහසෙන් ගල් වර්ෂා පහළ වනු ඇත.” (යනුවෙන් ලිපියෙ හි සඳහන් වී තිබේ)
රසූල් (සල්) තුමාණන් දිනක් “ලූත් (අලෙයිහිස් සලාම්) ගේ ජනතාව කළ ක්‍රියාවෙ හි කවරෙකු යෙදෙන්නේ ද, අල්ලාහ් ඔහු ට ශාප කරත්වා!” යනුවෙන් පැවසුහ. වාර්තා කළේ ඉබ්නු හිබ්බාන්.
රසූල් (සල්) තුමාණන් මෙසේ ද පැවසුහ.“ කාන්තාවන් තමන් අතර කාමාශාව සංසිඳවා ගැනීම යනු එය ඔවුන් ගේ අනාචාරයක් වේ.” මූලාශ්‍රය තබරානි.
ඉතිහාසයෙන් පාඩමක්
    මෙම  නීච රෝගය පැරණි ජාතියක් අතර පැතිර ගිය විට, අල්ලාහ් අහසෙන් ගල් වර්ෂාව ඔවුන් මත පහළ කොට දඬුවම් කළේය. මෙම සිද්ධිය අල් කුර්ආනයේ කිහිප තැනක අල්ලාහ් සඳහන් කර ඇත.  
“තවද, ලූත් ව ද (යැව්වෙමු) නුඹලා ස්ත්‍රීන් අත හැර දමා කාමාශාවෙන් යුතු ව පුරුෂයින් වෙත යන්නෙහු ද? නුඹලා අඥාන පිරිසකි. ලූත් ගේ පරපුර නුඹලා ගේ මෙම නගරයෙන් පිටු වහල් කරවු. සැබැවින් ම ඔවුන් පිවිතුරු ජන කොටසකි යැයි ඔවුන් පැවසීම මිස තමන් ගේ ජනයා ගේ පිළිතුරු නොවී ය. අපි ඔහු ගේ බිරිය හැර ඔහුව ද ඔහු ගේ පරපුර ද මුදවා ගත්තෙමු. (විනාශය සඳහා) රැඳී සිටියවුන් අතුරින් ඇය ව අපි නිර්ණය කළෙමු. ඔවුන් මත (ගල්) වර්ෂාවක් පතිත කළෙමු. අවවාද කරනු ලද්දන් ගේ වර්ෂාව නපුරු විය.” සූරා අන් නම්ල් 27: 54 සිට 58 දක්වා.
“ලො වැසියන් අතුරින් පිරිමින් වෙත නුඹලා පැමිණෙන්නේ ද? නුඹලා ගේ පරමාධිපති නුඹලා වෙනුවෙන් මැවු නුඹලා ගේ භාර්යාවන් ව නුඹලා අතහරින්නේ ද? එනමුත් නුඹලා සීමාව ඉක්මවු පිරිසකි.” සූරා අෂ් ෂූරා 26:165 සහ 166.
පළමු වන වාක්‍ය මාලාවෙන්, ලූත් (අලෛ) තුමාණන් ගේ පවුලේ සාමාජිකයෝ දේව විශ්වාස ය නම් ඊමාන් සහිත, ශිෂ්ට සම්පන්න, පිරිසිදු සහ උසස් සදාචාරයෙන් යුත් පිරිසක් යැයි එම දුෂ්ට ගම් වැසියන් පවා පිළි ගත් බව සනාථ වේ. ලූත් (අලෛ) තුමාණන් ගේ පවුලේ අය එම අපවිත්‍ර සමාජයෙන් බැහැර වු බව ද එම ජනතාව පිළි ගත්හ. උත්තරිතර අල්ලාහ් විසින් පෙන්වන ලද පවිත්‍ර ජීවන මාර්ගය දුටු විගස, එය හඳුනා ගෙන එය තෝරා ගත් ජනතාව, අස්වභාවික හා කාමයේ විකෘති වු හැසිරීම් වලින් ඉවත් වීම  නිසැක බව මෙය පෙන්නුම් කරයි.
    මෙම වැකියන් පිළිබඳ ව තෆ්සීර් නම් විග්‍රහයෙහි, ලූත් (අලෛ) තුමාණන් සමාජය, පිරිමින් අතර පිරිමින් ද (Homosexuality) කාන්තාවන් අතර කාන්තාවන් ද (Lesbianism) කාමාශා ව සංසිඳවා ගත් බව සඳහන් වේ.  ඔවුන් ට දඬුවම් පන වන්න ට අල්ලාහ් ගේ තීරණයෙන් අනතුරු ව එම ගම්මානය අහස ට ඔසවන ලෙස ජිබ්රීල් (අලෛ) තුමා ට අණ කළේය. එය කෙතරම් උසද යත් එම ගම්මානයේ  සුනඛයන් බුරන හඬ පවා පළමු වන අහසේ සිටින මලාඉකාවරුන් ට ඇසුණි.  එවැනි උස් ස්ථානයක සිට ජිබ්රීල් (අලෛ) තුමා එම ගම්මානය අනෙක් අතට හරවා බිම ට දැමීය. ඉන් අනතුරු ව අල්ලාහ් ගේ අණ ට එකඟ ව දැවෙන ගිනි ගල් වර්ෂාව ඔවුන් මත වැසිමෙන් පහළ කළේය. මෙම සමූහය ලොවේ ඉතිරි මිනිස් සංහතිය ට ලෝකාන්ත දිනය දක්වා පාඩමක් වශයෙන් පත් කරනු ලැබීය.
ලූත් (අලෛ) තුමාණන් ගේ සමාජයේ නින්දිත හැසිරීම  ඔවුන් වෙතට පණවන ලද දඬුවම පිළිබඳ ව උත්තරීතර අල්ලාහ් ඔවුන් ට දැන් වූ බව ඉමාම් අල් ආජූරි (රහි) පවසයි. පළමුව ඔවුන් ගේ දෑස් හි පෙනුම උදුරා ගනු ලැබීය. පසු ව එම නගරය, එහි වාසය කරන ජනතාව සමඟ අහස දෙසට ඔසවා මුණින් අත ට පෙරළා දමන ලෙස ජිබ්රීල් (අලෛ) තුමා ට අණ ලැබුණි.  ඉන් පසු ව ඔවුන් වෙත ගිනි ගල් වලින් පහර දෙන ලදි. එම දඬුවම කෙතරම් ද යත්, එහි වැසියන් හෝ ගමන් කරන්නන් හෝ තමා ව ආරක්ෂා කර ගන්න ට නොහැකි ව ගල් පහර ට ලක් වී විනාශ වුහ.
ඔවුන් ගේ සංඛ්‍යා ව මිලියන් හතරක් වූ බව සඳහන් වේ. තෆ්සීර් ඉබ්නු කතීර් වෙළුම් අංක දෙක පිටු අංක 471.මේ සිද්ධිය පිළිබඳ ව සුළු මොහොතක් කල්පනා කරමු. මෙය ට පෙර වු කිසිම සමාජයක ට නොපැන වු දඬුවම අල්ලාහ් මෙම සමාජය ට පමණක් පනවන්න ට හේතුව කුමක් ද? සැබැවින් ම අති කැරුණික අල්ලාහ් මෙවැනි දඬුවමක් පමණුවන්න ට නම්, ඔවුන් ගේ පාපය මහත් නින්දිත එකක් විය යුතු ය.
ඔවුන්ට මෙලොවෙ හි ලක් වන අපකීර්තිය.
කාන්තාවන් කාන්තාවන් සමඟ ද, පිරිමින් පිරිමින් සමඟ ද යෙදෙන සම ලිංගික සේවනය සැබැවින් ම ව්‍යසනයක් වන අතර, එම ක්‍රියාව මිනිසා ගේ ආවේණික ස්වභාවය ට පටහැණි වීම පමණක් නොව, පරදාර සේවනයේ යෙදීම ට වඩා නීච හා අශෝභන  බව කවුරුත් පිළිගනිති. කාන්තාවන් කාන්තාවන් සමඟ සහ පිරිමින් පිරිමින් සමඟ යෙදෙන සම ලිංගික සේවනය අනර්ථ හා අපවිත්‍ර ක්‍රියාවක් බව මුස්ලිම්වරුන් පමණක් නොව මුස්ලිම් නොවන ජනයා ද, සලකති. මෙවැනි පාප ක්‍රියාවන් ට එරෙහි ව තදබල ලෙස තහනම් නිති පනවමින් ඒ සඳහා කටුක ආකල්පයක් යොදා ගෙන සිටින්නේ මේ හේතුන් නිසාය.
මෙවැනි හැසිරීම් පැරණි අරාබි සමාජයේ කිසිවෙක් දැන සිටියේ නැත. එමෙන් ම රසූල් (සල්) තුමාණන් ගේ කාල වකවානුවේ තිබුණු බව ට සාධක නැති අතර, එතුමාණන් මෙවැනි ප්‍රශ්නය ට මුහුණු දී නැත. කෙසේ වෙතත් මෛතුනයෙ හි යෙදෙන්නා (sodo-mizes) සහ  එසේ කිරීම ට ඉඩ දෙන්නා යන දෙපාර්ශවය ම ඝාතනය කරනු.” යැයි නබි (සල්) තුමාණන් අණ කළහ. මූලාශ්‍ර තිරිමිදි.
අබු බකර් සිද්දීක් (රළි) තුමාණන් ද මෙවැනි විනිශ්චයක් නිකුත් කළ අතර.  අලි (රළි) තුමා මෙවැනි වරද ට එරෙහි ව බරපතළ දඬුවම් නියම කළේය. කාලිද් බින් වලීද් (රළි) තුමා අරාබි දේශ මායිම් ප්‍රදේශයේ කාන්තාවක් හා පිරිමියෙක් විවාහ වන ආකාරයෙන් පිරිමියෙක් තවත් පිරිමියෙකු හා විවාහ වනු දැක මේ බව අබු බකර් (රළි) තුමා ට ලිපියකින් දැන්විය. අබු බකර් (රළි) තවත් සහාබාවරු කිහිප දෙනෙකු සමඟ සාකච්ඡා කළ විට, අලි (රළි) තුමා මෙය ට තරයේ විරෝදය ප්‍රකාශ කර, “ජාතීන් අතර එක් ජාතියක් පමණක් මෙම පාපයේ නිරත වූ අතර. ඔවුන් ගැන අල්ලාහ් ක්‍රියා කළ ආකාරය අපි දනිමු. ඒ නිසා මේ මිනිසා ගින්න ට දමා මරණ දඬුවම් දිය යුතු යැයි මම සිතමි.”යනුවෙන් පැවසීය. අනතුරු ව, අබු බකර් (රළි) තුමා මේ බව ලිපියකින් දැන් වු පසු කාලිද් බින් වාලිද් (රළි) ඒ ආකාරයෙන් ඔහු ගින්නට දමා මරණ දඬුවම ඉටු කළේය.
මෙම සිද්ධිය පිළිබඳ විග්‍රහ කළ ඉබ්නු කස්සාර් සහ ඉබ්නු තයිමියා යන විද්වතුන් මෙසේ දැන්වුහ. වරදකරු ට මරණ දඬුවම දිය යුතු යැයි සහාබාවරුන් සියලු දෙනාම එකඟ වූ අතර, එය ඉටු විය යුතු ආකාරය ගැන විවිධ මත දැක්වු හ.
උස කන්දක් සිට බිමට වීසි කර ඔහු ගේ මරණය සිදු කළ යුතු යැයි අබු බකර් (රළි) අදහස් දැක්වි ය.
අලි (රළි) ගේ තවත් අදහස වූයේ, ඔහු මත බිත්තියක් පතිත කර මරණය සිදු කළ යුතුය යන්න යි.
ඉබ්නු අබ්බාස්, අලි, ජාබිර් බින් (z)සයිද්, අබුදල්ලා බින් ම‘අමර්, ඉමාම් (z)සුහ්රි. ඉමාම් මාලික් (රළි) යන සියලු දෙනා ම මෙවන් පාපයක් සිදු කළ අය ට, ඔවුන් විවාහ වූවන් හෝ විවාහ නො වුවන් යන වෙනස නොතකා ඔවුන් ට ගල් ගසා මරණ දඬුවම නියම කළ යුතු යැයි අදහස් දැක් වුහ. අහමද්, ෂාෆි, අබු සව්ර් යන ඉමාම්වරු මේ බව වර්තා කළහ.
සම ලිංගික සේවනයේ යෙදෙන්නන් පිළිබඳ ව ඉබ්නු අබ්බාස් (රළි) ගෙන් ප්‍රශ්න කරනු ලැබු විට, “නගරයේ තිබෙන උසස් ම ගොඩනැගිල්ල ට ඔහු රැගෙන ගොස් එහි සිට බිමට තල්ලු කළ යුතුය. පසුව, ඔහුට ගල් ගැසිය යුතු යැ.”යි පිළිතුරු දුන්නේ ය.
“ගුද මාර්ගයෙන් ඇතුළු වීම සඳහා තිබෙන තහනම, යෝනි මාර්ගයෙන් ඇතුළු වීම සඳහා තිබෙන තහනම ට වඩා බරපතළ එකකි.” යැයි ජාබිර් බින් zසයිද් (රළි) ප්‍රකාශ කළේය. වෙනත් ආකාරයෙන් පවසන්නේ නම්, ගුද මාර්ගයෙන් සංසර්ගයේ යෙදීමේ ක්‍රියාව සඳහා තිබෙන තහනම, නිත්‍යනුකූල නොවන කාන්තාවක් සමඟ පවත් වන සංසර්ගය ට වඩා බරපතළ එකකි.
එයින් මෙලොවෙ හි සිදු වන අනතුරු
මෙම පාප ක්‍රියාව හේතු කොට ගෙන, නොයෙක් මාරක හා ස්පර්ශයෙන් බෝ වන රෝග කිහිපයක් හට ගනි. වර්තමානයේ පවතින නවීන තාක්ෂණය, මුදල් හා බලය තිබිය දී පවා මෙවන් රෝග පිළිබඳ අවබෝධ කර ගැනීම ට පවා වෛද්‍ය විද්‍යාව මෙතෙක් අපොහොසත් වී සිටින බව දකිමු. ඇත්ත වශයෙන් ම අල්ලාහ් ගේ කෝපය ට එරෙහි ව පලා යෑමට කිසිවෙකු ට නොහැක.
මෙයින් හට ගන්නා අසාධ්‍ය රෝග කිහිපයක්:
    ඒඩ්ස් (Aids) රෝගය: මෙය සුව කිරීම ට අද දක්වා ඖෂධ සොයා ගෙන නැත. අනාචාරයේ හැසිරීම සහ සම ලිංගික සේවනය මගින් මෙය පැතිරේ.
    ප්‍රමේහය (Gonorhea) නොහොත් කුණු ලෙඩ: මුෂ්කය ඉදිමීම, මූත්‍රා මාර්ගයේ අවහිර, සන්ධි ඉදිමුම සහ  වඳ භාව ය.
    උපදංශය (Syphillis): මෙය “සුද්දන්ගේ රෝගය“ යනුවෙන් අරාබිවරුන් අතර ප1චලිතය. මෙහි ආරම්භය යුරෝපානු සමාජයේ පැවතුණු දුරාචාර හැසිරීම් නිසා සිදු වු හේතුවෙන් ය. මෙම රෝගයේ ප්‍රතිඵල වන්නේ, උන්මාදය, ආඝාතය, අන්ධ භාවය සහ වෙනත් ස්නායු ආබාධය වේ. එ සමඟම රුධිර වාහිනි හානිය සහ මරණය ද සිදු වේ.
    ජනනේන්ද්‍රිය කොටසෙ හි පිළිකා (Genital Ul-cer): මෙම රෝගය නිසා, වසා ග්‍රන්ථි (Lymphatic gland) ඉදිමුම සහිත දැවිල්ල හට ගනී. සිරුරෙ හි වායු ගෙඩිය පැසවීම, මුත්‍ර වාහිණි ය ඉදිමීම, සිරුරේ සන්ධියෙ හි දැඩි වේදනා සහ අත් පා ඉදිමී ම යන උවදුරු සිදු වේ.
    සෙංගමාලය බී (Hepatitis B) : මෙහි ඇති සලකුණු අතර උණ, අධික විඩාව, ඔක්කාරය සහ කහ උණ යනාදිය ඇතුළත් වේ. එහි ප්‍රතිඵල වශයෙන් නිදන් ගත සෙංගමාලය සහ අක්මා වේ පිළිකා යනාදිය ඇති වේ.
විකෘති කාම හැසිරීම නිසා හට ගන්නා රෝග අතර කිහිපයක් ඉහත සඳහන් කෙරුණි. කවරෙකු හෝ මෙවැනි රෝග වලට දැනුවත්ව ගොදුරු වීම ට කැමති වේ ද? මෙවැනි රෝග තම පවුලේ සාමාජිකයන් අතර පැතිරීම ගැන සතුටු වන්නේ ද?
ඔබේ වැරදි ක්‍රියාවන් නිසා ඔබේ පවුලේ සාමාජිකයෝ - දෙමාපියන්, සොයුරන්, බිරියන් හා දරුවන් සමාජයේ අපකීර්තියට ලක් වීමට ඔබ ම හේතුවක්වීම ට ඔබ කැමති ද? අති උතුම් අල්ලාහ් අප සියලු දෙනා මෙවැනි භයානක ඉරණමින් ආරක්ෂා කරත්වා.
මේවායින් ගැලවීමේ මාර්ග
මා හිතවත් සහෝදරයිනි! ඉස්ලාමය සම්පූර්ණයෙන් ම අනුගමන ය කිරීමෙන් මෙලොව හා මතු ලොවෙ හි ජය ලැබීමේ මාර්ගය උදාවේ. අප ජීවිතයේ සෑම අවස්ථාවක ම හටගන්නා ඕනෑම ප්‍රශ්න හා ගැටලු වල ට විසඳුම් ඉස්ලාම් සපයයි. ආරක්‍ෂා ලබන්න ට අපහ ට තිබෙන පහසු මාර්ගය ඉතාමක් පැහැදිලි බව කිසිදු සැකයෙන් තොරව අප ට පෙනේ. එ නම් බරපතළ පාපයන්ගෙන් මිදී ඈත් ව අපි ජීවත් වීමයි.
එ සඳහා ගත යුතු පියවර කිහිපයක්
පහත සඳහන් වේ.
තව්බා - එනම් අවංක ව පසුතැවිලි වී අල්ලාහ් වෙත ට හැරෙන්න.
මෙවැනි පාපයන් අලංකාර කර ඔබේ සිත නොමඟ යවන්න ට වෑයම් කරන අයහපත් ජනතා ව සහ මිතුරන්ගෙන් ඉවත් වන්න. තරුණ පිරිස වටා රොක් වන මිතුරන්ගේ ආභාසය නිසා ඔවුන් යහපත් හෝ අසභ්‍ය ජීවිතය ට පා තැබීම ට බලවත් හේතුවක් වෙයි. එනිසා, ධාර්මිකතාව වෙත මග පෙන් වන සහ ඔබ ට දහමෙ හි සහ ලෞකික දේ වල ඔබ ට උපකාර හා යහකම් කරන පිරිස ඔබ ම තෝරා ගෙන, ඔවුන් සමඟ මිත්‍රත්වය පවත්වන්න.
ඔබේ කාමාශාව අවදි කරන සියලු දැයින් ඔබේ බැල්ම ඉවත් කරන්න. රැවුල් විරහිත තරුණයන් ගේ ආශ්‍රය, ඔවුන්ගේ ඡායා රූප තිබෙන චිත්‍රය, සඟරා වැනි දේ දෙස ඔබේ අවධානය යොමු කිරීමෙන් වළකින්න.
නබි (සල්) තුමාණන්ගේ ඇරයුම ට එකඟ ව පිරිසිදු ව හා දුරාචාරයෙන් ඉවත් වී ජීවත් වීම පිණිස, විවාහ වීම ට සෑම උත්සාහයක් ම ගන්න. නබි (සල්) තුමාණන් මෙසේ උපදෙස් දුන්හ. “අහෝ තරුණයනි! ඔබ අතර කවරෙකු ට හැකියාවක් තිබේ ද ඔහු විවාහ විය යුතු ය. එසේ කිරීම ට අපොහොසත් අය උපවාසයේ යෙදිය යුතු ය.” යනුවෙන් නබි (සල්) තුමාණන් උපදෙස් දුන්හ. මූලාශ්‍ර බුහාරි සහ මුස්ලිම්.  මෛථුනික ඉච්චාව/ආශාව මැඩ පවත්වා ගනු පිණිස අධික ලෙස උපවාසයේ යෙදිය යුතු ය. රසූල් (සල්) තුමාණන් මෙසේ අවවාද කළහ. “සැබැවින් ම, මිනිසාගේ සිරුරෙ හි රුධිරය සංසරණය කරන ආකාරයෙන් ෂෛතාන් ගලා යයි. එබැවින් ඔහු ව මැඩ පවත්වා ගනු පිණිස, උපවාසයේ යෙදෙන්න.” මූලාශ්‍ර සහීහ් බුහාරි වැළුම 1 පිටු අංක 273)
අලස ව සිටින කෙනෙකු ගේ සිත ඉලක්ක කර ගෙන ඒ තුළ ට ෂෛයිතාන් නොයෙක් අයහපත් සිතුවිලි කොඳුරන නිසා, විවේක කාලයේ ඔබට යහපතක් සිදු කරන ක්‍රියාවන් හි  යෙදෙන්න.
අවසාන ව ...මගේ ප්‍රියතම සොයුරනි/ තරුණයනි!
අසභ්‍ය ක්‍රියාවන් හි යෙදෙන කෙනෙක් කුමක් සිදු විය යුතු දැයි බලා සිටිනවා ද? ඔහු පාප කර්මයෙ හි යෙදී සිටින මොහොතේ දී ඔහු වෙත මරණය පහළ විය යුතු යැයි බලා සිටිනවා ද? ඔහුගේ අවශ්‍යතා සියල්ල සපයා, ඔහු ව මෙවැනි තත්ත්වයක ට ගෙන ඒම ට වෙහෙස දැරූ ඔහු ගේ දෙමාපියන් ගැන ඔහු මොහොතක් හෝ කල්පනා කළේ ද? ඔහු කුඩා දරුවෙකු ව සිටිය දී, ඔහු කුඩා මිතුරන් සමඟ රැස් ව සිටිනු දකින විට ඔහු ගැන ඔහු ගේ පියා කෙතරම් සතුටු වුණා ද? ඔහු කුඩා දරුවෙකු ව සිටිය දී ඔහුගේ සුවය සඳහා රාත්‍රි කිහිපයක් අවදි ව සිට ඔහු වෙනුවෙන් ජීවිතය කැප කළ ඔහුගේ මව ගැන ඔහු සිතා බැලුවේ ද? ඒ දෙදෙනාට ම සමාජයේ අන් අය ඉදිරියේ ඔහු දැන් ආපසු ණය ගෙවන්න ට සූදානම් වන්නේ අවමානය සහ අවනම්බුව ට පත් කරමින් ද?
එසේ නොවේ නම්, ඔහු මෙවන් තුච්ඡ පාප යේ යෙදෙන අවස්ථාවේ ඔහුගේ ප්‍රාණය ගනු ලබන තුරු ඔහු බලා සිටිනවා ද? මරණය අප වෙනුවෙන් වේලාවක් නිර්ණය කරන්නේ නැතිවාක් මෙන් එය පිවිසීමේ මොහොත තරුණ හෝ මහළු කෙනෙක් වෙනුවෙන් කල් දහන්නේ ද නැත.
දයාබර සොයුර, මෙම අගනා ජීවිතය, දයාලු මැවුම්කරු වන අල්ලාහ්ගෙන් දෙන ලද ත්‍යාගයකි, ගුණවත් කාර්යයන් ඉටු කර මැවුම්කරු ගේ සතුට ලබා ගත හැකි එකම අවස්ථාවකි. ඇත්ත වශයෙන් ම, අපේ සියලු ක්‍රියාවන් හි ප්‍රධාන අරමුණ අල්ලාහ් ගේ සතුට ලබා ගැනීම විය යුතු ය. “අල්ලාහ්ගෙන් සොම්නස ඉමහත් ය. එයමයි අත්‍යුත්කෘෂ්ට භාග්‍ය ය.” සූරා තව්බා 9:72 වැකියෙන් ජයග්‍රහණය ලෙස සඳහන් කරන්නේ මෙය යි.
මෙලෙවෙ හි අපේ ජිවිතය අල්ලාහ්ගෙන් ලැබු පරීක‍්‍ෂණයකි. ඔහු අප ව ලොවේ මවා, අප තුළ තෘෂ්ණාවන් බිහි කළේය. එහෙත් මේ ලොව අපගේ ආශාවන් සපුරා ගැනීම සඳහා වන ස්ථානයක් ලෙස ඔහු මැවුවේ නැත. මෙහි දී අල්ලාහ් ගැන බිය බැතිමත්කමින් සිත පුරවා ගත යුතු ය, අපේ තණ්හාව මැඩ පවත්වා ගත යුතු ය. ඒවා වෙනුවෙන් අපට ජන්නාහ් නමැති ස්වර්ගය පිරිනමන බව අල්ලාහ් පොරොන්දු වෙයි. එහි දී කියා නිම කළ නොහැකි සුන්දරතාවය සහ සතුට මරණයෙන් පසු අප සඳහා ඔහු වෙන් කර තබා ඇත.
තම මැවුම්කරු ඉදිරියේ සිට ගන්න ට බිය වීමෙන්, තම ආත්මාව පහත් තෘෂ්ණාවෙන් ආරක්‍ෂා කර ගත් පුද්ගලයා ට “තම හිමි සන්නිධානයෙ හි (අන්තිම දින) ඉදිරිපත් වීම ගැන බිය වී (මෙලොව) පහත් ආශවෙන් වැළකුණු අය නම්, ජන්නාවෙ හි ඔහු නිවසන තැන.” සූරා අන් නාසියාත් 79:70,71 යනුවෙන් අල්ලාහ් පොරොන්දු වෙයි.
ඇත්ත වශයෙන් ම අපගේ සියලු ආශාවන් සපුරා ගැනීමේ ස්ථානයක් බවට ජන්නාහ් නමැති ස්වර්ගය අල්ලාහ් නිරිමාණය කර තිබෙන හෙයින්, එහි සියලු දේ ම අපේ කැමැත්ත ට එකඟ ව තිබේ. “තවද, නුඹලා ආශා කරන දෑ එහි නුඹලා ට ඇත. තවද නුඹලා අයැදින දෑ ද එහි නුඹලා ට ඇත. අති ක්‍ෂමාශීලි පරම කරුණා භරිතයාණන්ගෙන් වූ සංග්‍රහයක් වශයෙනි.” සූරා ෆස්සිලාත් 41:331,32 ලෙස අල්ලාහ් පොරොන්දු වෙයි.
අවසාන වශයෙන්, මාගේ දයාබර සොයුරුනි! මෙම තුච්ඡ පාපය සහ එයින් සිදු වන බිහිසු ණු හානි පිළිබඳ ඉස්ලාමීය මතය කුමක් දැයි කෙටියෙන් නමුන් පැහැදිලි ව පෙන්වා දුනිමි. මෙවැනි පාපයන් හි නොයෙදෙන අය ට පහදා දීමක් වශයෙන් ද, ෂෛතාන් ගේ උගුල ට හසු වී මෙම පාපයේ නිරත වන අය ගේ දෑස් විවෘත වීම ට මෙම කෙටි ලිපිය උපයෝගි වනු ඇතැයි මම විශ්වස කරමි.
දයාබර සහෝදරයාණනි! මෙවැනි පාප ක්‍රියාවන් සහ එයින් සිදු වන භායනක ප්‍රතිවිපාකය පිළිබඳ ව සෑම තරුණයෙකුට ම දැනුම් දී ඔවුන් සියලු දෙනා ම ආරක්‍ෂා කිරීමෙන් අල්ලාහ් ගේ ත්‍යාග ලබන්න ට කටයුතු කිරීම ඔබ ගේ යුතුකමකි.
අති උතුම් හා සියලු බලය හිමි අල්ලාහ් වෙත හැරී පාපෝච්චාරණය  කර,  අප  සියලු දෙනාට ම භාග්‍ය ලබා දෙත්වා යැයි ප්‍රාර්ථනා කරමි. මම ඉදිරිපත් කළ සහ ඔබ සියලු දෙනා කියැ වු මෙම ලිපිය මගින් අප ට යහපතක් සිදු කරන ලෙස ද, අප ට අයහපතක් සිදු නොකරන ලෙස ද ප්‍රාර්ථනා කරමු.
මුස්ලිම්වරුන් ට යහපතක් සිදු කරන සියල්ල අනුමත කරන්නේ අල්ලාහ් පමණි.
ඔබේ අගනා අදහස් මෙම ලිපිනයට දන්වන්න.

[email protected]

 

කව්ම් ලූත්

Download

About the book

Author :

www.islamhouse.com

Publisher :

www.islamland.com

Category :

Biographies & Scholars