සලාහ්වෙ හි හුඃෂූ නම් බියසුලුකම වර්ධනය කරන මාර්ග 33ක්

1 හුඃෂු හට ගන්නා ස්ථානය කෙනෙකු ගේ හදවත වන අතර, ඔහු ගේ සිරුරෙ හි එය ප්ර්කාශ කෙරේ.
2. නැමදුම සඳහා නිවැරදි ලෙස සූදානම් කර ගැනීම,
3. සලාහ් ඉටු කරන විට මරණය සිහිපත් කර ගැනීම,
4. ඉදිරියේ සුත්රාරවක් තබා, එයට සමීප ව සලාහ් කිරීම,

සලාහ්වෙ හි හුඃෂූ නම් බියසුලුකම
වර්ධනය කරන මාර්ග 33ක්
මුහම්මද් සාලිහ් අල් මුනජ්ජිද්
] සිංහල – Sinhala –[ سنهالي 

මුහම්මද් සාලිහ් අල් මුනජ්ජිද්

www.islamicawakening.com වෙබ් පිටුවෙන්

 

සිංහල පරිවර්තනය
ජාසිම් ඉබ්න් දඉයාන්








2014 - 1436
 
 
33 سببا للخشوع في الصلاة

« باللغة السنهالية »


الشيخ محمد صالح المنجد

ترجمة: جاسم بن دعيان




2014 - 1436
 

සලාහ්වෙ හි හුඃෂූ නම් බියසුලුකම
වර්ධනය කරන මාර්ග 33ක්
මුහම්මද් සාලිහ් අල් මුනජ්ජිද්

www.islamicawakening .com වෙබ් පිටුවෙන්

සිංහල භාෂාවෙන්
ජාසිම් ඉබ්නු දඉයාන්
හඳුන්වා දීම
සියලු ප්රීශංසා සියලු ලෝකයන්  ගේ අධිපති අල්ලාහ් ට හිමි වේවා. ඔහු ගේ ග්රතන්ථයේ, “ (පංච කාල) සලාහ් ආරක්ෂා  කරවු. මධ්යග  කාල සලාහ්ව ද (ආරක්ෂාම කරවු) අල්ලාහු ට බැතිමත් ව නැගී සිටිවු.”  සූරා බකරා 2:238  යනුවෙන් ද සලාහ් නමැති නැමදුම පිළිබඳ ව
وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ ﴿٤٥﴾
“..සැබැවින්ම එය බියසුලු අය ට විනා (අන් අය ට) බැරෑරුම් දෙයකි.”  සූරා 2:45. යනුවෙන්ද පවසයි. ඔහු  ගේ බැතිමතුන්  ගේ නායකත්වය දරණ, බියසුලුවන්  ගේ ප්‍රධානියා වන අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන්, එතුමා  ගේ පවුලේ අය සහ සගයින් ට සාමය හා ආශීර්වාදය හිමි වේවා.
සලාහ් යනු ප්රා්යෝගික කුලුනු අතරින් මහත් ප්රහබල එකක් වන අතර, සලාහ්වෙ හි නිරත වන කෙනෙක් තුළ බියසුලු භාවය තිබිය යුතු බව ෂරීආ ප්රෙකාශ කරයි. අල්ලාහ් ට එරෙහි වු ඉබ්ලීස් ආදම් ගේ දරුවන්ව නොමඟ යවන බව මෙසේ ප්රයකාශ කළේය.
ثُمَّ لَآتِيَنَّهُم مِّن بَيْنِ أَيْدِيهِمْ وَمِنْ خَلْفِهِمْ وَعَنْ أَيْمَانِهِمْ وَعَن شَمَائِلِهِمْ ۖ وَلَا تَجِدُ أَكْثَرَهُمْ شَاكِرِينَ ﴿١٧﴾
 “එයට පසු ඔවුන්  ගේ ඉදිරිපසින් ද ඔවුන්  ගේ පිටු පසින් ද, ඔවුන්  ගේ දකුණු පසින් ද ඔවුන්  ගේ වම් පසින් ද ඔවුන් වෙත (කුමන්ත්රුණ පිණිස) එන්නෙම්මයි.” සූරා 7: 17.
    මිනිසා සලාහ්වෙ හි යෙදෙන විට ඔවුන්  ගේ සිත වෙනතක ට යැවිම ඉබ්ලීස්  ගේ ප්ර බලතම කුමන්ත්රකණයක් වුයේ සලාහ්වෙ හි නිරත වු විට මිනිසා  ගේ කන තුළ කොඳුරමින් සලාහ් කිරීමේ සතුට විනාශ කර සලාහ් මගින් මිනිසා ලබන ත්යාමග ය ඔවුන් ට අහිමි කිරීම යි. මිහිතලයෙන් අතුරුදන් වන ප්රිථම කරුණ හුඃෂූ නමැති බියසුලු කම වන අතර, අපි අද ජීවත් වන්නේ එවැනි අවසාන යුගයක ය. හුදෙයිෆා (රළි) තුමා පැවසු වදන අපහ ට අදාළ වනු ඇත. “ඔබේ දහමෙන් ඔබ ප්රුථමයෙන් අහිමි කර ගන්නේ හුඃෂු වන අතර, ඔබේ දහමේ ඔබ අවසාන ව අහිමි කර ගන්නේ සලාහ් නම් නැමදුම වේ. කෙනෙක් සලාහ් ඉටු කරනු ඔබ දකින නමුත් ඔහු වෙත කිසිදු යහකමක් නැත. මෑත කාලයේ දී ඔබ මස්ජිදයට ඇතුළු වි හුඃෂු සහිත කිසිවෙක් එහි නොදකින්නේ ය .” (අල් මදාරිජ් 1/521)
    සෑම කෙනෙක් ම තමන් ගැන හොඳ හැටි දන්නා හේතුවෙන් ද, සලාහ් කරන විට වස්වාස නමැති සිත් තුළ කොඳුරන ෂෛතාන්  ගේ  අයහපත් සිතුවිලි නිසා ද, හුඃෂු භාව ය අහිමි වීම පිළිබඳ ව බොහෝ දෙනෙකුගෙන් ලැබෙන පැමිණිලි හේතු වෙන් ද, මේ පිළිබඳව සාකච්ඡා කිරීම බොහෝ වැදගත් බවට පත් ව ඇත. මට සහ ම ගේ සහෝදර මුස්ලිම්වරුන් ට යහපතක් ලබනු පිණිස පහත සඳහන් කරුණු ගැන මතක් කරමි.
    අල් කුර්ආන යේ අල්ලාහ් මෙසේ පවස යි.
قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ ﴿١﴾ الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ ﴿٢﴾
“සැබැවින් ම, දේව විශ්වාසවන්තයෝ ජයග්රසහණ ය කළෝය; ඔවුහු තම සලාහ්වෙ හි බැගෑපත් ව නැඹුරු වන්නෝ වෙති.” සූරා අල් මුඃමිනූන් 23:1-2
    එනම්, ශාන්ත භාවයෙන් අල්ලාහ් කෙරෙහි බියසුලු වීම. හුඃෂූ යනු ශාන්ත භාවය, සන්සුන් භාවය, සමථය, සහ නිහතමානී භාවය යන සියලු අර්ථ ඇතුළත් ය. කෙනෙක් තුළ හුඃෂු ඇති වන්නේ අල්ලාහ් ගැන බිය සහ ඔහු තමා දෙස බලමින් සිටින බව ඇති හැඟීම නිසා ය. (තෆ්සීර් ඉබ්නු කතිර්) හුඃෂු යනු කෙනෙකු  ගේ හදවත තම පරමාධිපති ඉදිරියේ නිහතමානී භාවයෙන් හා යටහත් භාවයෙන් සිට ගැනීම යි. (අල් මදාරිජ් 1/520)
    “අල්ලාහු ට යටහත් ව නැගි සිටිවු” සූරා 2:238 යන වාක්යා ගැන විග්රසහ කළ මුජාහිද් ‘හිස නැමීම, ඉතා සන්සුන් ව හා කීකරු ව තම දෑස් පහත් කොට සියලු කීර්ති හිමි අල්ලාහ් කෙරෙහි තිබන බියෙන් යටත් පහත් වීම‘ යනුවෙන් පැවසීය. (තසීම් කද්ර් අස් සලාහ් 1/188)
    හුඃෂු හට ගන්නා ස්ථානය කෙනෙකු  ගේ හදවත වන අතර, ඔහු ගේ සිරුරෙ හි එය ප්ර්කාශ කෙරේ. මිනිසා ගේ විවිධ ඉන්ද්රීියයන් හදවත අනුගමනය කරයි. නොසැලකිලමත් වීම හෝ ෂෛතාන් ගේ කෙඳිරීම නිසා හෝ හදවත අපවිත්රම වුයේ නම් නැමදුම් කරන පුද්ගලයා ගේ සිරුරේ අවයවන් ද අපවිත්රග වනු ඇත. හදවත රජ කෙනෙකු මෙන් වන අතර, ඔහු ගේ ඉන්ද්ර යයන් රජු ගේ අණ ට එකඟ ව සේවය කරන සෙබළුන් මෙන් ය. රජු බලයෙන් නෙරපා දමනු ලැබුවහොත් අනුගාමිකයෝ අතරමං වෙති. කෙනෙකු ගේ හදවත හරියාකාර ව නැමදුම් ක්රි යාවෙ හි නොයෙදුණේ නම් සිදු වන අවුල මෙවැන්නකි.
සලාහ් වෙහි හුඃෂු වර්ධනය කරන මාර්ග 33ක් -
 2වන කොටස
කෙනෙක් තම හුඃෂු භාවය ප්රාදර්ශනය කිරීම තහනම් ය. අවංක  කමේ සලකුණු අතර මේවා ද අඩංගු වේ.
හුඃෂූ භාවය සඟවා වසං කිරීම
හුදෙයිෆා (රළි) තුමා දිනක් “ආත්ම වංචනිකයන් ගේ  හුඃෂූ පිළිබඳව ප්රලවේශම් වෙන්න.” යැයි පැවසුහ. “වංචනිකයන් ගේ හුඃෂු යනු කුමක් ද?” යැයි එතුමාගෙන් ප්රූශ්න කරනු ලැබු විට, “ශරිරයේ හුඃෂු භාවය පෙන්නුම් කළත්, ඔහු ගේ හදවතෙ හි හුඃෂු භාවය දක්නට නොමැත.” යැයි පිළිතුරු දුන්හ. ෆුදෙයිල් ඉබ්නු අයාද් මෙසේ පවසයි. “කෙනෙක් තම හදවතෙ හි හුඃෂූ ප්රදමාණයට වඩා අධිකව ප්ර“දර්ශනය කිරීම අප්රිඃය කරනු ලබයි.” පුද්ගලයෙක් තම උරහිස සහ ශරීරයේ හුඃෂු භාවය පෙන්නුම් කරනු දුටු ඔවුන්ගෙන් කෙනෙක් “අහෝ අසවල් තැනැත්තා! හුඃෂු තිබෙන්නේ මෙතැන යැයි පවසා ඔහු ගේ පපුව පෙන්වා” මෙතැන නොවේ යැයි පවසා ඔහු ගේ උරහිස දෙස පෙන්විය.
කෙනෙකු ගේ සැබෑ දේව විශ්වාසය නිසා හට කන්නා හුඃෂූ භාවය සහ වංචනිකයන් ගේ හුඃෂු භාවය අතර තිබෙන වෙනස ඉබ්න් අල් කය්යිම් (රහ්) පහදා දුන්නේ මෙසේය. “සැබෑ දේව විශ්වාසයේ හුඃෂූ භාවය යනු, උත්තරිතර අල්ලාහ් ගේ මහිමය පිළිබඳ ව අවබෝධය ලැබු හදවතෙ හි හටගන්නා සම්පූර්ණ යටත් පහත් භාවය, බිය, ලැජ්ජාව, ආදර භක්තිය, අල්ලාහ් ගේ ආශීර්වාදය සහ තම පාපයන් හඳුනා ගැනීම යනාදියයි. හදවතේ හුඃෂූ භාවය ට අවනත වි ශරීරයේ හුඃෂු සිදු වනු ඇත. වංචනිකයන් ගේ හුඃෂු යන, මහත් ප්ර්දර්ශනයක් පෙන්නුම් කළ නමුත් ඔහු ගේ හදවතෙ හි හුඃෂු  නමැති හැඟීම් කොහෙත් ම නැත. සහාබා (රළි) වරයෙක් “වංචනිකයන් ගේ හුඃෂූ භාවයෙන් මම ආරක්ෂාව පතමි.“ යනුවෙන් ප්රාසර්ථනා කිරීම ට පුරුදු වී සිටියේයි. “ආත්ම වංචනිකයන් ගේ හුඃෂු යනු කුමක් දැ?“ යි ඔහුගෙන් විමසන ලදී. එය ට ඔහු, “සිරුරෙහි හුඃෂු තිබෙන බව පෙන්නුම් කරන නමුත් ඔහු ගේ හුඃෂු භාවය දක්න ට නැත.” යනුවෙන් පිළිතුරු දෙන ලදී.
    අල්ලාහ් අබියස සැබෑ හුඃෂු භාවය ලබන පුද්ගලයෙක් කායික ආශාවන් පිළිබඳ කිසිදු තැකීමක් නොදක්වයි. ඔහු ගේ හදවත පිරිසිදු ව තිබෙන අතර උත්තරීතර අල්ලාහ් ගේ ආලෝකයෙන් පිරී ඉතිරී යයි. අල්ලාහ් කෙරෙහි බිය සහ විස්මය මගින් ඔහු ගේ හදවත පිරී ඉතිරී යාම නිසා ඔහු ගේ පටු ආත්මාර්ථකාමි ආශාවන් සියල්ල දුරු වී ගොස් ඔහු ගේ ශාරීරික අවයවන් සංසුන් බව ට පත් වෙයි. ඔහු ගේ හදවත ගෞරවය ට පමුණුවන ලදු ව අල්ලාහ් කෙරෙහි සුරක්ෂිටත හැඟීම් සහිත ව අල්ලාහ් ව මෙනෙහි කරයි. ඔහු ගේ පරමාධිපති ගෙන් ඔහු වෙත ශාන්තභාවය පහළ වනු ඇත. මේ හේතුන් මත අල්ලාහ් ඉදිරියේ ඔහු යටත් පහත් භාවයට (මුහ්ඃබිත්) පත්වෙයි. අල්ලාහ් ඉදිරියේ යටත් පහත් භාවය ට පපත් වු පුද්ගලයා ආරක්ෂිලතය ලැබු කෙනෙක් වෙයි. මිහිතලයේ පහත් බිම මුහ්ඃබිත් පොළොවක් වන අතර, එය ජල සම්පත් ලැබු ස්ථානයකි. එමෙන් ම මුහ්ඃබිත් බව ට පත් වු හදවත, යටත් පහත් භාවයෙන් යුතුව සෑහිම ට පත් වනු ඇත. මෙවැනි පුද්ගලයා ගේ සලකුණු වන්නේ ගෞරවය හා නම්යතතාව නිසා තම පරමාධිපති ට හිස නමා නමස්කාර කරන අතර, අල්ලාහ්ව මුණ ගසන තුරු ඔහු හිස ඔසවන්නේ නැත. උද්ධච්ච බව ට පත් වු හදවත මෙය ට හාත්පසින් වෙනස් ය. සැබෑ දේව විශ්වාසයේ හුඃෂු මෙවන්නක් ය. ආඩම්බරකමින් හිස ඔසවා සිටින විට උස් බිමක් මෙන් වන අතර එහි ජලය කිසි විටෙක නොරැඳේ. එය නිසරු ය.
    ආත්ම වංචනිකයන් ප්රයදර්ශණ කරන හුඃෂු සහිත කෙනෙකු ගේ හදවත තුළ ආසාවන් හා තෘෂ්නාවන් තවමත් පිරී තිබේ. බාහිර පෙනුමට ඔහු හුඃෂු සහිත බව පෙනෙන නමුත්, ඔහු තුළ ගොදුර සොයන මීටියාවතේ නයා සහ වනාන්තරයේ සිංහයා සැරිසරනු ඇත. (අර් රූහ් - දාර් අල් ෆික්හ් පිටු අංක 314)
    කෙනෙක් සලාහ්වෙ හි තම හදවත ශූන්ය  කර නැමදුමෙ හි පමණක් සිතුවිලි යොමු කර, අන් සියලු දේ ට වඩා සලාහ්ව ට ප්රොමුඛත්වය දෙන විට සලාහ්වෙ හි හුඃෂූ සිදු වෙයි. ඔහු සහන ලබන්නේ මෙවැනි අවස්ථාවක පමණකි. නබි (සල්) තුමාණන් “මගේ සතුට සලාහ් වෙහි පිහිටනු ඇත” යැයි පැවසුහ. (තෆ්සීර් ඉබ්නු කතීර් 5/456. මූලාශ්ර් මුස්නද් අහමද් 3/128 සහ සහීහ් අල් ජාමි 3124)
    وَالْخَاشِعِينَ وَالْخَاشِعَاتِ وَالْمُتَصَدِّقِينَ وَالْمُتَصَدِّقَاتِ وَالصَّائِمِينَ وَالصَّائِمَاتِ وَالْحَافِظِينَ فُرُوجَهُمْ وَالْحَافِظَاتِ وَالذَّاكِرِينَ اللَّـهَ كَثِيرًا وَالذَّاكِرَاتِ أَعَدَّ اللَّـهُ لَهُم مَّغْفِرَةً وَأَجْرًا عَظِيمًا ﴿٣٥﴾
“අල් හාඃෂි ඊන වඅල් හාඃෂිආත් (අල්ලාහ් ඉදිරියේ යටත් පහත් භාවයෙන් සිටින පිරිමින් හා ස්ත්රීේන්) යනුවෙන් සඳහන් කරන අල්ලාහ්, ඔහු විසින් තෝරා ගනු ලැබු අය ගේ ගුණාංගය මෙය බව පවසයි. ඔවුන් සඳහා ක්ෂයමාව සහ උතුම් ත්යාේග (ස්වර්ගය) සූදානම් කර තිබෙන බව අල්ලාහ් සනාථ කරයි.” සූරා අහ්සාබ් 33:35.
    හුඃෂු නම් හැඟීමේ යහ ප්රාතිඵලයක් වන්නේ කෙනෙක් සලාහ් පහසු ක්රිරයාවක් බව පත් කර ගැනීමයි. මේ බවට අල්ලාහ් පවසන්නේ මෙසේය.
وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ ﴿٤٥﴾
“ ඉවසීමෙන් ද සලහ්වෙ හි යෙදීමෙන් ද පිහිට ඉල්ලවු. සැබැවින් ම එය බිය සුලු අයට විනා (අන් අයට) බැරෑරුම්  දෙයකි.” සූරා 2: 45 (සැබෑ විශ්වාසීන් අල්ලාහ් ට සම්පූර්ණයෙන් අවනත වන ඔහු ගේ දඬුවම ට අධිකව බිය වන සහ ඔහු ගේ පොරොන්දු හා අවවාද ගැන මැනැවින් දනී) සලාහ් ඉටු කිරීමේ දී හුඃෂු නම් හැඟීම සහිත අය හැර අන් අය ට මෙම කාර්යය ඉතාමත් අසීරු ය. හුඃෂු නම් මානසික තත්ත්වය ඉතාමත් වැදගත් එකක් වන අතර, අවසාන යුගයක් වන මෙම කාල වකවානුවේ එය දැකීම ඉතා දුර්ලභ වන අතර, ශීඝ්රුයෙන් නැති යන කරුණකි. “මෙම  සමාජයෙන් ප්රීථමයෙන් ඉවත් කරනු ලබන්නේ හුඃෂු නම් දේව බය වන අතර, හුඃෂු සහිත කිසිවෙක් ඔබ නොදකින්නේ ය.” යනුවෙන් මුහම්මද් රසූල් (සල්) තුමාණන් වදාළහ. අල් කබීර් ග්රමන්ථයේ අල් තබරානි මෙය සනාථ කරයි.
සලාහ්වෙහි  හුඃෂු භාවය වර්ධනය කරගන්නේ කෙසේ ද?
3වන කොටස

හුෂූ පිළිබදව ඉතාමත් නිවැරදි මතය ට එකඟව හුඃෂු නම් මානසික හැඟීම අත්යිවශ්ය  එකකි. ෂෙය්ක් අල් ඉස්ලාම් ඉබ්නු තයිමිය්යා (රහි) මෙසේ පැහැදිලි කළේය. උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත.
وَاسْتَعِينُوا بِالصَّبْرِ وَالصَّلَاةِ ۚ وَإِنَّهَا لَكَبِيرَةٌ إِلَّا عَلَى الْخَاشِعِينَ ﴿٤٥﴾
“ ඉවසීමෙන් ද සලාහ්වෙ හි යෙදීමෙන් ද පිහිට ඉල්ලවු. සැබැවින් ම එය බිය සුලු අයට විනා (අන් අයට) බැරෑරුම්  දෙයකි.” සූරා 2: 45
    අල්ලාහ් වෙත බිය සුළු නොවන අයට එරෙහි ව දඬුවම් නියම කරනු ලැබු බව මෙම වාක්යව යෙ‍හි අර්ථය පෙන්නුම් කරයි. දඬුවම් දෙනු ලබන්නේ  අනිවාර්යය ක්රි යාවක් ඉටු නොකළ විට හෝ තහනම් ක්රිායාවක් ඉටු කළ විට දඬුවම් නියම කරනු ලබනු ඇත. හුඃෂු නොමැති අය ට එරෙහි වදඬුවම් නියම කරනු ලබන්වනේ නම්, හුඃෂු නම් හැඟීම අනිවාර්යතය එකක් (වාජිබ්) බව මෙය පෙන්නුම් කරයි. අල්ලාහ් කෙරෙහි බියසුලු භාවය අනිවාර්ය,ය එකක් බව පහත සඳහන් වාක්යු සනාථ කරයි.
    قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ ﴿١﴾ الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ ﴿٢﴾
“සැබැවින් ම දේව විශ්වාසිකයෝ ජයග්ර﴿හණය කළෝය. ඔවුහු තම සලාතයෙ හි බැගෑපත් ව නැඹුරු වන්නෝ වෙති.” සූරාඅල් මූමිනූන් 23 වාක්යْ 1 සහ 2.
أُولَـٰئِكَ هُمُ الْوَارِثُونَ ﴿١٠﴾ الَّذِينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فِيهَا خَالِدُونَ ﴿١١﴾
“ඔවුහු,  ස්වර්ගය උරුම කර ගන්නා උරුමක් කරුවෝ ඔවුහුම ය. එහි සදාතනිකයෝ ඔවුහුම ය.” සූරා අල් මූමිනූන් 23: වාක්යය 10 සහ 11
    මෙවැනි ජනතාව ෆිර්දවුස් නමැති ස්වර්ගය උරුම කර ගන්නා බව සියලු ප්රතශංසා හිමි උත්තරිතර අල්ලාහ් සනාථ කරයි. මෙය ට එකඟ ව අන් කිසිවෙකු ට එය ට හිමිකමක් නැත. සලාහ් ක්රිකයාවෙ හි හුඃෂු අනිවාර්යටය එකකි. එනම්. ශාන්ත භාවය, යටහත් පහත් භාවය සහ අවනත භාවය තිබිය යුත වේ. සලාහ්වෙහි සුජූද් නම් හිස පොළොව මත තබන ඉරියව්ව කපුටෙක් ආහාර මත කොටන ආකාරයෙන් ලහි ලහියෙන් ඉටු කරන කෙනෙක් සහ රුකුඋ ඉරියව්වෙන් නැගිටින විට සම්පූර්ණ වශයෙන් සිරුර සෘජු ව තබා, සුළු මොහොතක ට ශාන්තව නොරැඳී,  වහාම සුජූද් වෙත යන කෙනෙක් තුළ හුඃෂු නොමැති බව සැළකේ. සන්සුන් භාවය යනු ඕනෑම පියවරක් සීරුවෙන් ඉටු කිරීමය. සියලු දේ සීරුවෙන් පියවර නොගන්නා කෙනෙක් ශාන්ත භාවය නොමැති කෙනෙකි. සන්සුන් භාවය නොමැති කෙනෙක් සලාතයේ සුජූද් සහ රුකූ නම් ඉරියව්වෙ හි හුඃෂු විරහිත කෙනෙක් බව ට පත් වේ. එමෙන් ම සලාහ්වෙ හි හුඃෂු නොමැති කෙනෙක් පාපතරයෙකි. සලාහ්වෙ හි යෙදී සිටින විට අහස දෙස ට නෙත් ඔසවන කෙනෙක් පිළිබඳ ව පවසන විට ඔහු හුඃෂු නොමැති කෙනෙක් බව රසූල් (සල්) තුමාණන් පෙන්වා දීම සලාහ් ක්රි්යාවෙ හි හුඃෂු තිබිය යුතු බව සනාථ කරයි. (මජ්මා අල් ෆත්වා 22/553 – 558)
හුඃෂු නමැති සත් ගුණය පිළිබඳ ව සහ එය නොමැති කෙනෙකු ට අවවාද කිරීම  පිළිබඳ ව නබි (සල්) තුමාණන් මෙසේ වදාළහ. සලාහ් වේල පහක් අල්ලාහ් අනිවාර්යඅය කර ඇත. කවරෙකු නිසියාකාර ව වුදු කර ගෙන, නිසි වෙලාව ට නැමදුම් කර, රුකු උ යන ඉරියව්ව හුඃෂු සහිත ව පරිපූර්ණ ව ඉටු කරයි ද, ඔහු ගේ පාපයන් ට ක්ෂමාව දෙන බව අල්ලාහ් පොරොන්දු වන අතර, කවරෙකු එය නොකරන්නේ ද, ඔවුන් ට එවැනි පොරොන්දු අල්ලාහ් නොදෙන්නේ ය. අල්ලාහ් කැමති නම් ඔවුන් ට සමාව දෙයි. අල්ලාහ් කැමති නම් ඔහු ට  දඬුවම් පණවයි. මූලාශ්රේ අබූ දාවූද් අංක 425, සහීහ් අල් ජාමි 3242.
හුඃෂුවෙහි සත්ගුණය ගැන නබි (සල්) තුමාණන් පැහැදිලි කරන විට, “කවරෙක් නිසියාකාර ව වුදු ධෝවනය කර, අනතුරු ව සිත සම්පූර්ණයෙන් යොමු කර රකඅත් දෙකක් සලාහ් කරන්නේ නම්, (අන් කිසිවක් ගැන කල්පනා නොකර) ඔහු ගේ පෙර වූ පාප සියල්ලන් ට ක්ෂ මාව දෙනු ලබයි. (ස්වර්ගය ගැන පොරොන්දුව දෙනු ලබයි)” මූලාශ්රව අල් බුහාරි # 158; අන්නසාඉ 1/95 සහීහ් අල් ජාමි 6166.
සලාහ්වෙ හි හුඃෂු භාවය ලබා ගැනීම ට උපකාර වන කරුණු දෙස බලන විට ඒවා දෙවර්ගය ට අයත් බව දැක  ගත හැක. හුඃෂු නම් බියසුලුකම අප තුළ ශක්තිමත් කර ගැනීම ට සහය වන දේ සහ  හුඃෂු භාවය දුර්වල කරන කරුණු වලක්වාලීම. ෂෙය්ක් අල් ඉස්ලාම් ඉබ්නු තයිමිය්යා හුඃෂු භාවය ලබනු පිණිස උපකාරී වන කරුණු පිළිබඳ ව පැහැදිලි කරයි.
“හුඃෂු භාවය (වර්ධනය කිරීම ට) කරුණු දෙකක් අපට උපකාර වෙයි. අනිවාර්ය  වතාවත් ඉටු කිරීම ට තිබෙන බලවත් ආශාව සහ වික්ෂේපයේ (සිත එක් තැනකට යොමු කිරීමේ) දුර්වලතාව. ”
පළමු වන කරුණ වන අනිවාර්යෂ වතාවත් ඉටු කිරීම ට තිබෙන දැඩි ආශාව ගැන සඳහන් කරන විට, කෙනෙක් තමන් කරන හා පවසන දේ ගැන සිත යොමු කිරීම ට මහත් වෙහෙස දරා, කුර්ආනය පාරායනය කරන විට, අල්ලාහ් ව මෙනෙහි කරන දික්ර් සහ දුආ වෙහි අර්ථය පිළිබඳ ව දිර්ඝ ව සිතා බලා, තමා අල්ලාහ් ඉදිරියේ සිටින බව මතකයේ තබා ගත යුතුය. ඇත්ත වශයෙන් ම නැමදුම සඳහා සිට ගත් කෙනෙක් තමා අල්ලාහ් ඉදිරියේ සිට ගෙන සිටින බව මතකයේ තබා ගත යුතු වේ.
නැමදුමෙ හි යෙදෙන විට තමා දෙස අල්ලාහ් බලා සිටින බව ද, ඔබ ට අල්ලාහ් ව දැක ගත නොහැකි වුවත්, අල්ලාහ් ඔබ ව දකිනු ඇත. නැමදීමෙන් ලබන ආස්වාදය අධික වන විට සලාහ් කෙරෙහි ගැත්තා  ගේ ඇල්ම තවත් අධික වෙයි. මෙය ඊමානයේ ශක්ති ය මත රැඳී තිබේ.
ඊමානය තර කර ගැනීමේ මාර්ග විවිධාකාරය. නබි (සල්) තුමාණන්, “මේ ලොවේ කාන්තාවන් සහ සුවඳ විලවුන් මට ප්රිීය මනාප කරනු ලැබු අතර, මගේ සතුට නැමදුම් කිරීමෙහි ය.” යනුවෙන්  පැවසුවේ මේ නිසා ය. තවත් හදිසය “අහෝ බිලාල්! (රළි) නැමදුමෙ හි අප සහන සොයමු“ යැයි නබි (සල්) තුමාණන් පැවසුහ. “මෙය ඉක්මණින් අවසන් කර දමමු” යැය එතුමාණන් පැවසුවේ නැත.
මෙහි දෙවන කොටස වන සිත යොමු නොවීමේ දුර්වලතාව යනු, සලාහ් කරන අවස්ථාවේ සලාහ් ක්රිවයාව හැර අනිකුත් සියලු සිතුවිලි සිතෙන් ඉවත් කිරීම ට වෑයම් කිරීම. මෙම ක්රිුයාව විවිධ අය අතර විවිධාකාර ව පවති. මෙයට හේතුව වස්වාස් නම් සිත් තුළ ඇවිළෙන කැඳිරිලි වන අතර මේවා කෙනෙක් තුළ පැන නගින සැක සහ ආශාවන් මත පදනම් කරනු ලැබේ.  කැමැති දෑ අසන්නට සිත ප්රි්ය කරන අතර, අකැමැති දේ මග හරින්නට වෑයම් කරයි. මජ් මූ අල් ෆත්වා 22/606 – 607 )
සලාහ්වෙ හි හුඃෂු භාවය වර්ධන ය කර ගන්නේ කෙසේ ද?
4වන කොටස
හුඃෂු භාවය වර්ධනය කිරීමේ මාර්ග
හුඃෂූ භාවය ශක්තිමත් කිරීමේ හැකියාව සඳහා මහන්සි වීම.
මෙය පහත සඳහන් විවිධ මාර්ග වලින් ඉටු කර ගත හැක.
නැමදුම සඳහා නිවැරදි ලෙස සූදානම් කර ගැනීම:
උදාහරණයක් වශයෙන්:
    මුඅද්දින් පවසන අදාන් හි වචන යළිත් පැවසීම.
    අදාන් කීමෙන් පසු ව පවසන දුආ පාරායනය කිරීම. අල්ලාහුම්ම රබ්බ හාදිහිල් දඅවතිත් තාම්මා, ව සලාතිල් කායිමා, ආති මුහම්මදන් ඉල් වසීලත වඅල්  ෆදිලහ්, ව බඅත්හුල් මකාමල්  මහ්මූද අල්ලදි ව අත්තහ්.
(යා අල්ලාහ්!මෙම පරිපූර්ණ ඇරයුම ට සහ අනතුරුව ඉටු කරන නැමදුම ට හිමි කරු වන පරමාධිපතියාණනි,  මුහම්මද් (සල්) තුමාණන් ට අප වෙනුවෙන් මැදිහත් වීම ට සහ එතුමා ට විශිෂ්ඨත්වය පිරිනමනු මැනව. තව ද ඔබ පොරොන්දු වූ උසස් තත්ත්වයෙ හි නියමිත දිනයේ එතුමාණන් නැවත පණ උපදවනු මැනව.
    අදාන් සහ ඉකාමා අතර දුආ කිරීම.
    නිවැරදියාකාර ව වුදු ධෝවනය ඉටු කිරීම, බිස්මිල්ලාහ් කියා ආරම්භ කිරීම, එම අවස්ථාවේ දික්ර් කිරීම සහ අවසාන යේ  දුආ කිරීම. “අෂ්හදු අන් ලාඉලාහ ඉල්ලල්ලාහ්, වහ්ද හු ලා ෂරීක ලහ්, ව අෂ්හදු අන්න මුහම්මදන් රසූලුහු (නැමදුම ට සුදුසු අල්ලාහ් හැර අන් කිසිවෙක් නැති බව සාක්ෂි දරමි. තව ද මුහම්මද් (සල්) තුමාණන් අල්ලාහ් ගේ සේවකයෙක් සහ සංදේශක වරයෙක් යැයි සාක්ෂි දරමි.“
“අල්ලාහුම්මජ් අල්නි මිනත් තව්වාබීන්, වජඅල්නී මිනල් මුත තහ්හිරීන් ( යා අල්ලාහ්! පාප ක්ෂලමාව අයදින්නන්ගෙන් මා ද කෙනෙක් බවට පත් කරනු මැනවි. තව ද තමන් ව පිරිසිදු කර ගන්නන්  අතර මා ද කෙනෙක් බවට පත් කරනු මැනවි.”
    අල් කුර්ආනය පාරායන කිරීම සිඳහා සිවාක් භාවිතා කර මුඛය පිරිසිදු කර ගැනීම. “කුර්ආන් (පාරායනා සඳහා) ඔබේ මුඛය පිරිසිදු කරගන්නා.“ යැයි නබි (සල්) තුමාණන් පැවසුහ. පැහැදිලි ඉස්නද් මගින් වාර්තා කරන ලදී.
    තමන් සතු හොඳම හා පිරිසිදු ආඳුම් පැලඳ ගැනීම. “අහෝ ආදම් ගේ දරුවනි! සියලු නැමදුම් ස්ථානයන් හි ම ඔබ ගේ  ලක්ෂසණ (හා පිරිසිදු ආඳුම පැලඳ) ගනි වු.” යැයි අල්ලාහ් පවසයි. කුර්ආන්   සූරා ආරාෆ් 7:31.
    අල්ලාහ් වෙනුවෙන් ම “අලංකාර කර ගන්නා“ අප දකින්න ට අල්ලාහ් ඉතාමත් සුදුසු කෙනෙකි. පිරිසිදු, ප්රමසන්න සුවඳ තවරා ගත් ආඳුම් පහසු හා කයට සුවය දෙන අතර, නිදා ගන්නා විට හෝ රැකියා කරන විට ඇඳ සිටි ඇඳුම්  නැමදුම් වතාවත් සඳහා නුසුදුස ය.
    අප ශරීරයේ අව්රා පෙදෙස හරියාකාර ව ආවරණය කර යුතු අතර, නැමදුම් කරන ස්ථානය ද පිරිසිදු කර තිබිය යුතුය. නියමිත වෙලාව ට පෙර සූදානම් වීම, නැමදුම් වේලාව පැමිණෙන තුරු රැඳි සිටීම, නැමදුම් ආරම්භය ට පෙර පේළි සෘජව හා ළං කර තැබීම අවශ්ය  කරුණකි. පේලිවල තිබෙන හිස් තැන් වලින් ෂෛතාන් ඇතුළු වෙයි.
    නැමදුමෙ හි අංග චලනය සීරුවෙන් ඉටු කළ යුතුය
මුහම්මද් නබි (සල්) තුමාණන් සලාහ්වෙ හි නිරත වන විට අංග චලනය ඉතා සීරුවෙන්, සිරුරෙ හි සෑම අස්ථියක් ම නියමිත ස්තානයන් ට ආපසු පැමිණෙන අයුරින් නැමදුම ඉටු කළහ. මෙය සහීහ් හදිසයක් බව වාර්තා වේ. මෙලෙස නොකරන ජනතාව ට හරියාකාරව සලාහ් කරන ලෙස නබි (සල්) තුමාණන්  උපදෙස් දුන්හ. “මෙලෙස සිදු කරන තුරු ඔබ අතර කිසිවෙක් නිවැරදි ලෙස සලාහ් ඉටු කළේ නැත.” යැයි නබි (සල්) තුමාණන් පැවසුහ. මූලාශ්රව අබු දාවූද් 1/536.
නබි (සල්) තුමාණන් පැවසු බව අබු කතාදා (රළි) මෙසේ වාර්තා කළේය. “තම නැමදුමෙන් සොරකම් කරන්නා, ඉතාමත් පහත් වර්ගයේ හොරෙක් වෙයි.“ එවිට කෙනෙක් “යා රසූලුල්ලාහ්! සලාහ්වෙන් සොරකම් කරන්නේ කෙසේ දැ?” යි විමසුවේය. එවිට රසූල් (සල්) තුමාණන්, “තම රුකු උ  සහ සුජූද් හරියාකාර ව ඉටු නොකිරීමෙන්.” යනුවෙන් පිළිතුරු දුන්හ. සහීහ් ජාමි 997.
රසූල් (සල්) තුමාණන් මෙසේ පැවසු බව අබු අබ්දුල්ලාහ් අල් අෂ්අරි (රළි) වාර්තා කරයි. “රුකු ඉරියව් ව නිවැරදි ව ඉටු නොකරන්නා සහ සුජූද් ඉරියව් ව (කපුටෙක් මෙන්) හොට ගහන කෙනෙක් කුස  ගින්නේ පෙලෙන කෙනෙක් ඉඳි ගෙඩි එකක් හෝ දෙකක් ආහාරය ට ගන්නා කෙනෙකු මෙන් ය.  එයින් ඔහු ට කිසිදු යහපතක් සිදු වන්නේ නැත.” මූලාශ්රහය අල් තබ්බාරානි අල් කබීර් ග්ර්න්ථයේ 4/115.
සලාහ්වෙහි අංග චලනය සීරුවෙන් ඉටු නොකරන කොනෙක්, එම අවස්ථාවේ හුඃෂු තත්ත්වයේ සිටිය නොහැක. කඩිමුඩියේ ඉටු කරන නැමදුම හුඃෂු තත්ත්වය ට බාධකයක් වන අතර, සලාවෙ හි කපුටෙක් මෙන් හොට ගැසීම ත්යාටග ලැබීම ට බාධාවකි.
    සලාහ් ඉටු කරන විට මරණය සිහිපත් කර ගැනීම
“ඔබේ සලාහ්වෙ හි මරණය මතක් කර ගන්න. තම මරණය මතක් කරගන්නා කෙනෙකු ට නිවැරදි ආකාරයෙන් සලාහ් ඉටු කිරීම සඳහා රුකුලක් වෙයි. තවත් සලාහ්වක් ඉටු කිරීම ට අවස්ථාවක් ලැබිය නොහැක බව සිතන කෙනෙකු ගේ සලාහ් මෙන් ඔබ සලාහ් ඉටු කරනු.” යනුවෙන් නබි (සල්) තුමාණන් උපදෙස් දුන්හ. සිල්සිලා අල් සහීහ් 1412.
අබු අය්යූබි (රළි) තුමාට “නැමදුම සඳහා ඔබ නැගිට සිට ගන්නා විට, සමු ගැනීමේ නැමදුම මෙන් එය ඉටු කරනු මැනවි.” යැයි නබි (සල්) තුමාණන් උපදෙස් දුන්හ. මූලාශ්ර  අහමද් 5/412. සහීහ් අල් ජාමි 742. එනම්, ඔහු ට නැවත වරක් සලාහ් ඉටු කිරීම ට අවස්ථාවක් නොලැබෙන බව ඔහු සිතිය යුතුය. නැමදුම් කරන තැනැත්තා මරණය ට ලක් වෙයි, ඇතැම් විට මෙය ඔහු ගේ අවසාන නැමදුම විය හැක. එම සලාතය අවසාන එකක් විය හැකි බව නොදන්නා හෙයින් ඔහු, හුඃෂු සහිත ව සලාහ් ඉටු කළ යුතු ය.
    නැමදුමෙ හි පවසන කුර්ආන් වැකි සහ දික්ර් පිළිබඳ ව අවබෝධයෙන් සිටීම සහ ඒවා ට අන්යෝඳන්යය ප්රහතිචාර දැක්වීම.
අල් කුර්ආනය පහළ කරනු ලැබුවේ මෙනෙහි කිරීම පිණිස ය. අල්ලාහ් මෙසේ පවසයි.
 كِتَابٌ أَنزَلْنَاهُ إِلَيْكَ مُبَارَكٌ لِّيَدَّبَّرُوا آيَاتِهِ وَلِيَتَذَكَّرَ أُولُو الْأَلْبَابِ ﴿٢٩﴾
“(මෙය) ඔවුන් ආයාවන් මෙනෙහි  කරනු පිණිසත් නුවණැතියන් උපදෙස් ලබනු පිණිසත් අපි ඔබ වෙත ට පහළ කළ පුස්තකයෙකි. එය ආශීර්වවාද  සහිත ය.” සූරා ෆුර්කාන් 38:29
අල් කුර්ආනයේ තෆ්සීර් (පැහැදිලි විග්රටහ සහිත ව) අධ්යකයනය කිරීම බොහෝ වැදගත් බව මෙයින් පෙනේ. “කුර්ආනය පාරායනය කරන නමුත් එහි අර්ථය නොදන්නා ජනයා දෙස බලා මම මවිතය ට පත්වෙමි. කුර්ආනය කියවීමෙන් පමණක් (එහි අර්ථය නොදන්නා) ඔවුන් ආස්වාදය ලබන්නේ කෙසේ දැ?” යි  ඉබ්නු ජරීර් (රහ්) පැවසුහ. (මහ්මූද් ෂාකිර්  ගේ මුකද්දිමාත් තෆ්සීර් අල් තබ්බාරි, 1/10. මේ හේතුවෙන් අල් කුර්ආනය තෆ්සීර් (අර්ථය) සමඟ, එය සංෂිප්ත එකක් වූවත්, කියවීම බොහෝ වැදගත් ය. නිදසුනක් වශයෙන් අල් ෂව්කානි ගේ තෆ්සීරය අල් අශ්ගර් සංෂිප්ත කළ zසුබ්දත් අල් තෆ්සීර් නම් ග්රගන්ථය හෝ අල් අල්ලාමා ඉබ්නු සාදි රචනා කළ තෆ්සීර්  අල් - කරීම් අර් රහ්මාන් ෆී තෆ්සීර් කලාම් අල් මන්නාන් නම් ග්රඅන්ථය හෝ කියවිය හැක. අවම වශයෙන්, අබ්දුල් අසීස් අල් සීර්වාන් රචනා කළ කුර්ආනයේ සඳහන් විශේෂ වචන පිළිබඳව පහදා දෙන අල් මුජාම් අල් ජාමි ලි ගරීබ් මුෆ්රදාත් අල් කුර්ආන් නම් වෙළුම් හතරකින් යුත් ග්රෆන්ථය උපයෝගි කළ හැක.
කුර්ආනය පහදා ගැනීම සඳහා වන තවත් ක්ර මයක් නම්, එක් වාක්යනයක් නැවත නැවත පාරායනා කර එහි දක්වන අර්ථය ගැන දීර්ඝ ව කල්පනා කිරීම වේ. නබි (සල්) තුමාණන් මෙවැනි ක්රිපයාවෙ හි යෙදුනු බව වාර්තා වී ඇත. එක් රාත්රි්යක් නබි (සල්) තුමාණන් වාක්යාක් ගැන දීර්ඝ ව මෙනෙහි කරමින් පසු වූ බව වාර්තා වී ඇත. මූලාශ්රෙ ඉබ්නු කුzසෙයිමා 1/271 සහ අහමද් 5/149, සිෆාත් අස් සලාත් පිටු අංක 102. එතුමා දීර්ඝව මෙනෙහි කළ වාක්යස මෙය යි.
إِن تُعَذِّبْهُمْ فَإِنَّهُمْ عِبَادُكَ ۖ وَإِن تَغْفِرْ لَهُمْ فَإِنَّكَ أَنتَ الْعَزِيزُ الْحَكِيمُ ﴿١١٨﴾
“ඔවුන් ට ඔබ දඬුවම් කළහොත් සැබැවින් ම, ඔවුන්  ඔබ ගේ වහලුන් ය. ඔබ ඔවුන් ට ක්ෂයමා කළහොත් සැබැවින් ම ඔබ බලසම්පන්න ය. නුවණැති ය.” සූරා මායිදා 5:118.
කුර්ආන් වැකියන් පිළිබඳ ව දීර්ඝ ව මෙනෙහි කිරීම සඳහා ඒවායේ අර්ථය වෙත ප්ර තිචාර දැක්වීම එක් ක්රාමයකි. හුදෙයිෆා (රළි) වාර්තා කළේ මෙසේ ය. “එක් රැයක අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් සමඟ මම නැමදුමෙ හි යෙදුනෙමි. එතැමාණන් අල් කුර්ආනයෙන් දීර්ඝ ඡේදයක් පාරායන ය කළහ. එම පාරායනයෙ හි අල්ලාහ් ගේ කීර්තිය සඳහන් කරන වැකි පවසන විට එතුමාණෝ තස්බීහ් (සුබ්හානල්ලාහ් යැයි) පැවසු හ. එහි ප්රහශ්නයක් තිබුණේ නම්, එතුමාණන් ද ප්රඑශ්න කළ හ. අල්ලාහ් වෙත රැකවරණය පැතිය යුතු තැන් හි  අඌදු බිල්ලාහ් යනු අල්ලාහ්ගෙන් රැකවරණ පැතුහ.” මූලාශ්රල මුස්ලිම් 772.
තවත් වාර්තාවක “අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් සමඟ සලාහ් කළෙමි. එතුමාණන් අල්ලාහ් ගේ කරුණාව සඳහන් වාක්යලය පාරායනා කරන විට අල්ලාහ් ගේ කරුණාව පැතු හ. අල්ලාහ් ගේ දඬුවම් සඳහන් වාක්යක පාරායනා කළ විට අල්ලාහ් ගේ ආරක්ෂාව පැතුහ. මිනිසා පිළිබඳ අල්ලාහ් ගේ කරුණා සහගත සැලකිලි පිළිබඳ වාක්ය  පවසන විට සුබ්හානල්ලාහ් යැයි අල්ලාහ් ට කීර්ති මහිම ය පැවසු හ.”යනුවෙන් හුදෙයිෆා (රළි) සඳහන් කළේය.  මෙම සිද්ධිය කියාම් අල් ලයිල් නමැති රාත්රිහ නැමදුම ට අදාළ වාර්තාවක් බව සලකන්න. මූලාශ්රප තඅzසිම් කද්ර් අස් සලාහ්.
කත්තාදා ඉබ්නු අල් නුඋමාන් (රළි) කියාම් අල් ලයිල් සලාහ් කරන විට සූරා ඉහ්ලාස් නමැති කුල් හුවල්ලාහු අහද් යන කොටස පමණක් දිගින් දිගට පාරායනා කළ අතර, අන් කිසිවක් පාරායනා  නොකළ බව වාර්තා වේ. මූලාශ්රි අල් බුහාරි අල් ෆත්හ් 9/59 සහ අහමද් 3/43.
සඊද් ඉබ්නු උබෙයිදා අල් තාඉ (රළි) මෙසේ වාර්තා කළේය. “සඊද් ඉබ්නු ජුබෙයිර් (රළි) රමදාන් මාසයේ රාත්රිබ සලාහ් මෙහෙය වන විට,
 إِذِ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ وَالسَّلَاسِلُ يُسْحَبُونَ ﴿٧١﴾ فِي الْحَمِيمِ
ثُمَّ فِي النَّارِ يُسْجَرُونَ ﴿٧٢﴾
 “ඔවුන් ගේ ගෙලෙහි විලංගු හා දම්වැල් දමනු ලැබ ඔවුන් ට ඇද ගෙන එනු ලබන  කල් හි,  (ඔවුන් දැන ගනු ඇත.) උතුරන ජලයෙහි ද පසුව ගින්නෙහි ද ඔවුන් මොලවනු ලැබේ.” සුරා ගාෆිර් 40 : 71 හ 72 යන වැකි විසි වතාවක් පමණ නැවත නැවත පාරායනය කළේය.“
කයිස් ගෝත්රයය ට අයත් අබු අබ්දල්ලාහ් නමැති කෙනෙක් මෙසේ වාර්තා කරයි. ‘අපි අල් හසන් සමඟ රැඳි සිටිය දී, එතුමා කියාම් අල් ලයිල් රාත්රිُ නැමදුම සඳහා නැගිට, නැමදුම් කළේය. එහි දී,
وَآتَاكُم مِّن كُلِّ مَا سَأَلْتُمُوهُ ۚ وَإِن تَعُدُّوا نِعْمَتَ اللَّـهِ لَا تُحْصُوهَا ۗإِنَّ الْإِنسَانَ لَظَلُومٌ كَفَّارٌ ﴿٣٤﴾
 “නුඹලා ඔහුගෙන් ඉල්ලන සියලු දෑ ඔහු නුඹලා ට පිරිනැමුවේ ය. අල්ලාහ් ගේ වරප්රදසාදයන් නුඹලා  ගණන් කරන්නේ නම් එය නුඹලා  ගණන් (කර අවසන්) නොකරන්නේ ය.” සූරා ඉබ්රා්හීම් 14:34 වන වාක්යක අලුයම ට සුළු වේලාව ට පෙර දක්වා නැවත් නැවත පාරායනය කළේය. පාන්දර අපි ඔහු ව අමතා “අබු සඊද්! මේ වාක්යදය ට අමතර ව ඔබ අන් කිසිවක් පාරායනා නොකළේ මන්දැ?” යි විමසුවෙමු. එවිට එතුමා, “එයින් මම බොහෝ දේ ඉගෙන ගත්තෙමි. මම කුමන දැයක් දෙස බැලුවත් එහි ආශීර්වාදයක් දුටුවෙමි. එහෙත් අල්ලාහ් ගේ ආශීර්වාද පිළිබඳ අප බොහෝ දේ නොදනිමු.”යැයි පිළිතුරු දුන්හ. අල් තද්කාර් ලිල් කුර්තුබි ග්රින්ථයේ පිටු අංක125 බලන්න.
හාරූන් ඉබ්නු රබාබ් අල් උසෙයිදි, තහජ්ජද් සලාහ් සඳහා රාත්රිුයන් හි සිට ගත් විට,
لَوْ تَرَىٰ إِذْ وُقِفُوا عَلَى النَّارِ فَقَالُوا يَا لَيْتَنَا نُرَدُّ وَلَا نُكَذِّبَ بِآيَاتِ
 رَبِّنَا وَنَكُونَ مِنَ الْمُؤْمِنِينَ ﴿٢٧﴾
“(මෙලොව ජීවිතය වෙත)  යළිත් වරක් අපි හරවනු ලබන්නම් නම්, අපි පරමාධිපති ගේ ආයාවන් (සලකුණු, වදන් යනා දි) අපි බොරු නොකරන්නෙමු. අප විශ්වාස කළ අයගෙන් වන්නෙමු යි කියන්නෝය.”  සූරා අල් අනාම් 6:27 යන වාක්යනය  අලුයම දක්වා  නැවත නැවත පාරායන කරමින් කඳුළු සැලීයි.
අල් කුර්ආනයෙන් නොයෙක් කොටස් කට පාඩම් කර, සලාහ්වෙ හි නිරත වී නොයෙක් ස්ථාවරයන් හි ඒවා පාරායනය කර එම වදන් හි අර්ථය පිළිබඳ කල්පනා කිරීම අල් කුර්ආනයේ අර්ථය ගැන මෙනෙහි කිරීම තවත් ක්රආමයක් වේ.
කුර්ආන් වදන් හි අර්ථය ගැන කල්පනා කිරීම, ඒවා නැවත නැවත පාරායනා කිරීම, සහ එම වදන් වලට ප්රතතිචාර දැක්වීම මගින් කෙනෙකු ගේ හුඃෂූ නම් බිය සුලුකම වර්ධනය කළ හැකි බවට කිසිදු සැකයක් නැත.“ඔවුන්  හඬා වැළපෙමින් මුණින් වැටෙන්නෝය. තව ද, එය ඔවුන ට බැතිමත්කම වර්ධනය කරන්නේය.” යනුවෙන් අල් කුර්ආන් සූරා අල් ඉස්රා 17:109 වැකියෙන් අල්ලාහ් තහවුරු කරයි.
නබි (සල්) තුමාණන් හුඃෂු නම් බිය සුලුකම සහ කුර්ආන් වාක්යලයන් හි අර්ථය පහදා ගැනීම පිළිබඳ පෙන් වු සිත් සෙලවෙන ආදර්ශමත් සිද්ධිය ගැන බලමු. උබෙයිද් ඉබ්නු උමෙයිර්(රළි) සමඟ අතා (රළි) අයිෂා (රළි) තුමිය වෙත ට ගියෝය. “අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් ගෙන් ඔබ තුමිය දුටු ඉතාමත් විස්මය ට පමුණු වන ඔබ දුටු යමක් අපට පවසනු මැනව.” යැයි උමෙයිර් (රළි) ඉල්ලීමක් කළේය. දෑසින් කඳුළු සැලු අයිෂා (රළි) තුමිය මෙස් පැවසුවාය. “රාත්රිළයක් රසූල් (සල්) තුමාණන් නැගිට ‘අයිෂා! මගේ පරමාධිපති ට නැමදුම් කිරීම ට මට ඉඩ දෙන්න‘ යැයි කිහ. ‘අල්ලාහ් ගේ නාමයෙන් පවසමි. ඔබ ට සමිප ව සිටීම ට සහ ඔබ ට සතුට ගෙන දෙන දැයක් මම ද ප්රිමය කරමි.‘ යැයි කීවෙමි. අනතුරු ව, එතුමාණන් පිරිසිදු කර ගෙන, නැමදුම ආරම්භ කළේය. එම අවස්ථාවේ තම උකුල තෙත් වන තුරු එතුමාණන් කඳුළු සැලුහ. තවද දිගින් දිග ට කඳුළු සැලු විට පොළොව ද තෙත් විය. අලුයම සළාහ් සඳහා කැඳවන්න ට පැමිණි බිලාල් (රළි) තුමා එතුමා කඳුළු සළනු දැක, ‘අල්ලාහ් ගේ රසූල් (සල්) තුමණි, ඔබ තුමාණන් ගේ අනාගත පාපයන්හට පවා අල්ලාහ් ක්ෂ(මාව දී ඇති අතර, එබ තුමා කඳුළු සලනවා දැ?‘ යි විමසීය. එවිට රසූල් (සල්) තුමාණන්, ‘යා බිලාල්! මම කෘතඥ දන්නා වහලෙක් නොවිය යුතු දැ?‘ යි විමසුහ. මේ රාත්රිෙයෙහි කුර්ආන් වැකි පහළ කරනු ලැබුවෙමි. ඒවා පිළිබඳ ව මෙනෙහි නොකරන යමෙක් සිටින්නේ නම් ඔහු විනාශය ට පත් වේවා.
إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ لَآيَاتٍ لِّأُولِي الْأَلْبَابِ ﴿١٩٠﴾
“සැබැවින්ම, අහස් සහ පොළොව නිර්මාණයෙහි ද රෑ දහවල් මාරු වීමෙහි ද නුවණැත්තන් ට ආයාවන් වෙති.” සූරා ආල ඉම්රාන් 3:190 හෝ සූරා බකරා 2:164.  මෙය අතා (රළි) වාර්තා කළේය. මූලාශ්රي  ඉබ්නු හබ්බාන්.
සූරා ෆාතිහා කියවී මෙන් අවසාන ව “ආමීන්” පැවසීම කුර්ආන් වාක්යනයන් ට ප්රනතිචාර දැක්වීමේ එක් උදාහරණයකි. මෙය අසීමිත ත්යාපග ලබා දෙයි. අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් මෙසේ පැවසුහ. “ඉමාම්වරයා “ආමීන්” යනුවෙන් පැවසුවහොත් ඔබ ද “ආමීන්” යනුවෙන් පවසනු. කවරෙකු හෝ පවසන “ආමීන්”,  මලාඉකාවරු පවසන “ආමීන්” සමඟ එක විට සිදුවන්නේ නම්, ඔහු ගේ පසු වූ පාපයන් සියල්ල සඳහා ක්ෂවමාව දෙනු ලබන්නේය.” මූලාශ්ර  අල් බුහාරි 747.
මේ පිළිබඳ තවත් උදාහරණයක ඉමාම්වරයා “සමි අල්ලාහු ලිමන් හමිදා” (තමා ට ප්රමශංසා කරන්නා ට අල්ලාහ් සවන් දෙයි) යනුවෙන් පවසන විට, සලාහ් කරන ඉතිරි පිරිස “රබ්බනා ව ලකල් හම්ද්” (පරමාධිපතියාණනි!සියලු ප්ර ශංසා ඔබ ට හිමි ය) යනුවෙන් ප්රතතිචාර දැක් විය යුතු ය. මෙය ද විශාල ත්යාෙග ගෙන දෙයි. රිෆාහ් ඉබ්නු රාෆි අල් zසුර්කි  (රළි) මෙසේ වාර්තා කරයි. “දනක් නබි (සල්) තුමාණන් පිටුපස සලාහ්වෙ හි යෙදුනෙමු. නබි (සල්) රුකුඋ ස්ථානය සිට නැගටින විට “සමිඅල්ලාහු ලිමන් හමිදා” යැයි පැවසු විට එතුමාණන් පිටු පස සිටි මිනිසෙක් “රබ්බනා ව ලකල්  හම්දු, හම්දන් කතීරන්, තය්යිබන්, මුබාරකන් ෆී” (අප පරමාධියාණනි! අධික හොඳ සහ ආශීර්වාද ඔබ ට හිමි ය) යනුවෙන් ප්රපතිචාර දැක්විය. නබි (සල්) තමාණන් සලාහ් අවසාන කළායින් පසුව, “කවුරුන් දැයි එලෙස පැවසුවේ?” යනුවෙන් විමසුහ. එම මිනිසා “මම“ යි පිළිතුරු දුන්නේය. එවිට රසූල් (සල්) තුමාණන්, “තිහකට අධික මලාඉකාවරු එය ප්රවථමයෙන් සටහන් කරගන්නේ  කවුරුන් දැයි දිව එනු  දුටුවෙමි” යැයි පැවසුහ. මූලාශ්රන බුහාරි අල් ෆත්හ් 2/284.
සෑම වාක්යකයන් හි අවසානයේ සුළු විරාමයක් ගැනීම.
වාක්යායන් හි අර්ථ පහදා ගැනීම ට සහ ඒවා ගැන මෙනෙහි කිරීම ට මේ ක්රරමය බොහෝ සේ ප්රෙයෝජනවත් වන අතර මෙය නබි (සල්) තුමාණන් ගේ සුන්නාවකි. උම් සලාමා (රළි) තුමිය මෙසේ වාර්තා කළාය. “අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් “බිස්මිල්ලාහිර් රහ්මාන් නිර්රහීම්” යනුවෙන් පරායනා කර විරාමය ගනී. තවත් වාර්තාවක ඉන් පසුව “අල් හම්දු ලිල්ලා හි රබ්බිල් ආලමීන්, අර් රහ්මානිර්  රහීම්“ යැයි පාරායනා කර විරාමය ගනී. ඉන් පසුව “මාලිකි යව්මිද් දීන්” යැයි පාරායනා කර විරාමය ගනි. මේ ආකාරයෙන් සෑම වාක්යියක්ම පාරායනා කළ පසු විරාමයක් ගනී. වාර්තා කළේ අබු දාවූද් 4001, මෙය සහීහ් හදීසයක් බව ෂෙය්ක් අල්බානි  සනාථ කරයි.
වාක්යන දක්වන අර්ථය ඉන් පසු ආයතයෙහි ද දීර්ඝ ව දැක් වුවත්, සෑම වාක්ය යක් අවසානයේ විරාම ගැනීම සුන්නා වේ.
ඉක්මන් නොවී, මිහිරි ව (තර්තීල්) පාරායනා කිරීම
අල්ලාහ් කුර්ආනයේ මෙසේ පවසයි.
أَوْ زِدْ عَلَيْهِ وَرَتِّلِ الْقُرْآنَ تَرْتِيلًا ﴿٤﴾
“අල් කුර්ආනය  නිසි අයුරින් (ඉක්මන් නොවී, මිහිරි හඬින් කියවවු.” සූරා මුzස්zසම්මිල් 73:4.
නබි (සල්) තුමාණන් ගේ කුර්ආන් පාරායනය ඉතා ප්ර සන්න ව, සෑම අක්ෂරයක් ම පැහැදිලි ව උච්චාරණය සිදු කෙරුණි. මුලාශ්රෂ මුස්නද් අහමද් 6/294 සිෆාත් අස් සලාහ්.
නබි (සල්) තුමාණන් ඉක්මන් නොවී, මිහිරි හඬින් පාරායනා කරන විට එය බොහෝ දීර්ඝ බව හැඟුණි.මූලාශ්ර  මුස්ලිම් 733.
වේගයෙන් හා කඩිමුඩියෙන් පාරායනා කිරීම ට වඩා මෙලෙස ඉක්මන් නොවී පාරායනා කිරීමෙන්  කල්පනා කිරීම ට සහ හුඃෂු භාවය වර්ධනය කර ගැනීම ට උපකාරි වෙයි.
හුඃෂූ භාවය වර්ධනය කරනු පිණිස, මිහිරි හඬින් පාරායනය කිරීම උපකාර වෙයි. මේ ගැන නබි (සල්) තුමාණන් උපදෙස් කළේ මෙසේ ය. “ඔබේ කට හඬින් කුර්ආනය අලංකාර කරන්න. මිහිරි හඬ කුර්ආනයේ අලංකාරය වැඩි කරයි.” මූලාශ්රු අල් හාකිම් 1/575, සහීහ් අල් ජාමියා 3581.
මෙහි දී අලංකාර කිරීම යනුවෙන් අදහස් වන්නේ, ඇතැම් දූෂිත පිරිස කුර්ආන් වාක්යහයන් හි ප්රාඇණාක්ෂර ය අනවශ්යෂ ලෙස දීර්ඝ කොට ගීතයක් බව ට පත් කිරීමේ ක්රි යාව නොවේ. එසේ නොව, අල්ලාහ් කෙරෙහි බිය බැතිමත් කමින් තම ස්වරය අලංකාර කිරීම අවශ්යබ වේ. නබි (සල්) තුමාණන් මෙසේ අවවාද කළහ. “සැබැවින් ම, ජනතා ව අතර කුර්ආනය පාරායනා කිරීම සඳහා මිහිරි හඬ සහිත කෙනෙක් පාරායනය කරන කල්හී ඔහු අල්ලාහ් ගේ බිය බැතිමත් සහිත කෙනෙක් බව ඔබ සිතන්නේය.” මූලාශ්රි ඉබ්නු මාජා 1/1339, සහීහ් අල් ජාමි 2202.
සලාහ් වෙහි හුඃෂු වර්ධනය කරන මාර්ග 33ක් -
5 වන කොටස
අල්ලාහ් ඔබේ ප්රා-ර්ථනාවන් ට පිළිතුරු දෙන බව දැන සිටීම
නබි (සල්) තුමාණන් හදීස් අල් කුද්සියෙ හි මෙසේ පැවසුහ. “උත්තරිතර අල්ලාහ් මෙසේ පවසයි. ‘මා සහ මගේ සේවකයා අතර සලාතය, දෙ බෑවක් ලෙස බෙදුවෙමි. මගේ සේවකයා අයැදින දේ ඔහු ට ලැබෙන්නේ ය. ‘පැසසුම් සියල්ල ම සකල ලෝක සංවර්ධන, සංරක්ෂවණ, පරිපෝෂණ, පරිපාලන කරන්නා වු අල්ලාහ් ට‘ යැයි මගේ සේවකයා පවසන විට ‘මගේ සේවකයා මාව පැසසුම් කළේය‘ යනුවෙන් අල්ලාහ් පවසයි.‘දයාලු පරම දයාලු‘ යැයි සේවකයා පවසන විට, ‘මගේ සේවකයා මාව වර්ණනා කළේය යැයි‘ යැයි අල්ලාහ් පවසයි. සේවකයා ‘විපාක දාන දින හිමියා ය‘ යනුවෙන් පවසන විට, ‘මගේ සේවකයා මාව උත්කර්ෂය ට පමුණු විය.‘ යනුවෙන් අල්ලාහ් පවසයි. සේවකයා ‘අපි ඔබ ම නමදිමු; ඔබ ගෙන් ම පිහිට ඉල්ලමු.‘ යැයි සේවකයා පවසන විට, ‘මෙය මා හා මගේ සේවකයා අතරය.මගේ සේවකයා ඉල්ලන දේ ඔහු ට දෙනු ලබන්නේයැ‘ යි අල්ලාහ් පවසයි. සේවකයා ‘අප ට යහ මාර්ගය පෙන්වා දුන මැනවි. ඔබ ගේ උදහස ට භාජන වූ අය ගේ හෝ උන්මාර්ගගාමි අය ගේ හෝ (මාර්ගය) හැර ඔබ ආශීර්වාද කළ අය ගේ මාර්ගය (අප ට පෙන්වා දුන මැනවි)‘ යැයි සේවකයා පවසන විට, ‘මේවා සියල්ල මගේ සේවකයාට ය. මගේ සේවකයා ඉල්ලන සෑම දැයක් ම ඔහු ට ලබා දෙනු ලබන්නේ යැ‘ යි අල්ලාහ් ප්ර කාශ කරයි.” මූලාශ්රප සහීහ් මුස්ලිම්, කිතාබ් අස් සලාහ්.
මෙය උතුම් හා වැදගත් හදිස් වදනකි. මේ බව සෑම කෙනෙක් ම සලාහ්වෙ හි ආරම්භයේ දී මතකයේ තබා ගත්තේ නම්, සලාහ්වෙ හි ඔහු අධික ලෙස හුඃෂු තත්ත්වය ට පත් වන අතර, සූරා ෆාතිහා ඔහු තුළ විශාල බලපෑමක් සිදු කරයි. මෙය සිදු නොවන්නේ කෙසේ ද? ඔහු ගේ පරමාධිපති ඔහු ව අමතා, ඔහු ඉල්ලන දේ දෙන බව පවසන විට, ඔහු තුළ මෙම හැඟීම් සිදු නොවන්නේ කෙසේ ද?
අල්ලාහ් සමඟ කළ සංවාදය නිසි අයුරින් ගෞරවය ට ලක් විය යුතුය. “ඔබ අතරින් කෙනෙක් සලාහ් සඳහා නැගිට සිටින විට, ඔහු තම පරමාධිපති සමඟ සංවාදයේ යෙදෙන්නේ ය. එනිසා, ඔහු (මිනිසා) තම පරමාධිපති සමඟ කථා කරන්නේ කෙසේ දැයි අවධානයෙන් සිටිය යුතු යැ.” යි අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් වදාළහ. මූලාශ්ර  අල් හාකිම් අල් මුස්තද්රක් 1/236: සහිහ් අල් ජාමියා 1538.
ඉදිරියේ සුත්රායවක් තබා, එයට සමීප ව සලාහ් කිරීම
සුත්රාකවක් ඉදිරියේ තබා එය ට සමීප ව සලාහ් කිරීමෙන් හුඃෂූ භාවය වර්ධනය කර ගැනීම ට සහය වන තවත් කරුණක් වේ. මෙ මගින් තමා දකින දේ සීමා කිරීමෙන් ෂෙයිතාන්ගෙන් ආරක්ෂාතව ලැබීම ට සහ ඔබ ට සමීප ව ඉදිරියේ ඇවිද යන ජනතාවගෙන් සිත සලාහ්වෙ හි යොමු කිරීම ට සිදු වන බාධක නිසා සලාහ්වෙන් ලැබෙන ත්යාකග හීන වීම වැළැකිය  හැක.
“ඔබ අතර කවරෙකු හෝ සලාහ් කරනවි ට ඔහු සුත්රාි දෙස මුහුණ හරවා, එය ට සමීප ව සලාහ් කළ යුතුයැ.” යි නබි (සල්) තඅමාණන් වදාළහ. මූලාශ්රම අබු දාවූද් 695: 1/446: සහීහ් අල් ජාමී 651
සුත්රා ව ට සමීප වී සලාහ් කිරීම බොහෝ ඵලදායි ක්රිරයාවක් බව නබි (සල්) තුමාණන් වදාළහ. “ඔබ අතරින් කෙනෙක් සලාහ් කරන විට, ඔහු සුත්රාකව ට සමිප වී සලාහ් කළ යුතුය. එමගින් ඔහු ගේ සලාහ්වට ෂෙයිතාන්ගෙන් බාධාවක් සිදු කළ නොහැකි වෙයි.”  මූලාශ්ර් අබු දාවූද් 695, 1/446; සහීහ් අල් ජාමි 650
සුත්රාරව ට සමීප වීම යනු, සජදා කරන ස්ථානය සහ  සුත්රාරව අතර රියන් තුනක දුර පුමාණයක් තිබීම නබි (සල්) තුමාණන් ගේ සුන්නාහ් වේ. මෙම ස්ථාන දෙක අතරින්, බැටළුවෙක් ඇවිද යෑම ට ඉඩ ප්රබමාණය තිබිය යුතුය. මූලාශ්රළ අල් බුහාරි  1/574 අල් ෆත්හ් 579.
සලාහ්වෙ හි නිරත වන කෙනෙක් තමා සහ තම සුත්රාෙව ට මැදින් පසු කර ගෙන යෑම ට කිසිවෙකු ට ඉඩ දිය නොයුතුය. ඔබ අතර කිසිවෙක් සලාහ් කරන විට, ඔහු ඉදිරියෙන් පසු කර යෑම ට කිසිවෙකු ට ඉඩ නොදිය යුතුය. ඔහු හැකි අයුරින් එසේ යන කැනැත්තා ව  වැළැක්විය යුතුය. එම තැනැත්තා වැළැකී නොගියේ නම්, ඔහු සමඟ සටන් කළ යුතුය. ඒ තැනැත්තා සමඟ සගයෙක් (ෂෙයිතාන්) සිටීම, එය ට හේතුව වන්නේය. මූලාශ්රි මුස්ලිම් 1/260, සහීහ් අල් ජාමි 755.
“සුත්රා5 ව භාවිතා කිරීමේ නුවණ වන්නේ, නෙත් පහත් කිරීම සහ සුත්රා ව පසු කර නොබැලීම, ඔබ ඉදිරියේ කිසිවෙක් පසු කර ගෙන යෑම වැළකීම සහ ෂෙයිතාන් ඔබ ඉදිරියෙන් පසු කර ගෙන යෑම සහ ඔබ ගේ නැමදුම ට බාධා කිරීම ට තැත් කිරීම ට ඉඩ නොදී වළක්වා ලීම යැයි.” ඉමාම් අල් නවවි (රහි) ප්රාකාශ කළේය.
සිංහල භාෂාවෙන්
ජාසිම් ඉබ්නු දඉයාන්
දකුණු අත වම් අත මත තබා ගැනීම.
මුහම්මද් නබි (සල්) තුමාණන් සලාහ් කිරීම ට නැගිට ගත් විට තම දකුණු අත වම් අත මත තබා ගෙන දෑත ම තම පපුව මත තබා ගත්හ. මූලාශ්රෑ මුස්ලිම් 401, අබු දාවූද් 759. “නබිවරුන් වන අප ට සලාහ්වෙ හි නිරත වන විට දකුණු අත වම් අත මත තබා ගන්නා ලෙස අණ කරනු ලැබුවෙමු”  යැයි අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් දැන්වු හ. මූලාශ්රල මුජාම් අල් කබීර් 11485 අල් තබරානි.
සලාහ් කරන අවස්ථාවේ එක් අතක් අනෙක් අත මත තබා ගැනීමේ අර්ථය කුමක් දැ යි ඉමාම් අහමද් (රහ්) ගෙන් ප්රමශ්න කළ විට, “එය උත්තරීතරයාණන් (අල්ලාහ්) අබියස යටහත් පහත් භාවය වේ.”  යැයි පැවසීය. ඉබ්න් රජබ් ගේ අල් හුඃෂූ ෆිල් සලාහ් ග්රසන්ථය පිටු අංක 21.
මේ විෂය පිළිබඳ ව ඉබ්නු හජර් (රහි) මෙසේ පිළිතුරු දුන්නේය. “මෙම ඉරියව්වේ අර්ථය අයැදුම්කාරයා දක්වන යටහත් පහත් භාවයේ ආකල්පය යි. මේ මගින් නොසන්සුන් භාවය වලකා ලිය හැකි අතර, මෙය හුඃෂූ පිණිස උපකාරි වනු ඇති බව ආගමික විද්වතුන් අදහස් දක්වති.” ෆත්හ් අල් බාරි 2/224.
සජදා කරන ස්ථානය වෙත නෙත් යොමු කිරීම
අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන්, හිස ඉදිරිය ට පහත් කර, නෙත් පොළොව දෙස යොමු කර සලාහ්වෙ හි නිරත වු බව ආයිෂා (රළි) තුමිය පැවසුවාය. මූලාශ්ර  අල් හාකිම් 1/479. සිෆත් අස් සලාහ් පිටු 89
අල්ලාහ් ගේ නබි (සල්) තුමාණන් කඅබා පරිසරය ට ඇතුළු වී එයින් බැහැර වන තුරු, එතුමාණන් ගේ නෙත්, තමා සජදා කරන විට පොළොව මත හිස තබන ස්ථානයෙන් වෙනතකට යොමු නොවිය. මූලාශ්රා අල් හාකිම්ගෙන් අල් මුස්තද්රූක් ග්ර න්ථයේ 1/479.
අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණන් තෂ්හද් සඳහා වාඩි වූ විට, එතුමා කිබ්ලා දෙසට දබරැඟිල්ල දිගු කොට තම නෙත් එම ඇඟිල්ල දෙස යොමු කළහ. මූලාශ්රන ඉබ්නු හඃzසෙයිමි 1/355 අංක 719. එනිසා කෙනෙක් (අත්තිහයාත් සඳහා) තෂ්හද් පැවසීම ට වාඩි වූ විට, ඔහු දබරැඟිල්ල දෙස බලා සිටිය යුතුය. නබි (සල්) තුමාණන් තම දබරැඟිල්ලෙන් ඔබ්බට නෙත් යොමු නොකළ බව තවත් වාර්තාවක් පවසයි. මූලාශ්රම අහමද් 4/3 සහ අබු දාවූද් 990.
සටහන: සලාහ්වෙහි නිරත වන ඇතැම් අය ගේ සිත් තුළ මෙවැනි ප්ර ශ්නයක් පැන නගිනු ඇත. එනම්, සලාහ් වෙහි දෑස් වසා  ගැනීම පිළිබඳව ආගමික නිගමනය කුමක් ද? විශේෂයෙන් දෑස් වසා ගත් විට හුඃෂු භාවය අධික වන බව ඇතැම් අය ගේ මතය වේ. මෙහි පිළිතුරු වන්නේ, මෙම ක්රිෙයාව නබි (සල්) තුමාණන් ගේ සුන්නාහ්ව ට එරෙහි වන බව වාර්තා වී ඇත යන්නයි. දෑස් වසා ගන්නා කෙනෙක් තමා සජදා කරන ස්ථානය සහ තම දබරැඟිල්ල දෙස නෙත් යොමු කිරීමේ සුන්නාහ් ඉටු කිරීම ට අපොහොසත් වෙයි. මේ පිළිබඳ ව සුප්ර කට විද්වතෙක් වන අල්ලාමා අබු අබ්දල්ලාහ් ඉබ්නු අල් කයියිම් තුමාගේ උපදෙස් දෙස බලමු. “සලාහ්වෙහි නෙත් වසා ගැනීම නබි (සල්) තුමාණන් ගේ ඉගැන්වීමේ කොටසක් නොවෙයි.” තෂ්හද් කියවන විට එතුමාණන් තම දබරැඟිල්ල දෙස නෙත් යොමු කළ අතර, තම බැල්ම ඇඟිල්ලෙන් ඔබ්බට යන්නට ඉඩ නො තැබුහ. එතුමාණන් දෑස් විවෘත ව තැබු බව සනාථ කරන අවස්ථාවන් කිහිපයක් තිබේ. ඒවා නම්, ස්වර්ගයෙන් මිදි පොකුරක් දෙනු ලැබු විට එතුමාණන් අත දිගු කළහ. බලලෙකු ට වද දුන් කාන්තාව නිරයේ වද දෙනු ලබනු දුටුහ. බස්තමේ හිමිකරු කවුරුන් දැ යි දුටුහ. එමෙන්ම, සලාතයේ නිරත වී සිටිය දී තමා ඉදිරියේ ඇවිද යන්නට තැත් කළ එළුවෙක්, කුඩා පිරිමි ළමයෙක්, කුඩා ගැහැනු ළමයි දෙදෙනෙක් යන අය එසේ යෑමෙන් වළකිනු පිණිස අතින් තල්ලු කළහ. සලාහ් ඉටු කරමින් සිටින තමා ට ආචාර කළ අය ට අත වැනුහ. තවත් හදීසයක සලාහ්වෙ හි නිරත වී සිටිය දී තමාව පොලොඹ වන්නට උත්සාහ කළ ෂෙයිතාන් ගේ ගෙල මීරිකා දැමුවේ ඔහු ව දෑසින් දුටු හේතුවෙන් බව පැවසේ. මෙම හදිස් වදන් මගින් නබි (සල්) තුමාණන් සලාහ් කරන විට නෙත් පිය නොකළ බව තහවුරු වේ.
සලාහ්වෙ හි දෑස් පිය වීම මක්රූහු ද යන ප්රටශ්නය පිළිබඳ ව ආගමික විද්වතුන් ගේ මත විවිධයි. ඉමාම් අහමද් ඇතුළු පිරිසක් “මෙය යුදෙව් වරුන්ගේ ක්රි්යාවක්” නිසා එය මක්රූහු බව සැළකු හ. තවත් පිරිසක් එය අනුමත කළ අතර, එය මක්රූහු යැයි සැලකුවේ නැත. මේ පිළිබඳ ව නිවැරදි නිගමනය වන්නේ, දෑස් විවෘත ව තැබීමෙන් කෙනෙකු ගේ හුඃෂු භාවය ට පීඩාවක් සිදු නොවන්නේ නම්, දෑස් විවෘත ව සලාහ් කළ හැක. එහෙත්, සලාහ් කරන තැනැත්තා ගේ ඉදිරියේ තිබෙන දර්ශන, අලංකාර  සහ මිනිසුන් නිසා කෙනෙකු ගේ සිත වියවුල් වන්නේ නම්, දෑස් පියවිම මක්රූහු බවට පත් නොවෙයි. මෙ වැනි  නිගමනය ෂරීආ වේ අරමුණට බොහෝ සමිප වන බව සලකන්න. අල්ලාහ් සියල්ල දනී.”  zසාද් අල් මාද් 1293.
මෙය ට එකඟ ව, සලාහ්වෙහි නෙත් නොපියවීම සුන්නාහ් බව පැහැදිලි වන අතර, කෙනෙකු ගේ හුඃෂු භාවය ට අහිත කරන යමක් අවට තිබේ නම්, දෑස් පියවා ගත හැකි බව පැහැදිලි වේ.
දබරැඟිල්ල දිගු කිරීම සහ සෙලවීම
“ෂෙයිතාන් ට එරෙහි ව එය යකඩයක ට වඩා අති ශක්තිමත් ය”  යනුවෙන් නබි (සල්) තුමාණන් පැවසුහ. මූලාශ්රක ඉමාම් අහමද් 2/119, සිෆත් අල් සිල්සිලා පිටු අංක 159. එනම් අත්තහියාත් සඳහා වාඩි වී තෂ්හද් පාරායනය කරන විට දබරැඟිල්ල දිගු කිරීම ෂෙයිතාන් ට යකඩ පොල්ලකින් පහර දීම ට වඩා මහත් වේදනාවක් දෙයි. මෙයට හේතුව අල්ලාහ් ගේ ඒකීය භාවය ද අල්ලාහ් ට පමණක් නැමදුම් කිරීමේ දී අවංක විය යුත බව ද ගැත්තා ට මෙම ක්රිමයාවෙන් මතක් කරනු ලැබීමයි. සැබැවින් ම ෂෙයිතාන් අධික ලෙස පිළිකුල් කරන්නේ මෙයයි. එනිසා, ෂෙයිතාන් ගේ උවදුරෙන් අපි අරක්ෂා පතමු. (අල් සයිදි ගේ ෆත්හ් අල් රබ්බානි ග්රදන්ථ 4/15 )
මෙවැනි ඵලදායි තාව ය නිසා සහාබා (රළි) වරුන් මෙය ඉටු කරන ලෙස එකිනෙකා ට මතක් කළහ. එහෙත් අද බොහෝ දෙනා මෙය ඉතා සැහැල්ලුව ට සලකති. සහාබා වරුන් දුආ කරන අවස්ථාවන් හි දබරැඟිල්ල දිගු කිරීම ගැන එකිනෙකා ට මතක් කළ බව වාර්ථා වේ. සිෆත් අල් සලාහ් ග්ර න්ථය පිටු අංක 141.
දබරැඟිල්ල දිගු කිරීමේ සුන්නාහ්ව ට එකඟව, තෂ්හද් පවසන ඉරියව්වේ දී එය කිබ්ලා දෙසඩට දිග කර, සෙලවෙමින් තිබිය යුතුය.
සලාහ්වෙහි පවසන සූරා, ආයතය, දික්ර් සහ දුආ විවිධ අවස්ථාවන් හි වෙනස් කිරීම
සලාහ්වෙහි සෑම විටම එකම වාක්ය  සහ අද්කාර් පාරායනා නොකර, විවිධ මාතෘකා ගැන පවසන වාක්යනයන් සහ දික්ර් උපයෝගී කරන විට ඒවා පිළිබඳ ව කල්පනා කිරීමෙන් නවක අර්ථ දැක ගන්නා බව නැමදුම් කරුවෙක් සිතනු ඇත. සූරාවන් සහ අද්කාර් කිහිපයක් පමණක් ඉගෙන ගත් කෙනෙක් මෙවැනි ආස්වාදය ලබන්නේ නැත. විවිධ අවස්ථාවන් හි විවිධ සූරා පාරායනා කිරීම සුන්නාහ්වක් වන අතර, ඒ මගින් හුඃෂූ භාවය වර්ධනය කළ හැකි වේ.
නබි (සල්) තුමාණන් සලාහ්වන් හි පාරායනා කළ  ආරම්භක දුආ දෙස බැලුවහොත් එහි විවිධත්වයක් අපි දකිමු. එයින් නිදසුන් කිහිපයක් දෙස බලමු.
•    “අල්ලාහුම්ම බාඉද් බයිනි ව බයින හඃතායා බාඅද්ත බයින අල් මෂ්රිකි වඅල් මග්රිබ්, අල්ලාහුම්ම නක්කිනි මින් හඃතායා ය, කමා යුනක්කා අල් තව්බ් අල් අභියද් මින් අල් දනස්; අල්ලාහුම්ම අග්සිල් නි මින් හඃතායාය බිල් මාඅ වඅල් තල්ජ් වඅල් බරද්.”  (යා අල්ලාහ්! නැගෙන හිර බටහිරෙන් වෙන් කළා මෙන් පාපයෙන් මා දුරස්ථ කරනු මැනවි. අපිරිසුදු සුදු රෙද්දක් පිරිසුදු කරන්නාක් මෙන් මගේ පාපයන්ගෙන් මා පිරිසිදු කරනු මැනව.මගේ පාපයන් ජලයෙන් හා හිමයෙන් පිරිසිදු කරනු මැනව.)
•    “වජ්ජහ්තු වජ්හිය ලිල්ලදී ෆතරස් සමාවාති වල් අර්ධ් හනීෆන් වමා අන මිනල් මුෂ්රිකීන්. ඉන්න සලාතී ව නුසුකි වමහ්යාය ව මමාති ලිල්ලාහ් රබ්බිල් ආලමින්. ලා ෂරීක ලහු වබිදාලික උමිර්තු ව අන අව්වලල් මුස්ලිමූන්.” අහස් හා පොළොව නිර්මාතෘ වරයා වෙත අවංක ව මාගේ මුහුණ හැරෙව්වෙමි. තවද මුෂ්රික්වරු අතරින් මම කෙනෙක් නොවෙමි. සැබැවින් ම මගේ නැමදුම, මගේ පරිත්යා.ගය, මගේ ජීවිතය සහ මගේ මරණය පරමාධිපති වන අල්ලාහ් සඳහා ය. ඔහු ට හවුල් කරුවෙකු නැත. මේ බව මම අණ කරනු ලැබුවෙමි. (ඔහු ට අවනත වන) මුස්ලිම් වරු අතරින්  මම ප්ර(ථමයා වෙමි.
•    “සුබ්හානකල්ලාහුම්ම ව බිහම්දික ව තබාරක ඉස්මුක ව තආලා ජද්දුක වලාඉලාහ ගෛරුක.” (කීර්ති හා ප්රදශංසා හිමිවන්නේ ඔබටම යි. යා අල්ලාහ්! ඔබේ නාමය භාග්යව වන්ත වේවා ඔබේ මහිම ය උසස් බව ට පත් වේවා. ඔබ හැර අන් දෙවි කෙනෙක් නැත.)
මෙය හා සමාන වෙනත් ප්රාටර්ථනා සහ සිහි කිරීම් (අද්කාර්) තිබෙන අතර, නැමදුම් කරන්නා මේවායින් ඕනෑම එකක් තොරා ගත හැක.
සලාත් අල් ෆජර් ( අලුයම) හි නබි (සල්) තුමාණන් පාරායනා කළ සූරාවන් හී බොහෝ ආශීර්වාද තිබෙනු අපි දකිමු.
අල් කුර්ආනයේ අවසාන හතෙන් කොටස ට අයත් දීර්ඝ සූරාවන් අතර, සූරා අල් වාකියා (56), සූරා නූර් (52) සූරා ඛාෆ් (50) යන සූරාවන් ද, කෙටි සූරාවන් අතර ඉදෂ් ෂම්සු කිව්විරත් (81) සූරා zසිල්zසාල් (99) සහ මුවද්දතෙයින් යන අවසාන සූරා දෙක යන සූරාවන් ද  එතුමාණන් පාරායනා කළහ.
ඇතැම් දිනයන් හි සූරා රූම් (30), සූරා යාසීන් (36) සූරා සාෆ්ෆාත් (37) ද, සිකුරාදා දිනයන් හි සූරා සජ්දා (32) සහ සූරා අල් ඉන්සාන් (සූරා ධහර් 76) යන සූරාවන් ද එතුමාණන් පාරායනා කළහ.
ලුහර් සලාතයෙ හි මුල් රකඅත් දෙකේ ම වාක්යූ 30කට සමාන ව සූරා තාරික් (86) සූරා අල් බුරූජ් (85) සූරා ලයිල් (92) යන සූරා වලින් තොරා ගත්හ.
අසර් සලාතයෙ හි ලුහර් සලාතයේ සඳහන් සූරා වලින් වාක්යස 15ක් පමණ පාරායනා සඳහා තෝරා ගත්හ.
මග්රිබ් සලාතයේ සූරා අත් තීන් (95) වැනි කෙටි මුෆස්සල් සූරාවන් තොරා ගත්හ. තව ද, සූරා මුහම්මද් (47), සූරා අත් තූර් (52) සූරා අල් මුර්සලාත් (77) වැනි සූරාවන්ගෙන් වාක්යග  තොරා ගත්හ.
ඉෂා සලාතය සඳහා මධ්යක ප්රරමාණයේ දිග මුෆස්සල් සූරාවන් වන අෂ් ෂම්ස් (91) සූරා අල් ඉන්ෂිකාක් (84) යන සූරාවන් පාරායනා කළහ. මුආද් (රළි) තුමාණන් ට සූරා අල් අඅලා (87) සූරා අල් කලම් (68) සූරා අල් ලෙයිල් (92) යන පාරායනා කරන ලෙස උපදෙස් දුන්හ.
කියාම් අල් ලයිල් නමැති මධ්ය්ම රාත්රි2 සුන්නාහ් සලාහ්තයේ දීර්ඝ සූරාවන්ගෙන් එ තුමාණන් පාරායනා කළහ. ඇතැම් අවස්ථාවන් හි වාක්ය‍ 150 සිට 200 දක්වා දීර්ඝව පාරායනා කළ අතර, වෙනත් අවස්ථාවන් හි ඒවා කෙටි කර පාරායනා කළහ.
රුකූඋ අවස්ථාවන් හි කියවන අද්කාර් නොයෙක් ආකාරයෙන් පාරායනා කළහ. “සුබ්හාන රබ්බියල් අළීම්”  (මාගේ උත්තරීතර පරමාධිපති ට කීර්තිය හා පැසසුම් හිමිවේවා) යන වචන මාලාව ට අමතර ව “සුබ්බූහ්, කුද්දූස්, රබ්බිල් මලාඉති වර් රූහ්”  (මලාඉකාවරුන් සහ පිරිසිදු ආත්මයේ පරමාධිපති පරිපූර්ණය, ආශීර්වාද ලත් ය) යනුවෙන් හෝ “අල්ලාහුම්ම ලක රකාතු, ව බික ආමන්තු, ව ලක අස්ලම්තු, ව අලෙයික තවක්කල්තු, අන්ත රබ්බී, හඃෂාඅ, සමී ව බසරී ව දම්මි ව ලහ්මි ව අzස්මි වආසබි ලිල්ලාහි රබ්බිල් ආලමීන්.”  (යා අල්ලාහ්! ඔබටම මම සිරස නැමුවෙමි. ඔබටම මම යටත් වෙමි. ඔබ වෙතම මම විශ්වාස තබමි. ඔබ වෙත මාගේ සියල්ල භාර කළෙමි. මගේ ශ්රවවණය, මගේ බැල්ම, මගේ රුධිරය, මගේ මාංශය. මගේ අස්ථි, මගේ ස්නායු (යන සියල්ල) ඔබටම යටත් පහත් කරමි. විශ්වයන් ගේ පරමාධිපති ඔබමය)
සමි අල්ලාහු ලිමන් හමිදා (තමා ට පැසසුම් කරන්නා ට අල්ලාහ් සවන් දෙයි) යනුවෙන් පවසා රුකුඋ සිට නැගිට ගත් විට, එතුමාණන් “රබ්බනා ව ලකල් හම්ද් (අපගේ පරමාධිපතියාණනි, තවද ඔබටමය සියලු ප්රිශංසා) යනුවෙන් පවසීය. ඇතැම් අවස්ථාවන් හි “රබ්බනා ලකල් හම්ද්”  (අපගේ පරමාධිපතියාණනි, ඔබටමය සියලු ප්ර ශංසා) හෝ  “අල්ලහුම්ම රබ්බනා (ව) ලකල් හම්ද් (යා අල්ලාහ්! අපගේ පරමාධිපතියාණනි, (තවද) ඔබටමය සියලු ප්රමශංසා)“ යනුනේ පවසයි. තවත් අවස්ථාවන් හි “මිල් අල් සමාවාති ව මිල් අල් අර්ළ්, ව මිල්අ මා සිඅත මින් ෂෙයිඉන් බඅද්. “(පැසසුම්) අහස් පුරවයි, පොළොව පුරවයි, ඔබ කැමති ඕනෑම දැයක් පුරවයි)”  යනුවෙන් පවසයි. ඇතැම් අවස්ථාවන් හි, “අහ්ලල් තනාඉ වඅල් මජ්ද්, ලා මානිඅ ලිමා අ‘අතයිත, ව ලා මුංඉතිය ලිමා මන‘අත, ව ලා යන්ෆඋ, දල් ජද්දි මින්කල් ජද්” (කීර්තිය හා මහිමය හිමි පරමාධිපතියාණනි! ඔබ ප්රදදානය කරන දේ වැළකීම ට කිසිවෙකු ට නොහැක, ඔබ වැළකූ දේ  ප්රයදානය කිරිම ට කිසිවෙකු ට නොහැක. තව ද හිමිකරු ගේ හිමිකමින් ඔබ අබියස ඔහු ට ඵලක් ගෙන දිය නොහැක.)
සුජූද් යන ඉරියව්වේ, “සුබ්හාන රබ්බියල් අ‘අලා”  (මාගේ අති උතුම් පරමාධිපති ට කීර්තිය හිමිවේවා) යනුවෙන් පැවසීමට අමතර ව, නබි (සල්) තුමාණන් මේවා ද එකතු කළහ. “සුබ්බූහ්, කුද්දූස්, රබ්බිල් මලාඉකති වර් රූහ්“ (මලාඉකාවරුන් සහ පිරිසිදු ආත්මයේ පරමාධිපති පරිපූර්ණය, ආශීර්වාද ලත් ය) යනුවෙන් හෝ “සුබ්හානකල්ලාහුම්ම රබ්බනා ව බි හම්දික්, අල්ලාහුම්මග්ෆිර් ලී“ (යා අල්ලාහ්! කීර්තිය හා පැසසුම් හිමි ඔබටමය. අපගේ පරමාධිපතියාණනි! යා අල්ලාහ් මට සමා දෙනු මැනව) යනුවෙන් හෝ “අල්ලාහුම්ම ලක සජද්තු ව බික ආමන්තු, ව ලක අස්ලම්තු, සජද වජ්හි ලිල්ල දී හඃලක හු, ව සව්වර හූ, ව ෂක්ක සම් අහු, ව බසර හු, තබාරක් අල්ලාහු අහ්සනල් හාඃලිකීන්.”  (යා අල්ලාහ්! ඔබටමය මම හිස බිම තබා සජූද් කළෙමි, ඔබ කෙරෙහි විශ්වාස තබමි, ඔබ වෙතමය යටත් පහත් වෙමි.මගේ මුහුණ මවා, එයට හැඩයක් සපයා, එහි ශ්ර වණය හා බැල්ම දුන් ඔබට සජදා කරමි. සියලු ආශීර්වාද අල්ලාහ්ට පමණි. මැවීම් කරු අතරින් ඔහු උතුම් ය.) යන මෙවැනි තවත් අද්කාර් පැවසුහ.
සජදා දෙක අතර වාඩි වී සිටින විට “රබ්බිග්ෆිර්ලී, රබ්බිග් ෆිර්ලී  (පරමාධිපතියාණනි! මට සමාව දෙනු මැනව, පරමාධිපතියාණනි! මට සමාව දෙනු මැනව) යන ප්රා ර්ථනාව ට අමතර ව, “අල්ලාහුම්ම අග්ෆිර් ලී, වර්හම්නි වජ්බර්නි, වර්වග්නි, වහ්දිනි, ව ආෆිනි, වර්zසුක්නි. ”  (යා අල්ලාහ්! මට සමාව දෙනු මැන, මට කරුණාව දක්වනු මැන, මාව ශක්තිමත් කරනු මැන,  මගේ තත්වය උසස් කරනු මැන, මට කමා කරනු මැන, මට ආහාර දෙනු මැන) යනුවෙන් පැවසුහ.
විවිධ ආකාරයෙන් තෂ්හද් කියවීම පිළිබඳ ව වාර්තා වී ඇත. “අත්තහිය්යාතු ලිල්ලාහි වස්සලවාතු වත් තය්යිබාතු අස් සලාමු අලෙයික අය්යුහල් නබිය්යු” යනුවෙන් ද (සියලු පැසසුම්, නැමදුම් සහ පිරිසිදු වදන් අල්ලාහ් ට හිමිය. නබි තුමනි! ඔබ වෙත සාමය හිමිවේවා!) “අත්තහිය්යාත් අල් මුබාරකාත් අස් සලවාත් අත් තය්යිබාත් ලිල්ලාහි, අස් සලාමු අලෙයික අය්යුහන් නබිය්යු”  යනුවෙන් ද (සියලු පැසසුම්, ආශීර්වාද ලත් වදන් සහ නැමදුම් අල්ලාහ් ට හිමිය. නබි තුමාණනි! ඔබ වෙත සාමය හිමිවේවා) නබි තුමාණන් පැවසුහ.
මේ ආකාරයෙන් නැමදුම් කරන්නා එක් අවස්ථාවක එක් ක්රයමයකින් ද තවත් අවස්ථාවක අනෙක් ආකාරයට ද තෂ්හද් පැවසිය හැක. 
නබි (සල්) තුමාණන් වෙත සලාම් පැවසීමේ විවිධ වදන් මාලා ඇත. “අල්ලාහුම්ම සල්ලිඅලා මුහම්මද් ව අලා ආලි මුහම්මද් කමා සල්ලයිත අලා ඉබ්රා හීම ව අලා ආලි ඉබ්ර්හීම්, ඉන්නක හමිදුන් මජීද්. අල්ලාහුම්ම බාරික් අලා ආලි මුහම්මදින් අලා ආලි මුහම්මදින් කමා බාරක්ත අලා ඉබ්රාමහීම් ව අලා ආලි ඉබ්රා හීම ඉන්නක හමීදුන් මජීද්.”  (යා අල්ලාහ්! ඉබ්රාහහීම් තුමාණන් සහ එතුමාගේ පවුලේ අය වෙත සලාම් එවු ආකාරයෙන් මුහම්මද් තුමාණන් සහ එතුමාගේ පවුලේ අය වෙත සලාම් එවනු මැනවි. ඉබ්රාාහීම් තුමා සහ එතුමා ගේ පවුලේ අය වෙත ආශීර්වාද එවු ආකාරයෙන් ම මුහම්මද් තුමාණන් සහ එතුමා ගේ පවුලේ අය වෙත ආශීර්වාද එවනු මැනිවි)
නැතහොත්
“අල්ලාහුම්ම සල්ලිඅලා මුහම්මද් ව අලා ආලි බයිතිහි ව අලා අzස්වාජිහි ව දුර්රියාතිහි, කමා සල්ලයිත අලා ආලි ඉබ්රාහහීම ඉන්නක හමිදුන් මජීද්. ව බාරික් අලා මුහම්මදින් අ අලා ආලි බයිතිහි ව දුර්රියාතිහි කමා බාරක්ත අලා ආලි ඉබ්රිඅහීම් ඉන්නාක හමිදුන් මජිද්. ”  (යා අල්ලාහ්!  ඉබ්රා්හීම් තුමා ගේ පවුලේ අය වෙත ප්රායර්ථනාවන් එවු ආකාරයෙන් මුහම්මද් තුමා, එතුමා ගේ පවුලේ අය, බිරියන් සහ එතුමාගෙන් පැවත එන්නන් වෙත ප්රා්ර්ථනාවන් එවනු මැන. සැබැවින් ම පැසසුම් හා සම්පූර්ණ කීර්ති හිමි ඔබටම ය. යා අල්ලාහ්!  ඉබ්රාිහීම් තුමා ගේ පවුලේ අය වෙත ආශිර්වාද එවු ආකාරයෙන් මුහම්මද් තුමා, එතුමා ගේ පවුලේ අය, බිරියන් සහ එතුමාගෙන් පැවත එන්නන් වෙත ආශීර්වාද එවනු මැන. සැබැවින් ම පැසසුම් හා සම්පූර්ණ කීර්ති හිමි ඔබට ය.
නැතහොත්
“අල්ලාහුම්ම සල්ලිඅලා මුහම්මද් අන් නබිය්යිල් උම්මි ව අලා ආලි ම්හම්මද් කමා සල්ලයිත අලා ආලි ඉබ්රා හීම්, ව බාරික් අලා මුහම්මද් අන් නබිය්යිල් උම්මි ව අලා ආලි මුහම්මදින් කමා  බාරක්ත අලා ආලි ඉබ්රා හීම් ෆිල් ආලමීන්, ඉන්නක හමිදුන් මජීද්.”  (ඉබ්රා හීම් තුමා ගේ පවුලේ අය වෙත ප්රාමර්ථනාවන් එවු ආකාරයෙන් අකුරු නොදත් නබිරයා වන මුහම්මද් තුමා, එතුමා ගේ පවුලේ අය, බිරියන් සහ එතුමාගෙන් පැවත එන්නන් වෙත ප්රාගර්ථනාවන් එවනු මැන. ජාතීන් අතර ඉබ්රාරහීම් තුමා ගේ පවුලේ අය වෙත ආශිර්වාද එවු ආකාරයෙන් අකුරු නොදත්  නබි වරයා වන මුහම්මද් තුමා, එතුමා ගේ පවුලේ අය, බිරියන් සහ එතුමාගෙන් පැවත එන්නන් වෙත ආශීර්වාද එවනු මැන. සැබැවින් ම පැසසුම් හා සම්පූර්ණ කීර්ති හිමි ඔබට ය.)
මෙවැනි විවිධ ප්රාිර්ථනා තිබෙන අතර, ඒවායින් එකක් තෝරා ගෙන එක් එක් වේලාව ට පාරායනා කිරීම සුන්නා බව සලකන්න. ජනප්රිසය නිසා හෝ සහාබාවරුන් ට නබි (සල්) තුමාණන් බොහෝ අවස්ථාවන් හි ඉගැන් වු නිසා හෝ මේවා අතර එක් ප්රාථර්ථනාවක් පමණක් තෝරා ගෙන සැම විට ම පැවසීම වරදක් නැති බව ද සලකන්න.
ඉහත සඳහන් සියලු වාක්යදයන් සිෆත් අල් සිල්සිලාත් ග්ර න්ථයෙන් උපුටා ගන්නා ලදී.
කුර්ආන් වැකි පාරායනා කිරීමේ දී අවශ්ය  ස්ථානයේ සුජූද් අත් තිලාවාත් නම් සජදා කිරීම
අල් කුර්ආනය පාරායනා කිරීමේ දී, සජදා කරන ලෙස සඳහන් කරන වදන් කියවන විට වහාම සජදා කිරීම සුචරිතයකි. ඔහුගේ ග්රාන්ථයේ නබි වරුන් සහ යහමඟ ලත් බැතිමතුන් ගැන අල්ලාහ් මෙසේ පවසයි. “...තව ද, ඔවුන් කෙරෙහි කරුණාභරිතයාණන් ගේ වදන් පාරායනය කරනු ලැබු  විට අඬාවැළපෙමින් සුජූද් කරමින් වැටෙනු ඇත.” සූරා මර්යම් 9:58 මෙම වාක්ය්ය පාරායනය කරන විට සජදා කළ යුතු බව ආගමික විද්වතුන් එකඟත්වය දක්වති, යනුවෙන් ෂෙයික් ඉබ්නු කතීර් පැවසුහ.
සලාතයේ යෙදෙන අවස්ථාවන් හි සුජූද් අත් තිලාවාත් කිරීම ඉතා වැදගත් බව ද එයින් හුඃෂූ භාවය අධික වන බව ද මෙම කුර්ආන් වැකියෙන් පැහැදිලි ව පෙනේ.
وَيَخِرُّونَ لِلْأَذْقَانِ يَبْكُونَ وَيَزِيدُهُمْ خُشُوعًا ۩ ﴿١٠٩﴾
“ඔවුන් හඬා වැළපෙමින් මුහුණෙන් වැටෙන්නෝය. තව ද එය ඔවුන ට බැතිමත්කම වර්ධනය කරන්නේය.”  සූරා ඉස්රායීල් 17:109
සලාහ් කරන අවස්ථාවෙ හි සූරා අන් නුජූම් පාරායනා කරන විට (අවසානයේ) නබි (සල්) තුමාණන් සජදා කළ බව වාර්තා වේ. අර් රාෆි මෙසේ පැවසුවේය. “අබු හුරෙයිරා (රළි) තුමා සමඟ මම සලාහ් කළෙමි. එතුමා සූරා අල් ඉන්ෂිකාක් (84) පාරායනා කර අවසානයේ සජදා කළේය. ඒ පිළිබඳ ව මම විමසු විට එතුමා, “අබු අල් කාසිම් (නබි සල් තුමාණන්) පිටු පස සිට ගෙන මම සලාහ් කර, එතුමා සමඟ සජදා කළෙමි. එතුමාණන් ව (මරණයෙන් පසු) නැවත හමු වන තුරු, මම මෙලෙස දිගට ම කරන්නෙමි.”  යැයි පැවසුවේය. මූලාශ්රසය සහීහ් අල් බුහාරි
සුජූද් අත් තිලාවත් ක්රිදයාව ෂෙයිතාන් ව මර්ධනය කර, ඔහු ව මහත් කෝපය ට පත් කිරීමෙන් නැමදුම් කරුවන් කෙරෙහි ඔහු ගේ පාලනය දුර්වල බව ට පත් කරන හේතුවෙන් , සජදා තිලාවත් නොකඩවා ඉටු කිරීම බොහෝ වැදගත් එකකි. “ආදම් ගේ පුත්රන යෙක් සජදා තිලාවත් පාරායනා කරන විට, ෂෙයිතාන්, “ඔහු ට විපතක් වේවා! ඔහු ට (මිනිසා ට) සජදා කරන ලෙස අණ දෙනු ලැබ, ඔහු ද සජදා කළේය. එනිසා ස්වර්ගය ඔහු ට (මිනිසා ට) හිමි විය. සජදා කරන ලෙස මම අණ ලැබු නමුත් මම එයට අකීකරු වුයෙමි. එනිසා මගේ ඉරණම අපායෙහි ය.”  යනුවෙන් පැවසන බව රසුල් (සල්) තුමාණන් දන්වා අබු හුරෙයිරා (රළි) වාර්තා කරයි. මූලාශ්රි සහීහ් මුස්ලිම් 133
අල්ලාහ් වෙත ෂෙයිතාන්ගෙන් ආරක්ෂාගව පැතීම
ෂෙයිතාන් අපගේ පරම සතුරා වන අතර කෙනෙක් නැමදුම් කරන විට, නොයෙක් සිතුවිලි මිනිසා ගේ කන ට කොඳුරා (වස්වාස්) ඔහු ගේ හුඃෂූ භාවය ඉවත් කර, සලාතය අවුල් කිරීම ට වෑයම් කිරීම ෂෙයිතාන් ගේ සතුරුකමේ එක් ක්රියයාවකි.
දික්ර් සහ අනිකුත් නැමදුම් ක්රියයාවන් හි යෙදෙන්නන් ගේ කනට කොඳුරන වස්වාස් නම් උවදුරු කිසිවෙකු ට වැලැත් විය නොහැක. එනිසා ස්ථීර ව සහ ඉවසීමෙන් සිට දික්ර් හෝ සලාතය අතරමග නොනවත්වා දිගට ම ඉටු කර අවසාන කළ යුතුය. කෙනෙක් දික්ර් හා සලාතයේ නොකඩවා නිරත වන විට ෂෙයිතාන් ගේ කුමන්ත්රවණයෙන් ඔහු මිදෙන බව සලකන්න.  “ෂෙයිතාන් ගේ උපක්රදම ඉතා දුබලයි”  සූරා අන් නිසා 4:76
අල්ලාහ් ගේ ගැත්තා අල්ලාහ් වෙත හැරෙන්න ට සූදානම් වන සෑම මොහොතෙහි ම වෙනත් සිතුවිලි ඔහු තුළ ට ඇතුළු වෙයි. පහර දීම පිණිස සැඟ වී සිටින මහ මාර්ග මංකොල්ලකරුවෙක් ලෙස සිටින ෂෙයිතාන්, අල්ලාහ් වෙත ගමන් කිරීමට අල්ලාහ් ගේ ගැත්තා සූදානම් වන සෑම අවස්ථාවකම එම ගමන ට බාධාවක් සිදු කිරීම ට සූදානම් වෙයි. “යුදෙව් සහ ක්රිවස්තු බැතිමතුන් ෂෙයිතාන් ගේ වස්වාස් නිසා උවදුර ට ලක් නොවන බව කෙනෙක් පවසු විට, එම බැතිමතා මෙසේ පිළිතුරු දුන්නේය. “ඔවුන් පවසන්නේ සත්යවයකි. ජරාවාසය ට පත් වූ නිවසකින් ෂෙයිතාන් ට ඇති වැඩ කුමක් ද?”  (මජ්මා අල් ෆත්වා 22/668)
මෙය හොඳම උපමාවකි. නිවෙස් තුනක් ගැන මොහොතක ට කල්පනා කරන්න. එක නිවසක් රජ කෙනෙකු ට අයත් එකක් වන අතර එහි වටිනා වස්තුන් සහ මුදල් තිබේ. දෙවැනි නිවස සේවකයෙකු ට අයත් එකක් වන අතර, ඔහු ඉතිරි කර ගත් මුදල් හා භාණ්ඩ එහි තිබේ. තුන් වන නිවස කිසිවක් නැති හිස් නිවසකි.  සොරකම් කිරීම ට පැමිණෙන සොරෙක් තෝරා ගන්නේ මේවායින් කුමන නිවස ද? (අල් වාබිල් අල් සායිබ් පිටු අංක 43)
අල්ලාහ් ගේ ගැත්තා නැමදුම සඳහා සිට ගන්නා විට, ඔහු අල්ලාහ් ට ඉතාමත් සමීප ව, ඉතාමත් උසස් තත්ත්වයේ සිට ගන්නා හේතුවෙන් ෂෙයිතාන් මිනිසා කෙරෙහි ඊර්ෂ්යාන කරයි. එහෙයින් මිනිසා නැමදුම් කිරිමෙන් වළක්වා ලීම ට ෂෙයිතාන් මහන්සි ගනී. මිනිසා සලාතය ආරම්භ කළේ නම් ඔහු තුළ නොයෙක් සිතුවිලි ගෙනැවිත් මිනිසා ගේ අරමුණ (නැමදුම) අමතක කරවීම ට ෂෙයිතාන් කටයුතු කරයි. “ඔවුන් ට එරෙහි ව නුඹ ගේ අශ්වා රෝහකයින් ද පාබලයින් ද ඔවුන ට එරෙහි ව පෙළ ගස්වවු.”  සූරා ඉස්රා 17:64. මෙවැනි උගුල ට හසු වන මිනිසා ට, නැමදුම අවශ්යර නොවන බව සිතන්නට ද, පසුව එය නොසලකා හරින්නට ද අවසානයේ සලාතය අතහැර දමන්නට ද සිදු වෙයි. කෙසේ හෝ මිනිසා සලාතයේ යෙදෙන්න ට ආරම්භ කළේ නම් තම ප්ර යත්නයෙ හි පරාජය ට පත් වන ෂෙයිතාන්, මිනිසා ගේ සිත නොමඟ යවනු පිණිස, මිනිසා අමතක කළ සියලු දේ සලාතයෙ හි මතක් කරයි. මිනිසා ඇතැම් කරුණු අමතක කර තිබුණ ද, සලාත් කර අවස්ථාවෙ හි ඒවා ගැන මතක් කර මිනිසා ගේ සිත වෙනතක ට යොමු කර අල්ලාහ් පිළිබඳ සිතුවිලි නොමඟ යවයි. මේ මගින් මිනිසා ගේ සිත් තුළ අල්ලාහ් ගේ ප්රිිය මනාපය ඉවත් වන අතර, කිහිප දෙනෙකු ට පමණක් ළඟා විය හැකි අල්ලාහ් ට සමීප වීමේ උතුම් ස්ථානය සෑම කෙනෙක් ම නොලබයි. සලාහ් කර අවසානයේ මිනිසා ආරම්භ කළ ස්ථානයේ ම තවමත්  සිටින අතර, ඔහු ගේ පාපයන් කිසිවත ට සමාව නොලැබ, තම සිරුරෙන් හා ආත්මයෙන් සිදු කළ යුතු හුඃෂූ නම් තත්ත්වය නොලබයි.
ෂෙයිතාන් ගේ කුමන්ත්රයණයෙන් මීදී ඔහු ගේ වස්වාස් වදනින් ආරක්ෂා ලැබීම පිණිස නබි (සල්) තුමාණන් පහත සඳහන් දුආ ව ඉගැන් වුහ.
අබුල් ආස් (රළි) මෙලෙස වාර්තා කර ඇත. “අල්ලාහ් ගේ රසූල් (සල්) තුමාණනි, මම සලාහ් කරන විට ෂෙයිතාන් මගේ පාරායනය ට බාධා කර මා අවුල් තත්ත්වය ට පත් කරයි.” යනුවෙන් පැවසුහ. මෙම ෂෙයිතාන් ගේ නම හඃන්zසාබ්. ඔහු ගේ පැමිණීම ඔබ ට දැනු ණේ නම් ඔහුගෙන් අල්ලාහ් වෙත ආරක්ෂාෙ පතනු මැනව. තව ද ඔබේ වම් පැත්ත ට තෙවරක් (වියළි ලෙස) කෙළ ගසනු.” යනුවෙන් පිළිතුරු දුන්හ. මම එ ලෙසම කළෙමි. අල්ලාහ් මගෙන් ෂෙයිතාන් ව ඉවත් කළේය. ”  මූලාශ්රන සහිහ් මුස්ලිම් අංක 2203.
ෂෙයිතාන් ගේ තවත් උපක්ර මයක් පිළිබඳ ව නබි (සල්) තුමාණන් අපට පැහැදිලි කළේ මෙසේ ය. “ඔබ අතර කෙනෙක් සලාහ් සඳහා නැගිට සිට ගත් විට ෂෙයිතාන් පැමිණ ඔහු ව අවුල් කරයි.  එනම්, ඔහුගේ සිතෙහි ඔහු සලාහ් කළ රකඅ ගණනය පිළිබඳ අවුලක් සිදු කරයි. ඔබ අතර යමෙකු ට එය සිදු වුයේ නම්, ඔහු වාඩි වී සිටින ඉරියව්වේ සජදා දෙකක් ඉටු කළ යුතුය.”  මූලාශ්රක බුහාරි.
ෂෙයිතාන් ගේ තවත් උපක්ර මයක් මෙසේ සඳහන් වේ. “ඔබ අතර කෙනෙක් සලාහ්තයේ යෙදී සිටින විට, තම ගුද මාර්ගයේ යම් චලනයක් දැනී, තම වුදූ නිශ්ඵල වූණා දැයි සැක සිතුනහොත්, ඔහු ගේ කන ට ශබ්දයක් ඇසීම හෝ ඔහු ගේ නාසය ට දුගඳක් දැනීම සිදු නොවුයේ නම්, ඔහු තම සලාතය අතර මඟ දී නැවැත්විය නොයුතුයැ.”  යි  නබි (සල්) තුමාණන් පැවසුහ.
සටහන: ඇතැම් නැමදුම් කරුවන් ට හඃන්සාබ් කරන කූට උපක්රුමය මෙය වේ. මෙවැනි උපායෙන් නැමදුම් කරන්නා ගේ සිත් තුළ දඅ වා හෝ දැනුම වැනි හොඳ දේ පිළිබඳ සිතුවිලි මතු කර, මිනිසා ගේ සිතුවිලි නැමදුම හැර වෙනත් කරුණු වෙත යොමු කිරීමෙන් ඔවුන් නැමදුම කෙරෙහි පමණක් සිත යොමු කිරීම ට අපොහොසත් වෙති. උමර් (රළි) නැමදුම් කරන අවස්ථාවන් හි හමුදාව සූදානම් කළ යුතු ආකාරය ගැන සැලසුම් කළේය යි, පවසා  මිනිසුන් ව අවුල් කරයි.
මේ පිළිබඳ ව ෂෙයික් අල් ඉස්ලාම් ඉබ්නු තයිමියා (රහි) තුමා ගේ වදනින් කරුණු පහදා ගත යුතුය. “මම නැමදුම් කරන විට හමුදාව සඳහා සැලසුම් කරමි. ” යැයි උමර් පැවසීම ට හේතුව උමර් (රළි) ජිහාද් හි යෙදෙන ලෙස අණ ලැබු විට, එතුමා මුස්ලිම් වරුන් ගේ කාලිෆා වරයා ලෙස (අමීර් අල් මූමිනීන්) පත්ව සිටීය. එනිසා එතුමා ජිහාද් මෙහෙය වන නායකයා ද වී සිටීය. මෙවැනි වගකීම් උසුලමින් යම් ආකාරයෙන් සතුරු සේනාව ගැන විමසිලිමත් ව සිටින අවස්ථාවේ එතුමා සලාත් අල් හඃව්ෆ් නමැති බිය ට පත් වු අවස්ථාවේ සිදු කරන සලාතය ඉටු කරන්නෙක් මෙන් ය. සැබැවින් ම යුද්ධයක් තිබුණ ද නොතිබුණ ද යන පැනය මෙහි අදාළ නැත. සලාතයේ නිරත වන ලෙස මුස්ලිම් වරුන් ට අණ ලැබු අතර, ජිහාද් හි යෙදෙන ලෙස ද එතුමාට අණ ලැබුණි. එනිසා තමා ට හැකි අයුරින් තම යුතුකම ඉටු කිරීම ට එතුමා ට සිදු විය. පහත සඳහන් කුර්ආන් වාක්යියෙහි අල්ලාහ් මෙසේ පවසයි.
 يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا لَقِيتُمْ فِئَةً فَاثْبُتُوا وَاذْكُرُوا اللَّـهَ كَثِيرًا لَّعَلَّكُمْ تُفْلِحُونَ ﴿٤٥﴾
“විශ්වාස කරන අයවලුනි! ඔබ ට (සතුරු) බලකායක් මුණ ගැසුණු විට ඔවුන් ට එරෙහි ව) තිරසර වනු. තව ද ජයග්රුහකයන් වනු පිණිස අල්ලාහ් ව බෙහෙවින් සිහි කරනු.”  සූරා අන්ෆාල් 8:45. සමාජයේ සාමය හා රැකවරණය පවතින අවස්ථාවන් හි ඇති සිත් සහනය ජිහාද් වැනි යුදමය මොහොතේ පැවැතිය නොහැකි බව කවුරුත් දනි. එනිසා  ජිහාදය හේතු කොට ගෙන කෙනෙකු ගේ නැමදුමෙ හි යම් අඩුපාඩු තිබුණේ නම්, ඒ තැනැත්තා ගේ ඊමානයේ අඩුවක් තිබෙන බව පැවසිය නොහැක.
මේ හේතුවෙන්, සමාජයේ සාමය පවතින කාලයේ සලාහ් පිළිබඳ ව තිබෙන ප්රේමිතිය, යුද අනතුරු පවතින කාලයේ දී සුළු වශයෙන් හෝ ලිහිල් බව ට පත් වනු ඇත. අනතුරු සහිත කාලයේ සිදු කරන නැමදුම පිළිබඳ ව අල්ලාහ් මෙලෙස සහන සලසයි.
فَإِذَا اطْمَأْنَنتُمْ فَأَقِيمُوا الصَّلَاةَ ۚ إِنَّ الصَّلَاةَ كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَّوْقُوتًا ﴿١٠٣﴾
“සතුරු උවදුරෙන් ඔබ මිදුණේ නම් නියමිත පිළිවෙල ට සලාත් හි නිරත වනු. සැබැවින් ම සලාහ් කිරීම විශ්වාස කරන අය කෙරෙහි කාල වේලාව නියම කරන ලද යුතුකමකි.” සූරා අන් නිසා 4:103. මෙම කුර්ආන් වාක්යක පදනම් කර ගෙන සාමය පවතින කාලයේ නැමදුම ඉටු කරන ලෙස අණ කරනු ලැබු කෙනෙක්, අනතුරු සහිත අවධියක ඒ ආකාරයෙන් ම ඉටු කළ යුතු බව අණ කරනු ලැබුවේ නැති බව කිව හැක.
මෙයට අමතර ව, ජනතාව සියලු දෙනා ම මේ පිළිබඳ ව එකම තරාතිරම ට අයත් නොවෙති. කෙනෙකු ගේ විශ්වාසය ශක්තිමත් වුයේ නම්, ඔහු වෙනත් කරුණු ගැන කල්පනා කරමින් සිටිය ද, තම නැමදුම කෙරෙහි නිසි ලෙස සිත යොමු කිරිම ට ඔහු සමත් වෙයි. උමර් (රළි) ගේ හදවතේ ඉස්ලාමය ස්ථීර ව පැවතීම ට සැලසුම් කළේ අල්ලාහ් ය. ඔහු අල් මුහද්දත් අල් මුල්හම් - අල්ලාහ් ගේ අනුග්රලහය ලත් කථිකයෙක්. එනිසා මෙ වැනි පුද්ගලයෙක් නැමදුම් කරන අවස්ථාවේ හමුදාව සැලසුම් කිරීම අමුතු දෙයක් නොවෙයි. මෙලෙස කටයුතු කිරීම ට ඔහු ට හැකි වන නමුත් අන් අය ට එසේ කළ නොහැක. මෙවැනි අනතුරු සහිත තත්ත්වය අවසන් වූ පසු ව, නැමදුමෙ හි සිත යොමු කිරීමේ ශක්තිය අධික වන බව කිසිදු සැකයක් නැත. අනතුරු පවතින අවස්ථාවන් ට වඩා සාමකාමි වාතාවරණයක නබි (සල්) තුමාණන් ඉටු කරන නැමදුම බාහිර පෙනුමෙන් ශ්රේසෂ්ඨත්වයෙන් උසස් බව කිසිදු සැකයක් නැත. බිය සහිත මොහොතේ ඉටු කරන නැමදුමෙහි බාහිර චලනය ට වෙනසක් කිරීම ට අල්ලාහ් ඇතැම් සහන සැලසුවේ නම්, අභ්ය්න්තර අංශය ගැන වෙනත් කුමක් හෝ පැවසිය හැකි ද?