හජ් කර්තව්‍ය ඉටුකරන ඔබට හසුනක්

හජ්,උම්රා කර්තව්‍යන්හි උත්තම නබි (සල්) තුමාණෝ වැඩම නොකල හා වැඩම කල යුතු යැයි ප්‍රචාරය නොකරපු ස්ථාන බැහැ දැකීමෙන් වැළකී සිටීම යන මාතෘකාව යටතේ රචනා කළ පොත් පිංචයකි.මෙම මාතෘකාව හජ් හා උම්රා ඉටු කරන උදවීන් සඳහා ඉතා වැදගත් වනු ඇත.

හජ් කර්තව්‍ය ඉටුකරන ඔබට හසුනක්
<سنهالية- Sinhala- සිංහල> 


පරිවර්තක
 මුහම්මද් අකීල් මුහම්මද් අමීන්
විචාරය කිරිම
මුහම්මද් නලීම් ඉස්සදීන්
 
 رسالة  إلى حاج


ترجمة:
محمد عقيل محمد أمين
مراجعة:
محمد نظيم عز  الدين

හජ් කර්තව්‍ය ඉටු කරන මා ප්‍රිය සොහොයුර........                           
ඔබට   උත්තරීතර අල්ලාහ්ගේ ශාන්තිය හා සමාදානය  උදාවේවා!
මෙතෙක් ඔබේ දෙපා පරිශුද්ධ වූ උතුම් භූමියක පා තබා හමාරය. මෙය ඔබ කාලාන්තරයක් පෙරුම් පුරාගෙන සිට් සිහිනය සැබෑ වූ මෙහොතකි. දැනටමත් එම සිහිනිය ඔබ දෑස් ඉදිරිය සැබෑ වී   හමාරය.
මා ප්‍රිය සොහොයුර.......
ඔබ හෘදය තුල අල්ලාහ් දෙවිඳුන් හා ඔහුගේ දූතයානන් කෙරෙහි දැඩි ස්නේහයක් පවතිනවා යන්නෙහි මා හට නිසැකයෙන් කිව හැකි එක් කරුණකි.එබැවින් මා ඔබෙන් විමසන ප්‍රශ්නයක් නම් ඔබ හා එක්ව නබි සල්ලල්ලාහු අලෛයිහි වසල්ලම් තුමාණෝ මෙම උතුම් යාත්‍රාවෙහි නිරත වීමට ඔබ ප්‍රියකරනවාද? යන්නය. එසේ ඇසූ කළ උත්තම නබි තුමාණන් දැක  උන් වහන්සේගේ සහායත්වය හා ආශිර්වාදය ලබා ගැනීම පිණිස මා සතු සියළු දෑ  වියදම් කරමි යැයි ඔබ පවසන ඉව මා සැභැවින්ම දනිමි.   වර්තමානයේ නබි තුමාණන්ගේ සහායත්වය ලැබීම යනු යථාර්තයෙන් විය නොහැකි කරුනක් වූවද, ඔබට ඔබගේ ආධ්‍යාත්මිකව හා ඡේතනාවෙන් මෙම උතුම් යාත්‍රාවෙහි   නබි තුමාණන්ගේ සහාය ලබා ගැනීමට හැකිය.එය කෙලෙස දැයි ඔබ අසන්නට පුළුවන.මා ප්‍රිය සොහොයුර එය ඉතා සුළු කාර්යකි.                                                                                            
උත්තම නබි තුමාණන් හජ් යාත්‍රාවෙහි බැහැ දැකැපු ස්ථානයන් ඔබ බැහැ දැක, නබි තුමාණන් බැහැ නොදැකපු ස්ථාන බැහැ දැකීමෙන් ඔබ වැළකී සිටින්න.  එවිට ඔබ නබි තුමාණන් දැක  උන් වහන්සේගේ සහාය ලබා ගත් කෙනෙකුට සමාන වනු ඇත.   
මා ප්‍රිය සොහොයුර ..............
හජ්,උම්රා කර්තව්‍යන්හි උත්තම නබි (සල්) තුමාණෝ  වැඩම නොකල හා වැඩම කල යුතු යැයි ප්‍රචාරය නොකරපු     ස්ථාන බැහැ දැකීමෙන් ඔබ වැළකී සිටිය යුතුය.                                                                                                    
ඔබ එම මඟපෙන්වීමට පටහැනිව කටයුතු කළේ නම් නබි තුමාණන්ගේ උතුම් සහාය ලබා ගැනීමේ අවස්ථාව   ඔබගෙන් ගිලිහී යනු ඇත.එබැවින් නබි තුමාණන් වැඩම නොකල  යම් ස්ථාන හා වැඩම කල ස්ථාන ඔබගේ අවධානයට යොමු කිරීමට මෙම කුඩා කෘථියෙන් මා බලාපෙරොත්තු වෙමි.



ප්‍රථමයෙන්
ඉස්ලාමිය නීති ව්‍යවස්ථාවට අනුව නැමදුම හා ඇදහීම අරමුණු කොට බැහැ දැකීමට අනුමැතියක් නොමැති ස්ථාන.                                        
ඇදහීම් අරමුණු කොට අනුමත නොකරන ලද මෙම ස්ථාන බැහැ දැකීම  යනු උත්තම නබ් (සල්) තුමාණන් හා එතුමා සතු මාර්ගෝපදේශකත්වය හා ඔහු සතු මඟපෙන්වීම් සෘජූවම උල්ලංඝනය කිරීමකි.                                                                                                                                       
එම ස්ථාන වලින් ස්වල්පයක් පහත දැක්වේ.                                              
1) මක්කා නගරයෙහි පිහිටි පුස්තකාලය :
මෙය හරම් දේවස්ථානයට නැගෙනහිර දිශාවෙන් පිහිටා ඇත.සමහරුන් එම පුස්තකාලය නබි තුමාණන් ජනිත වූ ස්ථානයක් ලෙස විශ්වාස කරති.කෙසේ වූවත් එම ස්ථානය උත්තම නබි (සල්) අලෛයිහි වසල්ලම් තුමාණෝ තමන් වැජබූ කාලවකවානුව තුල හජ් සහ උම්රා කර්තව්‍යන්හි බැහැ දැක නැත.මෙය ධාර්මික කර්තව්‍යක් ලෙස බැහැ දැකීම යනු උත්තම නබ් (සල්) තුමාණන් හා සතු මාර්ගෝපදේශකත්වයට හා ඔහු සතු මගපෙන්වීම්    සෘජූවම උල්ලංඝනය කිරීමකි.මෙවන් වත්පිළිවෙත් හිමියානන් අල්ලාහ් අභියස ප්‍රතික්ෂේප කරනු ලැබේ.මේ හා අදාලව   එක් නබි වදනක් මුස්ලිම් ග්‍රන්ථයෙහි (1343/3) සඳහන්ය.                                                     
එය මෙසේය : යම් කෙනෙකු අප ධර්මයේ නොපැවැති නූතන ක්‍රියාවක් ගොඩනගන්නේද එම ක්‍රියාව ප්‍රතික්ෂේපයට ලක්වනු ඇත.                                                                                                                           
තවද මෙම ස්ථානය බැහැ දැකීම යහපත් හා සුන්නත් වූ ක්‍රියාවලියක් නම් උත්තම නබි තුමාණන් හා ඔහුගේ ශ්‍රාවකයින් එම ස්ථානය නරඹන්නට තිබුණි .නමුත් එවැනි නබි වදනක්  හා පුවතක් නබි වදන් ග්‍රන්ථ වල සඳහන් වී නැත. කෙසේ නමුත් මෙම පුස්තකාලයට පොත්පත් කියවීම හා ධාර්මික විෂයන් නිරීක්ෂණය කිරීම සඳහා බැහැ දැකීමෙන් කිසිඳු වරදක් නොමැත. මෙම ස්ථානය අවට ගමන් කරන , මෙම ස්ථානය මුහුණලා සලාතය කරන  හා මෙයින් ආශ්‍රීර්වාද ලබා ගැනීම් පිණිස ස්පර්ෂ කරන මෙවන් අඥාන පුද්ගලයින් ඔබ දකින කල ඔවුන්ව එම ක්‍රියාවන් වලින් මිදෙන ලෙස අන කිරීම හා මෘදුව හා ලිහිල් ව ඔවුන්ට අවබෝධ කර දීම ඔබ හා සතු වගකීමකි.                                                                                                                                          
2)  හිරා ගුහාව                                              
මෙය නබි නායක තුමාණන්  ඔහුගේ ධර්මප්‍රචාරයට  පෙර හිමියානන් අල්ලාහ් නමස්කාර කරමින් සිටි එක් ගුහාවකි.මෙම හිරා ගුහාවට කිසියම් පූර්ණාංෂයක් තිබේ නම් හෝ එය බැහැ දැකීම යනු සුන්නත් වූ ක්‍රියාවක් නම් එය නබි තුමාණෝ බැහැ දකිනු ඇත.එනමුත් ධර්මප්‍රචාරයට පසුව සිට සංක්‍රමනය (හිජ්රත්) දක්වා මක්කාවෙහි අවුරුදු දහයක් වැජබූ නබි තුමාණන් එම හිරා ගුහාව කිසිසේත් බැහැ දැක නැත. විශේෂයෙන් හජ් හා උම්රා වැනි කර්තව්‍යයන්හි මෙම  ස්ථානයට උත්තම නබි තුමාණන් වැඩම නොකළේය. එපමණක් නොව නබි නායක තුමාණන්ගේ අභාවයට පසු ඔහුගේ ශ්‍රාවකයන් අතුරින් කිසිවෙකු මෙම  ස්ථානයට වැඩම කල බවට කිසිම සාධකයක් වාර්තා වීද නැත. එබැවින් මෙය ධාර්මික කර්තව්‍යක් ලෙස සිතා බැහැ දැකීම යනු උත්තම නබ් (සල්) තුමාණන් හා සතු මාර්ගෝපදේශකත්වය හා ඔහු සතු මගපෙන්වීම්    සෘජූවම උල්ලංඝනය කිරීමකි.මෙවන් වත්පිළිවෙත් හිමියානන් අල්ලාහ් ප්‍රතික්ෂේප කරනු ඇත  .එසේම එම ස්ථානයේ සිදු වන ස්පර්ෂ කිරීම්,නූතන ප්‍රාර්ථනා හා එයින් ආශ්‍රීර්වාද පැතීම් යන මෙවැනි සංකල්පයන් වනුනේ ඉතා දරුණු පාපයක් ලෙස හා නීච කටයුත්තක් ලෙස ඉස්ලාම් ධර්මයෙහි සැලකේ.                                                                                                                                
3) සව්ර් ගුහාව :        
මෙය මක්කාවෙහි පිහිටි එක් ගුහාවකි.මෙහි උත්තම නබි (සල්) තුමාණන් තමන්ගේ සහායකයා වන අබූ බක්ර් (රලි) සමඟ මදීනාව බලා සංක්‍රමණ (හිජ්රත්) අවස්ථාවේදී  අන්‍ය ආගමිකයින් වන කුරයිෂී ගෝත්‍රිකයින්ගෙන් ආරක්ෂාව තකා සැඟවී සිටි ගුහාවකි.මෙයට ධාර්මිකව කිසිඳු වැදගත්කමක් නොමැත.එසේම මෙම ස්ථානය බැහැ දකිනු මෙන් උත්තම නබි නායක තුමාණන් තම අනුගාමිකයින්ව උනන්දු කර උපදෙස් දුන්නේද නැත.           තවද නබි (සල්) තුමාණන් හෝ ඔහුගේ ශ්‍රාවකයින් කිසිසේත්ම මෙම ස්ථානයට වැඩම කළේද නැත.                                       
එබැවින් අප මුස්ලිම් උදවියට කරන අවවාද අනුශාසනාවක් නම් මෙවැනි නූතන බැහැ දැකීම් වලින් වැළකී තමන් හට අනුමත වූ ධාර්මික කර්තව්‍යන්හි නියැලී හිමියානන්ගෙන් පිහිට පතා කටයුතු කරන ලෙසයි. 
                                                                                                                                                       
4) උහද් කඳුකරයේ ගුහාවන්. 
හජ් හා උම්රා කර්තව්‍යයන්හි යෙදෙන සමහර උදවීන් මෙය දෙවියන් ඇදහීමේ කටයුත්තක්  ලෙස සලකා මෙයින් ආණිසංස බලාපොරොත්තු වෙති.එනමුත් මෙයට කිසිම ප්‍රභවයක් හා අනුමතියක් ඉස්ලාම් ධර්මයෙහි දැක ගත නොහැක.                                                                                                                                                           
5)  අරෆා භූමියෙහි පිහිටා ඇති රහ්මා කඳු මුදුන
අනල්ප මුස්ලිම් බැතිමතුන් ,( හජ් කර්තව්‍යයෙහි අනිවාර්‍ය ඇදහිල්ලක් වන) අරෆා භූමියෙහි රැඳී සිටීම යනු රහ්මා නැමති කඳුකරය මත රෑඳීසිටීම පමණීයි යැයි විශ්වාද කරති.එයින් සමහරුන් මෙම කඳු මුදුනට ගොඩවීමට උත්සහ දරති.මෙයට ඉස්ලාම් ධර්මයෙහි කිසිඳු සාධකයක් හෝ කිසිඳු අනුමතියක් නොමැත.බත්න් උර්නා නැමති පෙදෙස හැර අරෆා භූමියෙහි අන්සෑම පෙදෙස් ම අරෆා භූමියට අයත්  ස්ථාන වේ . තවද මාර්ග සංවර්ධන අධිකාරිය   විසින් අරෆා භූමියෙහි සීමාව ඉතා පැහැදිලිව සලකුණු කර හමාරය.එබැවින් කඳු මුදුනට ගොඩ වීමට උත්සහ දැරීමෙන් වැළකී සිටිය යුතුය.එපමණක්  නොව ඔවුන් කරන මෙම ක්‍රයාවෙන් අරෆා භූමියෙහි තදබදයක් ඇතිවී ආරවුල් හා කලහයන් ඇතිවීමට පුළුවණි.හජ් කර්තව්‍යයෙහි නියලී සිටින සියළු මුස්ලිම් බැතිමතුන් සතු වගකීමක් නම් මෙවැනි හිරිහැර කාරී තත්වයෙන් මිදී අල්ලාහ් නැමදීමයි.

දෙවනුව :
නැමදුම හා ඇදහීම අරමුණු කොට ඉස්ලාමීය ධර්ම නීති  ව්‍යවස්ථාවෙන්   බැහැ දැකීමට අනුමැතිය ලබා දී ඇති ඇතැම් ස්ථාන.                                                                                                                                                                 
එසේවූවද මෙවන් ස්ථාන හජ් හා උම්රා කර්තව්‍යයන්හි එක් අංගයක් යැයි සිතා බැහැ දැකීමට තරම්  සුවිශේෂී කිසිඳු මහිමයන් ඉස්ලාම් ධර්මයෙහි දැක ගත නොහැක.                                            
එවන් ස්ථාන ස්වල්පයක් පහත  දැක්වේ                                                                                                                                           
 සුසානභූමීන් බැහැ දැකීම :    
මෙය ප්‍රාණාන්තය හා මරනය මෙනෙහි කර මරනෙන් මතු ජීවිතයට ලැහැස්ති වී අයහපත් දෙයින් දුරස් වී යහපත් අවවාද අනුශාසනා ලබා ගැනීම පිණිස ඉස්ලාම් දහමෙහි අනුමැතිය ලබා දී ඇත.නමුත් මෙහි කාලීන තත්වය බලන කළ ඉතා දුක්මුසු කණගාටුදායක තත්වයකි.ස්ත්‍රී පුරුෂ දෙපාර්ෂය මිශ්‍ර වීම් හා මලවුන්ගෙන් ප්‍රාර්ථනා කිරීම , ඔවුන්ගෙන් ආරක්ෂා පැතීම යන ඉස්ලාම් ධර්මයෙහි අවවාදයන්ට පටහැනි මෙවැනි ක්‍රියාවන් කාලීනව සිදුවන ඇතැම් සිදුවීම් වලට නිදසුනකි.උත්තම නබි මුහම්මද් (සල්) තුමාණන් මෙසේ කටයුතු කරන උදවීන් හමුවු කළ  මෙවැනි අසුන්දර ඇදහිලි ඉතා දරුනු ලෙස ප්‍රතික්ෂේප කර තහනම් කරනු ඇත යන්න නිසැකය.එමෙන්ම ඔබට ශක්තිය ඇත්නම් ඔබද මෙවැනි ස්ථාන බැහ දැක මෙවැනි අසුන්දර ඇදහිලි වලින් මුස්ලිම් බැතිමතූන්  වළක්වා ඔවුන් කළ යුතු දෑ පමණක් ඔවුනට වටහා දී හිමියානන් අල්ලාහ්ගෙන්     ආණිසංස ලබා ගැනීමටද අමතක නොකරන්න.
පොදුවේ සුසානභූමීන් බැහැ දැකීම යනු ඉස්ලාම් දහමෙහි එක් ආදර්ශමක් ක්‍රියාවක් වශයෙන්  තිබියද සුවිශේෂී මහිමයන් කිසිවක් නොමැති සොහොන් ස්වල්පයක් නියම කර බැහැ දැකීමේ පුරුද්දක්  අප අඥාන මුස්ලිම් බැතිමතුන් අතර පවතී.
එම සුසාන භූමීන් නම්:
1) මක්කාවෙහි  පිහිටි මුඅල්ලා නැමැති සුසානභූමිය.
මෙහි ශ්‍රාවකයින් වන සහාබිවරුන්ගේ සොහොන් බහුලව දක්නට ලැබේ.මුංමින් වරුන්ගේ මෑණියන් වන කදීජා (රළියල්ලාහු අන්හා) තුමියගේ (ස්ථීරව කිව නොහැකි) සොහොනද මෙහි පිහිටා ඇත.එනමුත් උත්තම නබි (සල්) තුමාණන්  එතුමිය ජීවතුන් අතර සිටියදී ඇයට   නිසි ගෞරවයක් ලබා දෙමින් සිටියද ඇයගේ අභාවයට පසු හජ් හා උම්රා කරතව්‍යයන්හි එතුමියගේ සොහොන වෙත ආගමික වතාවන් ඉටුකිරීමේ අරමුණක් ඇතුව බැහැ දැකීමට ගිය බවට කිසිදු පුවතක් මෙතෙක් නබි වදන් ග්‍රන්ථ වල වාර්තා වී නොමැත.
2) මුංමින් වරුන්ගේ මෑණියන් වන මයිමූනහ් (රළියල්ලාහු අන්හු) තුමියගේ සොහොන.
මක්කා නගරයෙන් පිට වූ සැනින්   මදීනා නගරයෙහි ප්‍රථම මාර්ගය  අසල මෙය පිහිටුවා ඇත. හජ් හා උම්රා කරතව්‍යයන්හි උත්තම නබි මුහම්මද් (සල්) තුමාණෝ එතුමියගේ සොහොන පමණක් විශේෂයෙන් බැහැ දැක ඇත යනුවෙන් කිසියම් ආදර්ශයක් හෝ පුවතක් මෙතෙක් වාර්තා වී නොමැත.
3) හව්වා තුමියගේ සොහොන.
ජිද්දා විදේශ සේවා කාර්‍යාංශයෙහි මුහුණත ප්‍රදේශයෙහි හව්වා තුමියගේ සොහොන බවට ප්‍රසිද්ධයක් ලබා දෙමින් ව්‍යාජ සොහොනක් පිහිටා ඇත.මෙය එතුමියගේ සොහොන  කියා ස්ථීරව කිසිවෙකුටත් කිව නොහැක. තවද  උත්තම නබි මුහම්මද් (සල්) තුමාණෝ මෙම සොහොනට වැඩම කර හෝ වැඩම කරනු මෙන් මඟපෙන්වූවේද  නැත. මෙය එක් සොහොනක් කියා ස්ථීරව කිව නොහැකි නිසා තවද එහි අල්ලාහ් තආලාට ආදේශ කිරීම් වැනි අප්‍රසන්න ඇදහිලි සිදුවන නිසාත්, දෙවියන් ඇදහීමේ කටයුත්තක්  ලෙස සලකා මෙම ස්ථානයට වැඩම කිරීම යනු විචාර බුද්ධිය හා උත්තම නබ් (සල්) තුමාණන් හා සතු මගපෙන්වීම්    සෘජූවම උල්ලංඝනය කිරීමකි.

4) උත්තම නබි (සල්) තුමාණන්ගේ මෑණියන් වන ආමිනා තුමියගේ සොහොන.
මෙම සොහොන අසල ඉතා අප්‍රසන්න හා ප්‍රතික්ෂේපයට ලත් ඇදහීම් සිදුවීමෙන් පවතී. සලාතය කිරීම,මිලමුදල් හා රෙදිපිලි ගෙනවිත් දැමීම,මෙය අවට ගමන් කිරීම හා මෙයින් ආශ්‍රීර්වාද පැතීම මෙම ප්‍රතික්ෂේපයට ලත් ඇදහීම්වලට නිදසුන්ය. හජ් හා උම්රා කරතව්‍යයන්හි උත්තම නබි මුහම්මද් (සල්) තුමාණෝ මෙම සොහොනට වැඩම කර ඇත යනුවෙන් කිසියම් ස්ථීරවූ ආදර්ශයක් හෝ පුවතක් නබි වදන් ග්‍රන්ථවල වාර්තා වී නොමැත. 
මෙතුමියගේ සොහොන බැහැ දැකීමට තරම් මහිමයන් ඉස්ලාම් ධර්මයෙහි කිසිසේත්ම දැකගත නොහැක.තවද උත්තම නබි තුමාණන්   එතුමිය සඳහා ඇගේ නාමයෙන් පාපොච්චාරනයේ නියළීමට සූදානම් වූ කළ එයටත් අල්ලාහ් දෙවි අවසර නොදුන්  බව නබි වදන් තුලින් අපට දැක ගත හැක.
විද්වතෙකු වන ඉමාම් නවවි තුමාණන් සහීහුල් බුහාරි නමැති මුලාශ්‍රයේ   විවරනයක උත්තම මුහම්මද් (සල්) අලෛහි වසල්ලම් තුමාණන්ගේ වදනක් වන (මා අල්ලාහ් අභියස මාගේ මෑණියණ් සඳහා පාපොච්චාරනයේ නියලීමට අවසර පැතුවෙමි  .එයට මා හට අවසර නොලැබුනේය.එනමුත් එතුමියගේ සොහොන බැහ දැකීමට අවසර පැතූ කල අල්ලාහ් දෙවිඳුන් මා හට අවසර දුන්නේය  ) යන වදන තුලින් අල්ලාහ්ට ආදේශ කරන්නන් වන (ජීවතුන් අතර සිටින) මුෂ්රිකීන් වරුන් හා ඔවුන්ගෙන් අභාවයට පත්වූවන්ගේ සොහොන් බැහ දැකීමට ඉස්ලාම් ධර්මයෙහි අනුමැතියක් තිබේය යනුවෙන් ඔහු සඳහන් කරයි.කුමක්නිසාදයත් අභාවයට පසුවද ඔවුන්ගේ සොහොන් බැහ දැකීමට ඉස්ලාම් ධර්මයෙහි අනුමැතියක් තිබේ නම් ඔවුන් මෙලොවෙහි ජීවතූන් අතර සිටින අතරතුරදී ඔවුන් බැහ දැකීමට අනුමැතියක් ඇති බව වක්‍රාකාරයෙන් පැහැදිලි වනු ඇත. 
ආචාර්ය ඉයාළ් නැමැති ඉස්ලාමිය විද්වතෙක් මෙසේ කරුනු දක්වයි: උත්තම මුහම්මද් (සල්) තුමාණන් එතුමියගේ සොහොන බැහැ දැකීමේ හේතුව නම් එතුමියගේ සොහොන තමාගේ දෑස් තුලින් දැක බලා එතුමියව සිහිපත් කර තමාගේ ජීවිතයට අවවාද අනුශාසනා රැසක් ගෙනහැර පෑමටය. මෙයට (ඔබලා සොහොන් බැහැ දකින්න. කුමක්නිසාදයත් එය ඔබලාට ඔබලාගේ ප්‍රාණාන්තය සිහි කැඳවනු පිණිසය ) යන නබි වදන සාදකයක් ලෙස සැලකිය හැක.
කෙසේ නමුත් පහත සඳහන් සුසාන භූමීන් හා සොහොන් නියම කර ඒ වෙත වැඩම කිරීම යනු ඉස්ලාම් ධර්මයෙහි අවසර ලත් කර්තව්‍යකි.
1) උත්තම නබි නායක මුහම්මද් (සල්) තුමාණන්ගේ උතුම් සොහොන් ගැබ බැහැ දැකීම:
කෙනෙකු  උත්තම නබි නායක මුහම්මද් (සල්) තුමාණන්ගේ උතුම් සොහොන් ගැබ බැහැ දැකීමේ ක්‍රියා පිළිවල නම් උන් වහන්සේගේ සොහොන  අසලට ගොස්  ඔහුට සලාම් කීමය.එය මෙසේය :
(අස්සලාමු අලෛයික අයියුහන්නබියියු වරහ්මතුල්ලාහු වබරකාතුහු , සල්ලල්ලාහු අලෛයික වජzසාක අන් උම්මතික කයිරා)
2) උත්තම නබි (සල්) තුමාණන්ගේ සහායකයින් දෙදෙනා වන අබූ බක්ර් හා උමර් (රළියල්ලාහු අන්හුමා) තුමාණන්ලාගේ සොහොන බැහැ දැකීම. 
නබ් තුමාණන් හට සලාම් කීවායින් පසු දකුණු පසට අඩියක් හෝ දෙකක් පැමිණ සිට අබූ බක්ර් (රළි) තුමාණන්ට සලාම් කිව යුතුය.සලාම් කිව යුතු ආකාරය නම්:
(අස්සලාමු අලෛයික යා අබා බක්ර්,කලීෆත රසූලිල්ලාහ් වරහ්මතුල්ලාහි වබරකාතුහු,රළියල්ලාහු අන්ක වජzසාක අන් උම්මති මුහම්මදින් කයිරා)
ඉන්පසු නැවතත් දකුණු පසට මදක් පැමිණ සිට උමර් (රළි) තුමාණන් හට සලාම් කිව යුතුය.එය මෙසේය :
(අස්සලාමු අලෛයික යා උමර් ,අමීරල් මුඃමිණීන්  වරහ්මතුල්ලාහි වබරකාතුහු,රළියල්ලාහු අන්ක වජzසාක අන් උම්මති මුහම්මදින් කයිරා)
3) (බකී) නැමැති සුසාන භූමිය බැහැ දැක එහි භූමිදානය කිරීමට ලක්වූවන් හට සලාම් කීම.
මෙම සුසාන භූමියෙහි තිබෙන උස්මාන් (රළි) තුමාණන්ගේ සොහොන දෙසට පැමිණ සිට ඔහුට සලාම් කිව යුතුය.එය මෙසේය :
(අස්සලාමු අලෛයික යා උස්මාන් ,අමීරල් මුංමිණීන්  වරහ්මතුල්ලාහි වබරකාතුහු,රළියල්ලාහු අන්ක වජzසාක අන් උම්මති මුහම්මදින් කයිරා)

4) උහද් කඳු ප්‍රදේශයට ගොස්  හම්zසා (රළි) තුමාණන්ගේ සොහොන හා එහි භූමිදානය කිරීමට ලක්වූ ශහීද් (ධර්මය වෙනුවෙන් තම ජීවිත පුද කළවූන්) වරුන්ගේ සොහොන් ද බැහැ දැකීම.
මෙහිදී ඔවුන් සියළු දෙනා හට සලාම් කී ඔවුන් සඳහා පාපොච්ඡාරනයේ නියැලී , ඔවුනට උත්තරීතර අල්ලාහ්ගේ   මෛත්‍රිය හා කරුණාව පහළ කරනු මෙන් ප්‍රාර්ථනා කළ යුතුය. 
තෙවනුව
මෙම ස්ථාන තුල ඇදහීම් හා වත්පිළිවෙත් කළ හැකි නමුත් මෙම සංස්ථාන පමණක් පතා මෙය කරා සංචාරය කිරීම යනු  ඉස්ලාමීය නීති ව්‍යවස්ථා තුලින් අනුමැතියක් නොලැබුනු කරුනකි.
මෙය මදීනාවෙහි පිහිටි දේවස්ථාන ස්වල්පයකි.මෙම දේවස්ථාන හා වෙනත් දේවස්ථාන අතර කිසි වෙනසක් හා නිර්විදේසනයක් නොමැත.මිහිතලයේ පිහිටි සියළුම දේවස්ථාන අල්ලාහ් දෙවි සතු ආලයන් කියා අප සැම දැනගත් කරුණකි.තවද මෙම දේවස්ථානයන්ට පමණක් කියා සුවිශේෂ වූ පූර්ණාංශ මෙයට ලබා දීම යනු නොසුදුසු ක්‍රියාවකි. හරම් දේවස්ථානය , නබවී දේවස්ථානය , අක්සා දේවස්ථානය හා කුබා දේවස්ථානය මේවා හැර ලොවෙහි අන් සියළු දේවස්ථාන  කරා සංචාරයේ නිරත වී එය බැහැ දැක , වත්පිළිවෙත් හි නියලීම ඉස්ලාම් දහමෙහි තහනම් වූ කරුණක් වන අතර එයින් වැළකීද සිටිය යුතු කරුණකි.එබැවින් නැමදුමෙහි නිසි වෙලාව පැමිණි  කල අහ්ලුස්සුන්නහ් වල්ජමාඅත් වරුන්ගේ සියළුම දේවස්ථාන තුල මුස්ලම් බැතිමතෙකුට නැමදුම ඉටු කළ හැකි අවස්ථාව ඉස්ලාම් ධර්මය විශාල වශයෙන් සපුරා දී ඇත.
තවද මෙවැනි දේවස්ථාන බැහැ දැක එයින් ආශ්‍රීර්වාද පැතීම, එහි බිත්තී ස්පර්ශ කිරීම,නූල් බැදීම වැනි තහනම් වූ අප්‍රසන්න ,අල්ලාහ්ට ආදේශයක් වන හා ආදේශයට තුඩු දෙන මෙවැනි ක්‍රියාවන් කිරීම් පමණක් නොව මෙම දේවස්ථාන කරා සංචාරයේ යෙදී එහි සලාතය වැනි වත්පිළිවෙත් පවා ඉටු කිරීමද  අවශ්‍ය නොවේ.
මෙවැනි දේවස්ථාන හතක් මදීනාවෙහි පිහිටා ඇත. මෙයින් දේවස්ථාන හයක් දැනට දැක ගත හැකි අතර හත්වැන්න අබූ බක්ර් සිද්දීක් නම් දේවස්ථානයයි.මෙය කලකට පෙර දිරා පත් විය.පහත දැක්වෙන පරිදි අපට එවැනි දේවස්ථාන නම් කර හැක.

1) ෆත්හ් දේවස්ථානය (අහ්සාබ්)
දේවස්ථාන හතෙන් විශාල දේවස්ථානය මෙයයි.මෙය සිලඃ  නම් කඳුකරයේ බටහිර දිශාවෙහි උස් ප්‍රදේශයක ඉඳි කර ඇත. එම ස්ථානයේ සිදුවුනු සටනක මුස්ලිම් වරුන් ජය අත්පත් කරගත් හේතුවෙන් මෙම දේවස්ථානයට එම සටනෙහි නම තැබිනි.
2) සල්මාන් ෆාරිසී දේවස්ථානය 
මෙම දේවස්ථානය ෆත්හ් දේවස්ථානයට දකුණු දිශාවට මීටර 20 ක දුරක  සිලඃ නම් කඳුකරෙහි ආරම්භක පෙදෙසහි පිහිටුවා ඇත.මෙයට ෆත්හ් යුද්ධ සමයෙහි මදීනා නගරය විරෝධීන්ගෙන් ආරක්ෂා කර ගැනීම පිණිස අගල් කැපීමේ යෝජනාව දුන් සල්මාන් ෆාරිසී (රළි) තුමාණන්ගේ නාමයෙන් කැඳවනු ලබයි.
3) අබූ බක්ර් සිද්දීක් දේවස්ථානය 
මෙය සල්මාන් ෆාරිසී දේවස්ථානයට නිරිත දිශාවෙන් මීටර 15 ක දුරකින් පිහිටා ඇත.මෙය ප්‍රතිසංස්කරණය ට ලක්වූ නමුත් මෑතකදී එය දිරා පත් වූවේය.
4) උමර් බින් කත්තාබ් දේවස්ථානය  
මෙය  අබූ බක්ර් සිද්දීක් දේවස්ථානයට සමීපව දකුණු දෙසට මීටර 10 ක දුරකින් පිහිටා ඇත.මෙම දේවස්ථානය දීර්ඝ ද්වාරමණ්ඩප හැඩයක් හා ඒ හැඩයෙන් ඉඩකඩ ඇති වහලක් නොමැති සාලයක් ද ඇත.තවද මෙම දේවස්ථානය පොළවෙහි සිට පඩි පේළි අටකින් ඉහළට ගොඩ නගා ඇත.මෙම දේවස්ථානය හා ෆත්හ් දේවස්ථානයෙහි ඉඳිකිරීම් එක හා සමාන ඉඳිකිරීමකි.එයට හේතුවක් නම් මෙම දේවස්ථාන දෙකම ප්‍රතිසංස්කරණය ට ලක්වූයේ එකම අවස්ථාවක විය හැක.
5) අලී බින් අබී තාලිබ් දේවස්ථානය
ෆාතිමා දේවස්ථානයට නැගෙනහිර දිශාවෙහි දීර්ඝ හැඩයක් ඇති කඳුකරයක මෙම දේවස්ථානය පිහිටුවා ඇත.අලි (රළි) තුමාණන් අහ්zසාබ් (ෆත්හ්) සටනෙහි අගල හරස් කළ අම්ර් බින් වද්දුල් ආමිරී යන  සතුරා ඝාතනය කළේ මෙහිදීය යනුයෙන් කියනු ලැබේ.
6) උත්තම මුහම්මද් (සල්) තුමාණන්ගේ දියණිය වන ෆාතිමා තුමියගේ දේවස්ථානය.
මෙයට සඅද් බින් මුආද් දේවස්ථානය යනුවෙන්ද ඉපැරණි ඉතිහාස ග්‍රන්ථ වල දක්නට හැක.ඉහත නම් වූ දේවස්ථාන වලින් ඉතා කුඩා දේවස්ථානය මෙය වේ.මෙය අලී බින් අබී තාලිබ් දේවස්ථානයට බටහිර ප්‍රදේශයේ පිහිටා ඇත.
7) කිබ්ලතයින් දේවස්ථානය. (කුබා)
ඉතිහාසඥයින් ස්වල්පයක්  මෙම දේවස්ථාන හතෙන් හය වෙනි ස්ථානය මෙයට ලබා දෙති.උත්තම මුහම්මද් (සල්) තුමාණන් හට අක්සා දෙසෙන් උතුම් කාබා දෙසට තමන්ගේ සලාතයේ දිශාව සංක්‍රමණ කරනු මෙන් දිව්‍යමය හෙළිදරව්ව හෙවත් වහී පහළ වූ ස්ථානය මෙයයි.
මෙහි උත්තම නබි තුමාණන් එක් සලාතයක කොටසක් අක්සා දෙසට හා එහි තවත් එක් කොටසක් කඃබා දෙසට හැරී යාච්ඥා කළ බැවින් මෙයට එකළ සිට (කිබ්ලතයින්) දිශාවන් දෙකක් මුහුණලා යාච්ඥා කළ දේවස්ථානය කියා නම් කෙරුණු.අප සැම අවබෝධ කළ යුතු සංකල්පයක් නම් මෙහි සලාතය ඉටු කිරීම පිණිස මෙම දේවස්ථානය   නියම කර ඒ කරා සංචාරය කිරීම යනු සුන්නත් වූ   කර්තව්‍යකි.
බුහාරි හා මුස්ලිම් වැනි නබි වදන් ග්‍රන්ථවල සඳහන් එක් නබ් වදනක් නම් (උත්තම මුහම්මද් (සල්) තුමාණන් කුබා දේවස්ථානය පාගමනින් හා ප්‍රවාහනින් බැහැ දකිමින් සිටියේය.) හෙවත් නබ් වදන තුලින් කෙනෙකු මෙම දේවස්ථානය කරා පැමිණ එහි යාච්ඥා කළ හැකිය යනුවෙන් අවබෝධ කර ගත හැක. 
මා ප්‍රිය සොහොයුර..........
මෙම ප්‍රකාශනය මගින් ඔබට හජ් හා උම්රා වන්දනා ගමනේදී  බැහැ දැකීම සදහා  සුදුසු   සුවිශේෂී ස්ථාන සහ සුදුසු නොවන ස්ථාන මා ඔබට අවබෝධ කර දුන්නෙමි.තවද එහි සිදුවන අප්‍රසන්න ක්‍රියාවන් ද සඳහන් කළෙමි. 
තවද මෙම හදීසය මදක් සිතා බලන්න (යම් කෙනෙකු අප ධර්මයේ නොපැවැති නව ක්‍රියාවක් ගොඩනගන්නේද එම ක්‍රියාව ප්‍රතික්ෂේපයට ලක් වූවකි) සහීහ් මුස්ලිම් (1343/3) .එනම් කිසිවෙකු හෝ ඉස්ලාම් දහමෙහි ධර්මානුගත නොවූ හා කිසි ප්‍රභයවක් නොමැති යම් ඇදහීමක් ගොඩනගන්නේද , (එම ඇදහීම ඔහු ශ්‍රේෂ්ඨ ඇදහීමක් යනුවෙන් සිතුවද) එය ප්‍රතික්ෂේපයට ලක් වූ ඇදහීමක් බවට පරිවර්ථනය වනු ඇත.
තවත් මෙවැනි නබි වදනක් නම් ( ක්‍රියාවන් වලින් ඉතා දුෂ්ඨ ක්‍රියාව නම් ඉස්ලාම් ධර්මයෙහි නූතන ව බිහි වූ ක්‍රියාවන්ය. ඉස්ලාම් ධර්මයෙහි නූතන ව බිහි වුනු සෑම ක්‍රියාවක්ම බිද්අත්ය (මෙයට ආගමෙහි කිසිදු අවසරයක් නොමැත).සියළුම බිද්අත්යන් මුලාවන්ය.සියළුම මුලාවන් අපායට සුදුසුය).සහීහ් ඉබ්නු කුzසයිමා(143/3)
මෙවැනි ඉස්ලාම් ධර්මයෙහි නූතන ව බිහි වුනු සෑම ක්‍රියාවන් ක්‍රියාවට නංවන්නා හට කියාමා දිනයෙහි උත්තම මුහම්මද් (සල්) තුමාණන් සතු ජල පොකුණට පිවිසීමට නොහැකිවී අභාග්‍යවන්තයෙකු ලෙස පරිවර්ථනය වීමට සිදුවනු ඇත.උත්තම මුහම්මද් (සල්) තුමාණන් මෙම පොකුණ කුමක්දැයි මෙසේ විස්තර කරයි.(සැබැවින්ම මෙම පොකුණට පෙරමුණෙහි මා සිටිමි.කවුරුන් මා අසළින් පසුකොට යන්නේද ඔහුට මෙයින් පානය කර හැක.මෙයින් කවුරුන් පානය කරන්නේද ඔහුට කිසිවිටක පිපාසයක් ඇති නොවන්නේය.නිසැකව මා හට පිරිසක් පැමිණෙති,මා ඔවුන් දනිමි ඔවුන්ද මා දන්නෝය. එනමුත් මා හා ඔවුන් අතර තිරයක් දමනු ලැබේ, ඔවුන් මාගේ සමූහයෙන් පිරිසකි යනුවෙන් මා පැවසූ කළ ඔවුන් ඔබට පසු ඔබගේ ධර්මයෙහි නූතන ව බිහි කළ දෑ ඔබ නොදනී කියා මා හට පවසනු ලැබේ,එවිට මා කව්රුන් මා ගෙන ආ ධර්මයෙහි නූතන සංකල්පයන් ගොඩනැගුවේද ඔවුන් මාගෙන් ඈත් වේවා යනුවෙන් ඒ පිරිස බලා මා ශෝකය පල කරමි )සහීහුල් බුහාරි (2406/5).
මෙවැනි අවවාද අනුශානා රැසක් ඔබගේ අවධානයට යොමු කළ පසුවත් ඔබ කියාමා දිනයෙහි උත්තම මුහම්මද් (සල්) තුමාණන් සතු පොකුණට පිවිසී එයින් පානය කිරීමෙන් තහනම් වීමට හා(ඔවුන් මාගෙන් ඈත් වේවා) යනුවෙන් උත්තම නබි තුමාණන් ගේ ශෝකයට මුහුණපා ඔහුගෙන් අපහරණය වී යාමට අපේක්ෂා  කරන්නේද යනුවෙන් මදක් සිතා බලන්න.
මා ප්‍රිය සොහොයුර.............
සියළුම බිද්අතයන්ම දරුණු පාපයන් වන අතර එයින් ඉතා අති දරුණු ක්‍රියාව නම් ශිර්ක් හෙවත් ආදේශයක් බවට පරිවර්ථනය වන හා ආදේශයක් බවට පරිවර්ථනය වීමට තුඩු දෙන ක්‍රියාවන්ය.ඒ සඳහා ලැබෙන දඬුවම නම් අමෘත සදාකාලික අපාය ජීවිතයයි.අල්ලාහ්  අප සැම එයින් ආරක්ෂා කරත්වා!!!
ඉහත සඳහන් කළ ස්ථාන වල සිදු වෙමින් පවතින්නේ මෙවැනි ශිර්ක් හෙවත් ආදේශයක් බවට පරිවර්ථනය වන හා ආදේශයක් බවට පරිවර්ථනය වීමට තුඩු දෙන ක්‍රියාවන්ය.නිසැකව අපගේ ඉමහත් බලාපොරොත්තුව වන්නේ අති දුශ්ඨ අපායෙන් ඈත් වී අප්‍රමාණ වරප්‍රසාදයන් ලබා දෙන සදාකාලික ස්වර්ගයට පිවිසීමය.එබැවින් අප මෙවැනි අප්‍රසන්න නීච ක්‍රියාවන් කිරීමෙන් තෘප්තියට පත් විය හැක්කේ කෙසේද යන්න මදක් සිතා කටයුතු කළ යුතුය.
ඉහත සඳහන් වූ එවැනි ඉස්ලාමීය නීති ව්‍යවස්ථාවේ අනුමැතිය නොලත් ක්‍රියාවන් නැවතත් ඉතා කෙටියෙන් පහත සඳහන් පරිදි ඔබට දැක ගත හැක.
1) සොහොන් හා පුස්තකාලය වැනි ස්ථාන අවට ගමන් (තවාෆ්) කිරීම.මෙය සිදුවිය යුත්තේ කාබාවට පමණී.
2) සොහොන් පිහිටුවා ඇති දෙසට මුහුණලා යාච්ඥා කිරීම.
3) උත්තම නබි තුමාණන් හා අභාවට පත් වූවන් ප්‍රාර්ථනා කොට ඔවුන්ගෙන් රැකවරණය හා අවශ්‍යතාවයන් පැතීම වැනි අල්ලාහ් දෙවියානන්ට ආදේශ කිරීමට සමාන වන ක්‍රියාවන්.
4) ආශ්‍රීර්වාද ලබා ගැනීම පිණිස මක්කාවේ හරම් අසල පිහිටි පුස්තකාලය නබි තුමාගේ නිවස යැයි සිතා එයින් ආශිර්වාද ලබා ගැනීමෙන් වැලැකී සිටීම.  
5) නූල් බැදීම , නැතහොත් යම් ප්‍රාර්ථනා ලියවුනු කඩදාසි එහි ගෙනවිත් දැමීම.
6) සොහොන් පිහිටා ඇති ගොඩනැගිලි හා එම සොහොනෙහි අමුණු ස්පර්ශ කර නැතහොත් එයට නූල් බැඳ එයින් ආශ්‍රීර්වාද පැතීම.
7) අභාවට පත් වූවන්ගේ සමීප සහායකත්වයක් ලබා ගැනීම පිණිස  මිලමුදල් හා සුවඳ ද්‍රව්‍ය ගෙනවිත් දැමීම.              
8) කෙනෙකු සලාතයේ  දෙඅත් බඳිමින් ඍජූව සිටීම සේ සොහොන ඉදිරි පිට පැමිණ ඉතා භීතියෙන් අඬා වැලපීම.
මා ප්‍රිය සොහොයුර...............
මෙම යාත්‍රාවෙහිදී හා මෙවැනි අනිකුත් ඉස්ලාම් අනුමත කල යාත්‍රාවල ඔබගේ දෙවියානන් වන  අල්ලාහ්ගේ     ග්‍රන්ථය වන අල්කුර්ආනයට හා උන් වහන්සේගේ දූතයානන් සතු ජීවනමගට අනුකූලව  තමන්ගේ ක්‍රියාවන් සකස් කර ගැනීමේ භාග්‍ය ඔබට ලැබේවා!!!
එසේම ඔබගෙන් සිදු විය හැකි පාප ක්‍රියාවන්ගෙන්ද,ඉස්ලාම් ධර්මයෙහි නූතන ව බිහි වුනු (බිද්අත්) සෑම ක්‍රියාවන්ගෙන්ද දුර සිටම දුරු වීමට අල්ලාහ්ගේ පිහිට ලැබේවා !!!
තවද ඔබ ඉටු කරන මෙම හජ් කර්තව්‍ය අල්ලාහ් දෙවිඳුන් විසින් පිළිගත් හා ඔබගේ පාපයන් සියල්ල කමා වී පාපයෙන් මිදුනු  එදින ජනිත වූ ළඳරුවෙකු මෙන් පරිශුද්ධ වන්තයෙකු  ලෙස හැරී ආපසු සිය ගම රට බලා යෑමට භාග්‍ය ලැබේවා!!!

وآخر دعوانا أن الحمد لله رب العالمين