රාජ්යේ නායක උමර් ඉබ්නු අල් කත්තාබ් (රළි) තුමාගේ යහ පාලනය

මානව පාලන සියල්ල අතර, රන් අකුරින් ලියවිය යුතු බව බටහිර ප්රාකට විද්වතුන් පවා පැසසුම් ලබා දෙන තරම් එතුමාගේ පාලනය ඉතාමත් සාධාරණ, සාමයෙන් පිරී යුගයක් බව පැවසීම ඉතාමත් සුදුසුය.
2 උමර් ඉබ්නු අල් කඃත්තාබ්ගේ ජීවිත ඉතිහාසය “අඳුරු යුගයට අයත් මිනිසෙක් අවබෝධය ලත් කෙනෙකු බවට පරිනාමණය වීමේ” කථාවකි.
3. අධ්යාකපන ලාභියෙකු වන කාලිෆාවරයා ඉරාක් රාජ්යුයට අයත් කූෆා සහ බස්රා නගරයන්හී අධ්යායපන මධ්යඉස්ථාන කිහිපයක් ආරම්භ කළේය. සිරියානු දේශයේ හිම්ස් සහ ඩමස්කස් නුවර අධ්යා පන කේන්ද්රස ස්ථාන බවට එතුමා තෝරා ගත්තේය.
4. නවීන යුගයේ පවතින ගුරු අභ්යා ස විදුහල් ක්රේමය උමර් ඉබ්නු අල් කඃත්තාබ් (රළි) හඳුන්වා දුන් මෙම අභ්යාාස විදුහල් ක්රනමයෙන් ආරම්භ වු එකකි.
5 නීතිමය ප්ර ශ්න මත අල් කුර්ආනයේ සහ සුන්නාහ්වෙන් දෙන ලද නියෝගයන්ට අමතර ව, ඉජ්මා හෙවත් විද්වතුන්ගේ මූලික නිගමනය ද අනුමත කරන ලදී.
6. සරල හා සාමාන්යද ජීවිතයක් ගෙවු උමර් (රළි) තුමා පාලකයෙකු වශයෙන් විශේෂ වරප්රීසාද කිසිවක් ඉල්ලීම් කළේ නැත.

اسم الكتاب: عهد الخليفة عمر بن الخطاب رضي الله عنه


تأليف: جاسم بن دعيان


الناشر: المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة


نبذة مختصرة: مقالة باللغة السنهالية تتحدث عن خلافة عمر - رضي الله عنه - ويقول : لم تتحقق الدولة الإسلامية بصورتها المثلى في عهد أيٍّ من عهود الخلفاء والحكام مثلما تحققت في عهد الخليفة الثاني عمر بن الخطاب - رضي الله عنه -، الذي جمع بين النزاهة والحزم، والرحمة والعدل، والهيبة والتواضع، والشدة والزهد. ونجح الفاروق - رضي الله عنه - في سنوات خلافته العشر في أن يؤسس أقوى إمبراطورية عرفها التاريخ، فقامت دولة الإسلام، بعد سقوط إمبراطورتي "الفرس" و"الروم" - لتمتد من بلاد فارس وحدود الصين شرقًا إلى مصر وإفريقية غربًا، ومن بحر قزوين شمالا إلى السودان واليمن جنوبًا، لقد استطاع - رضي الله عنه - أن يقهر هاتين الإمبراطوريتين بهؤلاء العرب الذين كانوا إلى عهد قريب قبائل بدوية، يدبُّ بينها الشقاق، وتثور الحروب لأوهى الأسباب، تحرِّكها العصبية القبلية، وتعميها عادات الجاهلية وأعرافها البائدة، فإذا بها - بعد الإسلام - تتوحَّد تحت مظلَّة هذا الدين الذي ربط بينها بوشائج الإيمان، وعُرى الأخوة والمحبة، وتحقق من الأمجاد والبطولات ما يفوق الخيال، بعد أن قيَّض الله لها ذلك الرجل الفذّ الذي قاد مسيرتها، وحمل لواءها حتى سادت العالم، وامتلكت الدنيا.

රාජ්‍ය නායක උමර් (රළි) තුමා

 


< සිංහල >
        

ජාසිම් ඉබ්නු දඉයාන්



 

මුහම්මද් අසාද්
 
عهد الخليفة عمر بن الخطاب رضي الله عنه
< سنهالية >
        

اسم المؤلف
جاسم بن دعيان



ترجمة:
مراجعة:محمد آساد
 
රාජ්‍ය නායක උමර් (රළි) තුමා
නායකත්වයේ උත්තම ස්ථානය
ජාසිම් ඉබ්නු දඉයාන්
හැඳින්විම
ආරම්භක මුස්ලිම් නායකයින් හෙවත් කාලිෆාවරු අතර, දෙවැනි කාලිෆා වන උමර් ඉබ්නු අල් කත්තාබ් (රළි) තුමාගේ ජීවිත කථාව ඉතමා ආදර්ශමත් එකකි. මානව පාලන සියල්ල අතර, රන් අකුරින් ලියවිය යුතු බව බටහිර ප්‍රකට විද්වතුන් පවා පැසසුම් ලබා දෙන තරම් එතුමාගේ පාලනය ඉතාමත් සාධාරණ, සාමයෙන් පිරී යුගයක් බව පැවසීම ඉතාමත් සුදුසුය.
එන්ගලන්තය අයත් ලෝක ප්‍රකට විද්වතෙක් වන බර්නාඩ් ෂෝ ඉස්ලාමයේ දෙවැනි කාලිෆා වරයා ගැන සඳහන් කළේ මෙසේය. “ලොකයේ අද පවතින අයහපත්කම්  සියල්ල නිවැරදි කිරීමට උමර් (රළි) මෙන් නායකයෙක් ගෙනැවිත්, ඔහුට රාජ්‍ය පාලනය භාර දෙන්න.“
කුඩා කාලයේ ඔටුවන් පවා හරියාකාරව මේච්චල් කිරීමට පවා නොහැකි තරම් වගකීම නොගන්නා උමර්, යහපාගකයෙක් බවට පත්වුයේ, ඔහු තෝරා ගත් ඉස්ලාම් දහම තුළින්ය.
ඔහුගේ යහපාලනය පිළිබඳව සුළු විස්තර දෙස බලමු.

********

නායකත්වයේ උත්තම ස්ථානය
යහමාර්ගය ලත් මුස්ලිම් පාලක සිව් දෙනා අතරින් අබු බකර් (රළි) තුමාට පසුව උමර් (රළි) තුමා දෙවන පාලක වශයෙන් රාජකාරි භාර ගත්තේය. “මෙම කලීෆාවරු ආධ්‍යාත්මික කාර්යයට හෝ නබිත්වයට අයත් වරප්‍රසාදයට හිමිකම් පැතුවේ නැත.” යනුවෙන් ප්‍රසිද්ධ කතෘවරුන් වන  ජෝසෆ් ෂාට්  සහ සී.ඊ. බොස්වර්ත් (Joseph Schat and C E Bosworth (Eds.), යන දෙදෙනා “ඉස්ලාමයේ උරුමය” (Legacy of Islam) නම් ග්‍රන්ථයේ අංක 156 පිටුවෙහි සඳහන් කළහ.
සුප්‍රසිද්ධ ගෝත්‍රයක උපත ලැබු  උමර් ඉබ්නු අල් කඃත්තාබ්ගේ ජීවිත ඉතිහාසය “අඳුරු යුගයට අයත් මිනිසෙක් අවබෝධය ලත් කෙනෙකු බවට පරිනාමණය වීමේ”  කථාවකි. අධික ජවය හා කායික ශක්තිය සහිත වූ උමර් ඉබ්නු කඃත්තාබ් (රළි)  කුරෙයිෂි ගෝත්‍රයේ ප්‍රධානත්වය සහ අධිකාරිය නියෝජනය කළ දර්ශකයා වේ. එ බැවින් ආරම්භක අවදියේ ඔහු ඉස්ලාමයේ පරම සතුරෙක් විය. ඔහුගේ ජීවිතය පිළිබඳ විස්තර අල්ලාමා ෂිබ්ලි නුඋමානි තම “අල් ෆාරූකි” නම් කෘතියේ පැහැදිලි ව දක්වා ඇත.
අරාබි දේශයේ සමකාලීන යුගයේ අධ්‍යාපනය හා දැනුම ලැබූ කිහිප දෙනෙකු අතරින් කාලිෆා උමර් (රළි) ද කෙනෙකි. විවිධ ශේත්‍රයේ දැනුම ලැබු උමර් (රළි) ආත්මාරක්ෂක සටන්, මල්ලව පොර, තුරඟ තරඟ වැනි අංශයන්හී ද දක්ෂයකි. මෙවැනි ගුණත්වය  ලැබූ නිසා, තම සොයුරිය ෆාතිමා පාරායනා කළ කුර්ආන් වැකියන්ට සවන් දීමෙන්, ඒවා යළිත් වරක් කියවන්නට උමර් (රළි) පොලඹ වනු ලැබීය. එම වැකි කියැ වූ විගස, එහි තිබෙන දිව්‍යමය සත්‍යය අවබෝධ කරගන්නට හැකි වූ උමර් (රළි) තුමා, මුහම්මද් නබි (සල්) තුමාණන් වෙතට දිව ගොස් “ලා ඉලාහ ඉල්ලල්ලාහ්, මුහම්මද් රසූලුල්ලාහ්“ යනුවෙන් ප්‍රකාශ කර මුස්ලිම් බවට පත්විය. අතේ අසිපත සහිතව පැමිණි ඔහු ගැන ආරම්භක සහාබාවරු වරදවා සිතු නමුත්, අල්ලාහ්ගේ රසූල් (සල්) තුමාණන් ඔහුගේ සැබෑ අරමුණ කුමක් දැ යි වහාම හඳුනා ගත්හ. උමර් (රළි) මෙලෙස වෙනස් වීමට හේතු වූ කුර්ආන් වාක්‍යයන්හි බලපෑම, සවන් දෙන ඕනෑම කෙනෙකුගේ  සිත් ඇද ගන්නා ශක්තිය පෙන්නුම් කරයි.
නබි (සල්) තුමාණන්ගේ අභාවයෙන් අනතුරු ව, එතුමාට පසු රාජ්‍ය භාරගන්නේ කවුරුන් දැ යි යන ප්‍රශ්නය පැන නැගුනි. එම අවස්ථාවේ, නබ් (සල්) තුමාණන් ජීවතුන් අතර සිටිය දී නැමදුම මෙහෙය වූ අබූ බකර් (රළි) තුමා නායකත්වය දැරිය යුතු යැයි ප්‍රකාශ කර, එම ප්‍රශ්නය සුහද ව විසඳුවේ උමර් (රළි) තුමාය. කලීෆා අබු බකර් (රළි) තුමාගේ අභාවයෙන් පසු ව, හැකියාව සහ කුසලතාව පදනම් කර ගෙන උමර් (රළි) තුමා රාජ්‍ය නායක ධුරය දෙනු ලැබීය.
ඉස්ලාමයට විවෘත ව ඇරයුම් කිරීමේ දඅ‘වා කටයුතු ආරම්භ වුයේ ඉස්ලාමීය බැතිමතුන්ට කුරෙයිෂිවරුන්ගේ විවිධ අඩන්තේට්ටම් වලින් රැකවරණය දෙනු ලබන බව උමර් (රළි) ප්‍රකාශ කිරීමෙන් අනතුරුවය. කුරෙයිෂිවරුන්ගේ දැඩි විරෝධය හේතුවෙන් ඉස්ලාම් දහම කෙරෙහි විවෘත ව ඇරයුම් කිරිමට එම මොහොත දක්වා නබි (සල්) තුමාණන්ට සහ සහාබාවරුන්ට පවා නොහැකි ව තිබුණි. මෙයට එකඟව උමර් (රළි) තුමාගේ පිවිසීම, ඉස්ලාමීය වර්ධනයට සැබෑ ජයග්‍රහණයක් විය.
වෙනසක් සිදු වූ මොහොත
උමර් ඉබ්නු අල් කඃත්තාබ්ගේ ජීවිතයේ වෙනසක් සිදු වුයේ තම සහෝදරිය ෆාතිමා බින්ත් කඃත්තාබ් තුමිය සමඟ ගැටුමක් සිදු වු මොහොතේය. ඉස්ලාම් දහම පිළි ගත් කිහිප දෙනෙකුව මෙල්ල කිරීමට උමර් පිටත් වූ මොහොතේ ඔහුගේම සහෝදරිය ඉස්ලාම් දහම පිළි ගත් බවට ආරංචියක් ඔහුට ලැබුණි. මෙයින් කෝපයට පත් උමර් තම සොයුරිය සහ ඇයගේ සැමියාට දඬුවම් දෙන අරමුණින් ඔවුන්ගේ නිවසට වේගයෙන් ගොස් ඇයට පහර දෙන්නට පටන් ගත්තේය. එහෙත් ෆාතිමා(රළි) තුමිය නිර්භීතව, ඉතාමත් පරුෂ වදනින් සහ දැඩි ස්ථාවරයෙන් ඉස්ලාම් බවට පත් වනු පිණිස පවසන ෂහාදා හෙවත් සාක්ෂි වදන් ප්‍රකාශ කර සිටියාය. “නැමදුමට සුදුසු එකම දෙවියන් වහන්සේ අල්ලාහ් බව මම සාක්ෂි දරමි. මුහම්මද් නබි (සල්) තුමාණන් අල්ලාහ්ගේ සංදේශක වරයෙක් බව ද මම සාක්ෂි දරමි.“ යන වදන් ඇය පැහැදිලි හඬින් පැවසුවාය. උමර් ප්‍රඥාන්විත හා උසස් අන්දමට කල්පනා කරන කෙනෙකි. තමා අදහන දහම කෙරෙහි ඔහුගේ බැතිමත්කම ඉතාමත් අවංකය. යම් දැයක් කෙරෙහි ඔහු විශ්වාසය තැබුවේ නම්,  එය මත නිර්භීත ව ඔහු ක්‍රියා කරන බව නිසැකය. ඉස්ලාමයේ සතුරෙක් වශයෙන් ඔහු කුරෙයිෂිවරු සමඟ ක්‍රියා කළේය. පසුව ඉස්ලාමය අනුගමනය කරන්නෙක් වශයෙන් එම විශ්වාසය සඳහා ඔහු කැපවිය.
    ඇත්ත වශයෙන්ම, මුහම්මද් නබි (සල්) තුමාණන් ඉස්ලාමයේ එළිය අඛණ්ඩව ගෙන යනු පිණිස අබු ජහල් හෝ උමර් ඉබ්නු අල් කඃත්තාබ් යන දෙදෙනාගෙන් කෙනෙකුගේ වෙනස් වීම සඳහා අල්ලාහ්ගෙන් ප්‍රාර්ථනා කළ අවස්ථාවයි එය.
දැනුමේ වර්ධනය
දැනුම සහ අධ්‍යාපන ක්ෂේත්‍රයට අයත් කෙනෙකු වශයෙන්, දෙවැන කලීෆා උමර් තම පාලන කාලයේ තම පාලන යටතේ තිබෙන සියලු පළාත් හී අධ්‍යාපනය විශාල ලෙස ප්‍රචාරණය කළේය. අධ්‍යාපන ලාභියෙකු වන කාලිෆාවරයා ඉරාක් රාජ්‍යයට අයත් කූෆා සහ බස්රා නගරයන්හී අධ්‍යාපන මධ්‍යස්ථාන කිහිපයක් ආරම්භ කළේය. සිරියානු දේශයේ හිම්ස් සහ ඩමස්කස් නුවර අධ්‍යාපන කේන්ද්‍ර ස්ථාන බවට එතුමා තෝරා ගත්තේය. පලස්තීන දේශයේ ජෙරුසලම් නුවර දැනුම සහ අධ්‍යාපන සඳහා කේන්ද්‍ර ස්ථානයක් බවට උසස් ස්ථානයක් ලැබීය.
    අරාබි අර්ධ ද්වීපයේ සෑම පළාතකින් සිට පැමිණෙන ශිෂ්‍යයන්ට පුහුණු කිරීම පිණිස ඉතාමත් දක්ෂ විද්වතුන් සහ ගුරුවරුන් පත් කරනු ලැබුහ. මෙම විද්වතුන් සහ ගුරුවරුන්ට හොඳ වැටුපක් ගෙවන ලදී. කූෆා නුවර අධ්‍යාපන මධ්‍යස්ථානය ඉතාමත් ප්‍රසිද්ධ විද්වතෙක් වන ඉබ්නු මසූද් (රළි) තුමාට භාර කරන ලදුව, දීර්ඝ කාලයක් අධ්‍යාපනය සඳහා එය විශිෂ්ට කේන්ද්‍ර  ස්ථානයක් බවට බැබළීය.අලි ඉබ්න් අබි තාලිබ් නම් සිව්වැනි කාලිෆා වරයා විසින් කූෆා මධ්‍යස්ථානයේ ඉගෙන ගත් විද්වතුන් පිරිසකට ඔවුන්ගේ උසස් දැනුම සඳහා විශේෂ සැලකිලි දක්වනු ලැබුහ. උමර් (රළි) තුමාගේ පාලන යුගයේ, හදීස් විද්‍යාවේ සුප්‍රසිද්ධ විද්වතුන් වන ඉබ්නු අබ්බාස් (රළි) තමා සහ අබු හුරෙයිරා (රළි) යන දෙදෙනා බස්රා මධ්‍ය ස්ථානය භාරව සිටියහ.  උමර් (රළි) තුමාගේ කාලයේ බස්රා මධ්‍යස්ථානයේ සිටි තවත් වැදගත් විද්වතෙක් අබු මූසා අල් අෂ්ආරි (රළි) තුමා වේ.
    ඉස්ලාමීය රාජ්‍ය යටතේ සමානාත්මතාවාදී අදහස් දරණ බලධාරීන් ලොවේ වෙනත් පළාත් වලින් ශිෂ්‍යයින්ට ආරධානා කළ අතර කූෆා, ඩමස්කස්, බස්රා සහ ජෙරූසලම් යන නගරයන් නානා ජාතිකයින්  වාසය කරන නගරයක් බවට වර්ධනය විය.
දැනුම ප්‍රචාරණය කිරීම
ඉස්ලාමීය පාලනය යටතේ සිදු වූ ඉතාමත් වැදගත් ජයග්‍රහණය වන්නේ සමස්ත දැනුම සඳහා දෙන ලද දායකත්වය බව මුලු ලොවම පිළිගනී. ඇත්ත වශයෙන්ම, බටහිර ලොව සංවර්ධනය කළ නවීන දැනුම ඔවුන්ට ලබා දුන්නේ ඉස්ලාමීය අධ්‍යාපනය ලත් ශිෂ්‍යය කණ්ඩයම් විසින්ය. (‘Dictionaries of world religions: Islam’ by Richard Tames).  රිෂාඩි ටේම්ස් රචනා කළ ලෝක ආගම් හි ශබ්ද කෝෂය - ඉස්ලාම්. මෙම විෂය සම්බන්ධව ඩේවිඩ් වේන්ස් නම් විද්වතෙක් මෙසේ ලියයි. “ඉස්ලාමීය සංස්කෘතියේ පරිණත වීම දක්වා ඔවුන්ගේ වර්ධනය පෝෂණය කරන ලදී.“  පිටු අංක 59, (David Wanes writes: “Islamic culture sustained its growth toward maturity.” (p. 59, CUP, 1995)
අධ්‍යාපනික විෂය මාලාව
    අන්සාර්වරුන්ගේ ජනතාවට අයත් මආද් ඉබ්නු ජබල් (රළි), උබාදා ඉබ්නු සාමත් (රළි) සහ අබු දර්දා (රළි) යන තිදෙනා සිරියාව සහ පාලස්තිනයේ අධ්‍යාපනය වර්ධනය කිරීම පිණිස උමර් (රළි) විසින් පත් කරනු ලැබීය. පාසැල් ගුරුවරුන්ට අවශ්‍ය අධ්‍යාපන පුහුණුව හා අභ්‍යාස ලබා දීමේ කාර්‍යයන් සඳහා පඬිවරුන් පුහුණු කිරීම මේ තිදෙනාට භාර විය. ඇත්ත වශයෙන්ම නවීන යුගයේ පවතින ගුරු අභ්‍යාස විදුහල් ක්‍රමය උමර් ඉබ්නු අල් කඃත්තාබ් (රළි)  හඳුන්වා දුන් මෙම අභ්‍යාස විදුහල් ක්‍රමයෙන්  ආරම්භ වු එකකි. හිම්ස් නගරය පුහුණු කිරීමේ මධ්‍ය ස්ථානයක් බවට පත් වී, එහි පුහුණු ලැබු ගුරුවරුන් ඩමස්කස් සහ ජෙරුසලම් නුවරට එවනු ලැබුහ. අබු දර්දා (රළි) තුමා තම අවසාන කාලයේ ඩමස්කස් නුවර රැඳී සිට පුහුණුව ලබන ගුරුවරුන් භාර ව කටයුතු කළේය. මආද් (රළි) තුමා පලස්තීනයට එවනු ලැබු අතර, උබාදා (රළි) තුමා අවසානය දක්වාම හිම්ස් නුවර රැඳී සිටියේය.
    මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ සුන්නාහ් පිළිබඳ විශිෂ්ට දැනුම සහිත අන්සාර්වරුන් පිරිසක් කූෆා නගරයට උමර් (රළි) තුමා විසින් එවනු ලැබීය.  මුහම්මද් නබි (සල්) තුමාණන්ගේ සුන්නාහ්වෙහි ඉස්ලාමයේ මූලික ප්‍රතිපත්ති පිළිබඳ දැනුම අඩංගු  වී තිබු හෙයින් ඒවා පිළිබඳ තව දුරටත් පර්යේෂණ සිදු කිරීමට අවශ්‍ය විය. මේවා සම්බන්ධව ගැඹුරුව අධ්‍යයනය කළ සුප්‍රකට විද්වතුන් වන ඉබ්නු හයිතම්, අල් ෆරාබි, ඉබ්නු සිනා, ජාබිර් ඉබ්නු හයියාන්, ඉබ්නු හඃල්දූන් වැනි අය විසින් බොහෝ දේ සොයා ගනු ලැබීය.
නීතිය හා විනය
සංවිධානාත්මක පොලිස් දෙපාර්තමෙන්තුවක් ස්ථාපිත කළ ප්‍රථම ඉස්ලාමීය පාලකයා වන්නේ උමර් (රළි) ය. “ෂහිබුල් අහ්දාත්“ නමින් එතුමන් විසින් ස්ථාපිත කරන ලද පොලිස් දෙපාර්තමේතුව, රටේ සෑම පළාතකම නීතිය හා විනය ස්ථාපිත කළ අතර, ජනතාව පමණක් නොව සතුන් පවා තමන්ට හිමි සාධාරණත්වය ලබා ගත්හ. සියලු පාපයන් හි මව මත්පැන් ලෙස ඉස්ලාම් සලකන හෙයින්, මත් පැන් වලට ඇබ්බැහි වූවන් නියමිත කස පහර දඬුවම් දෙන ලදු ව ඈත පළාත් වලට පිටු වහල් කරනු ලැබුහ. ඉන් පසුව ද මත් පැන් භාවිත කළවුන් හිස බූ ගසනු ලැබුහ.
    කලීෆා උමර් (රළි) නුවණැති බුද්ධිවාදියෙකු බව කවුරුත් දනී. එතුමා කිසි විටෙක නිතියෙන් අයුතු ප්‍රයෝජන නොගත්තේය. දිනක්, සොරකම් කිරීමේ චෝදනවක් මත මිනිසෙක් එතුමා වෙත ඉදිරිපත් කරනු ලැබීය. ඉස්ලාමිය නිති සංග්‍රහය යටතේ සොරකමට නියමිත දඬුවම අත කපා හැරීම වන නමුත්, ඔහුට සමාව දෙනු ලදු ව නිදහස් කරනු ලැබුවේ එහි පැන නැගු මඟ හැරිය නොහැකි අවස්ථානුකූල සාක්ෂියක් නිසාය. එනම්, ඔහු සොරකම් කළේ දරා ගත නොහැකි කුස ගින්න නිවා ගනු පිණිසය. තවත් අවස්ථාවක, ආහාර සඳහා ඔටුවෙක් ඝාතනය කළ පිරිසක් උමර් (රළි) තුමා ඉදිරියට ගෙන එනු ලැබුහ. නඩුව විභාග කළ උමර් (රළි) තුමා, ඔවුන්ගේ අයිතිකරු ඉබ්නු හාතිම් සේවකයන්ට වැටුප් හෝ ආහාර නුදුන් බව අවබෝධ කර ගත්තේය. ඔවුන් සියලු දෙනා නිදහස් කළ උමර් (රළි), “නීතියෙන් අවසර දෙනු ලැබුවේ නම්, සේවකයින් කළ වරදට ඔවුන්ගේ හාම්පුතාට මම දඬුවම් දෙන්නෙමි.“ යැයි ප්‍රකාශ කළේය.
රාජ්‍ය පාලන ක්‍රමය
මුස්ලිම් රාජ්‍යයන්හී ස්ථාවර රජයේ නිර්මාතාවරයා උමර් (රළි) තුමාය. බස්රා පළාතට ආණ්ඩුකාරයෙක් පත් කර යවන විට, උමර් (රළි) මෙසේ ලිපියක් එවීය. “සවන් දෙනු මැනව! ඔබ පත්වීම් දෙනු ලැබුවේ ජනතාවගේ ගෙලට ඉහළින් පාලනය කිරීමට නොව, ඔබ දන්නා අල් කුර්ආන් සහ සුන්නාහ්වට එකඟ ව ජනතාවට යහ මඟ පෙන්වනු පිණිසය.“ ආණ්ඩුකාරතුමා පළාතේ පාලනය පිළිබඳ ව ප්‍රධානි ව සිටින විට, ආමිල් නම් සේවකයෙක් හෙවත් ආදායම් භාර නිලධාරියෙක් මූල්‍ය සහ ආදායම් අංශයේ ප්‍රධානි වශයෙන් කටයුතු කළේය.
    කලීෆා වරයා රාජ්‍යයේ ප්‍රධාන විනිසුරවරයා විය. මෙයට අමතර ව ෂරීආ නිති විශේෂඥයන්ගේ සහය සහිත ව ක්‍රියා කරන කාzදි යනුවෙන් හැඳින්වන විනිසුරුවරුන් ද පළාත්වල සිටියහ. නීතිමය ප්‍රශ්න මත අල් කුර්ආනයේ සහ සුන්නාහ්වෙන් දෙන ලද නියෝගයන්ට අමතර ව, ඉජ්මා හෙවත් විද්වතුන්ගේ මූලික නිගමනය ද අනුමත කරන ලදී.
    ඉස්ලාමීය රාජ්‍ය ගොඩ නැගීම සඳහා කලිෆා උමර් සිදු කළ ක්‍රියා කලාපය ඉමහත්ය. මුහම්මද් (සල්) තුමාණන්ගේ කාල වකවානුවේ, සතුරන්ට එරෙහි ව සිදු කළ සටන් හි එතුමා සහභාගි වූ අතර, තම අවසාන කාලය දක්වාම එලෙසම ක්‍රියා කළේය. ඉස්ලාමිය රාජ්‍යයට බොහෝ පළාත් එකතු කළේය. ඉස්ලාමය රාජ්‍යයට පලස්තීනය එකතු කරනු ලැබුවේ උමර් (රළි) තුමාගේ පාලන යුගයේ දි බව මතකයේ තබා ගත යුතුය.
    කලිෆා උමර් (රළි) තුමා තම රාජ්‍යය පළාත් අටකට වෙන් කළේය. ඒවා නම් මදීනා, මක්කා, කූෆා, ඉස්රා, මිසරය, පලස්තීනය, සිරියාව සහ අල් ජzසීරා වේ. සෑම පළාතකටම ආණ්ඩුකාරවරයෙක් ප්‍රධානි වශයෙන් භාර ව සිටියේය. ඔවුන් එක් එක්කෙනා යටතේ ඉතාමත් දක්ෂ සම්බන්ධිකරණ නිලධාරි පිරිසක් ක්‍රියා කළහ. සමාජයේ ඕනෑම කෙනෙකුට ආණ්ඩුකාරයෙකු වෙතට ළඟා වී ඔවුන්ගේ ප්‍රශ්නයන්ට විසඳුම් ලබා ගත හැකි ක්‍රමයක් මේ පළාත් වල දක්නට තිබුණි.
හමුදා පාලන ක්‍රමය
සිවිල් පාලන ක්‍රමය මෙන්ම හමුදා පාලන ක්‍රමය ද, සාධාරණය සහ හික්මීම පදනම් කර ගෙන ක්‍රමානුකූල ව පැවතුණි. එහි සීමාව ඉක්ම වූ හැසිරීම් හෝ අසභ්‍ය හැසිරීම හෝ  නොමනා පාලනය යන කිසිවක් දක්නට නොතිබේ. එහෙත් ඒවා අද ඉස්රාඊල් සහ ඉජිප්තුව වැනි දේශයන් හි අවශ්‍ය තරම් දක්නට ඇත. සෑම සෙබලෙකුම මුහම්මද් නබි (සල්) තුමාණන් විසින් හමුදා කටයුතු පිළිබඳ ව උගන්වන ලද ඉස්ලාමීය ප්‍රතිපත්ති යටතේ පුහුණුව ලැබු නිලධාරියෙක් විය.
    කලීෆාවරයා සේනාවේ උත්තරීතර නායකා විය. කලීෆා වරයා ව නියෝජනය කරන ප්‍රධාන අණ දෙන නිලධාරියෙක් හෙවත් අමීර් වරයෙක් සිටි අතර, ඔහු සේනාවේ නැමදුම මෙහෙය වන ඉමාම්වරයා විය. සෑම පළාතකටම තවත් අණ දෙන නිලධාරීන් කෙනෙකු බැගින් සිටීය. කලීෆා උමර් (රළි) තුමා අති ශ්‍රේෂ්ඨ හමුදා පාලකයෙකු වන අතර එතුමා තම රාජ්‍යය හමුදා පාලනය සඳහා පළාත් නවයකට වෙන් කළේය. ඒවා නම් කූෆා,  මදීනා, බස්රා, මව්සිල්, මිසරය, ෆුස්තාත්, ඩමස්කස්, හිම්ස් සහ පලස්තිනය වේ. යුද්ධෝපාය අවශ්‍යතා පරිදි වැදගත් ස්ථානයන්හි කඳවුරු පිහිටු වන ලදී. සේනාව ප්‍රතිසංස්කරණය කළ එතුමා සෙබළු සංඛ්‍යාව ද වැඩි කළේය. එතුමාගේ සේනාවේ විවිධ ජාතීන් සහ ගෝත්‍ර වලට අයත් ජන සංඛ්‍යා නියෝජනයක් දක්නට තිබිණ.
    සේනාවේ හමුදාංශ දෙකක් පිහිටා තිබුණි. මේවා පාබල සහ අශ්වා රෝහක බලඇණියවේ. සේනාවේ සෑම කෙනෙකුම උසස් අන්දමේ හමුදා පුහුණුව සහ ඉස්ලාමීය ප්‍රතිපත්ති පිළිබඳව දැනම ලත් පිරිස වෙති.
උමර් (රළි)ගේ පෞද්ගලික කුසලතා
සියලු පාලන ක්‍රමයන් හි මුහම්මද් නබි (සල්) තුමාගේ ආදර්ශය අනුගමනය කළ උමර් (රළි) තුමා මහජන දේපොළ ආරක්ෂා කිරීමේදී ඉතාමත් අවංක ව කටයුතු කළේය. සරල හා සාමාන්‍ය ජීවිතයක් ගෙවු උමර් (රළි) තුමා පාලකයෙකු වශයෙන් විශේෂ වරප්‍රසාද කිසිවක් ඉල්ලීම් කළේ නැත. එතුමා බොහෝ අවස්ථාවන් හී පැලඳ සිටියේ අණ්ඩ දැමු වස්ත්‍රයෙන් ය. මදීනා නුවර රෙදි හිඟයක් තිබු අවස්ථාවක රට වැසියන්ට සලාක ක්‍රමයට රෙදි බෙදා දෙන ලදී. උමර් (රළි) තුමා හොඳ උස මහත සිරුරක් සහිත කෙනෙකි. එවැනි අවස්ථාවක, පාලකවරයා උමර් (රළි) තම නියමිත ප්‍රමාණයට වඩා අධික ප්‍රමාණයකින් මසන ලද ඇඳුමකින් සැරසී සිටින බව දුටු රට වැසියන් එයට විරුද්ධ වුහ. එම අවස්ථාවේ තම පුත්‍රයාගේ රෙදි සලාක සමඟ එකතු කර, රෙදි කැබලි දෙකකින් ලෝගුවක් මසා ගත් බව රටේ පාලක උමර් ඉබ්නු අල් කත්තාබ් (රළි) තුමා පැහැදිලි කර දුන්නේය. අබු බකර් (රළි) තුමාගේ අනුප්‍රාප්තිකයා වශයෙන් පාලනය භාර ගත් උමර්, අබු බකර් කළ ආදර්ශයට එකඟ ව අපක්ෂපාති පාලනය කර ගෙන ගියේය. උසස්වීම් සහ පත්වීම් දෙනු ලැබුවේ සුදුසුකමට එකඟවය. තම බලය අනවශ්‍ය ලෙස උපයෝගි කළ මිසර් දේශයේ ආණ්ඩුකාර තුමා වන අම්ර් බින් අල් ආස් (රළි) වැනි නිලධාරීන් දඬුවම් දෙනු ලැබීය. දිවීමේ තරඟයක ක්‍රිස්තු බැතිමතෙකුට එරෙහිව තම පුත්‍රයාට පක්ෂව ක්‍රියා කිරීම ආණ්ඩුකාරයා කළ වරද වේ.
    කලීෆා උමර් (රළි) තම රාජකාරියට අතමර ව, දුප්පත් පුර වැසියන්ට සේවය කිරීමේ කාර්යයද ඉටු කළේය. ඇත්ත වශයෙන්ම උමර් (රළි) ඓතිහාසික වශයෙන් උතුම් බවට පත් වුයේ එතුමාගේ දේව විශ්වාසය සහ බැතිමත්කම මත හැර කායික ශක්තියෙන් නොවේ.
    වරක් විවාහකයක මනමාලයා විසින් මනමාලින්ට දෙන ලද මහ්ර් නම් විවාහ දීමනාව සඳහා සීමාව පනවන්නට උමර් යෝජනා කළ අවස්ථාවේ, ඉස්ලාමීය නිතියට එකඟ ව මහර් සඳහා සීමාවක් පැනවිය නොහැකි බව මහලු කාන්තාවක් එතුමාට පහදා දුන්නාය. තවත් අවස්ථාවක දරු ප්‍රසූති කරන ගැබිනි මවක් වේදනාවෙන් හඬ නඟනු සවන් දුන් උමර් (රළි) සිය බිරිය රැගෙනවිත් එම අවස්ථාවේ ප්‍රසූතිය සඳහා උදව් කළේය. එපමණක් නොව එම අවස්ථාවේ, එම කුඩා පවුල සඳහා ආහාර පිළියෙළ කළ උමර් (රළි) තුමා, ඔවුන්ට මුදලින්ද ආධාර දුන්නේය. තවත් අවස්ථාවක, මහලු කාන්තාවක් පොදි ඔසවා ගෙන යනු දුටු උමර් (රළි) ඒවා ඔසවා ගෙන යෑමට සහය වූ අතර, එතුමා කවුරුන් දැ යි නොදන්නා එම කාන්තාව, “මෙම දේශයේ කාලිෆා බවට පත්වීම් ලැබිමට ඔබ වඩාත් සුදුසු කෙනෙකි“ යැයි ප්‍රකාශ කළාය. තවත් අවස්ථාවක අබු මූසා අෂ්ෂරි (රළි) විසින් තම හිසකෙස් අනවශ්‍ය අයුරින් කපා හරින ලද බව කෙනෙක් පැමිණිලි කළ විට, එහි සත්‍යතාව ගැන සොයා බලා අබු මූසා අෂ්ෂාරි (රළි) තුමාට කාලිෆා වරයා දඬුවම් ලැබිය යුතු බව අණ කළේය.
    දිනක් කලීෆා උමර් ඉදිරියට පැමිණි මිනිසෙක් “ඔබට ශාපය  හිමිවේවා“ යැයි කීය. ඔහු ගැන තොරතුරු විමසු විට, මිසරයේ ආණ්ඩු කාරයා වන එයාලු ඉබ්නු ගන්නාම් එම දේශයේ ජනතාවට අසාධාරණකම් සහ නොමනා පාලනය සිදු කරන බව ඔහු කලිෆා වරයාට පැහැදිලි කළේය. මේ පිළිබඳ ව අවශ්‍ය පරීක්ෂණ කරන ලෙස අණ කළ උමර් (රළි) තුමා බලයට පත් කළ ආණ්ඩුකාරයා ව තනතුරෙන් ඉවත් කළේය.
    කලීෆා වශයෙන් සිටින උමර් (රළි) තුමාගේ ඉතාමත් චාම් ජීවිතය දුටු එම කාල වකවානුවේ පාලනය කළ අනිකුත් දේශයන්හී නායකයින් ද එතුමාගේ ආභාසයට ලක් වුහ. විශේෂයෙන් හිම්ස් පළාතේ ආණ්ඩුකාර උමෙයිර් ඉබ්නු සඅද්,  සිරියාවේ ආණ්ඩුකාරයා වන අබු උබෙයිදා සහ සල්මාන්  ෆාර්සි යන නායකයින් ගැන සදහන් කළ හැක. දේව විශ්වාසය සහ සදාචාරයට උමර් (රළි) ප්‍රමුඛ ස්ථානයක් දුන් අතර, කිරි භාජනයට ජලය මිශ්‍ර කරන ලෙස ඇගේ මවගේ යෝජනාවට එකඟ නොවු දුගී තරුණියකට තම පුත්‍රයා සරණපාවා දුන්නේය. එක් අණු ප්‍රමාණයක් වුවද අල්ලාහ්ට ආදේශ තැබීමේ ක්‍රියාව උමර් (රළි) කිසි විටෙක අනුමත නොකළේය.
    ඉස්ලාමීය ප්‍රතිපත්තිය මත අසාමාන්‍ය භක්තියක් දැක්වූ හේතුවෙන් නබි (සල්) තුමාණන් අභාවයට පත් වූ බව පවා ඔහු ට දරා ගත නොහැකි විශාල බරක් විය. ඒ මොහොතේ අසිපත අතට ගත් උමර් (රළි) සිතේ දරා ගත නොහැකි වේදනාව නිසා මුහම්මද් (සල්) තුමාණන් මරණයට ලක් වූ කවරෙකු හෝ පැවසුවේ නම්, ඔහුගේ හිස සිඳ දමන බවට ශබ්ද නගා ප්‍රකාශ කළේය. එවැනි මොහොතේ අබු බකර් (රළි) “මුහම්මද් මිනිසෙකු මිස නැත. රසූල්වරු මොලොව අත හැර දමා යා යුතුව තිබේ.“ යන අල් කුර්ආන් වාක්‍ය පාරායනා කළ විට යථාර්ථය අවබෝධ කර ගත්තේය.
    තම පාලනය යටතේ සේවය කරන නිලධාරීන් නිරහංකාර ව හා දේව බියබැතිමත් ව සිටිය යුතුය යැයි උමර් විශේෂයෙන් අපේක්ෂා කළේය. දිනක් ජෙරූසලම් නුවරෙහි ක්‍රිස්තියානු දහමෙහි ප්‍රධාන පූජක හා සාකච්ඡාවක් පවත්වමින් සිටිය දී නැමදුම සඳහා නියමිත වේලාව පැමිණියේය. එම අවස්ථාවේ ක්‍රිස්තු දෙව් මැදුර තුළ නැමදුම් ඉටු කරන ලෙස ප්‍රධාන පූජක තුමා ආරාධනා කළ නමුත් “දැන් ඔබගේ ඉල්ලීම මම ඉටු කළේ නම්, පසු කලෙක මේ හේතුවෙන්ම මුස්ලිම්වරු (දෙව් මැදුර තුළ නැමදුම් කිරීම සඳහා) ඉල්ලීමක් ඉදිරිපත් කිරීමට ඉඩ තිබේ.“ යැයි එය ප්‍රතික්ෂේප කළේය. රසූල් (සල්) තුමාණන් දිනක් වාඩි වී සිටි ගසක් කපා දමන ලෙස උමර් අණ කළේ, එම ස්ථානය පසු කලෙක මුස්ලිම්වරුන්ගේ වන්දනාමාන කරන ස්ථානයක් බවට පත් විය හැක යන බිය නිසාය.
    උමර් (රළි) බුද්ධිමත් පුද්ගලයෙකු වන අතර, දක්ෂ කථිකයෙකි. දැනුම සඳහා එතුමා තුළ තිබු  මහත් පිපාසය නිසා අධ්‍යාපන කේන්ද්‍ර ස්ථාන බොහෝමයක් ස්ථාපිත කිරීමට එතුමා පොලඹනු ලැබීය. ඉතාමත් දක්ෂ මල්ල පොර බඳින්නෙක් මෙන්ම එතුමා දක්ෂ අශ්වාරෝහකයෙකි.
    උමර් (රළි) ආගම සම්බන්ධ ව පරීක්ෂණයන්හී යෙදුනු විද්වතෙක් වුයෙන් තම ජීවිත කාලය දැනුම සොයා වැය කළේය. උමර් (රළි) අල් කුර්ආනය සහ නබි (සල්) තුමාණන් සුන්නාහ් ව පිළිබඳ ගැඹුරු දැනුමකින් යුක්ත කෙනෙකි. නබි (සල්) තුමාණන්ගේ හදීස් වදන් 537ක් උමර් (රළි) විසින් වාර්තා කරන ලද බව පැවසේ. විවිධ දස්කම් සහ උමර් (රළි) ඉස්ලාමීය නීති විද්‍යාවේ විවිධ අංශයේ නිපුණතා දැක්විය. ඕනෑම සංකීර්ණ ප්‍රශ්නයන් හෝ වේවා, අල් ගුර්ආනය සහ හදීස් පදනම් කර ගෙන නිරාකරණය කිරීම සඳහා මාර්ගය පෙන්වීමේ හැකියාව උමර් (රළි) තුමාට තිබින. විවිධ මාතෘකාවන් යටතේ දේශනා කළ උමර් (රළි) පන්තියට, ප්‍රසිද්ධ විද්වතුන් වන උබෙයි ඉබ්නු කාබ්, සඊද් ඉබ්නු තාබිත්, අබ්දුල්ලාහ් ඉබ්නු අබ්බාස්, අබ්දුර් රහ්මාන් ඉබ්නු අවුෆ්, අබ්දුල්ලාහ් ඉබ්නු මසූද් වැනි සහාබාවරුන් පවා පැමිණ දැනුම ලැබුහ.
අපරාධකරුවන් දරුණු දඬුවමට පත් කරවනු ලැබුහ. උමර් (රළි) විවිධ ඉස්ලාමීය ක්‍රියාකාරකම් ක්‍රමානුකූල ව සංවිධානය කළ අතර රමදාන් මාසයේ පවතින තරාවීහ් නැමදුම සංවිධානාත්මක ලෙස සිදු කිරීම හඳුන්වා දුන්නේ එතුමාය.
    ආරම්භක ඉස්ලාමීය යුගය පිළිබඳ ව ඉතිහාස පොත් පත් අරාබි බසින් ලිවීම ආරම්භ කරන ලදී. ෂිබ්ලි නුඋමානි නම් කතෘවරයා උමර් (රළි) පිළිබඳ ව සත්‍යවත් තොරතුරු අඩංගු “අල් ෆාරූක්“ නමැති ග්‍රන්ථය උරුදු බසින් ලීවේය. මහචාර්‍ය මුහම්මද් අස්ලම් රචනා කළ “හුඃලෆා උර් රාෂිද්“ නම් ග්‍රන්ථය ද උමර් (රළි) තුමාගේ පාලන යුගය පිළිබඳ වැදගත් විස්තර සපයයි.
උමර් සහ මුස්ලිම් නොවන ප්‍රජාව
    ඉස්ලාමීය රාජ්‍යය යටතේ ජීවත් වන මුස්ලිම් නොවන ජනතාව කෙරෙහි උමර් (රළි) අනුකම්පා සහිත ආකල්පයක් දැක්විය.ඉස්ලාමීය රජය යටතේ ආරක්ෂා ලැබු දිම්මි නමැති මුස්ලිම් නොවන ප්‍රජාවට ඔහු ආරක්ෂාව සැපයූ අතර. ඔවුන්ට හිරිහැර කිරීමට තැත්කළ මුස්ලිම්වරුන්ට දඬුවම් දුන්නේය. හිම්ස් පළාතේ ආණ්ඩුකාරවරයා වන උමෙයිර් ඉබ්නු සඅද් (රළි) මුස්ලිම් නොවන කෙනෙකුට තරවටු කළ අතර පසුව පසුතැවිලි විය. අනතුරු ව එම සිද්ධිය හේතුවෙන් තම තනතුරෙන් අල්ලා අස්විය. ඔහුගේ ඉල්ලා අස්වීම කලීෆා උමර් වෙතට ඉදිරිපත් කරන ලදුව, එය කියැවූ උමර් (රළි) ආණ්ඩුකාරයොගේ තීරණය නිවැරදි එකක් බව පිළිගත්තේය. වරක් මස්ජිදය පුළුල් කිරීම සඳහා අසල තිබු තම නිවස මිලදී ගන්නට ආණ්ඩුකාරවරයා තැත් කරන බව ක්‍රිස්තියානු කාන්තාවක් කලිෆා වරයාට පැමිණිලි කළාය. ඉඩමේ වට්නාකමට වඩා අධික මිලක් ගෙවීමට ආණ්ඩුකාරවරයා ඉදිරිපත් වූ නමුත් ඇය එකඟ නොවු හේතුවෙන් කලීෆා වරයා එම ගනුදෙනු ව අවලංගු කළේය. තවත් අවස්ථාවක සිරියානු ආණ්ඩුකාරයා වන අබු උබෙයිදා (රළි) වෙතට උමර් (රළි) මෙසේ ලිපියක් යැවීය. “මුස්ලිම් නොවන කිසිවෙකුගේ ධනය අයුතු ලෙස අත්පත් කර ගනු පිණිස ඔවුන්ට පහර දීමට කිසිදු මුස්ලිම් වරයෙකුට අනුමත නොදෙනු මැනව! ඔවුන් සමඟ තිබෙන ගිවිසුමේ කොන්දේසි සියල්ල අනුගමනය කරනු මැනව.“ අනතුරුව උමර් (රළි) ජෙරූසලම් නුවර භාර ගනු පිණිස එම නගරයට පා තැබු අවස්ථාවේ එහි විසු සියලු ක්‍රිස්තු බැතිමතුන් එතුමන් ඉතාමත් ගෞරවයෙන් හා ආදරයෙන් පිළි ගත්හ.
අපරාධය හා දඬුවම    
නිවැරදි හා වැරදි අතර පැහැදිලි ව වෙන් කර වටහා ගැනීමේ හැකියාව නිසා උමර් (රළි) තුමා අල් ෆාරූක් යන ගෞරව නාමය උපයා ගත්තේය. දිනක් සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක්, දුබල කෙනෙකුට පහර දීම කලීෆාවරයා දුටුවේය. පහර දුන්නේ ජබල් නම් ගස්සාන් පළාතේ පාලකයාය. උමර් (රළි) ඔහුට දඬුවම් නියම කළ නමුත්, දඬුවමට බිය වූ ජබල් රෝම් නගරයට පළා ගියේය. එම අවස්ථාවේ “නීති සැවෝටම එක හා සමානය“යි උමර් (රළි) ප්‍රකාශ කළේය.
    කලීෆා උමර් (රළි) වැරදි කරුවන්ට දඬුවම දුන්නේ ඔවුන් ව නිවැරදි මාර්ගයට හරවා ගනු පිණිස හැර ඔවුන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් නොවේ. දිනක් ගණිකාචාරයේ යෙදුනු බව චෝදනා මත කෙනෙක් උමර් (රළි) වෙත ඉදිරිපත් කරන ලදී. එම අවස්ථාවේ උමර් චූදිතයා සමඟ පැමිණි සිව් දෙනාගේ සාක්ෂිය විමසු විට, තිදෙනෙක් පමණක් සාක්ෂි දැරූ නමුත්, තමාට එම සිද්ධිය ගැන තිදෙනා විසින් දැනුම් දෙනු ලැබු බව සිව්වැන්නා සාක්ෂි දැරුවේය. අනතුරු ව චූදිතයා නිදහස් කරනු ලැබ, සාක්ෂි දුන් තිදෙනාටම දඬුවම් දෙන ලදී. අබ්දුර් රහ්මාන් (රළි)ගේ පුත්‍රයාට රහසිගත ස්ථානයක දඬුවම් දෙනු ලැබ, එම වරදට සම්බන්ධ ඔහුගේ හවුල්කරු ප්‍රසිද්ධියේ දඬුවම් දෙනු ලැබු බව ආරංචි වූ උමර් (රළි) සියලු වරදකරුවන්ට එක හා සමාන සැලකිලි දැක්විය යුතු බව අබ්දුර් රහ්මාන් (රළි)ට අණ කළේය.
    කලීෆා උමර් (රළි) නීතිය අන්ධයෙකු ලෙස අනුගමනය කරන පුද්ගලයෙකු නොවන බව පහත සඳහන් සිද්ධිය පෙන්වයි. දිනක් ලිංගික වරදක් සිදු කළ කාන්තාවක් උමර් (රළි) තුමා ඉදිරියට ගෙනෙන ලදු ව, උමර් ඇය ගෙන් කරුණු විමසීය. එම කාන්තාව තම වරද පිළි ගත් විට, එම වරදට නියමිත (මරණ) දඬුවම ඇයට නියම කරන ලදී.  කෙසේ වෙතත්, අලි ඉබ්නු තාලිබ් (රළි) මැදිහත් වී, එම වරදට පොලඹ වූ පුද්ගලයාද දඬුවම් ලැබිය යුතු බව අදහස් දැක්වීමෙන්, උමර් (රළි) නඩුව යළිත් විභාග කළ විට. එම කාන්තාව නොවැළැක්විය වාතාවරණයක එම වරද සිදු කිරීමට පොලඹවනු ලැබු බව උමර් (රළි) දැන ගත්තේය. උමර් (රළි) වහාම එම කාන්තාව නිදහස් කොට, සැබෑ වරදකරුවන්ට නියමිත දඬුවම් ලබා දුන්නේය.
    උමර් (රළි) පාලනය යටතේ නව බන්ධනාගාර ක්‍රමයක් හඳුන්වා දෙන ලදුව, සෑම නගරයකම බන්ධනාගාර ඉදි කරන ලදි. අල්ලාහ්ගේ ෂරීආ නීතිය තම රාජ්‍යය තුළ අනිවාර්‍යයෙන් අනුගමනය කළ යුතු බව උමර් (රළි) තරයේ පැවසීය. “(ඉරාකයේ) ටයිග්‍රිස් ගංගා තීරයේ කුසගින්න නිසා බැටළු පැටවෙක් මරණයට ලක් වුයේ නම්, අවසාන විනිශ්චය දිනයේ  උමර් තම මැවුම්කරු අල්ලාහ්ට පිළිතුරු දිය යුතු ව තිබේ.“ යැයි පවසමින් උමර් (රළි) කඳුළු සැලීය.
ආර්ථික සම්බන්ධ ක්‍රියාවන්
    උමර් (රළි) තුමාගේ පාලන යටතේ ඉස්ලාමීය ආර්ථික ක්‍රමය අකුරට පිළිපදින ලදී. රසූල් (සල්) තුමාණන්කේ කාලයේ, ප්‍රජාවගේ සුබ සාධනය සඳහා ස්ථාපිත කරන ලද මහාභාණ්ඩාගාර ක්‍රමය. කිසිදු වෙනසක් නොමැති ව උමර් (රළි) විසින් අනුගමනය කරන ලදී. මෙම පාලනයේ පැවති බදු ක්‍රමය යටතේ සමාජයේ සෑම කෙනෙක්ම සහන ලැබුහ.
    ඉස්ලාමීය නීතියට එකඟ ව සකාත් අය කරනු ලැබීය. මෙයට අමතර වෙනත් මාර්ග වලින් සදකා හෙවත් පිනට හෝ ආධාර වශයෙන් රජයට මුදල්  එකතු කරන ලදී. සකාත් සහ මුස්ලිම්වරු ගෙවන අනිකුත් බදු කිසිවක් නොගෙවන මුස්ලිම් නොවන ජනතාව රජයෙන් ලබා ගන්නා සේවය සඳහා ගෙවිය යුතු ජිzස්යා නම් බදු මුදලද රජයට ලැබුණි. යුදෙව්වරුන් රජයේ දේපළ තමන් සතු ව තබා ගෙන එයින් ලාභ උපයන හේතුවෙන්, හඃරජ් නම් බදු ඔවුන්ගෙන් අය කරන ලදී. රජයට අයත් දේපළෙන් සෘජු ව භාණ්ඩාගාරයට ලැබෙන ආදායම් ෆජ් යනුවෙන් හැඳින්වේ. යුද්ධයෙන් ලැබෙන භාණ්ඩ සඳහා ඒවායෙන් පහෙන් කොටසක් (20%) රජයට අයත් වන අතර, එම ආදායම ගනීමා හෙවත් හඃම්ස් යනුවෙන් හැඳින්වේ.
උමර් (රළි) පිළිබඳ සුළු තක්සේරුවක්
පැරිණි ඉතිහාසයේ ඇලැක්සැන්ඩර්, අශෝක චක්‍රවර්ති, සමුද්‍ර ගුප්ත වැනි උතුම් නායකයින් අපි දුටුවෙමු. එවැනි මහා පුරුෂයන් අතරින් කලීෆා උමර් ඉබ්නු අල් කත්තාබ් (රළි)ගේ ස්ථානය පිළිබඳ ව ලෝක ප්‍රකට ඉතිහාසඥයෙකු වන එර්වින් අයි.ටී. රොසන්තොල්  ප්‍රභුවරයා මෙලෙස සාරාංශයක් වශයෙන් ප්‍රකාශ කරයි. “ප්ලේටෝගේ සිද්ධාන්තය පිළිබඳ දැනුම ලත් විද්වතුන් ප්ලේටෝ විසින් සංකල්පනය කළ “පරමාදර්ශ ජනරජය“ සමඟ උමර් (රළි) තුමාගේ පාලන කාලය සම්බන්ධ කිරීමට යෙදෙයි. ඉස්ලාමීය ෂරීආ නීතිය පෙන්නුම් කළ සහ එම නිතියට එකඟ ව  සිදු වූ උමර් (රළි) තුමාගේ පාලනය, ප්ලේටෝගේ සිද්ධාන්තයේ පෙන්නුම් කළ, සහ අනිකුත් සියලු පාලන ක්‍රමයට වඩා සෑම අයුරින්ම ඉතාමත් උසස් වූ එකක් බව තවත් විද්වතුන් පිරිසක් තරයේ පවසති.“ යනුවෙන් නවීකරණය දෙස ගමන් කරන ඉන්දියාවේ ඉස්ලාම් දහම“ යන ග්‍රන්ථයේ කතෘවරයා එම්.ඒ.කරන්දිකාර් තුමා ඉස්ලාමීය සංස්කෘති කිහිපයක් යන මාතෘකාව යටතේ ප්‍රකාශ කරයි. පිටු අංක:65.
“කලිෆා උමර් (රළි) තුමා දක්ෂ යුධ භටයෙකු පමණක් නොව දක්ෂ රාජ්‍ය පාලකයෙකු ද විය. මුහම්මද් නබි (සල්) තුමාණන් හැර දමා ගිය රාජ්‍යයට නවක එකතු කළ අමතර පළාත් හි පාලනය පහසු කරනු පිණිස එම නවක පළාත්හි පාලනය ප්‍රතිසංවිධානය කළේය. එතුමා ශ්‍රේෂ්ඨ රාජ්‍ය පාලකයෙකු වීමට අමතර ව  ඉස්ලාම් දහම සෘජු ව අනුගමනය කළ පුද්ගලයෙකි. එතුමා තම ජීවිතයේ සෑම අවස්ථාවකම නබි (සල්) තුමාණන්ගේ ආදර්ශය සෑම ආකාරයෙන්ම අනුගමනය කළේය. ඇත්ත වශයෙන්ම ඉස්ලාමීය පාලන ක්‍රමය හඳුන්වා දී එම ක්‍රමය ලොව වටා පතුරුවා හැරීමට දායක වූයේ උමර් (රළි) තුමාය. එතුමාගේ පාලනය යටතේ කලීෆා වරයා රාජ්‍ය පාලනයේ ප්‍රධානියා වුවත්, ඇත්ත වශයෙන්ම එය ජනතාව විසින් සිදු කළ පාලන ක්‍රමය වේ.
ෆිලිප්.K.හිට්ටි නම් විද්වතෙක් මෙසේ ලියා ඇත. “ඉතාමත් අසංකීර්ණ හා චාම් ගතිපැවතුම් සහිත අබු බකර්ගේ අනුප්‍රාප්තික ලෙස පාලනයට පත්වීම් ලැබු උමර් (රළි) තුමා උස හා ශක්තිමත් ශරීරයකින් යුත් ගාම්බීර පුද්ගලයෙක් වන අතර එතුමා කලීෆා වරයා ලෙස දීර්ඝ කාලයක් පාලන කළේය. තම ජීවනෝපාය සඳහා වෙළඳ ව්‍යාපරයේ නිරත වු එතුමා ගෝත්‍ර නායකු ලෙස ජීවත් විය. කිසිවෙකුට වැරදි කිව නොහැකි එතුමාගේ චරිතය එතුමාට පසුව මුස්ලිම් රාජ්‍යය පාලන කිරීමේ අවස්ථාව ලැබු නායකයන්ට ආදර්ශයක් බවට පත්වීමෙන් ඔවුන් සියලු දෙනාම තමන්ට හැකි අයුරින් එතුමා ව අනුගමනය කිරීමට ක්‍රියා කළහ. ඉතිහාසය පවසන ආකාරයට, රාජ්‍ය නායකු වූ එතුමාට හිමි ව තිබුණේ එක් ලෝගුවක් සහ පිට කබායක් පමණි. ඒවායෙහි අණ්ඩ දමා තිබුණු බවද ඉඳි කොළ අහුරණ ලද ඇඳක් මත නිතර සෙවිල්ලෙන් සිටියේ අන් කිසිවක් ගැන නොව තම දේව විශ්වාසයේ ස්ථීරභාවය, නීතිය අකුරට පිළිපැදීම සහ ඉස්ලාමය සහ අරාබිවරුන්ගේ ආරක්ෂාව හා වර්ධනය යන කරුණු ගැන පමණක් ය. උමර් (රළි) ගේ පෞරුෂය පිළිබඳ වාර්තා කරන සිද්ධීන් බොහෝමයක් අරාබිවරුන්ගේ සාහිත්‍යය පොත් පත් වල දැක ගත හැක. (අරාබිවරුන්ගේ ඉතිහාසය පිටු අංක 176)
ඉස්ලාමයේ කේම්බ්‍රිජ් ඉතිහාසය නම් ග්‍රන්ථය මෙසේ වාර්තා කරයි. “ශාරීරක පෙනුමෙන් උමර් (රළි) දිගු රැවුල සහිත යෝධයෙකි. එතුමාගේ ලක්ෂණය කාගෙත් සිත් තුළ ගෞරවයක් ඇති කළේය........සමෙන් සාදන ලද කස අතේ රැගෙන මදිනා නගරයේ පයින් ඇවිද යෑමට අධික ලෙස ප්‍රිය කළ උමර්, නීතියට එරෙහි ව ක්‍රියා කරන්නන්ට එම කසයෙන් පහර දිමට කිසිවිටෙක පසුබට නොවිය.“ (P.M.හෝල්ට් සහ තවත් අය පිටු අංක 66)

නිමි.

 

 

 

 

 

    


Contents


الصفحة    العنوان    م
1    හැඳින්විම    1
    නායකත්වයේ උත්තම ස්ථානය    2
    වෙනසක් සිදු වූ මොහොත    3
    දැනුමේ වර්ධනය    4
    දැනුම ප්‍රචාරණය කිරීම    5
    අධ්‍යාපනික විෂය මාලාව    6
    නීතිය හා විනය    7
    රාජ්‍ය පාලන ක්‍රමය    8
    හමුදා පාලන ක්‍රම    9
    උමර් (රළි)ගේ පෞද්ගලික කුසලතා    10
    උමර් සහ මුස්ලිම් නොවන ප්‍රජාව    11
    අපරාධය හා දඬුවම    12
    උමර් (රළි) පිළිබඳ සුළු තක්සේරුවක්    13
        14
        15