සූරා අන් නිසා 24 සිට 87 දක්වා වාක්යசයන් හී පරිවර්තණය, සාරාංශය සහිතව

සූරා අන් නිසා 24 සිට 87 දක්වා වාක්යசයන් හී පරිවර්තණය, සාරාංශය සහිතව

اسم المادة: ترجمة معاني القرآن الكريم باللغة السنهالية من سورة النساء من الآية 24 حتى 87.


الناشر: المكتب التعاوني للدعوة وتوعية الجاليات بالربوة


 

අල් කුර්ආන්
04 සූරා අන් නිසා (කාන්තාවෝ)
වාක්‍ය 24 සිට 87 දක්වා

 


< සිංහල >
        
Author' name




Translator's name
 මාහිර් රම්ඩීන්

Reviser's name
 මුහම්මද් අසාද්
 
ترجمة القرآن الكريم
سورة النساءمن الآية 24 حتى 87
< سنهالية >
        

اسم المؤلف
القرآن الكريم



ترجمة: ماهر رمدين
مراجعة: لجنة الترجمة برئاسة محمد آساد

 


04 සූරත් අන්-නිසා (කාන්තාවෝ)  
මදීනාවෙහි දී පහළ කරන ලදී.  ආයත් 23-87 කි.
5 වැනි කොටස
(යුද සිරකාරියන් අතුරින්) නුඹලාගේ දකුණත් හිමි කර ගත් අය හැර සෙසු විවාහක කාන්තාවන් (අනුමත නොවන්නේය. එය) නුඹලා කෙරෙහි වූ අල්ලාහ්ගේ නියමයක් ලෙසිනි. නමුත් එයට ඔබ්බෙන් වූ අය ව්‍යභිචාරයෙන් තොරව නුඹලාගේ සම්පත් (පිරිනැමීම) තුළින් සෙවීම නුඹලාට අනුමත කරන ලදී. එබැවින් ඔවුන් සමඟ කවර දෙයක නුඹලා පහස විඳින්නෙහු ද ඒ වෙනුවෙන් වගකීමක් වශයෙන් ඔවුන්ගේ කුලී(මහර්) නුඹලා ලබා දෙනු. (මහර්) නියම කළ පසු (මහර් හි අඩු වැඩි කිරීම සම්බන්ධයෙන්) කවර දෙයක් පිළිබඳ ව නුඹලා එකිනෙකා  එකඟතාවට පැමිණෙන්නේ ද එහි නුඹලාට වරදක් නැත. සැබැවින්ම අල්ලාහ් සර්ව ඥානීය සර්ව ප්‍රඥාවන්තය.

    وَالْمُحْصَنَاتُ مِنَ النِّسَاءِ إِلَّا مَا مَلَكَتْ أَيْمَانُكُمْ كِتَابَ اللَّهِ عَلَيْكُمْ وَأُحِلَّ لَكُمْ مَا وَرَاءَ ذَلِكُمْ أَنْ تَبْتَغُوا بِأَمْوَالِكُمْ مُحْصِنِينَ غَيْرَ مُسَافِحِينَ فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً وَلَا جُنَاحَ عَلَيْكُمْ فِيمَا تَرَاضَيْتُمْ بِهِ مِنْ بَعْدِ الْفَرِيضَةِ إِنَّ اللَّهَ كَانَ عَلِيمًا حَكِيمًا (24)
25. වහල් කාන්තාවන් විවාහ කර ගැනීම හා ඔවුන් වැරදි කළ විටක ඔවුන් සතු දඬුවම.
විශ්වාසවන්ත නිදහස් කාන්තා වන් විවාහ කර ගැනීමට නුඹලා අතුරින් කවරෙකුට වත්කම් නොමැත්තේ ද එවිට නුඹලාගේ දකුණත් (වහල් වශයෙන්) හිමි කර ගත් කාන්තාවන් අතුරින් නුඹලා අතර සිටින විශ්වාස වන්ත වහල් කාන්තාවන් (විවාහ) විය යුතුය. තවද අල්ලාහ් නුඹලාගේ විශ්වාසය පිළිබඳ මැනවින් දන්නාය. නුඹලාගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙනි. එබැවින් නුඹලා ඔවුන්ගේ පවුලේ (භාරකරුවන්ගේ) අනුමැතිය මත පතිවත රකින ප්‍රසිද්ධියේ දුරාචාරයේ නොයෙදන එමෙන්ම රහසිගත ව හෝ දුරාචාරයේ නොයෙදන කාන්තා වන් ව ඔවුනට ඔවුන්ගේ කුලී (මහර්) ලබා දී  නුඹලා විවාහ කර ගනු. විවාහ කරනු ලැබ පසුව ඔවුන් අශික්ෂිත දෙයක් රැගෙන ආවේ ද එවිට නිදහස් කාන්තාවන් මත පැවරෙන දඬුවමින් අඩක් ඔවුනට හිමි වේ. මෙය නුඹලා අතුරින් දුරාචාරයේ යෙදීම ගැන බිය වන අයටය. නමුත් නුඹලා ඉවසිල්ලෙන් කටයුතු කිරීම නුඹලාට උතුම් ය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.
    وَمَنْ لَمْ يَسْتَطِعْ مِنْكُمْ طَوْلًا أَنْ يَنْكِحَ الْمُحْصَنَاتِ الْمُؤْمِنَاتِ فَمِنْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ مِنْ فَتَيَاتِكُمُ الْمُؤْمِنَاتِ وَاللهُ أَعْلَمُ بِإِيمَانِكُمْ بَعْضُكُمْ مِنْ بَعْضٍ فَانْكِحُوهُنَّ بِإِذْنِ أَهْلِهِنَّ وَآتُوهُنَّ أُجُورَهُنَّ بِالْمَعْرُوفِ مُحْصَنَاتٍ غَيْرَ مُسَافِحَاتٍ وَلَا مُتَّخِذَاتِ أَخْدَانٍ فَإِذَا أُحْصِنَّ فَإِنْ أَتَيْنَ بِفَاحِشَةٍ فَعَلَيْهِنَّ نِصْفُ مَا عَلَى الْمُحْصَنَاتِ مِنَ الْعَذَابِ ذَلِكَ لِمَنْ خَشِيَ الْعَنَتَ مِنْكُمْ وَأَنْ تَصْبِرُوا خَيْرٌ لَكُمْ وَاللهُ غَفُورٌ رَحِيمٌ (25)
26-28. මෙම නීතියේ අඩංගු යහ ප‍්‍රතිඵල හා මේවා මගින් අල්ලාහ් මිනිසුන් ව ගෞරව කිරීම.
නුඹලාට (මේවා) පැහැදිලි කිරීමටත් නුඹලාට පෙරවූවන්ගේ පිළිවෙත නුඹලාට පෙන්වා දීමටත් නුඹලාට සමාව දීමටත් අල්ලාහ් අපේක්ෂා කරයි. තවද අල්ලාහ් සර්ව ඥානීය. සර්ව ප්‍රඥාවන්තය.    يُرِيدُ اللهُ لِيُبَيِّنَ لَكُمْ وَيَهْدِيَكُمْ سُنَنَ الَّذِينَ مِنْ قَبْلِكُمْ وَيَتُوبَ عَلَيْكُمْ وَاللهُ عَلِيمٌ حَكِيمٌ (26)
තවද අල්ලාහ් නුඹලාගේ පාපක්ෂමාව පිළිගැනීමට අපේක්ෂා කරයි. නමුත් මනෝ ආශාවන් අනුගමනය කරන්නවුන් නුඹලා මහත් නැඹුරුවකින් (සත්‍යයෙන් දුරස් ව නොමඟට) නැඹුරු වීම අපේක්ෂා කරති.    وَاللهُ يُرِيدُ أَنْ يَتُوبَ عَلَيْكُمْ وَيُرِيدُ الَّذِينَ يَتَّبِعُونَ الشَّهَوَاتِ أَنْ تَمِيلُوا مَيْلًا عَظِيمًا (27)
මිනිසා දුර්වලයෙකු ලෙස මවනු ලැබූ හේතුවෙන් නුඹලාගෙන්  (නීති රීති) සැහැල්ලු කිරීමට අල්ලාහ් අපේක්ෂා කරයි.    يُرِيدُ اللهُ أَنْ يُخَفِّفَ عَنْكُمْ وَخُلِقَ الْإِنْسَانُ ضَعِيفًا (28)
29-30. ජීවිත හා දේපළ පිළිබඳ ආරක්ෂාව, ඒවා අයුතු ලෙස පරිහරණය කරන්නන් කෙරෙහි වූ දඬුවම, මිනිස් අයිතිවාසිකම් රැකීම පිළිබඳ නීති රීති.
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා අතර එකඟතාවයකින් යුතු ව්‍යාපාරයකින් හැර නුඹලාගේ වස්තුව නුඹලා වැරදි ලෙස අනුභව නොකරනු. තවද නුඹලා (ගැටලු ඇති කර ගනිමින්) නුඹලාවම ඝාතනය නොකරනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා කෙරෙහි අසමසම කරුණාන්විතය.    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَأْكُلُوا أَمْوَالَكُمْ بَيْنَكُمْ بِالْبَاطِلِ إِلَّا أَنْ تَكُونَ تِجَارَةً عَنْ تَرَاضٍ مِنْكُمْ وَلَا تَقْتُلُوا أَنْفُسَكُمْ إِنَّ اللهَ كَانَ بِكُمْ رَحِيمًا (29)
කවරෙකු සීමාව ඉක්මවා යමින් හා අයුක්ති සහගත ලෙසින් එය සිදු කරන්නේ ද එවිට අපි ඔහු ව නිරයට ඇතුළත් කරන්නෙමු. එය අල්ලාහ්ට පහසු කාර්යයක් විය.    وَمَنْ يَفْعَلْ ذَلِكَ عُدْوَانًا وَظُلْمًا فَسَوْفَ نُصْلِيهِ نَارًا وَكَانَ ذَلِكَ عَلَى اللهِ يَسِيرًا (30)
31 කුඩා හා මහා පාපයන් පිළිබඳ නීති රීති, මිනිසා විනාශයේ මුඛය වෙත යොමු නොවිය යුතුය.
කවර දෙයක් නුඹලාට තහනම් කරනු ලැබුවේ ද එවැනි මහා පාපයන්ගෙන් නුඹලා වැළකුණේ නම් අපි නුඹලාගේ (සුළු) පාපයන් නුඹලාගෙන් ඉවත් කරන්නෙමු. තවද නුඹලා ව ගෞරවනීය පිවිසෙන ස්ථානයකට අපි ඇතුළත් කරන්නෙමු.    إِنْ تَجْتَنِبُوا كَبَائِرَ مَا تُنْهَوْنَ عَنْهُ نُكَفِّرْ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَنُدْخِلْكُمْ مُدْخَلًا كَرِيمًا (31)
32-33. ඉපැයීමේ මහිමය හා අල්ලාහ් විසින් පැන වූ ඉරණම පිළිගැනීම.
තවද නුඹලාගෙන් ඇතැමෙකු ව ඇතැමෙකුට වඩා අල්ලාහ් කවර දෙයකින් උසස් කොට ඇත්තේ ද එවැනි දෙයකට නුඹලා ආශා නොකරනු. පුරුෂයින්ට තමන් ඉපැයූ දැයින් කොටසක් ඇත. එමෙන්ම කාන්තාවන්ට ද තමන් ඉපැයූ දැයින් කොටසක් ඇත. තවද නුඹලා අල්ලාහ්ගෙන් ඔහුගේ භාග්‍යය පතනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.    وَلَا تَتَمَنَّوْا مَا فَضَّلَ اللهُ بِهِ بَعْضَكُمْ عَلَى بَعْضٍ لِلرِّجَالِ نَصِيبٌ مِمَّا اكْتَسَبُوا وَلِلنِّسَاءِ نَصِيبٌ مِمَّا اكْتَسَبْنَ وَاسْأَلُوا اللهَ مِنْ فَضْلِهِ إِنَّ اللهَ كَانَ بِكُلِّ شَيْءٍ عَلِيمًا (32)
(ස්ත්‍රී පුරුෂ) සෑම කෙනෙකුටම දෙමාපියන් ද සමීප ඥාතීන් ද අතහැර දමා ගිය දෑ ට භාරකරුවන් පත් කළෙමු. නුඹලාගේ දිවුරුම් ගිවිස ගත් උදවියට ඔවුන්ගේ කොටස ඔවුනට පිරිනමනු. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සාක්ෂිකරුය.    وَلِكُلٍّ جَعَلْنَا مَوَالِيَ مِمَّا تَرَكَ الْوَالِدَانِ وَالْأَقْرَبُونَ وَالَّذِينَ عَقَدَتْ أَيْمَانُكُمْ فَآتُوهُمْ نَصِيبَهُمْ إِنَّ اللهَ كَانَ عَلَى كُلِّ شَيْءٍ شَهِيدًا (33)
34-35. පවුල පිළිබඳ නීති රීති පවුලේ පරිපාලකයා වශයෙන් පුරුෂයාගේ වගකීම පිළිබඳ නීති රීති.
පුරුෂයින් කාන්තාවන් මත වූ පාලකයෝය. හේතුව අල්ලාහ් ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් කර ඇති බැවින් ද  ඔවුන්ගේ ධනයෙන් ඔවුන් වියදම් කරන බැවින් ද වේ. (සැමියාට) අවනත වන දැහැමි කාන්තාවෝ අල්ලාහ් ආරක්ෂා කර ඇති පරිදි ගුප්ත දෑ සුරක්ෂිත කරන අය වෙති. ඔවුන්ගේ අඩදබර ගැන නුඹලා බියවන අයට නුඹලා උපදෙස් දෙනු. තවද නිදියහනින් ඔවුන් ව නුඹලා දුරස් කරනු. තවද ඔවුනට (සැහැල්ලුවෙන්) ගසනු.  ඉන්පසුව ඔවුන් නුඹලාට අවනත වූයේ නම් ඔවුන් කෙරෙහි (වෙනත් වැරදි ඉදිරිපත් කරමින්) මඟක් නොසොයනු. සැබැවින්ම අල්ලාහ් අති උත්තරීතර අති මහත් විය.    الرِّجَالُ قَوَّامُونَ عَلَى النِّسَاءِ بِمَا فَضَّلَ اللهُ بَعْضَهُمْ عَلَى بَعْضٍ وَبِمَا أَنْفَقُوا مِنْ أَمْوَالِهِمْ فَالصَّالِحَاتُ قَانِتَاتٌ حَافِظَاتٌ لِلْغَيْبِ بِمَا حَفِظَ اللهُ وَاللَّاتِي تَخَافُونَ نُشُوزَهُنَّ فَعِظُوهُنَّ وَاهْجُرُوهُنَّ فِي الْمَضَاجِعِ وَاضْرِبُوهُنَّ فَإِنْ أَطَعْنَكُمْ فَلَا تَبْغُوا عَلَيْهِنَّ سَبِيلًا إِنَّ اللهَ كَانَ عَلِيًّا كَبِيرًا (34)
තවද ඔවුන් දෙදෙනා අතර වෙන්වීමක් ඇති වේවි යැයි නුඹලා බිය වෙතොත් ඔහුගේ පවුලෙන් තීරකයෙකු ද ඇයගේ පවුලෙන් තීරකයෙකු ද (ඔවුන් වෙත යවනු) සමාදානය කළ හැකි යැයි ඔවුන් දෙදෙනා අපේක්ෂා කරන්නේ නම් අල්ලාහ් ඔවුන් දෙදෙනා අතර ආශිර්වාද කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. සර්ව ප්‍රඥාවන්තය.    وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَابْعَثُوا حَكَمًا مِنْ أَهْلِهِ وَحَكَمًا مِنْ أَهْلِهَا إِنْ يُرِيدَا إِصْلَاحًا يُوَفِّقِ اللهُ بَيْنَهُمَا إِنَّ اللهَ كَانَ عَلِيمًا خَبِيرًا (35)
36-39 අල්ලාහ්ට පමණක් නැමදුම් සතුය. සමූහ ජීවිතය හා ධනය වියදම් කිරීමේ මඟපෙන්වීම.
තවද නුඹලා අල්ලාහ්ට නැමදුම් කරනු. තවද ඔහුට කිසිවක් ආදේශ නොතබනු. තවද දෙමා පියන් සමඟ උපකාරශීලී ව කටයුතු කරනු. තවද ඥාතී වූවන් සමඟ ද ආනථයින් දුගියන් ඥාති අසල්වැසියා (ඥාති නොවන)  අසල්වැසියා අසලින් සිටින සගයා මගියා හා නුඹලාගේ දකුණත් සතු කර ගත් අය (වහලුන්) සමඟ ද උපාකරශීලී ව කටයුතු කරනු. නියත වශයෙන් ම අල්ලාහ් අහංකාරකම් පාන පුරසාරම් දොඩන අය ව ප්‍රිය නොකරන්නේය.      وَاعْبُدُوا اللهَ وَلَا تُشْرِكُوا بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَى وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالْجَنْبِ وَابْنِ السَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ إِنَّ اللهَ لَا يُحِبُّ مَنْ كَانَ مُخْتَالًا فَخُورًا (36)
මසුරුකම් පා මසුරුකම මිනිසුනට නියෝග කර අල්ලාහ් තම භාග්‍යයෙන් ඔවුන්ට පිරිනැමූ දෑ වසන් කරන්නවුන් (වන) ප්‍රතික්ෂේපකයින්ට අපි නින්දනීය දඬුවමක් සූදානම් කර ඇත්තෙමු.    الَّذِينَ يَبْخَلُونَ وَيَأْمُرُونَ النَّاسَ بِالْبُخْلِ وَيَكْتُمُونَ مَا آتَاهُمُ اللهُ مِنْ فَضْلِهِ وَأَعْتَدْنَا لِلْكَافِرِينَ عَذَابًا مُهِينًا (37)
තවද, ජනයාට ප්‍රදර්ශනය කිරීම පිණිස තම ධනය වියදම් කර අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන ඔවුන් (ෂෙයිතාන්ගේ මිතුරන්ය) ෂෙයිතාන් කවරෙකුට මිතුරෙකු වන්නේ ද ඔහු මිතුරෙකු වශයෙන් නපුරු විය.    وَالَّذِينَ يُنْفِقُونَ أَمْوَالَهُمْ رِئَاءَ النَّاسِ وَلَا يُؤْمِنُونَ بِاللهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ وَمَنْ يَكُنِ الشَّيْطَانُ لَهُ قَرِينًا فَسَاءَ قَرِينًا (38)
ඔවුහු අල්ලාහ් ව ද අවසන් දිනය ද විශ්වාස කොට අල්ලාහ් ඔවුන්ට පෝෂණය කළ දැයින් වියදම් කළේ නම් ඔවුනට කවර (නපුර)ක් සිදුවන්නේද? තවද අල්ලාහ් ඔවුන් පිළිබඳ ව සර්වඥානී විය.    وَمَاذَا عَلَيْهِمْ لَوْ آمَنُوا بِاللهِ وَالْيَوْمِ الْآخِرِ وَأَنْفَقُوا مِمَّا رَزَقَهُمُ اللهُ وَكَانَ اللهُ بِهِمْ عَلِيمًا (39)
40-42. අල්ලාහ් තම ගැත්තන් කෙරෙහි ආශිර්වාද කිරීම හා ඔහුගේ නියෝග වලට පටහැණිව ක‍්‍රියා කරන්නන් සඳහා වූ අවවාදය.
සැබැවින්ම අල්ලාහ් අණුවක තරමක් වුව ද අපරාධයක් සිදු නොකරයි. එය යම් යහපතක් වූයේ නම් එය ඔහු(අල්ලාහ්) ප්‍රගුණ කරයි. තවද ඔහු වෙතින් අතිමහත් ප්‍රතිඵල ඔහු පිරිනමයි.    إِنَّ اللهَ لَا يَظْلِمُ مِثْقَالَ ذَرَّةٍ وَإِنْ تَكُ حَسَنَةً يُضَاعِفْهَا وَيُؤْتِ مِنْ لَدُنْهُ أَجْرًا عَظِيمًا (40)
සෑම සමූහයකින්ම අප සාක්ෂි කරුවෙකු ගෙනැවිත් මොවුන් ට එරෙහිව නුඹව සාක්ෂිකරුවෙකු වශයෙන් අප ගෙන ආ විට කෙසේ වන්නේ ද?    فَكَيْفَ إِذَا جِئْنَا مِنْ كُلِّ أُمَّةٍ بِشَهِيدٍ وَجِئْنَا بِكَ عَلَى هَؤُلَاءِ شَهِيدًا (41)
ප්‍රතික්ෂේප කර රසූල්වරයාට පිටු පෑ අය එදින තමන් මහ පොළොව සමඟ සමතලා වූයේ නම් යැයි ප්‍රිය කරති. කිසිදු සිදුවී මක් ඔවුන්ට අල්ලාහ්ගෙන් වසන් කළ නොහැකිය.    يَوْمَئِذٍ يَوَدُّ الَّذِينَ كَفَرُوا وَعَصَوُا الرَّسُولَ لَوْ تُسَوَّى بِهِمُ الْأَرْضُ وَلَا يَكْتُمُونَ اللهَ حَدِيثًا (42)
43 මත්පැන් තහනම් කිරීමේ ක‍්‍රමානුකූල නීති රීති, වුළු වෙනුවෙන් තයම්මුම් කිරීමේ අවකාශය, ස්නානය අනිවාර්යය වූවන් හා මත් බවින් සිටින්නන් යන අයට සලාතය ඉටු කිරීම, අල්-කුර්ආනය පාරායනය, මස්ජිදයට පිවිසීම වැනි දෑ හි තහනම් නියෝගය.
අහෝ ! විශ්වාස කළවුනි, නුඹලා මත් ව සිටිය දී නුඹලා පවසන දෑ නුඹලා වටහා ගන්නා තෙක් සලාතයට ළං නොවනු. තවද (ස්නානය අනිවාර්යය වූ) කිලිටි තත්ත්වයේ සිටින්නා ද (මස්ජිදයට) ළං නොවිය යුතුය. නමුත් (එහි) මාර්ගය හරහා ගමන් කරන්නෙකු හැර. එසේම නුඹලා රෝගී බවින් හෝ යම් ගමනක හෝ පසුවෙත් නම්  හෝ නුඹලා අතුරින් මළපහ කිරීමෙන් පසු කිසිවෙකු පැමිණියේ නම් හෝ බිරියන් සමඟ ලිංගික ස්පර්ශයක යෙදුනෙහු නම් හෝ එවිට (පිරිසිදු වීමට) නුඹලාට ජලය නොලැබූවේ නම් නුඹලා පිරිසිදු පස් සොයා ගනු. තවද නුඹලාගේ මුහුණු ද නුඹලාගේ අත් ද නුඹලා (එයින්) පිරිමදිනු. සැබැවින්ම අල්ලාහ් වැරදි දරාගන්නාය. පාපක්ෂමාව පිරිනමන්නාය.  
    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَقْرَبُوا الصَّلَاةَ وَأَنْتُمْ سُكَارَى حَتَّى تَعْلَمُوا مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِي سَبِيلٍ حَتَّى تَغْتَسِلُوا وَإِنْ كُنْتُمْ مَرْضَى أَوْ عَلَى سَفَرٍ أَوْ جَاءَ أَحَدٌ مِنْكُمْ مِنَ الْغَائِطِ أَوْ لَامَسْتُمُ النِّسَاءَ فَلَمْ تَجِدُوا مَاءً فَتَيَمَّمُوا صَعِيدًا طَيِّبًا فَامْسَحُوا بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ إِنَّ اللهَ كَانَ عَفُوًّا غَفُورًا (43)
44-46. යුදෙව්වන් දේව ධර්මයෙහි ව්‍යාජ දෑ එකතු කිරීම. මුඃමින්වරුන් සමඟ එරෙහි වීම.
දේව ග්‍රන්ථයෙන් කොටසක් පිරිනමනු ලැබූවන් දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුහු මුළාව මිලට ගනිති. තවද නුඹලා මං මුළා වීම ඔවුහු ප්‍රිය කරති.     أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يَشْتَرُونَ الضَّلَالَةَ وَيُرِيدُونَ أَنْ تَضِلُّوا السَّبِيلَ (44)  
තවද අල්ලාහ් නුඹලාගේ සතුරන් පිළිබඳ ව මැනවින් දන්නාය. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය. තවද උදව්කරු වශයෙන් ද අල්ලාහ් ප්‍රමාණවත්ය.    وَاللهُ أَعْلَمُ بِأَعْدَائِكُمْ وَكَفَى بِاللهِ وَلِيًّا وَكَفَى بِاللهِ نَصِيرًا (45)
වචන එහි (නියමිත) ස්ථානයෙන් වෙනස් කරන, එමෙන්ම අපි සවන් දුනිමු, අපි පිටුපෑවෙමු, ඇහුම්කන් දීමකින් තොරව නුඹ සවන් දෙනු. යැයි දහමෙහි අඩු පාඩු ඇතිකරමින් වචන වෙනස් කරමින් රාඉනා යැයි පවසන්නන් යුදෙව්වන් අතුරින් වෙති. ඔවුන් අපි සවන් දුනිමු, අවනත වූයෙමු, සවන් දෙනු උන්ළුර්නා (අප වෙත සාවධානය යොමු කරනු.) යැයි පවසා සිටියේ නම් එය ඔවුනට යහපතක් වන්නට තිබුණි. තවද වඩාත් නිවැරැදි වන්නට ද තිබුණි. එනමුත් ඔවුන්ගේ ප්‍රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුනට ශාප කළේය. එහෙයින් ස්වල්ප දෙනකු මිස ඔවුහු විශ්වාස නොකරති.    مِنَ الَّذِينَ هَادُوا يُحَرِّفُونَ الْكَلِمَ عَنْ مَوَاضِعِهِ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَاسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَاعِنَا لَيًّا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِي الدِّينِ وَلَوْ أَنَّهُمْ قَالُوا سَمِعْنَا وَأَطَعْنَا وَاسْمَعْ وَانْظُرْنَا لَكَانَ خَيْرًا لَهُمْ وَأَقْوَمَ وَلَكِنْ لَعَنَهُمُ اللهُ بِكُفْرِهِمْ فَلَا يُؤْمِنُونَ إِلَّا قَلِيلًا (46)
47,48. යුදෙව්වන් විශ්වාස නොකළේ නම් ඔවුනට ඇති වන නපුරු විපාක, පාපක්ෂමාවෙහි සීමාවන්.
අහෝ  දේව ග්‍රන්ථය දෙනු ලැබූවනි ! අප මුහුණු මකා දමා ඒවා එහි පිටුපසට හරවන්නට හෝ සෙනසුරාදා වැසියනට අපි ශාප කළාක් මෙන් ඔවුනට අප ශාප කිරීමට පෙර නුඹලා සමඟ වූ දෑ සත්‍යය කරවමින් අපි නුඹලාට පහළ කළ දෑ කෙරෙහි නුඹලා විශ්වාස කරනු. තවද (එලෙස හැඩරුව වෙනස් වීමේ) අල්ලාහ්ගේ නියෝගය සිදු කරනු ලබන්නක් විය.    يَا أَيُّهَا الَّذِينَ أُوتُوا الْكِتَابَ آمِنُوا بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِمَا مَعَكُمْ مِنْ قَبْلِ أَنْ نَطْمِسَ وُجُوهًا فَنَرُدَّهَا عَلَى أَدْبَارِهَا أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّا أَصْحَابَ السَّبْتِ وَكَانَ أَمْرُ اللهِ مَفْعُولًا (47)
සැබැවින්ම අල්ලාහ් ඔහුට ආදේශ තැබීම ගැන සමාව නොදෙයි. ඒ හැර සෙසු දෑ ට ඔහු අභිමත වූ අයට සමාව දෙයි. කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද සැබැවින්ම ඔහු (අල්ලාහ්ට) මහත් පාපයක් ගෙතුවේය.     إِنَّ اللهَ لَا يَغْفِرُ أَنْ يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَنْ يَشَاءُ وَمَنْ يُشْرِكْ بِاللهِ فَقَدِ افْتَرَى إِثْمًا عَظِيمًا (48)
49,50. පැකිලීමකින් තොරව යුදෙව්වන් තමන්වම පාරිශුද්ධයින් බවට ප‍්‍රකාශ කර ගැනීම හා අසත්‍යය ප‍්‍රකාශ කිරීම.
ඔවුන් ඔවුන්වම පිවිතුරු යැයි පවසා ගන්නන් දෙස නුඹ නොබැලුවෙහි ද? එසේ නොව තමන් අභිමත වූවන් ව පිවිතුරු කරනුයේ අල්ලාහ්ය. තවද අණු ප්‍රමාණයකින් වුව ද ඔවුනට අසාධාරණයක් සිදු කරනු නොලැබේ.    أَلَمْ تَرَ إِلَى الَّذِينَ يُزَكُّونَ أَنْفُسَهُمْ بَلِ اللهُ يُزَكِّي مَنْ يَشَاءُ وَلَا يُظْلَمُونَ فَتِيلًا (49)
අල්ලාහ් කෙරෙහි ඔවුන් බොරු ගොතනුයේ කෙසේ දැ යි නුඹ සැලකිල්ලෙන් බලනු. ප්‍රකට පාපයක් ලෙස එය ප්‍රමාණවත් විය.     انْظُرْ كَيْفَ يَفْتَرُونَ عَلَى اللهِ الْكَذِبَ وَكَفَى بِهِ إِثْمًا مُبِينًا (50)
51-55. යුදෙව්වන්ගේ පහත් ගති ගුණ හා නීච ක‍්‍රියාවන්.
දේව ග්‍රන්ථයෙන් කොටසක් පිරිනැමූ ලැබූවන් දෙස නුඹ නොබැලුවෙහි ද? ඔවුහු පිළිම හා නපුරු බලවේගයන් විශ්වාස කරති. තවද ‘විශ්වාස කළවුන්ට වඩා (ප්‍රතික්ෂේප කළ) මොවුන් මාර්ගයෙන් ඉතා නිවැරදි‘ යැයි ඔවුහු පවසති.    أَلَمْ تَرَ إِلَى الَّذِينَ أُوتُوا نَصِيبًا مِنَ الْكِتَابِ يُؤْمِنُونَ بِالْجِبْتِ وَالطَّاغُوتِ وَيَقُولُونَ لِلَّذِينَ كَفَرُوا هَؤُلَاءِ أَهْدَى مِنَ الَّذِينَ آمَنُوا سَبِيلًا (51)
අල්ලාහ් ශාප කළවුන් මොවූහමය. තවද අල්ලාහ් කවරෙකුට ශාප කළේ ද එවිට ඔහු වෙනුවෙන් උදව් කරුවෙකු නුඹ නොදකින්නෙහිමය.    أُولَئِكَ الَّذِينَ لَعَنَهُمُ اللهُ وَمَنْ يَلْعَنِ اللهُ فَلَنْ تَجِدَ لَهُ نَصِيرًا (52)
එසේ නොමැති නම් ඔවුනට ආධිපත්‍යයෙන් කොටසක් හෝ තිබේ ද? එසේ තිබුණු විටෙක ජනයාට (එයින්) අල්පයක් හෝ ඔවුහු පිරි නොනමති.    أَمْ لَهُمْ نَصِيبٌ مِنَ الْمُلْكِ فَإِذًا لَا يُؤْتُونَ النَّاسَ نَقِيرًا (53)
එසේ නොමැති නම් අල්ලාහ් මිනිසුනට තම භාග්‍යයෙන් පිරිනැමූ දෑ ගැන ඔවුහු ඔවුනට ඊර්ෂ්‍යා කරන්නෝද?  සැබැවින්ම ඉබ්‍රාහීම්ගේ පවුලට දේව ග්‍රන්ථය ද ප්‍රඥාව ද අපි පිරිනැමුවෙමු. තවද ඔවුනට අපි අතිමහත් රාජ්‍යය ද පිරිනැමුවෙමු.    أَمْ يَحْسُدُونَ النَّاسَ عَلَى مَا آتَاهُمُ اللهُ مِنْ فَضْلِهِ فَقَدْ آتَيْنَا آلَ إِبْرَاهِيمَ الْكِتَابَ وَالْحِكْمَةَ وَآتَيْنَاهُمْ مُلْكًا عَظِيمًا (54)
ඒ අනුව ඔවුන් අතරින් එය විශ්වාස කළවුන් වෙති. එමෙන්ම ඔවුන් අතුරින් එයින් වැළකී සිටි අය ද වෙති ඇවිළෙන ගින්නෙන් නිරය (ඔවුන්ට) ප්‍රමාණවත් වේ.    فَمِنْهُمْ مَنْ آمَنَ بِهِ وَمِنْهُمْ مَنْ صَدَّ عَنْهُ وَكَفَى بِجَهَنَّمَ سَعِيرًا (55)
56,57. ස්වර්ගයට පිවිසෙන්නන්ගේ සොම්නස හා නිරයට පිවිසෙන්නන්ගේ දොම්නස.
සැබැවින්ම අපගේ වදන් ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුන් ව අපි මතු ගින්නට ඇතුළත් කරන්නෙමු. ඔවුන්ගේ හම් (ගින්නෙන්) පිළිස්සුනු සෑම විටකම ඔවුන් දඬුවම විඳිනු පිණිස ඒ හැර අපි ඔවුනට (වෙනත්) හම් මාරුකර දෙන්නෙමු. සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරී සර්ව ප්‍රඥාවන්ත විය.    إِنَّ الَّذِينَ كَفَرُوا بِآيَاتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كُلَّمَا نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُوا الْعَذَابَ إِنَّ اللهَ كَانَ عَزِيزًا حَكِيمًا (56)
විශ්වාස කොට දැහැමි ක්‍රියාවන් කළවුන් වන ඔවුන් ව අපි යටින් ගංගාවන් ගලා බස්නා උයන් වලට ඇතුළත් කරන්නෙමු. නිරන්තරයෙන්ම ඔවුන් එහි සදාතනිකයින් වෙති. එහි ඔවුනට පිවිතුරු සහකාර අය වෙති. තවද අපි ඔවුන් ව වඩාත් හෙවණැති හෙවණකට ඇතුළත් කරන්නෙමු.
    وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا لَهُمْ فِيهَا أَزْوَاجٌ مُطَهَّرَةٌ وَنُدْخِلُهُمْ ظِلًّا ظَلِيلًا (57)
58,59. සියලූ ප‍්‍රශ්න වලදී විශ්වාසවන්තයින් ව කටයුතු කිරීම හා තීන්දු තීරණ අල්ලාහ්ගේ දහම කෙරෙහි ද ඔහුගේ දූතයාණන්ගේ සුන්නාහ් ව කෙරෙහි ද සමාජයේ ප‍්‍රධානීන් කෙරෙහි ද පක්ෂ ව පිහිටීම.
පැවරුණු වගකීම් එහි හිමියන්ට ඉටු කරන ලෙස ද නුඹලා ජනයා අතර තීන්දු දෙන විට, යුක්ති සහගත ව තීන්දු දෙන ලෙස ද නුඹලාට නියත වශයෙන්ම අල්ලාහ් අණ කරයි. සැබැවින්ම අල්ලාහ්  ඒ පිළිබඳ ව නුඹලාට උපදෙස් දීම යහපත් විය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවක සර්ව නිරීක්ෂක විය.    إِنَّ اللهَ يَأْمُرُكُمْ أَنْ تُؤَدُّوا الْأَمَانَاتِ إِلَى أَهْلِهَا وَإِذَا حَكَمْتُمْ بَيْنَ النَّاسِ أَنْ تَحْكُمُوا بِالْعَدْلِ إِنَّ اللهَ نِعِمَّا يَعِظُكُمْ بِهِ إِنَّ اللهَ كَانَ سَمِيعًا بَصِيرًا (58)
විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. එමෙන්ම රසූල්වරයාට ද බලය ඇත්තවුනට ද අවනත වනු. නමුත් යම් කරුණක නුඹලා එකිනෙකා මත ගැටුම් ඇති කරගත්තේ නම්, නුඹලා අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නන් ව සිටියෙහු නම් එවිට එය අල්ලාහ් වෙත ද රසූල්වරයා වෙත ද යොමු කරනු. එය වඩා ශ්‍රේෂ්ඨය. එමෙන්ම (එහි) අවසානය ද වඩා අලංකාරය.    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللهَ وَأَطِيعُوا الرَّسُولَ وَأُولِي الْأَمْرِ مِنْكُمْ فَإِنْ تَنَازَعْتُمْ فِي شَيْءٍ فَرُدُّوهُ إِلَى اللهِ وَالرَّسُولِ إِنْ كُنْتُمْ تُؤْمِنُونَ بِاللهِ وَالْيَوْمِ الْآخِرِ ذَلِكَ خَيْرٌ وَأَحْسَنُ تَأْوِيلًا (59)
60-63. කුහකයින්ගේ ගතිගුණ හා ඔවුන් අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා කටයුතු කළ තාඝූත් හා සමාජ විරෝධීන්ට යටත් වීම.
නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ ද නුඹට පෙර පහළ කරනු ලැබූ දෑ ද ඇත්තෙන්ම තමන් විශ්වාස කරන බවට පවසමින් සිටි අය දෙස නුඹ නොබැලුවෙහි  ද? ඔවුහු නපුරු බලවේගයන් වෙත තීන්දු පැතීමට අපේක්ෂා කරති. එය ප්‍රතික්ෂේප කරන ලෙස සැබැවින්ම ඔවුහු නියෝග කරනු ලැබ සිටියහ. ෂෙයිතාන් අන්ත මුළාවක ඔවුන් ව මුළා කිරීමට අපේක්ෂා කරයි.     أَلَمْ تَرَ إِلَى الَّذِينَ يَزْعُمُونَ أَنَّهُمْ آمَنُوا بِمَا أُنْزِلَ إِلَيْكَ وَمَا أُنْزِلَ مِنْ قَبْلِكَ يُرِيدُونَ أَنْ يَتَحَاكَمُوا إِلَى الطَّاغُوتِ وَقَدْ أُمِرُوا أَنْ يَكْفُرُوا بِهِ وَيُرِيدُ الشَّيْطَانُ أَنْ يُضِلَّهُمْ ضَلَالًا بَعِيدًا (60)
තවද අල්ලාහ් පහළ කළ දෑ වෙතට ද රසූල්වරයා වෙතට ද පැමිණෙන මෙන් ඔවුනට පවසනු ලැබූ විට කුහකයින් නුඹෙන් (පිළිකුලෙන්) එකවර වැළකීම නුඹ දුටුවෙහිය.    وَإِذَا قِيلَ لَهُمْ تَعَالَوْا إِلَى مَا أَنْزَلَ اللهُ وَإِلَى الرَّسُولِ رَأَيْتَ الْمُنَافِقِينَ يَصُدُّونَ عَنْكَ صُدُودًا (61)
ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් ඔවුනට යම් දුර්භාග්‍ය යක් ඇති වූ විට කෙසේ වී ද? අනතුරුව අපි යහපත හා එකඟතාව හැර වෙනත් කිසිවක් අපේක්ෂා නොකරමු යැයි අල්ලාහ් මත දිවුරමින් නුඹ වෙත ඔවුහු පැමිණෙති.    فَكَيْفَ إِذَا أَصَابَتْهُمْ مُصِيبَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ ثُمَّ جَاءُوكَ يَحْلِفُونَ بِاللهِ إِنْ أَرَدْنَا إِلَّا إِحْسَانًا وَتَوْفِيقًا (62)
ඔවුහු කවරහුද යත් ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ අල්ලාහ් දන්නේය. එබැවින් ඔවුන් ව නොසලකා හරිනු. තවද ඔවුනට උපදෙස් දෙනු. ඔවුන්ගේ ආත්මයට (වැටහෙන සේ) පැහැදිලි වදනින් ඔවුනට පවසනු.


    أُولَئِكَ الَّذِينَ يَعْلَمُ اللهُ مَا فِي قُلُوبِهِمْ فَأَعْرِضْ عَنْهُمْ وَعِظْهُمْ وَقُلْ لَهُمْ فِي أَنْفُسِهِمْ قَوْلًا بَلِيغًا (63)
64,65. අල්ලාහ්ගේ ධර්ම ග‍්‍රන්ථය හා ඔහුගේ දූතයාණන්ගේ මඟපෙන්වීමේ තීන්දුව පිළිගැනීමය, සත්‍ය විශ්වාසය වන්නේ.
අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් අවනත වනු ලබන්නට මිස කිසිදු ධර්ම දූතයකු අපි නොඑව්වෙමු. සැබැවින්ම ඔවුන් ඔවුන්ටම අපරාධ කරමින් නුඹ වෙත පැමිණ තවද ඔවුන් අල්ලාහ් ගෙන් සමාව අයැද තවද රසූල් වරයා ද ඔවුන් වෙනුවෙන් සමාව ඇයද සිටියේ නම් අල්ලාහ් පාපක්ෂමාව පිළිගන්නා ලෙසත් අසමසම කරුණාවන්ත ලෙසත් ඔවුන් දැක ගනු ඇත.    وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا لِيُطَاعَ بِإِذْنِ اللهِ وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللهَ تَوَّابًا رَحِيمًا (64)
එසේ නොව, නුඹගේ පරමාධිපති මත දිවුරමින් ඔවුන් අතර ඇති වුණු ගැටලුවක දී ඔවුන් නුඹගෙන් තීන්දු විමසා, පසු නුඹ දුන් තීන්දුවේ වරදක් ඔවුන් තුළ නොදැක ඔවුන් පූර්ණ ව අවනත වන තෙක් ඔවුන් විශ්වාස වන්තයින් නොවනු ඇත.    فَلَا وَرَبِّكَ لَا يُؤْمِنُونَ حَتَّى يُحَكِّمُوكَ فِيمَا شَجَرَ بَيْنَهُمْ ثُمَّ لَا يَجِدُوا فِي أَنْفُسِهِمْ حَرَجًا مِمَّا قَضَيْتَ وَيُسَلِّمُوا تَسْلِيمًا (65)
66-70. ෂරීආහ් නීතිය පහසු ක‍්‍රමයකි. එය පිළිපදින්නාට ලැබෙන ප‍්‍රතිඵල.
නුඹලා නුඹලාවම ඝාතනය කරනු. නැතිනම් නුඹලාගේ නිවෙස් වලින් බැහැර කරනු යැයි අපි ඔවුනට නියම කළේ නම් ඔවුන් අතුරින් ස්වල්ප දෙනෙකු හැර එය සිදු නොකරන්නෝය. ඔවුනට උපදෙස් දෙනු ලැබූ දෑ ඔවුහු සිදු කළේ නම් එය ඔවුනට යහපතක් හා (විශ්වාසයේ) දැඩි ස්ථාවරත් වයක් වන්නට තිබිණ.    وَلَوْ أَنَّا كَتَبْنَا عَلَيْهِمْ أَنِ اقْتُلُوا أَنْفُسَكُمْ أَوِ اخْرُجُوا مِنْ دِيَارِكُمْ مَا فَعَلُوهُ إِلَّا قَلِيلٌ مِنْهُمْ وَلَوْ أَنَّهُمْ فَعَلُوا مَا يُوعَظُونَ بِهِ لَكَانَ خَيْرًا لَهُمْ وَأَشَدَّ تَثْبِيتًا (66)
එවිට අපගෙන් වූ මහත් ප්‍රතිඵල ඔවුනට අප පිරිනමන්නට තිබුණි.    وَإِذًا لَآتَيْنَاهُمْ مِنْ لَدُنَّا أَجْرًا عَظِيمًا (67)
තවද අපි ඔවුනට ඍජු මඟ පිරිනමන්නට තිබුණි.    وَلَهَدَيْنَاهُمْ صِرَاطًا مُسْتَقِيمًا (68)
කවරෙකු අල්ලාහ් හා රසූල් වරයාට අවනත වන්නේ ද එවිට ඔවුනට අල්ලාහ් ආශිර්වාද කළා වූ නබිවරුන් සත්‍යවාදීන් දිවිපිදූවන් හා දැහැමියන් අතුරින් වන්නෝ ඔවුහුමය. මිතුරන් වශයෙන් ඔවුහුමය යහපත් වනුයේ.    وَمَنْ يُطِعِ اللهَ وَالرَّسُولَ فَأُولَئِكَ مَعَ الَّذِينَ أَنْعَمَ اللهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ وَحَسُنَ أُولَئِكَ رَفِيقًا (69)
මෙය අල්ලාහ්ගෙන් වූ භාග්‍ය යයි. තවද අල්ලාහ් සර්වඥානී වශයෙන් ප්‍රමාණවත් විය.    ذَلِكَ الْفَضْلُ مِنَ اللهِ وَكَفَى بِاللهِ عَلِيمًا (70)
71-74. අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමෙහි මඟපෙන්වීම, ඒ වෙනුවෙන් දිරි ගැන්වීම හා එයින් පසුබැසීම පිළිබඳ ව අවවාදය.
අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ පූර්වාරක්ෂාව නුඹලා ගනු. එහෙයින් නුඹලා වෙන් වෙන් කණ්ඩායම් වශයෙන් හෝ සියල්ලෝම එකට හෝ පිටත් ව යනු.    يَا أَيُّهَا الَّذِينَ آمَنُوا خُذُوا حِذْرَكُمْ فَانْفِرُوا ثُبَاتٍ أَوِ انْفِرُوا جَمِيعًا (71)
තවද සැබැවින්ම නුඹලා අතුරින් (යුද්ධයට පිටත් ව යෑමට) පසුබට වන්නන් ද වෙති. එවිට නුඹලාට යම් දුර්භාග්‍යයක් ඇති වූ විට “මා ඔවුන් සමඟ සහාභාගී නොවූ හේතුවෙන් මට අල්ලාහ් ආශිර්වාද කර ඇතැයි ඔහු පවසයි.“    وَإِنَّ مِنْكُمْ لَمَنْ لَيُبَطِّئَنَّ فَإِنْ أَصَابَتْكُمْ مُصِيبَةٌ قَالَ قَدْ أَنْعَمَ اللهُ عَلَيَّ إِذْ لَمْ أَكُنْ مَعَهُمْ شَهِيدًا (72)
අල්ලාහ්ගෙන් භාග්‍යයක් නුඹලාට හිමි වූයේ නම් නුඹලා හා ඔහු අතර කිසිදු සෙනෙහසක් නොතිබුණාක් මෙන් අහෝ ! මා ද ඔවුන් සමඟ සිටියේ නම් මහත් ජයග්‍රහණයක් මම ද අත් කර ගන්නෙමි යැයි පවසයි.    وَلَئِنْ أَصَابَكُمْ فَضْلٌ مِنَ اللهِ لَيَقُولَنَّ كَأَنْ لَمْ تَكُنْ بَيْنَكُمْ وَبَيْنَهُ مَوَدَّةٌ يَا لَيْتَنِي كُنْتُ مَعَهُمْ فَأَفُوزَ فَوْزًا عَظِيمًا (73)
මතු ලොව වෙනුවෙන් මෙලොව ජීවිතය විකුණන අය අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිත්වා ! කවරෙකු අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැද ඝාතනය කරනු ලැබුවේ නම් හෝ ජයග්‍රහණය කළේ නම් හෝ මහත් ප්‍රතිඵල අපි ඔහුට මතුවට පිරිනමන්නෙමු.    فَلْيُقَاتِلْ فِي سَبِيلِ اللهِ الَّذِينَ يَشْرُونَ الْحَيَاةَ الدُّنْيَا بِالْآخِرَةِ وَمَنْ يُقَاتِلْ فِي سَبِيلِ اللهِ فَيُقْتَلْ أَوْ يَغْلِبْ فَسَوْفَ نُؤْتِيهِ أَجْرًا عَظِيمًا (74)
75,76. ජිහාද් නම් පාරිශුද්ධ යුද්ධයටත් අයුක්තිසහගත වූ යුද්ධයටත් අතර වූ වෙනස්කම්.
“අපගේ පරමාධිපතියාණනි! අපව අපරාධකාර ජනයා වෙසෙන මෙම නගරයෙන් පිට කරනු මැනව! තවද අපට ඔබ වෙතින් භාරකරුවකු පත් කරනු මැනව! තවද අපට ඔබ වෙතින් උදව්කරුවකු පත් කරනු මැනව!“ යැයි පවසන පිරිමින්ගෙන් වූ දුබලයින් ද කාන්තාවන් ද දරුවන් ද (අසරණ ව) සිටිය දී  අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් නොවැද සිටීමට නුඹලාට කුමක් වී ද?    وَمَا لَكُمْ لا تُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ وَالْمُسْتَضْعَفِينَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ وَالْوِلْدَانِ الَّذِينَ يَقُولُونَ رَبَّنَا أَخْرِجْنَا مِنْ هَذِهِ الْقَرْيَةِ الظَّالِمِ أَهْلُهَا وَاجْعَل لَنَا مِنْ لَدُنْكَ وَلِيًّا وَاجْعَل لَنَا مِنْ لَدُنْكَ نَصِيرًا (75)
විශ්වාස කළවුන් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිති. එමෙන්ම ප්‍රතික්ෂේප කළවුන්, නපුරු බලවේගයන්ගේ මාර්ගයේ සටන් වදිති. එබැවින් ෂෙයිතාන්ගේ මිතුරන් සමඟ නුඹලා සටන් වදිවු. සැබැවින්ම ෂෙයිතාන්ගේ කුමන්ත්‍රණ දුර්වල විය.    الَّذِينَ آمَنُوا يُقَاتِلُونَ فِي سَبِيلِ اللهِ وَالَّذِينَ كَفَرُوا يُقَاتِلُونَ فِي سَبِيلِ الطَّاغُوتِ فَقَاتِلُوا أَوْلِيَاءَ الشَّيْطَانِ إِنَّ كَيْدَ الشَّيْطَانِ كَانَ ضَعِيفًا (76)
77-79. ජිහාදයට සහභාගී නොවී සිටීම හේතුවෙන් හටගන්නා වූ යථාර්ථවාදී තත්ත්වයන් පිළිබඳ විග‍්‍රහය හා වැරදි සිතුවිලි ඉවත් කිරීම.
නුඹලාගේ දෑත් (සටන් කිරීමෙන්) මැඩලනු. තවද සලාතය නිසි අයුරින් ඉටු කරනු. zසකාතය ද දෙනු යැයි පවසනු ලැබූවන් දෙස නුඹ නුදුටුවෙහි ද? ඔවුන් කෙරෙහි සටන් කිරීම නියම කරනු ලැබූ කල්හි එවිට ඔවුන්ගෙන් පිරිසක් අල්ලාහ්ට බියවනවා සේ ජනයාට බිය වෙති. එසේ නොමැතිනම් (ඊටත් වඩා) දැඩි ලෙස බිය වෙති. තවද අපගේ පරමාධිපතියාණනි ! අප හට සටන් කිරීම නියම කළේ ඇයි? ටික කලක් අපව ප්‍රමාද කරන්නට තිබුණා නොවේදැ යි පවසති.  (නබිවරය) පවසනු මෙලොව වින්ඳනය අල්පය. බිය බැතිමතුන් හට මතු ලොව ශ්‍රේෂ්ඨය. අණු ප්‍රමාණයකින් වුව ද නුඹලා අපරාධ කරනු නොලබන්නෙහුය.    أَلَمْ تَرَ إِلَى الَّذِينَ قِيلَ لَهُمْ كُفُّوا أَيْدِيَكُمْ وَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ فَلَمَّا كُتِبَ عَلَيْهِمُ الْقِتَالُ إِذَا فَرِيقٌ مِنْهُمْ يَخْشَوْنَ النَّاسَ كَخَشْيَةِ اللهِ أَوْ أَشَدَّ خَشْيَةً وَقَالُوا رَبَّنَا لِمَ كَتَبْتَ عَلَيْنَا الْقِتَالَ لَوْلَا أَخَّرْتَنَا إِلَى أَجَلٍ قَرِيبٍ قُلْ مَتَاعُ الدُّنْيَا قَلِيلٌ وَالْآخِرَةُ خَيْرٌ لِمَنِ اتَّقَى وَلَا تُظْلَمُونَ فَتِيلًا (77)
නුඹලා කොතැනක සිටිය ද මරණය නුඹලාට පැමිණෙනු ඇත. නුඹලා බලවත් බලකොටු වක සිටිය ද. (නබිවරය) ඔවුනට යම් යහපතක් සිදු වන විට එය අල්ලාහ් වෙතින් යැයි ඔවුහු පවසති. ඔවුනට යම් නපුරක් සිදු වන විට මෙය ඔබ වෙතින් යැයි පවසති. සියල්ල අල්ලාහ් වෙතින් යැයි නුඹ පවසනු. මෙම ජනයා (මෙම) පුවත අවබෝධ කර ගැනීමට තැත් නොකරනුයේ මන් ද?    أَيْنَمَا تَكُونُوا يُدْرِكُكُمُ الْمَوْتُ وَلَوْ كُنْتُمْ فِي بُرُوجٍ مُشَيَّدَةٍ وَإِنْ تُصِبْهُمْ حَسَنَةٌ يَقُولُوا هَذِهِ مِنْ عِنْدِ اللهِ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ يَقُولُوا هَذِهِ مِنْ عِنْدِكَ قُلْ كُلٌّ مِنْ عِنْدِ اللهِ فَمَالِ هَؤُلَاءِ الْقَوْمِ لَا يَكَادُونَ يَفْقَهُونَ حَدِيثًا (78)
(නබිවරය!) ඔබට යම් යහපතක් වී නම් එය අල්ලාහ් වෙතිනි. තවද නුඹට යම් නපුරක් වී නම් එය නුඹ වෙතිනි (යැයි පවසනු) තවද අපි නුඹ ව මුළු මහත් ජනයාට දූතයකු ලෙස එව්වෙමු. තවද සාක්ෂිකරුවා වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.    مَا أَصَابَكَ مِنْ حَسَنَةٍ فَمِنَ اللهِ وَمَا أَصَابَكَ مِنْ سَيِّئَةٍ فَمِنْ نَفْسِكَ وَأَرْسَلْنَاكَ لِلنَّاسِ رَسُولًا وَكَفَى بِاللهِ شَهِيدًا (79)
80-84. නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ට අවනත වන මෙන් බල කිරීම. කුහකයින්ගේ කුහකකම පිළිබඳ අවවාදය.
කවරෙකු මෙම රසූල්වරයාට අවනත වන්නේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට අවනත විය. කවරෙකු පිටුපාන්නේ ද (දැන ගනු) අපි නුඹ ව ඔවුන් වෙත ආරක්ෂකයකු ලෙස නොඑව්වෙමු.    مَنْ يُطِعِ الرَّسُولَ فَقَدْ أَطَاعَ اللهَ وَمَنْ تَوَلَّى فَمَا أَرْسَلْنَاكَ عَلَيْهِمْ حَفِيظًا (80)
අපි අවනත වෙමු යැයි ඔවුහු පවසති. නමුත් නුඹ වෙතින් ඔවුහු බැහැර ව ගිය විට ඔවුන් අතුරින් පිරිසක් නුඹ නොපැවසූ දෑ ගැන රාත්‍රියේ කුමන්ත්‍රණය කරති. ඔවුන් රාත්‍රියේ කුමන්ත්‍රණ කරන දෑ ගැන අල්ලාහ් සටහන් කරයි. එබැවින් නුඹ ඔවුන් ගැන නොසලකා හරිනු. තවද අල්ලාහ් වෙත භාර කරනු. භාරකරු වශයෙන් අල්ලාහ් ප්‍රමාණවත්ය.    وَيَقُولُونَ طَاعَةٌ فَإِذَا بَرَزُوا مِنْ عِنْدِكَ بَيَّتَ طَائِفَةٌ مِنْهُمْ غَيْرَ الَّذِي تَقُولُ وَاللهُ يَكْتُبُ مَا يُبَيِّتُونَ فَأَعْرِضْ عَنْهُمْ وَتَوَكَّلْ عَلَى اللهِ وَكَفَى بِاللهِ وَكِيلًا (81)
අල් කුර්ආනය ගැන ඔවුහු වටහා ගත යුතු නොවේ ද? එය අල්ලාහ් නොවන කෙනෙකු වෙතින් වී නම් එහි ඔවුහු පරස්පරයන් බොහෝමයක් දකිනු ඇත.    أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ وَلَوْ كَانَ مِنْ عِنْدِ غَيْرِ اللهِ لَوَجَدُوا فِيهِ اخْتِلَافًا كَثِيرًا (82)
(පොදු) සුරක්ෂාව හෝ භීතිය ගැන තොරතුරක් ඔවුන් වෙත පැමිණි විට ඔවුහු එය පතුරවා හරිති. තවද ඔවුන් එය (අල්ලාහ්ගේ) දූතයා වෙතටත් ඔවුන් අතුරින් කරුණු (අවබෝධය) ඇති උදවිය වෙතටත් යොමු කළේ නම් ඒ ගැන පරිශීලනය කරන්නන් එය දැන ගනු ඇත. නුඹලා කෙරෙහි අල්ලාහ්ගේ භාග්‍යය හා ඔහුගේ කරුණාව නොවී නම් ස්වල්ප දෙනකු හැර නුඹලා ෂෙයිතාන් ව අනුගමනය කරන්නට තිබිණ.    وَإِذَا جَاءَهُمْ أَمْرٌ مِنَ الْأَمْنِ أَوِ الْخَوْفِ أَذَاعُوا بِهِ وَلَوْ رَدُّوهُ إِلَى الرَّسُولِ وَإِلَى أُولِي الْأَمْرِ مِنْهُمْ لَعَلِمَهُ الَّذِينَ يَسْتَنْبِطُونَهُ مِنْهُمْ وَلَوْلَا فَضْلُ اللهِ عَلَيْكُمْ وَرَحْمَتُهُ لَاتَّبَعْتُمُ الشَّيْطَانَ إِلَّا قَلِيلًا (83)
එසේ නම් (නබිවරය) නුඹ අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වදිනු. නුඹ නුඹවම මිස වෙන කිසිවකු පිළිබඳව බල කිරීමට ලක් නොවේ. තවද දේව විශ්වාසවන්තයින් ව දිරි ගන්වනු. දේව ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රහාරය අල්ලාහ් මැඩපවත්වනු ඇත. තවද අල්ලාහ් ප්‍රහාර එල්ල කිරීමෙහි ඉතා දැඩිය. තවද දඬුවම් දීමෙහි ද ඉතා දැඩිය.    فَقَاتِلْ فِي سَبِيلِ اللهِ لَا تُكَلَّفُ إِلَّا نَفْسَكَ وَحَرِّضِ الْمُؤْمِنِينَ عَسَى اللهُ أَنْ يَكُفَّ بَأْسَ الَّذِينَ كَفَرُوا وَاللهُ أَشَدُّ بَأْسًا وَأَشَدُّ تَنْكِيلًا (84)
85,86. හොඳ හා නරක පිළිබඳ ව මැදිහත් වී කතා කිරීමේ විග‍්‍රහය. සලාම් පැවසීම හා සුබ පැතීම පිළිබඳ විග‍්‍රහය.
කවරෙකු යහපත් නිර්දේශයකින් නිර්දේශ කරන්නේ ද ඔහුට එයින් කොටසක් හිමිය. එමෙන්ම කවරෙක් අයහපත් නිර්දේශයකින් නිර්දේශ කරන්නේ ද ඔහුට ඉන් කොටසක් හිමිය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි නිරීක්ෂකයා විය.    مَنْ يَشْفَعْ شَفَاعَةً حَسَنَةً يَكُنْ لَهُ نَصِيبٌ مِنْهَا وَمَنْ يَشْفَعْ شَفَاعَةً سَيِّئَةً يَكُنْ لَهُ كِفْلٌ مِنْهَا وَكَانَ اللهُ عَلَى كُلِّ شَيْءٍ مُقِيتًا (85)
සුබ පැතුමකින් නුඹලා සුබ පතනු ලැබූ විට නුඹලා ද ඊට වඩා අලංකාර ලෙසින් සුබ පතන්න. එසේ නැතහොත් එයම ප්‍රතිචාර ලෙස දක්වන්න. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි අවධානය කරන්නාය.    وَإِذَا حُيِّيتُمْ بِتَحِيَّةٍ فَحَيُّوا بِأَحْسَنَ مِنْهَا أَوْ رُدُّوهَا إِنَّ اللهَ كَانَ عَلَى كُلِّ شَيْءٍ حَسِيبًا (86)
87. අල්ලාහ්ගේ ඒකීයත්වය හා පරලොවදී මිනිසුන් රැස් කරනු ලැබීම.
අල්ලාහ් වූ ඔහු හැර නැමදුමට දෙවිඳෙකු නොමැත. එහි කිසිදු සැකයක් නොමැති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය වෙත ඔහු නුඹලා ව එකතු කරනු ඇත. අල්ලාහ්ට වඩා කතාවෙන් සත්‍යය වන්නේ කවරෙකු ද?    اللهُ لَا إِلَهَ إِلَّا هُوَ لَيَجْمَعَنَّكُمْ إِلَى يَوْمِ الْقِيَامَةِ لَا رَيْبَ فِيهِ وَمَنْ أَصْدَقُ مِنَ اللهِ حَدِيثًا (87)

 

 

 

 

 

 

Contents


الصفحة    العنوان    م
1        1
        2
        3
        4
        5
        6
        7
        8
        9
        10
        11
        12
        13
        14
        15
 


    

 

In this volume

සූරා අන් නිසා 24 සිට 87 දක්වා වාක්යசයන් හී පරිවර්තණය, සාරාංශය සහිතව

Download

About the book

Author :

www.islamhouse.com

Publisher :

www.islamland.com

Category :

About Quran & Hadith