වාක්‍ය 176 සිට 200 දක්වා සහ සූරත් අන් නිසා 1 සිට 23 දක්වා සිංහල පරිවර්තණය

වාක්‍ය 176 සිට 200 දක්වා සහ සූරත් අන් නිසා 1 සිට 23 දක්වා සිංහල පරිවර්තණය

اسم المادة: ترجمة معاني القرآن الكريم باللغة السنهالية من سورة آل عمران من الآية 176 حتى الأية200 وسورة النساءمن الآية 1 حتى 23


الناشر: المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة


 

වාක්‍ය 176 සිට 200 දක්වා සහ සූරත් අන් නිසා 1 සිට 23 දක්වා සිංහල පරිවර්තණය

 

 

< සිංහල >
        





Translator's name
 මාහිර් රම්ඩීන්

Reviser's name
 මුහම්මද් අසාද්
 
ترجمة معانى القرآن الكريم
سورة آل عمران من من الآية 176 حتى الأية200وسورة النساءمن الآية 1 حتى 23

< سنهالية >
        


القرآن الكريم



ترجمة: ماهر رمدين
مراجعة: لجنة الترجمة برئاسة محمد آساد
 

03 සූරත් ආලු ඉම්රාන් (ඉම්රාන්ගේ කුටුම්භය)
මක්කාහ්වෙහි දී පහළ වූවකි.
   ආයාත් (වැකි) 176 - 200 දක්වා වූ වැකි.
بِسْمِ اللهِ الرَّحمنِ الرَّحِيْمِ
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ් ගේ නාමයෙනි.
ප්‍රතික්ෂේප(කුෆ්ර්) කිරීමෙහි යුහුසුලු ව කටයුතු කරන අය නුඹ ව දුකට පත් නොකළ යුතුය. නියත වශයෙන් ම ඔවුනට කිසිවකින් අල්ලාහ්ට හානි පමුණු විය නොහැක. මතු ලොවෙහි කොටසක් ඔවුනට ඇති නොකිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි. තවද ඔවුනට මහත් වූ දඬුවමක් ඇත.    وَلَا يَحْزُنْكَ الَّذِينَ يُسَارِعُونَ فِي الْكُفْرِ إِنَّهُمْ لَنْ يَضُرُّوا اللهَ شَيْئًا يُرِيدُ اللهُ أَلَّا يَجْعَلَ لَهُمْ حَظًّا فِي الْآَخِرَةِ وَلَهُمْ عَذَابٌ عَظِيمٌ (176)
නියත වශයෙන් ම දේව විශ්වාසය වෙනුවට ප්‍රතික්ෂේපය (කුෆ්ර්) මිලට ගත්තවුන් වන ඔවුන් හට අල්ලාහ්ට යම් හානියක් සිදු කිරීමට නොහැක්කේ ම ය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.    إِنَّ الَّذِينَ اشْتَرَوُا الْكُفْرَ بِالْإِيمَانِ لَنْ يَضُرُّوا اللهَ شَيْئًا وَلَهُمْ عَذَابٌ أَلِيمٌ (177)
ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට අප (ක්ෂණික ව දඬුවම් නොදී) ප්‍රමාද කිරීම තමන්ට යහපතක් යැයි ඔවුන් නොසිතිය යුතුය. අප එසේ ඔවුනට ප්‍රමාද කරනුයේ ඔවුන් අධික ව පාපය වර්ධනය කර ගනු පිණිස ය. තවද ඔවුන් හට නින්දා සහගත දඬුවම ඇත.    وَلَا يَحْسَبَنَّ الَّذِينَ كَفَرُوا أَنَّمَا نُمْلِي لَهُمْ خَيْرٌ لِأَنْفُسِهِمْ إِنَّمَا نُمْلِي لَهُمْ لِيَزْدَادُوا إِثْمًا وَلَهُمْ عَذَابٌ مُهِينٌ (178)
අල්ලාහ් කිලිටි දැයින් පිවිතුරු දෑ වෙන් කරන තෙක් නුඹලා (දැනට) කවර තත්ත්වයක පසු වන්නේ ද එවන් තත්ත්වයක ම විශ්වාසවන්තයින් ව අතහැර දමන්නෙක් නොවීය. එමෙන් ම ගුප්ත දෑ නුඹලාට පෙන්වා දීමට ද අල්ලාහ්ට (අවශ්‍ය) නොවීය. එනමුත් තම ධර්ම දූතයින්ගෙන් තමන් අභිමත වූ අය ව අල්ලාහ් තෝරා ගන්නේ ය. එබැවින් නුඹලා අල්ලාහ් ව ද ඔහුගේ ධර්ම දූතයින් ව ද විශ්වාස කරනු. නුඹලා විශ්වාස කරන්නේ නම් තවද බිය බැතිමත් වන්නේ නම් එවිට නුඹලාට මහත් වූ ප්‍රතිඵල ඇත.    مَا كَانَ اللهُ لِيَذَرَ الْمُؤْمِنِينَ عَلَى مَا أَنْتُمْ عَلَيْهِ حَتَّى يَمِيزَ الْخَبِيثَ مِنَ الطَّيِّبِ وَمَا كَانَ اللهُ لِيُطْلِعَكُمْ عَلَى الْغَيْبِ وَلَكِنَّ اللهَ يَجْتَبِي مِنْ رُسُلِهِ مَنْ يَشَاءُ فَآمِنُوا بِاللهِ وَرُسُلِهِ وَإِنْ تُؤْمِنُوا وَتَتَّقُوا فَلَكُمْ أَجْرٌ عَظِيمٌ (179)
අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුනට පිරිනැමූ දෑ පිළිබඳ මසුරුකම් කරන්නන් එය(එසේ මසුරුකම් කිරීම) තමන්ට යහපතක් යැයි නොසිතිය යුතුය. නමුත් එය ඔවුනට නපුරු ය. ඔවුහු කවර දෙයක් පිළිබඳ මසුරුකම් කළේ ද එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් හට ගෙල මාල පලඳවනු ලබන්නේය. තවද අහස් හි හා මහපොළොවේ උරුමය අල්ලාහ් සතු ය. තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තයා ය.    وَلَا يَحْسَبَنَّ الَّذِينَ يَبْخَلُونَ بِمَا آتَاهُمُ اللهُ مِنْ فَضْلِهِ هُوَ خَيْرًا لَهُمْ بَلْ هُوَ شَرٌّ لَهُمْ سَيُطَوَّقُونَ مَا بَخِلُوا بِهِ يَوْمَ الْقِيَامَةِ وَِللهِ مِيرَاثُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاللهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ (180(
181-184. යුදෙව්වන්ගේ කුමන්ත‍්‍රණ ඉස්ලාමයට එරෙහි වීමේ දී ඔවුන්ගේ නීච උපායයන්, ඔවුන්ගේ මුසාවාද හා ඔවුන්ගේ පහත් ගතිගුණ.
සැබැවින් ම අල්ලාහ් දිළිඳු ය. තවද අපි පොහොසත්හු යැයි පැවසූ අයගේ ප්‍රකාශයට සැබැවින් ම අල්ලාහ් සවන් දුන්නේය. ඔවුන් පැවසූ දෑ ද යුක්තියකින් තොර ව නබි වරුන් ව ඔවුන් ඝාතනය කිරීම ද අපි සටහන් කර ගන්නෙමු. තවද නුඹලා පිලිස්සෙන දඬුවම භුක්ති විඳිනු යැයි අපි (විනිශ්චය දිනයේ) පවසන්නෙමු.    لَقَدْ سَمِعَ اللهُ قَوْلَ الَّذِينَ قَالُوا إِنَّ اللهَ فَقِيرٌ وَنَحْنُ أَغْنِيَاءُ سَنَكْتُبُ مَا قَالُوا وَقَتْلَهُمُ الْأَنْبِيَاءَ بِغَيْرِ حَقٍّ وَنَقُولُ ذُوقُوا عَذَابَ الْحَرِيقِ (181)
මෙය නුඹලාගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙනි. තවද නියත වශයෙන්ම අල්ලාහ් ගැත්තන් හට අරපාධ කරන්නෙක් නොවේ.    ذَلِكَ بِمَا قَدَّمَتْ أَيْدِيكُمْ وَأَنَّ اللهَ لَيْسَ بِظَلَّامٍ لِلْعَبِيدِ (182)
ඔවුහු කවරහු ද යත් ගින්න ගිල දමන කුර්බානයක්(කැපයක්) අප වෙත රැගෙන එන තෙක් කිසිදු ධර්ම දූතයෙකු ව අප විශ්වාස නොකළ යුතු යැයි අල්ලාහ් අප සමග ගිවිසගෙන ඇතැයි පැවසුවෝය. පැහැදිලි සාධක සමඟ ද (මේ) නුඹලා පවසා සිටි දෑ සමඟ ද මට පෙර ධර්ම දූතයෝ නුඹලා වෙත පැමිණියහ. එසේ නුඹලා සත්‍යවාදීන් නම් ඔවුන් ව නුඹලා ඝාතනය කළේ මන්දැ යි අසනු.
    الَّذِينَ قَالُوا إِنَّ اللهَ عَهِدَ إِلَيْنَا أَلَّا نُؤْمِنَ لِرَسُولٍ حَتَّى يَأْتِيَنَا بِقُرْبَانٍ تَأْكُلُهُ النَّارُ قُلْ قَدْ جَاءَكُمْ رُسُلٌ مِنْ قَبْلِي بِالْبَيِّنَاتِ وَبِالَّذِي قُلْتُمْ فَلِمَ قَتَلْتُمُوهُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ (183)
එසේ නුඹ ව ඔවුන් බොරු කළේ නම් එවිට (දැන ගනු) පැහැදිලි සාධක සමඟ ද ලේඛන හා ප්‍රභාවත් වේද ග්‍රන්ථ සමඟ ද නුඹට පෙර පැමිණි රසූල්වරු ද නියත වශයෙන් ම බොරු කරනු ලැබූහ.    فَإِنْ كَذَّبُوكَ فَقَدْ كُذِّبَ رُسُلٌ مِنْ قَبْلِكَ جَاءُوا بِالْبَيِّنَاتِ وَالزُّبُرِ وَالْكِتَابِ الْمُنِيرِ (184)
185-186. මරණය සිදුවීම සියල්ලන්ට පොදු කරුණකි. කෙනෙකුගේ ජයග‍්‍රහණය හෝ පරාජය තීන්දු කරනු ලබන්නේ පරලොව සදාතනික ස්වර්ගය හෝ සදාතනික නිරයට පිවිසීම තුළිනි.
සෑම ආත්මයක් ම මරණයේ සුවය විඳින්නේය. නුඹලාට නුඹලාගේ ප්‍රතිඵල පූර්ණ ව පිරිනමනු ලබනුයේ මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයෙහි ය. එවිට කවරෙක් (නිරා) ගින්නෙන් දුරස් කරනු ලැබ (ස්වර්ග) උයනට ඇතුළත් කරනු ලැබුවේ ද සැබැවින් ම ඔහු ජයග්‍රහණය කළේය. තවද මෙලොව ජීවිතය රවටාලන හුදු භුක්ති විඳීමක් මිස නැත.    كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ وَإِنَّمَا تُوَفَّوْنَ أُجُورَكُمْ يَوْمَ الْقِيَامَةِ فَمَنْ زُحْزِحَ عَنِ النَّارِ وَأُدْخِلَ الْجَنَّةَ فَقَدْ فَازَ وَمَا الْحَيَاةُ الدُّنْيَا إِلَّا مَتَاعُ الْغُرُورِ (185)
නුඹලාගේ වස්තුවෙහි ද නුඹලාගේ ආත්මාවන්හි ද සැබැවින් ම නුඹලා පරීක්ෂා කරනු ලබන්නෙහුය. තවද නුඹලාට පෙර සිටි වේද ග්‍රන්ථ පිරිනමනු ලැබූවන්ගෙන් ද ආදේශ කළ අයගෙන් ද බොහෝ වද වේදනාවන් ගැන නුඹලා සවන් දෙන්නෙහු ම ය. තවද නුඹලා ඉවසා බිය බැතිමත් වූයේ නම් එවිට සැබැවින් ම එය ස්ථාවර කරුණු අතුරින් (එකක්) වෙයි.    لَتُبْلَوُنَّ فِي أَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ وَلَتَسْمَعُنَّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَمِنَ الَّذِينَ أَشْرَكُوا أَذًى كَثِيرًا وَإِنْ تَصْبِرُوا وَتَتَّقُوا فَإِنَّ ذَلِكَ مِنْ عَزْمِ الْأُمُورِ (186)
187-189. පුස්තක ලත් ජනයාගෙන් ප‍්‍රතිඥාව ලබා ගැනීම හා ඔවුන් එය ප‍්‍රතික්ෂේප කිරීම.
වේද ග්‍රන්ථය දෙනු ලැබූවන් ගෙන් නුඹලා එය ජනයාට එ(ම වේද ග්‍රන්ථ)ය පැහැදිලි කරනු, තවද නුඹලා එය වසන් නොකරනු යැයි අල්ලාහ් ප්‍රතිඥා ගත් අවස්ථාව සිහිපත් කරනු. නමුත් ඔවුහු එය ඔවුන් ගේ පිට පෙදෙසින් පිටුපසට විසි කළෝය. ඒ (ප්‍රතිඥාව) වෙනුවට අල්ප මිලක් ලබා ගත්තෝය. ඔවුන් මිලට ගන්නා දෑ ඉතා නපුරු විය.    وَإِذْ أَخَذَ اللهُ مِيثَاقَ الَّذِينَ أُوتُوا الْكِتَابَ لَتُبَيِّنُنَّهُ لِلنَّاسِ وَلَا تَكْتُمُونَهُ فَنَبَذُوهُ وَرَاءَ ظُهُورِهِمْ وَاشْتَرَوْا بِهِ ثَمَنًا قَلِيلًا فَبِئْسَ مَا يَشْتَرُونَ (187)
තමන් කරමින් ආ දෑ පිළිබඳ සතුටු වන, තවද තමන් නොකළ දෑ පිළිබඳ ව ප්‍රශංසා කරනු ලැබීම ප්‍රිය කරනවුන් ගැන නුඹ නොසිතනු. දඬුවමින් (මිදී) ජයග්‍රහණය ඔවුනට තිබේ යැයි නුඹ නොසිතනු. තවද ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.    لَا تَحْسَبَنَّ الَّذِينَ يَفْرَحُونَ بِمَا أَتَوْا وَيُحِبُّونَ أَنْ يُحْمَدُوا بِمَا لَمْ يَفْعَلُوا فَلَا تَحْسَبَنَّهُمْ بِمَفَازَةٍ مِنَ الْعَذَابِ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ (188)
අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය අල්ලාහ් සතුය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිවන්ත ය.    وَِللهِ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاللهُ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ (189)
190-194. අහස් හා මහපොළොව මැවීමේ බලය පිළිබඳ ව විස්තර. අල්ලාහ් ව අධික වශයෙන් මෙනෙහි කිරීම හා ප‍්‍රාර්ථානා කිරීමෙහි අවශ්‍යතාව.
නියත වශයෙන් ම අහස් හා මහපොළොව මැවීමෙහි ද රාත්‍රිය හා දහවල මාරු වීමෙහි ද බුද්ධිමත් අයට පැහැදිලි සාධක ඇත.    إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِأُولِي الْأَلْبَابِ (190)
ඔවුහු කවරහු ද යත්   සිට ගනිමින් ද වාඩි වෙමින් ද ඉලපැති වලට ඇල වෙමින් ද අල්ලාහ් ව මෙනෙහි කරමින් හා අහස් හා මහපොළොව මැවීම තුළ (ඇති යථාර්ථය) කල්පනා කරමින් ‘අපගේ පරමාධිපති යාණනි!  නුඹ මෙය නිකරුණේ ලෙස නොමැව්වෙහිය. නුඹ සුපිවිතුරු ය. එබැවින් අපව (නිරා) ගින්නේ දඬුවමින් ආරක්ෂා කරනු මැනව !     الَّذِينَ يَذْكُرُونَ اللهَ قِيَامًا وَقُعُودًا وَعَلَى جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذَا بَاطِلًا سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ (191)

අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන් ම නුඹ කවරෙකු ව (නිරා) ගින්නට ඇතුළත් කරන්නෙහි ද එවිට සැබැවින් ම නුඹ ඔහු ව අවමානයට පත් කරන්නෙහිය. තවද අපරාධ කරුවන්ට උදව් කරුවන් කිසිවෙකු නොමැත.    رَبَّنَا إِنَّكَ مَنْ تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنْصَارٍ (192)

අපගේ පරමාධිපතියාණනි! නුඹලාගේ පරමාධිපති ව නුඹලා විශ්වාස කරනු යැයි දේව විශ්වාසය වෙත කැඳවන කැඳවුම් කරුට සැබැවින් ම අපි සවන් දුනිමු. එවිට අපි විශ්වාස කළෙමු. එබැවින් අපගේ පාපයන් සමා කරනු මැනව! අපගේ නපුරුකම් අපගෙන් පහ කරනු මැනව! තවද අප ව දැහැමියන් සමඟ මරණයට පත් කරනු මැනව!     رَبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلْإِيمَانِ أَنْ آمِنُوا بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الْأَبْرَارِ (193)

අපගේ පරමාධිපතියාණනි! තවද නුඹගේ ධර්ම දූතයින් තුළින් අපට ප්‍රතිඥා දුන් දෑ අපට පිරිනමනු මැනව! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අප ව දුකට පත් නොකරනු මැනව! සැබැවින් ම නුඹ ප්‍රතිඥාවන්ට වෙනස්කම් නොකරන්නෙහිය.‘ (යැයි පවසති.)     رَبَّنَا وَآتِنَا مَا وَعَدْتَنَا عَلَى رُسُلِكَ وَلَا تُخْزِنَا يَوْمَ الْقِيَامَةِ إِنَّكَ لَا تُخْلِفُ الْمِيعَادَ (194)
195-198. ඉස්ලාමයේ ක‍්‍රියාවන් සඳහා වූ ප‍්‍රතිඵල පිරිමින්ට මෙන්ම කාන්තාවන්ට ද ඇත. කෙනෙකුගේ ක‍්‍රියාවන් ඔහුගේ ධනය හා තත්ත්වය  පදනම් කරගනිමින් පිළිගනු නොලබන අතර තක්වා ව (අල්ලාහ් කෙරෙහි වූ බිය) පදනම් කර ගනිමින් පිළිගනු ලැබේ.
එවිට ඔවුන්ගේ පරමාධිපති ඔවුනට පිළිතුරු දුන්නේය. සැබැවින් ම මම නුඹලා අතුරින් පිරිමියෙකුගෙන් හෝ වේවා ගැහැනියකගෙන් හෝ වේවා දැහැමි ක්‍රියා කරන්නාගේ ක්‍රියාව නිෂ්ඵල නොකරමි. නුඹලාගෙන් ඇතැමුන් ඇතැමුන්ගෙනි. එබැවින් දේශ තරණය කොට තම නිවෙස් වලින් බැහැර කරනු ලදු ව මාගේ මාර්ගයේ වේදනාව විඳ සටන් වැද ඝාතනය කරනු ලැබූවන් වන ඔවුන්ගේ නපුරු පාපයන් ඔවුන්ගෙන් මම පහ කරමි. තවද  පහළින් ගංගාවන් ගලා බස්නා උයන් හි ඔවුන් ව මම ඇතුළත් කරමි. (එය) අල්ලාහ් අබියසින් වූ කුසලක් ලෙසිනි. තවද අල්ලාහ් ඔහු වෙත ය කුසලින් ශ්‍රේෂ්ඨ දෑ ඇත්තේ.    فَاسْتَجَابَ لَهُمْ رَبُّهُمْ أَنِّي لَا أُضِيعُ عَمَلَ عَامِلٍ مِنْكُمْ مِنْ ذَكَرٍ أَوْ أُنْثَى بَعْضُكُمْ مِنْ بَعْضٍ فَالَّذِينَ هَاجَرُوا وَأُخْرِجُوا مِنْ دِيَارِهِمْ وَأُوذُوا فِي سَبِيلِي وَقَاتَلُوا وَقُتِلُوا لَأُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَأُدْخِلَنَّهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ثَوَابًا مِنْ عِنْدِ اللهِ وَاللهُ عِنْدَهُ حُسْنُ الثَّوَابِ (195)
(නබිවරය!) නගරයන් හි ප්‍රතික්ෂේප කළවුන්ගේ සැරිසැරීම නුඹ ව නොරවටා දැමිය යුතු ය.    لَا يَغُرَّنَّكَ تَقَلُّبُ الَّذِينَ كَفَرُوا فِي الْبِلَادِ (196)
(එය) ස්වල්ප භුක්ති විඳීමකි. පසු ව ඔවුන්ගේ නවාතැන නිරය ය. තවද (ඔවුන්) ලැගුම් ගන්නා ස්ථානය නපුරු විය.    مَتَاعٌ قَلِيلٌ ثُمَّ مَأْوَاهُمْ جَهَنَّمُ وَبِئْسَ الْمِهَادُ (197)
නමුත් තමන්ගේ පරමාධිපතිට බිය බැතිමත් වූවන් වන ඔවුනට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එහි ඔවුහු සදාතනිකයෝය. (එය) අල්ලාහ් අබියසින් වූ සංග්‍රහයක් වශයෙනි. අල්ලාහ් අබියස ඇති දෑ දැහැමියන්ට ඉතා ශ්‍රේෂ්ඨය.    لَكِنِ الَّذِينَ اتَّقَوْا رَبَّهُمْ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا نُزُلًا مِنْ عِنْدِ اللهِ وَمَا عِنْدَ اللهِ خَيْرٌ لِلْأَبْرَارِ (198)
199-200. දහම් ලත් ජනයාගෙන් කොටසක් විශ්වාස කිරීම හා ඉවසීමෙන් කටයුතු කරන මෙන් විශ්වාසවන්තයින්ට වූ අල්ලාහ්ගේ විධානය.
තවද නියත වශයෙන් ම වේද ග්‍රන්ථ හිමි අය අතුරින් අල්ලාහ් ව ද නුඹලා වෙත පහළ කරනු ලැබූ දෑ ද ඔවුන් වෙත පහළ කරනු ලැබූ දෑ ද අල්ලාහ්ට යටහත් පහත් ව විශ්වාස කරන අය සිටිති. අල්ලාහ්ගේ වදන් වෙනුවට ඔවුහු අල්ප මිලක් නොගනිති. ඔවුන්ගේ ප්‍රතිඵල ඔවුන්ගේ පරමාධිපති අබියසින් ඔවුනට හිමි(වන්නේ)ය. නියත වශයෙන් ම අල්ලාහ් විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.    وَإِنَّ مِنْ أَهْلِ الْكِتَابِ لَمَنْ يُؤْمِنُ بِاللهِ وَمَا أُنْزِلَ إِلَيْكُمْ وَمَا أُنْزِلَ إِلَيْهِمْ خَاشِعِينَ ِللهِ لَا يَشْتَرُونَ بِآيَاتِ اللهِ ثَمَنًا قَلِيلًا أُولَئِكَ لَهُمْ أَجْرُهُمْ عِنْدَ رَبِّهِمْ إِنَّ اللهَ سَرِيعُ الْحِسَابِ (199)
අහෝ විශ්වාස කළවුනි ! නුඹලා ජයග්‍රහණය ලැබිය හැකි වනු පිණිස නුඹලා ඉවසනු. තවද ඉවසීමට නුඹලා එකිනෙකා දිරිගන් වනු. තවද නුඹලා ස්ථාවර ව සිටිනු. අල්ලාහ්ට බිය බැතිමත් වනු.    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اصْبِرُوا وَصَابِرُوا وَرَابِطُوا وَاتَّقُوا اللهَ لَعَلَّكُمْ تُفْلِحُونَ (200)
04 සූරත් අන්-නිසා (කාන්තාවෝ)  
මදීනාවෙහි දී පහළ වූවකි.  ආයත් 1-23 දක්වා වූ වැකි
بِسْمِ اللهِ الرَّحمنِ الرَّحِيْمِ
අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ් ගේ නාමයෙනි.
1. අල්ලාහ්ට බිය බැතිමත් ව කටයුතු කරන මෙන් වූ නියෝගය. මිනිසුන් සියල්ලෝම ආදම් නබි තුමාගෙන් බිහි වූවන්ය.
අහෝ මිනිසුනි ! එක ම ආත්මයකින් නුඹලා ව මවා එයින් එහි කළත්‍රය ද මවා ඔවුන් දෙදෙනාගෙන් අධික පිරිමින් ද කාන්තාවන් ද මැවූ නුඹලාගේ පරමාධිපතිට බිය බැතිමත් වනු. තවද කවර(නාමය)ක් වෙනුවෙන් නුඹලා එකිනෙකා අයිතීන් ඉල්ලා සිටින්නේ ද ඔහුට ද (එවැනි) ලේඥාතීත්වය (බිඳ දැමීම)ට ද බිය වනු. නියත වශයෙන් ම අල්ලාහ් නුඹලා කෙරෙහි සර්ව නිරීක්ෂකයා විය.    يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمُ الَّذِي خَلَقَكُمْ مِنْ نَفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالًا كَثِيرًا وَنِسَاءً وَاتَّقُوا اللهَ الَّذِي تَسَاءَلُونَ بِهِ وَالْأَرْحَامَ إِنَّ اللهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا (1)
2- 6. බහු විවාහය පිළිබඳ ව ඉස්ලාමීය නීතිය, අනාථයින් රැක බලා ගන්නා විට ඔවුන්ගේ දේපළ ආරක්ෂා කරන මෙන් වූ නියෝගය.
අනාථයින්ට ඔවුන්ගේ වස්තුව දෙනු. තවද නුඹලා කිලිටි දෑ වෙනුවට පිවිතුරු දෑ හුවමාරු නොකරනු. නුඹලාගේ වස්තුව සමඟ ඔවුන්ගේ වස්තුව එකතු කර අනුභව නොකරනු. සැබැවින් ම එය මහත් වූ පාපයකි.    وَآتُوا الْيَتَامَى أَمْوَالَهُمْ وَلَا تَتَبَدَّلُوا الْخَبِيثَ بِالطَّيِّبِ وَلَا تَأْكُلُوا أَمْوَالَهُمْ إِلَى أَمْوَالِكُمْ إِنَّهُ كَانَ حُوبًا كَبِيرًا (2)
අනාථයින් විෂයෙහි නුඹලා යුක්තිය ඉටු කිරීමට නොහැකි වනු ඇතැයි නුඹලා බිය වූයෙහු නම් එවිට කාන්තාවන්ගෙන් නුඹලාට ප්‍රිය මනාප දෙදෙනෙකු හෝ තිදෙනෙකු හෝ සිව් දෙනෙකු හෝ නුඹලා විවාහ කර ගනිවු. එවිට (ඔවුන් අතර) යුක්ති ගරුක ව කටයුතු කිරීමට නොහැකි වේ යැයි නුඹලා බිය වූයෙහු නම් එවිට එක් තැනැත්තියක් හෝ නුඹලාගේ දකුණත හිමි කර ගත් අය හෝ විවාහ කරගත යුතුය. නුඹලා අයුක්තිය ඉටු නොකිරීමට එය වඩා සමීප ය.    وَإِنْ خِفْتُمْ أَلَّا تُقْسِطُوا فِي الْيَتَامَى فَانْكِحُوا مَا طَابَ لَكُمْ مِنَ النِّسَاءِ مَثْنَى وَثُلَاثَ وَرُبَاعَ فَإِنْ خِفْتُمْ أَلَّا تَعْدِلُوا فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ ذَلِكَ أَدْنَى أَلَّا تَعُولُوا (3)
තවද නුඹලා (විවාහ වන) කාන්තාවන්ට ඔවුන්ගේ මහර් හෙවත් විවාහ දීමනාවන් පිරිනමනු. නමුත් ඔවුන් ඉන් කිසිවක් නුඹලාට ස්වකැමැත්තෙන් පිරිනැමුවේ නම් එවිට නුඹලා එය සතුටින් හා රසවත් ව අනුභව කරනු.    وَآتُوا النِّسَاءَ صَدُقَاتِهِنَّ نِحْلَةً فَإِنْ طِبْنَ لَكُمْ عَنْ شَيْءٍ مِنْهُ نَفْسًا فَكُلُوهُ هَنِيئًا مَرِيئًا (4)
තවද නඩත්තුව පිණිස අල්ලාහ් නුඹලාට පැවරූ නුඹලාගේ වස්තුව බුද්ධි මට්ටම හීනවී ඇත්තන්ට පිරි නොනමනු. තවද ඒවායෙහි ඔවුනට පෝෂණය ලබා දෙනු. තවද වස්ත්‍ර ද ලබා දෙනු. තවද ඔවුනට යහ වදනින් කතා කරනු.    وَلَا تُؤْتُوا السُّفَهَاءَ أَمْوَالَكُمُ الَّتِي جَعَلَ اللهُ لَكُمْ قِيَامًا وَارْزُقُوهُمْ فِيهَا وَاكْسُوهُمْ وَقُولُوا لَهُمْ قَوْلًا مَعْرُوفًا (5)
අනාථයින් විවාහ වියට පත් වන තුරු ඔවුන් ප්‍රවේශමෙන් රැක බලා ගනු. ඔවුන් අතුරින් (වගකීම් දරන) නිවැරදි මඟක් දුටුවෙහු නම් එවිට ඔවුනට ඔවුන්ගේ වස්තුව නුඹලා බාර දෙනු. තවද ඔවුන් වැඩිවියට පත්වනු ඇත (එවිට ඒවා ලබා දිය යුතු වේ) යැයි ඉක්මන් හා නාස්තිකාර ලෙස ඒවා අනුභව නොකරනු. තවද කවරෙකු පොහොසත් වන්නේ ද ඔහු (එය පරිහරණය කිරීමෙන් වැළකී) තැන්පත් බව රැකිය යුතුය. තවද කවරෙකු දිළිඳු වන්නේ ද ඔහු යහ අයුරින් (සාධාරණ ලෙස) අනුභව කළ යුතු ය. නුඹලා ඔවුන්ගේ වස්තුව ඔවුනට පවරන විට ඔවුන් වෙත සාක්ෂිකරුවන් ඉදිරිපත් කරනු. ගිණුම් බලන්නන්ගෙන් අල්ලාහ් ප්‍රමාණවත් ය.    وَابْتَلُوا الْيَتَامَى حَتَّى إِذَا بَلَغُوا النِّكَاحَ فَإِنْ آنَسْتُمْ مِنْهُمْ رُشْدًا فَادْفَعُوا إِلَيْهِمْ أَمْوَالَهُمْ وَلَا تَأْكُلُوهَا إِسْرَافًا وَبِدَارًا أَنْ يَكْبَرُوا وَمَنْ كَانَ غَنِيًّا فَلْيَسْتَعْفِفْ وَمَنْ كَانَ فَقِيرًا فَلْيَأْكُلْ بِالْمَعْرُوفِ فَإِذَا دَفَعْتُمْ إِلَيْهِمْ أَمْوَالَهُمْ فَأَشْهِدُوا عَلَيْهِمْ وَكَفَى بِاللهِ حَسِيبًا (6)
7-10. පිරිමින් හා ස්ත‍්‍රීන් සතු දේපළ අයිතිය හා ඔවුන් එකිනෙකා කෙරෙහි නියම වන ප‍්‍රමාණය පිළිබඳ නීති රීති.
දෙමාපියන් හා සමීප ඥාතීන් අත හැර දමා ගිය දැයින් කොටසක් පිරිමි පාර්ශවයට ඇත. එමෙන් ම දෙමාපියන් හා සමීප ඥාතීන් අත හැර දමා ගිය දැයින් කාන්තා පාර්ශවයට ද කොටසක් ඇත. එයින් අඩු වූ දෑ වුව ද අධික වූ දෑ වුව ද නියම කරන ලද කොටසක් වශයෙන් ඇත.    لِلرِّجَالِ نَصِيبٌ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ وَلِلنِّسَاءِ نَصِيبٌ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ مِمَّا قَلَّ مِنْهُ أَوْ كَثُرَ نَصِيبًا مَفْرُوضًا (7)
බෙදීමේ දී (වස්තුවට උරුමකම් නොලබන) ඥාතීන් ද අනාථයින් ද දුගියන් ද සහභාගී වූයේ නම් එවිට නුඹලා එයින් ඔවුන් ව පෝෂණය කරනු. තවද යහ වදනින් ඔවුනට කතා කරනු.    وَإِذَا حَضَرَ الْقِسْمَةَ أُولُو الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينُ فَارْزُقُوهُمْ مِنْهُ وَقُولُوا لَهُمْ قَوْلًا مَعْرُوفًا (8)
තමන්ට පසුව දුර්වල පරපුරක් හැර දමා ගොස් ඔවුන් සම්බන්ධයෙන් බිය වන අය මෙන් (අනාථයින් සම්බන්ධව ද) ඔවුන් බිය විය යුතුය. එබැවින් අල්ලාහ්ට ඔවුන් බිය බැතිමත් විය යුතුය. තවද ඔවුන් ඍජු වදනින් (අවංක ව) කතා කළ යුතුය.    وَلْيَخْشَ الَّذِينَ لَوْ تَرَكُوا مِنْ خَلْفِهِمْ ذُرِّيَّةً ضِعَافًا خَافُوا عَلَيْهِمْ فَلْيَتَّقُوا اللهَ وَلْيَقُولُوا قَوْلًا سَدِيدًا (9)
නියත වශයෙන් ම අනාථයින් ගේ වස්තුව අයුක්ති සහගත ව අනුභව කරන්නන් (සැබැවින් ම) ඔවුන්ගේ කුසෙහි ඔවුන් අනුභව කරනුයේ (නිරයේ) ගින්න ය. තවද ඔවුහු ඇවිළෙන ගින්නට (පිවිස) දැවෙති.    إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوَالَ الْيَتَامَى ظُلْمًا إِنَّمَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ نَارًا وَسَيَصْلَوْنَ سَعِيرًا (10)
11-12. දේපල අයිතිය පිළිබඳව උරුමක්කාරයින් සෑම කෙනෙකු කෙරෙහිම නියම වන ප‍්‍රමාණය පිළිබඳව නීතිරීති.
අල්ලාහ් නුඹලාගේ දරුවන් විෂයෙහි පිරිමියාට කාන්තාවන් දෙදෙනෙකුගේ කොටස මෙන් විය යුතු යැයි උපදෙස් දෙන්නේය. නමුත් දෙදෙනෙකුට වඩා කාන්තාවන් (පමණක්) වූයේ නම් එවිට තමන් හැර දමා ගිය දැයින් තුනෙන් දෙකක් ඔවුනට විය යුතු ය. එක් තැනැත්තියක පමණක් වූවා නම් එවිට ඇයට අඩකි. තවද තම දෙමාපියන් විෂයෙහි ඔහුට දරුවෙකු වී ඔහු හැර දමා ගිය දැයින් ඔවුන් දෙදෙනාගෙන් එක් එක්  අයෙකුට හයෙන් එක් කොටසක් විය යුතුය. නමුත් ඔහුට දරුවෙකු නොවී එයට තම දෙමාපියන් උරුමකම් කියන්නේ නම් එවිට තම මවට තුනෙන් එකකි. නමුත් ඔහුට සහෝදර යෙකු සිටී නම් ඔහු කවර දෙයක් සම්බන්ධ ව අන්තිම කැමැත්ත ප්‍රකාශ කර ඇත්තේ ද ඉන් පසුව හා ණය පියවීමෙන් පසුව තම මවට හයෙන් එක් කොටසක් සතු වේ. නුඹලාගේ දෙමාපියන් හා නුඹලාගේ දරුවන් වන ඔවුන් අතුරින් නුඹලාට ප්‍රයෝජනය ගෙන දීමට වඩාත් සමීපතයින් කවුරුන් දැ යි නුඹලා නොදන්නෙහුය. (මෙය) අල්ලාහ්ගෙන් වූ නියමයකි. නියත වශයෙන් ම අල්ලාහ් සර්වඥානී සර්ව ප්‍රඥාවන්ත විය.    يُوصِيكُمُ اللهُ فِي أَوْلَادِكُمْ لِلذَّكَرِ مِثْلُ حَظِّ الْأُنْثَيَيْنِ فَإِنْ كُنَّ نِسَاءً فَوْقَ اثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ وَإِنْ كَانَتْ وَاحِدَةً فَلَهَا النِّصْفُ وَلِأَبَوَيْهِ لِكُلِّ وَاحِدٍ مِنْهُمَا السُّدُسُ مِمَّا تَرَكَ إِنْ كَانَ لَهُ وَلَدٌ فَإِنْ لَمْ يَكُنْ لَهُ وَلَدٌ وَوَرِثَهُ أَبَوَاهُ فَلِأُمِّهِ الثُّلُثُ فَإِنْ كَانَ لَهُ إِخْوَةٌ فَلِأُمِّهِ السُّدُسُ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصِي بِهَا أَوْ دَيْنٍ آبَاؤُكُمْ وَأَبْنَاؤُكُمْ لَا تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعًا فَرِيضَةً مِنَ اللهِ إِنَّ اللهَ كَانَ عَلِيمًا حَكِيمًا (11)
නුඹලාගේ බිරියන් හැර දමා ගිය දැයින් අඩක්, ඔවුනට දරුවෙකු නොමැති නම් නුඹලාට හිමි ය. ඔවුනට දරුවෙකු සිටී නම් එවිට ඔවුන් උපදෙස් දුන් අන්තිම කැමැත්තට පසුව හා ණය පියවීමෙන් පසුව ඔවුන් හැර දමා ගිය දැයින් හතරෙන් එක් කොටසක් නුඹලාට හිමි ය. එමෙන් ම නුඹලාට දරුවෙකු නොසිටි නම්, නුඹලා හැර දමා ගිය දැයින් හතරෙන් එක් කොටසක් ඔවුනට හිමි ය. නමුත් නුඹලාට දරුවෙකු සිටී නම් එවිට නුඹලා කවර දෙයක් ගැන අන්තිම කැමැත්ත ප්‍රකාශ කරන්නේ ද ඉන් පසුව හා ණය පියවීමෙන් පසුව අටෙන් කොටසක් ඔවුනට හිමි ය.  මිනිසෙකු හෝ කාන්තාවක් (දරුවන් හෝ දෙමාපියින් නොමැති) කලාලා නම් ගණයට අයත් කෙනෙකු වශයෙන් උරුමකම් පාන කෙනෙකු සිට ඔහුට සහෝදරයෙකු හෝ සහෝදරියක සිටී නම් ඔවුන් දෙදෙනාගෙන් එක් එක් කෙනෙකුට හයෙන් කොටසක් දිය යුතුය. නමුත් ඊට වඩා අධික ව ඔවුහු සිටියෙහු නම් එවිට ඔවුහු තුනෙන් කොටසක් තුළ හවුල්කරුවෝ වෙති. එය කවර දෙයක් ගැන අන්තිම ප්‍රකාශය කරනු ලබන්නේ ද එය හා ණය පිය වීමෙන් පසුව ය. (උරුම කරුවන් කිසිවෙකුට) හිංසා කරන්නෙකු නොවිය යුතුය. මෙය අල්ලාහ්ගේ උපදෙසකි. තවද අල්ලාහ් සර්ව ඥානීය. ඉවසිලිවන්තය.    وَلَكُمْ نِصْفُ مَا تَرَكَ أَزْوَاجُكُمْ إِنْ لَمْ يَكُنْ لَهُنَّ وَلَدٌ فَإِنْ كَانَ لَهُنَّ وَلَدٌ فَلَكُمُ الرُّبُعُ مِمَّا تَرَكْنَ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصِينَ بِهَا أَوْ دَيْنٍ وَلَهُنَّ الرُّبُعُ مِمَّا تَرَكْتُمْ إِنْ لَمْ يَكُنْ لَكُمْ وَلَدٌ فَإِنْ كَانَ لَكُمْ وَلَدٌ فَلَهُنَّ الثُّمُنُ مِمَّا تَرَكْتُمْ مِنْ بَعْدِ وَصِيَّةٍ تُوصُونَ بِهَا أَوْ دَيْنٍ وَإِنْ كَانَ رَجُلٌ يُورَثُ كَلَالَةً أَوِ امْرَأَةٌ وَلَهُ أَخٌ أَوْ أُخْتٌ فَلِكُلِّ وَاحِدٍ مِنْهُمَا السُّدُسُ فَإِنْ كَانُوا أَكْثَرَ مِنْ ذَلِكَ فَهُمْ شُرَكَاءُ فِي الثُّلُثِ مِنْ بَعْدِ وَصِيَّةٍ يُوصَى بِهَا أَوْ دَيْنٍ غَيْرَ مُضَارٍّ وَصِيَّةً مِنَ اللهِ وَاللهُ عَلِيمٌ حَلِيمٌ (12)
13-14. නියෝග කිරීම හා තහනම් කිරීම පිළිබඳ ව අයිතිය අල්ලාහ්ට පමණක් සතු වීම. ඔහුගේ නියෝගයන්ට එරෙහි ව කටයුතු කිරීමේ අවවාදය.
මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නේ ද ඔහු ව ඊට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට ඔහු ඇතුළත් කරන්නේය. එහි ඔවුහු සදාතනිකයෝ ය. ඉමහත් ජයග්‍රහණය එයයි.    تِلْكَ حُدُودُ اللهِ وَمَنْ يُطِعِ اللهَ وَرَسُولَهُ يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَذَلِكَ الْفَوْزُ الْعَظِيمُ (13)
තවද කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පිටු පා ඔහු (අල්ලාහ්)ගේ සීමාවන් ඉක්මවා යන්නේ ද ඔහු ව (අල්ලාහ්) ගින්නට ඇතුළත් කරන්නේය. එහි ඔහු සදාතනික ය. තවද ඔහුට නින්දා සහගත දඬුවමක් ඇත.    وَمَنْ يَعْصِ اللهَ وَرَسُولَهُ وَيَتَعَدَّ حُدُودَهُ يُدْخِلْهُ نَارًا خَالِدًا فِيهَا وَلَهُ عَذَابٌ مُهِينٌ (14)
15-16. දුරාචාරයේ නියැළුණු කාන්තාවන් පිළිබඳ ව ඉස්ලාම්හි මුල් කාලයේ නීති රීති.
නුඹලාගේ කාන්තාවන් අතුරින් (ඇතැමුන්) අශීලාචාර දෑ   (දුරාචාරය) වෙත පැමිණෙන්නි යන්ට, නුඹලා ඔවුනට එරෙහි ව නුඹලා අතුරින් සිව් දෙනෙකු සාක්ෂි වශයෙන් ගෙන එනු. එසේ ඔවුන් සාක්ෂි පැවසුවේ නම් එවිට ඔවුනට මරණය අත්වන තුරු හෝ ඔවුන් වෙනුවෙන් අල්ලාහ් යම් මඟක් ඇති කරන තුරු නිවාස අඩස්සියෙහි ඔවුන් ව රඳවා ගනු.    وَاللَّاتِي يَأْتِينَ الْفَاحِشَةَ مِنْ نِسَائِكُمْ فَاسْتَشْهِدُوا عَلَيْهِنَّ أَرْبَعَةً مِنْكُمْ فَإِنْ شَهِدُوا فَأَمْسِكُوهُنَّ فِي الْبُيُوتِ حَتَّى يَتَوَفَّاهُنَّ الْمَوْتُ أَوْ يَجْعَلَ اللهُ لَهُنَّ سَبِيلًا (15)
නුඹලා අතුරින් ඒ වෙත (කාමයේ වරදවා හැසිරීමට) පැමිණෙන දෙදෙනෙකු ට,  නුඹලා ඔවුන් දෙදෙනා ට දඬුවම් කරනු. පසුව ඔවුන් දෙදෙනා පශ්චාත්තාප වී හැඩ ගැසුනේ නම් එවිට නුඹලා ඔවුන් දෙදෙනා ව අත හැර දමනු. නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමා ශීලී හා පරම කරුණාභරිත විය.    وَاللَّذَانِ يَأْتِيَانِهَا مِنْكُمْ فَآذُوهُمَا فَإِنْ تَابَا وَأَصْلَحَا فَأَعْرِضُوا عَنْهُمَا إِنَّ اللهَ كَانَ تَوَّابًا رَحِيمًا (16)
17-18. තව්බා පාපක්ෂමාවෙහි නියැළීම හා එහි කොන්දේසි.
අල්ලාහ් වෙතින් වූ පාපක්ෂමාව ඇත්තේ නොදැනුවත්කමින් නපුරක් කර පසුව ඉතා ඉක්මණින් ම පාශ්චාත්තාපයෙහි නිරත වන අයට ය. එවිට අල්ලාහ් ඔවුනට සමාව දෙනු ඇත. තවද අල්ලාහ් සර්ව ඥානී හා සර්ව ප්‍රඥාවන්ත විය.    إِنَّمَا التَّوْبَةُ عَلَى اللهِ لِلَّذِينَ يَعْمَلُونَ السُّوءَ بِجَهَالَةٍ ثُمَّ يَتُوبُونَ مِنْ قَرِيبٍ فَأُولَئِكَ يَتُوبُ اللهُ عَلَيْهِمْ وَكَانَ اللهُ عَلِيمًا حَكِيمًا (17)
ඔවුන් නපුරුකම් (පාපකම්) කර ඔවුන්ගෙන් කෙනෙකු වෙත මරණය පැමිණෙන තෙක් සිට “දැන් මම පාපක්ෂමාව අයැදිමි“ යැයි පවසන්නන්ට පාපක්ෂමාව නොමැත. එමෙන් ම ප්‍රතික්ෂේප කයින් ලෙස සිටිය දී මරණයට පත්වන්නන්ට ද නොමැත. අපි වේදනා සහගත දඬුවමක් ඔවුන්ට සූදානම් කර ඇත්‍තෙමු.    وَلَيْسَتِ التَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ حَتَّى إِذَا حَضَرَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ إِنِّي تُبْتُ الْآنَ وَلَا الَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ أُولَئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا (18)
19-21. උරුමය හා විවාහ ත්‍යාගයන් පිළිබඳ ව කාන්තාවන්ට යුක්තිය ඉටු කිරීම පිළිබඳ නීති රීති.
අහෝ විශ්වාස කළවුනි! බලහත් කාරයෙන් කාන්තාවන් හිමි කර ගැනීම නුඹලාට අනුමත නොවෙයි. ඔවුන්ට නුඹලා පිරිනැමූ දැයින් සමහරක් ඔවුන් ගෙන යෑමට නුඹලා ඔවුන් ව නොවළක්වනු. නමුත් ඔවුන් ප්‍රසිද්ධියේ අශීලාචාර දෙයක් කළහොත් මිස. නුඹලා ඔවුන් සමඟ යහපත් අයුරින් ජීවත් වනු. මන්ද නුඹලා ඔවුන් ව පිළිකුල් කළේ නම්, (දැනගනු) නුඹලා යමක් පිළිකුල් කළ හැක. (එසේ පිළිකුල් කරන) එහි අල්ලාහ් අධික යහපත ඇති කරන්නට පුළුවන.    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَحِلُّ لَكُمْ أَنْ تَرِثُوا النِّسَاءَ كَرْهًا وَلَا تَعْضُلُوهُنَّ لِتَذْهَبُوا بِبَعْضِ مَا آتَيْتُمُوهُنَّ إِلَّا أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ وَعَاشِرُوهُنَّ بِالْمَعْرُوفِ فَإِنْ كَرِهْتُمُوهُنَّ فَعَسَى أَنْ تَكْرَهُوا شَيْئًا وَيَجْعَلَ اللهُ فِيهِ خَيْرًا كَثِيرًا (19)
බිරියකගේ ස්ථානයට වෙනත් බිරියක් (විවාහ කර) ගැනීමට නුඹලා සිතුවේ නම් ඔවුන්ගෙන් (නුඹලා දික්කසාද කරන) එක් තැනැත්තියට ධන සම්භාරයක් පිරිනමා තිබුණ ද නුඹලා එයින් කිසිවක් නොගනු. නුඹලා එය අයුක්ති සහගත ලෙසින් හා මහා පාප කර්මයක් ලෙසින් ගන්නෙහු ද?    وَإِنْ أَرَدْتُمُ اسْتِبْدَالَ زَوْجٍ مَكَانَ زَوْجٍ وَآتَيْتُمْ إِحْدَاهُنَّ قِنْطَارًا فَلَا تَأْخُذُوا مِنْهُ شَيْئًا أَتَأْخُذُونَهُ بُهْتَانًا وَإِثْمًا مُبِينًا (20)
නුඹලාගෙන් කෙනෙකු තවත් කෙනෙකු වෙත ගොස් තිබිය දී ද (විවායේ දී) නුඹලාගෙන් ස්ථීර ගිවිසුමක් ඔවුන් ගෙන තිබිය දී ද නුඹලා එය (දුන් දෑ) ගනුයේ කෙසේ ද ?    وَكَيْفَ تَأْخُذُونَهُ وَقَدْ أَفْضَى بَعْضُكُمْ إِلَى بَعْضٍ وَأَخَذْنَ مِنْكُمْ مِيثَاقًا غَلِيظًا (21)
22-24. විවාහය පිළිබඳ ව නීති රීති හා විවාහයට තහනම් කරනු ලැබූ අය පිළිබඳව විස්තර.
කාන්තාවන් අතුරින් නුඹලාගේ පියවරුන් විවාහ කර ගත් අය ව නුඹලා විවාහ නොකරනු. නමුත් ඉකුත් වී ගිය දෑ හැර. නියත වශයෙන් ම එය අශීලාචාර හා පිළිකුල් සහගත ක්‍රියාවක් විය. තවද ක්‍රියා මාර්ගයෙන් එය ඉතා නපුරුය.    وَلَا تَنْكِحُوا مَا نَكَحَ آبَاؤُكُمْ مِنَ النِّسَاءِ إِلَّا مَا قَدْ سَلَفَ إِنَّهُ كَانَ فَاحِشَةً وَمَقْتًا وَسَاءَ سَبِيلًا (22)
නුඹලාගේ මව්වරුන් ද නුඹලාගේ දූවරුන් ද නුඹලාගේ සහෝදරියන් ද නුඹලාගේ පියාගේ සහෝදරියන් (නැන්දාවරුන්) ද නුඹලාගේ මවගේ සහෝදරියන් ද (නුඹලාගේ) සහෝදරයාගේ දූවරුන් ද සහෝදරියගේ දූවරුන් ද නුඹලාට කිරි පෙවූ නුඹලාගේ මව්වරුන් ද කිරි පෙවීම හේතු වෙන් වූ නුඹලාගේ සහෝදරියන් ද නුඹලාගේ බිරින්දෑවරුන්ගේ මව්වරුන් ද නුඹලා ඔවුන් සමඟ (විවාහ ජීවිතයට) ඇතුළත් වූ බිරින්දෑ වරුන්ගෙන් (පෙර විවාහයකින් ඉපද) නුඹලාගේ උකුලෙහි හැදී වැඩුණු නුඹලාගේ (බිරියගේ) දූරුවන් ද  නුඹලාට (විවාහ වීමට) තහනම් කරන ලදී. නමුත් නුඹලා ඔවුන් (එම බිරියන්) සමඟ (ලිංගික ඇසුරු කමට) අතුළත් නොවූයේ නම් (එම දූවරුන් විවාහ කර ගැනීම) නුඹලාට වරදක් නැත. නුඹලා ගේ කොඳුනාරටියෙන් බිහි වූ නුඹලාගේ දරුවන්ගේ බිරින්දෑ වරුන් (ලේලියන්) ද, ඉකුත් වී ගිය දෑ හැර, සහෝදරි යන් දෙදෙනෙකු නුඹලා (බිරියන් වශයෙන්) එකට තබා ගැනීම ද තහනම් කරන ලදී. නියත වශයෙන් ම අල්ලාහ් අති ක්ෂමාශීලී ය. පරම කරුණාභරිත ය.      حُرِّمَتْ عَلَيْكُمْ أُمَّهَاتُكُمْ وَبَنَاتُكُمْ وَأَخَوَاتُكُمْ وَعَمَّاتُكُمْ وَخَالَاتُكُمْ وَبَنَاتُ الْأَخِ وَبَنَاتُ الْأُخْتِ وَأُمَّهَاتُكُمُ اللَّاتِي أَرْضَعْنَكُمْ وَأَخَوَاتُكُمْ مِنَ الرَّضَاعَةِ وَأُمَّهَاتُ نِسَائِكُمْ وَرَبَائِبُكُمُ اللَّاتِي فِي حُجُورِكُمْ مِنْ نِسَائِكُمُ اللَّاتِي دَخَلْتُمْ بِهِنَّ فَإِنْ لَمْ تَكُونُوا دَخَلْتُمْ بِهِنَّ فَلَا جُنَاحَ عَلَيْكُمْ وَحَلَائِلُ أَبْنَائِكُمُ الَّذِينَ مِنْ أَصْلَابِكُمْ وَأَنْ تَجْمَعُوا بَيْنَ الْأُخْتَيْنِ إِلَّا مَا قَدْ سَلَفَ إِنَّ اللهَ كَانَ غَفُورًا رَحِيمًا (23)

 

 

 

 

 

 

 


Contents


الصفحة    العنوان    م
1        1
        2
        3
        4
        5
        6
        7
        8
        9
        10
        11
        12
        13
        14
        15
 


    

 

In this volume

වාක්‍ය 176 සිට 200 දක්වා සහ සූරත් අන් නිසා 1 සිට 23 දක්වා සිංහල පරිවර්තණය

Download

About the book

Author :

www.islamhouse.com

Publisher :

www.islamland.com

Category :

About Quran & Hadith