මුහ්තසර් අල්-ෆික්හුල් ඉස්ලාම් පිටු අංක 127 -131-ස්වර්ගය සහ එහි වැසියන්

මෙම කොටසෙහි ස්වර්ගයට පිවිසෙන මුල්ම කණ්ඩායම සතු ගුණාංග, ස්වර්ග වැසියන්ගේ වයස් සීමාව, ස්වර්ග වැසියන්ගේ මුහුණු වල ස්වභාවය, ස්වර්ග වැසියන් පිළිගැනීමේ ස්වරූපය, කිසිදු විනිශ්චයකින් හෝ දඬුවමකින් තොරව ස්වර්ගයට ඇතුළු වන්නන්, ස්වර්ග භූමිය හා එහි ගොඩනැගිලි වල ස්වභාවය, ස්වර්ග වැසියන්ගේ කූඩාරම් වල ස්වභාවය, ස්වර්ගයේ කඩ සාප්පු, ස්වර්ගයේ මාලිගා, මාලිගා වල ස්වර්ග වැසියන්ගේ තරාතිරම්, ස්වර්ග වැසියන්ගේ කුටි වල ස්වභාවය, ස්වර්ග වැසියන්ගේ ඇතිරිලි හෝ මෙට්ට, බුමුතුරු හා කොට්ට වල ස්වරූපය, ස්වර්ගයේ කවිච්චි, ස්වර්ගවාසීන්ගේ ඇඳන් හි ස්වභාවය, ස්වර්ගවාසීන්ගේ භාජන වල ස්වභාවය යන මාතෘකා අන්තර්ගතව පවතී.

اسم الكتاب: مختصر الفقه الإسلامي [صفة الجنة وأهلها]


تأليف: محمد بن إبراهيم التويجري


الناشر: المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة


نبذة مختصرة: كتاب مختصر الفقه الإسلامي لفضيلة الشيخ محمد إبراهيم التويجري - أثابه الله - مترجم إلى اللغة السنهالية وفيه : صفة الجنة وأهلها.


මුහ්තසර් අල්-ෆික්හිල් ඉස්ලාමී
පිටු අංක: 127-131
ස්වර්ගය සහ එහි වැසියන්

 

< සිංහල >
        
Author' name
අෂ් ෂෙයික් තුවෙයිජිරි




Translator's name මාහිර් රම්ඩීන්

Reviser's name මුහම්මද් අසාද්
 

مختصر الفقه الإسلامي
صفة الجنة وأهلها(من الحديث 120-126)
< سنهالية>

        

اسم المؤلف
محمد بن إبراهيم التويجري



ترجمة: ماهر رمدين

مراجعة: محمد آساد


මුහ්තසර් අල්-ෆික්හිල් ඉස්ලාමී
මුල් පිටපතේ පිටු: 120- 126
ස්වර්ගය සහ එහි වැසියන්
•    ස්වර්ගයට පිවිසෙන මුල්ම කණ්ඩායම සතු  ගුණාංග
1-
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ قَالَ قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ إِنَّ أَوَّلَ زُمْرَةٍ يَدْخُلُونَ الْجَنَّةَ عَلَى صُورَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ ثُمَّ الَّذِينَ يَلُونَهُمْ عَلَى أَشَدِّ كَوْكَبٍ دُرِّيٍّ فِي السَّمَاءِ إِضَاءَةً لَا يَبُولُونَ وَلَا يَتَغَوَّطُونَ وَلَا يَتْفِلُونَ وَلَا يَمْتَخِطُونَ، أَمْشَاطُهُمْ الذَّهَبُ وَرَشْحُهُمْ الْمِسْكُ وَمَجَامِرُهُمْ الْأَلُوَّةُ الْأَنْجُوجُ عُودُ الطِّيبِ وَأَزْوَاجُهُمْ الْحُورُ الْعِينُ عَلَى خَلْقِ رَجُلٍ وَاحِدٍ عَلَى صُورَةِ أَبِيهِمْ آدَمَ سِتُّونَ ذِرَاعًا فِي السَّمَاءِ. (متفق عليه)
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සැබැවින්ම ස්වර්ගයට පිවිසෙන මුල්ම කණ්ඩායම පුර පසළොස්වක රාත්‍රියේ පූර්ණ චන්ද්‍රයා මෙන් වෙති. ඔවුනට පසුවූවන් අහසේ බැබළෙන තාරකාවට වඩා අධික දීප්තියෙන් යුක්ත වෙති. ඔවුහු මූත්‍රා නොකරති. මලපහ නොකරති.  කෙළ නොගසති. නාසයෙන් සොටු ඉවත් නොකරති. ඔවුන්ගේ පනා රනින් යුක්තය. ඔවුන්ගේ දහඩිය කස්තූරිය. ඔවුන්ගේ ගිනි අඟුරු බඳුන් කෝමාරිකාවලින් යුක්තය.
ඔවුන්ගේ සහකාරියන් හූරුල් ඊන් වරියන්ය. ඔවුහු ඔවුන්ගේ පියා ආදම්ගේ හැඩරුවින් අහසෙහි රියන් 60 ක් පමණ උසින් එකම තත්වයෙන් යුත් මිනිස් මැවීමක් ලෙස සිටිති.
මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්.
2-
عَنْ سَهْلِ بْنِ سَعْدٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ لَيَدْخُلَنَّ الْجَنَّةَ مِنْ أُمَّتِي سَبْعُونَ أَلْفًا أَوْ سَبْعُ مِائَةِ أَلْفٍ لَا يَدْرِي أَبُو حَازِمٍ أَيَّهُمَا قَالَ مُتَمَاسِكُونَ آخِذٌ بَعْضُهُمْ بَعْضًا لَا يَدْخُلُ أَوَّلُهُمْ حَتَّى يَدْخُلَ آخِرُهُمْ وُجُوهُهُمْ عَلَى صُورَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් ප්‍රකාශ කළ බව සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
මාගේ සමූහයාගෙන් හැත්තෑ දහසක් හෝ හත්සිය දහසක් දෙනා ස්වර්ගයට පිවිසෙති. ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු ව අල්ලාගෙන එකිනෙකට බැඳී සිටිති. ඔවුන්ගෙන් ආරම්භකයා ඔවුන්ගෙන් අවසානය පිවිසෙන තෙක් එහි නොපිවිසෙයි. ඔවුන්ගේ මුහුණු පුර පසළොස්වක චන්ද්‍රයාගේ ස්වරූපයෙන් පිහිටයි.
මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්
3-
عَنْ عَبْدِ اللَّهِ بْنِ عَمْرِو بْنِ الْعَاصِ رضي الله عنهما قال :
سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ " إِنَّ فُقَرَاءَ الْمُهَاجِرِينَ يَسْبِقُونَ الْأَغْنِيَاءَ يَوْمَ الْقِيَامَةِ إِلَى الْجَنَّةِ بِأَرْبَعِينَ خَرِيفًا" أخرجه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව අබ්දුල්ලා ඉබ්නු අම්ර් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
දුගී මුහාජිර්වරු මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ස්වර්ගය වෙත පිවිසීමේදී වසර 40කට කලින් ඉදිරියෙන් පසුවෙති.
මූලාශ්‍රය: මුස්ලිම්
•    ස්වර්ග වැසියන්ගේ වයස් සීමාව
عَنْ مُعَاذِ بْنِ جَبَلٍ أَنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ يَدْخُلُ أَهْلُ الْجَنَّةِ الْجَنَّةَ جُرْدًا مُرْدًا مُكَحَّلِينَ أَبْنَاءَ ثَلَاثِينَ أَوْ ثَلَاثٍ وَثَلَاثِينَ سَنَةً" أخرجه أحمد والترمذي
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව මුආද් ඉබ්නු ජබල් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
ස්වර්ග වැසියන් හිසකෙස් නොමැතිව රැවුල් නොමැතිව අසැඳුන් සහිත ව අවුරුදු 30ක් හෝ 33ක් වයසැති දරුවන් මෙන් පිවිසෙති.
මූලාශ්‍රය: අහ්මද් තිර්මිදි
•    ස්වර්ග වැසියන්ගේ මුහුණු වල ස්වභාවය
1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ (22) عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ (23) تَعْرِفُ فِي وُجُوهِهِمْ نَضْرَةَ النَّعِيمِ (24)
සැබැවින්ම දැහැමියන් පූර්ණ සොම්නසෙහි වෙති. (අලංකාර කරන ලද) උස් කවිච්චි මත සිට නරඹමින් සිටිති. සොම්නසෙහි ප්‍රභාව ඔවුන්ගේ මුහුණු වල නුඹ හඳුනා ගනු ඇත.     (අල් කුර්ආන් 83 : 22-24)
2- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وُجُوهٌ يَوْمَئِذٍ نَاضِرَةٌ (22) إِلَى رَبِّهَا نَاظِرَةٌ (23)
එදින ඇතැම් මුහුණු තම පරමාධිපති දෙස බලමින් සතුටින් ඉපිලී පවතී.         (අල් කුර්ආන් 75 : 22, 23)
3- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وُجُوهٌ يَوْمَئِذٍ نَاعِمَةٌ (8) لِسَعْيِهَا رَاضِيَةٌ (9) فِي جَنَّةٍ عَالِيَةٍ (10)
තවද එදින ඇතැම් මුහුණු සතුටින් පවතී. උසස් වූ (ස්වර්ග) උයනෙහි (මෙලොව කළ) තමන්ගේ වෑයම පිළිබඳ තෘප්තියෙන් පසු වෙති. (අල් කුර්ආන් 88 : 8-10)
4- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وُجُوهٌ يَوْمَئِذٍ مُسْفِرَةٌ (38) ضَاحِكَةٌ مُسْتَبْشِرَةٌ (39)
එදින ඇතැම් මුහුණු දීප්තියෙන් පවතී. (එම මුහුණු) සිනාමුසුව හා (ශුභාරංචි පිළිබඳ) ප්‍රීතියට පත් ව සිටිති.                 (අල් කුර්ආන් 80 : 38,39)
 5- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَأَمَّا الَّذِينَ ابْيَضَّتْ وُجُوهُهُمْ فَفِي رَحْمَةِ اللَّهِ هُمْ فِيهَا خَالِدُونَ (107)
තම මුහුණු සුදු පැහැ වූවන් වූ කලී ඔවුහු අල්ලාහ්ගේ කරුණා ව තුළ සිටිති. ඔවුහු එහි සදාතනිකයෝ ය.                     (අල් කුර්ආන් 3 : 107)
6- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
فَوَقَاهُمُ اللَّهُ شَرَّ ذَلِكَ الْيَوْمِ وَلَقَّاهُمْ نَضْرَةً وَسُرُورًا (11)
එබැවින් එදින අල්ලාහ් ඔවුන් ව ආරක්ෂා කොට ප්‍රභා ව හා සතුට හමුවීමට සලස්වයි.     (අල් කුර්ආන් 76 : 11)
7-
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : " أَوَّلُ زُمْرَةٍ تَدْخُلُ الْجَنَّةَ عَلَى صُورَةِ الْقَمَرِ لَيْلَةَ الْبَدْرِ وَالَّذِينَ عَلَى آثَارِهِمْ كَأَحْسَنِ كَوْكَبٍ دُرِّيٍّ فِي السَّمَاءِ إِضَاءَةً قُلُوبُهُمْ عَلَى قَلْبِ رَجُلٍ وَاحِدٍ لَا تَبَاغُضَ بَيْنَهُمْ وَلَا تَحَاسُدَ " متفق عليه
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
ස්වර්ගයට පිවිසෙන මුල්ම කණ්ඩායම පුරපසළොස්වක චන්ද්‍රයාගේ ස්වරූපයෙන් සිටිති. ඔවුන්ගේ පා සලකුණු මත ගමන් ගන්නන් අහසේ බැබළෙමින් පවතින තාරකාවට වඩා අලංකාර ව සිටිති. ඔවුන්ගේ හදවත් එක මිනිසකුගේ හදවත මෙන් පවතී. ඔවුන් එකිනෙකා අතර ක්‍රෝධය නොපවතී. ඔවුන් එකිනෙකා අතර ඊර්ෂ්‍යාව ද නොපවතී.  
මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්
•    ස්වර්ග වැසියන් පිළිගැනීමේ ස්වරූපය
1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا حَتَّى إِذَا جَاءُوهَا وَفُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَ (73)
ඔවුන්ගේ පරමාධිපතිට බිය හැඟීමෙන් යුක්ත වූවන් ස්වර්ගය වෙත කණ්ඩායම් වශයෙන් ගෙන එනු ලබති. එහි දොරටු විවෘත කරනු ලැබ තිබිය දී ඔවුන් එය වෙත පැමිණෙති. එවිට එහි දොරටු පාලකයන් ‘නුඹලා කෙරෙහි සලාමය (ශාන්තිය) අත්වේවා! නුඹලා යහපතුන් වූහ. නුඹලා එහි සදාතනිකයන් ලෙස ඇතුළු වනු යැයි ඔවුනට පවසති.     (අල් කුර්ආන් 39 : 73)
2- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَالْمَلَائِكَةُ يَدْخُلُونَ عَلَيْهِمْ مِنْ كُلِّ بَابٍ (23) سَلَامٌ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ فَنِعْمَ عُقْبَى الدَّارِ (24)
තවද මලක්වරු සෑම දොරටුවකින්ම ඔවුන් වෙත ඇතුළු වෙති. නුඹලා ඉවසා දරා සිටි හේතුවෙන් නුඹලා වෙත සලාම් (ශාන්තිය) වේ. එබැවින් අවසන් නිවහන යහපත් විය. (යැයි පවසති)         (අල් කුර්ආන් 13 : 23, 24)
3- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
لَا يَحْزُنُهُمُ الْفَزَعُ الْأَكْبَرُ وَتَتَلَقَّاهُمُ الْمَلَائِكَةُ هَذَا يَوْمُكُمُ الَّذِي كُنْتُمْ تُوعَدُونَ (103)
මහා භයානක තත්තවය ඔවුන් දුකට පත් නොකරනු ඇත. මලක්වරු ඔවුන් ව පිළිගනිමින් නුඹලාට පොරොන්දු දෙනු ලැබූ නුඹලාගේ දිනය මෙය වේ යැයි පවසති.                 (අල් කුර්ආන් 21 : 103)
•    කිසිදු විනිශ්චයකින් හෝ දඬුවමකින් තොරව ස්වර්ගයට ඇතුළු වන්නෝ
عن ابْنُ عَبَّاسٍ رضي الله عنه قَالَ : قَالَ النَّبِيُّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : "عُرِضَتْ عَلَيَّ الْأُمَمُ فَأَجِدُ النَّبِيّ يَمُرُّ مَعَهُ الْأُمَّةُ وَالنَّبِيُّ يَمُرُّ مَعَهُ النَّفَرُ وَالنَّبِيُّ يَمُرُّ مَعَهُ الْعَشَرَةُ وَالنَّبِيُّ يَمُرُّ مَعَهُ الْخَمْسَةُ وَالنَّبِيُّ يَمُرُّ وَحْدَهُ فَنَظَرْتُ فَإِذَا سَوَادٌ كَثِيرٌ ، قُلْتُ : يَا جِبْرِيلُ هَؤُلَاءِ أُمَّتِي ؟ قَالَ : لَا وَلَكِنْ انْظُرْ إِلَى الْأُفُقِ فَنَظَرْتُ فَإِذَا سَوَادٌ كَثِيرٌ، قَالَ : هَؤُلَاءِ أُمَّتُكَ وَهَؤُلَاءِ سَبْعُونَ أَلْفًا قُدَّامَهُمْ لَا حِسَابَ عَلَيْهِمْ وَلَا عَذَابَ قُلْتُ : وَلِمَ قَالَ كَانُوا لَا يَكْتَوُونَ وَلَا يَسْتَرْقُونَ وَلَا يَتَطَيَّرُونَ وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ " متفق عليه.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව ඉබ්නු අබ්බාස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
මා වෙත සමූහයන් පෙන්වන ලදී. එවිට තම සමූහයා සමඟ ගමන් කරමින් සිටි නබිවරයකු දුටුවෙමි. තවත් නබිවරයකු කුඩා පිරිසක් සමඟ ගමන් කරමින් සිටියහ. තවත් නබිවරයකු දස දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සමග සිටියහ. තවත් නබිවරයකු පස් දෙනෙකුගෙන් සමන්විත පිරිසක් සමග සිටියහ. තවත් නබිවරයකු එක් අයකු සමඟ සිටියහ. පසුව මම අවදානමින් නිරීක්ෂා කළෙමි. එවිට විශාල මිනිස් සමූහයක් විය. අහෝ ! ජිබ්රීල්, මෙය මාගේ සමූහයාදැ යි විමසුවෙමි. එවිට ඔහු නැත. නමුත් ඈතින් ඇති ප්‍රදේශය බලනු යැයි පැවසුවේය. එවිට මම අවදානය යොමු කළෙමි එවිට අති විශාල ජන සමූහයක් විය. ඔබේ ජන සමූහයා මොවුහුය. මොවුහු හැත්තෑ දහසක් දෙනා වෙති. ඔවුන්ගෙන් ප්‍රමුඛත්වය දරන්නන් වෙත කිසිදු විනිශ්චයක් හෝ දඬුවමක් හෝ නොමැත යැයි පැවසුවේය. ඒ ඇයි දැයි විමසුවෙමි. ඔවුහු අග්නිකර්ම වල නිරත නොවූහ. මන්ත්‍ර ගුරුකම් වලින් රැකවරණය නොපැතූහ. සුභ අසුබ නොබැලූහ තම පරමාධිපති වෙතම සියල්ල භාර කළහ යැයි පැවසීය.     මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්
2-
عن أَبِي أُمَامَة رضي الله عنه قال : سَمِعْتُ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ يَقُولُ : " وَعَدَنِي رَبِّي سبحانهُ أَنْ يُدْخِلَ الْجَنَّةَ مِنْ أُمَّتِي سَبْعِينَ أَلْفًا لَا حِسَابَ عَلَيْهِمْ وَلَا عَذَابَ ، مَعَ كُلِّ أَلْفٍ سَبْعُونَ أَلْفًا وَثَلَاثُ حَثَيَاتٍ مِنْ حَثَيَاتِ ربي عزَّ وَجَلَّ " أخرجه الترمذي وابن ماجه.
අල්ලාහ්ගේ දූතයාණන් කළ ප්‍රකාශයකට තමන් සවන් දුන් බව අබූ උමාමා (රළියල්ලාහු අන්හු) තුමා මෙසේ වාර්තා කරයි.

මාගේ අති පිවිතුරු පරමාධිපති මාගේ සමූහයාගෙන් හැත්තෑ දහසක් දෙනා ඔවුන් කෙරෙහි කිසිදු විනිශ්චයක් හෝ කිසිදු දඬුවමක් හෝ නොමැතිව ස්වර්ගයට ඇතුළත් කරන බව මට ප්‍රතිඥා දී ඇත. සෑම දහසක් සමඟම හැත්තෑ දහසක් දෙනා වෙති. එමෙන්ම අල්ලාහ්ගේ දෝත් වලින් දෝත් තුනක තරම් ජනයා ද වෙති. මූලාශ්‍රය : තිර්මිදි ඉබ්නු මාජා

•    ස්වර්ග භූමිය හා එහි ගොඩනැගිලි වල ස්වභාවය

1-
وَعَنْ أنس رضي الله عنه أن النبي صلى الله عليه وسلم لما عرج به الى السماء قال : " ... انْطَلَقَ بِي جِبْرِيلُ حَتَّى نَأْتِيَ سِدْرَةَ الْمُنْتَهَى فَغَشِيَهَا أَلْوَانٌ لَا أَدْرِي مَا هِيَ قَالَ ثُمَّ أُدْخِلْتُ الْجَنَّةَ فَإِذَا فِيهَا جَنَابِذُ اللُّؤْلُؤَ وَإِذَا تُرَابُهَا الْمِسْكُ" متفق عليه.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා අහසට ආරෝහන චාරිකාව ගිය කල්හි එතුමාණන් මෙසේ පැවසූ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

පසුව සිද්රතුල් මුන්තහා නම් ස්ථානය දක්වා ජිබ්රීල් (අලයිහිස් සලාම්) තුමා මා රැගෙන ගියේය. එවිට වර්ණජාලා මා ආවරණය කළේය. ඒ කුමක්දැ යි මම නොදනිමි. පසුව ස්වර්ගයට ඇතුළත් කරනු ලැබුවෙමි. එවිට එහි මුතු වලින් යුත් කොත් විය. එමෙන්ම එහි  පස කස්තූරි විය.
මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්
2-
وَعَن ابي هريرة رضي الله عنه قال : قُلنا يا رسول الله ...... " الْجَنَّةُ مَا بِنَاؤُهَا قَالَ لَبِنَةٌ مِنْ فِضَّةٍ وَلَبِنَةٌ مِنْ ذَهَبٍ وَمِلَاطُهَا الْمِسْكُ الْأَذْفَرُ وَحَصْبَاؤُهَا اللُّؤْلُؤُ وَالْيَاقُوتُ وَتُرْبَتُهَا الزَّعْفَرَانُ مَنْ دَخَلَهَا يَنْعَمُ لَا يَبْأَسُ وَيَخْلُدُ لَا يَمُوتُ لَا تَبْلَى ثِيَابُهُمْ وَلَا يَفْنَى شَبَابُهُمْ " أخرجه الترمذي والدارمي.
අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
අල්ලාහ්ගේ දූතයාණනි, ස්වර්ගය එහි ගොඩනැගිලි කෙසේදැ යි අපට පවසන්න. එවිට එතුමාණෝ :  ගඩොලක් රිදියෙන් ද ගඩොලක් රනින් ද වේ. එහි බදාම වඩා සුවදැති කස්තූරිය. එහි ගල් කැට මුතු මැණික් ය. එහි පස කුංකුමය. කවරෙකු එහි පිවිසෙන්නේ ද ඔහු පහස විදිනු ඇත. ඔහුට දුකක් නොමැත. සදාකල් ජීවත් වනු ඇත. මරණයක් නොමැත. ඔවුන්ගේ වස්ත්‍ර දිරාපත් නොවනු ඇත. ඔවුන්ගේ තාරුණ්‍යය ගෙවී නොයනු ඇත.
මූලාශ්‍රය : තිර්මිදි, අද් දාරමී
3-
عَنْ أَبِي سَعِيدٍ رضي الله عنه أَنَّ ابْنَ صَيَّادٍ سَأَلَ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ عَنْ تُرْبَةِ الْجَنَّةِ فَقَالَ : " دَرْمَكَةٌ بَيْضَاءُ مِسْكٌ خَالِصٌ " أخرجه مسلم
අබූ සඊද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
ස්වර්ගයේ පස් පිළිබඳ ව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ඉබ්නු සියාද් (රළියල්ලාහු අන්හු) තුමා විමසා සිටි විට එතුමා, පිරිසිදු කස්තූරියෙන් යුත් සුදු පැහැති පස් බව පවසා සිටියහ. මූලාශ්‍රය : මුස්ලිම්    
•    ස්වර්ග වැසියන්ගේ කූඩාරම් වල ස්වභාවය

1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
حُورٌ مَقْصُورَاتٌ فِي الْخِيَامِ (72)
(ඔවුනට) කූඩාරම් වල සුරක්ෂිත ව තබා ඇති කන්‍යාවන් වෙති.            (අල් කුර්ආන් 55 : 72)
2-
 وَعَنْ عَبْدِ اللَّهِ بْنِ قَيْسٍ رضي الله عنه أنَّ النَّبِيَّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " إِنَّ لِلْمُؤْمِنِ فِي الْجَنَّةِ لَخَيْمَةً مِنْ لُؤْلُؤَةٍ وَاحِدَةٍ مُجَوَّفَةٍ طُولُهَا سِتُّونَ مِيلًا لِلْمُؤْمِنِ فِيهَا أَهْلُونَ يَطُوفُ عَلَيْهِمْ الْمُؤْمِنُ فَلَا يَرَى بَعْضُهُمْ بَعْضًا " متفق عليه.

සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු කය්ස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

දේව විශ්වාසවන්තයාට ස්වර්ගයේ පුටාකාර (අවතල හැඩැති) මුතුවකින් යුත් කූඩාරමක් ඇත. එහි දිග සැතපුම් 60 කි. දේව විශ්වාසවන්තයාට එහි බිරියන් ඇත. ඔවුන් වටා දේව විශ්වාසවන්තයා සැරිසරනු ඇත. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු ව නොදකී. මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්  

•    ස්වර්ගයේ කඩ සාප්පු

عَنْ أَنَسِ بْنِ مَالِكٍ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ إِنَّ فِي الْجَنَّةِ لَسُوقًا يَأْتُونَهَا كُلَّ جُمُعَةٍ فَتَهُبُّ رِيحُ الشَّمَالِ فَتَحْثُو فِي وُجُوهِهِمْ وَثِيَابِهِمْ فَيَزْدَادُونَ حُسْنًا وَجَمَالًا فَيَرْجِعُونَ إِلَى أَهْلِيهِمْ وَقَدْ ازْدَادُوا حُسْنًا وَجَمَالًا فَيَقُولُ لَهُمْ أَهْلُوهُمْ وَاللَّهِ لَقَدْ ازْدَدْتُمْ بَعْدَنَا حُسْنًا وَجَمَالًا فَيَقُولُونَ وَأَنْتُمْ وَاللَّهِ لَقَدْ ازْدَدْتُمْ بَعْدَنَا حُسْنًا وَجَمَالًا
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව අනස් ඉබ්නු මාලික් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

ස්වර්ගයේ කඩසාප්පු සංකීර්ණයක් ඇත. සෑම සිකුරාදා දිනකම එහි (ස්වර්ග වැසියෝ) පැමිණෙති. එහි උතුරු දෙසින් සුළඟක් හමයි. එය ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ වස්ත්‍ර වල දැවටෙයි. එවිට ඔවුහු ලස්සන හා අලංකාරයෙන් වැඩි වනු ඇත. පසුව ඔවුන්ගේ පවුල් වෙත යති. තවත් ලස්සන හා අලංකාරයෙන් වැඩි වනු ඇත. එවිට ඔවුන්ගේ පවුලේ උදවිය අල්ලාහ් මත දිවුරමින් අපෙන් පසුව ඔබලා ලස්සනින් හා අලංකාරයෙන් වැඩි වී ඇත යැයි ඔවුනට පවසති. එවිට ඔවුහු අල්ලාහ් මත දිවුරමින් ඔබලා ද අපෙන් පසුව ලස්සනින් හා අලංකාරයෙන් වැඩි වී ඇත යැයි පවසති.  මූලාශ්‍රය : මුස්ලිම්

•    ස්වර්ගයේ මාලිගා

සිත් පිනවන නෙත් දනවන සියලු දෑ ස්වර්ග වාසස්ථාන හා ස්වර්ග මාලිගා තුළ අල්ලාහ් මවා ඇත.

උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَعَدَ اللَّهُ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ وَرِضْوَانٌ مِنَ اللَّهِ أَكْبَرُ ذَلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ (72)
දේව විශ්වාසවන්තයිනට හා දේව විශ්වාසවන්තියනට පහළින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ද - ඔවුහු එහි සදාතනිකයෝ වෙති. - අද්න් නම් ස්වර්ග උයන්හි යහපත් වාසස්ථාන ද හිමි කර දෙන බව අල්ලාහ් පොරොන්දු විය. අල්ලාහ්ගේ පිළිගැනීම අති ශ්‍රේෂ්ඨය. එයයි අතිමහත් ජයග්‍රහණය වනුයේ.  (අල් කුර්ආන් 9 : 72)

•    මාලිගා වල ස්වර්ග වැසියන්ගේ තරාතිරම්

1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

وَإِذَا رَأَيْتَ ثَمَّ رَأَيْتَ نَعِيمًا وَمُلْكًا كَبِيرًا (20)
නුඹ එය නරඹන විට ප්‍රීති ප්‍රමෝදය ද අති මහත් රාජ්‍යය ද දකිනු ඇත.             (අල් කුර්ආන් 76 : 20)

2-
عَنْ أَبِي سَعِيدٍ الْخُدْرِيِّ رَضِيَ اللَّهُ عَنْهُ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " إِنَّ أَهْلَ الْجَنَّةِ يَتَرَاءَوْنَ أَهْلَ الْغُرَفِ مِنْ فَوْقِهِمْ كَمَا يَتَرَاءَوْنَ الْكَوْكَبَ الدُّرِّيَّ الْغَابِرَ فِي الْأُفُقِ مِنْ الْمَشْرِقِ أَوْ الْمَغْرِبِ لِتَفَاضُلِ مَا بَيْنَهُمْ قَالُوا يَا رَسُولَ اللَّهِ تِلْكَ مَنَازِلُ الْأَنْبِيَاءِ لَا يَبْلُغُهَا غَيْرُهُمْ قَالَ بَلَى وَالَّذِي نَفْسِي بِيَدِهِ رِجَالٌ آمَنُوا بِاللَّهِ وَصَدَّقُوا الْمُرْسَلِينَ " متفق عليه.
අබූ සඊද් අල් කුද්රි (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

නැගෙනහිර දෙසින් හෝ බටහිර දෙසින් ඈත ක්ෂිතිජයෙහි දීප්තිමත් තාරකාව ඔබ දකින මෙන් ස්වර්ග වැසියන් අතර ඇති තරාතිරම් හේතුවෙන් සැබැවින්ම ස්වර්ග වැසියන් ඔවුනට ඉහළින් සිට කුටි වල සිටින අය ව දකිති යැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ප්‍රකාශ කළහ. එවිට අල්ලාහ්ගේ දූතයාණනි, එය නබිවරුන්ගේ තරාතිරම් ද ඔවුන් හැර වෙන කිසිවකුට එහි ළඟා විය නොහැකිදැ යි විමසා සිටියෝය. එසේ නොව මාගේ ආත්මය කවුරුන් සතු ව ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. අල්ලාහ් විශ්වාස කොට රසූල්වරුන් ව සත්‍යය කළ මිනිසුන් ද වෙති.

මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්

•    ස්වර්ග වැසියන්ගේ කුටි වල ස්වභාවය

1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَالَّذِينَ آَمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُبَوِّئَنَّهُمْ مِنَ الْجَنَّةِ غُرَفًا تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا نِعْمَ أَجْرُ الْعَامِلِينَ (58)
විශ්වාස කොට යහකම් කළවුනට ස්වර්ගයේ කුටියක පදිංචි කරවන්නෙමු. ඊට යටින් ගංගාවන් ගලා බසිති. ඔවුහු එහි සදාතනිකයෝ වෙති. යහකම් කළවුන්ගේ ප්‍රතිඵල යහපත් විය.      (අල් කුර්ආන් 29 : 58)    

2- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

لَكِنِ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ غُرَفٌ مِنْ فَوْقِهَا غُرَفٌ مَبْنِيَّةٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ وَعْدَ اللَّهِ لَا يُخْلِفُ اللَّهُ الْمِيعَادَ (20)
එනමුත් තම පරමාධිපතියාණන්ට බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුනට කුටි ඇත. ඊට ඉහළින් ද  ඉදි කරන ලද කුටි ඇත. ඊට පහළින් ගංගාවන් ගලා බසිති. (එය) අල්ලාහ්ගේ ප්‍රතිඥාවක් වශයෙනි. අල්ලාහ් එම ප්‍රතිඥාවන් ට වෙනස් ව කටයුතු නොකරනු ඇත.     (අල් කුර්ආන් 39 : 20)

3-
عَنْ عَلِيٍّ رضي الله عنه أن رسول الله صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَال : "إِنَّ فِي الْجَنَّةِ غُرَفًا تُرَى ظُهُورُهَا مِنْ بُطُونِهَا وَبُطُونُهَا مِنْ ظُهُورِهَا فَقَامَ أَعْرَابِيٌّ فَقَالَ لِمَنْ هِيَ يَا رَسُولَ اللَّهِ قَالَ لِمَنْ أَطَابَ الْكَلَامَ وَأَطْعَمَ الطَّعَامَ وَأَدَامَ الصِّيَامَ وَصَلَّى لِلَّهِ بِاللَّيْلِ وَالنَّاسُ نِيَامٌ " أخرجه أحمد والترمذي.
අලී (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී.

සැබැවින්ම ස්වර්ගයේ කුටියක් ඇත. එහි මතු පිට එහි ඇතුළතින් පෙනෙනු ඇත. එහි ඇතුළත එහි මතු පිටින්  පෙනෙනු ඇත යැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සැබැවින්ම ප්‍රකාශ කළහ. එවිට ගම්බද අරාබි ජාතිකයකු නැගී සිට අල්ලාහ්ගේ දූතයාණනි, එය කවුරුන් සඳහා දැ යි විමසා සිටියේය. එවිට එතුමාණෝ කතාව යහපත් බවට පත් කර ආහාර සපයා උපවාසයේ අඛණ්ඩ ව නිරත වී ජනයා නිදමින් සිටිය දී රාත්‍රියේ නැගිට අල්ලාහ් වෙනුවෙන් සලාතය ඉටු කළ අය සඳහා යැයි පිළිතුරු දුන්හ. මූලාශ්‍රය : අහ්මද් තිර්මිදි    

•    ස්වර්ග වැසියන්ගේ ඇතිරිලි හෝ මෙට්ට

1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:
مُتَّكِئِينَ عَلَى فُرُشٍ بَطَائِنُهَا مِنْ إِسْتَبْرَقٍ
ඔවුන් ඇතිරිලි (මෙට්ට) මත ඇල වී සිටිති. එහි ඇතුළාන්තය ඉස්තබරක්(නම් පට රෙදි)වලින් යුක්තය. (අල් කුර්ආන් 55 : 54)

2- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:
وَفُرُشٍ مَرْفُوعَةٍ (34)
තවද උස් වූ ඇතිරිලි (මෙට්ට)        (අල් කුර්ආන් 56 : 34)

•    බුමුතුරු හා කොට්ට වල ස්වරූපය

1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

وَنَمَارِقُ مَصْفُوفَةٌ (15) وَزَرَابِيُّ مَبْثُوثَةٌ (16)
පෙළට තබන ලද කොට්ට හා එළන ලද පලස් ද ඇත.
(අල් කුර්ආන් 88 : 15,16)

2- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි:

مُتَّكِئِينَ عَلَى رَفْرَفٍ خُضْرٍ وَعَبْقَرِيٍّ حِسَانٍ (76)
කොළ පැහැති මෙට්ට මත ද අලංකාර ඇතිරිලි මත ද ඇල වී සිටිති.     (අල් කුර්ආන් 55 : 76)

•    ස්වර්ගයේ කවිච්චි

එය දැල් සහිත කවිච්චි හෝ කොට්ට සහිත කවිච්චි වෙයි.

1-උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
 إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ (22) عَلَى الْأَرَائِكِ يَنْظُرُونَ (23)
සැබැවින්ම සදැහැමියන් පූර්ණ සොම්නසෙහිය. ඔවුන් කවිච්චි මත සිට සිරි නරඹති. (අල් කුර්ආන් 83 : 22, 23)

2- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
مُتَّكِئِينَ فِيهَا عَلَى الْأَرَائِكِ لَا يَرَوْنَ فِيهَا شَمْسًا وَلَا زَمْهَرِيرًا (13)
එහි ඔවුහු උස් කවිච්චි මත හාන්සි වී සිටිති. එහි සූර්ය තාපය හෝ අධික සීතල හෝ නොදකිනු ඇත.     (අල් කුර්ආන් 76 : 13)
        
2- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّ أَصْحَابَ الْجَنَّةِ الْيَوْمَ فِي شُغُلٍ فَاكِهُونَ (55) هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى الْأَرَائِكِ مُتَّكِئُونَ (56)
සැබැවින්ම එදින ස්වර්ගවාසීහු (තම) කාර්යයන්හි සොම්නසින් වෙති. ඔවුන් හා ඔවුන්ගේ භාර්යාවන් හෙවණක කවිච්චි මත හාන්සි වී සිටිති.         (අල් කුර්ආන් 36 : 55, 56)    
•     ස්වර්ගවාසීන්ගේ ඇඳන් හි ස්වභාවය

1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَنَزَعْنَا مَا فِي صُدُورِهِمْ مِنْ غِلٍّ إِخْوَانًا عَلَى سُرُرٍ مُتَقَابِلِينَ (47)
ඔවුන්ගේ හදවත් තුළ තිබූ ක්‍රෝධය අපි ඉවත් කළෙමු. එකිනෙකාට මුහුණලමින් ඔවුන් සහෝදරයින් සේ ඇඳන් මත සිටිති.                              (අල් කුර්ආන්  15 : 47)
 
2- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
مُتَّكِئِينَ عَلَى سُرُرٍ مَصْفُوفَةٍ وَزَوَّجْنَاهُمْ بِحُورٍ عِينٍ (20)
පෙළට තබන ලද ඇඳන් මත ඇල වී සිටිති. තවද අපි ඔවුනට හූරුන් ඊන් (දැකුම්කලු ක්‍යාවියන්) විවාහ කර දෙන්නෙමු.
(අල් කුර්ආන් 52 : 20)

3- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

عَلَى سُرُرٍ مَوْضُونَةٍ (15) مُتَّكِئِينَ عَلَيْهَا مُتَقَابِلِينَ (16)
(රනින් හා මුතු මැණිකෙන්) ගෙත්තම් කරන ලද ඇඳන් මත එකිනෙකාට මුහුණ ලා ඇලවෙමින් සිටිති.
                (අල් කුර්ආන් 56 : 15, 16)

4- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.

فِيهَا سُرُرٌ مَرْفُوعَةٌ (13)
එහි උස් වූ ඇඳන් ඇත.         (අල් කුර්ආන්  88 : 13)

•    ස්වර්ගවාසීන්ගේ භාජන වල ස්වභාවය

1- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
يَطُوفُ عَلَيْهِمْ وِلْدَانٌ مُخَلَّدُونَ (17) بِأَكْوَابٍ وَأَبَارِيقَ وَكَأْسٍ مِنْ مَعِينٍ (18)
අමරණීය (සදා නොවෙනස් වන) දරුවන් (පිරිසිදු) මදු (උල්පත්) වලින් යුත් කුසලාන ද කෙණ්ඩි හා ගුරුලේත්තු ද රැගෙන (ස්වර්ගවාසීන් වන) ඔවුන් වටා ගමන් කරති.     (අල් කුර්ආන්  56 : 17, 18)

2- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි
يُطَافُ عَلَيْهِمْ بِصِحَافٍ مِنْ ذَهَبٍ وَأَكْوَابٍ وَفِيهَا مَا تَشْتَهِيهِ الْأَنْفُسُ وَتَلَذُّ الْأَعْيُنُ وَأَنْتُمْ فِيهَا خَالِدُونَ (71)
රනින් වූ පාත්‍ර ද ගුරුලේත්තු ද ඔවුන් වටා ගෙන යනු ලැබේ. තවද නෙත් පිනවන සිත් සතුටු කරවන දෑ එහි ඇත. තවද නුඹලා එහි සදාතනිකයෝ වෙති.     (අල් කුර්ආන්  43 : 71)
 
3- උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَيُطَافُ عَلَيْهِمْ بِآَنِيَةٍ مِنْ فِضَّةٍ وَأَكْوَابٍ كَانَتْ قَوَارِيرَ (15) قَوَارِيرَ مِنْ فِضَّةٍ قَدَّرُوهَا تَقْدِيرًا (16)
රිදියෙන් වූ භාජන ද පළිඟු වලින් සමන්විත බඳුන් ද ඔවුන් වටා ගෙන එනු ලැබේ. ඒවා රිදියෙන් වූ පළිඟු වලින්ය. ඔවුහු ඒවා ප්‍රමාණයට අනුව සකසා ගන්නෝය.  (අල් කුර්ආන්  76 : 15, 16)    

4-
وعن عَبْدِ اللَّهِ بْنِ قَيْسٍ رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " جَنَّتَانِ مِنْ فِضَّةٍ آنِيَتُهُمَا وَمَا فِيهِمَا وَجَنَّتَانِ مِنْ ذَهَبٍ آنِيَتُهُمَا وَمَا فِيهِمَا وَمَا بَيْنَ الْقَوْمِ وَبَيْنَ أَنْ يَنْظُرُوا إِلَى رَبِّهِمْ إِلَّا رِدَاءُ الْكِبْرِ عَلَى وَجْهِهِ فِي جَنَّةِ عَدْنٍ " متفق عليه.

සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබ්දුල්ලාහ් ඉබ්නු කය්ස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.

ස්වර්ග දෙකක් තිබේ. ඒ දෙකෙහි භාජන හා ඒ දෙක තුළ ඇති දෑ රිදියෙනි. තවත් ස්වර්ග දෙකක් තිබේ. ඒ දෙකෙහි භාජන හා ඒ දෙක තුළ ඇති දෑ රනින්ය. අද්න් නම් ස්වර්ගයෙහි තමන් තුළ වූ අහංකාරයේ පොරෝණය හැර එම පිරිස හා ඔවුන් තම පරමාධිපති දෙස බැලීම අතර වෙන කිසිවක් නොපවතී.     මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්

1-    ස්වර්ගයේ ස්වභාවය
•    අල් ජන්නා හෙවත් ස්වර්ග උයන: එය මතු ලොවෙහි දේව විශ්වාසවන්තයින් හා විශ්වාසවන්තනියන්ට අල්ලාහ් සූදානම් කර ඇති ශාන්තියේ නිවහනයි.
ඉන්ෂා අල්ලාහ් ! ස්වර්ගය පිළිබඳ විස්තර එය මවා එහි සුවය හා සැපය මවා එයට අදාළ වැසියන් මැවූ මහා මැව්ම්කරුගේ පුස්තකයෙන් ඉදිරිපත් කෙරේ. ඒ මහා මැවුම්කරුවාණන් කීර්තිමත් සර්ව බලධාරී අල්ලාහ්ය. එමෙන්ම එයට පිවිසෙන එහි භූමියේ මුලින්ම තම පාදය තබන අයගේ රැවන් වැකි තුළින් ද ඉදිරිපත් කෙරේ. ඒ උත්තමයා මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ය.
පාරිශුද්ධ අල් කුර්ආනය හා හදීස් පසුබිම් කොට ගෙන ස්වර්ගය පිළිබඳ දීර්ඝ විස්තරයක් ඔබ හමුවෙහි දැන් තබන්නෙමු.
•    ස්වර්ගය සඳහා වූ ප්‍රසිද්ධ නාමයන්
ස්වර්ගය පිහිටීමෙන් එකක් වුව ද එහි ඇති ස්වභාවයන් වෙනස්ය. එයට අදාළ වූ ප්‍රසිද්ධ නාමයන්
1. අල් ජන්නා හෙවත් උයන :
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
تِلْكَ حُدُودُ اللَّهِ وَمَنْ يُطِعِ اللَّهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ الْفَوْزُ الْعَظِيمُ (13)
මේවා අල්ලාහ්ගේ සීමාවන්ය. කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ රසූල්වරයාට අවනත වන්නේ ද ඔවුන් ව (ස්වර්ග) උයන් වලට ඇතුළත් කරවන්නේය. ඊට යටින් ගංගාවෝ ගලා බසිති. (ඔවුහු) එහි සදාතනිකයෝ වෙති. එය මහත් වූ ජයග‍්‍රහණයයි.        (අල් කුර්ආන් 4 : 13)
2. ජන්නාත් අල් ෆිර්දවුස් හෙවත් ෆිර්දවුස් නම් උයන :
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّ الَّذِينَ آَمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ كَانَتْ لَهُمْ جَنَّاتُ الْفِرْدَوْسِ نُزُلًا
සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් නම් ඔවුනට සංග‍්‍රහයක් වශයෙන් ෆිර්දවුස් නමැති (ස්වර්ග) උයන් වෙති.                (අල් කුර්ආන් 18 : 107)
3. ජන්නාත් අද්න් හෙවත් සදාතනික උයන :
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
هَذَا ذِكْرٌ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَآَبٍ ، جَنَّاتِ عَدْنٍ مُفَتَّحَةً لَهُمُ الْأَبْوَابُ .
මෙය මෙනෙහි කිරීමකි. සැබැවින්ම බිය භක්තිකයින් හට අලංකාර නවාතැනක් ඇත්තේය. (එය) ඔවුන් වෙනුවෙන් දොරවල් විවෘත කරනු ලැබූ ජන්නාත් අද්න් (හෙවත් (සදාතනික  උයන්)ය.    (අල් කුර්ආන් 38 : 49,50)
4. ජන්නතුල් හුල්ද් හෙවත් සදාතනික උයන :
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
قُلْ أَذَلِكَ خَيْرٌ أَمْ جَنَّةُ الْخُلْدِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ كَانَتْ لَهُمْ جَزَاءً وَمَصِيرًا
(නබිවරයාණනි,) යහපත් වන්නේ මෙය ද? එසේත් නැතිනම් බිය භක්තිකයිනට පොරොන්දු දෙනු ලැබූ ජන්නතුල් කුල්ද් (හෙවත් සදාතනික ස්වර්ගය) දැ? යි (ඔවුන්ගෙන්) විමසවු. එය (ස්වර්ගය බිය භක්තිකයින් වන) ඔවුනට ප‍්‍රතිඵලයක් වශයෙන් ද නවාතැනක් වශයෙන් ද විය.        (අල් කුර්ආන් 25:15)
5. ජන්නාත් අන්-නඊම් හොවත් සුව පහසුකම් ඇති උයන්:
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
إِنَّ الَّذِينَ آَمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتُ النَّعِيمِ
සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ජන්නාතුන් නඊම් (හෙවත් සුව පහසුකම් ඇති උයන්) ඇත.             (අල් කුර්ආන් 31:8)
6. ජන්නාතුල් මඃවා හෙවත් ලැඟුම් ගන්නා උයන් :
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
أَفَمَنْ كَانَ مُؤْمِنًا كَمَنْ كَانَ فَاسِقًا لَا يَسْتَوُونَ (18) أَمَّا الَّذِينَ آَمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ جَنَّاتُ الْمَأْوَى نُزُلًا بِمَا كَانُوا يَعْمَلُونَ (19)
විශ්වාස වන්තයෙකු ව සිටින්නා පාපියෙකු මෙන් වන්නේ ද ඔවුන් එක සමාන නොවෙති. විශ්වාස කර යහකම් කළවුන් නම් ඔවුනට ඔවුන් කරමින් සිටි දෑ හේතුවෙන් සංග‍්‍රහයක් වශයෙන් ජන්නාතුල් මඃවා (හෙවත් ලැඟුම් ගන්නා ස්වර්ග උයන්) ඇත්තේය.     (අල් කුර්ආන් 32: 18,19)
7. දාරුස් සලාම් හෙවත් ශාන්තියේ නිවහන :
උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
لَهُمْ دَارُ السَّلَامِ عِنْدَ رَبِّهِمْ وَهُوَ وَلِيُّهُمْ بِمَا كَانُوا يَعْمَلُونَ
ඔවුනට ඔවුන්ගේ පරමාධිපති අබියස දාරුස් සලාම් (හෙවත් ශාන්තියේ නිවහන) ඇත. ඔහු(අල්ලාහ්) ඔවුන් කරමින් සිටි දෑ හේතුවෙන් ඔවුන්ගේ භාරකරුවන්නේය.  
(අල් කුර්ආන් 6:127)
•    ස්වර්ගයේ ස්ථානය
1.  උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَفِي السَّمَاءِ رِزْقُكُمْ وَمَا تُوعَدُونَ
නුඹලාගේ සම්පත් ද නුඹලාට පොරොන්දු දෙනු ලැබූ දෑ ද අහසෙහි ඇත.             (අල් කුර්ආන් 51:22)
2.  උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَلَقَدْ رَآَهُ نَزْلَةً أُخْرَى (13) عِنْدَ سِدْرَةِ الْمُنْتَهَى (14) عِنْدَهَا جَنَّةُ الْمَأْوَى (15)
සිද්රතුල් මුන්තහා නම් ස්ථානයේ ඔහු ව (ජිබ්රීල් ව) තවත් වාරයක් (සැබෑ ස්වරූපයෙන්ම) ඔහු (මුහම්මද්) දුටුවේය. එහි ජන්නතුල් මඃවා තිබිණ.    (අල් කුර්ආන් 53:13-15)
3.
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "مَنْ آمَنَ بِاللَّهِ وَرَسُولِهِ وَأَقَامَ الصَّلَاةَ وَصَامَ رَمَضَانَ كَانَ حَقًّا عَلَى اللَّهِ أَنْ يُدْخِلَهُ الْجَنَّةَ هَاجَرَ فِي سَبِيلِ اللَّهِ أَوْ جَلَسَ فِي أَرْضِهِ الَّتِي وُلِدَ فِيهَا قَالُوا يَا رَسُولَ اللَّهِ أَفَلَا نُنَبِّئُ النَّاسَ بِذَلِكَ قَالَ إِنَّ فِي الْجَنَّةِ مِائَةَ دَرَجَةٍ أَعَدَّهَا اللَّهُ لِلْمُجَاهِدِينَ فِي سَبِيلِهِ كُلُّ دَرَجَتَيْنِ مَا بَيْنَهُمَا كَمَا بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ فَإِذَا سَأَلْتُمُ اللَّهَ فَسَلُوهُ الْفِرْدَوْسَ فَإِنَّهُ أَوْسَطُ الْجَنَّةِ وَأَعْلَى الْجَنَّةِ وَفَوْقَهُ عَرْشُ الرَّحْمَنِ وَمِنْهُ تَفَجَّرُ أَنْهَارُ الْجَنَّةِ" أخرجه البخاري
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
කවරෙකු අල්ලාහ් හා ඔහුගේ ධර්ම දූතයාණන් පිළිබඳ විශ්වාස කර සලාතය ද විධිමත් ලෙස ඉටු කර රමළාන් උපවාසය ද ඉටු කළේ නම් ඔහුව ස්වර්ගයට ඇතුළත් කිරීම අල්ලාහ්ට වගකීමක් වෙයි. ඔහු අල්ලාහ්ගේ මාර්ගයේ හිජ්රත් කළ ද එසේ නොමැති ව තමන් ඉපදුනු භූමියේම වාඩි වී සිටිය ද කම් නැත. එවිට සහාබාවරු: අල්ලාහ්ගේ දූතයාණනි, මෙය ජනයාට අප දැනුම් දෙන්නදැ යි පවසා සිටියහ. එවිට එතුමා ස්වර්ගයේ තරාතිරම් සියයක් ඇත. ඒවා තම මාර්ගයේ කැප වෙන්නන් වෙනුවෙන් අල්ලාහ් පිළියෙල කර ඇත. සෑම තරාතිරම් දෙකක් අතර පරතරය අහස හා පොලොව අතර මෙන් පවතී.
එබැවින් නුඹලා අල්ලාහ්ගෙන් ඉල්ලන විට ඔහුගෙන් ෆිර්දවුස් නම් ස්වර්ගයම ඉල්ලා සිටින්න. එය ස්වර්ගයේ මධ්‍යයයි. ඉතා උසස් ස්වර්ගයයි. ඊට ඉහළින් කරුණාභරිතයාණන්ගේ අධිරාජ්‍යය ඇත. එහි සිට ස්වර්ගයේ ගංගාවන් ගලා බසියි.      මූලාශ්‍රය : බුහාරි
4-
عن أبي هريرة إن رسول الله صلى الله عليه وسلم قال : "إنَّ المؤْمِنَ إذَا حَضَرَه المَوتُ حَضَرَته مَلائِكَةُ الرحمَةَ ، فإذا قُبَضَتْ نَفْسُهُ جُعِلَتْ في حريرة بيْضاء ، فَيُنطَلقُ بِها إلى بابِ السَّماءِ ، فيقولون : مَا وَجَدْنَا رِيحًا أَطْيَبُ مِنْ هَذِهِ..." أخرجه الحاكم وابن حبان
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සැබැවින්ම දේව විශ්වාසවන්තයකු වෙතට මරණය පැමිණි විට ඔහු වෙතට කරුණාවේ මළක්වරුද පැමිණෙති. ඔහුගේ ආත්මය අත්පත් කරනු ලැබූ විටක හරීරතු බයිළා නම් සුදුවන් සේද රෙද්දක තැන්පත් කරනු ලබයි. පසුව එය රැගෙන අහස්හි දොරටු වෙත ගෙන යනු ලැබේ. එවිට ඔවුහු මීට වඩා සුවදැති පුසුඹක් අපි දැක නැතැයි පවසති.
මූලාශ්‍රය : අල් හාකිම් ඉබ්නු හිබ්බාන්.
•    ස්වර්ගයේ දොරටුවල නාමයන්
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ  أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "مَنْ أَنْفَقَ زَوْجَيْنِ فِي سَبِيلِ اللَّهِ نُودِيَ مِنْ أَبْوَابِ الْجَنَّةِ يَا عَبْدَ اللَّهِ هَذَا خَيْرٌ فَمَنْ كَانَ مِنْ أَهْلِ الصَّلَاةِ دُعِيَ مِنْ بَابِ الصَّلَاةِ وَمَنْ كَانَ مِنْ أَهْلِ الْجِهَادِ دُعِيَ مِنْ بَابِ الْجِهَادِ وَمَنْ كَانَ مِنْ أَهْلِ الصِّيَامِ دُعِيَ مِنْ بَابِ الرَّيَّانِ وَمَنْ كَانَ مِنْ أَهْلِ الصَّدَقَةِ دُعِيَ مِنْ بَابِ الصَّدَقَةِ فَقَالَ أَبُو بَكْرٍ رَضِيَ اللَّهُ عَنْهُ بِأَبِي أَنْتَ وَأُمِّي يَا رَسُولَ اللَّهِ مَا عَلَى مَنْ دُعِيَ مِنْ تِلْكَ الْأَبْوَابِ مِنْ ضَرُورَةٍ فَهَلْ يُدْعَى أَحَدٌ مِنْ تِلْكَ الْأَبْوَابِ كُلِّهَا قَالَ : "نَعَمْ. وَأَرْجُو أَنْ تَكُونَ مِنْهُمْ" (متفق عليه)
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා පැවසූ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී. කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ දෙබැගින් වියදම් කරන්නේ ද ඔහු ස්වර්ගයේ දොරටු අතුරින් කැඳවනු ලබනු ඇත. අහෝ! අල්ලාහ්ගේ ගැත්තනි මෙය යහපතකි. එසේම කවරෙකු සලාතය ඉටු කරන්නන් අතුරින් කෙනෙකු වූයේ ද ඔහු සලාතයේ දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ. ඔහු ජිහාද් හි නිරත වන්නන් අතුරින් වූයේ ද ජිහාද් හි දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ. ඔහු උපවාසයේ නිරත වූ වන් අතුරින් වූයේ ද ඔහු රය්යාන් නම් දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ. ඔහු සදකා ලබා දුන් අය අතුරින් වූයේ ද සදකාවේ දොරටුවෙන් ඇරයුම් කරනු ලැබේ.
එවිට අබූ බක්කර් (රළියල්ලාහු අන්හු) තුමා අහෝ ! අල්ලාහ්ගේ දූතයාණනි, මාගේ මව හා පියාණන් ඔබට කැප කරමි. මේ දොරටු වලින් ඇරයුම් කරනු ලබන්නන් ඊට හේතු වූ සාධක අනුවය. කෙනෙකු මේ සියලු දොරටු වලින් ඇරයුම් කරනු ලැබේ දැ යි විමසා සිටියහ. එවිට නබි තුමාණෝ එසේය. ඔබත් ඔවුන් අතුරින් කෙනෙකු වන්නට මම අපේක්ෂා කරමි.                     (මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)
•    ස්වර්ග දොරටුවල විශාලත්වය.
1.
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ  "أُتِيَ بِلَحْمٍ... – وفي آخره قال – : "وَالَّذِي نَفْسُ مُحَمَّدٍ بِيَدِهِ إِنَّ مَا بَيْنَ الْمِصْرَاعَيْنِ مِنْ مَصَارِيعِ الْجَنَّةِ لَكَمَا بَيْنَ مَكَّةَ وَهَجَرٍ أَوْ كَمَا بَيْنَ مَكَّةَ وَبُصْرَى" (متفق عليه)

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත දිනක් මස් ගෙනැවිත් පිරිනමනු ලැබීය. එම හදීසය අවසානයේ
මුහම්මද්ගේ ආත්මය කවුරුන් සතු වන්නේ ද ඔහු මත දිවුරා පවසමි. ස්වර්ග දොරටු අතුරින් දොරටු දෙකක පරතරය මක්කාව හා හජර් අතර පවතින පරතරය හෝ මක්කාව හා බුස්රා අතර පවතින පරතරය මෙනි. මූලාශ්‍රය: බුහාරි හා මුස්ලිම්
2.
وَعَنْ عُتْبَةُ بْنُ غَزْوَانَ رضي الله عنه قال: ذُكِرَ لَنَا أَنَّ مَا بَيْنَ مِصْرَاعَيْنِ مِنْ مَصَارِيعِ الْجَنَّةِ مَسِيرَةُ أَرْبَعِينَ سَنَةً وَلَيَأْتِيَنَّ عَلَيْهَا يَوْمٌ وَهُوَ كَظِيظٌ مِنْ الزِّحَامِ" أخرجه مسلم
උත්බා ඉබ්නු අස්වාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
ස්වර්ග දොරටු අතුරින් දොරට දෙකක පරතරය වසර 40ක් ගමන් කරන දුර ප්‍රමාණය මෙනි. එහි දිනයක් පැමිණෙයි. එය තදබල සෙනඟින් පිරුණු දුෂ්කර දිනයකි යැයි අපට සිහි ගන්වනු ලැබීය.
•    ස්වර්ග දොරටු වල ගණන
1-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
هَذَا ذِكْرٌ وَإِنَّ لِلْمُتَّقِينَ لَحُسْنَ مَآبٍ (49) جَنَّاتِ عَدْنٍ مُفَتَّحَةً لَهُمُ الْأَبْوَابُ (50)
මෙය මෙනෙහි කිරීමකි. සැබැවින්ම බියබැතිමතුන් හට අලංකාර නවාතැනක් ඇත. (එය) ඔවුන් වෙනුවෙන් විවෘත කරනු ලැබූ දොරවල් සහිත සදාතනික උයන්ය.
(අල් කුර්ආන් 38 : 49,50)
2-    උත්තරීතර අල්ලාහ් මෙසේ ප්‍රකාශ කරයි.
وَسِيقَ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ إِلَى الْجَنَّةِ زُمَرًا حَتَّى إِذَا جَاءُوهَا وَفُتِحَتْ أَبْوَابُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَامٌ عَلَيْكُمْ طِبْتُمْ فَادْخُلُوهَا خَالِدِينَ
තම පරමාධිපතිට බිය හැඟීමෙන් යුක්ත වූවන් කණ්ඩායම් වශයෙන් ස්වර්ගය වෙත ගෙන එනු ලබති. එහි දොරටු විවෘත කරනු ලැබ තිබිය දී ඔවුන් එය වෙත පැමිණෙති. එහි දොරටු පාලකයෝ නුඹලාට ශාන්තිය අත් වේවා ! නුබලා පිවිතුරු වූහ. එබැවින් සදාතනිකයින් ලෙස එයට පිවිසෙනු යැයි ඔවුනට පවසති.  (අල් කුර්ආන් 39 : 73)
3-    
عَنْ سَهْلِ بْنِ سَعْدٍ رَضِيَ اللَّهُ عَنْهُ عَنْ النَّبِيِّ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ: " فِي الْجَنَّةِ ثَمَانِيَةُ أَبْوَابٍ فِيهَا بَابٌ يُسَمَّى الرَّيَّانَ لَا يَدْخُلُهُ إِلَّا الصَّائِمُونَ" متفق عليه
සහ්ල් ඉබ්නු සඃද් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
ස්වර්ගයේ දොරටු අටක් ඇත. එහි රය්යාන් නමින් වූ දොරටුවක් ද ඇත. උපවාසය රැකිය අය හැර වෙනත් කිසිවෙකු එහි ඇතුළු නොවෙති.  
(මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්)
•    මෙලොව සිටියදී ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලබන වේලාවන්
 1.
عَنْ أَبِي هُرَيْرَةَ  رضي الله عنه أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ : " تُفْتَحُ أَبْوَابُ الْجَنَّةِ يَوْمَ الِاثْنَيْنِ وَيَوْمَ الْخَمِيسِ فَيُغْفَرُ لِكُلِّ عَبْدٍ لَا يُشْرِكُ بِاللَّهِ شَيْئًا إِلَّا رَجُلًا كَانَتْ بَيْنَهُ وَبَيْنَ أَخِيهِ شَحْنَاءُ فَيُقَالُ أَنْظِرُوا هَذَيْنِ حَتَّى يَصْطَلِحَا أَنْظِرُوا هَذَيْنِ حَتَّى يَصْطَلِحَا أَنْظِرُوا هَذَيْنِ حَتَّى يَصْطَلِحَا" أخرجه مسلم.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
සඳුදා හා බ්‍රහස්පතින්දා ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබේ. අල්ලාහ්ට කිසිවකින් ආදේශ නොතැබූ සෑම ගැත්තෙකුටම සමාව දෙනු ලැබේ. නමුත් තමන් හා තම සහෝදරයා අතර සතුරුකමක් පවතින එක් මිනිසෙකුට හැරය. එවිට මේ දෙදෙනා සමතයට පත් වන තෙක් බලා සිටිනු. මේ දෙදෙනා සමතයට පත් වන තෙක් බලා සිටිනු. මේ දෙදෙනා සමතයට පත් වන තෙක් බලා සිටිනු යැයි තුන් වරක් කියනු ලැබේ. (මූලාශ්‍රය : මුස්ලිම්)
2.
عَنْ أَبِي هُرَيْرَةَ رَضِيَ اللَّهُ عَنْهُ أَنَّ رَسُولَ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ قَالَ "إِذَا جَاءَ رَمَضَانُ فُتِّحَتْ أَبْوَابُ الْجَنَّةِ وَغُلِّقَتْ أَبْوَابُ النَّارِ وَصُفِّدَتْ الشَّيَاطِينُ" متفق عليه.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරෙයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
රමළාන් මාසය පිවිසුනු විට ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලැබේ. නිරයේ දොරටු වසා දමනු ලැබේ. ෂයිතානුන්ට විලංගු දමනු ලැබේ.  
මූලාශ්‍රය : බුහාරි හා මුස්ලිම්
3.
عَنْ عمر بن الخطاب رضي الله عنه قال : قال رسول الله صلى الله عليه وسلم: "قَالَ مَا مِنْكُمْ مِنْ أَحَدٍ يَتَوَضَّأُ فَيُبْلِغُ أَوْ فَيُسْبِغُ الْوَضُوءَ ثُمَّ يَقُولُ أَشْهَدُ أَنْ لَا إِلَهَ إِلَّا اللَّهُ وَأَنَّ مُحَمَّدًا عَبْدُ اللَّهِ وَرَسُولُهُ إِلَّا فُتِحَتْ لَهُ أَبْوَابُ الْجَنَّةِ الثَّمَانِيَةُ يَدْخُلُ مِنْ أَيِّهَا شَاءَ" أخرجه مسلم
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව උමර් ඉබ්නු කත්තාබ් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
නුඹලා අතුරින් කිසිවකු විධිමත් ව වුළු කර පසුව අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් අබ්දුල්ලාහි වරසූලුහු - නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් දෙවියකු නොමැති බවටත් සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ අල්ලාහ්ගේ ගැත්තා හා ඔහුගේ ධර්ම දූතයා බවටත් මම සාක්ෂි දරමි - යැයි පවසන්නේ නම්  ඔහු වෙනුවෙන් ස්වර්ග දොරටු විවෘත කරනු ලැබේ. ඔහු කැමති එකකින් පිවිසෙනු ඇත.  මූලාශ්‍රය : මුස්ලිම්
•    ස්වර්ගයට පිවිසෙන ප්‍රථමයා
عَنْ أَنَسِ بْنِ مَالِكٍ رضي الله عنه قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : " آتِي بَابَ الْجَنَّةِ يَوْمَ الْقِيَامَةِ فَأَسْتَفْتِحُ فَيَقُولُ الْخَازِنُ مَنْ أَنْتَ فَأَقُولُ مُحَمَّدٌ فَيَقُولُ بِكَ أُمِرْتُ لَا أَفْتَحُ لِأَحَدٍ قَبْلَكَ "  أخرجه مسلم

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අනස් (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින මම ස්වර්ග දොරටු අසලට පැමිණෙමි. පසුව එය විවෘත කරමි. පසුව දොරටු පාලකයා ඔබ කව්දැ යි විමසයි. එවිට මම මුහම්මද් යැයි පවසමි එවිට ඔහු ඔබට පෙර කිසිවෙකුටත් (මෙය) විවෘත කර නොදෙන මෙන් මට ඔබ ගැන නියෝග කරනු ලැබ ඇත යැයි පවසයි.
මූලාශ්‍රය : මුස්ලිම්


•    ස්වර්ගයට පිවිසෙන මුල්ම ජන සමූහයා
عَنْ أَبِي هُرَيْرَةَ رضي الله عنه قَالَ : قَالَ رَسُولُ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ : " نَحْنُ الْآخِرُونَ الْأَوَّلُونَ يَوْمَ الْقِيَامَةِ وَنَحْنُ أَوَّلُ مَنْ يَدْخُلُ الْجَنَّةَ " متفق عليه.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ප්‍රකාශ කළ බව අබූ හුරයිරා (රළියල්ලාහු අන්හු) තුමා විසින් වාර්තා කරන ලදී.
අප අවසාන ජන සමූහයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ප්‍රථම ජන සමූහයයි.  ස්වර්ගයට පිවිසෙන්නන් අතුරින් මුල්ම උදවිය අපි වෙමු.

 


Contents


الصفحة    العنوان    م
1    ස්වර්ගයට පිවිසෙන මුල්ම කණ්ඩායම සතු  ගුණාංග     1
    •    ස්වර්ග වැසියන්ගේ වයස් සීමාව
•     ස්වර්ග වැසියන්ගේ මුහුණු වල ස්වභාවය
•     ස්වර්ග වැසියන් පිළිගැනීමේ ස්වරූපය
•    කිසිදු විනිශ්චයකින් හෝ දඬුවමකින් තොරව ස්වර්ගයට ඇතුළු වන්නෝ
•    ස්වර්ග භූමිය හා එහි ගොඩනැගිලි වල ස්වභාවය
•    ස්වර්ග වැසියන්ගේ කූඩාරම් වල ස්වභාවය
•     ස්වර්ගයේ කඩ සාප්පු
•    ස්වර්ගයේ මාලිගා
•    මාලිගා වල ස්වර්ග වැසියන්ගේ තරාතිරම්
•    ස්වර්ග වැසියන්ගේ කුටි වල ස්වභාවය
•     ස්වර්ග වැසියන්ගේ ඇතිරිලි හෝ මෙට්ට
•     බුමුතුරු හා කොට්ට වල ස්වරූපය
•     ස්වර්ගයේ කවිච්චි
•    ස්වර්ගවාසීන්ගේ ඇඳන් හි ස්වභාවය
•     ස්වර්ගවාසීන්ගේ භාජන වල ස්වභාවය     
    ස්වර්ගයේ ස්වභාවය
•    අල් ජන්නා හෙවත් උයන
•     ජන්නාත් අල් ෆිර්දවුස් හෙවත් ෆිර්දවුස් නම් උයන
•    ජන්නාත් අද්න් හෙවත් සදාතනික උයන
•    ජන්නතුල් හුල්ද් හෙවත් සදාතනික උයන.
•     ජන්නාත් අන්-නඊම් හොවත් සුව පහසුකම් ඇති උයන්
•    ජන්නාතුල් මඃවා හෙවත් ලැඟුම් ගන්නා උයන්
•     දාරුස් සලාම් හෙවත් ශාන්තියේ නිවහන    2
    ස්වර්ගයේ ස්ථානය
•    ස්වර්ගයේ දොරටුවල නාමයන්
•     ස්වර්ග දොරටුවල විශාලත්වය
•    ස්වර්ග දොරටු වල ගණන     3
    මෙලොව සිටියදී ස්වර්ගයේ දොරටු විවෘත කරනු ලබන වේලාවන්    4
    ස්වර්ගයට පිවිසෙන ප්‍රථමයා
•    ස්වර්ගයට පිවිසෙන මුල්ම ජන සමූහයා     5
        7
        8
        9